Skip to main content

එකසිය හයවන පරිච්ජේදය : අශිෂ්ඨ


ශෙන් ස'චුආන්ට මේ ගමනේදි රිදී මිලියන ද්විත්වයක් ගෙන ඒමට නොහැකි වූයේ ය. නමුත් ඔහු අවංකබව රැගෙනවිත් තිබුණේ ය. පෙයි චංමිං රිදී පෙට්ටි කිහිපය දෙස බැලුවේ ය. ඒවා සියල්ලම පාහේ අව්‍යාජ ඒවා වූ අතර , නියම ලෙස පිළිවෙලට අසුරා තිබුණේ ය. ඔහු අහඹු ලෙස ඒවායින් අහුරක් ගෙන ස්කන්ධය කිරා මැන බලා පවසන්නට විය.  “මේ රිදී පෙට්ටි කිහිපය මගේ අණ යටතේ ඉන්න සීනි විස්කෝතු විකුණන සහෝදරයන්ට පවා උපයාගන්න හැකි දෙයක්. ඔබ මම දිහා බලන්නේ ඒ තරම් පහත් මට්ටමකින් ද?”

“ප්‍රධානීතුමා ඇත්තටම මම මිලියන දෙකකට වඩා ගෙනාවත් පිළිගන්න කැමති නොවේවි.” ශෙන් ස'චුආන් ඔහුගේ අසුනේ ඒ වන විටත් හිඳගෙන සිටියේ ය. ඔහු පැවසුවේ ය. “හොඳ ගනුදෙණු කතිකා කරන්න ඕනෙ හෙමින්. දැන් අපි කරදර වෙන්න ඕනේ සීජෞ සහ ෂ්‍යාඕ චීයේ ගැනයි.”

ලෙයි චංමිං හස්තය වනා කො ලඅංව පිටතට ඇදගෙන යන්නට ඔහුගේ මිනිසුන්ට සන් කළේ ය. හේ ශෙන් ස'චුආන්ගේ පිටුපසින් තමාගේම ආරක්ෂකන් පමණක් රඳවා ගත්තේ ය. ආරම්භයේ සිටම ඔහු අසුනෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කළේ ය. ශෙන් ස'චුආන් වෙත පියවර භාගයක් හෝ ළං නොවූ ඔහු පවසන්නට විය.  “ඔබයි ෂ්‍යාඕ චියේයි චූදු වල වැටලීමෙන් එළියට ආවා.  ඔබ ජීවිතයත් මරණයත් අතර සිටි දිවුරුම් දුන් මිතුරන් විදිහට සලකන්න පුළුවන්, ඒ නිසා ඔබ හදිසියේම ඔහු එක්ක විරසක වෙලා අයදීම වෙනුවෙන් මම ගාවට ආවේ ඇයි? ”

ප්‍රධානියා මම ගැන දන්න නිසා , එහෙමනම් ඔබ අනිවාරෙන්ම ශෙන් වෙයි කියන්නේ මගේ මහළු පුද්ගලයා කියලත් දන්නවා ඇතිනේ. ශෙන් වෙයි සතුරන්ට දුන්ජෞ වලට ඇතුළු වෙන්න ඉඩදුන් නිසා මම සහ ලීබෙයි අතර දිගු කාලීන එදිරිවාදිකමක් ඇති වුණා. ෂ්‍යාඕ චීයේ සහ මම අමනාපකම් අමතක කරලා තියෙන්න පුළුවන්, ඒත් ෂ්‍යාඕ ජීමිං නම් මාව පාවිච්චි කරන්න ඒතරම් කැමති නොවේ වි.” ශෙන් සචුආන් ගෙන් පෙනුණෙ කරදරකාරී ස්වභාවයකි.පුද්ගලයෙකුගේ එක් අභිලාශයක් තමයි තමන්ටම නමක් දිනා ගැනීම. ෂ්‍යාඕ චීයේ හරියට තමන්ව වත් ආරක්ෂා කරගන්න බැරි ගංගාවක් තරණය කරන මැටියෙන් තනපු බුදුරුවක් වගෙයි. ඉතිං මම වෙනුවෙන් මාර්ගයක් සකස් කරන්න ඔහුට ශක්තියතියෙන්නේ කොහොමද? මෙතැන මගෙත් හන් උතුමාණනුත් අතර යම් වැරදි වැටහීමක් තියෙනවා තමයි , ඒත් ඒවා මරණ දණ්ඩනය ලැබෙන්න තරම් සුදුසු නැති සුළු කාරණා කිහිපයක් විතරයි. කටහරි මම වෙනුවෙන් සහතික වෙන්න පුළුවන් තාක්කල් , මට ආපසූ චූදු වලට ගිහින් රාජකීය අධිකරණය වෙනුවෙන් සේවය කරන්න හැකියාව ලැබේවි.”

ඉතිං ඒ කියන්නේ ඔබට තවමත් නිළදාරියෙක් වෙන්න වුවමනයි , හහ්?” දෙඅත් දණහිස් මත තබාගෙන ලෙයි චංමිං පවසන්නට විය.සහෝදරයා , ඔබට ඇත්තම කියනවනම්, මටත් නිළදාරියෙක් වෙන්න ඕනේ. අපි හිටියේ පාළු කදුකරයන් වල, ඒවගේම අපි බොහෝදුරට ජීවිත ගෙව්වේ නොසැලකිළිමත් විදිහට.ඒත් ඒ සියල්ලම සිදුකරලා අවසන් උනාම , ඒක නිසි කාර්‍යයක් වගේ පෙනෙන්නේ නැහැ. අපේ හැම පියවරක්ම චීදොං පාබල සේනාංක වල පරික්ෂාවට ලක්වෙනවා.”

ප්‍රධානිතුමාටයි  මටයි තියෙන්නෙ පොදු අරමුණක්.” ශෙන් සචුආන් මදක් ඔහුගේ උණබට විජිණිපත එසැවූයේ ය.මේක ඇත්තටම පරිපූර්ණ නැද්ද?”

නමුත් , ඔබලා වගේ උගත්තු මාව ඕනෑ තරම් බය කරලා තිබෙනවා නැවතත් විශ්වාස කරන්න නොහැකිවෙන තරමට.ලෙයි චංමිං බියෙන් තතිගත් බැල්මක් හෙළුවේ ය. “ඔබේ මේ මිලියන දෙක තවමත් තිබෙන්නේ සිජෞ වල. ඔබ කොහොමද ඒවා මා ලඟට අරගෙන එන්නේ? ඒවගේම හන් ජින්වත්. ඔබ කොහොමද ඔහුව බේරගන්න මට උපකාර කරන්නේ? ඔබම අද මේ දේවල් පැහැදිළි කරන්න, එතකොට , මම දන්නවා දේවල් වෙන විදිහ. එතකොට තමයි මට ඔබව ඇත්තටම මගේ යටතට අරගන්න හැකියාවක් ලැබෙන්නේ.”

රිදී ගැන ප්‍රශ්නයක් නැහැ. ප්‍රධානිතුමාට පුළුවන් විශ්වාසවන්ත පුද්ගලයෙක් තෝරගෙන සිජෞ වලට ගිහින් ජෞ ගුයි ගෙන් රිදී ඉල්ලන්න. ඔහු දන්නවා රිදී තබලාතියෙන්නේ කොහෙද කියලා. ඔබට ඒවා රැගෙන එන්න පුළුවන් තාක්කල් , ඔබට ඒ මුදල් අරගෙන යන්න පුළුවන්.“

ඔබ හිතනවද මම ගිහින් ඔහුගෙන් ඇහුව පලියට ඔහු මුදල් දෙන්න කැමති වේවි කියලා?” ලෙයි චංමිං දෑගිලි එකට පිරිමැද්දේ ඔහුට ඒ රිදී ස්පර්ශ කරන්නට අවැසිවාක් මෙනි.

“ඔබට ඔබේ හස්තයේ කොං ලිංව තියාගන්න පුළුවන්.  ඔහු ජෞ ගුයිගෙ විශ්වාසවන්ත සහයකයෙක්.ශෙන් සචුආන් මදහසකින් යුතුව පැවසුවේ ය.ඔබට හතලිස්දහසක සෙබලුන් වගේම අශ්වයන් ඉන්නවා. ජෞ ගුයි ඔබට නොදී ඉන්න නිර්භීත වෙන්නේ කොහොමද? ඔහුට නිතරම අවශ්‍ය වූයේ තම දරුවන්ට මෙන් තම ජනතාවට ආදරය කරන හොඳ නිලධාරියෙක් වෙන්නයි. මේ වගේ තීරණාත්මක අවස්ථාවකදි ඔහු ඔබව කෝපයට පත් නොකරාවි.”

ලෙයි චංමිං ශෙන් සචුආන් දෙස බැලුවේ ඔහුව මැන බලන්නාක් සේය. කූඩාරම නිහඬතාවයේ ගිලුණේ ය. ලෙයි චංමිංගේ ආරක්ෂකයන් ශෙන් සචුආන් ගෙ වම් පසත් දකුණු පසත් සිටගෙන සිටියහ. හේ තේ බදුන ස්පර්ශ කළද පානය නොකලේ ය. මෙසේ දිගු වෙලාවක් සිටගෙන සිටි ලෙයි චංමිං හදීසියේම සිනහවෙන් පුපුරා හැළුනේ ය.මට ප්‍රමාණවත් තරම් සංචිත සැපයුම් තියෙනවා. මම මුදල් ගැන අහන්න ඒ තරම් හදීසි වෙන්නේ නැහැ. දවස් දෙක තුනක් ඔය මිලියන දෙක ඔතන තිබ්බට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මිනිසුනි, තරුණ ස්වාමි ශෙන්ට තේ පැන් පිළිගන්වන්න.  අපේ ප්‍රමුඛතාවය තමයි යන් ජින්ව බේරාගැනීම පිළිබඳ සාකච්ජා කරන එක. සේරටමත් පස්සේ , චූදු වල හන් චෙං එක්ක අපේ රැස්වීම රඳා පවතින්නේ ඔහු මතනේ.”

         

ඔවුන් කොං ලිංව සිරගත කළේ අශ්ව ගාලකයි  ඔහු තණකොළ මත වැතීරි සිටි අතර ඔහු තදින් හුස්ම ගනිමින් සිටියේ ය. බරුතී ලණු වලින් ආරක්ෂාකාරී ව බැඳ තිබුණේ ය.  ඔහුගේ පසෙකින්  විවේකීව සිටි අශ්වයා අශ්ව වසුරු පිටතට දැම්මේ ය.  එවායෙහි දුර්ගන්ධය නිසා කොං ලිංට කරකැවිල්ල ඇති වූ අතර , ඔහු සිය හිස ඉවතට හරවා ගෙන හුස්ම නොගෙන හිඳීමට වෑයම් කළේ ය. ඉස්තාලයෙන් පිටත ඔහු වටකරගත් කොල්ලකරුවන්ගේ කණ්ඩායම සිනා හඬින් ඝෝෂා කළහ.

කොං ලිං කෝපයෙන් කෑගැසුවේය, “මාව රැවැට්ටුවා ද්‍රෝහියා! තුහ්! උගත් මහත්මයන් අවමානයට පත්වෙනවට වඩා මරලා දාන එකයි හොඳ. සීජෞ වලට තර්ජනය කරන්න මාව යොදගන්න හිතන්නවත් එපා!”

අශ්වයන්ගේ වලිග කොං ලිංගේ මුහුණට පහර දුන්නේ ය. ඔහු මඬත් අශ්වයන්ගේ වසුරු වලිනුත් නැහැවී සිටියේ ය, ඔහු වටා වටවී බලා සිටින මිනිසුන් සමූහය නිසා ඔහු ලැජ්ජාවෙන් සහ වෛරයෙන් යුතුව පවසන්නට විය, “උඹලා කුමන්ත්‍රණකාරයෝ! උඔ! ලෙයි චංමිං! මේ වගේ අධාර්මික පුද්ගලයෙක් එක්ක එකතුවෙලා කුමන්ත්‍රණය කළා කියලා තමුන්ට ලැබෙන්නේ මොනවගේ හොඳ අවසානයක් ද?!”

එහෙත් කොං ලිං කොයිතරම් බැන වැදුණද ඔහු වටා තිබුණේ සිනා හඬ පමණි.  ඔහු හොඳින් කියවා හොඳින් උගත් මිනිසෙක් විය.  අතීතයේ තන්තායි ලොං හෝ ජෞ ගුයි වේවා, ඔවුන් සියල්ලෝම ඔහුට සැලකුවේ ආචාරශීලීවය.  ඔහු යන සෑම තැනකම චෙංෆෙං මහත්මයා ලෙස ඔහුට ගෞරවයෙන් ආමන්ත්‍රණය නොකළේ කවුද?  නමුත් දැන් ඔහුව  මඩුවක ගැටගසා සිටියා පමණක් නොව මේ අයගේ සමච්චලයට හා සිනහවට පවා ලක් වෙන්නට සිදුව තිබුණේ ය.  ඔහු දුන්ජෞ වලින් පලා එන විට පැවති හිම සහිත රාත්‍රිය ගැන නැවතත් සිතුවේය.  මේ කොල්ලකරුවන්ගේ මුහුණු ක්‍රමක්‍රමයෙන් බ්‍යැන්ෂා අශ්වාරෝහක හමුදාවේ මුහුණු සමඟ අතිච්ඡාදනය විය, සෑම තැනකම නොපැහැදිලි සිනා හඬ නැගුණේ ය.  මොහොතකට තම හැඟීම් පාලනය කර ගත නොහැකි වූ කොං ලිං හඬා වැටෙන්නට විය.

“මුර ආරක්ෂකයිනි!” එක් නිළදාරියෙකු හදිසියේම අනෙක් කෙළවර පිටත සිට කෑගැසුවේය. “තමුන්ලා හැමෝම මෙතන හිටගෙන ඉන්නේ ඇයි? මේ වයසක මහල්ලා මුර සංචාර කර්තව්‍යයට වඩා වැදගත්ද? මුරකිරීම් ප්‍රමාද වුණොත්, මම බලාගන්නම් තමුන්ලව හම ගහන හැටි! අහකට යනවා! විසිරිලා යනවා!”

අවට සිටි අය ඝෝෂාකාරී ලෙස කැඩී විසිරී ගියේය.  කොං ලිං ඉස්තාලේ අද්දරට මාරු වී ලී පටි මතට හිස තබාගෙන වැසි ජලයෙන් අපිරිසිදු මඬ සෝදාගත්තේ ය.  ඔහු නැවුම් වාතය ආශ්වාස කරන්නාක් මෙන් ගැඹුරු හුස්මක් ගත්තේය.  ඔහුගේ ඝන රැවුල කෙතරම් අපිරිසිදු වීද යත් එය මඩ කැටියක් බවට පත් ව තිබුණේ ය.

මිනිසුන් ඇතින් පිහිටි කූඩාරම් සමූහය වෙතට දිව ගියේ ය. ඔවුන් කූඩාරමේ ඇතුල්වීම් කොටස ඔසවද්දී , ශෙන් ස'සුආන් ට සංග්‍රහ කිරීම සදහා ලෙයි චංමිං සූදානම් වන ආකාරය ඔහුට දැකගත හැකිවිය. කොං ලිං පිටතට කෙල ගසා වර්ෂාව මධ්‍යයේ ම දෑස් පියා ගත්තේ ය. නිශ්චිත වේලාවකට පසුව, කවුරුන් හෝ කොං ලිංගේ කම්මුල්වලට සැහැල්ලු ලෙස පහර දුන්නේය.

කොං ලිං දෑස් විවර කළේ ය. මේ ඔහු කලින් දුටු පුද්ගලයා ය. මේ පුද්ගලයාගෙන් පෙනුණේ වයස අවුරුදු තිස් ගණනවල මුල් භාගයේ අයෙක් මෙනි. ඔහුගේ මුහුණ අදුරු ය, ඒසෙම හේ දැඩි වතකට හිමිකම් කීවේ ය. ඔහු පවසන්නට විය.  “චෙංෆෙං මහත්මයා!”

කොං ලිං කලබල විය.

“බය වෙන්න එපා.  මම තන්තායි ලොං ගේ පැරණි යටත් නිලධාරියයෙක්.  මම ඉස්සර දුන්ජෞ පාබල සේනාංකයේ 

 තනතුරක් දැරුවා.  මට ඔබව එක පාරක් මුණ ගැහුනා."  මේ මිනිසා බලහත්කාරයෙන් සිනහවක් මවන්මින් පසුව සුසුම්ලන්නට වූයේ ය. “මහත්මයා... ඇත්තටම මේ වගේ තත්ත්වයකට පත් වෙන්න ඕනේ නැහැ.”

"ඔබ තන්තායි ලොං ගේ හිටපු යටත් නිලධාරියා නම්, කැරැල්ලක් ඇති කරන්න ලෙයි චංමිං වගේ කොල්ලකරුවෙක් අනුගමනය කරන්නේ ඇයි?"  කොං ලිං හැගීම් රහිත ලෙස පැවසුවේ ය. "තන්තයි ලොං මේ දුෂ්ටයන්ට වැඩිපුරම වෛර කළේ ඔහු ජීවත්වෙලා ඉදිද්දීයි."

“මම ඉන්නේ මුල්ලකට කොටු වෙලා.” ඒ පුද්ගලයා පැවසුවේ දුක්බර සිනහවඤ් නඟා ගනිමින්. "මාව මුල්ලකට තල්ලු කළා."  මේ මිනිසා කීවේ කටුක සිනහවක් පාමිනි.  "දුන්ජෞ යථා තත්ත්වය ට පත් වුනාට පස්සේ , රාජකීයඅධිකරණය ධාන්‍ය ඉවතට ගෙන ​ගිහින් ජුඒෂි වල ධාන්‍ය හිඟය පුරවන්න භාවිතා කළා.  දිවි ගලවා ගත්ත අපිට ගස් පොතු හපන්නට තරම් බඩගිනි දැනුනා.  ප්‍රධානියා කොල්ලකාරයෙක් වුනත් ඔහු ධාර්මිකයි වගේම ත්‍යාගශීලී ය.  අපට බඩ පිරෙන්න තරම් ආහාර ගන්න පුළුවන් ඔහුව අනුගමනය කළොත් විතරයි.  අපට වෙන විකල්පයක් නැහැ. ”

 ඔහු සත්‍යය පවසන බව කොං ලිං දැන සිටියත්, ඒ වදන් ඔහුව පරාජය කළ අතර, ඔහුට නිශ්ශබ්දව සිටීමට පමණක් හැකි විය.

මේ මිනිසා කොං ලිංට නැගිටීමට උදව් කරමින් මෙසේ පැවසීය: “මට කලින් මේසයේදී ප්‍රධානියාගේ අභිප්‍රාය ඇසුණා.  සී​ජෞ වල ප්‍රාන්ත නිළදාරියා එක්ක  සාකච්ඡා කරන්න ඔහු ඔබව භාවිතා කිරීමට සූදානම් වෙලා ඉන්නේ.  ඔබ හුඟක් අකමැත්තෙන් වගේම නින්දාව දරාගත නොහැකිව ඉන්නවා ඇති ද කියලා  මම කනස්සලු වෙමින් හිටිවේ.  ඒ නිසා මට එළියට යන්න අවස්ථාවක් ලැබුණා.  මහත්මයා, මම දැන්ම ඔබව අශ්වයාගේ පිටේ රැගෙන යන්නම්!”

කොං ලිං ඔහුගේ අවංක ප්‍රකාශය දෙස බලා පැවසුවේ ය. "ඔබ මට යන්න දුන්නොත්, ලෙයි චංමිං නිසැකවම ඔබව සැහැල්ලුවෙන් අතහරින්න එකක් නැහැ."

ඔහු කොං ලිං ගේ ලණු ලිහා ඉක්මනින් පැවසුවේ ය  “මම ඔබව ස'ජෞ වෙත යවලා සමාව අරගන්න ආපසු එන්නම්.  මම මුලින් තන්තායි නිළදාරීවරයාගේ අණ යටතේ විශ්වාසවන්ත සහ ධර්මිෂ්ඨ සොල්දාදුවෙක් වෙලා හිටියා.  නමුත් දැන්, මගේ බඩ පුරවා ගන්න ආහාර ඇති නිසා මම කොල්ලකරුවෙක් බවට පත් වෙලා ඉන්නවා  මට මා මතම ඇලිලා ජීවත් වෙන්න බැහැ.  නමුත් ප්‍රධානියා මට කාරුණික වී ඇති නිසා මට ඔහුට පිටුපෑමටත් බැහැ.  ස්වාමීනි, මට ඔබට අශ්වයා මතට නගින්න උදව් කරන්න ඉඩ දෙන්න! ”

අසු මතට නගින්නට උපකාර කිරීමෙන් පසු , කොං ලිං ඔහුගේ හස්තය ගෙන හඩාවැලපෙන්නට පටන් ගත්තේ ය. “ඔබ ඇත්තටම සංවේදි පුද්ගලයෙක්.”.

මිනිසා ද අශ්වයා පිට නැඟී කොං ලිං මත සළුවක් පෙරවූයේ ය. අශ්වයාගේ සෙලැවීම් මතින් ඔහු කොං  ලිංව කඳවුරේ ප්‍රධාන දොරටුව වෙත ගෙන ගියේය. තවමත් වර්ෂාව මධ්‍යයේ මුර සංචාර වල යෙදී සිටි අය සිටියහ. ඔහුව දැකීමෙන් සියල්ලෝම ඔහුට ආචාරකළේ ය. තවත් වදනක්හෝ නොපැවසූ ඔහු සිය අවසරපත පෙන්වා කොං ලිංව කදවුරෙන් පිටතට රැගෙන ගියේ ය.

මිනිසුන් දෙදෙනාම තනිවම අසුන් පදවාගෙන යන්නට ලැබුනේ එක් මොහොතක් පමණක් වන අතර ඔවුන් පිටුපසින් බෙරිහන්දීම් ශ්‍රවණය විය. භටයන් ඔවුන්ව ලුහුඹදිමින් සිටිය හ.

“මේ තැන පිහිටලා තියෙන්නේ සීජෞ වලට ලී දසදහසක් දුරින් මහත්මයා!”ඔහු වර්ෂාව නොතකමින් ඉදිරියට ඇදුනේ ය. “අපි සම්පූර්ණ රාත්‍රිය පුරාම විවේක නොගෙන ගමන් කරමු!”

කොං ලිං ඉපිලීම් සහ ගැස්සීම් වලින් දෝලනය විය. ඔහු තෝන් ලණුව තදින් අල්ලාගෙන මිනිසා පසුපස සිටියේ ය. ඔහු පිටුපසින් ඇදී ආ ශබ්දය කිසි විටක නොනැවතුණේ ය. අඳුරු රාත්‍රියේ අතු ඔහුගේ මුහුණට එල්ල වූයේ ය. කොං ලිං ආපසු හැරී බැලීමටවත් එඩිතර වූයේ නැත. ඔහු වේදනාව දරාගෙන හිදිමින් , කාලය නාස්ති නොකරමින් ඉක්මනින් සජෞ වෙත ආපසු යන්නටත්  ජෞ ගුයි වෙත තොරතුරු ලබාදෙන්නත් අදිටන් කරගෙන සිටියේ ය.

         

ශෙන් ස'චුආන් ආහාර ගත්තේ ඉතා ස්වල්පවය. ඔහු කූඩාරමේ ගායනය සහ නැටුම් නොතකා පහළ ප්‍රදේශයේ වාඩි වී මත්පැන් පානය කළේය.

ලෙයි චංමිං විසින් ඔහුගේ හමුදාවන් සමඟ ඔවුන්ගේ ඉදිරි ගමනේදී උපභාර්යාවන් රැසක් රැගෙනවිත් තිබිණි.  ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඔහු දුඅන්ජෙී වලදී මහ දවාලේ අල්ලා ගත් කාන්තාවන්ය.  ඔහු ඔවුන්ගෙන් එක් අයෙකුට ගොස් ​ශෙන් ස'චුආන්ට මත්පැන් වත්කරන ලෙස පැවසූ අතර, ඔහු තම අසුනේ හිඳගත් විට මහත් ආශාවකින් යුතුව ඔහුගෙන් ඉල්ලා සිටියේය.  “ශේන් සහෝදරයා පානය කරන්න!  මම මේ සංචාරයේදී විශිෂ්ට මත්පැන් බොහොමයක් මිලදී ගත්තා.  අද රාත්‍රියේ ඔබට වුවමනා තරම් පානය කරන්න."

ලෙයි චංමිං ඔහුගේ මුහුණ රත් පැහැවන තෙක්ම මත්පැන් පනෙය කර ඇති බව ශෙන් ස'චුආන් දුටුවේ ය. 

 ඔහුගේ කටහඬ එන්න එන්නම උස් වූ අතර, ඔහු අනෙක් අයට සමච්චල් කරන්නට ද ඔහු පසුබට නොවීය.  ඔහුගේ හස්තය මතසිටි කාන්තාව ඇගේ බෙල්ල සහ උරහිස් සිරීම් වලින් වැසී යන තෙක් ග්‍රහණයට නතුවී සිටියා ය.  ශෙන් ස'දුආන් මත්බඳුන කිසිදු වදනක් නොපවසාම පහතට කළේ ය.

 ලෙයි චංමිං මාංශයන් අනුභව කරන අතරතුරේ පවසන්නට විය, "ඔබ ජ්‍යන්ෂින් කුමරු ශෙන් වෙයි ගේ පුත්‍රයෙක්.   ඔබ ට කුඩා කාලෙදි ඉදලම දුශ්කරතා විදින්න සිදුවෙලා නැහැ, ඒ නිසා ධාන්‍ය කොයිතරම් වටිනවද කියලා ඔබ දන්නේ නැහැ.  නමුත් මේ මිලියන ද්විත්වය මෙතරම් සුමට විදිහට ලබා දෙන එකෙන් පෙනෙන්නේ ඔබ විවාහා සහෝදරත්වයේ අවංකභාවය පෙන්වනවා. ශෙන් සහෝදරයා, මම පුරසාරම් දොඩවවා එහෙම නෙමෙයි, නමුත් මම හිතන්නේ ඔබ දැන් මා එක්ක ඔබේ කොටස විසි කරලා හොඳ දෙයක් කළා! ඒ ෂ්‍යාඕ චීයේ කියන්නේ නම් ඇත්තටම අපතයෙක්!  ඔහු තවමත් චූදු වලට ප්‍රයෝජනයක් විය හැකි වුනත් , දැන් ඔහු ලීබෙයි වලට ආපසු පැමිණෙන නිසා , ඔහුට මෙතැන තිබෙන මාර්ගය මොකක් ද?  ඔහු සමඟ තවමත් සොල්දාදුවන් විසිදහසක් ඉන්නවා.  ලිබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාව අනිවාර්යයෙන්ම ඔවුන්ව රැගෙන යන්නේ නැතිවෙයි!  මට කියන්න එපා ලිබෙයි කුමරුට තවමත් ඔහුව ලිබෙයිහි සේනාධිනායකයා කළ හැකි බව?  ෂ්‍යාඕ ජීමිං ඇත්තටම බලවත් පුද්ගලයෙක්! ”

ඒ කාන්තාවන්ට ඔහුගේ මත්පැන් බඳුන ස්පර්ශ කිරීමට ඉඩ නොතබමින්, ශෙන් ස'චුආන් මත්පැන් බඳුනක් වත් කර සිනාසෙමින් පැවසුවේ ය. “ඔව්” 

ලෙයි චංමිං ඌරු මාංශ ගාතය පහත් කර තම මුව පිසදමමින් පැවසුවේ, “මේ සේනාධිපතිවරුන් ගැන කතා කරන කොට , මම බය චීදොං වල අණදෙන නිලධාරි චී ජූයින් ට පමණයි!  ලෝකයේ මහා සෙන්පතියන් හතර දෙනාගෙන් සිටින එකම කාන්තාව ඇයයි.  මම වරක් ඇයව දැක්කේ මම හේජෞ වල සන්නද්ධ පරිවාර නිලධාරියෙක් විදිහට 

සේවය කරනකොටයි.  මොන මගුලක්ද! එතරම් ලස්සන තරුණියක්, නමුත් ඇය භාවිතා කරන්නේ මරණය කැන්දන අසිපතක්! ෂ්‍යාඕ චීයේ භාවිතා කරන තලයත් එවැනිම මාරාන්තික තලයක් නේද?!  එක් සෘජු කැපුමකින් අස්ථි සහ මස් වෙන් කළ හැකියි.  එය රඳා පවතින්නේ සැබෑ ශාරීරික ශක්තිය මතයි. අනිත් අක මම ඇයට උදව්වක් වෙන්නයි සීජෞ වලට ආවේ.  මම ඇය වෙනුවෙන් ෂ්‍යාඕ චීයේ ව අල්ලාගෙන නැවතත් චූදු වලට යවනවා.  මේ දෙය ඔවුන්ගේ චීදොං වලට සෘජුවම සම්බන්ධ නොවී ලීබෙයි සමඟ තියෙන සම්බන්ධතා බිඳ දමන්න හේතුවක් වෙනවා.  කියන්න, මේ වගේ යහපත් දෙයකින් මට එතුමිය යටතේ සෙන්පති තනතුරක් ගන්න පුළුවන් වෙයි නේද?”

“ප්‍රධානීතුමාට ඇගේ අණ යටතේ මහා සෙන්පතියන් පස් දෙනෙක් සිටින බව මට ආරංචි වුනා.  ඔවුන් හැම කෙනෙකුම සටන් කරන්න දක්ෂ අය වගේම, ඔවුන් සියල්ලෝම ඇය චීදොං පාබල සේනාංක වල වසර පුරා තනිව පුහුණු කළ පිරිමින්"  ශෙන් ස'චුආන් පැවසීය.  "ඔබ ඇත්තටම ඉහළට ගියහොත්, ඔබ ස්වභාවිකවම ඉහළට පැමිණිලා ඔවුන් සියල්ලන්ගේම වැඩිමල් සහෝදරයා වෙන්න ලැබේවි."

ලෙයි චංමිං සිනහවෙන් පුපුරා හැළුණේ ය. ඔහු තම හස්තයේ සිටි ගැහැනිය උදුරා ගෙන හැඬීම නොතකා ඇයව අහඹු ලෙස සිපගත්තේය.  ඔහු ඒ සේද රෙදි මත සිය තෙල් සහිත දෑත් අතුල්ලා පිරිසිදු කරගත්තේ ය, “මම මගේ සලකුණ තැබුවේ කඳුකරයෙන්.  මම මේ අවුරුදු ගණනාව පුරාම දුවමින් හිටියා වගේම සටන් කිහිපයකුත් කළා.  මම ගැන කියලා බලන්න.  ජොංබෞ වල ලෙයි චංමිං , මට සටන් කළ හැකි බව කවුද නොදන්නේ?  ශෙන් සහෝදරයා, ඔබ බියන්ජුන් අණදෙන සේනාංකයේ ලූ ගුඅන්බායි දන්නවා. එහෙම නේද? ලූ ගුඅන්බායි ගේ ලු වංශය හිගන්නන්ටත් වඩා  දුප්පත්.  ඔහු කෙනෙකුට අවනත නොවන මිනිසෙක් යන හැඟීම අැති කරවනවා, බියන්ජුන් වල මංමුලා සහගත සටන් දිගටම කරගෙන යන්න ඔහුට හැකි වූයේ ඔහුගේ ජවය නිසා.  ඔහුට වෙනත් හැකියාවන් නැ.  මගේ මතය අනුව, ලු ගුඅන්බායි කියන්නේ සතර මහා සෙන්පතියන් අතරින් වඩාත්ම අදක්ෂ පුද්ගලයයි.  ඔහුව හඳුන්වන්නේ, ඔබ ඔහුව හඳුන්වන්නේ කොහොමද? ‘කාන්තාරයේ දිලෙන ලිනි සිළුව’ වගේ මොකක්හරි නේද.  බ්‍යන්ජුන් සෑම වසරකම ආරක්ෂක කුළුණු ආලෝකමත් කරනවා.  ඉතින් මෙතන තියෙන විශේෂත්වය මොකක් ද? ඔහුගේ තනතුර ඉවත් කර ඒ වෙනුවට මට වැඩ භාර ගන්න ඉඩ දෙන්න. මම ඔහුට වඩා හොඳ වේවි කියලා මම සහතික වෙනවා! ”

ඔහු බීමත්ව පුරසාරම් දෙඩීමට පටන් ගත් බව දුටු ශෙන් ස'චුආන් තම ඇඟිලි පහත් කර මේසය මත තිබූ ආහාර කූරු  මෘදු ලෙස නිවැරදි කළේය, ඔහු සිනහවකින් යුතුව පැවසුවේ ය. “ඇත්ත වශයෙන්ම ඔහු එතරම් ආකර්ෂණීය නැහැ තමයි.”

"අණදෙන නිළදාරී සුඕ වගේ මිනිසුන් තසයි සැබෑ වීරයන් වෙන්නේ."  ලෙයි චංමිං මත්පැන්ඔහුගේ මුවට වත් කරගත් අතර අතර එය ඔහුගේ ශරීරයෙන් අඩකට වඩා තෙමා දැමුවේ ය.  එය පිස දැමීමට ප්‍රමාද වැඩියි විය, ඔහු මත්පැන් බදුන ඉවතට විසි කර ශෙන් ස'චුආන් ට පවසන්නට විය.  “ඔහු ලී දහසක් දුරින් සතුරන්ගේ හිස් පහතට දමපු වගේම එක ඊතලයකින් සතුරන්ගේ හදවත් තුළ බිය ඇති කළ තැනැත්තෙක්!  ඔහු අතීතයේ කතා කළ හේජෙී වල තේ හලේ කතන්දරකාරයා වුනා.  නගරය ආරක්ෂා කරන්න ඔහු තම බිරිඳ මරා දැමූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ හිසකෙස් වේගයෙන් සුදු පැහැයට හැරුණු බවත් අහන්න ලැබුණා.  අපොයි, ඔහුගේ කතාව අහන කාට වුනත් ඇස් දෙකෙන් කඳුවැගිරෙන එක නවත්තගන්න බැරිව යනවා! කොයිතරම් අනුකම්පා සහගතද කියනවා නම් ඔහු කළකිරීමට පත්වෙලා කලින්ම විශ්‍රාම ගියා.  එහෙම නොවුනනම්, ඔහු සහ මම දිවුරුම් දුන් සහෝදරයන් වීමට පවා ඉඩ තාබ්බා!"

 කූඩාරම තුළ ශබ්දය අධික විය, හරියට යක්ෂයන් රාශියක් නටමින් සහ ඇතුළතින් දුවනවාක් මෙන් ය.  ඒ විකාර මුරකරුවන්, නියෝජ්‍ය සේනාධිපතියන්, සියල්ලෝම සිටගෙන සිටින විට හෝ වැතිර සිටින විට ඔවුන්ගේ සැබෑ ස්වරූපය පෙන්වූ අතර ගණිකාවන් බීමට හා විනෝද වීමටත් ඇද ගත්හ.  මේ වගේ හමුදාවකට කියන්න තරම් හමුදා විනයක් නොමැත්තේ ය.  ඔවුන් ලෙයි චංමිං හා සමාන විය - කොල්ලකරුවන් කොල්ලකෑම් සහ කොල්ලකෑම සඳහා ආරම්භයේදීම ආයුධ මත යැපුණෝ ය.

ඔවුන් අතර අසුන්ගෙන සිටි ශෙන් ස'චුආන්ට යමක් සිදුවී ඇතිබව සංවේදනය විය.  

ලෙයි චංමිං මෙවැනි පුද්ගලයෙක් නොවීය යුතු ය. තමන්ට හැකි පමණින් ජීවිතය සතුටින් ගත කරන මෙවන් අදූරදර්ශී මිනිසෙක් නම් ඔහු කොල්ලකරුවන් අතරින් කැපී පෙනෙන්නේ කෙසේද?  මේ මිනිසා ප්‍රදර්ශනය කර තිබූ දෙය ශෙන් ස'චුආන් කටකතාවලින් ඔහු ගැන අසා තිබූ දෙයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ය.

ලෙයි චංමිං ගණිකාව පසුපස හඹා යාමට නැඟිට ඇයව තම තුරුලට ඇද ගත්තේ හුරතල් කරන්නටත් ස්පර්ශ කරන්නටත් ය. ඔහු මත්පැන් පානය කර, දෙංජෞ වලින් යැයි සැලකීය හැකි ගොවි ගීතයක් ගායනා කළේ ය. හේ චෙස් පුවරුවට වේගයෙන් කඩා වැටුණු ගොනෙකු මෙන් නටමින් හා අභිනයෙන් ප්‍රීති විය.  ඔහු තම සිතට සතුටක් දැනෙන සේ පනෙය කළේ ය.  නමුත් අනපේක්ෂිත ලෙස, හේ තම නළලට අත ගසා ගෙන ශෙන් ස'චුආන් දෙසට ඇඟිල්ල දිගු කරමින් පවසන්නට විය.  “ඔබේ මව දුආන්ජෙී වල නර්තන ශිල්පිනියක් නේද!  ශෙන් සහෝදරයා ඉක්මනට නැගිටලා ඇවිත් අපි වෙනුවෙන් නර්තනයක් ඉදිරිපත් කරන්න!"

පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය

Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-