Skip to main content

එකසිය විසි එක්වන පරිච්ජේදය : ලියැංයී.

 වූෂා හිස්වැසුම ; කළු පැහැති උස් ​දෙපසින් පියාපත් ද්විත්වයක් සහිත ඉඩකඩ ඇති හිස්වැස්මක්

 

 

උසාවි සැසිය නිෂ්ප්‍රභ කිරීමෙන් පසු කිසිවෙකුගේ සහාය ලබාගන්නට හායි ලියැංයී කැමති වූයේ නැත. ලේකම් කාර්යාලයේ වැඩිහිටියා දුර්වල ලෙස පෙනෙන්නට අකමැති ශක්තිමත් මනසක් ඇති අයෙකු බව කොං ච්යූ සහ අනෙක් අය දැන සිටි අතර, එබැවින් ඔවුන් ඔහු පිටුපසින් ගොස් ඔහු තනිවම ඇවිද යන ආකාරය සහ සෙමින් පහළට යන ආකාරය බලා සිටියෝය.

ඔහුගේ නිල සළුව සවස් කාලයේ අවසාන කිරණවලින් තෙත් වී එහි දීප්තියට මිශ්‍ර වන කැළලක් මෙන් පෙනුනේ ය. පසුගිය වසරේ මේ මොහොත වන විට, ඔහු උසාවියට ​​සහභාගී වීම සඳහා නිලධාරීන් සිය ගණනක් මෙහෙයවා තිබුණි. ඔහු එදා පෙන්වූයේ චමත්කාරජනක, උද්යෝගිමත් දසුනකි. නමුත් දැන්, මෙතැනදී කැමැත්ත සහ ආත්මය පිළිබඳ කිසිදු හෝඩුවාවක් ඔහු තුළ දක්නට නොලැබුණි.

හයි ලියැංයී අවසානයට ලඟා වී නතර වූයේ ය. ඔහු මන්දගාමි ලෙසින් හැරී පඩිපෙල් මත සිටින අමාත්‍යවරුන් දෙස බැලුවේය , ඉන් පසු මිංලී ශාලාවේ උඩු යටිකුරු ව ගිය වහල මතින් පෙනෙන අවසාන හිරුරැස් කිරණ දෙස බලා සිටියේ ය.

"අඳුර වැටෙනවා." හයි ලියැංයී පැවසුවේ මෘදු ලෙසිනි. "ඔබ ආපහු යනකොට ප්‍රවේශම් වෙන්න."

කිසියම් හේතුවක් නිසා මේ මොහොතේදි කොං ච්යූ ට භයංකාර ස්පර්ශයක් දැනුනේ ය. ඔහු පියවරක් ඉදිරියට තැබුවේ හයි ලියැංයීට හස්තයෙන් ආධාර වීම සඳහාය. හැඟීම්වලින් හුස්ම සිරකරගත් හේ පවසන්නට විය. "ඇදුරුතුමනී!"

හයි ලියැංයී අත වනමින් මාලිගයේ දොරටුව දෙසට ඇවිද යන්නට හැරුණේ ය.

උපභාර්යාවකට දාව උපන් යැන් කුමරුගේ මුනුපුරාගේ පරම්පරාව හායි ලියැංයීගේ අවසාන සටන් පාඨයයි. ගොඩනැගිලි අතරෙන් බැස යන හිරු වැසී යන ආකාරය ඔහු බලා සිටියේය. බල රහිතභාවයේ හැඟීම ඔහු තුළට කාන්දු වූයෙ ය. හන් වංශයේ දරුවෙකු සිහසුනට පත්වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි ඔහු දැන සිටියේය. ඔහු මෙම සටන වසර තිහක් තිස්සේ කර තිබෙන අතර, සාමය සඳහා ඔහු නිරන්තරයෙන් ගත් උත්සාහයන් කිසි විටෙකත් ජයග්‍රහණය කළේද නැත.

ඔහුට හැකි වූයේ තමාවම ගිනි තබා ගැනීම සහ ඔහුගේ දිරාගිය ඇටකටු දැඩි ගින්නට විසි කිරීමට පමණි, ගිනි පුපුරු විසිරී යාමෙන් මෙතරම් කාලයක් මාරාන්තිකව පැවති රාත්‍රී අහස ආලෝකමත් කළ හැකි යැයි බලාපොරොත්තුවක්ද ඔහු තුල තිබුණි. දජෞ වලට අනන්තයක් තරම් දිගු රාත්‍රී කාලයක් එලැඹී තිබුණු අතර , ඉතිරිව ඇති එකම ආලෝකය ඔහු බව පෙනෙන්නට තිබුණි. නමුත් අද වන විට, වෙනස් මාර්ග තිබියදීත් එකම ඉලක්කය බෙදාගත් චි හුයිලියන් සහ සෙසු සියල්ලෝම අසාර්ථක වූ බව පිළිගැනීමට ඔහුට තවමත් තමාව පොළඹවා ගන්නට නොහැකි වූයේ ය.

ඔහු ඒ දක්ෂත්මයන් එකිනෙකා ප්‍රාර්ථනා එළි මෙන් කඩාවැටෙන ආකාරය බලා සිටියේ ය. අවසන ඔහු පමණක් මෙහි නොවැදගත් ලෙස ඉතිරිව සිටියි.

වසර තිහකට පෙර , හයි ලියැංයී සාර්තකත්වය හා අසාර්ථකත්වය ගැන තැකුවේ නැත. වසර තිහකට පසු,හයි ලියැංයී අන්තයටම දැවී අවසන්ව සිටියේ ය. ස්ථාවnර ඖත් නිසැකවම , ඔහු තමාගේම මාර්ගයන් භාවිතා කළ අතර චී හුයිලියන්, දරුණු අන්තවාදි පියවර ගනිමින් ඉදිරියට ගමන් කරමින් සිටි චී හුයිලියන්ව නැවැත්වූයේ ය. නමුත් ඔහු එයට අපොහොසත් වූයේ ය. මුළු නැගෙනහිර මාලිගයම අතුගා දැමූ රාත්‍රිය හායි ලියැංයී ගේ ජීවිතයේ වඩාත්ම වේදනාකාරී මොහොත බව කිසිවෙකු දැන සිටියේ නැත.

ඒ වන විටත් අඳුරු වී තිබුණි. හායි ලියැංයී මාලිගාවේ දොරටුවලට යන විට, ඔහු ඒ වන විටත් හුස්ම හිරකගනිමින් සිටියේ ය. ඔහු දහඩිය පිස දැමීමට තම අත් ඔසවනවිට , ගමන් රථය අසල ඔහු එනතුරු බලා සිටින යාඕ වෙන්යු දුටුවේය. යාඕ වෙන්යු ඔහුට උදව් කිරීමට පැමිණ තිබුනේ ය. හායි ලියැංයී තම අසුනෙහි වාඩි වූ අතර, යාඕ වෙන්යු තිරය පහත් කිරීමට සූදානම් වන විට, හායි ලියැංයී ඔහුට මෙසේ පැවසීය, "යුඅන්ජෞ, මගේ මනසෙහි තවමත් විසඳා ගත නොහැකි දේවල් ඉතිරිවෙලා තියෙනවා. හෙට මා වෙනුවෙන් වූචෙන් වෙත ගමනක් යන්න. අද රාත්‍රියේ ඔබේ දේවල් ඇසුරුම් කර ගන්න."

◈ ◈ ◈

දින කිහිපයකට පසුව , සභා වාරය අතරතුර වැන්දඹු අධිරාජිණිය හයි ලියැංයී ව සිටගෙන හිදීමෙන් නිඳහස් කළා. නමුත් ඇය ඔහුට ගෞරවාන්විතව හා ආචාරශීලීව සලකන තරමට එයින් ගම්‍ය වූයේ ඇය තුළ ඔහු කෙරෙහි , හයි ලියැංයී කෙරෙහි වූ අප්‍රසාදය තීව්‍රඉවන බවයි. මෙයට ප්‍රධාන හේතු වූයේ. ප්‍රධාන නිරීක්ෂණ කාර්යාංශය රාජකීය වාරණයන් මේ දින කිහිපය තුළම හන් චෙංට දරුණු ආකාරය තරමට මාලාවන් දියත් කරන්නට එක්ව ක්‍රියාත්මක වූ බැවිනි. හඬවංශය දරුවාගේ නිල තහවුරු කිරීමේ ඉල්ලීම් පෙරටත් වඩා ඉහළ ගිය අතර හයි ලියැංයී ආවරණය කර ගනිමින් නැගීමේ උදම් රළ විභාගයා පැවැත්වීමට වැන්දඹු අධිරාජනියට බල කරන්නට සමත් වූයේය.

වැන්දඹු අධිරාජිණිය දිවා රාත්‍රී දෙකෙහිම නිදාගත නොහැකිව අපහසුවෙන් පෙනුණු අතර ඇයගේ පසුබට වීම හන් චෙංව මංමුලා සහගත තත්ත්වයකට අද දැමීය. ක්‍රමක්‍රමයෙන් මෙයින් හන් චෙං ට වැටහෙන්නට වූයේ වැන්දඹු අධිරාජිණිය ප්‍රයෝජන ගෙන ඔහුව විනාශ කරන්නට තැත් කරන බවයි. ඔහුට එහි වූ බර දරාගත නොහැකිව බෙලහීන වී විනාශවන තාක් වැන්දඹු අධිරාජනිය හන් වංශයේ දරුවා වහා ක්‍රියාත්මක වන පරිදි සිංහාසනයට නැගීමට උපකාර නොවන බවත් හන් චෙං තුලවූ බලය ඉවත්කර දමන්නටත් ඇය සමත් වනු ඇත. එම කාලය පැමිණි විට මේ නිහමානී පසුබිමකින් පැමිණි අයට අවධානය යොමු කරන්නට ඇයට අවස්ථාව ලැබෙයි. හයි ලියැංයීට ශීතල උරහිසක් ලබා දීම හෝ මහා ලේකම් කාර්යාලයේ මහලේකම්වරයා වෙනුවට වෙනත් අයෙකු පත් කිරීම මගින්ද ඇයට දැනට වඩා මේ කාරණය පහසුවෙන් හසුරවන්න​ට හැකි ය.

හන් චෙං මෙම කාරණය අතහැර ඔහු අත රිදී බන්දේසිය බහාලු බලය වෙනකෙකුට භාර දීමට කැමති නොවීය. ඔහු හයි ලියැංයීට දුෂ්කරතා , කම්කටොලු විදීමට ඉඩ සැළැස්වීය යුතුය!

"මේ වෙද්දී තත්වය අස්ථාවර වෙලා තියෙන්නේ. ඊසාන දෙසින් ලීබෙයි අලි දිහා ඇහැගහගෙන ඉන්නේ ගොදුරක් ඉව වැටුණු ව්‍යාඝ්‍රයෙක් වගේ ඒ වගේම නැගනහිරින් චොංබෞත් වියවුල් සහගත සළකුණු පෙන්නුම් කරනවා. මහලේකම්වරයා කිරුළ හිමි කුමරුගේ පත්වීම වගේම අපට නව අධ්රාජ්‍යයෙක් පත් කර ගන්නට ඉඩ නොදෙමින් ප්‍රමාද කරන්නේ මුළු ලෝකයකම මහ ලේකම්වරයාගේ නායකත්නය ගනී කියලාද?" දින කිහිපයන් පුරා පැවති වාචික වාග් ප්‍රහාර සටනින් මේ වන විටත් හන් චෙංගේ මුව රිදුම්දෙමින් තිබිණි. ඔහු තම දෑත් ගස්සා දමා පවසන්නට විය. "ඔබ මගෙන් අහනවානම්, මහා ලේකම්තුමා ඔහුගේ කල්ලිය එකතු කරගෙන තියෙන්නේ රාජකීය අධිකරණයේදී ඔටුන්න හිමි කුමාරයෙක් පත් කරගැනීමට විරුද්ධව බාධා ඇතිකරන්න. ඔහුගේ චේතනාවන් හරිම නින්දිතයි!"

"ඒක කිසිම වැදගැම්මකට නැති අවලාදාත්මක චෝදනාවක්. !" සැනියු රාජකීය වාරණ ප්‍රධානියා ලෙස. ඔහුට දැඩි ලෙස තරවටු කළේය.

"ඔටුන්න හිමි කුමාරයා පත් කිරීම සම්බන්ධයෙන් අපි දින කිහිපයක් අඛණ්ඩව සාකච්ඡා කළත් රාජකීය උරුමකරුවාගේ සැබෑ අනන්‍යතාවය නිල වශයෙන් තහවුරු කරන්න අණ දෙන නිලධාරියා කැමති නැහැ. එතකොට කවුද දැන් මෙතන ඔටුන්න එහෙම කුමාරයෙක් පත් කිරීම වළක්වන්න උත්සාහ කරන්නේ? රාජකීය අධිකරණයට මීට පෙර මහජනතාවගේ සහය හිමි වුණා. ඔහුව අල්ලා ගැනීම වෙනුවෙන් දිංදූ වල වංශාධිපතිවරයා , ෂියාඕ චියේ වටකරන්න කියලා අණදෙන නිලධාරියාගේ අවධාරනය නොකළා නම්, චූදු මේ තරම් දුෂ්වරතාවන් වලට පත් වෙන්නේ නැහැ නේද?! මේ වෙනුවෙන් අපි කාටව හරි වගකීමක් ගන්න ඕන නම් ඒකට වැඩිුරම වගකීමක් දරන්න ඕනේ ඔබයි. ! "

"හොඳයි එහෙමනම්!" හන්චෙන්. සිනහවක් සමඟ සෙන් යුට හස්තය දිගු කළේය. "ෂ්‍යාඔ චීයේ පෙර සිටි අධිරාජයාව ඝාතනය කළා. රාජකීය ආරක්ෂකයන්ගේ ප්‍රධාන අණදෙන නිලධාරීන් විදිහට වගේම ජේෂ්ඨ නිලධාරියා විදිහට, මම ඒ පුද්ගලයාව ඉවත් කරලා දාපු එක සම්පූර්ණයෙන්ම යුක්ති සහගතයි! ඔබ පවසන්නේ මම වැරැද්දක් කළා කියලා නම්. , ඔබ අදහස් කරන්නේ ඔහු පෙරදී මිය ගිය හිටපු අධිරාජ්‍යාව ඝාතනය කරලාසිදු කළේ නිවැරදි දෙයක් කියලද! ඔබට ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන් සමඟ හොඳ මිතු සබඳතාවක් තියෙනවා. සෙන් ෂුන්යී, අධිකරණ අමාත්‍යංශය ඔවුන්ගේ විමර්ශනය ඔබ වෙත ලබා දුන්නේ නැහැ, එහෙම නේද. කොං බෝරන්, ඔබ දෙදෙනාම එකම පාසලේ එක්ව අධ්‍යයන කටයුතු කළ සමීප සඟයන් නෙමෙයිද. මට, හන් චෙංට, ඇත්තටම ඒ ගැන ඊර්ෂ්‍යයි!"

කොං ච්‍යු මුහුණ කෝපයෙන් සිදී ගියේය. ඔහු පවසන්නට විය. "ඔබ මොන විකාරද මේ දොඩවන්නේ? අපි තවමත් ෂ්‍යාඕ චීයේ නැසීගිය අධිරාජ්‍යයා ව සැබෑවටම ඝාතනය කළාදැයි විමර්ශනය කරමින් ඉන්නේ. අපි සාක්ෂි රහිත ඔබේ මදන් පමණක් ගත්තානම් අපිට වෙන්නේ අධිකරණ අමාත්‍යාංශයෙන් ඉවත් වෙන්නයි. අනිත් අතට, ඔබත් අපේ පෞද්ගලික හමුවේදී පෙනී සිටියා. ඔබ එහෙම කලේ නැද්ද? ඔබ නොසෑහෙන්න මත්පැන් පවා පානය කළා!"

හන් චෙන් පවසන්නට විය. "මම රාජගේ ආරක්ෂකයෙක්. මගේ දෙසවන් බිම් මත තබාගෙන. වාර්තාගත කිරීම මගේ රාජකාරියයි. ඔබ වගේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් පෞද්ගල රැස්වීමක් පවත්වන කොට මම නොපැමිණියානම් , මම කොහොමද හරියටම දැන ගන්නේ ඔවුන් පැවසුවේ මොනවද කියලා. එදා රාත්‍රී විස්තරාත්මකව සාකච්ඡා කළ සියල්ලම උත්තමාවිය වෙනුවෙන් පිටපත් කරගන්න කියලා උන් දැනටමත් කෙනෙකුට පවසලයි තියෙන්නේ. මම සහ මුලින්ම පිරිසිදුයි! ඔබේ පිරිස තව මොනවද හිතාගෙන ඉන්නේ?"

ෂ්‍යාඕ චීයේගෙන් පෙරදී උපකාරයක් ලැබී තිබුණු පැන් ෂියන්ජිඒ , එයට සම්බන්ධ වෙන්නට බිය වූයේ ය.ඒ නිසාම ඔහු මෑතකදී රාජකීය අධිකරණයේදී පහත් මට්ටමක් ලබා සිටියේය. දැනට බලවත්ව සිටි හන් චෙං පවසන ලද ඕනෑම දෙයකට එකඟ වන්නට පන් ෂියන්ජිඒට ස්දුව තිබුණේ ය. ඔව් නැවත නාද කර ගන්න අයුරු දුටු ඔහුගේ දෙතුන් විවර වී වැසියගේ නමුත් ඔහු පියවර කිහිපයක් පසුපසට ගත්තේ එම සංවාදය මැදින් කපා දැමීමට නිර්භීත නොවෙමිනි. කැස්බෑවෙකුගේ කටුව තුළ සැඟවී සිටින්නාක් මෙන් බියගුල්ලෙකු ලෙස ඉන්නට ඔහු සිත හදා ගත්තේය.

ක්‍රමක්‍රමයෙන් පාර්ශ්ව කිහිපයක් ඔවුනොවුන්ට වාග් ප්‍රහාර එල්ල කර ගත්හ. සෙන් යූ සියල්ලටම වඩා දක්ෂ විය. ඔහු හන් චෙංට කෙතරම් ම්ලේච්ඡ ලෙස ශාප කළේද යත්, හන් චෙංට ඔහුගේ වචන ඉවසා සිටීමට අවශ්‍ය වුවද, ඔහු සෙන් යූ දෙසට දිගු කළ අත තදින් වෙව්ලන්නට තරම් කෝපයෙන් උතුරා යමින් සිටියේ ය. එහෙත් තවමත්, ඔහු බිම දණින් වැටී විලාප නඟන විට ඔහු පැහැදිලි මනසක් සහිතව සිටියේය.

"මහෝත්තමාවියනී!" හන් චෙං බිම මත වැතිරී දරුණු ලෙස හැඬුවේ ය. "උත්තමාවියනී! මේ යටහත් පහත් සේවයකයාගේ හදවත දිලෙන ආලෝකමත් චන්ද්‍රයා තරම්ම පිරිසිදු ය! ෂ්‍යාඕ චීයේ ව අල්ලාගැනීමේ වුවමනාවෙන් ඔහුව වටකර ගැනීම මගේ වරදකී. පෙර සිටි අධිරාජයා ඝාතනය වීමද මගේ වරදකි. මේ වගේම දැන් මගේ වරද නිසා අපට ඔටුන්න එහෙම කුමාරයකට අහිමි තිබෙනවා. ! අමාත්‍යවරයෙක් ලෙස. , මම මගේ පරමාධිපත්‍ය වෙනුවෙන් මේ යන්න වගේම මගේ පරමාධිපත්‍යය වෙනුවෙන් දඬුවම් විඳින්නට කැමැත්තෙමි. මෙතන අපරාධයක් තිබෙනවා නම්, එහෙනම් ඒ සියල්ල අයිති වන්නේ මටයි. මා තනිව හෝ මගේ පවුල සමග මරා දැම්මත්, මගේ ස්වාමියා ලබා දෙන ඕනෑම දඬුවමක් මම පිළිගන්නවා. !"

කොං ච්‍යු මෙම පුද්ගලයා සැබවින්ම නිර්ලජ්ජිත බව සොයා ගත්තේය. ඔහු වහා තම වුෂා තොප්පිය ඉවත් කර දෑත් ඔසවා මෙසේ පැවසීය, "මේ ආකාරයේ නීච පුද්ගලයෙකුගේ තරාතිරමක සිටීම ගැන මට ලැජ්ජයි! රාජකීය උරුමක්කාරයාගේ සැබෑ අනන්‍යතාවය නිල වශයෙන් තහවුරු කළ නොහැකි නම්, කොං බොරන් වන මටද මේ නිල තනතුර අහිමි වේවි!"

අධිරාජිනිය හදිසියේ දෙපයින් නැඟිට පබළු සහිත තිරය එසවූයේ එකින් එක ඔවුන් දෙස සීතල බැල්මක් හෙළීමට ඇගේ දෑස් හැන් චෙං වෙතට පැමිණීමට පෙරය. ඇය පවසන්නට වූවා ය. "අපි රාජකීය අධිකරණයේ නිල කරුණු සාකච්ඡා කරනවා, ඉතින් තමුන් හඬා වැටෙන මොන එහෙකටද? නැගි සිටින්න!" ඉන්පසු ඇය ​සිය දෙනෙත් ගෙන ගියේ කොං ච්‍යු වෙතටය. "ඔබ මහ ලේකම් කාර්යාලයේ සාමාජිකයෙක්, නියෝජ්‍ය මහ ලේකම් කියන්න ත්පුළුවන්. ඔබ රාජ්‍යයේ කටයුතු මෙහෙයවන කෙනෙක්. ඔබ සෑම අවස්ථාවකදීම ඔබේ ඉල්ලා අස්වීම පීඩන උපක්‍රමයක් ලෙස භාවිතා කරනවා. ඔබ මට ඉඩ දෙනබවට තර්ජනය කිරීමට උත්සාහ කරනවාද, නැත්නම් ප්‍රශංසා ලබාගන්න හොර අල්ලනවාද - තමුන්ව ඒ ගැන හොඳින් දැනුවත් ඇතිනේ! මම ස්වර්ගයේ පුත්‍රයා වෙනුවෙන් වැඩ කරන්නට ගත්තා සිටම , මට ඒවායේ වැදගත්කම නොසලකා හැරලා හැම කුඩා දෙයක් ගැනම මහලේකම් කාර්යාලයෙන් අසන්නට සිදුවුණා. ඉතින් මේ වැනි තත්ත්වයකට පැමිණිලා තියෙද්දිත් ඔබට නිරවුල් ලෙස පැහැදිලි කළ නොහැකි දේ කුමක් ද?! "

අමාත්‍යවරු සියල්ලෝම දණ ගැසූ හ.

"අපේ මුතුන් මිත්තන් නීතිය පනවා තිබෙනවා භාර්යාවන්ට දේශපාලනයට රැගෙන ගැසිය නොහැකි කියලා. මම මගේ සීමාවන් ඉක්මවා ගිහින් තිබෙනවා වගේ මට මගේ මුතුන් මිත්තන්ට මුහුණ දෙන්නට ලැජ්ජයි. හරිම අවාසනාවන්ත සහ ඉක්මන් විදිහට මේ වතාවේ ජ්‍යංහෙන් යන්නට ගියා. ඔබ නැවත නැවතත් ආයාචන නොකරන්නට. රාජ්‍යයේ කටයුතු භාර ගන්න නැවත වතාවක් මේ උසාවියට පැමිණෙන මම කැමති වෙන්නේ කොහොමද? අපිට දැන් අද රාජයේ පුරප්පාඩුවක් තියෙනවා. මම දැන් දරුවෙක්වත් නැති ඇන්දඹුවක් විතරයි." ඇය මෙම කාරණය පවසද්දී ඇයගේ දෙනෙත්වල උණුසුම් කඳුළු පිරී යන්නට විය. " ගුආංචෙන් අධිරාජ්‍යයා සිට්යා නම් මට මේ වගේ දුක්ගැනවිලි කවදාවත්ම විඳින්න වෙන්නේ නැහැ නේද?!"

වැඳපු අධිරාජණියගේ සහ අධිරාජ්‍යාගේ ගැඹුරු ප්‍රේමයෙන්. හන් චෙං එතරම් කැලඹී සිටියාද යත් හේ බිම මැතිරී සිටින අතරේම සිය මුහුණ පිසදාගෙන හැඬුම් ස්වරයෙන් පවසන්නට විය. "ගුආංචෙන් අධිරාජ්‍යයා ඉන් එවිට කවදාවත් මේ සේවකයාට මේ තරම් සදිකිල්ලක් ලැබී තිබුණේ නැහැ. මම නූගත් බුද්ධියෙන් අඩු පුද්ගලයෙක් බව මම හොඳින් දන්නවා. මම නිකම්ම නිකං හමුදා භටයෙක් විතරයි. මහ ලේකම් කාර්යාලයේ ප්‍රධාන නිලධාරින් එක්ක සංසන්දනය කරන්නවත් මම සුදුසුත් නැහැ වගේම මීට පෙරටත් නැහැ. මහ ලේකම්තුමා එක මට මොන තරගයක්ද. රාජකීය උරුමක් කාර්යාව නැවත රාජකීය අධිකරණ ගේන්න මම නිර්මිත වුණේ ලී වංශයට තියෙන මගේ දැඩි පක්ෂපාතිත්වය සහ ගැඹුරු ආදරය නිසයි. ලේකම්තුමනි අපි මේ තරම් දුර ඇදගෙන යන්නේ ඇයි?!"

හන් චෙං නැවත නැවතත් හයි ලියැංයී දෙසට ගිනි ජාලාව පතුරවා තිබුණේය. කොන් ච්‍යු සිටියේ කෝපයෙන් පුපුරු ගසමිනි. හේ එය මඩ පවත්වා ගනිමින් පවසන්නට විය. "උතුමාණෙනි... මහා ලේකම්තුමාගේ හදවත සහ අභිප්‍රාය ගැන ස්වර්ගයට සහතික කළ හැකියි. ඔටුන්න හිමි කුමාරයෙකු නම් කිරීම කිසිසේත් කුඩා ප්‍රශ්නයක් නෙමෙයි. අපි මේ වන විට වටපිටාවේ දුෂ්කරතාවලින් පෙළෙනවා. දාජෞ දැනටමත් පැවැත්මේ වඩාත්ම තීරණාත්මක මොහොතට ළගා වෙලා තිබෙන්නේ. අපට විචක්ෂණශීලීව හා ප්‍රවේශමෙන් ඉදිරියට යන්න බැරිනම් , අනාගතයේදී දුක් කම්කටොලු දුෂ්කරතාවලින් අඩුවක් නොවේවි කියලයි මට බය. "

"මටත් මෙය හොඳින් වැටහෙනවා. ඒ නිසාම තමයි මම ඒ ගැන විස්තරාත්මකව සාකච්ඡා කරන්න දින ගණනාවක් ම විශිෂ්ඨතම උගතුන් මෙතැනට කැඳෙව්වේ." වැන්දඹු අධිරාජිනිය නැවත සන්සුන් ව මෙසේ පැවසුවාය: "ගුආංචෙන් අධිරාජ්‍යයාගෙන් පසු ඉන්න රාජකීය උරුමකරුවෝ සියල්ලම අභාවප්‍රාප්ත වෙලා, දැන් අපට ඔටුන්න හිමි කුමාරයෙක් සොයාගන්න නැහැ. අර්බුදය දැඩි වන තරමට අපි එකමුතුව වැඩ කරන්න ඕනේ. හන් චෙං, ගුආංචෙන් අධිරාජ්‍යයාගේ පෞද්ගලික ලිපිය නිල වශයෙන් තහවුරු කරගන්න මෙතැන ඉන්න උගතුන්ට භාර කරන්න!"

දරුවා බාරදෙන්නටත් කොහේ තියෙන පෞස්ගලික ​ලිපියක් ද? ඔහු එය ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට හේතු වූයේ ඔහු හයි ලියැංයී සහ වැන්දඹු අධිරාජිණිය සමඟ තරඟ වැදීම නිසා ඇනහිටීමට වැඩි හැකියාවක් ඇත්තේ කාටදැයි සොයාගන්නටය. හයි ලියැංයී පසුබසින විට හා නිහතමානී පසුබිමක නිලධාරීන් ගේ රළ විසිර යන මොහොතේදී රට පාලනය කිරීමට අධිරාජිනිය තූළ තිබෙන නොනිත් ආශාව නතර කළ නොහැකි වනු ඇත. කාලය පැමිණි විට, හන් වංශයේ දරුවාට සිංහාසනයට නැගීමට ඉඩ දීම හැර වෙනත් විකල්පයක් ඇයට නොතිබෙනු ඇත. ඒ වන විට ඔහු සැබවින්ම දරුවාට භාර දුන් අමාත්‍යයවරයා බවට පත්වනු ඇත. හන් වංශයේ ස්වර්ණමය යුගය ඔහුගේ ඇස් ඉදිරිපිටම විය. අධිරාජිනියට අවශ්‍යව ඇත්තේ ඔහුව මරණීය පැතිකඩකට තල්ලු කිරීමට බව ඔහු තේරුම් ගත් හේ පෙරටත් වඩා හඬ නගා විලාප නැගුවේ ය.ර

හන් චෙං සිය පපුවට ගසා ගනිමින් පවසන්නට විය. "විවිධ උගතුන් මගේ පක්ෂපාතිත්වය ගැන සැක කරනවා, ඒ හින්දා ඔබට පුළුවනි මට මැරෙන්න ඉඩ හරින්න! මගේ ආදරණීය බාල සහෝදරයා, සෘජු සම්භවයක් සහිත මගේ ආදරණීය බාල සහෝදරයා! ඔහු මේ දිනය දක්වා සීජෞවල ප්‍රාණ ඇපකරුවෙක් විදිහට තියාගෙන ඉන්නේ අර ෂ්‍යාඕ චීයේ දඩයම් කරන්න ඕනාවටයි. නැසීගිය අධිරාජ්‍යයා වෙනුවෙන් මගේ ඇසක් තුවාල කරගෙනයි තියෙන්නේ, මම ගුආංචෙන් අධිරාජ්‍යයා වෙනුවෙන් අසිපත් පහඑවල් තුනක් දරා ගත්තා. ඉතින් මම කොහොමද මගේ ආත්මාර්ථකාමී ආශාවන් වෙනුවෙන් මුළු ලෝකයම රවටන නොගැඹුරු, පටු මනසක් තියෙන අයෙක් වෙන්නේ?! "

ඒ සියල්ලෙහිම රැදී තිබුණේ 'ආත්මාර්ථකාමී ආශාව' ගැන පමණි. කෑගැසීම් සහ ශාපයන් අධිරාජ්‍ය අධිකරණය තුළට ගලා යන්නට විය. යැන් කුමරුගේ පරම්පරාව ගැන වෙනත් කිසිවෙකු නැවත සඳහන් කළේ නැත. කොං ච්‍යූ දණින් වැටී සිටි නමුත් ඔහුගේ හදවත ඒ වන විටත් ශීතල ව තිබුණි.

හයි ලියැංයී අද කිසිවක් ම නොපැවසූයේ ය. අසුනේ මිට මතට දෑත් වාරු කරගත් හේ එක්වරම නැගී සිටියේ ය. අසංඛ්‍යාත දෙනෙත් වල හැරවුම් ඔහු දෙසට එක්රැස් වූයේ ය. නිහතමානී පසුබිම්වලින් පැමිණි නිලධාරීන් මහ ලේකම්වරයා තත්වය සියතට ගෙන නැවත සියල්ල පාලනය කරනු ඇතැයි අපේක්ෂාවෙන් බලා සිටියද, ධනවත් වංශවල නිලධාරීන් නිහඬව අනර්ඝ අවස්ථාවක් ලැබෙනතුරු බලා සිටියහ. ඔවුන් සියල්ලෝම අතීතයේ කළාක් මෙන් හයි ලියැංයී වෙත තම අවධානය යොමු කළහ.

හයි ලියැංයී කහින්නට පටන් ගත්තේ ය. අත්පිස්නාවකින් රැධිරය ආවරණය කරගත් ඔහුගේ දෑත වෙව්ලන්නට විය. ඔහු ඛේටය ගිල දමමින් ඉතාමත් මන්දගාමි ලෙස ශාලාව සිසාරා නෙත් හෙළුවේ ය. ඉන්පසු මේ සියලු මුහුණු දෙස බැලුවේය. අවසාන වශයෙන්, ඔහු වැන්දඹු අධිරාජිනිය දෙස ද බැලුවේ ය.

"ඒ කාලේ , ලි වංශය පාලනය කළේ උත්තරීත පරමාධිපත්‍ය අධිරාජ්‍යයක් විදිහට. රට එක්සේසත් කරගන්න කලින් යටත් කරගැනීම් වලට වසර කිහිපයක් ගත වුණා. පසුගිය වසර සීය පුරාවටම, දජෞ වල නිලධාරීන් පරම්පරා ගණනාවක්ම ආපසු කිසිවක් බලාපොරොත්තු නොවීම , රාජකීය අධිකරණය වෙනුවෙන් තමන්ගේ සියල්ලම කැපකළා. මුළු ජීවිතයම රාජකාරි කාලයමත් එක්ක. යොංයී පාලන සමයේදී චූදු වල නගර පවුරු පැරණි වෙලා තිබුනත් ආත්මයයි අඛණ්ඩතාවයයි එලෙසම තබාගත්තා. යොංයී පාලන සමයේ මුල් කාලයේදී , යූජෞ වල චී හුයිලියන් රාජකීය ප්‍රමුඛතා විභාග ත්‍රිත්වයෙන්ම එකපිට පළවෙනි ස්ථාන දිනා ගත්තා. ඉන් පස්සෙයි රාජකීය විද්‍යාලය සමෘදිමත් වුණේ. යාඕ වංශයේ ප්‍රධානීන් තිදෙනා උතුම් වංශයක ඉපැදුනත්, ඔවුන් භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිටියා වගේම කැපී පෙනෙන දක්ෂතා සහිත හැම අයෙක්ම බඳවාගත්තා. අදටත් මේ අධිරාජ්‍ය අධිකරණයේ සේවය කරන නිහතමානී සම්භවයක් ඇති බොහෝ විද්වතුන් ඒ කාලය තුළ රාජකීය අධිකරණයට සම්බන්ධ වෙලා සිටි අයම තමයි."

කොං ච්‍යු සිය හිස පහත් කරගත්තේ ය. අතීතය සිහිපත් වූ ඔහුට සිය හැඬුම් සහ හුස්ම හිරවීම වළක්වාගත නොහැකි විය.

"ඒත් පස්සේ, යොංයී පාලන සමයේ සිදුවුන නැගී සිටීම හරියට උදුනක් මත තිබෙන තැටියක් වගේ. වසර දහයක් බමණ වෙද්දී ගුආංචෙන් අධිරාජ්‍යයා අසනීප වෙන්නට පටන් ගත්තා. ඊට පස්සේ අර ධනවත් වංශ නැවත වතාවක් සමෘද්ධිමත් වුනා පවුල් තත්වයන් පිළිබද වූ අගතිමත් හැසිරීම් නිසා රාජකීය විද්‍යාලය දෙපිලකට බෙදුනා. යොංයී පාලන සමයේ ඉදලා ෂියන්දේ පාලන සමය දක්වා ම , නිහතමානී සම්භවයක් තියෙන වෙනත් විද්වතුන් රාජකීය අධිකරණයට ඇතුළු වුනේ නැහැ. මේ තිබෙන්නේ ධනවාදී මසුරු වංශයන්ගේ ආධිපත්‍ය සහිත රාජකීය අධිකරණයයි."

ලැජ්ජාවට පත් පන් ෂියන්ජිඒ දිගටම සිය හිස නමාගෙන ආචාර කරගෙන සිටියේ ය.

හන් චෙංට යමක් පැවසීමට අවැසි වූවද එයට පෙර හයි ලියැංයී හඬ අවදි කළේ ය. "ෂියන්දේ පාලන සමයේදී රාජකීය භාණ්ඩාගාරය හිස් වුණා. මේ යටත්වැසියා හුආ ස'චියන්ගෙන් ඉල්ලීමක් කළා ගිණුම් භාර දෙන්න කියලා. ඔහු ඒකාලයේ විවිධ අමාත්‍යාංශවල අමාත්‍යවරු විදිහට කටයුතු කරමින් හිටපු වියිධ වංශවල නිළදාරීන් සමඟ එක්වෙලා ප්‍රශ්නය මඟහරින්න කටයුතු කළා. නැවත නැවතත් මාව කාරුණික ව නෙරපා හැරියා! ඒඩවසරේදීම ජුඒෂි මහත් ව්‍යවසනයකට ගොඳුරු වුණා, සෑම තැනකම තිබුණු මූසල පාලු ස්වභාවය බලාපොරොත්තු නොවූ තරම්. නැවත වතාවක් මේ යටත්වැසියා හුආ ස'චියන්ට බල කළා ගිණුම් ලබා දෙන්න කියලා, ඒක් ඔහු කළේ ගැටළුව වටා ගමන් කිරීම පමණයි. වැඩි කල් නොගිහින් ම ජොංබෝ වල හමුදා පරාජයට පත් වුනා, සටනින් පස්සේ ප්‍රාන්ත හයේ ධාන්‍යාගාර එක රැයකින් හිස් වුණා! මේ වෙනකල් ම, හුආ ස'චියන් මේ ගිණුම පිළිබඳ නිරවුල් පැහැදිලි කිරීමක් ලබා දීලා නැහැ! මේක ඔහුගේ වැරුද්දක් ද? නැත්නම් ප්‍රශ්නය උග්‍ර කරන්න උත්සහ කරන මෙතන ඉන්න හැමෝගෙම වරදක් ද?!"

කළබල වූ පැන් ෂියන්ජිඒ වහා පවසන්නට වූයේ ය. "මේ කාරණය සම්බන්ධයෙන්, අධිකරණ සමාලෝචන අධිකරණය දැනටමත් --"

"මේ යටහත් පහත් සේවකයා , හයි රෙන්ෂි නැවත අධිරාජ්‍ය අධිකරණයට පැමිණිදා ඉඳන්ම, මම නැවත නැවතත් ප්‍රකාශ කරමින්, හැන් වංශයේ අධිරාජ්‍ය උරුමක්කාරයාගේ සැබෑ අනන්‍යතාවය නිල වශයෙන් ම තහවුරු කරන ලෙස ඉල්ලා සිටියා. හැන් චෙං දෙගිඩියාවෙන් තැවී තැවී ඉන්නවා, අද වෙනකල්ම, දරුවා ඔහුට භාර කළ බවට තියෙන පුද්ගලික ලිපිය භාර දීමට ඔහු තවමත් කැමති වුණේ නැහැ. තෝරාගැනීමක් නැති තැන, මම වගකීම භාරඅරං හුඅයිජෞ වල යැන් කුමරුගේ අවසාන උරුමකරුවා ඔටුන්න හිමි කුමරු ලෙස තෝරාගෙන නම් කරන්නැයි ස්මාරකයක් ඉදිරිපත් කරන්න කලින් රාජකීය අයැදුම්පත් හරහා ඒ ගැන සොයන්න ලේකම් කාර්යාලයට උපදෙස් දුන්නා. ඒකත් නිෂ්ඵල උත්සාහයක් විතරයි."

වැන්දඹු අධිරාජිණිය මේ ආවේගශීලි ස්වරය හේතුවෙන් පියවර භාගයක් පසුපසට ගත්තා ය. ඇය කම්පනයෙන් හා අවිනිශ්චිත ස්වභාවයෙන් යුතුව හයි ලියැංයී දෙස බලා සිටින විට පබළු සහිත තිරය ඇගේ සිරුර මත ඝෝෂාකාරී ලෙස ගැටුණි.

හයිඩලියැංයී ගිනි ජාලාවන්ගෙන් දැවෙමින් සිටියේ ය. වසර තිහක් පුරාවටම ඔහුගේ හදවතේ ඇති වූ කෝපය යටපත් වී තිබුණු අතර, එය දැන් කොතරම් තීව්‍ර ලෙස ඇවිළෙමින් තිබුණේද යත්, ඔහුගේ ආත්මය නැවත වරක් ජීවයට පැමිණ මුළු ශාලාවම කම්පනයට පත් කරන්නට වූයේ ය.

ඔහු පවසන්නට විය, "රාජ්‍යයේ පරිහානියට පත් වෙන්න ඉඩ හැරෘම මහ ලේකම්වරයා විදිහට මා මත ඇති වරදකි! මම මගේ ජීවිත කාලය පුරාම පාලකයා එක්ක ප්‍රතිප්‍රහාර එල්ල කරගන්නවා. මට දැනටමත් බය වෙන්න හේතුවක් නැහැ! මම ජීවත් වෙලා ඉද්දි පවසන දේවල් පුහු වදන් නම්, මම අද මගේ මරණයත් සමඟ දාජෞ ප්‍රතිපෝෂණය කරනවා! ඔටුන්න හිමි කුමාරයෙක් පත් කරන්න පුළුවන් තමයි, ඒත් කොහොමටවත් හන් වංශයේ දරුවා ඔටුන්න හිමි කුමාරයා නොකළ යුතුයි! ඔටුන්න හිමි කුමාරයෙක් පත් කරගන්න පුළුවන්-"

කිසිවෙඤු ඇසිපිය හෙලන්නටත් පෙරම, හයි ලියංයීගේ අත් කබා සුළගෙන ළෙල දෙන්නට විය. සියල්ලන්ගේම දෑස් ඉදිරියේ බිම මතට වැටෙන පත්‍රිකා ගින්නෙන් දැවී යනවාක් සේය. පොළව කම්පා කරවන තරමේ ශබ්දයක් ඇසුණේ ය. රුධිරය විසිරී ගියේ ය.

මුළු ශාලාව පුරාවටම පැතිර ගියේ නිහඬබවකි. අධිරාජිනියගේ අත් පා ශෘතලෙන් වැසී ගිය අතර ඇය බොහෝ දුරට බිම ලිස්සා ඇදුවැටුනා ය. ඇගේ අසීරුවෙන් දෑස් බිම මත විසිරී ගිය ඒ රුධිර මාර්ගය ලුහුඹැද පැමිණියේ හයි ලියැංයී වෙතටය. මොහොතකට පසු, මුළු උසාවියම කම්පනයෙන් විස්මය දනවන හඬින් නැඟී සිටියහ. කොං ච්‍යු බඩගාමින් හයි ලියැංයී වෙත ළගා වී ඔහුව ඔසවාගත්තේ ය.

"රෙන්ෂි..." අධිරාජිනියගේ කටහඬ වෙව්ලන්නට විය, "ඇයි... ඇයි මේ තරම් දුර යන්නේ ..."

මේ එක් හිස් ප්‍රහාරය හන් චෙං පසුබැසීමේ මාර්ගය අවහිර කර දැමුවේ ය. හයි ලියැංයී ලෝකයේ සියලුම විද්වතුන්ගේ උදහස ලබා ගැනීමට මරණය භාවිතා කළේය. හන්න වංශයේ දරුවාට කිසිඳු දිනක අධිරාජ්‍යයෙක් වන්නට ඉඩ නොලැබෙන්නේ ය. අපකීර්තියට පත්වීම සඳහා විශ්වීය හෙළා දැකීම අවදානමට ලක් කිරීමට නිර්භීත වූ කවුරුන් වුවද අනාගතයේදී ලෝකයේ සාහිත්‍යවේදීන්ගේ මාංශමය කටුව බවට පත්වනු නියතය. නමුත් හන් චෙං පවා බිම වැටී තුෂ්නිම්භූතව බලා සිටියේ ය. හයි ලියැංයී මේ තරම් අන්තයකට ගමන් කරනු ඇතැයි හේ සිහිනෙන්වත් සිතා නොතිබුණි.

රුධිරයෙන් තෙත් වූ මුහුණින් යුතුව හයි ලියැංයී උස්, ළඟා විය නොහැකි වහලය දෙසට නෙත් හෙළුවේ ය.

ඔහු තම ජීවිත කාලය පුරාම ස්ථාවරත්වය සොයමින් සිටියේය. එහෙත්, මෙම අවසන් මොහොතේ දී , ඔහු ඒ දැඩි පියවර ගත්තේ ය. ඔහු එම අදුරු රාත්‍රියේ අසංඛ්‍යාත ආලෝක කිරණවලින් දිලිසෙමින් දජෞ වලට පෑයු සූර්යයා බවට පත් වූයේ ය. ඔහුගේ ළයමත වූ ශ්වේත කොක් රුව ඒ වන විටත් රත් පැහැ ගැන්වී තිබුණු අතර ඔහුගේ ළයෙහි වූ අවසානම උස් පහත් වීම සමගින් නැගී වැටුණේ ය. හේ කොං ච්‍යු ගේ හස්තය තදින් අල්ලා ගත්තේ ය.

"බෝරන්..." හයි ලියැංයී පැවසුවේ මෘදු ලෙසිණි. "... මම... මට කරන්න පුළුවන් හැමදේම කරල ඉවරයි."

අරුත් පැහැදිලි කිරීම

වූෂා හිස්වැසුම ; කළු පැහැති උස් ​දෙපසින් පියාපත් ද්විත්වයක් සහිත ඉඩකඩ ඇති හිස්වැස්මක්.


T/N

හයි ලියැංයී වගේ අය ඉන්නවා අපේ ​රටෙත් , ඉන්නවා , හිටියා , ඉන්න තිබුණා. 🥺💙


පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය 


Comments

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: En...

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

පරිච්ඡේදය 86

අ 'චිං කොච්චර පව් ද, අන්ධයෙක් විදියට ඉදලත් ඔය වගේ කායික පීඩා විදිනවා කියන්නේ 💔