හිරු බැස යමින් මැකී ගිය අතර , වෘක්ෂයන්හී තුරු මුදුන් අතරින් අහසේ විසිරී ගිය දීප්තිමත් තාරකා එබී බලනවාක් මෙන් පෙනෙන්නට විය. රාජකීය හමුදාවේ මුර සංචිත සේනාංක මංතීරු තුළ ගමන් කරමින් ඔවුන්ගේ ගමන් වාර ආරම්භ කර තිබුණහ. ශෙන් ස'චුආන් ව සිය නරමත තබාගෙන ෂ්‍යාඕ චීයේ සෙවණැලි පලස මතින් ඇවිද ගියේ ය. එය ගිම්හානයේ රාත්‍රියක් වූ බැවින් මද උණුසුමක් පැවතියේ ය. ඔහු එතරම් වේගයකින් තොරව ගමන් කළ අතර ඔහුගේ විධිමත් පිටත වස්ත්‍රය විවෘත වී තිබුණි.
ශෙන් ස'චුආන් ඔහුගේ හිස ඔසවා ෂ්‍යාඕ චීයේ ගේ හිසකෙස් නිකට තැබුවේ ය. ෂ්‍යාඕ චීයේ වඩාත් උස වූයෙන් ශෙන් ස'චුආන් ගේ සිරුරේ ඉහළ අර්ධය සඳ එළියට නිරාවරණය වී තිබුණි. ඔහු තම හිස හරවා බැලුවහොත් ඔහුට තාප්පයෙන් එහා පස වූ මළුවෙහි සිටින මිනිසුන් පවා බලන්නට හැකියාව තිබුණි.
"මම හෙට පැරැණි කඳවුරඅ භූමියට ගිහින් ඔහුගේ නැගෙනහිර දෙසට පළායාමේ මාර්ගයට බාධා කරනවා. ඔහු කොහොමටත් උතුරට යන්නේ නැති වෙයි, දකුණෙත් විවිධ හමුදා සේනාංක සැඟවිලා ඉන්නවා. මම දවස් තුනකින් ආපහු එන්නම්. අන්තිම වශයෙන්." ශෙන් ස'චුආන් ට සහය දක්වමින් ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය. "අපිට චූදු වලින් තොරතුරක් ලැබිලා හුග කාලයක් ගතවෙලා.අපි පුළුවන් තරම් ඉක්මනින් කෙනෙක්ව යවලා ඒ ගැන විමසීමක් කරන්න ඕනේ. එතනින් තමයි අපිට චී ජූයින්ගේ චලනයන් ගැන දැනගන්න පුළුවන් වෙන්නේ."
"හුආ සහපචී අතර විවාහට ආයෙ ආයෙමත් කල් යනවා. බාහිර ආධාර ලබා ගන්න වැන්දඹු අධිරාජිණිය තව දුරටත් චී ශීයුට බලාගෙන ඉන්න දෙන්නේ නැති වෙයි." ශෙන් ස'චුආන් දින අනුමාන කර බැලුවේ ය. "විවාහෝත්සවය අටවෙනි මාසයට වඩා ප්‍රමාද වෙන්නේ නැති වේවි."
"හුආ ශියැංයීට ඉදිරියට ගිහින් ඇය කැමති ඕනෙ තරම් පිරිසක්ව විවාහා කරගන්න පුළුවන්." ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය. "ඇයට උරුමක්කරුවෙකු නොමැති තාක්කල් , චී ජූයින්ට චීදොං වල අවසාන ප්‍රකාශය කරන්න ඉඩ හසර ලැබෙනවා. ඇය හදන්නේ එහෙ දෙවන භාර්යාව (01) වෙන්න. ඇය චී ජූයින් වඩා බාලයි ඇය පුතෙක් බිහි කළොත්, ඔහු සෘජු සම්භවයක් තියෙන ශී ෂීයුගේ නීත්‍යානුකූල පුත්‍රයා විදිහටත් පත් වේවි. චී ශීයු මිය ගියාට පස්සේ චී ජූයින් හමුදා බලය අල්ලාගන්න බාධා කරන එකම දේ ඒ මවයි පුත්‍රයයි වේවි."
"හමුදාව අතර සේනාධිනාකතුමියට ක්යෙන කීර්තිය සුළුවෙන් තකන්න බැහැ. ඇය තමන්ට වඩා අවුරුදු ගණනාවකින් සෘජු සම්භවයක් තියෙන බාල සහෝදරයෙක්ට බයවෙයි කියලා හිතන්න පුළුවන් ද ත?" ශෙන් ස'චුආන් සිතමින් පැවසුවේ ය. "ඇය නැවත සාමය බලාපොරොත්තුවෙන් හුආ ශියැංයී එක්ක ඒ විදිහට ජීවත් වෙන්න එකඟ වුනොත්, ඇය බොහෝ විට කරදරවලින් බේරේවි."
"චී ජූයින්ට ගෞරව නාමයක් පිරිනමන එක පහසුවුනේ නැහැ. ඇය චීදොං පංච අණ්දෙන සේනාංක බාරගත්තම ඇය මුහුණ දීපු පසුබෑම ඒකට හොඳම සාත්ෂියක්. චූදු වල ඇගේ ලිංගිකත්වය ගැනත් නොසන්සුනාවයකින් පසු වෙනවා විතරක් නෙමෙයි , චීදොං වල අභ්‍යන්තර හමුදා පරිපලෙන අංශයේ නිළදාරීනුත් කැළඹෙන්න පටන් අරගෙන. මේ මොහෙතේදී , ෂ්‍යාඕ චීයේ ඉදිරියට පවසන්නට පෙර මඳ විරාමයක් ගත්තේ ය. "අනිත් අතට, මම ගොඩ කාලෙකට කලින් චූදු වලදි කෙනෙක් ලවා පිටපත් කරගත්ත පෙළපත් වාර්ථා දැනටමත් චී ජූයින්ට බාරදීලා තියෙනවා. මේ වගේ තත්වයකදි , ඇය කොහොමටවත් හුආ ශියැංයීට දරුවෙක් බිහි කරන්න ඉඩ දෙන්නේ නැහැ."
චීදොං තුළ හුඅා ශියැංයී නොසැලී සිටිනතාක් කල්, වැන්දඹු අධිරාජිනියට කිසිඳුවිටක චීදොං පාබල සේනාංකයන් ඇගේ දකුණත් මිනිසුන් බවට පත් කරන්නට නොහැකි වනු ඇත. කෙසේ වෙතත්, මේ සියල්ල පදනම් වූයේ චූදු තුළ තවමත් සැබෑ අධිරාජ්‍යයෙකු නොසිටියේය යන පදනම මතය. ශීත ඍතුව පැමිණීමට පෙර චූදු නව අධිරාජ්‍යයෙකු ඉදිරියට තල්ලු කරන්නේ නම්, චී ජූයින්ට ලීබෙයි වලට මුහුණ දෙන්නට සිදුවනු ඇත.
"මම
කරදර වෙන්නේ ලූ ගුඅන්බායි ගැන." ෂ්‍යාඕ චීයේ ඔහුගේ සැහැල්ලු භාව ප්‍රකාශය
පවත්වා ගනිමින් පැවසුවේ ය. "සරත් සමයෙන් පස්සේ , බ්‍යැන්ෂා අශ්වාරෝහක
භටයිගන් ආහාර කොල්ලකන්න බටහිර දේශ සීමාව පසුකරලා අපේ ප්‍රදේශවලට එනවා.
ඔවුන්ගේ අශ්වයන් තරබාරු වෙලා හොඳින් පෝෂණය වෙන්නේ මේ කාලයට, ශීත ඍතුවේ දී
වඩා හොඳින් දිවි ගලවා ගන්න නම් ඔවුන් අවදානම් දේවල් වලට මුහුණ දේවි.
බ්‍යැන්ජුන් සේනාංකයට ඔවුන්ගේ හමුදා සැපයුම් වෙන් කරලා බෙදා
හරින එක
පදනම් වෙන්නේ දාජෞ මත. බ්‍යැන්ෂා ගෝත්‍ර දොළහා දන්නවා තමන් දුප්පත් වෙලා
ඉන්න බව , ඒවගේම බ්‍යැන්ජුන් කදවුරු වලට ආසන්නයේ ධාන්‍යාගාරය ඉදිකරලා තියෙන
බවත් ඔවුන් දන්නවා. අන්න ඒ නිසායි ඔවුන් හැම වෙලාවෙම ලූ ගුඅන්බායි පස්සේ
පන්නන්නේ. මේ අවුරුද්දේ චීදොං වල හමුදා සැපයුම් හරි අඬකින් නපා හැරියා.
දිවි ගලවා ගැනීමත් ආරක්ෂාව සම්බන්ධයෙනුත් ඔහු වඩාත් නරක තතවයට ඇදවැටිලයි
ඉන්නේ. මම චූදු වපින් ඉවත් වෙලා ආ එකෙන් ඔහුගේ තත්තවය තවදුරටත් අවුල් සහගත
කරලා නරක අතර හැරෙව්වා විතරයි."
නමුත් මෙය ශෙන් ස'චුආන්ට පවා පවා උදව් කිරීමට මගක් නොතිබූ දෙයක් විය. බ්‍යැන්ජුන් හි පිහිටීම එතරම් නැගෙනහිර නොතිබුනේ නම් සහ තියැංෆෙයි මුරටැඹ සහ සුඕතියන් දුර්ගය දෙපස ස්ථානගත කර නොතිබුනේ නම්, සමහර විට ඔවුන්ට තවමත් ජුඒෂි හි යොංයී වරායේ සිටි ග' චිංචිං වෙත පණිවිඩයක් යවා ෂී දාන් ගෙන්වාගන්නට හැකි වෙන්නට තිබුණි. ලූ ගුඅන්බායි සඳහා හදිසි පියවරක් ලෙස ජුඒෂි ධාන්‍ය තොගයක් මිල දී ගෙන හේජෞ හරහා චීදොං වෙත යැවීමට ක්‍රම ගැන ද සළකා බලන්නට පුළුවන. නමුත් බ්‍යැන්ජුන් සිටිය යුතුව තිබුණේ සංයජුන් නගරයට නැගෙනහිරින්ය. වම පසට හා දකුණු පසට බාධා ඇති වූ අතර, ඔවුන් එය සංජුන් හී නාසයට යටින් ප්‍රවාහනය කළේ නම් මිස වෙනත් මාර්ගයක් නොතිබුණි. චීදොං ජුඒෂි වලට අයත් නොවීය. එහි චී ජූයිනුගේ නොබිඳිය හැකි ආරක්ෂක ස්ථරයන් එක මත එක පිහිටුවා තිබුණි. එතරම් ශබ්දයක් නොමැතිව එය හරහා යාමට සිතීම සරලවම කළ නොහැක්කක් විය. (02.)
බ්‍යැන්ජුන් පැවතියේ පර්වතයක් අද්දර සිටගෙන සිටින රාත්‍රී මුරකරුවෙක් මෙනි. එය මංමුලා සහගත සහ බලාපොරොත්තු රහිත තත්වයකට සමාන ස්ථානයක් විය.
වාතාශ්‍රය ඝන බවක් ඉසිලූයෙන් ෂ්‍යාඕ චීයේ කමා පිටුපසින් ඔසවාගෙන සිටි ශෙන් ස'චුආන් සමගම වටයක් කැරකෙන්නට විය. "දැන් ගොඩක්ම වැදගත් වෙන්නේ ලෙයි ජිංෂ පසුපස හඹා ගිහින් පහර දෙන එකයි. අපි ජොංබෝ ආරක්ෂා කරන්න සමත් වුනාට පස්සේ , බ්‍යැන්ජුන් වලට උදව් කරන එක පහසු වේවි. අපට ත්‍යැන්ෆෙයි මුරටැඹ තරණය කරන්න පුළුවන් නම්, අපට කෙලින්ම එකැනට යන්න හැකියාවක් ලැබේවි. මම මේ තරම් දහඩියෙන් නෑවිලා ඉදිද්දී ඇයි ඔබ මාව ඉඹින්නේ? "
ශෙන් ස'චුආන් සිය ඇඟිලිවලින් ෂ්‍යාඕ චියේගේ ගෙලෙහි වූ දහදිය බිද පිස දැමුවේ ය. හේ ඔහුගේ කොපුලක් මත ට හිස තබාගෙනිමින් පැවසුවේ ය. "දුවන්න පටන් ගන්න. "
ෂ්‍යාඕ චීයේ චීයේ ඔහුගේ කොපුල් තෙරපමින් පිළිතුරු දුන්නා. "දුවන්න බැ. මහන්සියි"
ශෙන් ස'චුආන් ෂ්‍යාඕ ච්යේගේ කොපුල්වලට ඇන්නේ ය. "දෙවන තරුණ ස්වාමියාට ඒක කරන්න බැරිනම් , මම ඒක කරන්නම්. "
ෂ්‍යාඔ චීයේ ඔහුව බිම දමනවාක් මෙන් රඟපාමින් පවසන්නට විය. "බහින්න. මේ දෙවන තරුණ ස්වාමියා දකින්න කැමති අද රෑ ඔබ මාව අරගෙන යන්නේ කොහොමද කියලා."
ශෙන් ස'චුආන් ඔහු වටා තම දෑත තද කර ගත්තේ ය. ඔහු තාම පාද ඉහළට ඔසවමින් , ඉතා බැරෑරුම් ලෙස පැවසුවේ ය, "මේ වගේ පුංචි කාරණයට මොකටද ඔබ ඔය කරම් කේන්ති ගන්නේ? ඔබටබඒක කරන්න පුළුවන්."
ෂ්‍යාඔ චීයේ ඔහුව නැවතත් ඔසවා ගත්තේ ය.
ශෙන් ස'චුආන් ඔහුගේ පිටමතට නැග ඔහුගේ ඇදුමෙහි ඉදිරිපස දාරය දිගේ දෑගිලි දුවවමින් එය පහතට ඇද , ඔහුගේ සවනත අසලට වෙමින් පැවසුවේ ය."ඇයි එර් ලං ට ඒක කරන්න බැරි? එර්- ලං ට ඕනෙම දෙයක් කරන්න පුළුවන්."
ෂ්‍යාඕ චීයේ ඔහුගේ හිස හැරවූයේ ය. පුදුමසහගත ලෙස සංසුන් වී සිටි ඔහු විමසුවේ ය, "කොහෙටද?"
ශෙන් ස'චුආන් පැවසුවේ ය, "කොහෙට-"
ෂ්‍යාඕ චීයේ ඔහුගේ දිගු පාද වලින් ඉදිරියට ගොස් දිවීම ආරම්භ කරන විට ශෙන් ස'චුආන්ට සිය වාක්‍යය සම්පූර්ණ කර ගන්නටවත් හැකියාවක් නොලැබුණේ ය. ශෙන් ස'චුආන්ව පිටමත තබාගෙන ඔහු ගස් සෙවණ පසුකරමින් දිව ගියේ ගිම්හාන රාත්‍රියේ සඳ එළිය මතට පා තබමිනි. ඔහු ඒ වන විටත් විදුලි පහන් නිවී තිබූ මංතීරුවට පිවිසුනේ ය. මුර සංචිත සේනාංකය පැමිණ ගිය නමුත් ඔවුන් දෙදෙනාගේ රූපකායනු කිසිම විටක දුටුවේ නැත. ෂ්‍යාඔ චීයේ පහසුවෙන් කුඩා පඩිපෙළ හරහා පනිද්දී , එහිදී ඔහුගේ හිසකෙස් මතට ගස්වල සෙවනැලි පතිත විය. ස්වර්ගය හා පොළොව අතර පවතින නිදහස් හා නොසැලකිලිමත් සුළඟක් මෙන් ඔවුන්ගේ සෙවනැලි තාර්කා එළිවලට බාධා ඇති කළේ ය.
කුඩා මළුවෙහි දොරකඩ මුර කරමින් සිටි තරුණ කොලුවා තවමත් ඈනුම් හරිමින් සිටියේය. දොරට තට්ටු කරන හඬ ඇසුණු විට ඔහු සිතුවේ වංශාධිලතිතුමා හා සහ උප හමුදාපතිතුමා ආපසු පැමිණි බවයි. ඇඳුම් ඇඳගෙන, පහන් කූඩුවක් ද අතේ රඳනාගෙන , සිනාමුසු මුහුණින් දොර විවර කරන්නට පිට වූයේ ය. නමුත් ද්වාරයේ අනෙක් පස කිසිවෙක් නොසිටියේ ය.
"අවතාරයක් ද?" තරුණ මෙහෙකරුවා සිහින් හඬින් විමසමින් හිස එසැවූයේ ය, නමුත් ඔහුට වම් සහ දකුණු පස කිසිවෙක් පෙනුණේ ද නරත, ඔහු ඉක්මනින් පසුපසට ගොස් තම පිටත ඇඳුම තදින් දවටාගෙන ඔහුගේ කාමරයට ගියේය.
අදුරු පටු මාර්ගයේ, පහන් දල්වා නොතිබුණි. ශෙන් ස'චුආන්ගේ පියවර කෙතරම් අවුල් සහගත වූයේ ද යත් , ඔහුට ෂ්‍යාඕ චීයේවද පෑගි ගියේ ය. ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන් ව දොර පුවරුවට තද කර සිප ගනිමින් ශෙන් ස'චුආන් ඔහුගේ කොණ්ඩය ගැටගැසීමට භාවිතා කළ පීත්ත පටිය ගලවා දැමුවේය. සිපගැනීම් වලින් ශෙන් ස'චුආන් ට හුස්ම ගැනීමට ද අපහසු විය. ඔහු දෑත් පිටුපසට දිගු කර දොර අගුල සොයමින් වටපිට බැලුවේය.
"යතුරක් නැහැ." ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන්ව මදක් එසැවූයේ ය. ඔහු සිය දෑස් ශෙන් ස'චුආන්ට සමීප කළ අතර ඔහු දෙස කෑදර අයුරින් බලා සිටියේ ය. "ඇතුළට යන්නත් බැහැ."
ශෙන් ස'චුආන්ගෙ විලුඹ ෂ්‍යාඔ චීයේ ගේ ඉණ පිටුපසින් පහළට ලිස්සා ගිය නමුත් පසුව ඔහු තම අත ඔසවා ෂ්‍යාඔ චීයේගේ ළං වන නිකටට තම අත්ල තද කර එය නතර කළේය. ඔහු දෙගුණයක් වැඩියෙක් හුස්ම ගත්තේ ය. ඔහුගේ සුසුම් උණුසුම් ඒවා විය. "ඔබට ඇතුලට අන්න බැරිනම්, ඔබට ඇතුළු වෙන්නත් බැහැ"
ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන්ගේ මුව විවර කර ඔහුගේ හිස පහත් කරමින් ඒ ලිස්සන සුළු ජිහ්වය අල්ලාගත්තේ ය. වේගවත්ව ගමන් කළ නිසා ඊයේ රාත්‍රියේ විඩාව සියල්ල අතුගා දමා පිරිසිදු ව ඇති සෙයකි. ශෙන් ස'චුආන් ඛේටය ගිලිමින් දොර පැනලයේ ගැටිති අතරින් හඬ නඟන හඬට සවන් දුන්නේය. ඔහුට එම ඝෝෂාකාරී ශබ්දය ලිහිල් කිරීමට අවශ්‍ය වූ අතර, ඔහු ඔවුන් අතර අංශු මාත්‍රයක් හෝ පරතරයක් නොමැතිව ෂ්‍යාඔ චීයේ වෙතට ළං විය.
"අපි නිවසක් හදමු." මෘදු මාංශයන් තෙරපමින්, ෂ්‍යාඕ චීයේ බෑරුඩි වූ උගුරින් පවසන්නට විය., "මෙතන. එහෙම නැත්තං වෙන කොහේහරි තැනක."3
කඳුළුවලින් බොඳ වූ දෑස් සමඟ හිස ඔසවද්දී ශෙන් ස'චුආන් දහඩිය ගලමින් සිටියේය. ඔහු හඬක් නැගුවේ නැත. ඔහු ඉතා දිගු කාලයක් එසේ සිටි අතර, අද රාත්‍රියේ ඔහු කෙතරම් උත්තේජනය වී සිටියා ද යත්, ඔහු තරමක් වෙව්ලන්නට ද විය. කිහිප වතාවකදී ම, ඒ සියල්ල පිටතට පැමිණීමට ආසන්න වූයේ ය. ඔහු ෂ්‍යාඕ චියේගේ උරහිස මත වූ ඇඳුම් තද කරගත්තේ ඔහුගේ ළග දරුණු ලෙස ගැහෙද්දි ය. මද වෙලාවකින් පසු සන්සුන් වූ ඔහු පැවසුවේ ය."නෑ. බැහැ. කාමරය ඇතුළට යමු..."
නමුත් ෂ්‍යාඕ චීයේ මෙම "නැහැ" යන පිළිතුර ඔහුගේ පෙර ප්‍රශ්නයට පිළිතුරක් ලෙස බාරගත් අතර , හදිසියේම සිය පිටුපස සෘජු කරගත්තේ ය. එය ශෙන් ස'චුආන් ට හැඩවීමට තරම් දරුණු විය.
"ඇයි එර් ලං ට ඒක කරන්න බැරි?"
ෂ්‍යාඕ
චීයේ ශෙන් ස'චුුආන් ව ඔහුගේ දෑතින් තදින් වාරු කරගෙන, දෙවැන්නාගේ මුහුණ
නිවැරදි පිහිටිමට ගෙන ඒවට නිකටින් තද කර හැරවූයේ ය. ඉන්පසු ඔහු නිර්දය ලෙස
හා දුෂ්ට ලෙස පැවසුවේ ය, "එර්-ලංට ඕනෙම දෙයක් කරන්න පුළුවන්." (4.)
ශෙන් ස'චුආන්ගේ වචන ෂ්‍යාඕ චීයෙු ගේ හාදුවෙන් අවහිර වී ගියේ ය. ඔහුගේ ඇස් අඟ ඉක්මනින් රතු වී, අඩක් නිරාවරණය වූ ගෙල පවා රතු වී තිබුණි. සිපගැනීම් අතර පිළිතුරු දෙන්නට ඔහු කිහිප වතාවක්ම මුව විවර කළේ ය, නමුත් ෂ්‍යාඕ චීයේ ඔහුට අවස්ථාවක් ලබා දුන්නේ නැත. ඔහුට කළ හැකි වූයේ වෙනත් ආකාරයේ ශබ්දවලට ඉඩ හැරීම පමණි. ඔහුගේ ඇඳුම් හරහා දහදිය පෙගී තෙත් වූ අතර, ශෙන් ස'චුආන් ට ටිකෙන් ටික හුස්ම ගැනීමට අපහසු විය. ඔහුගේ නළල ෂ්‍යාඕ චීයේ ගේ පපුව මත තද වූයේ ඔහු මතට කඩා වැටෙන ප්‍රීතිමත් භාවයේ රළ ඔහුව ක්ලාන්ත කරවද්දීය. පැයවත් ගතවී නොතිබුණු අතර , ඔහු ඒ වන විටත් දෙවරක් යටත් වී සිටියේ ය.
◈ ◈ ◈
ෂ්‍යාඕ චීයේ ස්නානය කළේ ශෙන් ස'චුආන් නින්දට ගිය පසුවය. ජනේලයෙන් පිටත උදාවන පළමු ආලෝනය දුටු ඔහු විවේකයක් නොගෙන ශක්තිමත් තේ බදුනක් පානය කර ඇඳ අසල වැතිර ශෙන් ස'චුආන් ශබ්ද නගමින් නිදිගෙන සිටින ආකාරය දෙස බලා සිටියේ ය.
සියල්ලටම පසු , ඔහු නින්දට වැටි සිටියේ ය.
ෂ්‍යාඕ චීයේ ඔහුගේ හස්තයක් ඔසවා ශෙව් ස'චුආන්ගේ කොපුලක් පිරිමැද්දේ ය.
ඔහු ලිබෙයි වෙත ආපසු ගිය පසු, ඔහුට යිගුයි උතුමාණන්ට ආරාධනා කරනුනට සිදු වනු ඇත. සියළු දේවල් වලට පසු එය විවිධ කෝණවලින් ඔහුගේ මනසෙහි ඇදී ගිය අතර ඔහුගේ නිගමනය වූයේ ශෙන් ස'චුආන්ගේ නිතර විතර වන අසනීපවලට හේතුව ඒ ශීතල කාලගුණය හොු වසංගත රෝගය බවයි - නියත වශයෙන්ම එයට ඖෂධ සමඟ සම්බන්ධයක් තිබෙන බවයි.
කෘෂ වීමද වැඩිය.
ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන් දෙස එහි ඇති වූ නිහඩතාවය මත ගිලී සිතමින් බලා සිට්යේ ය.
ඔහු මීට පෙර චූදු හි දි ශෙන් ස'චුආන්ගේ කෘශ වීම පිළිබද සොයාගෙන තිබුණද, දැන් තිබෙන තත්වයට වඩා එය යහපත් වූයේ ය. චී හුයිලියන් ගේ මරණයෙන් පසු ශෙන් ස'චුආන් ගේ අසනීප තත්ත්වය ඉක්මනින් මතු වී ඉක්මනින් යටපත් වූ නමුත් ඔහු තවමත් සෞඛ්‍යයය අතින් පෝෂණය වී නොතිබුණි. මෙහි මුළු ගමන පුරාවට ම ද කිසිවක් නොතිබුණි. ෂ්‍යාඕ චීයේ ඔහුව හේත්තු කරගනිමින්, ඔහු දෙස බලා සිටියේය, ඔහුට හැකි සෑම ආකාරයකින්ම ඔහු මත වැඩෙන විශ්වාසය ආරක්ෂා කළේය.
ශෙන් වෙයි සහ බයි චාගේ කම් නැත.
ෂ්‍යාඕ චීයේ ඔහුගේ හිස පහත් කර, ශෙන් ස'චුආන්ගේ කොපුලක් මත තද කළේ ය, ඔහු ශෙන් ස'චුආන් වසා ගැනීමට උත්සාහ කරන හිරු එළිය දෙස දැඩි වෛරයකින් යුතුව බලා සිටියේය.
ශෙන් ලන්ජෞ ඔහුගේ ය - ෂ්‍යාඔ ස'අන් ගේ ය.
◈ ◈ ◈
ෂ්‍යාඔ චීයේ ඔහුගේ අශ්වයා නගරයෙන් පිටතට ගමන් කරවන අතරවාරයේ දී ජෞ ගුයි සහ කොං ලින් ඔහු පිටතට ගමන් කරනු දුටුවේ ය. තෝන්ලණුව හසුරවමින් ඔහු පවසන්නට විය. “සාර්ථක වුනත් අසාර්ථක වුනත් මම ආපහු දින තුනකින් එනවා. මෙතැන ඉන්න රාජකීය හමුදාව ඒ කාලය ඇතුලත තාවකාලිකව රැදී සිටීවි. ඔවුන් ලෙයි ජිංෂ ගේ මංපෙත් හඳුනා ගත්ත ගමන්, ඉක්මනින් මට දැනුම්ටදන්න වේගවත් ලිපිකරුවෙක් ව එවන්න. සීජෞ නගරයේ පවුරු පැරණි වගේම ගෙවී ගිය ඒවා වුනත් , ඔබට ඒක ඒ විදිහට වෙන්න ඉඩ හරින්න බැහැනේ. පසුව ලන්ජෞ ඔබලට නිසි විධි විධාන වගේම පැහැදිලි කිරීම් සිදු කරාවි."
“කරදරවෙන්න එපා උතුමාණෙනි.” ජෞ ගුයි පැවසුවේ ය. “සීජෞ වල ඉන්න අපේ හැම පුද්ගලයෙක්ම උප සේනාධිපතිතුමාගේ විධි විධාන අනුව වැඩ කරනවා.”
"සීජෞ පබෙල සේනාංක ප්‍රතිනිර්මාණය කිරීම සම්බන්ධ කාරණය ගැන..." ෂ්‍යාඕ චීයේ මොහොතකට විරාමයක් ගත්තේ ය, "මම ඒ ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. ලන්ජෞ ඔබලා එක්ක හමුදා කටයුතු ගැන සාකච්ඡා කරාවි. අධිරාජ්‍ය හමුදාව ඉන්නේ මුර සංචාරය වල අධිකාරිය යටතේ විතරයි. මට මගේ බලතල ඉක්මවලා එයට අත පොවන්න බැහැ ඒනිසා ගැටළු තියෙනවා නමු, කරුණාකරලා ඒවා ලන්ජෞ එකුක සාකච්ඡා කරන්න. තීරණය කරන්න මට හැකියාවක් නැහැ. ”
එය නැවතත් සීතල වීමට පෙර කොං ලිංට ඔහුගේ හදවතේ උණුසුම් ඝෝෂාවක් වැනි හැගීමක් දැනුනි. ඔවුන් මුලින් කනස්සල්ලට පත්ව සිටියේ ෂ්‍යාඕ චීයේ ස'ජෞ හී ආරක්ෂක හමුදා ප්‍රතිනිර්මාණය කිරීමට බාධා කිරීම සඳහා නිදහසට කරුණක් ලෙස පෙනී සිට මුර සංචාර භාවිතා කරනු ඇති බවයි. එබැවින් ඔහු එසේ පැවසීමෙන් ඔහුට සහනයක් දැනුණත්, ඉක්බිතිව, ඔහුව නැවතත් කනස්සල්ලට පත් වූයේ ය. ෂ්‍යාඕ චීයේ ට සීජෞ වල හමුදා බලය අවශ්‍ය නොවීය. ඔහු සීජෞ වල පාරිතෝෂිතය පිළිගන්නේ ද නැත. ඔහු සීජෞ වල ධාන්‍ය පිළිගත්තේද නැත. එසේ නම්, ඔහු ලෙයි ජිංෂ ආධිපාදවරයා පසුපස හඹා යමින් කරදරට පත් වූයේ ඇයි? ඔහුට උතුරට ගොස් නිදහස් හා අසීමිත ජීවිතයක් ගත කරන්නට මිය නිවස බලා යන්නට හැකියාව තිබුණි.
කොජ ලිං ඔහුගේ වදන් පිළිබඳව සාකච්ඡා කර තිබූ නමුත් , ඔහු කතා කරන්නට පෙර , ෂ්‍යාඕ චීයේ දිගටම පවසනහඬ ඔහුට ශ්‍රවණට විය. “මේ මහත්වරුන් දෙන්නම මම කොලුලකරුවන් මර්දනය කරනවා නියලා පොරොන්දු වුනා, මම මගේ පොරොන්දුව කඩ කරන්නේ නැහැ. රාජකීය හමුදාවට සීජෞ හරහා යන්න ඉඩ දීම වෙනුවෙන් ගෞරවනීය ජෞ තමන්ගේ හිස වුනත් පරිත්‍යාගා කරනුන කැමැත්තෙන් ඉන්නවා. මට ස්වභාවිකවම මේ මිත්‍රශීලී හැඟීම වෙනුවෙන් ප්‍රතිඋපකාර කරන්නම වෙනවා. ඒ විතරක් නෙමෙයි. මෙම දින කිහිපයේ අධිරාජ්‍ය හමුදාවේ ආහාර සැපයුම සීජෞ වල සාමාන්‍ය ජනතාව විසිනුයි දරන්නේ. අපි ඔබලගේ බත් ආහාරයට ගත්තා , ඒ නිසා අපි නිසැකවම සටන් කරන්න වුවමනයි. ”
ජෞ ගුයි සමුගැනීමේදී ඔහුට හිස නමා ආචාර කළේ ය, "එහෙම නම්, වංශාධිපතිතුමා ජයග්‍රාහී විදිහට පැමිණෙනකල් අපි මෙහේ බලාගෙන ඉන්නවා."
"තව කරුණු කිහිපයක් තියෙනවා මම දෙන්නටම එක පාර කියන්නම්." ෂ්‍යාඕ චීයේ ගේ අශ්වයා ජෞ ගුයි සහ කොං ලිං දෙස බලා පියවර කිහිපයක් දෙපසට තැබුවේ ය, “මට මේ ජීවිතයේ උපභාර්යාවක් ගන්න අදහසක් නැහැ. දැන් මම ගෞරවනී ජෞ තමහත්මයාගේ නිවසේ තාවකාලිකව පදිංචිව සිටින නිසා තවත් මිනිසුන් මළුවට යවනුන අවශ්‍ය නැත. කාන්තාවක් වුනත් පුර්ෂයෙක් වුනත්, මට ඒ කිසිවෙක් අවශ්ය නැහැ. ඒ විතරක් නෙමෙයි, අපි දැනට විවිධ කාර්යයන් වලට සිරවෙලයි ඉන්නේ; ඔය දෙන්නා එක්ක පදුර වටේට ඉල්ල කරමින් ක්‍රීඩා කරන්න තරම් මට ශක්තියක් නැහැ. ඒ නිසා මම අද මේ දෙය මෙතනින් කියලා අවසන් කරලා දාන්නේ ඔබලා දෙන්නටම පැහැදිලි වෙන්න.”
ඔහු අවසන් වරට මෙම සිද්ධිය ගැන සඳහන් කරන බව කොං ලිං දැන සිටි අතර, ඔහුට සිනහ වෙන්නට හෝ හෝ පිළිතුරු දෙන්නට නුසුදුසු වන අතරමැද දුෂ්කරතාවයක සිරවී සිටිමින් සිය ලැජ්ජාවට පත්වීම වළක්වා ගත නොහැකි විය.
"ලන්ජෞ හුඟ කාලයක් ජොංබෝ වල ජීවත් වුනා. පැරණි කටයුතු ඉස්මතු කරන අයව වළක්වන්න බැහැ. ඒත්, ඔහු, ශෙන් ස'චුආන්...” ෂ්‍යාඕ චීයේ අශ්වයා හසුරවමින් චූදු දෙසට හැරුණේ ය, “... නැගෙනහිර මාලිගයේ ඔටුන්න හිමි කුමරුගේ උපදේශකවරයා වෙන චී හුයිලියන්ගේ ශිෂ්‍යයා; දුඅන්ජෞ වල ජී ගැං ගේ අවසන් ගෝලයා; රාජකීය ආරක්ෂක අංශයේ හිටපු උතුරු විනිසුරු සහ උප ආඥාපතිවරයා; සහ මගේ - ෂ්‍යාඕ ස'අන් ගේ - අනාගත වාසස්ථානයේ ගෘහ මූලිකයා. ඔහුට වෙනත් නම් සමඟ කිසිම සම්බන්ධයක් නැහැ."
මේ වතාවේ, ජෞ ගුයි පවා පිළිතුරු දෙන්නේ කෙසේදැයි දැන සිටියේ නැත. ඔහු අන් අයව පොළඹවන ආකාරාය් හෝ මුල් පෙළට දමා අන් අය අනතුරට පත් කර හැරයන්නෙකු නොවු අතර, ෂ්‍යාඕ චීයේ වදන් ඔහුව ගොළු කර දමා තිබුණේ ය. "ආහ් උහ්..." ඔහුගේ මුව විවර වී වැසී ගියේය.
තම අශ්වයා හරවාගත් ෂ්‍යාඔ චීයේ සිය උකුස්සා සමඟ පිටවී ගියේ ය.
ජෞ ගුය් නැවත පියවි සිහියට ආවේ බොහො කාලයකට පසුය. ඔහුගේ කබා අත් අල්ලාගෙන, ඔහු කොං ලිං ගෙනු ඇසුවේය, "මොකක්, උතුමාණන් මේකෙන් අදහස් කළේ මොකක් ද? එතකොට ලීබෙයි කුමාරයා..."
“ඔහු දැනටමත් ඔහුගේ කූීඩා පත් මේසය මත පැහැදිලිව තියලා තියෙනවා. ඔහු සීජෞ වල භටයන් ගැන කිසිම දෙයක් පවසන්නේ නැහැ. ඒත් ශෙන් වෙයි ගැන නම් සඳහන් කරන්න එපා." කොං ලිං සන්සුන්ව තම දහදිය පිසදමා පවසන්නට විය. “ආයෙත් බයි චා ගැන එළියට අදින්නත් එපා. ”
අරුත් පැහැදිලි කිරීම.
1.) පළමු බිරිඳ මිය ගිය පසු සිටින දෙවෙනි බිරිඳ. (ඇයට විශේෂ වරප්‍රසාද ලැබෙනවා බිසවකට වඩා.ඒවගේම පුත්‍රයන් විශාල ගරුසරු සහිතව වැඩෙනවා.)
2.) සිතියම.
4.) ෂ්‍යාඕ චීයේ නොකියපු ටික තමයි: "ඔබට අනුකූලව" කියන වචන ටික.
ඔවුන්ගේ කලින් කතබහේදි ඔවුන් කිවේ ෂ්‍යාඔ චීයේ ගේ ශාරීරික කුසලතා ගැන. (eg. ලන්ජෞ ව වඩාගෙන දිවීම.) ඒත් ඒකෙන් ඔහුගේ රාගික සිතිවිලි අවදි වුනා. (ඒ කොහොමද කියලා මගෙන් අහන්න එපා.) ඔහුට ඒක ඔසවගන්න බැරි නම් , ඔහුට ඒක ලන්ජෞට කරන්නත් බෑ.)
❤️❤️❤️
ReplyDelete❤️❤️
ReplyDelete