“එහෙමනම් ඒ ගැන තවත් අහමු බලන්න.” ෂ්යාඔ චීයේ පවසන්නට විය.
ශෙන් ස'චුආන්ට ෂ්‍යාඕ චීයේ ගේ වැළඳගැනීමෙන් දහදිය දමන තරම් උණුහුමක් දැනුණේ ය. ඔහු පවසන්නට විය. “ඔබට එහි තියෙන විනෝදය නැති වෙලා යයි වස්ත්‍ර ගලවා දැමීමයි ඉන් පස්සෙ සිදුවෙන දේවල් ගැන පැවසුවාට පස්සේ.”
ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන් ගේ වාතයේ රැදි ඇගිල්ලක් ග්‍රහණය කරගත්තේ ය. “ඔබ ඒ ගැන කිව්වොත් එහි තියෙන විනෝදේ නැති වෙලා යයි? එහෙමනම්, ටික වෙලාවකට මම කියන දේ අහන්න. මම ඒ ගැන ඔබට කියන්නම්.” යී පැවසීමට පෙර මොහොතක් සිනහ වූයේ ය.
ශෙන් ස'චුආන් නැවතත් ගිණුම් පොත් දෙස බැලී ය.
ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන් ගේ ඇගිල්ල ම්රිකමින් ඔහු හේ සමඟම ගිණුම් පොත දෙස බලන්නට විය.
“මම තාම පටන් ගත්තේවත් නැහැ , ඉතිං ඇයි ඔබ මේ තරම් උණුසුම් වෙලා?”
ශෙන් ස'චුආන් ෂ්‍යාඕ චීයේ දෙස විමසිලිමත් දෙනෙතින් බලා හඬ නොනැගෙන සේ මිමිණුවේ ය.
ඒ ඔබ හින්ඳා.
ෂ්‍යාඕ චීයේ මොහෙතෙක් ශෙන් ස'චුආන් දෙස බලා සිටි අතර ඉන්පසු හදිසියේම ඔහුගේ හිස පහතට කරමින් එය ඔහුගේ පිටුපස ගෙලෙහි රුවා ගත්තේ ය. පෙර ඔහු තුළ තිබූ හැගීම් සියල්ලම ශෙන් ස'චුආන් ගේ මෙම බැල්මට දිය වී ගියේ ය. ඒවා ෂ්‍යාඕ චීයේ ගේ ළයෙහි සිට සිරුර පුරාම ගමන් කරනා යම් ආකාරයක ගලා යන යමන් බවට පත් විය. එහෙත් ඔහුගේ අභ්‍යන්තරයේ රළ කෙතරම් චංචල වුවත්, ශෙන් ස'චුආන් වැළඳගැනීමේදී ඊට වඩා ශක්තියක් යොදවන්නට එඩිතර වූයේ නැත.
එම පා පහර චූදු වල සිටි කාලය පුරාවටම කෙස් ගහක් සේ නොසැලී පැවතුනේ ය. කාලයාගේ ඇවෑමෙන් ආලයේ ග්‍රහණයට නතුවූ ෂ්‍යාඕ චීයේ ව වේදනාවෙන් වේදනාවට පත් කර දැමුවේ ය. ආදරය හා වෛරය වූ කැළඹීම අධික වර්ෂාවෙන් පිරිසිදු වී පළිඟු මෙන් පැහැදිලි විලක් බවට පත් විය. ෂ්‍යාඕ චීයේ "ආදරය" යන වචනයට යටත්ව හිස නමා ඔහුගේ නියපොතු ඇද ගත්තේය.
ශෙන් ස'චුආන් ඔහුගේ හස්තය නිදහස් කරගෙන නැවතත් , ෂ්‍යාඕ චීයේ ගේ අතැගිලි අල්ලා ගත්තේ ය. හේ ෂ්‍යාඕ චීයේ ලේ චලනය නොවන හිස මෘදු ලෙස පිරිමදිමින් පැවසුවේ ය. “ඔබට නින්ද ගියා ද?”
ෂ්‍යාඕ චීයේ හිස ඔසවමින් ගැඹුරු හඬින් පවසන්නට වූයේ ය. “ඔහ්, මම ඔබට කොයිතරම් ආදරෙයි ද.”
ශෙන් ස'චුආන් තරමක් පුදුමායන් පාෂාණීකෘත විය.
ෂ්‍යාඕ චීයේ ඔහු දෙස බලමින් සෑම වදනක්ම පැහැදිලි ලෙස නැවතත් උච්චාරණය කරන්නට විය. “මම ඔබට හුඟක් ආදරෙයි.”
ශෙන් ස'චුආන් යමක් පවසන්නට පෙර මඳ වේලාවක්වක් තුෂ්නිම්භූත වූවාක් සේ බලා සිටියේ ය. “ මම—”
ෂ්‍යාඕ චීයේ තව මොහොතක් හෝ බලා සිටියේ නැත. ඔහු තම හිස හරවමින් ශෙන් ස'චුආන් ව දැඩි ලෙස සිපගත්තේ ය. ඔහුට තමා වචනායන් විස්තර නොකළ , ඔහුගේ හදවත තුළ තිබූ ආදරයේ සියල්ලක්ම ශෙන් ස'චුආන් ට ලබා දෙන්නට අවශ්‍ය වූයේ ය. මළුවෙහි වූ සිසිල් සුළඟ උණ බට තිරයන් සසල කළ අතර, පුෂ්පයන්හී සෙවණැලි වාහල්කඩ මත පතිත වූයේ හිරු ගේ ගමන් පථයත් එකවිටම රන් පැහැ ආලෝකය ගෙන ගියේ බාධකයන්ඩහරහා ගමන් කර පොළොවේ ගැඹුරට ගලා යමිනි.
◈ ◈ ◈
බෙයියුන් දඬමං භූමින් පිහිටියේ සීජෞ වලට නුදුරිනි , එම ස්ථාන ද්විත්වයම සම්බන්ධ කරමින් පාලම් මාර්ගයක් ද එහි තිබෙයි. ලං තාඕ ෂුඒ ජින්ට දින බාගයකින් එතැනට ළඟා විය හැකි නිසා ෂ්‍යාඕ චීයේඑතැන නැරඹීම සඳහා චෙං යැන් ව හා දිං තාඕ දෙදෙනාවද ඔහු හා රැගෙන ගියේ ය. සීජෞ හි සිටි මේ කාලය තුළ ශෙන් ස'චුආන් ගිණුම් වර්ග කිරීම අවසන් කළ අතර කොං ලිං හා ජෞ ගුයි සමඟ සීජෞ හී ආරක්ෂක භට කණ්ඩායම් වලට අදාලව යම් යම් වෙනස්කම් සිදු කළේ ය.
“අපේ බඳවාගැනීමේ ඇමතුමට විශාල පිරිසක් පිළිතුරු දෙයි කියලා මම හිතාගෙන හිටියට , මම කොහොමටවත් මේ තරම් පිරිසක්නම් බලාපොරොත්තු වුනේ නෑ!” ජෞ ගුයි අතිශයින්ම සතුටට පත්ව සිටියේ ය. “මේකත් එක්ක අපිට ලබන වසර සීසෑම් පරාසයත් වැඩි දියුණු කරන්න පුළුවන්.”
“මෙතැන සීජෞ වලින් සැපයිය හැකි තරමේ ධාන්‍ය හිඟයකුත් පිටත තියෙනවා. මංමුලා සහගත තත්වයකට ඇදවැටිලා ඉන්න බොහෝ දෙනෙකුට , මේක ශීත කාලගුණයකදි අඟුරු ලබා දෙනවා හා සමාන කාලෝචිත උපකාරයක්. එයින් ඔවුන්ගේ හදීසි අවශ්‍යතා විසඳෙනවා විතරක් නෙමෙයි සොරකමට යොමු වීමත් වැළකෙනවා.” කොං ලිං ප්‍රීතියෙන් යුතුව ශෙන් ස'චුආන් ට පැවසුවේ ය. “අපිට හමුදාමය ආයුධ හා උපාංග වෙනුවෙන් උප අණදෙන නිළදාරීතුමාට කරදර කරන්න සිද්ධ වෙනවා.”
“දේවල් සිදුවෙමින් තියෙන ආකාරය එක්ක , ඊලඟ අවුරුද්ද වෙනකොට සීජෞ බල ප්‍රදේශයේ කොල්ලකරුවෝ නැති වේවි.” ජෞ ගුයි මුළු රාත්‍රිය පුරාවටම නිදිවර්ජිතව ගත කළේ ය ; ඔහු බොහෝ සැලසුම් සකස් කරමින් සිටියේ ය. ඔහු පවසන්නට විය.
“අපිට දුන්ජෞ සහ දුඅන්ජෞ වලටත් ඔවුන්ගේ දුෂ්කරතා වලින් මිඳෙන්න උපකාර කරන්න පුළුවන් නම්, අපිට ලුඕ කන්දේ කොල්ලකරුවන්ට පහර දෙන්න අවශ්‍ය නොවීම බිඳ වට්ටන්න පුළුවන්.”
“බඳවාගැනීම් විශාල සාර්ථකත්වයක් පෙන්නුම් කරන නිසා , ඔබතුමා මේ මත විතරක් විශ්වාසය තියන්න බැහැ. සීජෞ වලට මේ තරම් ආහාර පුමාණයක් පරිභෝජනය කරන්න හැකියාව ලැබුනේ පසුගිය වසර පහ තිස්සෙම ඉහළ වගේම පහළ සියළුදෙනාමත් එකම විදිහට වැඩ කළ නිසයි. දුඅන්ජෞ පිහිටලා තියෙන්නේ බ්යැන්ෂ්යා වලට ආසන්නයේමයි. ඔවුන් තමන්ගේ හදවත වෙනස් කරගෙන මුඬුබිම් ගොවිතැන් වලට යොදාගත්තත් , ඔවුන්ට ඒක කරන්න ලැබෙන්නේ නෑ.” ශෙන් ස'චුආන් ට තවමත් වෙනත් සළකා බැලීම් තිබිනි. ඔහු පවසන්නට විය. “ඒ වගේම, අපිට තවමත් අධිරාජ්‍යයෙක් සිංහාසනාරූඪ වෙලා නැහැ , ඒවගේම අභිලාෂකාමි පඋද්ගලයන් උපත ලබන්නෙත් කරදරකාරී කාල පරිච්ජේදයන් වලදී. මෙතැන ලුඕ කන්දේ ලෙයි ජිංෂ ඉන්නවා. ඉතිං චාජෞ වලටත් ඔවුන්ගේම ලෙයි ජිංෂ කෙනෙක් ඉන්නවා. සීජෞ තවම අත දරුවෙක් වගේ පටන් ගත්තා විතරයි. හදීසි වෙන්න වුවමනා නෑ.”
“ඔහු කී දේ.” කොං ලිං හිස වනා පවසන්නට විය. “වර්තමානයේ වඩාත්ම හදිසි කාර්යය තමයි ගෘහ ලියාපදිංචි කිරීමේ ගැටලුව විසඳීම. ඔවුන්ගෙන් හුඟ දෙනෙක් වෙනත් තැන් වලින් මෙහෙට පලා ආ අය. ඔවුන් පිළිබඳ කිසිදු ලේඛනමය සාක්ෂියක් ඔවුන් සතුව නැහැ. ඔවුන්ට සීජෞ වල ස්ථිරව ම පදිංචි වෙන්න අවශ්‍ය නම්, ඔවුන්ට අනන්‍යතාවයක් අවශ්‍යයි."
ශෙන් ස'චුආන් මොහෙතකට විරාමයක් ගෙන පවසන්නට විය.
“යොංයී පාලන සමයේ, සාමාන්‍ය ජනතාව පුරවැසියන් විදිහට ලියාපදිංචි කිරීම සඳහා නැගෙනහිර මාලිගය සංගණන ලේඛනයක් ඉදිරිපත් කළා. ඒක විවිධ ඉඩම්වල ප්‍රාන්ත නායකයින්, දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරුන් සහ නගරවල ස්ථර මගින් පරීක්ෂා කරලා සත්‍යාපනය කළ යුතුව තිබුණා. සීජෞ වල ඉන්නෙ දැනට අඩු ජනග්‍රහණයක්. සීජෞ තව දුරටත් දාජෞ අණ යටතේ නොපවතින නිසා , ඔබට මුල් ලේඛන තුන අහෝසි කරලා සීජෞ වලට තමන්ගේම නව ලේඛනයන් නිර්මාණය කරන්න ඉඩ ලබාගන්න පුළුවන්. තවමත් නඟරය පුරා අයාලේ යන්න තහනම් කරලටි තියෙන්නේ. ලේඛනය අවසන් වුනාට පස්සේ , ලියාපදිංචිය මත පදනම්ව බදු එකතු කරන්න සීජෞ වලට හැකියාව ලැබෙනවා වගේම ගිණුම් ටිකත් නිරාකරණය වෙනවා. "
“එහෙමනම් අපිට සෘජුවම ඒ කාර්යය කරන්න පුළුවන් මේ දින කිහිපයේම ඒක කරන්න පුළුවන්.” ජෞ ගුයි මඳක් නැවතී සිටි නැවතත් පවසාගෙන යන්නට විය. “මම දැන් කරදර වෙන්නේ චීදොං පාබල හමුදාවන් ගැන විතරයි.”
“දැන් හුඟ කාලයක් ගතවෙලා ගිහින්.” කොං ලිං ද කිවේ ය. “ඇයි අපිට චීදොං ගරන කිසිම ආරංචියක් අහන්න ලැබුණේ නැත්තේ?”
ශෙන් ස'චුආන් මෙහි නැවතී සිටිමෙන් යම් ආකාරයක ඉඟියක් සොයා ගත්තේ ය.
චූදු වලට ෂ්‍යාඕ චීයේ නැවත ලීබෙයි වලට පැමිණීම නතර කරන්නට අවැසි වී නම්, ඔවුන් කළ යුතුව තිබුණේ චී ජූයින් ව බලමුළු ගන්වා එවීම පමණකි , එවිට ඈයට ජොංබෝ මායිමේදි ෂ්‍යාඕ චීයේ ව මාසයකට පෙරම නවතාගන්නට හැකියාව තිබුණි. නමුත් චූදු එසේ නොකළේ ය. ඔවුන් කතා කිරිමට පමණක් දන්නා උපායමාර්ගිකයෙක් වන හන් ජින් ව එව්වේ ය. මේ නීත්යානුඛුල පුත්‍රයා ඉපදුනේ හන් වංශයේ වන අතර දංචෙන් නගරයෙන් පිටදී රාජකීය හමුදාවට විසින් අල්වාගනු ලැබ තවමත් සිරගතව සිටියේ ය. චීදොං හි පංච අණදෙන හමුදාවන් හා බෙදා හැරීම අනුව, චී ජූයින් ට මාස භාගයක් ඇතුළත මිනිසුන් ලක්ෂයක් එක්රැස් කිරීම ට හැකි විය. කෙසේ වෙතත්, තවමත් ඇය ට තවමත් නිශ්චිත දිනයක් නොතිබුණි.
ශෙන් ස'චුආන් ජෞ ගේ නිවසින් පිටතට එන විට බොහෝ ප්‍රමාද වී තිබුණි. හේ කාලය ගණනය කළේ ය; මේවන විට ෂ්‍යාඕ චීයේ නගරයට ගමන් කරමින් සිටිනවා විය යුතුය , ඉතිං ඔහු නිවසට යාමට එතරම් එක්මන් නොවනු ඇත. ඔහු පියගැටපෙළ බැස යද්දී , මාර්ගය ආලෝකමත් වූයේ ය. ෆෙයි ෂෙං පහන් කූඩුවක් රැගනවිත් , ශෙන් ස'චුආන් වෙනුවෙන් ඉදිරි මාවත ආලෝකවත් කළේ ය.
ශෙන් ස'චුආන් මේ දින කිහිපයේ ම වෙනත් කටයුතු සමඟ කාර්යබහුලව සිටි යේ ය, ඒ නිසා ඔහුට තවමත් ෆෙයි ෂෙං සමඟ කකා කරන්නට අවස්ථාවක් ලැබී තිබුණේ නැත. ෆෙයි ෂෙං සෑම දිනකම චෙන් යැං වෙත ළං වීමට උපරිම උත්සාහයක් කළ අතර, ඔහු ජී ගැං වෙත තේ සහ ජලය ලබා දෙන්නට වඩ වඩාත් යුහුසුළු වූයේ ය. චූදු වලින් පිටව ආ ප්‍රවීණයෙකු වූ මෙම පුද්ගලයා මේ වන විට ශෙන් ස'චුආන් වෙනුවෙන් පහන් කූඩුව අල්ලාගෙන සිටි අතර, ඔහු ශෙන් ස'චුආන් ගේ සිතුවිලි වලට බාධා යන නිසා වදනක් හෝ පැවසුවේ ද නැත. සෑම දෙයකින් ම , හේ ශෙන් ස'චුආන් වෙනුවෙන් පහන් කූඩුව අල්ලා ගැනීමට අවස්ථාව ලැබීමෙන්ම සෑහීමකට පත් වී ඇති බව පෙනෙයි.
මිනිසුන් කිහිපදෙනෙක් මාර්ගයේ සිටියේ ය. ෆෙයි ෂෙං ප්‍රවේශයෙන් මාර්ගය මෙහෙයවමින් සිටින අතරේදි ඔහු එක්වරම ශෙන් ස'චුආන් කතා කරනු ඇසුනේ ය, “මට අහන්න ලැබුණා උතුමාණන් අද උදෑසන පිටව යද්දි ඔබට රැකියාවට නිර්දේශ කළ බව.”
ෆෙටි ශෙං මධ්‍යස්ත ප්රකාශනයකින් පිළිතුරු දුන්නේ ය.“මම දරක්කා ගූ ජින් තවමත් ඔහුගේ තුවාල වලින් සුවය ලබා නැති විත්තිය, ඉතිං මම හිතුවේ ඔහු වෙනුවෙන් උතුමාණන් එක්ක යන්නයි.”
ශෙන් ස'චුආන් මාර්ගය වෙතට නෙත යොමාගත් අතර වෙනත් කිසිවක් විමසුවේ නැත.
නැවත නිවසට පැමිණි පසු, ච්‍යාඕ ත්‍යැන්යා පහන් කූඩුව භාර ගත්තේය. මිදුලේ තවමත් ගු ජින් සිටි අතර, එය ෆෙයි ශෙං ගේ රාජකාරීමය වෙලාවද නොවුණේ ය. ඒ නිසා ඔහු නැවතත් තමාගේ මුල් ස්ථානයට පිටවී යන්නට විය.
"ස්වාමියා ඔහුට ඒ තරම් ශීතල උරහිසක් දුන්නොත් , ඔහු අමනාපයක් ඇති කරගන්න ඉඩ තියෙනවා," ච්යාඔ ත්‍යැන්යා පැවසුවේ ය.
ශෙන් ස'චුආන් දිගු පිය නැගීමේ මාවතකට පිවිසි වහා පිටුපස හැරී බැලූ අතර , ෆෙයි ශෙං සඳ ද්වාරය පසු කොට දැනටමත් අනෙක් පසට ගොස් ගමන් කරමින් සිටින බව තහවුරු කර ගත්තේ ය. ඔහු පවසන්නට විය. “ මට ඔහුව පාවිච්චි කරන්න වුවමනා වුනත් , ඔහු මම ගැන ඒතරම් උසස් විදිහට නොහිතන්න පුළුවන්. රාජකීය ආරක්ෂයන් තුළ ඔහුගේ නිලය ඔබට වඩා උසස්. හැන් චෙං තමයි ඔහු තමන්ගේ පිටුබලය වෙනුවෙන් ගණන් ගත්ත විශාල ප්රධානීවරුන්ගෙන් කෙනෙක් වෙන්නේ. ඔහු හැන් චෙං ගේ දකුණත වෙලත් හිටියා අධිරාජ්‍යයා හදීසියෙිම මිය පරලොව යන්න කලින්. හැන් චෙංට ඔහුව මරා දමන්න වුවමනා වෙන්න හේතුවක් තියෙන්න ඕනේ. ඔහු සීජෞ වලට ඇවිත් දින කිහිපයක් වෙනවා , ඒවගේම ඔහු මේ වෙනකල්ම ඒකට හේතුව ගැන මම එක්ක කතා කරන්න අදහස් කළෙත් නැහැ.”
ශෙන් ස'චුආන් නිශ්චලව සිටගෙන ච්‍යාඕ ත්යැන්යාට සිනහවක් පෑවේ ය.
“මම නෙමෙයි , ස'අන් තමයි ඇත්තටම වෙඩි තියලා ඔහු කැමති හැම දෙයක්ම පරදුවට තියලා එක ලියවරකින් ම චූදු වලින් පිටතට ආවේ. ස'අන් තමයි ලීබෙයි කුමාරයාගේ දෙවෙනි නීත්‍යානුකූල දරුවා. ඒ කාලේ පරම්පරාගත කුමාරයා තදබල විදිහට තුවාල ලබලයි හිටියේ , ඒවගේම අනිත් හැමෝම වගේ හිතුවේ ෂ්‍යාඕ චීයේ ආපහු යනුනේ ෂ්‍යාඕ ෆංෂූ වෙනුවට තැන ගන්න කියලයි. ෆෙයි ෂෙං ඒ වෙනකොටත් හැන් චෙං එක්ක අමනාප වෙන්න පටන් අරගෙනයි තිබුණේ. තම අරමුණ සාක්ෂාත් කර ගන්න සම්මුතියක් ඇති කර ගන්නවට සහ සහන ලබා ගන්නවාට වඩා ඔහු තමන් වෙනුවෙන් වෙනත් මාර්ගයක් සකස් කර ගන්න ඔහු චූදු අතහැරලා ලීබෙයි වලට ආවා. ජීවිතාරක්ෂක ධනපතියෙකුගේ අනන්‍යතාවය ඔහුට ලිබෙයි වල ස්ථාවර ජීවිතයක් සමඟසුරක්ෂිත වෙන්න ප්‍රමාණවත්. "
ච්යාඔ ත්යැන්යාට ෆෙයි ෂෙං පිළිබඳ යම් යම් අවබෝධයන් තිබුණි. ඔහු පවසන්නට විය. “ගූ ජින්ට තුවාල වුන එකනම් හරිම අපරාධයක්. ෆෙයි ඹෙං අද තමන්වම රාජකාරිය වෙනුවෙන් නිර්දේශ කළේ ඔහුට ගූ ජින්ගේ තැන ගන්න වුවමනා නිසා. කණගාටුවට කාරෆණ් තමයි උතුමාණන් ශෘතල හදවතක් තියෙන පුද්ගලයෙක් වෙන එක වගේම ඔහුට මේ අවස්ථාව නොදුන්න එකයි.”
නමුත් ෆෙයි ෂෙං සූදානමින් සිටියේ ය. ඔහු ජී ගැං ඉදිරිපිට එතරම් අවධානයෙන් වැඩ කළේ මඟ හැරීමට නොහැකිවන ලෙසිනි. අද ස්වේච්ඡාවෙන් තමාවම නිර්දේශ කරගැනීම ෂ්‍යාඕ චීයේ ව පරික්ෂා කිරිමේ එක් පියවරකි. හේ ඒවන විටත් ෂ්‍යාඕ චීයේ ගේ අභිප්‍රාය වටහාගෙන සිටි අතර , ඉතිං ඔහු සිය අවධානය ශෙන් ස'චුආන් වෙතට යොමු කළේ ය.
"ඔහු නම් සැබෑම හැකියාවන් තිබෙන පුද්ගලයෙක්." ශෙන් ස'චුආන් පැවසුවේ ය. “ඔහු ගු ජින් හා සමානයි. ඔහුව පසෙකට දමා ඔහුව භාවිතා නොකිරීම ඇත්තෙන්ම අනුකම්පා සහගත දෙයක්.”
ඔවුන් කතා කරමින් ම ඒ වන විටත් මළුවට පැමිණ තිබුනි. ගු ජින් මිනිසුන්ට ආහාර පිළිගැන්වීමට කටයුතු කිරීමට සූදානම් වූ නමුත් ශෙන් ස'චුආන් ඔහුට නැවති සිටින මෙන් පැවසුවේ ය.
"ඔහු දැන් බොහෝ දුරට ආපසු පැමිණෙන්න ඕනේ." ශෙන් ස'චුආන් ආපසු හැරුණේ ය. "ඔබ ඇතුළුවීම් දොරටුව ළඟ ඉදන් ඔහුව පිළිගන්න."
නමුත් මේවන විටද රාතුියෙන් අඬක් ගතවී ඇති අතර ෂ්‍යාඕ චීයේ තවමත් පැමිණ තිබුණේ නැත. ශෙන් ස'චුආන් ට ඉදිරියෙන් චලනය වන හඬක් ඇසෙද්දී ඉටිපන්දම් වලින් අඬක්ම දියවී ගොස් තිබුණි..
ෂ්‍යාඕ චීයේ ආංගනයට ආ නමුත් හදීසියේ කාමරයට ඇතුළු වූයේ නැත. ඔහු දූවිලිවලින් ආවරණය ව සිටියේ ය. ඔහු තමාගේ පිටත සිවුර ගලවා දමා පිටුපසට හැරී තමා දෙස බලා සිටින පුද්ගලයා දෙස බැලුවේ ය. ඔහුගේ මුවින් ඉබේටම "ලන්ජෞ" යන වදන් පිටවිනි.
ශෙන් ස'චුආන් ෂ්‍යාඕ චියේගේ උරහිස පසුකර බැලූ අතර චෙන් යැං සහ ගු ජින් යමෙකුට සහාය දක්වන අයුරු දුටුවේය. ශෙන් ස'චුආන් ට මේ පුද්ගලයා කවුදැයි සොයා ගන්නට මෙම තරම් මළුව දීප්තිමත් නොවීය.
මේ පුද්ගලයාගේ සිවුර කැබලිවලට ඉරා දමා තිබූ අතර, ඔහුගේ කලිසමේ කකුල්ද ඉරී තිබුනේ ය. ඔහු පැලඳ සිටියේ දෙකට බෙදී ගිය පිදුරු සපත්තු යුගලයක් වන අතර ඔහුගේ පාද කුණු සහ මඩවලින් පිරී තිබුණි. ඔහුට තම දෙපා මත ස්ථිරව සිටීමට නොහැකි වූ අතර, ඔහු නන්ද දොඩවමින් අස්ථීර ලෙස චෙං යැන් හා ගූ ජින්ට වාරු වී සිටියේ ය. අවුල් සහගත හා අපිරිසිදු වූ හේ දැකීම සැබවින්ම කණගාටුදායක යමක් විය.
ශෙන් ස'චුආන් එක්වරම මළානික වූ සඳ එලිය මධ්‍යයේ යමක් සිහියට නගා ගත්තේ ය. “ යූ ගෞරවනීය උතුමාණෙනි?”
අවිශ්වාසයේ අඳුරු බව අතරින් ඉදිරියට එබී බලන විට ඒ මිනිසා වෙව්ලමින් මදක් අරගල කළේය. ඔහුගේ අපිරිසිදු හිසකෙස් අතාරන් ඔවුන් අතර ඇස් යුගලයක් නිරාවරණය විය. ශෙන් ස'චුආන් දුටු හේ මොහොතකට නිසල වූයේ ය. ඉන්පසු ඛේටය ගිල දැම්මේ ය. ඔහුගේ මුව විවරව වැසී ගිය අතර , එක්වරම ඔහු කෑගසමින් මොර දුන්නේ ය.
“මේක හින්දා මගේ ජීවිතේ නැති වෙන්නම ගියා!” යූ ෂ්‍යාඕ සායි ගොරෝසු හඬින් ඉකිබිඳින්නට වූයේ ය. ඔහු සිය මුහූණ පිස දමමින් කෑගසන්නට විය “උප අණදෙන නිළදාරිතුමනි! තවදුරටත් මහා ලේකම්වරයෙක් නැහැ! මාවත් මැරෙන්නයි යන්නේ! මම මුළු ගමන් පුරාවටම පලා ඇවිත් මෙහේ සැඟවිලා හිටියා. ජීවිතේ ඇත්තටම කටුකයි!”
තිගැස්සී ගිය ශෙන් ස'චුආන් පියවරක් ඉදිරියට ගොස්, “ඔබ කුමක්ද අදහස් කළේ වැඩිහිටි හායි තවදුරටත් නැහැ කියන එකෙන් ” යි දැඩි හඬින් පැවසුවේ ය.
යූ ෂ්යාඕසායි ගේ උගුරෙනු හැඬුම් හඬ වැඩි වූයේ ය. ඔහුට පිඵිතුරු දීමට අවැසි වූ නමුත් පිටතට ආ සියල්ලම ඔහුගේ හැඬුම් පමණක්ම විය.
ඔහු කොතරම් තදින් ඇඬුවාද කිවහොත් ඔහු බොහෝ දුරට බිම මතට ලිස්සා යාමට පවා ආසන්න විය. ඔහු දිගින් දිගටම හිස සෙලෙව්වේය. අවසානයේදී, ශෝකයෙන් යටපත් වූ අතර වෙහෙසට පත් වූ ඔහුගේ කටහඬින් ඔහු වෙහෙස සහගත ලෙසින් පවසන්නට විය “මහ ලේකම්තුමා... මහ ලේකම්වරයා නිෂ්ඵල ප්‍රකාශයක් කරමින් තම ජීවිතය පරදුවට තිබ්බා...”
“ඔහුව ඉවතට රැගෙන ගිහින් සන්සුන් වෙලා ඇදුම් මාරු කරගන්න ඉඩ දෙන්න.” ෂ්‍යාඕ චීයේ පැවසුවේ ශීතල ලෙසිනි. “ගූ ජින් , මුළුතැන් ගෙයට ගිහින් සූපයක් සූදානම් කරලා එවන්න කියලා දන්වන්න.”
ඔහුගේ දුක්ඛිත හැඩීම් වාතය ස්සාරා ගියේ ය. ශෙන් ස'චුආන් තවමත් පෙර සිටි ස්ථානයේම රැදී සිටියේ ය. ඔහුගේ ඒ සියළුම , සිය දහස් ගණන් අනුමානයන් අතරේ, හේ හායි ලියැංයී මියයාවි කියානම් සිතුවේ හෝ නැත. ත
හායි ලියැංයී චූදු හී ස්ථීර බල කණුව වූයේ ය. හුආ සහ පැන් කණ්ඩායම් ඔවුන්ගේ බලයඉසහ බලපෑමේ උච්චතම ස්ථානයේ සිටියදී, ඔහුට මහා ලේකම් කාර්යාලයේ ඔහුගේ තනතුර පවා තදින් අල්ලා ගෙන සිටීය හැකි විය. ලී ජ්යැන්හෙං ගේ මරණයෙන් පසු ඔහුගේම වංශයේ පිරිමි දරුවකුට සිහසුනට පත් කරන්නට හන් චෙංට අවැසි වූවද , හායි ලියැංයී සතුව තවමත් රාජකීය අධිකරණය තුළ සහ ඉන් පිටත ඇමතිවරයෙකුගේ පළමු සහ හොඳම තේරීම තිබීය යුතුය.
ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන් ගේ හස්තය අල්ලාගනිමින් ඔහුව මෝහනයෙන් මුදවා ගත්තේ ය.
“මම ඔහුව දඩයම් භූමියට බටහිරින් තිබුණ කොල්ලකරුවන්ගේ කණ්ඩායම් අතරිනුයි හොයාගත්තේ. ඔහුට චූදු වලින් පිටවෙන එක පහසු නොවෙන්නට ඇති. දන්චෙං වෙතින් පිටවුනාට පස්සේ කොල්ලකරුවන් අතට ඔහු පත්වෙන්න ඇති. ඉතිං ඒ හින්දා ඔහු පාවහන්වත් නැතිව සීජෞ වලට ගමන් කරන්නට පටන් ගත්තා. ඔහු ළඟ සෙන් යූ ඔබට ලියපු පිලියක් තියෙනවා. ඔහු ළඟ චීදොං සහ චූදු ගැනත් පුවත් තියෙනවා."
◈ ◈ ◈
යූ ෂ්යාඕසායි නැවතත් කාමරයට ඇතුළු වූ විට ඔහුට සහාය වීමට කෙනෙකු අවශ්‍ය විය. ඔහුට ශක්තියක් නොමැති තරමට කුසගින්නෙන් පෙළුණු අතර ඔවුන් දෙදෙනාගේ සංවාදයට පෙර ආහාර බඳුන හස්තයේ තබාගත් විටම ආහාර වෘකයෙකු සේ ගිල දමන්නට වඋයේ ය. ආහාර ගන්නා විටත් ඔහුගේ දෙකොපුල් දිගේ කඳුළු ගලා යමින් තිබුණි. ඔහු කෙතරම් හදීසියෙන් සිටියාද කියනවා නම් , ආහාර උගුරෙහි සිරවෙමින් කැස්ස ඇතිවීම පවා වළකාගන්නට නොහැකි විය. කුසඟින්න මඳක් අඩුවු වහා හේ පිරිසිඳු ලේන්සුවකින් ඔහුගේ මුහුණ වසාගෙන පිසදමන්නට පටන් ගත්තේ ය.
“උප හමුදාපතිවරයා දකින්න තරම් කාලයක් ජීවත් වෙන්න ලැබුණු එක ඇත්තටම වාසනාවක්. ගෞරවනෘය සෙන් උතුමාණන් ගේ ලිපිය මා ළග තියෙනවා. කොල්ලකාරයෝ මාව සෝදිසි කරලා ඒක හොයාගනියි කියන බයට මම ඒක මගේ ළගින්ම තියා ගත්තා.” යූ ෂ්යාඕසායි ඔහුගේ විලුඹ මත හිඳගෙන පවසන්නට වූයේ ආයාසයෙන් යුතුව ය. “මම පටන් ගන්න කලින්ම , ඔබ දෙදෙනාට දන්වලා ඉන්න කැමතියි , සිංහාසනයට පත්වෙන නව අධිරාජ්‍යයා කාන්තාවක් බව.”
____________________________________
ඔයාලා හිතන්නේ නව අධිරාජ්‍යයා කවුරු වෙන්න ඇති කියලද?
ඔන්න දැන් තමයි වෘක පැටව් නේ , හරිම සෙල්ලම පටන් ගන්නේ.පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය
Comments
Post a Comment