ආලින්දයෙහි දෙපා එකමත තබාගත් දිං තාඔ , පළතුරු නැවතත් රිදී පළගනාව මතින් තැබුවේ ඔහු ඒවා ගණනය කරන්නාක් මෙනි. ඔහු මෙහි හිඳ ආරක්ෂා කළේ ,කිසිවෙකුටත් අසලට එන්නට ඉඩ නොතබමින්. ඒ වන විටත් පමා වී තිබුණු අතර සැන්දෑ හිරු කිරණ චීන විද්වතුන්ගේ ගසෙහි පත්‍ර වල හිඩැස්වලින් පෙරී අවුත් අංගනයේ බිතු මත කුඩා කැබලි වැනි ජායාවන් ඇති කළේ ය.
ශෙන් සචුආන් අවධි වුවා පමණය. ඔහු බොහෝ වෙලාවක් ශබ්ද හගමින් නිදාගත් අතර ඒ හේතුවෙන් ඔහුගේ ඉණ සහ පිටුපස වේදනා දෙමින් තිබුණි. ඔහුට දැනුනේ දැඩි වෙහෙසකාරි බවකි. හේ දොර විවර කරද්දී , දිං තාඔ දුටු ඔහු මද වේලාවක් ව්‍යාකූල බවෙන් පෙළුණේ ය.
දිං තාඔ ඔහුගේ එක් කොපුලක් කසාගත් අතර ශෙන් සචුආන් ඔහු දෙස බැලූ ආකාරයට ඔහුට අපහසුකාරි බවක් හැගුනි. හේ හස්තයේ තබාගෙන සිටි පළතුර ඔහුගේ පිටුපසට කරගෙන වහා විමසන්නට විය. "තරුණ ස්වාමීනි රා-රාත්‍රී ආහාරයද?"
බැරෑඩි හඬකින් අසන්නට පෙර ශෙන් සචුආන් දොරට වාරු වී මද වේලාවක් සිටගෙන සිටියේ ය. "...දැන් වෙලාව කීයට විතර ඇද්ද?"
"දැන් යෞ වෙනි පැයයි." දොං තාඔ අද පුදුමසහගත අයුරින් පරික්ෂාකාරි වී සිටියේ ය, ඔහු ඉක්මනින් පිළිතුරු දුන්නා."තරුණ ස්වාමියා මුළු දවසම නිදා ගත්තා! ස්වාමියා මාඕ පැයට කලින් පිටවෙලා ගියා. ජෞ උතුමාණන් සහ චෙංෆෙං මහත්මයයි දෙන්නම ඔහුව ඇරලවන්න පෞද්ගලිකවම පිටවෙලා ගියා."
ශෙන් සචුආන්ගේ දෙනෙතෙහි අග මදක් රත් පැහැ වී තිබුණු අතර සවස් යාමයේ වූ රතු තැඹිලි පැහැ ආලෝකය සමඟ ,ඔහුව පෙනුනේ බීමත්ව සිටින ආකරයෙන්. ඔහු මුල සිටම වූයෙ සුදුමැළි ලෙසයි , දිං තාඔ ඔහු තමන්ගේ පාවහන් වල පහතට යනතෙක් බැලූ ආකාරය ඉතා කඩවසම් බවද හදුනාගත්තේ ය.
"ජුඒෂි වලින් තවම ආරංචියක් නැද්ද?" ශෙන් සචුආන් පියගැටපෙලෙහි පඩි කිහිපයක් බැස ගොයද , ඔහු පිටව යන්නට එතරම් හදීසි නොවුනේය. ඒ වෙනුවට , ඔහු චීන විද්වතුන්ගේ ගස යට සිටගනිමින් ඔහුගේ හිස ඔසවා අහස දෙස බලන්නට වූයේ ඔහු පෙරදින රාත්‍රියේ සිදුකල කාර්‍යයෙන් සෙමින් ප්‍රකෘතිමත් ව ඇතිවාක් සේයි.
"නැහැ." දිං තාඔ ශෙන් සචුආන් ව අනුගමනය කරන්නට විය. ශෙන් සචුආන් නැවත හැරී නොබලන බව දුටු ඔහු , එය අවස්ථාවක් කරගෙන ඔහු ආහාරයට නොගෙන ඉතිරි කල අනෙක් පලතුරු කැබැල්ල හනිකට මුවෙහි රුවා ගන්නට විය.
ශෙන් සචුආන්ට මෙං ගේ කිසිඳු සළකුණක් සොයා ගන්නට නොහැකි වූයෙන් , . ෂ්‍යාඕ චීයේ ඌව තමා හා රැගෙන යන්නට ඇති බව ඔහු දැනගත්තේ ය. ඔහු පිටුපස හැරුණු හෙයින්, දිංතාඕ කෙතරම් විශ්මයට පත්වීද යත්, මුවෙහි පුරවාගෙන සිටි පළතුරු සිරවී කහින්නටද පටන්ගත්තා. ශsෙන් අචුආන් මොහොතකට නැවතී පවසන්නට විය. "කවුරුවත් ඒක ඔබෙන් උදුරන්න යන්නේ නැහැ. ඔබේ කාලය ගන්න."
සිය හුස්ම සිරකරගෙන සිටි දිං තාඕ ගේ දෑස් කඳුලින් තෙත් වූයේ ය. ඔහු අත් වනා සිය ඇදුම් ඉදිරිපසට ඇදගනිමින් ආයාසයකින් යුතුව පැවසුවේ ය. "ත-තරුණ ස්වාමීනි, කැහැ! අපි ගෞරවනීය ජෞ උතුමාණන් ව බලන්න යනවද? චෙංෆෙං මහත්මයා සහ උතුමාණන් ඔවුන්ගේ රාත්‍රී ආහාරයන් ඉදිරිපස ශාලාවෙදි අරගත්තා ඒ වගේම මේ වෙලාවේ කරුණු සාකච්ජා කරමින් ඉන්නවා."
ශෙන් සචුආන් හිස වනා පැවසුවෙ ය. "අපි යමු."
◈ ◈ ◈
ජෞ ගුයි ඔහුගේ ආහාර වේල අවසන් කලා පමණය. මේ වන විට , ඔහු අධ්‍යන කුටියේ කොං ලිං හා සීජෞ හී විවිධ තරාතිරම් වල අමාත්‍යවරුන් සමඟ සාකච්ජාවක නිරතවී සිටියේ ය. ඔහු ශෙන් සචුආන් පැමිණි බව දැනගත් වහා නැගීසිටිමින් අනෙක් පුද්ගලයන්ව විසිරුවා හැරියේ ය.
"වංශාදිපතිතුමා පැවසුවා උප අණදෙන නිළදාරීතුමා ට අද ටිකක් අසනීපයෙන් ඉන්න වග. ඉතිං ඒක නිසා අපි හිතුවා හෙට හමුදාමය කටයුතු ගැන සාකච්ජා කරන්න. අපි බලාපොරොත්තු වුණේ නැහැ අද උප හමුදාපතිතුමා ඒවි කියලා." කොං ලිං ශෙන් සචුආන් ට අසුනක් පෙන්වූ අතර ඔහුට අපහසුතාවක් නොදැනෙන පරිදි ඔහුට පසුව හේ අසුන් ගත්තේ ය. ඔහු ඔවුන්ට මුහුණ් පෙන්වූයෙ මද වශයෙනි. ඔහු පවසන්නට විය. "දැන් ගෙවෙන්නේ හයවෙනි මාසය වුනත් , නිවස්නයේ සිටිවලා තියෙන සේරම ගස් උසැති , සශ්‍රිකව වැඩිලා ; හුඟක් වෙලාවට රාත්‍රියේදි ශීතල දැනෙනවා . උප සේනාදිපතු තුමාට වසරින් වසර මෙහි ඉදලා චූදු වලට වගේම හැඩගැහෙන්න පුළුවන්. දැන් ඔබ මෙතැනට ඇවිත් ඉන්න නිසා , ඔබ ඔබේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙනවනම් හොඳයි."
ශෙන් සචුආන් සිය වියලී ගිය උගුර තෙත් කරගන්නට තේ පැන් උගුරක් පානය කල අතර, එයින් sගොරෝසු සහගත ස්වභාවය ඉක්මනින් සමනය වූයේ ය. ඔහු පැවසුවෙ ඉන් පසුවයි."චෙංෆෙං මහත්මයා නිවැරදීයි. අපිට හෙට හමූදමය කරුණු ගැන සාකච්ඡා කරන්න පුළුවන් කියලා මහත්මයා පැවසුවානේ. ඔබ දෙන්නම අද අවසර පතක් ඇන්දා ද?"
"උප හ්මුදාපතිතුමා අපිත් එක්ක සංධාන ගිවිසුමට එකඟ වෙච්ච දවසේ ඉදන් , සරල කෙටුම්පත් පිටපත් කරන්න මම සීජෞ වල විවිධ නිලධාරීන් සහ උපදේශකයන් මේ දින කිහිපයේදිම එක්රැස් කලා." දණහිසට අත තබාගෙන, ශෙන් සචුආන්ට පොතක් දෙන්නට කොං ලිං නැඟිටින ආකාරය ජෞ ගුයි බලා සිටියේය. ඔහු තවදුරටත් කියන්නට විය, "මේවා සේරම තාවකාලිකයි. නිශ්චිත කරුණු වෙනුවෙන් අපිට තවමත් උප හමුදාපතිතුමාගෙ අනුමැතිය අවශ්‍ය වෙනවා. බලන්න. නුසුදුසු දෙයක් තියෙනවා නම් , අපට ඒ ගැන වැඩිදුර සාකච්ඡාවන් අද රාත්‍රියේ තියන්න පුළුවන්."
ඔවුන් ශෙන් ස'චුආන් ගේ අනුමැතිය සඳහා බලා සිටින බව ඔහු පැවසුවද, "ඉදිරි සාකච්ඡාවක් සඳහා ඒ සියල්ලම තැබීය හැකි " බව ද ඔහු පැවසීය. මෙයින් අදහස් කළේ මේ පොතේ බොහෝ අන්තර්ගතයන් දැනටමත් අවසන් කර ඇති බවයි. ශෙන් ස'චුආන් තමා මේ වන විට මුහුණ දී ඇති දුෂ්කර තත්වය පිළිබඳව වටහා ගත්තේ ය. ඔහුට මුදල් තිබුණද්, කතා කරන්නට වෙනත් සැබෑ ම බලතල තිබුණේ නැත. ෂ්‍යාඕ චීයේ ගේ ආකල්පය වුයේ ඔහුට මේ දෙදෙනා සමඟ සාකච්ඡා මේසයේ පවා සිටිය හැකි වීමය . ජෞ ගුයිට ඔහුට ස්තුති කිරීමට හෝ ඔහුට ඉහල ගෞරවයක් දැක්වීමට පවා හැකි වුවද, ඔහු සීජෞ හී ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ බලය ඔහුට භාර දුන්නේ නැත. මක්නිසාද යත් ඔවුන් එකඟ වී තිබුණේ සන්ධාන ගිවිසුමක් මිස පක්ෂපාතීත්වයේ ප්‍රතිඥාවක් නොවන බැවිනි.
ශෙන් සචුආන් අධ්‍යන කාමරයේ නිහඬතාවය බිද දමා පොත් කියවන්නට පටන් ගත්තා. ඔහුගේ ගේ කුරුල්ලාට විහිළු කරමින් පිටත සිටියේ දිං තාඔ පමණකි ; ඔවුන්ට බාධා කරන්නට සේවකයන් පැමින ගියේ නැත. කොං ලිං තේ පානය කරන විට, හදිසි නොසන්සුන්තාවයක් ඔහුට දැනෙන්නට විය. හේ sශෙන් සචුආන්ගේ ප්‍රකාශනය අධ්‍යයනය කරන විට ඔහුගේ සන්සුන් භාවය පවත්වා ගෙන ගිය නමුත්, ශෙන් සචුආන් ගේ මුහුණේ කිසිදු හැඟීමක් ඔහුට හඳුනාගත නොහැකි විය. ඉන්පසු ඔහු ජෞ ගුයි දෙස බැලීය, ඔහු ඒ වන විටත් ඔහුගේ ප්‍රකාශයෙන් ඔහුගේ හදිසි බව පාවා දෙන්නට ඉඩ හැර තිබුණේ ය. ඔහුට ඒ පිලිබද නොසිතා සිටින්නට නොහැකි විය.
මේ ශෙන් සචුආන් තවමත් තරුණයෙකු විය, නමුත් හේ අතිශය සංකීර්ණ මෙන්ම තීක්ෂණ බුද්ධියක් හෙඹි අයෙක්ද විය. දින කිහිපයක් එක්ව ගත කිරීමෙන් පසුවද , කොං ලිංට තවමත් ඔහු පක්ෂපාති අයෙක්ද නැද්ද යන්න පැවසීය නොහැකි විය. ඔහු සමඟ කටයුතු කිරීමට සුදුසු ක්‍රමයක් සොයා ගැනීමට ඔවුන්ට හැකියාවක් තිබුණේ නැත. එබැවින් මේ පොත කෙටුම්පත් කිරීමේ අදහස ද ඔහුගේ අභිප්‍රාය පිටතට ගන්නට සිදුකරන ලද්දක් විය.
ශෙන් සචුආන් පොත වසා දැමුවේ මදක් අදුරු වූ විටයි. ඔහු කිසිත් නොපසමින් තේ කෝප්පයේ සිය ඇඟිලි තුඩු ගෙන යමින් සිටියේය.
කොං ලිං උපදේශකයකු වු බැවින් , ඔහු අධංයයනයේදී විල කටයුතු පිළිබඳව බැරෑරුම් සාකච්ජවක නිරත වන විට , ඔහුට තම රාජකාරියේ සීමාව ඉක්මවා ගොස් ජෞ ගුයි ව මඟහරින්නට නොහැකි විය. ඒ මොහොටත්ම ජෞ ගුයි ඔහු ලවා ආලෝක පහන් දල්වාගෙන , මඳක් ශෙන් ස'චුආන් දෙසට හැරී පවසන්නට විය. "ඉතිං , ගෞරවනීය උප හමුදාපතිතුමා මොකද හිතන්නේ?"
"පසුගිය වසර කිහිපය තුළ සීජෞ වල දෛනික අවශ්‍යතා වන සැපයුම්, සහල්, තෙල් සහ ලුණු වල මිල උච්චාවචනයන් ඔබතුමා පොතේ සටහන් කරලා තියෙනවා. ඊළඟට ඇස්තමේන්තු කිරීමේ ගැටලුවක් ඇති නොවෙන විදිහට ගිණුම් සේරම පැහැදිලි කරලා තියෙනවා. වසරේ ආසන්න වියදමබවගේම ඉදිරියේදී හමුදා භටයන් සඳහා වෙන් කළ යුතු හමුදා වැටුප් හා ප්‍රතිපාදනවල අනුපාතය ගැන ද ඔබතුමා ලියලා කියෙන බව මම දැක්කා. විවිධ පැති සියල්ලම සැලකිල්ලට අරගෙනගනිමින් දිවා රෑ නොබලා කටයුතු කරලා තියෙනවා." ශෙන් ස'චුආන් සිනහවක් මුව රඳවාගනිමින් පවසන්නට විය.
ජෞ ගුයි සැනසුම් සුසුමක් හෙළුවේ ය.; ඔහු එතරම් කලබල වූයේ මන්දැයි ඔහුවත් දැනසිටියේ නැත. ශෙන් සචුආන් පැවසූ දෙය ඇසුණු ඔහු පිළිතුරු දෙන්නට විය. "මේ පොත මට තනියෙන් ලියන්න පුළුවන් දෙයක් නෙමෙයි; මම හවමත් චෙංෆෙංටයි මගේ නිළධාරී සඟයන්ටයි මේ වෙනුවෙන් ස්තූතිවන්ත වෙන්න ඕනේ. එහෙමනම්, අපි ආරක්ෂක නඟර පවුරු ගැන සාකච්ඡා කරන්න පටන් ගමුද?"
ශෙන් සචුආන්ගෙ ඇගිලිතුඩු ගමන් කිරීම නැවතී ගියේ ය. හේ පවසන්නට විය. "හදිස්සි වෙන්න අවශ්‍ය නැහැ. මට ප්‍රශ්ණ කිහිපයක් තියෙනවා."
ජෞ ගුයි ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූයේ ය. "කරුණාකරලා පවසන්න."
" සීජෞ වල ඊළඟ වසරේ ආසන්න වියදම් පිළිබඳව ඔබතුමා සඳහන් කරලා තියෙන ඇස්තමේන්තුවට අනුව නැවත ගොඩනගපු පාබල බලකායන්ට හැරෙන්න රාජකීය හමුදා භටයන් විසිදාහක් වෙනුවෙන් ධාන්‍ය දහසය දාහක වේතනයකුත් තියෙනවා. හමුදාවන් දෙකේ මුළු ධාන්‍යවල එකතුව දාන් එක්ලක්ෂ දසදහසක්වත් වෙනවා." ශෙන් ස'චුආන් ඒ පිළිබඳව කල්පනා කළේය. " මේවා වෙන් කරලා තියෙන්නේ සීජෞ වල ගෙවුණු වසරේ ලැබුණු විශාල අස්වැනුනෙනුයි. ඒවගේම සීජෞ වල නිත්‍ය පුද්ගලයන් සංඛ්‍යාව වෙනුවෙන් ඉතිරි කරලා තියෙන්නෙත් ඒවමයි. නමුත් මට පේනවා ඔබතුමාගේ ධාන්‍ය දාන් දස දහසක් තවමත් ලකුණු නොකර ඉතිරිව තිබෙන බව."
"ඒක හරි." ජෞ ගුයි පිළිතුරු දුන්නේය.
තමන්ට කිසිඳු පාරිතෝෂිකයක් අවශ්‍ය නොවන බව ෂ්‍යාඕ චීයේ පැවසුව ද , ඇත්ත වශයෙන් ම ඔවුන්ට කිසිවක් ගබා දෙන්නටද නොහැකි ය. මේ ධාන්‍ය දාන් දහසය දහස ප්‍රමාණවත් වූයේ විසිදහසක් පමණ රාජකීය හමුදාවේ මාස දෙකහමාරක පැවත්මට පමණය. මෙය ඔවුන් සීජෞ වල විසිදහසක් පමණ ආරක්ෂක භටයින්ට වෙන් කළ මාසික මුදලට වඩා අධිකය. අවුරුද්දක් වටිනා ධාන්‍ය සැපයීමට නොහැකි වුවද, ඔවුන් ඒ වන විටත් ඔවුන්ගේ උපරිමය කර තිබුණි.
ජෞ ගුයි ශෙන් ස'චුආන් එය අඩු වශයෙන් සැලකිල්ලට ගත් යැයි සිතා කනස්සල්ලට පත්ව සිටියේ ය, ඉතිං ඔහු අවංකව පවසන්නට විය.
"උප
සේනාධිපතිතුමාට සහ වංශාධිපතිතුමාට තේරුම් ගන්න පුළුවන් වෙයි කියන
බලාපොරොත්තු ඇතිව තමයි මම අද සීජෞ වල ගිණුම් උප හමුදාපතිවරයාට පෙන්නුවේ. මේ
වසරේ දාජෞ වල ඇති අස්ථාවරත්වය නිසා, පසුගිය වසරේ අපගේ ධාන්‍ය සියල්ලම
ලීබෙය් සහ ලුඕ ශිඛරයට අනුපිළිවෙලින් වෙන් කලා. මේක අපිට හිතාගන්න බැරි
දෙයක්. පසුගිය වසරවල හමුදා ප්‍රතිපාදන සැපයීමේ වගකීම භාර ගන්න අපිට ජුඒෂි
වල ධාන්‍යාගාර තිබුණා, ඒත් දැන් මේ වගකීම සීජෞ හුඅයිජෞ ප්‍රාන්ත දෙක අතර
බෙදිලා ගිහින්. මම හුඅයිජෞ ගැන නම් දන්නේ නැහැ, ඒත් අපේ සීජෞ වලට නැව්ගත
කරන්න ධාන්‍ය ඉතිරි කරගන්න සිද්ධ වුණා. මම උප හමුදාපතිතුමාට පැමිණිලි කරනවා
නෙමෙයි , නමුත් ඔබට ඇත්ත පවසන්න ඕනේ , වංශාධිපතිතුමාගේ රාජකීය සේනාංකයේ
සෙබළු විසිදහසටම ධාන්‍ය ලබාදෙන්න තාවකාලිකව බර අපේ සීජෞ පිට පැටවුනහම අපි
දත්මිටි කෑවා. ඒත් එහෙම වුණත්, අපිට ඒක දරාගන්න පුළුවන් වෙන්නේ මාස දෙකක්
විතරයි. වාසනාවකට, සරත් සතුවේ අසුන නෙලීම ආමන්න වෙලා තියෙන නිසා, දින
ගණනයකින් පස්සේ අපිට ඒවා ලබා ගන්න පුළුවන් වෙයි, අන්න ඒ නිසයි අපි තවමත්
අපේ කඹයේ එල්ලිලා ඉන්න තරම් පහතට වැටිලා නැත්තේ. සීජෞ වෙනුවෙන් මේ ධාන්‍ය
දහදසයදහස සම්බන්ධව වංශාධිපතිතුමා එක්ක මැදිහත් වෙන්න කියලා මම උප
සේනාධිපතිතුමාගෙන් ඉල්ලන්න කැමතියි. අපි ඒවා ඊලග වසරට කල් දමලා අපේ වචන
ආපසු ගන්නේ නැහැ. ඒත් මෙතැන සළකා බලන්න තව හුඟක් දේවල් තියෙනවා. "
ඔහු නිතරම කනස්සල්ලෙන් තම ඇහි බැමි ගැට ගසමින් සිටි ආකාරය අනුව, ජෞ ගුයි ඇහි බැම අතර ස්ථීර ලෙස ඇඹරී ඇති මුද්‍රාවක් දැනටමත් තිබුණි. ඔහු ශෙන් ස'චුආන් ට පැවසීමට පෙර ඔහු තම දෙපයින් නැගී සිටිමින් විවෘත අවකාශයේ පියවර කිහිපයක් ඉදිරියට ගියේය.
"සිජෞ වල මිනිස්සුන්ගේ ජීවනෝපාය ගෙවෙන්නේ ද්‍රව්‍ය වල අනුග්‍රහයෙන්. ඒත් කාටද කියන්න පුළුවන් ස්වර්ගය අපිට ඊලග අවුරුද්දෙත් ආහාර ලබාදෙන්න කැමැත්තෙන් ඉඳීවි කියලා? මේ වෙනකොටත් දාජෞ මුහුණපාලා තියෙන තත්වය අනුව , මට බය ඊලග වසර වෙද්දි යුද්ධයක් ඇවිලිලා , සීජෞ වල ගොවියෝ වගා කරපු සාරවත් අස්වණු එක මොහොතකින් විනාශ වෙලා යාවිද .කියලයි. කාලය ආවහම, සාමාන්‍ය ජනතාවට පවා බඩකට පිරෙන්න ආහාර ගන්නත් බැරිවෙයි. ඒවගේම අපි එකක් සථාපිත කළත් අපිට පාබල හමුදා සේනාංක වලට සපයන්නවත් ප්‍රමාණවත් වෙන එකක් නැහැ. අපි වැඩිපුර හමුදාමය සැපයුම් ධාන්‍ය තියාගෙන ඉන්නේ ජීවිත බේරාගැනීමේ සලාක විදිහට විතරක් නෙමෙයි, ලීබෙයි අශ්වාරෝහක සේනාංකය වෙනුවෙනුත් සූදානම් ව ඉන්නයි. උප අණදෙන නිළදාරිතුමනි , ඒකෙන් කියන්නේ අපි වංශාධිපතිතුමා වෙන්වෙන් විශාල මුදල් ප්‍රමාණයක් දෙන්න අකමැති කියලා නෙමෙයි , නමුත් ලීබෙයි සන්නාහ සන්නද්ධ සේනාංකය තමයි බ්‍යඑන්ෂ්‍යා වල හන්ශේ ගෝත්‍රය එක්ක සටන් කරන්න පලවෙනි ආරක්ෂක වළල්ලේ ඉන්නේ. එන්න ඒන් නිසයි ඔවුන් රාජකීය හමුදා සෙබළුන් විසිදහසට වඩා වැදගත් වෙන්නේ."
"සීජෞ ඔබ දෙදෙනා එක්ක සන්ධාන ගිවිසුමකට කැමති වෙලා අත්සන් කරන්න හේතුවෙන් එක අර්ධයක් තමයි, වෙයි වංශයේ හමුදා ප්‍රතිපාදන නඬුවෙන් මම විශාල වශයෙන් හදවත බිඳිලා වේදනාවට ලක්වීම. ඒවගේම වංශාධිපතිතුමා ෂ්‍යාඔ වංශයේ දෙවන තරුණ ස්වාමියා විදිහට මගේ බොහෝ සැකසංකා දුරු කර තිබීමත් හේතුවක් වුණා.මම මේ විදිහට අනුග්‍රහය දක්වන්නේ ඔබලා දෙන්නට විතරක් නෙමෙයි , පරම්පරාගත කුමාරයාටත් එක්කයි.කොහොමවුනත්, උප සේනාධිපතිතුමා අපිට දක්ෂිණ හමුදා සැපයුම් පාලම් මාර්ගය භාවිතයට ගන්න පුළුවන් බව පොරොන්දු වෙලා තිබුනත්, මට තවමත් මගේම පිටවීම් මාර්ගයක් හොයාගන්න වෙනවා. සේරටමත් පස්සේ , ජුඒෂි කියන්නේ දජෞ වල ධාන්‍යාගරය. විවිධ වංශ වලට ඒක යුධෝපායන් වලට වැදගත් වෙන ස්ථානයක්. උප සේනාධිපතිතුමා ඒකට ආශාවක දක්වනවා , ඒවගෙම ඊටත් වඩා වැන්දඹු අධිරාජිණිය ඒකට ආශාවක් දක්වනවා."
"මම උප සේනාධිපතිතුමාට පවසපු හැමදෙයක්ම මගේ හදවතේ ගැඹුරින්ම කිඳාබැසගත්ත හෘදයාංගම වචන." ජෞ ගුයි අවසානයේ නැවතුණේ ය. ඔහු ශෙන් සචුආන්ට මන්දගාමි ලෙස හිස පහත්කොට ආචර කරමින් පවසන්නට විය. "දුෂ්කර කාලවලදී ජීවත් වෙන්න උත්සහ කරන එක කිසිම කෙනෙක්ට පහසු දෙයක් නෙමෙයි. මමයි සීජෞ වල ප්‍රාන්ත නායකයා, ඒවගේම මට , සීජෞ වල ආරක්ෂිත භාවය තමයි හැමදේකටම වඩා වැදගත් වගේම ප්‍රමඛතාවය වෙන්නේ. මේ වතාවේ වංශාධිපතිතුමයි උප අණදෙන නිලදාරීතුමයි සීජෞ වලට ගැලවෙන්න උපකාර කළා , ඔබලා දෙන්නා වෙනුවෙන් අග්නීන් වගේම ජලය හරහා ගමන් කරන්න වුනත් මම පසුබට වෙන්නේ නැහැ. සීජෞ වලට මේ අවුරුද්දේ වැඩිපුර අස්වැන්නක් ලැබුනොත් , අපිට ඊලග අවුරුද්දේ මේ දාන් දහසය දාහක ධාන්‍ය එකතු කරගන්න පුළුවන් වෙයි ඒත් ඇත්තටම, සීජෞ වලට ලීබෙයි අශ්වාරෝහක සේනාංකයට වගේම රාජකීය සේනාංකයටත් සපයන්න හැකියාවක් නැහැ. මම ඔබට අවංක වෙන්නම්. සරත් සෘතුවේ දී බියන්ෂා අපව ආක්‍රමණය කළොත් හරි නැතිනම් ලබන වසරේ වසන්තයේ දී ලිබෙයි ධාන්‍ය සඳහා දැඩි ලෙස පීඩනයට පත් පත්වෙලා තිබුනොත් , අපි ඒවා රාජකීය හමුදාවට බෙදා හරින්න කලින් සීජෞ ධාන්‍ය ලිබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාව වෙනුවෙන් මුලින්ම වෙන් කරනවා."
අධ්‍යනය කාමරයෙහි ඉටිපන්දම් ගිනිදැල් ඉතා දීප්තිමත් නොවීය. ජෞ ගුයි සරලව ආහාර ගනිමින් හා පළඳිමින් අරපිරිමැස්මෙන් ජීවත් විය. ඔහුට ශෙන් සචුආන්ට හා ෂ්‍යාඕ චීයේට සංග්‍රහ කිරීමට සිදු වූ කාලය හැරුණු විට, ඔහුගේ මුළු පවුලම සාමාන්‍යයෙන් ඔවුන්ගේ ආහාර වේල සඳහා පොදු කෑම වර්ග තිබුණි. ඔවුන් අන්තරාදායක තත්වයන්ට ගොදුරු වූ වසරවලදී ගස් පොත්ත පවා පිස ආහාරයට ගත්තා. සීජෞ යනු දැනට ජොබෝ හි වඩාත්ම සමෘද්ධිමත් හා හොඳ ස්ථානයක් ලෙස පෙනුනද, සත්‍යය නම්, එය අනෙක් බිම් හා සසඳන විට තවමත් අබලන්ව සිටින ස්ථානයක් වීමය. ධාන්‍ය පිටතට ගැනීමට වූ ඔහුගේ කැමැත්ත උරහිස් මත විශාල පීඩනයක් ඇති කරවන්නට සමත් වූයේ ය. ෂ්‍යාඕ චීයේ නගරයෙන් පිටව ගිය පළමු අවස්ථාවේදී ලීබෙයි සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක සේනාංකයේ ආධාර ඉල්ලා සිටින බවට ජෞ ගුයි ගේ යෝජනාව මේ මොහොතේ සිදු වූවක් නොවේ. එය ඒ වන විටත් ඔහුගේ සිතේ ගැඹුරට කාවැදී තිබූ අදහසකි.
ජොංබෝ වල හමුදාවන්ගේ පරාජය කියූ පරිදිම අසංඛ්‍යාත වාරයක් සිදුවී ඇත්තේ ය. නමුත් පිටස්තරයින් කිසි විටෙක එයට මුහුණ දුන් අයට සමාන වේදනාවක් අත්විඳින්නේ නැත. භට පිරිස් පරාජය කිරීමේ සිද්ධිය හේතුවෙන් ජෞ ගුයිට පසු කලෙක කම්පන රෝග ලක්ෂණ වලට පවා මුහුන දෙන්නට සිදු විය. ඔහුට රාත්‍රියේ විසිල් ශබ්දයක් ඇසුනේ නම්, ඔහු මුළු රාත්‍රියම පෙරළෙන්නේ නිරන්තර කනස්සල්ලෙනි. මායිම දිගේ චාෂි ගංගාවේ පරාජය ඇත්තෙන්ම ඉතා ඛේදජනක විය. සමූලඝාතනය, සමූලඝාතනය-මෙම වචනය දුඅන්ජෞ සිට චූදූ වෙත ආපසු හරවා යැවුණෙ ය. එදා සිටි සියල්ලෝම මේ වදන ශබ්ධ නගා පැවසුවෝය. නමුත් චූදු වලට රුධිරය වැගිරීම් ස්මාරකයට මඩ් පැල්ලමක් පමණක් වූයේ ය. කෙසේ වෙතත්, ජොංබෝ වලට , දේපල විනාශය, ජීවිත අහිමිවීම් සහ පවුල් විනාශය සියල්ල සැබෑවටම සිදුවුණු ඒවා විය.
ලිබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාව නිසා සීජෞ වක්‍රාකාරයෙන් හෝ බේරි තිබුණි. සීජෞ හී සියල්ලන්ගේම හා ජෞ ගුයි ගේ ඇස් හමුවේ, ලීබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාව රාජකීය හමුදාවට වඩා බෙහෙවින් වැදගත් වූයේ ය. ෂ්‍යාඕ ජීමිං තම භක්තිවන්ත භට පිරිස් ඔවුන්ව බේරා ගැනීම සඳහා රැගන ගිය අතර, "හිමකර සන්නද්ධ අශ්වාරෝහක ගංගාව" දජෞ හී උතුරු හා නැගෙනහිර මායිම් දෙකෙහි බ්‍යඑන්ෂ්‍යා වලට එරෙහිව සටන්වැද මරණයෙන් ගලවාගන්නා සංකේතයක් බඳු වැන්න. ලෙයි ජිංෂ සීජෞ වෙනුවෙන් පෙනී සිටීමට එඩිතර විය, නමුත් ඔහුට දිගු කලක් පදිංචි වීමට චේතනාවක් නොතිබුණි; හේ සීජෞ හී ධාන්‍ය කොල්ලකෑමට පවා සූදානම්ව සිටි අතර වහාම චූදූ වලින් ණය ලබාගන්නට ද පිටත්ව ගියේය. ඔහු ෂ්‍යාඕ ජීමිං නැවතත් දක්ෂිණ සීමාවට හමුදා යොදවතැයි බියට පත්ව සිටියේ ය.
ෂ්‍යාඕ ජීමිංට අලාභ දරා ගැනීමට සිදුවුණ අතර හමුදා සැපයුම් පිළිමඳ ගැටළුවේදී තූවාල ලබන්නටද සිදුවිය. නමුත් ඔවුන්ගෙන් කිසිවෙක් එය සියැසින් දැක තිබුණේ ද නැත. ඔහු එනතුරු බලාසිටි කිසිවෙක් එය විශ්වාස කරන්නට එඩිතර නොවූවා සේම, ඔහුට බියවූවන් ඒ වෙනුවෙන් ඔට්ටු තබන්නටද එඩිතර වූයේ නැත. පැරණි සිප්හළේ සිටි හායි ලියැංයී ප්‍රමුඛ ජේෂ්ඨ නිලධාරීවරුන් ෂ්‍යාඕ ෆංෂූ ට බියවීමත්, ඊටත් වඩා පහළ මට්ටමක සිටි කනිෂ්ටයන් ෂ්‍යාඕ ජීමිංටත් බියවීමත් නිසාය.
අධ්‍යයන කාමරය තුළ නිහඬතාව රජයන්නට විය. ඉටිපන්දමේ ආලෝකය නිවී දැල්විණ.
ශෙන් සචුආන් ට ඔහුගේ ඉණත් පිටත් වේදනාදෙන අයුරු දැනුණේ ය. තවමත් ෂ්‍යාඕ චීයේගේ සපාකෑම් වල සලකුණු වස්ත්‍රයේ කරපටියෙන් සැගවී අකුඇටයන් මත ඉතිරි වී තිබුණි. පුදුමයට කරුණක් නම්, එතරම් බැරෑරුම් හා ගාම්භීර මොහොතක පවා, ඔහුට ෂ්‍යාඕ චීයේ ගේ දහඩියෙන් තෙත් වූ මුහුණ, ෂ්‍යාඕ චීයේ ගේ ශක්තිමත් දෑත් සහ ෂ්‍යාඔ චීයේගේ හුස්ම අතරින් ගෙල වටා සක්මන් කල හාදුව සිහිපත් වීමය..
ඔහුට ෂ්‍යාඕ චීයේ ගේ සියල්ලක්ම මතක තිබුණෙ ය. ඔහුට සිතාගත නොහැකි වූ එකම දෙය නම්, ෂ්‍යාඕ චීයේ ෂ්‍යාඕ ජීමිංට වඩා පහත් මට්ටමක සිටින්නේ කෙසේද යන්නයි.
ශෙන් සචුආන් සුළු මොහොතකට පමණක් නිහඬව සිටි අතර ඔහුගේ සිත ඉබාගාතේ සැරිසැරුවේ එක් ක්ෂණයකට පමණි. ඔහු පැවසුවේ ය. "ඔබතුමා කියපු හැම දෙයක්ම මට තේරෙනවා. අපි ලබන වසරේ මෙහෙට නැවතත් ආවට පස්සේ ස'අනුයි මමයි තාවකාලිකව ණයට ගත් ධාන්‍ය ප්‍රමාණයම ආපසු ගෙවන්නම්."
ජෞ ගුයිගේ වතෙහි වර්ණය ක්ෂණිකව බැස ගියේය. හේ පැහැදිලි කරන්නට උත්සහ දැරුවේය , "උප සේනාධිපති තුමා , ඒක නෙමෙයි අපි..."
"මට ඔබතුමා එක්ක සාකච්ඡා කරන්න අවශ්‍ය වුන ප්‍රශ්නය නම් ඔබ රාජකීය හමුදාවට වෙන් කරන ධාන්‍ය ඉතා අල්ප වීම නෙමෙයි එය ඕනෑවට වඩා වැඩි වීමයි." ශෙන් ස'චුආන් ජෞ ගුයිට වාඩි වී එය පැහෙදිලි හේතු සහිතව ඉදිරිපත් කරන්නට සංඥා කළේ ය. "සිජෞ රාජකීය හමුදාවේ භාවිතය සඳහා මෙතරම් ධාන්‍ය ප්‍රමාණයක් වෙන් කරන්න කැමැත්තෙන් ඉන්න එක ඔබේ අවංකභාවයට ප්‍රමාණවත් සාක්ෂියක් තමයි. නමුත් අපි ආරම්භයේ සඳහන් කළා වගේ, රාජකීය හමුදාව මේ අවස්ථාවේදී භාවිතා කරන්නෙ සීජෞ වල ධාන්‍ය විතරයි. අධිරාජ්‍ය හමුදාවට අනාගත හමුදා ප්‍රතිපාදන ව්නුව්න් සැපයුම් මාර්ගයක් තියෙනවා, ඒ නිසා ඒවා සීජෞ ධාන්‍යාගාරයෙන් ලබා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ."
ජෞ ගුයිට තමා අධ්මයෙක්යැයි හැගුණු අතර අනවශ්‍ය ලෙස මැදිහත් වීමට එඩිතර නොවූනු හේ කොං ලිං දෙස බලා මෙසේ පැවසීය, "චෙංෆෙං තමයි පොත කෙටුම්පත් කිරීම අධීක්ෂණය කළේ, එබැවින් මට වඩා හොඳින් ඔහුට තේරෙන කරුණු කිහිපයක් තියෙනවා. චෙංෆෙං, උප හමුදාපතිතුමාට පැහැදිලි කරන්න."
තම ආසනය ආදාරකයක් ලෙස පිටුපාසට ගනිමින් , කොං ලිං දෙපයින් සිටගත්තේ ය. පැහැදිලි කරනවා වෙනුවට ඔහු අසන්නට විය., "උප හමුදාපතිතුමාට බොහොව විශ්වාසයි වගේ රාජකීය හමුදාවට අනාගතයෙදි හිඟයක් නැතිව ධාන්‍ය ලැබේවි කියලා. ඒවගේම ඔබ ඊසානදිග හමුදා සැපයුම් පාලම් මාර්ගය තවමත් සාමාන්‍ය පරිදි භාවිත කළ හැකි බවත් පැවසුවා. අපිට කොහොමටවත් මේක කරන්න ඉඩදීලා ඇතිවෙන ප්‍රතිලාභ ගැන හිතන්න අපහසුයි. උප සේනාධිපතිතුමාට අපිට ඒක පැහැදිලි කරන්න තරම් කාරුණික වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් , අපට තවමත් මේ ධාන්‍ය තොගය භාර ගන්න කියලා රාජකීය හමුදාවෙන් ඉල්ලන්න සිද්ධවේවි."
ශෙන් සචුආන් මෘදු ලෙස තේ බදුනේ වූ තේ කලවම් කරමින් පවසන්නට විය."මේකට කලින්, මට ඔබලා දෙන්නගෙන් අහන්න වුවමනයි සීජෞ මේ වගේ බිමක අනාගතයෙදිත් ජීවිකාව ගෙනියනවද කියන එක ගැන."
කොං ලිං පිළිතුරු දෙන්නට විය. "සීජෞ භූගෝලීය සීමාවෙන් ඇහිරිලයි තියෙන්නේ. එහෙම නැත්තම්, අපි කොහොමද ජීවත් වෙන්නේ.?"
"මම දකින දෙය මහත්මයට වඩා සම්පූර්ණයෙන් ම විරුද්ධ දෙයක්." ශෙන් සචුආන් තේ බදුන මේසය මත තබමින් පැවසුවේ ය. "සීජෞ මුලදී පරමාදර්ශී නොවන ස්ථානයක සිටි බව ඇත්ත. උතුරින් ලිබෙයි වගේම දකුණින් චාජෞ පිහිටනවා . ඒවගේම නැගෙනහිරින් දුන්ජෞ වගේම දුඅන්ජෞ වලින් බාධා ඇතිවෙනවා. බටහිරින් දන්චෙං වලින් සීමා වෙලා. ඇත. තමන්ට රිසි හැටියට චලනය වෙන්න වත් හැකියාවක් නැහැ. නමුත් ඒ සීජෞ තවමත් චූදු වලට යටත් නම් විතරයි. ඔබ දැන් ලීබෙයි සමඟ හොඳ සබඳතාවයක් ගොඩනගාගෙන තියෙනවා. දන්චෙං වලට තවදුරටත් චූදු ගැන විශ්වාසය තියන්න බැහැ සීජෞ වලට නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන්. මේ වෙද්දි දුන්ජෞ කොල්ලකරුවන් අත්පත් කරගෙන තියෙනවා. ඒවගේම පවිත්‍ර කිරිමක් අනිවාර්‍යයෙන් වෙනවා. මේ දේවල් එක්ක, සීජෞ වටකරගත් පවුරු දැනටමත් කඩාවැටිලා ඉවරයි. ඉතිරි වෙලා තියෙන චාජෞ බාධාවක් නෙමෙයි, හැබැයි ඒක අවස්ථාවක්"
ජෞ ගුයිට නැවතත් නැගිටින්නට අවැසි විය. ඔහුගේ වස්ත්‍රය ඔහු ඒ මතින් හිදගෙන සිටීම නිසා රැලි වැටී තිබුණි. ඔහු විමසන්නට වූයේ ප්‍රවේශම් සහගතවය."ඔබ අදහස් කරන්නේ..."
"චාජෞ තිබෙන්නේ හේජෞ යා කරන ජල මාර්ගයක් ඔස්සේ. හමුදා පරාජය වුනාට පස්සේ, හැම තරාතිරමකම වගේ වෙළෙන්දෝ ජොංබෝ වල අධික මිළ ගණන් යටතේ ධාන්‍ය වෙලදාම් කරන්න aලැබුණු වස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා. ගැම විදිහකම කොල්ලකරුවන්ගෙන් හුගක් ඉක්මනින් විශාල ලාභයකුත් උපයා ගත්තා.මේ මාර්ගය තවත් කෙනෙකු පොහොසත් කරන්න විතරක් පාවිච්චි කරනවනම් ඒක ඇත්තටම ලැජ්ජාවක් වේවි."
"ඒත් කොල්ලකරුවන්ටත් චාජෞ වල බලය තියෙනවා. ඒ විතරක් නෙමෙයි, චාජෞ වලට හේජෞ වල යැන් වංශයත් එක්ක සබඳතාවයනුත් තියෙනවා. අපේ wසීජෞ වලට හොද හේතුවක් නැතිව වෙළදාම් කරන්න ඔවුන් ඉඩදෙන්නේ නැතිවෙයි." කොං ලිං කතා කරන විට කනස්සළු සහගත බව නැග ආයේ ය. "අනිත් අතට, අපිට මොනවද විකුනන්න පුළුවන්? හේජෞ එක්ක සසඳනකොට, සීජෞ කියන්නේ වඩාත් දුරින් පිහිටන ප්‍රදේශයක්."
"ධාන්‍ය." ශෙන් සචුආන් පැවසුවේ ය.
ඔහු එය පැවසූ විගසම, ජෞ ගුයි ඔහුගේ දෙපා වලින් අසලට පැන අවුත් කෑගසන්නට වූයේ ය, "බැහැ! ජුඒෂි වල නිළදාරීනුයි වෙළෙන්දනුයි පොදු ලාභයන් ලබා ගන්න ජනතාවගේ ධාන්‍ය නැවත විකුණලා කුමන්තරණය කරන , හෘද සාක්ෂියක් නැති හොරුන්ට ඒක සමාන වෙන්නේ නැද්ද?"
"උතුමාණෙනි, කරුණාකරලා සන්සුන් වෙන්න." ශෙන් ස'චුආන්ගේ වතෙහි වූ භාව ප්‍රකාශනය ඉතාමත් සන්සුන් වූයේ ය; කෙකරම් සන්සුන් වූයේ ද යත් ජෞ ගුයි ට නැවතත් අසුනෙහි හිඳ නොගෙන සිටීමට නොහැකි විය. ඔහු පවසන්නට විය.
"ජුඒෂි සහ හේජෞ වල අධික මිල ගණන් යටතේ ධාන්‍ය නැවතත් අලෙවි කරන පුද්ගලයන් ඉන්න හේතුව තමයි, ජොන්බෝවල විවිධ ඉඩම්වල හිඟයක් පවතින එක, එයින් දරුණු ලෙසම බලපෑමට ලක්වෙලා තියෙන්නෙ චාජෞ චූදු වලදි රිදී කරබැල්ලකට ඔබට ධාන්‍ය අහුරු දෙකක් මිලදී ගන්න පුළුවන්, ඒත් ජුඒෂි වලදි එකම රිදී තලයකට ඔබට ධාන්‍ය දාන් එකක් වලේම දෞ** පහක් මිලදී ගන්න පුළුවන්. නමුත් චාජෞ වලදි, එක් රිදී කැබැල්ලකින් එකක් ඔබට මිලදී ගත හැක්කේ ධාන්‍ය දෞ දෙකක් විතරයි. චාජෞ වල කොල්ලකරුවන් ළග තිබෙන මුදලා චාජෞ වල සාමාන්‍ය මිනිස්සුන්ගෙන් පැහැරගත්තුවා. මේ නිසා, ගෘහ ලේඛනය වල ලියාපදිංචි වෙලා ඉන්න නීතිගරුක පුරවැසියන්ට ජීවත් වෙනුන අපහසු වෙලා , ඒ අනුව, ඔවුන් බලාපොරොත්තු සුන්වීමෙන් අවදානම් අරගන්න පෙළඹවෙනවා. කොල්ලකරුවන් බවට පත් වන පිරිස කාලයත් සමඟ වැඩි වේවි. උතුමාණෙනි, ලෙයි චංමින් -එහෙම නැත්තං ලෙයි ජිංෂ ට මාස හයක් ඇතුළත තමන්ගේ හමුදා මේ තරම් සංඛ්‍යාවක් දක්වා වේගයෙන් ව්‍යාප්ත කරගන්න මූලික හේතුව වුනෙත් මේකයි. ඒ නිසා, සී ජෞ චූදු වලට වඩා තරමක් ඉහළ සාධාරණ මිලකට චාජෞ වලට ධාන්‍ය විකුණන්න කැමති නම්, ඒකෙන් චාජෞ වලට උපකාරයක් ලැබේවි."
"ඒ යුනත්," කොං ලිං මුමුණන්නට වූයේ ය. "අපි චාජෞ වලට ධාන්‍ය විකිණුවොත්, ධාන්‍යාගාරයේ හිඟයක් ඇති වෙනවාට සැකයක් නැහැ. අපේ අත්වල තියෙන්නේ රිදී විතරයි, එතකොට අපි , චාජෞ මුහුණ දීලා ඉන්න තතවයටම ඇද වැටෙන්නෙ නැද්ද? කාලය අවෙම, ජුඒෂි වගේම හේජෞ වල හෘද සාක්ෂියක් නැති ධාන්‍ය වෙළෙන්දෝ අපෙන් මුදල් කොල්ලකන්න උත්සාහ කරාවි."
"හේජෞ තියෙන්නේ හුගක් දුරින්. සීජෞ වලට ඔවුන් එක්ක ව්‍යාපාර කරන්න අවශ්‍ය වුවනත් මේ අවුරුදු දෙක තුන ඇතුළේ කරන්න තරම් ඉක්මන් වෙන්නේ නැති වෙයි. මම චූදු වලින් පිටාවලා එනකොට හුඅයිජෞ ගැන යම් තරමක අවබෝධයක් තිබුණා. මේ වතාවේ හමුදා සැපයුම් නිෂ්පාදනය අඩ වශයෙන් හුඅයිජෞ දායක වුණා. ඒ වගේම ඔවුන්ගේ ධාන්‍යාගාරයේ ධාන්‍ය හුඟක් තියෙනවා. චූදු වල මායිමේ පිහිටන දීචෙං, හුඅයිජෞ වලට නිරිත දිශාවෙනුයි පිහිටන්නේ, ඒමෙන්ම එය සෘජුවම ජුඑිෂි වරායට ගමන් කරනවා. දීචෙං හරහා ව්‍යාපාර පවත්වාගෙන යන්න අවශ්‍ය නම් හුඅයිජෞ වලට මුදල් හිඟයක් ඇති වෙනවා සීජෞ වලට මුලින් ම චාඦෞ වලට ධාන්‍ය විකුණන්න පුළුවන් වගේම , චාජෞ වලට වඩා අඩු මුදලකට හුඅයිජෞ වලදි නැවතත් ඒවා මිළදී ගන්න පුළුවන්. අතිරික්ත රිදී අනෙකුත් ප්‍රදේශ වලට සහනාධාරයක් විදිහට භාවිතා කරන්න පුළුවන් වගේම ධාන්‍යාගාරය තුළ හැම වෙලාවකම ධාන්‍ය බහුල වශයෙන් ගබඩා කරන්න පුළුවන්. මේකෙන් සිජෞ වලට වගේම ලීබෙයි සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක සේනාංකයට තීරණාත්මක අවස්ථාවකදී සිදුවෙන පාඩු පිරිමසාගන්න හැකියාවක් ලැබේවි."
රාජකීය සේනාංකවලට පැවරු ආකාරයට "අවධානයෙන් හිඳ වාර්තා කිරීම", හෙවත් විවිධ මංතීරු හා මාර්ග වල භාණ්ඩ වල මිළ ගණන් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවන් ලබා ගත යුතුව තිබුණි. ශෙන්ස'චුආන් උතුරු විනිසුරුවරයා ලෙස කටයුතු කරන විට,ඔහු රාජකීය ආරක්ෂාකයන් බාරව සිටි අතර විවිධ ප්‍රදේශවල අධිරාජ්‍ය ආරක්ෂකයින්ගේ වාර්ෂික වාර්තා විමර්ශනය කිරීමට ද හැකියාව ගැබිණ. ග' චිංචිංට මුලින් එය පිටපත් කිරීමට අවශ්‍ය වූ නමුත් ශෙන් ස'චුආන් මුළු රාත්‍රියම ගත කරමින් සියල්ල කටපාඩම් කරගත්තේ ය. හේ නොපැහැදිලි අනාගතයක් වෙනුවෙන් සියලු වැදගත් දෑ පහසුවට තකා කඩදාසි කොළවල ලියා තබන්නට කැමති නොවීය. පෙනෙන පරිදි ඔහු සිදුකළ දේ නිවැරදි ය. ඔවුන් කෙතරම් ඉක්මන් වූවාද යත්, වෙනත් කිසිවක් රැගෙන ඒමට ඔවුන්ට වෙලාවක් නොතිබුණි. නමුත් ඔහු කලින් කියවා ඇති සියලුම වාර්තා, ලිපිගොනු සහ පැරණි නාමලේඛන සහ පොත් ඔහු යන විට තමා රැගෙන ආවේ ය."
ජෞ ගුයි සිතිවිලි මැද අතරමං වූයේ ය. ඔහුඩඒ පිළිබඳව නැවත නැවතත් සිකා බැලූ අතර පසුව පවසන්නට විය. "ඒත් හුඅයිජෞ අකමැති වුනොත්..."
"ඒක කරන්න පුළුවන්! ලුඕෂ්‍යා තැන්න පිහිටලා තියෙන්නේ හුඅයිජෞ වලට නැගෙනහිර දෙසින්. ඔවුන්ට ලිබෙයි වල සීමා මායිම්වලින් දේශීය විශේෂතා මාරු කරන්න හැකියාව තියෙනවා වගේම ඒවා වරායට ප්‍රවාහනය කරන්න ඒක සෘජු මාර්ගයකුත් වෙනවා." ඒ පිළිබඳව සිතන තරමට, ඔහු වඩාත් උද්යෝගිමත් විය. ඔහුට වට කිහිපයක් ඇවිදීම වළක්වා ගත නොහැකි වූ අතර, පසුව ඔහු තම කලවාවලට පහර දී පවසන්නට විය, "ඒක හරි! අපිට ඒක කරන්න තිබුණේ හුඟ කාලයකට කලින්! සීජෞ තවමත් තත්වයන්ට අනුවර්තනය වෙන විදිහ දන්නේ නැත්තං , ඒක කලින් වගේම කූඩුවක හිරවෙලා ඉදීමක් නේද? මේක වැඩ කරන්න පුළුවන් තරමේ එකක්! "
ශෙන් ස'චුආන් ඊසානදිග සැපයුම් පාලම් මාර්ගය භාවිතයට ගන්නේ කෙසේද යන ප්‍රශ්නයට කිසි විටෙකත් පිළිතුරු නොදුන් නමුත් කොං ලිං ඒ වන විටත් ඒ ගැන කරදර වෙන්නට ඕනෑවට වඩා උනන්දුවෙන් සිටියේය. ඉටිපන්දම් එළියෙන් හේ සීජෞ වල නව ජීවයක් දුටුවේ ය. ලෙයි චංමින් සමඟ සිදු වූ දෙයින්, ඔහු සිතුවේ ශෙන් ස'චුආන් රැවටීමට සහ උපක්‍රමවලට නැමෙන මිනිසෙකු බවයි. නමුත් දැන් ඔහුට ඒ සියල්ල අමතක වී ඇත. ඔහුට නිසි ස්තුතිය ප්‍රකාශ කිරීමට ශෙන් ස'චුආන් ව ස්පර්ශ කිරීමට අවශ්‍ය වූ නමුත්, පසුව, ඔහු අත දිගු කරන විට, ඔහුට ෂ්‍යාඔ චීයේ පිළිබඳ සිහිපත් විය, එබැවින් ඔහු ඉක්මනින් එය හකුලා ගත්තේ ය, "අපි මේක කළොත්, අපට ඉදිරි වසර කිහිපය තුළ ධාන්‍ය අතිරේක ධාන්‍ය තිබුණත්, ධාන්‍යාගාරයේ ධාන්‍ය පිරී යනවට බිය වෙන්න අවශ්‍ය නැහැ.
"එහෙමනම් පාබල භට සේනාංක ගැන සාකච්ඡා කරමු." ජෞ ගුයි පැවසුවේ මේසය පසු කර යමිනි. "ඒවගේම නගර ආරක්ෂක පවුරු ගැනත්."
ශෙන් ස'චුආන් තම උණුසුම් තේ පනෙය කරන්නට විය. අධ්‍යයන කාමරායන් පිටත සිටි දිං තාඕ තම හිස ඇතුලට ඔබා ඔහු දෙසට ඉක්මනින් අත වනනු දුටු හේ තවමත් මුව විවර කර තිබුණේ නැත.
"මොකක්ද කාරණය?" ශෙන් ස'චුආන් නැගිට දොර අසලට ගියේ ය.
දිං තාඕ පෙරදී පිටතට ගොස් තිබුණු ආතර , හේ සිය මුහුණ සහ වත දහදියෙන් තෙත්වනතුරු දිව විත් තිබුණි. ඔහු මුව විවර කරමින් පැවසුවේ ය, "තරුණ ස්වාමිනි, තරුණ ස්වාමිනි! ඔවුන් මෙහෙට ඇවිත්!"
ජෞ ගුයි සහ කොං ලිං ද සමීප විය. එක් මොහොතකට, ඔවුන් වෙහෙසින් හෙම්බත්ව සිටින සිං තාඕ දුටුවේ ය. ඊළඟ මොහොතේ ඔහු එකවරම දෑස් වසාගෙන හඬන්නට විය. යමක් දැනුණාක් මෙන්, ශෙන් ස'චුආන් අන්දමන්ද ලෙසින් දෙරකඩට පියමැන්නේ ය. නිසැක වූ ලෙසින් ම, දිං තාඕ ඉකිගසමින් පවසන්නට විය, "තරුණ ස්වාමිනි! සහෝදරයන් මෙහෙට ඇවිල්ලා! ච්‍යාඕ ත්‍යැන්යාත් ඇවිත්ත! එතකොට තව ජී..."
ශෙන් ස'චුආන් ඒ වන විටත් අංගනය දෙසට දිගු පියවරක් තබමින් සිටියේ ය. ඒ වන විට පිටත සම්පූර්ණයෙන්ම අඳුරු වී තිබුණු අතර ඔහු තවමත් තේ බදුන හස්තයේ තබාගෙන සිටියේ ය. ඔහු ඇවිදින විට, තේ පැන් ඉහිරුණු අතර ඒවා ඔහුගේ දෑගිලි රතු පැහැයට හරවන්නට සමත් විය, නමුත් ඔහුට එය පෙනුණු බවක් තිබුණේ ද නැත; ඔහුට එය සම්පූර්ණයෙන්ම අමතක ව තිබින. ඔහු එය දැඩි කර අල්ලා ගනිමින් නිවස්නයෙන් පිටකට ඇවිද ගියේ ය. එය කෙටි පා ගමනක් වුවද, ඔහු මුළුමනින් ම දහදියෙන් පෙගී සිටියේ ය.
වාසස්ථානයෙන් පිටත නවතා තිබූ භාණ්ඩ ප්‍රවාහනය සඳහා අශ්ව රථ කිහිපයක් නවතා තිබුණු අතර පහන් වල ආලෝකය මධ්‍යයේ උස් රූ කිහිපයක් ද දිස් වූයේ ය. එහි කරත්තයේ විවේක ගනිමින් සිටි මිටි පුද්ගලයෙකු සිය වස්ත්‍රය සකසා ගනිමින් පැත්තට හැරුණේ ය.
ශෙන් ස'චුආන්ගේ ළය වේගයෙන් ගැහුණේ ය. ඔහුගේ දෑස් ඒ වන විටත් රත් පැහැ ගැන්වී තිබුණේ ය, නමුත් ඔහු බලහත්කාරයෙන් පිටුපසට වී සිටියේ තම හැඟීම් පිටකරන්නට අකමැති වූ ලෙසිනි.
ජී ගැං අඩි ශබ්ද ඇසී හැරී බැලු අතර ඔහුට ශෙන් ස'චුආන් දකින්නට ලැබුණේ ය. ඔහුට තමා ඉදිරියෙන් වූ ගල් සහිතබපඩිපෙල සම්බන්ධයෙන් අමතක වූ අතර ඔහු පැකිලී වැටෙන්නට ආසන්න වූයේ ය. ඔහුගේ හිස සුදු පැහැ කෙස් රොදවල් වලින් අවුල් වී ගොස් තිබුණු අතර ඔහුගේ මුව විවරවී වැසී ගියේ ය. ඔහු නම කියන්නටත් පෙරම කඳුළු පුරවා ගත්තේ ය.
"චුආන්..." ජී ගැන් සුදු පැහැ කොණ්ඩයක් සහිත ළමයෙකු සේ පෙනුණේ ය. හේ තමාටම මුමුණාගනිමින් සිටි අතර ඔහුට කතා කරද්දෘ කනස්සලුසහගත හඩ ගලා යන්නට විය. "ඔබ, ඔබ..."
ශෙන් ස'චුආන් පියවර දෙකකින් පඩිපෙළ බැස ජි ගැන්ගේ ට ආධාර කිරීම පිණිස දිව ගියේ ය. ජී ගැං ඒ වෙනුවට ඔහුගේ දෑතින් අල්ලාගෙන උඩ සිට පහලට බලා ඔහුව පරික්ෂා කරන්නට විය. මේ ජීවිතයේ දී, ඔහු මුලින්ම චූදු හි රාජකීය ආරක්ෂකයෙකුලෙස සිටි අතර පසුව දුඅන්ජෞ හී කම්මල්කරුවෙක් ලෙස වැඩ කර තිබුණේ ය. පසුව, ඔහුට විශාල විනාශයකට මුහුණ දෙන්නට සිදු වුනු අතර, ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා යන දෙදෙනාවම මාරයාට හසු වූයේ ය. එසේ වුවද, අන් අය ඉදිරියේ දැඩි ක්‍රියාවන් සිදු කරන්නට පෙර ඔහු තමන්ව පාලනය කර ගත්තේ ය. නමුත් දැන්, ශෙන් ස'චුආන් දුටු විට, ඔහුගේ දෑස් වලින් ගලා යන කඳුළු පාලනය කිරීමට ඔහුට නොහැකි විය.
"චුආන් අර්..." ජී ගැං සිය රළු ඇගිලි වලින් අකුළු පිසදමා නැවත නැවතත් ශෙන් ස'චුආන් දෙස බැලුවේ ය. ඔහුට පැවසීමට තිබූ දහස් ගණන් වචන එක් තනි වාක්‍යයක් බවට පත් වූයේ ය. " ඔබ හොදින් ඉන්නවනම් එච්චරයි."
ගමනින් වෙහෙසට පත්ව සිටි ඔහු මඳක් කෙට්ටු වී සිටියේ ය. චී හුයිලියන් මිය ගිය අතර ඔහුට ඒ ගැන කනස්සල්ලට පත්ව සිටියේ ය. ඒ මොහොතේම, ශෙන් ස'චුආන්ට චූදු හැරයාමේදී , දැඩි කාලයක් ගෙවන්නට සිදු වෙන්නට ඇති යැයි ඔහු බිය වී සිටියේ ය. ඉතිං , ඔහු සිය ගමන පුරාවටම උපරිම වේගයෙන් ගමන් කළ අතර නිසි ලෙස නින්නදක් ලැබුවේද නැත. ඒ සියළු දුක් වේදනාවන් පැටවුටන් ඔහුගේ දැනටමත් කුදු වී ඇති කොන්ද මතට ය. ඔහු ලෝකය පුරා මහත් ප්‍රසිද්ධියක් දැරූ ජී ගැං වී බොහෝ කලක් ගතව තිබුණේ ය. නමුත් මේ කෙසග ශරීරය ශෙන් ස'චුආන්ව උවදුරුපවලින් ආරක්ෂා කර ගන්නට පළිහක් වන්කට තරම් කැමැත්තෙන් සිටියේ ය. මේ පුත්‍රයා වෙනුවෙන්, ඔහුට දසදහස් ගණනක් ලී(1) හරහා ගමන් කළ හැකි අතර, ඔහුට ලෝකයේ මහා වීරවරුන් සමඟද සටන් කළ හැකි වූයේ ය. ඇත්තෙන්ම ඔහඅට අසන්නට කිසිවක් තිබුණේ නැත ; ඔහුට අවශ්‍ය වූයේ ශෙන් ස'චුආන්ගේ ආරක්ෂාවත් ඔහු හොදින් සිටීමත් පමණකි.
"ඇයි ඔබ මේ තරම් කෙට්ටු වෙලා තියෙන්නේ?!" ජී ගැංට එය නොකියා හිඳීමෙන් පාලනය කරගත නොහැකි විය.
"ශීෆු." ශෙන් ස'චුආන්ගේ හඩ සැලුනේ ය. "ඇයි ශීෆු ගේ බර මේ තරමටම අඩු වෙලා තියෙන්නේ?"
"මම දැන් ඕනෑවට වඩා දේවල් දරාගන්න තරම් මහළු වැඩියි." ජී ගැං ඉක්මනින් තම කඳුළු පිසදාගෙන සතුටෙන් යුතුව කීවේ ය "ඔබව දැකපු එකෙන් මට ඇත්තටම සහනයක් දැනෙනවා.!"
ච්‍යාඔ ත්‍යැන්යා බිදි ගිය තේ කෝප්පයේ කොටස් අතුගා තමා එක් දණහිසකින් දණ නැමුවේ ය. මේ ශෝකජනක මොහොත ලිහිල් කිරීමේ සිත් ඇතිව හේ සිනහවකින් යුතුව පවසන්නට විය. "ඒක අමතරබමාස කිහිපයක ගමනක් වුනත්, ඒක සිද්ධවුනේ හුගක් සුමටවයි. ස්වාමිනි, ආහිරයි මත්පැනුයි පිරිනැමුවොත් කොහොමද? ශීෆු, අපි කතා කරන්න කලින් ඉදගමු නේද!"
◈ ◈ ◈
අංගනය මිනිසුන් සියල්ලන්ගෙන්ම පුරවාගන්නට තරම් විශාල නොවුනේ ය. කො ලිං මුළුතැන්ගෙයට ගොස් උණුසුම් අිහිර පාන කිහිපයක් සකසා මළුවෙහි මේසයක් සූදානම් කරන ලෙස පැවසුවේ ය. එහිදි ඔහු අළුතින් පැමිණි රාජකීය ආරක්ෂකයන් හා ලීබෙයි ආරක්ෂකයන්ට අසු පිට හිඳම රාත්‍රී ආහාර ගන්නට ඉඩ සලසා දුන්නේ ය.
ච්‍යාඕ ත්‍යැන්යා දිං තාඕ ගේ තරබාරු ලේ කුරුල්ලා ලුහුබැඳ ආහාර කූරු වලින් ග්‍රහණය කරගනිමින් පවසන්නට විය. "අපි දුවලා කෙට්ටු වෙලා ගිහින් , ඒත් ඔබ ඔහුට මහත් වෙනකල් ම කන්න දීලා. ඔබට පුළුවන්ද අපි වෙනුවෙන් ඌගෙන් ආහාරයක් හදලා මත්පැන් එක්ක පිළිගන්වන්න?"
මුලදී දිං තාඕ සතුටු වූයේ ය. නමුත් ඔහුව ශ්‍රවණය වුනු පසු, ඔහු තමාගේ කුරුල්ලා උදුරාගෙන තදින් පැවසුවේ ය, "බැහැ!"
ගූ ජින් සිටියේ කුස ගින්නෙනි. ඔහු බත් පිඬවල් මුවට ගැනීමෙහිලා කාර්යබහුල වූ අතර , ඔහුට තම ආහාර කූරු වලින් ච්‍යාඕ ත්‍යැන්යාගේ ආහාර කූරු වලට පහරක් එල්ල කරන්න ට අමතක වූයේ නැත. ඔහු මිමිණුම් හඩින් පැවසුවේ ය. "ඔබට ගුටිකන්නද නැත්තං වෙන මොකක්හරි ද ඕනේ? ඇයි ඔබ මේ දරුවට කරදර කරන්න යන්නේ?"
"ඔබ ගමන් අතරතුර ඔබේ ආහාර කොටස කොහොමටවත් අඩු කළේ නැහැ." චෙං යැන් පැවසුවේ මත් පැන් පානය කරමින් අසුන්ගන්නා අතරවාරයේය. "ඉතිං ඇයි ඔබට තාමත් මේ තරම් බඩගිනි වෙලා තියෙන්නේ?
"ගූ සහෝදරයා ඔහුගේ කෑම පාරේ හිගාකන පොඩිවුන්ට දුන්නා." ඒ ඔවුන් සමඟ එක් වූයේ ෆෙය් ෂෙං ය. ඔහු අනාගතයේදී සියල්ලෝම සමීපතම සඟයින් වන බව දැන සිටියේ ය, ඔහු තමා පවසන දෑ ප්‍රවේශමෙන් තෝරා බේරාගත්තා පමණක් නොව වචනද පැවසුවේ ප්‍රවේශමෙන් යුක්තවයි, "ගූ සහෝදරයට ඇත්තටම හොඳ ධෛර්යයක් තියෙනවා හොඳ තඹ කාසි වලින් ඔවුන්ට තම්බපු පස්තෑල අරං දෙන්න තරම්."
"හදිසි අවස්ථාවකදී අන් අයට උදව් කරන්න, නමුත් ඔවුන් නිරන්තර දරිද්‍රතාවයෙන් පෙලෙනවනම් එපා," චෙන් යැං අවංකව ලෙස පවසන්නට වූයේ යහපත් චේතනාවක් සහිතවයි. "අනිත් අය අඬන හැම වෙලාවකම මෘදු වෙන ඔබේ ඔය පුරුද්ද ඇත්තටම වෙනස් කරගන්න ඕනේ. දැන් හැමතැනම කෑම හිඟයක් තියෙනවා. මම කියන්නේ නැහැ කරුණාවන්ත දේවල් කරන එක නවත්තන්න කියලා, ඒත් ඔබ ඇත්තටම ඔබේ සීමාවන් දැන ගන්න එක හොඳයි."
"ඔබ ඔබේ සන්තකේම වියදම් කළා ද?" දිං ලායි මේසයේ පසෙක සිටි බෙරිහන් දුන්නේ ය, "ජින් ග' , ඔබ අන්තිම වතාවේ කිව්වා නේද ඒවා මම අතර දෙනවා කියලා? මම ඒ සේරම ඉතුරු කැගත්තේ ඔබට බිරිඳක් විවාහ කරවන්නයි. මම කිව්වනේ ඒක මට තියිගන්න දෙන්න කියලා. මට ඒක හොදට මතකයි" ඔහු කතා කරන අතරවාරයේ සිය කබා අතින් කුඩා පොතක් එළියට ඇද ගත්තේ ය. "මීට අවුරුදු තුනකට කලින් වසන්ත උත්සවයෙදි ඔබ මත්පැන් මිළදි ගන්න මාගන් තඹ කාසි තුනක් ණයට ගත්තා කියලා තාමත් මේකේ ලියලා තියෙනවා. ඇත්තටම , මම මේ තරම් සුළු මුදලක් ගැන හිතන්නේ නැ. මට ඒකෙන් වැඩක් නෑ. ඇත්තටම, ග' , මම මේ..."
ගූ ජින් හිතේ හැටියට ආහාර ගත්තේ ය. ඔහු නිතරම තමන් සමග රැගෙන එන කපු පුළුන් කන් ඇබ දකුණු කනෙහි රඳවාගෙන පසුව වමට හැරී පැවසුවේ ය. "නිවසට තිබුන මත්පැන් ද? මට භාජනයක් දෙන්න."
"බදුන් තුනක් විතරයි." ච්‍යාඕ ත්‍යැන්යා මේ වන විටත් ආහාර ගැනීම නතර කර සිටියේ ය. ඔහු පැවසුවේ ය, "තව ටිකකින් මමත් එක්ක ඔබට වාර්තා කරන්න මගේ ස්වාමියා ළඟට යන්න වෙනවා. බලන්න ඔබ කොයිතරම් බීමත් වෙලාද කියලා. ඔබට අමතකද අන්තිම වතාවේ උතුමාණන් ඔබට දඩුවම් කරපු හැටි? මේ වතාවේ නම් , මම ඔබට උපදෙස් දෙන්න වෙනවා කල්පනාකාරීව කටයුතු කරන්න කියලා."
ඔහු කළේ හුදෙක් සාමාන්‍ය ආකාරයෙන් සිනහවී විහිළුවක් කිරීම පමණකි. නමුත් ඔහු අතීතයේ රාජකීය ආරක්ෂකයන්ගේ උප අණදෙන නිලධාරියා වූ අතර, ඔහු දැන් එම චරිතය රඟපාන විට සැබවින්ම දැඩි බවක් ඇති වූයේ ය. ඔහුගේ ස්වරය සෞම්‍ය වූවත් ඔහුගේ වදන් සවනට එතරම් ප්‍රසන්න නොවුනේ ය.
ගූ ජින් නොරිස්සුම් සහගතව ඇහිබැමි හැකිලූ නමුත් , ඔහු හිස වනා එකඟත්වය පලකරමින් පැවසුවේ ය. "ඒක පොඩි ආසාවක් විතරයි; මම මාස ගානකින් මත්පැන් පානය කළේ නැහැ."
ටිකෙන් ටික දිං තාඕ කතා බහ නතර කරන්නට විය. ඔහු මේ අය අතරින් බාලයා වූ අතර, ඔවුන් සාමාන්‍යයෙන් ඔහුට බාල සහෝදරයෙකු ලෙස සැලකූහ. වැඩිහිටි සහෝදරයන් කිසිවෙක් ඔහුට රසකැවිලි මිලදී ගැනීමට මසුරුකමක් දැක්වූයේ නැත. ඒ නිසාම ඔහු කිසිවකුට බිය නොවූ අතර සෑම කෙනෙකු සමඟම සමීප වීමට මැලි නොවී ය. ඔහු මිනිසුන් අතර හැඟීම් හුවමාරු කර ගැනීමට විශේෂයෙන් සංවේදී වූ බුද්ධිමත් පුද්ගලයෙකු ලෙස උපත ලැබීය. විවිධ වැඩිහිටි සහෝදරයන් මතුපිටින් පෙනෙන තරම් සැහැල්ලුවෙන් සිටින බවක් නොපෙනෙන බව ඔහුට දැනුණු අතර, ඔහු තම කුඩා ගේ කුරුල්ලා දෑතින්ම අල්ලාගෙන, කිසිඳු ශබ්දයක් කලබලයක් නොකර පසෙකින් හිඳගත්තේ ය.
ඔවුන් තම ආහාර වේල අවසන් කළ පසු, කොං ලිං කිහිප දෙනෙකු ලවා අංගනය එළි පෙහෙලි කර මේ කාලය පුරාවටම කොරිඩෝවේ සිටි අමුත්තන්ට විවේක ගැනීම සඳහා ඉඩ ලබා දුන්නේ ය. ඒ වන විටත් මධ්‍යම රාත්‍රිය පසු ව තිබුණු බැවින්, ශෙන් ස'චුආන් දිං තාඕ ලවා ජී ගැන්ව විවේකය සඳහා පිටත් කර හැරියේ ය. ප්‍රධානීන් කිහිප දෙනාටම වාර්තා කරන්නට බොහෝ කරුණු තිබූ අතර, ඔවුන් පිට පිටම පිළිවෙළට එළිමහනේ සිට මාරුවෙන් මාරුවට ඇතුළු වීමට සූදානම් වූහ.
"හැමෝම එකපාර ඇවිත් අසුන් ගන්න. යමක් කියන්න අවශ්‍ය නම් අපට ඒවා එකට සාකච්ඡා කරන්න පුළුවන්." ඔවුන් සියල්ලන්ම ඇතුළු වූ පසු, ශෙන් ස'චුආන් ප්‍රධාන අසුනේ වාඩි වී චෙං යැන්ගෙන් පළමුව විමසන්නට විය. "හමුදා සැපයුම් සකස් කරන එක හොඳින් සිද්ධවුනාද?"
චෙන් යැං සෘජුව ඉඳගෙන මොහොතකට ඔහුගේ වචන තේරීම සංවිධානය කරගත්තේ ය, "නැහැ. මම පිටත්වෙලා යන්න කලින් තරුණ ස්වාමියා හිතපු විදිහට ම, හුඅයිජෞ වල නිලධාරීන් ගල් ගහන්නයි සූදානම නතර කරන්නයි හැම විදිහකින්ම උත්සහ කළා. ඒ වෙනකොටත් ලීබෙයි වල යුද්ධය ඇවිලිලා තිබුණා වගේම ස්වාමියාගේ අවසන් කාලසීමාවට සින දෙකක් පමණයි ඉතිරි වෙලා තිබුණේ. මම හොඳටම කනස්සල්ලෙන් හිටියේ. අන්තිමට ලුඕෂ්‍යා තැන්නේ ආරක්ෂක ජ්‍යැං ස්වාමියා මම වෙනුවෙන් හුඅයිජෞ වල ධාන්‍ය මුදා හරින්න කැමති පත්‍රයක් ලබා දුන්නා. වාසනාවකට වගේ , අපි හරියටම නියමිත දිනය වෙද්දී එය කළා. දක්ෂීණ හමුදා සැපයුම් මාර්ගය ලීබෙයි වලට ගමන් කරනවා, ඒ නිසා හමුදා කටයුතු නතර වුණේ නැහැ." මේ මොහොතේදී, ඔහුඉතවත් පවසන්නට පෙර විරාමයක් ගත්තේ ය. "මම ලීබෙයි වලදී පරම්පරාගත කුමාරයව දැක්කා. ඔහුට බරපතල විදිහට තුවාල ලබලා. ස්වාමියාව චූදු වලදි විශාල වැටලීමකට හසුවුන බව ඔහඅට ආරංචි වුනාම, ඔහුට අවශ්‍ය වුනේ ඔහු වෙනුවෙන්භට පිරිස් මෙහෙයවන්නයි. අවාසනාවන්ත විදිහට, උතුමාණන් ඔහුට අවසර දීලා නැහැ."
ශෙන් ස'චුආන් ඒ පිළිබඳව වැඩි විස්තර නොඇසුවේ ය. ඒ වෙනුවට , ඔහු ගූ ජින් වෙත හැරී පවසන්නට විය, "ඔබ සීජෞ වලට ආවේ ධාන්‍ය මාරු කැගන්නයි. හුඅයිජෞ ප්‍රාන්ත නිළදාරියා එක්ක සසඳන්කොට , ජෞ ගුයි එක්ක ගනුදෙනු කරන්න ඒ තරම් අපහසු නෑ. ඉතිං , ඇයි ඔබ තාමත් කරදරෙන් වගේ ඉන්නේ?"
ගු ජින් එක්වරම කතා කිරීම නිසා මඳක් තුෂ්නිම්භූතව සිටියේ ය. පැමිණ සිටි සියල්ලන්ටම ඔහුගේ නොසැලකිලිමත්කම දැකගත හැකි විය. ශෙන් ස'චුආන් ඔහු දෙස බැලුවේ ය.ගූ ජින් පිළිතුරු දෙන්නට විය, "... මම සීජෞ වල හමුදා සැපයුම් සකස් කිරීම අධීක්‍ෂණය කරන්න ආවම දුෂ්කරතාවලට මුහුුණ දුන්නේ නැති බව ඇත්ත. මම එය කල්තියා සීමා මායිම් බටපිරිස් වලට දැනුම් දෙන්න පිරිසත් එක්ක ගියා, හොංයන් කඳුවැටියේ නැඟෙනහිර කොටසේ උත්තම කුමාරයාව පවා මම දැක්කා."
ඔහු වේගයෙන් කතා කළේ නැත, ඔහු නතර කළ පසු , ඔහු බොහෝ වෙලාවක් පසුබට වෙමින් සිටියේ ය
"මට අහන්න ලැබුණා ස්වාමියා චූදු වලින් ආවා කියලා, ඉතිං මම ඔහු නැවත නිවසට එනතෙක් බලා සිටියා. ඊට පස්සේ චෙං යැන්ව හමුදානෙදි දැක්කට පස්සේ තමයි ස්වාමියා ඉන්නේ සීජෞ වල ඉන්නවා කියලා මම දැනගත්තේ. ඉතිං මම ඉක්මනින් මෙහෙට ආවා."
ලීබෙයි තිබුණේ සීජෞ හි උතුරට වන්නට ය. සියලු තර්ක අනුව, ඔවුන් ච්‍යාඕ ත්‍යැන්යාට වඩා වේගවත් විය යුතුය.
ශෙන් ස'චුආන් මේසය මත සිය ඇඟිලි තුඩු සැහැල්ලුවෙන් තට්ටු කරමින් සිටියේ ය. ඔහු එය මඟ හැර ච්‍යාඕ ත්‍යැන්යා ට කීවේය. "ඔබ ගැන කොහොමද? මට විස්තර කියන්න."
ච්‍යාඕ ත්‍යැන්යා පුටු මිට මතට ඔහුගේ හස්තය තද.කර ඉතා ඉක්මනින් පිළිතුරු දුන්නේය, "මම ස්වාමියාගේ නියෝගය මත ෂිෆු සහ ඇදුරුමාව හොයන්න ඉක්මන් වුනා. මම ෂුඒ වාසස්ථානයේ අභ්‍යන්තර කුටියේ මංපෙත් ලුහුබැඳ ගියා මට හොයාගන්න ලැබුණා ෂුඑ් ෂ්‍යුජුඕ ඇදුරුතුමාව දොංලොංවල තැරුව්කරුවෙක්ගේ නිවසට ගෙනිහින් කියලා, ඒත් ඔහුගේ කිසිම හෝඩුවාවක් තිබුණේ නැහැ. අපි පියවරක් ප්‍රමාද වුනා අපට නගර දොරටුවෙන් පිටතට එන්න බැරි වුනා, ඒ නිසා අපිට චූදු වල රැදිලා ඉන්න වුනා." ඔහු කතා කරන අතරවාරයේ ෆෙයි ෂෙං දෙස බැලුවේය. "ගෞරවනීය වංශ වල සෝදිසි කිරීම්වලින් සැඟවීමට ඔහු තම මිනිසුන්ට මඟ පෙන්වමින් හිටියා. අපි නගරයෙන් පිටතට යන්න හැකි සෑම ආකාරයකින්ම උත්සාහ කළත්, හැන් චෙං නගරයට වතුර බිඳක්වත් ඇතුළු නොවෙන ආරක්ෂා කරලා තිබුණා. ඇත්තටම අපිට යන්න තැනක් තිබුණේ නැහැ, ඒ නිසා අපි උතුමාණන්ගේ මෙයිහුආ වාසස්ථානයේ හැංගුණා . වාසනාවකට වගේ, වාංශාධිපතිතුමා පැන් වංශයෙන් අරගත්ත පොදු අගල්වල පිරිසැලසුම් සැලැස්ම මට එහෙදි හමුවුනා."
මේ අයිතමය ෂ්‍යාඕ චීයේ පැන් ලින්ගෙන් ලබාගෙන ඇත්තේ ඔහු වංශවත් නිලයකට උසස් වීමෙන් පසු භෝජන සංග්‍රහයක් පැවැත්වූ අවස්ථාවේදීය. එකල ඔහු එය හදිසි පියවරක් ලෙස තබා ගැනීමට සූදානම් ව සිටියේ ය. නමුත් සමහර අනපේක්ෂිත සිදුවීම් නිසා, එය චළුාඔ ත්‍යැන්යාගේ යතුර බවට පත් වූ අතර සියල්ලෝම චූදු වලින් පැනවිත් තිබුණි."
"අපි පොදු වළවල් වලින් බඩගාගෙන ගියා." ෆෙයි ශෙං කතා කරන විට, ඔහු තම ඇඟිලිවලින් ඉඟි කරන්නට අත දිගු කළේය. "විවිධ වීදිවල පොදු වළවල් සියල්ලම අලුතින් හාරපුවා. මේක උතුමාණන්ගේ අභිප්‍රායක්ද කියන්න මම දන්නේ නැහැ, ඒත් ඒවා සේරම පිටතින් පටු සහ ඇතුළත පුළුල් ඒවා. වියළි ස්ථානවල ගබඩා කර ඇති ඉටිපන්දම් සහ ඉතුරුවුන සලාක පවා තිබුණා. අපි පනස් දෙනෙකුට වැඩි පිරිසක් මේ සලාක මත විශ්වාසය තියලා දින දහයකට වඩා වැඩි කාලයක් අෂ්ඨ මහා පුහුණු අංශ වටා කරක් ගැහුවා, අන්තිමේදි අපි චූදු වලින් පිටතට ආවේ ෆෙං කන්ද අසලින් මතුවෙලා."
"අපි පිටතට ආවට පස්සේ , චූදු වලයි අෂ්ඨ මහා නගර වලයි දැඩිව පරික්ෂාවන් වෙන බව වැටහෙන්න ගත්තා. ඉතිං අපි අපේ රත්තරං සහ රිදී කාසි උකස් කරලා වෙළෙන්දන් වගේ වෙස් ගත්තා. චුආංචෙං වල ඉදන් චාජෞ වලට වක්‍රව ගමන් ආරම්භ කළා. ඊට පස්සේ චාජෞ වල ඉදන් සීජෞ වලට ගමන ඉක්මන් කළා." ච්‍යාඕ ත්‍යැන්වා පැවසුවේ ය. "අපි මාස භාගයකට කලින් චාජෞ වලට ආවම , අපිට අහන්න ලැබුණා හැන් චෙං දැනටමත් රාජකීය උරුමක්කාරයෙක් මාළිගාවට පිටත් කරලා කියලා, ඒත් චාජෞ වලින් පිටපිටවුනාට පස්සේ ප්‍රවෘත්ති එතරම් නොලැබුණු නිසා අපිට ඊට පස්සේ සිදුවුන දේවල් ගැන හොයාගන්න නොහැකි වුනා. අනිත් විස්තර වෙනුවෙන් , අපට ග' චිංචිං ගේ ලිපිය එනකල් බලාගෙන ඉන්න වේවි."
ශෙන් ස'චුආන් ඒ පිළිබඳ කල්පනා කරන විට කිසිවෙක් ඔහුට බාධා නොකළේ ය. දිං තාඕ ආලින්දයෙහි ඇවිදින ශබ්දය ශ්‍රවණය වු හේ ඔහු දොර අසලට එන තෙක් ලබාගෙන සිටියේ ය. "ඔය දෙන්නටම මහන්සියි ඇති. ඒ නිසා දිං තාශ් එක්ක ගිහින් අද රෑ විවේකයක් ගන්න."
ෆෙයි ශෙං විවිධ ඉගි ගැන බුද්ධිමත් බවක් දැරූ අයෙකි. අද රාත්‍රියේදීත් ඔහු තම පක්ෂපාතිත්වය හෙළිදරව් කිරීමට ඉක්මන් නොවීය, එබැවින් ඔහු එක් මෘදු පියවරකින් නැගී සිට , ච්‍යාඕ ත්‍යැන්යා හා එක්ව ස්වාමියාගෙන් සමුගෙන කාමරයෙන් පිටතට ගියේය.
◈ ◈ ◈
මොහොතකට ඉටිපන්දම් දැල්ල මඳක් සෙළවුනි. ගූ ජින් ඔහුගේ හිස එසවුයේවත් ශබ්දයක් නැගුවේ වත් නැත. ඔහු අදුරේ ගිලී ගිය අතැ, ඉටිපන්දම් එළියේ ආලෝකය මුහුණ මතට වැටී සෙවනැල්ලක් නිර්මාණය කළ අතර එයින් ඔහුව දුෂ්ටයන් දෙදෙනෙකු හා පොරබදන අයෙක් ලෙස පෙනුනි.
ශෙන් ස'චුආන් පවසන්නට වූයේ පුදුම සහගත ලෙසින් සන්සුන් ව ය., "ලීබෙයි වලදි ඔබලා දෙන්නට මොනවහරි වුනා ද?"
චෙන් යැං ඔහුගේ මුහුණ අර්ධ වශයෙන් ආවරණය කරගනුනය අතක් ඔසවමින් එහි වැළමිට පුටු ඇන්දෙන් තබා ගත්තේ ය. "... මම හිටියේ පරම්පරාගත කුමාරයට කිට්ටුවෙන්, ඉතිං ඒ නිසා මට මුකුත් වුනේ නැහැ. ඒත් ගූ ජින්ට නම් වුනා ."
ගූ ජින්ට එහිවූ නිහඩතාවය දරාගත නොහැකි වූයෙන් හේ ඔහුගේ වස්ත්‍රය උනා දමා අනෙක් පස හැරුණේ ය, මේ හේතුවෙන් ඔහුගේ පිට කය මුලුමනින්ම ශෙන් ස'චුආන්ට නිරාවරණය විය. ඔහු පවසන්නට විය. "මේ කාරණා ස්වාමියාට කෙලින්ම වාර්තා කරන්න තිබුණා , ඒත් ස්වාමියා ආපහු ආවේ දවස් කිහිපයකට පස්සේ. ස්වාමියා චූදු වල ඉඳන් උපදෙස් දුන්න නිසා , මට පුළුවන් වුනේ තරුණ ස්වාමියා ට වාර්තා කරන්න විතරයි. මම යුද්ධය ගොඩක් ම දරුණු අතට හැරිලා තිබුණ ප්‍රදේශය ට ආවා. වංශාධිපතිතුමයි සේනාධිපති සුඕයි දෙන්නම ආරක්ෂිතයි. හමුදා විධිවිධාන විමර්ශනය අවසන් වුනාට පස්සේ , මම තාවකාලිකව මගේ මුල් ස්ථානය , ඔත්තු බැලීමේ සංචිතයේ පෙරටුගාමියෙක් විදිහට වැඩ භාර ගත්තා, හන්ෂේ ගෝත්‍රිකයන්ගේ අශ්වාරෝහක සේනාව එක්ක හැමදාම වැඩ කරන්න වුනා. මට මතක නැහැ කවදද කියලා, ඒත් අපි නැඟනහිර කදු අතරේ පහර දෙන්න සැගවිලා හිටියා මමයි ඒ කණ්ඩායම් වලට නායකත්වය දුන්නේ."
ඔහුගේ පිට පෙදෙස ඒ වන විටත් නරක අතට හැරී තිබුණි. වඩාත් දරුණු වු තැන්වල තුවාල දැනටමත් පැසවා තිබුණි. වෙළුම් පටිවලින් බැඳ ඇති ප්‍රදේශවලින් තවමත් රුධිරය ගලා විත් අයුරු දැකගත හැකි විය.
"මට ඊතලයක් වැදුනා, ඒත් මට බේරෙන්න පුළුවන් වුනා. මම මුලින් හිතුවේ ඒ හන්ෂේ ගෝතුයේ කෙනෙක් කියලයි, ඉතිං ඒ නිසා මම ඉතුරු මිනිසුන් 200 අරගෙන වගුරුබිම් තණ පිටිය වටා ගිහින් හන්ෂේලා සැඟවිලා හිටපු තුදාලොං ධජය ළඟට ආවා. ඒත් කවුද දැනගෙන හිටියේ , අපිට තුදාලොං ධඩතජය ළගදි රෑ මැද පහර දෙන්න ගනිවි කියලා." ගූ ජින් ඔහුගේ වස්ත්‍ර නැවතත් ඉහළට කර සකසා ගත්තේ ය. ඔහු සිය වස්ත්‍රය සකසාගෙන පවසන්නට විය, "තරුණ ස්වාමීනි , මම මුලින් බාලදක්ෂයෙක් වෙලා හිටියා. ඒ මේ ඇස් කන් නිසා තමයි පරම්පරාගත කුමාරයා මාව ඔහුගේ ආරක්ෂකයෙක් විදිහට තෝරගන්න හේතු වුනේ. මම චූදු වල නැවතිලා හිටපු මේ වසර ගණනාව ඇතුලේ මම කලින් වගේ හොඳ නොවෙන්න ඇති. නමුත් ස්වාමියාගේ අවවාදයෙන් පස්සේ , මම තවදුරටත් නොසැලකිලිමත් වෙන්න තරම් එඩිතර වුනේ නැහැ, විශේෂයෙන් මම යුධ පිටියෙදි ගමන් කරද්දී වඩාත් සැලකිලිමත් වුනා. එදා රෑ මගේ ගමන් මාර්ග නියෝගය කෙලින්ම නිකුත් කලා. මම කවදාවත් ඒ ගැන කාත් එක්කවත් සාකච්ඡා කරලා නැහැ. නමුත් අපි ඒ අවස්ථා දෙකේදීම සැඟවෙලා හිටියා. ඒ නිසා මම සැක කරන්න පටන් ගත්තා හංෂේ වලින් ඔත්තුකාරයෙක් ඉන්නවා කියලා."
"මම දෙවෙනි වතාවට පැනලා යද්දි , මට හොයාගත්තා සර්ප විෂ තිබෙනවා කියලා ඊතල වල. කපින් මේ විෂ දිං තාඔ ගේ වානේ කටු වල ගල්වලා තිබුණා. ඒවා බටහිර හොංයැන් කඳුවැටි වලින් ආපු දෙයක්. මගේ පිට හුගක් දරුණු විදිහට විෂ වලින් පැසවමින් තිබුණා වගේම වගුරුබිම් හරහා අපිව වේගයෙන් ලුහුඹදිමින් තිබුණා. ඒවගේම මට විෂ සහිත මකුණවෝ වගයක් දෂ්ඨ කලා. මට තවත් දරාගෙන ඉන්න බැරිවඅනා, ඊට පස්සේ පාන්දර මට දරුණු උණක් වැලඳුනා"
මේ අවස්ථාවේදී ගු ජින් නතර විය.
ඔහු කතා කළේ උදාසීන අයුරිනි. ඔහු එක වදනක් හෝ වරදිවි යැයි යන බයෙන් නැවත නැවතත් තහවුරු කරගන්නාක් මෙන් ඔහු බොහෝ වාරයක් නතර කරමින් කතා කළේ ය. ඔහුගේ ඉදිරියට පවසන වදන් වල පල විපාක හේ දැන සිටියේය.
"අපේ අශ්වයෝ සේරම මඬ වගුරේ ගිලිලා මැරුණා. මට තව දුරටත් ඇවිදගන්න බැරි වුණා. ලීබෙයි සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක හමඅදාවේ චංජු කදවුර තිබුනේ තුදාලොං දකුණු ධජයට ලී දහයක් දුරින්. ඒත් පුදුමේ කියන්නේ, එදා කවුරුවත් ම මුර සංචාරයේ හිටියෙ නැහැ. මම විශ්වාසය තියාගෙන හිටියා මගේ කනිෂ්ඨ නිළදාරියාව ආපසු යවලා ශක්තිමත් කිරීම් එනකල් බලාගෙන හිටියා. ඒත් මම හවස්වරුවෙ ඉදලා පහුවුදා වෙනකල්ම හිටියත් කවුරුවත් ආවේ නැ. මම කරදර වෙමින් හිටියේ ඔත්තුකරුවා මේකෙන් ප්‍රයෝජන අරගෙන චංජූ කඳවුරට යයි කියලා , ඒ නිසා මම පුළුවන් තරම් ඉක්මන් කළා. මම නඋලෙන් මරු කටෙන් ගැලවිලා කදවුරට ගියත් , මගේ අසිපත අරගෙන ඔවුන් ළඟ තියාගත්තා. මම මුළු රාත්‍රියම ගත කළේ බ්‍යැන්ෂා යුද සිරකරුවන් රඳවා සිටි සිර මැදිරියේය. දෙවන දවසෙදි, චංජු කඳවුරේ අණදෙන නිළදාරි ගුඕ වෙයිලී මුලසුන හොඹවන, නඩු විභාගය ට මාව ඉදිරිපත් කරන්න ඉදිරිපස කූඩාරම් වලට ගෙනිච්චා."
ගු ජින් නඩු විභාගයේ විස්තර මඟ හැරියේය. ඔහුට එය සිහිපත් කිරීමටද උවමනාවක් නොවීය. එය ඔහුට ශාරීරික වේදනාවක් නොව මානසික කඩා වැටීමකි.
ඔහු ඉතා මෘදු හඬකින් කියාගෙන ගියේය. "ඔවුන් පැවසුවා මම හන්ෂේවරු එක්ක රහසිගත ව සම්බන්ධතා පවත්වලා තූදාලොං ධජය ආසන්නයෙන් පෙරටුගාමී සංචිතය තව දුරටත් නැගෙනහිරින් අතුගා දමන්න උත්සහ කරනවා කියලා. ඔවුන් මගේ හමුදාවේ මගේ නිලය ඉවත් කලා වගේම වෙනත් කෙනෙක්ගේ උපදෙස් මත මම එහෙම කළා නම් පාපොච්චාරණය කරන්නත් ඔවුන්ට අවශ්‍ය වුනා. මම කවදාවත් නොකළ දෙයක් ගැන පාපොච්චාරණය කරන්න මට බැහැ. ශක්තිමත් කිරීම් සඳහා වූ මගේ අඛණ්ඩ ඉල්ලීම් දෙකම ඔවුන් නොසලකා හැරිය හේතුව මම චංජූ කඳවුරෙන් ප්‍රශ්න කළා , ඔවුන් කිව්වා ඔවුන් ට ඒවගේ දෙයක් කොහොමටවත් දැනගන්න ලැබුණේ නැහැ කියලා. හමුදා නීතියට අනුව, මා ඝාතනය කිරීමට පෙර හමුදාපතිවරු තිදෙනෙකුගේ ඒකාබද්ධ නඩු විභාගයකට කැඳවන්න වුනා වගේම, වත්මන් අණදෙන නිලධාරියා පෞද්ගලිකව ඉදිරියට කරගෙන යන්න අවසර දෙන්නත් ඉඩ තිබ්බා. නමුත් ගුඕ වෙයිලී දිගින් දිගටම අවධාරනය කලා පරම්පරාගත කුමාරයා ඔහුගේ දරුණු තුවාල වලින් තවමත් සුවය ලබා නොමැති නිසා, ඔහු වෙනුවෙන් ක්‍රියා කරන්න ඔවුන්ට බලය තියෙන බව. එදා චෙන් යැංහරි වෙලාවට ආවෙ නැත්තං , මම තරුණ ස්වාමියා ඉස්සරහා මෙි විදිහට නොඉන්න තිබුණා."
ශෙන් ස'චුආන් රිදී ඉඳිකටුවක් ඉටිපන්දම් දැල්ලට තැබූ අතර එය නිවී ගියේ ය ඔහු කඳුළු සලන්නාක් මෙන් පෙනෙන ඒ ඉටිපන්දම දෙස බලා සිටියේය. නිමේෂයකින්, ගණනය කළ නොහැකි සිතුවිලි ගොන්නක් ඔහුගේ මනස හරහා ගලා යමින් තිබුණි. මෙම ගුඕ වෙයිලී යුද අමාත්‍යාංශයේ පත්වීම් ලිපියකින් ෂ්‍යාඕ ජීමිං විසින් තනි හස්තයකින් උසස් කරන ලද පුද්ගලයෙකු බව ඔහු දැන සිටි අතර ගූ ජින් හෝ චෙං ඔහුට ඒ පිළිබඳව මතක් කර දීමට අවශ්‍ය නොවුනේ ය.
◈ ◈ ◈
ෂ්‍යාඔ චීයේ ලෙයි ජිංෂ හැර ගිය මාවත අනුගමනය කරමින් පැරණි කඳවුරු භූමියේ උතුරු දෙසට ඔහු පසුපස හඹා ගියේය. ඔහු පස් මිටක් අල්ලා ගැනීමට අශ්වයිගෙන් බැස, ඉදිරිය බලා දෑස් මදක් කුඩා කළේය.
තන්තායි හූ කඳවැටිය පරික්ෂා කර බැලුවේ ය, "ඔවුන් උතුරට ගියහොත් ඔවුන් ලීබෙයි වල සීමා මායිම් රේඛාව හරහා ගමන් කරන්න වෙනවා; ඔවුන් එහෙට යන්නේ නැති වෙයි, ඒ නිසා ඔවුන්ට බෙදිලයි පලා යන්න වෙන්නේ. ස්වාමිනි, මට සැක ,, ඔවුන් අපිව අයිගෙ යන වල් පාත්තයෝ ලුහු බදිනවා වගේ මුඳලා කරාවිද කියලයි. මේ විදිහට ඔවුන් පසුපස හඹා යෑම වෙහෙසකරයි. "
"ඇත්තටම ඔහු ඒක කරාවි." ෂ්‍යාඕ චීයේ ඔහුගේ ග්‍රහණය ලිහිල් කළා. "ඔවුන් කුජා කණ්ඩායම් වලට බෙද්ලා බලා යාවි.. ස්වාභාවිකවම, අපිට විශාල දැලකින් ඔවුන් සියල්ලන්ම එකවර අල්ලා ගන්න බැහැ. නමුත් අපි දැන් වෙන් වුණොත් අපි අනෙක් පාර්ශවයේ උගුලට අහු වෙනවා. ඔහුට රාජකීය හමුදාවේ ගම්‍යතාව හසුරුවා ගත නොහැකි නිසා ඔහු මම එක්ක මුහුණට මුහුණලා සටන් කරන්න කැමති නැහැ. තමන්ගේ මිනිසුන්ට අවධානය සහ චිත්ත ධෛර්යය අහිමි වෙලා යාවි කියලා ඔහු කනස්සල්ලට පත් වෙලයි ඉන්නේ. ඔවුන් මේ දිහාවට හුරුයි, එබැවින් ඔවුන් ට පුළුවන් හැම ආකාරයකින්ම උත්සාහ කරන්නේ කුඩා කණ්ඩායම් වලට බෙදෙන්න අපව පොළඹවගන්න. එතකොට ඔවුන්ට අපේ ආරක්ෂා සහගත ඉව පියවරෙන් පියවර බිඳ දමන්න පුළුවන්."
"අපිට ඒ තරම් හමුදාවක් නැහැ." තන්තායි හු වටපිටාව පරික්ෂා කර බැලුවේ ය. "මෙ කොල්ලා නම් ඇත්තටම කපටියෙක්!"
"හදිසි වෙන්න එපා." ෂ්‍යාඔ චීයේ නැගිටගත්තේ ය.
මෙං සිය මුර සංචාරයෙන් ආපසු පැමිණ ෂ්‍යාඔ චීයේ ගේ උරහිසට ගොඩ වූයේ ය. ඌ රාත්‍රී සුළග මධ්‍යයේ ෂ්‍යාඔ චීයේ හා සිටගෙන සිටියේ ය. ඔහු ඉදිරියේ වූ විලෝ ගස්වල පත්‍ර සුළං ප්‍රවාහන්ට හසුව බිම වැටී තණකොල මතට පතිත විය.
"හස්තයන් හෙන්ම, වඩාත් ම දරුණු දෙය වෙන්නේ ගින්නයි." නැවත වරක් ෂ්‍යාඔ චීයේ ඔහුගේ අශ්වයා මතට නැග ගත්තේ ය. "ඔහුට සැඟවීමට තැනක් නැති වෙන්නම ඇවිළෙන ගින්නකුයි මට ඕනේ. "
තන්තයි හූ එය අනුගමනය කර ඔහුගේ අශ්වයා පිට නැංගේය. ඔහු පවසන්නට විය "නමුත් මෙහි ගස්වලට වඩා ඉඩම් වැඩියි. ඇවිලුනොත් ලිබෙයි වල තණබිම් වලට ගින්න පැතිරෙයි කියලා මට හිතෙනවා."
ෂ්‍යාඔ චීයේ මහ හඩින් සිනහසෙමින් තන්තායි හඋට පවසන්නට විය, "මම ඔබට මේ තැන ගිනි තියලා දාන්න කියලා නෙමෙයි කියන්නේ. මඟ දිගේ විශාල නගරවලට සහ කුඩා ගම්මානවලට ගිහින්, කොල්ලකරුවන්ට නවාතැන් දෙන කාව වුනත් වහාම ක්‍රියාත්මක වෙන විදිහට මරා දමන බවට ප්‍රකාශ කරන දැන්වීම් ප්‍රකාශ කරන එක ඔවුන් ලවා කරවගන්න. ඔවුන් රාජකීය හමුදාවට දන්වනවා නම්, එක් කොල්ලකරුවෙක් වෙනුවෙන් ඔවුන්ට තඹ කාසි ත්‍යාග පිරිනමනවා. ඔවුන් වාර්තා කරන තරමට මම ගෙවනවා. ඒවගේම ඔවුන්ට කියන්න, සීජෞ හමුදාවට බඳවා ගැනීමේ දැන්වීමක් නිකුත් කරන්න සූදානම් බව. ඔවුන් ගියොත් , වෙන කිසිවක් නැති වුනත් දවසට ආහාර වේල් තුනක් සපයනවා , රාජකීය හමුදාවෙන් මුදල් ත්‍යාග ලැබූ තොරතුරු සපයන්නන්ට ප්‍රමුඛත්වය දෙනවා. ලෙයි ජිංෂ අපි ඔහුව හොයනවට අකමැති නිසා, මම ඔහු පිටතට එන්න පොළඹවනවා."
තන්තායි හූ දෙගිඩියාවෙන් පසුවූවද, හේ පවසන්නට විය, "ඒත් අපේ මුදල් ඉවර වුනා නේද..."
"ඒ ගැන හොයාගන්න ඕනෙ නම් ලන්ජෞ ට කියන්න" ෂ්‍යාඔ චීයේ තම අශ්වයා නිසි ලෙස හසුරවන්නට විය, පසුව ඌව යටපත් කරගෙන ආපසු හැරී බැලුවේ, "මේ දෙවන තරුණ ස්වාමියාට තඹ කාසි ටිකක් හාරන්නවත් බැරිද?"
තන්තායි හූ ලැජ්ජාවෙන් ඇඹරුණේ ය.
ෂ්‍යාඔ චීයේ ඔහුගේ මාපටැඟිල්ලේ මුද්ද කරකවමින් හැඟීම් විරහිත ලෙසින් පවසන්නට විය, "අනේ..."
❤️❤️❤️
ReplyDeleteThank you 😍❤️
ReplyDelete