ච්‍යාඕ ත්‍යන්යා සෙවීම සඳහා මිනිසුන් පිටත් කළේ ය. ඒ වන විටත් මිනිසුන් දෙදෙනාගේ සළකුණක් හෝ මාර්ගයේ පෙනෙන්නට නොතිබුණෙ ය. අශ්වයා මතට නැගගත් ෆෙයි ශෙං , බටහිර දෙස පෙන්වමින් පැවසුවේය., "ඔහුට දැනටමත් අනතුරු ඇගවිලා තියෙන නිසා , ඔහු දැනගන්න ඕනේ ඔහුට මෙතැන වැඩි වෙලා ඉන්න බැරි බව; ඔහු නඟරයට ගියොත් කොහොමටවත් අපේ ඇස් වලින් ගැලවෙන්න ලැබෙන්නේ නැහැ. හැම සම්භාවිතාවයකටම අනුව , ඔහු නඟරයෙන් පිටවෙලා වක්‍ර මාර්ගයකින් සීජෞ වලට ගමන් කරාවි."
ච්‍යාඕ ත්‍යන්‍යා දැන සිටි තොරතුරු අනුව , ශෙන් ස'චුආන් ද සීජෞ වල සිටීය යුතුය. ඔහු නැවතත් ඒ රිදී කැබැල්ල තම ලය තුළ සඟවාගත්තේ ය. ඔහු යමක් කියන්නට පෙරම , ඔහුට තම පසෙකින් ජී ගැන්ගේ හඬ ශ්‍රවණය විය.
ජී ගැං ඔහුගේ සිරුර වටා සළුව පොරවාගෙන තම අතෙහි වූ ඖෂධ බඳුන එක හුස්මට පානය කළේ ය. "අද රාත්‍රියේ මම වෙනුවෙන් නවතින්න එපා. දැන් ඉක්මනින් සීජෞ වලට යන්න. මොනව සිද්ධ වුනත් , අපි මුලින්ම චුඅන් අර් ට මේ ගැන දන්වන්න් ඕනේ."
මෙයින් ගම්‍ය වූයේ ශෙන් ස'චුආන්ගේ ආරක්ෂාව වන බැවින් , ජී ගැං අද රාත්‍රියේ විවේක නොගන්නා බව ච්‍යාඕ ත්‍යන්යා හොදින්ම දැනුවත් විය. එබැවින් ඔහු අශ්වයා ඉදිරියට ගෙන යන ලෙස පිටුපසින් සිටි රාජකීය ආරක්ෂකයින්ට අතින් සංඥා කළේය. ජි ගැං අශ්වයා පිට නැඟී ඔහුගේ කොන්ද කෙළින් කළේය. ඉන්පසුව, එකවරම කම්පනයක් සහිතව , මිනිසුන් නගර දොරටුව දෙසට ඇදී යන්නට විය.
◈ ◈ ◈
කොං ලිං විස්තර කළ නොහැකි තරම් දුක්ඛිත තත්වයකට ඇදවැටී සිටියේ ය. ඔහු දෙපා වේදනාවෙන් පිළිස්සෙන තරම් සිරීම් වලට ලක්ව තිබුණේ ය. ඔහු පුද්ගලයා සමඟ අශ්වයා අනුගමනය කළා විනා වදනක් හෝ නොදෙඩුවේ ය. ෆෙයි ෂෙං පුරෝකථනය කළ ලෙසම, ඔවුන් තවදුරටත් නගරයේ රැඳී නොසිටි නමුත්, ඔවුන් හැරවුම් මාර්ගයක් ගනිමින් , මඟ පෙන්වන පුද්ගලයා සමඟ ඉක්මනින් නගරයෙන් පිටව ගියහ.
"මහත්මයා තව පැය කිහිපයක් ඉවසන්න." පුද්ගලයා තම අශ්වයා පදවමින් පිටුපස හැරී කෑගැසුවේ ය. "අපිට දවල් වෙන්න කලින් සීජෞ නගරයේ දොරටුව පාමුලට ළඟා වෙන්න හැකි වේවි!"
කොං ලිං හිස වනමින් හති ලෑවේ ය "පෙනෙන විදිහට මේ මාර්ගය බෙදීම් වලින් වටවෙලා ගෙයි පෙනෙන්නේ. මම හිතන්නේ නැහැ ඔවුන්ට අවශ්‍ය වුනත් අපිව අල්ලගන්න හැකියාව ලැබෙයි කියලා?"
"ඒත් දැනටම වර්ෂාව නතර වෙලා." ඒ පුද්ගලයා ගේ ශක්තිය කෙතරම් ද යත් මේ මුළු ගමන පුරාවටම ඔහු හුස්මක්වත් ගත්තේ නැත. හේ තවදුරටත් පවසන්නට විය. "මහත්මයා, අපේ ගමන දැන් වසන් කරන්න විදිහක් නැහැ. අනිවාර්යයෙන් ඔවුන් අපිව ලුහුබැඳීම වේගවත් කරන්න ඇති! "
කොං ලිං ඔහුගේ දණිස් මත තිබූ සළුව ඉහළට ඇද ගත්තේ ය. ඔහු දත්මිටි කමින් පවසන්නට විය, "දිගටම යන්න! වීරයෝ, අපි දැනටම ඉන්නේ අපේ මාර්ගයේ! අපිට සීජෞ නගරයේ දොරටුව පාමුලට ළඟා විය හැකි තාක්, අපිට ව්‍යසනය වළක්වා ගන්න හැකියාව තියෙනවා."
එය එසේ වන්නට පුළුවන. නමුත් ඔවුන් ගමන් ගත් මාර්ගය පොදු මාර්ගයෙන් ඉවතට ගිය පසු ඉතා මඩ සහිත විය. ඔවුන්ගේ කුර මඩේ හිරවීම නිසා අශ්වයන්ට ඔවුන්ගේ මුල් වේගයෙන් ධාවනය නොහැකි වූ නිසා දෙදෙනාම ගමන් කළේ අපහසුවෙනි. අනෙකාගේ පිටුපස දෙස බලා කොං ලිං සුසුමක් හෙළමින්, හැඟීම්බරව පවසන්නට විය, "මේමේ වෙලාවේ ඔබ මේ කරන උපකාර වලට අනේකවාරයක් ස්තූතියි. අපි සීජෞ වලට ගියාට පස්සේ ඔබට තවමත් ලෙයි චංමින් ට අවධාරණය කරන්න යෙනවානම් , මම ඔබ වෙනුවෙන් හොඳම අශ්වයා තෝරලා දෙන්නම්."
ඔහු හදවතින්ම පිරි සිනහවක් පෑවේ ය. "මහත්මයා, ඔය තරම් ගෞවනීය වෙන්න වුවමනා නැහැ. මම කරන්න ඕනේ මේකයි. මම සටන් කරන්නත් මරන්නත් පමණක් දන්න සෙබළෙක් විතරයි . ඔබ වගේ උත්තරීතර උගතුන් විසින් කළ යුතු දේවල් කිහිපයක් තියෙනවා මම ඔබට සළකන්නේ විශාල ගෞරවයකින්. අද රාත්‍රියේ ඔබ සමඟ ගමන් කරන්න හැකිවීම ම, මම දැනටමත් සෑහීමකට පත්වන දෙයක්."
කොං ලිං පුදුමයට පත් විය. ඔහු මේ මිනිසා ධර්මිෂ්ඨ මිනිසෙකු බව සොයා ගත් අතර ඔහුගේ උගුරේ ගැටිත්තක් සිරවනවාක් සේ දැනුණේ ය. එවිට ඔහුට සිහි වූයේ තීරණාත්මක අවස්ථාවේදී සතුරාට පක්ෂපාතීත්වය මාරු කළ හැරවුම් කබාය වන ශෙන් ස'චුආන් ය. ඔහුගේ දෑස් අත්වලින් පිසදැමීම වළක්වා ගත නොහැකිව ඔහු පැවසුවේ ය. "ඔබ වගේ හොඳ පුද්ගලයෝ තවමත් ජොංබෝ වල ඉන්නවා කියලා හිතෙන එකත් ලොකු දෙයක්. ජොංබෝ වල පුනර්ජීවනය ගැන බලාපොරොත්තුවක් තියෙනවා! රණශූරයා, මා ඔබට ආමන්ත්‍රණය කළ යුතු ආකාරය මට දැන ගන්න පුළුවන් ද?"
ඒ පුද්ගලයා නැවතත් හැරී පැවසුවේ ය."මගේ නම ප්‍යාඕපෝ. මේ වගේ ගොරහැඩි සහ නොගැලපෙන නමක් මහත්මයා ට ඇහෙන්නවත් සුදුසු නැහැ. මගේ මවයි පියායි දෙන්නම තමන්ට තියෙන කුඹුරු ටිකෙන් ජීවිකාව ගෙන යන අවංක මිනිස්සු. මම ඉපදුණු අවුරුද්දේ නියඟයක් තිබුණා; ඒකයි මගේ පියා මට එහෙම නමක් දැම්මේ."
කොං ලිං වේගයෙන් පවසන්නට විය. "සහෝදර ප්‍යාඕපෝ ධර්මිෂ්ඨ කෙනෙක්. නමක් කියන්නේ කෙටිකාලීන හැදින්වීමක්. මටනම් ඒක ඇත්තටම හොඳයි! "
කොං ලිංට ඉදිරි මාවත නොපෙනෙන තරමට අඳුරු විය. ප්‍යාඔපෝ තෝරාගත් මාර්ගය කෙතරම් හොඳින් සැඟවී ඇත්දැයි ඔහු දැන සිටියේ නැත, නමුත් ඇත්ත වශයෙන්ම ඔවුන් පසුපස හඹා එනුනට හමුදා භටයන් සිටියේ නැත. කොං ලිං ඔහුගේ කලවා වලට පහර දුන්නේය. කිහිප වතාවක්ම අහස දෙස බැලූ ඔහු අවසානයේ ක්ෂිතිජයේ උදාවේ පළමු කිරණ මෙන්ම අවසානයේ සීජෞ නගර බිත්ති ද දුටුවේය.
"මහත්මයා!" ප්‍යාඕපෝ හදිසියේම කොං ලිංගේ ගේ අශ්වයා ඇද ඔහුව පසෙකට ගෙන ගියේය. “නගර නිලධාරියාට ගේට්ටුව අරින්න කියන්න. අපි දැන් ගෞරවනීය ජෞ උතුමාණන්ට අපේ ගෞරවය පෙන්වමු! ”
දෙදෙනාම මාර්ගයෙන් ඉවතට පැන වතුර වළවල් හරහා පාගමින් ඉදිරියට ගියහ. ඔවුන් ඒ වන විටත් සීජෞ නගරයේ පවුරු පාමුලට පැමිණ තිබුණි. කොං ලිං අශ්වයාගේ ගෙල වැළඳ ගත්තේය, ඔහුගේ සියළුම ශක්තිය වැය වී ගියේ ය. ඔහු තම රැවුල අතින් පිරිමදිමින් පැවසුවේ ය, පසුව ගොරෝසු හඬින් කෑගැසුවේය, "මේ මම!"
නගර කුළුනේ සටන් බිමට ඉහළින් හිස් මතු වූයේ ය. කොං ලිං දැකීමෙන් හමුදා නිලධාරියෙකු කම්පනයට පත් වූ අතර, “චෙංෆෙං මහත්මයා!” යැයි කෑ නොගසා සිටින්නට නොහැකි විය.
“ඉක්මන් කරන්න! ගිහින් උතුමාණන්ව අරගෙන එන්න!” කොං ලිං වෙව්ලන කකුල් වලින් අශ්වයා මතින් බැස්සේ ය. ඔහු පාලනය ප්‍යාඕපෝ වෙත භාර දුන්නේය. "මම ආපහු ආවා කියලා ඔහුට කියන්න!"
"නගර දොරටුව ඉක්මනින් අරින්න." ප්‍යාඕපෝ පැවසීය. "මහත්මයා එහෙනම්..."
කොං ලිං ප්‍රතිචාර වශයෙන් හිස වැනුවේ ඔහු හුස්ම ගැනීම සඳහා හුස්ම හෙළන විටය. ඔහු නැමී, දණහිස් මත දෑත් තබා, කටුක සිනහවකින් යුතුව පැවසුවේ ය, “මට මගේ හුස්ම ගන්න දෙන්න. අපි ඉක්මනින් ම නගරයට ඇතුල් වෙන්නයි යන්නේ. අපිට ඔබ පිළිබඳ හැම සැකයන් ම දුරු කරගන්න පුළුවන් අපි හමුදාපතිතුමාව හමුවුනොත් විතරයි. එහෙම නොවුනොත්, නගර නිලධාරියා ඔබෙන් ප්‍රශ්න කරන නිසා අපි තවත් ප්‍රමාද වේවි.”
වැඩි කල් නොගොස්, ජෞගුයි ඉක්මන් පැමිණ්යේ ය. ඉහළින් සිට කොං ලිං දුටු ඔහු, වහාම පැවසුවේ ය. “චෙංෆෙං, මොනවද වෙන්නේ? ඉක්මනට ගේට්ටුව අරින්න!"
ඇතුළත සිට සොල්දාදුවන් කිහිප දෙනෙකු තිරස් තීරුව ඔසවා නගර දොරටු තල්ලු කර, උදෑසන හිරු එළියේ පළමු කිරණ ඒ පරතරය හරහා විනිවිද යන විට නගර දොරටුව අඳුරු ශබ්දයක් ඇති කළේය. කොං ලිං ඔහුගේ දහඩිය පිස දමා පළමුවෙන් ඉදිරියට ගියේය. නගරයේ දොරටුවට පිටුපසින් පාලම් මාර්ගයක කොටසක් විය. ජෞ ගුයි ඉක්මනින් නගර දොරටුවෙන් බැස, කොං ලිං හමුවීමට සහ පිළිගැනීමට පාලම් මාවතේ පාමුල වෙත පියනැගුවේ ය.
නමුත් ඉදිරියෙන් ගමන් කළ කොං ලිං හදිසියේම මුහුණ වෙනස් කර “ගේට්ටු වසන්න!” යැයි කෑගැසුවේය.
ඔහු පිටුපසින් සිටි සොල්දාදුවන් තවමත් නගර දොරටුව දෙසට තල්ලු කරමින් සිටියෝය. නමුත් ඒ මොහොතේම ප්‍යාඔපෝ ඒ වන විටත් පුපුරා ගොස් තිබුණි. ඔහු කොං ලිං ගේ පිටුපස කොලරය අල්ලාගෙන වේගයෙන් පසුබසිමින් ඔහුව ආපසු ඇදගෙන ගියේය. කෙසේ වෙතත්, කොං ලිං එතැනම හිද අඩ වශයෙන් දණ ගසා ඔහුගේ ශරීරය ඇදගෙන යන අතරවාරයේ , දෑත් වනමින්, ජෞ ගුයි වෙත කෑගැසුවේය, “මේ පුද්ගලයා මොනවා හරි කරන්නයි හදන්නේ! ජෞ ගුයි , ඊතල මුදාහරින්න කියලා මිනිසුන්ට කියන්න! ඔබ ඔහුට නිදහස් වෙන්න ඉඩ නොදෙන්න ඕනේ! ”
පෞ ගුයි ඒවන විටත් පියවරක් ඉදිරියට ගෙන තිබුණි. ඔහු කෑගැසුවේය, “ඔහුව බිම හෙලන්න!”
ඒ කීකරු අශ්වයා හදිසියේම කම්පනයට පත් විය. ඌ උගේ කුර ඔසවමින් ආපහු හැරි ගේට්ටුවට තල්ලු කරන සෙබළුන්ව පාගා දැමුවේ ය. ප්‍යාඕපෝ අශ්වයා උඩට පෙරළුණු අතර අශ්වයා ක්ෂණිකව නගර දොරටුවෙන් පිටතට පැමිණියේ ය. ඔහු එක් අතකින් පමණක් කොං ලිංව ඇදගෙන ගිය අතර, කොං ලිං ගේ මුළු සිරුරම සෑදලයේ එක් පැත්තකින් අර්ධ වශයෙන් එල්ලෙමින් තිබුණු අතර ඔහුගේ පාද සහ පතුල බිම මත ඇදී යාම නිසා සීරීමට ලක් විය.
අනර්ඝ ශක්තිමත් භාවයක්!
එවැනි ශක්තියක් කිසිසේත්ම ෂ්‍යාඕ චීයේ ට වඩා පහත් නොවී ය.
අධික වේගයෙන් ඇදගෙන ගිය නිසා කොං ලිංට ගැලවී යන්නට නොහැකි විය. ඔහුගේ පිටුපසින් සෑදලයේ පැත්තේ තිබූ යකඩ ගාංචුවේ වැදුණු අතර සුළඟ ඔහු ගසාගෙන යන්නට සැලැසුසුවේ ය. ඔහුගේ ඒ සිහින් සහ දුර්වල ළය සීරිම් වලින් සිදුරු වීමට ආසන්න බව පෙනෙන්නට තිබුණි. මිනිසාගේ ග්‍රහණය එන්න එන්නම දැඩි වන විට ඔහු දෑත් සමඟ පොරබදමින් දෙපා දෙපසට ගසා පෙරබදිමින් සිටිද්දී අහස දෙස බැල්මක් හෙළුවේ ය. ඔහු පැවසුවේ ය, "ජෞ ගුයි.... ඊතල... නිදහස් කරන්න... ! මේ පුද්ගලයා ට ශක්තිමත් කිරීම් තියෙනවා! ”
ප්‍යාඔපෝ ගේ තොල් අතරින් කෝපයට පත් "ට්ස්ට්" හඬක් නැගුණේ ය. ඔහු හදිසියේම කොං ලිං ගෙලෙන් ඉහළට ඔසවා නගර ගේට්ටුවෙන් පිටතට එන සොල්දාදුවන් දෙසට හඬ නඟා පැවසුවේ ය. “ඉදිරියට යන්න! ජෞ ගුයි ත, ඊතල මුදා හරින්න! අපි බලමු මම ද මුලින්ම මියයන්නේ නැත්නම් චෙංෆෙං මහත්මයා ද කියලා!"
ජෞ ගුයි හුදු සිවිල් නිලධාරියෙක් පමණකි. මේ විශ්මය දනවනසුළු වෙනසේදී ඔහු ආරක්ෂකයින් ඉවතට තල්ලු කර “නවත්වන්න!” යැයි කෑගැසුවේය.
කොං ලිං ගේ මුහුණ සම්පූර්ණයෙන්ම රතු වන තුරු ගෙල සිර කර තිබුණි. ඔහු තම ඇඟිලි දහයෙන් ඔහුගේ කරපටිය අල්ලාගෙන සිටියේ ය. ප්‍යාඔපෝ ඔහුගේ හිස ඔහු වෙතට ළං කර සිනහවකින් පැවසුවේ ය. “මහත්මයාට ඇත්තටම තියුණු ඉවක් තියෙනවා. ඔබ තවමත් මම මෙහි එන අතරවාරයෙදි ධර්මිෂ්ඨ මිනිසෙක් විදිහට සැලකුවේ නැද්ද? ඉතින් ඇයි දැන් ඔබ මට විරුද්ධ වෙන්නේ?”
"තන්තායි, තන්තයි ලොං ගේ භටයෝ!" කොං ලිං හුස්ම අදිමින් අමාරුවෙන් කිවේ ය, “ඒ හැමෝම නැගෙනහිර ප්‍රාන්ත තුනේ අය. ඔවුන්ගෙන් කවුරුවක් සීජෞ වල මාර්ග වලට හුරුපුරුදු නැහැ! ”
ප්‍යාඕපෝ සිනහවෙන් පුපුරා යන්නට විය. ඔහු අශ්වයා පිට වාඩි වී, “ඉතින් මට පේනවා. මහත්මයා ඇත්තෙන්ම බලවත්. ඔබ මීට පෙරත් එතරම් අවංකව කටයුතු කළා. නමුත් මම දැනටමත් සීජෞ වෙත පැමිණිලා නිසා, මාව රවටලා නගරයට ගෙනගිහින් මරා දමලා ඔබට කාරණය විසඳිය හැකි වේවි කියලා ඔබ සිතනවාද?"
ඔහු හිස පැත්තකට හරවා කෙළ ගැසුවේය.
" ඒකට හොඳටම ප්‍රමාධයි!"
ඒ සමඟම, කලින් අතුරුදහන් ව සිටි සොල්දාදුවන් පසුපස හඹා ආවෝය. සාමාන්‍ය හමුදාවකින් බලාපොරොත්තු වූ නිල ඇඳුම් සන්නාහය ඔවුන් සතුව නොතිබුණද, ඔවුන්ගේ සංඛ්‍යාව භයානක විය. ඔවුන් සියල්ලෝම විවිධ ඇඳුම්වලින් සැරසී සිටි අතර, ඔවුන්ගේ පුළුල් අසිපත් සහ කිසිනි වලින් සන්නද්ධ , ඔවුන් තම අශ්වයන් වනාන්තර සහ තණකොළ හරහා කෙළින්ම ඉදිරියට පදවාගෙන ආවෝ ය. කොං ලිංට ඔවුන්ගේ රේඛාවේ අවසානය දැකීමටවත් නොහැකි විය.
"අපි ධාන්‍ය අවශ්‍ය බව මීට මාස කිහිපයකට පෙර ඔබට පවසන්න කියලා මම ලී චංමිංට කිව්වා. ඒ වෙනුවට, ඔබ රාජකීය හමුදාවට භූමියට ඇතුළු වෙලා අපගේ ධාන්‍යාගාරය අත්පත් කර ගන්න ෂ්‍යාඕ චීයේට ඉඩ ලබා දුන්නා. ලෙයි ජිංෂ කොං ලිංව බිම හෙළුවේ ය. තම අශ්වයා හරවාගෙන, ඔහු ජෞ ගුයි වෙත සංඥා කළේ ය, “ඔබ සිතන්නේ ෂ්‍යාඔ චීයේ ගේ විසිදහසක පිරිස ඇති -ශක්තිමත් රාජකීය හමුදාව මත විශ්වාසය තැබලා පසුබසින්න මාව බය කරවන්න පුළුවන් කියලද? මට යටත් වෙන්නත් ඒවගේම මට පක්ෂපාතී වෙන්නත් ප්‍රතිඥා දෙන්න මම නැවත නැවතත් මිනිසුන්ව යැවුවා, නමුත් ඔබ මට පිළිතුරක් දීම දිගටම කල් දමමින් හිටියා! ජෞ ගුයි , ඔබ දැන් කැරලිකරුවන්ට මූල්‍ය ආධාර කරන ද්‍රෝහියෙකි. මම අද සීජෞ සමූලඝාතනය කරලා මිනිසුන්ව වසංගතයෙන් මුදවගන්නවා!"
ජෞ ගුයි ඒ මිනිසුන් දස දහසකට අධික පිරිස දෙස බැලූ අතර ඔහුගේ හදවතෙහි අඩක් සීතල ව ගියේ ය. ඔහුට මඳ කරකැවිල්ලක් පවා ඇති වුණේ ය. ඔහු වේගයෙන් තමා අසල සිටි පුද්ගලයා ආධාරකයක් ලෙස අල්ලාගෙන දත්මිටි කමින් පවසන්නට විය. “මට ධාන්‍යාගාරය විවෘත කර ඔබට ධාන්‍ය ලබා දෙන්න පුළුවන්. නමුත් ඔබ සීජෞ වල සාමාන්‍ය ජනතාවට රිද්දන්න වුවමනා නැහැ!"
ලෙයි ජිංශ කසයෙන් තැලූ අතර, ඔහු පිටුපස සිටි කොල්ලකරුවන් සිනහවෙන් ඝෝෂා කළහ. ඔහුගේ අශ්වයාගේ කුර කොං ලිං වටා ගමන් කළ අතර, එම මිනිසුන් කොං ලිං වට කර, ඔහුට පෙරලෙන්නටත් බඩගා යන්නටත් බල කළහ. ලෙයි ජිංශ ඔහුගේ අශ්ව කසායන් බිම වැතිරි සිටි කොං ලිංව පෙන්වාලීය., “දැන් මමයි සත්කාරකයා, ඔබ ආගන්තුකයා. ඔබ එය විවෘත කළත් නැතත්, ධාන්‍යාගාරය දැනටමත් මගෙ තමයි. මම මගේ මිනිස්සුන්ව ආහාර අරගන්න නිවසට ගෙන එනකොට මාත් එක්ක සාකච්ඡා කරන්න තවමත් ඔබ එඩිතර වෙනවද?"
ජෞ ගුයි පියවර කිහිපයක් එකතැන රැදී සිටියේ ය, “පසුගිය වසරේ සීජෞ සාගතයෙන් පීඩා විඳිද්දී, ලුඕ කොල්ලකරුවන් වෙනුවෙන් අපි ඒ වෙද්දීත් ධාන්‍ය ගබඩාවකින් අඩක් පුරවලා තිබ්බා. එහෙම නොවුනනම්, ලුඕ කන්දේ කී දෙනෙක් කුසගින්නේ මැරෙන්න තිබුණා ද?! අපි ඔබට කළ මේ අනුග්‍රහය නිසා ඔබට සීජෞ වල සාමාන්‍ය ජනතාව වත් ඉතුරු කරන්න බැරිද?"
" මොන විකාරයක් ද ඔබ මේ දොඩවන්නේ?" ලෙයි ජිංශ ගේ ප්‍රකාශනය හදිසියේම වෙනස් විය. "ලෙයි චංමින් පසුගිය වසරේ ඒ ධාන්‍ය මිල දී ගත්තේ මගේ අණ පරිදි මගේ මුදලින්" ඔහු ශීතල හඬින් කීවේය.
එය නිවැරදි ය. ලෙයි චංමින් ඇත්ත වශයෙන්ම පසුගිය වසරේ ධාන්‍ය සඳහා ගෙවා තිබුණේ ය. නමුත් ඔහු සීජෞ හි ධාන්‍යාගාරයක් වටිනා සහල් වලින් අඩක් මිල දී ගත්තේ අපිරිසිදු නොවන සහල්වල අපිරිසිදු මිලට ය. ගෙවූ මුළු මුදල කෙතරම් කුඩාද යත්, එය සීජෞ හි යාචකයෙකු පිටත් කර හැරීමටවත් ප්‍රමාණවත් නොවීය.
ජෞ ගුයි ට ඔහුගේ නිර්ලජ්ජිත භාවය සහ මුරණ්ඩු ස්වභාවය නිසා ඔහුට හුස්ම ගැනීමට නොහැකි විය. ඔහුගේ තම පපුවට ගසාගෙන කෝපයෙන් ඔහුගේ පාදය තද කරගත්තේ ය, ඔහු පැවසුවේ ය, “තමුන්! උඹලා තවමත් මිනිස්සු ද?! අද නගරයට ඇතුළු වෙන්න හිතන්නවත් එපා! ”
ලෙයි ජිංශ ගේ ඉවසීම දැනටමත් අවසන් වී තිබුණි. ලෙයි චංමින් ගේ අවසානයේ සත්‍යය දිගු කලක් සැඟවීමට ඔහුට නොහැකි බව ඔහු දැන සිටියේය. රාජකීය හමුදාව ඒ වන විටත් ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ තිබුණි. එබැවින් ඔහු තම කටහඬ පහත් කර ගොරවමින් පැවසුවේ ය, “ජෞ ගුයි , මට දින කිහිපයක් සෙල්ලම් කරන්න නගරයට ඇතුළු වෙන්නයි ඕනේ. ඔබ ගලකට බිත්තරයක් විසි කරනවා වගේ විශාල ප්‍රශ්නවලට විරුද්ධ ව මම එක්ක සටන් කරන එක ගැන ඔබට පැහැදිලි කරන්න ඕනෙ ද?! ”
කොං ලිං වෙවලමින් මඩ සහිත බිමේ වැකිරි සමච්චල් සහගත ලෙස පැවසුවේ ය. ඔහුගේ දෑත් වලින් , ඔහු ලෙයි ජිංශ වෙත ඇඟිල්ල දිගු කර, ශාප ගංගාවක් පියාසර කිරීමට ඉඩ හැරියේය, “දින කිහිපයක් සෙල්ලම් කරන්න? ඔබ නගරයට ඇතුළු වුන සෑම අවස්ථාවකම ඔබ ඔබේ මිනිසුන් පාලනය කර ගත්තේ කවද ද? ලෙයි චංමින් පැමිණෙන සෑම අවස්ථාවකම, සීජෞ වල කාන්තාවන් දස දෙනෙකුට වඩා ඔවුන්ගේ අවසානය දකින්න වෙනවා! තුහ් විතරක්! ඔබ පැහැදිලිවම කුණු බිත්තරයක්, ඒ හින්දා ඔබ මොන තරම් කරුණාවන්ත හා ධර්මිෂ්ඨ ක්‍රියාවක් කරත් මොකද?! අපි ඔබට අද නගරයට ඇතුළු වෙන්න ඉඩ දුන්නොත් හැමෝම මිය යාවි. ඒ නිසා අපි සීජෞ වැසියෝ එක්වෙලා ඔබ එක්ක මරණය දක්වා සටන් කරනවා."
පිටුපසින් සිටි අශ්වයා කොං ලිංගේ පිටට කොතරම් තදින් පහර දුන්නාද යත් ඔහුගේ සම සහ මස් කැබලිවලට කැඩී ගියේය. නොං ලිං මුලින් සිතුවේ ඔවුන්ට මේ පුද්ගලයා නගර දොරටුවෙන් බිමට ගෙන යා හැකි බවයි, නමුත් අනෙක් පාර්ශවයේ සොල්දාදුවන් ඔවුන් පසුපස හඹා එනු ඇතැයි ඔහු කිසි විටෙකත් අපේක්ෂා කළේ නැත. මෙවර ඔහුගේ මෝඩකම සීජෞ වෙත ව්‍යසනයක් ගෙන ආ බව ඔහු හොඳින්ම දැන සිටියේය. ශෝකයෙන් හා ක්‍රොධයෙන් මිරිකුණු ඔහු බිමට නැමී වමනය කරන්නට විය.
ලෙයි ජිංෂ ඔහුගේ අශ්වයා පිට නැඟී ජෞ ගුයි දෙසට කෙළින්ම ඉදිරියට එමින් තම මිනිසුන්ව ගෙන ආවේ ය. ඔහු පැවසුවේ ය. “අපේ නගරයට යන මාර්ගය වනසලා දාන්න. රාජකීය උසාවියේ පත්වීම් නියෝගය නිකුත් වුනාට පස්සේ , අපි රාජකීය අධිකරණය වෙනුවෙන් කැරලිකරුව න් තුරන් කළ සීජෞ වල ආරක්ෂක භටයින් බවට පත් වෙනවා!”
ජෞ ගුයි දුටුවේ එම දරුණු අශ්වයා තමාට ගැලපෙන ලෙස ආරෝපණය වන බවත් ඔහු පිටුපසින් ඇති උදෑසන කිරණ පරාවර්තනය කරන ගණන් කළ නොහැකි අසිපත් ප්‍රමාණයත් ය. අනපේක්ෂිත ශක්තියක් ඇතිව, එසේ නොකළ යුතු බව දැන සිටියද, ඔහු තවමත් දෑත් දෙපසට විහිදුවමින් පැවසුවේ ය. “අද මම මැරුණත්, මට ඔබට නගරයට ඇතුළු වෙන්න ඉඩ දෙන්න බැහැ!”
සූර්යාලෝකය ක්ෂිතිජයේ වලාකුළු හරහා විනිවිද ගිය අතර, එම රන් ආලෝකයේ රැල්ල පැකිරි යමින් අදුර මකා දැමුවේ ය. ඔහුගේ දෑස් විවර කරගෙන, එම තල තමා දෙසට වේගයෙන් එන අයුරු ජෞ ගුයි බලා සිටියේය. ඒ මොහොතේම, නූලකින් ඇදී ආ සවන විනිවිද යන ශබ්දයක් නැඟුණු අතර, පොළව ආසන්නයේ සිට එම “තඩ්” හඬ ගුවනට දෝංකාර දුන් අතර ඊතලයක් ලෙයි ජිංෂ ගේ හිස දෙසට දැඩි සුළඟක් සහිතව හඹා ආවේ ය!
ජයග්‍රාහී දුන්න සුළඟ මධ්‍යයේ ස්ථිරව හා ස්ථාවරව සිටියේය. ඔහු වටා සිටි සියල්ලන්ම කම්පනය සහිතව, ෂ්‍යාඕ චීයේ දුන්න අැදගෙන සිටින ඉරියව්ව දෙස බැලුවේ ය. ඔහුගේ මාපටැඟිල්ලේ අස්ථි වළල්ලේ විවරය අතහැරි ගිය අතර, දුන්න පිටුපසින් විනිවිද යන හා බිය උපදවන දෑස් යුගලක් පෙනෙන්නට විය.
_________________________________
❤️❤️❤️
ReplyDelete😍😍
ReplyDelete