Skip to main content

එකසිය එකළොස්වන පරිච්ඡේදය : අම්මා.

 අරුත් පැහැදිලි කිරීම

 

ජෞ ගුයිගේ මුවින් ඒවදන් පිටවූ වහාම ඔහුට හැගුණේ තමා ඕනැවටක් වඩා ආඩම්බර වූ බවකි.

ශෙන් ස'චුආන්ට උපත දුන් මව බයි චා ලෙස හැදින්වූ නමුත් ඇය චීදොං සෙජුන් අණදෙන සේනාංකයේ බයි වංශයේ උපත ලැබූ කාන්තාවක් නොවුණා ය. ඇයව මේ නමින් හඳුන්වනු ලැබුවේ ඇය තවමත් කාර්යමණ්ඩලයේ සිටියදී , යමෙකු ඇයව ප්‍රශංසා කළේ "ශ්වේත මාණික්‍යයක් වගේ පිරිසිදුයි. පිඟන් මැටිවලින් තනලා වගේ මෘදුයි; ඇයගේ මුහුණ රළු විදිහට වගේම මෘදු විදිහට ලෙස පින්තාරු කරලා තිබුණත් , ඇය ඒ හැමෝටම පහර දුන්නා."

ඒ කාලය වන විට , ජොංබෝ හී රතු එළියක් සහිත දිස්ත්‍රික්කයක් බවට දුආන්ජෞ පත්ව තිබුණේ ය. ඒ
සුරූපිනියන් සදහා ප්‍රසිද්ධ වීම නිසා ය. සාහිත්‍යදරයෝ මේ විවිධ ආකාරයේ "පුෂ්පයන්" විවේචනය කරමින් භෝජන සංග්‍රහයන් වලදි එක්නෙකා හා තරඟ වැදුණු අතර විවිධ ආයතනවලින් "ශ්‍රෙණිගත කිරීමේ ලයිස්තුවක්"ඉදිරිපත් කළ හ. සෑම වාරයකදීම , ඔවුන් අදහස් දැක්වීම් ගැන සිතා බලා ලයිස්තූවේ සිටින සුරූපිනියන්ගේ ශ්‍රේණිගත කිරීම් සකස් කරනු ඇත.

බායි චා යොංයී පාලන සමයේදී "වඩාත්ම ජනප්‍රිය කුසුම" වූ අතර, වසර පහක් පුරාවටම, ඇය කිසි විටෙකත් ඇගේ ඉහළ නිළයෙන් පහතට වැටුණේ නැත. ඇය තිරය හරහා ආගන්තුකයන්ගේ විවරණවලට සවන් දෙන සෑම අවස්ථාවකම, දුඅන්ජෞ හි සිටින විශාල ජනතාවක් ඒ කරා ඇදී ආහ. ඇය ජ්‍යන්ෂින් කුමරු වන ශෙන් වෙයි සඳහා නර්තනයේ යෙදෙද්දී , ආයතනයේ දෙපස වීදිවල විශාල ජනකායක් රැස් විය. අසංඛ්‍යාත මිනිසුන් ඉහළ වාහලිකඩෙහි මකට නැග හෝ අන් අයගේ උරහිස් මතට නැග විපරම් කළ ද , ඔවුන්ට හැකි වඋයේ කිර අතරින් පෙනෙන ජායාවන් දෙස බලා හිදින්නට පමණකි.

ඇගේ සුන්දරත්වය වඩ වඩාත් ජනප්‍රිය වූයේ අන් අය ගායනා කරද්දි ඇය මතට වැටෙන පුෂ්පයන් නිසාවෙනි. රාජකීය මාළියේ අභ්‍යන්තරෆය් වෙසෙන ගුආන්චෙං අධිරාජ්‍යයා පවා ඇය ගැන අසා තිබුණි. මේ සුන්දරියව පෞද්ගලිකව දැක බලා ගැනීම සඳහා අධිරාජ්‍යයාගේ නිරීක්ෂණ චාරිකාවෙන් ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය වූ ඔහු, එවකට මහා ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය මහ ලේකම්වරයාව සිටි හායි ලියැංයී ගෙන් නැවත නැවතත් විමසා තිබුණේ "පරීක්ෂණ චාරිකාව සැලසුම් කරන්නේ කවදාද?" යන්නයි.

ජෞ ගුයි මීට පෙර ජූ වංශයේ අලුත උපන් පිරිමි ළමයෙකුගේ මාස පූර්ණ සැමරුම් භෝජන සංග්‍රහයේදී බායි චා දැක ඇති නමුත් ඔහු තිරයේ හිඩැසක් හරහා එම ජනප්‍රිය සුන්දරිය දෙස බැල්මක් හෙලා තිබුණි. ලෙයි චංමින් ගේ බාල සොහොයුරිය ද මුල් ආසනයේ හිදගෙන සිට තිබුණි. දුආන්ජෞ අණ දෙන නිලධාරියා විසින් උපභාර්යාව ලෙස ඇයව රැගෙන යාමට පෙර, ඇය නුඩා ළඳරුවන්ව පුඑුණු කළ හැකි "මවක" ලෙස වියපත් හස්තයක් ලෙස සැලකුණි. ඒ මොහොතේ ආයතනයේ ගැහැණු ළමයින් වෙනුවෙන් බායි චා භෝජන සංග්‍රහයට සහභාගී වී සුබපැතුම් පතන්නට ඇතුළු වී තිබිණි.

මේ සියල්ල සිදුවී ඇත්තේ මීට වසර ගණනාවකට පෙර වන අතර, ඒ පිළිබඳ ජෞ ගුයි ගේ මතකය දැනටමත් නොපැහැදිලි විය. නමුත් ඔහු පෙර දී ශෙන් ස'චුආන් ගේ පැකි පෙනුම බයි දා ගේ වත හා තරමක් සමාන බව ඔහුට වැටහුණු අතර , කලබලවූ අවස්ථාවෙ දී ඔහු නොහිතා ම එය මුවින් පිට කර තිබුණි.

වතෙහි වෙනසක් නොපෙන්වමින් ශෙන් ස'චුආන් පවසන්නට විය., "එහෙමනම් , ඒක ඇත්තටම අහම්බයක්."

ඔහුට කුහුලක් දැනුණේවත් , ක්‍රෝධයක් දැනුණේවත් නැත. ඔහුගේ මතකයේ තම උපන් මව පිළිබඳ තිබුණේ හුදු හිස් කඩදාසියක් බඳු හැගීමකි. ඔහුට තම මව පිළිබඳව සියගණනක් කටකතා ඇසී තිබුණද ,
මතක තබා ගැනීමට තරම් ඇය පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොවීය. ඔහුගේ ජීවිතයේ "මව"ගේ භූමිකාව අයිති වූයේ ඔහුගේ ශීන්‍යැන්, හුවා පිංටිං ටත් , පියාගේ භූමිකාව ඔහුගේ ෂිෆු, ජි ගැංට පමණක් අයිති විය. හුවා පිංතිංට හානියක් කළ ජි ලෙයි මරා දමන්නට ඔහු එතරම් වෙහෙසී ක්‍රියා කළේ එබරවිනි.

ශෙන් ස'චුආන්ට ජීවිතය දුන් පුද්ගලයන් දෙදෙනා කිසිම දිනක ඔහුගේ ජීවිතයට පැමිණ තිබුණේ නැත. බයි චා මියගියේ ශෙන් ස'චුආන්ට වචනයක තරම්වත් දෙයක් ඉතිරි නොකරමිනි. ශෙන් වෙයි ද ශෙන් ස'චුආන්ව පිළිකුල් කළේ ය. ජ්‍යැංෂින් කුමරිය නිවසේ සියලු ගෘහ කටයුතු භාරව සිටියාය. වයස අවුරුදු හතක් වන තරම් අවධියේ දී , ශෙන් ස'චුආන් හා ශෙන් වෙයි මුණගැසුණේ හත් වතාවක් පමණක් වන අතර, ඒ සියල්ල වසන්ත උත්සව සැමරුමේදී තිබූ පවුලේ භෝජන සංග්‍රහයේ දී ය. පියෙකු සහ පුතෙකු අතර බලාපොරොත්තු විය හැකි වචන හුවමාරුවක් ඔහු සහ ශෙන් වෙයි අතර කිසිදාක සිදුව නොතිබිණි.

කෙසේ වෙතත්, ශෙන් වෙයි ඔහු කෙරෙහි දක්වන පිළිකුල පැහැදිලි විය.

ඔවුන් පිය පුතු දෙපළක් මෙන් නොපෙනුණේ ය , ඔවුන් එකිනෙකා පිළිකුලක් කළ මාරාන්තික සතුරන් මෙනි. ශෙන් ස'චුආන්ගේ ජීවිතය ජ්‍යැන්ෂින් කුමරුගේ නිවසේ අභ්‍යන්තර මළුවේ ​පියැසි කොණකට පමණක් සීමා වී තිබුණේ ය. ඔහුට තමන්ට අවැසි ලෙස එයින් පිටව යාමටද අවසරයක් නොවීය. ඔහුගේ දෛනික විවේක ක්‍රියාකාරකම වූයේ වාහල්කඩ මත හිඳ , දිනපතා නිල් පැහැති අහසේ පාවි යන වලාකුළු ගණන් කිරීමයි. ඔහුට වයස අවුරුදු හතේදී, ඔහුට වචන රාශියක් හදුනාගත හැකි වුවා සේම, ඔහු මේ සියල්ල ඉගෙන ගත්තේ සෑම මසකම මළුවෙහි ඇති සුනඛ වළෙන් පිටතට යන මාර්ගය හාරා ඔහුගේ වැඩිමල් සොහොයුරන් හා ශෙන් ශෞජී සහභාගි වන සිප්හලෙහි වූ ජනේලට යටට ගොස් සවන් දීම මඟිනි.

ඒ වන විට ද නිසි වයසට පැමිණ සිටි ඔහුගේ වැඩිමහල් සොහොයුරන් කිහිප දෙනෙකු අතර බල අරගලය අතිශයින් උග්‍ර ව තිබුණේ ය. ඔහුගේ පියාගේ විවිධ උපභාර්යාවන් පවා එකිනෙකාට විරුද්ධව කුමන්ත්‍රණය කළහ. එය මුළු අභ්‍යන්තර මළුවෙහිම කෝලාහලයක් වූ අතර, ශෙන් වෙයි පවා ආපසු නිවසට පැමිණ එහි සිටීමට අකමැති විය. ඔහු වාසස්ථානයෙන් පිටත කාන්තාවක් තබාගෙන, වසරක් තුළ මාස කිහිපයක් එහි වාසය කළේ, වාසස්ථානය තුළ ඇති ආරවුල් දෙස ඇස් වසාගෙන හිඳිමිනි.

පසුව, ප්‍රධාන භාර්යාවගෙන් උපත ලැබූ සෘජු සම්භවයක් ඇති පුත්‍රයෙකු වූ ශෙන් ජෞජී ජයග්‍රහණය කර, උපභාර්යාවන්ගෙන් උපත ලැබූ සහ ඒ වන විටත් වැඩිවිය පැමිණ සිටි තම සහෝදරයන් සියලු දෙනා විවිධ ගෞරවනීය තනතුරු සඳහා විවිධ ප්‍රාන්තවලට පිටත් කර හැරියේය. තවමත් වැඩිවියට පත් නොවූ උපභාර්යාවන්ගෙන් උපන් එම පුතුන් අනාගතයේදී නැවත කරදර ඇති කරනු ඇතැයි ජ්‍යැන්ෂින් කුමරිය ද කනස්සල්ලට පත්ව සිටියාය. ඒ හේතුවෙන් ඇය ඔවුන්ව පිටත් කර යැවීමට තීරණය කළාය. පෙනෙන විදිහට, ඔවුන්ට ඉගැන්වීම සඳහා කුලියට ගත් ගුරුවරයෙකු සමඟ චාජෞ හි ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ නිවසේ පදිංචි කිරීමට ඇ උත්සහ කළා ය. නමුත් ඇත්ත වශයෙන්ම, එය උපභාර්යාවකින් උපන් පුතෙකුට නැවත වරක් බලය සඳහා තරඟ කිරීමට ඇති හැකියාව ඉවත් කිරීම සඳහා කළ ක්‍රියාමාර්ගයක් විය.

ශෙන් ස'චුආන් දුඅන්ජෞ හි පැරණි නිවස වෙත යැවීමට ශෙන් වෙයි පුද්ගලිකව නියෝගයක් නිකුත් කළ එකම පුත්‍රයා විය. ඔහුට පාසැලට යාමට හෝ ඔහු වෙනුවෙන් ගුරුවරයෙකු බඳවා ගැනීමට පවා ශෙන් වෙයි ප්‍රතික්ෂේප කළේය. එම නිවහනේදී ඔහුව රැකබලා ගනු ලැබුවේ ද පෙනීම අපහසු බිහිරි ගොළු මහලු සේවිකාවක් වන අතර ඔහුගේ මව පැරණි නිවසේ දමා ගිය සේවිකාවක් ඔහු නිවසින් පිටව ගියහොත් රැකියාව භාර ගන්නට බැඳී සිටියා ය. ඒ කාන්තාව මුදලට කෑදර වූවාය. සෑම මසකම, ඇය ජ්‍යන්ෂින් කුමරු විසින් වෙන් කරන ලද රිදී ඉවත් කර ශෙන් ස'චුආන්ගේ ආහාර වේල කපා දැමුවාය. දිනකට ආහාර වේල් තුනක ප්‍රමාණය ක්‍රමයෙන් දිනකට ආහාර වේල් දෙකක් බවට පත් වූ අතර අවසානයේ එය දිනකට එක් ආහාර වේලක් බවට පත් විය. එපමණක්ද නොව, ඒ සියල්ල කළේ ශීතල කාලයේදී ඉතිරි කරගන්නට ය.

මේ පිළිබදව සිතන විට ශෙන් ස'චුආන්ට කුසගිනි දැනෙන්නට පටන් ගත්තේ ය. ඔහු යැන් ශන් ෂුඒගෙන් තම ග්‍රහණය ලිහිල් කර ගත්තේ ය
"දිං තාඕ, දෙං ෆෙං ස්වාමියට ඇතුලට ගිහින් ඇදුම් මාරු කරගන්න ඉඩ දෙන්න. ස'අන් අද මම සත්කාරකයා විදිහට මේ මහත්වරු දෙන්නටම භෝජන සංග්‍රහයක​ට ආරාධනා කරනවා. අපි ඒ ගැන භෝජන සංග්‍රහයේ දි සවිස්තරාත්මකව කතා කරමු."

ජෞ ගුයි එතරම් පැහැදිලි කඨිකයෙක් නොවූ අතර ,කොං ලිං ඔහු ශෙන් ස'චුආන් අපහසුවට පත් වන කරමේ දෙයක් පවසාවි යැයි බිය වුයේ ය. ඔහු ඉක්මනින් ජෞ ගුයි ගේ හස්තයෙන් අල්ලාගෙන තමාට නගරයට යන්නට සහය වෙන්නට ඉඩ සැලසුවේ ය.

◈ ◈ ◈

කොං ලින් තම ඇදුම් මාර කර අවසන් වෙද්දිත් ජෞ ගුයි අනෙක් පස හැරී සිටියේ ය. ඔහු කනස්සල්ලෙන් යුතුව පැවසුවේ ය , "කියන්න, මම ඇත්තටම ඇයි ගිහින් ඒ ගැන සඳහන් කළේ?"

"ඇත්තටම ." කොං ලිං පැවසුවේ ය, "සඳහන් කරන්න අවැසි ඕනැම දෙයකට පස්සේ , ඔබ ඇත්තටම ගිහින් ඒ ගැන පවසන්න ඕනෙ තමයි. ඒක සඳහන් කරපු එකෙන් පේන්නේ ඔබ ඔහුව දෙුා්හීන් සමඟ සම්බන්ධ බව සැක කරනවා කියන එක නෙමෙයි ද? වාසනාවට, ඔවුන් දෙන්නම ස්වභාවයෙන්ම සැක සහිත අය නෙමෙයි. එහෙම නොවුණ නම් අපි ලොකු අමාරුවක වැටෙනවා."

"ඒක කලබලය නිසා ලිස්සලා ගිය දෙයක්. මම භෝජන සංග්‍රහයෙදි උප අණදෙන නිළදාරිතුමාගෙන් සමාව ගන්න ඕනේ." ජෞ ගුයි සුසුමක් හෙලා පැවසුවේ ය. "ඔහු පැමිණියේ සීජෞ නිවැරදි කරලා උදව් කරන්නයි. මට බෑ ඔහුගේ හොඳ හිත මේ විදියට පාගා දමන්න බැහැ. "

"සංග්‍රහය අතරතුරේ ඕනැකමික් ඒ ගැන මතු කරන්න හදන්න එපා." නොං ලිං යමක් පවසන්නට පෙර හිඳගෙන කල්පනා කළේ ය. "ශෙන් ස'චුආන් මෙතරම් පටු අදහස් ඇති පුද්ගලයෙක් නම්, ඔහු එන්නෙ නැති වෙන්න තිබ්බා. ඔබ මේ කාරණය හුගන් බැරෑරුම් විදිහට අරගෙන ඔහුගෙන් සමාව ඉල්ලලා බල කරනවා නම් , ඒක ඔබට වගේම මටත් කරයක් වෙනවා. ඒ වගේම, ඔහු මේ කාරණය ගැන එතරම් තැකීමක් නොකරාවි. ඔහුගේ මව සමඟ සසඳන කොට, ශෙන් වෙයි ඇත්තටම පිළිකුල් සහගත කෙනෙක්"

ශෙන් ස'චුආන්ට සහ ෂ්‍යාඔ චීයේ ට දිගු වේලාවක් බලා සිටීමට ඉඩ දීම ඔවුන්ට සුදුසු නොවීය. එබැවින් ඔවුන් සංග්‍රහයට යන්නට පෙර කෙටි විවේකයක් ලබා ගත්හ.

එය භෝජන සංග්‍රහයක් ලෙස හැඳින්වුවද, එය ඇත්තෙන්ම සරල දිවා ආහාරයක් විය. ඊයේ රාත්‍රියේ දී සියල්ලෝම වේගයෙන් ගමන් කරමින් සිට ඇති අතර පසුව ඔවුන් අද නගරය පාමුල කොල්ලකරුවන් සමඟ දැඩි සටනක නිරත වි තිබුණ හ. ශෙන් ස'චුආන් කොං ලින් ගේ වයස සැලකිල්ලට ගත් අතර සාහ්ප්‍රධායික විදිවිධාන සඳහා ඔවුන් තවදුරටත් නවතා තබා ගත්තේ නැත. ඔවුන් ආහාර ගෙන අවසන් වූ පසු, ඔහු කොං ලිංට විවේකයක් සඳහා වේලාසනින් ආපසු යාමට ඉඩ දුන්නේය.

ෂ්‍යාඕ චීයේට රාජකීය හමුදාවේ මුර සංචාරය සඳහා විධිවිධාන සකසගෙනුනට ගැනීමට සිදු වූ අතර, ඔහුට තවමත් තන්තායි හූ සමඟ සම්බන්ධව වෙන්නට පැරණි කඳවුරට කෙනෙකු යවන්නට සිදුව තිබුණේ ය. ඔහු කාර්යබහුල වී අවසන් වන විට සවස් වීමට ආසන්න විය. ඔහු අවට සෙවූ අතර නගරයේ පවුරු මුදුනේ දී ඔහුට ශෙන් ස'චුආන්ව සොයා ගන්නට ලැබුණේ ය.

"අද රාත්‍රියෙන් පස්සෙත් කරනුන රාජකැරි බොහොමයක් තියෙනවා." ෂ්‍යාඔ චීයේ නඟර පවුර මතට නැග ගත්තේ ය, "මම හිතුවේ ඔබ තවමත් අංගනයේ පුංචි විවේකයක්වත් ගන්නවා ඇති කියලා. "

"මම පැයක් විතර නිදාගත්තා." ශෙන් ස'චුආන් හිස පිටුපසට හරවා ෂ්‍යාඕ චීයේ දෙස බැලුවේ ය. "මගේ හිතේ දෙයක් තියෙනවා. මට නිදාගන්න උත්සහ කළත් නින්ද යන්නේ නැහැ.

ෂ්‍යාඔ චීයෙ ඔහුගේ හිස නමා ඔහුගේ උරහිස මත හිඳගෙන සිටි මෙංට තට්ටු කළේ ඌ​ට තනිවම ගොස් සෙල්ලම් කරන ලෙස පවසනවාක් මෙනි. ඔහුගේ ඇඳුම් මාරු කරන්නවත් ඔහුට වෙලාවක් නොතිබූ අතර, ඔහු ශෙන් ස'චුආන් අසල සිටගන්නාවිටත් ඔහු අපිරිසුදු දූවිලි වලින් නැහැවි සිටියේ ය. ඔහු අසන්නට විය "ඔබට මෙතන ඉඳන් පේන්නේ මොනවද?"

ෂෙන් සෙචුවාන් කඳුකර වනාන්තරයේ උස් හා පහත් ප්‍රදේශ දෙස බැලුවේ ය. ආකාශයේ තැඹිලි රතු පැහැ දීප්ත්යෙන් යුතු හිරු බැස යද්දී පසෙකින් අඳුර වැටි ගිලගන්නට සූදානම් වු වෘක්ෂයන් වැඩි තිබුණි. රළ වලාකුළු අවුස්සමින් සේද මල් සහිත මුහුදක් මැදින් ගලා යන පබළුවක් මෙන් "මෙං" ඒවා හරහා ඇදී යන්නට විය.

"අනාගතය." ශෙන් ස'චුආන් සන්සුන් ලෙස පිළිතුරු දුන්නේ ය. "අනාගතයේ දී, සීජෞ ලීබෙයි වල වෙළඳ මාර්ගය සම්බන්ධ කරන බොත්තමක් වේවි. අපි නිරිත දෙසින් හේජෞ වලට කෙළින්ම ගමන් කරන පාලම් මාර්ගයක් විවෘත කරමු, ඒක හේජෞ වල නැංගුරම්ලන වරායෙන් අවසන් වෙනවා. ඒ විදිහට, ආනයනයේ ඉදන් අපනයනය දක්වා, සියලුම වාණිජ භාණ්ඩ මාස භාගයකින් යොංයී වරායට ගෙන්නගන්න පුළුවන්. ෂී වංශයේ නැව් සමූහයට දේශීය විශේෂතා එක්කම අභ්‍යන්තරව සහ විදේශීය දුර්ලභතාවය නිසා බාහිරින් වෙළඳ අවස්ථා විවෘත කර ගන්න පුළුවන්. පිරිසිදු කරපු රිදී ගබඩා ටික දවසකට ආයෙත් පිරෙන්න පුළුවන්. මම ඒ මුදල්වලට ඔවුන් ගිය තැන්වලට ගිහින් ආයාචනා කරන්නේ නැහැ. අනාගතයේදී අපට තවත් කාර්යයන් අධික වේවි. ජොංබෝ වල 'දොරටු' බවට පත්වෙලා තියෙන දුන්ජෞ සහ දුආන්ජෞ පිටුපසින් සීජෞත් ඉන්නවා. ඔවුන්ට අනාගතයේ දී ධාන්‍ය සහ භාණ්ඩ වෙත ප්‍රවේශ වෙන්න අවශ්‍ය නම්, ඔවුන්​ට සීජෞ එක්ක සමඟියෙන් ඉන්න එක විතරයි කරන්න පුළුවන් වෙන්නේ."

"දුන්ජෞ සහ දුආන්ජෞ ගොඩකිරීමෙන් පස්සේ ආරක්‍ෂාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවක් තියෙන බවට සැකයක් නැහැ. ආරක්ෂක භට පිරිස් නැවත ගොඩනගන එක හදිසි ප්‍රමුඛතාවයක්. ඔබේ තේරීම් වලදී ඔබ ඉතා සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබට විශ්වාස කරන්න පුළුවන් අයට කාර්යභාරයේ සිටින අයට ආරක්ෂක රාජකාරිවලට සහභාගී වෙන්න ඉඩ දෙන්න. නමුත් හැකියාව ඇති අය අනිවාර්යයෙන්ම වෙනත් කෙනෙකුට යටත් වීමට කැමති වෙන්නේ නැහැ. කාලය ආවාම..." ෂ්‍යාඕ චීයේ හැරී ලීබෙයි පෙදෙස පෙන්වාලීය. "මම ඊසානදිග සැපයුම් පාලම් මාර්ගයේ ගිනිකොන දෙසින් සන්නද්ධ අශ්වාරෝහක බළකායක් ගොඩනඟනවා. කවුරුහරි ප්‍රශ්නයක් ඇති කරන්න තරම් නිර්භීත වුනොත් , මට සිවුරුහන් කරන්න, මම මගේ මිනිසුන්ව වහාම ඉදිරියට අරගෙන එන්නම්."

ශෙන් ස'චුආන් සිනහවෙමින් මෘදුව පැවසුවේ ය. "සීජෞ ඔබටයි ම​ටයි හුඟක් වැදගත්. මේ නගරය වෙන කාටවත් පවරලා දෙන්න බැහැ. ජෞ ගුයි හොඳ නිලධාරියෙක්, නමුත් ඔහු සම්පූර්ණ ප්‍රාන්තයක ප්‍රාන්ත නායකයෙක් වෙන්න සුදුසු නැහැ. වුවමනාව තියෙන පලියට ඔහුට කාවවත් බේර ගන්න බැහැ, විශේෂයෙන් සෑම පැත්තකින්ම වෘකයෝ වැතිරිලා බලාගෙන ඉන්න මේ වගේ තත්වයක් ඇතුලේ දී"

"අපිට මිනිස්සු හිඟයි." ෂ්‍යාඔ චීයේ මේ කාරණය ගැන සිතමින් සිටියේ ඔහු ලෙයි චංමින් ගේ පැරණි කඳවුරෙන් ඉවත් වූ දා සිට ය.

සීජෞ ඔවුන් දෙදෙනාගේම ආරම්භක ලක්ෂ්‍යය වූයේ නම්, භූමිය ප්‍රසාරණය වන විට ඒවා වඩ වඩාත් දිගු වනු ඇත. මේ ක්‍රියාවෙන් කියැවෙන්නේ නිල කටයුතු පරිපාලනය කිරීමට දක්ෂ, දකුණත් මිනිසුන් නොමැති බවයි. ච්‍යාඕ ත්‍යැන්යා හෝ චෙන් යැං තවමත් අවට සිටිනවා නම්, අද සීජෞ හි භයානක තත්වය ක්‍රියාත්මක නොවනු ඇත, නමුත් දැනට නොපැහැදිලි ඔවුන්ගේ ස්ථාවරය තවමත් ක්‍රමයෙන් ප්‍රති විරෝධතා පෙන්වන ලක්ෂණයක් විය.

“ජෞ ගුයි ප්‍රාන්ත හයේ බදු පරිපාලන නිළදාරිතුමා වෙන්න සුදුසුයි.  ඔහු ජනතාවට ඔහුගක් ආදරණීයයි. මේවගේ පුද්ගලයෙක් නිරීක්ෂණ චාරිකාවක් යනකොය නිලධාරීන්ට සහ වෙළෙන්දන්ට ආත්මාර්ථකාමී වාසි තකා කිසිමදෙයකට හවුල් වෙන්න ඉඩ ලැබෙන්නේ නැහැ.  ඒත් ඔහු ඕනැවට වඩා කරුණාවන්තයි. ඔහු දැඩි දඬුවම් දෙන්න හිතන්නේ නැති වෙයි. අන්න ඒ නිසයි ඔහුට අපරාධ මර්දන ඒකකයට යන්න බැරි. ජෞ ගුයි ගේ චරිතය ගැන කොං ලිංට හොඳ තක්සේරුවක් තියෙන නිසා ඔහු ඔහු ඔහු ලඟට ගියේ මාර්ගයේ තියෙන බාධකවලින් මිදිලා  කාරණා කාර්යක්ෂමව හසුරවන්න උපකාර කරන්නයි."  ශෙන් ස'චුආන් කලබලයකින් තොරව පැවසුවේ ය. "ඔවුන් දෙන්නට ඒ විදිහට දිගටම වැඩ කරන්න පුළුවන් නම්, අනාගතයේදී ඔවුන්ට බොහෝ දේවල් අත්කර ගන්න හැකියාව ලැබේවි."

“ඒ ලෙයි ජිංෂ.” ෂ්‍යාඕ චීයේ ඇසුවේ ය. “ඔබ මොනවද ඔහු ගැන හිතන්නේ?”

“මේ පුද්ගලයව සැකයකින් කොරව පරාජය කරන්නම ඕනේ.” ​ශෙන් ස'චුආන් නගර පවුරේ සටන් බිම දිගේ ගමන් කර පියවර කිහිපයක් ඉදිරියට තැබුවේය.  ඔහු කිවේ ය. “අපි කඳවුරෙන් පිටව යනකොට මම හිතුවෙත් ඔහු සිතුගන්නාසුළු කෙනෙක් කියලයි. නමුත් අද ඔහුගේ දරාගැනීමත් හැසිරීමත් දැක්කට පස්සේ මට තවදුරත් ඔහු ගැන එහෙම හිතෙන්නේ නැහැ.

"අපේක්ෂා කරපු විදිහට ම, ඔබ සහ මම හිතන්නේ එකම විදිහටයි."  අඳුර වැටෙන බව දුටු ෂ්‍යාඔ ​චීයේ ශෙන් ස'චුආන් අසලට ගොස් ඔහු සමඟ එක්ව ගමන් කළේය.  ඔහු පවසන්නට විය “ලෙයි චංමිං ඔහුගේ මාමණ්ඩියගේ ලේ නෑයෙක්.  සීජෞ වලින් ආරම්භයක් ලබා ගන්න ඔහු ලෙයි චංමින් අතහැරලා දමපු ඉත්තෙක් වගේ කඳවුරේ අත්හැරලා ආවා. එහෙම කරන එකෙන්, ඔහුගේ මිනිසුන් දිනා ගැනීමට ඔහුට නොහැකි වෙනුන ඇති.  ඔහු පලා යන විට ඊතලය මග හරින්න උත්සාහ කරද්දි , ඔහු තම එහා පස හිටපු යටක් සේවකයා පලිහක් ලෙස භාවිතා කළා. මේ සිද්ධි දෙකෙන් අපට පෙනෙන්නේ මේ මිනිසා තුළ සූක්ෂ්ම භාවයේ අඩුවක් නැති වුනාට  කරුණා ගුණයෙන් ඇත්තටම අඩුවක් තියෙන බව පේනවා.  ඔහුට චූදු වලට යටත් වෙලා පක්ෂපාතීව ප්‍රතිඥා දෙන්නත් ත නිල තනතුරක් ලබා ගන්නත් අවශ්‍ය නම්, ඔහුට ඔහුගේ අණ යටතේ ඉන්න කොල්ලකරුවන් සාමාන්‍ය හමුදාවක් බවට පත් කරන්න සිද්ධ වෙනවා. නමුත් කොල්ලකරුවෙකු වෙන එක හමුදාපතිවරයෙකුට වඩා බෙහෙවින් වෙනස් බව ඔහු තවමත් තේරුම් ගෙන නැති බවයි පෙනෙන්නේ. කීර්තිය සහ විශ්වාසය ම්ලේච්ඡත්වයෙන් රැස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.  ඔහු යුධ පිටියේදී නැවත නැවතත් තම නියෝග වෙනස් කරනවා.  ඔවුන් පවසන විදිහට , *නිළදාරියෙක් ඔහු ලබා දුන්න නියෝගය ඉල්ලා අස්කර ගන්නේ නැහැ;  ත්‍යාග සහ දඬුවම් ලබාදීමේදී ඔහු අපක්ෂපාතී වෙන්න ඕනේ.  ඔහු නොසැලී ස්ථීරව ඉන්න ඕනේ.* (1) එතකොටයි ඔහුට සෙබළුන්ට නායකත්වය දෙන්නත් අණ කරන්නත්  හැකියාව ලැබෙන්නේ."

"ඒකයි මම මේ මනුස්සයට වඩා චී ජූයින් ගැන වද වෙන්නේ." ශෙන් ස'චුආන් පඩිපෙල නොබැස නතර විය.  ඔහු පැවසුවේ ය.“චීදොං සහ හුආ වංශය අතර විවාහ සන්ධානය ආපසු හරවන්න බැහැ.  දැන් ලිබෙයි කැරලි ගහලා කියෙන නිසා, චීදොං කියන්නේ මත විශ්වාසය තියන්න ඉතිරිවෙලා තියෙන අවසාන කිහිලිකරුව වෙනවා.  ඉදිරි දින කිහිපය තුළ චී ජූයින් ට උසස්වීමක් සහ උතුම් නිලයක් ලැබෙන එක නොඅනුමානයි. වැන්දඹු අධිරාජිණිය දැනටමත් ඇය ගැන ඉන්නේ විශාල පැහැදීමකින්.  ඇගේ උතුම් පදවිය තහවුරු වුනාට පස්සේ , ඇයට උතුරු දිශාවට හමුදා යොදවන්න කාලය එළඹේවි.  මොනවා වුනත්, චී ජූයින් පැමිණෙන්න කලින් මම සීජෞ අපරාජිත බලකොටුවක් බවට පත් කරන්න ඕනේ."

“සේනාධිපතිතුමිය සටන් කරන්න පහසු කෙනෙක් නෙමෙයි.  මගේ වැඩිමහල් සහෝදරයා බරුති අශ්වාරෝහකයෙක් , ලු ගුඅන්බායි ගරිල්ලා සටන් කරුවෙක්. චී ජූයින් කියන්නේ අශ්වාරෝහක සේනාංකයත් සහ පාබල හමුදාවත් දරන්නෙක්.  දිග කාලයක් තිස්සේ සංජුන් අණදෙන සේනාංකයේ පදිංචිවෙලා ඉන්න ඇය පහසුවෙන් හමුදා යෙදවීමට ඉඩ නොදෙනවා වුනත්  ප්‍රචණ්ඩ ප්‍රහාරයක් දියත් කරලා සතුරන්ට පහර දීමේ ප්‍රවණතාවක් ඇයට තියෙනවා.  එදා ඇය චී ශීයු බේරා ගනුන කාන්තාරය තුළට ගැඹුරට යද්දී, අය පෙනුණේ හරියට ඇගේ විරුද්ධවාදීන් තුළ තිගැස්මක් ඇති කරපු  හදිසි වර්ෂාපතනයක් වගේ.  අනෙක් අයගේ හදවත් තුළ බියක් ඇති කරනුන එක් පහරකින් සතුරන් කපා දමන එක තමයි ඇගේ සාමාන්‍ය සිරිත. එකකොට ඔවුන් ඇයට සටනෙදි මුහඅණ ටදන්නේ යිශාල බයකින්."  ෂ්‍යාඔ චීයේ ඒ ගැන මොහොතකට කල්පනා කළේ ය.  "මට ඇය එක්ක සටනක් කරන්න ඕනේ."

ශෙන් ස'චුආන් ඔහු දෙස බැලුවේ ය.

ෂ්‍යාඔ චීයේ ඔහුගේ උරහිසට ත​ට්ටු කරමින් පවසන්නනට විය.  “මට ඕනේ දැන් ඇය එක්ක ස​ටන් කරන්න නෙමෙයි. ඔබ මම දිහා බලපු විදිහ හරිම බිය ජනකයි නේ.”

ශෙන් ස'චුආන් පඩිපෙළ බැස යන්නට විය.  යමක් මතකයට නැගුණාක්  මෙන්, ඔහු ආපසු හැරී පැවසුවේ ය. "කෝ මගේ විජිණිපත?"

ෂ්‍යාඕ චීයේ ඔහුගේ නිකට තද කර එක් පියවරකින් ම පියවර තුනක් පතට බැස්සේය.  එවිට ඔහු ඔහු ඉදිරියෙහි වකුටු වී නැවී පැවසුවේ ය. “නගින්නකෝ, මම ඔබට ඒක දෙන්නම්. ”


අරුත් පැහැදිලි කිරීම.

1. 将⽆还令,赏罚必信,如天如地,乃可御⼈; [ Jiāng wú hái lìng (ජ්‍යං වඋ හායි ලිං) shǎngfá bì xìn (ශංෆා බී ශින්) rú tiān rú de, ( රූ ත්‍යන් රූ දේ) nǎi kě yù rén. (නයි ක' යු රෙන්) ]

තේරුම: හමුදාපතිවරයෙකු නියෝග ආපසු නොදුන්නේ නම්, ඔහු අහස හා පොළොව මෙන් ඔහුගේ විපාක සහ දඬුවම් විශ්වාස කළ යුතුය, එවිට ඔහුට මිනිසුන් පාලනය කළ හැකිය.

: උපාය මාර්ග ත්‍රිත්වය  by Huang Shigong (⿈⽯公)



Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-