Skip to main content

පළමුවන පරිච්ඡේදය | හතලිස් අටේ බලකොටුව

මිනිසුන් ඔබව දාමරිකයෙක්’ කියා හංවඩු ගැසුවද ඔබ තුළ වීරයන්ගේ රුධිරය ගලා යන බව මතක තබාගන්න. ඔබ සාමාන්‍ය හොරකමේ යෙදෙන දාමරික මැරයෙක් නොවේ.ඔබේ මුතුන් මිත්තන්ගේ වීර උරුමයට අගෞරව නොකරන්න

එය ෂාඕ දකුණු රාජවංශයේ 17 වන වසරයි.

විලෝ පත්‍ර දිගහැරෙමින් හා ඇඹුල් ඇපල් ගස්වල මල් පිපෙමින් තිබුණූ ඒ වසන්ත සමය විය.

ෂූ කදුකරයේ හතලිස් අටේ බලකොටුවෙහි (48 Zhai)[1] තරුණයන් දෙදෙනෙකු ඝෝෂාවක් මද්‍යයේ ද්වන්ධ සටනක නිමග්නව සිටියහ.ඔවුන්ගෙන් එකෙකු තරමක් වයසින් වැඩුනු කුඩා කන්දක් මෙන් උස හා ශක්තිමත් අයෙකි.හෙතෙම ඝනව වැඩුණූ ඇහිබැම රැලි ගන්වාගෙන දිගු හෙල්ලයක් දරා සිටියේය.තත්පරයකටවත් තම ආරක්ශාව පහත හෙලීමට ඔහු නිර්භීත නොවීය. අනෙකා වයස අවුරුදු 14 ක් හෝ 15 ක් පමණ වු සිහින් උස කඩවසම් තරුණයෙකි.මහත්මා ගුණයෙන් හෙබි ලක්ශණවලින් පිරි සිටි ඔහු අතැතිව කිනිස්සක් විය.

 අනෙකුත් ගෝලයන් වැඩි වැඩියෙන් ඝෝෂාකාරී ලෙස අදහස් දක්වමින්මුහුණට මුහුණලා සිටි යුවළ වටා එක්රැස් වීමට පටන් ගත්හ. එක් තරුණ ගෝලයෙක් කඩවසම් තරුණයා දෙස කුතුහලයෙන් බලා අසල සිටි ජ්‍යෙෂ්ඨ ගෝලයෙකු ඇමතුවේය.අපේ දක්ශතම ෂිෂියොන්[2] එක්ක අර දඟලන්නේ කවුදඑයා හොඳ කෙනෙක්ද?"

ඔහු අසල සිටි තැනැත්තා උපදේශකයෙකු ලෙස පෙනුනු වැඩිහිටි ගෝලයෙක් විය. හිස සෙමින් සෙලවූ ඔහු ; “ කවරුවත් ඔබට ඒ කව්ද කියලා කියන්නෙ නැත්නම්ඒ කෙනා කව්ද කියලා හිතාගන්න ඔබට කවදාවත් බැරිවෙයි ‘ ඔහ් බලන්න! සටන ඇරඹුනා

 වැඩිමහල් ගෝලයා හදිසි කෑගැසීමක් සමඟ තම හෙල්ලය ඉදිරියට දිගු කළේය. පහර දෙන සර්පයෙකු මෙන් තම ප්‍රතිවාදියාගේ හිස කෙළින්ම ඉලක්ක කරගනිමින් ඉදිරියට ඇදුනු හදිසි ප්‍රාහාරය නොතකා,කිනිස්ස අතින් ගත් තරුණයා වම් පැත්තට මදක් ඇලවිය.ශක්තියෙන් අංශු මාත්‍රයක්වත් වැයනොකර ඔහු කම්මැලි ලෙස පෙනුනු චලනයකින්එල්ල වූ හෙල්ල පහරින් සම්පූර්නයෙන්ම ආරක්ශා විය.

උත්සාහය අත් නොහරිමින්වැඩිමහල් ගෝලයා වහා ඉදිරියට නැමීතම සිරුරේ බරෙන් අඩක් යොදවා තම දෑත් හරහා හෙල්ල පහරක් එල්ල කලේය. දිගු ලෝහමය කෙඳිරිල්ලක් සමඟ හෙල්ලය ඉදිරියට පැන්නේය. මෙය දකුණු කඳුකරයේ පහර දීමනමින් හැඳින්වෙන අසමසම ශක්තියක් සහිත රුදුරු පියවරක් වූ අතර එය හතලිස් අටේ බලකොටුවේ ච්‍යන්චොං[3] නිකායට ආවේණීක විය. ප්‍රමාණවත් ශක්තියක් හෝ ධෛර්යයක් නොමැති ඕනෑම ප්‍රතිවාදියෙකු පිටියෙන් ඉවත් කිරීමට මෙම පියවර පමණක් ප්‍රමාණවත් විය.

නරඹන්නන් මවිතයට පත් කරමින්කිනිස්ස අතින් ගත් තරුණයා සම්පූර්ණයෙන්ම සන්සුන්ව ,ඉදිරියට එන හෙල්ල පහර තම තලයේ වැදීමට ප්‍රථම අඩක් ඉදිරියට ලිස්සා ගියේය. කිනිස්ස ,හෙල්ලය සමඟ කෙටි කලකට ගැටුණු බැවින් එය මෘදු හඩක් ඇති කළේ ප්‍රහාරයේ බලයෙන් වැඩි ප්‍රමාණයක් විසුරුවා හරිමිනි.මඳ සිනහවකින් තරුණයා පැවසුවේ පරිස්සමෙන්කියාය.

ඒ වදන් කියූ සැණින් ඔහු මීටර බාගයකටත් වඩා ඈතට ලිස්සා ගොස් තිබුණි.ඔහුගේ කිනිස්ස ඇදහිය නොහැකි ලෙසඒ මේ අත එල්ලකල පහරවල් ඇසිපිය හෙලන සැණීන් තම ප්‍රතිවාදියාගේ හෙල්ලය බිම දැමීය.ඔහුගේ චලනයන් බීඩ් තිරයක්’ [4] යන්තමින්,දෑතින් පසෙකට කරන්නාක් මෙන් සැහැල්ලු විය.

ඉහලට ගත් හුස්ම පහලට නොහෙලා පුදුමයෙන් බලාසිටි තරුණ ගෝලයාට ඔහු අසල සිටි වැඩිමහල් ගෝලයා; “ඒ ලී තරුණ ස්වාමියා හතලිස් අටේ බලකොටුවෙ නායක ලී නෝනාගේ බෑණා. ඇත්ත වශයෙන්ම ඔහු හොඳයි! ඔහුව පුහුණූ කලේ ස්වාමිදුව විසින්මය. ඔහු අපේ පරම්පරාවේ හොඳම අයගෙන් කෙනෙක්. 

තම ලෝක දැක්ම පුළුල් කලයුතු බවක් හැඟුණු තරුණ ගෝලයා නැවතත් සටන් පිටිය දෙස බැලීය. තරුණ ලී මාස්ටර් ඔහුගේ වැඩිහිටි විරුද්ධවාදියා සමග මිත්‍රශීලී ලෙස සිනාසෙමින් සිටියේය. උඩඟුකමේ අංශු මාත්‍රයක්වත් නොමැතිවඔහු ගෞරවාන්විතව හෙල්ලය එහි හිමිකරු අත තැබුවේය. ඔබට ස්තූතියි,අයියණ්ඩි. ඔබගේ මග පෙන්වීම මම බෙහෙවින් අගය කරනවා

එවැනි නිහතමානීකමක් ඉදිරියේ ඔහුගේ ප්‍රතිවාදියාට එම පරාජයෙන් අමනාපය පෙන්වීම අසීරු විය.හෙල්ලය ලබා ගත් ඔහු කුඩා හිස නමා "එයට කමක් නැතැ” යි මුමුණමින් රතු වූ මුහුණින් පිටියෙන් ඉවත් විය. ඔහු පිටත්ව ගිය විගසමනරඹන්නන් ලී තරුණයාට සුභ පතමින් ඝෝශා කිරීමට පටන් ගත්හ.

නැණවත් බව විදහා දක්වමින් වැඩිහිටි ජ්‍යෙෂ්ඨයා ; “ ලී තරුණයා දක්ශයෙක්,වගේම හොද ගතිගුණ තියෙන කෙනෙක්.ඔබට කිසියම් දෙයකට උදව් අවශ්‍ය නම්,ඔහු නිසැකවම හැකි පමණින් ඔබට මග පෙන්නාවි..

ඔහු කතාව අවසන් කිරීමට පෙර,පිටුපසින් පැමිණි අයෙක් ඔහුට බධාවක් විය. කරණාකර,පසෙකට වෙනවද?”

ආපසු හැරී බැලූ ගෝලයන් දෙදෙනා දුටුවේදිගු කෙස් කළඹ පිරිමියෙකු විලසින් හිස මත තබාගත්[5]සරල වස්ත්‍රයකින් සැරසුණු තරුණියකි.සාමාන්‍යයෙන් ගැහැනු ළමයි පළදින අලංකාර කිසිවක් නොවූ සරලඇගේ අතිශය පැහැපත් සුන්දර මුහුණින් හුදෙකලා සීතල බවක් පළකලාය.

ච්‍යන්චොං නිකායට එම ශ්‍රේෂ්ඨ නාමය තිබියදීත්,ඒ වෙනුවටනොසැලකිලිමත් ලෙස ඝෝෂාකාරී තනුව’, ‘විනාශයේ ඉගිය’ සහ ඇතැමුන් එයට‘ කැලෑ සුනඛ නිකාය’ කියා අන්වර්ත  නාම පවා දී තිබුණි.මෙම මැර කණ්ඩායම කෙතරම් ප්‍රචන්ඩද කියතොත් ගැහැනු ළමයින් නිකායේ ගෝලයින් අතර හෝ නොවීය.එනිසා මේ නිකායේ තරුණ ගෝලයන්ට ගැහැණු ළමයෙකු දැකීම ඔලු තුනේ රකුසෙකු දැකීම තරම් දුර්ලභ විය.මෙම හදිසි දසුනින්,හිටිවනම තුශ්නිම්භූතවූඑහි සිටියවුන් අතර ක්ශණීකව නිශ්ෂබ්දතාවයක් පැතිර ගියේය.

සිදුවීම දුටු ජ්‍යේෂ්ඨයෙකු වහා ඔවුන්ව පසෙකට තල්ලුකර ,මහත් ගෞරවයෙන් ඇයට කතාකලේය. චෝ ශිජියේ[2],ඒ ගැන කණගාටුයි.

තරුණීය ඔහුට බැන වැදුනාය. පැමිණ ඇත්තේ කවුරුන්දැයි වටහාගත් අනෙකුත් තරුණ ගෝලයින් ,ඇය අසලින් මදක් ඈත්විය.

තරුණ ගෝලයෙකුට උපදෙස් දෙමින් සිටි ලී තරුණයා කලබලයේ මූලාරම්භය දැක ඔහුගේ දෑස් දීප්තිමත් විය. ෆෙයිඔබ මෙහි ආවෙ කුමටද? 

කිසිවකු කතා නොකලාක් මෙන් තරුණිය සෙනග මැදින් ඇවිදගියේ සුහද හඩට නෙත් පමණක් යොමු කරමිනි.

චෝ...ෆෙයිචෝ ෆෙයිඔහුගේ දෑස් පිටව යන තරුණිය හඹා යද්දී තරුණ ගෝලයා ගොත ගැසීය. ඒ ඇයද.. 

හ්ම්! හිස සැලූ වැඩිමහල්ලා තම අත්දැකීම් අඩු කනිශ්ඨයාට උපදෙසක් දුන්නේය. චෝ ෂිජියේ හැමවිටම නොරිස්සුම් සහගත කෙනෙක්...ඔබ ඇයව නැවත් හමුවුනොත් ආචාරශීලීව හැසිරීම සුදුසුයි.කොහොමවුනත් , ඔබට ඇයව නිතර නිතර හමුනොවේවි ඇය සාමාන්‍යයෙන් අපි වගේ අය සමග මිශ්‍ර නොවන නිසා

ලස්සන ගැහැණූ ලමයෙකු මදක් අහංකාර ලෙස නොරිස්සුම් සහගත වීම එතරම් දෙයක් නොවේ.තරුණ ගෝලයා එයින් නොසැලී හඩ අවදි කලේය. ලී තරුණයා ,හතලිස් අටේ බලකොටුවේ නායක ලී ස්වාමිදුවගේ ආදරණීය බෑණා චෝ ෂිජියේ ඇගේ වටිනම වස්තුව මෙන් පෙනෙන ඇගේ එකම දියණීය එසේනම් ඔවුන් දෙදෙනාටම සටන්පුහුණූව ලැබූනු මූලාශ්‍රය එක් අයෙක් නේදලී තරුණයා අපේ පරම්පරාවෙ ඉන්න දක්ශම කෙනෙක්න්ම් ඔහු චෝ ෂිජියේ ටත් වඩා හොදද?

වෙහෙසකර ලෙස සුසුමක් හෙලූ වැඩිමහල් ගෝලයා ; “බලන්න ඔබ පවා දන්නවා චෝ ෂිජියේ ලී ස්වාමිදුවගේ ආදරණීය දියණිය බව.කුමක් හෝ වරදක් සිදුවේයැයි බියෙන් අපි ඇය සමග කතාකිරීමට හෝ බියයි.එසේනම් අපි කොහොමද ඒ ගැන නිවැරදිව දන්නේ?”නැවතත් සටන් පිටිය දෙස බැලූ වැඩිහිටි ගෝලයාගේ දෙනෙත් නැවත දීප්තිමත් විය. “ ලී තරුණයා පවා අපි සමග නිතර නිතර ගැවසෙන්නේ නෑ මට අද ඔහු සමග සටන් පියවරවල් කිහිපයක් හුවමාරු කරගන්න අවස්තාව නැති වෙන්නෙ නැහැ.

ඔවුන් කතා කල ලී ස්වාමිදුවගේ වටිනම වස්තුව මෙන් පෙනෙන ඇගේ දියණීය හතලිස් අටේ බලකොටුවේ නායක ලී ජින්‍ රොන්ගේ කුටිය දෙසට ඇවිද ගියාය.අසුභවදී සිතිවිලි ඇතිකිරීමට සමත් කසයක් අතැතිව ලී ජින්‍ රොන් ඒ වනවිටත් මිදුල මැද සිටගෙන සිටියාය.

කසය මත මොහොතකට දෙනෙත් රැදුනු චෝ ෆෙයි අම්මා’ යැයි කීමටත් පෙර ගිණිදළු පවා අයිස් කලහැකි තරම් හඩකින් ලී ජින්රොන් ඇයට අණ කලාය. දණ ගසන්න!

නළල රැළි කරගත් ඇය එම සම්පූර්ණ නොවූ වචනය ගිල දමා නිහඩවම මිදුල මැදට ගොස් සිවුර මදක් සකසා මව ඉදිරියේ දණීන් වැටුනාය.ඇසිපිය හෙළීමටත් පෙර පිට මතට එල්ල වූ ලී ජින්රොන්ගේ කස පහරින් නැගුනු කෙදිරිය දත්මිටිකමින් වලකාගත් ඇයකෝපයෙන් හා ව්‍යාකූලත්වයෙන් හිස ගස්සා මව දෙස හැරී බැලුවාය.

හරියට දණගසනවා! පාදඩ කෙල්ල!ලී ජින්රොන් මොර දුන්නාය

දුර්වලයන්ට හිරිහැර කිරීම නරකයි එයත් එතරම් පහත් ක්‍රමයකින්.මං නුඹට සටන් කලාව ඉගැන්නුවේ මේ වගේ දේවල් කරන්නද?”

චෝ ෆෙයි ගේ මුහුණ හැගීම් විරහිත වුවත් කටහඩ ආවේගශීලී විය. "මම මොකක්ද කළේ?"

ශංඛය රැළිගන්වාගත් ලී ජින් රොන්,චෝ ෆෙයිට ඇගිල්ල දිගුකරමින් කෑගැසුවාය, “ගුරුවරුන්ට ගරු කිරීම පූජනීයයි![6] සන් මහතා නුඹේ ගුරුවරයා වීමටයි පැමිණියේනමුත් නුඹ පළමු දිනයේම ඔහුට අගෞරව කළා. නුඹ තවත් වයසින් වැඩුනු විට කුමක් සිදුවේදැයි මට සිතාගත නොහැකී.නුඹ දෙමව්පියන්ගෙන් සම්පූර්ණයෙන්ම මිදීමටද සිතා සිටින්නේ?

චෝ ෆෙයි; “ ඒ මහළු පාත්තයා විකාර දොඩවන්නේ! හරිනම් ඔහු සතුටුවිය යුතුයි මම ඔහුට කම්මුල් පහරක් නොදීම ගැන

ලී ජින්‍ රොන් චෝෆෙයිට කම්මුල් පහරකින් ඊට ප්‍රතිචාර දැක්වූවාය. "මෙවැන්නක් ගැනදනුඹ කියන්නේ?"

කම්මුල් පහර ලී ජින් රොන්ගේ අනුකම්පා විරහිත බවට හොදම නිදසුනක් විය.වැදුනු පහරින් චෝ ෆෙයි පසුපසට විසිවී ගියාය.මුහුනේ සම ගැලවී ගියාක් මෙන් ඇයට දැනුනි.නොදැනුවත්වම දිව හා දත් ගැටුණු බැවින් මුඛයේ ලේ රස බැලීමට ඇයට සිදුවිය.

සන් මහතා නුඹට බැණ වැදුනේ යන්තමින්,නමුත් නුඹ ඔහුට පහරදුන්නා පමණක් නොවෙයි ඔහුව රාත්‍රිය පුරාම උඩුයටිකුරු කර එල්ලා තැබුවා. උදෑසන මුර සංචාරයේදී ඔහුව සොයා නොගත්තේ නම්,නුඹට තවදුරටත් යහතින් සිටින්න ලැබේවි කියා සිතනවද?”

ආත්මාරක්ශාව වෙනුවෙන් නිර්භීතව චෝෆෙයි හඩනගන සෑමවිටම,ලී ජින්‍ රොන්ගේ කසය වඩ වඩාත් කෝපව පහර දුන්නේය. චෝ ෆෙයි ගේ පිටුපස ඇදුම් හා සම ඉරී රුධිරය වැගිරෙන්නට විය.අවසානයේ කසය කැඩී ගියේය.

මෙවර චෝ ෆෙයි ගේ අවස්තාව විය.කෝපයෙන් දත්මිටි කමින් ඇය දරුණු ලෙස ලී ජින්‍ රොන් දෙස හැරී බැලුවාය. “..තවදුරටත් ජීවත්ව සිටීම ගැන ඔහු සතුටු වියයුතුය!

ලී ජින්‍ රොන් ට දැන්නේ ඇය කෝපයෙන් ගිනිගන්නා බවයි.නමුත් මද දුරින් ඇසුණූ සැහැල්ලු පියවර හඩින් ඇය මදකට නතර විය.

දුර්වල කැස්ස සමග පැමිණි පියවර හඩ ලී ජින්‍ රොංගේ මුහුණේ කෝපය මදක් නිවීමට සමත්විය.ඇතුලු වූ මිනිසා දෙසට හැරුණූ ඇය,සුසුමක් හෙලුවාය,“කවුද ඔබේ විවේකයට බාධා කලේ?”

උසැති දිග රාමුවක් සහිත වස්ත්‍රයකින් සැරසුණු මිනිසා ඇයවෙතට පියවරකින් ලංවිය.අසනීප බවක් පළ කල ඔහුගේ මුහුනේ සුදුමැලි බව ඔහු පැලද සිටි තද නිල් පැහැති වස්ත්‍රය නිසා තවත් කැපී පෙණුනි.මැදිවියේ සිටියද තවමත් ඔහුගේ මුව කඩවසම් විය.

හදිසියේ එතනට පැමිණි චෝ ෆෙයි ගේ ගැලවුම්කරුඇගේ පියා චෝයීටෑන් ය.

තම බිරිද නැවත තම දියණියට පහර දෙන බව දැනගෙන එහි දුවගෙන ආ ඔහුට ,ඇගේ ලේ වැකි පිට හා ඉදිමුණු මුහුණ දුටු විට තම හදවත බිදී යන බවක් දැණුනද තම දියණියගේ කැරළිකාර ,නොහික්මුණු හැසිරීම ගැන හොදින් දන්නා නිසා ,ඇය වෙනුවෙන් කතාකලහොත් ඇය තවදුරටත් එම හැසිරීමම දියුණු කරගනු ඇතැයි සිහිවිය. මොකද්ද ප්‍රශ්නෙ?” උපායශීලීව තම බිරිදට සීතල බැල්මක් පමණක් හෙලූ ඔහු ඇසීය.

චෝ ෆෙයි කොටළුවෙකු මෙන් මුරණ්ඩු අනෙකා කෙතරම් කස පහර දුන්නත් ,උඩුරැව්ලක් මෙන් තවදුරටත් නොසැලී ඇගේ විරෝධතාවයේම එල්බ සිටින ඝනයේ අයෙකි.ඇය පත්ව සිටි ඒ කණගාටුදායක තත්වයේ පවා දුර්වල බව නොපෙන්වා සීතල බැල්මෙන් නොසැලී ඉදිරිය බලා සිටියාය.ලී ජින් රොන් උපහාසයෙන් කතා කලාය, “ මේ යක්ෂණී දඩුවම් නැතුව පාඩමක් ඉගෙනගන්නේ නැහැ

චෝයී ටෑන් චෝ ෆෙයි සමග කතා කිරීමට පෙර ලී ජින්‍ රොන්ට සන්සුන් වන ලෙස ඉගිකලේය. පාඩම ආරම්භ කල පළමු දිනම ඔබ සන් මහතා සමග ගැටලුවක් ඇතිකරගත් බව මටත් අසන්න ලැබුනා.ඒ ඇයි කියලා කියන්න පුළුවන්දඔයාව කෝපගන්වන්න තරම් ඔහු මොනවද කිව්වේ?”

වචනයක්වත් පැවසීම ප්‍රතික්ශේප කළ චෝ ෆෙයි පෙරමෙන්ම ඉදිරිය බලාගෙන නොසැලී සිටියාය.

මෘදු සුසුමක් හෙලමින් චෝ යීටෑන්; “ඇයි ඔබ පියාටවත් කිසිවක් නොකියන්නේ?”

චෝ ෆෙයි නොනැමෙන මුරණ්ඩු කොටළුවෙකු මෙන් සිටියත් පියාගේ කරුණාබර ස්වරය හමුවේ ඇගේ මුහුණේ දැඩි බැල්ම නොපෙනෙන ලෙස මදක් වෙනස් වූ අතර ,අවසානයේ ඇය නොසැලකිලිමත් ලෙස ආදර්ශ ස්ත්‍රීත්වයේ පොත් හතර” යැයි මිමිණීය.

ලී ජින් රොන් නිරුත්තර වූවා ය.                                                       

චෝ යීටෑන් ; “ආහ් ඒ පොත් හතරසන් මහතා ඔබට උපදෙස් දුන්නේ කුමන පොත ගැනද?”

චෝ ෆෙයි කෝපයෙන් පිලිතුරු දුන්නාය, “කාන්තාවන් සදහා අවවාද”[8]

චෝ යීටෑන් ලී ජින්‍ රොන් දෙස හැරී බැලුවේය. තම දියණීයට උපදෙස් දීමට එවන් ගුරුවරයෙක් බදවා ගැනීම ගැන ලී ජින් රොන් තරමක් අපහසුතාවයට ලක්වූවාය.

කාන්තාවන් සඳහා වූ අවවාද’ එම කාලයේ මෘදු ලෙස හැදී වැඩුණු උතුම් කාන්තාවන් සඳහා අත්‍යවශ්‍ය කියවීමක් ලෙස සලකනු ලැබුවද,චෝ ෆෙයි එවැන්නියක් ලෙස සැලකීමට නොහැකි විය.ෂූ කදුකරයේ හතලිස් අටේ බලකොටුවේ අයවලුන් මූලික වශයෙන් සටන් කිරීමමරා දැමීම වැනි ක්‍රියාකාරකම්වල නිරන්තරයෙන්ම නියැලී සිටින්නන්‍ය. එබැවින්  උතුරු අගනුවර අධිරාජ්‍යයා ඔවුන්ව පෞද්ගලිකවම දාමරිකයන්ලෙස හදුන්වයි.එවන් දාමරිකයන්ට කාන්තාවන් සදහා අවවාද” වැනි පොත්වල මූලධර්ම උගන්වනවාදසන් මහතාගේ ඉගැන්වීම් රටාව හරිම සිත්ගන්නා සුලුයි.

ඒ ගැන ඔබේ පියාට කියන්නහැබැයි ඊට කලින් ඔතනින් නැගිටින්න.චෝ යී ටෑන් කැස්සෙන් බාධා විදිමින් කීය.

ලී ජින් රොන්ගේ කෝපය චෝ යීටෑන් නිසා පහව ගොස්ය.ඇය මෘදු ස්වරයෙන් කතා කලාය; “කතාකරන්න කුටිය ඇතුලට යන්න.ඔබට තවමත් සම්පූර්ණ සුවයක් නැහැනෙනැවත අසනීප වේවි

චෝ යීටෑන් තම බිරිදගේ අත සැහැල්ලුවෙන් මිරිකුවේය.ඔහුගේ අදහස තේරුම් ගත් ඇය තරමක් අකමැත්තෙන් වුව පිටව යාමට සැරසුනාය,“හරි එහෙනම්ඔබ දෙදෙනා කතා කරන්න,මම සන් මහතාට කෙසේදැයි බලන්නම්

චෝ ෆෙයි සුළු අපහසුවකින් පවා තොරව නැගී සිටියාය.සීතල දහඩියෙන් බැබලුණූ නළලත දරුණූ පෙනුමක් ලැබෙන සේ රැළි ගන්වමින් ඇය; “හතලිස් අටේ බළකොටුවේ නායක තුමියනි,ඔබට සුභ දවසක් වේවා!

ලී ජින්‍ රොන්ගේ නිවීයමින් තිබූ කෝප ගිනි,චෝ ෆෙයි ගේ එම වදන් හමුවේ නැවත ඇවිළුණි.පුංචි දඩබ්බරයාගේ ගරුසරු නැති නිර්භීතකම!තම බිරිද යලිත් කෝපයෙන් පිපෙරෙන බව දුටු චෝයීටෑන් උපායශීලීව ඉක්මනින් කහින්නට වූ අතර ලී ජින්‍ රොන්ට ඇගේ කෝපය අමතක කිරීමට සිදුවිය.කිරිච්චිය එහා මෙහා කරකවමින් චෝ ෆෙයි දෙස රවා බැලූ ඇය එතනින් පිටව ගියාය.ඇගේ තරහ නිවා ගැනීමට ඇති හොදම ක්‍රමය ලෙස ඇය තීරණය කළේ තම දියණිය හැකිතාක් දුරට මගහැර සිටීමයි.

ලී ජින්‍ රොන් පිටව ගිය පසුමෘදු හඩින් චෝයීටෑන් තම දියණීය ඇමතුවේය; “රිදෙනවාද?”

ඇගේ පියාගේ වචන චෝ ෆෙයිට ඇගේ මව විසින් තවත් අසාධාරණයක් කලබව දනවන්නට විය.නමුත් අසාධාරණය වෙනුවෙන් කදුළු සලනවා වෙනුවට ඇය තොල් තදකරගෙන මුහුණ පිසදමමින්දැඩි හඩින් පිලිතුරු දුන්නාය. නැහැ,කොහොමවුනත් මම තවම මැරිලා නැහැ

ඔබට කෙතරම් තරහයිදඔබේ මව වගේමයිචෝ යීටෑන් සුසුම්ලමින් ඇගේ හිස අතගාමින්,සංවාදය හැරවීය. වසර විස්සකට කලින් සිටිදූෂිත නිලධාරියෙකු වූ සාඕ චොංකන් උතුරු අගනුවර සිහසුන පැහැරගත් විට, රජයේ සහ හමුදාවේ නිලධාරීන් දොළොස් දෙනෙක් තම ජීවිත පරදුවට තබා තරුණ කුමාරයා මාලිගයෙන් බේරාගෙන දකුණ දෙසට පලා ගියා. උතුරු සහ දකුණු රාජවංශ අතර මායිම ලෙස යැංසි ගංගාව සමඟින් අද ඇති පසුකාලීන ෂාඕ රාජවංශය දකුණේ පිහිටෙව්වාඑතැන් පටන් උතුරේ සහ දකුණේ රාජවංශයන් වසර ගණනාවක් තිස්සේ යුධ ගැටුම්වල ගිලී සිටීඔවුන්ගේ ආණ්ඩු කුරිරු ලෙස පාලනය කරනවා.

චෝ යීටෑන් සංවාදයක් ඇරඹීමට පෙර පසුබිම සැකසීමට අහඹු මාතෘකා ගැන කතාකිරීම ඔහුගේ නරක ලෙස ඇබ්බැහි වූ පුරුද්දකි.ඇගේ පියාගේ මෙම ඓතිහාසික මාතෘකාව යොමුවන්නේ කොහෙට දැයි චෝ ෆෙයි ඉවසීමෙන් බලා සිටියාය.

සාඕ චොංකන් ගේ කැරැල්ල ගැන විවාද කළ රට පුරා සිටි විවිධ බලවේග ඉක්මනින්ම විරුද්ධත්වයෙන් නැඟී සිටියා.නමුත්  අවාසනාවකටඔවුන්ගෙන් කිසිවෙකු උතුරු අගනුවර ආධාරකරුවන්ට සහ සොල්දාදුවන්ට ගැලපුනේ නැහැ. මේ අයගෙන් සමහරක් මිය ගියා තවත් සමහරු ඔබේ මවගේ සීයාගේ ආරක්ෂාව යටතේ ෂු කඳුකරයේ රැකවරණය පැතුවා. ව්‍යාජ අධිරාජයා සාඕ චොංකන් පසුව ෂූ කඳු ආක්‍රමණය කිරීමට ඔහුගේ හමුදාවන් මෙහෙයවූවා. එතැන් සිට ඔහුහතලිස් අටේ බලකොටු වාසීන් දාමරිකයන්ලෙස නම් කලා. සාඕ චොංකන් ගේ රාජ ආඥාව ඇසූ ඔබේ සීයා ඒ කාලයේ වීරයෙක්හතලිස් අටේ බලකොටුවට ධජයක් සකසන මෙන් තම මිනිසුන්ට අණකල ඔහු හදවතින්ම තමාව දාමරිකයෙකු ලෙස හැදින්වීම ගැන සතුටු වුනා. ඒ දැන් ඔහුට සැබෑම දාමරිකයෙකු විය හැකි බව පවසමින්.මිදුල වටේ යමින් කරමින් සිටි ඓතිහාසික දේශණය මදකට නතර කල චෝ යීටෑන් චෝ ෆෙයි දෙසට හැරී, “මම මේ අතීත දේවල් ඔබට කියන්නේ ඔබ දැන ගැනීමට මට අවශ්‍ය නිසයි,මිනිසුන් ඔබව දාමරිකයෙක්ලෙස නම් කළත්ඔබ තුළ වීරයන්ගේ රුධිරය ගලා යන බව මතක තබා ගන්න. ඔබ සාමාන්‍ය හොරකමේ යෙදෙන දාමරික මැරයෙක් නොවේ. ඔබේ මුතුන් මිත්තන්ගේ වීර උරුමයට අගෞරව නොකරන්න.

චෝ ෆෙයිටචෝ යීටෑන්ගේ අවසන් වාක්‍ය කිහිපය ලී ජින්රොන්ගේ කස පහරවල් වලට වඩා ඇය තුල බලපෑමක් ඇතිකිරීමට සමත් විය.

චෝ යීටෑන් මද විවේකයක් ගෙන ,"සන් මහතා ඔබට හරියටම ඉගැන්වූයේ කුමක්ද?" යැයි ඇසීය.

මෙම සන් මහතා ඉතා උමතු විශාරදයෙක් වූ අතරඔහු කට නිසා නිතර කරදරයට පත් විය. සාඕ චොංකන්ට බැන වදිමින් ඔහු වටිනා රචනා ලියා ඇති අතරඒවා ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කිරීමට උතුරු රාජවංශය පොළඹවා ඇත. ඔහුගේ වාසනාවකට මෙන්ඔහු ඔහුගේ මුල් අවදියේදී සටන් කලා ලෝකයේ සමහර සටන්කාමීන් සමඟ මිත්‍ර වී ඇති නිසාඔහුගේ ආරක්ෂාව සඳහා ඔහුව පෞද්ගලිකවම හතලිස් අටේ බලකොටුව වෙත කැඳවාගෙන ගියේය. ඔහුට ශ්‍රමයෙන් වැඩ කිරීමට අවශ්‍ය ශක්තිය නොමැති නිසා,හතලිස් අටේ බලකොටුවෙහි තරුණ ගෝලයන් කිහිප දෙනෙකුට ඉගැන්වීම සඳහා ඔහුව බඳවා ගැනීමට ලී ජින්රොන් තීරණය කලාය. ඇය ප්‍රතිභාපූර්ණ උගතුන් බිහි කිරීමට උත්සාහ නොකළ නමුත් අනාගතයේදී ලිපි ලිවීමට හැකි වන පරිදි තම තරුණ ගෝලයන්ට තරමක සාක්ෂරතාවක් ලබා දීමට ඇය උත්සාහ කළාය.

චෝ ෆෙයිට කුඩා කල සිටම තම පියාගේ පෞද්ගලික ගුරුහරුකම් ලැබීමේ වරප්‍රසාදය තිබුණදඇය කිසිවිටෙක තම අධ්‍යාපනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළේ නැත. පසුගිය ශීත ඍතුවේ දීචෝයීටෑන් හට මෙම වසන්තය දක්වාම සුවනොවුණු සීතලක් වැළදුණු නිසාඇයව අධීක්ෂණය කිරීමට ශක්තියක් නොතිබුණි.චෝ ෆෙයි නිකරුණේ සිටීමෙන් ඇය දුෂ්ඨකම් වලට යොමුවෙතැයි බිය වූ ලී ජින්‍ රොන්චෝ ෆෙයිට මහළු සන් මහතාගේ දේශණවලට සම්බන්ධ වන මෙන් බළ කලාය.එවැන්නකින් මෙවන් කරදර ඇති වේ යැයි සිතන්නේ කවුද?

බොහෝ වෙලාවක් හිස පහත්කරගෙන අමනාපයෙන් සිටි චෝ ෆෙයි; “එහි පුරාණ රීති තුන කාන්තාවන්ගේ ආදර්ශ ජීවන රටාව පාලනය කරන බව ඔහු කියනවා පමණයි මට ඇසුණේ.

චෝ යීටෑන් ; "ආහ්ඉතින් ඔයාට ඇත්තටම ගොඩක් දේවල් ඇහුණේ නැහැ ,මට කියන්න, 'පුරාණ රීති තුනලෙස අදහස් කරන්නේ මොකක්ද?"

කව්ද දන්නේ?” චෝ ෆෙයි මිමිණුවාය.

චෝ යීටෑන් ; “එම පැරණි සිරිත් තුනනිහතමානීකමවෙහෙස මහන්සි වී වැඩ කිරීම,හා කෙනෙකුගේ මුතුන් මිත්තන්ට ගරු කිරීම යන ඒවායි

චෝ ෆෙයි ඇගේ පියා මෙම මූලධර්ම ගැන දැනුවත් වනු ඇතැයි අපේක්ෂා නොකලාය.ඇය ඇහිබැම රැළිගන්වා ගත්තාය. වර්තමානයේ අපව පාලනය කරනු ලබන්නේ කුරිරුදුෂ්ට මිනිසුන් විසින්, දිවි ගලවා ගන්නේ ශක්තිමත්ම අය පමණයි අනෙක් අය තලා දමනවාඔවුන්ගේ ඉරණම කොහෙත්ම දුර්වලයන්ට පාලනය කළ නොහැකී.එසේනම් මේ නිහතමානී වීමඒක මොන විහිළුවක්ද!

චෝ ෆෙයි මෙය ඉතා ආත්ම විශ්වාසයකින් යුතුව පැවසුවේ ඇය එය පෞද්ගලිකව අත්විඳ ඇති ආකාරයටය.චෝ යීටෑන්ට සිනානොවී සිටිය නොහැකි විය; “මගෙ පුංචි දුවේ ,ඔබ ෂූ කදුකරයෙන් පිටතට ගිහින්වත් නැහැ.නමුත් මෙතරම් විශ්වාසයෙන් ඔබ කතාකිරීමට එඩිතරයි.පිටත ලෝකය ගැන මෙවන් දෑ ඔබට ඇසුනේ කොහෙන්ද?”

චෝ ෆෙයි; “ඔබමයි පැවසුවේඔබ බීමත්ව සිටිවිට.මට පැවසූ හැම වචනයක්ම හොදට මතකයි

මෙය ඇසූ චෝ යීටෑන්ගේ සිනහව මැකී ගියේය.හිස් බැල්මෙන් අවට කදුකර පළාත් නවයේ ප්‍රාන්ත තිස් හය[9] දෙස බලා සිටි ඔහු අවසානයේමම යමක් කී පමණින්එය නිවැරදි බවම අදහස් වෙන්නෙ නෑඔබ මගේ එකම දරුවාඔබට යහපතක් කිරීමට අවශ් වීම ගැන ඔබට මට වරදක් කිව නොහැකී

චෝ ෆෙයි ඇගේ ඇහිබැම නටවා ඇයට එය තේරුණු බව ඇගවීමට උත්සාහ කලාය.

චෝ යීටෑන්;  මම අදහස් කරන්නේ ඔබ නරක පුද්ගලයෙක් වෙනවාට මට අවශ්‍ය බව නොවේ, දෙමව්පියන් වශයෙන්අපේ දරුවන් බුද්ධිමත්,දක්ශයන් වීමට ප්‍රාර්තනා නොකර සිටීමට අපට නොහැකියි. එය පියෙකුගේ හදවතයි.සන් මහතා ඔබේ පියා නොවේ. ඔහුත් සාමාන්‍ය සම්ප්‍රධායික පිරිමියෙක් පමණයිසාමාන්‍ය පිරිමින්ට අවශ්‍ය වන්නේ කාන්තාවන් ගුණවත්,නැණවත් මෙන්ම රූමත්ව,කිසිවක් නොඉල්ලා තම ස්වාමිපුරුෂයා හා මාමන්ඩි වෙනුවෙන් කැපවී,නිහතමානීව හා මෘදු ලෙස කටයුතු කිරීමත්ය.

ඉතා පැහැදිලි එම අවසන් වදන් තේරුම්ගත් චෝ ෆෙයි සමච්චල් සහගතව සිනාසුනාය; "හ්ම්! මට තවත් තදින් ඔහුට පහරදෙන්න තිබුනෙ"

චෝ යීටෑන්ගේ දෑස් දිලිසුණු අතර ඔහු නැවත කතාව පටන්ගත්තේය. " තම පවුල මරා දමනු දෑසින්ම දුටු, ජීවිතය පතා පලා යාමට සිදු වූ සන් මහතා වැනි වියපත් මිනිසෙකුට තනිවම ජීවත් වීමට බල කෙරුනා.ඔහු 'දාමරිකයෙකු 'වීමට පවා යොමුවුනා.ඉතින් දුර්වලයා පමණක් විනාශ විය හැකි බව ඔහු වැන්නෙකුට නොතේරෙන්නේ කෙසේදඔබ වැනි දරුවන් දෙස බලන විට ඒ වයෝවෘද්ධ මහත්මයාට මොහොතකට මේ දීර්ඝ කාලයක සිට අත්හැර දමා තිබූ පාඨ කියවානැතිවූ දේවල් ගැන සිහින දකින්නට සිතීම වළක්වා ගත නොහැකියි අනෙක්අතට ඔහු තරමක් පරණ තාලයේ.අන් අයට ඇහුම්කන් දෙන විටඔවුන්ගේ වචන අමූලික විකාර බව ඔබට හැඟුණත්ඒවා වහාම පිලිගැනීම හෝ ප්‍රතික්ශේප කිරිම අවශ්ය නැහැ. සමහර විටඅසාධාරණ ලෙස පෙනෙන සමහර දේවල් වලට ඔවුන්ගේම තර්කයක් තිබිය හැකිය."

එම ප්‍රකාශයෙන් චෝ ෆෙයි නැවත ව්‍යාකූල විය.ඇයට තම පියාගේ අදහසට එකග වීමට අවශ්‍ය නොවීයනමුත් සුදුසු පිළිතුරක් ගැනද සිතාගත නොහැකි විය.

කෙසේ වෙතත් සන් මහතා වසර ගණනක ප්‍රවීනයෙක් වුනත් සමහර විට ටිකක් අවුල් වෙන්න පුළුවන්. ඔහු සමඟ වාද කිරීම ඔබේ වරදක්”.ස්වරය මදක් මුවහත් කරමින් චෝ යීටෑන් තවදුරටත් කතාකලේය, “ ඔබ නිසැකවම ඔහුට පහර නොදිය යුතු අතරඔහුව ගසක එල්ලීම නොකළ යුතුව තිබුනා....

 

චෝ ෆෙයි වහාම කෑගැසුවාය: මම ඔහුව ටිකක් තල්ලු කළා විතරයි! මධ්‍යම රාත්‍රියේ ඔහුව පැහැරගෙන ගියේ මම නොවෙයි! මෙතරම් තුච්ඡ ක්‍රියාවක් කළ හැක්කේ ඒ පාහරයා ලී ෂෙන්ට විතරයි!. ලී ජින්රොන්! මට පමණක් මෙවැනි දේවලට චෝදනා කරන්නෙ කුමන පදනමකින්දඑයාගේ බෑනා තමයි මේ දේවල් කරන්නේ!

චෝ යීටෑන් ;"එහෙනම් ඇයි ඔබ දැන් ඒක ඔබේ මෑණියන්ට කිව්වේ නැත්තේ?"

චෝ ෆෙයිට වචන අහිමි විය.ලී ජින්රොන් ඇයට පහර දෙන තරමටඇගේ මවට විරුද්ධ වීමට ඇගේ මුරණ්ඩුකම වැඩි වැඩියෙන් බල කෙරුනි. තම මවට කුඩා හෝ පැහැදිලි කිරීමක් ලබා දී තමාව ආරක්ෂා කර ගැනීමට පවා ඇයට අවශ්‍ය නොවීය.

ලී ෂෙන්චෝ ෆෙයිගේ මාමාගේ පුත්‍රයා වූ අතර දින කිහිපයකින් ඇයට වඩා වැඩිමල් විය. ඔහු හා ඔහුගේ බාල සොහොයුරිය වන ලී යාන් තරුණ වියේදී දෙමාපියන් අහිමි වූ බැවින්ඔවුන් හැදී වැඩුණේ ලී ජින්රොන් සමීපයේය.

ලී වංශයේ තරුණ පරම්පරාව අතර සිටින එකම කැපී පෙනෙන ‍සටන්කරුවන් වීම නිසාචෝ ෆෙයි සහ ලී ශෙන් කුඩා කාලයේ සිටම අප්‍රකාශිත ප්‍රතිවාදීන් විය... නැතහොත් අවම වශයෙන්පිටස්තරයින් එසේ විශ්වාස කලහ.

ඇත්ත වශයෙන්මචෝ ෆෙයිට පෞද්ගලිකව හැඟී ගියේ ඇය කිසි දිනෙක සැබවින්ම ලී ශෙන්ව ප්‍රතිවාදියෙකු ලෙස නොසලකන බවයි. සෑමවිටම ඔහුගේ මාර්ගයෙන් ඈත් වී සිටීමට ඇය උත්සාහ කළාය. චෝ ෆෙයි කුඩා කල සිටම දේවල් මතක තබා ගැනීමට සමත් වූවාය. මේ නිසා ඇයට නොතේරෙන බව සිතමින් වැඩිහිටියන් ඇය ඉදිරියේ නිදහසේ කතා කරන විවිධ ප්‍රධාන සිදුවීම් පිළිබඳව ඇයට අපැහැදිලි හැඟීම් ඇති විය. වරක්ඇගේ මවඇයව නාවන අතරතුර අහම්බෙන් ඇගේ එක් සන්ධියක් විස්ථාපනය වී ඇත. වැඩි වේදනාවක් නොතිබුණදමවගේ බියෙන් තැතිගත් කඳුළු ඇය මෘදු ලෙස සන්ධිය සකස් කළ අයුරු ඇයට තවමත් පැහැදිලිව මතකයි. එක් අඳුරු ශීත කාලයකදීඇගේ පියා භයානක ලෙස රෝගාතුර වූ විට,ප්‍රතිකාර සදහා පැමිණි කළු හිසකෙස් ඇති වෛද්‍ය චූ  තම මවට දරුවාව ඇතුලට ගෙන එන්නඑවිට ඔහුට ඇයව අවසන් වරට දැකගත හැකිය. ඔහු ඇයව නොදුටුවත්අවම වශයෙන් ඔහු සැහැල්ලුවෙන් සිටීවි" යැයි පවසනවා ඇයට මතකය.

වසර ගණනාවකට පෙර හතලිස් අටේ බලකොටුවේ ඇති වූ අභ්‍යන්තර කැරැල්ල ද ඇයට තවමත් මතකය.

එදා කදුකරය පුරා දෝංකාර දුන් අසිපත් ගැටෙන හඬ,කෑගැසීම්වාතයේ පැතිර තිබූ ලේ සුවදඇයට මතකය.යමෙකු ඇයව තදින් වැලඳගෙන සිටි අයුරු ඇයට සිහිපත් විය. ඒ පුද්ගලයා පුළුල් උරහිස් ඇත්තෙකි. නමුත් ඔහු වෙතින් වහනය වූ දහඩිය දුගදින් එම පුද්ගලයා එතරම් සෞඛ්‍ය සම්පන්න නැති බව ඇය සිතුවාය. ඔහු ඇයව නිරුපද්‍රිතව චෝ යීටෑන් වෙත බාරදුන් අයුරුත් ,පියාගේ අයිස් මෙන් සීතල දෑතින් ඇය ඔසවාගත් අයුරුත්,ඒ සමගම පිටුපසින් ඇසුනු කලබලය දෙස හැරීබලනවිට ඇයව ගෙන ආ තැනැත්තාගේ පිටුපසින් ඇනී තිබුනු ලේ වැකි මුවහත් තලයත් ඇයට මතකය.

වසර දහයකට වැඩි කාලයක් ගෙවී තිබුනත් චෝ ෆෙයිට ඒ පුද්ගලයාගේ මුහුණ පිලිබද මතකයක් නොවුනත්,ඔහුගේ ලේ වැගිරුණු පිටුපස හොදින් මතකයේ සටහන්ව ඇත.

ඒ තැනැත්තා ඇගේ මාමාය. ලී ශෙන් ගේ පියා ය.

මේ නිසා සෑමවිටම ලී ජින්රොන්ලී ශෙන් ට හා ලී යාන් ට ආදරණීය වූවාය. ඇය සෑමවිටම ලී යාන්ගේ ඇදුම් පැළදුම්ආහාර ගැන සොයාබැලුවාය.එය චෝ ෆෙයි නොසලකා හැරියේ  ලී යාන්චෝ ෆෙයි ට වඩා බාල වූ නිසාය.ඇගේ නැගණිය වූ නිසාය.

ඔවුන් තිදෙනාම කුඩාකල සිට කුමන කරදරය ඇතිකලත් එහි මහ මොළකරු ලී ශෙන් වූ නමුත් සෑමවිටම දොස් ඇසුවේ චෝ ෆෙයිය. ඇය එයත් නොසලකා හැරියේ ඇයද සම්පූර්ණයෙන්ම නිර්දෝෂී නොවූ නිසාය.

ඔවුන් වයසින් වැඩී ලී ජින්රොන් ගෙන් සටන් කලාව හදාරන විට චෝ ෆෙයි ට ,ලී ජින්රොන් ගෙන් එකදු ප්‍රශංසාත්මක වදනක්වත් ලැබුනේ නැත.නමුත් ලී  ශෙන් ගැන කතාකරන විට ඇය ප්‍රශංසා වලින් පිරී සිටියාය.

අනෙක් දෙදෙනා ලී පවුලේ ජීව විද්‍යාත්මක දරුවන්  වන අතර චෝ ෆෙයි බොහෝ විට තමාව දරුකමට හදාගෙන ඇතැයි සිතුවාය.

චෝ ෆෙයිට බොහෝ විට තමාට අසාධාරණයක් වන බව දැනුනත්ඇගේ මව ඔවුන්ට පක්ෂ වීමට හේතුව දැනසිටියාය. තමා ගැනම ඇතිවන ආත්මානුකම්පාවෙන් මාමා ගැන සිතා ඇය එය නොසලකා හැරියාය.

වයසින් මුහුකුරා ගිය පසු තම ඥාති සහෝදරිය සමග ඇතිකරගන්නා විරසක වීම් වලදී ඇයට දිනුම දී චෝ ෆෙයි පාඩු ලැබුවාය. නමුත් ඇය ලී ශෙන් සමග සටන්වලදී ඔහුට දිනුම දීමට ඉඩ නොතැබුවාය. ඒ වෙනුවට දෙදෙනාම එක සමාන බව ඇගවීමට තම හැකියාව සගවාගෙන තරමක් පසුබටව සටන්කලාය.

ඒ ඇගේ ත්‍යාගශීලී බව නොවීය.ඒ වෙනුවට චෝ ෆෙයිට තමන් ලී ශෙන් වඩා දක්ෂ බවක් දැනීමට එය අවස්ථාවක් විය.ඇත්ත වශයෙන්ම දෙදෙනා අතරින් වඩාත්ම දක්ශ ඇය වුනත් ඇය හිතාමතාම ඔහුගෙන් පරාජයට පත් වූ බව ඇයටම කියා ගත හැක.මෙයින් ඇතිවූ සුළු තෘප්තිය ඉදහිට වූ අසාධාරණයන්ට ඇය හිලව් කරගත්තාය. ඇයට කිසිදා මවගෙන් ප්‍රශංසාවක් ඇසීමට අපේක්ෂා කළ නොහැකි බැවින්ඇය තම මව සමඟ අමනාපයෙන් එම ආසාව අත්හැරියාය.

ඔහු කෙරෙහි ඇතිවන සුළු කෝපය නොසලකා හැරිවිට ලී ශෙන්ට යහපත් ලෙස සැලකිය හැකි බව ඇය සිතා තිබුනත් මෙවර ඒ ජරා සතා බොහෝ දුර ගොස් තිබුණි!

චෝ ෆෙයි නැවත ඇගේ කුටියට ගොස් ඇගේ තුවාල පිරිසිදු කරගත්තාය.කස පහර ලැබුනු ඇගේ අත් පා හොදින් ඇත්දැයි තහවුරු කරගත් ඇය දොරට හේත්තු කර තිබූ සේබර් (වක් තලය සහිත කඩුව) අතට ගෙන "ලී ශෙන් උබ මේ පාර ඉවරයි" තනියම සිතුවාය.


පරිවර්තන සටහන්...

 [1] Zhai -එහි අර්ථය ආසන්න වශයෙන් බලකොටුව යන්නයි.මේවා අතීතයේ විසු කොල්ලකරුවන් විසින් තම ආරක්ශාව පිණිස කදුකරයේ ගොඩනගා ගත් ඒවාය. භූගෝලීය පිහිටීම නිසා ප්‍රවේශ වීම දුශ්කර බැවින් ආරක්ශාව ඉහළය.

[2]ෂිෂියොන්ග් - සටන් කලා ලෝකයේ,ගුරුවරුන් ෂිෆු (师傅ලෙස හැඳින්වූ අතරඔවුන්ගේ ගෝලයන් එකිනෙකා හැඳින්වූයේ 'ජ්‍යෙෂ්ඨ සහෝදරයාෂිෂියොන්ග්( 师兄 )  / 'කනිෂ්ඨ සහෝදරයාෂිඩි (සහ 'ජ්‍යෙෂ්ඨ සහෝදරිය' - ෂිජි (师姐) / 'කනිෂ්ඨ සහෝදරිය'- ෂිමේයි (ලෙස ජ්‍යෙෂ්ඨත්වය පදනම් කොටගෙනය.

[3] ච්‍යන්චොං - සීනු දහසක්

[4]බීඩ් තිරයක් - පබළු තිර/දොර රෙද්දක් වගේ දෙයක්.ආසන්න වශයෙන් පහල ඇති පින්තූරයේ මෙන්.

[5]ඒ යුගයේ පිරිමින් දිගු කොණ්ඩයක් තිබීම සිරිතක් වූ අතරඔවුන් බනිස් ගෙඩියක් මෙන් මෝස්තරයක් හිස මත තබා ඇත. පහල ඇති පින්තූරයේ මෙන්.

[6]කොන්ෆියුසියස් දහමට අනුව අහසපොළොවපාලකයන්දෙමාපියන් සහ ගුරුවරුන් ලොව උත්තරීතර පූජනීය දෑ ලෙස සැලකේ.ජීවිතයේ වඩාත්ම ගරු කළ යුතු සහ කීකරු විය යුතු ආයතන පහ මෙයයි.

[7]මෙය වැඩවසම් චීන සමාජයේ කාන්තාවන් දැනුවත් කිරීම සඳහා භාවිතා කරන ලද පොත් හතරක එකතුවකි.

[8]මෙය ලියා ඇත්තේ නැගෙනහිර හැන් රාජවංශයේ කාන්තා ඉතිහාසඥවරියක වන Ban Zhao විසින් වන අතරමෘදු වීමස්වාමිපුරුෂයා-බිරිඳ සබඳතාකාන්තා හැසිරීමස්වාමියාට යටත් වීම සහ හෘද සාක්ෂියට එකඟව සිටීම වැනි මාතෘකා ආවරණය කරන ලදී. චීන ඉතිහාසයේඑය කාන්තාවන් තුළ නිහතමානී බව ඇති කිරීම සඳහා දැඩි ලෙස බලපෑ ඉගැන්වීමක් විය.

[9] පළාත් නවයේ ප්‍රාන්ත තිස් හය- මූලික වශයෙන් මුළු චීනයම



Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-