Skip to main content

දෙවන පරිච්ඡේදය | ඔහු උන්මන්තකයෙකු නොවෙයි, අන්ධ මිනිසෙක්.

ඒ සිටියේ ෂුඅන්දූ කන්දේ නායකයා වුවද යැන් වුෂිට තුවාල වූ මරණාසන්න මිනිසෙකුව තම පිටේ තබාගෙන, රැගෙන යාමට හැකියාවක් තිබුණේ නැත.

අපහසු කාර්යයන් කිරීමට ඔහු අසළ ගෝලයෙක් රැදී සිටින නිසා ඔහුට මෙය කිරීමට අවශ්‍යතාවයක්ද තිබුණේ නැත. මේ අනුව, මෙම කාර්යය යූ ෂෙන්ග්‍යාන් වෙත පැවරී තිබුණි.

"පවිත්‍ර චන්ද්‍ර නිකාය" හට අර්ධ පියවර කදු මුදුන අසල ඇති "ෆනින්" නම් දිස්ත්‍රික්කයේ  තවත් අමතර මන්දිරයක් පිහිටා තිබුණි. ඔවුන් ච්‍යාඕව රැගෙන ගියේ මෙම මැදුරටයි. ෂෙන් ච්‍යාඕ වැනි කෙනෙක් පිටේ තබාගෙන ඇවිදීම පහසු වූයේ නැත. මන්ද ඔහුගේ අස්ථි සියල්ලම පාහේ බිඳී ගොස් තිබුණි. මේ නිසා සුලු වැරැදි ඉරියව්වකින් වුවත් ඔහුට බරපතළ හානි සිදු විය හැකියි. තවද, ෂෙන් ච්‍යඕගේ තත්වය තවත් නරක අතට හැරෙන්නේ නැති වීමට, ඔහු යොදන බලය ගැනද රැගෙන යන තැනැත්තා මතක තබා ගත යුතුයි. යූ ෂෙන්ග්‍යාන්ගේ සැහැල්ලු කුසලතා [1]  සහ පාදයේ ක්‍රියාකාරිත්වය ඉහළ මට්ටමක පැවතියත් ඔහුට මන්දිරය වෙත ළඟා වීමට පැය දෙකකට ආසන්න කාලයක් ගත විය.

යැන් වුෂි ඒ වන විටත් ඔහුට පෙර පිටත්ව ගොස් තිබුණි. ඒ වන විටත් ඔහු තේ බඳුනක රස බලමින් සැහැල්ලුවෙන් සිටියේය.

"ගුරුතුමනි, ඔබ ඇත්තටම ෂෙන් ච්‍යාඕව බේරගන්නවද?" තුවාල ලැබූ පුද්ගලයාව සුදුසු ලෙස ස්ථානගත කළ යූ ෂෙන්ග්යාන් වාර්තා කිරීමට පැමිණි අතරතුරදී මෙලෙස විමසුවේය .

"මම නොකළ යුතුද?" යැන් වුෂි පිළිතුරු ලෙස තවත් පැනයක් විමසුවේය.

“බොහෝ දුරට ඔහුගේ මෙරිඩියන්[2] සියල්ලම බිඳිලා ඇති. ඔහුගේ අස්ථිත් බොහොමයක් බිඳිලා ඇති. ඔහුට අභ්‍යන්තර චිවලින් [3] ස්වල්පයක් ඉතිරි වී ඇති බව සත්‍යයක්. නමුත්, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට අපට හැකි වුවත් ඔහුට නැවතත් ඔහුගේ සටන් කලාවන් ලබා ගන්න හැකි වේවි කියලා බලාපොරොත්තුවක් නෑ. ඒ විතරක් නෙවෙයි, වැටීමෙන් ඔහුගේ හිස පිටුපසටත් හානි වෙලා. ඔහු අවදි වුණාට පස්සේ උන්මන්තකයෙක් වෙන්න පවා ඉඩ තිබෙනවා."

සිනහවෙහි උණුසුමක් නොතිබුණද යන්තම් සිනහවක් පෑ යැන් වූෂි, “ඔහු, චි ෆංගගේ ගෝලයා. ෂුඅන්දූ කන්දේ නිකාය නායකයා. දාඕවාදී නිකායන්වල අණ දෙන නිලධාරියා. ඔහු වරක් ඉහළම තේජසින් මුදුනෙන්ම වැජඹී සිටියා. නමුත් එක් පරාජය වීමකින් පමණක්, ඔහු නිෂ්ඵල වීමටත් වඩා නරක තත්වයකට ඇද වැටුනා. ඔහුට නැවත ෂුඅන්දූ කන්දට යාමට හැකි වුවත්, ඔහුට නැවත කිසි දිනෙක නිකාය නායකයා විය නොහැකියි. ඔහු අවදි වූ පසු ඔහු සිටින මෙම තත්වය දැනගත් විට ඔහුගේ හැඟීම් කෙබඳු වේවි ද?"

යූ ෂෙන්ග්යාන් සුසුම්ලමින් "එය සත්‍යක්. ස්වර්ගයේ ප්‍රසාදයට පවා ලක් වූ ෂෙන් ච්‍යාඕ වැන්නෙකුට පමණක් නෙවෙයි සාමාන්‍ය මිනිසෙකුටවත් මෙවැනි කඩා වැටීමක් දරාගන්න හැකියාවක් නැහැ. තත්වය උසස් වන තරමට වැටීම පිළිගැනිම තව තවත් දුෂ්කරයි!”

පසුව ඔහුට සැකයක් ඇති විය. "කෙසේ නමුත් ෂෙන් ච්‍යාඕ කියන්නේ චි ෆංගගේ ගෝලයෙක්. ඔහු ෂුඅන්දූ කන්දේ නායකයා. එපමණක් නෙවෙයි ඔහු පළමු දස දෙනා අතරට පවා ඇතුළත් වූ අයෙක්. ඒ නිසා ඔහුගේ සටන් කුසලතා කැපී පෙනෙන ලෙස තිබිය යුතුයි. කුන්යේට ඔහුව පරාජය කිරීමට හැකි විය හැකියි. නමුත් ඔහුව මෙතරම් දරුණු ලෙස පරාජය කිරීමට ඔහුට හැකි වූයේ කෙසේද? අතීතයේ සිටම හුළුගුටත් වඩා කුන්යේගේ සටන් කුසලතා විශිෂ්ට වී තිබුණා විය හැකිද?"

යැන් වුෂි නැවත වරක් සිනාසෙමින් පිළිතුරු දුන්නේ, “ෂෙන් චියාඕ උන්මත්තකයෙකු ලෙස අවදි නොවුනොත් මේ පැනය ඔබට ඔහුගෙන්ම විමසිය හැකියි.”

ෂෙන් ච්‍යාඕව රැගෙන ගිය මොහොතේ සිටම ඔහුගේ ගුරුතුමා කෙතරම් හොඳ මනෝභාවයකින් සිටින බවක් පෙනෙන්නට තිබුණේද යත්, ඔහු සිනාසුණු වාර ගණන පවා පෙරට සාපේක්ෂව වැඩි වී ඇති බව යූ ෂෙන්ග්‍යාන් හට දැනුණි.

නමුත් මුහුණවත් පැහැදිලිව නොදුටු, ප්‍රථම වරට මුණගැසුණු කෙනෙකු වන ෂෙන් චියාඕ කෙරෙහි ඔහුගේ ගුරුතුමාට මෘදු බවක් ඇතැයි සිතමින් වැරදි වැටහීමක් ඇති කරගැනීමට, නිසැකවම මෙම කරුණ පමණක් ප්‍රමාණවත් නොවන බව ඔහුට සිතුණි.

ඔහු සෙමින් ඇසුවේ, “ෂුඅන්දූ කන්ද අපට ණයගැති කරවා ගැනීමට උපක්‍රමයක් ලෙස ගුරුතුමා ෂෙන් චියාඕව බේරා ගැනීමට අදහස් කළාද?”

යැන් වූෂි තරමක් උද්යෝගයෙන් පැහැදිලි කළේය: "ඔහුගේ පරාජයෙන් ඔහු මිය ගියොත්, එය ඔහුගේ අනාගත කරදර අවසන් කිරීමට හොඳ දෙයක් ලෙස සැලකිය හැකියි. නමුත් ඔහු අවදි වූ පසුව, ඔහු තවමත් ජීවතුන් අතර සිටින බවත්, ඔහුගේ ශරීරයට බරපතල තුවාල සිදු වී ඇති බවත්, ඔහුගේ සියලු මෙරිඩියන් බිඳී ඇති බවත්, ඔහුගේ සටන් කලාව සම්පූර්ණයෙන්ම නැති වී ගොස් ඇති බවත්, ඔහු සතු සියල්ල අහිමි වී ඇති බවත් දැනගතහොත් ඔහුට කෙසේ හැඟේවිද? විශාල බලතල සහ අධිකාරියක් දැරූ තරමට මෙවැනි පහරක් පිළිගැනීම කෙනෙකුට ඉතා දුෂ්කර වෙනවා. ඔහුත් එවැනි බලවත් කෙනෙක්. නිසැකවම ඔහුගේ මානසිකත්වයද බිඳ වැටේවි. එහෙම වුණාට පස්සේ මම ඔහුව මගේ ගෝලයා ලෙස ගත්තොත්, ක්‍රමක්‍රමයෙන් මේ කරුණාවන්ත, හිත හොඳ ෂුඅන්දූ කන්දේ නිකාය නායකයා, මහජනයාගේ ඇස් හමුවේ සදාචාරාත්මක පදනමක් නොදන්නා අසුර නිකායේ ගෝලයෙකු බවට පත් වේවි. එය කෙතරම් රසවත් වේවිද?"

ඔහුට ඇහුම්කන් දුන් යූ ෂෙන්ග්‍යන් කෝපයට පත් විය: “ඔහු අවදි වන විට උන්මතකයෙක් වෙලා හිටියොත් මොකද කරන්නේ?”

යැන් වුෂි පිළිතුරු දුන්නේ කාරණය එතරම් වැදගත්කමක් නැති ආකාරයට ය, "එහෙනම් ඔබ කැමති තැනකට ඔහුව ගෙන ගොහින් පණපිටින් ම වළලලා දාන්න."

යූ ෂෙන්ග්‍යාන් පසුබට විය: “ගුරුතුමනි, ෂෙන් ච්‍යාඕගේ පෙර තත්ත්වය ඉතා සුවිශේෂී එකක්. ඇයි අපි ඔහුව ෂුඅන්දූ කන්දට භාර දීලා ඔවුන්ගෙන් ප්‍රසාදයක් ලබා නොගන්නේ? අවම වශයෙන් ඔවුන් තමන්ගේ කීර්ති නාමය   පිළිබඳව සිතාවත් තමන්ගේ නිකාය නායකයාව එළියේ අතරමං කරන්නේ නැති වෙයි නේද?”

යැන් වුෂි මඳ සමච්චල් සහගත සිනහවක් පල කළේ ය. අද මෙහි සිටින පුද්ගලයා ඔහුගේ වැඩිමහල් ගෝලයා වූ බියන් යැන්මෙයි වූවානම්, ඔහු නිසැකවම මේ තරම් බොළඳ සහ හාස්‍යජනක පැනයක් අසන්නේ නැත. යූ ෂෙන්ග්යාන් තවමත් ඔහු තරම් මනසින් මෝරා නැත.

නමුත් අද ඔහුගේ මනෝභාවය තරමක් යහපත් වූ නිසා ඔහු තවදුරටත් පැහැදිලි කිරීමට කාලය මිඩංගු කළේ නැත. “ෂෙන් ච්‍යාඔ හොඳම සටන් කලාකරුවන් දස දෙනා අතර සිටින බව ඔබ දන්නවා. ඔහු හුදෙකලාවේ ගැඹුරින්ම වාසය කළ නිසා, ඔහුගේ කුසලතා ඇත්ත වශයෙන්ම දැක ඇත්තේ ස්වල්ප දෙනෙක් පමණයි. ඔහුට චි ෆංගේගේ ගේ "මැන්ටලය" [4] පවා ලබා ගන්න හැකියාව තිබුණා, ඔහු කොයි තරම් විශිෂ්ට කෙනෙක් විය හැකිද? ඇත්තෙන්ම, කුන්යේ යනු ෂියන්තියන් විශේෂඥයින්ගේ ක්ෂේත්‍රයට ළඟා වූ හූ ලූගු නොවේ. ෂෙන් ච්‍යාඕ කුන්යේට පැරදුණත්,අවම වශයෙන් ඔහුට ආරක්ෂිතව පසුබැසීමට හෝ හැකි විය යුතුයි. නමුත් ඔහු මේ ආකාරයට තුවාල වුණේ කොහොමද? ”

යූ ෂෙන්ග්යාන් එතරම්ම බොළඳ නොවීය. එය ඇසූ ඔහු වහාම වටහාගත්තේ “අනපේක්ෂිත දෙයක් සිදුවෙන්න ඇති. එය ෂුඅන්දූ කන්දේ අභ්‍යන්තරව සිදු වූ දෙයක් නම්, අපි ෂෙන් ච්‍යාඕව ඔවුන්ට භාර දුන්නත්, ඔවුන් ඔහුව පිළිගන්නේ නැහැ. එසේ වුවහොත් අපිට ඔවුන්ගෙන් ප්‍රසාදයක් නොලැබෙනවා පමණක් නෙවෙයි අපි  අනවශ්‍ය කරදරයක් ඇතිකරගන්නත් ඉඩ තිබෙනවා.”

'අවම වශයෙන් ඔහු සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු තබාගත නොහැකි තත්වයේ කෙනෙක් නොවෙයි.'  යැයි සිතමින් යැන් වුෂි තම ගෝලයා දෙස බලා “මා මෙහි සිටින තාක් පවිත්‍ර චන්ද්‍ර නිකාය අන් කිසිවකුගේ මතයක් සලකන්නේ නෑ. ඒ වගේම කිසිම වෙලාවක කිසිම ප්‍රසාදයක් සඳහා ගනුදෙනු කිරීමක් අවශ්‍ය වෙන්නෙත් නැහැ” යනුවෙන් පැවසීය.

ෂෙන් ච්‍යාඕගේ තත්ත්‍වය තරමක් විශේෂ වූ බව සත්‍යයකි. නමුත් යැන් වූෂි හටනම් ඔහුව තරමක් දුර්ලභ සෙල්ලක්කාරයෙකුට වඩා වෙනස් කෙනෙක් නොවීය.

ඔහු කියූ දේ අතිශයින් අහංකාර බවක් පෙනෙන්නට තිබුණත්, අද දින යැන් වුෂි මෙවන් දෙයක් කීමට තරම් සැබවින්ම සුදුසුකම් ලබා තිබුණි.

වසර දහයකට පෙර, අසුර නිකායේ නිකාය අධිපති කුයි යුවාන් සමඟ කළ සටනේදී ඔහු පරාජය වී තුවාල ලැබුවත් ඔහුගේ ප්‍රතිවාදියාටද නිරුපද්‍රිතව පිටව යාමට ඉඩ දුන්නේ නැත. එපමණක්ද නොව, එකල කුයි යුවාන්ගේ සටන් බලය සිතාගත නොහැකි තරම් ශක්තිමත්ව තිබු කාලයකි. එය චි ෆංගගේ සටන්කාමීත්වයට සමාන වූවකි.

වසර දහයකට පසුව, කුයි යුවාන් සහ චි ෆංග යන දෙදෙනාම මිය ගොස් සිටි අතර යැන් වූෂි ෆීනික්ස් චිලින් මූලික කුසලතාවල නවවන අදියර පුහුණු වීමෙන් පසු නව උසස් තත්වයක් ලබා තිබුණි. ඔහුගේ සටන් බලයේ ප්‍රගතිය තවමත් පරීක්‍ෂාවට ලක් වී නොතිබුණද, නිසැකවම එය වසර දහයකට පෙර තිබූ ප්‍රගතියට වඩා අඩු නොවනු ඇත.

වර්තමානයේ, ඔහු නැවත සටන්කාමී ලෝකයේ පෙනී සිටි බව දැන සිටියේ ඉතා සුළු පිරිසක් පමණි. එසේ නොවුනානම් එය විශාල ආන්දෝලනයක් වනු ඇත.

සමහර විට, පළමු දස දෙනාගේ ශ්‍රේණිගත කිරීම යාවත්කාලීන කිරීමට අවශ්‍ය වනු ඇත.

මේ මොහොත දක්වා කල්පනා කළ යූ ෂෙන්ග්‍යාන්ගේ හදවතට ලේ ගලා යන බවක් දැනෙන්නට විය. ඔහු උද්‍යෝගයෙන්, “ඔබ භාවනා කරන විට, සමගි නිකාය සෑම දිනකම වාගේ අපට කරදර ඇති කළා. වරක් සැන් ජින්ෂින් සමඟ සටන් කොට තුවාල වූ නිසා මට බොහෝ දුර යාමට පවා සිදු වුණා. මා වසර ගණනාවක් එළිමහනේ සැරිසැරීමට හේතුව එය විය. වාසනාවකට මෙන්, ඔබ අවසානයේ ආපසු පැමිණ ඇත ... "

අනෙක් අය භාවිතා කළ “අසුර නිකාය” යන යෙදුම ඇත්ත වශයෙන්ම සාමාන්‍ය නමක් පමණි.

මුලදී, අසුර නිකාය ෆීනික්ස්-චිලින් දූපතේ තිබූ සූර්ය සඳ කන්දේ පිහිටි සූර්ය සඳ නිකායට අයත් විය. පසුව, සූර්ය සඳ නිකාය කුඩා කොටස් තුනකට බෙදී ගියේය. ඒ, පවිත්‍ර චන්ද්‍ර නිකාය, සුසංයෝග නිකාය සහ කලා කැඩපත නිකාය [5] යන තුනටයි. නිකායවල් තුනම අසුර නිකායට අයත් වූ නමුත්, බාහිරින් පමණක් මිත්‍රශීලීව සිටි අය විය. ඇත්තෙන්ම ඔවුන් එකිනෙකා සමඟ ප්‍රසිද්ධියේ සහ රහසිගතව සටන් කිරීම නතර කර තිබුණේ නැත.

යැන් වුෂි මීට වසර දහයකට පෙර සංවෘත දොරටු භාවනාවට අවතීර්ණ වූ පසු පවිත්‍ර චන්ද්‍ර නිකායට නායකයකු නොමැති වූ බව දුටු සමගි නිකාය,  පවිත්‍ර චන්ද්‍ර නිකායත් තමන්ගේ නිකායට ඒකාබද්ධ කිරීමට අදහස් කරගෙන සිටියහ. කෙසේ වෙතත්, පවිත්‍ර චන්ද්‍ර නිකායේ ගෝලයන් සංඛ්‍යාවෙන් ස්වල්පයක් වූවා පමණක් වුවත් ඔවුන් විසිරී සිටි නිසා, සමගි නිකායට සෑම ස්ථානයක්ම එකවර රැකබලා ගැනීම දුෂ්කර විය. වැඩිමහල් ගෝලයා වන බියන් යැන්මෙයිට රහසිගතව කාරණා හැසිරවීමට දක්ෂ උපක්‍රම තිබූ නිසා, එමගින් සමගි නිකායේ අයට සැලකිය යුතු තරම් කරදර ප්‍රමාණයක් ඇති කිරීමට ඔහුට හැකි විය.

ඔවුනොවුන්ගේ ප්‍රයත්නයන් එකිනෙක අසාර්ථක වීමෙන් පසුව සමගි නිකායට එයින් වැඩි වාසියක් අත්කරගැනීමට හැකියාවක් ලැබුණේ නැත. එම නිසා ප්‍රයත්නය නිෂ්ඵල විය.

ඉතා මෑතකදී නිකායට ඇතුළු වූ නිසාත්, තවමත් වයසින් තරුණ වූ නිසාත් සෑහෙන පාඩුවක් සිදු වූයේ යූ ෂෙන්ග්‍යාන්ට පමණි.

දැන් යැන් වූෂි යළිත් පැමිණ ඇති බැවින්, පවිත්‍ර චන්ද්‍ර නිකායේ මිනිසුන් දිස් වූයේ අතුරුදහන් වී සිටි තම මව සොයා ගත් දරුවන් පිරිසක් මෙනි. ස්වභාවිකවම ඔවුන්ගේ හදවත් උද්දාමයට පත් වී තිබුණි.

යැන් වූෂි පවසන්නට විය, “සාමාන්‍ය සේවකයන්ට ෂෙන් ච්‍යාඕව හොඳින් රැක බලාගත නොහැකියි. ඔබ මෙහි රැඳී සිට ඔහු අවදි වන තෙක් දින කිහිපයක් ඔහුව බලාගන්න. ඉන්පසු අර්ධ-පියවර කඳු පාමුලට ආපසු ගොස් ෆීනික්ස්-චිලින්ගේ මූලික පුහුණුවේ පස්වන අදියර සම්පූර්ණයෙන්ම ග්‍රහණය කර ගැනීමට වග බලා ගන්න."

යූ ෂෙන්ග්යාන් ගෞරවාන්විතව කීකරු විය. "ඔබ අණ කළ පරිදිම කරන්නම්."

ෂෙන් ච්‍යාඕගේ තුවාල ඉතා බරපතල වූ නමුත් ඔහුගේ මුහුණේ ඇති තුවාල බොහොමයක් ඔහුගේ වැටීමේදී ඇති වූ සීරීම් පමණක් විය. සියලුම ලේ ඉවත් කිරීමෙන් පසු ඔහුගේ සැබෑ ස්වරූපය හෙළි විය.

මුහුණ තුවාල වූවත් ගෝස් පටියක් හිස වටා බැඳ තිබුණත් ඔහුගේ කඩවසම්කමට එයින් කිසිඳු හානියක් සිදු වී තිබුණේ නැත. එය ඔහුගේ ආරුක්කු නාසයේ පාලම හෝ තදින් තද වී ඇති තොල්පට යුගල වේවා ඔහුගේ සියලු ලක්ෂණ ඔහුට තරමක් දුර්වර්ණ රසයක් ලබා දුන්නේය. ෂුඅන්දූ කන්දේ දාඕවාදී පූජකයන් ගැන මිනිසුන් අතර තිබූ කතාවට, ඔහුගේ රුව සම්පූර්ණයෙන්ම සමාන විය. සැබැවින්ම "මිනිස් ලෝකයේ අපිරිසිදුකම නොසලකා හරිමින්... " යන්නට ඔහුගෙ ස්වරූපය සමපාත විය.

මේ ඇස් යුගලය විවෘත වූ පසු ඔහුගේ වර්තමාන විචිත්‍රත්වයට ගෙන එන්නේ කුමන කරුණාවන්තකමක්ද යන්න සිතා ගැනීම බෙහෙවින් දුෂ්කර කාරණයක් විය.

යැන් වුෂි විසින් ගෝලයෙකු ලෙස ගත් බැවින් යූ ෂෙන්ග්‍යාන් අනිවාර්යයෙන්ම අවලස්සන අයෙකු නොවීය. ඔහු ලොව පුරා සංචාරය කර ඇති අතර ඔහු විසින්ම කැපී පෙනෙන අලංකාරයන් රාශියක් දැක ඇත. එහෙත් ඔහු ඉදිරියෙන් සිටි ෂෙන් චියාඕගේ මුහුණ තුවාලවලින් වැසී තිබුණද ඉතා අලංකාර වූයේ ලොව සියලු අලංකාරයන් අභිබවා ගියාක් මෙනි. ඔහු තවමත් බැල්ම ඉවතට නොගෙන හදවත ඇතුළතින්ම ඔහු ගැන අනුකම්පා කරමින් සිටියේය. පසුව ආලේපනය ගෙන එය ආලේප කළේය.

කැඩුණු අස්ථි සකස් කර කැඩී ගිය මෙරිඩියන් නැවත සම්බන්ධ කළ හැකි වුවද, බරපතල ලෙස තුවාල වූ අභ්‍යන්තර අවයව අලුත්වැඩියා කිරීම එතරම් පහසු නොවීය. එපමණක් නොව, ඔහුගේ ධ්‍යානවේදි මට්ටම[6] 

බොහෝ සෙයින් අඩු වී ඇති අතර, ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලය තුළ ඔහු සාමාන්‍ය මිනිසුන්ට වඩා දුර්වලව සිටීමට ඉඩ ඇත. එක රැයකින් වසර ගණනාවක් වෙහෙස මහන්සි වී ඔහු ලබා ගත් ඔහුගේ සටන් කලාවන් සියල්ලම නැති වී ගිය ආකාරය සිතින් මවාගත් යූ ෂෙන්ග්‍යාන්ට ඒ ගැන තවදුරටත් සිතීමට අපහසු වූ අතර ඊටත් වඩා පිළිගැනීමට අපහසු විය. තමාට අන් අයගේ උපකාර ගැනීමට සිදු වූ විට ෂෙන් චියාඕ අත්විඳින ගැටුම් ඔහු සිතුවාට වඩා විශාල විය හැකිය.

'මොන දුකක්ද.'  යූ ෂෙන්ග්‍යාන් තමන්ටම කියාගත්තේ ෂෙන් ච්‍යාඕගේ සුදුමැලි සම දෙස බලමිනි.

යැන් වුෂි ඔහුව බේරා ගැනීමට අත දීමට තීරණය කළේ හදිසි ආවේගයක් නිසා පමණි. හානි වූ තැනැත්තා ආපසු ගෙන ආ පසු ඉතිරි සියල්ල යූ ෂෙන්ග්‍යාන්ගේ වගකීම බවට පත් වී තිබුණි. යැන් වූෂි නැවත කිසි දිනක ඒ ගැන විමසා තිබුණේ නැත.

ෆනින් දිස්ත්‍රික්කය තරමක් කුඩා දිස්ත්‍රික්කයක් විය. සාමාන්‍යයෙන් මගීන් කිහිප දෙනෙකුට පමණක් නැවතීමට ඉඩ ඇත. නමුත් අර්ධ පියවර කඳු මුදුනේ පැවති සටන ලෝකයේ පැතිරී ගොස් තිබුණේ ලැව් ගින්නක් බදු වේගයකින්. ඒ නිසා, සටන් කලාකරුවන් ගණනාවක් මේ දිනවල අර්ධ පියවර කන්දෙන් බැස තමන්ගේ නිවෙස් කරා යන විට ෆනින් දිස්ත්‍රික්කය පසුකර යමින් සිටියහ. ඔවුන් රාත්‍රියට මෙහි නැවතීමට තීරණය කළහ. ඉදහිට සංචාරය කිරීමට පිටතට යන යූ ෂෙන්ග්‍යාන්ට මේ නිසා ඕනෑ තරම් ප්‍රවෘත්ති ඇසීමට හැකි විය.

නිදසුනක් වශයෙන්, ෂෙන් ච්‍යාඕ සහ කුන්යේ අතර සටන අතිවිශිෂ්ට සටනක් විය. නමුත් කවුරුන් කොහොම කීවත් ෂෙන් ච්‍යාඕ යනු චි ෆංග නොවේ. ඔහුගේ මට්ටම තවමත් ඔහුගේ ස්වාමියාගේ මට්ටමට වඩා බෙහෙවින් අඩු විය. අනෙක් අතට, කුන්යේ තවමත් ඔහුගේ ස්වාමියා වන හුළුගු තරම් දක්ෂ නොවූවත් ඔහුට තරමක් පුදුමාකාර දක්ෂතා තිබුණි. එහෙයින්, දාඕවාදි ච්‍යාඕ හට කුන්යේට එරෙහිව තරඟ කිරීමට නොහැකි වූවා පමණක් නොව, කුන්යේගේ ප්‍රහාර හේතුවෙන් ඔහු ප්‍රපාතයෙන්ද ඇද වැටුණි. ඔහුගේ දේහය කොතැනකවත් සොයාගත නොහැකි විය.

මීට පෙරදී , තුජුයේ ප්‍රධානී වන කුන්යෙ [7] විසින් අභියෝග කිරීමේ ලිපියක් ෂෙන් චියාඕ වෙත යැවූ පුවත අසා බොහෝ මිනිසුන් ධාර්මික කෝපයකින් පිරී ගියහ. සටනින් පසු කුන්යේ, ච්‍යාඕට පැරදුනු විට තුජුයේ ජනයාගේ උඩඟුකම නැතිවේ යැයි සිතා ඔවුන් රහසේ සතුටු විය. කෙසේ වෙතත්, සටනින් පසු සිදු වූයේ එහි අනෙක් පසයි. ෂුඅන්දූ කන්දේ නිකාය නායකයාට පවා මෙතරම් විශාල හානි සිදු වී ඇති බව දුටු විට, වරක් ෂෙන් ච්‍යාඕ වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත් වූ සියල්ලෝම පවා දැන් ස්වයංසිද්ධව යටත් වී තිබූ අතර තවදුරටත් කුන්යේගේ හෙල්ලයට එරෙහිව නොනැමී සිටීමට එඩිතර වූයේ නැත.

මෙම සටනෙන් පසුව කුන්යේ, ෂෙන් චියාඕ වෙනුවට පළමු දස දෙනාගේ ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත් වූ බැවින් ඔහුගේ කීර්තිය බෙහෙවින් වැඩි විය. මෙවර මධ්‍යම තැනිතලාවේ සංචාරයේදී ඔහු මධ්‍යම තැනිතලා නායකයන්ට පිළිවෙළට අභියෝග කරන බව පැවසෙන අතර, ඔහුගේ මීළඟ ඉලක්කය "ෂෝ"හි ෂෙන් මාස්ටර් ෂුඑටින් වීමට බොහෝ දුරට ඉඩ තිබුණි.

ජින් ජනයා දකුණට සංක්‍රමණය වීමෙන් සහ ම්ලේච්ඡයන් පස්දෙනාගේ නැගිටීමෙන් පසුව ලෝකයේ මහා එකමුතුවක් තිබුණේ නැත. මේ දිනවල උතුරේ ෂෝ, චී සහ දකුණේ චෙන් රාජවංශය, තුජුයේ සහ තුයුහුන්වල කොටසක් එක් එක් අයවලුන්ගේ දේශසීමාවන් වටා පැතිර තිබු විශාල භූමි ප්‍රමාණයක් අල්ලාගෙන සිටියහ.නිකායන් සහ පවුල් සෑම කෙනෙකුම තම ස්වාමියාට සේවය කළ අතර කොන්ෆියුසියස්වාදය, බුද්ධාගම සහ දාඕවාදය යන සියල්ලෝම ඔවුන්ගේ කණ්ඩායම් වෙන වෙනම පිහිටුවා ගත් අතර, එක් එක් පාසල් අතර පැහැදිලි වෙනස්කම් පැවතුනි.

සියලුම දාඕවාදි නිකායන්වල ප්‍රධානියා ලෙස, ෂුඅන්දූ කන්ද චි ෆංගගේ කාලයේ සිටම සියලු බල අරගල වලින් ඈත් වෙමින් එහි මධ්‍යස්ථ ස්ථාවරය තදින් රැකගෙන සිටියහ.දැන් ෂෙන් ච්‍යාඕව කුන්යේ විසින් පරාජය කර ඇති නිසාත්, ඔහුගේ ජීවිතය තවමත් අවිනිශ්චිත නිසාත් සිරුරත් අතුරුදහන් වී ඇති නිසාත්, ෂුඅන්දූ කන්දේ නිකාය නායකයා ලෙස ඔහුගෙන් පසුව ඔහුගේ පූර්වගාමීන්ගේ ස්ථාවරය ඉදිරියට ගෙන යන්නේ කුමන අනුප්‍රාප්තිකයාද යන්න ගැන කිසිවෙකු දැන සිටියේ නැත.

කෙසේ වෙතත්, මෙවැනි ගැටුම්කාරී වාතාවරණයක් මධ්‍යයේ සියල්ලන්ගේ ප්‍රධාන කතා මාතෘකාව වන ෂෙන් ච්‍යාඕ තවමත් ඇඳේ වැතිර සිටියේ කිසි හැලහොල්මනක් නැතිවයි. යූ ෂෙන්ග්යාන් සහ මන්දිරයේ සේවකයන් ඔහුගේ ඇඳුම් පැළඳුම් වෙනස් කිරීමට සහ බෙහෙත් දැමීමට දිනපතා පැමිණියහ. විඤ්ඤාණයක් හෝ හැඟීමක් නොමැතිව, දුකක් හෝ සතුටක් නොමැතිව, බාහිර ලෝකයේ සිදුවන දේ ගැන සම්පූර්ණයෙන්ම නොදැනුවත්ව ඔහු වැතිර සිටියේ මළ මිනිසෙක් මෙනි.

අවසානයේ මාස භාගයකට පසුව ඔහු සිය පළමු චලනය සිදු කළේය.

සේවකයන් විසින් කඩිමුඩියේ කැඳවාගෙන ආ යූ ෂෙන්ග්‍යාන්, ෂෙන් චියාඕ ටිකෙන් ටික දෑස් විවර කරන අයුරු බලා සිටියේය.

"ඔබට බරපතල තුවාල වෙලා තිබුණා. බිදුණු අස්ථි තවමත් යථා තත්ත්වයට පත් වී නැහැ. එබැවින් ඔබ චලනය නොවී සිටීම වඩාත් හොඳයි."

අනෙකා නළල මදක් රැලි කළේය. යමක් කියන්නට මෙන් දෙතොල් සෙලවීමට තැත් කළත් තොල් පොටවල් යුගළ වරක් එකිනෙක ස්පර්ශ වූ පසුව ඔහුගේ මුහුණෙන් දිස් වූයේ හිස් බැල්මකි.

'වැටීම නිසා ඔහු ඇත්තටම උන්මතකයෙක් වෙලා ද?'

“ඔබට තවමත් ඔබේ නම මතකද?” කියා අසන විට යූ ෂෙන්ග්‍යාන් සිතුවේය.

ඔහු සෙමින්, ක්‍රමයෙන් ඇසිපිය ගසා හෙමින් හෙමින් හිස වැනුවේය. හිස සෙලවූ චාපය පවා දැකීමට නොහැකි තරම් කුඩා විය.

ඇම්නේෂියාවද? එය එසේ වූවත් පුදුම වීමට දෙයක් නැත. ඇත්තෙන්ම එය සාමාන්‍ය දෙයක් වනු ඇත. මන්ද ඔහුගේ හිස එතරන් දරුණු ලෙස බරපතල කම්පනයකට ලක්ව තිබුණි. ෂෙන් ච්‍යාඕ රැගෙන ආ දිනයේ ඔහුගේ හිස පිටුපස විවරය කෙතරම් ගැඹුරු සහ දිගු වූවාද යත්, ඔහුගේ සමට යටින් තිබූ සුදු හිස් කබල පවා ඔහුට පෙනෙන්නට හැකි වියව තිබුණු බව යූ ෂෙන්ග්‍යාන්ට තවමත් මතකය.

“මේ සහෝදරයා...” කතා කිරීම ඔහුට ඉතා වෙහෙසකර කාර්යයක් වූවාක් සේය. ඔහුගේ කටහඬ පැහැදිලිව ඇසීමට යූ ෂෙන්ග්‍යාන්ට තවත් සමීප වන්නට පවා සිදු විය. "මට පෙනෙන්නේ මා වටා ඇති අන්ධකාරය පමණයි.  සමහර විට, මගේ දෘෂ්ටිය නැති වෙන්න ඇති..."

යූ ෂෙන්ග්‍යාන් කම්පනයට පත් විය. 'එහෙනම් ඔහු උන්මත්තකයෙක් නොවී අන්ධයෙක් බවට පත් වෙලා ද?'

අරුත් විවරණය:

[1] සැහැල්ලු කුසලතා (轻功 qinggong): ශරීරය සැහැල්ලු කරගෙන, ඉතා කඩිසරව හා වේගවත්ව ගමන් කිරීමට ඇති හැකියාව. ඉහළ ප්‍රවීණතාවයකින් මෙම කුසලතාවයේ යෙදෙන්නන්ට හැකි වුවහොත් ජලය හරහා දිවීම, ගස් මුදුනට පැනීම හෝ වාතය හරහා ලිස්සා යාමට පවා පහසුවෙන්ම හැකිය.

[2] Meridians (经脉 jingmai): ශරීරයේ චි ගලා යාමට ඇති නාලිකා/ නාලිකා ජාලය (රුධිර වාහිනී මෙන්).නමුත් රුධිරය වෙනුවට මෙහි ගලා යන්නේ Qi වේ.

[3] Inner Qi :   අභ්‍යන්තර හුස්ම (内息 neixi) වෙනුවට භාවිතා වේ, එය සමහර විට අභ්‍යන්තර බලය (内力 neili) ලෙසද හැඳින්වේ. යමෙකුට ඔවුන්ගේ චලනයන් සඳහා කොපමණ බලයක් යෙදිය හැකිද යන්නෙහි පදනම එය වන අතර අභ්‍යන්තර කලාවන් වගා කිරීම තුළින් එය වැඩිදියුණු කළ හැකිය.

[4] මැන්ටලය (衣钵 yibo): බෞද්ධ පදයක් වන අතර එය බොහෝ විට තනතුර සහ දැනුම පසුකර යාම නිරූපණය කරයි. ඔවුන්ගේ තනතුර සාර්ථක කර ගැනීම සඳහා තම ස්වාමියා විසින් තෝරා ගන්නා ලද ගෝලයා බොහෝ විට ඔවුන්ගේ "Mantle ගෝලයා" ලෙස හැඳින්වේ. එයින් අදහස් වන්නේ ෂුඅන්දූ කන්දේ නව නායකයා ලෙස Qi Fengge ගේ තනතුර භාර ගැනීමට Shen Qiao හට හැකි වූවාක් මෙන් අදහසකි.

[5] කලා කැඩපත (法镜 fajing): වඩාත් නිවැරදි පරිවර්තනය වන්නේ "බුද්ධ ධර්‍මය කැඩපතක් වැනිය" යන්නෙහි මෙන්, ධර්ම දර්පණයයි.

[6] ධ්‍යානවේදි මට්ටම: මෙය xianxia නවකතාවක් නොවේ, නමුත් එය xianxia වෙතින් නියමයන් රැසක් ලබා ගන්නා ඉහළ මට්ටමේ wuxia නවකතාවකි. ධ්‍යානවේදය යන්නෙන් අදහස් කරන්නේ මෙහි සටන් කලාවන් පුහුණු කිරීමයි.

[7] Lama :මෙහි මා විසින් "ප්‍රධානියා" ලෙස පවසා ඇති වචනයට තිබුනේ "Lama" ලෙසයි. මෙහි අර්ථය "උත්තම පූජකයා" ලෙසද හැදින්වේ. එය ටිබෙට් බුද්ධාගමේ ධර්ම ගුරුවරයෙකු සඳහා භාවිත වන වචනයකි.

පෙර පරිච්ඡේදය | සියලු පරිච්ඡේද | මීළඟ පරිච්ඡේදය

Comments

  1. නියමයි

    ReplyDelete
  2. ❤❤❤❤❤

    ReplyDelete
  3. ❤️❤️❤️❤️

    ReplyDelete
  4. කතාව දානකන් බලන් හිටියෙ ඒත් වැඩේ කියන්නෙ දැන් දැක්කෙ🤧. ඔයා හරිම ලස්සනට කතාව ලියනවා. ලියන විදියට කියවන්න ආසයි. ගොඩක් මහන්සි වෙලා මේ කාතාව අරන් එනවට ගොඩාක් ස්තූතියි. ඊළඟ චැපිය එනකන් බලන් ඉන්නවා. ඇත්තටම මේක සුපිරියක් ❤

    ReplyDelete
    Replies
    1. Thank you ❤️❤️🥺

      Delete
  5. Wow ek mru hua lassni digtm denn thnkuu kthw denwt❤

    ReplyDelete
  6. Lan Chao Xiang12 May 2022 at 12:53

    වාව් 😍

    ReplyDelete
  7. කියවන්න පටන් ගත්තේ අදයි 2 චැපියෙ ඉදම්..ලස්සනයි සුදා ❤

    ReplyDelete
  8. Kathawa hodai wage.. Lassanai

    ReplyDelete
  9. සන්ලන් ඔයා හරි ලස්සනට ලියනවා..ඒ ලියන විදියට ආසාවෙන් කියවන්න හිතෙනවා 😍.ඔයාට ගොඩාක් තැන්කූ මේ තරම් ලස්සන කතාවක් අපිට කියවන්න හදලා,දෙනවාට 💖💖

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-