Skip to main content

එකසිය පහළොස්වන පරිච්ඡේදය : දෛවය

 එහෙම නැති වුනොත් , ඔබ ලන්ජෞ ව දැකලා ඔහුගේ උරහිස්වල ලේයි රැධිරයයි තැවරුවොත්, මට තමයි ඔහුගේ ඇදුම් සෝදන්න වෙන්නේ! "

 

එක මත එක පැටවෙමින් රාජකීය ආරක්ෂයන්ගේ තල ඔවුන් පසුපසට කරන්නට සමත් වූයේ ය. ඔවුන්ගේ පාද වල පතුල් ඒ වන විට රුධිරට වැගිරීමෙන් තෙත් වී තිබුණි. තවමත් ජීවතුන්අතර සිටි කොල්ලකරුවෙකුද බිමට ඇද දමන ලදී. අවසානයක් නොවන කෑගැසීම් වලට සවන්දුන් ඔහුගේ ඇදිවත පවා තෙත් වෙන්නට විය. තලයක් ඔහුගේ ගෙල පිටුපසට තව වූයේ ය. ඔහුගේ මුව හා නාසය ගලා යන රුධිරයෙන් නැහැවී තිබුණු අතර ගලා යන කඳුළු ඔහුව සිර කරන්නට සමත් නිය. ඔහු බියෙන් මුසපත්ව හඬා වැලපෙන්නට විය., "මම දන්නේ නැ. මම ඇත්තටම දන්නේ නැ!"

ඔහු භීතියෙන් කෑගැසුවේ, "මම දන්නේ නැහැ. මම ඇත්තටම දන්නේ නැහැ! "

ලෙයි ජිංෂ ස්වභාවිකවම සැකසහිත පුද්ගලයෙකි , ඔහු ලුඕ කන්දේ දී තහා සැගවී සිටි ස්ථානය ඉතා රහසිගතව තබා ගෙන සිටියේ ය. ඔහුගේ විශ්වාසවන්ත සගයින් හැර වෙනත් කිසිවෙකු ඔහුගේ සැඟවුණු ස්ථානය දැන සිටියේ නැත.

තන්තයි හූ තම පාවහන් වල තිබූ රුධිරය සහිත සඩ ඉවත් කර දැමුවේ ය. "ඔබ මුකුත් ම දන්නේ නැත්තං, ඔබ අපේ කාලය නාස්ති කරන්නේ ඇයි? ඔහුව ඇදගෙන යනවලා! "

කොල්ලකරුවාගේ දෑත් පිටුපසට කර බැද තිබූ අතර , රාජකීය හමුදාවේ අයෙකු ඔහුව හිස ගසා දමන ස්ථානයට රැගෙන ගියේ කඹයෙන් අල්ලාගෙනයි. ඔහු දෙපා නතර කරගන්න​ට උත්සහ කළේ , ඔහුගේ පසෙක වැතිරී තිබූ හිස සුන් මළසිරුරු දෙස බලමිනි. ඔහුගේ ගෙලට තදවී තිබූ තලය ඒ වන විටත් අනෙක්පසහරවා තිබුන සේම,ඒ තියුණු තලයේ දාරය ඔහුව වෙව්ලවන්නට සමත් විය .ඉඔහු තන්තායි හූ තලය ඔසවන අයුරු බලාසිටි අතර , එකවරම පිපාරෙනසුළු හඩකින් කෑගැසුවේ ය.
"ල්‍යු'එර්! මහත්මයා! මම දන්නවා ල්‍යු'එර් ඉන්න තැන!"

"එතකොට මේ පුද්ගලයා ලෙයි ජිංෂ ගේ විශ්වාසන්තයෙක් ද?" තන්තායි හූ අසන්නට විය.

"ඔව්, ඔව්, විශ්වාසවන්ත සේවකයෙක්!" දෑස් විසල් කරගෙන.තියුණු තලය චෙස බලා දාටි කොල්ලකරුවාගේ හදවත වේගයෙන් ස්පන්දනය විය. "ල්‍යු එර් තමයි අපේ 'පණිවිඩ වාහක පරෙවියා'. ලෙයි ජිංෂ දෙන හැම අණක්ම අපිට දන්වන්නේ ඔහුයි. ල්‍යු එර් තමයි කෙනෙක්ව එවලා පණිවිඩයක් දුන්නේ මිනිස්සු එකුක බටහිරට ගිහින් හැංගෙන්න කියලා.!"

අවසානයේ රාත්‍රියෙන් අඩක්ම ගත කළ තන්තායි හූ, යම් යම් වැදගත් තොරතුරු කිහිපයක් ලබා ගන්න ට සමත් විය. ඔහු අනෙකාව ඔසවමින් පවසන්නට විය. "මේ ල්‍යු'එර් දැන් කොහෙද ඉන්නේ?"

"බියන්ෂුයි නගරයේ." කොල්ලකරුවා පිළිතුරු දුන්නේය. "මීට දින කිහිපයකට කලින් මට තොරතුරු ආවේ බියන්ෂුයි නගරයෙන්. ඔබ දැන් ඔහුව හොවාගෙන ගියොත්, ඔබට ඔහුව අනිවාර්යයෙන්ම හමුවේවි ඇත!

බියන්ෂුයි නගර​ය තිබුනේ ලී (1) කිහිපයක් එහාට වන්නටයි. නමුත් ඒ පිළිබඳව දෙවනුවට සිතන විට, තන්තායි හූ​ට එය යහපත් දෙයක් ලෙස පෙනුණේ නැත. ඔවුන් එම ස්ථානය බොහෝ වාරයක් සෝදිසි කර ඇති අතර, බොහෝ විට ඔවුන් සතුරා දැනුවත් කර තිබෙන්නට පුළුවන. ඔහු කලබලකාරී ලෙස පුද්ගලයාව අතහැර දමා ෂ්‍යාඔ චීයේ ට වාර්තා කරන්නට වේගයෙන් පිටත්විය.

රාජකීය හමුදාව ක්ෂණික ව තම දිශාව වෙනස් කරමින් බියන්ෂුයි නගරය දෙසට ධාවනය කළෝ ය.
ඔවුන් නගරයෙන් පිටත දැඩි ලෙස මුරකාවල් යොදවා, නිවසෙන් නිවස පරික්ෂා කර බලා. කුටුම්භ ලේඛනයේ ලියාපදිංචි නොවූ සැක සහිත සම්භවයක් ඇති මෑත කාලයේ පදිංචි වූ සියලුම දෙනා රඳවා තබා ගත්හ. කොල්ලකරුවන් එකිනෙකා හඳුනා ගත් නමුත් ල්‍යු'එර් හා ලෙයි ජිංෂ ගේ කිසිදු හෝඩුවාවක් නොතිබුණි.

අරුණෝදය උදාවීමට ආසන්න බව දුටු කොල්ලකරුවා , ෂ්‍යාඔ චියේ තුල තිබු කෝපය තමා පිටින් යවනු ඇතුයි බිය වී සිටියේ ය. ඔහු මොළය හාරමින් යෝජනාවන් ඉදිරිපත් කරන්නට විය. "ල්‍යු'එර්ට හුඟක් අනුගාමිකයෝ ඉන්නවා. ඔවුන් හැමෝමේ ඔහුගේ ඔත්තුකරුවෝ වගේම කොල්ලකරුවොත් වෙනවා. ඔහු සටන් වලට පිටත්ව යන හරම අවස්ථාවකම, ලෙයි ජිංෂ ගේ අණ ඔවුන් වටා පැතිරිලා තියෙනවා. දැන් ඔවුන්මෙහෙ නැත්තේ , හුගක් වෙලාවට ඔවුන් හුළගට අහුවෙලා පැනලා ගිය නිසා වෙන්න ඇති
ඔබ දකුණු පැත්තත් අවහිර කරලා , අපි උතුරට යන්න නම් හිතන්නෙවත් නැහැ, ඒ නිසා අපිට පසුබහින්න පුළුවන් නැගෙනහිර පැත්තට විතරයි. ඔබ දැන් ඔවඅන්ව හඹා ගියහොත්, ඔබට අනිවාර්යයෙන්ම ඔවුන්ව අල්ලා ගන්න පුළුවන් වේවි!"

තම වාසියට තම ස්වාමියා විකුණා දමන ඔහු වැනි කොන්දක් නැති බියගුල්ලෙකු තන්තායි හූ හෙළා දුටුවද, ඔහු තවමත් එම තොරතුරු ෂ්‍යාඔ චීයේ ට වාර්තා කළේය. ෂ්‍යාඕ චීයේ තම අශ්වයා පිට නැග එය මොහොතකට සිතා බලා තන්තායි හූට පවසන්නට විය, "ඔබේ මිනිසුන්ගෙන් අඩක් එක්ක කඳුකර වනාන්තරයේ නැඟෙනහිර දෙසින් ඔවුන් පසුපස හඹා යන්න. ඔවුන් දැන් දුනුදිය නූලක් ඇදුන පමණින් තිගැස්සෙන කුරුලු රෑනක් විතරයි. ඔවුන්ව මඳක් බිය ගන්වන්න, එවිට ඔවුන් සාමාන්‍ය පරිදි ආපසු හැරී ප්‍රහාරයට මුහුණ දීමට නොහැකි වන තරමට කලබල වේවි. ඔබ කරන්න අවශ්‍ය වෙන්නේ ඔවුන්ට තදින් පහර දෙන එක විතරයි. ඉතිරි දහස තම අණ දෙන නිලධාරියා ට සම්බන්ධයක් නැති විසිරිලා ඉන්න සොල්දාදුවෝ. ඔවුන්ට ඔබට විරුද්ධව නැගිටින්න බැරි වෙයි. "

තන්තායි හූ ඔහුගේ නියෝග පිළිගත්තේ ෂ්‍යාඕ චීයේ ඉතිං මිනිස්සු එක්රුස් කරන ආකාරය දැකීමෙන් පසුවයි. ඔහු අසන්නට විය, "ඒකත් එහෙම නම් , මම ස්වාමියාට මෙහෙ ඉන්න ඇරලා ඒක කරන්න ද? ආයෙමත් යන්නේ මොකටද?"

"ලෙයි ජිංෂ ගේ හැසිරීමයි කලබලයයි දිහා බලන්න, ඔහු ස්වභාවයෙන්ම සැක සහිතයි විතරක් නෙමෙයි මරණයට බියයි කියලත් ඔබ දැනගන්න ඕනේ. අපට හිතන්න පුළුවන් හැම දෙයක්ම ඔහුටත් හිතන්න පුළුවන්. නැගෙනහිරට ගමන් කරන එක ඔවුන්ට ගන්න පුළුවන් එකම මාර්ගය නම් , ඔහු එතරම් විශාල භට පිරිසක් අරාගන යන්නේ නැහැ. එය ඉතා විශාල ඉලක්කයක්; ඒවගේම හරිම පැහැදිලියි." ෂ්‍යාඕ චීයේ ඔහුගේ අශ්ව කසය ඔසවමින් පැවසුවේ ය., "ඔහු මීට පෙර ලෙයි චංමින් ව ජීවිත ඉලක්කයක් විදිහට භාවිතා කරන්න නිර්භීත වුන නිසා, ඔහු ඒ හා සමානව මේ ඉතිරි දහසත් ජීවී ඉලක්ක විදිහට පාවිච්චි කරන්න මැලි වෙන්නේ නැහැ. ඔබට ඔබේ මනස සැහැල්ලු කරගෙන නැගෙනහිරට ගමන් කරන්න පුළුවන්. මම ගිහින් ඔහුව අවහිර කරන්නම්."

◈ ◈ ◈

මේ දින කිහිපය ඉතාමත් උණුසුම් බවක් ඉසිලුවේ ය. හිරු රැස් කෙතරම් දැඩි ලෙස පැවතියේද යත් කොල්ලකරුවන්ගේ සිත් කනස්සල්ලෙනුත් නොසන්සුන්බවෙනුත් පුරවාලන්නට එය සමත් විය. ඔවුහු කඳු වනාන්තරයේ කණ්ඩායම් වශයෙන් නවාතැන් ගත්හ. ලෙයි ජිංෂ තමාව හෙළිකරන්නට පමා වන බව දුටු ඔවුහු ශබ්ද නගමින් ගලක් මත සිටගෙන සිටි ල්‍යු'එර්ගෙන් ප්‍රශ්න ක​ළෝ ය. "ල්‍යු ස්වාමියන් සභායේවේ සාමාජිකයෙක්, ඒ නිසා ඔබට දෙවන අණදෙන නිළදාරියාගෙන් එන ප්‍රවෘත්ති ගැන අපිට වඩා හොද අවබෝදයක් ඇතිනේ. දැන් තත්වේ කොහොමද? අපිට කියන්න!"

ල්‍යු'එර් එතඔහුගේ දුම්කොල පයිප්පයට දුම්කොළ පිරළවූ නමුත් ගිනිකූරක් සොයා ගන්නට හේ අපොහොසත් වූයේ ය. ඔහු පර්වතය මත හිඳගෙන වලාකුළු රහිත පැහැදිලි අහස දෙස බැලුවේය. බැලූ බැල්මට සියල්ල බලාගන්නට නොහැකි තරම් දීප්තිමත් වූයේ ය. ඔහු ජීහ්වායන් ක්ලික් හඬක් නගා පවසන්නට විය. "මම මෙතනට ආවේ පණිවිඩයක් දෙන්න නේද? අන්න හරි , ගෙදර යනවලා! "

"රාජකීය හමුදාව මගේ අනාගත හිටපු සහෝදරයෝ සිය ගානක් අල්ලගත්තා. හැබැයි මම දන්නේ නැහැ ඔවුන් දැන් ජීවත් වෙනවද නැද්ද කියලවත්. මම බලාගෙන හිටියේ දෙවන අණදෙන නිලධාරියා ඔවුන්ව බේරාගන්න අදහසක් ඉදිරිපත් කරනකන්. එතකොට දැන් ඔහු කියන්නේ අපිට මේ විදිහට ගෙදර යන්න කියලද? මේක හරියට අපි අපේ කකුල් අස්සේ නැට්ටගහගෙන අපිට කරදර කරන්න ඉඩ දෙන එක නේද!" ගෝෂාකාරී හඬක් සහිත පුද්ගලයෙක් නැගී සිට පවසන්නට විය. "ලුඕ කන්දේදි අපි ලොකු නමක් දිනාගෙන හිටියා. ඒ වගේම අපි ඔහුව අනුගමනය කරලා සීජෞ වලට ගියා නම් අපිට ආහාර වලවත් වතුර වල වත් හිඟයක් ඇති නොවෙන්න තිබ්බා. ඒත් අන්තිමට, අපි හැමෝටම කටු අස්සෙ හැංඟුන ගැස්බෑවා වගේ බය ගොල්ලෝ විදිහට ඉන්න සිද්ධ වුණා . මේක ඇත්තටම මාව අවුල් ජාලයක් කරලා දානවා!"

"මේ හැමදේම වෙන්නේ අපි අපේ වාසනාවට අඩු නිසා නේද?" ල්‍යු'එර් තීක්ෂණ මහලු වඳුරෙකු මෙන් දිස් වූවා පමණක් නොව, ඔහු කාරණා හසුරුවන ආකාරයද ඊට සමාන විය. ලෙයි ජිංෂ ගේ වර්තමාන නියෝගය සම්බන්ධයෙන් ඔහුට පැමිණිලි කිරීමට බොහෝ දේ තිබුනත්, ඔහු කිසි විටෙකත් එය නොපැවසුවේ ය, එබැවින් ඔහු දේවල් සමථයකට පත් කිරීමට උත්සාහ කරන්නට විය, "ඔබ දැන් අපෙහු ලූඕ කන්දට ගියත්, ඔබට තාමත් එහි විශාල කීර්තියක් තියේවි. ඒත් කාටද පුළුවන් ඒවගේ දෙයක් බාරඅරගෙන පසු බහින්න. නමුත් අශ්වයෙක් වුනත් පැකිලෙන අවස්ථා තියෙනවා. අපි ඉඳහිටක හරි පරාජය වුණා නම් ඒක එතරම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඔබලා කරන්න ඕනි එකම දේ සභාවට අහිමි වෙච්ච පුද්ගලයන් සංඛ්‍යාව දන්වලා දෙවන අණදෙන නිළදාරියාට කරගෙන යන්න දෙන ඒකයි. ඒවගේම ඔහු ඔබට රිදී කාසිත් පිරිනමාවි. අනිවාර්යෙන්ම ඔහු ඔබේ ජීවිත නැති කරන එකක් නෑ. "

"මාව පේන්නේ ඒ තුට්ටු දෙකේ රිදි කාසිවලට වටින කෙනෙක් වගේද? " ඒ පුද්ගලයා කෙළ ගැසුවේ ය.. "මම ඇත්තටම ඒ සහෝදරවරු ගැන හදවතින්ම කම්පාවෙලයි ඉන්නේ! ඔබ හිතනවද මේ කාලේ මිනිස්සුන්ගේ ඒ තරම් ලේසියෙන් ආදේශ කරන්න පුළුවන් කියලා? රාජකීය හමුදාව ප්‍රසිද්ධියේ පළ කරලා තියෙන නිවේදනය ඔබ දැක්කේ නැද්ද? සීජෞ වලට අවශ්‍ය ඔවුන් ගේ භටපිරිස් නරවත ගොඩනඟා ගන්නයි. එහේ කෑම බීමයි කුඹුරුයි තියෙනවා. කවුද සාමාන්‍ය හමුදාවක හොඳ රැකියාවක් අත ඇරලා අපිත් එක්ක එකතු වෙන්නතනේ? ඔවුන්ගේ කොහේ හරි ඇනයක් බුරුල් වෙලා එහෙම නෙමේනේ?! ඒ විතරක් නෙමෙයි, අපේ පිරිස් සංඛ්‍යාව රාජකීය හමුදාවට වඩා හුඟක් වැඩියි.
සීජෞ නගරයේ දොරටුව පාමුලදී අප ඔවුන්ව මුණගැසුණු පළමු අවස්ථාවේදීම ඔවුන් සමඟ සටන් කරන්න තිබුණා! ඒත් ඔහු දැන් ඒකට බය වෙච්ච නිසා මේ වගේ දෙයක් සිද්ධ වුණා. ඔහු මොන මගුලටද බයවෙන්නේ?! මේක ඇත්තටම අනර්ඝයි. අපට ඇත්තටම ඔවුන්ව මුණගැහිලා නැ, ඒත් අපිට දැනටමත් පැහැදිලි කරන්න බැරි තරම් දේවල් අහිමි වෙලා! "

ඔහුගේ වදන් හමුවේ එකඟතාවයේ මිමිණුම් නැගෙන්නට විය.

ල්‍යු එර්ගේ ඇස්වල කොන් රැලි ගැසුණි. ඔහු පවසන්නට විය, "දෙවෙනි අණ දෙන නිලධාරියා ප්‍රවේශම් සහගතව හැසිරෙනවා. රාජකීය හමුදාව හොඳින් සන්නද්ධ වෙලයි ඉන්නේ. බලන්න, ඔප දමපු ත සන්නාහයන් දිලිසෙනවා. අපි ඇත්තටම ගැටෙනවා නම් අපිට අනිවාර්යයෙන්ම ඔවුන්ට තරගයක් දෙන්න බැහැ. "

"ඔවුන් ආකර්ෂණය වගේ පේන මතුපිටින් විතරයි!" ඒ පුද්ගලයාත්ම පාවහන් වලින් තමා දමා ගැසූ කෙළ පිස දැමුවේය, "රාජකීය හමුදාව කියන්නේ මොන වගේ හමුදාවක්ද? ඔවුන් කොයිතරම් යුද්ධ ගාණක් සටන් කරලා තියෙනවද? ඔවුන්ට සටන් කරන්න තියා හිතන්නවත් බෑ! ඔවුන් සටන් කරේ එකම එක වතාවක් අෂ්ට මහා පුහුණු සේනාංක එක්ක ජොංබෝ දොරටුව අසලදී. ඒකට සටනක් කියලා කියන්නවත් පුලුවන්ද? ඒකට කියන්නේ මෝඩ තරගයක් කියලා! වැඩිපුර වෙලාවක් හිටගෙන ඉන්න කෙනා තමයි දිනන්නේ!"

වටපිටාවෙන් සිනහා රාවයක් නැගුනි.

මිනිසා ඝෝෂාකාරී ලෙස උගුර පාදමින් රතු පැහැ ඝය නිරාවරණය වන පරිදි සිය වස්ත්‍රය ඇද ගත්තේ ය. ඔහු පවසන්නට විය. "මම දකින විදියට අපි යන්න ඉක්මන් වෙන්න ඕනේ නැ. සෘජෞ කියන්නේ විශාල රන් ආකරයක්. මේ අවස්ථාවේදී අපිට එඒකය මග හැරුණහොත්, ඊළඟ වතාවේ ඒකට අතතියන එක ලේසි වෙන එකක් නැ! රාජකීය හමුදාව තමාට ලේසියෙන් අත්තු සපයා ගන්න සාමාන්‍ය මිනිස්සුන්ට හැම තැනම නිවේදනය පළ කරනවා. නමුත් දවස අවසානයේදී, ඔවුන් ඔවුන්ට මුහුදට එන්න ඉඩ දෙමු! දැන් අපි හැමෝම එකට එකතු වෙමු, අඩුම තරමින් පන්දහසක් නැතත් හයදාහක්වත් ඉන්නවා. රාජකීය හමුදාව ට කඳුකරයේ ගරිල්ලා සටන්වල ​​පාවිච්චි විතරක් හොඳටම ප්‍රමාණවත් වේවි!"

ල්‍යු එර් මේ තීරණයට එකතු වෙමින් ඔවුන්ට හිමි අපිට සුළු දේවල් කරට ගත්තේ නැත. ඔහු තම දොම්කල පයිප්පයේ අතුල්ලමින් පවසන්නට විය. "දෙවන අනුදැන නිලධාරියා කිව්වේ ආපහු යන්න කියලා, ඒත් ඔබට තාමත් ඔවුන් එක සටන් කරන්නයි ඕනේ. එහෙමනම් ඔබම ගිහින් ඔහුට ඒ ගැන දන්වන්න.

"ඔහුට අවශ්‍ය මඩේ ඉන්න කැස්බෑවෙක් වගේ කටුව අස්සේ ඔලුව හංගගන්නයි. මම ඔහුව හොයන්න යන්න ඕනේ කොහේද?" ඒ පුද්ගලයා සමච්චල් කරන්න ට විය. "ඔහු තමන්ගේ මූණ පෙන්වනවා එඩිතර නැහැ. ඇයි? සහෝදරයන් අතර රාජකීය හමුදා ඔත්තුකරුවෙක් ඉඳිවි කියලා බයද? බාහ්!"

ලෙයි ජිංශ විසින් පලිහක් ලෙස භාවිතා කර පුද්ගලයා වෙන කිසිවෙකුත් නොව මේ පුද්ගලයාගේ අනාගත මස්සිනා වූයේ ය. ඔහුගේ බාල සොහොයුරිය ඔහු මෙන්ම නීරස පුද්ගලයෙක් වූ අතර, පෙරදී ඇය විවාහ වීමට සුදුසු කෙනෙක් සොයා ගැනීමට අපොහොසත් විය. මෙවර තම බාල සොහොයුරියට හොඳින් සලකන මිනිසෙකු සොයා ගැනීම පහසු නොවීය, අවුරුද්දේ විවාහ මංගල්‍යය සිදු කරන්නට පවා ඔවුන් සූදානම් විය. නමුත් මෙම සංචාරය සඳහා ලෙයි ජිංෂ ඔහුව පලිහක් ලෙස භාවිතා කරනු ඇතැයි අපේක්ෂා කළේ කවුද! ඔහු දැඩි හදවතක් ඇති ලෙයි ජිංෂ ට වෛර කළ අතර, ලෙයි ජිංෂ ඔවුන්ව තම අතවැසියන් සේ සලකා මේ තරම් භයානක තත්ත්වයකට අද දැමීම පිළිබඳව ඔහු අමනාපෙන් පසුවිය.

"මම දෙවෙනි අණ දෙන නිලධාරියාගේ වචන ආයෙමත් කියනවා." ල්‍යු එර් නැඟිට ඔහුගේ බටයෙන් ඔහුගේ ඉණට පහර දුන්නේය. ඔහු පැවසුවේ "අපි දැන් පෙරටුගාමී සංචිතයක්. අපට ඒතරමි් පිරිසක් නැහැ, නමුත් අපි තවමත් මඟදී හමු වුන පුංචි පහේ කොල්ලකරුවන්ට වඩා වෙනස්. අපට දින පහක් ඇතුළත සීජෞ වල දේශසීමාවෙන් පිටතට ගිහින් දුඅන්ජෞ වල සහය අරගන්න පුළුවන් තාක් කල්, අපිට හිතන්න පුළුවන් අපේ බිමට යාගන්න ක්‍රමයක් තියෙයි කියලා. ඒ වන විට, රාජකීය හමුදාවට අපව දිගටම ලුහුබැඳීමට අවශ්‍ය වුනත් අපට බිය වෙන්න හේතුවක් නැහැ." කතා කර අවසන් වූ පසු එම පුද්ගලයාගේ මුහුණේ තිබුණු කෝපය දුටු ඔහු තවදුරටත් කියා සිටියේ ය. "ඇත්තටම, දෙවන අණදෙන නිලධාරියා පුළුවන් තරම් මෙතනට එන්න උත්සාහ කරනවා. අපි යනවද ඉන්නවද කියන එක සාකච්ඡා කරන්න විවෘතයි."

ඒ කොල්ලකරුවන් විවිධ කඳුකර බලකොටුවලින් පැමිණි පුද්ගලයන්.
ලෙයි චංමින් සාමාන්‍යයෙන් මුරණ්ඩු පුද්ගලයෙක් වුනත්, ඔහු සහෝදරයන්ට ඉතා ත්‍යාගශීලී වුවා සේම, මාංශ සහ මත්පැන් , මුදල් සහ කාන්තාවන් ලබා දුන්නා. ඔවුන් අතින් වරදක් සිදු වුනත්, ඔවුන් කළ යුතු වුනේ සමාව ඉල්ලමින් එම කාරණය බැහැර වන තැනට වැඩ කිරීමයි. නමුත් ලෙයි ජිංෂ වෙනස් විය. ඔහු කලාතුරකින් තමාව පිටත​ට පෙන්වූවා පමණක් නොව , දඬුවම් නියම කිරීමේදීද ඔහු තරමක් දරුණු විය. ඔහු අතට පත් වූ වැරදිකරුවන් දස දෙනෙකුගෙන් අටක් හෝ නවයක් ඔවුන්ගේ අවසානය තීන්දු කරගනී. ඔහු මේ කොල්ලකරුවන්ට නායකත්වය දීම පවා විශ්මය දනවන්නකි. ඔහුට ගරු කරන අයට වඩා ඔහුට බිය වූ අය වැඩි විය. දැන් සියල්ලෝම දැඩි අසීරුතාවයකට පත්වී සිටි බැවින්, ඔවුන්ට වෙනත් අභිප්‍රායන් ඇති කර ගැනීමට පටන් ගැනීම නොවැළැක්විය හැකි විය. අධිරාජ්‍යයෙක් වන්නේ එකා පසු එකා නම් , කොල්ලකරුවන්ට එසේ ප්‍රධානියන් ​වෙන්නට නොහැකිද? එයට සුදුසුකම් සහිත තැනැත්තා ඔහු ය.

ල්‍යු එර් දෙපාර්ශවයෙන් කිසිවෙකුවත් අමනාප කරගන්නට නොහැකිව ​සුළගට වැනෙනු දුටු පුද්ගලයා පවසන්නට විය. "හොඳයි, දෙවන අණදෙන නිළදාරියා එන්නේ නැහැ, ඒවගේම ඔහු අපිට තනිවම පලා යන්න කියලත් කියනවා. මගේ කෝණයෙන් නම් අධාර්මික කෙනෙක් වගේ , ඒත් අපිට එහෙම වෙන්න බැහැ! රාජකීය හමුදාව තාමත් ඉන්නේ බ්‍යැන්ශුයි නගරයේ නේද? ල්‍යු'එර්, තමුසේ මොනවහරි හෝඩුවාවක් දාලා ආවා නෙමෙයි නේද! අපි මෙතරන අපේ කදවුර විදිහට අරගෙන පුංචි කණ්ඩායම් වලට බෙදිලා කලබල ඇති කරමු. අපිට කදු නගින්න හොඳට පුරුදුයි.
රාජකීය හමුදාව මිනිස් බලය එකතු කරගෙන අපිත් එක්ක සටන් කරන්න හැරුනොත් විතරයි අපි ආපහු හැරිලා යන්නේ. ඔවුන් කන්දට නාවොත් ඒක අමතක.කරලා දාන්න , ඒත් ඔවුන් එන්න ක්‍රමයක් හොයා ගත්තොත්, අපි උන් හැමෝවම පහලට දමමු එකෙක්ටවත් ජීවත් වෙන්න තියන්න එපා! ඔහු මනුස්සයෙක් නම් , අපි මේ සටන දාන කිහිපයක් එක දිගට කරගෙන. ගියොත් ඔහුගේ ඉවසීමේ සීමාව පනිනවා. කාලය ආවාම, අපි මාර්ගයේ වේගයෙන් ඩදිරියට ගිහින් විශාල ශක්තියක් එක්ක ඔහුගේ නිකමෝ ටිකව පරාජය කරලා දාමු! රාජකීය හමුදාව බිය වෙවකොට සීජෞ නගරය අපි අතට පත්වේවි. නැද්ද? ඒ ඉතිං ඒ ගැන මොකද කියන්නේ? අපි ඒක කරනවද නැද්ද?!"

ඉතිරි මිනිසුන් පිරිසද ඔහුගේ වදන් හමුවේ කැළඹී ගියෝ ය. ඔවුන් මේ දින කිහිපය පුරාම ජීවත් වූයේ නින්දිත පුද්ගලයන් සේ ය. රාජකීය හමුදාව අතින් ඔවුන් මැරුම් කෑවා පමණක් නොව, නිරායුධ සාමාන්‍ය ජනතාවගේ හිරිහැර වලටද ලක් වූහ. ඔවුන් හොඳ ආහරක් හෝ නින්දක් ලැබුණේ නැත. ලුඔි කන්දේ දී ඔවුන්ට මෙි තරම් දුෂ්කරතාවලට ලක් වෙන්නට ඉඩ ලැබුණේ නැහැ නේද? ඉතිං ඔවුන් වහා හඬ නඟමින් රණ ඝෝෂා නැගූහ.

"ඒක කරන්න! අපි වැඩිහිටි දිං සහෝදරයව අනුගමනය කරනවා!"

ප්‍රමෝචයට පත් , දිං නියු මහ හඬින් සිනහවෙන්නට විය. හේ තෘප්තිමත් අයුරින් හිස වැනුවේ ය. "අපි හැමෝටම රාජකීය හමුදාව අල්ලගත්ත සහෝදරවරු ඉන්නවා. මේකෙ පලිය ගන්නම ඕනේ! ෂ්‍යාඕචීයේ අපේ එ​ක මනුස්සයෙක්ව හරි මරන්න නිර්භීත වුනොත්, අපි අපේ තරහා පිට කරන්න ඔහුගෙ අය දහ දෙනෙක් මරනවා! කවුද දන්නේ, අපි ඔහුව වහලෙක් වගේ අරගෙන ගිහින් සීජෞ නඟරය අලුලගන්න කාලයක් ආවොත් , සමහරවිට ෂ්‍යාඕ ජීමිං වුත් අපි එක්ක සුහඳ වෙන්න උත්සහ කරාවි! "

කොල්ලකරුවන් වඩා උද්යෝගිමත් වූ අතර සීජෞ නගරය අලුලාගත් පසු ඔවුන් ගෙවන යහපත් ජීවිතය ගැන එකවර කතා කරන්නට වූහ. ප්‍රශංසා ලැබීමෙන්නමවන වළාකුලේ සිටි දිං නියු ට මේ සැලැස්ම කුියාත්මක වීම සාර්ථක වනු ඇතැයි මහත් විශ්වාසයක් පැන නැගුනා සේම ඔහු දැනටමත් තමන්ගේ බාල සහෝදරිය ගෙනුවාගෙන ඇයට ස්වාමිපුර්ෂයෙකු සොයා ගන්නට සිහින මවමින් සිටියේ ය., මිය ගිය පුද්ගලයා ට වඩා වඩාත් හොඳ කෙනෙක්! නමුත් ඔහුට එයටත් වඩා හොඳ අදහසක් පහලවිය-මේ ෂ්‍යාඕ චීයේද හොඳ පුද්ගලයෙකි! ඔහු ආකර්ශනීය පෙනුමකින් යුතු වූවා පමණක් නොව, ඔහු අනෙකාට වඩා උසින්ද වැඩි විය, අනර්ඝ ශක්ති සම්පන්න සිරුරක් මෙන්ම, හොඳ පවුල් පසුබිමක්ද ඔහුට තිබුනේ ය.

මේ මොහොත වන විට, දිං නියු දරුවන්ගේ සිට මුණුපුරන් දක්වාම සිහින මවමින් සිටියේ ය. නමුත් ඔහු​ට දකින්නට ලැබුණේ කන්ද පාමුල මුර සේවයේ සිටි ගෝලයා වේගයෙන් පැමිණෙන අයුරුය. "රාජකීය හමුදාව මෙහෙ ඇවිල්ලා!" යන නිවේදන ඇසෙන විට දෙවැන්නිගේ මුහුණ භීතියෙන් සුදුමැලි වී ගියේ ය.

ල්‍යු'එර් තණකොළ බිස්සට ලිස්සා ගියේ ය. ඒ පැනයන්නට වුවමනාවෙනි. දිං නියු කපටි මහල්ලාව අල්ලාගත් අතර , ඔහුව ඔසවා දිලිසෙන දරුණු බැල්මකින් යුතුව පවසන්නට විය. "ඔබ අධිරාජ්‍ය හමුදාවට ඔත්තු දුන්නාද?!"

ල්‍යු'එර් එල්ලී සිටි අතර , ඔහුගේ දිගු දෑත් ද දෙපසට වැනුනේ ය, ඔහුගේ සුදු පැහැ ඇහි බැමි පවා පොළවට ළංවී තිබුණි. ඔහු වේගයෙන් හිස වනමින් පැවසුවේ ය."මම නෙමෙයි. ඒ මම වෙන්නේ කොහොමද? ඒ මම නම් මෙහෙට එයිද? "

දිං න්‍යු ඔහුව බිමට අතහැර දැමුවේ හේ තමාවම ශක්තිමත් කර ගනිමින් උස් හඬකින් පැවසුවේ ය. "අනර්ඝයි! ඔවුන් අපේ දොර ළගටම ඇවිත් තියෙන නිසා, එහෙනම් අපි ගිහින් ම ඔවුන් ව මුණගැහෙමු. "

◈ ◈ ◈

ලෙයි ජිංෂ ඔහුගේ අශ්වයා මතට නැග ප්‍රධාන මාවතට පිවිසුනේ ය. ඔහු නැගෙනහිර දෙසින් පිහිටි කදු වනාන්තරය හරහා රවුම් ගසමින් හිඳ නැවතත් ආපසු පැමිණෙමින් සිටියේ ය.  රාජකීය හමුදා භටයන්ගෙන් අඬකටත් වැඩි ප්‍රමාණයක් දිං නියු , ල්‍යු'එර් සහ කණ්ඩායමේ සෙස්සන්ගෙන් ආවරණය වන අතර ඒ අතරේ ඉතිරි පිරිසට සීජෞ හී දකුණට වන්නට ගම්මාන හා නඟරවල වල ආරක්ෂාව සහිතව රැදී සිටින්නට සිදුවනු ඇත. ඔහු දැලෙන් පිටතට ලිස්සා ආ මත්ස්‍යයෙකු විය. 

ලෙයි ජිංෂ ඔහු සමග රැගෙනවිත් තිබුණේ ඒ මෝඩ කොල්ලා , ලී ෂ්‍යොං ව පමණී.  ඔහුට වෙනත් කිසිවෙකු අවැසි නොවුණේ ය. ඔහු මේ කොල්ලා​ව රැගෙනාවේ හේ ඔහඅව විශ්වාස කරනා නිසා ම නොව , මේ කොලුවා මෝඩයෙක් වූ නිසා ය. එහෙමනම ලෙයි ජිංෂ ඔහුව තනිවම ඇති දැඩි කළ නිසා ය. ලී ​ෂ්‍යොං වඩාත් කීකරු දරුවෙක් වූ අතර , එමෙන්ම ලෙයි ජිංෂ ට එක් බැල්මකින් පමණක් ඔහු සිතන දේ පැවසීය හැකි වූයේ ය.

ලෙයි ජිංෂ අසු පිට නැගී යද්දි , ලෘ ෂ්‍යොං දෙපයින් දිව්වේ ය. ඔහු මහත ජව සම්පන්න ලෙස අශ්වයා පසු පස දිව ආ අතර ඔහුට අශ්වයා හා සමාන පරතරයක් තබා ගැනීම අපහසු වූයේ නැත. ​ඔවුන් මේ වන විටත් මුළු රාත්‍රිය පුරාම දුවමින් සිටි අතර , ලී ෂ්‍යොං කවමත් බොළඳ බලාපොරොත්තු ඇතිව ඉතිරි සගයන් හමුවීමට බලා සිට්යේ ය.

“වතුර ටිකක් බොන්න.” ලෙයි ජිංෂ අශ්වයා පදවන අතරවාරයේදීම ඔහුට වතුර බෑගයක් වීසි කළේ ය. “අපි අද ගමනෙදි විවේක ගන්නේ නැහැ.”

ලී ෂ්‍යොං එහි පියන විවෘත කර අඩකටත් වඩා හිස් කළේ ය.

මෙය දුටු ලෙයි ජිංෂ සාප කරන්නට විය. “ඔහේ මෝඩ කොල්ලා.! ඔබ දැන් මේ සේරම බිව්වට පස්සේ රෑට බොන්නේ මොනවද? මෙච්චර වතුර බීලා ඊලඟට ඔබ මුත්‍රා කරන්න ඕනේ  ක්යලා කෙදිරිගාන එක තමයි වෙන්නේ!”

ලී ෂ්‍යොං සිනහවකින් යුතුව සිය මුව පිසදාගනිමින් සිය උදරයට තට්ටු කළේ ය. “මම එහෙම කරන්නේ නැ සහෝ!. මම දිව්වාට පස්සේ ඒක ගාණක් වෙන්නේ නැහැ!”

ලෙයි ජිංෂ වතුර බෑගය නැවතත් අශ්වයාගේ පිටේ එල්ලුවේ ය. "ඔබට බඩගිනිද?" ඔහු විමසුවේ ය.

ලී ෂ්‍යොං ඔහුගේ හිස සොලවා මෙසේ පවසවන්නට විය, “මම ඊයේ රෑ හුගක් දේවල් පුරවා ගත්තා, මගේ බඩ තාමත් පිරිලා!  අපි ආයෙමත් ලුඕ කන්දට ගිහාම මස් ආහාරයට ගන්න පුළුවන් වේවි."

මේ අනුව තව දුරටත් පුමාද නොවූ ලෙයි ජිංෂ , ලී ෂ්‍යොං සමගින් තම ගමන තව දුරටත් කරගෙන ගියේ ය.  දුන්ජෞ වල ඔවුන්ට සහය වන්නෝ සිටියහ, දුන්ජෞ හී තොතුරු සපයන්නන්ගේ කාර්යාලයට ලුශතඕ කන්ද ආරක්ෂා තර කරන්න ට කොල්ලකාර භටයන් යොදවන්නැයි පණිවිඩය දෙන්නට ද පුළුවන. ලෙයි ජිංෂ මෙතරම් ඉක්මන් වූයේ තවමත් ඔහුගේ සිතෙහි සැකසංකා මතුව තිබුණු බැවිණි. දිං න්‍යු , ල්‍යු එර් සහ සේස්සෝ අල්ලාගැනීමේ පුවත එහි යන්නට පෙර ඔහු එහි යා යුතුව තිබුණි. එසේ නොවුනහොත්, ඒ පුවත පළමුව ඔවුන් ට සැල වුවහොත්, ඔහු වසර ගණනාවක් පුරා ලුඕ කන්ද තුල ගොඩනගාගත් විශ්වාස​ය සහ කීර්තිය  හරි අඬකින් පමණ බිද වැටෙනු නියතය. අනෙක් අතට , එසේ වුවහොත්  එතරම් මිනිසුන් යෙදවීමද අපහසු වනු ඇත.

බියන්ෂුයි නගරය අවට ලී දහයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඇතුළත තිබූ තරම් දැඩි නොවන මාර්ගය දිගේ පරීක්ෂා කිරීම් ක්‍රමයෙන් ලිහිල් විය.  රාජකීය හමුදා භටයින්ගේ සංඛ්‍යාව ද එන්න එන්නම අඩු විය.  ලෙයි ජිංෂ භට පිරිස් විසින් මෙහෙයවන ලද එළවළු කෙත් යාය අසලින් ගමන් කරන විට, ඔහුට තවදුරටත් රාජකීය හමුදාවේ කිසිදු සලකුණක් දැකිය නොහැකි විය.  රාත්‍රියේදී ඔවුන් ඇළක් අයිනේ විවේක ගත්හ.  ලී ෂ්‍යං මසුන් කිහිප දෙනෙකු හෙල්ලයක ගසා පුළුස්සා ඒවා ලෙයි ජිංෂ ට කෑමට දුන්නේ ය.  කුළුබඩුවක් හෝ ඖෂධ පැළෑටි නොමැතිව, මෙලෙස මාළු ආහාර ගැනීම එතරම් ප්‍රිය නොවුනත්.  ලී ෂ්‍යොං ඒවා ඉතා ආශාවෙන් අනුභව කළ අතර උදරය පිරෙන තෙක්ම ආහාරයට ගත් හේ නින්දට වැටුණේ ය.

ලෙයි ජිංෂ අසල වූ ගිනිමැලය තබා යන්නට නිර්භීත නොවුනු අතර, ඔහු එය පස්වලින් ආවරණය කර දැමුවේ ය. ඔහ් රැයක් දවාලක් නොමැතිව අවදිව සිටීම වෙහෙස කර බව සොයා ගත් අතර ඔහු ගසකට හේත්තු වී නින්දට වැටුනේ ය. තිගැස්සී අවදි වෙන්නට පෙර ඔහුට බොහෝ වෙලාවක් නිදාගන්නට ලැබුණේ ය. 
ඔහු බිමට හේත්තු වී, හුස්ම නොගෙන ,  වනාන්තරය තුළ ක්‍රියාකාරී සලකුණු වලට දැඩි අවධානයෙන් යුතුව සවන් දුන්නේය.

අද රාත්‍රියේ සුළඟ දැඩිව සැලුනෙන් ගස් වල අතු ඒ මේ අත පැද්දෙමින් ශබ්ද හඬ නැගුවේ ය. ලී ෂ්‍යොං තවමත් නිදාගෙන සිටි අතර ඔහු උස් හඩින් ගොරවමින් සිටියේ ය. ලෙයි ජිංෂ බොහෝ වේලාවක් සවන් දුන්නේය.  ඔහුට කිසිවක් නොපෙනුනත්, ඔහුට ඒ වන විටත් සැකයක් දැනෙන්නට පටන් ගෙන තිබුණි.  ඔහු ලී ෂ්‍යොංට පයින් ගසා අවදි කර ලී ෂ්‍යොංට අශ්වයා අරගන්නැයි දෑතින් සංඥා කළේය.

ලී​ ෂ්‍යෙං ලණුව ලිහා දමද්දී, ඔහුට හිටිහැටියේම තමාගෙන් බරින් නිදහස් වීමේ ආශාවක් ඇති විය.  ඔහු කිසි විටෙකත් උදේ විවේකයක් සඳහා නතර නොවූ අතර රාත්‍රියේදී ඔහු නිදාගෙන සිටියේය.  එය තවත් ඉවසාගන්නට සිටීමට නොහැකි වූ ඔහු ලෙයි ජිංෂ ට රහසින් පැවසුවේ ය. "සහෝ, මට මුත්‍රා කරන්න ඕනේ"

ලෙයි ජිංෂ සිය දිවෙන් ක්ලික් හඬක් නගා ඔහු අනෙකාට පහර දීමට යනවාක් මෙන් මවා පෑවේ ය, පසුව ඔහුට ඉක්මන් කරන ලෙස ඉගි කළේ ය. එබැවින් ලී ෂ්‍යෙං ගස පිටුපසට ගොස් ඔහුගේ ඉණ පටිය ලිහිල් කළේය. මුතුා පිටත​​ට යන හඬ නැගෙනුනට විය. මෙතෙක් චලනය වීමේ සලකුණු නොදුටු නිසා, ලෙයි ජිංෂ මදක් සැහැල්ලු වඋයේ ය. ඔහු අශ්වයා තමා දෙසට ඇදගනිද්දි, අශ්වයා හේෂරාවය කරන්නට වූ අතර  හදිසියේම ඔහුට යමක් වැටහී ගියේ ය.  කුරුල්ලන්ගෙන් හෝ කෘමීන්ගෙන් කිසිදු හඬක් නො නැගුනේ ඇයි?

ලෙයි ජිංෂ කොදුරනු ලී ෂ්‍යොං ට ඇසෙන විටද ඔහු සිතට සහනයක් ලබාගෙන නොසිටියේ ය.“පිටවන්න!”

ලී ෂ්‍යොං කෑගැසුවේ ය, සිය වස්ත්‍රය හැද ඉණ පටිය තද.කරගත් හේ ඔහු පසුපසින් වේගයෙන් දිව යන්නට විය. ලෙයි ජිංෂ ඔහුගේ අශ්ව කසයෙන් අහම්බයෙන් ගස් අතර සැගවී සිටි සෙවණැලි වලට පහර දුන්නේ ය. සුළඟට පැද්දෙන ගස් අතු පෙනුනේ යක්ෂයන් සිය දත් විළිස්සාගෙන නියපොතු අමෝරාගෙන ඔහුව සෑම පැත්තකින්ම වටකරගෙන ඇති සේයි.

ලෙයි ජිංෂ දහදියෙන් නැහැවී යන තෙක්ම දිව යන්නට විය.. ඔහුට මෙතරම් දහදිය දමන්නේ කැමටදැයි ඔහු දරනසිටියේද නැත. හමන සුළඟින් ඔහුගේ පිට ශීතලවී තිබුණි. ඔහු ආපසු ලී ෂ්‍යෙං දෙස හැරී බලන්නටවත් උත්සහ කළේ නැත; ඔහුට අවශ්‍ය වූයේ හැකි ඉක්මනින් මේ වනාන්තරයෙන් ගැලවී යන්නට ය. ඔහු යට සියි අශ්වයා මේ වන විටත් දිවීමෙන් වෙහෙසට පත්ව සිටියේ ය. ඔහු කෙතරම් ඌට පහර දුන්න ද, ඌ දවාලෙහි දිවූ තරම් වේගයෙන් ධාවනය කලේ නැත.

ඔහු දෙසට ඝෝෂාකාරී ලෙසින් පියවරයන් ළං විය. එය යම් කිසි මැවුම්කරුවෙකු ලෙයි ජිංෂ ව ලුහුබදින්නාක් සේ ය. ඔහු ගස් දැල හරහා හිස ඔසවමින් වනාන්තරයෙන් පිටතට ආ නමුත්, වහා පසුපසට වූ ඔහු , ඔහු බලහත්කාරයෙන් අශ්වයා රඳවා තබාගෙන, ඉදිරිය දෙස බලා සිටි අතර , ඔහුට හුස්ම ගැනීමද අපහසු වූයේ ය.

ෂ්‍යාඔ චීයේ ගේ වස්තු වල අත් කබා සුළගෙහි ලෙල දුන්නේ ය. ඔහුගේ උරහිස මත වඩා සිටි උකුස්සාගේ හිස පසෙකට ඇල වී ගියේ ය.  ඔහුගේ පිටුපසින් අදුර පැතිරී යමින් තිබෙන බවක් පෙනුණේ ය. ඒවා ලෙයි ජිංෂ ගේ අත් පා බර කරමින් , ගිලගෙන නිශ්චල තත්වයකට පත් කරන්න ට සමත් විය; අශ්වයාගේ පිටමත වූ ඔහුගේ සිරුර ශීතලෙන් මිදී ගියේ ය.

ලෙයි ජිංෂ ගේ උගුරෙන් රළු හඬක් පිටවූයේ ය.  ඔහු නැවත පියවි සිහියට පැමිණ ආපසු හැරී යාමට පවා සිතුවේය, නමුත් රාජකීය හමුදාව ඔහු වට කරගෙන සිටියේ ය.  ෂ්‍යාඕ චීයේ හිතාමතාම ඔහුගේ මිනිසුන් වනාන්තරයේ සඟවා තිබුණි;  එහි ප්‍රතිඵලයක් වශයෙන්, ලෙයි ජිංෂ ට ඔහු මිනිසුන් කී දෙනෙකු රැගෙන ආවද යන්න අනුමාන කරන්නට නොහැකි විය - මෙය ලෙයි ජිංෂ කළ  මුල් රැවටීමට වූ ප්‍රතිප්‍රහාරයක් විය, ඉතිං ලෙයි ජිංෂ නිරර්ථක ක්‍රීඩාවක අතකොළුවක් වීම අත්විඳිමින් සිටියේ ය.

“ඉතිං යන්න.තව දුවන්න.” ෂ්‍යාඕ චීයේ දැඩි හඬින් පැවසුවේ ය.

ලෙයි ජිංෂ ලණුව මුදා හැර අත් දෙකම ඉහළට තැබීය.  ඔහු පැවසුවේ ය. “ඔබ දිනුම්.  මම පරාජය පිළිගන්නවා.”

ලං තාඕ ෂුඒ ජින් ඌගේ හිස අනෙකාට ළං කළේ ය.  ෂ්‍යාඕ චීයේ කිසිවක් පැවසුවේ නැත.

ලෙයි ජිංෂ තම අශ්වයාගෙන් සෙමෙන් ලිස්සා ගොස් දෑත් ඉහළට තබාගෙන මරණය දක්වා සටන් කිරීමට තමාට කිසිදු අදහසක් නැති බව ඇඟවීමට උත්සහ කළේ ය.  ඔහු තත්වය ගැන ඉතා හොඳින් දන්නා බව පෙනෙන්නට තිබුණි.  බිමට බැසීමෙන් පසු, ඔහු තම ඉන පසෙක පුළුල් කඩුව ඉවත් කර, එය බිම තැබීමට නැමෙන විට ෂ්‍යාඔ චීයේ දෙස බැලුවේය. ඉන් පසු ඔහු පවසන්නට විය. “අපිට තාම කතා කරන්න පුළුවන්”

ඔහු උද්යෝගිමත් හා උනන්දු සහගත බව වැඩි වී තිබුනෙන්  ෂ්‍යාඕ චීයේ කිවේ ය. "කියාගෙන යන්න."

ලෙයි ජිංෂ ඔහුගේ හුස්ම ගැනීම සන්සුන් කරගත්තේ ය.  සීතල දිලිසෙන තලවලින් වටවී, ඔහුගේ නළලතින් ගලන දහදිය හමුවේ ඔහු පවසන්නට විය, “ඔබ ​ආයෙමත් ලීබෙයි වලට යනවනේ, ඒ නිසා ඔබට සීජෞ වල ඒතරම් කාලයක් ඉන්න වෙන්නේ නැහැ. දැන් මාව මැරුවා කියලා ලුඕ කොල්ලකරුවන් එන එක නවතින්නේ නැහැ. ඒකෙන් වෙන්නේ , ස්ථාවර වෙලා තියෙන දුන්ජෞ සහ දුඅන්ජෞ තවත් අවුල්ජාලාවකට ඇද දමන එකයි. ප්‍රාන්ත දෙකේම තත්වය ස්ථාවරව තියාගෙන  ආරක්ෂක භටයන් නැවත ගොඩනඟා ගන්න සීජෞ ට ප්‍රමාණවත් කාලයක් ලබා දීලා මට යන්න දුන්නොත් කොහොමද? ”

අහසේ කාකයෙකු කෑ ගැසුවේ ය. මෙං උකුස්සා තමාවම දැඉි කරගත්තේ ඊලගට සිය තටු විහිදුවා, සුළඟ හරහා පියාසර කරන්නට විය, පැද්දෙමින් සර සර නගන කැලයට පියාසර කළේ ය. ඉන්පසු අවට වූ වටපිටාව නොසන්සුන් වන්නට විය. ලෙයි ජිංෂ මේ මුළු කාලය පුරාම බලා සිටියේ ෂ්‍යාඔ චීයේ දෙසය, ඒ ඔහුට සාර්ථකත්වය ගැන විශ්වාසයෙන් සිටින බව ඔප්පු කරගන්නට ය, මේ ඔහුගේ ගමන් මාවතේ අවසානය නොවීය යුතු ය.

ෂ්‍යාඕ චීයේ හස්තයක් ඔසවා ඔහුගේ ඉණෙහි පැත්තක් ස්පර්ශ කළේ ය.

දෙදෙනා එකිනෙකා හා මුහුණට මුහුණලා සිටගෙන සිටියේ ය. මෙං ක්ෂණයකින් කඩා පැන කාකයා ඉරාදරමුවේ ය  ලෙයි ජිංෂ හදිසියේම ඔහුගේ පුළුල් අසිගත අතට ගෙන එහි කොපුවෙන් ඉවතට විසි කළේය.  ඔහු ඉදිරියට ඇදී ගියේය.  ඔහු සිය පාදවලට ශක්තිමත් ලෙස පියවර ගනිමින් , ඔහු ඉහළ අහසට නැඟී පළල් අසිපත ගෙන එක එල්ලේම ෂ්‍යාඕ චීයේ ගේ මුහුණ දෙසට එල්ල ක​ළේ ය. අසිපත් තල එ​කිනෙක ගැටුනේ  ප්‍රචණ්ඩ හා ප්‍රබල ආකාරයෙන් වන අතර ඒවා එකමත ඇදී යද්දී දීප්තිමත් ගිනි පුපුරු පවා ඇති විය.

දින කිහිපයක සිට පැවති උණුසුම් කාලගුණය සුළඟට මධ්‍යයේ පහවී ගියේ ය.  උදෑසන පැහැදිලි හා දීප්තිමත්ව තිබුණු අහස මේ වන විට  අඳුරු වලාකුළු වලින් වැසී තිබුනේ ය.  බෝංචි ඇටවල ප්‍රමාණයේ වැහි බිංදු කිහිපයක් බිමට ඇද වැටුණු අතර, හදිසියේම වැසි කුණාටුවක් පැමිණීයේ, ස්වර්ගයට පවා එහි වූ උණුසුම දරාගන්නට නොහැකි වූවාක් මෙනි.

ලී ෂ්‍යො, ලෙයි ජිංෂ ට මගහැරී තිබූ පුද්තලයා , වර්ෂාව මධ්‍යයේ සිදු වන සටන් වල හඬ ශ්‍රවනය වන්නට පෙර බොහෝ වතාවක් වනයේ රවුම් ගසා තිබුණේ ය. ඔහු සිය මුළු ශක්තියෙන් අතු සහ කොළ පසෙකට දමා මඩ සහිත ජලය පාගා දමමින් ඔහු ශබ්දය ඇසෙන පෙදෙසට යන්නට විය.  ඔහු පෙරලී ගිය විට, රාජකීය හමුදාව ඔහුවෙතට පැමිණියේ අසිපත් අමෝරාගනිමිනි.  ඔහු නිරායුධව සිටි නමුත්, බලාපොරොත්තු සුන් වූ මොහොතක, වර්ෂාව මධ්‍යයේ නිරායුධව සිටින ලෙයි ජිංෂ දුටු විට , ඔහු හඬ නගමින් අනෙක් පස හැරී වියැකී ගිය පාත්‍රයක දාරය තරම්වත් ඝණ නොවූ ගසක එල්ලෙන්නට විය.

“සහෝ!” ශක්තිමත්, සීමා රහිත ජවයකින් හෙඹි ගොනෙකු මෙන් , ලී ​ෂ්‍යාං රාජකීය හමුදාව සී සීකඩ විසිරුවා හැරියේ ය.

ෂ්‍යාඕ චීයේ ලී ෂ්‍යොං ට එවැනි ශක්තියක් ඇතැයි බලාපොරොත්තු වූයේ නැත. ඔහු ලී ෂ්‍යොං විසින් හංවඩු ගසා තිබූ ගසෙන් ඉවත​ට ගියේ ය. අසිපතකට මැදිවී සිටි ලෙයි ජිංෂ , මෙම අවස්ථාව තම පුයෝජනයට ගෙන ලී ෂ්‍යොං දෙසට පසු බැස්සේ ය. ලී ෂ්‍යොං ගේ අසාමාන්‍ය ශක්තිය සහජයෙන් ලැබී තිබූවක් වූ අතර එය ෂ්‍යාඕ චීයේ ගේ ශක්තියටත් වඩා භයානක වූයේ ය.  ඔහු ඒ සියලු අසිපත් තල ඉනතට කළේ ගස් කළ දෙපසට වනමිනි. ​​"සහෝ, මම ඔබව පිටේ තියාගෙන අරගෙන යන්නම්!"

ලෙයි ජිංෂ , ලී ෂ්‍යොං ගේ පිට මතට පැන්නේ ය. ගස ආධාර කරගත් ලී ෂ්‍යොං ඉදිරියෙන් වූ මාර්ගය ට වටයක් කරකැවී පිවිසියේ ය. ඔහු අසිපත්වලට හෝ තල වලට බිය වුනේ නැත, එහෙම ඔහු ෂ්‍යාඕ චීයේටද බිය වඋයේ නැත. අළුත් උපන් පැටවඅන්ගේ ස්වභවෙය එබඳු වූයේ ය; ඔහුගේ දෑස් වල පැවකියේ ඔහු ගේ වැඩිමල් ​සහෝදරයා වන , ලෙයි ජිංෂ ගේ ජායාව පමණකි! දෑත් කෑපි යනවිට පවා ලී ෂ්‍යොං ට වේදනාවක් දැනුණේ නැත. ඔහු තමාට ඉදිරියෙන් සිටි මිනිස් පවුරට පා පහරක් ගසා  ධාරානිපාත වර්ෂාව මධ්‍යයේ ලී ෂ්‍යොං සිය පිට මත තබාගෙනම වැනයට කඩා වැදුණේ ය.

ලෙයි ජිංෂ ගේ සිරුරින් වැගිරුණු රැධිරයෙන් ලී ෂ්‍යොං ලේ පිට රත් පැහැ ගැන්වීනි.

ලී ෂ්‍යොං ඔහුගේ මුහුණ පිසදමමින් හඬන්නට විය. “සහෝදරයා! මැරෙන්න එපා!”

ලෙයි ජිංෂ එතරම් ලේසියෙන් තම ඉරණම පිළිගන්නා පුද්ගලයෙක් නොවීය. ඔහු දුඅන්ජෞ හි ජූ වංශය තුළ එතරම් යහපත් ආකාරයෙන් ගත කළේ නැත. ඔහුගේ පියා මවගේ අසමත් වෘම නිසා , හේ ඔහුගේ වාසගම වෙනස් කර ලෙයි ජිංෂ ලෙස ඔහුට ආමන්ත්‍රණය කළේ ය.  ඔහු ලුඕ කන්ද තුළ දී  බොහෝ වාරයක් අනතුරුවලට ලක් වි සිටි අකර, දේවල් යහපත් අතට හැරෙන තෙක් බලා සිටීමට ඔහුට හැකි විය.  නමුත් ෂ්‍යාඕ චීයේ පැමිණියේ හදීසියේ කඩාපාත් වූ වර්ෂාවක් මෙනි.  ඒ ඔහු කිසිදා නොසිතූ නොදුටු ප්‍රපාතයේ අද්දර වූයේ ය. එය තවමත් ඔහුගේ අවසානය නොවිය යුතු යැයි ඔහු සිතුවේය, නමුත් සිදුවීම්වල සමතුලිත්තාවන්  ඔහුට එරෙහිව හැරෙමින් සිදුවන ආකාරය බලා සිටින්නට ඔහුට සිදු වූයේ ය.

“මඟුල…” ඔහුගේ තුවාලය ආවරණය කර ගනිමින්, ලෙයි ජිංෂ පැවසුවේ ය, “කට වහගන්න!”

ලී ෂ්‍යොං තමා පිටුපසින් ඇසෙන අශ්ව කුර හඬට සවන් දෙන අතරේ දත්මිටි කමින් සහ මුහුණ ඉහළට ඇලකරගෙන ඉවතට ඇදී ගියේය.  මේ පිරිමි ළමයා ඇත්තෙන්ම අසාමාන්‍ය විය;  සාමාන්‍ය අශ්වයන්ට පවා ඔහුව අල්ලා ගැනීමට නොහැකි විය.  නමුත් ෂ්‍යාඕ චීයේ ගේ ලං තාඕ ෂුඑි ජිං අසාමාන්‍ය විය.  ඇසිපිය හෙළන සැණින් ඌ ඒ වන විටත් ඔවුන් ව අල්ලාගෙන සිටියේ ය.

ලී ෂ්‍යොං ඔහුගේ උපරිමය කළ නමුත්, ඔහු ඇළ හරහා පනින විට, ඔහු හදිසියේම හිර වූයේ ය.  ඔහු තවමත් වැඩෙමින් සිටි අතර, ඔහු තම පාද මත පතිත වූ විට ඔහුගේ සමබරතාවය නැති විය.  එහි ප්‍රතිපලයක් වශයෙන් ඔහු අදගෙන වැටුනේ ය.  ඔහු වේදනාවෙන් හුස්මක් ඇදගනිද්දී පවා , ඔහු ලෙයි ජිංෂ ව ඉහළට ඇදගෙන ගියේ , තවමත් ඔහුව පිටේ තබාගෙන පලා යාමට අදහස් කරමිනි.

“ෂ්‍යාඕ !” තමාව මෙවර නම් ඔහුගෙන් ගැලවීමක් නොමැති බව දැනගත් ලෙයි ජිංෂ පැවසුවේ ය, “ඔබ මට ජීවත දානය දෙනවා නම් , ලුඕ කන්දේ කොල්ලකරුවෝ ඔබේ අණ පිළිපදීවි! මත තවමත් යම් කිර්තියක් තියෙනවා. මගෙන් ඔබට ​ප්‍රයෝජනයක් තවමත් ගන්න පුළුවන්!”

ෂ්‍යාඕ චීයේ සිය ලං ලිං අසිපතේ වූ රුධිර බිදු පිසදා හැරියේ ය. ලං තාඕ ෂුඒ ජිං හඳිසී දිවීමකට සූදානම් ව ඌගේ කුර දෙවරක් පොළවෙහි ඇතිල්ලුවේ ය.

ලෙයි ජිංෂ ලී ෂ්‍යොං ගේ මුහුණ ඇඹරුවා.  ඔහුගේ ප්‍රචණ්ඩ ගැස්ම මධ්‍යයේ ඔහුගේ කටහඬේ වෙනසක් ඒ වන විටත් ඇති වී තිබුණේ ය.  ඔහුට මිය යන්නට අවැසි නොවුණේ ය. “ෂ්‍යොං සායි, ඔහුව මරන්න, ඔහුව මරන්න!” යැයි පවසද්දී ඔහුගේ හස්තය මත වූ ග්‍රහණය දැඩි වූයේ ය.

ලී ෂ්‍යොං ගේ මුහුණ මතින් වැසී බිඳු ගලා ගියේ ය. කොරවූ පාදයක් සඑිකව , ඔහු සිය දෑත් විහිදඅවා ඔහුගේ යටි කය කරකැවූයේ ලං තාඕ ෂුඒ ජිංව තල්ලු කරන්නට වුවමනාවෙනි. ඔහුගේ ශක්තිමත් සිරුර වෙව්ලන විට, ඔහු ෂ්‍යාඕ චීයේ දෙස බැලූ අතර , පසුව ග්‍රහණය මුදා හැරියේ ය. ඔහු සිය දෑත් ලං තාඕ ෂඅඒ ජින්ගේ ගෙල වඩා ඔතාගනිමින් ඌගේ ශරීරයේ ගැටුනේ ය. ඔහු එතරම් සටන් කලා චලනයන් දැන සිටියේ නැත, නමුත් පැහැදිලිවම ඔහුගේ පාදයෙන් කළ වේගවත් පහර බියන්ෂා ගෝත්‍රිකයන්ගේ මල්ලවපොර ශිල්පීය ක්‍රමයක් වන්නට ඇත., ඔහු ලං තාඕ ෂුඒ ජින්ව මඩ සහිත ජලයට වීසි කර දැමුවේ ය.

ෂ්‍යාඕ චීයේ තරුණ පෙනුමක් සහිත මුහුණක් ඇතී ලී ෂ්‍යොං ව , වස්ත්‍රයේ කරපටියෙන් අල්ලා එසවූයේ ය. දෙවැන්නා පොරබදමින් ෂ්‍යාඕ චීයේ ගේ හස්තයට පහර දෙන අතරේ කෑගැසුවේය. “සහෝ, දුවන්න!”

ලී ෂ්‍යොං ව ඇදගෙන යමින් , ලෙයි ජිංෂ මඩ ගොහොරුවේ පෙරලී යන ආකාරය දෙස ෂ්‍යාඕ චීයේ බලා සිටියේ ය. ඔහු හඹා නොගියේ ය. ලී ෂ්‍යොං ඔහුව දත් වලිව් සපා කෑ අතර ෂ්‍යාඕ චීයේ ඔහුගේ කර පටියේ පිටුපසින් අල්ලා ඔහුව සෘජුවම මඩ සහිත පොළවට ගැසුවේ මුහුණේ නාසය හා මුව ගිලී යන පිරිදි ය, ඔහු ප්‍රචණ්ඩකාරි ලෙස අරගල කරනා තෙක්ම ඔහුව ඔබාගෙන සිටියේ ය..

“ඔහුව බැඳලා දාන්න.”

ෂ්‍යාඕ චීයේ , පසුව එහි පැමිණි රාජකීය හමුදාවට පවසනු ලී ෂ්‍යොංට ශ්‍රවනය විය . ඉන් පසු අසිපත් තලයක මිට ඔහුගේ ගෙල පිටුපසට වැදී සිහිසුන් කර දැමුවේ ය.

මඳ වේලාවකින් වර්ෂාව නතර වී ගියේ ය. තන්තායි හූ අශ්වයා පිට පැමිණියේ ය.  ෂ්‍යාඕ චීයේ ලං තාඕ ෂුඑි ජින්ගේ සිරුරේවූ මඩ පිස දමන්නට වූයේ දැන් ය. තන්තායි හූව දුටු ඔහු එක් අතකින් පිසදැමීමට යොදාගත් බාහු රෙදි කඩ ගලවා තන්තායි හුට සංඥා කළේය.

“ස්වාමිණි.” තන්තායි හූ පැවසුවේ ය. “මම වහාතව ක්‍රියාත්මක වෙන විදිහට ගිනිකොන දිශාවෙන් ඔහුව හඹා යන්න පිරිසකට අණ දුන්නා.  ඔහුට වැඩි දුරක් යන්න බැරි වෙයි.”

නමුත් ෂ්‍යාඕ චීයේ අසන්නට වූයේ වෙනකකි "වනාන්තරයේ හිටපු කොල්ලකරුවෝ ටිකව අල්ලගත්තා ද?"

තන්තායි හූ සිතුවේ ඔවුන්ගේ හිස් ගණන් කරන්න ට ෂ්‍යාඕ චීයේ ට අවැසි ව තිබෙන බවත් සිය යටත් නිළදාරියා යවා වාර්තා පොත් නැවත රැගෙන ඒවම අවශ්‍ය බවත් ය. නමුත් අනපේක්ෂිත ලෙස , ෂ්‍යාඕ චීයේ සතසිය දෑගිලි මත වූ රැධිරය පිසදාගත් වහා පවසන්නට විය, “.ත ඔබ ඔවුන්ව අල්ලගත්තනම් සේරම හොඳින් වෙයි. මට පෙන්වන්න අවශ්‍ය නැ. ගිහින් සූදානම් වෙන්න. අපි ආයෙමත් නගරයට යනවා.”

තන්තයි හූ පුදුමයට පත් විය. ෂ්‍යාඕ චීයේ ඒ වන විටත් එය ලං තාඕ ෂුඒ ජින් මත තැබීම සඳහා සෑදල රැගෙන ගොස් ඇති බව දුටු ඔහු ඔහු සමඟ පියවර කිහිපයක් ඇවිද ගොස් මෙසේ පැවසීය: “ස්වාමියාණෙනි, කොටියාට ආපහු කදුකර වනාන්තරයට යන්න ඉඩ දුන්න එකෙන් වුනේ අනාගතේ කරදර වලට අඩිතාලම දාපු එ​ක නෙමෙයි ද?"

ෂ්‍යාඕ චීයේ සෑදලයේ මඩ පිසදමන අතරේ පවසන්නට විය, “මම ඔහුට යන්න දෙනවා විතරක් නෙමෙයි , මම ඔහුව පිටත් කරන්නේ තුර්ය ඝෝෂා හඬ මැද්දෙමයි   ඔහු පසුපස යන්න මිනිසුන් කණ්ඩායම් කිහිපයක් අර ගන්න.  ඔහුට පිහියෙන් ඇනලයි ත්යෙන්නේ;  ඔහුට මඟදී මියයන්න දෙන්න එපා.  ඔහුව දුඅන්ජෞ භූමි සීමාවට යවන්න.  අනිත් කාරණා ගැන කරදර වෙන්න අවශ්‍ය නැහැ.”

ඔහුගේ අභිප්‍රාය තේරුම් ගැනීමට තන්තායි හූ ට ඔහුගේ මොළය භාවිතා කරන්නට සිදු විය.  ඔහු සිනාසෙමින් පවසන්නට විය, “එහෙනම් මම යන්නම්.  ස්වාමිනි, මම මිනිසුන් දුසිම් ගණනක් ම අරාගන එන්නම්.  දින තුනක් ඇතුළත ඔහුව දුඅන්ජෞ වලට අරගෙන යනවා කියලා මම සහතික වෙනවා."

ෂ්‍යාඕ චීයේ ලෙයි ජිංෂ පළාගිය දිශාව දෙස ශීතල බැල්මකින් යුතුව බලාගෙන සිටියේ ය.  තෙතබරිත වූ මෙං ඔහුගේ උරහිස මතක පියඹා විත් ඌගේ රැධිරය වැකුණු පියාපත් ගසා දමන්නට වූයේ ය. ෂ්‍යාඕ චීයේ තම ලං තාඕ ෂුඒ ජිංව පිස දමන්නට භාවිතා කල රෙදි කඩෙන්ම මෙං ගේ පියාපත් පිස දැමුවේ ය. ඔහු පවසන්නට විය.  “හරියට ඔසවන්න.  මම ඔබ වෙනුවෙන් ඒවා පිරිසිදු කරන්නම්. එහෙම නැති වුනොත් , ඔබ ලන්ජෞ ව දැකලා ඔහුගේ උරහිස්වල ලේයි රැධිරයයි තැවරුවොත්, මට තමයි ඔහුගේ ඇදුම් සෝදන්න වෙන්නේ! "



ආදරෙයි වෘක පැටව්නේ!




Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-