Skip to main content

එකසිය විසි දෙවන පරිච්ජේදය : අධිරාජ්‍යයාගේ දියණිය.


 

 

මේ කාරණය දක්වා කතා කළ යූ ෂ්‍යාඔසායි , ඉදිරියට නැමී ඉකිගසමින් හඬන්නට වූයේ තවත් පැවසීමට අපොහොසත් වෙමිනි. ඔවුන්ගේ පරම්පරාගත විද්වතුන්ට අවැසි වූයේ තම අරමුණ වෙනුවෙන් දිවි පිදූ පක්ෂපාතී හා දේශප්‍රේමී චී හුඅයිලියන් කෙනෙකු වෙන්නට හෝ ,  අර්බුධකාරී කාල වලදි සියල්ලෝම එක්ව තබාගත් ස්ථාවර බලවේගයක් බඳුවූ හයි ලියැංයී වෙන්නටයි. නමුත් පසුව, මේ මහා ගොඩනැගිල්ල කඩා වැටුණේ විශාල ගිගුරුම් සහිත ශබ්දයක් සහිතවය. එක් රැයක් තුළ, එය දස දහස් සංඛ්‍යාත ජනතාවගේ උතුම් අභිලාෂයන් බිඳ දැමූ අතර, දජෞ විලාපයන් බහුල දේශයක් බවට පත් කළේය.

ශෙන් ස'චුආන් තම හිස පසෙකට හරවාගෙන නඟර පවුරු මත රාත්‍රි මුර සංචාරවල යෙදෙන භටපිරිස් වල හඬ අසමින් සිටියේ නිහඩවමය.

මද වේලාවකට පසු යූ ෂ්‍යාඕසායි හඩා වැටීම නතර කළේ ය. ඔහු මිසිත් පවසන්නට පෙර සිය මුහුණ උණුසුම් අත් පිස්නාවකින් වසා ගනිමින් පවසන්නට විය.  " හන් චෙංව අවුල් සහගත තත්වයකට ඇද දමන්න මහ ලේකම්තුමා තමන්ගේ මරණය පාවිච්චි කළා.  නමුත් හන් චෙං නතරවෙන්නට කැමති වුනේ නැහැ. රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයෝ කොයිතරම් හෙම්බත් ව සිටියාද කියනවානම් ඔවුන් හන් චෙංගේ ගමන් රථය ෂෙන්වූ වීදියේදි අවහිර කරලා කඩා දැමුවේ සභා සැසිය අවසන් කිරීමත් එක්කමයි. අෂ්ඨ මහා පුහුණු බලඇණි රාජකීය විද්‍යාලය මුද්‍ර කරලා පෙරමුණ ගත්ත ශිෂ්‍යයෝ කිහිප දෙනෙක්ව අල්ලගෙන ගිහින් බන්ධනාගාරගත කළා. ඔවුන් ශිෂ්‍යයන්ගේ ආහාර සැපයුම් පවා කපා හැරියා, ඉතිං ඒ නිසාම ශිෂ්‍යයෝ නිරාහාර උපවාසයක් කරන්නට පටන් ගත්තා."නැවතත්, යූ ෂ්‍යාඔසායි ට සිය හැඩීම වළක්වාගත නොහැකි වූයෙ ය.

"මම මුලින් හිතුවේ මේ වෙලාවේ ලෝකයේ ඉන්න සියලුම විද්වතුන් මැරෙයි කියලා. ඒත්  ඒ රාත්‍රියේ, රාජකීය විද්‍යාලය පිහිටා තිබුණු ජිංයී කන්ද මැද ගිනිදැල් දැල්වෙනවා මම දැක්කා, ඒ වෙලාවේ තමයි මම මහා ලේකම්වරයාගේ ජනප්‍රියත්වය කොයිතරම්ද කියලා දැනගත්තේ. පැතිර ගිහින් තිබුණ ගිනි ජාලාව මහා බලවේගයක් බවට පත්ව තිබුණා. ලෝකයේ ඉන්න විද්වතුන්ගේ කෝපය සංසිඳුවා ගන්න , වැන්දඹු අධිරාජිනිය නැවතත් හන් චෙංට දරුවා භාර දුන් බවට තිබුණු පෞද්ගලික ලිපිය භාර දෙන ලෙස ඉල්ලා සිටියා. ඇය රාජකීය උරුමකරුව ලෙස පෙනී සිටි හන් වංශයෙ දරුවා මාළිගයෙන් එළවා දැමුවා. එයට ඉඩදීම හැර වෙනත් විකල්පයක් හන් චෙංට තිබුණේ නැහැ. දින තුනකට පස්සේ පෞද්ගලික ලිපිය නිල වශයෙන් තහවුරු කරනවා කියලා ඔහු පොරොන්දු වුණා."

"ව්‍යාජ පෞද්ගලික ලිපියේ ගුආංචෙං අධිරාජ්‍යයාගේ පෞද්ගලික මුද්‍රාව තිබුණේ නැහැ. ඒනිසා මහ ලේකම් කාර්යාලය හන් චෙංගේ ඔටුන්න හිමි කුමර යෝජනාව ප්‍රතික්ෂේප කළා. මේක දැක්ක වැන්දඹු අධිරාජිණිය, ඔටුන්න හිමි කුමරයෙක් විදිහට අපේක්ෂකයෙක් ස්ථාපිත කරන්න හුඅයිජෞ වල පරම්පරාගත  යැන් කුමාරයා හමුවෙන්න එකඟත්වය පල කළා. කොහොහොමවුනත් හුඅජෞ තියෙන්නේ චූදු වලට හුඟක් දුරින්. හන් චෙං කලින් පැවසුවා වගේ, සෘජු සම්භවයක් නැති යැන් කුමරුගේ මුනුපුරාගේ දෙවන පුත්‍රයා දැනටමත් වයස්ගතව තමයි සිටියේ. ඔහු ඒ දිගු ගමනින් වෙහෙසට පත්වයි සිටියේ. හැඟීම්වලින් පිරුණු පෙරැලෙන යාත්‍රාවක් වගේ සිටි ඔහු චූදූ වලට පැමිණෙන්නට පෙරම සිය ආත්මය අතහැරියා."

" ඔටුන්න්න හිමි කුමරයෙකු තෝරා පත් කර ගැනීමේ ගැටළුව සම්පූර්ණයෙන්ම අවුල්ජාලයක් බවට පත් වුණා. හන් චෙං, යටි අරමුණු තියාගෙන හිටපු නිසාම , මහා ලේකම් කාර්යාලයට තර්ජනය කරන්න අෂ්ඨ මහා පුහුණු අංශ පාවිච්චි කළා. රජයේ කටයුතු වලට සහය වෙන්න තවත් නගර අටක් ඉල්ලන්න ඔහු තවත් ස්මාරකයක් ඉදිරිපත් කළා. වැන්දඹු අධිරාජිනියගෙන් 'රාජ්‍ය කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් මණ්ඩලයක්' පිහිටුවන්න ඔහුට අවශ්‍ය වුනා. ලැයිස්තුගත කර තිබුණු අපේක්ෂකයින් හැමොුම ධනවත් වංශවල නිලධාරීනුයි. වැන්දඹු අධිරාජිනිය ඔහුට පිළිතුරක් ලබා දෙන්නෙ නැතිවම ඉල්ලීම කල් දැමුවා. මහා ලේකම්වරයාගේ උරුමය ඉදිරියට ගෙන යමින්, ගෞරවනීය බෝරන්, සභා ගර්භය සඳහා මුල් සැලැස්මට එකඟ වීම සඳහා අනුස්මරණයක් ඉදිරිපත් කළ කළත්, සිවිල් නිලධාරීන් හමුදාවට සම්බන්ධ නොවන බවට පදනම මත හන් චෙංගේ හමුදා බලය ඉවත් කරන ලෙස ඔහු ඉල්ලා සිටියා. හන් චෙංගේ අෂ්ඨ මහා පුහුණු අංශ ඉවත් කරන්නයි ඔහුට මෙම අවස්ථාව භාවිතා කරන්න වුවමනා වුනේ. නමුත් හන් චෙං ඒක ප්‍රතික්ෂේප කළා, මහා ලේකම් කාර්යාලයත් ඔවුන්ගේ අනුමැතිය දුන්නේ නැහැ, දෙපාර්ශවයේම සාකච්ඡා නැවත වරක් බිඳ වැටුණා."

චූදු වල ජයග්‍රහණය කළ නොහැකි තත්වයේ බිඳවැටීමේ ලක්ෂ්‍යය වූයේ උරුමක්කාරයෙකු නොමැති වීමයි. කොං ච්‍යූ ප්‍රමුඛ මහා ලේකම් කාර්යාලයේ නිලධාරීන් රජයේ කටයුතු සඳහා නගර අටෙහි සහාය ලබා ගැනීම සදහා වූ චෝදනාවට සහය වූ අතර , මෙය සාමය පවත්වා ගැනීම සඳහා හායි ලියැංයී ගේ ප්‍රතිපත්තියට අනුකූල විය. ඔවුන්ට හමුදා භටයන් නොසිටියේ ය. චීදොං වැන්දඹු අධිරාජිනියගේ පාලනය යටතේ පැවති අතර, ෂ්‍යාඕ චියේ සමඟ සිදු වූ දෙයින් පසු ලිබෙයි තවදුරටත් චූදු වල නියෝගවලට කීකරු වූයේ නැත. කොං ච්‍යූ කළ හැකි වූයේ හානි අඩුම දෙය තෝරාගෙන ඉඩ දීම පමණකි. අවසාන කරුණ නම්, හන් චෙංගේ හමුදා බලය ඉවත් කිරීමයි. ඔවුන්ට හමුදා බලය තමන්ගේම අතට ගැනීමට නොහැකි වුවද, චූදු හි සියලුම මුර සංචාර පෙර මෙන් භාර ගැනීම සඳහා ධනවත් වංශවලට භාර දීමට ද ඔවුන්ට නොහැකි විය.

"ෂුඒ ෂ්‍යුජුඕ ඔහුගේ ස්මාරක ඉදිරිපත් කළේ හරියටම මේ වෙලාවෙදියි." යූ ෂ්‍යාඔසායි පැවසුවේ  අදුරු නොපැහැදිලි කටුක සිනහවක් ද සමගිනි.  "එක ගලකින්, ඔහු රැළි දහසක් ඇවිස්සුවා.. ඔහුගේ හේ පියවර ඇත්තෙන්ම සූක්ෂමයි , අනර්ඝයි."

ෂුඒ ෂ්යූජුඕගේ නම ඇසූ පමණින් ෂ්‍යාඕ චීයේ සිය දෙනෙතෙහි බැල්ම ඔසවා ශෙන් ස'චුආන් දෙස බැලුවේ ය. මොහොතක නිහඬතාවයෙන් පසූ , ශෙන් ස'චුආන් ඔහුගේ හිස තරමක් ඔසවා කවුළුවෙන් පිටතට නෙත් හෙළුවේ ගැටගැසී ගිය ඇහිබැමි සහිතවයි. මොහොතකට පසු හේ පවසන්නට විය. "ඔබ පෙරදි පැවසුවා නිවැරදියි. මේ දක්ෂතාවය ඇත්තෙන්ම අද්විතීයයි. රාජකීය උරුමකරුවා ගැන කටකතා බොහොම වේගයෙන් අප සිටින තැනට ලඟා වුනා , එය පිව පියවරක් ගන්න බලකළා. මම මුලදි චොංබො වල පැමිණියාට පස්සේ, ඒ පිරිමි ළමයින් සියල්ලම මරා දැමීම ගැන සැක කළේ හන් චෙංවයි.  නමුත් දැන් පේන හැටියට හන් චෙං කියන්නේ ෂී හොංෂුආන්ට සමාන අයෙක් - ඔවුන් හැමෝම ෂුඒ ෂ්යූජුඕ හසුරවපු වෙයිචී ක්‍රීඩාවේ ඉත්තෝ. එක ඉත්තෙක්ගේ වැරදි පියවරක් නිසා මුළු ක්‍රීඩාවම විනාශ වී ගිහින්.  මමයි නොසැලකිළිමත් විදිහට මගේ සතුරාව අවතක්සේරු කළේ.."


අධිරාජ්‍ය අධිකරණයේ වියවුල් සහගත තත්ත්වය මාස භාගයකටත් අඩු කාලයක් පැවති අතර, හන් චෙංට එරෙහිව රාජකීය විද්‍යාලයෙන් එල්ල වූ වාචික ප්‍රහාරවල නැගීම රජයේ කටයුතු සඳහා නගර අට සහය වීම දක්වා පැතිර ගියේ ය. හැඟීම්වලින් පිරුණු අසංඛ්‍යාත සිසුන් කොං ච්‍යූ ගතානුගතික උපාය මාර්ගය ගැන වඩ වඩාත් අතෘප්තියට පත් විය. ඒ සමඟම ඔවුන් හයි ලියැංයී ගැන ශෝක වෙමින් ලිපි සහ කවි ලිවූ අතර, ඔවුන් චී හුයිලියන් ගැනද ශෝක වෙමින් සිටියහ. වර්තමානයේ කොං ච්‍යූ සිටි ආකාරය ඔවුන්ගේ අපේක්ෂාවන් වල සිටි මහ ලේකම්වරයා නොවීය.

හන්ු වංශයේ දරුවා සම්බන්ධයෙන් වැන්දඹු අධිරාජිනිය සහනයක් ලබා දුන් අතර, මෙය රට පුරා සිටින සියලුම සිසුන්ට විවිධ බලතල එක් කන්ඩායමකට එක්රැස් කිරීමේ බලය දැකගැන්මට ඉඩ සැලසීය. ඔවුන් අසීමිත මුහුදක් නිර්මාණය කිරීම උදෙසා එක්රැස් වූ සෑම තැනකින්ම පැමිණි ජල බිඳිති මෙන් විය. ඔවුන්ගේ ඒකාබද්ධ හමුදාවන්ට එම උස් බිත්තිය හරහා තල්ලු කළ හැකි බව ඔවුන් විශ්වාස කළහ. උතුම් වංශ නම් රෝගයෙන් මිදීමේ අවස්ථාව ඔවුන්ගේ ඇස් ඉදිරිපිටම තිබුණි.

රජයේ කටයුතු සඳහා නගර අට යොදා ගැනීම හන් චෙංගේ යෝජනාව කොං ච්‍යූ විසින් අනුමත කළ නිසා, රාජකීය විද්‍යාලයේ දිශාව හදිසියේම හතරවන මාසයේ කාලගුණය මෙන් වෙනස් විය. පළමුව, ආවේගශීලී වචන සහිත ලිපියක් කොං ච්‍යූ ගේ නිවසේ ද්නාරයේ ඇලී තිබුණි. පසුව හන් චෙං ට වාචිකව පහර දීමට භාවිතා කළ සියලු විවේචන කොං ච්‍යූ වෙත භාවිතා කරන ලදී. කොං ච්‍යූ විසින් මෙහෙයවන ලද නිහතමානී සම්භවයක් ඇති විද්වත් නිලධාරීන් ඉතා දුර්වල බව ශිෂ්‍යයන්ට වඩ වඩාත් සහතික වූ අතර, ඒ නිසා ම හායි ලියැංයී නම් ශ්‍රෙෂ්ඨ ලේකම්වරයා උස් හසුනක රදවා තිබුනහ, ඒ නිසාම ඔහු අවසානයේ එවැනි අධිෂ්ඨානශීලී ක්‍රමයක් තෝරා ගැනීමට තීරණය කළේය. ඔවුන් යොංයී පාලන සමයේදී සියලුම රාජසභා නිලධාරීන් විවෘතව ලැයිස්තුගත කළ අතර, මෙම නිලධාරීන් වංශවත් වංශවල නිලධාරීන් සමඟ කිසියම් සම්බන්ධතාවයක් පවත්වා ඇත්දැයි එකින් එක පරීක්ෂා කළහ. සෙන් යූ  හන් චෙංගේ පෞද්ගලික සාදයකට ආරාධනා ලැබී ඇති බවට වූ පුවත ලැව් ගින්නක් මෙන් පැතිර ගිය අතර සිසුන් චිත්තවේගී උමතු භාවයකට ඇද දැමීය. ඔවුන් සෙන් යූ, කොං ච්‍යූ සහ යුද අමාත්‍ය චෙන් ෂෙන් පවා "කුහකයන්" ලෙස ලේබල් කළහ.

සෙන් යූ උසාවි සැසිවාරවලට සහභාගී වීමට භාවිතා කළ ගමන් රථය  කුඩු පට්ටම් කරන ලදී. ඔහු මාලිගාවේ දොරටුව අසල සිටගෙන හිස ලේ වලින් වැසී ගොස් අහස දෙසට ඇඟිල්ල දිගු කරමින් ප්‍රකාශ කළේ තමාට උතුම් වංශිකයන් සමඟ නුසුදුසු සබඳතා නොමැති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස, ඔහු මත අපිරිසිදු පොහොර ඉසිනු ලැබීය. මේ අය පෙර සිටි සිසුන් බව සෙන් යූට විශ්වාස කළ නොහැකි විය. ඔහු වසර විස්සක් ප්‍රධාන නිරීක්ෂණ කාර්යාංශයේ සේවය කර තිබුණු අතර, ඔහු රාජකීය අධිකරණයේ ගණන් කළ නොහැකි ප්‍රධාන සහ සුළු නිලධාරීන්ට දෝෂාභියෝගයක් ඉදිරිපත් කළේ ය. ඔහු ගුආංචෙන් අධිරාජ්‍යයාට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට පවා එඩිතර විය. නමුත් ලැජ්ජාවකින් තොරව පුද්ගලික ලාභ ප්‍රයෝජන සොයන කුණුගොඩක් ලෙස තමාට කවදා හෝ ශාප කරනු ඇතැයි ඔහු කිසි විටෙකත් සිතුවේ නැත.

දේශපාලනය ගැන සැලකිලිමත් වූ නමුත් බලයේ සිටින අයගෙන් ඈත්ව සිටි දේශපාලනික වශයෙන් පිටස්තරයන් ලෙස සිටි විද්වතුන්ගේ ආදර්ශයක් ලෙස යාඕ වංශය සැමවිටම පැවතුනි. වංශයකට උපදේශකයින් තිදෙනෙකු බිහි කිරීමේ ගෞරවය ඔවුන් සතු විය. ෂියැන්දේ පාලන සමයෙන් පසු ඔවුන්ට රාජකීය අධිකරණයේ කිසිවෙකු නොසිටියද, ඔවුන්ගේ බලපෑම අනෙකුත් වංශවල සියල්ලොම අභිබවා ගියේය. ඔවුන් ධනවත් වංශ සහ නිහතමානී සම්භවයක් ඇති අය අතර පුළුල් ලෙස ගෞරවයට පාත්‍ර විය. හයි ලියැංයී , චී හුයිලියන්, කොං ච්යූ සහ රාජකීය අධිකරණයේ අනෙකුත් පැරණි සහ නව නිලධාරීන් සියල්ලෝම වරක් යාඕ වංශයේ උපදෙස් සහ මග පෙන්වීම ලබා ගත් අය වූහ. යොංයී පාලන සමයේදී නැවත නැගීසිටීමේ කාලය තුළ රාජකීය විද්‍යාලයේ සමෘද්ධිමත්භාවය සමඟ පැරණි ස්වාමී යාඕගේ දක්ෂතා පුළුල් ලෙස බඳවා ගැනීම සමඟ සම්බන්ධ විය. නමුත් දැන්, චූදු හි නැගෙනහිර කෙළවරේ ඔවුන් පිහිටුවා තිබූ යාඕ වංශයේ මුතුන් මිත්තන්ගේ ශාලාවේ දොරවල් සහ ජනෙල් කඩා බිඳ දමා තිබුණි. කොං ච්යූ එය ආරක්ෂා කිරීමට කෙනෙකු යවා නොතිබුනේ නම්, එදින රාත්‍රියේ එය ගින්නෙන් විනාශ වෙන්නටද ඉඩ තිබුණි.

මෙම ගිනිදැල් යාඕ වෙන්යූ වෙතද පැතිර ගියේය, ඔහු හයි ලියැංයීගේ  ශිෂ්‍යයෙකු වූ නමුත් ඔහු නිලධාරියෙකු ලෙස රාජකීය අධිකරණයට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කළේය. රාජකීය විද්‍යාලය පෑන් රුගුයිට ශාප කිරීමට සටන් කළ අවසන් වතාවේදීද ඔහු පෙනී සිටියේ නැත. දැන්, පැරණි කළ කීදෑ සියල්ලමත දුක් ගැනවිලි ගොඩගැසී තිබෙයි. ඔවුන් වරක් ප්‍රශංසා කළ රචනා ඉරා දැමූ අතර, යාඕ වෙන්යු සොරෙකුට සමාන කළහ - හයි ලියැංයී ගේ රජයේ පරිපාලන දැනුම සොරකම් කළ ධනවත් වංශිකයන්ගේ  සොරෙකු බවට ඔහුව හංවඩු ගැසුවෝය.

චූදු සම්පූර්ණයෙන්ම අවුල් ජාලයක් බවට පත් වූයෙ ය. අෂ්ඨ මහා පුහුණු අංශ ඔවුන් මර්දනය කිරීම සඳහා හමුදා යැවීමට උත්සාහ කළහොත්, සිසුන් විරෝධතාවයක් ලෙස උපවාසයක නිරත වනු ඇත. දැනටමත්, හතර පස් දෙනෙකු කුසගින්නේ මිය ගොස් තිබෙන අතර , හන් චෙං  තවදුරටත් අන්තනෝමතික ලෙස ක්‍රියා කරන්නට එඩිතර වූයෙ නැත. මේ අවස්ථාවේදී, චීදොං  හි බියන්ජුන් අණදෙන නිලධාරී කටයුතුවල කාර්යබහුලව සිටි චී ශූයින් පවා බේරෙන්නට නොහැකි වූයේ ය. හුආ සහ චී ගේ විවාහෝත්සවය ලබන මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ අතර, ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන එම ආවේගශීලී ලිපි චීදොං වෙත පැතිර ගියේ හිම පියළි ලෙසිනි. අණදෙන නිළදාරිනියට නිදාගැනීම අපහසු වූ අතර , දැන්, ඇයට විවේක ගැනීමට මේසය මතට යාමට අවශ්‍ය වූ විට, ඇය චේ වෙයිට ගෙන්වාගෙන ඇය වෙනුවෙන් එම ලිපි කියවන්නට සලස්වයි. බැණ වැදීම් වඩාත් අප්‍රසන්න වන තරමට, ඇය වඩාත් හොඳින් නිදා ගත්තාය.

දජෞ හී ගින්න සැබවින්ම ඇවිලෙන්නට පටන් ගත්තේය, නමුත් හයි ලියැංයී  අපේක්ෂා කළ ආකාරයට නොවීය. රාත්‍රිය පුරා ගිනිදැල්වූ ඊතලවලින් ඝෝෂාකාරී වූයේ ය. ඔවුන් "අපි" සහ සතුරන් අතර පැහැදිලි සීමාවක් ඇඳ ගත්හ. ඉල්ලීම් දැඩි විය, කළු සහ සුදු පැහැදිලිව වෙන්කර හඳුනා ගන්නට හැකිවිය. කිසිවෙකුට නැගී සිටීමට මධ්‍යස්ථ මාවතක් නොතිබුණි, එක් පැත්තක් රැඳී සිටිනවානම් එය කටුක ලෙස රැගෙනයාම පමණකි ඔවුන්ට කළ හැකිවූයේ.

කොං ච්යූ අසනීප නිවාඩු නොගන්නා බව තරයේ කියා සිටියත් , උසාවයට යාම kරම ක්‍රමයෙන් අපහසුකාරි ක්‍රමයක් බවට පත්වූයේ ය.එක dදිනක,ඔහු බොහෝ වෙහෙසට පත්වී සිටි අතර, තවමත් සිටියේ මහල් පරිශ්‍රමයේය , ඔහුට දකින්නට ලැබුණේ ආගන්තුකයෙකු කොරිඩෝවෙන් පිටතට පැමිණෙන අයුරුය.  ආගන්තුකයා ඔහු සතුව තිබුණු අසිපත ඔසවාගෙන දෙවනත් කරමින් බෙරිහන් දෙන්නට වූයේ, කොං  ච්යූ තම මරණයෙන් තම අපරාධවලට සමාව ලබා ගත යුතු ලෙසයි. ඔහු මහා ලේකම් කාර්යාලයේ අවංක නිලධාරියෙකු වූ අතර, ඔහු බොහෝ විට වෙනත් රටවලින් සිසුන් කිහිප දෙනෙකු පිළිගත්තේය, එබැවින් ඔහු කිසි විටෙකත් නිවසේ ආරක්ෂක කටයුතු සකස් කර නොතිබුණි. නමුත් දැන් ඔහුට එරෙහිව යමෙකු අසිපතක් රැගෙන පැමිණේවි යැයි කවුද දැන සිටියේ? එය ලෝකයේ තිබෙන ලොකුම විහිළුවයි. කෙතරම් හාස්‍යජනකද!

මේ අවස්ථාවේදී ෂුඒ ෂ්යූජුඕ  මතක පලක තුනක් ඉදිරිපත් කළේ ය. ඔහුගේ අනුස්මරණවල අන්තර්ගතය, පුපුරා යන ගින්න ක්ෂණිකව නිවා දැමූ බිහිසුණු රැල්ලක් මෙන් විය. එය අනුගමනය කරමින්, එක් පහරකින් ලෝකයේ විද්වතුන් දිනාගත් ඝෝෂාකාරී රළ පහරක් බවට පත් විය.

ඔහුගේ ස්මාරකයේ, මාලිගාවෙන් පිටත දරිද්‍රතාවයෙන් ඉබාගාතේ යන ජීවිතයක් ගත කරමින් සිටි ගුආංචෙන් අධිරාජ්‍යයාගේ දියණිය අවසානයේ සොයා ගැනීමට පෙර ඔහු විඳි අප්‍රමාණ දුෂ්කරතා ගැන සදහන්ව තිබුණේ ය. ඔහු සාක්ෂි ලෙස චින් කුමරුගේ පෞද්ගලික මුද්‍රාව පමණක් නොව, මෙම දැරියගේ දෙමාපියන් පිළිබඳ සැකයෙන් තොරව ඔප්පු කළ හැකි අදාළ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ද තිබුණි. එපමණක් නොව, ඔහු උසාවියේදීම නිල හදුන්වාදීමෙ සැසියක් ඉල්ලා සිටියේය.

කාන්තාවක් ස්වාමියා ලෙස සිටීම යින් සහ යැං වල සමතුලිතතාවට  බාධාවක් සේම හිරු හා චන්ද්‍රයාගේ ආපසු හැරීම සමඟ සසඳන්නට හැකිය. මෙය වසර සිය ගණනකින් කිසිදා සිදු නොවූ දෙයක් විය. ෂුඒ ෂ්යූජුඕගෙ ස්මාරකය මුළු රාජකීය අධිකරණයම කැළඹීමකට ලක් කළේය. කොං ච්යූ පවා එය දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ අතර එය පිළිගැනීම ප්‍රතික්ෂේප කළේය.

වහාම අනුගමනය කරමින්, ෂුඒ ෂ්යූජුඕ දෙවන ස්මාරකය ඉදිරිපත් කළේය.

ඔහු තම එහිදි හෙළි කළේ මෙම දැරිය චූදු හි ගොවි පවුලක හැදී වැඩුණු බවයි. ඇය සුවිශේෂී ලෙස දීප්තිමත් දරුවෙකු වූ නිසා, ඇයට ඒ පවුලෙන් ආදරය නොඅඩුව ලැබිණි. පවුල දුගී වූද , ඇගේ වැඩිමහල් සහෝදරයා ඇයට කියවීමට හා ලිවීමට ඉගැන්වීමට ඉඩ දෙන්නටද ඔවුන් කැමැති වී තිබුණි. ගුආන්චෙං අධිරාජ්‍යයාගේ පරම්පරාවෙන් පැවත එන කාන්තාවක් ලෙස, ඇය ස්වභාවයෙන්ම සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වෙනස් විය. ඇගේ පවුලේ අය බොහෝ විට නිවස පුරා පිනි සහ දම් පැහැති වලාකුළු වලින් දේදුනු දිස්වීම වැනි සුබ සලකුණු දුටු අතර, එබැවින් ඔවුන් ඇයට වඩාත් අවධානයෙන් සැලකූ අතර ඇයව නොසලකා හැරීමට හෝ බැන වැදීමට එඩිතර වූයේ නැත. මෙම දැරිය බුද්ධිමත් පමණක් නොව, කරුණාවන්ත වූවාය. ඇගේ අසල්වැසියන් විපතට පත් වූ අතර, කුසගින්නෙන් පෙළෙන වැඩිහිටියන් ද සිටියහ, එබැවින් ඇය තමාගේ ආහාර ඉතිරි කර ගෙන ඔවුන්ට පෞද්ගලිකව උපකාර කළාය. අසල සහ දුර ගම්මානවල සෑම කෙනෙකුම ඇයට ප්‍රශංසා කිරීමේදී ඒකමතික විය. මෙම සිදුවීම පිළිබඳ සාක්ෂි ද තිබුණි. ඇගේ දරාගැනීම සම්බන්ධයෙන්, මෙම දැරිය අධිකරණයට පැමිණි විට විවිධ මහත්වරුන්ට එය තමන් විසින්ම තහවුරු කර ගැනීමට ඔහු ඉඩ දෙනු ඇත.

මෙම ස්මාරකය දැනටමත් මාලිගාවේ බිත්තිවලින් ඔබ්බට පැතිරී තිබුණි. කිසිවෙකු හෝ එය රාජකීය විද්‍යාලයේ පළ කළ අතර, එය චූදු හි සෑම වීදියකටම සහ මංතීරුවකටම පවා ගමන් කළේය. අධිරාජ්‍යයාගේ දියණිය උතුම් හා වටිනා වූ අතර, දැනට දජෞ හි එවැනි තත්වයක් ලබා ගත හැකි එකම තැනැත්තා වැන්දඹු අධිරාජිනියගේ පැත්තේ සිටි තුන්වන හුවා ආර්‍යාවය. දෙදෙනා අතර සංසන්දනය සහ වෙනස සාමාන්‍ය ජනතාව මෙම අධිරාජ්‍යයාගේ දියණිය කෙරෙහි තවත් අනුකම්පාවක් ඇති කළේය. තේ හල් සහ වයින් තැබෑරුම් සියල්ලෙහිම මේ අධිරාජ්‍යයාගේ දියණිය ජනතාව අතර ජීවත් වන බවට පුරාවෘත්ත කතාව විශේෂයෙන් පැවසූ කතන්දරකරුවන් සිටි අතර, ඇයගේ එම අසාමාන්‍ය කුසලතාව ඇය පොළොවට බැස ආ අමරණීයයෙකු මෙන් උළුප්පා පෙන්වාලූයේය. ඇය පොදු ජනතාවගෙන් පැමිණි අයෙකි. ඇගේ පවුල පරම්පරා ගණනාවක් තිස්සේ ගොවිතැන් කරමින් සිටි අතර, එය බොහෝ අවස්ථාවන්හිදී, රාජකීය විද්‍යාලයේ වත්මන් සිසුන්ට සමාන විය. එපමණක් නොව, ඇය තම අසල්වැසියන්ට කරුණාවන්ත හා මිත්‍රශීලී වූ ධර්මිෂ්ඨ සහ කරුණාවන්ත තැනැත්තියකි. ඇය ජනතාවගේ දුෂ්කරතා ගැන වඩාත් දැනුවත් වූවාය. කාලයත් සමඟම සිසුන් පවා ඇයට ගරු කළහ.

 ෂුඒ ෂ්‍යුජුඕ සිය තුන්වන සහ වැදගත්ම ලිපිය ඉදිරිපත් කළේ මේ අවස්ථාවේය.


ඇයගේ වැඩිමහල් සහෝදරයා ද නිහතමානී සම්භවයක් ඇති ශිෂ්‍යයෙකු බව ඔහු පැවසීය. ඔහු මීට පෙර ෂියැංදේ අධිරාජ්‍යයාගේ පාලන සමයේදී චූදු වෙත ඇතුළු වී ඇත, නමුත් ඔහුගේ පවුලේ තත්ත්වය පිළිබඳ අගතීන් නිසා, ඔහු කිසි විටෙකත් සමත් වූවන්ගේ ලැයිස්තුවට ඇතුළත් නොවීය. නිවසට පැමිණි පසු, ඔහු මානසික අවපීඩනයෙන් මිය ගියේය. අධිරාජ්‍යයාගේ දියණිය සහ ඇගේ වැඩිමහල් සහෝදරයා අතර ඇති සෙනෙහස කෙතරම් ගැඹුරුද යත් එය ඇගේ හදවතේ වේදනාවට හා දුකට හේතුවක් විය. චූදු වෙත යන අතරමගදී, ලේකම් කාර්යාලයේ වැඩිහිටි හායිගේ අසනීප තත්ත්වය පිළිබඳව ඇය ඔහුගෙන් බොහෝ වාරයක් විමසා තිබුණි. ලේකම් කාර්යාලයේ වැඩිහිටි හයි රාජ්‍ය කටයුතු බලා ගැනීම කොතරම් දුෂ්කර දැයි ඔහු සඳහන් කළ විට, අධිරාජ්‍යයාගේ දියණිය එය අසා කඳුළු සැලුවාය, "මම පිරිමියෙක් වුනානම්, ලේකම් කාර්යාලයේ වැඩිහිටියාට එවැනි දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නෙ නැහැ මම." ඔහු ධනවත් වංශයකින් සෘජු නොවන සම්භවයක් ඇති පුතෙකු වූ අතර, සෘජු සම්භවයක් ඇති පරම්පරාවෙන් උපන් අය සහ එසේ නොවන අය අතර තත්වයේ වෙනස හේතුවෙන් ඔහුව දෙපාර්ශවයෙන්ම දැඩි සැලකිලිවලට ලක් විය. එහෙත්, ඔහුට අධිරාජ්‍යයාගේ දියණියට සමාන උදාරත්වයක් නොතිබූ අතර, මේ නිසා ඔහුට ලැජ්ජාවක් ද දැනුණේ ය.


අවසාන වශයෙන්, ෂුඑි ෂ්‍යුජුඕ පැවසුවේ, අධිකරණ නිලධාරීන් තෝරා ගැනීමේදී සෘජු සම්භවයක් ඇති අයට සහ ප්‍රමුඛ පෙළේ අයට ප්‍රමුඛතාවය දිය යුතු යැයි නියම වූ නීතියක් ලෝකයේ නොතිබූ බැවින්, ඔටුන්න හිමි කුමාරයා තෝරා ගැනීමේදී පිරිමින්ට ප්‍රමුඛත්වය දිය යුතු යැයි පැවසූ මුතුන් මිත්තන් ද ලෝකයේ නොසිටි බවය.  ඒ මෙම අවස්ථාවේ දජෞ වලට වෙනත් විකල්පයක් නොතිබීම මතය.


මෙය ශිෂ්‍යයන්ගේ ඇවිල යාමට හේතුවක් විය.  ඔවුන් අවසානයේ සුදුසු අපේක්ෂකයෙකු සොයාගෙන තිබුණේ ය.  මාපිය සහ පවුල් තත්ත්වය අතර ඇති අගතීන් ඔවුන්ගේ අභිලාෂයන් ඉටු කර ගැනීම දුෂ්කර විය.  ඔවුන් තමන්ව දුටුවේ අධිරාජ්‍යයාගේ දියණියගේ ජීවිතයේ දුෂ්කරතා ගැන අනුකම්පා කරන දුක් විඳින්නන් ලෙසය.  ලී ජ්‍යංහෙන් යනු සුඛෝපභෝගී ජීවිතයක හැදී වැඩුණු අධිරාජ්‍යයෙකි.  ඔහු ජනතාවගේ දුෂ්කරතා කිසිසේත් තේරුම් නොගත් අතර, උසස් අපේක්ෂාවන් වියදම් කර්නට තිබූ මුදල්  කුඩා විනෝදාස්වාදයන් සඳහා වියදම් කිරීම සම්බන්ධයෙන් ඔහු ප්‍රධාන නිරීක්ෂණ කාර්යාංශයෙන් නැවත නැවතත් දෝෂාභියෝගයට ලක් විය.  ඒත් බලන්න මේ අධිරාජයාගේ දියණිය දායද කර තිබෙන්නේ ස්වර්ගයෙන්.  ඇය මේ ලෝකයේ සිටින පුදුමාකාරම කාන්තාව බව පෙනුනා ය.  ලෝකයේ නිහතමානී සම්භවයක් ඇති සියලුම විද්වතුන් කෙරෙහි ඇය තුළ දයානුකම්පිත හදවතක් තිබුණි.  ජනතාව දුකින් මුදවා ගැනීම සඳහා මනු ලොවට බැස සිටි දයාවේ දේවතාවිය ඇයයි.

තමේ අනුව, මුළු රාත්‍රියම පිළිසඳරෙහි මුලසුන ගත්තේ, මේ මුළු කාලය පුරාම තම දක්ෂතා නොපෙන්වා - ඇස් කන් වසා සිටි දුර්වලයා - ෂුඒ ෂ්‍යුජුඕ ජයග්‍රාහකයා බවට පත් වීම ගැනය.



_________________________________

ඉක්මනින් එන්නම් ළමයි ඊලඟ කොටසත් එක්ක.
💙💙💙


පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය

Comments

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: En...

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

පරිච්ඡේදය 86

අ 'චිං කොච්චර පව් ද, අන්ධයෙක් විදියට ඉදලත් ඔය වගේ කායික පීඩා විදිනවා කියන්නේ 💔