Skip to main content

මෝ ශ්‍යං තොං ෂ්‍යු හා කළ සම්මුඛ සාකච්ඡා තොරතුරු

මේ පහළ තියෙන්නේ අසුර ධ්‍යානවේදයේ නිමවුම්කරු නවකතාවේ මුල් කතුවරිය, මෝ ශ්‍යං තොං ෂ්‍යු හා කළ සම්ම්මුඛ සාකච්ඡාවක සිංහල පරිවර්තනය. ඇගේ නවකතා තුන ගැනම විස්තර එතැනදී සඳහන් කරනවා.

Q01. වංශියැන්ලා තුන්වෙනි නමස්කාරය සිදුකළේ කොහේදි ද? ලන් වංජිගේ හාවුන්ගෙ නම් මොනවා ද? හුආ චංගේ අධ්‍යාත්මික සන්නිවේදන ආරාවේ මුරපදය මොකක් ද?

MXTX. හුආහුආගෙ මුරපදයයි, ලන් අර් ගෙ හාවුන්ගෙ නමුයි, ඔවුන් විතරක් දන්න පුංචි රහස්. ඒවා මම දන්නෙත් නෑ. ඒත් වංශියැන්ලාගෙ තුන්වෙනි නමස්කාරය සිද්ධ වුණේනම් අනිවාර්යයෙන්ම ඔවුන්ගේ දෙවනි පපාපා එකට කළින්.

(සටහන්: යුන්මං ජ්‍යං නිකායේ මුතුන්මිත්තන්ගේ ශාලාවේදි සිදුකරන්නේ නමස්කාර දෙකයි. විවාහය සම්පූර්ණ වෙන්න තව එක නමස්කාරයක් අඩයි. පපාපා= sex)

Q02. ප්‍රධාන චරිතවල උපන්දින කවදා ද?

MXTX. මට ඇත්තටම පළවෙනි සහ දෙවනි නවකතා සම්බන්ධවනම් මතක නෑ. අපි ඒවායෙ පොත් publish කරපු දවස, ඒවාගේ ප්‍රධාන චරිතවල උපන්දින කියලා ගනිමු. හොදයි! මම ඒක තීරණය කළා. වෙයි වූශියැන්, ඔයාගේ උපන්දිනය ඔක්තෝබර් 31! ශෙන් චින්ච්‍යුගේ සැප්තැම්බර් 21! Heaven Official's Blessing කළේ ළඟදි නිසා හුආ චංගේ උපන්දිනය ජූනි 10 කියලා මට තාම මතකයි, ඒ කියන්නේ පස්වෙනි චන්ද්‍ර මාසයේ හයවෙනිදා. ෂිඒ ලියැන්ගේ උපන්දිනය ජූලි 15, ඒ කියන්නේ හයවෙනි චන්ද්‍ර මාසයේ දොළොස්වෙනිදා.

Q03. ඔබ සාමාන්‍යයෙන් පොත්වලටයි ඒවායෙ චරිතවලටයි නම් තීරණය කරන්නේ කොහොම ද?

MXTX. පොත්වල නම්, ඒ ගැන තිබෙන අදහස් මත හදවතින් තීරණය කරනවා. චරිතවල නම්, ඒ චරිතවල ප්‍රතිභාව මත තීරණය කරනවා.

Q04. ලුඔ බිංහ දේව-බන්ධන රැහැන්වලට කැමතියි, ලන් වංජි ඔහුගේ නළල් පටියට කැමතියි, ඉතින් හුආ චෙං මොන වගේ ද? ඔබට පුළුවන් ද කරුණාකරලා ඔවුන්ගේ දක්ෂතාව අනුව ඔවුන්ට ස්ථාන දෙන්න?

MXTX. අනිවාර්යයෙන්ම ඔවුන් තිදෙනා අතරින් වැඩුපුරම දක්ෂ හුආ චෙං තමයි. ඔහු ආදර වදන් කියන්න වගේම අනිත් හැම දේටමත් දක්ෂයි. ඉතින් ෂිඒ ලියැන් ලැජ්ජාශීලී කෙනෙක් වුණත්, ඔහු හුආ චෙං ඉල්ලන ඕනම දේකට කීකරු වෙනවා. ලන් අර් කියන්නේ ක්‍රියාත්මක වන්නෙක්, ඒත් ඒක ගැටලුවක් නැහැ. මොකද, වෙයි වූශියැන්ට පුළුවන් ඔහුට කරන්න ඕනෙ දේ උගන්වන්න. ලුඔ බිංහ ගැන කිව්වොත්, ඔහු කියන්නෙත් නැතිව සිදුකරන කෙනෙක්. ⁣ශෙන් ඇඳුරුතුමනි, කරුණාකරලා ඔහුව තව ටිකක් ඉවසන්න.

Q05. ලියු චිංග' දන්නවාද චුන්ෂන්හි ප්‍රතියෝගය ලිව්වේ තමන්ගෙම නංගි කියලා? ඔහු ඇත්තටම ලෝහයක් වගේ ඍජු(Straight) චරිතයක් ද? ඔහු භාර්යාවක් ගැනීමේදී සලකන කරුණු මොනවා ද?

MXTX. ඔහු ඒ ගැන දන්නේ නෑ. ඔහු දැනගත්තොත් ⁣බොහෝම කෝප ගනීවි. ඔව් ඔහු එහෙම තමයි. සටන් කලාවේ රජු වෙන්න හිතාගෙන ධ්‍යානවේදය වඩන්න බොහොම මහන්සි වෙන නිසා, ඔහු තවම ඒ ගැන හිතලා නැහැ.

Q06.ශැං චිංහුආ, මොබෙයි ජුන් එක්ක යහන්ගත වෙලා තිබෙනවා ද? ඔහුගේ දක්ෂතාව කොහොමද?

MXTX. ඔව්. ඒත් දෙදෙනාම අනෙකාගේ ශිල්ප ක්‍රමය හෑල්ලු කරනවා. ගුවන්යානා පපාට ඇඳේදි බෙරිහන් දෙන එක නවත්වගන්න බැහැ. ඒ වගේම ඔහු මොබෙයි ජුන්ට අගෞරවනීය විදිහට පහර දෙනවාත් එක්ක.

Q07. වෙයි වූශියැන් මත් වුණහම ඔහුගේ හැසිරීම වෙනස් වෙනවා ද? ඒ හැසිරීම ඔහු සාමාන්‍යයෙන් ජීවත් වෙන විදිහට වඩා වෙනස් ද? 

MXTX. නෑ. ඔහු බීමත්ව හිටියත් නැතත් වැඩි වෙනසක් නෑ. බීමත් වුණා කියලා හැම කෙනාගෙම පෞරුෂය වෙනස් වෙන්නේ නෑනෙ. ඒ ගැන හිතුවොත්, ලන් නිකායේ අයටනම් බීමත්කම ඕනවාටත් වඩා බලපානවා.

Q08. භූමදාන කන්දේදි වෙයි වූශියැන්ට ඇත්තටම අත්විඳින්න ලැබුණේ මොකක් ද? ඇත්තටම එතැන ජ්‍යෙෂ්ඨයෙක් දමා ගියපු රහසිගත පොත් පිංචක් තිබුණා ද? නිශා විරහිත වියතේ සංහාරයෙන් පස්සේ ලන් වංජි, වෙයි වූශියැන්ව සුවකරමින් හිටපු කාළෙදි, ඇත්තටම ඔහු වෙයි වූශියැන්ට කිව්වේ මොනවා ද? වෙයි වූශියැන්, මියගිහින් හිඳපු අවුරුදු 13ක කාලය ගෙවා දැම්මේ කොහොම ද? 

MXTX. මම හැමදේම කිව්වානම්, ඒක ඒ තරම් සිත්ගන්නා යමක් වෙන්නේ නැහැ. ඒත් ඇත්තටම ඒ වගේ රහස් පොත් පිංචක් වගේ දෙයක් තිබුණේ නෑ , මොකද මම කැමති නෑ කවුරුහරි කෙනෙක් ගහක් හිටවලා, පස්සේ ආපු⁣ කෙනෙක් කිසිම මහන්සියක් නොදරා එයින් සෙවනයි සිසිලසයි ලබාගන්න වර්ගයේ සිදුවීම්වලට. කරුණාකරලා තමන්ගෙම මාර්ගයක් හදාගන්න. 

මියගියාට පස්සේ ඔහු හිටියේ අවුල්ජාලයක. ඒ තරම් සිහි දැනුමක් ඇතිව හිටියා නොවුණත්, සංවේදන සියල්ලම නැතිවෙලා තිබුණෙත් නැහැ, හරියට නිමා නොවෙන හීනයක් වගේ.

Q09. ⁣ච්‍යොංචි වීදියේදියි රන් ප්‍රසාද කුළුණේදියි දෙකේදිම වෙන් නිංගේ පාලනය ගිලිහුණේ අහම්බෙන් ද? ඔහු බිහිසුණු මළසිරුරකට පරිවර්තනය වුණාට පස්සේ, ඔහුට කොයිතරම් කාලයක් ජීවත් වෙන්න පුළුවන් ද?

MXTX. ච්‍යොංචි වීදියේදි අනිවාර්යයෙන්ම වෙයි වූශියැන්ගේ අතින් වෙන් නිංගේ පාලනය ගිලිහුණා. රන් ප්‍රසාද කුළුණේදි වුණ දේ අහඹුවක් නෙවෙයි. පවතින කාලය තීරණය වෙන්නේ නඩත්තු කරන ආකාරය අනුව.

Q10. ජින් ලිංගේ ආචාර නාමය, වෙයි වූශියැන් දාපු "⁣රූලන්"ම ද?

MXTX: ඒක හරි. ඒත් ඔහු කවදාවත් ඒ නම භාවිතා කළේ නෑ. ඒක ටිකක් ළාමක නමක් නිසා ජින් ලිං ඒකට කැමති නෑ.

සටහන්:

උපන් නම කියන්නේ මුල් නම, හරියට වෙයි යිං, ලන් චාන් වගේ. ආචාර නාමය කියන්නේ ටිකක් වැඩෙද්දි යොදන නම. වෙයි වූශියැන්, ලන් වංජි වගේ. සාමාන්‍යයෙන්නම්, තමන්ගේ ම කෙනෙක් නොවන වෙනත් කෙනෙක්, තමන්ට උපන් නමින් කතා කරන එක අපහසයක් විදිහටයි දතින්නේ. ජින් ලිං ඊට වඩා වෙනස් ලු.

රූලන් කියන නමේ තේරුම ඕකීඩ් (උඩවැඩියා) වගේ කියන එකලු.

ලිං කියන්නේ ඉහළ නැඟීම, දියුණු වීම වගේ අර්ථයක්.

Q11. සංස සන්රෙන් සහ  ලන් චී⁣රන් අතර ඇති සබඳතාවය  කුමක් ද? ඇය ඔහුගේ එළු රැවුල කපලා දැම්මේ ඇයි?

ලන් චීරන් අනාගතයේදී ⁣විවාහයක් කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ද? ඔහු  සහකාරියක් තෝර ගන්නවානම්, එහිදී සලකන ලක්ෂණ මොනවා ද?

MXTX. පෙනෙන  විදිහට ඔහු තරුණ කාලෙදිත් දැන් වගේම  තමයි. ඔහුගේ  අවබෝධ කරගැනීමේ හැකියාව සහ සංවේදී බව ඒ කාලෙත් ඒ විදිහමයි. එක වතාවක් ඔහු නිසා, ජ්‍යං ෆංමිඅන් සහ ඔහුගේ සේවකයා වුණ වෙයි චංස දෙන්නට නිශා දඩයමේදි  අනතුරක් වෙලා, ඔවුන්ගේ ජීවිත පවා අනතුරේ වැටුණා. නමුත් ලන් චීරන් කල්පනා කළා ඔහු  කරන්න ඕනෙ  තමන්ගේ නිකායේ නීති අකුරට ම පිළිපදින එක විතරයි කියලා. ඉතින් ඒක ඔහුගේ වරදක් නෙවෙයි කියලා හිතපු ඔහු, සමාව ගන්න එකත් ප්‍රතික්ෂේප කළා. ඒකෙන් අනිත් අය කෝප ගත්තා.  ඉතින් මේකට  ප්‍රයෝගයක් යොදපු සන්ස'  ඔහුගේ රැවුල කපලා දැම්මා.  ඇත්තම කිව්වොත්, රැවුල කැපුවාට පස්සේ ලන් චීරන් හරිම කඩවසම්.  ගූසුවල අවලස්සන කිසිම කෙනෙක් නෑ.

ඒක සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා සලකා බලන ලක්ෂණ කිසිවක් ඇත්තෙත් නෑ.  

Q12: නිඑ හුඅයිසන් සන නිඑ මිංජුඒ අතර වයස් පරතරය කීය ද? ඔවුන් අතර සබඳතාව කොහොම ද? ඔබ නිඑ හුඅයිසන්ගෙ සහකාරිය ගැන සඳහන් කළා, ඇගේ කොටස ඉවත් කරලා ද? නැත්නම් මුළු චරිතයම ඉවත් කරලා ද?

MXTX: අවුරුදු පහ හයක වයස් පරතරයක්. අම්මලා දෙන්නෙක්ගේ දරුවෝ වුණත් ඔවුන් දෙදෙනා අතර හොඳ සබඳතාවක් තිබුණා. ඉවත් කළා. මොකද, මට හිතුනා ඒ චරිතෙ නොදැම්මත් කතාව සම්පූර්ණයි කියලා. මම ඒ චරිතය එකතු කළානම්, කතාව ගොඩනැගීමට බාධා ඇතිවෙලා කතාවට අයහපතක් වෙන්න ඉඩ තිබුණා.

Q13: MDZS සරල කළ සංස්කරණයේ ඉවත් කළ කොටස් ගැන ගැන තොරතුරු මොනවා ද? ඒකේ වැඩිපුර අමතර පරිච්ඡේද අන්තර්ගත වෙනවා ද? එළිදක්වන්නේ කවද්ද? කතෘ අත්සන් තිබෙනවා ද? ඔබ අත්සන් තබන්න හිතාගෙන ඉන්නවා ද? 

MXTX: ඒකේ කොටස් ඉවත් කරලා තිබෙනවා. ඒත් ඒක මම තීරණය කළ දෙයක් නෙවෙයි. කිසිම දෙයක් නිශ්චිතව කියන්න බෑ. මම හිතන්නේ අත්සන් තැබීමක් සිද්ධ වෙන්නේ නෑ.

Q14: දේවාශිංසනයේ (TGCF) චරිතවල උසවල් මොනවගේ ද?

MXTX: ෂිඒ ලියැන් 178cm (ඒත් එයාට කිසිම ගැටලුවක් නැතිව 180cm වගේ පෙනී හිටින්න පුළුවන්.) හුආ චෙං 190cm (මුලදි හිටපු හුරුබුහුටි ලාබාල ශරීරයේ උස 185cm) ජුන් වු 191cm, ෆෙං ෂින් 188cm, මු චිං 188cm, හේ ෂුඇන් 189cm, ෂී වූඩු 187 cm, ශී චිංෂුඇන් 186cm (කාන්තා ශරීරය 176cm), පෙයි මිං 188 cm, ලින් වෙන් 180cm, චුඅන් යිචන් 184cm (ඒත් එයාගෙ උස පේනවා) යින් යු 186cm (ඒත්, එයා උස වුණාට හරියට මායාවකින් වගේ එයාව අවධානයට හසුවෙන්නේ නෑ.) යූෂිගේ හරකා හිටගත්තේතේ නැත්තනම් 150cm.

Q15: හුආලියන්ලාගෙ පළවෙනි පපාපා එක සිද්ධවුණේ කවද්ද? ෂිඒ ලියැන් ච්‍යන්දෙන් (Qiandeng) ආරාමයේදි එයාව සිපගත්ත බව හුආ චෙං දන්නවා ද?

MXTX: තායිසාන් කන්දේ හුඅන්ජි ආරාමෙදි. හුආ චෙං මුලදි දැනගෙන හිටියේ නැහැ. ඒත් පපාපා කළාට පස්සේ එයා අහලා දැනගත්තා. 

Q16: ෂිඒ ලියැන්ගෙ අන්තිම සිතුවමයි, මූර්තියයි මොන වගේ ද?

MXTX: ඒවා ඒ වගේ, දන්නවානේ... ඒ වගේ.

Q17: දෙවැනි නෙරපා හැරීමෙන් අනතුරුව ෂිඒ ලියැන් කළේ මොනවා ද? හුආ චං කළේ මොනවාද? ඔහුට කවදාවත් ෂිඒ ලියැන්ව හොයාගන්න බැරි වුණේ ඇයි? හුආ චං පොරොන්දු වුණා ඔහු කවදාවත්ම ෂිඒ ලියැන්ට තමන් ඔහුව ආරක්ෂා කරන බව දැන ගන්න ඉඩදෙන්නේ නැහැ කියලා, ඉතින් එහෙනම් අවුරුදු 800කට පස්සේ ඔහු ෂිඒ ලියැන්ව හමු වෙන්න තීරණය කළේ ඇයි?

MXTX: ඔහු වෙනත් රැකියා කරන්න උත්සාහ කළා, ඒත් ඒව හරි ගියේ නැහැ. ඒ වගේම ඔහුගේ අවාසනාවන්ත බව අනිත් අයටත් බලපෑවා. ඉතින් ඔහුට සිද්ධ වුණා හුදකලා කසළ එකතු කරන්නෙක් වෙන්න. හුආ චං හිටියේ ෂිඒ ලියැන්ව සොයමින්, ඒ අතරතුරේදීම මුදල් උපයමින් සහ ධ්‍යානවේදය වඩමින්! ඔහු ඔහුගේ බලය පතුරවාගන්න බොහොම වෙහෙස වුණා. ඔහු උත්සාහ කළේ වඩාත්ම බලවත් පුද්ගලයා වෙන්නයි! ෂිඒ ලියැන්ගේ හිසේ ඉඳන් දෙපතුල වෙනකන්ම තියෙන අවාසනාවන්තකම නිසා ඔහුට හුආ ⁣චංව හමුවුණේ නැහැ. ඇත්තටම කිව්වොත් එයාලා මුණගැහෙන්න බොහොම ආසන්න වුන අවස්ථා කිහිපයක්ම තිබුණා, බන්යුඒ දේශයේදි සහ ෆංෂින් ගුඔෂි සමයේදි වගේ. ඒත් ෂිඒ ලියැන්ගේ තුන්වෙනි දේවත්වය ලැබීම වෙනකල්ම ඔවුන්ට එකිනෙකාව මඟහැරුණා. අන්තිමට හුආ චංට ඕනෑ වුණා වගේ ඔහු වෙත ගමන් කරන්න පුළුවන් වුණා.

Q18: ඔවුන් නැවත මුණ ගැහුනම හුආ චං, ෂිඒ ලියැන්ට තමන්ව ස්පර්ශ කරන්න ඉඩ නොදුන්නේ ඇයි?

MXTX: මොකද ඔහු හදවතින් ම ඔහු⁣ට ආදරය කලා සහ ගෞරවය දැක්වුවා. ඉතින් ඔහු ගොඩක් බය වුනා තමන්ට ඔහුව ස්පර්ශ කරන්න ලැබුනොත් තමන් අතින් මොනවා හරි අත්වැරැද්දක් සිදු වේවි කියලා. පස්සේ වෙනත් හේතු තිබුණා, ඔහු හිතුවා තමන්ව ඔහුට නුසුදුසුයි කියලා, ඔහුට හරියට ෂිඒ ලියැන්ව ආරක්ෂා කරගන්න බැරි වුණා, ඉතින් ඔහු තමන්ට තමන්ගේ දෙවියන්ව ස්පර්ශ කරන්න අවසර දුන්නේ නැහැ. තමන් ඒකට කොයි තරම් ආසාවෙන් හිටියත්, ඔහු ඒක සැලකුවේ තමන්ටම දඬුවම් ලබා දීමක් හැටියට.

Q19: ෂිඒ ලියැන් දරුවෙක් විදිහට ආස කළේ මොනවාට ද? ඔහුගේ හැසිරීම හුරුබුහුටි ද?

MXTX: ඔහු ඔන්චිල්ලා පදින ආස කළා, චීන ⁣අභිලේඛනය සහ චිත්‍ර කලාව පුහුණු වුණා. අනිත් අය නො කියවන පොත් පත් කියවන්න, රන්පත් ආරාම හදන්න ආස කළා. හුරුබුහුටි හැසිරීමට වගේම රෑට මව එක්ක හුරතල් වෙන්නත් ආස කළා. කොහොම වුණත් ඔහු පස්සේ ඒවා නවත්තපු නිසා රජතුමා හිතුවා ඔහු තවදුරටත් හුරුබුහුටි නෑ කියලා.

Q20: හුආ චං කියන නමයි, සන් ලං කියන ආමන්ත්‍රණයයි ආවේ කොහෙන්ද?

MXTX: ඔහුට හුආ චං කියන්නේ ඇයි කියලා දන්නෙ ඔහුම විතරයි. මට ඒ නම සහජඥානයෙන් ලැබුණා, ඔහු ඒ ඇයි කියලා මට කිව්වේ නෑ. සන් ලං ගැන කියනවානම්, පළවෙනි හේතුව තමයි ඔහු ඔහුගේ පවුලේ තුන්වෙනියා වීම, දෙවනි හේතුව ඔහු වැටුණේ ෂං යුඇන්වල තුන්වෙනි වන්දන ගමන් වටයේදී වීම. ඒ වගේම ඔයාට උපකල්පනය කරන්න පුළුවන් හේතු ගොඩාක් මෙතැන තියෙනවා. ඔහු තමයි මගේ තුන්වෙනි නවකතාවේ Top, ඒ නිසා මම හිතාමතාම ඔහුට සන්ලං කියලා කිව්වා. ඒත් ඒක ප්‍රධාන කාරණාව නෙවෙයි. හරියට ලන් වංජිට අර්-ග'ග (දෙවැනි අයියණ්ඩි) කියනවා වගේ, ච්‍යු චීට (MXTXගෙ 4වෙනි නවකතාවේ චරිතයක්. ඒත් ඒ නවකතාව ලිව්වේ නැහැ.) ස' ෂාඔ කියනවා වගේ (ස' = 4) ඒ ඒ නමට ඒ ඒ හේතු තියෙන්න පුළුවන්.

Q21. හුආ චං බාල අවධියේ දී තමාව වෙළුම්පටිවලින් ඔතාගෙන සිටියේ ඇයි? ඔහුව පවුරෙන් වැටුණේ ඇයි? ඔහුව හැම වෙලාවෙම අනෙක් අයගේ හිංසනයට ලක් වුණත්, ඔහු සෞඛ්‍යමත්ව හිටියේ කොහොමද?

MXTX: කවුදෝ ඔහුට පහරදීලා. ඔහුගේ දකුණු ඇහේ කළු ඉංගිරියාව රතු පාටයි. ඒ නිසා අනිත් අය ඔහුට බය වුණා. ඔහුගේ මුහුණේ ගොඩාක් තුවාල කැළැල් තිබුණු නිසා ඒවා සඟවන්න අවශ්‍ය වුණා.

එකදවසක්, තවදුරටත් වද හිංසන දරාගන්න බැරුව ඔහුට සියදිවි නසාගන්න ඕනෙ වුණා. ඔහු බොහොම කලහකාරී ළමයෙක්, ඔහු තුළ ගැඹුරු ක්‍රෝධයක් තිබුණා. චාරිත්‍රානුකූල වන්දනා පෙළපාලිය ගමන් කරමින් තිබෙන බවත්, මොනවා හරි වරදක් සිදුවුණොත් එයින් රටම ව්‍යසනයක් වන බවත් ඇහුණ නිසා ඔහු එදා ඒ චාරිත්‍රය විනාශ කරන්න තීරණය කළා. ඒ හැඟීම හරියට මේ වගේ එකක්. "මම අවාසනාවන්තයි, ඉතින් මම මාත් එක්ක මුළු රටම අපායට ඇදගෙන යනවා!" ඒත් පවුරට නැඟගත්තට පස්සේ, තමන්ගේ අනාගත සහකාරයාගෙ පළවෙනි වතාවට දැකපු මොහොතේ ඔහුට සියදිවි නසාගන්නත් අමතක වෙලා ගල් ගැහුණා. ඔහුට තව තවත් ළංවෙලා  ඔහුට හොඳින් දැකගන්න අවශ්‍ය වුණා, අන්තිමට ඔහුව පවුරෙන් වැටුණා.

ඔහු ෂිඒ ලියැන් වගේම දැඩි පුරුෂයෙක්! ඔහුට වේදනා දහසකින් වුණත් දිවි රැකගන්න පුළුවන් වගේම එකම එක හුස්මක් හරි ඉතිරිවෙලා තියෙනවානම් ඔහුට ඒ වේදනාවන්ට එදිරිව නැඟිටින්න පුළුවන්.

Q22. හුආ චංට තමන්ගේ පෙනුම ගැන විශ්වාසයක් නැත්තේ ඇයි?

MXTX: මොකද ඔහු කුඩා කාලෙදි මිනිස්සු ඔහුට නිතරම කිව්වා ඔහු කැතම කැත රාක්ෂයෙක් වගේ කියලා. ඒ නිසා ඔහු අභ්‍යන්තරයෙනුත් හිතන්න ගත්තා "මම හරිම කැතයි." කියලා. තමන්ගේ සත්‍ය ප්‍රේමය ඉදිරියේදි ඔහුට තවමත් නොදැනුවත්වම හීනමානයක් ඇතිවෙනවා. ඒ වගේම සමහර වෙලාවට ඔහු රහසේම හිතනවා ඔහු කැතද දන්නෑ කියලා.

Q23. [SPOILER] හුආ චංව සේනාවෙන් එළවා දමද්දි මූ චිං කිව්වේ මොකක්ද?

MXTX: මූ චිං හැම වෙලාවෙම කියනවා වගේ තමයි. "තමුන්ගේ වර්ගයේ පොඩිවුන්ගෙන් ද්‍යංශියාට කිසිම ප්‍රයෝජනයක් නෑ. තමුන් ඔහුට හිරිහැරයක් විතරයි. තමුන් වගේ කුණුගොඩක් සේනාවට අවශ්‍ය නැහැ. තමුන් ඇත්තටම දක්ෂයි කියලා හිතන්න එපා." ඒ වගේම සේනාවකදි, මේ වගේ දරුවෙක්ගේ මනුෂ්‍යත්වය මතුවීමේ හැකියාව බොහොම ඉහළයි. ඉතින් මූ චිං හිතුවා ඔහුට එළවලා දමන එක තමයි වඩා නිවැරදි දේ කියලා.

Q24. [SPOILER] ෂිඒ ලියැන් හුආ කියන නම කමන්ගේ.වාසගම විදිහට තෝරාගත්තේ ඇයි?

MXTX: මොකද ඔහු මල්වලට ප්‍රිය කළා. ඔහුව හැඳින්නුවේ "පුෂ්ප කිරුළුදර යුවරාජ" කියලා. සහ, මුලදි ඔහුව පුෂ්පයන්ගේ දේවතාවා කියලා නම් කළා. ඔහු තමයි මල් පිපීම සහ පරවීම භාරව හිටියේ.

Note: හුආ කියන වචනයේ තේරුම වෙන්නේ මල කියන එක.

Q25. [SPOILER] දැන් ශී චිංෂුඇන් මනුෂ්‍යයෙක් ද? ඔහුගේ අතත් පයත් සුවවේවි ද? පරිසංක්‍රමණයෙන් පස්සේත් ඔහුට අවාසනාවන්ත දෛවයක් අත්වෙනවා ද? ශී වූදු ඇත්තටම මැරුණා ද? හේ ෂුඇන් ශී වූදුගෙ හිස අරගත්තේ ඇයි? හයි ෂුයි දිවයිනේදි ඔහු අන්තිමටම ශී චිංෂුඇන්ට කිව්වේ මොකක්ද?

MXTX: ඔව් ඔහු මනුෂ්‍යයෙක් තමයි. සුව වෙන්නේ නැහැ. ඔහුට එහෙම අවශ්‍ය වුණෙත් නැහැ. TGCFවල පරිසංක්‍රමණයක් නැහැ. ශී වූදුව 15°Cට සීතල කළා. බිලි පූජාවක් විදිහට. කිසිවක් නැහැ. මොකද ශී චිංෂුඇන් කොයිතරම් තක්බීරි වෙලා හිඳියාද කිව්වොත් කියන කිසිම දෙයක් අවබෝධ කරගන්න පුළුවන් මට්ටමක හිටියේ නැහැ.

Q26. Heaven Official's Blessing ලියද්දි, වස්තු බීජය ගැන ඇතිවුණ මතභේදාත්මක විවාද මොනවා ද?

MXTX: ඒ ගැන කියනවානම්, මම බොහෝ කාළෙක ඉඳලාම ඒ හා සම්බන්ධ දේවල් ලිව්වා. සමහර දේවල් JJWXCවල "කතෘ සටහනේ ලියලා තියෙනවා. මට පසු වැකියේදිත් සමහර දේවල් කියන්න ඕනෙ වුණා. ඒත් ආයෙ හිතද්දි ඕනෙ නෑ කියලා හිතුනා. දැන් හොඳ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ඉතින් මම ඒ සේරම එකපාර ඉදිරිපත් කරන්න තීරණය කළා.

අවංකව කියනවානම්, මම තවමත් ටිකක් විතර නිරුත්තරයි. මට හැඟෙන විදිහට වෙන කිසිම කතුවරයෙක් මම වගේ මතභේදාත්මක වාද ගොඩ නඟන්නේ නැතිව ඇති. කතුවරයෙක්, ඔයා කැමති නවකතා වගේම අකමැති නවකතාත් ලියන එක සාමාන්‍ය නැද්ද? මම පවා මගේ කැමතිම කතුවරයාගේ හැම නවකතාවකටම කැමති නැහැ. (BL ලියන කතුවරයෙක් නොවේ). ලෝක පූජිත කතුවරයෙක්ටවත් තමන් ලියන හැමදේම ලෝක පූජිත තත්වයෙන් ලියන්න බැහැනේ, නේද? (ඔව් මම කොහෙත්ම ලෝක පූජිත කතුවරයෙක් නෙවෙයි. ඒ නිසා ඒ වැකිය අල්ලගන්න එපා.) ඉතින් මට තේරෙන්නෙ නෑ, මිනිස්සු මගේ එක නවකතාවකට අකමැති වුණ පලියට එයාලා මට වෛර කරන්නේ, ප්‍රතිරසිකයෝ වෙන්නේ ඇයි කියලා. ඒ වගේම මගේ ගැන හොඳ කියන්න පිරිසක්ව යොදවලා තියෙනවා කියලා හිතන්නේ ඇයි කියලා.

ඒත් මට හොයාගන්න ලැබුණු දේ තමයි මතභේද හැමතැනම තියෙනවා කියන එක. JJWXCවලදි, ඒක සුඛාන්තයක් තියෙන බොළඳ ආදර කතාවක් නෙවෙයිනම්, අදහස් දැක්වීමේ තීරුව කොහෙත්ම සාමකාමී වෙන්නේ නැහැ.

මට තවමත් මතකයි මට ලැබුණු පළවෙනි විරෝධී කමෙන්ට් එක. එක ගැහැණු ළමයෙක්, SVSSS වල VIP පරිච්ඡේද පටන් ගනිද්දි, ලුඔ බිංහ මැරෙන්න කියලා ශාප කළා. ඒ කාළේ, එයාලා මේ නම ගැනත් ගොඩක් වාද කළා. ඒ වාද ඒ තරම් දේවල් නෙවෙයි. ඒත් ඒ කාලෙ වෙද්දි මම ඊට කළින් ඒ වගේ දේවලට මුහුණ දීලා නොතිබුණ නිසා ඇත්තටම බයවුණා.

MDZS ලියද්දි මාව රිදවපු පළවෙනි කමෙන්ට් එක මේ වගේ එකක්: "ඔයා මගේ ඉවසීම නැති කරනවා. මට මේ තරම් මතක කොටස් දරාගන්න ඕනෙකමක් නැහැ. ඒක බොහොම වැඩියි." ඒ කාලේ වෙද්දි මම ලියමින් හිටියේ වළාකුළු අසපුවේ ඉගෙනගැනීම ගැන පළවෙනි පරිච්ඡේදය. මම හිතුවේ මෙහෙමයි: "කෙල්ලේ, ඔයාට දැනටම දරාගන්න බැරිද? එතකොට ඔයා කතාවේ ඉදිරියට එන දේවලට මොනවාද කරන්නේ?" ඒ වගේම සමහරු කෙලින්ම කිව්වා, "ඔයාගෙ මේ නවල් එක මෙලෝ රහක් නෑ කියලයි මට හිතෙන්නේ. මම තවමත් Scum Villain's Self Saving System එකට කැමතියි." මේ වර්ගයේ කමෙන්ට්ස් දකිද්දි මට අපහසුවක් දැනුනා. ඒත් මම කිසිම දෙයක් කිව්වේ නැහැ. පස්සේ කමෙන්ට් කරන පිරිස වැඩි වුණා. ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මට ඒ දේවල් ගැන ඒ තරම් දෙයක් හැඟුණේ නැහැ.

ඒ වගේම ඒ කාලේ මට හොඳ පුරුද්දක් තිබුණා: කමෙන්ට්ස් කියවන්න එපා. ඉතින් දැක්කනේ. හැම වෙලාවෙම තෘප්තිමත් නොවන මිනිස්සු පිරිසකුත් ඉන්නවා. පරණ වාද දැන් මැකිලා ගිහින්. ඒක නිකන් මායාවක් වගේ වෙලා - "එහෙම වාදයක් කවදාවත් තිබිලා නෑ." හරියට මිනිස්සු අතීතයේ ලස්සන දේවල් විතරක් මෙනෙහි කරන්න ප්‍රිය කරනවා වගේමයි. කාලය ඒවාට පෙරණයක් යොදනවා.

ඒක මම ලියද්දි ඒක කොයිතරම් අපහසුකාරී වුණාද කියන එකගැන ගැටලුවක් නෙවෙයි. කිසිම කතුවරයෙක්, කතාවක් ලියද්දි කිසිම අපසුකාරී තත්වයක් ඇතිවුණේ නෑ කියන්න තරම් නිර්භීත වෙන්නේ නෑනෙ, නේද? ඒත් සමහර කතුවරු හරිම බුද්ධිමත්. එයාලා තමන් වඩාත්ම දක්ෂ දේ ගැන ලියනවා. ඔව් ඒක නියමයි තමයි. ඒත් මම හිතන්නේ, මට මගේ සුවපහසු සීමාවෙන් ඔබ්බට යන්න වුණා, සමහර වෙලාවට කරුණු සොයන්න වුණා.

එහෙම හොයද්දි මට, මම ගන්න හැම පියවරක්ම සාර්ථක වේවි කියලා විශ්වාස කරන්න බෑ. මම වැටුණොත් නැඟිටින්න ඕනෙත් තනියමයි. මම වැටුණ පලියට, වෙන පාරක යන්න කියලා බල කරන්න, ඒ පියවර තබන්න ඉඩ නොදී ඉන්න, මට ඇවිදින්න තියෙන අයිතිය නැති කරන්න පුළුවන්කමක් ඔයාට නෑ.

ඔයා ඇත්තටම ඒකට කැමති නැත්නම්, අත්හැරලා දාන්න. මම බලාපොරොත්තු වෙනවා මිනිස්සුන්ට සුහදශීලීව යන්න එන්න පුළුවන් කියලා. ඒත් සමහර පාඨකයෝ ටිකක් අමුතුයි. එයාලා කතාවට කැමති නැතිවත් අකමැත්තෙන් ඒක කියවන්න ගිහින් ඒ අතරේ එයාලගේ අසතුටත් පල කරනවා. ඇයි? ඔයා අකමැති වුණාට සමහර පාඨකයෝ ඒකට ඇත්තටම කැමතියි. අකමැත්තෙන් කියවන එක ඔයාලටත් වදයක්, අනිත් අයටත් වදයක්. ඒ වගේම එතකොට පහසුවෙන් වාද ඇතිවෙන්නත් පුළුවන්. එතකොට මමත් අපහසුතාවයට පත් වෙනවා. මොකද, මිනිස්සුන්ට තමන් ආස කරන දේවල් ආරක්ෂා කරන්න හිතෙන එක සාමාන්‍යයි. පාඨකයන්ව එයාලා කැමති ⁣දේ ආරක්ෂා කරන එකෙන් වළක්වන්න මට බෑ. තමන් ගොඩක් කැමති දේකට අනිත් අය පහර එල්ල කරද්දි දැනෙන හැඟීම මට තේරෙනවා. මට ඒ පාඨකයෝ ගැන දුකයි.

ඒ වගේම මම පාඨකයන්ට කමෙන්ට් කරන්න තියෙන අයිතියටත් ගරු කරනවා. ඉතින් මම ඒ මිත්‍රශීලී නොවෙන කමෙන්ට්ස් බොහෝ ඒවා ගැන වාද කරන්නවත් විරෝධය දක්වන්නවත් ගියේ නෑ. (එයින් අනවශ්‍ය කටකතා හැදෙන්නේ නැත්නම්.)

සමහර පාඨකයෝ ඕනවාට වඩා දේවල් කරද්දි මම ඒවා ප්‍රතික්ෂේප කළා. ඒත් මට මෙතනදි කියන්න ඕනේ: මට පුළුවන් විරෝධී කමෙන්ට්ස් නොසලකා හරින්න. ඒත් මම ඔය කියන "යෝජනා"වලට කැමති නෑ.

ඇයි? මොකද නවකතාවක් ලියන එක ගැන කියද්දි, ඒක නොලියන කෙනා හරිය⁣ට හාන්සි පුටුවේ ඉඳගෙන බලා ඉන්න කෙනා වගේ. හරියට කෙනෙක් රචනාවක් ලියද්දි මේ මේ වගේ ලස්සන වචන පාවිච්චි කරන්න කියනවා වගේ, ගණිත ගැටලුවක් විසඳද්දි නිගමනයන් සහ සුළුකිරීම් ප්‍රවේශමෙන් කරන්න කියලා යෝජනා කරනවා වගේ. ඒක නියමයි නේද? ඒත් ඒවා සාමාන්‍ය දේවල් බව හැමෝම දන්නවා. කරුණු මදි. ඔයාට ඕනෙ විදිහට කරන්න ඕනෙනම් කරන්න තියෙන්නේ එක දෙයයි. ඔයාම ලියන්න.

ඒ වගේම යෝජනාව ගොඩාක් සවිස්තරාත්මකනම්, "මේ කොටසේ මේ වචනය තව ටිකක් ලස්සන වෙන්න ඕනේ." "මේ කොටසෙදි ඔහු ගණන් ගන්නේ නැතිව නොඉඳ සංවේදී වෙන්න ඕනේ" "ඔයා මේක මේ වගේ වාක්‍යයකට වෙනස් කළානම් හොඳයි" වගේ දේවල් කියනවානම් ඒක සීමාව පැනීමක්.

කතාවක් ලියනවා කියන්නේ බොහොම පෞද්ගලික දෙයක්. ගණන් කරන්න බැරි තරම් පාඨකයෝ ගණනක් හිටියා වුණත් ඉන්නේ එක කතුවරයයි. හැමෝම එන්නේ කතුවරයා ලියන කතාව කියවන්න මිසක් රූකඩයක් ලියන කතාවක් කියවන්න නෙවෙයි. හැම පාඨකයෙක්ටම තම තමන් කියවන්න කැමති දෙයක් තියෙනවා. හැමෝටම කතුවරයා ලවා ලියවාගන්න අවශ්‍ය දෙයක් තියෙනවානම්, කතුවරයා අහන්න ඕනෙ එයාලගෙන් කවුරු කියන දේ ද? වෙන කෙනෙක්ගෙන් නාහා ඒ කෙනාගෙන්ම අහන්නේ ඇයි? සමහරවිට ඔයා කියාවි වඩා හරි දේට ඇහුම්කන් දෙන්න කියලා. ඒත් කාගෙ අදහසද හරි? කොහොමද ඔයා ඒ අදහස හරි කියලා ඔප්පු කරන්නෙ? ඔන්ලයින් නවකතාවක් කියවන්න බොහෝ පිරිස ඉන්නවා. වැදගත්ම දේ තමයි, කතාව ලියන්නේ කවුද?

කතුවරයෝ නිහතමානී වෙන එක හොඳයි. ඒත් ඒකෙන් කියවෙන්නේ කතුවරු වැඩිපුර කියවන්න ඕනේ, ලියන්න ඕනේ, තමන්ව පාලනය කරගන්න ඕනේ කියන එක විතරයි. මිනිස්සුන්ගෙ යෝජනා අනුව විටින් විට වෙනස් වෙන්න ඕනෙ කියලා එයින් කියවෙන්නේ නෑ. අනෙක් අයට මේ වගේ දේවල්වලට මැදිහත් වෙන්න බෑ. 

ඒ වගේම අ⁣නිත් අය හරිම සාමාන්‍ය විදිහට කතුවරයා⁣ගෙ අදහස් අනුමාන කරන්න හොඳ නෑ. මොකද ඒ බහුතරය වැරදියි. ඒත් ඒ උපකල්පන ⁣ගොඩනඟන අය කිසිම සැකයක් නැතිව ඒවා විශ්වාස කරන්න ගන්නවා. අන්තිමට නපුරු දේවල් කරන්න පෙළඹෙනවා.

මම මොන දේ ලිව්වත්, ඕනෙම වෙලාවක වෙනස් මත තියෙන පුද්ගලයෝ ඉන්නවා. කෙනෙක් කිව්වා, මම ඕනෑවටත් වඩා මගේ මතයටම කොටුවෙලා කියලා. මම හිතාමතාම පාඨකයන්ව රිදවනවා ලු. මම හැමතිස්සෙම ලියන්නේ ගැඹුරු සහ දුක පිරුණ දෙයක් ලු. මුදල් තකා ලියන රචකයෙක් ඒ විදිහේ වෙන්න ඕනේලු. තමන්ගේ මතයට කොටුවෙලා ඉන්න හොඳ නෑලු. මම දැනගන්න ඕනෙලු පාඨකයන්ව ප්‍රවේශමෙන් සතුටු කරන හැටි. ඒ වගේම තව කෙනෙක් කිව්වා, මම වෙනස් වෙලාලු. මම දන්නේ හරියට හිතන්නෙවත් නැතිව පාඨකයන්ට ඕනෙ විදිහට නැමෙන්න විතරලු. මුලින්ම ඔයාලා එක මතයක⁣ට ආවොත් මොකද?

ඒත් මම කැමති නෑ කමෙන්ට් තීරුවේ කට්ටිය රණ්ඩු වෙනවට. එයාලා රණ්ඩු වෙද්දි අනිත් අය කියාවි, "මේ කතුවරයාගේ රසිකයෝ හරිම දරුණුයි, එයාලා අනිත් අයට ඊට විරුද්ධව කිසිම දෙයක් කියන්න දෙන්නේ නැහැ" කියලා. ඊළඟට ඒක "මේ රසිකයන්ට පිස්සු", "කතුවරයා තමන්⁣ගේ මතයට කොටුවුණ ආඩම්බරකාර කෙනෙක්" කියන තැනට ඒවි. මොන දේ වුණත්, අන්තිමේදි ඒ ඕනම අත්වැරදීමකට වගකියන්න ඕනේ කතුවරයා. මම හරිම නිහඬයි, එයින් හැම වෙලාවෙම අවාසි සිද්ධ වෙනවා. ඉතින් මම ඔයාලාගෙන් ඉල්ලන්නේ ඒ වගේ කමෙන්ට්ස් මඟහැරලා යන්න කියලයි. ඒවගේ ඒවාට ස්වභාවිකවම යට යන්න දුන්නට කමක් නෑ. නැත්නම් ඒක හැමෝටම වදයක් වෙනවා සහ එයාලත් දිගින් දිගටම නවකතාව කියවන ගමන් වාද කරන්න ගන්නවා.

Q27. Heaven Official's Blessing නැවත බලන්න තීරණය කරලා තියෙන්නේ කොයි කාලේ ද?

MXTX: ඇත්තටම මම මේ වෙද්දිත් නැවත බලන්න පටන්ගෙනයි තියෙන්නේ. ඒක අවසන් වුණාම එකපාර නිවේදනයක් දෙන්නම්. ඒත් මේක නැවත බලන්න ගොඩක් මහන්සි වෙන්න වෙනවා ඒ වගේම JJWXC එකේ වාරණ තියෙන නිසා ඒක තවත් අපහසු වෙනවා. මම දන්නේ නෑ ඒකට කොයිතරම් කාලයක් ගතවේවිද කියලා. ඒක මගේ හතරවෙනි නවකතාවට කලින් ඉවර කරන්න පුලුවන් වේවිද කියලාවත් මම දන්නෑ. ඒත් එක මගේ ජීවි⁣තයේ සිද්ධවෙන දේවල් සහ හතරවෙනියාගේ එළියට එන්න තියෙන කැමැත්ත මත තීරණය වෙනවා.

Q28. Heaven Official's Blessing වලට ලියන්නේ මොන වගේ අමතර පරිච්ඡේද ද?

MXTX: බොහෝ කාලෙක ඉඳලාම මට ජනකතා ලියන්න ඕනෙකම තිබුණා. ඒ හැම එකක්ම කුඩා සුරංගනා කතා වේවි. දිග ඒවා නෙවෙයි.

 Q29. ඔබේ හතරවෙනි නවකතාවෙදි යුවළ, ඒක පාර්ශවික ආදරයක ඉඳලා පස්සේ දෙපාර්ශවයම එකිනෙකාට රහසිගතව ආදරය කරන වර්ගයේ වේවි ද? ච්‍යු චි (හතරවෙනි නවකතාවේ bottom] සහ යැන් යුඑ (හතරවෙනි නවකතාවේ Top) අන්තිමේදි ඔවුන් ඔවුන්ට අයිති වෙනකන් බලා ඉන්නවා ද? ඔයාට top සහ bottom ගැන ටිකක් හෙළි කරන්න පුලුවන් ද? Top කොයිතරම් නරක ද?

MXTX: ඇත්තටම ඕ⁣නෙම ආදර සම්බන්ධතාවයක් ගොඩනැඟෙන්නේ රහසිගත ආදරයකින්. ඒත් හතරවෙනි යුවළේ ස්වභාවය එක්ක බලද්දි එහෙම නෑ. එයාලට බලා ඉන්න දෙයක් නෑ. මම සාරාංශයේදි කිව්වා වගේම, එයාලා හමුවෙන්නේ අහම්බෙන්. ඒ වගේම, මට දැනෙන්නේ, බලා ඉන්න එක ආදරණීය වෙන්නේ පැරණි කාලයේ කතාවල විතරයි කියලා. එයාලා පොහොසත් සහ කඩවසම් අය.

Q30. හතරවෙනි නවකතාවේ පසුබිම මොකක්ද? ඒක නිකුත් වෙන්නේ කවදාද? ඒක කොටස් විදිහට පළවෙන කතාවක් නම්, කොටස් කීයක් විතර තියේවිද? ඒක කොයි තරම් දිග වේවිද? ඔබ කිව්වා මේ වතාවේ දී ඉදිරි පරිච්ඡේද කලින් ලියලා තියන්නේ නැහැ කියලා, ඒත් කලින් ඔබට දිනපතා update කරන්න අපහසු තත්වයක් තිබුණා. ඉතින් ඔබ පලකරන කාලාන්තරය වෙනස් කරන්න හිතාගෙන ඉන්නවා ද? ඒ ගැන කියන්න කැමති වෙනත් වැඩිදුර කරුණු තිබෙනවා ද?

MXTX: හතරවෙනි නව කතාවේ පසුබිම ආවෙ HOBවලට කළින්. ඉතින් මම ඒවායින් මොකද්ද මුලින් තෝරගන්නේ කියලා ටිකක් පැකිළුණා. ඒත් ඒකෙ අන්තර්ගතය ගැන තවත් සොයලා බලන්න ඕනේ. ඒකට කාලය අවශ්‍ය වෙනවා. මගෙන් කාලය සහ නව කතාවේ දිග ගැන අහන්න එපා, මොකද මම දැන් ඒක ඔයාට කිව්වත් ඒක වැරදි වේවි... මම දිනපතා අප්ඩේට් කරන්න හිතාගෙන ඉන්නවා. එක කොටසක් ඉවර වුණාම මද කාලයක විවේකයක් ගන්නවා. ඒ වගේම මම යෝජනා කරනවා ඔයාලා spoil නොකර ඉන්න එක සහ spoil කරන එකෙන් වළකින එක පුරුදු වුණොත් හොඳයි කියලා. මේ වර්ගයේ නවකතාවක් spoil කරන එක හරිම අවිනීතයි. ඉදිරියට වෙන දේ ගැන දැනගත්ත පාඨකයන්ට රස විඳින්න පුළුවන් අඩක් විතරයි, එතකොට කමෙන්ට් තීරුවේ "මම මේක දැනගෙන හිටියා, කිසිම පුදුමයක් නැහැ" වගේ දේවල් ලියවේවි. ඒක මගෙ වරදකුත් නොවන නිසා මාවත් අධෛර්යමත් වෙනවා. මම කොහෙත්ම සාකච්ඡා කරන එක නවත්වන්න කියලා කියන්නේ නැහැ. පාඨකයන්ට කතාව ගැන සාකච්ඡා කරන්න එපා කියන එක කරන්න බැරි වැඩක්. ඒත් මම හිතනවා අඩුම තරමේ ඔයාලා JJWXCවල කමෙන්ට් තීරුවෙ ඉදිරියට වෙන දේ ගැන කියලා ඒක අනිත් අයට හෙළි නොකරාවි කියලා. (HOBවල මේක ගොඩක් දුරට වෙලා තියෙනවා) ඒ වගේම ඔයා හැමෝටම පේන්න ඒ වගේ දෙයක් කියනවානම් Spoiler Alert එකක් දාන්න. හොඳම දේ තමයි කතාව කියවන්න කලින් එහෙම එකක් දැක්කම නොකියවා ඉන්න එක. හෙළි කරන්න පුළුවන් මොනවා හරි දෙයක් තියෙනවා නම් පරිච්ඡේදය ඉවර වෙලා තියෙන කතු සටහනේදී මම ඒක ගැන සාරාංශයක් තියනවා. ඉදිරියට වෙන දේ රහසක් විදියට තබා ගන්නේ ඕනෙම වෙලාවක ඒක වෙනස් වෙන්න පුළුවන් නිසා. මම බය වෙන්නේ හෙළි වුණ තොරතුරු අවසාන නවකතාවට වඩා වෙනස් වේවි කියලයි.

Q31. හතරවෙනි නවකතාව සාම්ප්‍රදායික රහස් පරීක්ෂක කතාවක් ද නැත්නම් අධිස්වාභාවික කතාවක් ද? ඔයා රහස් පරීක්ෂක වර්ගයේ කතා වලට ඒ තරම් කැමැති නැද්ද? ඔයාගේ ප්‍රියතම ප්‍රබන්ධ රචකයා කවුද? වැඩිපුරම ප්‍රිය කරන්නේ බටහිර රචනයට ද නැත්නම් චීන රචනයට ද?

MXTX: සමහර මායා දේවල් තියේවි. සමහර විට ඒවා භූතයෝ සහ අපරූපියෝ වගේ අධිස්වාභාවික ගණයට ගන්නත් බැරි වේවි. මට දැනෙන්නේ ඇත්ත ජීවිතය හරිම කම්මැලි එකක් විදිහට, ඉතින් මම කොහෙත්ම සැබෑ ලෝකයේ තේමාවක් තෝරා ගන්නේ නැහැ. දැන් මම මොනවා ලිව්වත් මට ඒක ගැන ආතතියක් තියෙනවාමයි. මම හිතනවා හැමෝම ඒක තේරුම් ගනීවි කියලා. සුපිරි ගණයේ නවකතාවක් වත්, උසස් ගණයේ දේවරූපී නවකතාවක්වත් මගෙන් බලාපොරොත්තු වෙන්න එපා. හැරත් මගේ ලියන රටාව ගොඩක් වෙලාවට වෙනස් වෙනවා. 

මගේ ප්‍රියතම රචකයෝ බොහෝ වෙලාවට ආතර් කොනන් ඩොයිල් සහ ශිමැන්ඩා සෝජි. මම චීන ආභාෂයට කැමතියි. මම බටහිර ලියන රටාවට ඒ තරම් කැමැත්තක් නැහැ. සමහරවිට ඒ මට පරිවර්තන කියවන්න සෑහෙන ඉවසීමක් අවශ්‍ය නිසා වෙන්න ඇති. ඉතින් මම කියවලා තියෙන්නේ කොනන් ඩොයිල්ගෙයි අගතා ක්‍රිස්ටිගෙයි නවකතා කිහිපයක් විතරයි.

Q32. ඔයා තව අලුත් අමතර පරිච්ඡේද කිහිපයක් හරි නැත්නම් තව කෙටි පරිච්ඡේද කිහිපයක් හරි ලියන්න හිතනවාද? ඔයාගේ නවකතා වල ප්‍රධාන චරිත හැම එකක්ම ඉන්න අමතර පරිච්ඡේදයක් ලියන්න අදහසක් තියෙනවා ද?

MXTX: සමහරවිට මට හිතුණොත්. ඒත් මම crossoverවලට පෞද්ගලිකව ඒ තරම් කැමැති නැහැ. මොකද එහෙම කලොත් මුළු ලෝකයේම ඉන්න අය සමලිංගිකයි වගේ දැනේවි.

Q33. ඔයා කැමතිම චරිතය මොකක්ද? චරිතය ගොඩ නගද්දී ඔයාගේ මනසේ ඒ චරිතය ගැන රූපයක් ඇදෙනවා ද? යුවළක් වෙන්න නම් ප්‍රධාන චරිත වලට තියෙන්න ඕනෙ ලක්ෂණ මොනවා ද? ඔයා කැමති යුවළ් වර්ගයක් තියෙනවා ද? ඔයා ලියපු කැමතිම සිදුවීම මොකක් ද?

MXTX: මම තවමත් මගේ කැමැතිම චරිතය ගැන ලියලා නැහැ. තවමත් මම ඒ ගැන ලියන්න පැකිළෙනවා, මොකද මම කැමති දේට මිනිස්සු අකමැති වෙන්න පුළුවන්. ඔව් අනිවාර්යෙන්ම, මම චරිතය ගැන හිතද්දී මගේ මනස ඇතුළේ ඔවුන්ගේ පින්තූර ඇඳෙනවා. යුවළක ප්‍රධාන ලක්ෂණය විදිහට මම දකින්න කැමති එයාලා ආදරයෙන් බැඳෙන ආකාරයයි. ඇත්තටම මට එහෙම කැමති යුවළ් වර්ගයක් කියලා නැහැ. මම බොහෝ වර්ගයේ යුවළ්වලට කැමතියි. එත් මම අකමැති මොනවාට ද කියලා මම දන්නවා. ආලවන්ත හැඟීම් පෙන්වන සහ බළල්පොර ආකාරයේ සිදුවීම් වලට මම කැමතියි.

Q34. ඔබ සාමාන්‍යයෙන් නිදාගන්න යන්නේ කොයි වගේ වෙලාවට ද? ඔබේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද? ලියන වෙලාවට ඔබේ මානසික තත්ත්වය කොහොම ද? කවදහරි ඔබ තමන්ම ලියපු දේවල් ගැන අඩලා තියෙනවා ද?

MXTX: ඒක එදා දවසේ කාර්යබහුලත්වය සහ පහුවදා කලින් ඇහැරෙන්න තියෙන අවශ්‍යතාවය මත තීරණය වෙනවා.

හිසකෙස් යන ගමන් තියෙන්නේ. (සටහන: ස්ට්‍රෙස් කියලාද මන්දා කියන්නේ මේකෙන්)

ඇසිපියක්වත් සලන්නේ නැතුව මිනිස්සුන්ව මරනවා. හැඟීම් නැති සීතල ලේ තියෙන කෙනෙක්. ඒත් ඒ නපුරු වස්තුබීජ වලදී විතරයි. සමහර මෘදු වස්තුබීජ ලියද්දි මම හැඟීම්බර වෙනවා. උදාහරණයක් විදිහට මම කිසිම හැඟීමක් නැතිව ශ්‍යාඕ ශිංචන්ගේ මරණය ගැන ලිව්වා, ඒත් ආ-චිං හිවල් හිස් පලඳනාව පිටතට ගනිද්දි මට දුක හිතුනා. හරියට, නරක සිදුවීම්වලදි කෙනෙක් මැරුණාට ගානක් නෑ වගේ.මරණයෙන් බොහෝ වේලාවකට පස්සේ කිඹුල් කඳුළු කිහිපයකුත් එක්ක හදවතේ පුංචි වේදනාවක් ඇති වෙනවා. තව උදාහරණයක් කිව්වොත්, හුආ ලියැන් දුක් විදිනකොට මට ගැටලුවක් නැහැ. ඒත් එයාලා ආදරේ පෙන්නද්දි මම ඇඩුවා.

Q35. ඔබ පොඩි කාළෙත් ලියන්න ආසාවෙන් හිටියා ද? ලිවීම ගැන තියෙන සැලසුම හෙළි කරන්න පුලුවන්ද? ඔබ modern Supernatural BL එකක් ලියන්නේ කවදා වගේ ද? නිශ්චිත පෞරුෂයක් නැති ප්‍රධාන චරිතයක් ගැන ලියන්න අදහසක් තියෙනවා ද? BG එකක් හරි යුවළක් නැති නවකතාවක් හරි ලියන්න හිතාගෙන ඉන්නවා ද? ඔබ කියපු වචන මිලියනයක් විතර තියෙන නවකතාව මොකක්ද? පිරිසුදු ආදර කතාවක් ලියාවිද? වේදනාවෙන් බලා ඉන්න ඒවා නැතිව ආදරණීය කොටස් වැඩි නවකතාවක් ලියාවිද?

MXTX: පොඩි කාලේ මම ඇත්තටම ලියන්න ආස කළේ නැහැ. මම ආස කළේ කියවන්නයි කතා ගොතන්නයි. බොහෝ කාලෙක ඉඳලා මම හිතාගෙන හිටියේ චිත්‍රකතා හදන කෙනෙක් වෙන්න. ඒත් අන්තිමේදී ඒක අත ඇරලා දාලා මගේ හීනෙ වෙනස් කළා - එක එක හේතු ගොඩක් නිසා මම නවකතා ලියන්න තීරණය කළා. වර්තමානයේ මගේ සැලසුම වෙන්නේ පස්වෙනි එක, MDZS, TGCF සහ හතරවෙනි නවකතාව එක්ක ගැටෙන modern supernatural එකක් කරන්නයි! මම අවුරුදු තුනක් තිස්සේම මේ නවකතාවේ නම ගැන හිතුවා. සමහර විට එයට සමහර අය අකමැති වෙන්න පුළුවන්, ඒත් මම ඒ නම ගැන බොහොම තෘප්තිමත්.

"නිශ්චිත පෞරුෂයක් නැති චරිත" එහෙම එකක් ලියන්න මම ගොඩක් කැමතියි. මගේ හතරවෙනි නවකතාවේ Top සහ පස්වැනි නවකතාවේ Bottom ටිකක් ඒ වගේ භයානක චරිත වේවි. 

දැන්, මුල් BL නවකතා සමූහයේ ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් වෙලාවට මිනිස්සු සමහර චරිතවල මුල් වස්තු බීජයට සහ ආකාරයට වඩා දේවල් ගොඩනඟනවා. ඉතින්, ප්‍රධාන චරිතය ගොඩක් වාද විවාදවලට තුඩුදෙන චරිතයක් කියලා හිතුණොත් මම කොහෙත්ම එයාව BL නවකතාවක තියන්නේ නැහැ.

මම සඳහන් කරපු වචන මිලියනයක් විතර දිග කතාව මම කැමතිම චරිතය ඉන්න එක. ඒත් ඒකෙ මගේ පෞද්ගලික චිත්තවේග දාමය සඳහන් වේවි. මොකද මම උසස් පාසලේ ඉගෙන ගන්න කාලේදී විනෝදයට පොඩි පොඩි කතා ලියන්න ආස කළා. මේක තමයි මම වැඩිපුරම ලියපු එක. මම ඒකත් එක්ක විශේෂ කාලයක් ගත කළා. ඒකට මගේ පෞද්ගලික හැඟීම් කියලා කියන්න පුළුවන්. මම තවමත් ටිකක් පැකිළෙනවා. මට අවශ්‍ය විදිහට ලියාගන්න බැරි වේවි කියලා මට බයයි. මම වඩාත් පරිණත වුණ කාලෙක මට ඒක ලියන්න පුළුවන් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒත් මගේ හැඟීම් වෙනත් කෙනෙකුගේ නෙවෙයිනේ. මම කැමතිම දේට අනිත් අය කැමැති නොවෙන්න පුළුවන්. ඉතින් මම අනාගතයේ දවසක ඒ ගැන ලියන්න තීරණය කළොත්, ඒ ගැන නිහඬව සහ රහසිගතව ඉන්න තීරණය කරන්න පුළුවන්.

පිරිසුදු ආදර කතාවක්... සමහරවිට මම ගොඩක් පොඩි එකක් ලියන්න උත්සාහ කරාවි.

මට ආදරණීය වර්ගයේ කතාවක් ගැන අදහසක් තියෙනවා, ඒත් ඒක ගොඩනඟාගන්න කාලයේ අවශ්‍ය වෙනවා.

Q36. ඔබට ආයෙත් වඩා හොඳ අතිරේක ආදර සම්බන්ධතා තිබෙන නවකතාවක් ලියන්න අදහසක් තිබෙනවා ද?

MXTX. මම මේ ගැන කිහිප වතාවක් ම හිතුවා. 

උත්තරේ තමයි නෑ කියන එක. දන්මෙයි නවකතාවක් ලියද්දි, හැඟීම් නිරූපණය කරන්න ලොකු ශක්තියක් වැය කරන්න වෙනවා. මම මගේ සම්පූර්ණ අවධානය යොමු කරන්නේ ප්‍රධාන චරිත දෙකට. ඒ නිසා ඒක විහිළුකතාවක් වෙන්නේ නෑ. ඒ වගේම මට අනිත් චරිත වෙනුවෙන් වැය කරන්න අමතර ශක්තියකුත් නෑ.

ඇත්තටම මම මුලදි, මොබෙයි ජුන් (Mobei Jun) සහ ගුවන්යානා සහෝදරයාව (Airplane bro) යුවළක් කළේ නෑ. මුලදි, ගුවන්යානා සහෝදරයා ගැන ඒ තරම් කතා කළේ නෑ. ඔහු කුඩා චරිතයක් ලෙස තබන්නයි හිතාගෙන හිටියේ. ඒත් මම SV ලියද්දි, ඒ මුල් නවකතාවේ දේවල් හරිම සාමාන්‍ය විදිහට විස්තර කෙරුණ නිසා, මට එකපාරටම හිතුනේ මොකක්ද දන්නවාද? ඔහුත් ටිකක් cute කියලා! මේ නවකතාව අනුවණ තීරණ වගේ ගැටලු ඔස්සේ ගමන් කරන නිසා, ඔවුන්ව යුවළක් කරනවාද නැද්ද කියන එක වැදගත් වෙන්නේ නෑ. ඒක නිකන් අත්වැරැද්දකින් ඇති වුණු අතිරේක යුවළක් විතරයි. මම ආයෙත්⁣ මේ වගේ අතිරේක යුවළ් නිර්මාණය කරන්නේ නෑ.

මම අනිත් අය ලියපු නවකතා කියවද්දි, ඒවගේ අතිරේක යුවළ් ඉන්න එකේ වරදක් දකින්නේ නෑ. ඒත් මම මගේ කතාවල ඒ වගේ දේවල් ලියන්න කැමති නෑ. මොකද, ඒ තරම් කුඩා පිරිසක් අතරේ ඒ තරම් සමලිංගික යුවළ් ගණනක් හිඳීම අස්වාභාවිකයි කියලයි මට හිතෙන්නේ. "නවකතාවක⁣ට තාත්වික බවක් ලැබෙන්නේ භෞතික තාත්විකභාවයට වඩා හැඟීම්වල තාත්විකභාවයෙන්." මේ වාක්‍යය තිබුණේ කොතැනද කියලා මට මතක නෑ. කතුවරියක් විදිහට, මට සැබෑ ලෝකය වෙන්නේ මගේ මනසේ ඇඳුණු ලෝකය. මට, ධ්‍යානවේදීන් සහ භූතාත්ම පිරුණු ලෝකයක් සැබෑ ලෝකයක් විදිහට දකින්න පුළුවන්. ඒත්, ඒ ලෝකයේ තිබෙන්නේ සමලිංගික සම්බන්ධතා විතරයිනම්, මට ඒක සැබෑ ලෝකයක් කියලා හඳුන්වන්න බෑ.

මම දැක්කා එක වතාවකදි කෙනෙක් ප්‍රශ්නයක් මතු කළා: එතැන ආදරයක් නොතිබුණත්, මිනිසුන් අතර තිබෙන හැඟීම් සහ ස්පර්ශවල සංකීර්ණ බවක් තිබෙන්න පුළුවන් කියලා. ඒ හැඟීම් ආදරයේ ලක්ෂණ ම වුණත්, එතැනට වෙනත් අර්ථකතනයක් තිබෙන්න පුළුවන්. ඒක හරි. බොහෝවිට ආදරය ම නොවන යම් සබඳතා නිර්මාණය කෙරෙනවා. ඉතින් එතැන විචාරවලට ඉඩ ප්‍රස්තාව තිබෙනවා. මට අනුව, ඒ මට්ටම ගැටලුවක් නෑ. ඒක ලියන්න සුදුසුනම්, හැඟීම අවංකයිනම්, කතාවක් ගොඩනඟන්න පුළුවන්. ඒ පිළිගැටුම ප්‍රමාණවත්.

තර්කානුකූලව බලද්දි, ආදරයක් නැතිව වුණත් මිනිස්සුන්ට යම් දේවල් කරන්න පුළුවන්. කොහොම වුණත්, ඒක ආදරයනම්, මිනිස්සු ඒ ගැන හිතන විදිහ තරමක් වෙනස් වෙනවා. එතකොට මිනිස්සු, එතරම් වැදගත් නැති දේවල්වලට පවා වැඩි අවධානයක් යොදවන්න පුළුවන්, ඒ කියන්නේ සමාව ගන්න ඕනෙ කවුද?, වැඩිපුර දේවල් කළේ කවුද? ආාදරය ලබන්න නුසුදුසු කවුද?, නැත්නම් ⁣අවිනීත හැසිරීමක් තිබෙන්නෙ කාටද වගේ දේවල්. මේ මම මගේ කතාවේ කියන්න කැමති දේවල් නෙවෙයි. ඉතින් ඒක ටිකක් අපහසුකාරීයි.

ඒත් ප්‍රධාන චරිත දෙක වෙන් නොවී ඉන්නතාක්, මම අනිත් යුවළ් ගැන ඒ තරම් හිතන්නේ නෑ. මම අනෙක් අයගේ කතා කියවද්දි මමත් යුවළ් ඇති කරමින් (Shipping) විනෝද වෙනවා. කියවද්දී එයින් විනෝදයක් ලැබෙනවානම්, ඒ ඇතිනේ. ඔයාට අවශ්‍ය ඕනෑම දෙන්නෙක්ව යුවළ් කරන්න. ඒත් ප්‍රධාන චරිත දෙක වෙන් කරන එකවත්, වෙන අය එක්ක යුවළ් කරන එකවත් කරන්න එපා.

ඒත්, මේ දේවල් ඒ තරම් බැරෑරුම් විදිහට ගන්න අවශ්‍ය නෑ. විශේෂයෙන් ම, කිසිම දෙයක් මත සීමාව ඉක්මවා යන්න එපා. මට ඇත්තටම තේරෙන්නෙ නෑ සමහර මිනිස්සු ඔවුන්ගේ මනඃකල්පිත "වඩා හොඳ යුවළ්" ගැන කියමින් මගේ ගැන වෛරයක් ඇති කරගන්නේ ඇයි කියලා. කතුවරිය විදිහට මම ඔවුන්ගේ ආදරය අනුමත කරන්නේ නෑ. එච්චරයි. ඒ වගේ දේකදි මම බල රහිතයි වගේම නිරුත්තරයි. ඉතින්, මේක හැමදෙනාටම කරන අනතුරු හැඟවීමක්, ඔබේ විනෝදය වෙනුවෙන් විතරක් මේ නවකතා කියවන්න. _#*#__ වගේ වෙන්න එපා. ඔවුන්ට ඔයාව වෙනත් මාවතකට අරගෙන ගිහින් වැරදි මාවතකට ලිස්සා යවන්න ඉඩ දෙන්න එපා.

(ME😈 Note:  _#*#__ මෙතන තිබ්බෙ චීන අකුරු වලින් තිබ්බ නමක්. ඒ කෙනා MXTX hater කෙනෙක් ලු. එයා කළින් Xue Yang⁣ට පිස්සු හැදිලා හිටපු රසිකාවියක් ලු. ඉතින් ඒ කෙනා වතාවක් MXTX ගැන වැරදි කටකතා පතුරුවලා.)

🔴 මේ පහළ තිබෙන්නේ ඇය MDZS නවකතාවේ 69වෙනි පරිච්ඡේදය අන්තිමට කියලා තිබුණු දෙයක්.

කතුවරියක් විදිහට මම, මගේ පාඨකයෝ comments වල සක්‍රීයව අදහස් පල කරන එක ගැන සතුටුයි. ඒ වගේම මම පාඨකයන්ගේ නිදහස් අදහස් දැක්වීමේ අයිතියට ගරු කරනවා. ඉතින් මම දිගු අදහස් දැක්වීම් ලබාදෙන ගැහැණු ළමයින්ව අගය කරනවා.  කොහොම වුණත්, අවසානයේ දී සමාදානයෙන් ජීවත් වීම තමයි වඩාත්ම වැදගත් දේ වෙන්නේ. මට අදහස් දැක්වීමේ තීරුව සක්‍රීය වෙන්න අවශ්‍ය වෙන්නේ ලේන්නුන්ට කෑම දාන තැනක් වෙනවට වඩා, එයින් පාඨකයින්ට නවකතාවේ සිදුවීම් ගැන කතාබහ කරන්න ස්ථානයක් ලැබෙන නිසා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මෙතැන නවකතාවේ සිදුවිම් ගැනත්, ලන් වංජි සහ වෙයි වූශියැන්ගේ ආදරය ගැනත් අදහස් දක්වන්න වැඩි අවධානයක් යොමු වේවි කියලා.

මම මුලදිම කිව්වා වගේ ආයෙත් දැඩිවම කියනවා:

Wangxian කියන්නේ MDZS නවකතාවේ ඉන්න නියමාකාර සහ ප්‍රධාන යුවළ. ඒ හැර, ප්‍රධාන චරිතවලට වෙනත් චරිතයක් එක්ක කිසිම ආදර සම්බන්ධතාවයක් ඈඳෙන්නේ නෑ.

Q37. ඔබව ලියන්න උනන්දු කරවපු අමතක නොවන දේවල් මොනවා ද? වඩාත් කරදර ඇති කළ දේවල් මොනවා ද? ඔයාගේ මනසේ ඇති වුණ වෙනස්වීම්, හැඟීම් සහ වැඩීම මොන වගේ ද?

MXTX: ගොඩක් දේවල්. පළවෙනි පෝස්ට් එකේදි මම ගොඩක් කලබල වෙලා හිටියෙ. පලවෙනි ප්‍රශංසාවේ දී මාව ශක්තියෙන් පිරිලා ගියා. ප්‍රියතම නවකතා 100ට ඇතුළත් වුණාම මම තෘප්තිමත් වුණා. පලවෙනි වතාවට මගේ VIP පරිච්ඡේද පටන්ගනිද්දි, රැයක් පුරාවට ම ඇහැරගෙන වචන දහස් ගණනක් ලිව්වා. ඊට පස්සේ පහුවදා උදේ පන්තිය වෙනුවෙන් මම උදේම ඇහැරුනා. පළවෙනි වතාවට මම මගේ ආදායම පරික්ෂා කරලා බලලා, 100ක් තිබුනම සතුටු වුණා. මම ඒකෙ screenshots මගේ පවුලේ අයත් එක්ක බෙදාගෙන 100RMB උපයපු බව පෙන්නුවා! ඒ වගේම මට ලැබුණු පළවෙනි දිග කමෙන්ටුව, ඒක දිගයි වගේම හරිම හුරුබුහුටියි. මගේ රිය පැදවීමේ විභාගය දිගින් දිගටම අසමත් වෙමින්, මගේ පුහුණුකරුගෙන් නිතරම බැණුම් අහමින් වුණත් මම දිගින් දිගටම Update කළා. මේක තව ටිකක් මීට වඩා පහසු වෙන්නේ කොයි මොහොත ද කියලා මම හිතුවා. මට දැනුනේ හරියට මම මගේ ජීවිතයේ වඩාත්ම කාර්යබහුල අවධිය පසු කරමින් ඉන්නවා වගෙයි, ඒ හැම වෙලාවෙම මම ආතතියට පත් වුණා. මට වඩාත්ම කරදරකාරී වුණ දේ තමයි දිගින් දිගටම වාරණ වැටුන එක. මට තිබුණේ මොන වර්ගයේ ආකර්ෂණ බලයක් ද කියන එක මට විශ්වාස නැහැ. මම මේ ලියපු අවුරුදු තුනට, මගේ හැම වැඩකදිම එක මතගැටුමක් හරි ඇතිවෙනවා. මට දැනෙන්නේ හරියට කතුවරුන්ට මඩ ගහන්න ඉන්න හැමෝම එකතු වෙලා මටම මඩ ගහනවා වගේ. ඒ විතරක් නෙවෙයි ඔවුන් ඉදිරියට මඩගහන්න දේවලුත් ඉතිරි කරලා යනවා. මාරයි. මීළඟ වතාවේ මගේ මොනවගේ වෙනසක් ඇති වේවිද කියලා මම පුදුම වෙනවා. ඒත් මම හිතන්නේ නෑ තවදුරටත් මාව මඩ ගහලා වට්ටන්න පුළුවන් වේවි කියලා.

Q38. ඔබ හිතන්නෙ ඔයා ශුභවාදී ද නැත්නම් අශුභවාදී ද? ඉක්මනට කේන්ති ගන්නවාද නැත්නම් මෘදු චරිතයක්ද? සමහර පාඨකයෝ ඔයාගේ ජීවිතය ගැන සහ ලෝකය ගැන දැක්ම සම්බන්ධව ඔබව ප්‍රශංසා කරනවා, ඒ ගැන හිතන්නේ මොකක්ද?

MXTX: මම උසස් පාසලේ ඉන්න කාලෙදී මුළුමනින්ම සුබවාදී කෙනෙක්, ඒත් තවදුරටත් එහෙම නෑ. මම එක එක වෙලාවට එක එක සිතිවිලි තියෙන මනුස්සයෙක්. මේ තත්පරේදි මම මෘදුව හුරුබුහුටිව ඉඳලා, ඊළඟ තත්පරයේ දී නපුරු වෙලා ඔයාට බනින එක මට හරිම සාමාන්‍ය දෙයක්. මගේ දැක්ම ගැන මට ප්‍රශංසා කරන්න එපා, මොකද මට ඒ ගැන වගකියන්න බැහැ. සමහරවිට දවසක මම සීමාව ඉක්මවන යමක් ලියන්නත් පුළුවන්, ඉතින් කරුණාකරලා මගේ ගැන ඒ විදියට හිතන්න එපා. හැරත් කතුවරයෙක් විදිහට ඔය කියන දැක්ම කියන දේ ඒ තරම් වැදගත් දෙයක් නෙවෙයි. කතුරයෙක් කියන්නේ පාලකයෙක්වත් පූජකයෙක්වත් නෙවෙයි නේ. මගේ ලියමන් වලින් ජීවිතය ගැන දර්ශනවාදී අදහස් දෙන උපදේශකයෙක් වෙනවට වඩා හොඳ කතා ලියන හොඳ මනුස්සයෙක් වෙන්න මම කැමතියි. මගේ කතා වල ඉන්න චරිතවලට ඔයාව ආකර්ෂණය කරගන්න, අඩවන්න, හිනාගස්සන්න, දුකට පත් කරන්න පුළුවන් නම් ඒක ප්‍රමාණවත්.

Q39. ඔයා කැමතිම කෑම මොකක්ද? ඔයා අහන්න කැමැති මොන වර්ගයේ සංගීතය ද? එදිනෙදා ජීවිතයේදී කියවන්න කැමැති මොනවගේ පොත්පත්ද? නවකතා ලියන්න හිර වෙලා ඉඳිද්දි ඔයා කරන්නේ මොනවා ද? අසතුටින් ඉදිද්දි ඔයාට කරන්න අවශ්‍ය වෙන්නේ මොනවා ද?

MXTX: කැමතිම කෑමක් නෑ, ප්‍රණීත රසක් තියෙන ඕනෙම කෑමකට කැමතියි.

ගොඩක් වර්ග වල සංගීතයට මම කැමතියි. සාම්ප්‍රදායික, නූතන, චීන, යුරෝපියානු, ඇමරිකානු, ජපන් සහ කොරියානු හැම සංගීතයක් ම නියමයි. මම හැම වෙලාවෙම විශ්වාස කරනවා මනුස්සයෙක්ට කැමති දේවල් වැඩි ගණනක් තියෙන එක වඩා හොඳයි කියලා. මොකද එතකොට ඒ පුද්ගලයාට වෙනස් වර්ග වල දේවල් අත්විඳින්න අවස්ථාව ලැබෙනවා.

මගේ ඇතුළාන්තයේ තේමා තුනක් තියෙනවා: Wuxia, අද්භූත සහ භූතාත්ම කතා. ඉතින් මේ තුන තමයි මම කියවන්න කැමති ඒවා. නවකතා ලියන්න හිරවුණාම මට වෙනත් කිසිම දෙයක් කරන්න බෑ. ඒ වගේම ඒ සම්බන්ධව, කිසිම කෙනෙක්ට මට උදව් කරන්නත් බෑ, කරන්න පුළුවන් එකම දේ තනිවම දරාගන්න එක විතරයි.

අසතුටක් දැනුනම මම කාටහරි බනිනවා, මටම හරි බැන ගන්නවා. මොකක් හරි දිහා බලාගෙන ඉන්නවා, නැත්නම් රෑ වෙනකන් ඇහැරගෙන ඉන්නවා. සමහර වෙලාවට මම මාව සතුටු කරන දිග කමෙන්ටු බලන්නත් යනවා.

Q40. මේ සම්මුඛ පරීක්ෂණය පිළිගත්තාට ස්තූතියි. අන්තිමේදී ඔබට ඔබේ රසිකයෝ වෙනුවෙන් කියන්න මොනවා හරි දෙයක් තියෙනවා ද? ඔබ අපි වෙනුවෙන් ගීතයක් ගායනා කරනවාද?

MXTX: මම ප්‍රාර්ථනා කරනවා ඔයාලව මුණ ගැහෙන හැම වතාවකදීම ඒක අලුත් ආදරයක ආරම්භයක් වෙන්න කියලා.

Source: MXTX interview - 2018 / 03 / 17



Comments

  1. තව interview කරපුවා තියනවාද 🥺

    ReplyDelete
    Replies
    1. තියේ. සේරම update කළාම කියන්නම්

      Delete
  2. Ai akke prashna aduwen tiyenne. Anik prashna walin monawada awwe

    ReplyDelete
  3. සේරම පරිවර්තනය කරලා නෑ තාම. සේරම update කළාම කියන්නම්.

    ReplyDelete
  4. kathuwariya thman kamathi kenkwa ship krnna eth pradhana charitha deka wen karanna epa kiwwa nisa lan xichan wai Jin guanyao wai ship krna mama........imhi imhi

    ReplyDelete
  5. අක්කියෝ සුට්ට සුට්ට මේකත් ලියන්න හොදෙව් 🥺🫢❤️

    ReplyDelete
  6. එතකොට මේකෙ අවසන් පරිච්ඡේද දෙක දෙන්නේ නැද්ද
    නෙළුම් බීජාණුධානියයි
    සැබෑ වූ ස්වප්නයයි 🤔🥺🥺🥺
    කියන්නකෝ😢😢

    ReplyDelete
  7. තැන්ක් යූ අක්කේ ❤️

    ReplyDelete
  8. Thank youuu❤️❤️❤️

    ReplyDelete
  9. Thank u akke..... wade lassanata karala oyala..... ;)

    ReplyDelete
  10. ❤️❤️❤️❤️❤️❤️❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-