ලෙයි ජිංෂ එයින් ඒ තරම් සෑහීමකට පත් වූ බවක් පෙනුණේ නැත. නියමිත වෙලාවට එය මඟහැරගත නොහැකි වූ ඔහුට හැකි වූයේ පුළුල් අසිපත ඔසවා පහර වළක්වා ගැනීමට පමණි. විශාල ශබ්දයක් නගමින් හීතලය අසිපතෙහි වැදී ගිය අතර, එහි බලපෑමෙන් ලෙයි ජිංෂ ගේ මුළු හස්තයම හිරිවැටී ගියේ ය. ඔහු තීරණාත්මක ලෙස වේගයෙන් සිය අශ්වයා පදවමින් ජෞ ගුයි ව පසු කර තම මිනිසුන් සමග නඟරයට ඇතුළු වන්නට උත්සහ කළේ ය.
"ඉක්මනින් ද්වාර වහලා දාන්න-!" ජෞ ගුටි ව ඔහුගේ පාද වලින් පහර දී බිම හෙලනු ලැබීය. ඔහුගේ කණගාටුදායක තත්වය ගැන තැකීමක් නොකළ ඔහු තම වස්ත්‍රයේ කබා අත ඔසවාගෙන, නගරයේ සිටි භටයන් දෙසට කෑගැසුවේය.
තම
උරහිස නඟර ද්වාරයට එරෙහිව තෙරපමින් , නඟර භටයන් ද්වාරය වසා දමන්නට මධ්‍යය
වෙතට තල්ලු කරන්න ට පටන් ගත්තේ ය. නමුත් ලෙයි ජිංෂ ගේ අශ්වයා වඩා වේගවත්
විය. ඔහුගේ අශ්වසා සමගම ඔහුගේ අසිපත් තලයද පැමිණි අතර ද්වාරය වසමින් සිටි
භටයින්ගේ හිස් කපා දැමුවේ ය. ඔහු එක එල්ලෙම සීජෞ ැත්පත් කරගන්නට ඉදිරියට
ගමන් කරමින් සිටි නමුත් , ඒ තීරණාත්මක අවස්ථාවවේදී , ලෙයි ජිංෂ ට ඔහුගේ
පිටුපසින් ශීතලක් දැණුනු අතර ඔහුගේ සිරුරේ ඉහළ අර්ධය වේගයෙන් ඉදිරියට
නැමුණේ ය.
ඉක්බිතිව, වයස අවුරුදු දහසයක හෝ දාහතක පමණ තරුණයෙකු අශ්වයාගේ පිට මතට නැඟීමත් සමඟ අශ්වයාගේ පිටුපස පහත්වී ගියේය.
දිං තාඕ ඔහුගේ අත්ල ලෙයි ජිංෂ ගේ ගෙල දෙසට එල්ල කළේ ය. ලෙයි ජිංෂ එය මගහැරීමට පසෙකට වී දිං තාඕගේ ළයටත් උදරයටත් අසිපත් ඇනුමක් සිදු කළේ ය. දිං තාඕ සෑදලය මත එල්ලී තලය මග හැරීමට පහතට ලිස්සා ගියේය. ඔහුගේ පාද බිම ස්පර්ශ වූ අතර, ඔහු උමතු ලෙස වේගයෙන් දිව යන අශ්වයා සමඟ තත්පර කිහිපයක් ධාවනය කළ අතර , ඔහු තම දෑතින් එසවෙමින් නැවත නැඟී ගියේය.
"ඒයි!" දිං තාඕ ලෙයි ජිංෂ ගේ හස්තය අල්ලාගත් අතර ඔහු ආපසු හැරෙන විට තම සිපත ඔසවා තීන්ත වලින් නැහැවී ගිය බුරුසුවකින් ලෙයි ජිංෂ ගේ මුහුණට දමා ගැසුවේ ය.
ලෙයි ජිංෂ ගේ සෑම යටිකූට්ටු වැඩකටම පසුව , තරුණයාගෙන් එවැනි පියවරක් ඔහු කිසිසේත් අපේක්ෂා කළේ නැත. දෑස්වල තීන්ත ඉසිරි යාම නිසා ඔහුට තවදුරටත් ඔහුගේ වටපිටාව නොපෙනුනත් ඔහුට කන් ඇසීමේ තියුණු හැකියාවක් තිබුණි. ක්ෂණිකව දිං තාඕ ඔහුට හොර රහසේ ප්‍රහාරයක් දියත් කළේය, ඔහුට දිං තාඔගේ චලනය දැනුණු අතර, ඔවුන්ගේ ගැටුමේදී, ඔහු දිං තාඕව කරපටියෙන් ඇද ඔහුව අශ්වයාගෙන් ඉවතට විසි කර දැමුවේ ය.
දිං තාඔ බිම මත මතිත වූයේ ඉතා තදින් වන ැතර ඔහුට තමාගෙ පිටුපස පිහි ඇනුමක වේදනාවක් දැනුණේ ය. හේ වේදනාවෙන් කෑගැසු අතර , ඔහු කෑගසා අවසන් වන්නට පෙරම , අශ්ව කුර ඔහු වෙතට ඉල්ලක කරගිමින් පැමිණියේ ය. දිං තාඕ වේගයෙන් අනෙත් පසට පෙරලී ගියේ එය මඟ හැරීමටය. නමුත් ඔහු පෙරළෙන විට, ඔහුගේ පිටුපස නොදැනුවත්වම ලෙයි ජිංෂ ගේ දෑසට නිරාවරණය විය.
එය මේ මොහොතේ තියා කිසිම දිනක නොවන්නේ ය!
ලෙයි ජිංෂ වහා ඔහුගේ අසිපත් තලය ඉවතට වීසි කළේ ය.
දිං තාඔ ට එය මඟහැරීමට අවශ්‍ය වූ නමුත්, ඔවුන් පසු පස ආ කොල්ලකරුවෙක් ඔහුගේ වළලුනරෙන් අල්ලාගත්තේ ය. ඔහුව මඩ සහිත ජලයේ මුනින් අතට පතිතවිය. ඔහු සිය දෑත් වලින් නැවතත් තමාව ස්ථාවරය කරගනිමින් නැගි සිටින්නට තැන්කළ මුත් , ඔහුව නැවතත් පහතට ඇද දැමුවේ ය. ඒ වානේ අසිපත් තලය තවමත් ඔහු පිටුපසින් විය. මුහුණ පුරාම අපිරිසිදු මඩ තැවරී සිටි දිං තාඕ සිය උඩුකය දත්මිටි කා ඔසවමින් නගරයේ සිටි සෙබළුන් ට කෑගැසුවේය, "දක්ෂිණ දොරටු විවෘත කරන්න! මෙතන ශක්තිමත් කිරීම් තියෙනවා!"
ලෙයි ජිංෂ කෝපයෙන් කෑගැසුවේය. නමුත් ඔහු දුටුවේ ඔහු පිටතට වීසි කල කලය අතිශය පටු කොපුවක් සමඟින් ඔහු වෙතට පාවි එන ආකාරයයි. ඝට්ටනයේ බලපෑම හේතුවෙන් ඔහුගේ තලය ඒ රිද්මයෙන්ම පිටතට ඇදී ගොස් බෑවුම් සහිත කෝණකින් ඇලවී බිම මතට ඇනී ගොස් එහිම නතරවිය.
දිං තාඕ ආපසු හැරී බැලුවේ වෙව්ලන සුළු වතිනි. ඔහුගේ වලලුකර අල්ලාගෙන සිටි කොල්ලකරුවා ඒ වන විටත් මියගොස් සිටි අතර, ඔහුගේ හිස කදෙන් වෙන් වී තිබුණි. දිං තාඕ වහාම බිම මත බඩගාමින් කිහිප වතාවක් පැන , පසුව ශෙන් ස'චුආන් පිටුපසට විත් හිස දිගු කර එබෙමින් ලෙයි ජිංෂ ට පවසන්නට විය. "ඔහේ මැරිච්ච මළකුණක්!"
ද්වාරයේ එක් අර්ධයක් දැනටමත් වසා දමා තිබුණි. ලෙයි ජිංෂ ඔහුගේ පිරිස පාලම් මාර්ගයට ඇතුළුවීම සදහා රැගෙන ආ නමුත් , මිනිසුන්ගේ තෙරපීම මධ්‍යයේ බාධා ඇති වෙන්නට විය. ඔහු තම මාර්ගය අහුරමින් පුද්ගලයෙක් සිටගෙන සිටින බව හඳුනා ගත්තේ ය. ලෝගුවට ආවරණය වී සිටි පුද්ගලයා චූදු හැරදා ගිය දින සිට ඔහුගේ ශ්ටව්ත වස්ත්‍රය වෙනස් කර නොතිබුණේ ය. ලෙයි ජිංෂ ගේ අශ්වයා පියවර කිහිපයක් පසුපසට ගත් අතර ඊලග මොහොතේ හේ සිය කසය ලෙලවා ඉදිරියට ගියේ ය. ශෙන් ස'චුආන් ඔහුගේ සළුව ගලවා දිං තාඕ දෑතට විසි කළ අතර, ලං තාඕ ෂුඒ ජිංද ඌගේ කුර ඔසවමින් ඉදිරියට දිය යන්නට විය. සුළඟ හමා ආ ඊලඟ තත්පරයේ දී, යැං ශන් ෂුඒ ඒ වන විටත් කොපුවෙන් පිටතට විත් තිබුණි.
ලෙයි ජිංෂ ගේ පුළුල් අසිපත ඔහුගේ හස්තයෙන් ගිලිහෘ ගියේ ය. ඔහු ශෙන් ස'චුආන් හා ගැටෙන්නට ආසන්න වන විටම, ඔහු තම යටත් සේවකයෙකුගේ අසිපතක් උදුරාගත්තේ ය. අශ්වයාගේ හේෂරාවය ඇසුණේ යුධ නපාවක නාදයක් මෙනි. ඔවුන්ගේ අසිපත් වල දාර එකිනෙන හා ගැටෙද්දී , ඔවුන් එක හඬින් ඝෝෂාකාරී කෑගැසීම් පිට කළ අතර, එය කෙතරම් භයානක වූවාද යත්, එය බිය සහ කම්පන දනවන්නට සමත් විය.
ලෙයි ජිංෂට සටන් කිරීමට සිදු වූයේ ඔහු මුහුණ දෙන්නට සිටි ප්‍රතිවාදයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ප්රතිවාදයෙක් සමඟය. ඔහුගේ බියගන්වන සුළු ශක්තිය ජලය ගිලී ගියාක් මෙන් දැනෙන්නට විය. ඔහු සිය අසිපත භාවිතා කිරීමේ දී කෙතරම් බලවත් සහ දරුණු වුණත්, අවසානයේ එය ජලය තරම් මෘදු බලපහරකින් නිරර්ථක කර දමනු ඇත්තේය. ඔහු තව තවත් ශක්තිය යොදන තරමට , ඔහුට දැනුනේ ඔහු ෂෙන් ස'චුආන්ගේ නාසය අසලින්ම ගමන් කරනවා මෙනි. ක්‍රම ක්‍රමයෙන්, ඔහුට සොයාගනුත්නට ලැබුණේ කිසිදා ගැලවිය නොහැකි කෲර චක්‍රයක් තුළ තමා සිරවී සිටින බවකි.
ලෙයි ජිංෂ මනා බුද්ධියකින් හෙබි පුද්ගලයෙක් විය. ඔහු සිය පුළුල් අසිපත ඔසවාපසුපසට තල්ලු කළ අතර, නැවතත් වේගයෙන් ගැටීමට යන බව මහා පෑ නමුත් , ඊළඟ මොහොතේදී ඔහු ආපසු හැරී පලා ගියේය.
පෙරදී ඔහුට ලැබී තිබුණු අවස්ථාව ඒ වනවිටත් ගිලිහී ගොස් තිබුණි. හේ ඒ වන විටත් දිං තාඕ පැවසූ "ශක්තිමත් කිරීම් තිබීම" යන සිතුවිල්ලෙන් පිරී සිටි අතර එය තමාගේ මිනිසුන් ඒ වන විටත් ෂ්‍යාඕ චීයේ ගේ ග්‍රහණයට නතුව ඇති බව පැහැදිලි විය. ඔහු ඉක්මනින් පසු නොබැස නගරයට පහර දීම සඳහාරැඳී සිටීමට අණ කළේ නම් ඔහු සෑම ප්රදේශයකින්ම වටලන්නට ඉඩ තිබුණු අතර , එසේ සිදුවුවා නම් ඔහුට දිගු කාලයක් රැඳී සිටීමටද නොහැකි වනු ඇත!
"පසු බහින්න!" ලෙයි ජිංෂ තමාගේ අශ්වයාදකුණු දිශාවට හරවාගෙන පෙරමුණ ගනිමින් පැවසුවේය.
ශෙන් ස'චුආන් හඹා ගියේ නැත. තවමත් නැගෙනහිර දිශාවේ සිටි ෂ්යාඔ චීයේ ඔහුගේ අශ්වයා මතට පැන ලෙයි ජිංෂ ව හඹා යාම සඳහා තම මිනිස්සුන්ට නායකත්වය දුන්නේය. ලෙයි ජිංෂ තම අශ්වයාට වේගයෙන් කසපහරදී විශාල වේගයක් ලබා ගත්තේය. සියලු කම්පන සහ ගැටීම් මධ්‍යයේ ඔහු දුර සිට හැරී ෂ්‍යාඕ චීයේ දෙස ට හස්තය දිගුකර පසුව ශෙන් ස'චුආන් දෙසටද ඇගිලි දිගු කරමින් දරුණු ලෙස පවසන්නට විය, "අපි ආයෙමත් මුණගැහෙමු!"
කොල්ලකරුවන් සන්නා පැළඳ නොසිටි නිසා ඔවුන්ගේ දිවීම වඩාත් වේගවත් විය. අනෙක් අතට ඔවුන් පලායන්නට දක්ෂයෝ විය. ඔවුන් සියල්ලෝම යුද්ධයක් ඇතිවීම පිළිබඳ කිසිදු තැකීමක් නොකරමින් නැවතත් කඳුකර වනාන්තරය දෙසට ගියහ. ඇසිපිය හෙලන සැණින් ඔවුන් සියල්ලෝම යටිගාලක සරගවී සිටියාක්මෙන් මහා හඬින් ඝෝෂා කරමින් පලායන්නට විය.
නැවත වරක් , ෂ්‍යාඕ චීයේ ජයග්‍රාහී දුන්න ඔසවාගත්තේය. 60kg පමණ බරති ජයග්‍රාහී දුන්නේ නූල ශක්තිමත්ව පිටුපසට ඇදී එන හඬ පවා ඇටමිදුළු සීතල කරවන සුළු විය. ෂ්‍යාඕ චීයේ ගේ දෑස් සෘජුවම එල්ල වී තිබුණේ ලෙයි ජිංෂ ගේ පිටුපසටයි. ලෙයි ජිස කඳුකර වනාන්තරයට යන්නට සුදානම් වී සිටියද , ෂ්‍යාඕ චීයේ තුළ ඊතලය මුදාහරින්නට අදහසක් නොවන බව පෙනෙන්නට තිබුණි.
කෑගැසීමක් සමඟින්, මෙං වක්රාකාරරව කැරකෙමින් , ලෙයි ජිංෂගේ දෑස් නිවැරදිව ඉලක්ක කර ගනිමින්, ඌගේ තියුණු නිය දිගහැරගෙන එක එල්ලේම ලෙයි ජිෂ වෙතට පියාසර කළේ ය. මෙය යහපත් නොවන බව දඅටු ලෙයි ජිංෂ තමාගේ වේගය මන්ධගාමි කර ගත්තේ ය. ඔහු එම ප්‍රහාරයෙන් වැළැක්වීමට තම මුහුණ අත්වලින් වසාගත් අතර, එයින් ගැලවී යාමට ඔහු පසෙකට හැරුණේය. මේ තීරණාත්මක මොහොතේ දී, ඔහුට පිටුපසින් සිටි ෂ්‍යාඕ චීයේ ඔහුගේ දැන් හෙළි මුදාහැරියේය. ඊතලය ගිනිගෙන දැවෙන හිරුගෙන් නික්මෙන කිරණයක් මෙන් පුපුරා ගියේය. ආශ්වාස හා ප්‍රශ්වාස කිරීමට ගතවන කාලය තුළ , එය ලෙයි ජිංෂ ගේ දෑස් ඉදිරිපිටට ළඟා වී තිබුණි.
ජීවිතය හා මරණය අතර මේ භයානක සන්ධිස්ථානයේදී, ලෙයි ජිංෂ තමා අසල සිටි ඔහුගේ යටත් නිලධාරියා ඉදිරියට ඇදගෙන ඔහුගේ ශරීරයෙන් අඩක්ම ඒ පුද්ගලයාගෙන් ආවරණය කර ගත්තේය. ඒ සමඟම ඔහු තම ශරීරය ඉදිරියට ගෙනයාමට තම මුළු ශක්තියම යෙදුවේය. ඊතලය යටත් නිලධාරියාගේ ළය හරහා සිදුරු කළ අතර, එහි බලයෙන් ලී ජිංෂ ඔහුගේ අශ්වයාගෙන් පෙරළි බිම පතිතවුණි. ඔහු බිම පෙරළී යමින්, ඔහුගේ පාදවලින් සිටගත් අතර, මළ සිරුර ඉවතට විසි කර, පසුව ඔහුගේ අශ්වයා පිට නැඟී පලා ගියේය.
◈ ◈ ◈
ජෞ ගුයිට ශෙන් ස'චුආන්ව මුණ ගැසුණේ නඟර ද්වාරය අසලදීය. සිනහවිය යුතුද නැතිනම් හැඩීය යුතුදැයි නොදත් ඔහු , ඔහුගේ මුහුණ පිසදමමින් පැවසුවේ ය, "කොයිතරම් හොඳ වෙලාවක් ද! ඔබ ආවේ හරිම වෙලාවට!"
ශෙන් ස'චුආන් පහතට බැසවිත් කොං ලිංට පෞද්ගලිකවම උපකාර කරන්නට විය. ඔහු පසුතැවිලි සහගත ලෙස කිවේ ය., "මට සමාවෙන්න චෙං ෆෙං මහත්මයට කරදර විදින්න ඉඩ හැරියට."
ඔහුගේ නිර්දෝෂී ආචාර විධි දුටු කොං ලිං ඔහුගේ අත සෙලවීය. තමාට ම නැගිටින්නට සහය දක්වමින් ඔහු රාජකීය හමුදාව දෙස බලා මෙසේ පැවසීය: "උප සේනාධිපතිතුමා ඒක ඒතරම් සිතට ගන්න වුවමනා නැහැ. කොල්ලකරුවන් ව ඉවර කරලා දාන්න මම අවශ්‍ය ඕනෑම දෙයක් කරන්න සූදානම්."
"නමුත් සේරම පවසලා අවසන් වුනාම, මම ඔබට ඒ ගැන කලින් දැනුම් දුන්නේ නැහැ." ශෙන් ස'චුආන් ඔහුගේ හිස පිටුපසට හරවා දිං තාඔට පවසන්නට විය, "ස්වාමියා වෙනුවෙන් පිරිසිදු ඇදුමක් ගේන්න, වෛද්යවරයවත් කැඳවන්න."
සීජෞ
වෙනුවෙන් , කොං ලිං සචුආන් කෙරෙහි අමනාප නොවනු ඇත. තවමත් ඔහුට යම් අමිහිරි
හැගීමක් දැණුනද, ශෙන් ස'චුආන්ගේ ක්රායාකලාපය ට යම්කිසි හේතුවක් තිබුණු
නිසාවෙන්, ඔහු ශෙන් ස'චුආන්ට ආචාර දක්වන විට උපකාර කරන්න ට දිං තාඕට ඉඩ
දුන්නේ ය.
තම අශ්වයා පිට නැඟුණු ෂ්යාඔ චීයේ ද වේගයෙන් ඔවුන් දෙසට පැමිණියේ ය.
"මම කවදාවත් හිතුවේ නැහැ ලෙයි චංමින් පිටිපස්සේ තවත් කෙනෙක් ඉන්නවා කියලා." කො ලිං කඳු වනාන්තරය දෙස බැලීය. ඔහු විශාල ව්‍යසනයකින් බේරී සිටි නමුත් ඔහු තවමත් කනස්සල්ලෙන් හා දුක් සහගත බවින් පීඩා විඳිමින් සිටියේය. "මේ හිතක් පපුවක් නැති වෙස් මාරු කරන්න දක්ෂ කෙනෙක්. ඔහු අපිව කොටු කරන්න පවා කල්පනාකාරී වුනා. අද අපි ඔහුට පැනලා යන්න ඉඩ දුන්න නිසා , අනාගතයේදී ආයෙමත් කරදර වේවි කියන එක සිථීරයි."
"වංශාධිපතිතුමයි උප සේනාධිපතිතුමයි හරි වෙලාවට නොආවානම් එහෙම , ස'ජෞ වලට මේ ව්‍යවසනයෙන් ගැලවෙන්්න ලැබෙන්නේ නැහැ." ජෞ ගුයි දණහිස් නමා ඔහුගේ දඍත්වලින් බිම ස්පර්ශ කරමින් දෙදෙනාටම නිසි ආකාරයෙන් ගෞරව කළේ ය.
"ඒකට හේතුවුණේ ඔබතුමා අනතුර අභියසදි බිය නොපෙන්වා අපි වෙනුවෙන් කාලය රැස් කරගත්ත නිසයි." ෂ්‍යාඕ චීයේ ඔහුගේ මුහුණ ඉවතට හරවා දුහුවිලි පිසදමා ගත්තේ ය. "රාජකීය හමුදාව තවමත් සීජෞ නගරයට දකුණින් පිහිටි පොදු මාර්ගයේ සැඟවී සිටිනවා. ආරක්ෂාව වෙනුවෙන් නැගෙනහිර කදවුර , ලෙයි චංමින් අතහැරලා දාපු තැනත් සෙබළුන් යොදවලා ඉන්නවා. ඔහුව දැනටමත් රාජකීය හමුදාව වට කරලයි තියෙන්නේ. ඔහුට ගැලවෙන එක පහසු නැහැ. "
"ඇත්තටම ස්තූතිවන්ත වෙන්න ඕනේ වංශාධිපතිතුමාටයි. දකුණේ ඉදන්ම ශක්තිමත් කිරීම් ගෙන්වපු නිසයි ඔහු පසුබැහැලා ගියේ. " කොං ලිං හැගීම්බරව සුසුම් හෙළුවේ ය. "ඔබතුමා ඇත්තටම ප්‍රඥාවන්තයෙක්. අපි දක්ෂිණ දොරටුව විවෘක කරන්න කාවහරි යවමු."
ෂ්‍යාඕ චීයේ සිනහසෙමින් ශෙන් ස'චුආන් දෙස බැලුවේ ය. නමුත් ඔහු කිසිදු වදනක් හෝ පැවසුවේ ද නැත.
ශෙන් ස'චුආන් පවසන්නට විය, "ඔබතුමාතු මහත්මයත් ඉක්මන් වෙන්න අවශ්‍ය නැහැ. රාජකීය හමුදාවේ ශක්තිමත් කිරීම් තවමත් පොදු මාර්ගයේ ලී දහයක දුරින් පැමිණෙනවා.
තුෂ්නිම්භූත වූ ජෞ ගුයි, දිං තාඔ දෙස බැලුවේ ය, "එහෙනම්, ඒ කියන්නේ..."
දිං තාඔගේ පිටුපස තයමත් වේදනා දෙමින් තිබුණි. ඔහු සියල්ලෝම තමා දෙස බලා සිටින බව දුටු අතර ඉක්මනින් තම හිස සොලවමින් පිළිතුරු දුන්නේ ය. "ඔවුන් තවමත් ඉන්නේ පොදු මාර්ගවල නැවතිලා මිසක් සීජෞ වලට එන්නේ නෑ. අපි මෙහෙ එන අතරමඟදි තරුණ ස්වාමියා මට කිව්වා මම අසරණ තත්වයකට පත් වුනොත් මේ වාක්‍ය ඛණ්ඩය පවසන්න කියලා. එය අපිව ජයග්‍රහණය කරා ගෙන යන ඉන්ද්‍රජාලික ආයුධයක් බවත් ඔහු කිව්වා. කිව්වත් වගේම ඒ මිනිහා මම කෑගැහුවා විතරයි පැනලා ගියා!"
කොං ලිං ශෙන් ස'චුආන් දෙසට හැරී පවසන්නට විය. "උප සේනාධිපති තුමනි, කරුණාකරලා මගේ මේ ආචාරය පිළිගන්න."
ලෙයි ජිංෂ ට අවශ්‍ය වූයේ රාජකීය හමුදාව පොළඹවාගෙන වෙනතකට හරවා සීජෞ වලට එක එල්ලෙම පහර දීමටයි. ඒ ඔහු ෂ්‍යාඕ චීයේ හා මුහුණට මුහුණ සටන් කරන්න ට බිය වූ නිසාවෙනි. මේ පුද්ගලයා ඉතාමත් බුද්ධිමත් විය. හේ ෂ්යාඔ චීයේට සැබෑවටම කතා කරන්න ට හැකියාවක් තිබේදැයි දැන සිටියේ නැත, නමුත් මේ අවස්ථාවේදී ෂ්යාඔ චීයේ සමඟ මෙම සූදුවට තම භට පිරිස් යොදවා ගැනීමට ඔහු කැමති වූයේ නැත. දක්ෂිණ දිශාවේ තවමත් ශක්තිමත් කිරීම් ඇතැයි සිතූ විගස ඔහු ක්ෂණිකව පලා යන බව ශෙන් ස'චුආන් නිසැකවම දැන සිටියේ එබැවිනි. කෙසේ වෙතත්, ඔවුන් අතර වැඩිහිටියෙකු "ශක්තිමත් කිරීම්" ගැන කතා කළේ නම්, ඔවුන්ට වහාම ලෙයි ජිංෂට ඒ පිළිබඳ ඒත්තු ගැන්වීමට නොහැකි වනු ඇත. තම ජීවිතය නූලෙන් එල්ලී ඇති තීරණාත්මක සන්ධිස්ථානයක දී එය පවසා කෑගැසු දිං තාඕට පමණක් , සැකයකින් තොරව ලෙයි ජිංෂට එය ඒත්තු ගැන්විය හැකි වුණි.
"මගේ හොඳ කොල්ලා." ජෞ ගුයි දිං තාඔව තමාගේ පුත්‍රයා ලෙස පිළිගැනීමට ගැනීමට තරම් සතුටු විය. හේ කිහිපවරක් දිං තාඔට තට්ටු කර ප්රශංසාකළේ ය. " ඔබ ඒක කොයිතරම් හොඳට පැවසුවද කියනවනම් මම පවා ඒක විශ්වාස කළා!"
දිං තාඔගේ පිටුපස වේදනා දෙන්නට වූ නමුත් , හඬක් නැගීමට එඩිතර නොවූ ඔහුට හැකිවූයෙ , එය දරාගනිමින් හිස සැලීම පමණකි.
"මම මුලින් හිතුවේ ඔහු කඳුකර වනාන්තරය බලහත්කාරයෙන් අල්ලගත්ත කොල්ලකරුවෙක් විතරයි කියලා." කොං ලිං ඔවුන් සමග නගරය දෙසට පා නගද්දී පවසන්නට විය. "නමුත් ඔහු මෙහෙට පැමිණෙන කාලය පුරාවටම කතා කරපු විදිහ සාමාන්‍ය විදිහට වඩා වෙනස්. ඔහු දුගී නිහතමානි පව්ලක ඉදන් ආවා කියලා කිව්වත් , මම සිතන්නේ ඒක එහෙම නෙමෙයි වගේ. ඔහුට ලෙයි චංමින්ව වුනත් පාලනය කරන්න පුළුවන්. ඒත් ඔහු ලෙයි චංමින්ට වඩා තරුණ කෙනෙක්. ඔහු කවුද කියලා මම අනුමාන කරන්න හැදුවත් මම ඒකට අසමත් වුණා."
"ඔහු ලෙයි චංමින්ට ප්‍රධානිය වෙන්න ඉඩ හැරියා, එතකොට ඔහුට නිදහසේ මේ කොල්ලකන සොල්දාදුවන් යොදවන්න පුළුවන්. මේ පුද්ගලයා වසරින් වසර ලෙයි චංමින් වටා ගමන් කරන පුද්ගලයෙක් කියන එක මේකෙන් පැහැදිලීයි. පිටස්තරයෙකුගේ දෘෂ්ටිකෝණයෙන් බැලුවම , මේ පුද්ගලයා විශ්වාසදායක යටත් නිලධාරියෙකු හරි ඊට සමාන කෙනෙක් හරි වෙන්න පුළුවන්." ෂ්‍යාඕ චීයේ සිය ලං තාඔ ෂුඒ ජින්ව මෙහෙයවන්නට අත එසැවූයේ ය.
"ඒක විතරක්ම නෙමෙයි." ඊයේ රාත්‍රියේ ඒ ගැන ගැඹුරින් කල්පනා කළ ශෙන් ස'චුආන් තවදුරටත් පැවසුවේය: "ලෙයි චංමින් ගේ තියෙන ශක්තිමත් චරිතය එක්ක , ඔහු වෙනත් කෙනෙකුගේ ඉත්තෙක් වෙන්න තරම් පහත් වෙන්න කැමති වෙන්නේ නැහැ. කොල්ලකාර සොල්දාදුවන් අතර මෙ පුද්ගලයාට ඒවගේ බලයක් වගේම බලපෑමක් ඇති බවපේන්නෙ ලෙයි චංමින් ඔහුව සම්පූර්ණයෙන් විශ්වාස කරපු නිසා, කොහෙත්ම සැක නොකරපු නිසා. ලෙයි චංමින් එක්ක ඒවගේ විශ්වාසයක් ඇති කරගන්න පහසු ලේ ඥාතීන්ටයි. චෙංෆෙං මහත්මයා , ලෙයි චංමින්ට ඥාතියෝ ඉන්නවද?
කොං ලිං පිළිතුරු දෙන්නට පෙර මද වෙලාවක් සිතා බැලුවේ ය. "ලෙයි චංමින් ගේ පවුල දුප්පත්. ඔහුට බාල සොහොයුරියක් සිටින බව මට අහන්නට ලැබුණේ දුඅන්ජෞ පාබල හමුදාවේ අණ දෙන නිලධාරියා උපභාර්යාවක් ලෙස විවාහ කර ගත්තා කියලා කියද්දීයි. පස්සේ , බ්යන්ෂ්යා ආක්‍රමණය කළා , ඔහුගේ බාල සොහොයුරිය සහ අණ දෙන නිලධාරියා කියන දෙදෙනාම සමූල ඝාතනය වුණා..." ඔහු හුස්මක් ඉහළට ඇදගත්තේ ය,, "ඒක තමයි. ඔහුගේ බාල සහෝදරිය අණ දෙන නිලධාරියාට දාව පුත්‍රයෙක් බිහි කළා"
"දුආන්ජෞ වල ෂු වංශයේ උපභාර්යාවකගේ පුත්‍රයා." ජෞ ගුයි එකතු කළේය. "මට දැන් මතකයි. යොංයී පාලන සමයේදී මම බදු මුදල් භාරකරුවෙක් විදිහට සේවය කළා , ළදරුවාගේ මාසයක සැමරුම් භෝජන සංග්‍රහයට සහභාගී වෙන්න මම උතුමාණන් පසුපස ගියා. ලෙයි චංමින් ගේ බාල සොහොයුරිය බිහිකළ දරුවා ෂු වංශයේ උපභාර්යාවකගෙන් උපතක් හිමි සාමාන්‍ය පුද්ගලයෙක් වුනත් , ඔහු වැඩිමහල් පුත්‍රයා - එවකට දුඅන්ජෞ වල අණදෙන නිලධාරියා වුණු ජී ජිඒ ගේ පළවෙනි පුත්‍රයා."
"ඒ
ඇත්තටම ඔහු නම්, ඔහුට එවැනි තීක්ෂ්ණ බුද්ධියක් තිබීම පුදුමයක් නෙමෙයි."
කොං ලිං ශෙන් ස'චුආන් සහ ෂ්‍යාඕ චීයෙට ට පැහැදිලි කරන්නට හිස හැරවූයේය.
"මවගේ වටිනාකම තීරණය වුණේ පුත්‍රයා මතයි. ඔවුන් ජූ ගේ නිවසේ හොදින් ජීවත්
වුණා. නමුත් ජූ ජිඒ ගේ ප්‍රධාන බිරිඳ සෘජු සම්භවයක් තිබෙන නීත්‍යානුකූල
පුත්‍රයෙක් බිහි කළාට පස්සේ , ඔවුන් දෙදෙනාවම ජූ ජිඒ පිළිකුල් කරලා
ප්‍රතිකේෂ්ප කළා!"
ශෙන් ස'චුආන් මේ පුද්ගලයාගේ නාමය විමසන්නට සූදානම් වන විටම , එක්වරම ජෞ ගුයි කෑගසමින් ශෙන් ස'චුආන් දෙස තුෂ්නිම්භූතව බැල්මක් හෙළුවේ ය.
"උප හමුදාපතිතුමාගේ මවත් මාස පූර්ණ භෝජන සංග්‍රහයට පැමිණිලා හිටියා!"
_______________________________________________________
එයාට නෑකමක් තියෙනව වත්ද?
❤️❤️❤️
ReplyDeleteThank you 😍❤️
ReplyDelete