Skip to main content

Posts

Showing posts from February, 2023

පළමුවන පරිච්ඡේදය| රුධිර මළ සිරුර

  වසර පනහකට පෙර, චංෂා හි විදුම් කඳු මුදුන. පස් කන්දක් මත වාඩි ලා සිටි සොහොන් කොල්ලකරුවන් කිහිප දෙනෙකි.  එම කල්ලියේ සිව් දෙනෙකු සිටියමුත් ඔවුන'තර තිබූ පරිසරය මේ වන විට ගිලී තිබුණේ දැඩි නිහඬතාවයක ය. මෙයට හේතු වී තිබුණේ පොළොව මත තිබූ යම් වස්තුවකි. සියල්ලන්ගේම දෑස් නාභිගත වී තිබුණේ පොළොව මත වැතිර තිබූ එම ලුඔයැං සවල (1) වෙතට ය. සවලෙහි පස් රඳවගන්නා හිස කොටස තුළ රැඳී තිබුණේ මීට මොහොතකට පෙර සිදු කරන්නට සූදානම් වූ කැණීමක් මඟින් පොළොවෙන් පිටතට ගෙන ආ පස් ස්වල්පයකි. නමුත් පුදුමයටරර කරුණක් නම්, මෙම පස තුළින් දීප්තිමත් රතු දියරයක් නිරන්තරයෙන් කාන්දු වෙමින් පැවතීම ය. එය දිස් වූයේ පාංශු කොටස තුළින් රුධිරය වැගිරෙන්නාක් මෙනි. “මේක ලොකු ප්‍රශ්නයක්,” භාවිතයට ගත් දුම්කොළ ඉවත දමමින් සිටි ලාඕ යැන්තූ පැවසී ය. “පහළ රුධිර මළ සිරුරක් තියෙනවා. පරිස්සම් නොවුනොත් අපි හැමෝටම එතනම මැරෙන්නයි වෙන්නේ. ” “අපි පහළට යනවද නැද්ද? එක උත්තරයක් දෙන්න. ඔච්චර වැල්වටාරම් කියවන්න එපා!” එක් ඇසක් පමණක් තිබූ තරුණයෙකු පැවසී ය. “ඔහේගේ ඔය වයසක කකුල් රිදෙනවනම්, පහළට බහින්න එපා. ඒ වෙනුවට මමයි මල්ලියි යන්නම්. ඒ මොකක් උනත් අපි වෙඩි තියනව

පළමුවන පරිච්ජේදය | මේ උතුමාණන් ව මරා දමන්නට සැරසෙයි.

සැ.යු : ඇත්තටම කිකිව්වොත් අනපේක්ෂිත විදිහට මට මේක කලින් Upload කරන්න බැරිවුණා. Data ප්‍රශ්ණයක් නිසා. ඇත්තටම Manhua Upload කරද්දී Data යනවා. ඒ නිසා මම සතියට හතරවතාවක් Devil Puppy Manhua එකයි මේකෙනුයි Chapters දෙක ගාණේ වැටෙන්න Upload කරන්නම්. අනේ තරහා වෙන්න එපා හරිද?⁣ 🥺 ඉතිං ඒ නිසා මම විතරක් නෙමෙයි අපේ sunstar පවුලම ගැන හතලා ඔයාගේ react එකකින් comment එකකින් අපිට සහයෝගය දෙන්න. facebook එකට නෙමෙයි මෙතනට. ඒ වගේම මේ කොටස පරිවර්තනය කලේ මම Cang Yan නෙමෙයි. ඒ අපේ Xie Lian.  පසු පරිච්ජේදය  |  සියළුම පරිච්ජේද    

පෞද්ගලික අසුර සුරතලා : හැදින්චීම

                          පළමුවන පරිච්ජේදය 01