Skip to main content

Posts

Showing posts with the label Adult only

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-

පළමු පරිච්ඡේදය | ඇවිද යමු, ඔබ පුදුමයට පත්වනු ඇත...

අවට සිටි සියල්ලන්ටම ගාම්භීරත්වය පෙන්වන්නාක් මෙන්, වළාකුළු විනිවිද යන්නට තරම් උස්ව විහිදී තිබුණු එක් ශිඛරයකි. මේ අර්ධ පියවර කදු ගැටයයි. නමෙහි අර්ථයට නියමාකාරයෙන්ම ගැලපෙන පරිද්දෙන්, අර්ධ පියවර කඳු මුදුනේ ද පැවතියේ යමෙකුට නැගී සිටින්නට හැකි වන ලෙස පිහිටා තිබූ වර්ග අඟල් කිහිපයක භූමි කොටසක් පමණි. මින් ඉදිරියට අඩි භාගයක් හෝ ගමන් කළහොත් මීටර් දහස් ගණනක් උස ප්‍රපාතයක අද්දර සිටගෙන සිටීමේ සුන්දර නමුත් බියජනක වරමක් ඔබටද ලබාගත හැකි ය. එහි මුදුනට වන්නට විචිත්‍රවත් ලෙස ඉහළට නැගි පාෂාණ රැසකි. බොහෝ ශාක විශාල ලෙස වැඩී අතුපතර විහිදා සිටියේ අත් පා විහිදාගත් දැවැන්ත රකුසන් මෙනි. ඊට පහළින් අනෙක් පස බැලීමට නොහැකි තරම් ඝනකමකින් යුත් මීදුමකි. සිත්ගන්නාසුලු වුවත් මෙම භයානක දර්ශනය සමඟ සසඳන විට කෑගසන දෙවියෙක් හෝ සිටගෙන සිටින අවතාරයෙකුගේ රූපයක් දුටුවත් එය අමුතු දෙයක් නොවන බව ඔබට වැටහෙනු ඇත. අහසට මෙන්ම පොළොවටද මෙහිදී එකිනෙකාව ස්පර්ශ කළ නොහැකි තරම් දුරස්ථ භාවයක් ඇති බවක් පෙනෙන්නට තිබුණි. ඊට එපිටින් දිස් වූයේ "පසුතැවුම් කඳුවැටියයි". එය අර්ධ පියවර කදුවැටියට වඩා අඩු මීදුමකින් මෙන්ම අඩු භයානකකමින් යුක්ත වූ අත...

වෛද්‍ය වාර්තාව | හැඳින්වීම

සාරාංශය: 🔞 "උමතුවෙන් කඩාවදින අධම යක්ෂයෙක්, දික්කසාද වුණු නිවුණු පැවතුම් ඇති පියෙක්. මෙම කතාව දිවයන්නේ හුදෙකලා වූ මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් අතරයි." බාහිර රූපයෙන් මිනිසෙකුගේ ඇතුලාන්තය පිළිබඳව මිම්මක් ලබාගත හැකි නොවන්නේ ය. හේ යු ද එවැන්නෙකි. ඔහුගේ කඩවසම් වත සහ මෘදු හැසිරීම දකින ඔබ නියතවම සිතනු ඇත්තේ ඔහු මෙලොව වෙසෙන ආදර්ශමත් ම ශිෂ්‍යයා වනු ඇති බවයි. කෙසේ නමුත් ඔහුගේ ඇතුලාන්තයේ වෙසෙන යක්ෂයා පිළිබඳව දන්නේ ඔහු සහ ඔහුට කුඩා කළ සිට ම ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා වූ ෂිඒ ශිංචෙං පමණකි. "ඕනෑම මිනිසෙකුව තවත් මිනිසෙක් ලෙස ම සැලකිය යුතුයි" ෂිඒ චිංචෙං නිරතුරුවම සිතුවේ එලෙසයි. කෙසේ නමුත් වෛද්‍ය ෂිඒ වෙතින් පැමිණෙන ඖෂධ ගන්ධය වනාහී හේ යු මෙලොව වඩාත් ම අප්‍රිය කරන ගන්ධයයි. මේ මිනිසා කිසිවිටකත් මෘදු වදන් භාවිතා නොකළේ ය. ඒ සියල්ලට ම වඩා, මේ මිනිසා ඔහුව අත්හැර දැමුවේ කිසිඳු අනුකම්පාවක් රහිත ලෙසිණි. ⁣එබැවින් ම, හේ යුගේ මනස තුළ ෂිඒ චිංචෙං කෙරෙහි ඇත්තේ දැඩි වෛරයකි. නමුත් දෛවය, මිතුරන්ගේ මෙන් ම සතුරන්ගේ ජීවිත ගමන් පථ ද නැවත නැවතත් එකමත අතිපිහිත කරන්නේ ය. උසස් පාසලේ හොඳම ශිෂ්‍යය...