Skip to main content

දහවන පරිච්ඡේදය | මම ඔබ ගැන ආඩම්බර වෙමි

වදන් පැවසුවද ඔහුගේ වටපිටාව තවමත් ගිලී තිබුණේ දැඩි නිහඬතාවයක ය. කිසිවෙකුත් ඔහුට පිළිතුරු දුන්නේ නැත.

ආරාමයේ සිටි වැඩිහිටි භික්ෂූන් වහන්සේ සහ කුඩා භික්ෂූන් වහන්සේලා දෙනම මතකයට නැඟුණු යුන් ෆුයි නළල රැලි කර ගත්තාය.ඔවුන් සියල්ලෝම මෙතෙක් වේලා පෙනී සිටියේ නැත. ඔවුන් බියෙන් ක්ලාන්ත වී ඇද්දැයි හෝ නැතහොත් ඔවුන්ට වෙනත් අනපේක්ෂිත සිදුවීම් සිදුවී ඇත්දැයි යන්න ගැන ඇයට අවිනිශ්චිත විය.

ඒ වෙනුවට, ඇයට දක්නට ලැබුණේ වටපිටාව නිරීක්ෂණය කිරීමට යැවූ මුරොන් ෂුන් සහ තුඔබා ලියන්'ච යන දෙදෙනා විසින් සය සහයෝගිතා සංධානයේ ශාලා කළමනාකරුවන් දෙදෙනාත්, ෂෙන් ච්‍යාඕ සහ චෙන් ගොංවත් රැගෙන එන අයුරු ය.

“කුලදෙටුතුමණි, ඒ පෙට්ටියේ තිබෙන්නේ කුණු ගොඩක් පමණයි. අපට අවශ්‍ය දේ එහි නැහැ! ” තුඔබා ලියන්'ච විසින් එය වාර්තා කරන ලද්දේ නිර්දය ලෙස චෙන් ගොංව බිම හෙළන අතරතුරදී ය.

චෙන් ගොං වේදනාවෙන් කෑගැසමින් සිට ඇති බැවින් ඔහුගේ කටහඬ පිට කළ හැකි නිල ස්ථානය අක්‍රිය කර තිබුණි. එනිසා දැන් ඔහුට කෑ ගැසීමට පවා නොහැකි විය. වේදනාව ඉතා දැඩි වූ චෙන් ගොංගේ මුළු මුහුණම මේ නිසා විකෘති වී තිබුණි.

ෂෙන් ච්‍යාඕ හට තරමක් හොඳින් සලකා තිබුණි. සමහරවිට ඔහුගේ සටන් දක්ෂතාවය නිසා මුරොන් ෂුන් තරමක් බියට පත් වන්නට ඇත. කෙසේ නමුත් මුරොන් ෂුන් ඔහුව තදින් අල්ලාගෙන සිටියේ ය.

සය සහයෝගිතා සංධානයේ ශාලා කළමනාකරුවන් වන ලියු චිං'ය සහ ෂැන්යුඇන් ෂින්චෙන් සාමාන්‍යයෙන් හඳුන්වනු ලැබූයේ විශ්මයජනක පුද්ගලයන් ලෙස ය. දැන් ඔවුන්ගේ ද ප්‍රධාන නිල ස්ථාන සියල්ල අගුලු දමා තිබූ බැවින් මේ මොහොතේ ඔවුන් සිටියේ ද තරමක් පහර කෑමට ලක් වීම නිසා අධෛර්යයෙනි. නමුත් ඔවුන් දත්මිටි කාගෙන සිටියේ වචනයක්වත් පැවසීම ප්‍රතික්ෂේප කරමිනි.

මුරොන් චිං ඔවුන් දෙස බලමින් පැවසුවේ, “නියෝජ්‍ය නායක යුන් තවමත් ඔබේ මේ යටත් නිලධාරීන්ගේ ජීවිතය ගැන සැලකිලිමත් වන්නේ නම්, එම භාණ්ඩය මා වෙත ලබා දෙන්න.”

යුන් ෆුයි සුසුමක් හෙලුවේය, "කුලදෙටු මුරොන් පැමිණියේ අප රැගෙන යන භාණ්ඩ පසුපසින් නම්, එම භාණ්ඩ තිබෙන පෙට්ටි දෙක දැන් තිබෙන්නේ ශාලා කළමනාකරු ලියු සහ අනෙක් අය නැවතී සිටි පැති කාමරයේ. ඔබේ මිනිසුන්ව කැඳවා ඒවා රැගෙන යන්න. මගේ සටන් කුසලතාව ඔබට වඩා පහත් නිසා මට කළ හැකි කිසිවක් නැහැ."

මුරොන් චින් සමච්චලයට ලක් කළේය, “ඔබ සිතන්නේ අනෙක් සියල්ලන්ම මෝඩයන් කියාද? ඔය පෙට්ටි දෙක තිබෙන්නේ අපව රැවටීමට ඇමක් ලෙස පමණයි. ඔබ රැගෙන යන සත්‍යයම භාණ්ඩය මෙපමණ වේලාවක් තිබුණේ ඔබ අසළම බවයි මට සිතෙන්නේ, මම නිවැරදියි නේද?”

මේ වදන් වලින් පසු සය සහයෝගිතා  සංධානයේ පිරිස පවා යුන් ෆුයි දෙස බලා සිටියේ විමතියෙනි.

යුන් ෆුයිගේ මුහුණ අඳුරු විය. “මුරොන් කුලදෙටුවන්ට මෙම කටකතා ඇසුණේ කොහෙන්ද? මේ පෙට්ටි දෙක අපට භාර දුන්නේ නැවත දකුණු චෙන් වෙත යැවීමට. භාණ්ඩයේ හිමිකරුද අප පැහැදිලිව දන්නා කෙනෙක්. ඒ ගැන කතා කරනවානම් ඇත්තෙන්ම ඒ ඔබේ මියගිය සගයා, ඔටුන්න හිමි කුමරුගේ කනිෂ්ඨ ඇදුරුතුමන් වන ෂූඑ රොන්. අසනීපයක් හේතුවෙන් ඔහු මිය ගිය පසු, ඔහුගේ බිරිඳ සහ දරුවන් ඔහුගේ දේපළ නැවත ඔහුගේ උපන් ස්ථානයට ගෙන යාමට උදව් කරන ලෙස සය සහයෝගිතා සංධානයෙන් ඉල්ලා සිටියා. අපේ නායකතුමා කනිෂ්ඨ ඇදුරුතුමන් වන ෂූඑ සමඟ හොඳ සබඳතාවක් පැවැත්වූ නිසා මට එය රැගෙන යන ලෙස නියෝග කළා. සිදු වූයේ එපමණයි!"

“ඒ පෙට්ටි දෙක පුරවලා තියෙන්නේ ෂුඑ රොංගේ පරණ භාණ්ඩවලින් මිස වෙන කිසිවකින් නොවෙයිනම් ඇයි ඔබ ඒවා මෙතරම් ආරක්ෂා කරමින් ගෙනයන්නේ? ඒවායින් බොහොමයක්ම පොත්. පොත් පෙට්ටි දෙකක් එම ස්ථානයේදීම පවා ඉවත් කළ හැකියි. මෙතරම් මහන්සියෙන් චී රටේ සිට දකුණට ඒවා ප්‍රවාහනය කිරීමට අවශ්‍ය ඇයි?”

"ඔබ මගෙන් ඇසුවත් එය මමත් දන්නේ නැහැ. එවිට මා ඇසිය යුත්තේ කාගෙන්ද?"

“ඔබ ගමනට පිටත් වූ දා සිටම ඔබේ කණ්ඩායම නැවත නැවතත් සැලසුම්වලට සහ පැහැරගැනීම්වලට මුහුණ දුන්නා. ඒ මිනිසුන් සියල්ලන්ම පැමිණියේ ෂුඑ රොංගේ පරණ පොත් පෙට්ටි දෙකක් පිටුපසින් පමණක් කියලානම් මට කියන්න එපා?”

“සමහරවිට සමහර අය හිතන්න ඇති කණිෂ්ඨ ඇදුරු ෂුඑ, ජීවත්ව සිටියදී බොහෝ ධනය රැස් කළ නිසා එම පෙට්ටි දෙක රත්‍රන් හා නිධන් වලින් පිරී ඇති බව. කණිෂ්ඨ ශිෂ්‍ය ෂුඑගේ දෑත් පිරිසිදු බව ඔවුන් දන්නේ නැතිව ඇති. ඔහු විශාල මුදලක් පවා ඉතිරි කරගෙන තිබුණේ නැහැ."

මුරොන් චින් සීතල ලෙස ප්‍රතිචාර දැක්වූයේ, “ඉතිරිව තිබෙන ෂුඑ රොංගේ පුද්ගලික භාණ්ඩ අතර 'නීල සයුරට අතිරේකය' නම් පොතක් තිබෙනවා. කරුණාකර එය භාර දෙන ලෙස මම උප සභාපති යුන්ගෙන් ඉල්ලා සිටීමට කැමතියි."

“පොත් සියල්ලම තිබෙන්නේ එම පෙට්ටි දෙකේ.එම පොත තිබෙනවානම් තිබෙන්නේ එය තුළමයි. පෙට්ටිය තුළ එය නැත්නම් එය ඇත්තෙන්ම නැහැ. පෙට්ටි දැනටමත් ඔබ සතුව තිබෙනවා.තවත් ඔබට භාර දෙන ලෙස ඉල්ලා සිටින්නේ කුමක්ද?

මුරොන් චින් තමා අසළ සිටි තුඔබා ලියන්'ච සහ මුරොං ෂුන් දෙස බැලීය.මුරොන් ෂුන් වාර්තා කළේ, “ මම [1]  දැනටමත් සියල්ල සොයා අවසන්.එම නමින් පොතක් තිබුණේ නැහැ."

මැද ගුවනින් කටහඬක් පැමිණියේ, “කුලදෙටු මුරොන් ඇත්තෙන්ම ඉවසිලිවන්තයි. මෙලෙස දිගටම පඳුර වටේට පමණක් පහර දෙමින් සිටියහොත්නම් උපසභාපති යුන් අවසානය වනතෙක්ම ගොළු සෙල්ලම් කරාවියැයි මට බයයි."  නීල සයුරට අතිරේකය යනු වෙනත් දෙයක් සැඟවීමට යෙදූ ආවරණයක් පමණක් බව ඔබ කෙලින්ම පැවසුවහොත්නම් එය වඩාත් හොඳ වනු ඇති. එය තුළ සඟවා ඇත්තේ සූර්යවාදයයි. එම ග්‍රන්ථය නොව, සූර්යවාදය භාර දෙන ලෙස ඇයට පවසන්න!”

තවත් මිනිසුන් මෙහි සැඟවී සිටියාද?

හූ සහෝදරයන්ගේ මුහුණුවල විස්මය සහ වික්ෂිප්තභාවය දෙගුණ තෙගුණ විය. ඔවුන් ඉක්මනින්ම හිස ඔසවා අවට බැලූ නමුත් ඔවුන්ට දැක ගත හැකි වූයේ ඝන, භයානක ලෙස ශාඛා විහිදුණු මරණය වැනි ගැඹුරු නිහඬබවක ගිලී තිබුණු ආරාමය පමණි. ආත්මයෙන් බාගයක්වත් දැකීමට හැකි වූයේ නැත.

කෙසේ වෙතත්, ඊළඟ මොහොතේ, ආලින්දයේ තීරුව පිටුපස සිටි අමතර රූපයක් ඔවුන් දුටුවෝ ය.

චෙන් ගොං තම වේදනාව නොතකා සෑහෙන වේලාවක් ඔවුන්ගේ සංවාදයට සාවධානව ඇහුම්කන් දුන් නමුත් ඔහුට එහි එක වාක්‍යයක්වත් තේරුණු බවක් නොවැටහුණි. සය සහයෝගිතා සංධානයට එකතු වීමට ඔහු හට මුලින් තිබූ උසස් අභිලාෂයන් සියල්ලම බොහෝ කලකට පෙර වියැකී ගොස් තිබුණි. ඔහුට බොහෝ සේ රිදුම් දුණි. වේදනාව නිසා මුළු සිරුරම දහදියෙන් තෙත් වී තිබුණි. වේදනාව දැන් තරමක් අඩු වී තිබූ නිසා කතා කළ රුව දෙස හිස ඔසවා බැලීමට අවසානයේදී ඔහුට හැකි විය. කෙසේ වෙතත්, එක් බැල්මකින්ම ඔහු කෙතරම් වික්ෂිප්ත වූවාද යත්,  කිසිවක් නොදුටුවානම් වඩා හොඳ යැයි ඔහුට හැඟුණි.

සඳ එළිය යට තිබූ මුඩු කළ කෙස් සහිත හිසක් ඇති රූපය භික්ෂුවකගේ වස්ත්‍රයකින් සැරසී සිටියේය. එය පැහැදිලිවම මේඝ තරණ ආරාමයේ සිටි  කුඩා භික්ෂූන් දෙනමගෙන් කෙනෙකුට අයිති වූවකි!

ආරාමයේ කාන්තා අමුත්තන් සිටි බැවින්, කුඩා භික්ෂූන් වහන්සේලා දෙනම යුන් ෆුයිට නවතැන් ගැනීමට තම කාමරය ලබා දුන් අතර, චෙන් ගොං සහ අනෙකුත් අය සමඟ පොදු නිදන කාමරයේ නිදා ගැනීමට පැමිණිය හ. මීට පෙර චෙන් ගොං නින්දෙන් නැඟී සිටි විට, එය අඳුරු වී තිබූ බැවින් සය සහයෝගිතා සංධානයේ පිරිස එළියට ගිය බව පමණක් දුටුවත් පොඩි භික්ෂූන් දෙනම එහි සිටිනවාදැයි යන්න ගැන අවධානය යොමු කිරීමට ඔහුට අමතක විය.

දැන් ඇසෙන කටහඬ ද පොඩි භික්ෂුවගේ මුලින් පැවති කටහඬට වඩා හාත්පසින්ම වෙනස් වී ඇත. එය කාන්තාවකගේ මවාගත් මිහිරි කටහඬකට සමාන විය!

චෙන් ගොංට දැනුනේ තම හිස අවුල් ජාලයක පැටලී ඇති බවයි. සිදුවන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමට ඔහුට සම්පූර්ණයෙන්ම නොහැකි විය .

කෙසේ වෙතත්, අනෙක් අයගේ ප්‍රධාන සැලකිල්ල යොමු වී තිබුණේ කුඩා භික්ෂුව වෙනුවට වෙනත් කවුරුන් හෝ ආදේශ වී ඇද්දැයි ද හෝ නැතහොත් මුල සිටම සැබෑ කෙනෙකු නොසිටියේදැයි යන්න පිළිබඳ නොවේ.

“සූර්යවාදය” යන වදන් ඇගේ මුවින් පිට වූ විට සියල්ලන්ගේම පෙනුම විශාල ලෙස වෙනස් විය !

යුන් ෆුයි විමසුවේ, “මහත්මිය, ඔබ කවුද? මේ ආකාරයට සැඟවී සිට ඔබ කුමක් හෝ සැඟවුණු ව්‍යාපාරයක් කරමින් සිටියා විය හැකිද?”

'පොඩි භික්ෂුව' කාරුණික ලෙස පිළිතුරු දෙමින්, “මගේ මුල් සැලසුම වූයේ හොර රහසේ ඇතුළු වී පසුව භාණ්ඩය රැගෙන යාමයි. නමුත් උප සභාපති යුන් මට අවස්ථාවක් ලබා නොදුන් විට මා කළ යුත්තේ කුමක්ද?කුලදෙටු මුරොන් ද ඇතුළු වීමත් සමඟ මට පෙනී සිටීම හැර වෙනත් විකල්පයක් ඉතිරි වුණේ නැහැ. ”

යුන් ෆුයිට අනෙක් පුද්ගලයාගේ පසුබිම සොයා ගැනීමට නොහැකි විය. ඇහි බැම රැලි ගන්වමින් ඇයව ඉහළට පහළට සෝදිසි කර බලද්දී අනෙක් පුද්ගලයා නැවතත් සිනා සෙමින් “උප සභාපති යුන්, ඔබ සිතුවේ සියල්ල නිහඬව සහ රහසිගතව තබාගෙන කල්පනාකාරීව කටයුතු කළා කියාද? ඔබ අගනුවර හැර ගිය දා සිටම අසංඛ්‍යාත පිරිසක් ඔබ දෙස අවධානයෙන් බලා සිටින බව ඔබ දැන සිටියේ නැතිව ඇති. මීට පෙර එම කණ්ඩායම් දෙක ගැන කතා කරනවානම්, ඔවුන් සඳහන් කිරීමට තරම්වත් වටින්නේ නැති කුඩා මාළුවන් පිරිසක් මෙන් මිස අන් කිසිවෙක් නොවේ. නමුත් අද රාත්‍රියේ මෙහි සිටින්නේ සැබෑ දක්ෂයින්ගේ එකතුවක්. මගේ සමඟි නිකාය සහ කුලදෙටු මුරොන් හැර, තවමත් තමන්ව පෙන්වූ ප්‍රවීණයන් නොසිටීවි යැයි මම බියෙන්. තරු සහ සඳ එළියත් පරිපූර්ණ බැවින්, අප එකවර එකට එකතු වූ මෙම අවස්ථාවත් දුර්ලභ බැවින්, ඇයි අපි අනෙක් අයටත් කතා කොට හොඳ කතා බහක් නොකරන්නේ? අපි අපගේ මිත්‍රත්වය ගැඹුරු කරගෙන මෙම සූර්යවාදයේ ඉතිරි පොත සම්බන්ධ ගැටලුව විසඳා ගමුද? එය විසඳා ගත් විට අපි එය බෙදා හැරිය යුත්තේ කෙසේද? ශක්තිමත්ම පුද්ගලයා එය ලබා ගත යුතුද?නැත්නම් අපි එය එක් එක් පුද්ගලයාට කැබැල්ලක් ලැබෙන ලෙස ඉරා දැමිය යුතුද?”

ඇය කතා කරන විට විහිළු ද කළාය. එය තරමක් හාස්‍යජනක බවක් පෙනුනද පැමිණ සිටි කිසිවෙක් සිනාසුනේ නැත.

යුන් ෆුයිගේ හදවත කම්පා විය.

දුෂ්කර වුවත් ඇයට තවමත් මුරොන් චින් තනිව හැසිරවිය හැකි නමුත්, තරමක් විකේන්ද්‍රීය හා මිලේච්ඡ හැසිරීම් සඳහා ප්‍රසිද්ධ සමඟි නිකාය ද වේදිකාවට ඇතුළු වූයේ නම් තත්වය තරමක් කටුක සහ තවත් දුෂ්කර විය. ඊට අමතරව, අද්භූත කාන්තාව ඇඟවූ දේ අනුව, තවමත් තමන්ව හෙළි නොකළ තවත් මිනිසුන් අඳුරේ සැඟවී සිටින බවක් පෙනෙන්නට තිබුණි.

මුරොන් චින් ගැඹුරු හඬින් පැවසුවේ, “උප නායක යුන්, දැන් ඔබම එය දකින්නට ඇති. අද රාත්‍රියේ මේඝ තරණ ආරාමයේ ඔබට තනිවම හැසිරවීමට නොහැකි තරම් ප්‍රවීණයන් ගණනක් සිටිනවා. සූර්යවාදය මා වෙත භාර දීමට ඔබ එකඟ වන්නේ නම්, අධිරාජ්‍ය අධිකරණයේ නාමයෙන් මම ඔබව නිදහස් කර ඔබ සැමට ආරක්ෂිතව රට හැර යා හැකි මාර්ගයක් සපයන බවට සහතික වෙනවා."

"මුරොන් කුලදෙටුවන් අධිරාජ්‍ය අධිකරණයේ සේවය කරන බව සත්‍යක්. නමුත් චී රට තුළ අපට ඇති බලය ගැන සලකන විට මෙම වචන පැවසීමට වඩාත් සුදුසු වන්නේ අපේ සමඟි නිකාය යැයි මම සිතනවා." ආලින්දයේ තීරුව පිටුපස සිට ඉදිරියට පැමිණෙන විට ඇය අවංක හා සාමාන්‍ය පෙනුමක් ඇති කුඩා භික්ෂුවගේ විලාසයෙන් සිනාසුනා ය.

පැත්තක සිටි මුරොන් ෂුන් “අයියෝ!” කියා කෑ ගැසීමට පෙර ඇය එතරම් චලනය වී තිබූ බවක්වත් නොපෙනුණි. කඩිනමින් ෂෙන් ච්‍යාඕව අත හැර දැමූ ඔහු පියවර කිහිපයක් වේගයෙන් පසු බැස්සේය.

මුරොන් චින්ගේ රූපය මදක් එහා මෙහා වූ අතර, සැණෙකින් එම රුව මුරොන් ෂුන් සිටි ඉදිරිපසින් අවහිර විය. ඔහුගේ වස්ත්‍රයේ අත් තුළින් දිලිසෙන කිරණ දෙකක් පිට වූ අතර, මුරොං චින් විසින් කුඩා භික්ෂුවට පහර දෙන ලදි.

චෙන් ගොං සඳ එළියේ සිටින දෙදෙනා දෙස හිස් බැල්මෙන් බලා සිටියේය. ඔවුන්ගේ පෙරළෙන සිවුරු සහ වස්ත්‍රවල අත්, ඔවුන් මත විහිදෙන ආලෝකයන් සහ සෙවනැලි සමඟ එක්ව ජීවිතයදැයි මරණයදැයි තීරණය කළ එම සටන පීච් මල් පිපුනාක් මෙන් විය. මීට පෙර සය සහයෝගිතා සංධානය ඔහුව ප්‍රතික්ෂේප කළ විට ඔහුට දැනුණු කෝපය කෙතරම් හාස්‍යජනකදැයි යන්න ඔහුට හදිසියේම වැටහුණි.

ඔහුට ෂෙන් ච්‍යාඕ දෙස නොබලා සිටීමට නොහැකි විය.

ච්‍යාඕ තවමත් උණ බම්බු ලීය අතැතිව නිහඬව සිටගෙන සිටියේය. ඔහුගේ සිරුරෙන් අඩක් සෙවණැලි වලින් වැසී තිබූ නිසා, ඔහුව අන් අයගේ දෘෂ්ටියට හසුවූයේ නැත. 

බැලූ බැල්මට ෂෙන් ච්‍යාඕව පෙනුණේ සරල විය නොහැකි මිනිසෙකු ලෙසය. ඒ සමගම ඔහු තුළ ද සැඟවුණු අභිරහස් ස්ථර ඇති බවක් පෙනෙන්නට තිබූ අතර, අන් අයට ඔහු ගැන අවබෝධයක් ලබා ගැනීමට නොහැකි වූවා පමණක් නොව, ඔහුගෙන් කිසිවක් වටහා ගැනීමටද නොහැකි විය.

අනෙක් පසින් මුරොන් චින් සහ පොඩි භික්ෂුව එකිනෙකාට ප්‍රහාර දීම ආරම්භ කොට තිබුණි. යුන් ෆුයි ඇය වටා සිටි සියල්ලන් දෙසම බැලීය. එක්වරම ඇගේ සිතට අදහසක් පැමිණි අතර ඇගේ පියවර එම අදහස අනුගමනය කළේය.

ඇගේ පා ​​ගමන වේගවත් වූ බව කිව යුතුමය. ඇයගේ එක් පියවරක් සාමාන්‍ය මිනිසෙකුගේ පියවර දහයකට සමාන විය. සෑම පියවරකදීම මලක් පිපෙන බවක් පෙනෙන්නට තිබුණි, ඒවා ඇගේ වස්ත්‍රයට එරෙහිව ඇතිල්ලී යනවාක් මෙන් වූ නමුත් කිසිදු හෝඩුවාවක් ඉතිරි නොවී ය.

එසේ වුවද, ඇය පිටුපසින් පැමිණි කන්දක් තරම් බර පීඩනයකට ඇයව හසු වීමට පෙර ඇයට ගත හැකි වූයේ එක් පියවරක් පමණි.

කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව, එකිනෙකා සමඟ දැඩි ලෙස සටන් කරමින් සිටි මුරොන් චින් සහ කුඩා භික්ෂුව, යුන් ෆුයිට පහර දීමට තීරණය කර තිබුණි!

සිනාසෙමින් කතා කළ කුඩා භික්ෂුව ඒ කටහඬේ තිබූ උපහාසය වෙනස් නොකරම, “උප නායක යුන්, ඇත්තෙන්ම ඔබේ ක්‍රියාවන් බොහෝ වංකයි. ඔබතුමියගේ යටත් නිලධාරීන් මෙහි සිටින විට මෙලෙස යන්න හදනවා. සංගමයක නායකයෙක් හැසිරිය යුත්තේ මෙලෙසද? මෙම පුවත පැතිර ගියහොත්, අනාගතයේදී නැවත ඔබව අනුගමනය කිරීමට එඩිතර වන්නේ කවුද?"

යුන් ෆුයි සිතුවේ එම භාණ්ඩය තමා සතුව තිබූ බැවින් ඇගේ සෙසු නිලධාරීන් නොවැදගත් බවයි. මුරොන් චින් සහ අනෙකුත් අය ඔවුන් කෙරෙහි අවධානය යොමු කිරීම සම්පූර්ණයෙන්ම පිළිකුල් කළ නිසා ඔවුන් සෑහෙන කාලයක් අනතුරට පත් නොවී සිටිනු ඇත. ඒ නිසාම ඇය තනිවම පිටත්ව යාමට තීරණය කළාය. මේ මොහොතේ, කුඩා භික්ෂුව හිතාමතාම තම සගයන් සහ අනුගාමිකයින් අතර අසමගිය ඇති කළත්, ඇය නිහඬව සිටියාය. මුරොන් චින් තනිවම පමණක් සිටියද ඇයට එය ද දුෂ්කර විය. සමගි නිකායේ අතිරේක 'අසුර කාන්තාවක්' සමඟ එම පීඩනය තවත් දෙගුණ වී තිබුණි.

අභ්‍යන්තර චී ප්‍රවාහ තුනක් මුසු වී ඔවුන් තිදෙනා කේන්ද්‍ර කරගත් රවුම තුළ ගැටුණි. ප්‍රහාරයට හසු වේ යැයි බියෙන් අනෙක් පිරිසට තවත් ඈතට පසුබැසීමට සිදු විය. අනෙක් අතට ලියු චිං'ය සහ ෂැන්යුඇන් ෂින්චෙන් එතරම් වාසනාවන්ත නොවීය. ඔවුන්ට චලනය වීමට නොහැකි වී තිබූ නිසා, අවාසනාවන්ත ලෙස, අභ්‍යන්තර චී හි එක් ධාරාවක් ඔවුන් මතට කඩා වැටුණේ ඔවුන්ට එකවරම ලේ කටක් පිට කරන්නට සලස්වමිනි. හූ යාන් සහ හූ යූ මහත් කම්පනයට පත් වූහ. ඔවුන් ඇදගෙන යාම සඳහා උත්සාහ කිරීමට ඔවුන් ඉදිරියට ගියත්, එම පුද්ගලයින් තිදෙනා වටා ඇති යුධ කවය වෙත ළඟා වීමට ඔවුන්ට කිසිසේත්ම අවස්ථාවක් නොමැති බව ඔවුන් හට වැටහුණි.

කුඩා භික්ෂුව සහ මුරොන් චින් එකතු වී ඇති බවක් පෙනෙන්නට තිබුණද, ඇත්ත වශයෙන්ම ඔවුන් එකිනෙකා ගැන ද සැලකිලිමත් විය.එකිනෙකාගේ පිටුපසට පිහියෙන් ඇනීමෙන් ආරක්ෂා වෙමින්, ඔවුන් තම චලනයන් සිදු කළේ දැඩි අවධානයෙනි. මුලදී යුන් ෆුයි ඔවුන් දෙදෙනා සමඟ තනිවම සටන් කොට පරාජයට පත් වූවත් අනෙක් දෙදෙනාට ඔවුන්ගේම නපුරු අදහස් තිබූ බැවින් සටන තුළ සියුම් දුර්වලතාවයක් සොයාගෙන සමතුලිත ලෙස සටන කරගෙන යාමට ඇයට හැකි වූ අතර ඇය එය ගිලිහෙන්නට නොදී දැඩි ලෙස අල්ලාගෙන සිටියා ය.

මුරොන් චින් හදිසියේම තම සැලැස්ම වෙනස් කිරීමත් සමඟම සමතුලිතතාවයේ මෙම භයානක තත්වය ඉක්මනින් බිඳී ගියේය. ඔහුගේ සිකාඩා පියාපත් තල ආලෝකය යුන් ෆුයිගේ මුහුණ පසුකර ගොස් කුඩා භික්ෂුවට පහර දුන් අතර එහි ගමන් මග භික්ෂුව පිටුපසම වැටී තිබුණේ මාර්ගයේ තිබූ සෑම දෙයක්ම තුහීන කරමින් දැඩි සීතල සුළං ප්‍රවාහයක් ද රැගෙන යන අතරතුරදී ය. ඊට ප්‍රතිචාරයක් වශයෙන්, යුන් ෆුයිගේ පලායාමේ මාර්ගය අවහිර කරමින් සිටි කුඩා භික්ෂුවට එය මඟ හැරීමට පසෙකට ලිස්සා යාමට සිදු විය. එහෙත් සිහින් තලය ඉවක් බවක් නොමැතිව ඇය පසුපසම හඹා ගියේ අවසන් හුස්ම වැටෙන තුරු නොනවතින්නාක් මෙනි.

ඔවුන්ගේ සැබෑ ශක්තිය අනුව විනිශ්චය කළහොත්, මුරොන් චින් 'කුඩා භික්ෂුවට' වඩා තරමක් දක්ෂ විය. එය හෙළි නොවුණේ එතෙක් ඔවුන් දෙදෙනා හටම පොදු අරමුණක් තිබූ බැවිනි. දැන් තත්ත්‍වය වෙනස් වී තිබූ නිසා කුඩා භික්ෂුව බොහෝ සේ කලබල විය. ඇගේ පිටුපසින් ආලින්දයේ තීරුව සහ ඇගේ හිසට ඉහළින් වහලයේ පියස්ස තිබීම නිසා ඇයට පසුබැසීමට ක්‍රමයක් නොතිබුණි. ඇය වටපිට බැලුවාය. ඇගේ දෑස් කෙළවරින් ඇය දුටුවේ අසල බිම වැටී සිටි චෙන් ගොං ය. දෙවරක් නොසිතාම ඇය ඔහු දෙසට අත දිගු කළේ ඔහුව පලිහක් කර ගැනීමට අදහස් කොටගෙන ය.

එම දර්ශනය ඇසිපිය හෙළන මොහොතකට වඩා වැඩි කාලයක් පැවතියේ නැත. සටන් කලාවන් අල්පයක් හෝ නොදත් මිනිසුන්ගේ ඇස් හමුවේ, ඔවුන්ගේ චලනයන් එක්වරම දිස් වූ සෙවණැලි දිලිසීමක් මෙන් විය. ඔවුන්ට පැහැදිලිව වටහා ගැනීමට පවා නොහැකි විය.

චෙන් ගොං පවා පොඩි භික්ෂුව තමන් දෙසට පැමිණෙන බවක්වත් දැන සිටියේ නැත. ඔහු යුන් ෆුයි සහ මුරොන් චින් දෙස බලා සිටියේ ඔහුගේ හිස තවමත් පැත්තට ඇල කරගෙන ය.

නමුත් ෂෙන් ච්‍යාඕ එය දුටුවේය.

ඔහුගේ සිරුර තුළ අභ්‍යන්තර චී එක සලකුණක්වත් තිබුණේ නැත. සටන් කලාව ගැන පවසන්නේ නම්, ඔහුට මතක තිබුණේ ස්වල්පයක් පමණක් වන අතර බොහෝ විට මේවා ද නිශ්චිතවම මතක තබාගැනීමට නොහැකි විය. විටින් විට රුධිරය සහිත කැස්ස සෑදුණු නිසාත් අන්ධ වූ දෑස් තිබූ නිසාත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ද යහපත් නොවීය. එහෙත් කිසිවක් නොකර බලා සිටීමට ඔහුට නොහැකි විය.

එබැවින් ඔහු බේරා ගැනීමට තීරණය කළේය.

චෙන් ගොංව අමානුෂික ලෙස බිමට තල්ලු කරනු ලැබුව ද, සිදුවූයේ කුමක්දැයි ඔහු තවමත් දැන සිටියේ නැත.

තමාට මුලින් අල්ලා ගැනීමට අවශ්‍ය වූ පුද්ගලයා වෙනුවට උණ බම්බු ලීයක් ආදේශ වී ඇති බව දුටු කුඩා භික්ෂුව පුදුමයෙන් ශබ්දයක් පිට කළේ එය අදහාගැනීමට නොහැකි වූවාක් මෙනි.

සැණින් නොයෙකුත් වෙනස්කම් ඇති විය. ඒ වන විටත් තලයේ ආලෝකය පැමිණ තිබූ අතර එම සිහින් තලය අල්ලාගැනීම සඳහා තමන්ගේ සියුමැලි අත මඟින් මලක් සෑදීමට ඇගිලි යොදා ගැනීමට සිදු වූ කුඩා භික්ෂුවට එම ලීය අත හැරී තිබුණි.

සිහින් තලය අභ්‍යන්තර චී පලිහ ද විනිවිද ගොස් කුඩා භික්ෂුවගේ අත්ල සිදුරු විය. ඇය සිය මුළු ශක්තියෙන් එය තදින් අල්ලා නොගත්තේ නම්, තලයේ ගම්‍යතාවය නිසැකවම එතැනින් අවසන් නොවනු ඇත.

එක්වරම පොඩි භික්ෂුවගේ අතින් රුධිරය ගලා යන්නට විය.

ඒ උණ බම්බු ලීය නිසා ඇගේ හොඳ සැලැස්ම විනාශ නොවුනේනම් ඇය බොහෝ කලකට පෙර එම ප්‍රහාරයෙන් ගැලවෙන්නට ඇත. එලෙස වූවානම් ඇයට තුවාල සිදු වන්නේ කෙසේද? ඒ ගැන සිතීමෙන් පසුව ඇගේ මුහුණෙහි දරුණු ඝාතන චේතනාවක් දිස් විය. එහි සිටින යුන් ෆුයි සහ මුරොන් චින් නොසලකා හැරි ඇය වහාම සිය ඇඟිලි වක්‍ර කොට ඇඟිලිවල නිය තිරිසන් සතෙකුගේ මෙන් දිගු කරමින් ෂෙන් ච්‍යාඕගේ හිස දෙසට දිගු කළා ය!

මුරොන් චින් යුන් ෆුයිව අත්හැර දමා ඒ වෙනුවට කුඩා භික්ෂුවට එරෙහිව පහර දීම තෝරා ගැනීමට හේතුව වූයේ අද රාත්‍රියේ යුන් ෆුයිට පලා යා නොහැකි බව ඔහු දැන සිටි බැවිනි.එහෙයින් ඇයව මෙහි රඳවා තබාගන්නේ කවුරුන්ද යන්න නොවැදගත් විය.

බලාපොරොත්තු වූ පරිදිම අඳුරෙන් මතු වූයේ ජේඩ් සීනු [2] හඬකි. එය කෙතරම් දුරස්ව තිබූ නමුත් එයින් නැඟුණු හඬ කෙතරම් පැහැදිලිව ඇසුනාද යත්, ඔවුන්ගේ පෙනීම සහ ඇසීම පවා එයින් පිරිසිදු වූ බවක් දැනුනි. කෙසේ වෙතත්, යුන් ෆුයිගේ කන් වලට, එම ශබ්දය ඇසුණේ සිය ගණනක් ඉඳිකටු ඇගේ මස් විදිනවාක් හෝ කඩු දහස් ගණනකින් ඇගේ හදවත සිදුරු කරන්නාක් මෙන් හැඟීමක් ජනිත කරවන විලසිනි. ඇගේ මුළු සිරුරම අධික වේදනාවකට ගොදුරු වූ අතර ඇය තුළ සංසරණය වීමට නියමිතව තිබූ අභ්‍යන්තර චී පවා එකතැන පල් විය.

මේ වෙලාවේ කවුද?!

යුන් ෆුයි දැඩි ලෙස බියට පත් විය. ඇයට තවදුරටත් වෙන කිසිවක් ගැන සැලකිල්ලක් නොතිබූ අතර ඇගේ මුළු ශක්තියෙන්ම ගැලවීමට අවශ්‍ය විය. නමුත් නොපෙනෙන දැලකින් ඇයව අවහිර කළාක් මෙන් එක පියවරක්වත් සෙලවීමට ඇයට නොහැකි වූවාය.

වරක් ඇය සිතුවේ පළමු දස දෙනා අතරට පැමිණීමට තම සටන් කලාවේ නිපුණතාවය සම්පූර්ණයෙන්ම ප්‍රමාණවත් නොවූවත් එය නිෂ්ඵල නොවන බව ය. ඇය කොතරම් වැරදිද යන්න ඇයට වැටහුණේ මේ මොහොතේදී ය. දර්ශන මාත්‍රයක්වත් පෙන්වා නොමැති පුද්ගලයෙක් විසින් ඒ වන විටත් ඇයව දැඩි ලෙස සිර කොට තිබුණි.

අද රාත්‍රියේදි ඇය සතුව තිබූ භාණ්ඩය ඇයට අහිමි වීමට නියමිතව තිබුණාද?මේ කාරණය පිළිබඳව සිතූ, යුන් ෆුයිට ඇය තුළ ඇති වූ බලාපොරොත්තු සුන්වීමේ හැඟීම යටපත් කර නොගෙන සිටීමට නොහැකි විය.

අනෙක් පසින් කුඩා භික්ෂුව කිසිම පැකිලීමකින් තොරව අකුණු ගසන්නාක් බඳු වේගයකින් ඇගේ ඇඟිලි ෂෙන් ච්‍යාඕ දෙසට දිගු කළා ය.

තනිව සටන් කරන විට ඇය යුන් ෆුයි හෝ මුරොන් චින්ට වඩා පහත් විය හැක, නමුත් ෂෙන් ච්‍යාඕ වැන්නෙක් සමඟ කටයුතු කිරීමේදී, ඔහුව පහසුවෙන්ම අල්ලා ගැනීමට තරම් ඇයගේ දක්ෂතාවය නිසැකවම ප්‍රමාණවත් විය.

කුඩා භික්ෂුව චෙන් ගොං අල්ලා ගැනීම නැවැත්වීමට ෂෙන් ච්‍යාඕට හැකි වූයේ, එය විශිෂ්ට පියවරක් වීමට අමතරව, කාලයෙන් ප්‍රයෝජන ගෙන ඇයව අල්ලා ගත් බැවිනි.

නමුත් කුඩා භික්ෂුව බරපතල ලෙස පහර දුන්නොත්, ඔහුට විරුද්ධ වීමට කිසිසේත්ම බලයක් නොතිබුණි.

හිම කුණාටුවක ප්‍රවේගයත් සමඟ, චීවල බලය දරුණු ඝාතන චේතනාවක් ද රැගෙන ගමන් කළේය. ඔවුන් තවමත් එකිනෙකාගෙන් පියවර පහක් හෝ හයක් දුරින් සිටියද, ෂෙන් ච්‍යාඕට හුස්ම ගැනීමට පවා අපහසු විය. ඔහුගේ පාද යට තිබූ පොළොව පවා දැනීමට නොහැකිව ඔහු සම්පූර්ණ අඳුරට වැටෙද්දී ඔහුගේ ඉලඇට තුළ වේදනාවේ තරංග පුපුරා යන්නට විය. ඔහුගේ ළයේ එක් ස්ථානයක් හැරුණු විට ඔහුගේ මුළු සිරුරම මෘදු විය. එය ගින්නෙන් පුළුස්සා දමන්නාක් මෙනි. ඔහුට කෙතරම් තදබල ලෙස එම ප්‍රවාහය දැනුණාද යත්, ඔහුට එය නිදහස් කළ හැකි එකම ක්‍රමය වූයේ විශාල ලේ කටක් පිට කිරීම පමණි.

කුඩා භික්ෂුව ෂෙන් ච්‍යාඕ ගැන සුළු හෝ තැකීමක් කළේ නැත. මෙම පුද්ගලයා තමන්ගේ හැකියාව නොදැන අන් අයගේ ව්‍යාපාරයට තම නාසය දැමීමට තරම් නිර්භීත වීම නිසා ඔහු මිය යාම වඩාත් සුදුසු ලෙස කුඩා භික්ෂුවට හැඟී ගොස් තිබුණේ මීට ස්වල්ප මොහොතකට පෙරදීම ය.

'ඔහු වැනි කෙනෙක් කෙතරම් ලස්සනට පෙනුනත් කිසිම වටිනාකමක් නැහැ.'

ඇගේ දෑස් තුළ ෂෙන් ච්‍යාඕ ඒ වන විටත් මිය ගොස් සිටියේය.

ඇගේ ඇඟිල්ලේ අග යන්තම් ඔහුගේ ගෙලට ළඟා වෙනවාත් සමඟම ඇසිපිය ගසන ඇසිල්ලකින් තවත් සිදුවීමක් සිදු විය.

එය ෂෙන් ච්‍යාඕ වෙතින් පැමිණියේ නැත.

අඳුර තුළින් එක්වරම මතු වූ අතක් කුඩා භික්ෂුවගේ මැණික් කටුව අල්ලාගෙන ප්‍රහාරය අවහිර කළේ ය.

එය වේගවත් නොවීය. එහි විලාසය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය විය. එහි චලනය ගැන ද අමුතු දෙයක් තිබුණේ නැත.

අත පැහැපත් හා කෙට්ටු වූ අතර කිසිදු කැළලක් නැති සිනිඳු සමකින් යුක්ත විය. එය මිනිසෙකුට අයිති බවත්, නිසැකවම උසස් තනතුරක වසර ගණනාවක් සුවපහසු සහ සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ මිනිසෙකුට එය අයත් බවත් දුටු ඕනෑම කෙනෙකුට නිසැකවම පැවසිය හැකි විය.

පරිවර්තකගේ සටහන්:

[1] මම: භාවිතා කරන මුල් චීන වචනය "ඔබේ බෑණනුවන්" වේ, එය ගෞරවය දැක්වීමට "I" වෙනුවට භාවිතා වේ.

[2] ජේඩ් සීනුව (玉磬 yu qing): බුද්ධාගමේ භාවනාව සහ ආගමික කටයුතු සඳහා බහුලව භාවිතා වන පාත්‍ර හැඩැති සීනුවකි.

පෙර පරිච්ඡේදය |සියලු පරිච්ඡේද | මීළඟ පරිච්ඡේදය 

Comments

  1. වාව් මාරයි ආ

    ReplyDelete
  2. ඒ යැං වූෂි වෙන්න ඇති නේ

    ReplyDelete
  3. හරිම ලස්සනයි කතාව

    ReplyDelete
  4. Aiyuu lassanai appppaaaa... Anthima image ekaaaa

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-