මුළු දිනය පුරාවටම කුසගින්නෙන් පෙලුණු ලෙයි ජිංශ ඌරු ගාලක් එහාපස සිදගත්තේ බඳුනක්ද අතැතිවයි. ඔහු වෙහෙසින් යුතුව උපයාගත් ඒ ඉරිගු මුවට රුවාගනිමින් ගිල ගත්තේ ය. ඔහුගේ එක් යටත් සඟයෙකුද ඔහුට එහා පසින් හිදගත්තේ ය. ඔහු දිං තාඔ හා සමවයසක සිටි මඳක් සෙල්ලක්කාර පුද්ගලයෙකි. නමුත් හේ ගවයෙකු සේ ජවසම්පන්න බවක් ද ඉසිළුවේ ය. ඔහු තම ආහාර බඳුනද කෑදර ලෙස ගිලදමන්නට වූයේ ලෙයි ජිංශ අනුව යමින්.
මුළුතැන්ගෙයි විවෘත වූ ජනේලයෙන් හිසක් එබුණු අතර , ඒ මිනිසා කලතන්නට ගත් හැන්දෙන් අතෙහි වූ බඳුනේ දාරයට තට්ටු කරමින් කෑගැසුවේ ය."මෙතන සුප් හොදි ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ඔබලට ඒවා ඕනෙද? ඔහෙලට ඒවා ඕනෙනම්, ඉක්මනට ඉන්න තැන්වලින් පශ්චාත්බාගයත් උස්සගෙන එනවලා!"
"ඔව්, ඔව්. අපිට ඒවා ඕනේ!" ලී ශ්යොං සිය මුවට රුවාගත් නූඩ්ල්ස් ස්වල්පය ගිලදමා අහවර වන්නටත් පෙර ජනේලය වෙතට දිවයමින් සිටියේ ය. ඔහු සිය බඳුන භාජනය වෙතට ලං කරද්දී ඔහුගේ අතෙහි පිටි අත්ලෙන් මුව පිසදැමුවේ ය. ඔහුගේ දෑස් පැහැදිලි ලෙස පෙනුනු සුප් බදුනෙන් කිසි විටෙකත් ඉවතට නොගියේ ය.
"ඔබට හොදටම බඩගිනි වෙලා නේ." සූපවේදියා භාජනයේ පතුලද සූරා දැමුවේ ය. "ඔබේ වැඩිමල් සහෝදරයට කියන්න පහළට ගිහින් හොඳ අවංක රැකියාවක් හොයා ගන්න කියලා. එතකොට ඔබට මේ තරම් බඩගින්නේ ඉන්න වුවමනා නැහැ!"
"මගේ සහෝදරයා වැදගත් දේවල් කිහිපයක් කරන්නයි යන්නේ!" ලී ශ්‍යඔං බදුනේ පසෙකින් සුප් බිදු වැගිරෙන අයුරු දුටු අතර , ඔහු එය වටා ඇගිලි ගෙන ගොස් සිය මුවට ඇතුළු කරගනිමින් ලෙව කෑවේ ඒවා අපතේ යන්නට ඉඩ නොතබමින්.
සූපවේදියාද ඔහුගේ ජීවිතයේ මුල් කාලයේ ශක්තිමත් පුද්ගලයෙක් වූයේ ය. ඔහු පිළිවැස්ම ඔසවා ඔහුගේ නළලතෙහි වූ දහඩිය පිසදමාගත්තේ ය. ලී ශ්යොං කෙතරම් ශක්තිමත් ද කෙතරම් යහපත් ගතිගුණ ඇති අයෙක්ද යන්න දුටු ඔහු , අනෙකාගේද දහඩිය පිසදමා පිළිනොගන්නා මුණුහුනුවරකින් යුතුව පවසන්නට විය."ඔබේ මුහුණ් භාජනයක පතුල තරම් අදුරු වෙලා. ඒවගේම ඔබව බලා ගන්න නිවසේ කවුරුවත් ඇත්තෙත් නැහැ. ඒයි, ඔහොම ඉන්න. ඔබ මොන වගේ වැඩකටද දවස පුරාම කාර්යබහුල වෙලා ඉන්නේ? අඩුම ගාණේ මේ දරුවව ටිකක් පිරිසිදු කරන්න!"
ලෙයි ජිංශ සූපාවේදියා දෙස බලා සරලව සිනහවක් පෑවේය. ඔහු තවමත් අච්චාරු දැමු එලවලු සපමින් සිටියේ ය. ලී ෂ්යොං සිය බදුනෙහි වූ සුපය ලෙයි ජිංශ ගේ බඳුනට වත් කලේ නිදානයක් ලබාදෙනවාක් මෙනි. ඔහු පවසන්නට වූයේ මහත් උත්සුක බවකිනි, "සහෝ! ඔයා මෙ ටික කන්න!"
"හොඳ දරුවා!" ලෙයි ජිංශ නැගිට ආචාර නොකළේ ඔහු එ වන විටත් හිස ඇලකරමින් පානය කරමින් සිටි නිසා ය. පානය කර අවසන , ඔහු සිය හිසට ඉහලින් වූ ඉර දෙස බැල්මක් හෙළුවේ ය. ; එය කෙතරම් උණුසුම් වූයේ ද යත් ඔහුව දහදියෙන් නැහැවෙන්නට පටන් ගත්තේ ය. ඔහු රිදුම්දෙන දෑස් පොඩි කර , ඔහුගේ පාද චලනය කල ඔහු , හුස්ම යටින් ශාප කරන්නට වූයේ ය. "හෙනම ගහපිය!"
"හෙනම ගහපිය," ලී ෂ්යොං ඔහුව අනුකරණය කළෙ ය. ඔහු නැගීසිට ලෙයි ශිංෂ ව හිරු එලියෙන් ආරක්ෂා කරන්නට වූයේ ය.
ලෙයි ජිංශ දණහිස මත අතක් තබාගනිමින් පවසන්නට විය."පිටත තත්වය කොහොමද?"
ලී ෂ්යොං ගෙල දිගු කරමින් වටපිට බැලුවේ ය. ඔහු කුඩා හඩකින් පිළිතුරු දුන්නේ ය. "ඔවුන් තවම හොයනවා!"
කෝපයට පත් වතින් යුතුව් , ලෙයි ජිංශ තම හිස පහතට හැරවූයේ , ඔහුගේ ගෝනුසු පච්චයක් කොටා තිබූ දහදියෙන් තෙමී ගිය ගෙල නිරාවරණය කරමිනි. හේ සජෞ වෙතින් පලා ආ පසු තම මිනිසුන් විසිරුවා හැරියේ ය. කුඩා කල සිට හදාවඩාගත් මෙ මෝඩ කුඩා කොළුවා සමග ජනාකීර්ණ කුඩා නගරයකට රිංගා ගත්තේ ය. ඔහු වාඩිරි රාජකීය හමුදාවේ පාත්තයන් යඹා යන ක්‍රීඩව දෙස බලා සිටියේ ය. ඔහු බලා සිටියේ ෂ්‍යාඕ චීයේගෙ ඉවසීම ඉක්මවාගොස් ඔහුගේම සොල්දාදුවන් විසිරුවා හැර ඔහු පසුපසම හඹා එන්තෙක් ය. ෂ්‍යාඕ චීයේ එයින් කිසිසේත්ම නොයිවසිලිමත් නොවෙනු ඇතැයි කවුද දැනගෙන සිටියේ? ඒ වෙනුවට, ඔහු මේ මාර්ගය අවට ගින්නක් අවුළුවාලමින් සෑම තැනකම මිනිසුන් කනස්සල්ලෙන් හා භීතියෙන් දැවෙන තුරු එයට දැවෙන්නට ඉඩ හැරියේ ය.
"සහෝ, රාජකීය හමුදාවේ ත්‍යාග මුදල් නම් හරිම නරයි." ලී ශ්‍යෙං පැයසුවේ විශ්මයෙන් යුතුවට. "ඒවා සාහා්දරයන්ට මත්පැන් ටිකක් ලබා දෙන්න වත් ප්‍රමාණවත් වෙන්නේ නැහඅ. ඒත් ඇයි මේ තරම් පිරිසක් ඒ වෙනුවෙන් යන්නේ?"
"ඒ ඇත්තටම ත්‍යාග මුදල හුගක් පුංචි නිසයි ." ලෙයි ජිංශ ගේ දහදියෙස් වැසී ගත් ඇහිබැමි යට පිහිටියේ දීප්තිමත් දෑස් යුගලකි. "ඔහු දෙන ත්‍යාග මුදල ඇත්තටම සාධාරණයි."
ෂ්‍යාඔ චීයේ රිදී කැබලි කිහිපයක් ත්‍යාග මුදල ලෙස නියම කළා නම් , සාමාන්‍ය ජනතාව ඔහුගේ තොරතුරු සපයන්නන් වීමට කිසිසේත්ම කැමති නොවෙයි. චොංබෝ මෑත වසරවලදී බොහෝ ව්‍යවසනයන් ට ගොදුරු විය. කොල්ලකරුවන් බලහත්කාරයෙන් පාලනය කළ නිසා ත්‍යාග මුදල වැඩි වන තරමට, ඔවුන්ගෙන් ඉල්ලා සිටින දේ කිරීම පහසු කාර්යයක් නොවන බව ඒත්තු ගැන්වෙයි - එය ඔවුන්ගේ ජීවිතය තුල සතුටින් ගත කළ හැකි කාර්යයක් බව ඔවුන් පැහැදිලි කල ඉගියක් විය. නමුත් එය වටින්නේ තඹ කාසි නිහිපයකටය. කොල්ලකරුවන්ගේ හෝඩුවාවන් සොයා ගැනීමෙන් පසු ඔවුන්ට තිබුනේ රාජකීය හමුදාවට දැනුම් දීම පමණි.එය පිළිබදව කිසිවෙක් දැන නොගනු ඇත. ඒ තඹ කාසි කිහිපයක් පමණක් වූ හෙයින් , ඒ සියල්ල ක්ෂණයකින් වියදම් වීම සාමාන්‍ය දෙයක් විය. මේ කොල්ලකරුවන් නැවතත් පැමිණියද කිසිවෙකුට ඔවුන්ව හඹායන්නට නොහැකි වනු ඇත.
"එතකොට, අපි දැන් මොකද කරන්නේ?" ලී ෂ්‍යං හිසේ සෙට දෙපතුල දක්වාම දහදියෙන් නැහැවී සිටියේ ය. ඔහු ලෙයි ජිංෂ දෙස බැලුවේ ය. "සහෝ, ඇයි අපි කෙලින්ම ඉදිරියට ගිහින් ඒක කරන්නේ නැත්තේ. ඔහුට ඉන්නේ විසිදහසක පිරිසක් විතරයි."
ලෙයි ජිංෂ ටද නොසන්සුන්තාවයක් දැනුණේ ය. ෂ්‍යාඔ චීයේ ගේ අභිප්‍රාය ගැන ඔහුට පැහැදිලි කරගන්නට නොහැකි විය. ෂ්‍යාඔ චීයේ ට අවශ්‍ය වූයේ ඔවුන්ට නිශ්චලව සිටීමට හෝ සැඟවී සිටීමට නොහැකි වන පරිදි නොසන්සුන්තාවයෙන් යුතුව ඉවත් වෙන්නට බල කරන්නයි. නමුත් ඔහු අතිශයින්ම පැහැදිලි මනසකින් යුක්ත විය. තමන් නායකත්වය දෙන පිරිස නැඟෙනහිර ප්‍රාන්ත ද්විත්වයෙන් එකට එකතු වූ බහුවිධ කාර්ය මණ්ඩලයක් බව හේ දැන සිටියේය. ඔවුන් කිසිවකු විධිමත් හමුදා පුහුණුවක් ලබා නොතිබුණි. ඔවුන්ගේ වර්තමාන වාසිය අහිමි වී ගොස් හොඳින් සන්නාහ සන්නද්ධව සිටින අධිරාජ්‍ය හමුදාවට මුහුණ දුන් විට, ඔවුන් බැටකා පරාජයට පත් වනු නියත ය. කෙසේ වෙතත්, සැඟවී සිටීමට එයට විකල්පයක් නොවීය. ගෙයි ජිංෂ ට සැඟවිය හැක, නමුත් ඔහුගේ රස්තියාදුකාර යටත් නිලධාරීන්ට එය කෙසේ ඉවසන්න ට හැකිවේ ද?
ලෙයි ජිංශ දහදියෙන් තෙත් වූයේ ය. ඔහු තම ඉදිරියෙහි වූ මට හාරමින් පවසන්නට විය. "ඒ පුද්ගලයා යටි කූට්ටු වැඩට දක්ෂයෙක්. ඔහු කරුණාව, යුක්තිය, සදාචාරය, ශීලය, වගේ නීති වලින් මම එක්ක සෙල්ලම් කරන්න එන්නේ නැහා. මම හිතන්නේ ඔහු උතුරේ ආරක්ෂක අංශයන් පිහිටුවලා නැහැ. ඔහුට අවශ්‍ය වන්නේ අපිව ගෙන්නගන්න. ඒවගේම ඔහු දන්නවා උකුරු දිශාවෙන් තියෙන්නේ ලීබෙයි බව. ඔහු හෙිදටම දන්නවා අබි එහෙට යන්න තරම් නිර්භීත වෙන්නේ නැහැ කියලා."
නමුත් එය විකාර සහගත දෙයකි!
කලකිරිමෙන් යටපත් වූ ලෙයි ජිංෂ කෙළ පිටක් ගැසුවේ ය
ඔහු ඇත්ත වශයෙන්ම එහි යන්න ට එඩිතර නොවන්නේ ය.
"අපි තවත් එක රැයක් බලා සිටිමු." ලෙයි ජිංෂ එක්වරම නැගිට්ටේ ය. "යන්න, ල්‍යුඑර් ට කියන්න, අද රෑ මේ වෙනකොට නගරයේ සිටින සහෝදරයන්ට දන්වන්න කියලා, තත්වය එතරම් යහපත් නැත්තං අපි යනවා කියලා. නරක දේවල් තවත් නරක අතට හැරෙනවා. අපි ආයෙමත් ලුඕ කන්දට පසු බහිනවා. ෂ්‍යාඔ චීයේ එක්න සටන් කරන්න මට හැම ශක්තියක් ම තියෙනවා!"
◈ ◈ ◈
ෂ්‍යාඔ චීයේ අච්චාරු දමන ලද එළවළු සමග තැම්බූ බනිස් කිහිපයක් කමින් සිටියේය. ඔහු අශ්වයන් ගැටගැසීමට භාවිතා කරන ලී කණුවක් මත හිඳගෙන සොල්දාදුවන් විසින් තඹ කාසි දෙමින් පැමිණ සිටි සාමාන්‍ය වැසියන්ට කඩදාසි පත්‍රිකා හුවමාරු කරන අයුරු බලා සිටියේය.
"ස්වාමීනි." තන්තායි හූ අසලට පැමිණෙමින් පැවසුවේ ය, "ඔහු ඇත්තටම තමන්ගේ මිනිස්සුන්ව තැන තැන විසිරුවා දමලා. ඔහු කෙිහොමද මේ වගේ හිතූ හිතූ විදිහට නියෝග නිකුත් කරන්නේ? ඔහු එකින් එක දොරවල් වලට තට්ටු කරමින් යන්න බැහැනේ නේද?"
"මංකොල්ලකරුවන්ගේ නායකයා විදිහට, ඔහුට ස්වභාවිකවම තමන්ගේ ම ක්‍රම තියෙනවා." ෂ්‍යාඔ චීයේ කතා කරන විට, ඔහු තම උරහිස මත වාඩි වී සිටි මෙංව සුරතල් කරමින් අතගෑවේ ය. "ලිබෙයි වල හැදී වැඩුණු උකුස්සන්ටත් හමුදා බුද්ධි තොරතුරු වේගයෙන් ලබා දෙන්න පුළුවන්."
"අපි ඔවුන්ගෙන් සෑහෙන පිරිසක් අල්ලා ගත්තා." තන්තයි හූ පැවසුවේ ය. "අපි ඔවුන්ට මොනවද කරන්නේ?"
ෂ්‍යාඔ චීයේ පවසන්නට විය, "උන්ව මරලා දාන්න."
තන්තායි හු ඒ පෙදෙස දෙස හැරී බලා , නැවතත් ෂ්‍යාඔ චීයේ දෙස බැලුවේ ය. ඔහු පවසන්නට විය, "ඒත් මට ආරංචි වුණා ඒ අයගෙන් සමහරක් අය ගෞරවනීය පවුල්වල මහත්වරුන් කියලා කියලා. ඒ ඔක්කොම මරලා දාන්නද?"
ෂ්‍යාඔ චීයේ තන්තායි හූ දෙස බලා පවසන්නට විය. "ඔවුන් කොල්ලකරුවන් සමඟ එකතු වෙලා ලෙයි ජිංෂ ගේ අණට යටත් වීමට ලුඕ කන්දට ගිය නිසා, ඔවුන් දැනගෙන ඉන්න ඕනේ මේ වගේ දවසක්එනවා කියලා. මම මෙහෙට ආවේ මංකොල්ලනරුවන්ව තුරන් කරන්නයි. ඔවුන්ට අනුකම්පාව පෙන්වන්න කිසිම හේතුවක් මට නැහැ සතුරු පිළේ සේනාංකය විදිහට. ඒවගේම, මම ඔබෙන් දෙයක් අහන්නම්, මනුෂ්‍යයෝ හැමෝම ඉපදෙන්නේ කටක් සහිතව. ඔවුන් හැම කෙනෙක් ම ගෞරවනීය පවුලකින් ආ බව කියපු ගමන්, ඔබ ඔවුන් ව විශ්වාස කරනවද? එහෙමනැත්තම් කරන්නේ නැද්ද?"
තන්තායි හූ කිසිවක් නොපැවසුවේ ය.
ෂ්‍යාඔ චීයේ නැඟිසිට මෙං ඉවතට පියාසර කරන ආකාරය බලා සිටියේය. ඔහු පැවසුවේ ය "ඔබ බ්‍යැන්ෂා අශ්වාරෝහකයන් ගැන සිතන බව මම දන්නවා. නමුත් ලාඕහු, කරුණාව කියන දේ වැරදි තැන්වල භාවිතා නොකරන්න ඕනේ. ඔබ දිග කාලයක් හමුදාවේ ඉදලා තියෙනවා. මේවා ඇත්තටම මම ඔබට විශේෂයෙන් කියන්න වුවමනා කාරණා නෙමෙයි. ඔබට ඇත්තටම ඒක තේරුම් ගන්න බැරිද?"
තන්කායි හූ හිස පහත් කර දණගැසුවේ ය.
"හිටගෙන ඉන්න." ෂ්‍යාඔ චීයේ ඔහුගේ උරහිසට තට්ටු කළේය. "ඔබ දැන් සෙබළුන් මෙහෙයවන සෙන්පතියෙක් මිසක් දෙංජෞ නගරයේ ප්‍රධාන නගර ගේට්ටුවේ මුර කරන සේනාංකාධිපතිවරයෙක් නෙමෙයි. ඔබේ තනතුර වැරදියට වටහාගන්න එපා."
ෂ්‍යාඔ චීයේ ත්‍යාගශීලී වූ නමුත් ඔහු ඉතා නිවැරදි වූයේ ය. ඔහු වටා සිටි ආරක්ෂකයින් සියල්ලෝම ඉදිරියට යා යුත්තේ කවදාද සහ පසුබැසිය යුත්තේ කවදාදැයි හේ දැන සිටියේ ය. චෙන් යැං අවසන් වරට පසෙකින් වාඩි වූ විට ඔහුට කස පහර දී ඉතා නරක හැගීමක් ඇති කරන්න ට පවා හැකියාව තිබුණේ ය. කෙසේ වෙතත්, ආරක්ෂකයින් සහ සේනාධිපතිවරුන් යනු වෙනස් කාරනා දෙකක් විය. ෂ්‍යාඔ චීයේ චෙන් යැං හට හමුදා මෙහෙයවීමට ඉඩ නොදුන්නේ ඇයි? ෂ්‍යාඔ ජීමිං ගේ පාර්ශවයේ පුද්ගලයා වූ ජාඕ හුයි නිර්භීත සේනාධිපතියෙක් බවට සැකයක් නොවන්නේ ය. පැහැදිලි ලෙසම ෂ්‍යාඔ චීයේ ගේ මනසේ වෙනත් සැලසුම් රැදී තිබුණි.
ෂ්‍යාඔ චීයේ කෝපයෙන් පියාසර කළේ නැත, ඔහුගේ මුහුණේ වෙනසක් නොපෙනුණි, නමුත් තන්තායි හූ ඒ වන විට ද තරමක් ලැජ්ජාවෙන් යුතුව බලා සිටියේය. ඔවුන් කිසිවකුට ෂ්‍යාඔ චීයේ ගේ සැබෑ මනෝභාවයන් සහ චිත්තවේගයන් හසුරුවා ගත නොහැකි විය, නමුත් ෂ්‍යාඔ චීයේ මෙවැනි ලිහිල් ස්වරයකින්, තන්තායි හූට අමතන විට පවා, තන්තායි හූ තමන්ගේ ම අඩුපාඩු පිළිබඳව බැරෑරුම් ලෙස සිතන්නට පටන් ගනිමින් තිබුණි.
_______________________________.
ඇත්තටම ෂ්‍යාඔ චීයේ කියන්නේ නියම නායකයෙක්. 🖤
❤️❤️❤️
ReplyDelete