Skip to main content

පූර්වකථනය III

 *contains Child abuse , rape, suicide

චං ගෙන් තම ඇඟිලි තුඩු මතින් සිටගැනීමට උත්සහ කලේය.ඔහු සෙනඟ අතරින් අපහසුවෙන් එසවී බලමින් මහ හඬින් කෑගැසීය: "ෂලියු!"

නමුත් පිළිතුරක් නොවීය යෝධ සරුංගලය පසුපස පැමිණි ජනකාය එකට එකතු වූ විශාල රැල්ලක් මෙන් විය.සමහරුන් ඔල්වරසන් නැගීය,සමහරුන් කෑගසා "එය පැමිණිලා!" යැයි පැවසීය, සමහරුන් " තල්ලු කිරීම නවත්වන්න!" යැයි කෝපයෙන් පැවසීය.

චං ගෙන් මේ වන විට මිනිසුන් කිහිපදෙනෙක්ගේ සිරුරේ හැපීම නිසා වඩවඩාත් නොරිස්සීමට පත්ව සිටියේය. ඔහු තමාට හැකිතරම් ශබ්ද නගා කෑගැසීය : "යීෆු!".

ජනකාය අඳුරු ගංගාවේ ඉවුර දිගේ කලබලයෙන් ඉදිරියට ඇදී ගියේය.චං ගෙන් හට මේ ඇදී එන ජනකාය මධ්‍යයේ නොසෙල්වී සිටීමට මහත් පරීශ්‍රමයක් දරන අතරතුරම ෂීලියු සොයාගැනීමට වටපිට බැලීමටද සිදුවිය.ඔහුගේ සිරුර දහඩියෙන් තෙත්වී යාමට පටන්ගත් අතර යෝධ සරුංගලය දැකීමෙන් ඇතිවූ මවිතය වාශ්පවී ගියේය.

මේ ආකාරයේ යීෆු කෙනෙකුන් සිටීම සැබවින්ම කෙනෙකුගේ දිවිය කෙටි කලේය.

චං ගෙන් කෝපයෙන් තනිව සිතුවේ: " ෂෙන් ෂීලියූ සැබවින්ම වඳුරකු මෙන් එහෙ මෙහෙ පැනයනවා. අද වගේ උණුසුම් දිනයකත් කිරීමට කිසිඳු දෙයක් නැතිවද මේ මහා සෙනඟ අතර දිවයන්න පිටතට පැමිණියේ!!!"

මේ වේලාවේම යමකු කෑගැසීය: " තල්ලු කරන එක දැන්වත් නවත්වන්න; කවුරුන්ද ඇද වැටුණා!"

චං ගෙන් වටපිට බලන අතර නොදැනුවත්වම කෑගැසීම ඇසුණු පෙදෙස දෙස නෙත් යොමුකෙරීය.

ගඟ අසබඩ කුඩා මිනිසුන් කණ්ඩායමක් කලබලයට පත්ව සිටියහ.

"දෙවියනේ,සැබවින්ම කිසිවකු කෙසේද ඇද වැටෙන්නේ?"

"ගොස් රාජකාරියේ නියුතු හමුදා නිළධාරියා රැගෙන එන්න!"

"ඉවත් වෙන්න ! කරුණාකර ඉවත්වෙන්න! සෙලවීමටවත් නොහැකියි..."

චං ගෙන් ඉවත්වීයාමට වෙරදරන්නකුට ඉඩදීමට උත්සහකරද්දීම යමකුගේ හඬක් යන්තමින් ඇසුණි : " ෂීලියු ස්වාමීනි, ප්‍රවේශමෙන් !"

චං ගෙන් සිහිවිකල් වූවකු මෙන් කලබලයට පත්විය. ඔහුගේ බිය ඔහු උමතුවට පත්කරන්නේයැයි සිතා ඔහු සෙනඟ අතරින් මෑත්වූ අයකු අල්වා ගත්තේය: " කවුරුන්ද ඇද වැටෙන්නේ? ෂන් ෂීලියූද?"

මිනිසාට චං ගෙන් පැවසූදේ වැටහුණා හෝ නොවුනා විය හැකියි; ඔහු අවසිහියෙන් හිස සෙලවීය : "පේන විදියට- මුලින් මා අතහරින්න."

ඔහුගේ හිස අභ්‍යන්තරය පිපිරීගියාක් මෙන් විය. ඔහු යෝධ සරුංගලයේ උණුසුමෙන් දැවීයමින් සිටියද එකවට සිසිල් දහදියෙන් ගතනැහැවී ගියේය.

ඒ අවස්තාවේ ඔහු විගසින් ගැඹුරු හුස්මක් ගෙන ගලායන ජනගඟ බිඳගෙන හැකිතරම් වේගයෙන් ගංගාවේ ඉවුර දෙසට ගොස් නැවතුනේ පය පැකිලී නොවැටීසිටීමට ගරාදි වැට අල්වාගැනීමට සිදුවීමෙනුයි.

ඔහු විගසින් පහත බැලූ අතර එහි සැබවින්ම යමකු දිවිගලවා ගැනීමට ජලය සමඟ පොරබදිමින් සිටියේය.

භූගත ගංගාවේ මතුපිට පොළොවෙන් අඩි සයක් හෝ සතක් පහළින් පෙනුනි; එහි පතුලක් දැකගැනීමටවත් නොහැකි විය, අන්ධකාරය හා සීතල එහි රජකලේ නොනවත්වා සුදු පැහැ ඉතා උස් රැළි නංවමිනි.ගංගාවට වැටුණු පුද්ගලයාහට අල්වා ගැනීමට හෝ යමක් නොතිබිණි,ඔහුගේ දිවිගලවා ගැනීමට දැරූ මහත් පරිශ්‍රමය චං ගෙන් සිටි ස්ථානයට පවා මනාව ඇසිණි,එමෙන්ම ඒ කවුරුන්දැයි හඳුනාගැනීමට මාර්ගයක් නොතිබිණි.

චං ගෙන් ඔහුගේ කබාය ඉවත්කලේය." මා හට යාමට ඉඩ දෙන්න!කරුණාකර මාර්ගයෙන් ඉවත්වෙන්න."

යමකු කෑගැසීය : "ඔබට එකවර පැනීමට නොහැකියි! කිසිවකු මේ දරුවාට ලණුවක් රැගෙන එන්න!"

කිසිවකු ලණුවක් ඔහු අතරැඳවීය.චං ගෙන් එය උදුරාගෙන මේ වනවිටත් ඔවුන් සිටි ස්ථානයට ළංවීමට ඉතා ආසන්න යෝධ සරුංගලය දෙස බැලා කිසිඳු පැකිළීමකින් තොරව ගංගාවට පැන්නේය.

"හොඳින් අල්වාගන්න !ඉක්මන් කරන්න!යෝධ සරුංගලය මෙහි පැමිණුනොත් ඔවුන් ගසාගෙන යාවි!"

ඉදිරියට ඇදුණු යෝධ සරුංගලය හේතුවෙන් ඇතිවූ වැඩුණු මිනිසකුටත් වඩා උස රළක් පැමිණ චං ගෙන් ගංගාවට පනින විටම ඔහුගේ පපුව හා ගැටිණ.ඔහුගේ මුඛයේද ජලය රැඳුණු අතර ඔහු ගසාගෙන නොගියේ අනූනවයෙනි.ඔහු ලණුවේ එල්ලී මුහුණ පිසදාගැනීමට උත්සහකලේය.

ගංගාවේ රළ බිඳෙන හඬ හා යෝධ සරුංගලය වේගය අඩු කිරීමේ හඬ යමකු බිහිරිකරවීමට තරම් විශාල විය ; චං ගෙන් හට දසත දැකීමට තිබුණේ සුදු පැහැයට බිඳෙන රළපෙළ පමණකි.ඔහුට ඉවුර මත සිටි යමකු කෑගසා පැවසූ දේ අනුමාන කලහැකි විය: " තවත් ලණුව පහතට දමන්න එපා!යෝධ සරුංගලය ළං වෙනවා!! වහාම තවත් ප්‍රමාදවීමට පෙර දරුවා උඩට අදින්න!"

චං ගෙන්: "මදක් සිටින්න!"

නමුත් රළ බිඳෙන හඬ කෙතරම් රළුවීද යත් ඔහුගේ හඬ ඔහුටම නෑසී ගියේය.

ඔහු ලණුව ඇදීම නවත්වන ලෙස ඉවුරේ සිටි මිනිසුන්ට සන් කරමින් ඉතාම දරුණු රළ බිඳීම් ඇතිවූ ස්ථානයට ළඟාවීමට වෙර දැරීය.

කලබලය අතර කලබලයෙන් වටපිට අතයවමින් සිටි අයකු ඔහුව අල්වාගත්තේය.චං ගෙන් හට මේ අවස්තාවේ සිතීමට කාලය ගතකිරීමට නොහැකිවිය.ඔහු වහාම එම පුද්ගලයාගේ මැණික්කටුවෙන් අල්වා ඔහු තමා වෙත ඇදගත්තේය.ඔහුට ඒ කවුරුන්දැයි දැකගැනීමට තවමත් නොහැකිවිය,නමුත් යෝධ සරුංගලය ගර්ජනාකරමින් ඉදිරියට පැමිණෙමින් තිබුණි.

ඉවුරේ සිටිමිනිසුන් තවදුරටත් පමාවීමට බියවිය.චං ගෙන් ගේ ඉණවටා තිබූ ලණුව එකවරම ඉහතට ඇදුණි; ඔහුට එකවරම තම ශරීරයේ මහා බරක් දැනුණේ ඉවුර මත සිටි මිනිසුන් කිහිපදෙනෙක් එකවරම ඔහු ඉහළට ඇදීම නිසාවෙනි.

ජල පෘෂ්ඨයෙන් පිටතට පැමිණි පසු ඔහුගේ දෑත් මත රැඳුණු බරෙහි අමුත්තක් ඇති බව ඔහුට හැඟී ගියේය.චං ගෙන් ඇසිපිය ගසා දෑසේ රැඳි ජලය ඉවත්කිරීමෙන් පසු ඔහු එකවරම දුටුවේ තමා ඉහළට ඇද තිබුණේ ෂන් ෂීලියූ නොව එකොළොස් හැවිරිදි සාඔ න්‍යැංස බව දුටුවේය.

මේ වේලාවේදී යෝධ සරුංගලය ඔහුගේ කන් අඩි පැළී යන තරම් ශබ්දයකින් යුතු ඉතා දීර්ඝ සංඥාවක් නිකුත් කලේය; ඔහුට තවත් සිත සිතා සිටීමට වේලාවක් නොවීය.ඔහු අඩසිහියෙන් සිටි සාඔ න්‍යැංස හට මුලින් ගොඩට යන ලෙස කෑගැසීය.

ඉවුරේ සිටි මිනිසුන් උස් හඬින් ඝෝෂාකරමින් දරුවන් දෙදෙනා ගොඩට ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීය,නමුත් ඔවුන් මදක් අශීඝ්‍ර විය.චං ගෙන් ගේ පා තවමත් ඉවුරට ගෙන තිබුණේ නැත.යෝධ සරුංගලයේ වේගය අඩු වූයේද නැත ,එක් ජ්වලිත වරලක් ඔහුගේ පා මතින් ඇදී යාමට ඔන්න මෙන්නය.
එය තවමත් ඔහුගේ ආසන්නයටම ළඟාවී නොතිබුනද එහි අධික ග්‍රීෂ්මය ඕනෑම අයකුට හොඳින් දැනුණි.

"ජ්වලිත වරල් හා ගැටීම සිදුනොවිය යුතුයි !"

"ප්‍රවේශමෙන්!!"

මේ වේලාවේ ඝෝෂාව මැදින් එක්තරා පඬු පැහැ දෑතක් ඉතා වේගයෙන් වුත් චං ගෙන් ගේ දෑත් ග්‍රහණය කර ඔහුව පිටතට ඇදීය.කෑගසමින් සිටි ජනකාය පසුපසට විය.චං ගෙන් සිතුවේ ඔහු ජනකායෙන් පිටතට ඉගිලේවීයි කියායි,නමුත් ඔහු පෙර කී මිනිසාගේ තුරුළෙහි නතරවිය.

ඔහු නොදැනුවත්වම ඉහළට ගත් හුස්මත් සමග ඖෂධයන්ගේ ගන්ධය ඔහුගේ නාස්පුඩු හා ගැටිණි.ඔහු ෂෙන් ෂීලියූ ගේ මනාව සැකසුණු නිකට ඔන්න මෙන්න තොලුගාමින් හිස ඉහළට ගැස්සීය.

ෂෙන් ෂීලුයූ ගේ මුහුණ අඳුරු වී ගොස් තිබණි:මම තප්පරේකට අහක බැලුවම ඒ ටික වෙලාවටත් කරදරේ වැටුණනෙ!!"

මුලින් තමා බැණවැදීමට ලක්වීමෙන් ඔහුට එකවරම පැවසීමට කිසිවක් සිතාගත නොහැකි විය.

ෂෙන් ෂීලියූ : "ඉවුරේ නිළධාරීනුත් සාමාන්‍ය මිනිසුනුත් බොහෝ සිටිනවා ; කාහටද අවශ්‍ය ඔබ වැනි කුඩා දරුවකු ලවා දිවි බේරාගැනීමට අවශ්‍ය?"

චං ගෙන් : "..."

ඔහුගේ හිස් අවකාශයේ පාව ගිය හදවත නැවත නිසි ස්ථානයට පැමිණියේය. පපුවේ සිරවී තිබූ රුධිරය වාන් දොරටුවකින් පිටවන්නාක් මෙන් නැවතත් ශරීරය පුරා දිවීමට පටන් ගති. මේ අවස්ථාවේ ඔහු නැවතත් මුල් වරට හුස්මක් ගත්තේය; ඔහුගේ අභ්‍යන්තර ඉන්ද්‍රීන් උඩුයටිකුරු වූවාක් මෙන් අමතක කල නොහැකි සංවේදනාවක් ඔහුගේ සිරුර වෙලා ගත්තේය.ඔහුගේ දෙපා කෙතරම් අඩපණ වීද යත් ඔහුට කෙලින් සිටගැනීම පවා අපහසුවිය.

ඉවතට රැගෙන යනු ලැබූ සාඔ න්‍යැංස කිහිපවරක් කහිමින් සෙමින් සෙමින් අවදිවිය.දරුවාට තවදුරටත් එතරම් අපහසුවක් නොවන බව දුටු ෂෙන් ෂීලීයු චං ගෙන් ජනකායෙන් පිටතට ඇදගෙන ගියේය.ඔහුගේ මුහුණේ රැවීමක ස්වභාවයක් ඇඳී තිබුණි.තවමත් දෙපා අඩපණව සහ වෙව්ලමින් ෂන් ෂීලුයූ විසින් ඇදගෙන යාමට ලක්ව සිටි චං ගෙන් අතරමඟදී ඔහුගේ දෝෂාරෝපණයට ලක්වීමටද සිදුවිය, "වරළේ රස්නය තවමත් අඩුවෙලා නෑ, බැරිවෙලාවත් කකුල් වල වැදුනනම් කකුලෙන් බාගයක් අරගෙනයි ඒක යන්නෙ.ජීවිතේ ඉතුරු කාලෙම කොරගගහ ඉන්න කැමතිද?පොඩි ළමයෙක් වුනාම ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්න දැනගන්න..."

චං ගෙන් තවමත් වෙව්ලමින් කෙලින් සිටගැනීමට උත්සහකරමිනුයි සිටියේ ,නමුත් ෂීලියූ, නොහොත් "දුෂ්ඨයා" ඔහු පැවසීමට සිටි වචන එලෙසම ඔහු යමක් පැවසීමටත් පෙර සොරාගෙන . ඔහුගේ කෝපය සැනෙන් බුරබුරා නැගෙන්නට විය.

ඔහු ගිරිය යටින් කෑගැසීය : "මම හිතුවෙ ඔයා වැටුණා කියලා!"

ෂන් ෂීලියූ දිගු දෙබැම එසවීය : "නිදහසට කරුණු කියන්න එපා!මම දැනටම හොඳින් වැඩුණු මිනිසෙක්; මම හේතුවක් නැතුව ගඟට වැටෙන්නෙ කොහොමද? "

චං ගෙන් : "..."

මේ මිනිසා පිළිබඳ බියෙන් සලිත වූ හදවත වැදගැම්මකට නැති යමක් ලෙස ඉවත දමා ඇත. ඔහුගේ සිරුර පුරා දිවූ රශ්මිය එකවර ගෙලේ සිට දෙකන් දක්වා පැතිරුණි.ඔහුට ඒ ලැජ්ජාව නිසාද කෝපය නිසාදැයි විස්තර කිරීම අපහසු විය,නමුත් ජලයට වත් ඔහුගේ මේ ගින්න නිවා දැමීමට නොහැකිය.

"හොඳයි ,තවත් ඒ පිළිබඳව කතාකලයුතු නෑ" ෂන් ෂීලුයූ චං ගෙන් ගේ තෙතබරිත වූ හිසකේ අල්වා බැලීය. ඔහු ඔහුගේම පිටත කබාය ඉවත් කර එය චං ගෙන් වටා එතීය." මෙතන බොහොම ව්‍යාකූලයි,මම අදට මේ ගැන තවදුරටත් වාද කරන්නෙ නෑ. විගසින් නිවසට ගොස් ඇඳුම් මාරු කරගන්න, ප්‍රතිශ්‍යාවෙන් ප්‍රවේසම් වෙන්න."

ඔහු මද කරුණාවක්ද දැක්වීය!!

චං ගෙන් දඩ්බ්බර ලෙස ෂන් ෂීලුයූ ගේ දෑත් තමාවෙතින් ඉවත්කෙරීය,ඔහුගේ දෑඟිලි ෂීලියුගේ කබා අතෙහි තුල තිබූ යම් තද දෙයක් හා ගැටිණි.

ෂන් ෂීලියූ : " ඕහ් , මේ මා මේ දැන් මිළදී ගත් තොල් සායම්, මතක ඇතුව ඔබේ මෑණියන්ට මෙය ලබාදෙන්න....ඒහ් චං ගෙන් ,ඔය කොහෙද යන්නේ?"

චං ගෙන් ඔහු කතාව අවසන් කරනතුරු එහි රැඳී නොසිටියේය; ඔහු කතාවක් නැතිවම ඔහුගෙන් ඉවතට දිව ගියේය.

චං ගෙන් තමා ඉතා මුරණ්ඩු ලෙස හැසිරුන බව දැන සිටියේය.ඔහු තවකකුගේ වචන නිසා ඇතිවූ ආවේගය මත ක්‍රියාකලේය.ඔහු වැටුණේ කවුරුන්දැයි කියාවත් නොදුටුවේය,නමුත් කලබලවී එවලේම වතුරට පැන්නේය.යීෆු ගේ දෝෂාරෝපණයට ලක්වීම ඉතා සාධාරණ බව ඔහුද දනී.

නමුත් මද වේලාවකට පෙර තමාගේ සිත බියෙන් හා කලබලයෙන් ගිනිගෙන දැවුණු ආකාරය සිතද්දී, මේ මිනිසා නිදහසේ තොල්සායම් තේරීම !! දැන් තම සිතේ බුරබුරා නැගෙන කෝපය ඔහුගේ හදවත කෙතරම් දවමින් රිදවූවේද යත් ඔහුට කෙසේවත් එය යටපත් කරගැනීමට නොහැකි විය.

චං ගෙන් ෂීලියූ එකවරම අතහැර ගියේය, නුහුරට තම නහය අතුල්ලමින් ඔහු සෑම තරුණ පිරිමි දරුවකුම වේලාසනින් බලා විනිශ්චය කල නොහැකි නොසන්සුන් කාල පරාසයක් පසුකරන බව නිගමනය කලේය.

පළමු වරට පිය පදවිය ලැබූ ෂන් ෂීලියූ මදක් සංවේගයට පත්විය, ඔහු තනිවම සිතුවේය : "මම මෙය සිදුවන බවක් කලින් දැනසිටියානම් ලෝහ අත් පළඳනාව මේ අවස්ථාවේ ප්‍රයෝජනයට ගන්නවා.මේ වතාවේනම් ඔහු සැබවින්ම කෝපයෙන් ; දැන් මා කෙලෙසද ඔහු චාටුවෙන් පොළොඹවගන්නේ? "*

ඔහු ගංගාව අසල දෑත් පසුපසට බැඳ සිටියේය. යෝධ සරුංගලය ඔහු අසලින් ඔහු පසුකර ගියේය,එහි වරලේ පහන් තවමත් දැල්වේමින් තිබිණි,එය පිටුපස තිබූ අඳුරු ගංගාව සෙමෙන් වැසීයමිනි.

ෂන් ෂීලියූ එලෙස සංවේගයෙන් සිටියේ සුළුමොහොතකට පමණි.ඔහු යෝධ සරුංගලයේ වරල් ආලෝකය දෙස නෙත් යොමා සිටින්නට විය,නමුත් ඔහුගේ බැල්ම සෑමවිටම මෙන් විසිරී ගොස් තිබුණේ නැත.ඉන්පසු ඔහු සුළුවේලාවකින් දෙබැම හකුළුවා ගත්තේය.

එකවරම ඔහු පොකුණේ මාළුවකු මෙන් ජනකාය අතර අතුරුදන් විය.ඔහුගේ පා කිසිඳු ශබ්දයක් නොනගා ඉතා ශීඝ්‍රයෙන් ඇදී ගියේ දොරටුව සොයාගැනීමට දවසින් බාගයක් ගතකල දිනයන්හී දී මෙන් නොවේ.

චං ගෙන් ආපසු නිවස බලා ඇදුනේය.උණුසුම් ග්‍රීෂ්ම ඍතු සුළඟ ඔහුගේ සිසිල් ශරීර දාහ ගංගාව හරහා හමාගියේ ඔහුගේ මුහුණේ තිබූ රැවීම් ස්වභාවය පහකරමින් ඔහුගේ මනසේ සංසුන්බවක් ඇතිකරමිනි.ඔහුගේ ඇකිලී ගොස් තිබූ දෙබැමද යලි යථාතත්ත්වයට පත්විය.

ඔහුගේ දෑස් ෂියු නියැං ගේ දෑසට බොහෝ සෙයින් සමාන විය.මේ වන විට පරිණත වීමට පටන් ගෙන ඇති ඔහුගේ මුහුණේ හැඩය ඉතා ගැඹුරුව කැටයම් කලාක් මෙන් කැපී පෙණුනි .ඔහුගේ මුහුණේ හැඩය මධ්‍යම තැන්නේ මිනිසුන්ගේ මෙන් නොවීය....නමුත් විදේශිකයන්ගේ මෙන්මද නොවීය,කෙටියෙන් කිවහොත් ඔහුගේ පෙනුම අසාමාන්‍ය ලෙස අලංකාර විය.

චං ගෙන් නිවසට පය තබද්දීම ඔහු දුටුවේ ඇඟිලිතුඩුවලින් සිටගෙන පිටත බලමින් සිටි ඔවුන්ගේ මහළු අතවැසි කාන්තාව දැකීමට හැකිවිය.ඒ මහළු මෙහෙකාරිය මොහුගේ අවුල්වූ ස්වභාවය දැක මදක් කලබලවිය "අනේ ,ඔබතුමාට කුමක්ද සිදුවූයේ?"

"එය එතරම් දෙයක් නොවේ" චං ගෙන් විඩාබරව පැවසීය,"අයෙක් ගංගාවට වැටුනා,මම ඔහුව බේරාගැනීමට පැන්න නිසා තෙතබරිත වුනා."

මහළු අතවැසි කාන්තාව ඔහුට පසුපසින් සිටගෙන ඔහුගේ කනට කර යමක් පැවසීය : "මැතිණිය දැන්ම ආහාර පිළිනොගන්වන්නට කියා දැන්වූවා,මම හිතන්නේ ඇය ප්‍රධානීතුමා පැමිණෙන තුරු බලා සිට්නවා- ආ මැතිණිය ඔබතුමාහට ඇගේ කුටියට පැමිණෙන ලෙස දන්වා සිටියා, මෑණියන් හා පුතණුවන් අතර සාකච්ඡා කිරීමට පෞද්ගලික කාරණාවක් ඇති බව ඇය පැවසුවා."

චං ගෙන් ඉදිරියට ඇදුණි,ඔහුගේ උරහිස් නොදැනුවත්වම දරදඬුවිය,ඔහු හිස වනා අනුමත කර වියළි ඇඳුම් කට්ටලයකට මාරු වීම සඳහා ඔහුගේ කුටියට පිවිසුණේය.බුම්මාගත් මුහුණින් යුතුව ඔහු ෂීලියූ ගේ කබාය ප්‍රවේශමෙන් නමා තබා තොල්සායම් මංජුසාවද රැගෙන ෂියු නියැං ගේ කුටිය වෙත පිටත්විය.

මේ මහළු අතවැසි කාන්තාවට මේ අමුතු මව්-පුතු බැඳීම පිළිබඳ විශාල ප්‍රශ්න කන්දරාවක් සිතේ තිබුණද ඒ පිළිබඳ නොවිමසන ලදී,එම නිසාම ඇය ඔහු පසුපස ඇදුනේ රහසේම ඔවුන්ගේ කතාවට සවන්දීමේ අටියෙනි.

ෂියු නියැං ගේ දොරටුව ඉදිරියේ සිට චං ගෙන් ඔහුගේ ඇඳුම් පැළඳුම් නැවත සකසාගත්තේ අමුත්තකු හමුවීමට යන අයකුගේ සෙයක් මවමිනි.ඔහු මනා පිළිවලට ඇඳුම් සකසාගත් පසු ඔහු හිස බිමට නැඹුරුකර දොරටුවට තට්ටු කිරීය.

"මැණියනි."

ඇතුළත සිටි කාන්තාවගේ කිසිඳු තෙතමනයක් නොවූ ඉතා පැහැදිලි හඬෙන් පිළිතුරක් ලැබිණි: "ඇතුළට පැමිණෙන්න"

චං ගෙන් දොර විවර කර ඇතුල්වී පසුපස බැලූ ඔහුට ඔවුන්දෙස සැඟවී බලාසිටින මහළු අතවැසි කාන්තාව දැකගැනීමට හැකිවිය.ඔහුගේ බැල්ම දුටු ඇය ඔහුගේ දෑස් මගහැරීමට ඉවත බලාගත්තී,ඇය ආපසු හැරී බලන විට දොර වසා තිබූ අතර තවත් කිසිවක් දැකගැනීමට නොහැකිවිය.

ශියු නියැං ගේ කුටිය ඉතා අඳුරුවිය, හිරුට මුහුණලා තිබූ කවුළුව සම්පූර්ණයෙන්ම ඇය විසින් වසා දමා තිබුණි.

ඇයට කිසිඳු ආලෝකයක් දැකීමට ආශාවක් නොතිබුනාක් වැන්න; ඇය කුටියේ අඳුරු මුල්ලක මුහුණ බලන කණ්ණාඩියට මුහුණලා අසුන්ගෙන් සිටියාය.

චං ගෙන් පසුපසින් ඇගේ රුව දෙස බලා රැවීය.

ඔහු ශියු නියැං හට එකවර කුමක් සිදුවුනාදැයි සිතාගැනීම අපහසුවිය.ඇය කහ පැහැ සිනිඳු ඇඳුමකින් හැඳ විවාහනොවූ තරුණියකගේ කොණ්ඩා මෝස්තරයකින් සැරසී සිටියාය. සැබවින්ම ඇගේ පෙනුමෙන් මහළු බවක් දිස් නොවීය,ඒ හා කුටියේ අඳුරද එක්වී ඇගේ දෑස වටා ඇතිවී තිබූ සියුම් රැළිද වසාදැම්මේ ඇයට තවමත් විසිවැනි වයසේ පසුවූ තරුණියකගේ පෙනුමක් ඇයට ලබාදෙමිනි.

චං ගෙන් ඇයට කතාකිරීමට සැරසෙද්දීම ශියු නියැං ඔහු ඇමතුවාය: "කිසිවකු නැති අවස්තාවන්හීදී මා හට මෑණියන් යැයි අමතන්න එපා- ඔබ තොල්සායම් රැගෙන ආවාද?"

චං ගෙන් මෙය ඇසුණු විගස ඔහුගේ මුවින් පිටවීමට සූදානම්ව තිබූ "මෑණියනි" යන ආමන්ත්‍රණය නැවත ගිලගෙන ඉදිරියට ගොස් ඔහුගේ දෑතේ මෙතෙක් වේලා උණුසුම් වූ තොල්සායම් මංජුසාව මේසය මත තැබීය.

"ඕ මෙම වර්ණය ඉතා අලංකාරයි.ඉතා දීප්තිමත්" ශියු නියැං ඇගෙන් සාමාන්‍යෙන් නොදැකිය හැකි ඉතා විරල සිනහවක් පෑවාය.

ඇය ඇගේ ඇඟිලි තුඩු යවා එයින් ටිකක් ගෙන ඇගේ පඬුවන් දෙතොලේ ආලේප කලාය,ඉන්පසු කණ්ණාඩියෙන් ඇගේ මුහුණ බලා ඉතා උද්‍යෝගයෙන් විමසීමට විය :
"එහි පෙනුම කෙසේද?"

චං ගෙන් පසෙකට වී සිටගෙන සිටියේ කිසිඳු හඬක් නොනගමිනි,ඔහුගේ හද ඉතා අසාමාන්‍ය අඳුරුබවක් ගත්තේ මැය ඔහු කැඳවූයේ කුමන හේතුවක් නිසාදැයි නොදත් නිසාවෙනි.

ඔහු ඒ පිළිබඳ සිත සිතා සිටි නිසා ඔහුගේ නෙතුපියන් නිදැනිම සැලෙන්නට විය, චං ගෙන් ඒ පිළිබඳ තැකීමක් නොකලේය;ඔහුගේ හද තුල යම් අශුභ නිමිත්තකින් පිරීයාමට පටන් ගෙන තිබුණි.

මේ අවස්තාවේ ශියු නියැං නැවතත් කතාකලාය : ඉදිරියේදී පිටස්තරයන් ඉදිරියේ මට මෑණියන් යැයි ඇමතීම ඔබට නැවැත්විය හැකියි."

"මව්-පුතු ලෙස අප මෙතෙක් ආ ගමන් මඟ අදින් අවසන් වනවා."

ඔහු ඇගේ සම්පූර්ණයෙන් අලංකරණයෙන් සරසා තිබූ* මුහුණ ඔසවා තණ මෙන් දුර්වල දෑතක් චං ගෙන් වෙත දිගුකලේ ඔහුගේ කබායේ කරබඳ* සැකසීමට මෙනි.

චං ගෙන් පුදුමයෙන් පසුපසට විය :
"ඔබ කුමක්ද අදහස් කරන්නේ?"

ශියු නියැං සිනහවක් පා ඇගේ අත නැවතත් හකුළුවාගත්තාය.

ඇගේ දෙතොල් මත ෂීලියූ මිලදීගත් තොල්සායමෙන් හැඩවී තිබුණි.ඇගේ පඬුවන් උදාර පෙනුමක් තිබූ මුහුණ වෙනදාටත් වඩා අලංකාරව දිස්වූයේ සම්පූර්ණයෙන් උරාගත් රුධිරයෙන් පිරීගත් කුසුමක් වැන්න.

"මා දන්නවා ඔබ නිතරම මේ කාරණය පිළිබඳ සිතමින් සිටි බව.අපට අද මේ අවස්තාව ලැබී තිබෙන නිසා අපි මෙය මෙතනින් අවසන් කරමු: ඔබ සැබවින්ම මගේ දරුවෙක් නොවෙයි" , ඇය පැවසුවාය.
"ඔබට සහනයක් දැනෙනවාද මෙය ඇසුනු පසු?"

චං ගෙන් ගේ නෙතුපියන් සැළුනි; ඔහු තවමත් හැඟීම් සඟවා ගැනීමට හුරුනොවූ කුඩා දරුවෙකි.

මේ ලොවේ ස්වභාවයනම් ඔබේ යහළුමිත්‍රාදීන් හා ගුරුවරයා කෙතරම් හොඳ පුද්ගලයන් වුවද මවකගේ ස්ථානය ගැනීමට සමත් වූවකු නැත.පියකුට වුව නොහැක - චං ගෙන් කිසි දිනක තමාටද මෑණියන් කෙනෙකුන් සිටියානම් යැයි සිතා නොමැති බව කිව නොහැක නමුත් ඔබේ ප්‍රාර්ථනය කිසිදින ඉටු නොවන බව දැන දැනම තම දෛවය බාරගැනීමට නොහැකි වීම තරම් සිත රිදවන වෙනත් දෙයක් මෙලොව තිබේද? වෙනකෙක් නොව ඔහුම ඔහුට අනුකම්පා කරනු නොඅනුමානය .

චං ගෙන් කිහිපසැරයක්ම තමා කොහෙත්ම ශියු නියැංගේම දරුවා විය නොහැකි බව සිතා තිබුණද එකවරම ඔහුගේම පැනයට පිළිතුරු ලැබුණු මේ අවස්තාවේ ඔහුගේ හදෙහි වූ හිස් බව ඔහුටම වටහාගත නොහැකි විය.

ඔහුගේ මනසේ වූ අශුභ නිමිත්ත තව තවත් තදින් දැනෙන්නට විය,ඔහු එකෙනෙහිම යුහුසුළු විය : "ඇයි ඔබ මෙය එකවරම කිසිඳු හේතුවකින් තොරව මට පවසන්නේ?"

ශියු නියැං කැඩපත තුලින් පෙනෙන තම පිළිඹිබුව පරීක්ෂා කලාය, ඇගේ මුහුණ එතරම් සුදුමැළිව තිබෙන්නේ ඕනෑවට වඩා පියරු තැවරූ නිසා විය හැක, ඇය තොල්සායම් ස්වල්පයක් ගෙන ඇගේ දෙකම්මුල් මත ආලේප කලාය.

" 'චං ගන්' යනු මා ඔබට ලබාදුන් උපන් නාමයයි," ශියු නියැන් පැවසීය.
"මධ්‍ය තැනිතලාවේ මිනිසුන් අතර කියමනක් තිබෙනවා: " චී මිං නැගෙනහිරින්,චං ගෙන් බටහිරින්."*
හිංසාවේ ආරක්ෂක , අනිෂ්ටසූචක
එය උදාවන්නේ ගොම්මනේයි.
ඔබේ ශරීරයේ දුවන්නේ ලොව අරීයම නමුත් අපවිත්‍රම රුධිරයයි.දුර්භාග්‍ය ගෙනෙන රකුසකු හට මීටත් වඩා සුදුසු නාමයක් තවත් තිබේද?

චං ගන් උදාසීනව පිළිතුරු දුන්නේය:
"මා ඔබ අපරදිග කඳුකරයේ ඉබාගාතේ ඇවිදිමින් සිටියදී කොල්ලකරුවන් හට හසුවීමේ ප්‍රතිඵලයක් නොවේද?මාගේ 'පියවරුන්' ගණනය කිරීමට මගේ දසෑඟිලි ද ප්‍රමාණවත් නොවේ - වෙසඟනකගේ හා දාමරිකයකුගේ දරුවෙක්, අරීය බව ගැන කුමන කතාද?"

ශියු නියැං මද වේලාවක් තෝන්තුගතියක් දැක්වීය.ඇය ආපසු හැරී නොබැලීය.

ඇගේ භාව ප්‍රකාශනාත්මක දෑසෙහි කුඩා දොම්නසක සේයාවක් ඇඳීගියද එය ඉතා ඉක්මනින් පහව ගොස් උපශාන්ත විලාසයක් දැක්වීය.

චං ගෙන්ගේ ඈතම මතකය වූයේ කඳුකර කොල්ලකරුවන්ගේ තිප්පොලයි. ශියු නියැං සෑමවේලාවේම ඔහුව පුස් ගඳ ගැසූ ලී පෙට්ටගමක් තුල අගුලුදමා තැබීය.

චං ගෙන් මේ දිරාගිය ලීයෙහි පළුදු අතරෙන් කඳුකර කොල්ලකරුවන් බීමතින් තම තිප්පොල තුලට කඩාවදින ආකාරය බලාසිටියේය.

ඒ කෲර හා අශිෂ්ඨ තිරිසනුන් කුඩා චං ගෙන්ගේ දෑස් ඉදිරියේම ඇයට පහරදී තම සියළු ආශා ඇගෙන් පිරිමසාගත්තෝය.

මුලදී ඔවුන් ශියු නියැං ආරක්ෂා කිරීමට මහත් උනන්දුවක් දැක්වීය .නමුත් කෙමෙන් කෙමෙන් ඈ සැබවින්ම දුර්වල හා ආත්මාරක්ෂාව සලසාගතනොහැකි අයෙකු බව දුටු විට ඔවුන්ගේ උනන්දුවද පහව ගියේය . පසුව ඔවුන් ඇයට පිටතට යාමට අවසර දුන් අතර ඈ හට වාඩියේ සිටි මහළු මෙහෙකාරියකට මෙන් සැලකීය.ශියු නියැං ඔවුන්ට ආසන්නව තිබූ සියළු ළිං ජලයට වස මිශ්‍ර කර මුද්‍රිකා පාන සිය ගණනකට වස මුසු කිරීය ; ඈ හට එතරම් විස කොහෙන්දැයි දෙවියන් වුව නොදත්තේය.

ඇය කුඩා බඳුනකට වස මිශ්‍ර ළිං ජලය ගෙන චං ගෙන් හටද පෙවූ නමුත් , ඔහු එය සැබවින්ම ගිලදැමූ අවස්තාවේ ඇය විපිළිසරව බලාපොරොත්තු සුන් වූ එකියක ලෙස ඔහුගේ උගුර සාරවා ඔහු පානය කල සියල්ල වමෑරීමට සැලැස්වීය.

ශියු නියැං අඩක් මියැදුණු චං ගෙන් බටපොතු කූඩයක බහා ඇගේ පිටේ තබාගත්තාය. වානේ පිහියක් අතින් ගත් ඈ තවමත් නොමැරුණු කෙනෙක් සිටීයේ නම් ඔවුන්ට පිහියෙන් අනිමින් ඉදිරියට ඇදී ගියාය.

ඉතා දිගු රත්පැහැ වස්ත්‍රයකින් සැරසී සිටි ඇගේ සිරුර ලෙයින් නැහැවී තිබිණු බව චං ගෙන් හට මතකය.ඇය කොල්ලකරුවන් සඟවා තිබූ ජිලියුජින් හා වෙනත් තෙල් වර්ග භාවිත කර ඔවුන්ගේ වාඩිය පොළොවට ගිනිබත් කර ඔහුත් රැගෙන පිටවීය.

වසර දහයක් තරම් වූ ඔහුගේ ඉතාමත් කෙටි දිවියෙහි ශියු නියැං දිගින් දිගටම ඔහුව මරාදැමීමට උත්සහ කලාය , විස මුද්‍රිකා පාන ලබාදුන්නාය, පිහියකින් ඇන්නාය, අශ්වයකුට බැඳ ඔහුව ඇදගෙන ගියාය. බොහෝවිට මධ්‍යම රාත්‍රියේ තම ශරීරයේ ප්‍රාණය ගිලිහී යනු දැනී තිගැස්සී අවදිවුවහොත් , ඒ ශියු නියැං ඇතිරිල්ලකින් ඔහුගේ හුස්ම හිරකිරීමට උත්සහ කල නිසාවෙනි.

නමුත් ඇය නිතරම උච්ඡතම අවස්තාවේදී තම උත්සහය අතහැර ඔහුගේ දුර්වල පණනල රැකගත්තාය.

මේ හේතුව නිසාවෙන් ඔහු තුල අනත්ථ මනස් ඍෂ්ටියක් මැවුනේය.

චං ගෙන් ඔහුට හැකි උපරිම නිශ්චලතාවය උපදවාගත්තේය: "ඔබ උවමනාවට වඩා සිතනවා,මම කෙදිනකවත් ඔබ මගේ මෑණියන් යැයි සිතාසිටියේ නැහැ.නමුත් මා හට නිතරම හැඟුනේ ඔබ මට මෙතරම් වෛරකරන්නේ මම කොල්ලකරුවන් විසින් ඔබේ චරිතයේ ඇති කල පැල්ලමක් කියායි."

ශියු නියැං කැඩපත ඉදිරියේ අසුන් ගත්තාය, ඇගේ මුහුණ තව තවත් සුදුමැළි විය. බොහෝ වෙලාවකට පසු ඇය සුසුමක් හෙළුවාය:

" දරුවා, මා නුඹට බොහෝ වැරදි කර තිබෙනවා."

ඒ අවස්තාවේ චං ගෙන් තුල තිබූ ආරක්ෂක වළලු සියල්ල බිඳී යාමටත් සියළු තරහමරහා අමතක වීමටත් ආසන්න විය ; ඔහුට එවිට වැටහීගියේ කුඩා කල සිට මේ දක්වා සිදුවූ සියළු දුක්ගැනවිලි ඒ වාක්‍යයෙන් අවසන් කිරීමට හැකි බවයි.

මේ තුදුස් වියැති දරුවා ඔහු තුල තිබූ සියළු ශක්තිය එකතු කරගනිමින් තම කඳුළු රූටා යෑම නවත්වාගැනීමට උත්සහ කරමින් විඩාපත්ව අසන්නේ : " නුඹ මෙය දැන් මා හට පැවසීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?ඔබේ හෘදයසාක්ෂිය මා තුල ඇති විෂහරණය කරන්නට යැයි පැවසීද?නැතිනම් මා එකවර මරාදමන්නට යැයි පැවසීද?"

ෂියු නියැං ඔහු දෙස බැලුවේ අනර්ඝ මානවකෘතියක් දෙස බලනා ලීලාවෙනි : " ඔබ දැන සිටියා..."

චං ගං : " මම ඒ පිළිබඳව දැන සිටියේ අප යැන්හුයි ගම්මානයට පැමිණි දින සිටයි, කිසිඳු රාත්‍රියක් රාත්‍රී භීභත්සයකින් තොර වූයේ නෑ. ඒ දහවල ලැබූ කෙටි නින්දක් වුවද මා අනිවාර්යයෙන්ම නපුරු සිහින නිසා අවදිවූවා."

විශේෂයක් සිදුවූයේ පෙරදින රාත්‍රියේ පමණයි - චං ගන් ගේ සිතුවිලි සුළු මොහොතකට නොමග ගියේය.ඔහු එකවරම ශීලියු සමඟ කෝපගැනීම පිළිබඳ පශ්චාත්තාපයට ලක්විය.

චං ගන් : " මම කිසිඳු විශාල ජයග්‍රහණයන් ලබා නොමැති බව සත්‍යක්, නමුත් මා කිසිඳු අධාර්මික ක්‍රියාවක නිරතවීද නැත; කෙසේද මෙතරම් අවතාර ගණනක් මධ්‍යම රාත්‍රියේ මා සොයා පැමිණෙන්නේ? එසේත් නොමැතිනම් එය සෑම රාත්‍රියේම මෙවැනි භයංකර සිහින ගෙනෙන අමුතු ආකාරයේ රෝගයක්ද?"

ඇගේ දීප්තිමත් රතු දෙතොලේ අසාමාන්‍ය පාපිෂ්ඨ සිනහවක් ඇඳීගියේය, විෂ කැවූ ඊ හිසක් මෙන් තියුණු දිස්නයක් දුන් ඇගේ දෑස් චං ගන් ගේ අතග පළඳනාව කෙරේ යොමුවිය: "ඔබ තව කුමක්ද දන්නේ?"

චං ගන් නොදැනුවත්වම තම පළඳනාව තම කබා අත තුළ සඟවාගත්තේ ඇගේ බැල්මෙන් එම වස්තුව කෙලෙසේවි යැයි නැඟුණු බියෙනි.

" දෙවසරකට පෙර නගර ද්වාරයෙන් පිටත මා පසුපස පැමිණි වෘකයින් එහි පැමිණියේ අහම්බයෙන් නොවන බවත්; ඔවුන් එහි විශේෂයෙන්ම කැඳවූ බවත්. එය ඔබගෙන් පලායාමට මා සිතන්නේනම් ඔබට මා විනාශ කිරීමට ඕනෑ තරම් මාර්ග ඇති බවට කල අනතුරු ඇඟවීමක් බවත් මා දන්නවා.එසේ නොවේද?"

චං ගන් නැවතත් උදාසීනව තම හඬ අවදි කලේය, "ගෝත්‍රිකයන් පමණයි වෘකයින් හැසිරවීමට දන්නේ. අප යැන්හුයි ගම්මානයට ආ දා සිටම ඔබ ගෝත්‍රිකයන් හා සම්බන්ධතා පැවැත්වූවා.මම ඔබත් ගෝත්‍රික කාන්තාවක් යැයිද සැක කරනවා. පෙරදී ඔබ මා බිත්ති රාක්කයක දමා අගුලු දැමූ පසු මිනිසකු ඔබේ හැඳුම් ඉරාදමනු මා දුටුවා . ඔබේ පපුවේ වූ වෘකයකුගේ සලකුණ මා දුටුවා."

ශියු නියැං මද සිනහවක් පහල කලාය : "ගෝත්‍රිකයන්....ඔබ සැබවින්ම අප ගෝත්‍රිකයන් යැයි හඳුන්වනවා..."

ඇය හුස්ම ගැනීමට අපහසුවන තෙක්ම මහ හඬින් සිනහසීය.

ඇගේ තියුණු සිනහව එකවරම නතර කෙරූ ඈ ඇගේ පපුව එක්වරම තදින් අල්වාගනිමින් කර්කශ ලෙස කෑරීමට විය.චං ගන් එකවරම අත ඔසවා ඇයට උපකාරකිරීමට සැරසුණද ඔහු කරන්නේ කුමක්දැයි මතක් වූ වහාම එම අත නැවත තමාවෙත ඇදගෙන අත මිටිමොළවා ගත්තේය.

ශියු නියැංගේ මුවෙන් පහළට රූටා පැමිණි ලේ බිඳුවක් ඇගේ කහ පැහැ වස්ත්‍රයට වැටී මහත් පිළිකුලක් දක්වන කළු පැහැයට හුරු දම් පැහැයකට හැරිණ.

චං ගන් එකවර තෝන්තුවිය.අවසානයේ ඔහු ඇය දෙසට පා තැබුවේය : " නුඹ..."

ශියු නියැං ඔහුගේ අත අල්වාගෙන ඇගේ පසුපස කෙලින් කිරීමට මහත් පරීශ්‍රමක් දැරුවේ මහා සුළඟකට හසුවූ මැළවී ගිය සුසිනිඳු ශාක පත්‍රයක් මෙනි. ඇය තම ආලේපන මංජුසාවේ අඩියෙහි තැන්පත්කර තිබූ හරිතමණියෙන් නිමවූ කුණ්ඩලාභරණයක් චං ගන් ගේ අතේ තැබුවේ ඇගේ රුධිරයත් සමඟයි.

ඇගේ මුව හිම සුදු පැහැවිය; දෙතොලේ රැඳි රුධිරය තොල් සායමට වඩා කෙනෙකුගේ දෑස් අන්ධ කිරීමට සමත්විය.ඇය චං ගන් දෙස ලේ පිරුණු දෑසීන් කෝපාන්විත බැල්මක් හෙලීය.

Tn: 🙂 so attractive

"මා ශියු නියැං නොවේ එය ඔබගේ මධ්‍ය තැන්නේ ගැහැණියකගේ නමක්.මගේ නම හූග(ර්) ( Hu Ge Er), ධරණි ලයේ ජිලියුජින් ..."

ඇයගේම වචන හේතුවෙන් ඇයගේ හුස්ම සිරවිය.වේදනා සහිත දිගු කෑරිමකින් පසු ඇය චං ගන් ගේ කබාය ලෙයින් තෙත්කිරීය.

"අවාසනාවන්ත ....ජිලියුජින් " මේ ගැහැණිය එකවරම විකාරසහගත ශබ්දයක් පිටකලාය.ඇගේ සුසුම් අස්ථිර විය." මගේ දෙටු සොහොයුරිය චිරවනයේ දේවතාවියයි ; රජුන් පවා ඇයට නමස්කාර කලා.නුඹ...

නුඹයි මා විසින් උස්මහත් කල කුඩා අපප්‍රයෝගය" ඇය මැළවුණු සිනහවක් පෑවාය. "ඔබට කවරෙකුත් ආලය නොදක්වාවි.ඔබට කවරෙකුත් අවංක කමෙන් සංග්‍රහ නොකරාවි..."

ඇය මහත් අසීරුවෙන් චං ගන්ගේ මැණික් කටුව අල්වාගත්තාය, ඇගේ තියුණු නිය ඔහුගේ සම පසාරුකරමින් අතග පළඳනාව වැරෙන් අල්වාගති: "මෙය යුන් පන් අතග පළඳනාවයි,කෘෂණ යුධ සන්නාහයේ කොටසක් - කෘෂණ ලෝහ හමුදාවේ අඳුරු යක්ෂයින් විසින් නිපදවන, නුඹට කවුරුන්ද මෙය ලබාදුන්නේ?හහ්?"

චං ගන් පිළිස්සුණු අයකු මෙන් ඇයව එකවර ඉවතට තල්ලු කලේය.

ඇය ආලේපන තබා තිබූ මේසය මතට වැටී ඇණ තියාගත්තාය. ඇගේ අලංකාර ෆීනික්ෂියා දෑස් විශාල වූයේ ,ඇගේ දෑස දෙස බලන ඕනෑම අයකු බියෙන් සලිත කරවීමට සමත් රුවක් ගනිමිනි.

"ඔබ තුල මා විසින්ම කල ආශ්‍රවාස්ථිය ශාපය තිබෙනවා. මම ඊට චීන ප්‍රකෘතය ලබා දී තිබෙනවා එය 'චං ගන්' යන නම ලබා තිබෙන්නේ එලෙසයි.

"එය....අලංකාරයිද?"

ඇගේ මුව දඩ්බ්බරව නහර ගැසුණි,ඇගේ මුඛයෙන් රුධිරය මිශ්‍ර ශ්වේත පැහැ පෙණ නැගී දෙපසින් බේරීමට විය, ඇගේ වදන් හඳුනාගැනීමට අපහසුවුවද චං ගන්ගේ ඇසීමට එයින් කිසිඳු බාධාවක් නොවීය.

" 'ආශ්‍රවාස්ථිය' අසමසමයි; කිසිවකුටත් එය හඳුනාගත නොහැකියි; කිසිවකුටත් එය සුවකල නොහැකියි....ඔබ යම්දිනෙක ලොව බලවත්ම රණශූරයා බවට පත්වේවි. නමුත් ඔබට භීභත්සයන් හා යතාර්ථයන් අතර වෙනස හඳුනාගැනීමට නොහැකි වේවි...ඔබ කෲර උම්මන්තකයකු බවට පත්වේවි-"

චං ගන් සිටිතැන එලෙසම නොසෙල්වී සිටියේය. ඔහුට හැඟුනේ තම ඇට මිදුලු පවා ගල්ගැසී යන බවකි.

"මාගේ ලයේ දුවන අප දේවතාවියගේ රුධිරයේ නාමයෙන් මා ඔබට චිරවනයේ බලය ලබාදෙනවා. නුඹ කුරිරු හා විනාශකාරී විය යුතුයි .ඔබ පය තබන සියළු ස්ථානයන්හි ව්‍යසන ඇතිකරාවි...ඔබේ දිවිය තුලට පැමිණෙන කිසිවකුටත්...කිසිඳු දිනක...යහපත්..."

'අවසානයක්' යන වචනය ඇගේ මුවින් ගිලිහෙත්ම ඇගේ සිරුරේ ගැස්මක් ඇතිවූයේ එකවරම පහර කෑ අයකු ලෙසයි.ඇය සෙමින් ගෙල හරවා සයනය අසලින් එල්වා තිබූ සුවඳකැවූ එක්තරා කුඩා පැසක් දෙස බැලුවේය.එහි සමාදානයේ ලාංඡනයක් විය. එක් අවස්තාවක ෂූ බායිහු රාජකාරි අවසන්ව නැවත පැමිණෙන විට නගර ද්වාරයෙන් පිටත තුබූ දෙවොලක යාඥාකර ලබාගත් එය ඈ හට ත්‍යාගකර තිබුණි.

කාන්තාවගේ නෙතුපියන් ඉතා සෙමින් සැලුණි, ඇගේ දෑස කඳුලින් තෙත්වී ගියේය.ඇගේ දෑසෙහි වූ කෲරත්වය එම කඳුලෙන් සේදීගියේය, ඉන්පසු එහි වූයේ මෘදු බවකි.නමුත් ඒ මෘදු බව පැවතියේ ඉතා ස්වල්පවේලාවකි.

ඇගේ සංකෝචිත වූ කණීනිකාව තෙල් මදවූ ලාම්පුවක් මෙනි, එය සෙමෙන් සෙමෙන් නිවෙමින් තිබූ අතර සතර අතම මරණයේ අඳුරෙන් වැසී ගියේය.අලංකාර ආලේපන උලා සිටි ඒ කාන්තාවගේ අවසන් සුසුම් වාතලයට මුසු වූයේ ඉතා කෲර ශාපයකිනි, එයින් පසු ඇගේ සිරුරේ රැඳි අවසාන ගිණිපුපරද නිවීගොස් ඇගේ ප්‍රාණය නිරුද්ධ සිරුර ඇදවැටිණි.

"කිසිවකුත් නුඹට ආලය නොකරාවි;ඔබ මෙලොව අවංකභාවයක් නොදකීවි.නුඹේ මුළු දිවිය පුරාම වෛරය හා සැකය නුඹේ හදේ රජකරාවි.නුඹ කුරිරු සාහසිකයකු වේවි.නුඹ ඇවිද යන සෑම අඩියක් පාසා නුඹ ව්‍යසනයක් රැගෙන යාවි.නුඹ නියත වශයෙන්ම නුඹට ළෙංගතු සියලු දෙනා තම මරණය වෙත රැගෙන යාවි"

මේ වියරු ගිම්හාන සැඳෑවේ චං ගන් හිස් බැල්මකින් මේ ආලේපන තබා තිබූ මේසය මත ඇද වැටී තිබූ අලංකාර කාන්තා මළසිරුර දෙස බලාසිටියේ සිහිනයකින් මෙන් තම රුධිරයෙන් වැසීගත් අතග පළඳනාව පිරිමදිමිනි.

ඇයි ඇය තම දිවිතොර කරගත්තේ?

ඇයි ඈ ඔහුට එතරම් වෛරකලේ?ඇයි ඇය ඔහුව මෙතරම් කල් හදාවඩා ගත්තේ?

....කෘෂණ හමුදාවේ අතග පළඳනාව කුමක්ද?

අවසානයේ ශන් ෂීලියූ කවුරුනද?

ශියු නියැංගේ ශාපය සැබවින්ම ක්‍රියාකරන බවක් පෙනිණි.දරුවකුගේ ලොව කෙරෙහි ඇති විශ්වාසය ඇති වූයේ තම දෙමාපියන්ගෙන් ලැබෙන ආලය නිසාවෙනි,නමුත් චං ගන් මෙය කෙදිනකවත් අත්විඳ තිබුණේ නැත.

උපතින්ම දයාව හා කරුණාව ඔහු හට ලැබී තිබුණද, දිගින් දිගටම සැකයන් හා ජීවත්වීමට සිදුවීමෙන් ඔහු පෙනුනේ නගුට කකුල් දෙක අතර සඟවාගත් තුවාල සහිත බලු නකුටකු මෙනි.

ඔහුටද උණුසුමක් අවශ්‍යවූ නමුත්, ඔහු දිගින් දිගටම එය තම බිය නිසා ප්‍රතික්ෂේප කරාවි.

චං ගන් හට එකවරම ශන් ෂීලියූ සොයා යෑමට අවශ්‍යවිය. ඔහුට තම ඊෆු ගෙන් මුහුණට මුහුණ මෙය ඇසීමට සිතුණි, ඔහු සැබවින්ම කවරෙක්ද?ඔහුගේ අරමුණ වූයේ කුමක්ද?

නමුත් මේ රුධිරයෙන් නැහැවුණු කුටියෙන් පිටත පයතැබීමටත් පෙර ඔහු බියෙන් සලිතව ගියේය.

"එසේ විය නොහැකියි." ඔහු කල්පනා කලේය. "ඇදුරු ෂෙන් යම් අවස්තාවල දී පෙන්වන දැනුම තම අධ්‍යාපනය පිළිබඳ නොසිතන කිසිදු දිනක විභාග සමත් නොවන ශිෂ්‍යකුගේ විය හැකිද? "
ශන් ෂීලියූ නිතරම ඉබාගාතේ ඇවිදිමින් සිටියද , ඔහුගේ ආචාරවිධි කුලවත් පවුලකින් පැවතෙන්නකුගේ ඒවා විය.ඔහු සිටියේ වෙනත් කෙනෙකුගේ වහළක් යට වුවද, දිළිඳු බවේ සෙයක් ඔහු කෙරෙන් දිස්නොවීය.ඔහු සාමාන්‍ය රස්තියාදුකාරයකු වන්නේ කෙසේද?

මෙවැනි දේ මුල සිටම ඔහු දැකීමට යුතුව තිබූ ඒවායි,නමුත් ඔහු දෑස් වැසූ විට ඔහුට මැවී පෙනුනේ තමා අසනීපවූ විට ෂීලියූ තමා බලාගත් ආකාරයයි.

එයත් චාටු දයාවක්නම්?----

ඔවුන් පිළිබඳ ඔත්තු බැලූ මහළු අතවැසි කාන්තාව දොරටුව විවරව ඇති බව දැන විගසින් මුව සිනහවකින් සරසාගෙන චං ගන් වෙත පැමිණියාය: "පුංචි හාමු, අද..."

චං ගන් ඈ දෙස තම රත්පැහැ නෙත් යෙමීය.

මහළු අතවැසි කාන්තාව ඔහුගේ දෑස දැක බියට පත්වීය.ඇයට යථාතත්තවයට පත්වීමට මද වේලාවක් ගතවිය; ඇය තම පපුවට තට්ටු කරමින් චෝදනාකලේ : "කුමක්ද නුඹ---."

ඇය වාක්‍යය අවසාන කිරීමට පෙර කුටිය තුල වූ දර්ශනය දැකීය.

ඇය සිටිතැනම ගල්වී ගියාය, ඇය අඩි දෙක තුනක් පිටුපසට ගොස් බිමට ඇද වැටුනේ ඉතා බියකරු හඬක් නංවමිනි.

ඒ අවස්තාවේදීම කන් අඩි පසාරු කරන ආකාරයේ අනතුරු හැඟවීම් නළාවක ශබ්දය ගම්මානය පුරා පැතිරිණි.

කිසිවකුත් මේ සංඥාව ලාබාදුන්නේ කවුරුන්දැයි නොදත්තේය .අඩි දෙකක් උසැති නළාවේ ජල කඳක වැනි වූ ශබ්දය ජිලියුජින් සමඟම අහසට නැඟුණේ යැන්හුයි ගම්මානයේ තුදුස් වසරක් පැවති සමගිය හා නිශ්ශබ්දතාවය බිඳදමමිනි.

ශන් යී වානේ සන්නායකයක ඔබාගෙන සිටි හිස එසවූයේ යමකු ශන් නිවසේ දොරටුව පයින් ගසා කඩා දැමීමත් සමඟයි.ඔහු හිස එසවූ සැනින් සන්නාහයෙන් පිටතට ගත් කඩුවක් අල්වාගත්තේය.

"මේ මම" ශන් ෂීලියූ රහසින් මිමිණීය.

ශන් යී තම හඬ පහත් කලේය.
"ගෝත්‍රිකයින් අප සිතුවාට වඩා ඉක්මන්වීද?"

මේ වාක්‍යය ඉතා කෙටි වූ නමුත් එය සම්පූර්ණයෙන්ම මේ අඩ මළකඳක් වූ ශන් ෂීලියූ හට ඇසිණි: "ආපසු පැමිණි යානයේ සිටින්නේ ගෝත්‍රික ඔත්තුකරුවන් , ඔවුන් අපේ මිනිසුන් නොවේ."

ශන් ෂීලියූ තම ඇතුළු කුටියට පා නඟමින් කතාකලේය.ඔහු දෑත ඔසවා තම යහන දෙකඩ කලේය.යහනට යටින් කිසිවක් නොවීය.

නමුත් එහි අතුරා තිබූ දැවමය ලෑල්ල යට ඔහුගේ තද ලෝහ සන්නාහය සඟවා තිබුණි.

ඔහු ඉතා පුරුදු අයකු මෙන් මේ වානේ සන්නාහයේ සැඟවුණු ස්ථානයකින් කෘෂණ ලෝහ ලාංඡනය පිටතට ගත්තේය.එහි නිල්පැහැ කුඩා දීප්තිය ඔහුගේ ඇඟිලිතුඩු මතවිය.

ඔහු එකවරම අනෙක් පස හැරිණි. වෙනදාට අඩපණ වූ පසුපස මෙදින වානේ හෙල්ලක් මෙන් ශක්තිමත් විය.

ඔහු ඇරදැමූ දොරටුවෙන් ඇතුළට ආ සුළඟ ඔහුගේ සියුම් සුදුපැහැ වස්ත්‍රයන්ගේ ගෑවී නොගෑවී ගියේ ඔහුගේ සිරුර වසාතිබූ ඝාතන අභිප්‍රායට බියවූ නිසා මෙනි.

ෂීලියූ : " ජි පිං "

'ජි පිං' යනු ශන් යී ගේ මින් පෙර වෙනත් කිසිවකුත් ඉදිරියේ නොපැවසූ සත්‍යය නාමය විය.වෙනදාටනම් මොවුන් නිතරම අඩදබර කරමින් කාලය ගතකලද මේ අවස්තාවේ ශන් යී අඩියක් පසුපසට ගෙන දණ නමා ආචාර කලේය.

"ඔබගේ යටහත් පහත් සේවක වාර්තා කරනවා."

"ඔවුන් මෙතරම් විගසින් පැමිණි නිසා, අපට මේ ආකූලතාව ප්‍රයෝජනයට ගෙන අපගේ දැල හෙළිය හැකියි.- මා සිව්වැනි රාජකුමරුන්ගේ ආරක්ශාව ඔබට භාරදෙනවා, පළමුවෙන්ම එතුමාණන් මේ ගම්මානයෙන් පිටතට කැඳවාගෙන යන්න"

ශන් යී: " එසේයි"

ශන් ෂීලියූ විගසින් තම කබායද කඩුවද අතට ගෙන පිටවී ගියේය.

              ****************

* චං ගන් යනු සවසට නැගෙන ශක්‍රමණ්ඩලයයි මෙය ඉංග්‍රීසි භාශාවෙන් "Lucifer" වේ. එනම් අප දන්නා අන්දමින් , මොහු Lucifer ගේ තවත් අවතාරයක් බවට පත්කරනා අන්දමේ ශාපයකි .මේ පිළිබඳ ඉතා පැහැදිලි විස්තරයක් නවකතාවේ අවසාන පරිච්ඡේද වලදී දැකීමට හැක.

අෂ්ශ්‍රාවාස්ථිය: Bone of impurity  (Hu Ge Er චං ගෙන්ට කෙරූ ශාපයේ නම)

අනත්ථ මනස් දෘෂ්ටිය : unrealistic fantasy

තෝන්තුවීම: Stunned

මානවකෘතිය : artifact

රාත්‍රී භීභත්සය: nightmare

අනිෂ්ටසූචය : ominous  feeling

චාටුවෙන් පොළඹවනවා : coax
කරබඳ : collar

ශියු  නියැං කියන නම එක්ක පොතේ නම Sha Po Lang එකතු කරල බැලුවම
'殺破狼繡娘'- Kill the wolf embroidered mother කියන වාක්‍ය සම්පූර්ණ වෙනවා .මෙතන Sha Po Lang කියන්නෙ නක්ශාස්ත්‍රයේ එන එකක් කියල කලින් හඳුන්වලා දුන්නා එත් මෙතන Wolf කියන්නෙ Chang Geng කියලත් ගන්න පුළුවන් .
ඒ කියන්නේ මේ embroidered  නැත්තන් අලුතෙන් අලංකාර කරලා මවපු අම්මා චං ගෙන් ව මරණයට ඇදගෙන යනවා වගේ කියල තේරුමක් ගන්න පුළුවන්...මේ නමේ වැදගත්කම පස්සෙ එන පරිච්ඡේදවලදි තේරුම් ගන්න පුළුවන් 🙊🌼

තේරුණේ නැති වචන තියනවනම් මගෙන් අහන්න ❣




මේ තමයි අර වෘකයො චං ගෙන් ව කන්න ආපු වෙලාවෙ ශන් ශීලියු එයාව බේරගත්ත වෙලාව.


Comments

  1. කියවන්න කියවන්න ආස හිතෙනවා

    ReplyDelete
  2. වාව් ඒක මරු 💖

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-