නමුත් ඔවුන් දෙදෙනාම ගමන් කළේ වැරදි දිශාවකටය, ෂ්‍යාඕ චීයේට ජෞ ගේ වාසස්තානය ඇති පෙදෙස දෙස බැල්මක් නොහෙලා සිටින්නට නොහැකි විය. ඉන්පසු ශෙන් ස'චුඅන් දෙස බලා පවසන්නට විය.“අපි වෙන තැනකට මාරු වුණාද?”
“අනිවාරෙන්ම , අපි මාරු වෙන්න ඕනෙ නෙ.” ශෙන් ස'චුආන් පඩිපෙල නැග යන්නට විය. “ ජෞ ගුයි ගෙ නිවසේ දිගටම රැදී ඉන්න එක පහසු නැහැ. ඔහුට අවුරුද්ධ මුලදි මුනුපුරෙක් ලැබිලා, ඒ වගේම ඔහුගෙ මුළු පව්ලම එළිමහනේ ඉන්නවා. ඒක ඔවුන්ට ඕනෑවටත් වඩා අපහසු වන දෙයක්. මට දින කිහිපයකට කලින් කෙනෙක්ගෙන් ඇහුවා, ඒ එක්කම වගේ වාසස්තානය මගේ ඇහැ ගැටුනා.”
ඔහු කතා කරන විට දෙදෙනාම පුළුල් මංතීරුවකට පැමිණ සිටියහ. ප්‍රධාන පිවිසුම් තෙක් අල්ලන ලද පාෂාන වලින් නිමවා තිබුණේ ය. ප්‍රවේශම් සහගතව එය අධ්‍යයනය කළ ෂ්‍යාඕ චීයේ පවසන්නට විය. “එය තියෙන්නෙ ප්‍රධාන මාර්ගයට යාබදව , ඒවගේම ජෞ ගුයිගේ නිවසට සමීපව. සාමාන්‍ය වෙලාවන් වල කරුණු සාකච්ඡා කරන්න ඒ නිසා පහසු වේවි. ඔබ තෝරගෙන තියෙන්නේ අනර්ගතම තැනක්.”
“මෙතන අඩුපාඩුවක් තියෙනවා..” ශෙන් ස'චුආන් පවසන්නට වූයේ ෂ්‍යාඔ චීයේව එලිපත්ත හරහා රැගෙන යන අතරේ ය. “ඒක හුඟක් විශාලයි. මේ ආලින්දය පුරවන්න අපිට ඉන්න මිනිසුන් ටිකවත් සෑහෙන එකක් නැහැ.”
ෂ්‍යාඕ චීයේ නිවහනට ඉදිරියෙන් ගඩොලින් නිමැවූ අශ්ව වේදිකාවක් දුටුවේ ය. ලී කැටයම් කළ ලී දොර කුලුණු දැඩි වූ අතර, එහි රටා චූදු හා ජුඒෂි වල තරම් සූක්ෂම නොවුනු අතර ඒවා ලීබෙයි සහ බ්‍යන්ෂා ශෛලීන් වලට සමාන බවක් ඉසිළුවේ ය. සංකීර්ණයේ තිබූ අංගයන් පහ ඔවුන් දෙදෙනාට ඕනෑවටත් වඩා විශාල විය. නැගෙනහිර මාළිගයේ මහා උපදේෂක ලෙස චී හුයිලියන් තනතුරු දරද්දී , ඔහුට ප්‍රධානය කර තිබූ වාසස්ථානය මේ ප්‍රමාණය හා සම විය. සේවකයන් එකතු කලත් ඔවුන්ට මේ මළුව පුරවාගන්න ට නොහැකිවනු ඇත. එපමනක් නොව , ඔවුන් දෙදෙනාට උරුමකරුවන් හෝ භාර්‍යාවන් සිටියේද නැත. ගල් බිත්ති මදක් පැරණි ලෙස පෙනුනද, මුදුන් ද්විත්වයක් ඇති වහලය සිත් ඇදගන්නා සුළු විය. එයට හිරු එලියෙන් බාධාවක් තිබුණේ ද නැත. එය ෂ්‍යාඕ චීයේ කැමතිම විදිහේ එකකි.
“මෙන කිසිම ප්‍රශ්නයක් නැහැ.” ෂ්‍යාඕ චීයේ ද්වාරය හරහා පය තබමින් ශෙන් ස'චුආන් ගේ හස්තයේන් අල්ලා ගත්තේ ය. “ශීෆු ට එක මළුවක් ගන්න පුළුවන් , ඔබටයි මටයි එක මළුවක් බෙදා ගන්න පුළුවන්. තව මිතුරෝ කිහිප දෙනෙක්ටත් මළුවක් දෙන්න පුළුවන්. අනාගතයේ තව පුද්ගලයෝ එකතු වුනොත් , අපිට ඔවුන් ට තරාතිරම අනුව බෙදලා දෙන්න පුළුවන්. අපිට අවුරුදු හැත්තෑක් අසූවක් වෙන දවසක ඒ මළුව පිරිලා යාවි නේ.”
“ඒත් පිටුපස මිදුල හිස්.” ශෙන් ස'චුආන් කීවේ ය. “නමුත් අපට පිටුපස මිදුලටයි ප්‍රධාන කාමරය වටා ඇති පැති කාමරවලටයි පිරිස එකතු කරන්න අවශ්‍ය වේවි. මේ හැම අංගනයක්ම එකකට එකක් සම්බන්ධ නිසා, නිරීක්ෂණය කරන්න අපිට කෙනෙක් ව යොදන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. ඒත් ඔවුන් මුර සංචාර වලට යද්දී ඒක ටිකක් විතර කරදරකාරී වේවි."
ඔවුන් දෙදෙනාම අනාගතයේ දී ලබා ගත යුතු දේ ගැන සාකච්ඡා කරමින් සිටින විට, දිං තාඕ ඔහුගේ පොතේ ඒවා සටහන් කරමින් පිටුපසින් සිටගෙන සිටියේය. ඔහු රහසින් පැවසුවේ ය, “මේ නිවහන අපේ කුමාරයගේ චූදු වල තිබුණ නිවහන තරම් විශාල නොවුනත් ඒක හරියට වංකගිරියක් වගේ. මට මෙහෙ ජීවත් වෙන්න වුනොත් නම් , දිශාවන් මතක තියා ගන්න මාස බාගයක්වත් යාවි“
“අපි ඔබට තනිවම මොහම් කරන්න දෙන්නේ නැති එකේ මොකටද බය වෙන්නේ? අනික ඔබව මෙහෙයවන්න ගූ ජින් හැම වෙගේම ඔබ අසල ඉන්නවා.” ච්‍යාඕ ත්‍යැන්යා පැවසුවේ ය. “මේ නිවහන ලාභදායි නම් නැ, ඒත් මගේ ස්වාමියා මිළ ගණන් දිහා ඇසිපිය ගහලවත් බලන්නේ නැ. ඔහුට ඇත්තටම ගැඹුරු සාක්කු තියෙනවා. ”
ශෝකජනක වතින් යුතුව, දිං තාඕ තවත් වචන කිහිපයක් ලියා කිවේ ය, “ඔබට තේරෙන්නේ නැහැ. හරියටම ගු ජින් නායකත්වය දෙන නිසා තමයි අපි අතරමං වෙන්නේ. ආහ්, ජින් ග' ඇත්තටම අමුතු කෙනෙක්. හමුදාවේ බාලදක්ෂයෙක් විදිහට , ඔහු පිටත කරුණු විමර්ශනය කරන විට ඔහුට නුහුරු නුපුරුදු ස්ථාන සේරම පැහැදිලිව මතක තබා ගන්න පුළුවන් නම.තිබුණා, ඒත් ඔහු අපේම නිවසට එනකොට එහෙම නැහැ. දහයකින් හත් අට වතාවක් හරි ඔහු පැමිණෙන්නේ වැරදි මිදුලකට. ලීබෙයි වලදි නිවසට යන හැම වතාවකදිම ඔහු යන්නේ වෙනත් තැන් වලට. මම ඔබට කියන්නේ, ඒ නිවසේ සුයිලන් කියලා වැඩිමල් සහෝදරියක් ඉන්නවා පරම්පරාගත කුමරුගේ භාර්යාවගේ සේවිකාවක් වෙන. ඇය ඇත්තටම මෘදුයි. ජින්-ග' පාර වරද්දගන්න හැම වෙලාවෙම ඔහුව ඇරලවන්නේ ඇයයි. ඇය මට රසකැවිලි පවා දෙනවා. ඕනෑම අවස්ථාවක ... ම්ම්ෆ්හ්බ්බ්!"
ගූ ජින් ඔහුගේ හස්තය දිං තාඕ වටා යවා ඔහුගේ මුව වසා ගත්තේ ය. හේ ච්‍යාඕ ත්‍යැන්යා දෙස කිහිපවිටක් බලා පැවසුවේ ය.“නපුරු දේවල් වලට ඇහුම් කන් දෙන්න එපා. ”
“මට ඒතරම් "නරක" දේවල් ඇහුණේ නැහැ.” ච්‍යාඕ ත්‍යැන්යා මවිතයට පත් වූ අතර මෘදුව අත්පොඩි ගැසුවේ ය. "අනෙක් අතට, ඔබට පාදයෙන් තමන්ටම පහරක් ගහගන්න වෙයි."
“ මෙතන උණබට ගස් හිටවන්න අමාරුයි.මම ටික දවසකට පස්සේ අනිත් දේවල් ගැන හොයලා බලන්නම්.” ෂ්‍යාඕ චීයේ පිටුපස හැරී කිහිප දෙනෙකුට පවසන්නට විය. “අද රාත්‍රියේ මුර කරන්නේ කවුද?”
මේ මුළු කාලය පුරාම, චෙං යැන් කලබල වී සිටින බව පෙනුනනත්, ඔහු පැවසු දේ ඇසුණු පසු කියන්නට විය. “මම කනිවමයි ආරක්ෂා කරන්නේ.. ඔවුන්ගෙන් කිහිපදෙනෙක් මේ දිනවල මුර රාජකාරි වල යෙදෙනවා.”
මෙයින් චෙං යැන්ට තමාට වාර්තා කිරීමට යමක් තිබෙන බව ෂ්‍යාඕ චීයේ වටහා ගත් අතර , ඉතිං හිස සැලුවා මිස වෙනත් කිසිවක් ඔහු ඇසුවේ ද නැත. ඔහු නරගරයට ඇතුළු වන විට චෙං යැන් ඔහුට ආචාර දක්වද්දී පවා චෙං යැන්ගේ පුකාශනයෙහි යම් වරදක් තිබෙන බව ඔහු දුටුවේ ය. නැවතත් ආලින්දය ට පිවිසෙද්දි උණුසුම් ජලය සඋදානම් කර තිබුණු අතර විවේක කාලය අකරතුර ෂ්‍යාඕ චීයේ ස්නානය කරන අතරේ, ශෙන් ස'චුආන් අයෙකු ලවා උණුසුම් ආහාර පිළියෙල කරගන්නට විය.
කාලගුණය උණුසුම් වූ අතර, ප්‍රධාන කාමරයේ දොරවල් විවෘතව තිබුණත් උණ බම්බු දැල් එල්ලා මදුරුවන්ගෙන් ආරක්ෂා කර තිබුණේ ය. ජනෙල් තිර සියල්ල අලුතින් දමා තිබුණු අතර, පිරිසිදු ජලයේ රතු පැහැ විසිතුරු මසුන් දෙදෙනෙක් ද එහි පාවෙන නෙළුම් මල් තුන හතරක් සහිත වටකුරු බඳුනක් ඉදිරිපස ජනෙල් පඩියේ තබා තිබුණි. මිදුලේ සිටුවා තිබූ කොළ පැහැති පැල කිහිපයකටද කාමරයෙන් නිකුත් වූ උණුසුම් ආලෝකය පතිතවී තිබිණ. ඔවුන් තුෂ්නිම්භූතව වාඩි වී සිටි චෙන් යැං වටා රොක් වූහ.
චෙං යැන් හැද සිටියේ පැරණි වස්ත්‍රයකි. ඔවුන් මෙහි ගමන වේගයෙන් පැමිණෙන විට ඔවුන් ගේ වස්ත්‍ර ගෙවී ගියේ ය. ශෙන් ස'චුආන් ජෞ ගුයිඩගේ ප්‍රධාන බිරිදගෙන් ඔවුන්ගේ මිනුම් ලබා ගන්නට මැහුම්කරුවෙක් සොයන ලෙස ඉල්ලා සිටියේ ය. ටික කාලයකට පසු , අළුත් ඇදුම් කට්ටලයකට මාරු වෙන්නට හැකි වනු ඇත.
චෙන් යැං සහ ජාඕ හුයි සම වයසේ පසුවූවෝය. නමුත් ජාඕ හුයිට ඒ වන විටත් පවුලක් සහ ස්ථාපිත වෘත්තියක් තිබූ අතර ඔහු අනෙක් සහෝදරයන් සමඟ එක්ව ජීවත් වන ආරක්ෂක අංශ ප්‍රධානියෙකු ද විය. ඔහු ඔවුන්ගෙන් වඩාත්ම විචක්ෂණශීලි පුද්ගලයා ලෙස පෙනුනද , ඇත්ත වශයෙන්ම, ඔහු වයසට වඩා දැඩි බවක් ඉසිළුවේ ය. ඔහු මේ වන විටත් වාහල්කඩ යට හිඳගෙන සිටියේ බොහෝ මදුරු දෂ්ටන වලට ගොදුරු වෙමිනි. එහෙත් ටික වේලාවකින් ෂ්‍යාඕ චීයේ වෙත වාර්තා කළ යුතු ආකාරය ගැන ඔහු දිගින් දිගටම කල්පනා කරමින් සිටි නිසා ඔහු කරදරකාරි බවින් පෙලුණේ ය.
උණබට දැල අර්ධ වශයෙන් විවර වුයේ ය. ශෙන් ස'චුආන් ඒ වන විටත් ඔහුගේ සාමාන්‍ය ඇදුම් කට්ටලයට මාරු වී සිටියේ ය. ඔහු චෙං යැන්ට පවසන්නට විය. “ඔබ රාත්‍රියේදි නගර පවුරු දොරකඩ ආරක්ෂා කළා, ඒවගේම ඔබට තවමත් වුවමනා මෙතැන ඉදගෙන මදුරුවන්ට භෝජන සංග්‍රහයක් පවත්වන්න ද? මුලින් ම ඇතුලට ඇවිත් ස'අන් එක්ක ආහාර ගන්න.”
චෙන් යැං එකඟ වෙමින් ඔහුගේ දෙපා වලින් නැගිට ඔහු පසුපස ගියේය.
ෂ්‍යාඕ චීයේ තවමත් පිටතට පැමිණ නොතිබුණි. ආහාර ඉතා සරල විය; ඔවුන් සුඛෝපබෝගී ආහාර ගත්තේ කලාතුරකිනි. දැන් ජි ගැං නැවත පැමිණ තිබුණෙන් , ඔහු ඔවුන්ගේ ආහාර ගැන දැඩි සෝදිසියෙන් සිටියේය. භාවිතා කළ යුතු සියලුම අමුද්‍රව්‍ය සහ ගත යුතු පෝෂ්‍යදායි ආහාර ඔහු සහ චී හුයිලියන් ජාඕ සූයි පන්සලේදි කතා නර තීරණය කළ ආකාරයටම වූයේ ය. මුරකරුවන් කිහිප දෙනෙකු මත්පැන් පානය පුියතාවක් දැක්වු අතර, අතීතයේ ජි ගැං, මත්පැන් සමඟ ආහාරයට සෑදු සියල්ලම ඊටම ආවෙිණික බවක් ගත්තේ ය.
චෙන් යැං පැදුර මත දණින් වාඩි වූ අතර සේවිකාවක් ඔහු ඉදිරිපිට ආහාර තැබූ කුඩා මේසයක් තැබුවේ ය.
කුටිය නිහඩතාවයේ ගිලී තිබුණේ ය. චෙන් යැං හිස පහත් කර වාඩි වී ඇය කාමරයෙන් පිටතට යන ආකාරයට සවන් දුන්නේය. ශෙන් ස'චුආන් මූලික අසුනෙහි හිදගත්තේ ය. ඔහු චෙන් යැං තරම් සංයමයකින් නොසිටියේය. ඔහු පැළඳ සිටි පළල්, සුදු සළුව එසවී ඔහුගේ මැණික් කටුව නිරාවරණය කළේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ පෙනුම ඔහුට ලබා දුන් සුන්දරත්වය අඩු වී ගියේ ය ඒ වෙනුවට, එහි තිබුණේ සැහැල්ලුව එක් වූ යම් කිසි නොගැලපෙන බවකි.
ඔවුන් දෙදෙනාම දිගු කලක් මෙහි රැඳී සිටියහොත්, සමහර විට ඔවුන් දෙදෙනාගේම යටි සිතෙහි බලපෑමක් ඇති වනු ඇත.
මේ මොහොතේදි ශෙන් ස'චුආන්ට චෙං යැන් නිහඩව හිදිද්දී ෂ්‍යාඕ චීයේ වැනිම යැයි හැගුණේ ය - දෙදෙනාම කුමයෙන් එකිනෙකාට සැහැල්ලු ලෙස දැනෙන්නට පටන් ගත්තේ ය.
"අපේක්ෂාවන්ට විරුද්ධ වෙන එකෙන්, ඕනෑවට වඩා කනස්සලු වෙන එකෙන් ඔබට හොඳක් වෙන්නේ නැහැ." ශෙන් ස'චුආන් ආහාර කූරු මේසය මත.තබා ඔහු දෙස නොබලමින් ම පැවසුවේ ය. “කරුණු අනුව වාර්තා කරන්න. අලංකාර කිරීම් නැතිව, නැවත නැවත එකම දේ පවසන්නත් එපා. තියෙන විදියට ඔහුට කියන්න. ඔහුට ස්වභාවයෙන්ම ඔහුගේම සිතුවිලි තියෙනවා. කාරණයක් සම්බන්ධයෙන් ගැඹුරින් සම්බන්ධ වෙන අයෙක්ට සම්පූර්ණ පින්තූරය දකින්න බැරි බව බොහෝ විට පවසන කියමනක්. නමුත් ඇත්ත වශයෙන්ම, ඒක ඇත්තටම ඒ විදිහ නෙමෙයි. ඒකට සම්බන්ධ වුන පුද්ගලයා විදිහට , ඔහු එය අන් අයට වඩා හුගක් ඒ ගැන තේරුම් ගනීවි. ඔහු සමහරවිට , ඔබට කලින් ඒ ගැන හිතලත් ඇති."
පහත් කරගත් හිසින් යුතුව, චෙං යැන් ඔහුට නිහඬව හිස නමා ආචාර කළේ ය.
"ඔබ ඔහුව අවතක්සේරු කරනවා නම්, ඔබ ඔබවමයි අවතක්සේරු කරගන්නේ." ශෙන් ස'චුආන් නොපසුබටව කීවේය. "ඔහු ඔබව තෝරගත්තේ මිලියන ගානක් මිනිසුන් අතරෙනුයි, නමුත් ඔබලා හැමෝම මිලියන ගණනක් මිනිසුන් අතරින් ඔහුව තෝරා ගත්තේ නැද්ද? අනාගතයේදී කොයිතරම් නිර්හීත ව ගමන් කළත් කැලඹ්ලි සහිත කුණාටු සහිත කාල වකවානු තියේවි. ඔබ හැම කාරණයක් ගැනම අද රාත්‍රියේ වගේ කැළඹිලා දෙගිඩියාවට පත්වෙලා හිටියොත් , ඉක්මනින් හරි පස්සේ හරි, ඔබට ඔහුගේ ගමන් කිරීමේ වේගය සමඟ යන්න බැරි වේවි. ඔවුන් ෂ්‍යාඕ චීයේ ව අදුරගත්තේ අවුරුදු හයකට කලින්. ඒත් දැන් ඔබ දකින ෂ්‍යාඕ චීයේ අවුරුදු හයක් පුරාවටම පදම් වුන කෙනෙක්. චෙන් යැං සහ ජාඕ හුයි කියන්නේ සූර්යාලෝකය (2) ඒවගේම ෂ්‍යාඕ චීයේ සහ ෂ්‍යාඕ ජීමිං කියන්නේ ලීබෙයි වල වෘකයෝ. ඉතින් ඔබ තවමත් බිය වෙන්නේ මොකට ද? චූදු වල හිටපු කාලට ඔබව ව්‍යාකූල කරන්න ඉඩ හරින්න එපා. ඔබලා හැමෝම කාලෙක ඉදන් ඔවුන් එක්ක සමව හිටියා නේ."
චෙන් යැං හිස පහත් කර පැදුර මත හිඳගත් අතර ඔහුගේ ඇඟිලි මඳක් වෙව්ලද්දී නොපැහැදිලි හඬක් ඔහුගේ උගුරෙන් පිට විය. ඔහු බොහෝ වේලාවක් වදනක් හෝ පැවසුවේ නැත. තමාගේ කාරණා වැදගත් නැතැයි සිතූ නිසා ඔහු ඒ ගැන සඳහන් කළේ නැත. ගූ ජින්ට මෙන් දරුණු අසාධාරණයක් ඔහුට සිදු නොවූවත්, ඔහුට නැවත නිවසින් ලබා දුන් සීතල ප්‍රතිකාරය තවමත් ඔහුට දැනෙන්නට විය. ඔහු මේ දින කිහිපය පෙරලෙමින් සිටියේ ෂ්‍යාඕ චීයේ ට ඔහුගේ වාර්තාව ගෙන එන්නේ කෙසේදැයි නොදත් නිසා ය. ඔහු ගු ජින් සමඟ ලිබෙයි සිට පිටව යන විට පවා ඔහු රහසිගතය සහනයක් ලැබුවේ ය.
චෙන් යැං ලිබෙයි හැර යන විට ඔහු ෂාඕ හුයිට වඩා කිසිසේත් පහත් නොවීය. ඔහු සෑම විටම සෑම කාරණයකදීම ගෞරවය දිනා ගැනීමට උත්සාහ කළේය, ඔහු ජාඕ හුයා ට වඩා පහත් යැයි සැලකීමට වඩාත්ම බිය වූ නිසා, ඔහු තමා වෙනුවෙන්ම කීර්තිය ඉහළ නංවා ගත්තේය. නමුත් ඔහු මාස භාගයක් නැවතී සිටීමට ආපසු ගිය විට, ඔහුට අනපේක්ෂිත ලෙස ජාඕ හුයි මග හැරීමට අදහසක් ඇති විය.
ඔහු බිය වූයේ ය.
යම් අවස්ථාවක දී, ඔහු දැනටමත් පරාජය වී ඇති බව ඔහු සිතුවේය.
ඔහු ෂ්‍යාඕ චීයේ ගේ විශ්වාසවන්ත සහායකයා වූ අතර, ෂ්‍යාඕ චීයේ සහ ෂ්‍යාඕ ජීමිං සංසන්දනය කිරීමට අන් අය භාවිතා කරන අංගයක්ද විය, ඔහු එවැනි බියක් ඇති කර ගැනීමට පටන් ගත් මොහොතේ සිටම , ඊළඟ පෙළේ සිටි ගූ ජින් සහ දිං තාඕ ද අනිවාර්යයෙන්ම බලපෑමක් ඇති කරනු ඇත. ඔවුන්ට තවදුරටත් ෂ්‍යාඕ ජීමිං ගේ ආරක්ෂකයින් හා සමව තබන්නට නොහැකි වනු ඇත. ලීබෙයි වලදී දැඩි පරීක්ෂාවට ලක් වීමට නියමිතව සිටි ෂ්‍යාඕ චීයේ ට මෙය දැඩි පහරක් විය.
ෂ්‍යාඕ චීයේ කිසිවෙකු නොවුනේ ය. ඔහු ෂ්‍යාඔ ෆංෂූ හෝ ෂ්‍යාඕ ජීමිං නොවන්නේ ය. ඔහු ඔහුටම ආවේණික පුද්ගලාරෝපණයක් විය. ඔහුගේ වඩාත්ම අහංකාර ගති ලක්ෂණ වූයේ ඉදිරියට යාමේ නිර්භීතකම සහ ජයග්‍රහණය කිරීමේ අධිෂ්ඨානයයි. චෙන් යැංට, ඔහු පසුපස යාම චණ්ඩ මාරුතය පසුපස හඹා යෑමක් වැනිය. ශෙන් ස'චුආන් නිවැරදි ය. මේ අවස්ථාවේදී චෙන් යැංට බියක් දැනෙන්නේ නම්, ඔහු ඉක්මනින් හෝ පසුව පැත්තකට කර දමනු ඇත. කිමද යත් , ඔහු ආරම්භයේදීම තෝරාගෙන සිටි තැනැත්තා, චූදු තුළ තනිව සිටීමට ධෛර්යයක් ඇති ෂ්‍යාඕ චීයේ වූ බැවිණි.
ෂ්‍යාඕ චියේ ඔහුගේ සාමාන්‍ය ඇඳුම් ඇඳගෙන පිටතට පැමිණෙන විට ද ඔහුගේ හිසකෙස් තෙතබරිත වී තිබුණේ ය. ඔහු උරහිස් වෙව්ලමින් බිමට නැමී සිටි චෙන් යැං දුටු විට ඔහු පුදුම වීම වළක්වා ගත නොහැකි විය. ඔහු තමා වෙතට දෑත් දිගු කරගෙන සිටින අහිංසක බැල්මක් ඇති ශෙන් ස'චුආන් දෙස බැලුවේ ය.
❤️❤️❤️
ReplyDelete