රාජකීය අධිකරණයේ කාන්තාවකට ඉඩක් නොතිබුණි.
ධර්මානූකූල ආචාර විධි ඔවුන්ව කාන්තා කුටි තුලට දමා , වහා බිදෙන සුළු වස්තූන් බවට ඔවුන්ව පත් කර දැමූ අතර , ඔවුන්ගේ ස්වාමිවරුන් , දෙමව්පියන් සේවකයන් , සහ දරුවන් පවා ඔවුන් රැකබලාගන්නා ලද්දේ ය. ඔවුන් විවාහ වන තෙක්ම බලා හිඳින අතර ඔවුන්ගේ වටිනාකම තක්සේරු වූයේ පෝසිලේන් බඳුන් සේ ය. ඔවුන්ට උසස් අභිලාශයන් අවැසි නොවී ය.
හුආ
හේවෙයි හෙවත් වැන්දඹු අධිරාජිණිය වනාහි එබදු වංශයක හිමිකාරියකි. ඈ හුආ
වංශයේ අදපතියාණෝගේ නීත්‍යානුකූල බිරිඳකගෙන් පැවතෙන දියණියකි. ඇය වැඩිවිය
පැමිණෙන්නට පෙර ඇයට ඇගේ නිවාසයේ බිත්ති වලට එපිටින් වූ ලෝකය දැකගැන්මට
හැකියාවක් නොතිබුණේ ය, ඈ නිසි වයසට ආ පසුවද, ඇය තවමත් ඇගේ සීමාව තුළ රැදී
සිට්යා ය.
ඈ තම ස්වාමියාගේ හස්තයෙන් මෙලොව උත්තරීතරම බලය උදුරාගත් අතර ඒ
සීමාවට ඔබ්බෙනු පියවරක් හෝ තැබුවේ නැත. ඒ වෙනුවට ඇය පබළු සහිත තිරය
පිටුපසින් සිය කය සෘජුව තබාගෙන අසුන්ගත්තා ය.
සේනාධිනායිකා චී ජූයින් ද එවැනිම කීර්තිමත් පසුබිමකින් පැමිණි කාන්තාවකි. ඇයද චී වංශයේ හමුදා සෙනෙවි කුටුම්භයේ නීත්‍යානුකූල භාර්යාවකට දාව දියණීයකි. ඇය යුද්ධයට පැමිණෙන්නට පෙර වෙනකෙකු හා විවාහ ගිවිසගෙන සිටියද ඇය යුද්ධයට ගිය පසු කිසිවෙකු ඇයව විවාහ කර ගන්නට තරම් නිර්භීත වූයේ නැත. ඇයට ලැබීය යුතුව තිබුණ ප්‍රසාද ත්‍යාගයන් ඇයට කිසිදිනක නොලැබුණි. ඇයට ලැබුණේ යූලොං ප්‍රාසාදයේ සහය පමණකි. චාරිත්‍ර අමාත්‍යාංශය පැවසුයේ ඇය මරණින් පසු රාජකීය මුතුන්මිත්තන්ගේ ශාලාවේ වැදුම්පිදුම් ලබන්නට හා වන්දනාමාන කරන්නට සුදුස්සියක් නොවන බවයි. චී ජූයින් යන නාමය චීදොං හී කුඩා දියණිය ලෙස හංවඩු ගසා තිබෙයි. චීශීයු ගේ පුත්‍රයන් අපේක්ෂාවන්ට අනුව ජීවත් වූවා නම් , හමුදා අණදෙන සේනාංකයන් හි සේනාධිපති තනතුර ඇගේ උරහිස් මතට නොවැටෙන්නට ඉඩ තිබිණි.
මුලදී ලිං තිං ට සිහසුනට පත්වීමට සහය වීම ෂුඒ ෂ්‍යුජුඕ ගේ අභිප්රායන් අතර තිබුණේ ය. රාජකීය උරුමකරුවා තරූණියක බව දැනගත් විට ඔහු තුළ සිදුවූ දැඩි බලාපොරොත්තු සුන්වීම , ඔහුගේ උපායමාර්ගයන් වෙනස් කරන්නට සමත් වූ අතර, නමුත් හේ ලින් තිං ව දුටු විට ඔහුගේ මනස වෙනස් වූයේය.
කිමද යත් ලිං තිං ගුආන්චෙං අධිරාජ්‍යයාට බොහෝ සෙයින් සමාන වූ නිසා ය.
ගුආංචෙං අධිරාජ්‍යයා දකින්නට තරම් කාලයක් වයස්ගත වන ඕන්ැම අමාත්‍යවරයෙකු ලිං තිං ව දුටුවහොත් පළමු බැල්මෙන්ම ඇයගේ සම්භවය ගැන පවසන්නට හැකිවනු ඇත-මෙය ලී වංශයේ ගමන්මගෙහි එක් ප්‍රතිපලයක් විය.
යොංයී
පලෙන සමයේ නැගෙනහිර මාළිගයේ බලය පහතට වැටුණු විට , ගුආංචෙන් අධඅරාජ්යයා
මාළිගයෙන් පිටවීමට එකම හේතුව වූයේ ඔහුගේ ව්‍යාධියකින් පොළුණු චින් කුමරුව
හා අනාරක්ඹිත වූ නමුත් රූමත් බිරිඳ හමුවීමටයි.
ගුආංචෙන් අධිරාජ්‍යයාට
පසුගිය අවුරුදු ගණනාවෙදීම යොංයී පාලන සමයේ ඔහුගේ හිත පැහැරගැනීමට සමත්වූ
කිසිඳු රාජකීය භාර්යාවක් නොසිටියේ ය. හේ අසනීපවී මෙන් පසු ,හුආ හේවෙයි
අධිරාජිණිය වෙනත් රාජකීය උරුමකරුවෙකු ඉපදීම වැළැක්වීම සඳහා පෙර රාජකීය
අධිකරණය හා භාර්යාවන් පාලය කිරීමේ බලය ලබාගත්තේ ය.
අධිරාජ්‍යයා තම දෙනෙත් තමාගේ ලේලිය වෙතට යොමු කරගත්තේ තට්ටු ගණනාවක් බිත්ති සහිත මෙවන් පසුබිමක ය.
කණගාටුදායක ලෙස චින් කුමරිය උපත ලබා දුන්නේ ගැහැණු දරුවෙකුටය.
තම සෑම ශක්තියක්ම අවසන් වූ මහලු සිංහයෙකු මෙන්, ගුආංචෙන් අධිරාජ්‍යයා මෙම පුවත කණවැකුනු විට ඇසිපිය වත් නොගැසු අතර ඔහු වරක තබා ගත් සියළු බලාපොරොත්තු සුන් ව ගියේ ය. චින් කුමරුට එම පුවත යන්තමින් හෝ දැනගන්නට ලුබුණාදැයි කිසිවෙකුත් දැන නොසිටියේ ය. නමුත් වැඩි කල් නොගොස් ඔහු සිය අසනීපයෙන් මිය ගියේය. ඔහුගේ මරණයට පෙර, ඔහු ලිං තිං ව සිර චූදු වලින් ඉවතට කර දැමුවේ ය. කෙසේ වෙතත්, ෂියන්යුන් ඇයව හමු වී ඇයව ආපසු ගෙන ඒම දෛවෝපගත බවක් පෙනෙන්නට තිබුණේ ය.
ෂුඒ ෂ්යූජුඕ ලිං තිංව සොයා ගන්නා විට, ඇය සිටියේ අශ්ෂ්ඨ සම්පන්න හැසිරීම්වලින් යුතුව වන අතර ඒ වන විටත් ඇගේ තරුණ අවධියට ලඟා වී සිටියා ය. ඇයව රාජකීය සිංහාසන මතට ඇද හිදුවීම , ඇයව පිටතින් සහ අභ්‍යන්තරයෙන් පරිවර්තනය නොවී , කළ නොහැකි යමක් ලෙස පෙනුනේ ය. මුලදී එය දැඩිව විදුවිය. ඇය ෂියැන්යුන් මණ්ඩපයේ බොහෝ කලක් නාස්ති කර තිබුණාය. ඇය තුල වූ ඒ හෝඩුවාවන් වැඩිමනක් යටපත් කර දමන්නට ඇය අධිෂ්ඨානශීලීව වැඩ නොකරන්නේ නම්, එය ෂුඒ ෂ්යූජුඕට අධිමානසික බලයක් ලැබුනද කළ නොහැක්කකි.
නමුත් ලිං තිං ඇයවම "නිවැරදි කරගත්තේ ය. එක වරකට පියවර ගණනේ. ටිකෙන් ටික , ඇය ඒ සියළුම ආකාරයේ අශිෂ්ඨ පැවතුම් ඇගෙන් අතුගා ඉවතට කරගත්තා ය. මුලදී , ඇයට කියවන්නට නොහැකි වූ අක්ෂර බොහොමයක් තිබුණි , ඉතිං ඇය රාත්‍රීන් පුරාම වෙහෙසවී ඒ වෙනුවෙන් අධ්‍යයන කටයුතු සිදු කළා. අරයට නිසියාකාරව ලිවීය නොහැකි වූ පින්සල් පහරවල් ඇය දිවා රාත්‍රී දෙකේම පුහුණු වුනා. පනෙන ලෙසට නම් ස්වර්ගයෙන් ලී වංශයේ අධිරාජ්‍යයට ඉතිරි කළ අවසාන ශක්තිය බිඳ ඇය බවයි. ඒමගින් ඇය ෂුඒ ෂ්යුජුඕට දුර්වල ආලෝකයක් දකින්නට ඇය ඉඩ හසර සැලසුවා ය.
මෙයට මාස කිහිපයකට පෙර , මීදුම් සහිත වර්ෂාවෙන් පිනි මාර මල් ශාකය සේදි යන විට , චී හුයුලියන් උඩු මහලේදී ෂුඑි ෂ්යුජුඕව ප්‍රතික්ෂේප කරන විට ,ලිං තිං ඇගේ මේසයේ වාඩ්වී ඇගේ අභ්‍යාස කරමින් සිටියා ය.
ඇය එයට කෙතරම් ශක්තියක් යෙදුවාද කියනවා නම් , ඇය අතින් කඩදාසිය ඉරී කැබලි වී ගියා.
ඇය ලිවීම අවසන් කළ පසු සිය හිස හරවා මීදුම සහිත වර්ෂාව දෙස බලා සිටියා. ඇය ඒ දෙස බොහෝ වෙලාවක් බලා සිටියේ කිසිඳු හැගීමක් රහිතවයි. පසුව ෂුඒ ෂ්‍යුජුඕ පැමිණ ඇය සමග ආහාර ගත්තේ ය. ඇය ප්රමකත්වය අඩු ආසනයක හිදගෙන නිසි හැසිරීම් සහිත ආහාර මේසයේ හිඳගෙන ආහාර ගන්නට පටන් ගත්තා. ෂුඒ ෂ්‍යුජුඕ කෑම මේසයේ දී කතා නොකිරීම සම්බන්ධයෙන් දැඩිව සැලකු අයෙකි. ඉතිං ඔවුහු කිසිඳු විටක ආහාර ගන්නා අතරේදී කතාබහ නොකළෝ ය. ආහාර ගැනීමෙන් පසුව , ඔහු ඇයගේ අභ්‍යාස බලනු ඇත. මෙය දිනයේ වැදගත් ම කොටසයි. පිළිතුරු ලිවීමේදි ලිං තිං නිරවද්‍ය සහ පැහැදිලි විය යුතුය. ෂුඒ ෂ්‍යුජුඕ ඇයට බැන වැදුනේ නැත. නමුත් ඔහු ඇයට සැලකුවේ අන් සියල්ලන්ටම වඩා දැඩි ලෙසය.
"ඇදුරුතුමනී." ලිං තිං හිස පහත් කර.ත් අතර මොහොතක් නතර ව සිටියා ය. "මට ඇදුරුතුමාව මාරු කරගන්නට ඉඩ ලැබෙයි ද?"
ෂුඒ ෂ්‍යුජුඕ පොත් නිසි ලෙස තබමින් පවසන්නට වූයේ කිසිදු වෙනසක් නැතිවයි "මේක ඔබ හිතන්න ඕනේ විදිහේ කාරණයක් නෙමෙයි."
ලිං තිං නිහඬවම තමා ඉහළට වාරු කරගත්තා ය. ෂූඒ ෂ්‍යුජුඕ සිය පා ඔසවන අයුරුත් දොර දෙසට ඇවිද යන අයුරුත් ඇය සවන් දුන්නා ය. ඇය හදීසියේම ඇගේ හිස හරවා යිමසන්නට වූවා ය."ඒකට හේතුව මම කාන්තාවක් වීමද?"
ෂූඒ ෂ්‍යුජුඕ නිෂ්චලව සිටගෙන සිටි අතර ලිං තිං දෙස ආපසු හැරී බලන්නට විය. ලිං තිං කිසිම විටක ඇයගේ දෙනෙත් ඉවතට ගත්තේ නැත. ෂුඒ ෂ්‍යුජුඕ සේම ඇයද මංසුන් වූවා ය.
"මම නාන්කාවක්." ලිං තිං කීවා ය. "අළුත් ඇදුරුතුමා මට මේ හේතුව නිසා උගන්වන්න කැමති නැතං , මම කැමති ඔහුව ගිහින් මුණගැහෙන්න."
ෂුඒ ෂ්‍යුජුඕ නැවතත් ඉදිරියට හැරී ඔහු ගේ දෙපා මාරු කළේ ය. පිටත වූ වර්ෂාවේ ශබ්දය වැඩි වූයේ ය. "නැහැ. ඔඉ ඔහු එක්ක ගුරු සිසු සබඳතා තියාගන්න වුවමනා නැ. මම ඔබට දිගටම උගන්වන්නම්."
"හිතවත්කම් ඇති කරගන්න එකතමයි සිදුකරන්න අපහසුම දෙය. ප්‍රඥාවන්ත ගුරුවරු සොයන එක තවත් දුෂ්කරයි. මේ හේතුව නිසා ගුරුවරයෙක්ට ලිස්සා යන්න දෙන්න මම කැමති නැහැ." ලිං තිං මේ වන විටත් නැගී සිටියා ය. "ඇදුරුතුමනි."
නමුත් ෂුඒ ෂ්‍යුජුඕ ඈ පිළිබඳ කිසිඳු තැකීමක් නොකළේ ය, ඇයට පිඵිතුරු දුන්නේ ද නැත. ඔහු තිරය ඔසවද්දී ,පිටත සිටගෙන සිටි තරුණ සේවකයෙකුහිරවරණයක් ඉහලා ගත්තේ ය. සේවකයාට පොත් ස්පර්ශ කරන්නට ඉඩ නොදෙමින්, ඔහු තරප්පුව බැසව පිටව ගියේ ය.
ලිං තිං තවමත් සිටියේ ඇයසිටගත් තැනමය , ඇය එම තිර රෙද්දේ පරතරය අතරින් ෂුඒ ෂ්‍යුජුඕ පියවර කිහිපයක් පිටතට ඇවිද යන අයුරුත් , වර්ෂාව තුළ අකුරුදහන් වන අයුරුත් බලා සිටියා ය. ඇය මෙය ෂුඒ ෂ්‍යුජුඕගේ නිහඬ ප්රකික්ෂේප කිරීම බව දැන සිටියා ය. අනෙක් පුත්ගලයන් නෙසේ ෂුඒ ෂ්‍යුජුඕ පිළිබඳ සිතුවද, ලිං තිං ගේ දෙනෙත් හමුවේ හේ ඕනැවටත් වඩා මෘදු , පිරිසිදු වෙස් මුහුණකින් වැසී සිටි අයෙකි. ඔහු මදක් උඬගු ය. ඔහුඉකිසිඳු යිටක අනෙක් පුද්ගලයන් ඉදිරියේ විවෘත නොවන්නේ ය , ඔහු අන් අයගේ වචන වලටද කීකරු වන්නේ කලාතුරකිනි.
ලිජ තිංට හැකි වූයේ කාරණය අතහැර දැමීම පමණකි. ඇය නැවතත් හිදගෙන , ෂුඒ ෂ්‍යුජුඕ ඉතිරි කර ගොස් තිබුණු "සමකාලීන දේශපාලනය" පොතේ පිටුවක් පෙරලාගෙන , ෂුඒ ෂ්‍යුජුඕ ගේ අක්ෂර පිටපත් කළා ය. නමුත් ඇය කිසිවිටක ඔහු මෙන් ලීවේ නැත. කිමද යත් ඇයව තමාව පාලන කරගන්නේ කෙසේදැයි ඉගෙනගෙන නොතිබුණු නිසා ය. ඇගේ පින්සල් පහරවල් වක්‍රාකාරව නොයන කිනිසි තල මෙන් පෙනුණි.
◈ ◈ ◈
මාස කිහිපයකට පසු , දණගසාගත් අමාත්‍යවරු පිරී සිටි යූලොං ප්‍රාසාදයට පිටුපසින් හිරු රැස් විහිදාගත් හිරු බැස යමින් තිබුණි. මොවුන් සියල්ලෝ හායි ලියැංයී ගේ නායකත්වය දැරූ නිහතමානී පසුබිමක් සහිත නිළදාරීවරුන් වූහ. සය මසකට පසු , හන් චෙං ලී වංශයේ උරුමකරුවා යැයි කියාගත් ඔහුගේම වංශයේ කුඩා දරුවෙකු රැගෙනාවේ ය.
යාඕ වෙන්යූ ගේ සූක්ෂම රැකවරණය යටතේ, හායි ලියැංයී ගේ තත්ත්වය යහපත් අතට හැරුණි. ඔහු උසාවියට පැමිණි විට කළ පළමු දෙය නම් මහා ලේකම් කාර්යාලයේ මහා ලේකම්වරයා ලෙස හන් චෙං ගේ ස්මාරකය ප්‍රතික්ෂේප කිරීමයි. ඔහු තම දරුවාගේ අනන්‍යතාවය නිල වශයෙන් තහවුරු කරන ලෙසද ඉල්ලා සිටියේය. නමුත් ලී වංශයේ අධිරාජ්‍යයන් සියල්ලෝම මිය ගොස් සිටි අතර, මෙම දරුවා වැන්දඹු අධිරාජිනිය මත පදනම්ව ලි වංශයෙන් පැවත එන්නෙක්ද යන්න තීරණය කිරීමට නොහැකි විය. කිසිවකු තවත් සහනයක් ලබා දීමට නොකැමති වූ තැන, දෙපාර්ශ්වයම මරණීය නැවතුමක් අද්දර සිරවී සිටියෝ ය.
“මම යොංයී පාලන සමයෙදී අෂ්ඨ මහා සේනාංක වල උප අණදෙන නිළදාරීවරයා විදිහට වගේම, ගුආංචෙං අධිරාජ්‍යයා යටතේ උසස් හමුදා නිළදිරියෙක් විදිහටත් සේවය කළා. මම ලඟ පෞද්ගලික ලිපියක් තියෙනවා දරුවා ගේ රැකවරණය මට ලබා දුන්නබවට ගුආංචෙන් අධිරාජ්‍යයා එවපු. මෙයත් සෑහෙන්නේ නැද්ද?” හන්චෙං සිය පාලනය බලය ලබා ගත්තේ මෑතකදී වන අතර හායි ලියංයීව රාජකීය අධිකරණය තුලදීම ප්‍රතික්ෂේප කරන්කට තරම් නිර්භීත වූයේ ය.
හායි ලියැංයී සතුව හේ අසනීපවන්නට පෙර තිබූ ජවය සැන් තිබුණේ නැත. ඔහුගේ හෘදය වේගයෙක් ස්පන්දය වූ අතර මොහොතක් සිටගෙන හිදීමෙන්ම ඔහුගේ දෑත් වෙව්ලන්නට විය. ඔහු ඉදිරියට පැමිණ පවසන්නට විය. “කිසිම සත්‍යවාදී බවක් නැති පදනම් විරහිත පුස් වචන. ඒ පෞද්ගලික ලිපිය ප්‍රසිද්ධ කරලා එය විභාග කරන්න මහ ලේකම් කාර්යාලයට භාර දෙන්න අණදෙන නිලධාරියා කැමති නම්, ඔබටත් මටත් රාජකීය අධිකරණයේ මේවැනි විදිහට වාග් සංග්‍රාමයක යෙදෙන්න තවදුරටත් අවශ්‍ය වෙන එකක් නැ.”
හැන් චෙං තමාටම අභ්‍යන්තරයෙන් සමච්චල් කරගත්තේ ය. වර්තමානයේ රාජකීය උරුමක්කාරයෙකු නොසිටි අතර, හායි ලියැංයී කනස්සල්ලට පත් විය යුත්තේ සිංහාසනය හිස්ව තිබීම පිළිබඳවය. ඔහු සහනයක් ලබා දෙන්නට එතරම් අකමැති වෙන්කට නම්, ඔහු දැනටමත් අපේක්ෂකයෙකු සොයාගෙන තිබිය යුතුය. ඔහු පවසන්නට විය. “මාසයකට වැඩි කාලයක් සිංහාසනය හිස්වෙලා තියෙන්නේ. මහ ලේකම්තුමා තවමත් බලා ඉන්නේ මොනවටද? මහ ලේකම් කාර්යාලය ඒ ගැන සාකච්ඡා කරනවනේ. ඒකට තවම විසඳුමක් ලැබුණේ නැද්ද?"
හයි ලිංයැංයී ගේ සිරුර දහදියෙන් තෙත් වූයේ ය. ඔහුට තම ලයෙහි තදබල පීඩනයක් දැනුණු නිසා ඔහු දිගටම පවසන්නට පෙර කෙටි හුස්මක් ඉහළට ඇදගත්තා. “අපි වංශ ලේඛනය සකස් කරනකොට, උපභාර්යාවකට උපන් යැව් කුමාරයාට දාව පුත්‍රයෙක් හුඅයිජෞ වල ඉන්න බව දැනගන්න ලැබුණා. ඔහු අනර්ෂ පෙලපතක් සහිත ලී වංශයෙන් පැවතගෙන එන උරුමකරුවෙක්. නීතිරීතිවලට අනුව වත්මන් ඔටුන්න හිමි කුමාර අපේක්ෂකයා වීමට සුදුසු ඔහු හැර වෙන කිසිවෙකුත් නෙමෙයි.”
“යැන් කුමාරයා හුැවිජෞ වල කුමරු වී හිටියේ වන්ෂුඅන් පාලන කාලයේදී. ඔහුගේ පරම්පරාවේ සෘජුපැවත එන්නන් ලුඕෂ්යා තැන්නෙදි මියගියා වගේම , උපභාර්යාවන්ගේ දරුවන් සිටින්නේ ඇපකාර වංශ ශාකා තරම් පහළ මට්ටමින්. මම ඇත්තටම ඒ හරහා ගැඹුරට යනවා නම් ඔවුන්ව ලි වංශයේ ලේ පරම්පරාවක් කියලා හඳුන්වන්නේ කොහොමද? යැන් කුමාරයාගේ දෙවෙනි පුත්‍රයාගේ මුණුපුරාටත් මේ වෙනකොට හැත්තෑ ගණන් වලට කිට්ටුයි. ඔහු වගේ කෙනෙක් කොහොමද රජයකට නායකත්වය දෙන්නේ ?” හන් චෙං සිනහාවූයේ ය. “ඒවිතරක් නෙමෙයි , එය ගැටිති සහිත දුෂ්කර ගමනක්. ඔහු කොහොමද එවැනි කායික සහ මානසික පීඩාවන් එක්ක මේවා දරාගන්නේ ? මහ ලේකම්තුමනී , අපිට කොහොමටවත් මෙය තවදුරටත් සාකච්ජා කරන්න කිසිඳු ක්‍රමයක් නැහැ.!”
කිසිවකු පසුබැසීමට ඉඩ නොදී පක්ෂ දෙකම තම ස්ථාවරයේ එල්බගෙන සිටියෝ ය. තවමත් රාජකීය විද්‍යාලයේ සිසුන් පිටත දණින් වැටී සිටියහ. වැන්දඹු අධිරාජිනිය පබළු තිර පිටුපස හිඳගෙන මොහොතක් සවන් දී මෙසේ කීවාය, “මේ කාරණය හදිසි දෙයක් වුනත්, සාකච්ඡාවලට තවමත් ඉඩ තියෙනවා. ලේකම් කාර්යාලයේ වැඩිහිටිතුමනී, මහ ලේකම් කාර්යාලය රාජ්‍ය කටයුතුවලට සහාය වෙනවා තමයි, මම තවමදාවත් එවැනි කාර්යබහුල කාරණා වලට අතනොගැසුවා තමයි. ඔබට විරෝධතා තියෙනවා නම්, මා සමඟ මුහුණට මුහුණ සාකච්ඡා කරන්ල ඔබට මිංලී ශාලාවට පැමිණෙන්නට පුළුවන්. කරුණාකරලා ශිෂ්‍යයන්ව විසිර යන්න සලස්වන්න."
ඇය පැවසුවේ මෘසු ලෙසින් වුනත් , හායි ලියැංයී ට එහිවු අපුසාදය පැහැදිලිව ඇසිණි.
හැන් චෙං මෙම දරුවා ඉදිරියට තල්ලු කරන්නට සියළු වෙර දැරුවද, ඔහු සෑම විටම අෂ්ඨ මහා පුහුණු අංශවල හිටපු උප ආඥාපති ලෙස ඔහුගේ සිහිවටන ඉදිරිපත් කළේය. ඔහුගේ යෝජනාව ස්ථිර කිරීමට ඔහු කිසිවිටෙක වැදගත් වංශයවල නිලධාරීන් ලබා ගත්තේ නැත. මෙය පළමු කොටම, නව අධිරාජ්‍යයාට විශ්වාසය තැබිය හැකි එකම ආධාරකය බවට පත්වීමට හැන් වංශයට ඉඩ සැලසීම සදහාය. සහ දෙවනුව, සැකයෙන් වැළකී හිදීමට දරණ වෑයමකය.
වඩාත්ම වැදගත් දෙය සැක සංකාවන් වලින් වැළකී සිටීමයි.
හුආ ස'චියන් සහ පැන් රූගුඒ දෙදෙනාම අසාර්ථක වූයේ ඔවුන් සැකයෙන් වැළකී සිටින්නේ කෙසේදැයි නොදැන සිටි නිසා ය. තම ආත්මාර්ථකාමී අරමුණු සඳහා කල්ලි පිහිටුවීම රාජකීය අධිකරණයේ විශාල තහනමක් විය. අධිරාජිනිය අධිරාජ්‍ය අධිකරණයේ පාලනය යළිත් සියතට ගෙන වැඩි කලක් ගත වී තිබුණේ නැත. වර්තමානයේ ඇය සිටියේ අධිරාජ්‍යයා හා සමානවය. ඇයට නොඉවසිය හැකි වූයේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට ඇයව බල කිරීමට තරම් බලවත් බලවේගයක් බවට පත් වීමට ඇගේ ඇමතිවරු එක් රොක් වීමය. ඒ නිසා ඇය නිහතමානී පසුබිමක සිටින නිලධාරීන්ට හොඳ හිත දැක්වීමක් ලෙස උසස් කළේවත්, තම බලය තහවුරු කර ගැනීම සඳහා උතුම් වංශවල නිලධාරීන්ට උසස්වීමක්වත් වත් ලබා දුන්නේ නැත. දාජෞ දැනටමත් නිශ්චිත ස්ථානයකට පැමිණ ඇති බව ඇය තේරුම් ගෙන තිබෙන බවක් පෙනෙන්නට තිබුණි. ඇය වසර කිහිපයකට පෙර කළාක් මෙන් රූකඩයක් මත ඇගේ බලාපොරොත්තු තබා ගන්නවා වෙනුවට, ඇය තමා ගැනම විශ්වාසය තබන්නට උත්සහ කරමින් සිටියා.
හයි ලියැංයී මාස දෙකක කාලයක් රෝගාතුරව සිටි අතර, එම කාලය තුළ නිහතමානී පසුබිමක සිට පැමිණි නිලධාරීන් අතිශයින් කලබලයට පත් විය. කොං ච්‍යු සහ සෙන් යූ ප්‍රමුඛත්වය ගැනීමත් සමඟ ඔවුන් පෞද්ගලිකව බොහෝ සාකච්ඡා පැවැත්වූ අතර, රාජ්‍ය කටයුතු පරිපාලනය කිරීම සඳහා හයි ලියැංයී වෙත නැවත රාජකීය අධිකරණයට යාමට ඉඩ දෙන ලෙස වැන්දඹු අධිරාජිනියගෙන් ඉල්ලා සිටීමට ඔවුන් නැවත නැවතත් සිහිවටන ඉදිරිපත් කළහ. එපමනක් නොව, රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයන්ට තවමත් රාජ්‍ය කටයුතු පිළිබඳ හිස් කතාවල නියැලීමේ ශක්තිය ද ලැබී තිබුණි. තවම ගතවී තිබුණේ සය මසක් පමණක් වුවද , වැන්දඹු අධිරාජිණිය බලය අල්ලාගෙන පාලකයෙකු සේ ස්ථාපිත වී සිටින බවට කටකතා පැතිර ගියේ ය.
වැන්දඹු අධිරාජිනිය හයි ලියැංයී සමඟ කිසිදු ප්‍රකාශිත සාකච්ඡාවක් නොකළ නමුත් ඇය නපුංසකයන් පැමිණෙන වාර ගණන වැඩි කළාය. මෙය එක්තරා ආකාරයක රහසිගත ඉල්ලීමක් විය. එබැවින් හයවන මාසය පැමිණි විගස හයි ලියැංයී අධිකරණයට පැමිණියේය, ඒ ද ඔහුගේ අසනීප තත්ත්වය යහපත් අතට හැරුණු විටය. තමා කිසි විටෙක කල්ලියක හෝ ක්‍රමන්ත්‍රණයක කොටස්කරුවෙකු නොවන බව පසුගිය දශක කිහිපය තුළ ඔහු ප්‍රකාශ කර තිබුණද, ඔහු ඒ වන විටත් ලෝකයේ නිහතමානී සම්භවයක් ඇති සියලුම විද්වතුන්ගේ දිශාව බවට පත්ව තිබුණේ ය.මෙය ඔහුට අවශ්‍ය වුවද ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයක් විය. ඔහු ඒ වන විටත් එක් ආකාරයක බලවත් "සේනාංකයක්" බවට පත් ව සිටියේ ය.
හයි ලියැංයී රෝගාතූර වෙද්දී, ලෝකයේ සෑම කෙනෙකුම භීයට පත් වූයේ ය. හයි ලියැංයී හන් චෙංගේ අනුස්මරණය ප්‍රතික්ෂේප කළ අතර, අධිරාජිනිය ඇගේ පිළිතුර ලබා දෙන්නට පෙර, නිලධාරීන් සහ ශිෂ්‍යයන් ඒ වන විටත් සම්පූර්ණ දිනයක් දණ ගසා තිබුණි. නොදැනුවත්වම, ඔහු අධිරාජිනියගේ මාංසයේ අස්ථියක් බවට පත්ව ඇත, එය හැන් චෙං ව ඉවසා සිටිනවාටත් වඩා බෙහෙවින් වැඩි ය.
හයි ලියැංයී ධෛර්යමත්ව රල්ලී හිදිමින් පවසන්නට විය. “රාජකීය විද්‍යාල ශිෂ්‍යයන්ට ආරම්භ කරන්න නිල කටයුතු සාකච්ඡා කරන්න යුතුකමක් තියෙනවා. අධිරාජ්‍ය අධිකරණය කියන ලෝකය ඔවුන්ගේ ඇස් යොමු කරන ස්ථානයක්. උපාය මාර්ග තිබෙන්නේ සාකච්ඡා ඇති විට පමණයි. උත්තමාවිය කඩිසරව පරිපාලනය මෙහෙයවනවා වගේම පෞද්ගලිකව කටයුතුවලට සහභාගි වෙනවා. තවමත්, ඉහළ නිලධාරීන්ගේ බර බෙදා ගන්න සහ පහළින් සිටින තම යටත් නිලධාරීන්ගේ වැඩ අධීක්ෂණය කරන්න නිලධාරීන් පත් කරන්න හැක්යාව තියෙනවා. ඔවුන් රාජ්‍ය කටයුතු ගැන සැලකිලිමත් වෙනවා නම් දජෞ වලට විශාල ආශිර්වාදයක් වේවි. එපමණක් නෙමෙයි, ඔටුන්න හිමි කුමරුගේ කාරණය පවුලේ කටයුත්තක් පමණක් නෙමෙයි. මේ යටත්වැසියා හිතන විදිහට ඔවුන්ට මෙහි ඉන්න ඉඩ දීමෙන් තමයි අපිට නව අධිරාජ්‍යයාගේ ගැටළුව ගැන විවෘත සාකච්ජාවක් කරන්න ඉඩ ලැබෙන්නේ."
ශාලාවේ පිරිස බොහොමයක් සිටියද උණුසුම් වූයෙ නැත. ශීත හිම කුට්ටි රඳනා තබා ගන්න උණබට තිර සෑම තැනකම එල්ලා තිබුණි. ඒවා හයි ලියැංයීටනම් මද සිසිලසක් දනවන්නට සමත් විය. සිය කොටස පවසා අවසන හේ හිස පහත් කරගෙනම සිටගත්තා. පබළු සහිත තිරය පිටුපස, අධිරාජිනිය බොහෝ වේලාවක් නිහඬව සිටියාය. හයි ලියැංයී ගේ දෙපා රිදුම්දෙන විට පමණක් ඇය අවසානයේ නොසන්සුන් ස්වරයෙන් පිළිතුරු දුන්නාය.
“ලේකම්
කාර්යාලයේ වැඩිහිටියා පවසන දේත් ගතයුත්තක් තිබෙනවා. එවැනි අවස්ථාවක, මම ඔබට
සවන් දෙන්නෙම්. යැන් කුමරුගේ මුනුපුරාගේ දෙවන පුත්‍රයා පිළිබඳ කාරණය
සම්බන්ධයෙන්, මම තවමත් වංශ ලේඛනය දැකලා නැහැ, ඒ නිසා මට දැන්මම නිගමනයකට
එන්න බැහැ නමුත් හන් චෙංගේ පිරිස දැනටමත් මෙතන ඉන්නවා. ඔබට ගැනුම්පත්
සඳහා සහය වෙන්ල අධිකරණ සමාලෝචන අධිකරණයට ඉඩ දෙන්න අවශ්‍යද, නැත්තං අධිකරණ
අමාත්‍යාංශයට එය කරන්න දෙනවට ඔබ කැමතිද? මම ඔබ පවසන ලෙසට සිදු කරන්නම්."
________________________________
ආයේ මම මේ කතාව ගේන්න පරක්කු වෙන්නේ නෑ ළමයි....😍❤️
ඉස්සර වගේ දවසක් ඇර දවසක් දෙනවා .... ලන්ජෞ , ස'අන් නැතිව පාළුවෙන් හිටියේ. 🥺🥺🥺
පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය
Comments
Post a Comment