Skip to main content

Posts

Showing posts from May, 2022

පළමු පරිච්ඡේදය | ඇවිද යමු, ඔබ පුදුමයට පත්වනු ඇත...

අවට සිටි සියල්ලන්ටම ගාම්භීරත්වය පෙන්වන්නාක් මෙන්, වළාකුළු විනිවිද යන්නට තරම් උස්ව විහිදී තිබුණු එක් ශිඛරයකි. මේ අර්ධ පියවර කදු ගැටයයි. නමෙහි අර්ථයට නියමාකාරයෙන්ම ගැලපෙන පරිද්දෙන්, අර්ධ පියවර කඳු මුදුනේ ද පැවතියේ යමෙකුට නැගී සිටින්නට හැකි වන ලෙස පිහිටා තිබූ වර්ග අඟල් කිහිපයක භූමි කොටසක් පමණි. මින් ඉදිරියට අඩි භාගයක් හෝ ගමන් කළහොත් මීටර් දහස් ගණනක් උස ප්‍රපාතයක අද්දර සිටගෙන සිටීමේ සුන්දර නමුත් බියජනක වරමක් ඔබටද ලබාගත හැකි ය. එහි මුදුනට වන්නට විචිත්‍රවත් ලෙස ඉහළට නැගි පාෂාණ රැසකි. බොහෝ ශාක විශාල ලෙස වැඩී අතුපතර විහිදා සිටියේ අත් පා විහිදාගත් දැවැන්ත රකුසන් මෙනි. ඊට පහළින් අනෙක් පස බැලීමට නොහැකි තරම් ඝනකමකින් යුත් මීදුමකි. සිත්ගන්නාසුලු වුවත් මෙම භයානක දර්ශනය සමඟ සසඳන විට කෑගසන දෙවියෙක් හෝ සිටගෙන සිටින අවතාරයෙකුගේ රූපයක් දුටුවත් එය අමුතු දෙයක් නොවන බව ඔබට වැටහෙනු ඇත. අහසට මෙන්ම පොළොවටද මෙහිදී එකිනෙකාව ස්පර්ශ කළ නොහැකි තරම් දුරස්ථ භාවයක් ඇති බවක් පෙනෙන්නට තිබුණි. ඊට එපිටින් දිස් වූයේ "පසුතැවුම් කඳුවැටියයි". එය අර්ධ පියවර කදුවැටියට වඩා අඩු මීදුමකින් මෙන්ම අඩු භයානකකමින් යුක්ත වූ අත