Credit Goes To Respectfull Artist
ෂ්යාඔ චීයේ හැද සිටි ලිහිල් පිටත වස්ත්‍රය අර්ධ වශයෙන් විවරව තිබුණු අතර ඔහුගේ ඇතුල් වස්ත්‍රයේ වසා නොතිබුණු ළය නිරාවරණය කරමිනි. ඔහු අසුන් ගනිද්දි , ආලෝකයෙන් වැඩි හරියක් ආවරණය විය. ඔහුගේ සිරුර තවමත් තෙත බරිතව තිබුණු අතර, ඔහුට පිරිසිදු අත් පිස්නාවකින් මුහුණ පිසදාගත් පසු මඳ සැහැල්ලුවක් දැනුණේ ය. ඉන්පසු ඔහු තෙවරක් සිය ඇගිල්ලෙන් බිමට තට්ටු කරන චෙං යැන්ට පවසන්නට විය. “කුමක් ද ගැටළුව? ඉඳගෙන කතා කතා කරන්න.”
චෙන් යැං වහා සිය මුහුණ හස්තයෙන් පිසදාගෙන සෘජුව වාඩි වී පවසන්නට විය. “අපිට ලීබෙයි වලට යන අතරතුරේදි යම් යම් සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මම ස්වාමියාට ඒ ගැන වාර්තා කරනවා මට ඒ ගැන හිතුමතේ තීරණයක් ගන්න අපහසු නිසා.”
ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන්ගේ ආහාර කූරු අතට ගෙන චෙන් යැං ගේ පෙර සිදුවූ දෑහි මතකාවර්ජනයට සවන් දුන්නේ ය. ශෙන් ස'චුආන් ස්නානය කිරීම සඳහා අතරමඟදි මේසයෙන් පිටව ගියේ ය. ෂ්‍යාඕ චීයේ ඔහුගේ බත් භාජනය අවසන් කර වෙනත් කිසිදු උදව්වක් නෙඉෙල්ලමින් මද වෙලාවක් හහසුන්ගෙන සිටියේ ය. “ගූ ජින් ගේ තුවලෙය කොහොමද?” හේ විමසුවේ ය.
“චංජෞ කඳවුරෙන් පිටවුනාට පස්සේ අපි වෛද්‍යවරයෙක්ව හෙව්වා. ගමන අතරතුර ගූ ජින් ගේ උණ අඩුවුනත් , ඔහුගේ පිටේ තිවෙන තුවාලය පැසවලා නරක අතට හැරුණා. තජී ගැං ශීෆු ඊයේ රෑ ජී ගැංගේ තුවාලය බලලා පැවසුවා සමහර ආහාර නොගෙන ඉන්න කියලා. ඒ වගේම ඔහුට කරුණු කිහිපයක් ගැන උපදෙස් දීලා විදිහට උපදෙස් අනුගමනය කළෝතින් මාසයකින් විතර සුව වෙන්න පුළුවන් වෙයි කියලා කිව්වා. ” මේ අවස්ථාවේදී, චෙන් යැං ඉදිරියට පවසාගෙන යන්නට මොහොතක් නතර විය. "වාසනාවකට ඔහුගේ ඇස් කන් වලට හානියක් වුනේ නැහැ."
ගූ ජින් ගේ ඇස් පෙනීම සහ ශ්‍රවණය සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා බෙහෙවින් වැඩි ය. එය මේ ආරක්ෂකයින් අතර එක් ආකාරයක ස්වභාවික දක්ෂතාවයක් විය. ඔහුගේ ඇස් සහ කන් වලට හානියක් වී ඇත්නම් මේ කාරණය විසඳීම මීට වඩා දුෂ්කර වනු ඇත. එසේ වී නම් චෙන් යැං ට තබා ෂ්‍යාඕ චියේටවත් මේ වන අසාධාරණය ගිලගන්නට නොහැකි වනු ඇත.
“තුදාලොං ධජය දජෞ කඳවුරේ නැගෙනහිර කඳුවැටියේ දිනපතා මුර සංචාරය නරන වසමක්. හන්ශේ ගෝත්‍රයට තරමක් දුරිනුයි එය පිහිටන්නේ. ගූ ජීන්ගේ පෙරටුගාමී සේනාව එතනින් පසු බැස ගියා කියන්නෙ.” ෂ්‍යාඕ චීයේ චෙන් යැං ගේ පැහැදිලි කිරීමෙන් බොහෝ දේ රැස් නරගෙන සිටියේ ය. සුක්ෂම ලෙස ඔහු පවසන්නට විය. “ මේකෙන් පෙනෙන්නේ ලීබෙයි සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක හමුදාව පසුබසිනවා කියන එකයි. ශිෆුයි පියාණනුයි කරන සටන් සුමටව සිදු නොවෙනවා කියන එකයි.”
ගිම්හාන රාත්‍රීන්වල කෘමීන්ගේ කෑගැසීම උණ බම්බු තිරය අතරින් ගසාගෙන එන විට මහත් ඝෝෂාවක් ඇති කළ අතර කාමරය තුළත් පිටතත් කෙතරම් උණුසුම් වුවාද යත් එය ඔවුන් ව නොසන්සුන් කරවන්නට සමත් විය.
ෂ්‍යාඕ චීයේ ඉටිපන්දම් දැල්ල සෙස හොහොතක් බලා සිට කුඩා හඬින් පවසන්නට විය. “වැඩිහිටි සහෝදරයාගේ හමුදා මෙහෙයවීමට ඇති නොහැකියාව ලිබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාවට බලවත් පහරක්. පියාණන් විශ්‍රාම දිවියෙන් පිටතට ආවේ භට පිරිස්වල චිත්ත ධෛර්යය ඉහළ නංවන්න වගේම සහ ‘පරාජය’ යන වචනයේ බලපෑම ලිහිල් කරන්නයි. ඒත් ඔහු වසර පහළොවන් පමණ කාලයක් යුද බිමට පැමිණ තිබුණේ නැහැ. අනෙක් අතට, ඔහුගේ ප්‍රතිවාදියා වන අ'මූර් මේ වසර පහළව තිස්සෙම කොහොමටවත් හන්ශේ හමුදාව ඉදිරිපෙළ හැර ගිහින් තිබුණෙ නැහැ. කාලය වෙනස් වෙලා. පියාණන් ගැන අන්දව විශ්වාස කරන එක කොහෙත්ම ජයග්‍රහණයේ මාවත නෙමෙයි. මම නිතර ම පවසනවා සටනකට කලින් පුද්ගලයන්ව වෙනස් කරන්න එපා කියලා. හොඳම සේනාධිපතිවරයාට පවා කාලයත් සමඟ තම සොල්දාදුවන් සමඟ මිත්‍රත්වයක් ගොඩනගා ගන්න හැකි වෙනවා. මීට වසර පහළොවකට කලිව් පියා සමඟ වැඩ කළ පිරිස මාරු කරලයි තිබෙන්නේ, ඔහුත් එක්ක නැවතත් පැමිණෙන පුළුවන් අය සිටින්නේ ස්වල්ප දෙනෙක් වගේම ඒ අය ඉන්නේ හුඟක් දුරින්. ඔහු දැන් නායකත්වය දරන්නේ වැඩිමහල් සහෝදරයාගේ කටයුතු හැසිරවීමේ විලාසයට දැනටමත් පුරුදු වෙලා සිටින හමුදා නිලධාරීන් සහ සොල්දාදුවන් කණ්ඩායමකට. තීරණාත්මක සටනකදී දෙපාර්ශවයම එකිනෙකාට අනුගත වෙන්න ඕනේ වගේම මේ දෙය සාක්ෂාත් කර ගන්නා එක පහසු දෙයක් නෙමෙයි."
ෂ්‍යාඕ ෆංෂු ලීබෙයි සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක සේනාංකය පිහිටුවන විට , “සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක සේනාංකය” ලීබෙයි හමුදාව හැදින්වීම සඳහා වඩාත්ම සරිලන නාමය වූයේ ය. එම කාලයේදී, බ්‍යැන්ෂා අශ්වාරෝහක සේනාංකයේ අසරුවන් ලුහුබඳින්නට ලීබෙයි වලට නොහැකි වූවද , ෂ්‍යාඕ ෆංෂූ ඔවුන්ට ස්කන්ධය මැනීමේ මිනුමක් ලබාදී "බරැති"යන නාමයත් එකතු කළ අතර — ඔහු හමුදා භටයන් සන්නද්ධ කළා පමණක් නොව ලීබෙයි හි අශ්වයන් පවා සන්නාහ සන්නද්ධ ව සැරසුවේ ය. එවැනි හමුදාවක් ඉදිරි ප්‍රහාරයකදී දකිනවිට භයානක බලවේගයක් වැන්නේ ය. කඳුකරයේ බලවත් දිය පහරවල් මෙන්, එහි ඝට්ටනයේ බලපෑම ඔවුන්ගේ සතුරන් ව ඇසිපිය හෙළීමට පවා සමත් කරවිය. බ්‍යැන්ෂා අශ්වාරෝහක හමුදාවට ඔවුන්ගේ සෙංකෝලය පිටතට ඇඳීමට හෝ කාලයක් නොතිබූ අතර, ඔවුන් එසේ කළද, එම සන්නාහවලට අසිපතෙන් ඇනීමට ඔවුන්ට නොහැකි විය. දරුණු හන්ෂේ ගෝත්‍රිකයන් පවා සන්නාහ සන්නද්ධ අශ්වාරෝහකයන් සමඟ යුද්ධයක් කරන්නට කැමති වූයේ නැත. ඔවුන්ගේ සැහැල්ලු හා වේගවත් සංචලනය ඔවුන්ට ඉතිරි ව තිබූ එකම වාසිය විය. අවසානයේ ලිබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාව සැබෑ "යකඩ පවුරක්" බවට පත් වන තෙක් ෂ්‍යාඕ ෆංෂූ ලිබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාව සන්නද්ධ කිරීමට වැඩි බරක් ගොඩ ගැසුවේ මෙම පදනම මත ය.
චී ජූයින් පාබල හමුදා භට සේනාංකයන් භූමිීන් හරහා රැගෙන යන විට , ඔවුන්ගේ අශ්වයෙන්ගේ කුරවල ගැටෙන ශබ්දය අකුණු හඬවල් මෙන් නැගුණේ ය. නමුත් ලීබෙයි හි සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක සේනාංකය ද එයම කළ විට එය "අකූණු හඬවල් මෙන්" නොව සැබෑවටම " අකුණුසැර" මෙන් ඇසුණේ ය. ඒ බරස්කන්ධයෙන් පමණක් අයෙකුගේ සටන් කිරීම ට ඇති ධෛර්යය පහත හෙළා දමන්නට හැකි අතර , කිසිවෙකුත් වසර පහක් හෝ හයක් යනතෙක්ම ලීබෙයි හි සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක හමුදාවේ දුර්වලතාවය සොයාගන්න ට සමත් වූයේ නැත.
කෙසේ වෙතත් , අමූ'අර් ද නිර්භීත රණ්ශූරයෙක් වූ අතර, මේ නාලය අතරතුර හේ ලීබෙයි අශ්වාරෝහක හමුදාව හා ගැටෙන සෑම අවස්ථාවකම , ඔවුන් ස්කන්ධ බලය උපරිම ලෙස භාවිතා කළේ ය. හන්ෂේ ගෝතුික හමුදාව වේගවත් වන තාක් , රුධිරය උරා බොන මැස්දන් සමූහයක් මෙන් පිළිවෙලට කොල්ලකෑම , පසුබැසීම , විසිරයාම හා නැවත හැරී යාමත් ඔවුන් එම ඝන ශක්තිමත් සන්නාහ හරහා ගමන් කල නොහැකි වූව ද තුවාලක් නොලබා බේරි යාමට හැකියාව ඇත. රාජකීය හමුදාවට පහර දීමට ලෙයි ජිංෂ කොල්ලකරුවන් එක්රැස් කළ ආකාරය නිසැකවම ලීබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාවට එරෙහිව සටන් කිරීමේ දී හන්ෂේ ගෝත්‍රයේ පහරදීම් ක්‍රමය අනුගමනය කිරීමකි. ලෙයි ජිංෂ සතුව එතරම් වේගවත් අශ්වයන් හෝ ශක්තිමත් සොල්දාදුවන් සිටියේ නැත.
ෂ්‍යාඕ ජීමිං ලීබෙයි සන්නද්ධ හමුදාව සියතට ගත්තේ මේ කාලයේදී ය. එහිදී මුහුණ දුන් පළමු ගැටළුව නම් ලීබෙයි සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක සේනාංකයන් වල "ස්කන්ධය" එලෙසම තබනවාද යන කරුණයි. ප්‍රවීණ හමුදාපතිවරුන්ගේ දෑස් හමුවේ ඔහු තවමත් එතරම් අත්දැකීම් ලබා නොමැති තරුණයෙකු වූ අතර ඔහුගේ ශිෂ්ඨ සම්පන්න හා නිහතාමනි පෞර්ෂය ෂ්‍යාඕ ෆංශූට පුරුදු වී සිටි ප්‍රවීණයන්ට දරාගත හැකි නොවුනේ ය. ඔහු ෂ්යාඔ ෆංෂූට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ලෙස තේරීම් සිදු කළේ ය. ඔහු ලීබෙයි සන්නාහ සන්නද්ධ සේනාංකයේ ස්කන්ධ බලය අඩු කර "යකඩ පවුර තුනී කර, නමුත් වේගයෙන් ආපසු හැරී ඒමට හැකි වන සේ සන්නද්ධ කළේය. මේ අනුව, ලිබෙයි සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක සේනාංකය බරැති අශ්වාරෝහක සේනාංකයක සිට අශ්වාරෝහක හමුදාවක් බවට පත් වූ අතර අයින් හමුදාව තවත් මදක් සන්නද්ධ විය.
මේ වෙනසත් සමඟම ලීබෙයි "වේගවත් බව" යන ලක්ෂනය හිමි කර ගන්නට සමත් විය. "ශීත ගංගාවේ සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක සේනාංකය" යන නාමය පැමිණියේ මෙතැන් සිට ය. එක් රාත්‍රියක් තුළ ප්‍රදේශ දෙකක මායිම් හරහා ගමන් කිරීමට ඔහුට හැකි වූ මූලික හේතුව ද එයයි. ඔවුන් හන්ෂේ ගෝත්‍රික සේනාංක වල වේගය සමඟ ඉදිරියට යාමට සමත් විය. ඔවුන්ගේ සටන් ආකෘතීන් නිරන්තරයෙන් තියුණු , මුවහත් කිරීමත් සමඟ ඔවුන් සමඟ කටයුතු කිරීම වඩාත් දුෂ්කර විය. නව හමුදාපතිවරුන්ගේ ඉගෙනීම් සියල්ලම තෝරාගනු ලැබුවේ ද ෂ්යාඔ ජීමිං විසිනි. ඔවුන්ගේ වැඩ කිරීමේ විලාසය ෂ්යාඔ ජීමිං සමඟ අන්‍යෝන්‍ය වශයෙන් ගැළපුන අතර, ඔවුන්ගේ යෝජනා වලට ෂ්‍යාඕ ජීමිං ගේ පිළිගැනීම් ඉවහල් කර ගන්නටද ඔවුන් දැනටමත් පුරුදු වී ඇත - සමහර අවස්ථාවන් වලදි , ඔවුන් ෂ්යාඔ ෆංෂූට එවැනිම මනසකින් යුතුව ගරු කළද, ඔවුන්ට එතරම් පැහැදිලි ආකාරයෙන් ෂ්‍යාඕ ෆංශූට අනුවර්තනය .වන්නට නොහැකි විය
ගෞරව දැක්වීමෙන් පමණක් ඔවුන්ට යුද්ධයන් ජයග්‍රහණය කළ නොහැක. ඔවුන්ගේ දෙනෙත් වල වූ ආලෝකය රැදී තිබුනේ ඔවුන් පුරාවෘත වල සිටි යුධ දෙවියා දෙස බලා සිටිනා ලෙසයි, හේ එකිනෙකාගෙ හිස් එකිනෙක ගැටුම් වලින් වෙහෙසට පත්ව සිටින ලෙසයි. අවසානයේදි , ලීබෙයිහී තේජාන්විත කුමාරයාද අවසානයේ සිදුවන විපර්යාසයේ සැඩ පහරට හසුව අපහැදිලි ව වියැකි ගොස් තමා සිටි පාදස්තලයෙන් ඇද ඇටී, මිත්‍යාවක් පමණක් බවට පත්වනු ඇත. ඒ කාලය පැමිණි විට, ලීබෙයි හී සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක සේනාංකයේ පුරාවත ද අවසාන වී යනු ඇත. ඔවුන් එකිනෙකා හා අසමගි වූ අභ්‍යන්තර ගැටුම් වලින් හෙම්බත්වූ හුදු සෙබලුන් කණ්ඩායමක් පමණක් වනු ඇත. මධ්‍යගත විධානයක් මත අධික ලෙස රඳා පවතින සංකේන්ද්‍රිත බලවේගයන් වාසියක් විය හැකි නමුදු එයම එහි අඩුපාඩුවද වන්නේ ය.
චී ජූයින් ලීබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාව වඩාත් දැඩි ලෙස අධ්‍යයනය කළ සේනාධිනායිකාව විය. ලිබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාව එහි අණදෙන නිලධාරියා කෙරෙහි විශ්වාසය තැබීමේ දුර්වලතා ගැන ඇය හොඳින් දැන සිටියාය. ඇය චීදොං පංච අණදෙන හමුදා බලකායේ ප්‍රධානියා බවට පත්වීමෙන් පසු ලිබෙයි සන්නද්ධ අශ්වාරෝහක සේනාංකය යන මාර්ගයේම චීදොං ගෙනයාම වැළැක්වීමට ඇය උපරිම උත්සාහයක් ගත්තේ එබැවිනි. ඇය චීදොං සේනාධිපතිවරුන්ගේ බැරැක්ක පිහිටුවීමට සියල්ලන්ම රැගෙන ගිය සේම , එයින් භට පිරිස් මෙහෙයවීමටත් සෑදීමේ හැකියාව ඇති මිනිසුන් රැගෙන ගියේය. මෙම මිනිසුන්ට අධිකාරිය පැවරීමට ඇය නිර්භීත වූයේ නිරපේක්ෂ හමුද බලය සහ අධිකාරය කෙරෙහි ඇය සතුව තිබූ විශ්වාසය නිසාය. ඇය ලූ ගුඅන්බායි මෙතරම් බලයක් ලබා දුන්නේ ලූ ගුඅන්බායි හට ඊට හැකියාව තිබූ හෙයිනි. එක් එක් ආකාරයේ සංචිතවලට නායකත්වය දීමට සුදුසු සේනාධිපතිවරුන් කුමන ආකාරයේ විය යුතු දැයි ඇය තේරුම් ගත්තාය. ෂ්යාඔ චීයේ ගේ ඇස් හමුවේ, චී ජූයින් ඔවුන්ගේ පරම්පරාව අතර සේනාධිනායකයා වීමට වඩාත්ම සුදුසුකම් ලත් පුද්ගලයා විය.
හමුදාපතිවරයෙකුට සටන් කළ හැකි මිනිසුන් හමුදාවක් මෙහෙයවිය හැකි නමුත්, නමුත් ඔවුන්ට සෑම පැත්තකින්ම අණදිය හැකි තරමේ අණ දෙන සේනාධිපතිවරයෙකු වීමට ඇත්ත වශයෙන්ම හැකියාව නොලැබෙනු ඇත. යමෙක් ලෝකයේ සතර මහා සෙන්පතියන් ශ්‍රේණිගත කරන්නේ නම්, චී ජූයින් පළමුවැන්නා වනු නොඅනුමානය. ලීබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාවේ දුර්වලතාවය ඇය බොහෝ කළකට පෙර හදුනාගෙන සිටි අතර, ඇය එය ෂ්‍යාඕ ජීමිං ට මතක් කර තිබුනා ය.
ෂ්‍යාඕ චීයේගේ නෙරපීම අවශ්‍යයෙන්ම සිදුවිය යුතුය.
දණහිසක් මත හස්තයක් තබා ගත් ෂ්‍යාඕ චීයේ කුඩා කිරිමැටි බදුනකට දිය වී ගිය ඉටිපන්දමක ඉටි වත් කරන්නට විය. ඔහුගේ ඇගිලි තුඩු තවමත් ඒ බදුන ස්පර්ශව තිබුණද , හේ එවරනි පිළිස්සුම් වේදනාවන් වලට ආශා කළේ ය. ඉටිපන්දම දැල්වෙන අයුරු බලාසිටි ඔහු පවසන්නට විය. “චෙන් යැං, මම අවුරුදු දහෙතේදී නිවසින් පිටවෙලා එනකොට, මම මගේ වැඩිමල් නෑණන්ඩියගෙන් ඇහුවා මට නිවසට එන්න ලැබෙන්නේ කවද්ද කියලා. මේ ප්රශ්නය නිසා ඇගේ දෑසට කඳුළු ඉනුවා, ඊට පස්සේ ඇ මුළු රෑ පුරාම තමන්ගේ කුටියට වෙලා හඬමින් කල් ගත කලා. මමයි මගේ වැඩිමල් සහෝදරයයි අශ්වයන් පිටට නැංගාම, ඇය විශාල පස්තෑල ප්‍රමාණයක් වගේම මත්පැනුත් මගේ ගමන් මල්ලට ඇහිරුවා. ඇය පැවසුවා මම ආපසු එන දවසක් ඇයත් දන්නේ නැති වුනත් , ඇයි ලීබෙයි ඉදන් මම එනතුරු බලාගෙන ඉන්නවා කියලා. මට ප්‍රාණ ඇපකරුවෙක් විදිහට අගනුවරට එන්න සිද්ධවුනේ මගේ වැඩිහිටි සහෝදරයා යුද්ධයේදි ජයග්‍රහණයක් අත්පත් කරගත්ත නිසයි. මම මගේ හදවත ගැඹුරින්ම ශෙන් වෙයි වෛර කරනවා. හතඒ කාලයේදී , මම හිතුවේ පරාජය වුන ජොංබෝ හමුදාවට දෝස් පවරන්න ඕනේ කියලයි. මම කිසිම දවසක මගේ සහෝදරයට වඩා මම කැපී පෙනෙනවා කියලා හිතුවේ නැහැ , හ්ත් මම හොංයැන් කදුවැටි වලට තුරඟ ඳධාවන ලිටි වලට තදින්ම කාවැදිලා හිටියා. මම බිදතම දිගා වෙලා ලීබෙයි වලින් එන ශබ්ද වලට සවන් දුන්නා. මම පිටවෙලා එනකොට , මට ලීබෙයි වල පස් පවා මම එක්ක රැගෙන එන්න අවශ්‍ය වුනා.”
“මම චූදු වල උසම ගොඩනැල්ලේ මුදුනේ ඉදලා ලීබෙයි වල දර්ශන මාත්‍රයක් හොයා ගන්න අහස පුරාම විපරම් කළා. ඒත් වළාකුළු හරහා පියාසර කරන මෙංටවත් ඒනගේ දෙයක් දැකගන්න ලැබුණේ නැහැ. අන්න එතකොටයි මට තේරුම් ගියේ ආපහු නිවසට යන එක කොයිතරම් අපහසු දුෂ්කර දෙයක් ද කියලා. මම ශිෆුගෙන් හුඟක් දේවල් ඉගෙනගෙන තියෙනවා, ඒත් මට ඔහුගේ වදන් වල තිබුණ අරැත වැටහුණේ චූදු වල ඉන්නකොටයි. මම අභිලාෂයන් වලිත් දැවෙන පුද්ගලයෙක්. ඒ හැම ආශාවක් ම පාලනය කරගන්න උගන්නපු ගුරුවරයා තමයි චූදු කියන්නේ. මගෙයි ලංජෞගෙයි හමුවීම අහම්බෙන් සිදුවුණ දෙයක් නෙමෙයි. ඔහු මගේ සීමාවට පහර දුන්න දීලා එය නැති කරගන්න කලින් හිටපු අවසන් ආරක්ෂක වළල්ල විතරක් නෙමෙයි ඔහු තමයි මය අහිමි වුන නිදහස ඒ වගේම වින්දනයත් ලබා දුන්නේ.”
සරල රේඛාවක් අදින්නාක් මෙන් ෂ්‍යාඕ චීයේ සිය හස්තයක ඇගිල්ලක් එසවූයේ ය.
“මම දැන් පරිපූර්ණයි. මගේ බිඳි ගිහින් නැතිවුණු කොටස් නැවත වාණේ වලින් සවි වෙලා. මට තවත් වතාවක් චූදු වලින් පිටතට එන්න ලැබුනොත් මාව කොහොමටවත් නවත්තන්න ලැබෙන්නේ නැහැ. ඒ අවුරුදු විස්සකට හරි දහකයට හරි පෙර වේවා , මගේ පියාණනුයි සහෝදරයයි දෙන්නම අරගෙන තියෙන්නෙ හොඳම තීරණය , ඒවගේම දැන් තමයි මගේ වාරය. අප තරණය කරන කන්ද සදාකාලිකවම අපගේ සතුරන් වෙන එකක් නැහැ. මගේ පියයි වැඩිමහල් සහෝදරයයි කොයිතරම් විශිෂ්ටද කියන එක මමත් අනිවාර්යයෙන්ම පිඵිගන්නවා. මම ඔවුන්ට ගරු කරනවා, අගය කරනවා, නමුත් ඒ 'පවුලට' අයත් වන කොටස මිසක 'ලිබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාවට' නෙමෙයි. අපි වෘක රැලෙන් තනිවුණ වෘකයෝ ටිකක්. අපි අපෙහු අපේ වෘක රැලට යන්නේ ඔවුන්ගේ අණට යටත්වෙලා හිස නමන්න නෙමෙයි , ඔවුන් අතර අපේ ස්ථාන තනතුරු පිහිටුවාගන්නයි."
ෂ්‍යාඕ චීයේ මදක් ඉදිරියට නැමෙද්දී ඔහුගේ බැල්ම අසිපත් තලයක් මෙන් තියුණු වූයේ ය.
“ලීබෙයි වලට තවත් පරාජයක් අත් විදින්න බැහැ. මේක ෂ්‍යාඕ වංශයට අදාල කාරණයක් නෙමෙයි තමයි. මට ඒක තේරෙනවා, හරියට මගේ සහෝදරයටයි පියාටයි වගේම. මේ යකඩ පවුර අයිති වෙන්න ඕනේ කාටද? ඕනෙම කෙනෙක් ට පුළුවන්. ඔහුට වඟකීම් වලට උරදෙන්න පුළුවන් නම්. මම ආපහු යන්නේ ලීබෙයි වලට, නිකම්ම නිවසකට නෙමෙයි. ගුඕ වෙයිලී කියන්නේ ලීබෙයි වල ප්‍රවීණයෙක් ; ඔහුඉඔබේ කාර්යයක්ම හොඳින් හඳුනනවා, ඒවගේම ගූ ජින්ගේ ඇස් සහ කන්වලට හානි නොකිරීම තමයි ඔහු මට දුන්න දයානුකම්පිතම අනතුරු හැඟවීම. ඉතිං සතුටු වෙන්න චෙන් යැං. අපේ ප්‍රතිවාදින් වෙන්නේ හුඟ කාලයක ඉඳන් යුධ පිටියේ සටන් වැදපු සටන්කාමී ජ්‍යෙෂ්ඨයන් - මේ ලෝකයේ පරාජය විය යුතු සටනක් කොහෙත්ම ඇත්තේ නැහැ. ඒ අපරාජිත ආරක්ෂාවන් සහ නොබිඳිය හැකි වටලෑම් සියල්ලම හුදු මුහුණතක් විතරයි. මම ආපසු යනවා. මට ඕනේ මට ලැබෙන්න නියමිත ලීබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාව ඇත්තටම අයිති කර ගන්නයි.”
චෙන් යැංගේ ඇඟිලි තුඩු තරමක් වෙව්ලන්නට විය; ෂ්‍යාඕ චීයේ වදන් වලින් ඔහු දැවෙන්නට පටන් ගත්තේ ය. ඔහුගේ දෙපා හිරිවැටෙන තුරු ඔහු දණින් වැටී සිටියේය, නමුත් මෙලෙස ෂ්යාඔ චීයේ ට මුහුණ සෙන විට ඒ හිරිවැටීම නොදු ඇට පේලිය දක්වා ම ඇදී ගියේ ය, ඔහුගේ බිය ඔහුගේ රුධිරය හරහා ගලා යන උද්යෝගයෙන් සෝදා හැර ගසාගෙන ගියේය.
◈ ◈ ◈
ශෙන් ස'චුආන් ස්නානය කර කාමරයෙන් පිටතට එද්දී , චෙං යැන් කාමරයෙන් පිටතට ගොස් තිබුණි. ෂ්‍යාඕ චීයේ ෂූමි යහනේ (1) දිගා වී ආකාශය දෙස බලා සිටියේ ය. ජනේලයන් විවර කර තිබුණු අතර ආලින්දයෙහි වූ බදුනේ නෙළුම් ඉති කිහිපයක් තිබුණු අතර ඒවායෙහි සුගන්ධය අවට පැතිරී තිබුණි. ෂ්‍යාඕ චීයේ ඔහුගේ හිස මතට හස්තයක් තබාගෙන තාරකාවලින් වැසුණු අහස දෙස බලා සිටියේ ය.
ග්‍රීෂ්ම ඍතුවේ රාත්‍රී හුළඟ හැමවිටම ඉතා මෘදු වූ අතර කිසිදු හෝඩුවාවක් නොමැතිව පැමිණෙමින් ගියේය; වාතය පුරා පැතිරෙන නෙළුම් මල් සුවඳ නොවන්නට කෙනෙකුට එය දැනෙන්නේ නැත. ෂ්‍යාඕ චීයේ ට උණුසුම් බවක් දැනුණා පමණක් නොවේ ඔහු වෙහෙසටද පත්ව සිටියේ ය. කෙසේ වෙතත්, ඔහුට ඔහුගේම අභිමානයක් තිබුණි. ඔහු තම විඩාව පහසුවෙන් පෙන්වීමට අකමැති වූ අතර, ඔහුට මේ හැඟීම් මෙවැනි නිදිබර අවස්ථාවන් තුළට ඇතුල් කළ හැක්කේ ඔහු කිසිවක් දෙස බලා සිටිම මගින් වන අතර කිසිසේත් වෙහෙසට පත් නොවන බව මවා පෑමෙනි. මෙදින රාත්‍රියේ අහස තරු වලින් පිරී පැවතියේ ය. ඔහු යම් තරමකට එයට වශි වී සිටියේ ය.
ශෙන් ස'චුආන් ඉටිපන්දම නිවා දමා ඔහුගේ පිටත සළුව පුටුවක පිටුපසට විසි කළේය. ඔහු ෂ්‍යාඕ චීයේ ගේ කොපුලක් හරහා හිම මෙන් ශීතල සීතල ඇඟිල්ලකින් මෘදු ලෙස ස්පර්ශ කරන්න ට පටන් ගත් අතර, ප්‍රතික්ෂේප කළ නොහැකි තරමේ උණුසුමක් එයින් පිටවූයේ ය. පියවි සිහියට පැමිණි ෂ්‍යාඕ චීයේ ඔහුගේ දෑස් අතර තම බැල්ම නවතා ගත්තේ ය.
ඔහු මේ දැන් ස්නානය කළද, ශෙන් ස'චුඅාන්ගේ ඇඟිලි තවමත් හිම මෙන් සීතල විය. එම සීතල සහිත ඇඟිල්ල ෂ්‍යාඕ චීයේ ගේ කොපුල් පිරිමැද්දේ ඔහුව සනසන්නාක් මෙනි.
ශෙන් ස'චුආන්ගේ අත්ලට මදක් සමීප වීමට ෂ්‍යාඕ චියේ හිස මදක් පැත්තට ඇල කළේය.
ෂ්‍යාඕ චීයේ ට ඇත්තෙන්ම ශෙන් ස'චුආන් මඟහැරි තිබුණේ ය. මේ ආකාරයේ ආශාව දැඩි හා හදිසි වූ නමුත් එය අමුතු දෙයක් නොවීය. ඔහුගේ සිරුරේ සෑම අඟලක්ම ශෙන් ස'චුආන්ට මග හැරී තිබුණි; මෙය එක් පොදු දෙයකි. කෙසේ වෙතත්, මේ ආශාව ඔහුගේ භෞතික ආත්මයට පමණක් සීමා නොවීය; එය ඔහුගේ සිතේ වූ ආශාව ද විය. එය වඩාත් ගැඹුරු සහ විස්තර කළ නොහැකි ආකාරයේ ආදරයක් විය. මේ සෑම මහන්සියක් පිටුපසම පෙර නොවු විරු අන්දමේ උද්දීපනයයක් සැඟවී තිබෙන බවත් ඔහුට දැනුණේ ය.
ශෙන් ස'චුආන්ට ඔහුගේ ඉහළ යන උෂ්ණත්වය දැනුණේ ය.
ෂ්‍යාඕ චීයේ දින ගණනාවක් අශ්වයා පිට ගමන් කර තිබුණද ඔහුට මේ මොහොතේ නින්දට යාම අපහසු විය. ශෙන් ස'චුආන්ගේ ඇඟිල්ලේ චලනයන් සමඟ දැඩි වූ ඔහුගේ දෑස්වල ආක්‍රමණශීලී බැල්ම ඔවුන් දෙදෙනාටම පමණක් වැටහුණ යමක් විය.
නොපැමිණීම හදවතට ඇල්මක් ඇති කරයි. නුදුරු අනාගතයේ දී, එවැනි නොපැමිණීම් ගණන් කළ නොහැකි වනු ඇත. දැන්, ෂ්යාඔි චීයේට ඔවුන් තනිව සිටින සෑම මොහොතක්ම හිමි කර ගැනීමට අවශ්‍ය විය. ඔහුගේ ළයෙහි ආශා වැල් දළු ලා තණබිම් හරහා දිවෙන සන්නද්ධ කුර වටා තුවාල කර ඔහුව අල්ලාගෙන සිටිනු ඇතැයි ඔහු සැක කළේය. ඔහුට අවශ්‍ය වූයේ ශෙන් ස'චුආන් ව ආක්‍රමණය කිරීමට ය, ඔහු තුළට නැවත නැවතත් ගැඹුරට විනිවිද යන අතරවාරයේ, එම ක්‍රියාවලියේදී, ඔහුගේ සුවඳාන් ඔහුව නහවනුනට ය. ඒ පමණක් නොව, ශෙන් ස'චුආන්ගේ සුවඳින් නැහැවෙන්නට ද ඔහුට අවශ්‍ය වුණා. දෙදෙනාටම අවැසි වූයේ එයමය.
එය වෘක පැටවාගේ බොළඳ උමතුවකි. හරියට, එසේ සිදු කිරීමෙන් කිසිදිනක ඔවුන් වෙන් නොවෙනවා වැනිය. ෂ්‍යාඕ චීයේ ඔහුගේ කොපුල් ශෙන්ඉස'චුආන්ගේ අත්ල මතට තද කර එහි සුවඳ ආඝ්‍රාණය කල අතර එයින් ඔහුගේ ඇහිබැමි ලිහිල් වී සන්සුන් වූයේ ය.
ශෙන් ස'චුආන්ට ඔහුට සැබවින්ම ආදරය කරන ආකාරය ගැන පැවසීමට ෂ්‍යාඕ චියේට අවශ්‍ය විය.
සමහරවිට ආදරය ප්‍රකාශ කිරීමට බොහෝ ක්‍රම තියෙන්නට ඇත. නමුත් දැන් ඔහුට අවශ්‍ය වූයේ වඩාත් තීව්ර වර්ගය පමණක් භාවිතා කිරීමටය.
ෂූමි යහන ඔවුන් දෙදෙනාටම ප්‍රමාණවත් නොවුණේ ය. ෂ්‍යාඕ චීයේ උණ බර ආවරණයන් පහතට ඇද දැමීමට අත දිගු කර ජනේලයේ ඇති හිඩැස වසා, සඳ එළිය අවහිර කර දැමීය. ලන්ජෞට සඳ එළිය අවශ්‍ය නොවී ය. ඔහුගේ එම නිරුවත්, සැහැල්ලූ මෘදු මොළොක් බව සඳහා ඔහුට අවශ්‍ය වූයේ එක් පුද්ගලයෙකුගේ බැල්ම පමණි - එනම් ෂ්‍යාඕ චීයේ ගේ.
ඔවුන් අඳුරේ සිප ගන්නා විට ශෙන් ස'චුආන් ෂ්‍යාඕ චියේ මතින් ගමන් කළේය. ඔවුන්ගේ උණුසුම් හුස්ම වෙන් කළ නොහැකි ලෙස එකට බැඳී තිබුණු අතර, එහි තාපය ඔවුන්ගේ ගෙල, පපුව සහ උදරය දක්වා පවා ගලා ගියේ ය. ශෙන් ස'චුආන් ගේ ගෙල පුරාම රත් පැහැ වී තිබුණේ ය. ෂ්‍යාඕ චීයේ ට මෙය යම් ආකාරයක නිහඬ ප්‍රශංසාවක් ලෙස හැඟීණි. එය ලන්ජෞ ගේ වින්දනය ද විය. ශෙන් ස'චුආන් ගේ වෙව්ලීම මෙන්ම, මේ සියල්ල ෂ්‍යාඕ චීයේ ට පාලනය කළ නොහැකි පෙළඹවීම් විය.
ෂ්‍යාඕ චීයේ ගේ රෞද්රබාවය ශෙන් ස'චුආන් ට සිය හිස ඔසවා ගැඹුරු හුස්මක් ගන්නට හේතු විය. ශෙන් ස'චුආන් ෂ්‍යාඕ චීයේ ගේ ළය පහළට තෙරපුවේ මේ පුචණ්ඩ ආකුමඛශිලි භාවය නතර කර දමන්නටයි. නමුත් හේ කඳුළු පිරි දෙනෙතින් ෂ්‍යාඕ චීයේ දෙස බලා සිටියේ ඔහුටම ආවේනික දරුණු ආකාරයට සිදු කරගෙන යන්නට අනුබල දෙන්නාක් මෙනි.
**ඔබට ඕන හැම දෙයක්ම කරන්න.**
ශෙන් ස'චුආන් ගේ දෑස් වලින් ෂ්‍යාඕ චීයේ ට පැවසුවේ මෙයයි.
ෂ්‍යාඕ චීයේ ශක්තියෙන් පිරී සිටි අතර තමා මත ආරක්ෂිතව ශෙන් ස'චුආන් ව තබාගෙන සිටියේ ය. ඔහු කෙඳිරිලි හඬක් නැගුවේ ය. දෙදෙනාගෙන් එක් ආයෙකුට හෝ අනෙකාගෙන් සිය දෙනෙත් ඉවතට ගත නොහැකි වූයේ ය.
දැඩි තෙරපුම් මධ්‍යයේ ශෙන් ස'චුආන්ගේ හිස කෙස් උහුගේ උරහිස හරහා කඩා හැලුණේ ය. ඔහු ෂ්‍යාඕ චීයේ ගේ වස්ත්‍රය රැලි වන තෙක්ම මිටි කර ගත්තේ දියේ ගිලී සිටින වෙව්ලන පුද්ගලයෙකු පිදුරු මිටක් අල්ලාගෙන සිටිනවාක් මෙනි.
“ඔබේ සිරුරේ ටිකක් විතර මස් පිඬු ඇවිත්.” ෂ්‍යාඕ චීයේ පැවසුවේ ගොරෝසු හඬකිනි, “ලන්ජෞ.”
ශෙන් ස'චුආන්ගේ තෙතබරිත හිසකෙස් ඔහුගේ මුහුණ පුරා ඇලී තිබුණේ ය. හුස්මගැනීම් හා සිපගැනීම් අතරවාරයේදි , එයට පිළිතුරක් සොයා ගන්නට ඔහු අපොහොසත් විය. ඔහු යමක් අල්ලාගන්නට මෙන් දෑත් දිගු කරද්දි ඔහුගේ දෙතොලින් සුසුම් පිටවූයේ ය. නමුත් ෂ්‍යාඕ චීයේ ඔහුගේ අත අල්ලාගත් අතර එක් මොහොතක් හෝ බලා නොසිට නැවත සිහි එළවාගත් ඔහු එතරම් ඉක්මන් නොවෙමින් මෘදු ලෙස ඇතුළට පැමිණි අතර —මන්දගාමි , මෘදු ලෙස ඔහුගේ සිතට එකඟව පැද්දුන්නේ ය.
එනම් , ඔහු ඒතරම් ඇතුළට ගියේ නැත.
ශෙන් ස'චුආන් ඔහු ගැඹුරට යන විට ෂ්‍යාඕ චීයේ ට අවැසි ආකාරයට තබා ගන්නට ඉඩ දුන්නේ ය. ඔහුගේ මනස නිමක් නැති තෙරපුම් ප්‍රහාර වලින් නොපැහැදිලි මීදුමක් බවට පත් කළේ ය. ඔහුගේ මීදුම සහිත අඩක් වැසි ගිය දෑස් කාමය අවුස්සාලීමට තවත් උද්දීපනයක් පමණක් විය. ඔහුගේ දෙනෙත් අග ආශාවන් වලින් දිලෙද්දී ෂ්‍යාඕ චීයේ ඔහුගේ සෑම සිදුරක් පාසාම විනිවිඳ ගියේ ය.
“ස'අන්,”ශෙන් ස'චුආන් තම හදවත අනුගමනය කරමින් ඔහුගේ නම පවසන්නට විය. “ආ-යේ.”
ඔහුගේ ඇමතීම් ෂ්‍යාඕ චීයේ ගේ සිරුරට දහදිය දමන්නට ප්‍රමාණවත් වූයේ ය.
ශෙන් ස'චුආන් ඔහුගේ හිස පහත් කර ෂ්‍යාඕ චීයේ ගේ නළලත දිගේ ඔහුගේ නාසයේ තුඩ ස්පර්ශ කර දා බිඳු මකා දැමුවේ ය. ඔහු රෞද්‍ර ලෙස ආමන්ත්‍රණය කරන්න ට විය " එර් ලාං"
ෂ්‍යාඕ චීයේ හදිසියේම නතර වූයේ ය. හේ ශෙන් ස'චුආන්ගේ නිකටින් අල්ලාගෙන ඔහුගේ වතෙහි පිහිටීම නිවැරකළේ ය. ඉන් පසු හුස්ම ගැනීම් අතරවාරයේ තදින් ඔහුව සිපගත්තේ ය. මේ ඇමතීම් වරෙක සියල්ල අවුල්ජාලාවකට ඇද දැමූ අතර ; එමගින් ඔහු සඟවාගෙන සිටි සියළු කරදරයන් ඉවතට කර දැමුවේ ය. ෂ්‍යාඕ චීයේ ට ඒ සියල්ලම අමතක වී ගියේ ය. ඔහුට ඒ කිසිවක් අවශ්‍ය වූයේ නැත ; ඔහුට අවැසි වූයේ ශෙන් ස'චුආන් පමණකි.
ඔවුන් තම හදවතට අවැසි සේ තුටු වන්නට ෂූමි යහන සෑහුණේ නැත. ඉතිං ඔවුහු යහනෙහි වූ ඇද ඇතිරිලාද පාපිසි මතට දැමූ හ. පාපිසි මත වූ කොට්ට ද මඳ වේලාවකින් තෙත් ව ගියේ ය. ශෙන් ස'චුආන්ගේ දෙනෙත් අඩක් විවරව පැවතියේ ය. ඔහු අස්ථීන් දක්වා ම තෙත් වී සිටියේ ය, ඔහුගේ ශක්තිය සම්පූර්ණයෙන් වැය වී තිබුණේ ය. ෂ්‍යාඕ චීයේ ද්ැත් වලට වාරු ගෙන ඔහුව ඔසවා තැබුවේ ය. හේ තවමත් සිටියේ ඔහුගේ අභ්‍යන්තරයේ ය. ඔහු තම නළලත ශෙන් ස'චුආන්ගේ නළලත හා ස්පර්ශ කරනුනට හිස පහත් කළේ ය. ඒ අතරතුර සැහැල්ලු ලෙස හුස්මක් ඉහළට ගත්තේ ය.
“ලන්ජෞ.” ෂ්‍යාඕ චීයේ ගේ දහදියෙන් තෙත්වු නළල අගලෙන් අඟල පහතට රෑටා ගියේ ය. හේ ශෙන් ස'චුආන්ගේ ගෙලෙහි කෙඞලවර අසල නතර වී මිමිණුම් හඬකින් පවසන්නට විය. “ලන්ජෞ.”
ශෙන් ස'චුආන් සිය අතක් ඔසවා ෂ්‍යාඕ චීයේ ගේ හිස කෙස් මත තැබුවේ ය. එකිනෙකාගෙන් වෙන් කළ නොහැකි තරමට , වචනාර්ථයෙන්ම පරිපූර්ණ ලෙස එකිනෙකාව බැද තබාගන්නට සමත් විය. ශෙන් ස'චුආන් තම පාද එසැවූයේ එය තමා මතට තද කරන්නට ඉඟි කරමිනි
නමුත් එසේ කරනවා වෙනුවට ෂ්‍යාඕ චීයේ ඔහු වඩා සිය දෑත් වලින් තද.කරගත්තේ ය. ඔහුගේ වැළඳගැනීම ශෙන් ස'චුආන්ට හුස්ම ගැනීම පවා අපහසු වන තරමට දැඩි වූයේ ය. ඔහු ෂ්‍යාඕ චීයේ ගේ හිස පිටුපස විවිධ ආකාරයෙන් පිරිමැද්දා. හේ ෂ්‍යාඕ චීයේ ගේ සවනතට සැහැල්ලු සුසුමක් පාර කර හැරියා. ඉතා හෙමින් ඔහු පවසන්නට විය. “ලාං සායි.” (2)
ෂ්‍යාඕ චීයේ ඔහුව සපා කෑවේ ය.
ශෙන් ස'චුආන් කැඩි ගිය සිනහවක් පිට කළේ ය. ඔහුගෙන් යමක් පිටවන බව ඔහුට දැනෙන්නට විය. ඔහු කීවේ ය. "ඔබ ආවා.”
ෂ්‍යාඕ චීයේ මාරු වෙමින් ඔහුව සිප ගත්තේ ය. දෙදෙනාම එකිනෙකාට සමීපව තෙරපෙමින් සිටියේ ය. ඔවුන් චලනය වන විට තව තව තරලය පැමිණියේ ය. ෂ්‍යාඕ චීයේ ගේ ලිංගිය ආශාවන් නැවතත් හිස ඔසවමින් තිබෙන බව ශෙන් ස'චුආන් ගේ නොනනවත්වන සුසුම්ලෑම් මගින් තහවුරු විය. ෂ්‍යාඕ චීයේ සිතුවේ තමා රෞද්‍ර ලෙස එය කිරීමට ගිය නිසා මඳක් නවතා දමන්නට වුනත් , ශෙන් ස'චුආන්ගේ දෑස් වල ප්රකාශනය දුටු විට , ඔහුට දිගින් දිගටම ඔහුගේ අභ්‍යන්තරට ගමන් කිරීමට අවශ්‍ය විය.
ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන්ගේ කොපුල් මත හස්තය ගෙනයමින් ඔහුගේ මුව තුලට ඇගිලි ද්විත්වයක් දැමුවේ , ශෙන් ස'චුආන්ගේ ජීහ්වයට සැඟවීමට තැනක් ඉතිරි නොකරමින්. ඔවුන් දෙදෙවාම එකිනෙකාට වඩාත් සමීපව සිටියේ ය , ඔවුන් දෙදෙනා සුසුම්ලමින් දෙදෙනාගේ ඉරියව් හා හැගීම් දෙනෙත්වලින් හුවමාරු කරගනිමින් සිටියේ ය. ැවසන් වතාවේ දි එතරම් දැඩි වූයේ නැත ; ඒ වෙනුවට, එය කිසිදා නිම නොවන දැඩි ප්‍රෙමය දැක්වීමක් බවට පත් වූයේ ය.
අවසානයේ ෂ්‍යාඕ චීයේ ඔහුගෙන් ලිස්සා ගිය විට, ශෙන් ස'චුආන්ට තවදුරටත් එකඳු හඬක්වත් කිරීමට නොහැකි විය. ඔහුගේ නොපැහැදිලි මැසිවිලි සහ විලාප සියල්ලම ෂ්‍යාඕ චීයේ විසින් කෑදර ලෙස ගිල දමා පිරිසිදු කර තිබුණේ ය. උෂ්ණාධික තරංග ඔහු මත ගසාගෙන යද්දී, ඔහු ෂ්‍යාඕ චීයේ ගේ නිකට අල්ලා ගත්තේය. ඔහුට නවතා ගත නොහැකි වූ කඳුලැලි වලින් හා නළලත මත මත තිබූ හිසකෙසුත් තෙත් ව තිබුණේ ය. අවසන ෂ්‍යාඕ චීයේ ඔහුගේ ශරීරය පහතට කර ඔහු හා සමව වැතිරුණේ ය.
අවසානයේදී දෙදෙනාම වෙහෙසට පත්ව සිටි අතර, ශෙන් ස'චුආන්ට මදක් හෝ සිය දැස් විවර කරගත නොහැකි විය. ඔහු තවමත් ෂ්‍යාඕ චීයේ ගේ දෙකොපුල් ස්පර්ශ කරගෙන සිටියේ ය. ෂ්‍යාඕ චීයේ සිනහවක් පිට කරමින් ඔහුව සිපගන්නට නැඹුරු වූයේ ය. ඔවුන් එක්ව නින්දට යාමට පෙර මොහොතක් මේ ලෙස සිපගත්තෝ ය - ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන් මත වැතිර සිටියේ ය.
ෂ්‍යාඕ චීයේ ට එදින සිහින පෙනුණේ නැත.
◈ ◈ ◈
පසු දින උදාවන විට බොහෝ ප්‍රමාදව තිබෙන බව පෙනුණේ ය. ෂ්‍යාඕ චීයේ ඔහුගේ හමුදාවට නායකත්වය දී පැමිණියා පමණකි. නමුත් කිසිවෙකු ඔහුට ඒ නිසා දොස් නොනනගනු ඇත, තමුදුඉහේ මදක් වේලාසන අවදි විය. ඔවුන්ගේ ප්‍රේමය වෙනත් ආකාරයකින් යටපත් කළ හැකි හැඟීම් දුරු කර තිබුණි. ඔහු අවදිවන විට, ශෙන් ස'චුආන් ද අවදි වූවා , ඉතිං ෂ්‍යාඕ චීයේ ඔහුව ඇතිරිල්ලකින් වසා ඔහුව ඇඳ මත තමා සිපගත්තා.
"හමුදා කටයුතු." ශෙන් ස'චුආන් වෙහෙසින් යුතුව අඳුර මධ්‍යයේ නිඳිබර හඬින් දෑස් පියාගෙන ම පැවසුවේ ය “මම පස්සෙම යන්නම් දවල් ට වගේ...”
"අපි පද්සෙ සීජෞ වල ආරක්ෂක හමුදා ගැන සාකච්ඡා කරමු." ෂ්‍යාඕ චීයේ පැවසීය. "මට මුලින්ම ජෞ ගඅයි එක්ක ලෙයි ජිංෂ ගැන තියෙන ගැටළුව විසඳගන්න ඕනේ."
"පැය දෙකයි." ශෙන් ස'චුආන් දීර්ඝ ලෙස සුසුමක් පිට කළේ ය."මම පැය දෙකකට පස්සේ එතනට එන්නම්."
ෂ්‍යාඕ චීයේ ඔහුව අතගාමින් පවසන්නට විය, “ඔබ හෙට ගියත් ඒක එහෙමම තමයි. මේ දවස් ටිකේ හදිස්සි වෙලා ඒවා කරන්න වුවමනා නැහැ. ගිහින් නිදාගන්න. මම ආයෙමත් දවල් කෑමට එන්නම්. ශීෆූටත් කතා කරන්නකෝ.”
ශෙන් ස'චුආන් පිළිගනුනා බව හගවමින් හිස සැලූ නමුත් ඔහුට සැබවින්ම ෂ්‍යාඕ චීයේ පැවසූ දේ පැහැදිලිව ඇසුනේ දැයි නිශ්චිත නැත. ෂ්‍යාඕ චීයේ ස්නානය කිරීමෙන් පසු ඔහුගේ ඇඳුම වෙනස් කළේය. ඔහු ඇතුලට ගොස් පිරිසිදු කිරීමට කිසිවකු ලවා කරනොගත් නමුත් ඔහු දිං තාඕට සහ ගු ජින්ට මළුවේ ආරක්ෂාවට සිටින ලෙස කල් ඇතිව උපදෙස් දී තිබුණි. ඉන්පසු ඔහු චෙන් යැං සහ ච්‍යාඕ ත්‍යැන්යා ද රැගෙන පිටව ගියේය.
◈ ◈ ◈
ජෞ ගුයි ඒ වන විටත් සිටියේ අධ්‍යයන කාමරයේ ය. හේ තම උපදේශකයන් සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වමින් සිටියේය. පිටත කෙමෙන් කෙමෙන් දීප්තිමත් වෙමින් තිබුණත්, ශෙන් ස'චුආන් පිළිබඳ කිසිදු සලකුණක් තවමත් තිබුණේ නැත. අවසානයේ ඔහු ෂ්‍යාඕ චීයේ දුටු විට, ඔහුට ආචාර කිරීමට ඉක්මන් විය. තේ සංග්‍රහ කරන්නට කොං ලිං පමණක් කාමරයේ තබාගෙන ඔහු අනෙක් අයව ඉවත් කළේය.
ෂ්‍යාඕ චීයේ අද මිත්‍රශීලී මනෝභාවයකින් සිටින බවක් නොපෙනුණු අතර, ඔහුගේ සෑම අශිෂ්ට හැසිරීමක් ම සම්පූර්ණයෙන්ම මැඩපවත්වා තිබුණි. ඔහු කෙතරම් බිය ගන්වනසුලු පෙනුමක් ආරෑඬ කරගෙන සිටියේ ද යත් , ජෞ ගුයි සහ කොං ලිඃ ගැඹුරු හුස්මක් ගන්නටවත් එඩිතර නොවූහ. ධ්යාඕ චීයේ ගේ සිතෙහි යමක් තිබුණු අතර ඒ නිසාම ඔහුගේ අසුනෙහි හිඳ ගත්තා විනා වෙනත් කිසිවක් සිදු කළේ නැත.
“මම ලෙයි ජිංෂ ට නැගෙනහිරට යන්න ඉඩ දුන්නා. ඔහු දුන්ජෞ වලට දින තුනකින් පැමිණෙන්න ඕනේ.”
කොං ලිං ඊයේ රාත්‍රියේ කොල්ලකරුවන් ගණන් කර තිබුණු අතර, ඔහුට ලෙයි ජිංෂ දකින්නට නොලැබෙද්දි යම් සැකයක් මතු වූයේ ය . කෙසේ වෙතත්, දැන් මෙු වදන් ශ්‍රවනය වීමෙන් ඔහුගේ සැකය දුරු වී ගියේ ය. ඔවුන් ඒ වන විටත් ෂ්‍යාඕ චීයේ සමඟ හුරුපුරුදු ව සිටි අතර, එබැවින් පෙර මෙන් විනයගරුක වීමට අවශ්‍ය නොවීය. ඔහු සැහැල්ලු ලෙස උගුර පාදමින් පවසන්නට විය. "ඔබතුමාට ඔබේම සැලසුම් තිබෙනවා ඇතිනේ"
ජෞ ගුයි තවමත් පසු වූයේ සැකයෙනි, එබැවින් ඔහු විමසන්නට විය, "ලෙයි ජිංෂ කියන්නේ කපටි මිනිහෙක්. ඔහුට යන්න දීලා ඔහුව ඔබේ ප්‍රයෝජනය ට කියා ගන්නද ඔබතුමා සැලසුම් කරන්නේ?”
“මේ පුද්ගලයා තමන්ට ම අනුගත වෙන්න තරම් බඅද්ධිමතෙක්.” ෂ්‍යාඕ චීයේ ගේ දෑස් වල මෙසේ පවසද්දී කිසිඳු උණුසුමක් පැවතියේ නැත, “අපි මේ වතාවේ ලෙයි ජිංෂ ගේ මිනිස්සු බොහොමයක් දෙනා අල්ලාගත්තත් , ඔහුට තවමත් ලුඕ කන්දේ පිරිස ඉතිරි වෙලා ඉන්නවා. ඒ වගේම ඒ විතරක් නෙමෙයි. ඔවුන්ට එක ලෙයි ජිංෂ කෙනෙක් නැති වුනත් තවත් ලෙයි ජිංෂ ලා ඕනෙ තරම් ඉන්නවා. සීජෞ වලට තමන්ගෙම පබෙල හමුදා භටයන් ලැබෙන්න කලින්, ඔවුන්ව එක් වතාවක් තියා කොහෙත්ම ඉවත් කරලා දමන එක අපහසු බව ඔප්පු වේවි.”
කොං ලිං දින කිහිපයකට පෙර ශෙන් ස'චුආන් පැවසූ දෙය පිළිබඳව සිතන්නට ගත්තේ ය. හේ ෂ්‍යාඕ චීයේ ගේ වදන් වලට හිස වනා පවසන්නට විය. “ඒක හරි. හරියට උප හමුදාපතිතුමා පැවසුවා වගේ , ජොංබෝ වල ආහාර හිග වෙන තාක් , කොල්ලකරුවන් බවට පත්වෙලා ඉන්න සාමාන්‍ය ජනතාව තවමත් හිඳිවි. බලහත්කාරකම් වලින් මේ ප්රශ්නය නැති කරන්න පුළුවන්කමක් නැහැ.”
“ලෙයි ජිංෂට මේ වතාවේ ඔහුගේ දකුණත අහිමි වුනත් ඔහුට තවමත් මගේ අතින් තනිවම ගැලවිලා පලා යන්න හැකි වුනා. ඔහුට තියෙන්නේ කපටි දිවක් වුනත් කොල්ලකරුවන් අතර ඇති සැකයන් දුරු කරන්න ඔහුට නොහැකි වේවි." ෂ්‍යාඕ චීයේ පැවසීය. “මම ඔහුට අත දීලා දුන්ජෞ සහ දුආන්ජෞ ප්‍රාන්ත දෙකේ කොල්ලකරුවන් කැරලි ගසන රාජකීය හමුදාවේ ඔත්තුකරුවෝ බවට පත් කරන්නයි යන්නේ. මේ පුද්ගලයා දක්ෂයි. ඔහු නිසැකවම නිශ්චලව වාඩි වෙලා මරණය එනතෙක් බලා නොසිටීවි. ඒ වගේම, කොල්ලකරුවන් අභ්‍යන්තර ගැටුම් වලට ඇද වැටිලා , සීජෞ වලට දෑස් යොමු කරන්න බැරි තරමටම කාර්යබහුල වේවි."
ලෙයි ජිංෂ ට දුක් විඳීමට සිදු වූයේ ඔහු හිතාමතාම ලෙයි ජිංෂ ව නිදහස් කළ නිසා ය. සීජෞ දැනට බල රහිත වූ අතර, ඔවුන්ට ලබා ගත හැකි වඩා හොඳ උපාය මාර්ග අතරින් , මෙය දැනටමත් හොඳම විකල්පය විය.
මෙය ඇසූ කොං ලිංට ට ඔහුගේ අභිප්‍රාය පිළිබඳ ඉඟියක් ලැබුණේ ය. ඔහු විමසුවේ ය, “උතුමාණන් සීජෞ වෙනුවෙන් කොයිතරම් දුරට හිතලද? ඒ ඔබ ලිබෙයි වලට යන්න සූදානම් වන නිසාද?"
ෂ්‍යාඕ චීයේ තේ කෝප්පය අනෙක් පසට පෙරලා පවසන්නට විය. “කාලය කිසිම කෙනෙක් වෙනුවෙන් බලාගෙන ඉන්නේ නැහැ. ලිබෙයි දැනටමත් බොහෝ දුරට යුද්ධයක පැටලිලයි ඉන්නේ. මට වැඩි කාලයක් සීජෞ වල රැදිලා ඉන්න බැහැ. ඒ වගේම, චීදොං භටයෝඉදැනටමත් මාස දෙකකින් ප්‍රමාධ වෙලා. චී ජූයින් ආවට පස්සේ මට අවශ්‍ය වුනත් පිටවීම මට අපහසු වේවි. මම සීජෞ හැර ගියාට පස්සේ වුනක් ලන්ජෞ සීජෞ වලට අවශ්‍ය සහය ලබා දේවි. මම කලින් කිව්වා වගේ මම භටයන් යොදවන කොට, මම සීජෞ වල ආරක්ෂක භටයන් ගැන හැම කරුණක් ගැනම සැලකිලිමත් වෙන්නේ නැහැ. නමුත් මහත්වරුනි, ඔබලා දෙන්නට තවමත් රාජකීය හමුදාව අවශ්‍ය නම්, මට ලන්ජෞ හරහා ලිපියක් එවන්න. මම දිනක් ඇතුළත පැමිණෙන්න වග බලා ගන්නම්."
ඔහු එය පැවසු ආකාරය සිතා බැලීමට වටියි. අවම වශයෙන් එය කණ වැකුණු කොං ලිංට එය අනුග්‍රහය දැක්වීමක් සේම බිය ගැන්වීමක් ලෙසද දැනුණේ ය.
ෂ්‍යාඕ චීයේ පැවසුවේ ලන්ජෞ ට ඔහුට දැනුම්දීමට ඉඩ හරින ලෙසයි;
මෙයින් ඇඟවෙන්නේ ඔහු සීජෞ වල වෙන කිසිවෙකුගේ බසට අවනත නොවෙන බවයි. ඔහුට තම හමුදා ආපසු ගෙන යාමට ඉඩ දෙනවාද නැද්ද යන්න තීරණය කිරීම ලන්ජෞ සතු දෙයකි. කෙසේ වෙතත්, ලන්ජෞ ලෙහෙසියෙන් රැවටිය හැකි අයෙකු නොවූ බැවින්, රාජකීය හමුදාව රවටා ඔවුන්ගේ හමුදා යෙදවීමට ඇති අවස්ථාව ප්‍රයෝජනයට ගන්නට ඔවුන්ට නොහැකි විය. ඉහත කරුණු වලට අමතරව තවත් අර්ථ ස්ථරයක් විය.
කොං ලිං සිය දහදිය පිසදමද්දි කලබල බවක් පෑවේ ය.
**සීජෞ ශෙන් ස'චුආන් ට අතක් හෝ තබන්නට නිර්භීත වන්නේ නම්, එක් දිනක් ඇතුලත ෂ්‍යාඕ චීයේ එහි පැමිණිම සක්සුදක් සේ ස්ථීර ය.**
අරැත් පැහැදිලි කිරීම.
(1) ෂූමි යහන: ඇඳක් , පුටුවක් යන දෙවර්ගයටම භාවිතා කල හැකි ගෘහස්ථ භාණ්ඩයක්.
2.) ( Er Lang - වෘකයා ) Lang Zai: වෘක පැටවා යන අර්ථය ගෙන දෙන හැදුනුමකි.
❤️❤️❤️😍
ReplyDelete