මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1
කතෘ: Xu Lei
මුල් භාෂාව : චීන
නිල බලපත්රලාභී අනුවාදය: Amazon හි 1 කොටස සහ 2 කොටස (කතෘට සහාය වන්න!)
*************************************
සාරාංශය:
වසර පනහකට පෙර, චන්ග්ෂා ප්රදේශයේ සිටි සොහොන් කොල්ලකරුවන් කණ්ඩායමක් විසින් යුධමය රාජ්ය සමයට අයත් සේද පොතක් කැණීම් මගින් සොයාගෙන ඇත. මෙහි සටන්කාමී රාජ්ය යුගයේ සුවිශේෂී සොහොනක පිහිටීමක් ගැන වාර්තාවක් ඇත. නමුත් මෙම සොහොන් කොල්ලකරුවන් පිරිසට භූගතව ඇති වූ අමුතු සිදුවීමකට මුහුණ දෙන්නට සිදු වූ අතර එමඟින් ඔවුන් සියල්ලන්ම පාහේ මිය ගිය හ. වසර පනහකට පසු, සොහොන් කොල්ලකරුවන්ගේ මුනුබුරා විසින් ඔහුගේ මුතුන් මිත්තන්ගේ සටහන්වල මෙම රහස සොයා ගන්නා ලදි. ඔහු නිධන් සෙවීම සඳහා පළපුරුදු සොහොන් කොල්ලකරුවන් පිරිසක් එක්රැස් කොට ගවේෂණය කළ නමුත් මෙම පුරාණ සොහොන්ගැබේ මෙතරම් අමුතු දේවල් තිබේ යැයි කිසිවෙකු අපේක්ෂා කළේ නැත. විස්මිත වූ සත් තාරකා මිනී පෙට්ටි, කොළ පැහැති ඇස් සහිත නරි මළ සිරුරක්, හිස් හතක් ඇති සර්ප සයිප්රසයක් (දේවදාර වැනි ශාකයකි).
මෙම අද්භූත සොහොන්ගැබේ හිමිකරු කවුද?
ඔවුන්ට සැබෑ මිනී පෙට්ටිය සොයාගත හැකි වේවිද?
සොහොන් ගෙය තුළ විසඳිය නොහැකි අභිරහස් රාශියක් ඇත්තේ ඇයි?
මුහුදු පත්ලේ ඇති අමුතු නාවික සොහොනත්, චින්ලිං කඳුකරයේ ඇති අවුරුදු දස දහසක් පැරණි පූජනීය වෘක්ෂයත්, උස් කඳුකරයේ පිහිටි ස්වර්ගීය මාළිඟයේ හිම සොහොනත් අතර ඇති සම්බන්ධය කුමක්ද?
ඔවුන් පිටුපස සැඟවී ඇති පුරාණ අභිරහස් මොනවාද?
I like this
ReplyDelete