Skip to main content

Posts

Showing posts from April, 2024

පරිච්ඡේදය 80

කවුද මේ පිටිපස්සේ ඉන්න කෙනා ? 

එකසිය පස්වන පරිද්ජේදය | ප්‍රයෝගකාරී සැලැස්ම

ලෙයි චංමිං සීජෞ සිට ලී සියයක් දුරින් පිහිටි කදුකර ප්‍රදේශයට පැමිණ තිබුණේ ය. එහි පොද වර්ෂාවක් ඇදහැලෙන්නට පටන්ගෙන තිබුණේ ය. ඔහු හදීසි වී ක්‍රියා නොකළ අතර තම හමුදාව ඉදිරියට මෙහෙයෙව්වේ ය. ඒ වෙනුවට ඔහු විවේක ගැනීම සඳහා එම ප්‍රදේශය අල්ලාගෙන කඳවුරු බඳින්නට පටන් ගත්තේ ය.  “ඔවුන් හදන්නේ සටන දික් ගස්සන්නයි..” තන්තායි හු තනකොල බිස්ස මත වකුටු වී දෑස් පහතට හරවා ගත්තේ ය.  “ඔහු අරගෙන එන අශ්වයෝ සහ සොල්දාදුවන් ගාණ කොයිතරම් ද කියලා ගණන් කරගන්නවත් බැහැ. ඒ තරම් දිග පෝලිමක් ඉන්නවා.” “ඒත් ඔවුන්ගේ උදුන් කොයිතරම් එකට එකතුවෙලාද කියනවනම් , ඒ දිහා බලන එකෙනුත් මට බයක් දැනුණා.”  දිං තාඕ ලෙයි චංමිං තම හමුදා ස්ථානගත කළ තැන රවුමක් ඇන්දේය.  “මම තොරතුරු සොයා බලන්න මඟ දිගේ නගරවලට ගියා.  ඔවුන් හැමෝම කීවේ ඔහු මේ වතාවේ මිනිසුන් හතළිස්දාහටත් වඩා හිටියා කියලයි.  ඔවුන් මෙහෙට එන අතරමඟදි සීජෞ ආසන්නයේ හිටපු හැම කොල්ලකරුවෙක් මත් අල්ලගෙන ලු." “ සත්‍ය වගේම අසත්‍යය මිශ්‍ර කරන එකෙන් අනෙක් අයට එයින් ඇත්ත සහ බොරුව වෙන් කරලා හදුනාගන්න අපහසු කරනවා.” ෂ්‍යාඕ චීයේ නැගී සිට පසෙක වූ ජල බිදිති වැටී තිබූ ශාකයේ අත්ත පසෙකට කළේ ය.  “ඔවුන්ට ඇත

එකසිය හතරවන පරිච්ජේදය | වැඩිමල් සහෝදරයා

  ලෙයි චංමිං චාජෞ වල අයෙකි. ඔහුගේ මුල් කාලයේදී , ඔහු අනිත් අය සමග සන්නද්ධ පරිවාරක භටයෙකු ලෙස වැඩ කළේ ය. ඔහු කිසි දිනෙක පාසල් ගොස් ඉගෙනගෙන නොතිබුණි. යොංයී පාලන සමයේදී , දුැාන්ජෞ හී බාබල සේනාංකයේ අණදෙන නිලදාරියා ඔහුගේ බාල සොහොයුරියව උප භාර්යාවක් ලෙස රැගෙන ගිය අතර , ඇය අණදෙන නිළදරයාගේ නිවසෙහි සියළුම අනුග්‍රහයන් ලබා ගත්තා ය.  මේ හේතුවෙන්, ලෙයි චංමිං යම්තාක් කාලයක් සැපපහසු ජීවිතයක් ගත කළ අතර මුළු දිනය පුරාම සූදු පොලවල්හි ගත කළේ ය. ​ඒ සැප පහසු ජීවිතය වැඩි කල් නොපැවතුනේ ය. දුආන්ජෞ හී අණදෙන නිළදරයා එතරම් කැප වෙමින් වැඩකල පුද්ගලයෙකු නොවූ අතර හේ වසර කිහිපයකින්ම ලෙයි චංමිංගේ බාල සොහොයුරිය ප්‍රතික්ෂේප කළා ය. ඔහු ගෙවීය යුතු ණය පියවන්න කිසිවෙක් නොසිටියේ ය. ඉතිං , ලෙයි චංමිංට නැවතත් පරිවාර සේවා භටයෙක් ලෙස වැඩ කරන්න සිදු වූයේ ය. යොංයී පාලන සමය අවසානයේ දී , ලෙයි චංමිංට හේජෞ  යැන් වංශය මගින් රැකියාවක් ලැබුණි. තම ගමන අතරතුර , ඔහු කොල්ලකරුවන් සමඟ සටන් කිරීමට සහ යැන් වංශයේ ලාබාලතම තරුණ ස්වාමියා වන යැන් හේරු ආරක්ෂා කිරීමට තම ජීවිතය පරදුවට තැබීය. එහි පුථිපලයක් ලෙස , ඔහු යැන් වංශයේ කුසල් පොතට ඇතුලත් විය. ෂිය

පරිච්ඡේදය 79

  ආත්ම විමසීම.. වංජි මේක කොයිතරම් නම් උත්සාහ කරල තියෙනවද...🥲 කමෙන්ට් රියැක්ට් බෝම මදි යාලුවනේ..ඔයාලගෙ කමෙන්ට් වලින් තමයි මට තව ඉස්සරහට යන්න ශක්තිය එන්නේ

පරිච්ඡේදය 78

  කවුද මේවා පාලනය කරනවා ඇත්තේ??