ෂ්‍යාඕ චීයේ යම් කිසි විදිහකින් වරදක් තිබෙන බව දැනේයැයි බිය වූ කො ලින් නොක්කාඩු කීමට තරම් නිර්භීත වූයේ නැත. සිය දහදිය පිසදාගත් ඔහු සිය තේ පැන් කෝප්පය කොල ගා එය සගවාගන්න උත්සහ කලත්, එයින් සිදු වූයේ එය තව තවත් දිග හැරීමය. ඔහු හිස වනමින් පවසන්නට විය, “වංශාධිපතිතුමා ආයෙමත් ලීබෙයි වලට ගිහින් බ්‍යැන්ෂා ගෝත්‍ර එක්ක සටන් කරනවා, ඉතිං සීජෞ වලට තවදුරටත් රාජකීය හමුදාවට කරදර කරන්න බැහැ. ඒ විතරක් නෙමෙයි , උප හමුදාපතිතුමා මෙහෙ ඉන්න නිසා , ලෙයි ජිංෂ ආපහු ආවත් ඔහුට කිසිවක් අරගන්න ලැබෙන්නේ නැහැ.”
මේ වතාවේදි නම් ජෞ ගුයි තවමත් ඒ පිළිබඳ වටහාගෙන නොසිටියේ ය. ඔහු පවසන්නට විය. “ හමුදාවක් විශාල දුරක් ගමන් කරන එකෙන් දුෂ්කරතා ඇති වෙන්න පුළුවන්. සීජෞ පිහිටන්නේ ලීබෙයි වලට දකුණින්, ඒක නිසා ලීබෙයි වල ඉචක් ආපහු මෙහෙ පැමිණිම ගැන කරදර වෙන්න වුවමනා නැහැ. අනාගතයෙදි , වංශාධිපතිතුමාට අපෙන් පුයෝජනවත් යමක් තිබුනොත් , සීජෞ පුළුවන් උපරිමයෙන්ම උපකාර කරනවා. බන්ධනාගාරයේ අත්අඩංගුවට පත්වෙලා ඉන්න කොල්ලකරුවන් සම්බන්ධයෙන්, ඔබතුමා කටයුුතු කරන්න කැමති මොන විදිහට ද?"
“ඔවුන්ගෙන් කොල්ලකරුවන් කිහිපදෙනෙක් එක වතාවක ලුඕ කන්දේ ප්‍රධානීන් විදිහට හිටපු අය. ඔවුන්ව මරලා දැම්මා කියලා එ තරම් ප්‍රයෝජනයක් නැහැ, ඉතිං ඇයි ඔවුන්ව ලෙයි ජිංශ එක්ක නිදහස් කරන්නේ නැත්තේ?” ෂ්‍යාඕ චීයේ ගේ මනසේ දැනටමත් සැලසුමක් තිබුණි. ඔහු පැවසුවේ ය. “දැනටමත් රාජකීය හමුදාව කොල්ලකරුවන් කිහිපදෙනෙක්ට ලෙයි ජිංෂව නිදහස් කළ ප්‍රවෘත්තිය පතුරවන්න අල්ලස් ලබා දීලායි තියෙන්නේ. මාස භාගයකට පස්සේ, ඔවුන් බන්ධනාගාරයෙන් පිටතට ඇවිත් දිං නියූ සහ ල්යු'එර් එක්ක පලා යාවි. කාලය ආවහම, සීජෞ වලට මිනිසුන් යොදවලා ඔවුන් පසුපස හඹාගිහින් ඔවුන්ව ආයෙමත් දුන්ජෞ බල ප්‍රදේශයට ගෙන එන්න පුළුවන්. ඔවුන් ලඟ රාජකීය හමුදාව් අතින් මියගිය මිනිස්සු ඉන්නවා. නැගනහිර වටලෑම ගැන පිටතට ආවේ ලෙයි ජිංෂගෙන් කියලා ඔවුන් නිගමනය කලාට පස්සේ , ඔවුන් කොහෙත්ම ඔහුට යන්න දෙන එකක් නැහැ.”
ජෞ ගුයි සහ කොං ලින් එක විටම හිස වැනුවෝ ය. ෂ්‍යාඕ චීයේ ඉක්මනින් ලීබෙයි වෙත යන්නට සිතන බැවින් , ජෞ ගුයි ඔහු සමග හමුදා විධි විදාන පිලිබදව සාකාච්ජා කරන්නට තීරණය කළේ ය. ලබන වසරේ රාජකීය හමුදාව සඳහා වූ හමුදා ප්‍රතිපාදන දීමනාව සම්බන්ධයෙන් ඔවුන් දින කිහිපයකට පෙර ශෙන් ස'චුආන් සමඟ සාකච්ඡා කර ඇති මුත් ශෙන් ස'චුආන් එය වහා ප්‍රතිකේෂ්ප කර තිබුණේ ය.
“සීජෞ මුලින් සැලසුම් කලේ රාජකීය හමුදාවට ලබන වසරේ වසන්ත කාලයෙන් පස්සේ ධාන්‍ය දහසය දාහක් ලබා දෙන්න.” ජෞ ගුයි ෂ්‍යාඔ චීයේ දෙසට මුහුණ හරවා ඔහුගේ වදන් විස්තර කළේ ය. “අපි දන්නවා ඒක සුළු ප්‍රමාණයක් කියලා, ඒත් ඒක සීජෞ ඔබතුමාව අගය කරන්න දෙන පුංචි ත්‍යාගයක්. මම දැනටමත් මේ ගැන උප හමුදාපති තුමාට කියලයි තියෙන්නේ. උප හමුදාපතිතුමාට සීජෞ වල දුෂ්කරතා තේරෙනවා.ඔහුට වුවමන අපි මෙ ධාන්‍ය සුදුසු මිළකට විකුණාදමලා ඒ මුදල් ප්‍රතිසංස්කරණවලදි අරමුදල් හැටියට පාවිච්චි කරන්නයි. අපි මෙ දින කිහිපයේම ඒ ගැන හිත හිතායි හිටියේ, ඒ වගේම අපිට තාමත් ඒ ගැන හොදක් දැනෙන්නේ නැහැ. උතුමාණෙනි, සීජෞ නගරයට වයඹ දිශාවේ හිස් බිමක් තියෙනවා. ඒක කලින් බෙයියුආන් දඩයම් භූමිය වෙලා තිබුණා. මුලදි නම්, අපිට අවශ්‍ය වුණේ ඉඩම කපා දමලා එහි භෝගයන් වගා කරන්නයි, ඒත් එහි පස එයට සුදුසු වුණේ නැහැ. අපිට වල් පැලෑටි කිහිපයක් ඇරෙන්න වෙන කිසිම ධාන්‍යයක් වගා කරන්න නොහැකි වුනා. එය නිකම්ම තියෙන්න හරිනවට වඩා, වංශාධිපතිතුමාට කැමති විදිහට අශ්ව ධාවන පථයක් හරි, අලුත් කඳවුරක් ගොඩ නගා ගන්න හරි තෑගි කරන්න අපි කැමතීයි."
බෙයියුආන් දඩයම් පිටිය (01.) බිහි වූයේ නන්ලින් දඩයම් පිටිය නිර්මාණය කරන්නට පෙරය. උතුරු දෙසින් ෂ්‍යාඔ ෆංෂූ විසින් නැගී සිටීමත් සමග, ලී වංශය බෙයියුආන් දඩයම් පිටියෙහි වූ සිය වාර්ෂික උත්සව සියල්ල අවලංගු කර නන්ලින් දඩයම් පිටියට මාරු වූ අතර එහිදි ඔවුන්ට වඩා පහසුවක් දැනුනා. මේ බිම් කොටස කුඩා නොවීය.; එය ෆෙං කන්දෙහි චූදු වල ෂ්‍යාඕ චීයේ සතුව තිබූ හමුදා පුහුණු පිටියටත් වඩා විශාල විය. එය දන්චෙක් වලට තර්ජනයක් වීමට ප්‍රමාණවත් වූ අතර සීජෞ වලට සහය වන්නට තරම් සමීපයෙන්ද පිහිටියේ ය. එමෙන්ම එය රැදී තිබුණේ ලීබෙයි දේශ සීමා ආසන්නයේ ය. එය ඉදිරයට යන්නටත් පසුබසින්නටත් , ප්‍රාහරයක් දියත් කරන්නට මෙන්ම ආරක්ෂා වෙන්නටත් කදිම ස්තානයකි.
ෂ්‍යාඕ චීයේ ගේ උනන්දුව වැඩි වූයේ ය. හේ දකුණේ සිටි චීදොං පාබල සේනාංකය ට බිය වූයේ ය. ශෙන් ස'චුආන් තවමත් චොංබො පිටුපස සිටියේ ය. ඔහුට සිය භට සේනාංක ස්ථානගත කරන්නට තැනක් නොමැති නම්, ඔහුට දෙපාර්ශවය දෙසටම වේගයෙන් ගමන් කරන්නට සිදුවනු ඇත. ඔහු පමණක් වූයේ නම් කම් නැත. නමුත් ඔහු මෙලෙස දස dහහස් ගණනක් මිසුන් පිරිවරාගෙන දිවයන්නට ගියහිත්, එයින් ඔහු තමන්ගේ මාර්ගයන් හෙළිදරව් කරනවා පමණක් නොව, ඔවුන්ට අනවශ්‍ය කරදර ඇදාගනු ඇත.
නමුත් ෂ්‍යාඕ චීයෙ සතුව මුදල් තිබුණේ ද නැත. ඔහු ලෝභයෙන් ෆෙං කන්දෙහි හමුදා අභ්‍යාස භූමිය පිලිසකර කිරීම වෙනුවෙන් මුදල් ඉතුරු කළේ ය. එය අෂ්ඨ මහා සේනාංක වල හමුදා භූමිය තරම් අනුභාවසම්පන්න නොවුනත්, එයට වැය කර තිබුණේ සැබෑම රිදී ය. ඔහුගේ වංශාධිපති නාමය දැන් එතරම් ප්‍රයෝජනවත් නොවූ අතර , එහෙයින් ඔහුට වැටුම් ගෙවන්නටද කිසිවෙක් නොසිටියේ ය. චූදූ වල ඔහුගේ වාසස්ථානයන් ඔහුට දැකිය හැකි නමුත් ආහාරයට ගත නොහැකි පණ නැති වස්තූන් බවට පත් වී තිබුණි. තඹ කාසි අතලොස්සක් පිටතට ගැනීම පවා ඔහුට ගැටලුවක් වනු ඇත.
ශෙන් ස'චුඅන් විය දකුණු කණෙහි පැළද සිටි හරිතමනි කන් ආභරණය ෂ්‍යාඕ චීයේ විසින්ම ඔප දැමුවකි.අතීතයේදි නම්, ෂ්‍යාඕ චීයේ ඇත්දල විජිණිපත් කිහිපයක් අහිමි වන විට ඒ දෙස ඇහිපිල්ලමක් ගසා වත් බැලුවේ නැත. දැන් ලන්ජෞ සතුව වූ කුඩා විජිණිපතෙහි එක් පැත්තක පැල්ලම් ඇතිවී තිබුණු අතර, ඔහු එය නැවත සාදා දෙන්නට පොරොන්දු වී සිටින බැවින්, පසු විටක විජිනි මතක් සාදන්නට ඔහු අදිටන් කරගෙන සිටියේ ය.
ෂ්‍යාඕ චීයේ තවමත් කිසිවක් නොපවසන බව දුටු ජෞ ගුයි සිතුවේ ඔහු ඒ බිම් කඩට එතරම් කැමැත්තක් නොදක්වන බවයි. ඔහු පවසන්නට විය.“එතන විශාලයි. ඒක තිබෙන්නෙ දඩයක් කිරීම සඳහා වුනත්, ඒක වසර ගණනාවක නඩත්තු නොකිරීම් නිසා ගරා වැටිලා, ඒවගේම පණිවිඩකරුවෝ සේරමත් පිටවෙලා ගිහින්. නඟර ප්‍රාකාරය නම් තවමත් ශක්තිමත් බව මට පෙනෙනවා. ඔබතුමා ඒක බාරගත්තට පස්සේ, ඔබට එහි ආරක්ෂාව ටිකක් ශක්තිමත් කරන්න වේවි. එතකොට ඔබට ඒක පාවිච්චි කරන්න පුළුවන් වෙයි.”
කොං ලින්ද එයට එකතු කරන්නට විය, “ඔබතුමා සීජෞ වලට දුෂ්කරතාවලින් මිදෙන්න උපකාර කළා. ස්වභාවිකම, මේ කාරණය සම්බන්ධයෙන් අපි ඔබතුමාව රවටන්න උත්සහ කරනව නෙමෙයි. අපි මේ ස්තානය ගැන ඊයෙ උප සේනාධිපතිතුමා එක්කත් සඳහන් කලා, උප හමුදාපතිතුමා පැවසුවා මේ දින දෙකේදි වෙලාවක් හොයාගන්න ලැබුනොත් පෞද්ගලිකවම ඒ තැන සොයා බලන්න ගමනට එක්වෙනවා කියලා. පේන විදිහට ඔහුත් එයට කැමතී වගෙයි.”
ඊයේ රාත්‍රිය වඩා උද්‍යෝගිමත් වූ අතර , ශෙන් ස;චුආන්ට මේ කාරණය ගෙන එන්නට කාලය සේම අවස්ථාවක් ලැබුනේද නැත. එපමණක් නොව, මේ උදෑසන ෂ්‍යාඕ චියේ කඩිමුඩියේ පිටවවිත් තිබුණේ ය,එමෙන්ම ශෙන් ස'චුආන් තවමත් අවදිව සිටියේද නැත.
“තැන නම් හොඳයි.ඒක රාජකීය හමුදාවට විවේකි ස්ථානයක් විදිහට වගේම තාවකාලිකව කඳවුරුලන්නත් සෑහෙනවා. ලන්ජෞ යි මමයි දෙන්නම ඒකට කැමතියි." වතෙහි වෙනසක් නොමැතිව ෂ්‍යාඕ චීයේ පවසන්නට විය, "ඔබලා දෙන්නා එතරම් ආචාරශීලි වෙන්න අවශ්‍ය නැහැ, ඒත් ස්තූතියි."
◈ ◈ ◈
ශෙන් ස'චුආන් සයනයෙන් බැස සුදු පැහැති සාමාන්‍ය ඇදුම් කට්ටලයක් ඇගලා ගත්තෙ ය. ඔහුට මුලදී පිටතට යන්නට අවැසි වූවද, ඔවුන්ගේ ආලයේ සළකුණු ඉතාමත් පැහැදිලිව දිස් වූයේ ය. ඒ සළකුණු අහුගේ ළය මත, ඉණෙහි , පා වල දෙපසේ , ගෙලෙහි පසෙකින් වූ සලකුණු ඇදුමින් ආවරණය කරගත හැක. නමුත් ඔහුට තිබුණේ වඩාත් මෘදු සමකි. ඔවුන් රාත්‍රියේදි එය මත දැඩි ලෙස ගමන් කරනවා නම්, ඔහුගේ දෙනෙත වටා ඇතිවන රත් පැහැය පසු දිනද මැකී නොයනු ඇත.
දිං තාඔ ආලින්දයෙහි සිටගෙන කෝයි මත්ස්‍යයන්ට ආහාර දමමින් සිටියේ ය, ඔහු දිගින් දිගටම කියවමින් ගූ ජින්ට කතාන්දරයක් පවසමින් සිටියේ ය. ඔහුගේ හස්තයේ තිබූ මත්ස්‍ය ආහාර තටාකයට වැටුනු අතර, එහි සිටි රත් පැහැ කෝයි මත්ස්‍යයන් ඒවා හනික ගිල දැමුවේ ය. ගූ ජින් සිදුවූයේ කුමක්දැයි වටහා ගන්නා විට, උන්ගෙන් එකෙකු ඒ වන විටත් වඩාත් ස්ථූල වී සිටි අතර වරල් සහිත උදරය පිම්බී තිබුනි.
ගූ ජින් දිං තාඔට පහර දෙන්නට දැන් කළේ ය. සිදුවන්නට යන කරදරය දැනුණු වහා දිං තාඔ ඉතිරි මත්ස්‍ය ආහාර සාක්කුවට දමාගෙන ප්‍රධාන කාමරයට පලා ගියෙ ය. ඔහු කෑගසුවෙ ය, “තරුණ ස්වාමිණි! නරක ආරංචියක්! ජිං ග' මාළුවෙක් මැරෙනකල් ම කන්න දුන්නා!”
ශෙන් ස'චුආන් බන්දේසියෙන් ප්‍රණීත සුප් එක අතට ගත්තේය. ඔහු දිං තාඔටද බදුනක් දී එය පානය කරන්නට ඉස්තෝප්පුවෙ හිදගන්නැයි සන් කළේ ය. ඉන්පසු ඔහු ගු ජින්ගෙන් විමසුවේ ය. “අද ඔබේ තුවාල කොහොමද?”
ගූ ජින් ශෙන් ස'චුආන් ලී පාවහන් දමාගෙන සිටින ආකාරය දුටු අතර ඔහු දෙවැන්නා අද පිටතට නොයන බව දැනගෙන සිටියේ ය. ඔහු හිස නමා ආචාර කරමින් පවසන්නට විය. “බොහෝදුරට සුවයි. වෛද්‍යවරයා සුපුරුදු විදිහට වෙළුම් පටි මාරු කරන්න ආවා. අද දෙවන තරුණ ස්වාමියා පිටතට යන්නේ නැත්තම්, අපි ආහාර හදන්න මුළුතැන්ගෙයට ගේමුද?”
ගස් සෙවණ මිදුලේ වටපිටාව සරසා ඇති අතර, පුළුල් ලෙස විවෘත වූ ද්වාරයන් ද්විත්වයේ පැනල මත මල් වලින් සෙවනැලි වැටී අලංකාරව ඇත. අද කාලගුණය යහපත් විය. ඒ වන විට මධ්‍යහ්නය වී නොතිබුණත් ඒ වන විටත් එය උණුසුම් වීමට පටන් ගෙන තිබුණි. හිරු එළියෙන්නැහැවී සිටි ශෙන් ස'චුආන්ගේ දෑත් වල දැගිලි වලින් පළිගු අල්ලාගෙන විටින්නාක් මෙන් ආලෝකය වැටී තිබුණේ ය. ඔහුට සීතල දරාගත නොහැකි වූ අතර ඔහු උණුසුමටද ඇල්මක් දැක්වූයේ නැත. ඔහු අද වෙහෙසට පත්ව සිටින බවක් පෙනෙන්නට තිබූ අතර ඔහු සම්පූර්ණයෙන්ම අලස වී සිටියේ ය.
“කාලගුණය උණුසුම්. ශීෆු තෙල් දමපු ආහාර වලට කැමති නැහැ, ඒවගේම ස'අන් ට ඒවගෙන් අපහසුවක් දැනෙනවා. සූපවේදියාට පහසු ආහාර වර්ග තෝරගෙන හදන්න කියන්න. ඔබටත් දැනට තුවාලයට බෙහෙත් කරන නිසා , ශීෆුගෙයි වෛද්‍යවරයගෙයි උපදෙස් ඇතිව ඔබ වෙනුවෙන් වෙනම ආහාර හදන්න තැනක් වෙන් කර ගන්න.” ශෙන් ස'චුආන් පියවර භාගයක් පසුබසිමින් වහලය යට වූ ශීතල ට ආවරණය වූයේ ය. “දිං තාඔ, මළුවට ගිහින් ශීෆුට කතා කරන්න.”
◈ ◈ ◈
ජී ගැං ඔහුට වෙන්කර ලබා දුන් මළුවෙහි සිටියේ නැත. ඒ වෙනුවට, ඔහු ච්‍යාඔ ත්‍යන්‍යා හා අනෙක් අය සමග එකම මලුවක ජීවත් වූයේ ය. මිනිසුන් වයසින් වැඩෙද්දී තනිවීමට බියක් දක්වයි, එමෙන්ම ඔහු ස්මඟ දබර කර ගන්නට දැන් චී හුයිලියන් අසලක නොවූයෙන් ඔහුට ඒ පිළිබඳව මතකයට නැගීම වළක්වාගත නොහැකි වූයේ ය. හොදම දෙය නම්, මේ මුර කණ්ඩායම අතර මුලසිටම ලීබෙයි මෙන්ම රාජකීය හමුදාවෙන් ආ අයද සිටීමය. ඔවුන් සියළු දෙනාම ජී වංශයේ පහරදීම් කලාව ගෞරවාදරයට පාත්‍ර වූ අතර, ඔවුන් ජී ගැන්ගේ මගපෙන්වීමක් ලැබෙන තෙක් බලා සිටිය හ. ඒ නිසාම ඔවුන් රාජකාරි නොකරන විට ජි ගැං වටා ගැවසීමට කැමති විය. එපමණක්ද නොව, ඔවුන් සියල්ලෝම තවමත් විවාහ වී නොතිබූ පිරිමි ළමයින් වූයේ ය. ජි ගැං ඔවුන් ඝෝෂාකාරී සහ ශක්තිමත් බව සොයා ගත් අතර, ඔවුන් වටා සිටීම ඔහුටද සතුටක් ගෙන දුන්නේය.
ජී ගැං මේ දිනවල වේලාසනින් නින්දට ගොස්, වේලාසනින් අවදි වෙයි. ඔහු අද මාඌ කාර්තුවේදි අවදි වූ වතර ච්‍යාඔ ත්‍යන්යා සහ අනෙකුත් අය මළුවෙහි සෙවණැලි ප්‍රහාර පුහුණු වන අයුරු බලා සිටියේ ය.
තේ පානය කිරීමෙන් පසු, ඔහු ඇවිදීමට පිටතට ආ අතර, ශෙන් ස'චුආන් තවමත් නිදා සිටින බව දුටුවේය. එබැවින් ඔහු තම දෑත් පිටුපසට කර තවත් ඇවිදින්නට වූ අතර ශෙන් ස'චුආන් තවමත් නැගිට නැති බව සොයා ගත්තේය. ඉතින් ඔහුව දුටු පමණින් ඔහු විමසුවේ ය. “ඇයි අද මෙච්චර පරක්කු වෙලා නැගිට්ටේ? ඔබට අසනීප වෙලාද? ”
මදක් එයින් පුදුම වූ ශෙන් ස'චුආන් මද විරාමයකින් පසුව පවසන්නට විය. “... මම වැඩිපුර නිදාගත්තා.”
ජී ගැං ඔහු අද මදක් අසනීපයෙන් පසුවෙන බව හදුනා ගත් අතර පවසන්නට විය. “දැනට කොයිතරම් ප්‍රශ්ණ තිබුනත් , ඔබ ඔබේ සෞඛ්‍ය ගැන සැලකිළිමත් වෙන්න ඕනේ. මම අද රෑට ඔබට මත්ස්‍ය ආහාර ජාති දෙකක් හදලා දෙන්නම්.”
ඔවුන් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් හිදිද්දී, ෂ්‍යාඕ චීයේ ආපසු පැමිණියෙ ය. මළුවේ දොරටුව අසල සිටින දිං තාඔ දුටු ඔහු ජි ගැන් පැමිණ ඇති බව දැන සිටියේය. ඔහු තම පිට ඇඳුම ගලවා දම අත සෝදාගෙන චෙන් යැං ගෙන් විමසුවේ ය. “ෂීෆුත් උදෑසනින්ම ආවද?”
චෙන් යැං සත්‍යවාදීව පිළිතුරු දුන්නේ ය, “තරුණ ස්වාමීණි දින කිහිපයකට කලින් ෂිෆු තුලිකාවෙක් (02) ගෙනාවා. ඒවගේම ශීෆු හැමදාම ඇහැරුණේ උගේ කිචිබිචියට. ඒවගේම වටපීටවෙ ඇවිද්දා. අද උදේ අපේ මිදුලේ දොරකඩට ආවමත් තරුණ ස්වාමියා නිදාගෙන හිටි නිසා කීප සැරයක්ම ඒ ගැන ඇහුවා."
ෂ්‍යාඔ චීයෙ තම දෑත් පිසදාගෙන ඉදිරියට පැමිණෙන්නට ව් ය. ඔහු ඇතුළු වූ විට, ඔහු ජී ගැංට ශිෂ්‍යයෙකු ලෙස ආචාරයක් දක්වා ගරු බුහුමන් දැක්වූයේ ය. හේ මෙයිහුආ මණ්ඩපයේදී ජී ගැං හා සුඕ චියැන්චියූ දෙදෙනාටම මහත් සේ ගෞරවාන්විතව සලකා තිබුනද, වසර හයකට පෙර ඔහු ශෙන් ස'චුආන්ට එල්ල කල පා පහර ජී ගැංට තවමත් අමතක කරන්නට නොහැකි වූයේ ය. නමුත් දැන් ශෙන් ස'චුආන් සහ ෂ්‍යාඕ චීයේ එකම නෞකාවක හිද පොදු ඉලක්කයක් සඳහා ගමන් කරන බැවින්, ඔවුන් දෙදෙන පෙර අමනාපකම් වළලා දමා එකිනෙකා සමඟ හොද මිත්‍රත්වයක් පවත්වාගෙන යන බව ජී ගැං සිතුවේ ය. ඉතිං ශෙන් ස'චුආන් වෙනුවෙන් ඔහු ෂ්‍යාඕ චීයේ පිළිබද නරක ඇසකින් නොබලනු ඇත.
ජී ගැං සහ සුඕ ච්‍යන්ච්යු සොහොයුරන් ය. ජ්‍යෙෂ්ඨත්වයට අනුව, ෂ්‍යාඕ චීයේ ඔහුට ගෞරවාන්විතව ආචාර කිරීම සිරිතකි. ජි ගැං හිස වනා කෙටියෙන් පැවසුවේ ය. “ඔබතුමා විධිමත් ආචාර ධර්ම කරන්න වුවමනා නැහැ.” බවයි.
ෂ්‍යාඕ චීයේ ඔහුගේ අසුණේ හිඳගත්තේ ය. ජී ගැං මුලසුන ගත් හෙයින්, ෂ්‍යාඔ චීයේ සහ ශෙන් ස'චුආන් එකිනෙකාට මුහුණලා සිටියේ ය. ආහාර වේල අතරතුර, ජි ගැන් විසින් කොල්ලකරුවන් මර්දනය කිරීම සම්බන්ධයෙන් මෙන්ම සුඕ ච්‍යන්ච්යූ ගැන විමසුවේ ය. ෂ්‍යාඕ චීයෙ ඒ සියල්ලටම විස්තරාත්මකව පිළිතුරු දුන්නේ ය. ඔහු පරිපූර්ණ පිළිතුරක් දීමට බලාපොරොත්තු වූයේ නැත; ඔහු උත්සාහ කළේ ඔහුගේ ප්‍රතිචාරවල අව්‍යාජ බව පවත්වාගන්නට පමණි.
ජි ගැන් යනු සබඳතා සහ බැඳීම් බෙහෙවින් අගය කළ පුද්ගලයෙකි. ඔහුගේ තරුණ වියේදී, ඔහු මත්පැන් පානය කිරීම නිසා ඔහුගේ පැවරුම් අවුල් කරගත් අතර, ඔහුගේ හදාගත් පියා වූ ජි වුෆාන්, ගුආන්චෙන් අධිරාජ්‍යයාගේ අනුග්‍රහය අහිමි කර ගත්තේය. මෙය ඔහුගේ හදවතට දැඩි බරක් විය. පසුව, දුඅන්ජෞ සතුරන් අතට පත් වූ අතර, ඔහු නැවත කිසි දිනෙක මත්පැන් ඇල්ලුවේ නැත. ඔහුගේ දක්ෂතා සඳහා ඔහුට චී හුයිලියන්ට තරම් කීර්තිමත් නාමයක් නොතිබුණද, ඔහුට රාජකීය ආරක්ෂකයින් අතර විශාල කීර්තියක් තිබුණි. ශෙන් ස'චුආන්ට කස පහර දී අධිරාජ්‍ය සිරගෙදරට දමනු ලැබූ විට, පසු කාලසීමාව තුළ ඔහුට ඔවුන්ගේ සහය පවා ලබා දුන් විට, ග' චිංචිං ප්‍රධානියා වූ කණ්ඩායම ශෙන් ස'චුආන්ට ට උදව් කිරීමට සියලු දෙනාම ඉදිරිපත් වීමට ප්‍රධාන හේතුව ඔහු විය. ජි ගැං තවමත් රාජකීය ආරක්ෂකයින්ගේ උප අණ දෙන නිලධාරියා ලෙස සේවය කරන විට, ඔහු අනෙක් අයව පීඩාවට පත් කිරීම සඳහා ඔහුගේ අධිකාරිය අනිසි ලෙස භාවිතා කළේ කලාතුරකිනි. ඔහු පෑන් රුගුයි සහ එවැනි අය ද පිළිකුල් කළේය. ඔහු නැවත නැවතත් අහිංසකයන්ට සිදු වූ අසාධාරණය නිවැරදි කිරීමට උදව් කර ඇති අතර මේ නිසා ඔහු බලවත් නිලධාරීන් කිහිප දෙනෙකුගේ සිත් රිදවා තිබුණේ ය.
මෙවැනි වැඩිහිටියන් සම්බන්ධයෙන් ගත් කල, ෂ්‍යාඕ චීයේ ඔහුගේ පුද්ගලික වාසිය සඳහා සැක සහිත උපක්‍රම සිදු කිරීමට යොමු නොවනු ඇත. ඔහුට ඔහුගේ අවංක ස්වභාවය සම්පූර්ණයෙන් පිටතට ගන්නය දිදුව තිබිණි. එවිට පමණක් ඔහුට ජි ගැංට වඩාත් හිතකර ආලෝකයකින් තමාව දකින්නට ඉඩ සලසන්නට හැකියාව ලැබෙනු ඇත.
ඔවුන්ගේ ආහාර වේල පැයක් පැවතුනි. ජි ගැං ඔවුන් තවත් වැදගත් කාරණා සාකච්ජා කරන්නට තිබෙන නිසා , වැඩිවෙලා නොඉඳ වේලාසන පිටව ගියේ ය.
◈ ◈ ◈
අරැත් පැහැදිලි කිරීම
1.) උතුරු තැනිතලා දඩයම් භූමි.
2.) තුලිකාවෙක් (1) - ඉතා කුඩා කුරුළු විශේෂයක්.
3.)“පියෙක් තම දරුවාට ප්‍රේම කරන්නේ ආපිට කිසිවක් බලාපොරොත්තු නොවෙමිනි. " - මවකගේ ආදරය පෙන්වන උපුටනයන් හා සමාන යෙදුමකි.
art credits goes to artist
පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය
❤️❤️❤️
ReplyDelete