හන්ෂොවු ප්‍රදේශයේ පිහිටි මුද්‍රණාලය තුළ වාඩි ලා ගෙන දිනපොත බලමින් කල්පනා ලෝකයක අතරමංව සිටි මාගේ සිතුවිලි දැහැන බිඳ වැටුණේ හදිසියේම පැමිණි වයසක මිනිසෙකු නිසා ඇති වූ බාධාව හේතුවෙනි. පෙරළා තිබූ සීයාගේ මතක බිඳු රැඳි දිනපොතෙහි පිටු වසා දැමූ මම ඔහු පැමිණ සිටි වයසක මිනිසා දෙස බැලුවෙමි.
"මෙතන තීරු පුවරු වගේ ඒවත් තියෙනවද?" ඔහුගේ පැනය යොමු වූයේ මා වෙතට ය.
ඔහු එය විමසියේ ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වන්නාක් බදු සාමාන්‍ය ස්වරූපයකිනි. නමුත් මේ ක්ෂේත්‍රය සම්බන්ධව ගත් කල මා ද ආධුනිකයෙක් වූයේ නැත. මෙවැනි කාර්‍යයන්වලට මා සතුව තිබුණේ ඉහළ දක්ෂතාවකි. එනිසා එම පැනය සඳහා විශිෂ්ට පිළිතුරක් දීමට මා පසුබට වූයේ නැත. “ඔව්, ඒත් මිල වැඩි නෑ” මතුපිට අදහස එය වුවත් ව්‍යංගාර්ථවත් ලෙස මා පැවසුවේ 'ඔබ ළඟ හොඳ කිසිවක් නොමැති නම්, මගේ කියවීම ප්‍රමාද නොකර පිටතට යන්න'ය.
මෙම ස්ථානය වසර තුනක් වසා දමා නැවත විවෘත කර තවත් වසර තුනක් සඳහා ද වසා දැමීමට තරම් ප්‍රමාණවත් මුදලක් වුව ද ඉක්මනින් උපයා ගැනීමට මා සතු හැකියාව ප්‍රමාණවත් විය. එනිසා නිෂ්ක්‍රීය ලෙස සිටීමට පුරුදුව සිටි මා අර්ධ දැනුමක් තිබූ ගනුදෙනුකරුවන් සමඟ ගනුදෙනු කිරීමට වෛර කළෙමි. පසු කාලයේදී එවැනි මිනිසුන් දුටු විට දීමට දෙයක් නැතිවාක් මෙන් මවාපාමින් ඔවුන්ව එලවා දැමීමට ද මා පුරුදු වී තිබුණි. නමුත් මෑතක සිට මා හට ඕනෑවටත් වඩා විවේකයක් ලැබෙමින් තිබුණි. හොඳ දේවල් පැමිණෙන වාසනාවන්ත සමය බොහෝ දුරට අවසන් ව ඇති බව දැන සිටි මා හට මද නොසන්සුන් බවක් දැණුනි.
“එහෙනම් ඔයා ළඟ යුධමය රාජ්‍ය සමයෙන් එන සේද පොත් තීරු පුවරු තියෙනවද? මීට වසර පනහකට කලින් සොහොන් කොල්ලකාරයෙක් චංෂාවල සොහොනකින් හොරකම් කරලා පස්සේ ඇමරිකානුවෙක් වංචා කරපු එකක්?" කවුන්ටරය මත තිබූ එකතුව දෙස බලා සිටි ඔහු ඇසුවේ ය.
"ඒක ඇමරිකානුවෝ ගත්තනම්, මං ළඟ තියෙන්නෙ මොකටද?" ඔහුගේ ඉල්ලීම ඇසුණු සැණින් මට ඇති වූයේ නිම්හිම් නැති කෝපයකි. “ඇත්තටම ඔහේ හොයන්නේ තීරු පුවරුනම්, වෙළඳපොළට යන්න පුලුවන් තමයි. එහෙමයි කියලා විශේෂයෙන්ම මොකක්හරි පොතක් ගැන කියලා ඒකම ගන්න පුලුවන් කියලා ඔයා හිතන්නේ කොහොමද?"
සිය හඬ පහත් කළ ඔහු මෙසේ පැවසී ය, “මට ආරංචි වුණා ඔයාට හොඳ සම්බන්ධතා තියෙනවා කියලා. ඔයා ගැන කිව්වේ ලුඕ යැං"
පුදුමයට පත් වූ මම වහාම අවදි වීමි. 'ලාඕ යැං, පසුගිය වසරේදී සිරගෙට ගියේ නැද්ද? මොකක්? එයා මාව විකුණුවද?' කණස්සල්ලට පත් වී සිටි මගේ ගත පවා සීතල දහඩියකින් වැසී යන්නට ගත වූයේ නිමේශයකි. “මොකක්ද... ලාඕ යැං කියන්නේ කවුද? මම ඒ නමින් කාවවත් දන්නේ නැහැ."
“මම දන්නවා, මම දන්නවා,” සිනාසෙමින් සිටි ඔහු තම කමිස සාක්කුවෙන් ඔරලෝසුවක් ඇද ගත්තේ ය. "බලන්න, ලාඕ යැං කිව්වා ඔයා මේක බැලුවම තේරෙයි කියලා."
එය ඔහුට ලැබී තිබුණේ ඔහු ඊසානදිග පෙදෙසේ සිටින කාලවකවානුවේදී ය. ඒ ඔහුගේ ප්‍රථම ප්‍රේමය විසිනි. ඔහු එය සැලකූයේ තම ජීවිතය තරම්ම වටිනා දෙයක් ලෙස ය. බීමතින් සිටින විටදී එය පිටතට ගෙන “අනේ මගේ ලස්සන නයිටිංගේල්” ලෙසින් කෑ ගසන පුරුද්දක් පවා ඔහුට තිබිණි. (1) නමුත් මම ඔහුගෙන් ගැහැණු ළමයාගේ නම කුමක්දැයි ඇසූ සෑම විටම, ඔහු බර කල්පනාවකට වැටෙන අතර පසුව හඬා වැටෙන්නට පටන් ගනී. ඔහු පැවසූයේ එය අමතක වී ඇති බව ය. මෙවැනි වටිනා ඔරලෝසුවක් පවා ලාඕ යැන් විසින් මෙම පුද්ගලයාට දෙනු ලැබුවේ නම්, නිසැකවම මෙම මහලු මිනිසා සැබවින්ම උනන්දුවක් ඇති අයෙකු වන්නට ඇත.
නමුත් ඔහු දෙස කුමන ආකාරයකින් බැලුවත් ඒ සෑම ආකාරයකින්ම මට දැණුනේ ඔහුගේ මුහුණෙහි යම් පිළිකුල්සහගත බවක් ඇති ලෙසකි. නමුත් යමෙකු ඔබේ දොරකඩට පැමිණි විට, ඔහු හෝ ඇය සමඟ අවංකව කතා කිරීම වඩා හොඳ ය. එබැවින් මම මගේ අත ඔසවා ඔහුට මෙසේ කීවෙමි, “ඔයා ලාඕ යැංගේ යාලුවෙක්. ඒ නිසා මම ඔයා වෙනුවෙන් කරන්න ඕනේ මොකක්ද?”
විශාල රන් දතක් හෙළි කරමින් සිනහසෙමින් සිටි ඔහු, “මගේ යාලුවෙක් ෂැන්සිවල ඉඳලා එද්දි දෙයක් ආපහු ගෙනාවා. මට ඕනේ ඔයා ඒක බලලා ඇත්ත එකක්ද කියලා කියන එක.”
“ඔයාගේ උච්චාරණයෙන් මට කියන්න පුළුවන් ඔයා බීජිංවල කෙනෙක් කියලා. බීජිං ඉඳලා දකුණට ඇවිත් මගේ උපදෙස් ලබාගන්න තරම් මං ප්‍රශංසනීයයි වගේ.ඒත් ඇයි? බීජිං වල ප්‍රවීණයෝ ගොඩක් නැද්ද? 'වයින් පෙම්වතාගේ හදවත කෝප්පයේ නැහැ' වගේ පෙනෙන්නේ! (2)
ඔහු සිනාසෙමින්, “හැමෝම කියන්නේ දකුණේ අය බුද්ධිමත් කියලා. එයාලා කියන්නේ බොරු නෙවෙයි වගේ. ඔයා කොච්චර තරුණ වුනත්, හොඳ නිරීක්ෂණ හැකියාවක් තියෙනවා. ඇත්තම කිව්වොත් මම මේ සැරේ ආවේ ඔයාව බලන්න නෙවෙයි. ඔයාගෙ සීයාව හම්බවෙන්න."
මගේ ප්‍රකාශයෙහි ක්ෂණික වෙනසක් වන්නට ඇත, "මගේ සීයාව හොයන්න ... මොකක් කරන්නද?"
“ඔයාගේ සීයා චංෂාවල විදුම් කඳු මුදුනෙන් අර යුධමය කාලේ සේද පොත හොරකම් කළාට පස්සේ, ඔහු ළඟ ඒකේ තීරු පුවරු එකක් දෙකක්වත් තියෙනවද බලන්න. මගේ යාලුවාය දැනගන්න ඕනේ ඒක අපි ළඟ තියෙන විදිහටමද තියෙන්නෙ කියලා."
ඔහුගේ කතාව අවසන් කිරීමටත් ප්‍රථම, අසළ නිදා සිටි මිනිසාට කෑ ගැසූ මම, “වං මේං, අපේ අමුත්තාව එළියට අරන් යන්න!” ලෙස පැවසී මි.
“මොකද මම කතා කර කර ඉන්නකොට මාව එලවන්න හදන්නේ” මහල්ලා ද කලබල විය.
“ඔයා කියපු දේ හරි, ඒත් ඔයා එන්න පරක්කු වුණ එක ගැන දුකයි. මගේ සීයා ගිය අවුරුද්දේ මැරුණා. ඔයාට ඔහුව හොයාගන්න ඕනෙ නම්, ආපහු ගිහින් සියදිවි නසාගන්නවත් වේවි! මම එහෙම කිව්වේ එදා ඒ සිද්ධිය කොච්චර ලොකුවට වුණාද කිව්වොත් මධ්‍යම බලධාරීන් පවා කලබලයට පත් වෙන්න තරම් රහස් ගොඩක් හැංගිලා තිබුණා. ඉතින් පැරණි ගිණුම් පෙරළන්න මම ඔයාට මෙහෙම ඉඩ දෙන්නේ කොහොමද? මම ඔයාට මේක කරන්න දුන්නොත් මගේ පවුලට සාමයක් නැති වෙනවා."
"පුංචි මුනුබුරා, ඇයි ඔයා මේ තරම් අප්‍රසන්න දේවල් කියන්නේ?" මහලු මිනිසා නපුරු සිනහවක් පෙන්වමින්, නැවත වරක් ඔහුගේ විශාල රන් දත හෙළි කළේ ය. “සීයා නැති වුණාට කමක් නැහැ. මොකක් වුනත් මම ඒ ගැන වැඩිය අහන්න යන්නේ නෑ. ඒත් මම ගෙනාපු එක පොඩ්ඩක් බලන්න. එහෙම වුණොත් ලාඕ යැංට එයාගේ නම්බුව නැති වෙන්නේ නැහැ, හරිද?"
මම ඔහු දෙසත් ඔහුගේ ව්‍යාජ සිනහව දෙසත් බැලුවෙමි. ඔහු ගෙන ආ දේ දෙස නොබැලුවහොත් ඔහු පිටත්ව යාම ප්‍රතික්ෂේප කරන බවක් පෙනෙන්නට තිබුණි. ලාඕ යැන්ග්ගේ කීර්තිය බේරා ගැනීම උදෙසා ඒ දෙස ඉක්මන් බැල්මක් හෙළන බව මම මටම කියා ගත්තෙමි. ඒ ආකාරයට කළහොත් බන්ධනාගාරයෙන් පිටතට පැමිණි පසු ඔහුට පැමිණිලි කිරීමට අයිතියක් නොමැති වනු ඇත. එනිසා හිස සලා එකඟ වූ මම, “මම ඉක්මනින් බලන්නම්, ඒත් මට ඒක ඇත්ත එකක්ද නැද්ද කියලා සහතිකවම කියන්න බැහැ” ලෙස පැවසුවෙමි.
ඇත්තෙන්ම, යුධකාමී රාජ්‍ය සමයට අයත් සේද පොත් වෙළුම් විස්සකට වඩා තිබූ අතර, එක් එක් වෙළුම එකිනෙකින් වෙනස් විය. එදින මගේ සීයා විසින් රැගෙන පැමිණ තිබුණේ එයින් එක් වෙළුමක කෙටි කොටසක් පමණි. නමුත් එය කෙටි කොටසක් වුව ද අතිශයින් වැදගත් ය. දැනට, මම විසිම් පෙට්ටිවල පත්ලේ සඟවා තැබූ තීරු පුවරු කිහිපයක් තිබුණි. ඒ මා සතුව තිබූ ආදරණීයම වස්තූන් ය. මගෙන් ඒවා මිලදී ගැනීමට තරම් මුදල් ලෝකයේ කා හටවත් මුදල් නොතිබෙණු ඇත. ඒවා මට ඒ තරමටම අමිල සම්පත් ය.
රන් දතක් ඇති මහලු මිනිසා ඔහුගේ කමිස සාක්කුවෙන් සුදු කඩදාසියක් එළියට ගන්නා අයුරු මම දුටුවෙමි. මට ක්ෂණික කෝපයක් ඇති විය.'ඒක ඡායා පිටපතක්.'
“නිධානයක් අරන් එහෙ මෙහෙ ගියොත් එක අත් වැරදීමකින් උනත් ඒක කැඩෙන එක ස්වභාවිකයි.” ඔහු පහත් හඬින් පැවසූයේ අද්භූත බවක් මවාපාමිනි. “මගේ සම්බන්ධතා නොතිබුණා නම් මේ දේ ගොඩක් කාලෙකට කලින් විදේශ රටකට යන්න තිබුණා. මේක මගේ දේශප්‍රේමී ක්‍රියාවක් විදිහට ගන්න පුලුවන් කියලා මම හිතන්නේ."
මම සිනාසුණෙමි, “ඔයාව පෙනෙන්නේම සොහොන් කොල්ලකරුවෙක් වගේ, මම හරි නේද? ඒක ජාතික වස්තුවක් නිසයි, ඔයාගෙ නම්බුව නැති වෙයි කියන බිය නිසායි ඔයා ඒක විකුණන්නේ නැත්තේ කියලා මම ඔට්ටු අල්ලනවා!
මහලු මිනිසාගේ මුහුණ කොළ පැහැයට හැරෙමින් පැවති නිසා මම හෙළි කළ කරුණු සත්‍යයක් බව පෙනෙන්නට තිබුණි. නමුත් මේ අවස්ථාවේ දී ඔහු සිටියේ මගේ උපකාර බලාපොරොත්තුවෙනි. එනිසා ඔහුට එය විඳදරාගැනීමට සිදු විය.
“ඒක හරියටම ඇත්ත නෙවෙයි.” ඔහු පැවසුවේ ය. “හැම ව්‍යාපාරිකයෙක්ටම තමන්ගේම ක්‍රම තියෙනවා. ඔයාගේ සීයා චංෂා නගරයේ සොහොන් කොල්ලකරුවෙක් වෙලා හිටපු කාලේ ඔහුත් ගොඩක් ප්‍රසිද්ධ වෙලා ඉන්න ඇති මං හිතන්නේ."
දැන් මගේ ඉරියව් අප්‍රසන්න වන කාලය පැමිණ තිබූ අයුරකි. “ඔයා මගේ සීයා ගැන ආපහු සැරයක් කිවුවොත්, ඔයා ගෙනාපු දේ දිහා මම බලන්නේ නැහැ!” දත්මිටි කමින් සිටි මම පැවසුවෙමි.
“හරි, හරි, අපි නවත්තමු. ඉක්මනින් බලන්න. එතකොට මට ඉක්මනින් මෙතනින් යන්න පුලුවන්."
සුදු කඩදාසිය දිග හැර බැලූ මට, එය රණකාමී රාජ්‍ය යුගයේ හොඳින් සංරක්ෂණය කර තිබූ සේද පොතක් බව වටහාගැනීමට ගත වූයේ නිමේෂයක් පමණි. නමුත් එය අපේ සීයා විසින් එවකට සොරකම් කරන ලද එකක් නොවී ය. තරමක් පැරණි වුවද, මෙය පසුකාලීන රාජවංශවලින් පැවත එන ව්‍යාජ එකක් ලෙස පෙණුනි. වෙනත් වචනවලින් කිවහොත්, මෙය පෞරාණික ව්‍යාජ එකක් වූ අතර එයින් අදහස් කළේ එහි වටිනාකම තීරණය කිරීම පහසු නොවන බව ය. මම සිනාසුනෙමි, “මේක හන් රාජවංශයේ ව්‍යාජ එකක් වෙන්න ඕනෙ. මම කොහොමද දන්නේ...ඒක ව්‍යාජ වුනත් හරියටම ව්‍යාජ නැහැ. සැබෑ වුනත් හරියටම සැබෑත් නැහැ. ඒක ඇත්ත එකේ පිටපතක්ද, නැත්නම් කවුරුහරි හදපු දෙයක්ද කියලා කාටවත් කියන්න බැහැ. ඉතින් කෙටියෙන් කියනවානම්, මම ඔයාට කියන්න ඕනෙ මොකක්ද කියලා මම දන්නේ නැහැ."
"එතකොට මේක ඔයාගේ සීයා හොරකම් කරපු එකද?"
“ඇත්තම කියනවානම්, ඇමරිකානුවෙක් මගේ සීයා හොරකම් කළ එක මොකක්ද කියලා බලන්න අවස්ථාවක් ලැබෙන්නත් කලින් වංචා කළා. ඒ නිසා ඔයාගෙ ප්‍රශ්නයට උත්තරයත් දෙන්න විදිහක් මට නැහැ." ඔහුව රැවටීම සිතූ පරිදි පහසු නොවන බව වටහාගත් මා, මගේ බොරු අවංකකම දිගටම පවත්වාගෙන ගියෙමි.
නමුත් මහලු රන් දත් ඇති මිනිසා සැබවින්ම මා විශ්වාස කරන බවක් පෙනෙන්නට තිබූ අතර සුසුම්ලමින් මෙසේ පවසන්නට විය, “ඒකනම් ඇත්තටම අවාසනාවක්. මට ඒ ඇමරිකානුවාව හොයාගන්න බැරි වුනොත් මගේ බලාපොරොත්තුවලින් ඇත්තටම වැඩක් නැති වේවි කියලා මට බයයි."
"ඇයි ඔයා මේ වෙළුම ගැන මෙච්චරම සැලකිල්ලකින් හොයන්නේ?" මම ඔහුගෙන් ඇසුවෙමි. මේ සියල්ල ඉතා අමුතු විය. පැරණි පොත් එකතුව රඳා පැවතුණේ ඉරණම මත ය. සටන්කාමී රාජ්‍ය කාලපරිච්ඡේදයෙන් වෙළුම් විස්සක කට්ටලයක් සොයා ගැනීමට අවශ්‍ය වීමෙන් සැලකෙන්නේ ඔහු කෑදර අයෙකු බව ය.
“තරුණයා, ඇත්තම කිවුවොත් මම සොහොන් කොල්ලකාරයෙක් නෙවෙයි. මගේ වයසක ඇඟ දිහා බලන්න. ඒ වගේ මහන්සියක් දරාගන්න බැහැ. ඒත් මගේ මිතුරා ඇත්තම විශේෂඥයෙක්. ඔහු කරන්නේ මොන වගේ සෙල්ලමක්ද කියලා මම දන්නේ නැහැ. කෙටියෙන් කිවුවොත්, හැම කෙනෙකුටම දේවල් කරන්න තමන්ගේම හේතු තියෙනවා." ඔහු සිනාසෙමින් හිස වැනුවේ ය. “අපි වැඩිය ප්‍රශ්න අහන්නේ නැතුව ඉන්න එක හොඳයි නේද? හොඳයි, එහෙනම් මම යන්නම්." කතා කර අවසන් වූ ඔහු පිටව යන්නට වූයේ ආපහු හැරී බැලීමක්වත් ඉතිරි නොකර ය.
ඔහු දෙස බලා සිටි මම යළිත් වතාවක් දෑස් ගෙන පහළ බලනවිට දුටුවේ ඔහු මට දුන් ඡායා පිටපත ය. එය තාමත් තිබුණේ මගේ අතේ ය. මේ මොහොතේදී එක්වරම මගේ දෑස්වලට කඩදාසියේ තිබූ යම් රටාවක් හසු විය. එය හිවලෙකු මෙන් දිස් වූ මිනිස් මුහුණකි. ගෝලයක් නොමැති අක්ෂි යුගළ ත්‍රිමාණ ලෙස පැවතියේ පෙණුනේ එය කඩදාසියෙන් එලියට පැනීමට සූදානමින් සිටින්නාක් මෙනි. මම ගැඹුරු හුස්මක් ගත්තෙමි. මීට පෙර මෙවැනි සේද පොතක් මා දැක තිබුණේ නැත. එය නිසැකවම නිධානයක් විය යුතු ය. ලාඕ යැං හිරෙන් නිදහස් වී එනතුරු බලා සිටින අතරතුර මෙම ඡායා පිටපත භාවිතා කර ව්‍යාජ තීරු පුවරු කිහිපයක් සෑදිය හැකි වේ යැයි මම සිතුවෙමි. අවම වශයෙන් එය කාලය ගත කිරීම සඳහා විනෝදජනක ක්‍රමයක් වනු ඇත.
මම ඉක්මනින් දොර ළඟට ගොස් බැලුවෙමි. රන් දත් සහිත මහලු මිනිසා වේගයෙන් ආපසු දිව එන බව පෙනී ගියේ ය.
'එයා ආපහු එන්නේ මේ දේ ගන්න' මගේ පරිකල්පනයට වැටහිණි. එබැවින් ආපසු ඇතුළට දිව ගිය මා, මගේ ඩිජිටල් කැමරාව ගෙන, ඡායා පිටපතේ පින්තූරයක් ගත්තෙමි. ඉන්පසු පිටපත රැගෙන දොරෙන් පිටතට ගොස් මහලු මිනිසා දෙසට එය දිගු කොට,
"ඔයාට දෙයක් අමතක වෙලා" ලෙසින් ඔහුට කීවෙමි.
**
මගේ සීයා චංෂාවල "පාංශු ස්වාමියා", ලෙස ද "සොහොන් කොල්ලකරුවෙකු" ලෙස ද හැඳින් වේ.
මගේ සීයා මෙම ව්‍යාපාරයට පිවිසීමට හේතුව පුදුමයට කරුණක් වූයේ නැත. අද කාලයේ වචනවලින් පැවසුවහොත් එය පවුලේ ව්‍යාපාරයක් ලෙස හැඳින්විය හැක. මගේ සීයාගේ සීයාට වයස අවුරුදු දහ තුනක් වන විට මධ්‍යම චීනයේ නියඟයක් ඇති වී තිබුණි.එකල නියඟය ඇති වීමෙන් පසු වහාම සාගතයක් ද පැතිර ගොස් තිබුණි. සල්ලි තිබුණත් කන්න දේවල් නොතිබුණි. එකල චංෂාවේ කිසිම ප්‍රදේශයක ජීවත් වීම සඳහා කිසිවක් තිබී නැත. නමුත් පැරණි සොහොන් කොත් රාශියක් තිබී ඇත. 'කඳු ආශ්‍රිතව ජීවත් වන අය කඳුවලින් ගැල වේ' ලෙස කියමනක් ඇත. එපරිද්දෙන් සොහොන් අසල ජීවත් වන අය ද ජීවත් වීම උදෙසා සොහොන් කොල්ලකනු ඇත. ගමේ මිනිසුන් සියල්ලන්ම එකතු වී සොහොන් ගෙවල් මංකොල්ලකෑම් සිදු කරන්නට විය. ඒ අවුරුදුවල චංෂා නගරයේ කෙතරම් ප්‍රමාණයකට සාගතය හේතුවෙන් මැරෙන්නට සිදු වී තිබුණ ද යන්න ගණනය කළ නොහැකි වුව ද, නගරය තුළ තිබූ මෙම සොහොන් කොල්ල කෑ ගමේ සිටි පුද්ගලයන් නම් එක් අයෙකුවත් මිය ගියේ නැත.
දිගු කලක් ගත වූ පසු, අනෙකුත් වෘත්තීන් මෙන් ම සොහොන් වැටලීම ද තමන්ගේම සංස්කෘතියේ කොටසක් ලෙස වර්ධනය විය. මගේ සීයාගේ පරම්පරාව විසින් දැනටමත් කල්ලි සහ නීති සකස් කර තිබුණි. එකල සොහොන් කොල්ලකරුවන් කණ්ඩායම් දෙකකට බෙදා ඇත: ඒ උතුර සහ දකුණ ලෙස ය. මගේ සීයා ලුඔයැං සවල්වලින් පස් ගවේෂණයට දක්ෂ දකුණු පාර්ශවයට අයත් වූවෙකි. සැබෑ ස්වාමියෙකුට ඔහුගේ ඉවෙන් පමණක් සොහොනෙහි ගැඹුර සහ එය අයත් රාජවංශය තීරණය කළ හැකි ය.
දැන් පවතින බොහෝ නවකතාවල ලුඔයැං සවල වනාහී එකල සොහොන් කොල්ලකරුවන්ගේ ප්‍රධාන මෙවලමක් ලෙස විස්තර කර තිබූ නමුත් ඇත්තෙන්ම, උතුරු කණ්ඩායම මෙම ලුඔයැං සවල් භාවිතා කළේ නැත. සොහොන්වල පිහිටීම සහ ව්‍යුහය නිවැරදිව නිර්ණය කිරීමට ඔවුන් තවමත් දක්ෂ වූ නමුත් ඔවුන්ගේ ක්‍රමය හැඳින්වෙන්නේ"ෂුන්ලොන්ග් දියන්ෂුඑ" ලෙස ය. (3)
එහෙත් උතුරු කණ්ඩායම් තරමක් අමුතු විය. මම එය කිව යුත්තේ කෙසේද? මගේ සීයාගේ වචනවලින් පවසනවානම්, ඔවුන්ගේ ක්‍රම ප්‍රායෝගික නොවූ අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කපටි කුමන්ත්‍රණවල ද නිරත වූ හ. ඔබ සොහොන් ගෙයක් බිඳ දැමුවහොත්, ඇතුළට ගොස් යමක් රැගෙන පිටවිය යුතු ය. නමුත් ඔවුන් සතුව සොහොන් ගෙයක් කොල්ලකෑමේදී මළවුන්ට ගෞරව දැක්වීම සඳහා වරක් හෝ දෙවරක් ආචාර කිරීම වැනි සංකීර්ණ නීති රාශියක් ද තිබුණි. සමස්ත ක්‍රියාවලියම ඉතා නිලධාරිවාදී විය.
අනෙක් අතට, දකුණේ පාර්ශ්වයට බොහෝ නීති නොතිබූ අතර මළවුන්ව අමනාප කිරීම ගැන කිසි විටෙකත් කනස්සල්ලට පත් නොවී ය. උතුරේ පාර්ශ්වය දකුණේ කල්ලිය හෙළා දුටුවේ සංස්කෘතික ධාතු විනාශ කළ සුනඛ රෑනක් ලෙස ය. ඔවුන් කියා සිටියේ දකුණු වැසියන්ගේ පැමිණීමෙන් පසු සොහොන් කිසිවක් නොනැසී නොපවතින බවත් මියගිය අය පවා පිටතට ඇද විකුණු බවත් ය.
දකුණේ පාර්ශ්වය උතුරේ කල්ලිය හැඳින්වූයේ කුහකයින් පිරිසක් ලෙස ය. ඔවුන් පැහැදිලිවම සොරුන් ය. නමුත් ඔවුන් සිටියේ තමන්ගේ නොවන දෙයක් තමන්ගේ දෙයක් බවට පත් කර ගත් මානසිකත්වයකිනි.
පසුව, "මළ සිරුරු සඳහා සටනක්" පවා සිදු වන තෙක් මෙම සටන උත්සන්න විය. අවසානයේදී, කණ්ඩායම් ද්විත්වය විසින් 'යංසේ' ගඟේ බෙදුම් රේඛාවක් පවා ඇද ගන්නා ලදි. උතුරේ පාර්ශවය ඔවුන්ගේ කාර්යය "සොහොන් කොල්ලකෑම" ලෙස හැඳින් වූ අතර දකුණේ පාර්ශවය එය හැඳින්වූයේ "වැලි හෑරීම" හෝ "පස් හෑරීම" ලෙසිනි. ලුඔයැං සවල නිර්මාණය කරන ලද්දේ දෙපිරිස බෙදී වෙන්වීමෙන් පසුව ය. නමුත් උතුරේ වැසියන් එම අදහස කෙතරම් පිළිකුල් කළ ද යත් ඔවුන් එය භාවිතා කිරීමටවත් කරදර වූයේ නැත.
මගේ සීයා කියවීමට නොදත් අයෙකි. නමුත් පසු කාලයේදී ඔහු සාක්ෂරතා පන්ති කිහිපයක් සොයාගෙන තිබුණි.එකල ඔහු දැන සිටියේ සොහොන් කොල්ලකෑම පමණි. එබැවින් නව වචනයක් ඉගෙන ගැනීම ඔහුට දැනුණේ වධහිංසාවක් ලෙසිනි. නමුත් මේ අධ්‍යාපනයට පින්සිදු වෙන්න ඔහුට තමාගේ අත්දැකීම් කිහිපයක් සටහන් කර ගැනීමට හැකි විය. චංෂාවල 'විදුම්' කන්දේ සිටි තරුණ පිරිමි ළමයා මගේ සීයා වූ අතර ඔහු ඔහුට අත් දකින්නට වූ සෑම දෙයක්ම ඔහුගේ පැරණි සටහන් පොතේ වචනයෙන් වචනය සටහන් කළේ ය.මගේ ආච්චි ඔහුගේ කතාවලට ඇදී ගිය ධනවත් පවුලක උගත් දැරියකි. අවසානයේදී, මගේ ආච්චි සහ සීයා විවාහ වී හන්ෂොවු වෙත පැමිණ මෙහි පදිංචි වූ හ.
මගේ සීයාගේ සටහන් පොත සැලකූයේ පවුලේ වස්තුවක් ලෙසිනි.
මගේ සීයාගේ ගඳ සුවඳ දැනීම පිළිබඳ වූ සංවේදනය එම සිද්ධියෙන් පසු සම්පූර්ණයෙන්ම නැති වී ගොස් ඇත. ඒ නිසා පසුව ඔහු විසින් පස් ගඳ දැනීම සඳහා සුනඛයෙකු පුහුණු කරන ලදි. ඔහුට "සුනඛ රජු" යන අන්වර්ථ නාමය ලැබුණේ එලෙසිනි. එය සත්‍යයකි. දැන් චංෂා හි සිටින සියලුම සොහොන් කොල්ලකරුවන් අතර, පැරණි පරම්පරාවේ අයට මෙම නම නිසැකවම හුරුපුරුදු නාමයකි.
මගේ සීයා දිවි ගලවා ගත් ආකාරය සහ ඔහුගේ සහෝදරයාට, පියාට සහ සීයාට සිදු වූ දේ ගැන, මම තවමත් නොදනිමි. එය වූකලී ඔහු මට පැවසීම ප්‍රතික්ෂේප කළ දෙයකි. එහෙත් මගේ මතකයන් තුළ එක අතක් පමණක් ඇති එකැස් සතිත ලොකු මාමා කෙනෙකු කෙදිනකවත් හමු වී නැත. මම සිතන්නේ අවසානය සිදු වන්නට ඇත්තේ දුක්ඛිත ව්‍යසනයකිනි.
මේ පැනය ඇසූ සෑමවිටම සීයා හඬමින් පැවසූයේ “ඒක ළමයින්ට අහන්න තරම් ලස්සන කතාවක් නෙවෙයි” ලෙස ය. මම කෙතරම් ඇසුවත් කෙතරම් කෝප වුවත් එතනින් එහා වචනයක් පැවසීම ඔහු ප්‍රතික්ෂේප කළේ ය. ක්‍රම ක්‍රමයෙන් වැඩෙන විට දී කුඩා සන්ධියේ සිට ම පැවති එම කුතුහලය ද ක්‍රමයෙන් අඩු විය.
සන්ධ්‍යාව පැමිණ තිබුණි. කිසිම මුදලක් නොපැමිණි තවත් කම්මැලි දවසක් එසේ නිමා විය. එය ගැන සිතමින් ම වෙළඳසළ වසා දැමූ මා ඉදිරියට ගොස් වෙළඳසැල් සේවකයාව ද නිවසට යැව්වෙමි. මෙම මොහොතේ ම, මගේ දුරකථනයේ කෙටි කෙටි පණිවිඩයක් දිස් විය: “9 ට, හුආන්ෂා කුකුළ් ඇස.”
එය එවන ලද්දේ තුන්වෙනි මාමා ය. මෙය නව භාණ්ඩ තොගයක් පැමිණි බවට දන්වන රහස් කේතයකි. පසුව, තවත් පණිවිඩයක් දිස් විය: "මකර පිටුපස. ඉක්මනට එන්න."
මගේ දෑස් උද්වේගයෙන් ආලෝකමත් විය. තුන්වෙනි මාමාට තිබුණේ පුදුමසහගත තියුණු දෑස් ය."මකර පිටුපස" යන වාක්‍ය ඛණ්ඩයෙන් අදහස් කළේ එය හොඳ දෙයක් විය යුතු බව ය. ඔහුට පවා එය හොඳ දෙයක් ලෙසින් සිතුණා නම් එය නිසැකවම හොඳ දෙයක් වනු ඇති බව නොඅනුමාන ය. මට ඇත්තටම එය කුමක්දැයි බැලීමට ඇවැසි වුණි.
වෙළඳසැපෙහි දොර අගුළු දැමූ මා ගෙවී ගොස් තිබූ ජින්බෙයි රථයට නැඟී කෙලින්ම ගියේ තුන්වන මාමාගේ නිවසට ය.(4) එක අතකින්, මෙම "හොඳ" දෙය කුමක්දැයි බැලීමට මට අවශ්‍ය විය; අනෙක් අතට, මට අවශ්‍ය වූයේ කලින් ඡායාරූප ගත් සේද පොතේ රටාව ඔහු ලවා පරීක්ෂා කරවීමට ය. කොහොමත් අපේ පරම්පරාවේ තවමත් සොහොන් කොල්ලකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ එකම පුද්ගලයා ඔහු ය.
මම ඔහු සිටින ස්ථානයට පහළ මාලයට පැමිණි විගස, ඉහළ සිට කෑ ගසන ඔහුගේ හඬ මට ඇසිණි: “මෝඩයා! මම ඔයාට කිව්වා ඉක්මන් කරන්න කියලා. ඒත් ඔහේ සොඳුරු කාලය කෑවා.! දැන් ආවා කියලා මොකක්ද ඇති වැඩේ?! ”
“ෂිට්, ඔයා කිව්වේ ඇත්තටමද? ඔයා ළඟ හොඳ භාණ්ඩයක් තිබුණනම්, ඔයාට තිබුණා මම එනකම් ඒවා තියාගන්න! ඔයා ඒක ගොඩක් ඉක්මනින් විකුණුවා!”
කතා කරමින් සිටියදී මා හට යම් පුද්ගලයෙකු දකින්නට ලැබුණි. තරුණයෙක් වූ ඔහු රෙදි කඩකින් තදින් ඔතා තිබූ දිගු දෙයක් පිටෙහි බැඳගෙන ඉදිරිපස දොරෙන් එළියට යමින් සිටියේ ය. දුටු වහාම එම දිගු දෙය ඉපැරණි ආයුධයක් බව බැලූ බැල්මට ම හඳුනාගැනීමට මට හැකි විය. මෙම දෙය ඇත්තෙන්ම ඉතා වටිනා දෙයක් වූ අතර, එය හොඳින් අලෙවි වුවහොත්, මිල එහි වටිනාකමටත් වඩා දස ගුණයකට වඩා වැඩි විය හැකි ය.
මම තරුණයා පෙන්වූ මුත් මගේ තුන්වන මාමා හිස වනමින් ඔබට කළ හැකි දේ අභිනය කළේ ය. මගේ හිතට දැණුනේ ලොකු දුකකි. මේ අවුරුද්දේ මගේ පුංචි වෙළඳසළ ඇත්තටම බංකොලොත් වේවිද යන්න මට සිතාගැනීමට නොහැකි විය.
ඉහළ මාලයට පැමිණි මම කෝපි කෝප්පයක් සාදාගෙන අද දින ඔත්තු බැලීමට පැමිණි මහලු රන් දත් පුද්ගලයා ගැන තුන්වෙනි මාමාට පැවසුවෙමි. ඔහු ද මා මෙන් කෝපයට පත් වනු ඇතැයි මම සිතූ නමුත් ඒ වෙනුවට ඔහුගෙන් දිස් වූයේ වෙනත් පෙනුමකි. මගේ ඩිජිටල් කැමරාවේ අන්තර්ගතය මුද්‍රණය කරමින් සිටි ඔහු නිහඬව සිටියේ ය. පසුව මුද්‍රණය කළ පිටපත අතට ගත් ඔහු එය පහන යට තබාගෙන එහි ආලෝකයෙන් එය නිරීක්ෂණය කරන්නට විය. එක්වරම ඔහුගේ ඉරියව් වෙනස් වනු මගේ උකුසු දෑසට හසු විය.
"මොකක්ද වැරැද්ද?" මම ඔහුගෙන් ඇසුවෙමි. "මේ දේ ගැන අමුතු දෙයක් තියෙනවද?"
“නැහැ, මේක පැරණි සොහොනක සිතියමක් වගේ!” නළල රැලි කරගත් ඔහු පැවසී ය.
****
ඉංග්‍රීසි පරිවර්තකගේ සටහන්:
(1) ඇත්තටම කියන්නේ “鹃” කුකුළා කියලා.ඒත් ඒක ඉංග්‍රීසියෙන් අපහාසයක් වගේ (මගේ මතය අනුව). ඒ නිසා මම ඒක "නයිටිංගේල්" කියලා වෙනස් කළා.
(2) යටි චේතනාවක් ඇති අයෙකු සඳහා කියන ලද්දකි.
(3) සෘජු පරිවර්තනය "මකරුන් සොයන්න, දුර්වල ලක්ෂ්‍යයකට පහර දෙන්න" වැනි දෙයකි. එය මකර නහර සොයා ගැනීම සඳහා ෆෙන්ෂුයි යෙදුමකි. මූලික වශයෙන් මකරෙකු මෙන් පෙනෙන භූමි ප්‍රදේශයකි.
(4) ජින්බෙයි යනු කුඩා වෑන් රථයකට වඩා පැහැරගෙන යන වෑන් රථයක් ලෙස හැඳින්විය හැක. ඒවා "gold cup" කාර් ලෙසද හැඳින් වේ.
My Note
මෙහි 'තීරු පුවරු' ලෙස හඳුන්වා ඇති පදය ඉංග්‍රීසි පරිවර්තනයේ සඳහන් වූයේ 'rubbings' ලෙස ය. අතීත ලියවිලි ලියලා තියෙන ලියවිල්ලක් මේකෙන් අදහස් කරන්නේ. google search කරාම එන images ටිකක් පහළින් තියෙන්නෙ.
Comments
Post a Comment