Skip to main content

එකසිය අටවන පරිච්ඡේදය : රිදී

! ඔහුව ලුහුබැඳගෙන යන්න!"

අද රාත්‍රියේ එය එතරම් පහසු වීම අරුමයක් නොවේ!

ඒ ඇසිල්ලේම, ශෙන් ස'චුආන් බොහෝ කරුණු පිළිබඳව අවබෝධ කරගත්තේය. හේ වහා යමක් පවසන්නට මෙන් ෂ්‍යාඕ චීයේ දෙස හැරී බැලු නමුත් වහා එය නවතා ගත්තේ ය.

"ලාඔහු." ෂ්‍යාඕ චීයේ වේගයෙන් පැවසුවේ ය. "මේ තැන ආරක්ෂා කරනුන දෙදාහක විතරපිරිසක් යොදවන්න. දිං තාඕ, ඔබේ අශ්වයව අරගෙන සීජෞ වලට ඊසාන දෙසට යන්න. සැගවෙලා ඉන්න පිරිසට නියනුන වහාම දකුණු සීමාවට ගිහින් මාර්ගය අවහිර කරන්න කියලා. ඉතිරි අය මා පසුපස නගරයට පැමිණෙන්න. "

සතුරා තම කඳවුරෙන් ඉවතට ඇද ගැනීමේ මේ උපාය දැනටමත් බොහෝ කාලයක් තිස්සේ සැලසුම් කර තිබුණකි. බොහෝ දුරට , ලෙයි චංමින් ලුඕ කන්දෙන් පිටව යන්නට පෙර ම එය ක්‍රියාත්මක වෙමින් පැවතුනා විය වුතුය. ලුඕ කන්දේ සිට සීජෞ වෙත ආපසු යවන ලද එම වාර්තා සියල්ල නොපැහැදිලි ප්‍රකාශයන් වන අතර, ඒවායින් වඩාත් සුලභ දෙය වූයේ ලුඕ කන්දේ කොල්ලකරුවන් විසින් ඉදිකරන ලද මැටි උදුන් ඔවුන් දුටු බව සදහන් වීමය. මෙය ලෙයි චංමින් ගේගේ මිනිසුන්ගේ නිශ්චිත සංඛ්‍යාව මතයක් බවට පත් කළේය. සත්‍යය සහ අසත්‍යය, යථාර්ථය සහ මවාපෑම් මිශ්‍රණය කිරීමෙන් මිනිසුන් හතළිස්දාහක පිරිසක් සිටින බවපහසුවෙන් අනුමාන කිරීමට ඔවුන්ව පොළඹවා ගත්තේය. එමෙන්ම, ප්‍රවේශමෙන් සලකා බැලීමකින් තොරව පුදුම කිරීමේ ප්‍රහාරයක් දියත් කිරීමට අනෙක් පාර්ශවය නිර්භීත නොවනු ඇතැයි ඔවුහු උපකල්පනය කළහ. ෂ්‍යාඕ චීයේ සමඟ කිසිසේත්ම මුහුණට මුහුණලා සටන් කිරීමට අනෙක් පාර්ශ්වයට කිසිදු චේතනාවක් නොතිබෙනු ඇතැයි කිසිවකු බලාපොරොත්තු වූයේ ද නැත.

"කොං ලින්ට කොහෙත්ම ලෙයි චංමින් ව අදුරගන්න බැහැ."

ශෙන් ස'චුආන් අශ්වයා මතට නැග්ගේ ෂ්‍යාඕ චියේගේ දෑත් ආධාරකයක් ලෙස භාවිතා කරමිනි. "ලෙයි චංමින් ගැන තියෙන ​හැම තොරතුරක්ම බොරු කියලා මම මේ වෙලාවේ සැක කරනවා. "ලෙයි චංමින් " කියන්නේ මේ පුද්ගලයගේ "බෙලි කට්ට" වගේ දෙයක්"

ෂ්‍යාඕ චීයේ තමා අත වූ හිරවරණය තන්තායි හූ දෙසට වීසි කර තව සළුවෙන් ශෙන් ස'චුආන් අාවරණය කළේ ය. ඉන්පසු ඔහු තම දෑත් ගෙන තම අශ්වයා හරවා ගත්තේය. ඔහු පැවසුවේ ය, "ඔහු බලහත්කාරයෙන් කොං ලින් අල්ලාගෙන සිටියත් වැඩක් නැහැ. බොහෝ දුරට , ඔහුට ගේට්ටඅව විවෘත තරගනුන කොං ලින් මත රඳා පවතින්න සිද්ධ වෙනවා
මේ විදිහට සිදු වෙන එකෙන් ඔහු ඇතුලත ඉන්න පුද්ගලයා වගේම අපි පිටත ඉන්න අය වෙනවා."

ෂ්‍යාඕ චීයේ ට ලෙයි චංමින් ගේ "මිනිසුන් හතළිස්දහස" ට එරෙහිව සටන් කිරීමට වන්නේ ඔහුට අාධාරකයක් ලෙස සීජෞ වල ධාන්‍යාගාර තිබුණු බැවිනි. ඒ වන විටත් ගමනේ යෙදීමෙන් වෙහෙසට පත්ව සිටි මේ මිශ්‍ර සොල්දාදුවන් කණ්ඩායම වහාම ක්‍රියාත්මක වන පරිදි කපා දමන්නට ඔහඅතුට ඉඩ සැලසුනු අතර ඒ වෙනුවෙන් අනෙක් පාර්ශවය තමන්ගේ අඩුපාඩු පිළිබඳව දැනුවත් වෙමින් නැවතත් ෂ්‍යාඕ චීයේ හා සටන් කරන්නට එඩිතර නොවන බව සිතන්නට පෙළඹවිය. ඒ වෙනුවට, ඔවුන් තමන්ගේම අඩුපාඩු පිරිමසා ගැනීමට ඔවුන්ගේ සතුරන්ගේ ශක්තිය ලබා ගත් අතර, ෂ්‍යාඕ චීයේ ව අයාලේ යන වීදි සුනකයෙක් බවට පත් ක​ළේ ය. ඔවුන් සෑම කෙනෙකුගේම ආරම්භක ස්ථානය ආපසු හැරවූ අතර, රාජකීය හමුදාවේ හමුදා සැපයුම් සඳහා තිබූ ප්‍රවේශය කපා හැර පිටත අතරමං කළෝ ය.

"ඔහු මේ මුළු කාලේ පුරාම හිටියේ සෙවණැලි අස්සේ හැංගිලා." ශෙන් ස'චුආන් පවසන්නට වූයේ ඔහු වටා වූ කබාය සුළගෙන් ලෙලදෙද්දී ය. "ඔහු අප් හැම චලනයක්ම දඅනගෙන හිටියේ හරියට අපි ඔහුට හසුවෙලා ඉන්නවා වගේ"

"කොහොමත් සීජෞ කියන්නේ අපේ බලප්‍රදේශය නෙමෙයි නේ. ඔහුට නගරයේ තොරතුරු සපයන්නෙක් ඉන්නම ඕනේ. නමුත් අපි ඔහු ගැන කිසිවක් දන්නේ නැහැ. " ෂ්‍යාඕ චීයේ මේ කාරණය පිළිබඳව කතා කරන විට හදිසියේම සිනාසෙන්නට විය. ඔහු ශෙන් ස'චුආන් වටා දෑත් තද කරගෙන පවසන්නට විය, "මේ පුද්ගලයා අනිවාර්යයෙන් ම සිත් ඇදගන්නා සුළු කෙනෙක්!"

මේ වන විට වර්ෂාව පහව ගොස් තිබුණි. රාත්‍රී සුළඟ පමණක් තවමත් වර්ෂාවේ හිරිකඩ සමඟ හමා ආවේ ය. සීජෞ දෙසට ඝෝෂාකාරී ලෙස දුවන අශ්වයන්ගේ කුර මඩ පාගා දැමුවේ ය. කෙසේ වෙතත්, ඔවුන් කෙතරම් වේගවත් වුවද අනෙක් පාර්ශ්වයේ වේගය අල්ලා ගැනීමට ඔවුන්ට නොහැකි වඋයේ ය. කොං ලින් ඒ වන විටත් සීජෞ වෙත පැමිණ තිබුණි.

කොං ලිං පෙර සිටම නිල තනතුරක් භාර ගැනීමට පැමිනෙද්දී දුර්වල උගතෙකු වූ අතර ඔහුට දැන් හතළිස් පහකට ආසන්න විය. ඔහු තම අශ්වයා අල්ලාගත් විට ඔහුගේ ඇටකටු කඩා වැටුණු අතර, අශ්වයා පහතට ලිස්සා යන විට ඔහුට හුස්ම ගැනීමට අපහසු විය. ඔහු මිනිසාට ආධාරකයක් ලෙස ඔහුව අල්ලා ගැනීමට ඉඩ දී, පසුව ඔහුගේ දෑත් මිනිසා දෙසට අල්ලාගෙන මෙසේ පැවසීය, "මේ වෙලාවෙදි, මේ සේරටම ඔබට හුඟක් ස්තූතියි. එහෙම නැතිවුනොත් මේකෙ ප්‍රතිවිපාක හිතාගන්නවත් බැරිවේවි."

"මහත්මයා, ඔබ කාරුණික වැඩියි." මේ පුද්ගලයා දක්ෂ හා දැඩි ලෙස පෙනුනද, ඔහු මුළු ගමනම කොං ලිං දෙස බලා සිටියේය. "අප පසුපස හඹා එන සොල්දාදුවන් ඉක්මනින් ම මෙතැනට ඒයි කියලා මට බයයි. මහත්මයා, වතුර ටිකක් බොන්න, අපි ඉදිරියට යමු. අපි නගර දොරටුව පාමුලට ළඟා වුනාට පස්සේ, ඉක්මනින්ම ගේට්ටුව විවෘත කරන්න කියලා ඔවුන්ට පවසන්න!"

ඔවුන් අතරමග විවේක ගත්තේ තවමත් පහන් කූඩු එල්ලා තිබූ තානායමක, එක රැයක් නැවති සිටීමට නොව, තවමත් දෙපා වෙව්ලමින් සිටි කොං ලින්ට - උණුසුම් තේ ටිකක් පානය කර හුස්මක් ගැනීමට ඉඩ දීම සඳහා ය. කොං ලින්ගේ ගේ කකුල් දෙපස දරුණු ලෙස සීරීමට ලක් වූ අතර, ඔහුට වාඩි වීමට අපහසු විය. ඔහු බදුන අතට ගත් වහා එක් උගුරට සියලුල ගිල දැමුවේ ය. ඔවුන් විවේක ගනිමින් සිටියදී හදිසියේම පිටත අශ්ව කුර හඬක් ඇසුණි. පුද්ගලයා නැඟී නොසිටියත්, ඔහුගේ අත නිහඬවම ඔහුගේ ඉණ ප්‍රදේශයේ ඇති තලය මතට ළගා විය. ඔහු අඳුරේ මුහුණ සඟවා ගැනීමට මදක් පැත්තකට හැරෙමින් දොර දෙසට බැල්මක් හෙළුවේ ය.

සංචාරයේ යෙදෙන සංචාරකයින් පිරිසක්, සමාන තරාතිරමේ මිනිසුන් දෙදෙනෙකු විසින් මෙහෙයවන ලද දොර හරහා ගමන් කරමින් ඇතුලට ආවෙි ය. පුදුමය නම් මේ පිරිස සියල්ලෝම උස මහත සහ ඒ හා සමානව මනාව වැඩුණු අය වීමය. ඔවුන් සාමාන්‍ය මිනිසුන්ගේ කපු ඇඳුම් ඇඳ සිටියද, ඔවුන් වටා තවමත් ආවේගශීලී ප්‍රබෝධයක් රැදී තිබුණි.

ඔවුන්ගෙන් එක් අයෙක් උණ බට හිස්වැස්ම ගලවා ඔහුගේ නළල මත වැටුණු පිදුරු සහිත මුහුණක් සහ කෙස් රොදක් පෙන්වාලූයේ ය. සාලයේ තවමත් තේ බොමින් සිටි මිනිසුන් දෙදෙනා දෙස ඔහු නොසැලකිලිමත් බැල්මක් හෙළුවේය. සිනාමුසු මුහුණින් ඔහු මුදල් මල්ලක් ඉවතට විසි කර තානායම්කරුට පැවසුවේ ය. "රෑට නවතිනවා. එක් අනර්ඝ කාමරයක් සහ පුළුල් ඇඳන් තුනක්. පිසූ ආහාර ඉතිරිද? අපට ශාඔජ්‍යු වයින් සමඟ තැම්බූ බනිස් සහ බැදපු කළ හරක් මස් දෙන්න."

"අපිට සල්ලි තියෙනවා, ඇයි ඔබ මෙච්චර පිරිමහන්න හදන්නේ?" අනිත් පුද්ගලයාද හිස් වැස්ම ගලවා දැමුවේ ය. ඔහු ශක්තිමත් අයෙක් විය. ඔහු මුදල් බෑගය විවෘත කර තානායම්කරුට පැවසුවේ ය. "හැමෝටම සැපපහසුකම් සහිත කාමර දෙන්න!"

වටවී සිටි මිනිසුන් අතරින් සිහින් කැස්සක හඩක් නැගී ආවේ ය. සළුවක් ඇද සිටි වයසක පුද්ගලයෙක් පහත් හඬින් පවසන්නට වූයේ ය, "අපිට මේ මුදල් ඉතිරි කරන එක ලේසි වුනේ නැහැ. අපි තවමත් එතැනට ලඟා වෙලා නැහැ. තව එක දවසක් ඉවසමු. ත්‍යැන්යා. හැමෝටම ආහාර අරගෙන ඉවරනඅනාට පස්සේ විවේක ගන්න කියන්න. මෝඩ වැඩ කරන්න එපා."

ච්‍යාඕ ත්‍යැන්යා ලිහිල්වූ හිසකෙස් පිටුපසට ගස්සා දැමූ අතර ඔහු ෆෙයි ෂෙං ගේ හස්තයෙන් නැවතත් මුදල් පසුම්බිය උදුරා ගත්තේ ය. ඔහු එය තානායම්කරුගේ අතට වීසි කර පවසන්නට විය, "මම කලින් කිව්ව විදිහට කරන්න. මත්පැන් සහ ආහාර පුළුවන් ඉක්මනට පිළිගන්වන්න, ඔබේ කකුල් අද්දන්න එපා. ශීෆූ, ඔබ මේ මුළු ගමන පුරාම අපිත් එක්ක මේ සිරුර ඇදගෙන ආවා, ඉතිං අපි දැන​ටමත් මේ වගේ තැනක ඉන්නකොට , ඔබට අපිත් එක්ක පුළුල් ඇදක වැතිරිලා ඉන්න දෙන්නේ කොහොමද? ඔබයි අපේ වැඩිහිටියා. මේක අපි ඔබට ගෞරවයක් විදිහට කරන්න ඕනෙ දෙයක්. ඒ විතරක් නෙමෙයි,ස්වාමියා දැනගත්තොත් මම ඔබට පුළුල් ඇඳක අපි එක වැතිරිලා ඉන්න ඉඩ දුන්නා කියලා, ඔහු කොහෙත්ම සතුටු වෙන එකක් නැ. කරුණාකරලා හොඳ විවේනයක් ගන්න , එතකොට ඔබට අපි ලැන අවධානෙන් ඉන්න පුළුවන් වෙයි."

ෆෙයි ශෙං ච්‍යාඕ ත්‍යැන්යා කතා කර අවසන්වූ වහා නොඉවසිල්ලෙන් බවසන්නට විය. "මම කලින් ඕනැවට වඩා අසංවේදි වුනා. ශීෆූ, ඔබට විවේක ගන්න දෙන්න මට උදව් කරන්න. ආහාර ටික වේලාවකින් පිළිගන්වාවි, එතකොට මම ඒවා ඔබ වෙනුවෙන් ගෙනත් දෙන්නම්."

ජී ගැංගේ ශාරීරික ශක්තිය පෙර මෙන් යහපත් නොවූ අතර , ඔහු ෆෙයි ශෙං​ට පහත් ලෙස නොසැළකු අතර, ෆෙයි ශෙංට ඔහුව උඩුමහලට ගෙන යන්නට ඉඩ දුන්නේය.

මේ සංචාරකයින් කවුරුන්දැයි කොං ලිං නොදැන සිටියද, ඔවුන් පටලවා ගත යුතු අය නොවන බව ඔහුට දැනෙන්නට විය. ඔවුන් සියලු දෙනාම තලවලින් සන්නද්ධව සිටි නිසා ඔවුන් ද කොල්ලකරුවන් විය හැකි යැයි ඔහු කනස්සල්ලට පත් වූයේ ය. ඔහු ඒ ගැන කල්පනා කර, පසුව තේ බදුන මේසය මත තබා ඔහු අසල සිටි පුද්ගලයාට පැවසුවේ ය. "රණශූරයා, මට ප්‍රමාණවත් විවේකයක් ලැබුණා. අපි අපේ ගමන දිගටම යමු! "

නමුත් ඔවුන් ගමන් කරන්නට පෙර, ඒ සංචාරකයින් ඒ වන විටත් ඔවුන්ගේ ආසන මත අසුන් ගෙන තිබුණි. තානායම විශාල නොවූ අතර හතරැස් මේස හතරම සම්පූර්ණයෙන්ම පිරී තිබුණේ ය. එය හිතාමතා කළ දෙයක් ද නැතහොත් අහම්බයක් දැයි කිසිවෙකු දැන සිටියේ නැත, නමුත් ච්‍යාඕ ත්‍යැන්යා කොං ලින් අසලම වාඩි වී කොං ලින් ගේ පිවිසුම් මාර්ගය අවහිර කළේ ය.

"යෝ." ච්‍යාඕ ත්‍යැන්යා තමන්ටම තේ බසුනක් වත්කර ගෙන අශෝභන ලෙස පවසන්නට විය. "ඔබලා දෙන්නත් ගමන් කරන්න හුඟක් ඉක්මන් වෙනවා වගෙයි නේද?"

පුද්ගලයා දැඩි බව පාලනය කරගත්තේ තමා සාමාන්‍ය වැසියෙක් බව ප්‍රදර්ශනය වන අයුරිනි. මෙවැනි නුහුරු නුපුරුදු විමසීම් වලට මුහුණ දෙන්නට හැකියාවක් නැති අයෙකු සේ ලැජ්ජා සහිතව දෑත් අතුප්ලා දමමින් සිනහසුණේ ය. "අයියෝ! මම මගේ වැඩිමල් සහෝදරයා එක්ක ඉක්මනින් යන්නයි ඉන්නේ " හේ කීවේය.

ච්‍යාඕ ත්‍යැන්යා තමාටම මාර්ගයක් විවර කර ගන්නට තරම් අභිලාෂයක් තිබුණු පුද්ගලයෙක් නොවේ. ඔහු තේ පානය කර ඔහ්ගේ දෑස් කුඩා කළේ , එයින් ඔහු පිළිස්සී ගියා සේය. ඔහු පවසන්නට විය. "ඔබ කොහාටද යන්නේ? සමහරවිට අපි යන්නේ එකම පැත්තට වෙන්න පුළුවන්. මේ ගහන අපිට නම් ලේසි වුනේ නැහැ. චූ දු වල වංශාධිපති කෙනෙක් කැරලි ගැහුවා නේද? මෙතනට අපිත් එක්ක ආපු මේ හැම කෙනෙක්ම පාලන ආයතනවල හිටපු මිනිස්සු. ඔහුන් අල්ලස් සීලා වංචා කරන්න කොයිතරම් දක්ෂයි ද කියනවා නම් අපිට හැරවුම් මාර්ගයක් ගන්න කියලා බල කළා. සමාවෙන්න මගේ මේ කතා බහට. මම ඕනැවට වඩා කියෙව්වා. ඔබ කොහාටද යන්නේ?"

කොං ලිංට අසුන්ගෙන සිටිමටවත් පිටතට යාමටවත් හැකියාවක් නොවුණේ ය. ඔහුගේ ඇතුල් කලවා වේදනාවෙන් දැවී ගියේය. ඔහුගේ සන්සුන් භාවය පවත්වා ගනිමින්, ඔහුගේ දිගු රැවුල මඳක් වෙව්ලමින් ඔහු දෙංජෞ උපභාෂාවෙන් පිළිතුරු දුන්නේ ය, "මාලියන් නගරය. ඔබ මාලියන් නගරය ගැන දන්නව ද, මිත්‍රයා?"

"සීජෞ අසලම තියෙන නගරය, හහ්. එහෙනම් අපිත් ඒ පැත්තටමයි යන්නේ. අපි මාලියන් නගරයට ඉදිරියේ තියෙන සෘජෞ නගරයට යනවා." ච්‍යාඕ ත්‍යැන්යා කතා කරන විට, මේසය මත හස්තයක් තැබුවේ ය. ඔහු පුද්ගලයා දෙස බලා පවසන්නට විය. "යාළුවා, ඔබ හුරුපුරුදුයි වගේ පේනවා."

මේ මොහොතේ, ඔහු තමාව නිරීක්ෂණය කරන බව පුද්ගලයා​ට වැටහී තිබුණි. ඔහු තම පර්යන්ත දර්ශනයේ මෙම සංචාරකයින්ගේ රූප දෙස බැලීය. ඔහුගේ මනසෙහි රෝද කැරකී ගිය අතර, ඔහුට අඩු වැඩි වශයෙන් ඒවා ගැන අනුමාන කළ හැකි විය. නමුත් මෙම සංචාරකයින් ෂ්‍යාඕ චීයේ සහ ශෙන් ස'චුආන් දඩයම් කිරීමට සහ අල්ලා ගැනීමට වෙස්වළාගත් අධිරාජ්‍ය ආරක්ෂකයින් බවත්, ඔවුන් ඔහු රැගෙන ගිය තලය නිසා පමණක් සැක සහිත බවත් ඔහු සිතුවේය. එබැවින් ඔහු වඩාත් සරල හා අවංක ලෙස පෙනී හිදිමින් ලිහිල් ව කතා කළේ ය."මම දෙංජෞ වල සාමාන්‍ය ගොවියෙක්."

ඔහු කතා කරන අතරතුර, ඔහු තම කබාය අතගා බලා, වැරහැලි වී ඉරී ගිය ගමන් බලපත්‍රයක් සහ අතින් පිටපත් කළ ගෘහ ලේඛනයක් පෙන්වාලූයේ ය. එහි දෙංජෞ හි නිල මුද්‍රාව විය. ඔහු ච්‍යාඕ ත්‍යැන්යා පෙන්වීම සඳහා එය විවෘත කළේ ය, "අපි විවාහ වී සිටින අපේ වැඩිමහල් සහෝදරිය බලන්න මාලියන් නගරයට යනවා. ඇයට දැන් දරු උපතක් ලැබිලා , ඒ හින්දා ඔවුන් භෝජන සංග්‍රහයක් පවත්වනවා. "

"ඔහ්, සතුටුදායක සිදුවීමක්." ච්‍යාඕ ත්‍යැන්යා ඒ පුද්ගලයා ට වඩා සතුටු විය. ඔහු පැවසුවේ ය, "මම දරුවන්ට හුඟක් ආදරෙයි! මත්පැන් පානය කිරීම සම්බන්ධයෙන් ගත්තම, මම ළදරුවන්ගේ මාසයක සැමරුම්වල සිටින අයට වඩාත් ප්‍රිය කරනවා!"

ච්‍යාඕ ත්‍යැන්යා තව දුරටත් දොඩවන්නට තනන බව දුටු කොං ලිං බලහත්කාරයෙන් සිනහවක් මවා පාමින් පවසන්නට විය "වර්ෂාව නැවතිලා තියෙන්නේ.ඒවගේ අවස්ථාවක , අපි අපේ ගමන දිගටම යන්න ඕනේ. එහෙම නැතිවුනොත්, අපිට මෙතන ඉන්නවට එක රැයක් වෙනුවෙන් මුදල් ගෙවන්න වෙනවා."

අනෙක් පැත්තෙන්, ෆෙයි ෂෙං ඒ වන විටත් පඩිපෙළ බැස විත් තිබුණි. ඔහු මුලින් එය නොදැක්කා සේ පෙනනුනමුත්, ච්‍යාඕ ත්‍යැන්යා මෙතරම් කලකට පසුත් ඉවත්ව නොගිය නිසා, ඔහුද ඒ පුද්ගලයා දෙස විශාග ඇසකින් බලන්නට පටන් ගත්තේ ය. ඔහු එක්වරම පුද්ගලයා පිටුපසින් වාඩි වී, ච්‍යාඕ ත්‍යැන්යා සමඟ ඉදිරියෙන් හා පසුපසින් යන ද්විත්වයෙන්ම ඔහුව කොටු කරගන්නා ලද්දේ ය.

"ඔබ මොනවා ගැනද කතා කරන්නේ?" ෆේෂන් සේවකයා විසින් ගෙනා තැම්බූ බනිස් සහිත පලඟනාවෙන් එකක් ගෙන විශාල කටක් ආහාරයට ගත්තේ ය. ඔහු ඔවුන් දෙස බැලුවේ ය. "බලන්න. ඔබ කොච්චර හොඳින් ඒක හැපුවද කියල."

"කතාකරන්නේ පුත්‍රයෝ ගැන." ච්‍යාඕ ත්‍යැන්යා ආහාර කූරු එහාට කරමින් උණුසුම් ලෙස පැවසුවේ ය, "ඔබලා දෙන්නම ආහාර ගත්තා ද? ඔයාට තවම වෙලාව ඇවිත් නෑ. එහෙම නේද? එහෙනම්, එන්න, අපි එකට ආහාර ගමු! සේවක! තවත් ආහාර කූරු ජෝඩුවක් ගේන්න. "

කොං ලිංට මේ වන විට යමක් දැනෙන්නට විය. ඔහුට වාඩි වී ඔවුන් සමඟ කතා කිරීමට අවශ්‍ය වූ නමුත් තේ කෝප්පය හදිසියේම පෙරළී ගියේ තේ ඒ පුද්ගලයා මතට ඉසිරෙමිනි. ඔහු ඉක්මනින් නැගිසිට දෑත් පිසදමන්නට වූයේ ය. ඔහු වේගයෙන් අත්වලින් පිසදමද්දී, ඔහු තමාට පසෙකින් සිටි ​ෆෙයි ෂෙංට පැවසුවේ ය, "සමාවෙන්න, සමාවෙන්න!"

අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ඔහු ෆෙයි ෂෙංපසුකර ගොස් සේවකයා දෙසට පියවර ද්විත්වයක් තැබුවේ ය. "යහළුවා, මට පිසදැමීමට තුවායක් දෙන්න"

ෆෙයි ෂෙංඒ වන විටත් නැගී සිටියේය. ඔහු ච්‍යාඕ ත්‍යැන්යා සමඟ බැල්මක් හුවමාරු කර ගත්තේය. ඒ වන විටත් අසුන් ගෙන සිටි ඔවුන්ගේ බුද්ධිමත් සහෝදරයන් සියල්ලෝම ඔවුන්ගේ අසිපත් අල්ලා ගත්හ. ෆෙයි ෂෙංට පිටුපසින් පිටතට ගොස් මිනිසාගේ දකුණු පිටුපස උරහිසේ වේගයෙන් හා තදින් හැප්පුවේය. ඔහු ඒ පුද්ගලයාව ඔහු ඇද සිටි වස්ත්‍ර වලින් ඉහළට ඔසවා පැවසුවේ ය. "ඔබ එය හිතාමතාම නේද කළේ?"

ගැටීමේ බලපෑමෙන් මිනිසා තමා ඉදිරියෙන් වූ මේසයට සහ පුටුවලට ඇදවැටි පෙරලි ගියේ ය. ඔහුගේ සමබරතාවය ද නැති විය. ඔහුගේ නළලත දහඩියෙන් තෙත් වී තිබුණු අතර, ඔහු තම දෑත් කොතැනක තැබිය යුතුදැයි නොදැන කනස්සල්ලට පත්ව සිටියේය. ඔහු නැවත නැවතත් ෆෙයි ශෙං ආචාර කරන ආකාරයෙන් වැඳ වැටී සමාව අයැද සිටියේය, "සමාවෙන්න, සමාවෙන්න..."

මේ පුද්ගලයා සටන් කලාව දැන සිටියේ නැත.

ෆෙයි ශෙං ච්‍යාඕ ත්‍යැන්යා දෙසට නැවත වරක් බැල්මක් හෙළා නැවතත් මිනිසා තල්ලු කළේය. ඔහු කෑගැසුවේ ය. "මගේ කෙහෙම්මල් අවාසනාව" .

මිනිසාගේ මුළු සිරුරම පසුපසට ඇද වැටුණු අතර, ඔහු ඒවා මත හැපීමෙන් මේසය සහ පුටු උඩට ඇල විය. ඔහුගේ හිස පිටුපස මේසයේ කොනක වැදී ඇති තිබුණු අතර එයින් කණගාටුදායක දර්ශනයක් මැවුණේ ය. කොං ලිං පුදුමයෙන් කෑගැසූ අතර කනස්සල්ලෙන් පැවසුවේ ය: "ඇයි ඔබ ඔහුට පහර දුන්නේ? ඔහුට තුවාලයි!"

ච්‍යාඕ ත්‍යැන්යා ෆෙයි ෂෙංව නවත්වන ලෙස මවාපාන්නට විය. ඔහුෆෙයි ෂෙංට පවසන්නට විය. "ඒක අමතක කරන්න, ඒක අමතක කරන්න. අපි හැමෝම සංචාරකයෝ. ඇයි අනිත් අයට ඒ විදිහට කරදර කරන්නේ?"

ෆෙයි ෂෙං තමාගේ ගවේෂණ නාට්‍යය අතහැරදමා ච්‍යාඕ ත්‍යැන්යා ආපසු යමෙට පොළවද්දී ඔහු ජගතෙක් මෙන් මවා පෑවේ ය.  ඔහු කිහිප වතාවක්ම ඒ මිනිසා දෙස බැලුවේ ය.  ඔවුන්ගේ පිරිස ලැබුණු ආහාර කන්නට පටන් ගත්තා.  ෆෙයි ෂෙං නැවතත් නැගී සිට පැවසුවේ ය, "මට කොච්චර කේන්ති ගියාද කියනවා නම්, මට මම ෂිෆුට කෑම දෙන්න ඕනේ කියලත් අමතක වුණා!"

කොං ලිං ඒ වන විටත් මිනිසාට ඇතුල්වීම සඳහා සහාය වෙමින් සිටියේ ය.  ඔහු තම හිස පිටුපසට අත තැබූ අතර මුළු අතම රුධිරයෙන් තෙමී ගියේ ය.  ඔහු ඔවුන්ට බියෙන් මෙන් ච්‍යාඕ ත්‍යැන්යා සහ අනෙක් අය දෙස ආපසු හැරී බැලුවේය, පසුව ඉක්මනින් තම හිස ආපසු හැරවූයේ නැවතත් එම කරදර තමා පසුපස පැමිණේවි යැයයි බියෙන් පෙලෙනවාක් මෙනි.  ඔහු අශ්වයා ලිහා කොං ලිං සමඟ රාත්‍රිය වෙතට ඇවංද ගියේ ය .

ෆෙයි ෂෙං ඔහුගේ රංගනය අතහැර දමා පැවසුවේය, “ඔබ ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නේ ඇයි?  අපිත් අවශ්‍ය අයගේ ලැයිස්තුවේ ඉන්නවා.  අපි සීජෞ වල එළිපත්තට ළඟා වෙන්න ආසන්න නිසා , මේ වෙලාවේ දුර්වලටෝ විදිහට ඉන්න එක හොඳයි.  කරදර අවුස්සගන්න එපා."

"මට හැමතිස්සෙම හිතෙන්නේ මේ පුද්ගලයා ..." ච්‍යාඕ ත්‍යැන්යා ෂාඕජ්‍යු මත්පැන් පානය කර මොහොතක් ඒ ගැන සිතා බැලුවේ ය.  "ඇත්තටම ඔබ එයා එක්ක හැප්පුණාම ඔහුගෙන් කිසිම ප්‍රතිචාරයක් තිබුණේ නැද්ද?"

"නෑ."  ෆෙයි ශෙං හරක් මස් කටවල් කිහිපයක්ම පුරවා ගත්තේ ය.  “පුද්ගලයෙක්ට ක්‍රියාවක් කරන්න පුළුවන්, නමුත් ඔහුගේ ශරීරය වේගයෙන් ප්‍රතිචාර දැක්වන්න පුරුදු වුනාට පස්සේ , හදිසි පහරකින් තමාව පාලනය කර ගැන්න එක හුඟක් අසීරු වෙනවා.  මේ පුද්ගලයා තරමක් අමුතුයි, නමුත් ඔහු සැබවින්ම සටන් කලාකරුවෙක් විදිහට පේන්නේ නැහැ. ”

"ඔහුට තමාව පාලනය කර ගන්න පුළුවන් නම් අපි මොකද කරන්නේ?"  එක්වරම ච්‍යාඕ ත්‍යැන්යා විමසන්නට විය.

“එහෙමනම් ඔහු බලවත් කෙනෙක්.” ෆෙයි ශෙං ඔහුගේ ආහාර කූරු මගින් අවකාශයේ අදින්නට පටන් ගත්තේ ය.  “ඔහුට ජි ගැං-ෂිෆු හා සමාන මට්ටමේ වෙන්න ඕනේ.  වංශාධිපතිතුමා ගැන සිතන්න.  උතුමාණන්ගේ වගේ ශරීරයක් තියෙනවනම්, මෙතන සඟවන්න දෙයක් නැහැ.  ඔහු ස්වභාවිකවම උරුම වෙච්ච ශරීරය ඔහුට පුපුරන තරම් ශක්තියකින් ආශීර්වාද කරලා තියෙනවා.  ඔහු නිදා සිටියදී ඔබ ඔහු වෙත ළඟා වන විට හරි ඔබ ඔබේම ජීවිතය අවදානමට ලක් කරන විට පවා ඔබ පරෙස්සම් වෙන්න ඕනේ, ඔහුව ස්පර්ශ කරද්දී වුනත්?  මේ විඳදරාගැනීම ගොඩනඟා ගන්න පුළුවන් වසර ගණනාවක පුහුණුවෙන් විතරයි.  මේ පුද්ගලයට එච්චර වයසක් නෑ වගේ.  ඉතින් මට සැකයි ඔහුට පුළුවන් වෙයිද කියලා."

ච්‍යාඕ ත්‍යැන්යා සිය ආහාර ගත්තා මිස වැඩිදුර ඇසුවේ නැත.  ඔවුන් කා බී තෘප්තිමත් වූ පසු, තානායම්කරු ච්‍යාඕ ත්‍යැන්යා සඳහා බිල්පත සකස් කළේය.  ඔහු ආපසු පැමිණ රිදී ආපසු ලබා දෙන විට, ෆෙයි ශෙංට ආසාමාන්‍ය යමක් දැනුණ මුත් ඔහුට ඒ වෙනුවෙන් කරන්නට කිසිවක් තිබුණේ නැත.  මෙම රිදීවල බර සහ සාපේක්ෂ සංශුද්ධතාවය ඔවුන් විසින් චූදු වලින් ගෙන ආ රිදීවලට වඩා සියුම් ලෙස වෙනස් වූයේ ය, ඒවා ආදායම් අමාත්‍යාංශය විසින් සකස් කර සෘජුවම නිකුත් කරන ලද ඒවාය.

ෆෙයි ශෙං සාමාන්‍යයෙන් තරඟකාරී මිනිසෙක් වූවද, ඔහු අන් අයව පොළඹවා ගැනීමට ප්‍රිය කළද, ඔහුගේ විශේෂ කුසලතාව අසමසම විය.  මෙ සියුම් වෙනස්කම් නිසා ඇති වූ සැකය සමඟින්, ඔහු ච්‍යාඕ ත්‍යැන්යා ගෙන් ඇසීමට පෙර, ඔහු රිදී ඉහළට තබා මොහොතක් එය පරීක්ෂා කර බැලුවේය, "ජොංබෞ මේ වසර පුරාම ජුඒෂි සමඟ ගනුදෙනු කරලා තියෙනවා.  සංසරණයේ ඇති රිදීවලින් වැඩි ප්‍රමාණයක් පැමිණෙන්නේ ජුඒෂි වලින් නේද?"

"ඒකත් එහෙමද."  ච්‍යාඕ ත්‍යැන්යා මුදල් ලබාගන්නා මේසය මත තමාගේම හිස තබාගෙන එම රිදී දෙස බැලීමට ඔහුගේ හිස පසෙකට ඇලකළේය.  “මේ වගේ අලුත් රිදී වර්ග දකින්න ලැබෙන්නේ කලාතුරකින්.  ඔවුන් කරන ව්‍යාපාර සියල්ලම සෙවන සහිත හිස්කබල් ගනුදෙනු වගේම සාමාන්‍යයෙන් සාමාන්‍ය ජනතාව ජුඒෂි වලින් රිදී භාවිතා කරන්න එඩිතර වෙන්නේ නැහැ.  සෑම කෙනෙකුම ඒවා තඹ කාසිවලට මාරු කරනවා, නැතහොත් වෙනත් ප්‍රදේශවලින් නිකුත් කරන රිදී භාවිතා කරනවා.  නමුත් ෂියන්දේ පාලන සමයේදී රාජ්‍ය භාණ්ඩාගාරය හිස් වීමත් එක්ක විවිධ ප්‍රදේශවලින් අලුතින් අංකනය කරන ලද රිදී ඉතා ස්වල්පයක් හොයාගන්න ලැබුණා.  දැනට අළුත් රිදී තියෙන එකම තැනැත්තා ෂී-"

රිදී පතල් සහ රිදී කැණීම් කළ ෂී වංශයේ රිදී ගබඩා සතුව ය.

මේ මුදල් පැමිණියේ ශෙං ස'චුආන්ගේ හස්තයෙන්  නොවේ නම්, එය පැමිණියේ ෂී වංශයේ රිදී ගබඩා හිස් කිරීමට සැලසුම් කළ පුද්ගලයින්ගෙනි.  ඒ මුල් පුද්ගලයාද අන්තිමයාදැයි නොසලකූ ඔවුන් දෙදෙනාටම වැදගත් වූයෙ එය පමණකි!

ච්‍යාඕ ත්‍යැන්යා සැණෙකින් සෘජු වී පවසන්නට විය.  “රාත්‍රී සෝදිසියෙන් සිටීමට සහ ෂිෆු බලා ගැනීමට මිනිසුන්ගෙන් බාගයක් තියන්න.  ඉතුරු පිරිස මාත් එක්ක එන්න. ෆෙයි  ඔබ ඔහු ගැන හිතුවා සම්පුර්ණයෙන් වැරදියි.! ඔහුව ලුහුබැඳගෙන යන්න!"


Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-