Skip to main content

වෘක දඩයම | SHA PO LANG | 杀破狼

  杀破狼 - වෘක දඩයම

SHA PO LANG ; SINHALA TRANSLATION


  • මෙම කොටස නවකතාවේ කොටසක් නොවන අතර NorthWestFlower විසින්  පළකල  ඉංග්‍රීසි පරිවර්තනයෙන් මෙම නවකතාවේ නම පිළිබඳව තිබූ විස්තරයකින් උපුටාගෙන පරිවර්තනය කරන ලද්දකි.

මෙම නවකතාව 'වෘක දඩයම(杀破狼)' වුවද එමගින් සැබෑ වෘක දඩයමක් පිළිබඳව අදහස් නොකරන අතර 杀破狼 (Sha Po Lang) යනු ආදි Ziwei නම් චීන දෛවඥ විද්‍යාවක එක්  ආකාරයක් පිළිබඳ එයින් අදහස් කරයි. මෙම දෛවඥ විද්‍යාවට මගින් පුද්ගලයකුගේ ආත්මය, හැඟීම් හා පෞර්ෂත්වය වැනි කාරණා දැනගැනීමට හැකියාව ඇත.

Ziwei සංඛ්‍යාවේදයට අනුව,

七杀(Qi Sha),贪狼(Tan Lang)  හා
破军(Po Jun) යන තාරකා ත්‍රිත්වයේ එකතුවෙන් '杀破狼 (Sha Po Lang)- වෘක දඩයම' නම්  "දෛවය" නිර්මාණය වේ.

වෘක දඩයම කලබලකාරී වෙනස්වීම් නියෝජනය කරයි.වෘක දඩයම සතු පුද්ගලයන්ගේ දිවිය නිතරම වෙනස් වනසුලු අතර විවිධ හැලහැප්පීම් මැද  වුවද වික්‍රමාන්විත බව නිසාම සුපතල වීමේ හැකියාවද ඔවුන් සතුයි.ඈත අතීතයේ යුධපිටියේ තම දිවිගෙවූ සේනාධිපතිවරුන් බොහෝ දෙනෙකුන් මෙම වෘක දඩයම් නොහොත් Sha Po Lang නම් දෛවයේ හිමිකරුවන් වූහ.

************

මෙය Priest  නම් කතුවරයාගේ 杀破狼 (Sha Po Lang/ kill the wolf) නම් වූ danmei  නවකතාවේ සිංහල පරිවර්තනයයි. මෙහි එන කිසිදු කොටසකට මාගේ අභිමතය පරිදි කිසිඳු වෙනස්කමක් සිදුකර නොමැති අතර  මෙම නවකතාවේ සමරිසි බව හා ලිංගිකත්වය ඉස්මතු වන ආකාරයේ කොටස් අඩංගු වන බැවින් කියවීමෙන් ඔබ කිසියම් ආකාරයේ අපහසුතාවකට පත්වුවහොත් ඒ හා සම්බන්ධ කිසිඳු වගකීමක් මා විසින් දැරීමට බැඳී නොමැති බව කරුණාවෙන් සලකන්න.

එමෙන්ම මෙම සිංහල පරිවර්තනයේ සියලු අයිතීන් මා සතුවන බැවින් මෙහි එන කොටසක් හෝ සම්පූර්ණ නවකතාව මාගේ අවසරයකින් තොරව වෙනත් වෙබ් අඩවි හා සමාජජාලා තුල පළකිරීම සපුරා තහනම්.

*danmei යනු චීනයේ අරම්භවී විකාශය වන කාන්තාවන් විසින් සමරිසි පිරිමින් අතර ඇති වන සම්බන්ධතා පිළිබඳ  තම දෘෂ්ටියෙන් රචනා කරනා නවකතා හා චිත්‍රකතා ආදිය වේ.

- Chang Geng 

Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-