Skip to main content

දහ නවවන පරිච්ඡේදය: මම එයට එතරම් කැමති නැහැ.

ෂෙන් ච්‍යාඕ, "මට අවශ්‍ය යාමටනම් ඔබ කරන්නේ කුමක්ද?"යනුවෙන් විමසුවේ ය.

යූ අයි ඒ සඳහා නිශ්චිත පිළිතුරක් දුන්නේ නැත. ඒ වෙනුවට, “මේ ඔබ හැදී වැඩුණු ස්ථානය. ඔබ කුඩා කාලයේ සිටම එකට හැදී වැඩුණු සටන් සහෝදර සහෝදරියන් ද සිටිනවා. ඔබ පවසන්නේ ෂුඅන්දු කන්ද අතහැර මේ සියල්ලෙන් ඉවත් වීමට ඔබට හැකි බව ද? ” යනුවෙන් පිළිතුරු පැනයක් ඉදිරිපත් කළේ ය.

යූ අයි ආදරණීය ලෙස හේතු දක්වමින් ඔහුව නවත්වා ගැනීමට උත්සාහ කළ නමුත්, ෂෙන් ච්‍යාඕගේ පිළිතුර පෙර පරිදිම විය. "ඔබ තුජුයේ ජනතාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අදහස් කරනවා නම්, මම එය අනුමත කරන්නේ නැහැ."

ෂෙන් ච්‍යාඕ තවමත් ඔහුගේ මුල් මතයේම තදින් එල්ඹගෙන සිටින බව දුටු පසු, යූ අයිගේ ස්වරය ද ක්‍රමයෙන් සිසිල් බවට පත් විය. “ඔබ එය අනුමත කළත් නැතත් එයින් තිබෙන ප්‍රයෝජනය කුමක්ද? දැන් ෂුඅන්දූ කන්දේ සිටින වැඩිහිටියන් සත්දෙනාගෙන් සිව් දෙනෙක්ම මගේ සැලැස්මට එකඟ වී අවසන්. අනෙක් තිදෙනා හුදෙකලා ධ්‍යානවේදය වඩනවා. ඔවුන් තවදුරටත් ලෞකික කටයුතු ගැන තැකීමක් කරන්නේ නැහැ. අපේ සටන් සහෝදරයන් අතරින් වැඩිමහල් සහෝදරයා සාමකාමී අයෙක්. ඔහුට ඒ ගැන පැවසීමෙන් පලක් නැහැ. සිව්වන කනිෂ්ඨ සහෝදරයා සහ කුඩා කනිෂ්ඨ සහෝදරිය ඔබව නැවත දැකීමට ලැබීම ගැන බොහෝ සතුටු වේවි. නමුත් නිසැකවම ඔවුන් ද ඔබ සමඟ එකඟ නොවනු ඇති. ෂුඅන්දු කන්ද ප්‍රතිසංස්කරණය කිරීම අත්‍යවශ්‍ය දෙයක්.ලෝකයේ ශ්‍රේෂ්ඨතම නිකාය ක්‍රමක්‍රමයෙන් පිරිහී යාම මගේ ජීවිත කාලය තුළ දැකීමට මට අවශ්‍ය නැහැ. ඔවුන් ද මා මෙන්මයි."

“එසේ නොවුනානම්, මෙතරම් කෙටි කාලයක් තුළ තත්වය ස්ථාවර කර තාවකාලික නිකාය නායකයා වීමට මට හැකි වන්නේ කෙසේද? ඔවුන්ගේ අනුමැතිය සහ සහයෝගය නොමැතිව, මට තනිවම සාර්ථක වීමට හැකි වේවිද?"

“නායකතුමා, ඔබගේ සහ පෙර පරම්පරාවල නිකාය නායකයන්ගේ සිතුම් පැතුම් තවදුරටත් ක්‍රියාත්මක වන්නේ නැහැ.අප සිටින ලෝකය අවුල් ජාලයකින් පිරී තිබේ නම්, ෂුඅන්දු කන්දේ සිටින අප, අප ගැනම පමණක් සිතා බාහිර ලෝකයෙන් වෙන් වී සිටින්නේ කෙසේද?"

නිශාචර සියොතුන් පවා අතුරුදහන් වූවාක් මෙන් රාත්‍රිය ඉතා නිහඬ විය. සුළං ද නතර විය. පත්‍ර සෙලවෙන මඳ හඬ තවදුරටත් ඇසෙන්නේ නැත. සෑම දෙයක්ම නිශ්චලව ගියාක් මෙන් පෙනෙන්නට තිබුණි.

සඳ වලාකුළු අතර සැඟවුණේ කවදාදැයි කිසිවෙකුට කිව නොහැකි විය. ලෝකය මහා අන්ධකාරයක ගිලී ගියේය. යූ අයිගේ අතේ ඉටිපන්දම් එළිය පමණක් මඳ ආලෝකයක් නිකුත් කළ ද එය ද ක්‍රම ක්‍රමයෙන් අඳුරු වූ අතර, පසුව හදිසියේම නිවී ගියේ ය.

දෑස් ආබාධය ඇති වූ දා සිට, ෂෙන් ච්‍යාඕට රෑ දහවල් වෙනසක් නොවී ය. දවල් සහ රාත්‍රී එක හා සමාන විය.

නමුත් ඔහු තවමත් හැඟීම් දැනීම් ඇති මිනිසෙක් විය. තුවාල වූ විට ඔහුට ද වේදනාව දැනෙන අතර දුෂ්කරතාවන් දැනෙන විට ඔහු ද දුක් විය. නමුත් තමා ඉදිරියේ අංශුමාත්‍රයක හෝ බලාපොරොත්තුවක් ඇති බව ඔහු නිතරම විශ්වාස කළ අතර, සෑම දෙයකටම සුබවාදී ආකල්පයකින් මුහුණ දීමට ඔහු සැමවිටම උත්සාහ කළේ ය. ඔහුගේ මතකයන් නැවත පැමිණි පසු, ඔහු තුළ බොහෝ ප්‍රශ්න කන්දක් මෙන් ගොඩගැසී තිබුණද ඔහු අධෛර්යයට පත් නොවී ය. ඔහු දිගින් දිගටම සිතුවේ ෂුඅන්දු කන්දට ගොස් යූ අයිගෙන් මුහුණට මුහුණ ලා සිට පැනයන් විමසා පිළිතුරු ඉල්ලා සිටීමයි.

කෙසේ වෙතත්, මේ මොහොතේ සත්‍යය ඔහු ඉදිරියට පැමිණි පසු, ෂෙන් ච්‍යාඕට හදිසියේම හදවත පත්ලෙන් හටගෙන සිරුර පුරා දිව යන දැඩි තෙහෙට්ටුවක් දැනෙන්නට විය.යම් අයෙක් ඔහුගේ අතක් අල්ලාගෙන ඔහුව අයිස් සාගරයකට ඇදගෙන යන්නාක් මෙන් හැඟිමක් ඔහුගේ සිරුර පුරා උඩු දුවන්නට විය.

ඔහුගේ අතේ තිබූ උණ සැරයටියවත් තදින් අල්ලා ගැනීමට නොහැකි තරමට ඔහුගේ විඩාබර හැඟීම ප්‍රබල විය.

ෂෙන් ච්‍යාඕගේ ප්‍රකාශය දැකීමෙන් යූ අයිට තරමක කණගාටුවක් දැනුණත්, ඒ වන විටත් දේවල් මේ මට්ටමට පැමිණ තිබූ බැවින්, මෙම වචන පැහැදිලිව ප්‍රකාශ කළ යුතු බව ඔහුට හැඟුණි, “ජ්‍යේෂ්ඨ සහෝදරයා, කිසිවෙකු තනි වීමට කැමති නැහැ.ෂුඅන්දු කන්ද යනු ලෝකයේ ඇති අංක එකේ දාඕවාදී නිකාය. දඕවාදී පාසලේ බලපෑම මුළු ලෝකයටම පතුරුවමින් බුද්ධිමත් පාලකයෙකුට සහාය වීමට ෂුඅන්දු කන්දේ සිටින්නන්ට ශක්තිය තිබෙනවා. එසේනම් ඇයි අපි පෙර නායකයන් මෙන් කඳුකරයේ ගැඹුරට වී හුදෙකලාව සිටින්නේ? ඔබ හැර ෂුඅන්දු කන්දේ සිටින සියල්ලන්ම සිතන්නේ එලෙසයි. ඔබ ඉතා බොළඳයි!"

ෂෙන් ච්‍යාඕ ගැඹුරු හුස්මක් ආශ්වාස කරමින්, “කුන්'ය යනු තුජුයේ කෙනෙක්. ඔහු සමඟ ඇති කර ගත් ඔබේ සහයෝගීතාවය, තුජුයේ ජනයාට මධ්‍යම තැනිතලාවට ඇතුළු වී පාලනය කිරීමට උපකාර වන තරම් දුර ගියේ නැහැ නේද?" යනුවෙන් විමසුවේ ය.

යූ අයි පිළිතුරු දුන්නේ, “ඇත්තෙන්ම එලෙස වූයේ නැහැ. කුන්'ය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම මගේ සැලසුමේ එක් පියවරක් පමණක් බව මම පෙරදීත් ඔබට පැවසුවා. ෂුඅන්දු කන්ද නැවත වරක් ලෞකික ලෝකයට පිවිසෙනු දැකීමට ඇති මගේ අවශ්‍යතාව කොතරම් දරුණු වුවත්, මම තුජුයේ වැන්නක් ඒ සඳහා තෝරා ගන්නේ නැහැ. එතරම් ප්‍රචණ්ඩ සහ නිර්දය, ඔවුන්ට ප්‍රඥාවන්ත පාලකයන් ලෙස මා සලකන්නේ කෙසේද?" යනුවෙනි.

ෂෙන් ච්‍යාඕගේ ඇහි බැම තවත් තදින් රැලි ගැසුණි. යූ අයි විසින් ෂුඅන්දු කන්ද දැවැන්ත සැලැස්මකට ගෙන යන බව ඔහු හට නොපැහැදිලි ලෙස හැඟී ගිය නමුත් ඔහුගේ මනස මේ වන විටත් තරමක් ව්‍යාකූල වී තිබූ නිසා ඔහුට මේ මොහොතේ එය හඳුනාගත නොහැකි විය.

යූ අයි නැවතත් පැවසුවේ, “ඔබ නැවත පැමිණියහොත් අපට තවමත් පෙර සිටි සමීප සහෝදරයන් වීමට හැකියි. කිසිම විරසකයක් ඇති වෙන්නේ නැහැ. ඔබේ දෑස් තවමත් යථා තත්ත්වයට පත් වී නැහැ. ඔබට අභ්‍යන්තර තුවාලත් තිබෙනවා. කන්ද තරණය කිරීමට පවා ඔබ බොහෝ සේ වෙහෙස වන්නට ඇති. මෙවැනි ශරීරයකින් ඔබට තව කොපමණ දුරක් ගමන් කළ හැකිද? ෂුඅන්දු කන්ද පමණයි ඔබේ නිවස.” ලෙස ය.

ෂෙන් ච්‍යාඕ ප්‍රතික්ෂේප කිරීමට මෙන් සෙමින් හිස සැලී ය, “ ඔබට මංසන්ධියේ යා හැකියි. නමුත් මම යන්නේ මගේ තනි ලෑලි පාලමේ පමණයි. [1]  රූකඩ නිකාය නායකයෙක්?... මම මේ වගේ තනතුරක් ලබාගන්න කැමති නැහැ. දැන් පටන්…"

ඔවුන්ගේ සියලු මිත්‍ර සබඳතා බිඳ දැමීමට ඇවැසි යැයි හැඟවෙන දරුණු වචන කිහිපයක් පැවසීමට ඔහුට අවශ්‍ය වූ නමුත් කුඩා වියේ සිට ඔවුන් එකිනෙකා සමඟ කාලය ගත කළ දර්ශන අනපේක්ෂිත ලෙස ඔහුගේ දෑස් හරහා ගලා ගියේ ය.

ඒ මතකයන් ඔහුගේ සිතේ කෙතරම් සජීවී වීද යත්, 'අපි එකිනෙකා සමඟ සබඳතා අවසන් කරමු' වැනි වාක්‍යයක් කියනු ලැබුවත්, කියූ පමණින් ඔහුට ඒ සබඳතා සැබවින්ම අවසන් කර දැමිය හැකි දෙයක් නොවන බව ඔහු දැන සිටියේ ය.

ෂෙන් ච්‍යාඕ නිශ්ශබ්දව සුසුම් හෙලුවේ ය. අවසානයේ ඔහු කිසිවක් කීවේ නැත. යන්තම් දෙතොල් තද කොට මුව වසාගත් ඔහු ආපසු හැරී පිටව යන්නට පා තැබී ය.

මෙම සටන් සහෝදරයන් චි ෆංග විසින් ගෝලයන් ලෙස ගත් එම වසරවල, ඔවුන් සියලු දෙනා අතරින් හොඳම යෝග්‍යතාවය පිහිටා තිබුණේ ෂෙන් ච්‍යාඕට ය. කෙසේ වෙතත්, 'ගුවන් තලය යට අංක එකේ සටන් කලාකරුවා' වැනි කෙනෙකු ඔවුන්ගේ ස්වාමියා වූ විට, ඔවුන්ටද අදක්ෂ විය නොහැක. යම් පුද්ගලයෙකු චි ෆංග විසින් ගෝලයෙකු ලෙස ගැනීමට නම්, ඔහුගේ දක්ෂතාවය සහ ශාරීරික සහජ හැකියාව යන දෙකම විශිෂ්ට විය යුතු ය.

මේ ඇවිද යන්නේ පෙර සිටි ෂෙන් ච්‍යාඕ නම්, යූ අයිට ඔහුව නැවැත්වීම කළ නොහැකි කර්තව්‍යයක් වනු ඇත. කෙසේ වෙතත් දැන් සිටින ෂෙන් ච්‍යාඕ නිසැකවම පෙර සිටි දක්ෂතා පූර්ණ ෂෙන් ච්‍යාඕ නොවී ය. එබැවින් යූ අයිට ඔහුව නැවැත්වීමට කිසිදු බාධාවකින් තොරව හැකියාව ලැබිණි.

ක්ෂණයකින් ෂෙන් ච්‍යාඕ ඉදිරිපිට පෙනී සිටි ඔහු ඒ ගැන කිසිවක් නොසිතා අනෙක් පුද්ගලයාගේ මාර්ගය අවහිර කළේ ය.

"සහෝදරයා, යන්න එපා" අතක් එසවූ ඔහු පහත් හඬින් පැවසුවේ අනෙක් පුද්ගලයාට එම අත්ල මඟින් පහර දීමට සූදානම්ව සිටිමිනි.

කෙසේ වෙතත්, ෂෙන් ච්‍යාඕ ඔහුගේ ක්‍රියාව දැනටමත් අපේක්ෂා කර ඇති බවක් පෙනෙන්නට තිබුණි.ඔහු තම උණ ලී සැරයටිය ගුවනට ඔසවා තබාගෙන ප්‍රථමයෙන් පසු බැස ගියේ ය.

යූ අයි ඔහුගේ මෙම පියවර ගැන තැකීමක් කළේ නැත. ඔහු උණ ලීය දෙසට අත දිගු කළේ ය.

මෙම උදුරා ගැනීම සාර්ථක වන බව ඔහුට නිසැක විය. නමුත් එය සිතූ තරම් සරල වූයේ නැත. ඔහුගේ අතෙන් ලිස්සා ගිය සැරයටිය ඔහුට මග හැරුණි!

එය ඔහුගේ අත පසුකරමින් ලිස්සා ගියේ ය. පසු බසිනවා වෙනුවට, එය යූ අයිගේ මැණික් කටුවට පහර දෙමින් ඉදිරියට ඇදෙන්නට විය.

මදක් මුමුණන්නට සිටි යූ අයි, එය ඇඟිල්ලකින් තද කොට ඔහුගේ අනෙක් අත ෂෙන් ච්‍යාඕගේ උරහිස දෙසට ගෙන ගියේ ය. සුළඟක් නොතිබුණත්, ඔහුගේ වස්ත්‍රවල දෙඅත් චලනය වූ අතර, ෂෙන් ච්‍යාඕගේ පිට දෙසට මාරු වූ ඔහු ෂෙන් ච්‍යාඕගේ පිටතට යන මාර්ගය අවහිර කිරීමට උත්සාහ කළේ ය.

ෂෙන් ච්‍යාඕගේ උරහිස යූ අයිගේ අතෙහි ග්‍රහණයට හසු වූ අතර යූ අයි එය වෙත කුඩා බලයක් යෙදුවේ ය. එය ෂෙන් ච්‍යාඕ හට සුළු වේදනාවක් ඇති කළ නමුත් ෂෙන් ච්‍යාඕ ඒ ගැන තැකීමක් කළේ නැත. ඔහුගේ අතේ තිබූ උණ ලීය තවමත් ඉදිරියට ගමන් කරමින් තිබූ අතර එය යූ අයිගේ ඉණ පෙදෙසේ ගැටුණි. යූ අයි කුඩා වියේදී ගසකින් වැටීම නිසා ඔහුගේ ඉණ පෙදෙසේ පැරණි තුවාලයක් ඇති වී තිබුණි. ඒ අවස්ථාවේ ඔහුගේ අස්ථි එම වැටීම නිසා බිඳී ගියේ ය. එහෙයින්, ඔහු එයින් සම්පූර්ණයෙන්ම සුවය ලබා සිටියත්, තවමත් මෙම ස්ථානයට පහර දෙන විට ඔහු නොදැනුවත්වම එම ප්‍රහාර මග හැරීම පිණිස ප්‍රතීක ලෙස ක්‍රියා කරයි.

ෂෙන් ච්‍යාඕට ඉතිරිව තිබුණේ ඔහුගේ සටන් බලයෙන් සියයට තිහක් පමණි. ඔහු යූ අයිගේ හැකියාවට කිසිසේත්ම ගැලපුණේ නැත. කෙසේ වෙතත්, ඔවුන් කුඩා කල සිටම එකිනෙකා හඳුනන බැවින්, ඔහුගේ දෑස්වලට එම ප්‍රහාරයන් නොපෙනුනද,  අනෙක් පුද්ගලයාගේ සෑම චලනයක්ම සහ ඔහුට භාවිතා කළ හැකි සටන් කලා චලනයන් ගැන ෂෙන් ච්‍යාඕ දැන සිටියේ ය. යූ අයි ඔහුගේ ජීවිතය නැති කරනොදමන බව ඔහුට විශ්වාස විය. එබැවින් ෂෙන් ච්‍යාඕ සැකයකින් තොරව ඔහුට පහර දුන්නේ ය.

ෂෙන් ච්‍යාඕගේ සැලැස්ම පිළිබඳව යූ අයි පැහැදිලිව දැන සිටියේ ය. මොහොතක් සහයෝගී ලෙස සටන් කළ ඔහු ක්‍රම ක්‍රමයෙන් තරමක් කලබල වූ අතර දිගටම මෙලෙස සටන් කිරීමට ඔහුට අවශ්‍ය නොවී ය. මෙවර ඔහු, ඔහුගේ අභ්‍යන්තර චී භාවිතා කරමින් අනෙක් පුද්ගලයාගේ උරහිසට අත්ල ප්‍රහාරයකින් පහර දුන්නේ ය.

අත්ල විසින් නිර්මාණය කරන ලද සුළඟට සවන් දුන් ෂෙන් ච්‍යාඕ එය අවහිර කිරීම සඳහා යටි සිතින් නැඟුණු උත්තේජනයට ප්‍රතිචාර දී අනිච්ඡානුග ලෙස උණ ලීය එසෙව්වේ ය. කෙසේ වෙතත් එය නිෂ්ඵල විය. අභ්‍යන්තර චී ඔහුගේ පපුව දෙසට ඝෘජුවම පැමිණියේ ය. පියවර කිහිපයක් පසුපසට ගිය ඔහුගේ උණ ලීය 'ඉරිතැලීමකින්' කැබලි දෙකකට කැඩී ගියේ ය. මද වේලාවකින් ඔහු පය පැකිලී බිම ඇද වැටුණි.

“ආ-ච්‍යාඕ, සටන නවත්වා මා සමඟ ආපසු යන්න එන්න. ඔබ පැමිණි බව දැනගත් විට කණිෂ්ඨ සහෝදරිය සහ අනෙක් අය කෙතරම් සතුටු වේවිද යන්න මට හිතාගන්නවත් බෑ!” යූ අයි පියවර කිහිපයක් ඉදිරියට ගොස් ඔහුව ඉහළට ඇද ගැනීමට සූදානම් විය.

ෂෙන් ච්‍යාඕ වචනයක්වත් කතා කළේ නැත.

නමුත් යූ අයි, ඔහුගේ මැණික් කටුව අල්ලා ගත් වහාම, අනෙක් පුද්ගලයා එම උණ ලීයෙන් අඩක් අල්ලාගෙන ආලෝකය සහ ගිගුරුම් වැනි වේගයකින් තමා වෙත එයින් පහර දෙනු ඔහු දුටුවේ ය.

යූ අයි විසින් තමන්ගේ ආරක්ෂාව අඩු කොට එවැනි අවස්ථාවකට එනතෙක් බලා සිටීමට ෂෙන් ච්‍යාඕ තම ශක්තිය ඉතිරි කර ගෙන සිටියේ ය!

අන්ධ භාවයට පත්වන තරමට බරපතළ තුවාල ලබා සිටි ඔහුට ප්‍රතිරෝධය දැක්වීමට ශක්තියක් ඉතිරි වනු ඇතැයි යූ ආයි කිසිවිටකත් අපේක්ෂා කළේ නැත.

ෂෙන් ච්‍යාඕගේ සටන් බලයෙන් ඔහු තුළ ඉතිරිව ඇත්තේ සියයට තිහක් පමණක් බව ඔහු දැන සිටියේ නැත. උණ ලී අඩ වටා සුළඟක් ඇවිස්සී ගිය අතර සීතල උල්පතක් වැනි සීතලක් සමඟ, එහි අයිස් තට්ටුව කෙනෙකුගේ ඇටකටු තුළට ගැඹුරින් විදින බවක් පෙනෙන්නට තිබුණි. ශාරීරිකව එයට එරෙහි වීමට ක්ෂණිකව අපොහොසත් වූ යූ අයි තම ශරීරය පසෙකට හරවා ගත්තේ ය. කෙසේ වෙතත්, ඔහු පුදුමයට පත් කරමින්, ෂෙන් ච්‍යාඕ ඔහු සමඟ කිසිසේත් රණ්ඩු නොවී ය. ඔහු වහාම තම අත්ල එයින් ඉවත් කර, පසුව ඔහු පැමිණි මාර්ගය දෙසට පසු බැස්සේ ය!

කුඩා කල සිටම මෙහි හැදී වැඩුණු, ෂෙන් ච්‍යාඕට මේ වන විට වටාපිටාව නිසි ලෙස නොපෙනුනද, ඔහුට තවමත් පරිසරය හඳුනා ගැනීමට හැකි විය. මේ මොහොතේ, යූ අයි ඔහු පිටුපසින් ලුහුබැඳ ගියද තම පිටුපස දෙසට බැල්මක්වත් නොගත් ෂෙන් ච්‍යාඕ ඔහුගේ සැහැල්ලු කුසලතා භාවිතා කරමින් ඉදිරියට ගියේ ය. ශබ්දයට සවන් දීමෙන්, ඔහු යූ අයිගේ ඉරියව් පිළිබඳ වැටහීමක් ලබා ගත්තේ ය. පසුව ඔහු ඉතිරි වූ උණ ලී අඩ ඔහුගේ පිටුපසට විසි කළේ ය.

එම පුද්ගලයාව නවත්වා ගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටි යූ අයි ද මෘදු සිතින් ඔහු සමඟ සිටීම නවත්වා දැමුවේ මේ අතරතුරදී ය. ඔහු තම අත්ලෙන් උණ ලී අඩ යළි හරවා එයින් නැවතත් ෂෙන් ච්‍යාඕ වෙතටම ප්‍රහාරයක් දියත් කළේ ය.

පිටුපසින් සුළං කපාගෙන හී සැරයක් පැමිණෙනවාක් මෙන් හඬක් නැඟුනු අතර ක්ෂණයෙන් එම ශබ්දය තියුණු ලෙස දෙසවන් විඳිනවාත් සමඟම ඔහුගේ උරහිසද යමකින් විදිනවාක් මෙන් ඔහුට දැණුනි. ෂෙන් ච්‍යාඕගේ උරහිස පසුකරමින් උණ ලී අඩ ඉදිරියටම ඇදී ගිය අතර ප්‍රහාරය නිසා ෂෙන් ච්‍යාඕගේ වස්ත්‍ර සිදුරු විය. රුධිරය ක්ෂණිකව ගලා ගියේ ය. නමුත් ඔහු නැවතුණේ නැත. වේදනාව නොතකා දිගටම ඉදිරියට යාමට තීරණය කළේය. නමුත් යූ අයිගේ පැමිණීම වැළැක්විය නොහැකි විය.

මේ ආකාරයට පසුපසින්ම හඹා ආ යූ අයි ඇසිපිය හෙළන ඇසිල්ලෙන් ෂෙන් ච්‍යාඕට සමීප වී අත්ල ප්‍රහාරයකින් ඔහුගේ පිටුපසට පහර දුන්නේ ය. නියමිත වේලාවට එය මග හැරීමට අපොහොසත් වූ ෂෙන් ච්‍යාඕගේ පිටෙහි මැද පෙදෙසට ප්‍රහාරය ගොඩ බැස්සේ ය. විශාල ලේ කටක් පිට කළ ඔහුගේ මුළු සිරුරම බිම ඇද වැටුණි. ශරීරයේ පැවති වේදනාවෙන් පීඩා විඳි ඔහු අපහසුවෙන් මෙන් ආශ්වාස ප්‍රාශ්වාස කරමින් සිටියේ ය.

"පලා යාම නවත්වන්න!" යූ අයි සිටියේ සැබැවින්ම කෝපාවිෂ්ඨව ය. ෂෙන් ච්‍යාඕට නැඟිට සිටීමට ආධාර කරනු පිණිස ඔහු තම අත නැවතත් දිගු කළේ ය. “කවදා සිටද ඔබ ඔතරම් මුරණ්ඩු වූයේ? මට ඔබට රිදවීමට අවශ්‍ය නැහැ. නමුත් ඇයි ඔබ මා පවසන දේ අසන්නේ නැත්තේ!”

“තමන් කොටු වීමට යන බව දැනගෙනත් පලා නොයන්නේ කවුද? එසේනම් එම පුද්ගලයා මුග්ධයෙක් විය යුතුයි!"

අඳුරේ පැවති පරිසරය විනිවිද යමින් උපහාසාත්මක හඬක් ඇසුණි. එය මදක් නොපැහැදිලි ලෙස ඇසුණත් එහි ගැබ්ව තිබූ සීතල ස්වරය හඳුනාගැනීමට එය ශ්‍රවණය කළ අයෙකුට අපහසු වන්නේ නැත. නමුත් එය පැමිණියේ කොහෙන්දැයි යන්න කිසිවෙකුට පැවසීමට නොහැකි විය.

යූ අයි කම්පනයට පත් විය. නිශ්චල වී වටපිට බැලූ නමුත් අනෙක් පුද්ගලයාගේ හෝඩුවාවක්වත් සොයා ගැනීමට ඔහු අසමත් විය.

“ඒ කුමන මූසිකයෙක්ද? පිටතට පැමිණෙනු!"

“මම මුලින්ම සිතුවේ චි ෆංග වැනි ආඩම්බර ස්වර්ගීය පුත්‍රයෙකුට සිටින ගෝලයන් වුවත් අසාර්ථක නොවන බවයි. පුදුමයට කරුණක් නම්, ෂෙන් ච්‍යාඕ අඩකින් පමණ වැඩකට නැති පුද්ගලයෙකු බවට පත් වූවා පමණක් නොව, තාවකාලික නිකාය නායකයා බවට පත් වූ යූ අයි පවා සටන් කලාව සම්බන්ධයෙන් එතරම් දක්ෂ නොවීමයි. ස්වර්ගයේ සිටින චී ෆංග මේ පිළිබඳව දන්නේ නම්, ඔහු බොහෝ විට ඔහුගේ සොහොනෙන් පවා නැඟී සිටීමට හැකියි."

ඊළඟ මොහොතේ, ඔවුන් ඉදිරියෙන් යම් රූපයක් ප්‍රාදුර්භූත විය. හාස්‍යජනක ප්‍රකාශයකින් මුව සරසාගත්, මුහුණ පුරා උපහාසාත්මක ප්‍රකාශයක් පැළඳ සිටි ඔහු වෙන කිසිවෙක් නොව, යැන් වූෂි ය.

මතු වූ පුද්ගලයාගේ සටන් හැකියාවේ ප්‍රබලත්වය නිසාවෙන් ඔහු පැමිණියේ කොහි සිටදැයි සහ මීට පෙර සැඟවී සිටියේ කොහේදැයි යන්න පැහැදිලි නොවූ බව යූ අයිට වැටහී ගියේ මේ මොහොතේ ය.

ඔහු ශරීරය අභ්‍යන්තරයෙන් පවා කම්පනයට පත් වූ නමුත් මතුපිටින් සන්සුන් ලෙස මවා පෑවේ ය. “මේ කීර්තිමත් මහත්මාගේ ගෞරවනීය නම මට දැනගත හැකිද? මධ්‍යම රාත්‍රියේ ෂුඅන්දූ කන්ද නැරඹීමට තරම් ඔබව ගෙන ආ කාරණය කුමක්ද? ඔබ මගේ ගෞරවනීය නිකාය නායකතුමාගේ පැරණි මිතුරෙක් නම්, කරුණාකර ප්‍රධාන ශාලාවේ විවේක ගෙන තේ පැන් සංග්‍රහයක් භුක්ති විඳින්න."

යැන් වුෂි පිළිතුරු දුන්නේ, “චි ෆංග නොමැති ෂුඅන්දු කන්ද ඇත්තෙන්ම නිහතමානියි වගේ. තේ පැන් සංග්‍රහයක් අවශ්‍ය නැහැ. මම හොඳින්. අනෙක් කරුණනම්, ඔබ මා සමඟ මුහුණට මුහුණ තේ පැන් රසවිඳීමට තරම් තවමත් සුදුසුකමක් නැහැ.” යනුවෙනි.

යූ අයිගේ අභිප්‍රාය වූයේ ෂුඅන්දු කන්දේ හුදෙකලා ප්‍රතිපත්තිය නැති කොට එයට ලෞකික ලෝකයට පිවිසීමට හැකි වීමයි. එබැවින් ඔහු ඒ සඳහා බොහෝ සේ පෙර සූදානම් වී තිබුණි.මේ පුද්ගලයාගේ අදහාගත නොහැකි සටන් කලාවට අමතරව ඔහුගේ වදන් පවා කෙතරම් හාස්‍යජනක සහ උඩඟු ස්වභාවයකින් යුක්ත වූවාදැයි යන්න සිතමින් සිටි යූ අයිගේ යටි සිතට පැමිණියේ එක් නමක් පමණි. මද වේලාවකින් ඔහු, “යැන් වුෂිද? ඔබ 'අසුර පරමාධිපති', යැන් වුෂිද?! ලෙස විමසුවේ ය.

යැන් වුෂි නළල රැලි කළේය. "'අසුර පරමාධිපති'... මම මේ අන්වර්ථ නාමයට එතරම් කැමති නැහැ."

යූ අයි ළෙන්ගතු ලෙස කතා කිරීම නැවැත්වී ය. ඔහු කතා කරන විට ඔහුගේ මුහුණ ගෞරවාන්විත විය, “යැන් නිකාය නායකතුමාව ෂුවාන්දු කන්දට ගෙන ආවේ කුමක් දැයි මට ඇසීමට හැකිද? යූ අයි මේ වන විට නිකාය තුළ අභ්‍යන්තර කටයුතු කිහිපයක් සමඟ කටයුතු කරමින් සිටින නිසා ඔබට හොඳින් සංග්‍රහ කිරීමට නොහැකි වේවි. නිකාය නායක යැන්, කරුණාකර සංචාරය කිරීමට දිවා කාලයේ ආපසු පැමිණෙන්න."

“මට අවශ්‍ය වෙලාවක මට පැමිණිය හැකියි. මට අණ කිරීමට ඔබට අයිතිය ලැබුණේ කවදා සිටද? ”

යැන් වුෂිගේ හදිසි සම්ප්‍රාප්ත වීමෙන් පුදුමයට සහ කම්පනයට පත් වූ නිසා යූ අයිට මුලදී ඒ ගැන සිතුණේ නැත. නමුත් දැන් ඔහුගේ මනසට ඒ පිළිබඳව කාරණා ක්‍රමයෙන් පැහැදිලි වන්නට විය. ෂුඅන්දූ කන්ද යනු මිනිසුන්ට අවශ්‍ය පරිදි පහසුවෙන් පැමිණිය හැකි ස්ථානයක් නොවේ. යැන් වුෂි, රුයන් ක'හුයි වැනි විශිෂ්ට මට්ටමේ ප්‍රවීණයන්ට පවා අවශ්‍ය විටෙක බාධාවකින් තොරව පහසුවෙන් පැමිණීමට නොහැකි විය. එකම හැකියාව වූයේ ඔහු පැමිණ ඇත්තේ කඳු බෑවුමකින් මායිම් වූ කන්ද පිටුපස මාර්ගයෙන් වීමයි.

ඔහු එක්වරම හැරී ෂෙන් ච්‍යාඕ දෙස බැලුවේ ය.

අනෙක් පුද්ගලයාගේ හිස මඳක් පහතට නැවී තිබුණි. ඔහුගේ ඉරියව්ව නොපෙණුනි. ඔහු අසල වූ ගසෙහි කඳට තම අත මඟින් ආධාර දී එහි ආධාරයෙන් නැගී සිටීමට උත්සාහ කරමින් සිටියේ ය. ඔහුව ගසාගෙන යාමට සුළඟක් වුවත් ප්‍රමාණවත් වූ බවක් පෙනෙන්නට තිබුණි.

නමුත් සුළඟ ක්‍රමක්‍රමයෙන් ශක්තිමත් වී එහි සිටින්නන්ගේ වස්ත්‍ර ද ඒ සමඟම ලෙළ දෙන්නට වුවත් ඔහු තවමත් එහි ස්ථාවරව සිටගෙන සිටියේ කිසිදු විනාශයක් යටතේ වුවත් ඔහුව සෙලවිය නොහැකි බවක් විදහා පාමිනි.

යැන් වුෂිගේ හදිසි පැමිණීම ගැන ඔහු පුදුමයට පත් නොවූ බව දුටු යූ අයි හදිසියේම වෙනත් හැකියාවක් ගැන නිගමනය කළේ ය. එයින් ඔහු එක්වරම තිගැස්සී ගිය අතර කෝපයට පත් විය, “ආ-ච්‍යාඕ, ඔබ අසුර නිකායට අයත් අය සමඟ එකට ගැවසෙන්නේ කෙසේද?!”

මෙම වාක්‍යය ඇසීමෙන් පසු, ෂෙන් ච්‍යාඕ සෙමෙන් සෙමෙන් ලේ පුස්ඹ මිශ්‍ර වූ කැළඹිලි සහිත හුස්මක් පිට කළේ ය. කට කොනකින් වැගිරුණු ලේ පිසදැමූ ඔහු ගොරෝසු හඬින් විමසුවේ “ඔබට තුජුයේ මිනිසුන් සමඟ ගැවසීමට හැකිනම් අසුර නිකායේ අය සමඟ මට එකට සිටිය නොහැක්කේ ඇයි?” ලෙස ය.

කතෘගේ අතුරු සටහන්:

මෙහි ඇති සම්බන්ධකම් කිසිවෙක්ට වැටහුණේ නැද්ද යන්න මට විශ්වාස නැත. මම ඔබ වෙනුවෙන් එය නිරාකරණය කරන්නම්: යූ අයි සැලැස්මක් ක්‍රියාත්මක කරමින් සිටින අතර, මෙම සැලැස්මට ඔහු තුජුයේ ජනතාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම අවශ්‍ය වේ.ෂෙන් ච්‍යාඕ එයට එකඟ නොවන බව ඔහු දනී. එබැවින් ඔහුට එය සාර්ථක කරගැනීමටනම් ෂෙන් ච්‍යාඕව නායකත්වයෙන් ඉවත් කළ යුතු වේ. යූ අයි සිතන ආකාරයට ෂුවාන්දූ කන්ද සඳහා වූ තම සැලැස්ම ජ්‍යෙෂ්ඨ සහෝදරයාට වඩා වැදගත් ය. එබැවින් මම මගේ පවුල හෝ භාවිතා කර හරි දේ කරන්නෙමි යන මානසිකත්වයෙන් ඔහු කටයුතු කරයි. ෂෙන් ච්‍යාඕ කඳු මුදුනෙන් වැටීමෙන් පසු, යූ අයි ස්වභාවිකවම නිකාය නායකයා බවට පත් විය. ඇත්තෙන්ම, ෂුඅන්දූ කන්ද ලෞකික ලෝකයට පිවිසීමට අවශ්‍ය යන අදහසට අනෙක් පුද්ගලයින් ද එකඟ වූ අතර, එබැවින් යූ අයි හට පුළුල් ලෙස සහය ලැබුණි. නමුත් යූ අයි ෂෙන් ච්‍යාඕට වස දුන් බව ඔවුන් නොදන්නා අතර, යූ අයි , කුන්'ය සමඟ රහසිගතව සහයෝගයෙන් කටයුතු කර ඇති බව ද ඔවුන් දන්නේ නැත.


යූ අයිගේ අනෙක් අය සමීපයේ තිබූ හොඳ හැසිරීම නිසා ෂෙන් ච්‍යාඕ පිටව යාමට තීරණය කළේ ය. ඔහු සතුව කිසිදු සාක්ෂියක් නොමැති අතර, ඔහු ඇත්ත පැවසුවද අනෙක් අය ඔහුව විශ්වාස නොකරනු ඇත.

ෂෙන් ච්‍යාඕ ද මුලදී රැවටුණි. ඔහු යූ අයිගේ පෞරුෂය කෙරෙහි ඕනෑවට වඩා විශ්වාසය තැබීය. අනෙක් අය ද එලෙසයි. ඔවුන් සියලු දෙනාම කුඩා කල සිටම එකට හැදී වැඩුණු අතර ඔවුන් සැබෑ සහෝදරයන්ට වඩා සමීප බැවින් ඔවුන්ට එකිනෙකා ගැන අවිශ්වාස කළේ නැත.

එය එතරම් විශ්වාසදායක පරිසරයක් වූ නිසා, මෘදු ගතිගුණ ඇති චියාඕ ද ස්වභාවයෙන්ම ඔවුන්ව අවිශ්වාස කළේ නැත.

මෙය ද සඳහන් කළ යුතුය:

දැන් උතුරු සහ දකුණු රාජවංශවල අවසානයයි. (ක්‍රි.ව. 420-580)

ම්ලේච්ඡයන් පස්දෙනාගේ නැගිටීම නිසා උතුරු ප්‍රදේශයේ සියලු වර්ගවල සුළුතර කණ්ඩායම් විසින් පාලන තන්ත්‍ර පිහිටුවා ඇත.

මෙම අවස්ථාවේදී, තුජුයේ ජනයාගේ බලපෑම අතිමහත් විය. ඔවුන් විශාල භූමි භාගයක් අල්ලාගෙන සිටිති. පර්සියානු අධිරාජ්‍යයට එරෙහිව සටන් කිරීම සඳහා ඔවුන් නැගෙනහිර රෝම අධිරාජ්‍යය (බයිසැන්තියම්) සමඟ සන්ධානයක් පවා පිහිටුවා ගත්හ.

උතුරු ෂෝ සහ උතුරු චී රාජ්‍යට පවා ඔවුන්ට එරෙහි නොහැකි අතර ඉඳහිට ඔවුන්ට යටත් වීමට සිදු වේ. එය උතුරේ පාලන තන්ත්‍රයට ලැජ්ජා සහගත දෙයක් වේ.

නමුත් ඔවුන්ට සෑම කෙනෙකුම නියෝජනය කළ නොහැක. මධ්‍යම තැනිතලාවේ ඕතඩොක්ස් ක්‍රමයට ඇලී සිටින සහ එහි නැතිවූ භූමිය ප්‍රතිෂ්ඨාපනය කිරීමට කැමති බොහෝ අය තවමත් සිටිති.

ඊට පුලියුරු ජියන් ද ඇතුළත් ය. ඔහු ලෝකයේ පාලනය ලබා ගැනීමෙන් පසු, ඔහු වහාම ඔහුගේ හන් වාසගම (යැං, එබැවින් ඔහුගේ නම යැං ජියන් බවට පත් වේ) යනාදිය නැවත ආරම්භ කළේය.

මෙම නවකතාව ඓතිහාසික නවකතාවක් නොවේ. මට ප්‍රධාන වශයෙන්ම පැහැදිලි කිරීමට අවශ්‍ය වූයේ, එය එතරම් විශාල පසුබිමක් යටතේ පවතින නිසා, තුජුයේ ජනතාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ඉතා බැරෑරුම් කාරණයක් බව යූ අයි හටම දැනෙන්නේ නැති බවයි. ෂෙන් ච්‍යාඕට ඔහුගේ ප්‍රතිපත්ති සහ හේතු තිබුණත්, පසුබැසීම නිවැරදි මාර්ගය බව ඔහු විශ්වාස නොකරයි.

එය ච්‍යාඕ නවකතාවේ සඳහන් කළාක් මෙන් ය. ඔහු සිතන්නේ ඔවුන් පෙර කළාක් මෙන් ෂුඅන්දූ කන්දට මුද්‍රා තබා ලෝකයෙන් වෙන් වී සිටීම සුදුසු නොවන බවයි. නමුත් ඔහු කිසිම හේතුවක් නිසා තුජුයේ ජනතාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟ නොවනු ඇත.

තවද ඔවුන් වෙනස් වන ස්ථානය මෙයයි.


පරිවර්තකගේ සටහන්:

[1] ඔබට මංසන්ධියේ යා හැකිය, නමුත් මම යන්නේ මගේ තනි ලෑලි පාලම පසුකරමින් පමණයි: ඔබ ඔබේ කර්තව්‍යයන් ගැන සැලකිලිමත් වන්න. මම මගේ කර්තව්‍යයන් මට සුදුසු ආකාරයට කරන්නම්.

පෙර පරිච්ඡේදය | සියලු පරිච්ඡේද | මීළඟ පරිච්ඡේදය

Comments

  1. ❤️❤️❤️❤️

    ReplyDelete
  2. A-Qiaoගෙන් අපිට පාඩම් ගොඩාක් ඉගෙනගන්න තියෙනවා

    ReplyDelete
  3. Meke chapter khmd update krnne.sathit ek ganed

    ReplyDelete
  4. කතාව මෙතනින් ඉවරද?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ. Update කරයි ඉක්මනට.

      Delete
  5. කොහොම නමුත් යු අයිට එහෙම නොකර ඉන්න තිබුනා.... ආ ච්‍යාවෝ පව්..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-