Skip to main content

Posts

Showing posts from January, 2022

පළමුවන පරිච්ඡේදය | හතලිස් අටේ බලකොටුව

“ මිනිසුන් ඔබව  ‘ දාමරිකයෙක් ’  කියා හංවඩු ගැසුවද ඔබ තුළ වීරයන්ගේ රුධිරය ගලා යන බව මතක තබාගන්න. ඔබ සාමාන්‍ය හොරකමේ යෙදෙන දාමරික මැරයෙක් නොවේ.ඔබේ මුතුන් මිත්තන්ගේ වීර උරුමයට අගෞරව නොකරන්න ” එය ෂාඕ දකුණු රාජවංශයේ 17 වන වසරයි. විලෝ පත්‍ර දිගහැරෙමින් හා ඇඹුල් ඇපල් ගස්වල මල් පිපෙමින් තිබුණූ ඒ වසන්ත සමය විය. ෂූ කදුකරයේ හතලිස් අටේ බලකොටුවෙහි (48  Zhai)[ 1] තරුණයන් දෙදෙනෙකු ඝෝෂාවක් මද්‍යයේ ද්වන්ධ සටනක නිමග්නව සිටියහ.ඔවුන්ගෙන් එකෙකු තරමක් වයසින් වැඩුනු කුඩා කන්දක් මෙන් උස හා ශක්තිමත් අයෙකි.හෙතෙම ඝනව වැඩුණූ ඇහිබැම රැලි ගන්වාගෙන  ,  දිගු හෙල්ලයක් දරා සිටියේය.තත්පරයකටවත් තම ආරක්ශාව පහත හෙලීමට ඔහු නිර්භීත නොවීය. අනෙකා වයස අවුරුදු 14 ක් හෝ 15 ක් පමණ වු සිහින්  ,  උස කඩවසම් තරුණයෙකි.මහත්මා ගුණයෙන් හෙබි ලක්ශණවලින් පිරි සිටි ඔහු අතැතිව කිනිස්සක් විය.   අනෙකුත් ගෝලයන්   වැඩි වැඩියෙන් ඝෝෂාකාරී ලෙස අදහස් දක්වමින් ,  මුහුණට මුහුණලා සිටි යුවළ වටා එක්රැස් වීමට පටන් ගත්හ. එක් තරුණ ගෝලයෙක් කඩවසම් තරුණයා දෙස කුතුහලයෙන් බලා  ,  අසල සිටි ජ්‍යෙෂ්ඨ ගෝලයෙකු ඇමතුවේය. “ අපේ දක්ශතම ෂිෂියොන්[2] එක්ක අර දඟලන්නේ කවුද ?  එ