Skip to main content

පහළොස්වන පරිච්ඡේදය | මෙම පුද්ගලයාට මානසික ගැටළුවක් ඇති බව ෂෙන් ච්‍යාඕට හැඟුණි.

යැන් වුෂි කෙතරම් කෝපයට පත් වූවාදැයි කිවහොත් ඔහු සිනාසෙමින් මෙසේ පවසන්නට විය. “ඇත්තටම නිකාය නායක ෂෙන්ගේ මනස මහා සාගරයක් තරම් විශාලයි. ෂුඅන්දූ කන්දේ සිටින සියල්ලන්ම ඔබ වගේ නොවුණු එකනම් දුකක්. එසේ නොවුනානම්, චි ෆංග'ගේ ගෝලයා වන ඔබ වැන්නෙක්, කුන්ය'ගේ ප්‍රහාරයෙන් පර්වතයකින් වැටෙන්නේ කෙසේද? ”

ෂෙන් ච්‍යාඕ හිස වැනුවා මිස පිළිතුරක් දුන්නේ නැත.

කඩින් කඩ මතකයට පැමිණි සිදුවීම් තිබුණත් ඔහුගේ මතකය තවමත් අපැහැදිලි වූවකි. සමහර දේවල් මතකයේ ඇතත් බොහෝ දේ මතක නැත. එම සිදුවීම පිටුපස ඇති සත්‍යය පිළිබඳව ඔහුට එතරම් පැහැදිලි අවබෝධයක් නොතිබූ බැවින්, ඒ ගැන කතා කිරීමට ඔහුට වැඩි යමක් තිබුණේ නැත.

නමුත් යැන් වුෂි, නොසිතූ මොහොතක හදිසියේම ඔහු වෙතට අත්ලකින් ප්‍රහාරයක් දියත් කළේ ය.

මෙම අත්ල ප්‍රහාරය සැහැල්ලු පහරක් වූයේ නැත. එය ෂෙන් ච්‍යාඕ පරීක්ෂා කිරීමට අදහස් කරන ලද ළමා සෙල්ලමක් මෙන් ද නොවී ය. ඔහුගේ සටන් බලයෙන් සියයට තිහක ප්‍රමාණයකට ශක්තිමත් වූ මෙම ප්‍රහාරය ශක්තිමත් වූවකි.

ඔවුන්ගේ වර්තමාන සටන් හැකියා අතර වෙනස අනුව, සියයට තිහක් කෙසේ වෙතත්, යැන් වුෂි සියයට දහයක පමණ ශක්තියක් භාවිතා කළත්, ෂෙන් ච්‍යාඕ ඔහු ඉදිරියේ බල රහිත වනු ඇත.

වෙනත් කිසිවකු පැමිණ බලා සිටියේ නම්, යැන් වුෂිට ඝාතනය කිරීමේ චේතනාවක් ඇති බවට ඔවුන් නිසැකවම සැක කරනු ඇත. එමෙන්ම, ෂෙන් ච්‍යාඕට ඔහුගේ විනාශයෙන් ගැලවීමක් නොමැති බවට ඔවුන් නිසැකවම එකඟ වනු ඇත.

ෂෙන් ච්‍යාඕගේ හුස්ම තවත් බර විය. රුධිරය උගුර දක්වා ගලා ආ නමුත් ඔහු එය තදින් නතර කරගැනීමට සමත් වූයේ එය මුවින් පිටතට නොඑන පරිදි ය. යැන් වුෂිගේ සිරුරම අභ්‍යන්තර චී ශක්තියෙන් වැසී තිබුණි. එම ශක්තිය දරාගත නොහැකි තරම් අතිශයින් ශක්තිමත් වූ අතර, ප්‍රචණ්ඩ ලෙස ඉදිරියට ඇදෙන මහා ගංගාවක ගලා යන විශාල දිය ධාරාවක් මෙන් විය.

එය ජීවිතය හෝ මරණය අතර මොහොතක් මෙන් වූ අභ්‍යන්තර අර්බුදයක් ඇති කළ නමුත් ෂෙන් ච්‍යාඕට එයින් දැණුනේ බොහෝ සන්සුන් වූවාක් වැනි හැඟීමකි.ඉඩකඩ සහිත  අමුතු හැඟීමක් ඔහුගේ සිරුර තුළ මතු විය.

තවමත් ෂෙන් ච්‍යාඕගේ ඇස් ඉදිරිපිට කළුවර වූ නමුත් එම නිමක් නැති අන්ධකාරයෙන් පිටත සම්පූර්ණයෙන්ම නව මන්දාකිනියක් හෙළි විය.

'විශ්වය එතරම් විශාල හා පාළු ස්වභාවයකින් යුක්ත විය. ලෝකය එතරම් විශාල විය. ස්වභාවධර්මය ආරම්භයේ සිටම නිමක් නැතිව පරිණාමය වෙමින් පැවතුනි. ඔවුන් තුළ ජීවත් වූ මිනිසා කෙතරම් නොවැදගත්ද! යමෙක් දිව්‍යලෝක සමඟ එක් වී, දෙවියෙකු ලෙස නැඟී, ආපසු ශුන්‍යතාවය දක්වා යා හැකි නම්, කඳු සහ ගංගා ඔහු වේ; ඉර සහ සඳ ඔහු වේ; අහස සහ වලාකුළු ඔහු වේ; සහ එහි ඔහුව අන් සියල්ලෙන් වෙන් කිරීමට තවදුරටත් බාධාවක් නොතිබෙනු ඇත.'

ෂෙන් ච්‍යාඕට මේ මොහොතේ දැනුණේ මෙලෙසයි.

ඒ ඔහුගේ ඛණ්ඩනය වූ මතකයන් අවසානයේ සම්පූර්ණ වූ නිසාද,  නැතහොත් සූර්යවාදය පිටපත ඔහුගේ මනසෙහි ගැඹුරට කාවැදී තිබූ නිසාදැයි යන්න ඔහුට කිව නොහැකි විය. ඔහුගේ හිස තුළ මතු වූ මෙම වචන සහ වාක්‍යයන් සමඟින්, ඔහුගේ හදවත පරිපූර්ණ සන්සුන් තත්වයකට පත් විය. ශාක පත්‍ර අතරින් කාන්දු වන සඳ එළිය මෙන්, කුඩාම දීප්තිය පවා පැහැදිලිව පෙනෙන්නට වූවාක් මෙන් විය.

දිගු කලක් එකතැන පල් වී තිබූ අභ්‍යන්තර චී ශක්තිය පවා සේද නූල් මෙන්, ඔහුගේ අත්, පා සහ අස්ථි වටා නොකඩවා සහ නොපැහැදිලි ලෙස සැරිසැරීමට පටන් ගත්තේ ය.

යැන් වුෂි ඔහු වෙත එල්ල කළ අත්ල ප්‍රහාරය කන්දක් මෙන් බර වූ අතර සුළඟ මෙන් වේගවත් විය. සාමාන්‍ය මනුෂ්‍යයෙකුට පියවි ඇසින් පවා එය පැහැදිලිව දැකගත නොහැකි වනු ඇත. කෙසේ වෙතත්, ෂෙන් ච්‍යාඕට එය හැකි විය. ඔහුගේ සිරුරේ පිටුපස බිත්තියට හේත්තු වී තද වී තිබුණි. ඔහුට පැන යාමට තැනක් තිබුණේ නැත. ඔහුගේ එකම තේරීම වූයේ තම සතුරාට කෙලින්ම මුහුණ දීම පමණි.

යැන් වුෂිගේ සටන් බලයෙන් සියයට තිහක ශක්තියකට ඔහුගේ රෝගී හා දුර්වල ශරීරයට මුහුණ දීමට සිදු විය.

යැන් වුෂි යනු වරක් ලෝකයේ ඉහළම සටන් කලාකරුවන් වන චි ෆන්'ග සහ කුයි යොවුවැන්ග් වැනි සටන් විශේෂඥයන් සමඟ පවා සටන් කළ අයෙකි. ඔහු කෙතරම් දරුණු ලෙස ශක්තිමත් දැයි කෙනෙකුට එයින්ම වටහාගත හැකි ය. ෂෙන් ච්‍යාඕ තබා, චී රටේ අංක එකේ සටන් කලා විශේෂඥ වන මුරොන් චින්ගේ අධිරාජ්‍ය පවුල මෙහි සිටියත්, යැන් වුෂිගේ ශක්තියෙන් සියයට තිහකට මුහුණ දීමට සිදු වුවහොත් එය ප්‍රවේශමෙන් හැසිරවීමට වගබලා ගත යුතු ය.

ෂෙන් ච්‍යාඕට මුහුණ දීමට සිදු වූයේ එවැනි පීඩනයකට ය.

නමුත් ඔහු බිත්තිය මතට කඩා වැටී, රුධිරය කැස්ස ඇති වීමට ඉඩ දුන්නේ නැත.

ප්‍රහාරයට මුහුණ දුන් ඔහුගේ මුහුණ කෙතරම් සුදුමැලි වී තිබුණේද යත් එය විනිවිද පෙනෙන බවක් පෙනෙන්නට තිබුණි. නමුත් ඔහුගේ පාද අඟලක්වත් නොසැලී ස්ථාවරව පැවතුණි. ශක්තිමත් චී ශක්තිය විසින් නිර්මාණය කරන ලද බලවේගය නිසා ඔහුගේ වස්ත්‍රවල දෙඅත් වාතය මඟින් පිම්බී සුළඟේ ලෙළ දෙමින් තිබුණි. හිසකෙස් එක් කිරීමට ගෙන තිබූ රෙදි පටිය පවා ගැලවී ගොස් තිබුණි. 

ඔහුගේ දිගු කොණ්ඩය ඔහුගේ උරහිස් මතින් වැටී සුළඟට ගසාගෙන ගියේ සැඩ පහරකට හසු වූවාක් මෙනි.

චී බලවේග දෙක එකිනෙකට එරෙහිව මුහුණ දුන් අතර, එක් පසෙක චී ශක්තිය ශක්තිමත් සහ අනෙක් පස ශක්තිය දුර්වල විය. කෙසේ වෙතත්, දුර්වල පස පසුබසින ලකුණක් පෙන්නුම් කළේ ද නැත.

යැන් වුෂි සිය ඇහි බැම මදක් ඉහළට එසවීය. ඔහු පුදුමයට පත් වූයේ නැත; ඇත්තෙන්ම, ඔහුගේ ප්‍රකාශයෙන් දිස් වූයේ ඔහු එය මුල සිටම බලාපොරොත්තු වූ බවකි.

ෂුඅන්දූ කන්දේ භාවනා ක්‍රම සාමකාමී සහ උදාසීන ය. එය සියලු ලෞකික කටයුතු වලින් ඈත් වූවකි. දුර්වලයන් හමු වූ විට එය දුර්වල වේ; ශක්තිමත් අය හමු වූ විට එය ශක්තිමත් වේ. එය සම්පුර්ණයෙන්ම ඒකාබද්ධ වී සුමටව ගලා ගිය පසු, ඔබගේ ස්වර්ගීය හදවත[1]  ජලය මෙන් පැහැදිලි වනු ඇත.

එක්වරම මෙම වැකිය ෂෙන් ච්‍යාඕගේ හදවතේ රැව් දෙන්නට විය.

එහෙත් ඔහුගේ හැකියාවන් පිටතට පැමිණීමට හේතුවට ෂුඅන්දූ කන්ද සමඟ එතරම් සම්බන්ධයක් නැති බව ඔහු ඉක්මනින්ම වටහා ගත්තේ ය. ඒ වෙනුවට…

ඔහු මදක් ක්‍රියාත්මක කළ අභ්‍යන්තර චි ශක්තිය යැන් වුෂි සමඟ මිශ්‍ර වීමේ සලකුණක් පෙන්නුම් කළේය. අභ්‍යන්තර චී ශක්ති දෙකෙහි කෙඳි දෙක එකිනෙක මුහුණට මුහුණලා සිටියත් ඒ අතරම එකිනෙකින් බලපෑම් කරමින් සිටියේය. ශක්ති දෙකටම පැහැදිලිවම තිබුණේ එකම සම්භවයකි!

නමුත්, ඔවුන්ගේ ශක්තීන්ගේ වෙනස ඉතා විශාල ය. ඝෘජුවම පවසනවානම් යැන් වුෂිට වෙනත් සටන් චලන අවශ්‍ය වූයේ නැත. ඔහු එකම ඉරියව්වේ සිට පීඩනය ටිකක් වැඩි කරමින් සිටියා පමණි. නමුත් ෂෙන් ච්‍යාඕට තවදුරටත් එය දරාගත නොහැකි විය. මුවින් රුධිරය පිට කළ ඔහු තවදුරටත් දරාගැනීමට නොහැකි වූ බැවින් තම සිරුර පසෙකට හරවා ගත්තේ ය.

මේ මොහොතේ යැන් වුෂි ද තම අත්ලෙන් දියත් කළ ප්‍රහාරය ඉවත් කර ගත්තේය.

“මම සිතූ ලෙසමයි.” ඔහු ඉතා උනන්දුවෙන් කීවේය, “එදින මම ඔබේ නාඩි පරීක්ෂා කළ විට මම එය සැක කළා. ඔබ මීට පෙර ෂුඅන්දූ කන්ද මත සිටි කාලයේදී සූර්යවාදයේ පිටපතක් පුහුණු වී තිබෙනවා. එය ඔබට ලබා දුන්නේ චි ෆංග නේද?"

ෂෙන් ච්‍යාඕට ඇසුනේ ඔහුගේ කන් වල ගිගුම් දුන් ඝෝෂාව පමණි. යැන් වුෂිගේ කටහඬ ඈත ක්ෂිතිජයෙන් ආවාක් මෙන් විය. ඔහුගේ මුළු සිරුරම බිත්තිය දිගේ ලිස්සා ගොස් බිම හිඳගැනීමේ ඉරියව්වකට හැඩ ගැසුණි. "එසේනම් එදින රාත්‍රියේ මේඝ තරණ ආරාමයේදී ඔබ මට එම පිටපත කියවීමට දුන්නේ සිතාමතාමද?"

යැන් වුෂි පැවසුවේ, “ඔබ නිවැරදියි. සූර්යවාදයේ පොත් පහක් තිබෙනවා. එයින් 'ඉබාගාතේ යන ආත්මයන්' පිළිබඳ පොත තිබෙන්නේ ෂුඅන්දූ කන්ද මතයි. ඔබ චී ෆංග'ගේ ප්‍රධාන ගෝලයා බැවින් එය කලින් අධ්‍යයනය කර තිබිය යුතුයි. එසේ නොවුනානම් අර්ධ පියවර කඳු මුදුන වැනි තැනකින් වැටුණු පසුවත් ඔබ මිය නොයා සිටීම සිදු විය නොහැක්කක්. දිවි ගලවා ගැනීමට කුඩා අවස්ථාවක්වත් නොතිබිය යුතුයි. නමුත් ඔබේ ඇස් සහ සටන් කලාව පවා ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වුණා. ඔබට එය අමුතු දෙයක් ලෙස පෙනෙන්නේ නැද්ද?"

“ඒ ඔබේ ශරීරයට සූර්යවාදයෙන් අධ්‍යයනය කළ කරුණු මතක ඇති නිසා. ඔබට ඔබේ මතකයන් තාවකාලිකව අහිමි වී තිබුණත්, එම අභ්‍යන්තර චී ශක්ති බිඳ දැනටමත් බොහෝ කලකට පෙර සිට ඔබේ කොටසක් බවට පත්ව තිබුණා. එය ඔබ වෙනුවෙන් ඔබේ සෞඛ්‍යය සෙමෙන් යථා තත්ත්වයට පත් කළා. එදින රාත්‍රියේ මම ඔබට 'නිදහස් කැමැත්ත' පිළිබඳ පොත කියවීමට ඉඩ දීමට හේතුව වූයේ ඔබ කලින් පිටපතෙන් ඉගෙන ගත් එම කොටස් මතක තබා ගත හැකි වන පරිදි මෙම පිටපතේ අන්තර්ගතයෙන් ඔබව උත්තේජනය කිරීමයි. මට අවශ්‍ය වූයේ ඔබට පොත් දෙකෙහිම අන්තර්ගතය ඒකාබද්ධ කර ඒවා එකට ගෙන යා හැකි දැයි බැලීමයි."

ෂෙන් ච්‍යාඕට හුස්ම ගැනීමට තරම්වත් ශක්තියක් තිබුණේ නැත: “මම නිකම්ම වැඩකට නැති පුද්ගලයෙක් පමණයි. නිකාය නායක යැන් මා වෙනුවෙන් මෙලෙස ශක්තිය වැය කරන්නේ ඇයි?”

යැන් වුෂි නපුරු ලෙස සිනාසෙමින්, 

“සූර්යවාදයේ පිටපත් පහෙන් එකක් වන 'නිදහස් කැමැත්ත' පිටපත දැන් ප්‍රදර්ශනය වී ඇති නිසා සියලු පාර්ශවයන් ඒ සඳහා සටන් කරනවා. අවාසනාවකට, මම එම මුල් පිටපත මේඝ අරණ ආරාමයේදී විනාශ කළා. එය ඇසීමට හැකි වූයේ එම අවස්ථාවේ පැමිණ සිටි කිහිප දෙනෙකුට පමණයි. ඔවුන් ආපසු ගිය වහාම ඔවුන් අනිවාර්යයෙන්ම එම අන්තර්ගතය ලියා තබාවි. එමෙන්ම මහජනයාව නොමග යැවීම සඳහා, ඔවුන් අනිවාර්යයෙන්ම එයට සමහර ව්‍යාජ කොටස් පවා මිශ්‍ර කරනු ඇති. තවද, ඔවුන් සමඟ සටන් කිරීමට වෙනත් පුද්ගලයන්ව ආකර්ෂණය කර ගැනීම සඳහා අමතර අනුවාද කිහිපයක් පතුරුවනු ඇති. එදින රාත්‍රියේ ආරාමයට නොපැමිණි නිකායන් බොහෝමයක් සිටිනවා. ප්‍රවෘත්තිය ඇසුණු පසු, ඔවුන්ටත් නිශ්චලව සිටීමට නොහැකි වේවි. එම නිසා සැබෑ අන්තර්ගතය සහිත පිටපත ලබා ගැනීම සඳහා හැකි සෑම ක්‍රමයක්ම උත්සාහ කිරීමට ඔවුන් නොපසුබට වේවි. එලෙසින්, ඔවුන් විවෘතව හා රහසිගතව සටන් කරනු ඇති. නැවත නැවතත් ලෝකයේ කැළඹීම් ඇති වේවි. ඔබට එය සිත්ගන්නාසුළු දෙයක් නොවේද? ”

ෂෙන් ච්‍යාඕ ඔහුගේ දෑස් පියා ගත්තේ ය. "එයින් ඔබට ඇති ප්‍රයෝජනය කුමක්ද?"

“ඇත්තෙන්ම මට එහි ප්‍රයෝජන තිබෙනවා. නමුත් එය ඔබට අදාළ දෙයක් නොවෙයි. එබැවින් ඔබ ඒ ගැන කරදර විය යුතු නැහැ. ඔබට දැන ගැනීමට අවශ්‍ය වන්නේ එම සිදුවීම නිසා ඔබත් අතිවිශාල ප්‍රයෝජනයක් ලබාගත් බව පමණයි. ඇත්තෙන්ම, ඉතිරිව ඇති එක් පිටපතක් පමණක් දෙස හෝ බැලීමට හැකිවීම මේ ලෝකයේ ජීවත් වෙන කෙනෙකුට සිතාගත නොහැකි තරම් විශාල වාසනාවක්. ඔබ කළාක් මෙන් පොත් දෙකක් අධ්‍යයනය කිරීමට අවස්ථාව ඇත්තේ ඉතාමත් සුළු පිරිසකට පමණයි. ඔබට එය දිගටම අධ්‍යයනය කළ හැකි වුවහොත්, ඔබේ සටන් කලාව ඔබේ පෙර මට්ටමටම පැමිණෙන තෙක් යථා තත්ත්වයට පත් කිරීම කළ නොහැක්කක් නොවේ. ඒ ගැන සිතුවොත්, ඔබ ඒ පිළිබඳව මට වඩා නිවැරදිව ස්තුති කළ යුතු නොවේද? ”

"නිකාය නායක යැන්..."

වැකිය නිම කිරීමට ප්‍රථමව යැන් වුෂි විසින් ඔහුගේ නිකට අල්ලාගත් අතර එමඟින් ඔහුගේ හිස එසවීමට බල කළේය. “ ඔබ මට පෙරදී ඇමතුවේ 'ගුරුතුමා' ලෙස නේද? මෙතරම් ඉක්මනින් ඔබ වෙනස් වූයේ ඇයි?"

"මට අවශ්‍යයි..." ෂෙන් ච්‍යාඕ මුමුණමින්, ඔහුගේ කටහඬ මඳක් පහත් වී නොඇසෙන තරම් පහත් විය.

යාන් වුෂි සිය හිස මදක් පහත් කොට ඔහු වෙතට නැමුණේ ඔහු පැවසූ දෙය කෙරෙහි පැහැදිලිව සවන් දීමේ අරමුණෙනි.

නමුත් එක්වරම අනෙක් පුද්ගලයා විසින් තවත් විශාල ලේ කටක් පිට කළේ ය. යැන් වුෂිට ඔහුව ඉවත් කිරීමට කාලයක් නොතිබූ අතර ඔහුගේ අත මත ලේ බිඳු විසිරී ගියේ ය.

යැන් වුෂිගේ ඇස්වලින් මිනී මැරීමේ චේතනාව පුපුරා ගියේ සැණෙකිනි.

ෂෙන් ච්‍යාඕ දුර්වල ලෙස පැවසුවේ, “මම ඔබට පැවසුවා මට රුධිරය පිට කිරීමට අවශ්‍ය බව. එය මම හිතාමතා කළ දෙයක් නොවෙයි..."

වැකිය පවසා නිම කිරීමටත් පෙර හිස පසෙකට ඇල වී ගිය ඔහු ක්ලාන්ත විය.

සිහියත් අසිහියත් අතර සිටි ඔහුට දැනුණේ, ඔහුගේ සිරුර මැද ගුවනේ පාවෙන්නාක් මෙන් හැඟීමකි. ඔහුගේ සිතුවිලි පවා ඈත අතීතයේ කොතැනකට හෝ පාවී ගොස් ඇති බවක් ඔහුට දැණුනි. අවසානයේ, එය ආපසු පැමිණ ඔහුගේ වර්තමාන බාහිර ස්වරූපයට අනුගත වීම සඳහා කොපමණ කාලයක් ගෙවී ගොස් තිබුණාදැයි ඔහුවත් දන්නේ නැත.

දෑස් විවර කළ විගසම, ඔහු අසලින් කවුරුන් හෝ සුසුමක් හෙළනු ෂෙන් ච්‍යාඕට ඇසුණි. “ජීවිතය හරිම දුෂ්කරයි. ඔබ තවමත් ජීවතුන් අතර සිටින්නේ ඇයි? සෑම විටම මියයාමට අසමත් වීම ගැන ඔබගේ සිත කළකිරී නැද්ද?”

ඒ යැන් වුෂිගේ කටහඬයි.

“...” මෙම පුද්ගලයාට මානසික ගැටලුවක් ඇති බවක් ෂෙන් ච්‍යාඕ හට හැඟී ගියේය.

යැන් වුෂි  කටයුතු කළ ආකාරය ඒ වන විටත් යම් ප්‍රමාණයකට නිදහස් මානසිකත්වය මත සහ සහ සාම්ප්‍රදායික නොවන ආකාරයකට අනුගත වී තිබුණි. සූර්යවාදයේ 'නිදහස් කැමැත්ත' පිටපත වැනි වටිනා දුර්ලභ පිටපතක් කිසිදු තැකීමක් නොකර, පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව විනාශ කිරීමට ඔහුට හැකි විය.

එහෙත් සියල්ලන් විසින් පිස්සුවෙන් මෙන් සොයමින් සිටි එම පිටපතේ අන්තර්ගතය දෙස බැලීමට යැන් වුෂි ඔහු හට එම අවස්ථාව ඉතා පහසුවෙන් ලබා දුන්නේ ය.

චෙන් ගොංගේ පාවාදීම නිසා මූ ටිපෝ සහ ඔහුගේ මිනිසුන් විසින් ඔහුව වටලමින් සිටි අවස්ථාවේ, යැන් වුෂි ද එහි සිට ඇත. කෙසේ වෙතත්, ඔහු ඇඟිල්ලක්වත් නොසොල්වා බලා සිටියා මිස ඒ මිනිසුන්ව නැවතීමට කිසිවක් කළේ නැත. ෂෙන් ච්‍යාඕ තමාගේම ශක්තියෙන් පිටව ගිය පසු පමණක් අවසානයේ නැවතත් යැන් වුෂි පෙනී සිටි අතර ෂෙන් ච්‍යාඕගේ ජීවිතය නැති කර ගැනීමට ඔහුට අවශ්‍ය වූවාක් මෙන් හදිසියේම පහර දෙන්නට විය. නමුත් ඔහුගේ සැබෑ අරමුණ වූයේ ෂෙන් ච්‍යාඕගේ සිරුරේ සැඟවී ඉතිරිව තිබූ කුඩා චී ශක්තිය පිටතට ගැනීමයි.

එහෙත්, යැන් වුෂි විසින් මෙතරම් ප්‍රසාදයකට ලක් වීමට තරම් තමා සුදුසු යැයි සිතීමට තරම් ෂෙන් ච්‍යාඕ කිසි විටෙකත් ස්වයං විශ්වාසයෙන් සිටියේ නැත. එමනිසා, එකම පැහැදිලි කිරීම වූයේ, මෙම පුද්ගලයාගේ ස්වභාවය ඉතා අක්‍රමවත් මනෝභාවයකින් යුක්ත වීම නිසා ඔහු පිළිබඳව සාමාන්‍ය බුද්ධිය භාවිතයෙන් අනාවැකි කීම දුෂ්කර කාර්යයක් බවයි.

යැන් වුෂි පැවසුවේ, “මු ටිපෝගේ සේවකයා ඔහුව සොයාගෙන පැමිණියා. චෙන් ගොං සිටින්නෙත් දැන් ඔවුන් අතර. මූ ටිපෝ වැනි නිවට නිළධාරියෙක්ගෙ ඇස් වලට ඔබව වැටුණේ ඔහු නිසයි. ඔබට අවශ්‍යනම් ඔහුව මරා දැමීමට තවත් ඕනෑ තරම් කල් තිබෙනවා.”

ෂෙන් ච්‍යාඕ නිහඬව හිස සෙලවූ අතර පසුව, වැලමිට ආධාරයෙන් සෙමින් සෙමින් ඇඳ මත වාඩි විය. රුධිරය පිට වූ පසු ඔහුගේ පපුව බොහෝ සේ සනීප වී ඇති බව ඔහුට වැටහුණි. හුස්ම හිරවීම සහ වේදනාව ද පහව ගියේය. අහම්බෙන් සිදු වූ අතිරික්ත රුධිරය පිට කිරීම නිසා ඔහුගේ තුවාලවලින් සුවය ලැබීමට හැකි විය.

“නිකාය නායක යැන්ට බොහොම  ස්තූතියි.” ඔහු කීවේය.

යාන් වුෂි තරමක් අවංක විය, “ඔබ මෙතරම් ඉක්මනින් අධික ලෙස  රුධිරය පිට කරනු ඇතැයි මම සිතුවේ නැහැ. මට සරලව අවශ්‍ය වූයේ සූර්යවාදය වෙතින් ලැබී තිබුණු අභ්‍යන්තර චී ශක්තිය භාවිතා කිරීමට ඔබට බල කිරීමටයි.”

ඔහු අඟවන්නේ කුමක්දැයි ෂෙන් ච්‍යාඕ දැන සිටියේය: 'ඔබ එදා බේරාගනු ලැබුවේ නැත්නම්, ඔබ නිෂ්ඵල ලෙස මිය යනු ඇත.'

“එසේ නම් නිකාය නායක යැන්ගේ ඊළඟ සැලසුම කුමක්ද?”

"මම ඔබත් සමඟ ෂුඅන්දූ කන්දට ආපසු යනවා."

“…………” ෂෙන් ච්‍යාඕගේ මුව කෙළවරක් වෙව්ලන්නට විය. "නිකාය නායක යැන්ට සහභාගී වීමට නොහැකි තරම් විශාල ව්‍යාපාර ප්‍රමාණයක් දිනපතාම තිබෙනවා. මා වැනි කෙනෙකු වෙනුවෙන් ඔබේ වටිනා කාලය නාස්ති කරන්නේ ඇයි?"

යැන් වුෂි තම දිගු,සිහින් ඇඟිලිවලින් ඔහුගේ කම්මුල 'ආදරණීයව' ස්පර්ශ කළේ ය. කෙසේ හෝ, ෂෙන් ච්‍යාඕට එය මග හැරීමට නොහැකි විය. එබැවින් ඔහුට හැකි වූයේ යැන් වුෂිට ඔහුගේ නිකට අල්ලා ගැනීමට ඉඩ දී ඔහුගේ පෞද්ගලික දේපලක් දෙස බලා සිටින්නාක් මෙන් තමන් දෙස ඉහල පහල බැලීමට ඔහුට ඉඩ දීම පමණි. 'ඉබාගාතේ යන ආත්මයන්' සඟවා තිබෙන්නේ ෂුඅන්දූ කන්දේයි. නමුත් මම එය තිබෙන්නේ කොහේදැයි දන්නේ නැහැ. ෂුඅන්දූ කන්ද ඉතා විශාලයි. එහි සිටින මිනිසුන්ගේ සටන් ශක්තිය අනුව ඔවුන්ව මට සුළු දෙයක් වුණත්, තවමත් එහි සෙවීම කරදරයක්. කෙසේ හෝ ඔබ මා ළඟ සිටින නිසා ඔබව භාවිතා කළොත් සියල්ලම විසඳේවි."

"මම එහි අන්තර්ගතය මතකයට ගෙන එය ඔබ වෙනුවෙන් ලිවීමට අවශ්‍යද?"

යැන් වුෂි උපහාසයට ලක් කළේ, “දේවල් වාක්‍යයෙන් වාක්‍යයට ලියා පසුව එය වචනයෙන් වචනය කියවීමේ ලක්ෂණ ඇත්තේ මධ්‍යස්ථ මනසක් ඇති අයටයි. මම දැනටමත් උතුරු ෂෝ  අධිරාජ්‍ය මාලිගයේ සඟවා තිබූ පිටපත අධ්‍යයනය කර අවසන්. 'නිදහස් කැමැත්ත' පිටපත සම්බන්ධයෙන් පවසනවානම්, මම එයත් කියවා අවසන්. මම දැනටමත් පොත් පහෙන් දෙකක් අධ්‍යනය අවසන් කර ඇති නිසා, පොතේ ව්‍යුහය කෙලෙසද යන්න ගැන මට දැනටමත් අදහසක් තිබෙනවා. ඔබ ලියන විශ්වාසදායක නොවන දේවල් කියවීමට වඩා, ඔබට මා සමඟ කෙලින්ම සටන් කිරීමට ඉඩ දීම වඩාත් හොඳ වනු ඇත. එවිට, ෂුඅන්දූ කන්දේ සැඟවී ඇති පිටපත තුළ ඇති අද්භූත ආශ්චර්යය තේරුම් නොගැනීම ගැන මට කරදර වීමට අවශ්‍ය නැහැ."

පසුව ඔහු ෂෙන් ච්‍යාඕට පැවසුවේ, “සැබෑ ෂියන්තියන් රාජධානිය ආකෘතිවලින් හෝ අනුකරණවලින් සොයාගත නොහැකියි. සටන් කලාවන් නිර්මාණය කරන්නේ මිනිසුන්මයි. තාඕ හොංජින් හට පාසල් තුනේ කුසලතා ඒකාබද්ධ කර සූර්යවාදය ලිවීමට හැකි වූවානම්, ඇත්තෙන්ම මටත් ඔහුගේ සටන් කලාවට වඩා අති දක්ෂ සටන් කලාවන් නිර්මාණය කළ හැකියි."

මුලින්ම අසන කෙනෙකුට එම වචන මුලුමනින්ම උඩඟු ලෙස හෝ දරාගත නොහැකි තරම් උඩඟු ලෙස පෙනෙන්නට පුළුවන. නමුත් වඩා හොඳින් මෙනෙහි කළහොත්, ෂෙන් ච්‍යාඕ ද ඔහු සමඟ එකඟ විය.

යැන් වුෂිගේ සටන් කලාව දේවත්වය කරා ළඟා වීමට තරම් බලගතු වීමට  සහ අසුර නිකායක නායකයා වීමට තරම් හැකියාවක් ඔහු සතුව තිබීමට හේතුවක් තිබිය යුතුය. ඔහුට ඔහුගේම දක්ෂතා තිබිය යුතුය.මෙම දෘෂ්ටි කෝණයෙන් බලන විට, ඔහු සැබවින්ම ලෝකයේ විශිෂ්ටතම, සටන් විශේෂඥ මට්ටමේ සටන් කලාකරුවන් අතරට පැමිණීමට සුදුසු විය.

නමුත් එක් ගැටලුවක් විය: ඔහු වැනි කෙනෙකු සමඟ මුළු දවසම එකට සිටීම ඇත්තෙන්ම සතුටකට වඩා වධහිංසාවක් විය.

යැන් වුෂි ඔහුගේ මුහුණෙන් අත ඉවතට ගෙන උදාසීන ලෙස පැවසුවේ “ඔබ අවදි වූ නිසා අපි හෙට ආරම්භ කරමු” යනුවෙනි.

ෂෙන් ච්‍යාඕට තරමක අසරණ බවක් දැනුනි. "මට වෙනත් විකල්පයක් නැද්ද?"

“ඔබේ තුවාලයේ තත්වය තවමත් පාලනය කරගත හැකි මට්ටමට ඇති නිසා ඔබට තනිවම ඇවිදීමට පුලුවන්. එසේ නැත්නම්, අපට දැන් තවත් සටනක් කළ හැකියි. මම ඔබට තුවාල කළ පසු හෝ ආබාධිත තත්ත්වයට පත් කළ පසු, මම ඔබව රැගෙන යන්නම්."

ෂෙන් ච්‍යාඕ: "..."

ඉංග්‍රීසි පරිවර්තකගේ සටහන්:

[1] Heaven’s Heart (天心 tianxin): දාඕවාදී යෙදුමකි. ස්වර්ගීය හදවත, හෝ දාඕවාදී මාවතට යන හදවත.ධ්‍යානවේදය පුහුණු වන විට ඔහුගේම දාඕවාදී හදවත සොයාගෙන අනුගමනය කළ හැකිය. දාඕවාදි හදවත යන යෙදුම පසුව දිස්වනු ඇත.

සරලවම පැවසුවහොත් මෙහි ඇත්තේ එකම අර්ථයකි. මෙම නවකතාවේ, එවැනි "හදවත" යනු සටන් කලාකරුවෙකුගේ පදනමයි.

ඔහුගේ ඉතිරි සටන් කලාව ගොඩනැගී ඇත්තේ මෙය මතයි.

පෙර පරිච්ඡේදය |සියලු පරිච්ඡේද | මීළඟ පරිච්ඡේදය

Comments

  1. ගොඩක් ලස්සනයි කතාව

    ReplyDelete
  2. හිතුවට වඩා යැන් වූෂී හරිම හිතුවක්කාරයී

    ReplyDelete
  3. දැන් එතකොට ඇයි දන්නෑ Qiao, Wu Shi ලං වෙනකොට මුකුත් කරන්නෙ නැත්තෙ 👉👈

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-