Skip to main content

දහ හතරවන පරිච්ඡේදය | හොඳ පුද්ගලයෙක් වීම ගැන දැනෙන්නේ කෙසේ ද?

 ෂෙන් ච්‍යාඕගේ දෑස්වල ඇති ආබාධය නිසා තමන්ව හරිහැටි නොපෙනෙන බව පැහැදිලිවම දැන සිටි නමුත් චෙන් ගොං තවමත් ඔහුගෙන් සැඟවී සිටින්නට තැත් කළේ යටි සිතෙන් ඇති වන්නාක් මෙන් දැනුණු යම් වරදකාරී හැඟීමක් නිසා වන්නට ඇත.

මෙය දුටු මු ටිපෝ සිනාසුණේය, “චෙන් ගොං මට පැවසුවා මගේ පිරිමි නිලධාරින්ටත් වඩා ඉතාමත් ලස්සන, සිය ගුණයක් ලස්සන අයෙක් මෙතන ඉන්න බවක්. මේ තරුණයා ලෝකය දැක ඇත්තේ ඉතා සුළුවෙන් නිසා ඒවා අතිශයෝක්තියට නැංවූ වාචාල වැකි ලෙසින් පමණක් මා සිතුවත් දැන් ඔබව දුටු පසු මට මගේ දෑස්වලින්ම එය සත්‍යක් බව දැනගැනීමට ලැබුණා.දැන් මම දන්නවා එය අතිශයෝක්තියක් නොවෙන බව."

ෂෙන් ච්‍යාඕ නිහඬව සිටියේ ය.ඔහුගේ මුහුණ හැඟීම් විරහිත විය.

මූ ටිපෝ ඒ ගැන සැලකිලිමත් වූ බවක් නොපෙනුණි. “මගේ නම මු ටිපෝ, චෙන්ග්යැන්වල අණදෙන කුමාරයා හෙවත් සේනාධිනායකයා. මහරජතුමා මට බොහෝ ප්‍රියයි. එබැවින් ඔබ මා සමඟ ආපසු යාමට කැමති නම්, ඔබ මෙතැන් පටන් ධනයෙන් හා ගෞරවයෙන් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනු ඇති බවට මට විශ්වාසයි. ඔබට තවදුරටත් මෙවැනි රළු,දුක්ඛිත ස්ථානවල ජීවත් වීමට සිදු නොවෙනු ඇති."

මෙතෙක් වේලා නිශ්ශබ්දව සිටි ෂෙන් චියාඕ අවසානයේ සුසුමක් හෙලමින්, “චෙන් ගොං, ඔබද මා සිටින තැන ගැන ඔහුට පැවසුවේ?” යනුවෙන් පැනයක් විමසුවේ ය.

ආපසු හැරීමක් නොමැති බව වටහාගත් චෙන් ගොං තම හදවත දැඩි කොටගෙන පැවසුවේ, “මට වෙනත් විකල්පයක් තිබුණේ නැහැ!මම ඔවුන්ව මෙහි රැගෙන ආවේ නැත්නම්, මට මු… අණදෙන කුමරු මූට සේවය කිරීමට සිදුවෙනවා.!”

ෂෙන් ච්‍යාඕ හිස සැලුවේ ය. “ඔබ ඇත්තටම හිතනවද ඔවුන්ව මෙම ස්ථානයට රැගෙන ආ නිසා ඔබට එයින්  බේරීමට හැකි වේවි කියා?චෙන්ග්යෑංහි අණදෙන කුමාරයා ඔබට යන්න දෙන්න කැමතිද නැද්ද පිළිබඳව ඔබ ඔහුගෙන්ම අසා ඉන්නේ නැත්තේ ඇයි?”

මූ ටිපෝ සිනාසී, “ඔබ නිවැරදියි. මේ කොල්ලා ඔබට සාපේක්ෂව එතරම් හොඳ නැති වුනත් අවම වශයෙන් ඔහුගෙන් ගත යුතු දේවල් ද ඇති බව පෙනෙනවා. ඔහු දක්ෂයි, ඔහුගේ මුහුණටත් තරමක් හොඳ පෙනුමක් තිබෙනවා. ඔහුව සේවකයෙක් කරගත්තොත් හොඳ ලෙස මම සිතනවා. !”

චෙන් ගොං කම්පනයට පත් විය. "ඔබ  මට යන්න දෙනවා කිව්වා!"

මූ ටිපෝ ඔහු ගැන සැලකිලිමත් වූයේ නැත. වස්ත්‍රයේ අත් රැල්ලක් සේ පද්දමින් ඔහු තම දෑත්වලින් දෙපස සිටි මිනිසුන්ට ඔහුව රැගෙන යන ලෙස ඉඟි කළ අතර ඔහුගේ වම්පස සහ දකුණුපස සිටි මිනිසුන් ඉදිරියට ගොස් චෙන් ගොංව අල්ලා ගත්හ.

මේ සියල්ල සිදු වන අතරතුර, ඔහු ෂෙන් ච්‍යාඕ වෙත ඇවිද යමින් සිටියේ ය.

සමහර විට ෂෙන් ච්‍යාඕට ඔහු ළං වන බවක් දැනෙන්නට ඇත. අසුන්ගෙන සිටි ඔහු අවසානයේ මේසය ආධාරයෙන් සිට ගත්තේ ය. එය මූ ටිපෝට ආචාරයක් සේ දිස් වෙන්නට ඇත.

මූ ටිපෝගෙ මුව කෙළවර සිනහවකින් ඔපවත් වුණි. ඔහු බලාපොරොත්තු වූ පරිදිම සියල්ල සිදු විය.

කවුරුන් හෝ බලයට හා අධිකාරියට පැමිණි විට, ලෝකයේ සෑම කෙනෙකුම ඔහුට බිය විය. නැතහොත් ඊර්ෂ්‍යා කළේය. එයට බිය වූ අය බියෙන් වෙව්ලන්නට වූ අතර ඊර්ෂ්‍යාව ඇති අය ගිනි දැල්ලකට ඇදී යන සලබයෙකු මෙන් එය පසුපස හඹා ගියහ. මුලදී අනෙක් පුද්ගලයා අකමැත්තෙන් සිටියත්, ඔහු ද ඉක්මනින්ම ධනය, බලය සහ කාන්තාවන්ට පුරුදු වනු ඇති හෝ ආදරයෙන් බැඳෙනු ඇත. එම අවස්ථාවේදී, ඔහුට ආපසු යාමට අවශ්‍ය වුවත්, තීරණය ගැනීම තවදුරටත් ඔහු සතු නොවනු ඇත.

මූ ටිපෝ ඇසුවේ, "ඔබගේ නම කුමක්ද?"

"මම ෂෙන් ච්‍යාඕ."

එය 'Da Qiao' සහ 'Xiao Qiao' [1] හි මෙන් 'Qiao' ද ? එය එසේනම් එය ඔබට ඉතාමත් හොඳින් ගැලපේ."

එය වම් පසින් 'ෂාන් (කන්ද)' සහිත 'චියාඕ' වේ."

ඇහි බැමක් ඉහළට එසවූ මූ ටිපෝ සිනාසුණේ, “  මම පැමිණියේ ගංගාවල සහ උස් කඳුවල (චියාඕ) ඇතුළු ලෝකයේ සියලුම දෙවිවරුන් සතුටු කිරීමටයි. මෙම 'Qiao' ටිකක් දරුණු ලෙස දැනෙනවා. එය රූපලාවන්‍ය ශිල්පිනියකට තිබිය යුතු නමක් නොවේද..”

එහෙත් ෂෙන් ච්‍යාඕ සිනහසුනේ නැත. "මම හිතන්නේ මේ නම හොඳයි."

“හොඳයි, හොඳයි, ඔබ කැමති තාක් කල් එය හොඳ නමක් වනු ඇති.ඔබට ගෞරවනීය නමක් තිබේද [2]? නැත්නම් මම ඔබට Xiao-qiao ලෙසින් අමතන්නද? ආ-චියාඕ?" මූ ටිපෝ සිනහසුණේ ය. නොදැනුවත්වම ඔහුගේ ස්වරයට යම් හාස්‍යයක් සහ අනුකූලතාවයක් මිශ්‍ර වී තිබුණි.

උණ ලීය අහුලා ගැනීම සඳහා පහතට නැමුණු ෂෙන් ච්‍යාඕගේ වස්ත්‍රයේ කරපටිය මදක් ඈත් වූයේ මේ අවස්ථාවේදී ය. කරපටියට යටින් හෙළි වූ ජේඩ් වැනි පැහැපත් ගෙල සියුම් හා සිහින් වූ අතර, දුටු පමණින් එය අන් අය තුළ සියලු ආකාරයේ රාගික වූ මනඃකල්පිත සිතුවිලි අවදි කිරීමට සමත් විය.

එයින් මූ ටිපෝගෙ හදවතේ රාගය මුසු යම් කැක්කුමක් ඇති විය.ෂෙන් ච්‍යාඕට උදව් කිරීම සඳහා අත දිගු කිරීම වළක්වා ගැනීමට ඔහුට නොහැකි විය.  ඔහුට ඔහු වෙත පැමිණිය හැකි වන පරිදි එම පුද්ගලයාව තම තුරුලට ඇද ගැනීමට මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගත හැකි යැයි ඔහු සිතුවේය.

ෂෙන් ච්‍යාඕගේ ශරීර උෂ්ණත්වය අඩු තත්වයක පැවතුණි. අසනීපව සිටි බැවින් ඔහුගේ සිරුර ද කෙට්ටු විය. ෂෙන් ච්‍යාඕගේ මැණික් කටුව ග්‍රහණය කර ගත් මු ටිපෝට, ඔහුගේ සමේ තුනී ස්ථරයට යටින් හස්ත අස්ථි පවා දැනෙන්නට විය.

සාමාන්‍යයෙන්, මූ ටිපෝ වැනි නොයෙකුත් ආකාරයේ සුරූපිනියන් බොහෝ වශයෙන් දැක ඇති අයෙකු, ෂෙන් ච්‍යාඕගේ අතේ ඇති අස්ථි වැනි අස්ථි දැනුණු විට අකමැති වනු ඇති බව නොඅනුමාන ය. නමුත් මේ මොහොතේ සිදු වූයේ එහි ප්‍රතිවිරුද්ධ දේ ය. ඔහුගේ මනස එම ස්පර්ශයෙන්  කම්පා වී ගිය අතර ඔහුව ලබා ගැනීමට ඇති ආශාව දැඩි වී ඔහු තව තවත් ලබාගැනීමට ඇති උද්දාමය ඉහළ ගියේ ය.

"ආ-ච්‍යාඕ..." ඔහු කීවේ වචන දෙකක් පමණි.

අනෙක් අතට ඔහුට පැවසීමට හැකි වූයේ ද මෙම වචන දෙක පමණි.

මක් නිසාද යත් ඔහුගේ පපුවට යම් කිසි ප්‍රහාරයක් දැනෙන්නට පෙර ඔහුට පැවසීමට කාලය තිබුණේ මෙම වචන දෙක පමණි.

ඔහුගේ හිස පහතට යොමු වූ අතර රිදුම ඇති වූ ස්ථානය දෙස බැලීමට ඔහුගේ අවධානය යොමු විය. නොදන්නා අවස්ථාවක එම උණ ලීය කෙසේ හෝ ඔහුගේ පපුව වෙත ළඟා වී තිබූ අතර එයින් පහර වැදී තිබුණි.

මු ටිපෝගේ ප්‍රතිචාරය ද මන්දගාමී නොවී ය. එම ප්‍රහාරය දැනුණු විගසම, ඔහු එම ගම්‍යතාවයෙන්ම ප්‍රයෝජන ගෙන පිටුපසට නැමුණු අතර, උණ බම්බු පොල්ල එක් අතකින් අල්ලාගෙන අනෙක් අතින් ෂෙන් ච්‍යාඕට පහර දීමට සූදානම් විය.

මුලදී ඔහු සිටියේ අපැහැදිලි මනසකිනි. නමුත් ඔහුගේ පිටුපසින් පිහියෙන් ඇනීමට තරම් එඩිතර වූ මෙම හානිකර නොවන සුන්දරත්වයට ඔහු වෛර කළේ ය. එබැවින්, ඔහු පහර දෙන අවස්ථාව වන විට, දයාව ඉතිරිව නොතිබුණි.

මූ ටිපෝ සටන් කලාව පුහුණු වූ අයෙකි. ඔහුගේ දක්‍ෂතාවය දෙවැනි හෝ තුන්වන මට්ටමට පමණක් අයත් වූවත්, ඔහුගේ අත්ලේ ප්‍රහාරයක් ඇත්තටම ෂෙන් ච්‍යාඕට වැදුනහොත්, දෙවැන්නා නොමැරී සිටියත්, අවම වශයෙන් බරපතළ තුවාල හෝ ලබනු ඇත.

කෙසේ වෙතත්, ඔහුව පුදුමයට පත් කරමින්, ඔහුගේ අතේ ග්‍රහණයට ලක් වී වැටෙන්නට තිබූ උණ ලීය මූ ටිපෝගේ පාලන පරාසයෙන් මිදී වේගයෙන් පැත්තකට ගියේය.

එපමණක් නොව මූ ටිපෝගේ අනෙක්  අතට ද තම ඉලක්කය වෙත යාමට නොහැකි විය.

අසනීප සහ බිඳෙන සුලු සුන්දරත්වයක් යැයි සිතූ එම පුද්ගලයා ඔහුගේ ප්‍රහාරය වැළැක්වූයේ යම් විචිත්‍රවත් පාද චලනයක් භාවිතයෙනි. ආපසු හැරී උණ ලීයෙන් ඔහුගේ ඉණට පහර දීමට පවා ඔහු සමත් විය.

නමුත් ෂෙන් ච්‍යාඕ සතුව අභ්‍යන්තර චීවල ශක්තිය නොතිබූ නිසා එම පහරට මු ටිපෝ හට විශාල හානියක් කළ නොහැකි විය. කෙසේ වෙතත්, එය ඔහුගේ ඉළ ඇට අතර දුර්වලම ස්ථානයට පහර දුන්නේය. මූ ටිපෝ පුදුමයට පත් වූ අතර, එම නිසා තමාව ආරක්ෂා කර ගැනීම සඳහා අභ්‍යන්තර චී භාවිතා කිරීමට අසමත් විය. ඒ නිසාම එම ප්‍රහාරය දරුණු ලෙස වැදුණු අතර ඇති වූ වේදනාව ඔහුගේ දෑස් කඳුලින් තෙත් කිරීමට තරම් ප්‍රබල විය. කඩිමුඩියේ පසුබැසීමට අවධානය යොමු කළ ඔහුට දෑස්වලින් නික්මෙන කඳුලු වළක්වා ගත නොහැකි විය.

සිදු වූ දෙය ඔහුගේ සේවකයන්ට වැටහුණේ මද කාලයකට පසුව ය. ඔවුන්ගෙන් සමහරෙක් මු ටිපෝට සහය දැක්වීමට ඉදිරියට ගිය අතර අනෙක් අය සෙනඟ මැදින් ඉදිරියට දිව ගියේ ෂෙන් චියාඕව බිම හෙළීමට සූදානමෙනි.

මෙම ස්ථානයේදී තමා හට මෙතරම් අලාභහානි සිදු වනු ඇතැයි මු ටිපෝ කවර මොහොතකවත් සිතුවේ නැත. ඔහුගේ මුහුණ කෝපයෙන් පිපිරීමට ආසන්න තරමට වියරු විය. රුදුරු ලෙස ෂෙන් ච්‍යාඕ දෙස බැලූ ඔහු, ඔහුගේ මනසින් මෙම මිනිසාට වධ හිංසා කිරීමට ක්‍රම සියයකටත් වඩා ඒ වනවිටත් සකස් කොට තිබුණි. "ඔහුව පණපිටින් අල්ලගන්න!"

ඔහු රැගෙන ආ සමහර සේවකයෝ සටන් කලාවට තරමක් දක්ෂ අය වූහ. සංඛ්‍යාවෙන් ඔවුන්ගේ පස බොහෝ දෙනෙක් ඇති බව දැන සිටි ඔවුන් ඒ මත විශ්වාසය තබා සිටි අතර ඒ නිසා දෑස් ආබාධයක් සහිතව සිටි අසනීප පුද්ගලයාව එතරම් බැරෑරුම් ලෙස සැලකුවේ නැත.එහෙත් අනපේක්ෂිත ලෙස ඔවුන් සියල්ලෝම පරාජයට පත් වූහ.

එක උණ බම්බු ලීයක් විසින් පමණක් ෂෙන් ච්‍යාඕ ඔවුන් සියල්ලන්ම ඈත් කරන්නට සමත් විය. කිසිවෙකුට ඔහු වෙත ළඟා වීමට නොහැකි විය.

නමුත් එය ප්‍රමාණවත් නොවන බව ෂෙන් ච්‍යාඕ දැන සිටියේ ය. මූ ටිපෝගේ පැත්තේ වැඩි පිරිසක් සිටින බව වටහාගෙන සිටි ෂෙන් ච්‍යාඕ ඔවුන් සමඟ වැඩි කාලයක් ගත කිරීමට අදහස් කළේ නැත. ඔහුගේ ප්‍රහාර එන්න එන්නම අනුකම්පා විරහිත විය. ඔහුගේ දෑස් ආබාධය නිසා සාමාන්‍යයෙන් තරමක් සියුම් ලෙස දිස් වූ ඔහුගේ මුහුණ දැන් සීතලකින් වැසී තිබුණි. ඔවුන්ගෙන් එක් අයෙක් ෂෙන් ච්‍යාඕ පිටුපසින් ගොස් රහසින් ඔහුව අල්ලාගැනීමට උත්සාහ කළ නමුත් ෂෙන් ච්‍යාඕ ඔහුගේ උණ සැරයටිය කසයක් මෙන් හසුරුවා පිටුපසින් පැමිණි පුද්ගලයාට පහර දුන් අතර එයින් එම පුද්ගලයා පසුපසට පැකිලී ගියේ ය. කිසිදු අනුකම්පාවක් නොදැක්වූ, ෂෙන් ච්‍යාඕ වහාම පසුපසට ගොස් ඔහුව ජනේලයෙන් පිටතට තල්ලු කළේය.

පුද්ගලයා දෙවන මහලෙන් බිමට වැටෙන විට ඝෝෂාකාරී කෑ ගැසීමක් වාතය සිදුරු කළ අතර, සියල්ලන්ම තරමක් බියට පත් විය. මොහොතකට ඔවුන්ට සෙලවීමට පවා අමතක විය.

"වෙන කවුද?"

ෂෙන් ච්‍යාඕ ඔවුන් සියල්ලන් දෙස බැලුවේය. ඔහුගේ මුහුණ හැඟීම් විරහිත විය. උණ බම්බු ලීයේ තුඩ බිම ස්පර්ශ වූ අතර, ඔහු ස්ථිරව හා නොසැලී සිටියේය.

ඔහුගේ මුහුණ තවමත් සුදුමැලි වී තිබුණත්, එහි තිබූ දැඩි බවක අමතර හෝඩුවාවක් ද යාන්තමින් දැකගත හැකි විය.

චෙන් ගොං සිටි තැනම සිටගෙන සිටියේ හුස්ම හෙළීමටවත් අමතක වූ පරිද්දෙනි.

මීට පෙර ඔහු විසින් යාචකයින් කිහිප දෙනෙකු සමඟ සටන් කරන ෂෙන් ච්‍යාඕව අබලන් පන්සලේදී දැක තිබූ අතර ඔහුගේ මතකය නැති වී රෝගාතුර වීමට පෙර ෂෙන් ච්‍යාඕ බොහෝ විට දක්ෂ සටන් ශිල්පියෙකුව සිටින්නට ඇති බව ඔහු ඒ වන විටත් දැන සිටියේ ය. කෙසේ වෙතත්, පසුව ඔහු යැන් වුෂි, සෙන් නායක ෂුඑටිං මෙන්ම මේඝ තරණ ආරාමයේ සිටි  අනෙකුත් අයගේ සටන දුටු පසු, ඔහුගේ සටන් පිළිබඳව ඉදිරි දැක්ම ද පුළුල් වූ බවක් පෙනෙන්නට තිබූ අතර, එයින් පසු ෂෙන් ච්‍යාඕ එතරම් ශක්තිමත් බව ඔහුට දැනී තිබුණේ නැත.

මේ මොහොත වන තුරුම ඔහු එලෙස සිතුවේ නැත.දැන් ඔහුට අවසානයේ ෂෙන් ච්‍යාඕගේ බොහෝ රහස් පිළිබඳ දර්ශනයක් අල්ලා ගත් බවක් දැනෙන්නට වුණත්, තවමත් ඔහුට දැනුණේ කිසිවක් නොදැන අඳුරේ තබා ඇති ලෙසක් ය.

මු ටිපෝට ලැජ්ජාවක් දැනුණු අතර, ෂෙන් ච්‍යාඕ කෙරෙහි ඔහුගේ වෛරය සහ අමනාපය වැඩි විය.මොහොතකට ඔහුට අවශ්‍ය වූයේ මේ පුද්ගලයාව මරා දැමීමට ය. නමුත් ඒ සමඟම ඔහුට සිතුණේ ඔහුගේ පිළිකුල නිවා ගැනීමට ඔහුව මරා දැමීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. ඔවුන් ආපසු ගිය පසු ඔහුට ඔහුව පණපිටින් අල්ලාගෙන අවම වශයෙන් හොඳ වාර ගණනක් ඔහුව කෙළෙසා දැමීමට අවශ්‍ය විය. අවසානයේදී, ඔහුව ඔහුගේ යටත් නිලධාරීන්ට අතහැර දමා ඔහුව මරණයට පත් කිරීමට ඔහුට අවශ්‍ය විය.එවිට පමණක් ඔහුගේ හදවතේ මෙම වෛරය නිවාලීමට ඔහුට හැකි වනු ඇත.

ඔහු වටපිට බැලුවේය. තම මිනිසුන් සියල්ලෝම සටන් කිරීමට දෙගිඩියාවෙන් සිටින බවත් කිසිවෙකු  පහර දීමට එඩිතර නොවූ බවත් දුටු ඔහුට ශාප කිරීම වළක්වා ගත නොහැකි විය. ඔවුන්ට බැණ වදිමින් ඔහු පැවසුවේ, “ඔබලාට අන්ධයෙකු සමඟවත් සටන් කිරීමට නොහැකිද!ඔබලාට ඔහුව තලා දැමීමට වුවත් හැකියි.! ”

නමුත් ඔවුන් තවමත් චලනය වීමට එඩිතර වූයේ නැත. ප්‍රධාන වශයෙන් ඔවුන් දැන් ඔහුට බිය වී තිබුණේ පෙර සටනේදී එක් එක් අය අඩු වැඩි වශයෙන් තුවාල ලබා තිබූ බැවිනි. එම පුද්ගලයාට උණ ලීයක් මෙතරම් දක්ෂ ලෙස ප්‍රයෝජනයට ගැනීමට හැකි වේ යැයි කිසිවකුත් නොසිතන්නට ඇත.

ෂෙන් ච්‍යාඕගේ මුහුණේ උදාසීන බවක් දිස් විය. ඔහු කම්මැලිකමකින් මෙන් උදාසීනව සිටගෙන සිටියේ ඔවුන් පිටව යනු ඇතැයි හෝ දිගටම පැමිණ ඔහුත් සමඟ සටන් කරන තුරු බලා සිටින්නාක් මෙනි.

මු ටිපෝ දරුණු ලෙස සිනාසෙමින්, “ඔබ දැන් ඇති වූ සටනට අභ්‍යන්තර චී කිසිවක් භාවිතා කළේ නැහැ. විශිෂ්ට චලනයන් පමණක් වැඩි කල් පවතින්නේ නැහැ. මම දැනටමත් ඔවුන්ට තානායම වට කරන ලෙස නියෝග කොට අවසන්. ඔබ ඔබේ තත්වය කුමක්දැයි දන්නවා නම්, දණින් වැටී මගෙන් බැbroadගෑපත් විය යුතයි. ඒ ආකාරයට වුවහොත් පමණක් සමහරවිට මට ඔබට යම් මගක් පෙන්විය හැකි වේවි. එහෙම නැත්නම්..."

"නැත්නම් මොකද වෙන්නේ?"

මු ටිපෝගේ ප්‍රකාශය දරුණු විය, "එසේ නොවුවහොත්..."

නමුත් ඔහු තම වැකිය අවසන් කිරීමට පෙර, ෂෙන් ච්‍යාඕ අත්ලකින් පැත්තකට පහර දෙන අයුරු ඔහු දුටුවේය.

ෂෙන් ච්‍යාඕට අභ්‍යන්තර චී කිසිවක් නැතැයි සිතූ සියල්ලෝ මවිතයට පත් වූහ. අත්ලෙන් මැවූ වාතය ඔවුන් පසුකර ගිය අතර කෙළවරක තිබූ කැබිනෙට්ටුව එකවරම බිමට ඇද වැටුණි.

ප්‍රහාරය ක්ෂණිකව සිදු වූ නිසා එය පැමිණි බවක් නොදුටු ඔවුන්ට හැකි වූයේ එය මඟහරිමින් පසෙකට පැනීමට පමණි. මූ ටිපෝ ද ව්‍යතිරේකයන් නොවී ය. ඔහුටත් එය මඟහැර පසෙකට පැනීමට අවශ්‍ය වුවද කැබිනට්ටුව ඔහුට පිටුපසින් වැඩි ඈතක නොතිබූ බැවින් ඔහුට අඩියක්වත් පස්සට යාමට තරම් කාලයක් නොතිබූ අතර ඔහුට ඉතිරිව තිබූ එකම විකල්පය වූයේ පැත්තකට නැඹුරු වීම පමණි. කෙසේ වෙතත්, ඔහු එය මග හැරීමට අවධානය යොමු කළ එම මොහොතේ ෂෙන් ච්‍යාඕ සැණෙකින් ඒ අවස්ථාව ලබාගත් අතර මු ටිපෝගේ පිට දෙසට තවත් අත්ල ප්‍රහාරයකින් පහර දුන්නේ ය.

මූ ටිපෝ ප්‍රතිප්‍රහාරයක් සඳහා ආපසු හැරී ගිය නමුත් අනපේක්ෂිත ලෙස ඔහු ෂෙන් ච්‍යාඕගේ උගුලට ඝෘජුවම හසු විය. ෂෙන් ච්‍යාඕ වහාම ඔහුගේ මැණික් කටුව තම හස්තයෙන් ග්‍රහණයට ගත් අතර පසුව අනෙක් අතින් ඔහුගේ ගෙල අල්ලා ගත්තේ ය.මු ටිපෝව පසුපසින් ග්‍රහණයට ගෙන තිබූ ඔහු අඩියෙන් අඩිය පිටුපසට ගියේ ජනේලය වෙත පසුබසිමින් ය.

මෙය දුටු අනෙක් පිරිස තවදුරටත් චලනය වීමට නිර්භීත වූයේ නැත.

ඔහුගේ මැණික් කටුවේ අස්ථිය ලක් වී තිබූ ග්‍රහණය සම්පූර්ණයෙන්ම හුස්ම ගැනීමට නොහැකි තරමට බලවත් වනු ඇතැයි මූ ටිපෝ බලාපොරොත්තු වූයේ නැත. ෂෙන් ච්‍යාඕගේ අනෙක් අත ඔහුගේ ප්‍රාණ වායුවේ ද්වාරය තදින්ම වලක්වා තිබූ අතර අතර, තමන්ගේ අභ්‍යන්තර චී භාවිතා කිරීමට පවා ඔහු බිය විය.

"මෙය කිරීමෙන්, ඔබ.... (කැස්ස, කැස්ස) ඔබේම විනාශය කරා විතරයි ගමන් කරන්නේ!" තමන්ට මෙවැනි ඉරණමකට මුහුණ දීමට සිදු වේයැයි මු ටිපෝ කිසි දිනෙක සිහිනෙන්වත් සිතා නොතිබුණි. ඔහු මරණයට පත් වීමට ආසන්න තරම් විය. නමුත් ඔහු ඉක්මන් ක්‍රියා කිරීමට නිර්භීත වූයේ නැත.

එහෙත් ෂෙන් ච්‍යාඕගේ දුර්වල සිරුරෙන් මෙවැනි දෙයක් කළ හැකි යැයි කවුද සිතුවේ?

"මම මගේම විනාශය කරා යනවාදැයි මම නොදනිමි, නමුත් මම දන්නවා ඔබ අද මට යන්න නොදුන්නොත් ඔබට බොහෝ විට ඔබේම විනාශය මුලින්ම මුණගැසෙන බව." ෂෙන් ච්‍යාඕගේ ස්වරය බොහෝ දුරට සන්සුන් ස්වභාවයක පැවතුණි. කටහඬ උස් නොවීය. ඉඳහිට සිහින් කැස්සක ශබ්දයක් ඇසුනද ඔහුගේ කටහඬේ කෝපයක් නොවීය. “මගේ නොවැදගත් ජීවිතය වෙනුවට ඔබේ උතුම් ජීවිතය ලබා ගැනීමට හැකිවුවහොත් එය ඇත්තෙන්ම විශාල ගනුදෙනුවක් වේවි.”

ඔහු මෙම පුද්ගලයාව හානිකර නොවන හා සියුම් කෙනෙකු ලෙස වරදවා වටහා ගත්තේ කෙසේද!

මු ටිපෝට විකල්පයක් තිබුණේ නැත. තමන් දෙස දෑස් දල්වාගෙන ක්‍රියාමාර්ගයක් ගැනීමට දැනටමත් සූදානමින් සිටි ඒ සේවකයන්ට පසු බසින ලෙස අණ කිරීමට ඔහු හට සිදු විය. "පිටතට ගොස් ඔවුන් සියල්ලන්ටම ඉවත් වන ලෙස පවසන්න!"

ෂෙන් ච්‍යාඕ සුසුම්ලමින්, “අණ දෙන කුමරුන් මීට පෙර මේ ආකාරයෙන් ක්‍රියා කළානම් හොඳයි නේද? අපි යමු. කරුණාකර නගරයෙන් පිටතට යාමට මාත් සමඟ එන්න. පසුව මට කරත්තයක් ලබා දෙන්න."

මූ ටිපෝ උපහාසයෙන් කීවේ “කොහොමද ඔය වගේ අන්ධයෙක් කරත්තයකින් යන්නේ? මට ඔබ වෙනුවෙන් රියදුරෙක් පවා ලබාදීමට සිදු වෙන බව මට කියන්න එපා!”

ෂෙන් ච්‍යාඕ මදක් කල්පනා කොට, “සේනාධිපති කුමරු මූ හරි. එසේනම් ඔබව තවත් සුළු කාලයක් තබාගැනීම වෙනුවෙන් සමාවෙන්න. මේ ආකාරයට සිදු කිරීමෙන් රියදුරු අකීකරු වීමට එඩිතර නොවනු ඇතැයි මට විශ්වාසයි.

මූ ටිපෝගේ කෝපය තවත් ඉහළ ගියේ ය.

මෙසේ ඔවුහු නගරයෙන් පිටතට ගමන් කරන්නට විය. මු ටිපෝට කරත්තයට නැඟීමට බල කෙරුණු අතර, ඔහු ෂෙන් ච්‍යාඕගේ පාලනය යටතේ සිටි නිසා රියදුරු විරුද්ධ වීමට එඩිතර වූයේ නැත.

ඔවුන් උතුරු ෂෝ මායිමට ආසන්න වන තෙක් දින දෙකක් සහ එක් රාත්‍රියක් බටහිර දෙසට ගමන් කළ හ. පසුව මු ටිපෝව ප්‍රාණ ඇපකරුවෙකු ලෙස තබා ගනිමින් ඔහු තානායමකට ගමන් කළේ ය. ඔහු පුහුණුකරුට කරත්තය සමඟ ආපසු යාමට ඉඩ හැරියේ මු ටිපෝගේ සේවකයන්ට මද කාලයකට ඔවුන්ව අල්ලා ගැනීමට නොහැකි වන පරිදි ය. ඉන්පසු ඔහු මුලින්ම කළේ මු ටිපෝව තමන්ගෙන් ඉවත් කිරීමයි. පසුව, අනාගතයේදී ඔහු විසින් වෙනත් පුද්ගලයින්ට හානි කිරීම වැළැක්වීම සඳහා ඔහුගේ පරම්පරාවට දායකත්වය දෙන අවයවය නිෂ්ඵල කළේය. අනතුරුව ඔහුව අමුත්තන්ගේ කාමරයක තැබූ ෂෙන් ච්‍යාඕ අවසානයේ තනිවම පිටත් විය.

තානායමෙන් පිටතට පැමිණි ෂෙන් ච්‍යාඕ හැකි ඉක්මනින් නගර දොරටුව දෙසට ගමන් කළේ ය. කෙසේ වෙතත්, ඔහුට ගමන් කළ හැකි වූයේ පියවර කිහිපයක් පමණි. හිස් වූ, දුරස්ථ මංතීරුවක කොනක් සොයා ගත් ඔහු එහි බිත්තියට හේත්තු වූයේ වැය වූ ඊතලයක තත්ත්වයක් මෙන් පැවති ඔහුගේ දැන් පැවති ශරීර සෞඛ්‍ය තවදුරටත් දරාගෙන සිටීමට නොහැකි වූ නිසා ය. වැය වූ ශක්තිය දුර්වල සිරුරට දරාගත නොහැකි තරමට දැඩි වී සිටි ඔහු ඉදිරියට නැමී දරුණු ලෙස කැස්සේ මුවින් රුහිරය ගලා යන විටදී ය.

එක්වරම පැත්තකින් උපහාසාත්මක ශබ්දයක් ඇසුණි.

හිස ඔසවන්නේ නැතිව වුවත් පැමිණ සිටි පුද්ගලයා කවුදැයි ෂෙන් ච්‍යාඕ දැන සිටියේය. තොල්වල ඉතිරි වී තිබූ ලේ පැල්ලම් අත් දෙකෙන් මකා දැමූ ඔහු බිත්තියට හේත්තු විය.

කළු ලෝගුවක් හැඳ සිටි අයෙක් පෙනී සිටියත් ඔහු ප්‍රාදූර්භූත වූයේ කොයි මොහොතේදැයි පැවසීමට කිසිවෙකුට නොහැකි විය. ඔහුගේ මුහුණ කඩවසම් වූ අතර ඔහුගේ හැසිරීම ගාම්භීරත්වයෙන් අධික විය. දිගු හා පටු ඇස් දිගේ තිබූ රැලි කිහිපය නිසා විස්තර කළ නොහැකි චමත්කාරයකින් ඔහුගේ උස වැඩි වී පෙනුණි.

ෂෙන් ච්‍යාඕ ඉදිරිපිට සිටියේ පිටුපසින් දෑත් බැඳගෙන සිටි යැන් වුෂි ය. කොයි මොහොතක හෝ පිළිස්සී යනු ඇතැයි මෙන්, සුදුමැලිව සිටි ෂෙන් ච්‍යාඕගේ පෙනුම දුටු ඔහු ඔහුගේ දිව "ක්ලික්" ආකාරයකින් ශබ්ද කොට පැවසුවේ, “චෙන් ගොංව පටලවගන්න අවශ්‍ය නැති නිසා ඔහුව ඔබෙන් වෙන් කළ ආකාරය ගැන සම්පූර්ණයෙන්ම පැහැදිලියි. නමුත් ඔබේ හෘදයාංගම කරුණාව ඔහු විසින් ඊළඟ තත්පරයේදී පාවාදීමකින් ගෙව්වා. ඒ චෙන් මිනිහා මූ ටිපෝගෙ සෙල්ලම් බඩුවක් වෙන්න ඕන නැති නිසා එක මොහොතකින් ඔබව අත්හැරියා. හොඳයි, හොඳ පුද්ගලයෙක් වීම ගැන කොහොමද ඔබට දැන් දැනෙන්නේ?"

ෂෙන් ච්‍යාඕට ඔහුගේ පපුව තුළින් ඉහළට නැඟීමට වෙර දරන අතිශයින් ඔක්කාරජනක හැඟීමක් ඇති වුණි. ඔහු තම මුව වසා ගත්තේ තමාට සුවයක් දැනෙන්නට තවත් ලේ කටක් දෙකක් කෙළ ගසන්නට ඇත්නම් යැයි සිතමිනි.

"ඔබ පැවසූ දේ වැරදියි.මේඝ තරණ ආරාමයේ එදින රාත්‍රියේ පිටපත කියවූයේ මම පමණයි. අප දෙදෙනාගෙන් සාක්ෂරතාව ඇත්තේ ද මට පමණයි. චෙන් ගොංට කැපී පෙනෙන මතක ශක්තියක් තිබුණත්, ඔහු එයින් වාක්‍ය කිහිපයක් මතක තබා ගත්තත්, ඒවායේ අර්ථය දන්නේ නැහැ. ඒ නිසා පසුව සය සහයෝගිතා සංධානය අපිව සොයාගැනීමට තීරණය කළත් ඔවුන් පැමිණෙන්නේ මගේ පිටුපසින්. මම ඔහුගෙන් වෙන් වීමට හේතුව ඔහුව මගේ ප්‍රශ්නවලට සම්බන්ධ කරගැනීමට අවශ්‍ය නැති නිසා. මා නිසා ඔහුටත් දුක් විඳීමට සිදු වුවහොත් එය මගේ හෘද සාක්ෂියට වදයක් වේවි.”

ඔහුට තම ප්‍රකාශය අවසන් කිරීමට තරම්වත් ප්‍රමාණවත් ශක්තියක් නොතිබුණි. එබැවින් මොහොතකට විරාමයක් තබා යළිත් පැවසීමට පෙර හුස්ම ගැනීමට ඔහුට සිදු විය:

“නමුත් මම අනාගතය දැකිය හැකි දෛවඥයෙක් නොවේ. ඔහුට මූ ටිපෝව හමුවෙන බව මම දන්නේ නැහැ. ඊටත් වඩා, ඔහු තමාගේ නිදහස සඳහා මා වෙත විපත ගෙන එනු ඇතැයි මම දන්නේ නැහැ. නමුත් එසේ වුවත්, අනාගතයේදී ඔහු මට හානියක් වන දෙයක් කළ හැකි වුවත්, වරදකාරි හැඟීමකින් තොරව ඔහුව මගේ බිල්ලක් ලෙසින් භාවිතා කිරීමට මට නොහැකියි. ”

අරුත් විවරණය:

[1]  Da Qiao, Xiao Qiao (大乔, 小乔) :  තුන් රාජධානි යුගයේ ප්‍රසිද්ධ සුරූපිනියන් දෙදෙනෙක්.

[2]  අනුග්‍රාහක නාමය (字 zi) :  කෙනෙකුගේ නමට අමතරව වැඩිහිටි වියේදී ප්‍රදානය කරන ලද නමකි. සාමාන්‍යයෙන් කෙනෙකුගේ නම වෙනුවට ගෞරවයක් ලෙස මෙය භාවිතා කරයි.

පෙර පරිච්ඡේදය |සියලු පරිච්ඡේද | මීළඟ පරිච්ඡේදය

Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-