Skip to main content

හයවන පරිච්ඡේදය | බූරු මස් බර්ගර් තුනක්

ජින් ජනතාව දකුණු පෙදෙසට සංක්‍රමණය වී වසර දෙසීයකට වැඩි කාලයක් ගත වී තිබුණි. ම්ලේච්ඡයන් පස්දෙනාගේ නැගිටීමෙන් පසු උතුරේ භූමි බෙදා ගැනීම ද ක්‍රමයෙන් සමථයකට පත් විය.

චී සහ ෂෝ යන රටවල් දෙක පිළිවෙලින් නැගෙනහිර සහ බටහිර ප්‍රදේශ අත්පත් කර ගත්හ. චී අධිරාජ්‍යයා වන ගාඕ වෙයිගේ, ජාතික කටයුතු සම්බන්ධයෙන් තිබූ නොසැලකිලිමත්කම නිසා රට පුරා විසිරී සිටි සරණාගතයින් හේතුවෙන් උතුරු චී වල බලය ක්‍රමයෙන් පිරිහීමට පත් වුණි. ඒ අතරම, උතුරු ෂෝ එහි අධිරාජ්‍යයා වූ යුවන් යොන්ගේ නායකත්වය යටතේ දිනෙන් දින වඩාත් සමෘද්ධිමත් වූ අතර එහි ස්ථාවරත්වය සහ ධනවත් බව ද ක්‍රමයෙන් වැඩි විය.

ෆනින් දිස්ත්‍රික්කයේ සිට ෂෝ රටට බොහෝ දුර විය. මග දෙපස දිගටම  සරණාගතයින්ගෙන් පිරී තිබුණි. යමෙක් සම්පූර්ණයෙන් සූදානම් නොවී පාරට බැස්සේ නම්, එය නිසැකවම "යාච්ඤාවලට පිළිතුරු නොදුන් අහස සහ පොළොව" යන්නෙහි නිර්වචනය ලෙසින් දිස් වනු නොඅනුමාන ය.

උතුරු චී පසුගිය වසරේ දැඩි නියඟයකට මුහුණ දුන්නේය. ශීත ඍතුවේ දී පවා විශාල හිම පතනයක් සිදු නොවූ අතර, නියඟය පෙර වසරේ සිට මේ වසර දක්වාම දිගු විය. යේ නගරයේ සිට දකුණට විහිදෙන චෙන් මායිම දක්වා දිවෙන මාර්ගයේ සෑම තැනකම සරණාගතයින් දැකගත හැකි විය. සමහර තැන්වල ආහාර වෙනුවෙන් දරුවන්ව පවා හුවමාරු කර ගන්නට පටන්ගත් බව කියැවිණි.

ඇස් පෙනීමේ දුර්වලකම සහ සටන් කිරීමේ හැකියාව නොමැතිකම හේතුවෙන් තත්වය කවදා හෝ මිනීමරු තත්වයකට පත් වුවහොත් අල්ලාගෙන බඳුනකට දමන පළමු පුද්ගලයා තමා විය හැකි බව ෂෙන් ච්‍යාඕට හැඟී ගියේ වරක් දෙවරක් නොවේ.

ෆනින් දිස්ත්‍රික්කය උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති අතර සාපේක්ෂව ගත් විට යේ නගරයට ආසන්නව පිහිටා තිබූ බැවින් ඒ ආසන්නයේ දරුණු ව්‍යසනයක් සිදුවී නොතිබූ අතර පසුගිය වසර පුරාවටම වර්ෂාපතනයක් නොතිබුණද තත්වය තරමක් ස්ථාවර විය. දිස්ත්‍රික් නගරය තරමක් විශාල විය. පන්සල් පොළ [1]  කාර්යයබහුල වෙමින් පැවති අතර, බොහෝ සෙනඟ යන එන නගරය අතිශයින් සජීවී විය.

චී සහ ෂෝ යන රටවල් දෙකම උතුරේ පිහිටා ඇති අතර ඔවුන්ගේ මුල් වසරවල ෂියන්බායි [2] සිරිත් විරිත් ද පැවතුනි. දිගු කාලයකට පසු, චාරිත්‍ර ක්‍රමානුකූලව වෙනස් වූ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන්ගේ ඇඳුම් සහ උපාංගවලට හැන් ජනයාගේ නවීන විලාසිතාවට අමතරව ෂියන්බායි අංග ද ඇතුළත් විය. ඉහළ පැලැන්තියේ වංශවත් අය අලංකාර සහ විචිත්‍රවත් ඇඳුම් සොයමින් සිටි අතර, එබැවින් ඔවුන්ගේ ඇඳුම් බොහෝ විට සරසා තිබුණේ පැත්තක තිබූ දිගු රිබන් වලින් එල්ලෙමින් තිබූ මුතු සහ ජේඩ්වලිනි. ඇවිදින අවස්ථාවන්හිදී එය සුළඟට ගසාගෙන යන විට ඝෝෂාකාරී විය. මෙවැනි දේවල් මහජනතාවට ද බලපා තිබූ බැවින් ධනවත් පවුල්වල සාමාජිකයන් ද බිමට ළඟා වන දිගු ඇඳුම් අඳින්නට පුරුදු වූ අතර තවත් සමහරු විදේශීය මෝස්තර අනුකරණය කරන තොප්පි සහ ගලා යන ඇඳුම් ඇඳ සිටියහ.

පන්සල් පොළ අතරතුර, ඇඳුම්වල මෙම විවිධ රටා දිස්ත්‍රික් නගරයේ ෆනිං දිස්ත්‍රික්කයේ “පුංචි අගනුවර” පින්තූරයක් පින්තාරු කළේය.

පන්සල් පොළෙහි පසුකාලීනව ඉදි කොට ඇති ජියැං ආදිපාද පන්සල ඉදිකරනු ලැබ ඇත්තේ කිසිවෙකුට ගෞරව කිරීමට නොව, තායි ආදිපාදවරයා වන ජියැං ෂැං [3] 

වෙනුවෙනි. මුල් කාලයේ ඉදි කොට තිබූ ආදිපාද ජියැං පන්සල පිහිටියේ නගරයේ දකුණු කොටසේ ය. එය මුලින්ම ඉදිකර ඇත්තේ හැන් රාජවංශ සමයේදී බව කියනු ලැබේ. කෙසේ වෙතත්, යුද්ධයෙන් සිදු වූ හානියෙන් පසු, එය සම්පූර්ණයෙන්ම භාවිතයෙන් තොර වී අබලන් වූ කොටසක් හැර අන් කිසිවක් ඉතිරි නොවී ය. ජියැන් ආදිපාදවරයාගේ ප්‍රතිමාව පවා කොතැනකවත් සොයාගැනීමට නොතිබුණි. මෙම හිස්, අබලන් විහාරය පසුව යාචකයින්ට සහ දුප්පතුන්ට නවාතැනක් විය.

පසුගිය දිනක මෙහි වෙසෙන පිරිසට අලුත් සාමාජිකයෙක් එකතු වී තිබුණි. ඔහුගේ නම චෙන් ගොං.

දිවා කාලයේ ඔහු නගරයේ සහල් මෝලක තාවකාලික රැකියාවක් කරමින් කරත්තයෙන් සහල් ගෝනි බෑම සහ කරත්තයට සහල් ගෝනි පැටවීම වැනි, මේ ආකාරයේ වෙනත් අත්වැඩවල නිරත විය. වැටුප අඩු බැවින්, ඔහු ඒ සියල්ල කුලියක් ගෙවා නිවසක සිටීම සඳහා ගෙවීමට අකමැති වූ නිසා රාත්‍රියට මෙම අබලන් වූ පන්සලට ආපසු පැමිණියේය. ඔහුට මෙහි වාසය තරමක් නිදහස් හා ප්‍රසන්න විය. එකම ගැටලුව වූයේ පන්සලේ තවත් යාචකයින් දෙදෙනෙක් වාසය කළ නිසා එය දිගුකාලීන වාසස්ථානයක් ලෙස භාවිතයට නුසුදුසු වීමයි. ඔහුගේ මුදල් සහ ආහාර යාචකයින්ගෙන් ආරක්ෂා කරගැනීමට නිතරම ඒවා තමන් අසළම රඳවා ගත යුතු වුණි.එහෙයින් ඔහුට සෑමවිටම විමසිලිමත්ව සිටිය යුතු විය.

ඔහු එදින සවස ආපසු පැමිණි විට, ඔහු දුටුවේ අබලන් වූ විහාරය තුළ තවත් අමතර පුද්ගලයෙක් සිටින බවයි.

අළු- සුදු පැහැති වස්ත්‍රයක් හැඳ සිටි මිනිසෙක් එහි වාඩි වී සිටියේය.

මුලදී, චෙන් ගොං යටි සිතින් තම නළල රැලි කළේය. අබලන් වූ දේවාලයේ ඉඩකඩ තරමක් සීමිත විය. මෙහි තවත් කෙනෙක් වාසය කළහොත් ඔහුගේ බලප්‍රදේශයේ තවත් කොටසක් අඩු වේ.

එක්වරම එම පුද්ගලයාගේ අතේ කඩදාසියක ඔතා තිබූ යමක් තිබෙන බව ඔහු දුටුවේය. එම පුද්ගලයා හිස පහත් කරගෙන වරකට එක කැබැල්ලක් බැගින් ඔහුගේ මුවට ගෙන, සෙමින් සෙමින් එය ආහාරයට ගනිමින් සිටියේය. කඩදාසි එතුමෙන් රසවත් සුවඳක් පිට විය.

එය බූරු මස් බර්ගර්වල සිත් ඇදගන්නා සුවඳයි. එක් සුවඳකින් පවා ඔහුට එය පහසුවෙන්ම කිව හැකි විය. ඔහුගේ පියා ජීවතුන් අතර සිටියදී, චෙන් ගොං ඒවා දෙතුන් වතාවක් අනුභව කර ඇත. නමුත් පියා අභාවප්‍රාප්ත වූ පසු, ඔහුගේ සුළු මව තම දරුවන් සමඟ එකතු වී ඔහුව නිවසින් එළවා දැමුවාය. සහල් ගෝනි රැගෙන යාමෙන් ඔහු එදිනෙදා උපයන තඹ ස්වල්පය [4]  සම්බන්ධයෙන් ගත් කල, ඒවා අඩකින් කැපුවත් ඒවාගේ වටිනාකම දෙගුණ කළ නොහැකි බව දැනගෙන සිටි ඔහුට ඒවා පිළිකුල් විය. ඉතින් එවැනි දෙයක් අනුභව කිරීමට ඔහුට හැක්කේ කෙසේද?

දෙවෙනි බැල්මෙන් චෙන් ගොං දුටුවේ පුද්ගලයා අසල තවත් පිම්බී තිබූ කඩදාසි එතුමක් ඇති බවයි.

'ඒ කියන්නේ තව එක බූරු මස් බර්ගර් එකක් තියෙනවා.'

නමුත් එය දැක තිබුණේ චෙන් ගොං පමණක් නොවේ. අනෙක් යාචකයන් දෙදෙනාගෙන් එක් අයෙක්ද ඒ වන විටත් කෑ ගසමින් සිටියේ ය. "ඔබ මෙතන නවතින්න කලින් අපෙන් ඇහුවාද? මේ පන්සල බොහෝ දෙනෙකුට ඉන්න තරම් කුඩා වැඩියි. ඉක්මන් කරලා පිටතට යන්න!"

ඔවුන් හිතාමතාම ඔහු සමඟ ආරවුලක් ඇති කර ගන්නා බව චෙන් ගොං දැන සිටියේය. කිසිත් නොකියූ ඔහු කෙලින්ම, ඔහු සාමාන්‍යයෙන් නිදා ගන්නා තැනට ගොස් පිදුරු ගොඩට ගොඩවන්නට සූදානම් විය. ඔහුගේ දෙකන්, දෙපස ශබ්ධයට ඇහුම්කන් දෙමින් තිබූ අතර ඔහුගේ බැල්ම ඇස් කොනෙන් බූරු මස් බර්ගර් දෙසට එල්ල වී තිබුණි.

අළු වස්ත්‍ර හැඳගත් මිනිසා මෘදු ලෙස පැවසුවේ “මටත් යන්න තැනක් නැහැ. මෙම ස්ථානයේ තවමත් යම් ඉඩක් ඇති බව දුටු නිසා මම විවේක ගැනීමට මෙතැනට ආවා. කාරුණික වෙලා මට උදව් කරන්න පුළුවන් නම්, මම මේ සහෝදරයන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා."

යාචකයා පැවසුවේ, “ඔබට මෙහි විවේක ගැනීමට අවශ්‍යනම්, ඔබ සතු සියල්ල අපට දෙන්න!”

ඒ අවස්ථාවේ චෙන් ගොං අවඥා සහගත ලෙස සමච්චල් කළේ, “මටනම් ඔබේ බඩු බාහිරාදිය අවශ්‍ය නැහැ. ආහාර පමණක් ප්‍රමාණවත්. ඔබට ආහාරවලින් මට ගෙවිය හැකි නම්, මම ඔවුන් දෙදෙනාව ඔබේ මාර්ගයෙන් ඉවත් කිරීමට කැමතියි!

යාචකයා කෝපයට පත් විය, “වැඩිමහල් චෙන් [5]. අපි ඔයාට මොකුත් කරදරයක් කරලා නැහැ. ඇයි ඔයාට අපේ මාර්ගයෙන් ඉවත් වෙලා ඉන්න බැරි?”

චෙන් ගොං තරමක් තරුණ විය. වයස අවුරුදු දහසයක් වූ ඔහුට ඉතා විශාල උසක් නොතිබුණද, ඔහුගේ නම්‍යශීලී බව සහ විඳදරාගැනීම කැපී පෙනුන අතර, ඔහුගේ අස්ථිවල සහ ඇටමිදුළුවල ගැඹුරින් මුල් බැස ගත් කුරිරු ධෛර්යයක් ද විය. මේවා නොවන්නට ඔහුට නවක යාචකයෙකු ලෙස දේවමාළිගාව තුළ ඇති විශාලතම "භූමිය" අල්ලා ගැනීමට නොහැකි විය යුතුව තිබුණි.

"ඉතින් කුමක්ද ගැටලුව? කතා කිරීමට අවසර ඇත්තේ ඔබට පමණයිද? මට නැද්ද? ” චෙන් ගොං කම්මැලි ලෙස පිළිතුරු දුන්නේය.

දෙදෙනාම යාචකයින් පමණක් වුවද, සත්‍යය නම් නගරයේ සියලුම යාචකයින් එකිනෙකා සමඟ සම්බන්ධකම් පවත්වමින් එකට බැඳී සිටි බවයි. එය එකකට එරෙහිව දෙකක් බව ගණන් ගත් විට, චෙන් ගොං ඉදිරියේ බිය වීම අනවශ්‍ය බව ඔවුහු සිතූහ.

යාචකයා චෙන් ගොං සමඟ තවදුරටත් කතා කළේ නැත. ඒ වෙනුවට, ඔහු කෙළින් සිටගෙන, අළු වස්ත්‍රධාරී  මිනිසා ළඟ තිබූ බූරු මස් බර්ගර් වෙත අත දිගු කළේය. “විකාර නවත්තන්න! මට හැම දෙයක්ම දෙන්න! ඔබට මෙහි සිටීමට අවශ්‍යයිද? හොඳයි, එය තීරණය කළ යුත්තේ මමයි!"

නමුත් ඔහුගේ අත ආහාර ස්පර්ශ කිරීමට පෙර, ඒ වන විටත් යමෙකු ඔහුගේ මැණික් කටුවෙන් අල්ලාගෙන තිබුණි. යාචකයා කෝපයෙන් පිපිරී, “වැඩිමහල් චෙන්! ඔබ නැවතත් අනුන්ගේ ව්‍යාපාරයට ඔබේ නහය දානවා! අපිට කෑම ටිකක් කන්නත් ඔබෙන් අවසර ගන්න ඕනෙද?"

චෙන් ගොං ඉක්මනින් බූරු මස් බර්ගර් එක ඔහුගේ අතට ගත්තේය. “මටත් කන්න ඕන.ඇයි ඔයා මගෙන් ඇහුවෙ නැත්තෙ?"

මේ වචන කියූ විගසම ඔහු කඩදාසි එතුම ඉරා දමා කටක් ගෙන ජයග්‍රාහී ලෙස පැවසුවේ “ඒක දැනටමත් මගේ වෙලා ඉවරයි. ඔබට තවමත් එය අවශ්‍යද?"

යාචකයා චෙන් ගොං වෙතට පැන්න අතර, දෙවැන්නා කඩිනමින් කඩදාසි එතුම ඔහුගේ ඇඳුම්වලට දමා ගත්තේය. ඔවුන් දෙදෙනා එකිනෙකා සමඟ පොර බැදුහ. දෙදෙනකුගේ සටන් ජවනිකාව තිදෙනකුට වෙනස් කරමින් අනෙක් යාචකයාද එක් විය. චෙන් ගොං අනෙක් දෙදෙනාට වඩා බලවත් හෝ උසින් වැඩි නොවූ නමුත් සටන් ජයග්‍රහණය කිරීමේ ඔහුගේ රහස වූයේ ඔහු තම ජීවිතය පරදුවට තබා සටන් කිරීමයි. වෙනත් වචන වලින් කිවහොත් ඔහු ඉතා ම්ලේච්ඡ ලෙස සටන් කළේ ය.

එක් යාචකයෙකුගේ උදරය නිර්දය ලෙස පාගගෙන, චෙන් ගොං අත්පුඩි ගැසුවේය. ඊට පසු, උකුලට අත තබාගෙන කෙල ගසා අනෙක් යාචකයාට පැවසුවේ, “මට ඔහේලා දෙන්නාව හොඳටම එපා වෙලා. තමුන්ලා දෙන්නා ඉස්සෙල්ලාම ආපු නිසා හැම වෙලාවෙම මාව කොන් කරනවා! ඔබ මීට පෙර මගේ කෑමට රහසින් කෙළ ගසනවා මම දුටුවේ නැහැ කියලා සිතන්න එපා! ඔබට තවත් සටනක් අවශ්‍යද? එහෙනම් එන්න! කොහොමත් මට නැතිවෙන්න දෙයක් නෑ. නරකම දෙය නරක අතට පැමිණියහොත් මට නැති වීමට ඇත්තේ මගේ ජීවිතය පමණයි. ඔහේ එඩිතරනම් පැමිණෙනවා! ”

මෙම ප්‍රකාශය නිසා ඔහුගේ විරුද්ධවාදියා භීතියට පත් විය. ඔහුගේ වදන් ඇසීමෙන් පසු, තවමත් නැගිටීමට නොහැකිව බිම සමතලා වී සිටින තම සගයා දෙස බැලූ ඒ යාචකයා වහාම නැඟිට, දෑතින්ම ඉනට සහය දෙමින් එකවරම හැරී දිව ගියේය.

තම සගයා ඒ වන විටත් පැන ගොස් ඇති බව දුටු අනෙක් යාචකයා ද සටන දිගටම කරගෙන යාමට එඩිතර වූයේ නැත. ඔහු තම දෑතින් බඩ වසාගෙන වේදනාකාරී කෙඳිරිගෑම් ප්‍රවාහයක් සමඟ නැඟී සිටියේ ය, පසුව "ඔබ මෝඩයා, මා එනතුරු ඉන්න!" වැනි තර්ජන කිහිපයක් සමඟ පලා ගියේය.

චෙන් ගොං තමන් කා අවසන් නොකළ බූරු මස් බර්ගර් එක තම ඇඳුම්වලින් පිටතට ගෙන තවත් කැබැල්ලක් මුවට ගෙන, සම්පූර්ණ තෘප්තියෙන් යුතුව පැවසුවේ, “නරක නෑ! ඔබ මෙය මිලදී ගත්තේ දකුණු නගරයේ ලී ආපන ශාලාවෙන්ද? මස් ඇත්තෙන්ම මෘදුයි. එය තවමත් උණුසුම්. ඒකෙන් මගේ පපුව පිච්චිලා ගියා!”

මේ බූරු මස් බර්ගර් කටගැස්ම වෙනුවෙන්, සටනක යෙදීම සම්පූර්ණයෙන්ම වටින දෙයක් බව ඔහුට දැනුනි. කොහොමත් ඔහුට, එම යාචකයින් දෙදෙනාව සෑහෙන කලක සිටම ඇස් දෙකට අප්‍රසන්න වී තිබුණි. අද තමාට අහම්බෙන් ලැබුණු මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන අනාගතයේ දී මේ ස්ථානය ඔහුටම හිමි කර ගැනීමට හැකි වුවහොත් එය ඉතා හොඳ බව ඔහුට සිතුණි.

අළු වස්ත්‍රකාරයා ප්‍රතිචාර නොදක්වන බව දැක, ඔහු නැවත ඇසුවේ, “ඒයි! මම ඔබගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඔබ ගොළුද?"

අනෙක් පුද්ගලයා හිස එසෙව්වේය. "ඔබ ඔවුන් සමඟ සටන් කළ නිසා, ඔවුන් පළිගැනීම සඳහා නැවත පැමිණෙනු ඇතැයි ඔබ බිය නොවන්නේද?"

මේ වන විට අනෙක් පුද්ගලයාගේ ඇස්වල යම් ගැටලුවක් ඇති බව චෙන් ගොංට අවසානයේ අවබෝධ වී තිබුණි. දෑස් තුළ අඳුරු පෙනුමක් තිබූ අතර, මිනිසා ඔහු දෙස බලන විට, ඔහුගේ අවධානය වෙනතකට යොමු වී ඇති බව පෙනුණි.

ඔහුගේ බැල්ම පුද්ගලයා අසල ඇති උණ බම්බුව වෙත යොමු වූ පසු, ඔහුට හදිසියේම පැහැදිලි විය: 'එබැවින් ඔහු ගොළුවෙක් නොව අන්ධයෙකි.'

දිව 'ක්ලික්' කිරීමකින් ඔහු ගොරවමින් ඇසුවේ, “බියද? මම කිසිදාක කිසිම දෙයකට බිය වෙලා නැහැ! ඔවුන්ව බලන්න! ඔවුන්ට කුමක් කළ හැකිද? ”

චෙන් ගොං අළු වස්ත්‍රයකින් සැරසී සිටි පුද්ගලයා දෙස ඉහළ සිට පහළට බැලීය. ඔහු සැහැල්ලු ඇඳුම් ඇඳ සිටි අතර, ද්‍රව්‍ය හෝ ශෛලිය ගැන දුර්ලභ කිසිවක් තිබුණේ නැත; ඔහු දෙස බැලීමට සුදුසු එකම දෙය වූයේ ඔහුගේ මුහුණ පමණි.

අවංකවම කිවහොත්, ඔහු වැන්නෙක් නිවාස නොමැති පුද්ගලයෙකු වෙනුවට, සංචාරක විශාරදයෙකු ලෙස හැඳින්වීම වඩා පහසු විය.

"ඔබගේ නම කුමක්ද? ඔබ අමාරුවෙන් ජීවත් වන කෙනෙක් වගේ පෙනෙන්නේ නැහැ. ඇයි ඔබ මෙහෙට ආවේ? මීයන් පවා මේ ස්ථානයේ වළවල් හාරන්න කැමති නැහැ!”

අළු පැහැති වස්ත්‍ර හැඳගත් මිනිසා සිනහවකින් ඔහු දෙසට හිස සැලුවේය, “මගේ නම ෂෙන් ච්‍යාඕ. මගේ අසනීප තත්ත්වය නිසා මට මුදල් නැති වූ අතර දින කිහිපයක් මෙම ස්ථානයේ නවාතැන් ගැනීමට පැමිණීමට මට සිදු වුණා. ගමනට ප්‍රමාණවත් මුදලක් සොයා ගත් පසු මම ආපසු ගෙදර යන්නම්. මේ වෙලාවේ මා වෙනුවෙන් ඒ මිනිස්සුන්ව පළවා හැරීම ගැන ගොඩක් පිං. මා ඔබට ආමන්ත්‍රණය කළ යුතු ආකාරය මට දැන ගත හැකිද?"

යූ ෂෙන්ග්යාන් පැවසූ දෙය අර්ධ සත්‍යයක් පමණි. එබැවින් ඔහුට ඒ සියල්ල විශ්වාස කළ නොහැකි විය. කෙසේ වෙතත්, ෂුඅන්දූ කන්ද නොතිබුනේ නම්, ෂෙන් ච්‍යාඕට යාමට වෙනත් තැනක් නොතිබෙනු ඇත. එම නිසා, කිහිප වතාවක්ම ඒ ගැන සිතා බැලීමෙන් පසුව, ඔහු තවමත් තීරණය කළේ ෂුඅන්දූ කන්ද වෙත යාමටය.

ෂුඅන්දූ කන්ද පිහිටා තිබුණේ උතුරු ෂෝ සහ දකුණු චෙන් අතර මායිමේ ය. මෙතැන් සිට එයට යාමට, මාර්ග දෙකක් තිබුණි: එකක්, දකුණට ගොස් ඊසාන දෙසට හැරී දකුණු චෙන් භූමියට ඇතුළු වීමෙන් ය. එය විශාල වටරවුමක් වූ අතර අනෙක් මාර්ගය වූයේ කෙළින්ම දකුණට ගමන් කිරීම ය. එය වඩාත් සමීප සහ පහසු විය.

ෂෙන් ච්‍යාඕ දෙවැන්න තෝරා ගත්තේය.

ලෝකය අවුල් ජාලයක පැවතියද, ෆනින් දිස්ත්‍රික්කය බොහෝ විපත් අත්විඳ නොතිබූ බැවින්, එය තරමක් සාමකාමී සහ ධනවත් විය.එය, එවැනි අවුල් සහගත ලෝකයක සොයා ගැනීමට අපහසු වූ පාරිශුද්ධ දේශයක් මෙන් විය. ෂෙන් ච්‍යාඕ පැවසූ ලෙසටම දැන් ඔහු සතුව සතයක්වත් නොතිබූ නිසා මුලින්ම මෙහි වාසය කොට ටිකක් විවේක ගැනීම හැර ඔහුට වෙනත් විකල්පයක් තිබුනේ නැත.

ඔහුගේ ඇස් පෙනීම යථා තත්ත්වයට පත් වීම තරමක් සෙමින් සිදු වුවත් අවම වශයෙන් යම් ප්‍රගතියක් දැකිය හැකි විය. දිවා කාලයේදී ප්‍රමාණවත් ආලෝකයක් ඇති විට, ඔහුට නොපැහැදිලි දළ සටහන් කිහිපයක් දැකගත හැකි විය. ඔහු අවදි වූ විට ඇති වූ අඳුර හා සසඳන විට, එය දැනටමත් වඩා හොඳ ය.

චෙන් ගොං වාඩි විය. “ඔබ කැමති ඕනෑම ආකාරයකින් කතා කරන්න. මගේ පවුලේ නම චෙන්. මගේ නම ගොං. ඔයාට පුළුවන් මට වැඩිමල් චෙන් කියලා කියන්න. මම මේ දැන් ඔබේ බූරු මස් බර්ගර් එකක් කෑවා. එය අද රාත්‍රියේ මෙහි නැවතීමට ඔබේ ගාස්තුව ලෙස සලකන්න පුලුවන්. හෙට කොටසත් ඇතුළුව ඔවුන් දෙදෙනාව පළවා හැරීමට මම උදව් කළ නිසා ඔබ මට හෙට බූරු මස් බර්ගර් තුනක් දුන්නොත් හොඳයි!”

ෂෙන් ච්‍යාඕ සිනාසෙමින්, "හොඳයි."

ඔහු කෙතරම් ඉක්මනින් එකඟ වූවාද යන්න දුටු චෙන් ගොංට තරමක සැකයක් ඇති විය, “ඔබට දැන් මුදල් නැති බව ඔබ කීවේ නැද්ද? එහෙනම් බූරු මස් බර්ගර් ගන්න සල්ලි කොහෙන්ද?”

ෂෙන් ච්‍යාඕ පිළිතුරු දුන්නේ, "මට මුදල් උපයා ගත හැකියි!"

චෙන් ගොං ඔහුගේ වචනවලට සිනාසුණේය, "ඔබ? උගතුන්ට, ගණකාධිකාරීවරුන් හෝ වෙනත් අයට ලිපි ලියා දීමට හැකි බව මම අසා තිබෙනවා. නමුත් ඔබට නොපෙනෙන විට ඔබ ලියන්නේ කෙසේද? මම වගේ සහල් ගෝනි උස්සගෙන යන්නද හදන්නේ? මම ඔබට නැවතත් මතක් කරනවා. බූරු මස් බර්ගර් තුනක් ගෙවිය යුතුයි. එකක්වත් අඩු වෙන්න බැහැ! ඔහේ හිතන්නේ මම ලේසි පහසු මිනිහෙක්; ඒ නිසා ගැලවෙන්න පුලුවන් වේවි කියලද? වටපිටාවේන් අහලා බලන්න. මම, වැඩිමහල් චෙන්, වෙන කිසිම දෙයකට දක්ෂ නැතත්, සටන් කිරීමේදී යක්ෂයන් පවා මට බිය වන බව ඔබට වැටහෙයි! හෙට මට බර්ගර් තුනක් දෙන්න ඔබට නොහැකි වුනොත් ඔහේට එළියට යන්න වෙනවා!”

ෂෙන් ච්‍යාඕගේ ඉවසීම ඉතා හොඳ විය.  එහෙයින්, චෙන් ගොංගේ කතාවෙන් ඔහු කෝප වූයේ නැත. එපමණක් නොව, ඔහු සිනහවක් පවා පාමින් ඊට එකඟ විය.

සෑම පැත්තකින්ම සුළං කාන්දු වූ අතර එහි එක ජනේලයක්වත් හොඳ තත්ත්වයේ නොවීය. නමුත් වාසනාවකට මෙන් එහි, කුළුණු කිහිපයකට අමතරව සුළඟ අවහිර කිරීමට භාවිතා කළ හැකි පූජාසන කිහිපයක් තවමත් හොඳ තත්වයේ තිබුණි. එමෙන්ම චෙන් ගොං විසින් පිදුරු මිටි, දර මිටි කිහිපයක්ද මෙහි ගොඩගසා තිබුණි. පළමුවැන්න සුළඟින් ආරක්ෂා වීමට ඇතිරිල්ලක් ලෙස භාවිතා කළ අතර දෙවැන්න

උණුසුම් වීම සඳහා පුළුස්සා දමන ලදි.  නමුත් මේ සියල්ල ඔහුගේ පුද්ගලික භාවිතය සඳහා පමණක් විය. දැන්, ෂෙන් ච්‍යාඕ ඔහුට ආහාර ගෙන ඒමට කැමැත්තෙන් සිටින බව සිතූ විට, චෙන් ගොං අකමැත්තෙන් වුවද ඔහුගේ පිදුරු ස්වල්පයක් සහ දර කිහිපයක් ඔහුට ඉතිරි කළේය. ෂෙන් ච්‍යාඕව පුදුමයට පත් කරමින් ඔහු සම්පූර්ණයෙන්ම සැකසූ මිටියක් පවා ඔහුගේ දෑතින් රැගෙන ආවේ ය.තව ද

බ්ලැන්කට්ටුවක් ලෙස භාවිතා කිරීමට හැකි ඝන පැරණි ඇඳුම් කැබැල්ලක්ද ඔහු ගෙන ආවේ ය.

ඒ වන විටත් නවතින්නට නව තැන් සොයාගෙන ඇතැයි කියනු ලබන යාචකයන් දෙදෙනා එතැන් සිට ආපසු පැමිණියේ නැත. ආචාරශීලී බවක් නොමැති වූ චෙන් ගොං ඔවුන් මුලින් බ්ලැන්කට් ලෙස භාවිතා කළ ඇඳුම් ද ගෙන ආවේ ය. ඔහු ඒවා නාසය අසළට ගෙන මදක් ආඝ්‍රාණය කළ නමුත් ඒවාගෙන් ඇඹුල් දුගඳක් පිට වූ නිසා ඔහු ඒවා ඉවතට විසි කර, පසුව ඔහුගේ සිරුර ගින්නට සමීප කළේය.

මුලින් ශේන් ච්‍යාඕගේ ඇඳුම් ද උදුරා ගැනීමට ඔහුට අවශ්‍ය වූ නමුත්, ඒ ගැන දෙවරක් සිතා බැලීමෙන් පසු ඔහුගේ ආසාව දුරු විය.මුලදී, ඔහුට ෂෙන් ච්‍යාඕගේ ඇඳුම්ද උදුරා ගැනීමට අවශ්‍ය වූ නමුත්, එය දෙවරක් සිතා බැලීමෙන් පසු ඔහුට එය කල්පනා වුණි. හෙට අනෙක් පුද්ගලයා, ඔහු හට ආහාර ගෙන ඒමට අසමත් වූ විට ඔහුට දුෂ්කර කාලයක් ලබා දීමට ඔහු බලා සිටියේ ය. 

මේ සිතුවිල්ල සිතේ තබාගෙන ඔහුට නොදැනුවත්වම නින්ද ගියේය.

චෙන් ගොං සුපුරුදු පරිදි සහල් මෝලේ වැඩ කිරීමට සැලසුම් කරමින් පසුදා උදෑසනම අවදි වූයේ ය.

ඔහු වටපිට බැලූ නමුත් ෂෙන් ච්‍යාඕ ඒ වන විටත් පෙනෙන්නට සිටියේ නැත. ඔහු නිදාගෙන සිටි පිදුරු ගොඩ සහ පිළිස්සුණු දර වලින් ඉතිරි වූ කළු අළු ගොඩක් පමණක් ඉතිරිව තිබූ බව පෙනෙන්නට තිබුණි.

චෙන් ගොං ඒ ගැන සැලකිලිමත් නොවී සුපුරුදු පරිදි සහල් මෝලේ වැඩට ගියේය. ෂෙන් ච්‍යාඕට අද බර්ගර් තුනක් ගෙන ඒමට හැකි වේ යැයි ඔහු කිසිසේත්ම විශ්වාස කළේ නැත. මන්ද ඔහුට අමතර මුදල් තිබේ නම්, අවතාර පවා පැමිණීමට අකමැති විය හැකි අබලන් වූ පන්සලක ඔහුට වාසය කිරීමට අවශ්‍ය නොවූ බැවිනි.

එපමණක්ද නොව, ෂෙන් ච්‍යාඕ දුර්වල  අන්ධ මිනිසෙකි. මුදල් ඉපයීමට ඔහුට කළ හැක්කේ කුමක්ද?

'ඔහේ හිස් අතින් ආවොත්, අම්මටවත් අඳුරගන්න බැරි වෙන තරමට මම ඔහේට ගහනවා!'

සවස් වරුවේ අබලන් වූ පන්සල දෙසට යමින් සිටියදී චෙන් ගොං සිතුවේය.

ඔහු ගේට්ටුවෙන් ඇතුල් වීමට පෙර ඔහුට හුරුපුරුදු සුවඳක් දැනුනි.

චෙන් ගොංගේ අඩි ශබ්දය ෂෙන් ච්‍යාඕගේ අවධානයට ලක් වූ බවක් පෙනෙන්නට තිබුණි. පසුව ඔහු හිස ඔසවා “ඔබ ආපසු පැමිණියා.” කියමින් සිනහවක් පෑවේය.

"බූරු මස්..." රළු මුහුණකින් යුතුව පැමිණි චෙන් ගොං, පවසන්නට සූදානම් වූ වාක්‍ය නතර වීමට පෙර පිට කිරීමට හැකි වූයේ වචන දෙකක් පමණි.

මක්නිසාද යත් ඔහු නිදා සිටි පිදුරු ගොඩේ කඩදාසියක ඔතා තිබූ බූරු මස් බර්ගර් තුනක් පිළිවෙලට තබා තිබෙනු ඔහු දුටු බැවිනි.

පරිවර්තකගේ සටහන්:

[1]  පන්සල් පොළ (庙会 miaohui):  පන්සල් රැස්වීම් ලෙසද හැඳින්වේ, චීන අලුත් අවුරුද්ද හෝ දේවතාවුන්ගේ උපන්දිනය ආසන්නයේ නැමුණු පන්සල් විසින් පවත්වනු ලබන ආගමික රැස්වීම්. සාමාන්‍යයෙන් ක්‍රියාකාරකම් අතරට පන්සලේ පවත්වන චාරිත්‍ර, පන්සලට මුහුණ ලා සිටින වේදිකාවක ඔපෙරා, ගම් සහ නගර පුරා කරත්තවල දේව රූප පෙරහැර, සංගීත හා චාරිත්‍ර කණ්ඩායම්වල ප්‍රසංගය, පවුල් විසින් පන්සලට ගෙන එන පූජාවන්ට ආශිර්වාද කිරීම සහ විවිධ ආර්ථික ක්‍රියාකාරකම් ඇතුළත් වේ. 

[2]  Xianbei (鲜卑) ෂියන්බායි:  අද නැගෙනහිර මොංගෝලියාව, අභ්‍යන්තර මොංගෝලියාව සහ ඊසානදිග චීනය බවට පත් වූ ප්‍රදේශයේ වාසය කරන ප්‍රෝටෝ-මොන්ගෝලියානුවන්. Xiongnu සමඟින්, ඔවුන් හැන් රාජවංශයේ සහ පසුව ඇති වූ රාජවංශ කාලවලදී උතුරු චීනයේ ප්‍රධාන සංචාරක කණ්ඩායම් වලින් එකකි.

[3]  තායි ආදිපාද, ජියැං ෂැං (姜太公/姜尚/姜子牙):  Qi හෝ Jiang Ziya හි ආදිපාදවරයා ලෙසද හැඳින්වේ.සමහර ජනප්‍රවාද කථා සහ මිථ්‍යා කථා වල ද පෙනී සිටින චීන ඉතිහාසයේ ප්‍රසිද්ධ ඓතිහාසික චරිතයකි.

[4]  තඹ: 铜钱 (tongqian), තඹ කාසි ලෙසද හැඳින්වේ, නැතහොත් පැරණි චීනයේ ලාභම මුදල් ඒකකය වන wen .

[5]  වැඩිමහල් චෙන් (陈大/陈大郎): වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම  ඔහුගේ පවුලේ වැඩිමහල් පුත්‍රයා විය හැකි බැවින්, වැඩිමහල් පුත්‍රයා වන චෙන් යන්න වෙනුවට මෙය යොදන්නට ඇත.

පෙර පරිච්ඡේදය | සියලු පරිච්ඡේද | මීළඟ පරිච්ඡේදය

Comments

  1. චෙං ගොං ව පේන්න බෑ....බූරුවා

    ReplyDelete
  2. බූරු මස් කන්නේ බුරැවෝ...

    ReplyDelete
  3. ඉවසිල්ලක් නැ මට 🖤🖤🖤
    ඉක්මනින් ම දෙනවද?...🖤🖤🖤

    ReplyDelete
  4. මටත් අර චෙං ගොංව පේන්න බෑ 😑

    ReplyDelete
  5. හරිම ලස්සනයි කතාව

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-