කුඩාරමෙන් පිටත වූ වැස්ස මෘදු වූ අතර , කූඩාරමේ ඉදිරිපස කොටස විවෘත කර, ඇතුළත වූ තාපය විසුරවා හැරියේය. රාත්‍රී මධ්‍යයේ කූඩාරමේ සිටි බීමත් මිනිසුන්ගේ කෑ ගැසීම් ඝෝෂාකාරී ලෙස ඇසුණු අතර හමුදා භටයන් එකිනෙකා වට කරගෙන අනුමාන ක්‍රීඩා කරමින් සිටියහ. ලෙයි චංමිංට දැඩි උණුසුමක් දැණුනු අතර ඔහු සිය වස්ත්‍ර ගලයා දමා ළය නිරාවරණය කළේ ය. ඔහුගේ ළය තලෙළු වූ අතර බොහෝ කැළැල් වලින් වැසුණු පපුව මත වල් පැලැටි සේ වැවි තිබුණේ ය. හේ බීමත්ව තම සුරතේ සිටි කාන්තාව වැළඳගෙන නර්තනය කරන්න ට විය. ඔහු ශෙන් ස'චුආන්ට ද කතා කළේ ය. “සහෝදර ශෙන් , නැගිටින්න!”
හරියටම මේ අවස්ථාවේ දී, කූඩාරමේ ඇතුල්වීම් කොටස චලනය වූ අතර , යටත් වූ සොල්දාදුවන් හා සේවය කරන්නන් කිහිපදෙනකු ඇතුළු වී ආහාර ගෙනැවිත් තැබුවේ ය.
ශෙන් ස'චුආන් කුඩා විජිනිපත අර්ධ වශයෙන් විවර කරගනිමින් නැගී සිටියේ ය. කූඩාරමේ තිබූ ඉටිපන්දම් වල ආලෝකය ප්‍රමාණවත් තරම් ආලෝකයක් නොසැපයුවේ ය. ඔහු තම මුහුණේ එක අර්ධයක් ආවරණය කරන්නත් හස්තය ඔසවමින් ලෙයි චංමිං දෙස බලා මෘදුව පවසන්නට වූයේ ය. “ප්‍රධානිතුමාට බලන්න අවශ්‍ය මොනවගේ නර්තනයක් ද?”
ලෙයි චංමිංට හැගුණේ ශෙන් ස'චුආන් ඉතා හොඳ පෙනුමකින් යුක්ත බවයි. ඔහුඉමෙලෙස පෙනෙන විට අදහාගත නොහැකි ලෙස අලංකාර වනවා පමණක් නොව , කූඩාරමේ අනෙක් සියල්ලටමත් වඩා බැබලෙමින් යටපත් කරන සෙයක් පෙනුණි. ලෙයි චංමිං තමන්ව ධෛර්යමත් කරගැනීමට මත්පැන් පානය කළ අතර, ඉන්පසු ඔහුගේ හස්තයේ සිටි කාන්තාව ඉවතට තල්ලු කර ශෙන් ස'චුආන් දෙසට ආවේ ය. ඔහු අනපේක්ෂිත ලෙස මත්පැන් බඳුනට උඩින් ගොස් ශෙන් ස'චුආන්ගේ දෙපා අසලට වැටෙද්දී එය කණගාටුදායක දසුනක් ලෙස පෙනුණේ ය. මත්පැන් වලින් මත්ව සිටි ලෙයි චංමින් බිම වැතිර දැඩිව හුස්මක් ගත්තේ ය. ඔහුට ශෙන් ස'චුආන්ගේ වස්ත්‍රයේ කොනක් අල්ලාගන්නට අවැසි වූ නමුත් , හිස් වාතය හැර වෙනත් කිසිවක් අල්ලා ගන්නට සමත් වූයේ නැත.. ඔහු සිනහවෙන්නට පටන් ගත්තේ ය.
“අනර්ඝ සුවඳක්.” ලෙයි චංමින් ඔහුගේ ගෙල දිගුකරමින් වාතය තදින් ආඝ්‍රාණය කළේ ය. “ඇත්තටම ඔබේ සුවඳ අනර්ඝයි. ශෙන් සහෝදරයා , එන්න. ඇවිත් මට උදව් කරන්න. මම ඔබ එක්ක නටන්නම්. ඔබ කැමති ඕනෙම විදිහකට නටන්නම්! දෙයියනේ, එහෙමනම් මේකටත් අනිත් අය අලංකාරත්වයේ සුවඳ කියන්නේ!”
ශෙන් ස'චුආන් ඔහු දෙස විමසිලිමත් ආකාරයෙන් බලා සිටි අතර ඔහුව පිටතට නේරු උදරය සහිත බිම බඩගා යන කෙස් ඇති මකුළුවෙක් ලෙස පෙනුණේ ය. ඔහු ශෙන් ස'චුආන් ගේ ශ්වේත පැහැ වස්ත්‍රය පසුපස හඹා ආවේ ය. කිසියම් හේතුවක් නිසා, ශෙන් ස'චුආන්ට අතිශය පිළිකුලක් සහගත හැගීම් රැල්ලක් තමා කරා ඇදී එන බව , මේ අතිශය හාස්‍යජනක මොහොතේ දැනෙන්නට විය. ඔහුගේ වෛරය , බිඳී ගිය වේල්ලක් මෙන් , හරියටම ගිනි ජාලාවක් මෙන් ගලා යන්නට වූයේ ය. ඔහු විජිනිපත රඳවාගෙන සිටි හස්තයේ ඇගිලි පවා සුදු පැහැයට හැරුණේ ය.
ඔහුගේ ගුරුවරයා ඔහුට චූදු හැරදා විත් නැවත ජොංබෞ වලට පැමිණෙන්නැයි පැවසුවේ ය. නමුත් ඔහු එක්වරෙකදි සෙවූ දුආන්ජෞ නගරය ඉතා සාර්ථක ලෙස මෙවැනි පුද්ගලයන් ට පවරා දෙනු ලැබුවේ ය. ලෙයි චංමිං සහ අනෙකුත් සියල්ලෝම ද්වේෂයේ පුද්ගලාරෝපණය වැන්න ය. රාජ්‍යය අල්ලාගත් රුදුරු ආත්මයන් වන්නේ ඔවුන් ය.
ශෙන් ස'චුආන් ඔහුගේ විජිනිපත දෙතොලෙහි එක් පසක ස්පර්ශ කළේ සැහැල්ලු ලෙස ය. . ඔහු සිනහවක් පිටකර මන්දගාමී ලෙස පියවරක් පසුපසට ගත්තේ ය. අවතාර මෙන් සැලෙන සෙවණැලි මධ්‍යයේ ඔහු මදක් ඉදිරියට නැමී පවසන්නට විට “ ළඟට එන්න” .
ලෙයි චංමිංට මුලදී අවශ්‍ය වූයේ ඔහුගේ දෙපතුල් අල්ලා ගන්නට ඕන නමුත්, නමුත් දැන් , ඔහු එය එතරම් ගණනකට නොගන්නා බවත් ශෙන් ස'චුආන් දෙසට දෑත් සහ දෙපාවලින් බඩගා යන බවත් පෙනුණේ ය. ඔහුගේ මෝහය තුළ ඔහුට දැනුණේ තමා මේ දකින්නේ මනුෂ්‍යයෙකු නොව, ස්පර්ශ කළ නොහැකි, නිශාචර යක්ෂයෙකු බවයි. ශෙන් ස'චුආන්ගේ දකුණු කනෙහි සුදු පැහැ හරිතමණි ගලක් සහිත පලඳනාවක් තිබෙනු දුටු හේ ඛේටය ගිලගත්තේ ය. යමෙක් එ් හරිතමණි පබලුව පරිස්සමින් පරිපූර්ණ ගෝලයක් වන සේ ඔප දමා තිබූ අතර, එය ආලෝකයේ දීප්තියට යටින් ශෙන් ස'චුආන්ගේ කන් පෙත්ත මත ඉතා මෘදු ලෙස දිස් වූයේ ය. උණ බට විජිණිපත හැර ඔහුගේ මුළු සිරුරේම තිබූ එකම උපාංගය එයයි.
“ශෙන් සහෝදරයා…” ලෙයි චංමින් කලබලකාරි ලෙස පැවසුවේ ය. “ඉක්මනට , මට නැගිටින්න උදව් කරන්න.”
හමුදා භටයන් ආහාර බන්දේසි තැබුවේ පහත් කරගත් හිසින් යුතුවය.ඉන්පසු පලඟනාවන් අතෙහි තබාගෙන පසෙකට වූයේ පිටතට යන්නට සූදානම් වනවාක් සේය. ලෙයි චංමින්ගෙ සවනට පිරිමීන් සහ ගැහැණුන්ගේ ඝෝෂාකාරි සිනහ හඬත් කෑගැසීමුත් කරකැවිල්ල ඇති කරවන්නක් විය. එය ඔහුට නොපෙනෙන ලොවක් බවට පත්වූයේ ය. ඔහු අදශ්‍යමාන බලවේගයක් විසින් දම්වැලකින් බැඳ ශෙන් ස’චුආන් දෙසට ඇදගෙන යනවාක් මෙන් පෙණුනේ ය. කූඩාරමේ සියල්ලම උඩු යටිකුරු විය. ලෙයි චංමින් අධික ලෙස පානය කිරීම නිසා මද තෝන්තු ගතියකින් පෙළුනෙ ය.
ශෙන් සහෝදරයා!
ලෙයි චංමින් ආගමික වතාවන් දක්වා පුද කරන්නාක් සේ විටින් විට පැවසුවේ ය.
ශෙන් ස’චුආන්. ලස්සන. ශෙන් සහෝදරයා.
ලෙයි චංමින් අහම්බෙන් තම විවෘත වූ ඇඳුම් ඉරා දැමුවේ ඔහුගේ පපුවේ වූ කැළැල් පිච්චෙනවාක් මෙනි. ඔහු මීට පෙර කිසි දිනෙක මෙසේ සිටියේ නැත. ඔහුගේ දෑස් පැහැදිලිව විවර වී ඇතත් ඔහු නිදා සිටින බවක් පෙනෙන්නට තිබුණි. ඔහු තවමත් බඩගාමින් සිටියේය. ඔහු අවසානයේ ශෙන් ස’චුආන්ගේ දෙපා අසලට පැමිණි බවක් පෙනෙන්නට තිබුණි. ඔහු තම හිස ඉහළට ඇල කර නොපැහැදිලි සිනහවක් පා ශෙන් අ’චුආන්ගේ සුදු වලාකුළු සහිත වස්ත්‍රයෙ කොණක් අල්ලාගන්නට වෙර දැරුවේ ය.
“කොයිතරම් පෙළඹවෙන සුළුද…” ලෙයි චංමින් සිය වෙව්ලන අතක් දිගු කරමින් පවසන්නට විය. “ඔබට කොයිතරම් හිත් සතුටු කරන්න පුළුවන් ද…”
ලෙයි චංමින් , ජොංබෝ වලදි මැස්සන් මෙන් මිනිසුන් ඝාතනය කළේය, ගණන් කළ නොහැකි කාන්තාවන් අල්ලා ගත්තේය, සහ බොහෝ දරුවන්ට බල කළේය. ඔහු ස්වභාවයෙන්ම ලස්සන හා විශිෂ්ඨ මිනිසුන්ට ආදරය කරන ආකාරයේ පුද්ගලයෙක් විය. ඔහුට අවශ්‍ය වූයේ සියුම්, නොකිලිටි, සහ නූගත් සියල්ලන්ම ලේ වැගිරෙන, කිලිටි කර ඉරාදමන්නටය. ඔහු බොහෝ රෞද්‍ර දැ කළ අතර, ඔහු දුටු විට අවතාර සියල්ලම ආපසු හැරෙනු ඇතැයි ඔහු සිතුවේය. ඔහු කර්මයට කිසිසේත් බිය වූයේ නැත - ඔවුන් වැරදි කර ඇත, නමුත් ඔවුන්ට තවමත් අසීමිත ධනය හා තේජස පිළිබඳ සිහින සමඟ හොඳින් නිදා ගන්නට හැකි විය. ඔවුන් කැබලි වන තෙක් පාගා දැමූ ඒ සියලු සිරුරු ගැන ඔවුන් ආපසු සිතා බලන්නේවත් නැත. ඒ සියල්ල වලාකුළු වැනිය - ඔවුන්ට වරක් ස්පර්ශ කළ නොහැකි මිනිසුන් වැනිය.
ලෙයි චංමින් ගේ දර්ශන පථය මදක් අපැහැදිලි විය. ශෙන් ස'චුආන්ගේ මුහුණ තව තවත් අපැහැදිලි විය. එයට පටහැනිව ඒ වටකුරු කුඩා හරිතමනී ගල ඔහු කලින් දැක ඇතිවාක් සේ පෙනෙන තරම් පැහැදිලි බව වැඩි වූයේ ය.
පුංචි මිත්‍රයා!
ලෙයි චංමින් වරක් කුඩා දරුවෙකුට මෙලෙස ඇන්දුවේ ය. හේ අනෙත් පාර්ශ්වයේ අත් පා පහත් කර, අනෙත් පාර්ශවය අදුරු කූඩාරම තුළ කෙළෙසා දැමුවේ ය. ඔහු එදිනද මත්පැන් පනෙය කග බව ඔහුගේ මතකයට නැගුණේ ය. ඔහුගේ ළය මත වූ කැළැල් ද මේ ආකාරයෙන් දැවුණේ ය. ඔහු අලුලාගෙන දෙඅත් අහා පාද කෙතරම් කේඩෑරි සහ මෘදු වූවද යත් ලෙයි චංමින් ට ඔහුගේ උච්චත තම ස්ථානයේදි ඒවා කඩා දමන්නට කරම් සිත් වූයේ ය. ඔහුඉතඒවා අඹරමින් නැවූ අතර රෝස පැහැ මාංශය සුදුමැලි පැහැයක් ගන්නා ආකාරයත් අවුල්ජාලයක් බවට පත්වන සැටිත් ඔහු බලා සිටියේ ය.
දැඩිව හුස්ම අදිමින්, ලෙයි චංමින් කිහිප වතාවක්ම ශෙන් ස'චුආන් වෙතට කඩා පැන, දෙවැන්නා අල්ලා ගැනීමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක විය. ඔහු තදින් හිස වැනුවේය. මිනිස් කටහඬවල් වල ඝෝෂාකාරී බව ඔහුට හිස කැක්කුම් ඇති කළේය. ඔහු ඉක්මනින් බඩගාගෙන ඉදිරියට ගොස් පසෙක තිබූ කුඩා මේසයක හැපී ගියේ ය. ඔහුගේ අඩ නිරුවත් සිරුර පුරා වයින් සහ පිඟන් විසිරී ගියේය. ඔහු කෑගැසුවේ ය. "ශේන් -"
ලෙයි චංමින් ගේ දෙනෙත් නැවතත් පැහැදිලි වී කූඩාරම නිවැරදි ලෙස පෙනුණේ ය. ඔහුගේ කම්මුල් මත ලේ ගලා ගියේය. ඔහු තම මුඛය පුළුල් ලෙස විවර කළේය. ඔහුගේ සිරුර තවමත් එම ස්ථානයේම ශීත වී තිබූ නමුත් ඔහුගේ හිස ඒ වන විටත් පෙරළී ගොස් තිබුණි. එය කුඩා මේසයේ ලී කකුලක වැදුණේ ය. එවායෙහි ප්‍රකාශය කෙතරම් විචිත්‍රවත්ද යත් එය ඔක්කාරය ඇති කරවන්නට තරම් සමත් වූයේ ය.
කූඩාරම තුල වූ සිනහ හඬ ඉක්මනින් නැවතී ගියේ ය. තවමත් ඉටිපන්දම් දැල්වෙමින් තිබුණේ ය. සෑම කෙනෙකුම ඔවුන් ගේ කටයුතු කරමින් සිටිනවාක් සේ පෙනුණ මුත්, ඔවුන් සියල්ලන්ම දැඩි වී සිටි අතර ඒ වන විටත් මිය ගොස් ඇති බවක් පෙණුනි. විවර වී තිබුණු කූඩාරමේ ඇතුල්වීම් පියන සුළඟට සැළුණේ ය - පොද වර්ෂාව මධ්‍යයේ රාත්‍රිය දැඩී භයංකර නිහඬතාවක ගිලුණේ ය- එය ඉටිපන්දම් දැල්ලේ අවසාන කොටස ද නිවා දැමුවේ ය.
ශෙන් ස'චුආන් ඔහු හිඳන මෙට්ටය යටින් පිටතට ගත් යැං ෂන් ෂුඒ, නිහඬව පිසදැමුවේ ය. නැවුම් රුධිරය අසිපත් තලයෙන් ඉවත් කළ අතර , එවා කපු රෙදි මත විශාල කැලලක් ඇති කළේ ය. ඔහු එය පිසදැම්මේ ඉතා මන්දගාමි ලෙසය. ඔහු තලය පිටතට අඳින අයුරු කිසිවකු නොදුටු බැවින් , ඉවසීමෙන් එය පිස දමන දසුන පමණක් ඔවුන්ට අගය කළ හැකිවනු ඇත.
ශෙන් ස'චුආන් පැහැදිලි කළ නොහැකි ලෙස සිනාසෙන්නට විය. මේ සිනහව ඔහු මේ දිනවල පෑ වඩාත්ම සැහැල්ලු සිනහව වන්නට ඇත. ඔහු අසිපත් තලය තබාගෙන, ඔහුගේ නැමෙන සුළු විජිනිපත ඔසවා , ලෙයි චංමින් ගේ හිස නිවැරදි පිහිටීමට ගෙනඑන්නට පය තැබුවේ ය.
"නර්තනය කරන්න, හහ්?" ශෙන් ස'චුආන් තම දෙනෙත් පහතට කර චංමින්ට පැවසුවේ ය. "තමුන් ඇත්තටම ඒකට වටිනව ද?"
◈ ◈ ◈
සෙබලෙකු මුත්‍රා කරන්නට සිය යට ඇදුම ගලවා දමනවාත් සමඟවාත් සමඟම යමෙකු ඔහුගේ ගෙල කපා දමා පදුරකට මුවාකළේ ය. ලෙයි චංමින්ගේ සෙබළුන් මුරටැඹ මත කුඩා කණ්ඩායම් වලට බෙදී දාදුකැට වලින් ක්‍රීඩා කරමින් සිටියේ තම සඟයන් සංඛ්‍යාවෙන් අඩු වෙන බව නොදැනය.
“අර ජරා කෝකියට කියන්න අපිට මස් ටිකක් ඉතුරු කරලා එවන්නකියලා. මේ වැස්සේ හැටියට පාචනය හැදිලා නවතින්නේ. ඒක ඇත්තටම දරාගන්න අපහසුයි. අපි පත්පැන් පානය කලේ නැත්තම් ඒක දරාගන්න කොහොමත් අමාරුවෙයි!” සංචිතයේ අණ දෙන නිලධාරියා දාදු කැටය විසි කර හිස ඔසවා පිටුපස සිටි පුද්ගලයාට කෑ ගැසුවේය, "තමුන් යන්න. ඔව් ඔබ. ඔබ මෙතන හිටගෙන නැතිව වැඩේ කරන්න යනවා.!”
එසේ පවසමින් ඔහු නැවතත් ඔහුගේ හිස පහත් කර ගත්තේය. ඔවුන් තමන්ගේ හිස් එක්ව පහතට කරගෙන මාංශයන් හපමින් තමන්ගේ ඇඳුමෙහි ඉණපටි තුළ වී තිබූ අවසන් තඹ කාසි කිහිපයද ඔට්ටුවට තමා බලා සිටියේ වාසනාවන්ත වීමේ අපේක්ෂාවන් සහිතවය.
“මේ අතටකම් හෙනටම සාප වෙලා වගේ?!” අයෙක් තමාගේ අත්ලට පහර දුන්නේ අවාසනාව පලවා හරින්නට මෙනි, ඉන්පසු එය තමන්ගේ කලවා මත අතුල්ලා ගනිමින් ඔහු පවසන්නට විය. “මම නම් තවත් ක්‍රීඩා කරන්නේ නෑ!”
“එපා!” තවත් අයකු ඔහුව ඇද ගන්නට තැන් කළේය. “ඒකෙන් කිසිම විනෝදයක් ලැබෙන්නේ නැහැනේ! අපි හෙට නගරයට ඇතුල් වෙනවා. ඔබට හෙට වෛශ්‍යා මඩම් වලට ගිහින් ගිහින් විනෝද වෙන්න බෝට්ටුවකට නගින්න ඕනේ නැද්ද? එක තව එක පාරක් කරලා බලන්න! සමහරවිටම වාසනාවන්ත වෙන්නත් පුළුවන්!”
“තුහ්!” පිටව යන්නට උත්සාහ කළ තැනැත්තා අනිත් පාර්ශවයේ මුහුණට කෙළ ගැසුවේය. “අපේ ප්‍රධානියාගේ කීර්ති නාමයත් සමඟ නගරයට ඇතුළු වෙලා ගණිකා මඩම් නැරඹීමට අපට තවමත් මුදල් අවශ්‍යද? දඩබ්බර ගණිකාවන් මුදල් ඉල්ලන තරම් කොහෙත්ම සුදුසු වෙන්නේ නෑ. අපි දැනටමත් ඔවුන්ට අනුග්‍රහය දක්වලා උපකාර කරනවා. කව්ද දන්නේ මුන් මට ජරා ලෙඩ ටිකක් බෝ කරයිද කියලා?! මම ක්‍රීඩා කරන්නේ නැහැ! මට පේන හැටියට කූඩාරමී ඉන්න හැමෝම මුළු රාත්‍රීය පුරාම අවදියෙන් ඉන්නවා වගේ. ඔවුන් ගැඹිමත් වෙලා යන තත්ත්වය යනවා ඔවුන්ට හෙට සටනක් තිබ්බත් සටන් කරන්න පුළුවන් වෙයිද කියලා මට සැකයි. මම පැය කිහිපයක් නිදාගන්න යනවා. ”
මේ පුද්ගලයා හැරුණු විගස තවත් කෙනෙකු ගේ සිරුරේ හැප්පුණේ ය. හේ ඔහුගේ හිස සන්නාහයට පහර දුන් අතර "කඩ්" හඬක් ඇසුණේ ය. සිදුවූ ගැටුම නිසා එක් මොහොතකට ඔහු අන්දවී ගිය අතර අනෙක් පාර්ශවය මතට කඩාගෙන වැටෙන්න පෙර ඔහු මොහොතක් හෙස් පමකින් පෙනුනේය. "තෝ කෙහෙල්මලටද මාව අවහිර කළේ__"
පිහියෙන් අනිනවාක් වැනි ශබ්දයක් ශ්‍රවණය විය. හිස් බැල්මක් සහිතව ඉදිරියට වැටෙද්දී මේ පුද්ගලයාට කතා කරන්නවත් අවස්ථාවක් ලැබී නොතිබුණේ ය. ශරීරයේ ඉදිරිට වැටීම අනෙක් පාර්ශ්වයෙන් අවහිර වූ අතර, එය තවමත් කැට සොලවමින් සිටි සමූහය දෙසට ආපසු වැටී ඔවුන් මතට කඩා වැටුණි. දාදු කැටය වහා බිමට ඇද වැටුනි. ඒ වන විටත් රාත්‍රී වැඩමුරය ගැනීමට සිදුවීමෙන් මිනිසුන් ඉතාමත් කෝපයෙන් සිටි අතර ඔහුට පහර දීමට අවශ්‍යව මිනිසාගේ කරපටියෙන් අල්ලා ගත්හ. නමුත් ඔවුන් ඔහු දෙස හැරී බැලූ විට, ඔහුගේ ඇස් බැබළෙන බව ඔවුන් දුටුවේය - මිනිසා ඒ වන විටත් මිය ගොස් සිටියේ ය!
රාජකීය හමුදාව ඔවුන්ගේ තල වේගයෙන් ඇද ගත්තේය. මේ කොල්ලකරුවන්ට ප්‍රතිචාර දැක්වීමට අවස්ථාවක් නොදී, ඔවුන් ඒ පුද්ගලයන්ව කපා දැමීය. සන්නාහවල රුධිරය වැගිරුණේ ය. තන්තායි හූ ඔහුගේ මුහුණ පිසදමා පැවසුවේ ය. “මරන්න!”
මුර සංචිතයේ ඔත්තුවක් නොමැතිව, ඒ වන විටත් කඳවුරු භූමියේ විවේක ගැනීමට ගොස් සිටි සොල්දාදුවන් රාජකීය හමුදාවේ පිරිස විසින් අනාරක්ෂිත වන පරිදි අල්ලා ගත්තේ ය. ඔහුගේ මිනිසුන්ට නායකත්වය දෙමින්, තන්තායි හූ කූඩාරමට ඇතුළු වී ඔවුන්ගේ මුව සහ නාසය වසාගෙන, එක් වරකින්ම ආයුධයෙන් ඇණ තද රක්ත පැහැ නිදන සයනයක් කර දැමුවේ ය.
දිවි ගලවා ගත් කොල්ලකරුවන් කලබලයෙන් හමුදා කඳවුරෙන් පිටතට දිව ගියහ. ඔවුන්ට කිසිදු නියෝගයක් නොලැබුණු අතර, ඔවුන් හිස නැති කුකුළන් මෙන් වැසි සහිත රාත්‍රියේ කලබලයෙන් දිව ගියහ. කඳවුරු භූමිය දැනටමත් රාජකීය හමුදාව විසින් සම්පූර්ණයෙන්ම වට කර තිබුණි. වසර පුරා සටන් සහෝදරත්වයේ නාමයෙන් එල්ලී සිටි එම කපටි වයසක හිවලුන් එම පිටතට ඇදගත් අසිපත් තල දුටු සැණින්, සටනකින් තොරව ක්ෂණිකව යටත් වූ අතර, මඩ සහිත ජලය හරහා ඔවුන් දණින් වැටී අනුකම්පාව අයැද රැස්වී සිටියහ.
Photo Credit Goes to Juchuanye
https://x.com/juchuanye/status/1520948612074725377
❤️❤️❤️
ReplyDelete