Skip to main content

එකසිය පස්වන පරිද්ජේදය | ප්‍රයෝගකාරී සැලැස්ම



ලෙයි චංමිං සීජෞ සිට ලී සියයක් දුරින් පිහිටි කදුකර ප්‍රදේශයට පැමිණ තිබුණේ ය. එහි පොද වර්ෂාවක් ඇදහැලෙන්නට පටන්ගෙන තිබුණේ ය. ඔහු හදීසි වී ක්‍රියා නොකළ අතර තම හමුදාව ඉදිරියට මෙහෙයෙව්වේ ය. ඒ වෙනුවට ඔහු විවේක ගැනීම සඳහා එම ප්‍රදේශය අල්ලාගෙන කඳවුරු බඳින්නට පටන් ගත්තේ ය. 

“ඔවුන් හදන්නේ සටන දික් ගස්සන්නයි..” තන්තායි හු තනකොල බිස්ස මත වකුටු වී දෑස් පහතට හරවා ගත්තේ ය.  “ඔහු අරගෙන එන අශ්වයෝ සහ සොල්දාදුවන් ගාණ කොයිතරම් ද කියලා ගණන් කරගන්නවත් බැහැ. ඒ තරම් දිග පෝලිමක් ඉන්නවා.”

“ඒත් ඔවුන්ගේ උදුන් කොයිතරම් එකට එකතුවෙලාද කියනවනම් , ඒ දිහා බලන එකෙනුත් මට බයක් දැනුණා.” 

දිං තාඕ ලෙයි චංමිං තම හමුදා ස්ථානගත කළ තැන රවුමක් ඇන්දේය.  “මම තොරතුරු සොයා බලන්න මඟ දිගේ නගරවලට ගියා.  ඔවුන් හැමෝම කීවේ ඔහු මේ වතාවේ මිනිසුන් හතළිස්දාහටත් වඩා හිටියා කියලයි.  ඔවුන් මෙහෙට එන අතරමඟදි සීජෞ ආසන්නයේ හිටපු හැම කොල්ලකරුවෙක් මත් අල්ලගෙන ලු."

“ සත්‍ය වගේම අසත්‍යය මිශ්‍ර කරන එකෙන් අනෙක් අයට එයින් ඇත්ත සහ බොරුව වෙන් කරලා හදුනාගන්න අපහසු කරනවා.” ෂ්‍යාඕ චීයේ නැගී සිට පසෙක වූ ජල බිදිති වැටී තිබූ ශාකයේ අත්ත පසෙකට කළේ ය.  “ඔවුන්ට ඇත්තටම ඒ තරම් පිරිසක් ඉන්නවා නම් , ඇයි ඔහුට තවමත් පලා ගිය පුද්ගලයන්වයි ද්‍රෝහීන්වයි බදවා ගන්න අවශ්‍ය වෙන්නේ? යුද්ධයනගක් අරඹන හමුදාවක් අවසාන මොහොතේ භටයන් එකතු කරගන්නයි වඩාත්ම බිය වෙන්නේ. ඒකෙන් භටයන් අතර තිබෙන දිගුකාලීන මිත්‍රත්වය අවුල් සහගත වෙනවා වගේම , එයින් ද්වේශ සහගත හමුදාවක් විවිධත්වයන් වලින් පිරැණු කාර්ය මණ්ඩලයක් බවටත් පත් වෙනවා."

“මමත් අනුමාන කළේ ඒකම තමයි.” තන්තායි හූ ෂ්‍යාඕ චීයේ සමග වනාන්තරය පසුපස පිටතට පැමිණියේ ය. “තමන්ට මිනිසුන් හතළිස් දහසක් සිටින බව අන් අය දැනගන්න අවශ්‍ය වෙන තරමට, ඔහු තුළ වරදකාරී හෘද සාක්ෂියක් ඇති වෙනවා. ස්වාමීනි, ඔහු අපිට බයයි.”

ෂ්‍යාඕ චීයේ වර්ෂාව මධ්‍යයේම ඔහුගේ සළුව ගලවා දමා එය ඔහු පිටුපසින් සිටි දිං තාඕ දෙසට වීසි කර දැමුවේ ය. ඔහු සිය අසිපත් තලය රදවා ගනිමින් තන්තායි හූ දෙස බලා පැවසුවේ ය. “ඔහු බය නම්, ඔහු පැමිණෙන්නේ වැහැ. මේ විදිහට සිදුකළ එකෙන්, ඔහු අපිව බිය ගන්වන්න මේ අවස්ථාව පාවිච්චි කරනවා. ඔහු දැක්කා අපි ආවේ චූදු වල ඉඳන් බව ඒ නිසා ඔහුට අවශ්‍ය අපිව බිය ගන්වන්නයි.”

නැන්ලින් දඩයම් පිටියේ දී සටනක් ඇති වූයේ නැත, මන්ද චී ජූයින් කැරැල්ල මැඩපැවැත්වීම සඳහා ඇගේ චීදොං  පාබල භට සේනාංකය මෙහෙයවූ නිසා ය.  මතුපිටින් පෙනුනේ එයට ෂ්‍යාඕ චීයේ සමඟ කිසිදු සම්බන්ධයක් නැති බව ලෙසය. ශ්‍රේෂ්ඨ අෂ්ඨ මහා පුහුණු සේනාංක විසින් , අතීතයේ චූදු හි යල්පැන ගිය රාජකීය  හමුදාව  හෑල්ලු කිරීමට එය භාවිත කළේය.  මේ වසර කිහිපය තුළ රාජකීය හමුදාව චූදුවල  මුර සංචාර භාරගෙන තිබුණද, ආදේශ කිරීම ග් සිදුවූයේ අධිකාරියේ අත් මාරුවීම් මගිනි.  ඔවුන් කිසිදු වේලාවක සාමකාමි ගෙස සටන් සිදු නොකළ අතර  එබැවින් ඔවුන් සමග සිටි ෂ්‍යාඕ චීයේ ව , ලෙයි චංමිං තැකුවේ අත්දැකීම් මද කොලු ගැටයෙක් ලෙස ය. 

“ඔහු තමන්ගේ සතුරාව අවතක්සේරු කරපු එක අපිට වාසි සහගතයි. නමුත් අපිත් එයම අනුගමනය කරලා ඔහුව අවතක්සේරු කරනවා නම් , අපි පහර කන්නයි සුදුසු. ලෙයි චංමිං සාමාන්‍ය පුද්ගලයෙක් නෙමෙයි. චොංබෝ වල ගිනිකොන ප්‍රදේශය තුළ ආධිපත්‍ය දරන්න නම් ඔහුට අනන්‍ය වෙන ශක්තිමත් බවක් තියෙන්න ඕනේ.” ෂ්‍යාඕ චීයේ අශ්වයා මතට නැග තෝන් ලණුව ඔසවමින් පැවසුවේ ය. “ තන්තායි හූ , වසර හයකට කලින් , ඔබ දෙංජෞ ඉදන් චූදු වලට පළා ආවා, දැන් අපි ආපසු ඇවිත් ඉන්කවා. මට ඔබෙන් අහන්න ඉඩ දෙන්න , ඔබ ඔබේ හමුදාවන් ලියාපදිංචි කරගෙන රාජකීය හමුදාවට බැදෙන්න නායකත්වය දෙනකොට මම පවසපු දේ ඔබට තවමත් මතකයි ද?”

වර්ෂා ජලය තන්තායි හූ ගේ දෑස් මතට ගලා ගියේ ය. ඔහු ෂ්‍යාඕ චීයේ දෙස බලා පවසන්නට විය.  “මේ නිහතමානී සේවකයා එය මොහොතකටවත් අමතක කරන්න නිර්භීත වෙන්නේ නැහැ. අපේ ජාතියට සිදු වුන නින්දාව තවමත් සමනය වෙලා නැති බවත්, අපේ පවුල්වල ආරවුල්වලින් පළිගන්න නොහැකි වෙලා තියෙන බවක් ස්වාමියා පැවසුවා!" 

“ඒක නිවැරදියි.” ෂ්‍යාඕ චීයේ අශ්වයාගේ තෝන් ලණුව හසුරවමින් හිස ඔසවා ඝන වැහි වළාකුළු දෙස බලා සිටියේ ය. ඔහු සිහින් හඩකින් යුතුව පවසන්නට විය. “බ්‍යැන්ෂා මිනිස්සු ජොංබෝ වල නගර කිහිපයකම ජනතාවව සමූල ඝාතනය කළා. ලීබෙයි සන්නාහ සන්න්ද්ධ හමුදාවත් චීදොං පාබල සේනාංකත් එකතු වෙලා ඔවුන් සමග සටන් කළත් ඔවුන් මේ සතුරන්ගෙන් පළිගත්තද? බ්‍යැන්ෂා අශාවිාරා්හක හමුදාවට නම් , මේක නිකම්ම අශ්වයන් පිට නැගලා විනෝදය වෙනුවෙන් එහා මෙහා යාමක් විතරයි.  චූදු වලදි ඒක සංසරණය වුටන් කොහොමද? ඔවුන් පැවසුවා ඔවුන් ජොංබෝ වල මිනිසෙක් වෙනවට වඩා සුනඛයෙක් වෙන්න කැමති බව! එහෙමවම් , ජොංබෝ වල ඝාතන තල වලින් වගේම විඳපු නින්දා වෙනුවෙන් පිළියම් යොදන්න අපි වෙන කාටවත් භාර දෙන්නේ කොහොමද?! අපි අපේ සිහින තුළ නොනැවතී මුළු රාත්‍රිය පුරාම ගමන් කරනවා, දැන්, ලෙයි චංමිං තමයි අපේ මාර්ගයට ඇති බාධකය.  බ්‍යැන්ෂා අශ්වාරෝහක හමුදාව සමඟ සටන් කරනුන අවස්ථාවක් අපගේ ඇස් ඉදිරිපිටට ම ඇවිත් කියෙනවා - අපි පරාජය වෙන්න ඕනෙද?" 

ජයග්‍රහණය සහ පරාජය හමුදාව තුළ සාමාන්‍ය දෙයක් වූ නමුත් සදාකාලිකව පරාජය වෙන්නට කිසිදු හමුදාවක් කැමති නොවනු ඇත.  පසුගිය වසර හයක කාලය තුළ, ඔවුන් සමගියෙන් හා සංවිධානයෙන් තොර විවිධ කාර්ය මණ්ඩලයක සිට හොඳින් පුහුණු වූ සහ සටන් කිරීමට සූදානම් හමුදාවක් බවට පරිවර්තනය වී තිබුනහ.  රාජකීය හමුදාව ෂ්‍යාඕ චියේගේ සෙවනැල්ල  මෙන් සිටි අතර දජෞ හී බලවත් හමුදාවේ හිඩැස්වල දස දහස් ගණනක් නොවටිනා මකුණන් ලෙස රන් වැලි අතර වළලා දමනු ලැබිණි.  අනෙක් අය ඔවුන් පිළිබද පවසන්නනේ කෙසේ වූවද එය කම් නොවුනේ ය.  කිසිදු වැඩකට නැති අයවලුන් යැයි නම් දුන්නද ඔවුන්ට කමක් නැත.  ඔවුන් අවසානයේ රළු බොරළු ගල් මතින් ඔවුන්ගේ සැබෑ දක්ෂතාවය හෙළි කිරීමට සූදානම් ව සිටියෝ ය.

හදිස්සියේ හමා ආ තද සුළඟකින් පුවරුව විවර විය.  තන්තායි හූ ඔහුගේ තොල් තද කරගනිමින් පවසන්නට විය. “අපි දින්නම ඕනේ!” 

 වර්ෂාවේ හඬ තවත් වේගයෙන් වැඩි වූයේ ය.

 තන්තායි හූ යන්තමින් තම දෑස් පිසදමා ගොරෝසු හඬින් කෑගැසුවේ ඔහුට පිටුපසින් නැඟුණු කෑගැසීම ටිකෙන් ටික රැල්ලක් බවට පත්වෙමින් තිබියදීම ය “අපි දිනන්න ඕනේ!”

අපි දිනන්නම ඕනේ!

මෙතැන් සිට මේ මොහොතේ සිට ඔවුන් කෑගැසුවේ  මරණයටයි., "අප ජයග්‍රහනට කළ යුතුයි" යන්න රාජකීය හමුදාවේ එකම පැතුම සහ එකම ඇදහීමයි.  බොහෝ කලකට පෙර තමාටම නමක් දිනාගත් ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨයාට එරෙහිව මුහුණ දුන් ඔවුන්ට ඔවුන්ගේ තල අඳින්නට සිදු වූයේ ය;  ඔවුන්ට ඔවුන්ගේ අශ්වයන් වේගයෙන් ඉදිරියට ගෙන යන්නට සිදු වූයේ ය.  ඔවුන්ට ඔවුන්ගේ මාර්ගයේ සිටින සියල්ලන් එකින් එක පරාජය කිරීමට සිදු ව තිබුන හ. - ඔවුන් ජයග්‍රණය කළ යුතු වූයේ ය!  ලීබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාවට මෙන්ම චීදොං පාබල සේනාංක භටයන්ටද පරාජය විය හැක.  ලෙයි චංමිං ගේ හමුදාවන්ට පවා පරාජයක් අත්විය හැකිය.  නමුත් රාජකීය හමුදාවට සහ ෂ්‍යාඕ චීයේ ට නොහැකි විය.  ඒ සමගම ඔවුන් තම විලංගුවලින් මිදුණු අතර, ඔවුන් තම සහයකයන් ද හැර ගියේය. ඔවුන්ට ජග්‍රහණය කළ නොහැකි නම් ඔවුන්ට හැකි වූයේ මිය යන්නට පමණකි.

ෂ්‍යාඕ චීයේ ඔහුගේ අශ්වයා හරවාගෙන ඔහුගේ නිකට මත තිබූ වැසි ජලය පිස දැමීය. ඒ රැධිරය සහ මාංශ ගිල දැමූ වෘකයෙක් විලසට ය.  කෑදර බවසහ අනුකම්පා විරහිත බව සංකේතවත් කරන ඒ තලය පිටතට ගත් ඔහු තමා පිටුපස සිටි වෘකයන් රැලට පවසන්නට වූයේ ය “අපිට ආහාර ගන්න වෙලාව ඇවිත්” 

 වර්ෂාව තවත් දැඩිව ඇදහැලෙමින් ජල වලවල්  මතුපිටට ඇද වැටුණේ ය.

◈     ◈     ◈

සීජෞ හි විශේෂ නියෝජිතයා පැමිණ ඇති බව ලෙයි චංහිංට දැනගන්නට ලැබුණේ ය. එබැවින් හේ ඔහුව කූඩාරමේදී පිළිගත්තේය.

“චෙංෆෙං මහත්මයා.” ඔහු දවටාගෙන සිටි සළුවත් සමගම ලෙයි චංමිං එහි උස්ව පිහිටි ව්‍යාඝු ආසනය මත අසුන්ගනිමින් කොං ලිංව පරික්ෂා කර බැලුවේ ය.  “අපි අවසාන වතාවට හමුවෙලා දින කිහිපයක් ගත වෙලා නේද.”

කොං ලිං ආචාර කරමින් පවසන්නට යිය. “ඉස්සර ප්‍රධානිතුමා සීජෞ වපට නිකරම වගේ පැමිණෙනවනේ .  අපි හැමෝම දන්න හඳුනන අය, ඉතින් ඇයි මේ වෙලාවේ ආයුධ අතට අරගෙන මේ තරම් විශාල ආන්දෝලනයක් ඇති කරන්නේ?"

පුදුමයට කරුණක් නම්, ලෙයි චංමිං අධම මිත්‍රයෙක් නොවීම ය.  ඔහුගේ කැළැල් ඇති දෑත් වල අලංකාර කරන ලද ආභරණ නොතිබූ අතර ඔහුගේ ඇඳුම් සරල පිළිවෙල විය.  ඔහු රැගෙන ගිය පුළුල් අසිපත ඒ වන විටත් කැටයම් කළ සලකුණු පෙනෙන තුරු ඔප දමා තිබුණි.  යමෙක් හදිසියේම හැරී බැලුවහොත්, ඔහු සෑම විටම බිමට හෝ අහසට මුහුණ ලා සිටින ජොංබෝ හී සාමාන්‍ය ගොවිතැන් කරන ජනතාවට වඩා වෙනස් නොවීය.  ඔහු මීට පෙර කිසිදු දවසක ඉගෙනගෙන නොතිබුණේ ය.  ඔහුට තිබුණේ වසර පුරා යුධ සහෝදරත්වයෙන් යුතුව ගමන් කරන කොල්ලකරුවෙකු ගේ ප්‍රබෝධයකි.  නමුත් එය වෙස්වළා ගැනීමක් පමණක් බව පෙනුණේ , ඔහු තරමක් අවබෝධයෙන් කටයුතු කළ බැවිනි.

ලෙයි චංමිං කොං ලිං හා ශිෂ්ථත්වය මවා පෑවේ නැත.  ඔහු මීළඟට ශෙන් ස'චුආන් දෙසට නෙත් යොමු කර සිනහවකින් යුතුව පැවසුවේ ය, “අපි පරණ හඳුනන අය නිසා, චෙංෆෙං මහත්මයා මත්පැන් පානය වෙනුවෙන් විතරක් රාජකීය ආරක්ෂකයෙක් රැගෙන ආවේ ඇයි?”

ව්‍යාකූල ප්‍රකාශනයකින් යුතුව, කොං ලිං පැවසුවේ ය, “ප්‍රධානියා මෙතරම් විශාල භට පිරිසක් ගෙන ආවේ වංශාධිපතිතුමයි සහ උප අණ දෙන නිලධාරියා ශෙන් වයි  දැකගන්න වගේම නගරයට බලපෑම් කරන්න නෙමෙයි ද?  අද, මම දෙන්නවම එකිනෙකාට හදුවාදෙන්නම්.  ගෞරවනීය උප අණදෙන නිළදාරීතුමනි මේ ඉන්නේ ජොංබෝ පආන්ත හයේ ප්‍රසිද්ධියට පත් වුණ ප්‍රධානි ලෙයි.  ඔහු දුඅන්ජෞ සහ දුන්ජෞ වල ප්‍රාන්ත දෙකේ ඉහළම බලවතා වෙනවා..  ප්‍රධානිතුමා, මේ උප අණදෙන සේනාධිපති ශෙන් , ශෙන් ස'චුආන් , චූදු වල පුද්ගලිකව කාර්යයභාර්යයන් බොහොමයක් කළ ස්වර්ගීය පුත්‍රයාගේ අභ්‍යන්තර අමාත්‍ය කවයේ නිලධාරියෙක්"

"මම ඔබේ විශිෂ්ට නාමය හුඟ වතාවක් අහලා තියෙනවා."  ලෙයි චංමිං කීවේ උනන්දු සහගත ලෙසිනි.  "ශෙන් ස'චුආන්.  ඔබයි ශෙන් ස'චුආන්.  නගරය මුද්‍රා තබලා ඔබව වටලන්න හන් චෙං උපායක් යොදපු බව මට අහන්න ලැබුණා.  ඔබ තනියම ඔහුගේ ඉතිරි වෙලා හිටි ප්‍රභූ හමුදා මරා දැමුවා.  ඔබේ සෑම පහරක්ම මාරාන්තික වුනා වගේම, ඒ සෑම පහරක්ම හරිම වේගවත් වුනා ප්‍රහාරයන් නොපෙනෙන තරමට.  ඔබ ෂ්‍යාඕ චීයේ එක්ක ලීබෙයි වලට යනවා වෙනු​වට ජෞ ගුයි වගේ අය ඉන්න ගැවසෙන්නේ ඇයි?  ඔහු වගේ නීතිගරුක ප්‍රාන්ත නායකයෙකුට ඔබ වගේ ඝාතන යන්ත්‍රයකට ඉඩක් දෙන්න බැහැනේ, නේද?"

"මමත් නීතිගරුක පුද්ගලයෙක්." ශෙන් ස'චුආන් ඔහුගේ ඉණ පෙන්වීමට ඔහුගේ දකුණු හස්තය මදක් එසවූයේ ය. "මම ඔබට බැහැදකින්න එනකොට මගේ තලයවත් රැගෙන ආවේ නැහැ. පෙයි ප්‍රධානීතුමනී."

ලෙයි චංමිං ශෙන් ස'චුආන්ගේ චලනයන් නිසා දැඩි වී සිටි රාජකීය ආරක්ෂකයින් ආපසු හරවා යැවීමට අත එසවීය.  ඔහු ශෙන් ස'චුආන් දෙසට හස්තය දිගුකර පවසන්නට විය., “ඔබ ස්වර්ගයේ පුත්‍රයා දකින කොට ඔබේ තලය ඉවත් කරන්නේවත් නැ.  ඒත් මාව දැක්ක ගමන් ඔබ ඒක කරන්නේ මුළු හදවතින්මයි.”  ඔහු ඝෝෂාකාරී හඬකින් සිනාසුනේ ය. “ස්වර්ග පුත්‍රයාට වඩා මම ගෞරවනීය කෙනෙක් වෙලාවත් ද?” කියා මහ හඬින් පැවසුවේ ය.

“දැන් එය මෙහෙයවන්නේ වැන්දඹු අධිරාජිණියයි ඒවගේම උසාවියේ වියත් ලිහිලා වෙලා. මේ වෙද්දී ස්වර්ගයේ පුත්‍රයා කියලා දෙයක් නැහැ."  ශෙන් ස'චුආන් සිනාසුණේය.  “ප්‍රධානිතුමා අසමසම වීරයෙක්.  මම ස්වභාවයෙන්ම ආචාර ධර්ම පිළිපැදිය යුතුයි නේ."

“ඔබලා හැමෝම දිගු කාලයක් චූදු වල සිටපු අයයි. ඔබේ වදන් සවනට ප්‍රියයි.” ලෙයි චංමිං අසුනට හේත්තු වී පිඟානේ තිබූ බතල වෙන් කළේය.  ඔහු කටක් දෙකක් ආහාරයට ගෙන පවසන්නට විය. “කියලා දාන්න.  ඔබට මගෙන් මොනවද ඕනේ?"

"අද ප්‍රධානියාගේ කූඩාරමට පැමිණියේ මගේ අරමුණක් නිසයි : පළමුවැන්න, ඔබ වෙනුවෙන් විශේෂ සංචාරයකටයි මෙහි පැමිණියේ, දෙවැන්න, අනාගතය ගැන ඔබ සමඟ සාකච්ඡා කරන්න මගේ තියෙන කැමැත්ත ප්‍රකාශ කරන්න." ශෙන් ස'චුආන් කූඩාරම පරික්ෂා කර බැලුවේ ය. “මෙතැන කඳවුරු බැඳීම දිගුකාලීන පියවරක් නෙමෙයි.  රාජකීය හමුදාව නාවොත්, ඒත් ප්‍රධානීතුමා  දවසින් දවස බලාගෙන ඉන්නවද?"

“ඔබට මට වඩා ධ්‍යාඕ චීයේ ව වැටහෙනවා.” ලෙයි චංමිං තම බතල පිගාන කටවල් කිහිපයකින් අවසන් කර දැමුවේ ය. “ඔහුගේ පියා සහ වැඩිමහල් සහෝදරයා කීර්තිමත් හමුදාපතිවරු.  ඔහු කොයිතරම් නපුරු වෙන්න පුළුවන් ද?  ඔහු සාකච්ඡාවක් වෙනුවෙන් මම ළගට එනකල් මම බලාගෙන ඉන්නේ. සීජෞ මේ තරම් විශාලයි.  සොයන්නේ නැතිව පවා ඔහු සැඟවී ඉන්නේ කොහේද කියලා මට අනුමාන කරන්න පුළුවන්.  ඔහු සීජෞ අල්ලාගෙන පිටවීම ප්‍රතික්ෂේප කළොත් මට සීජෞ වලට ඇතුළු වෙන්න බැහැ!  මේ ප්‍රශ්නයට විසඳුමක් තියෙන්න ඕන නේද?  මම ඔහු වෙනුවෙන් බලා ඉන්නම්.  මට හදිස්සියක් නෑ."

“ඔහුගේ විසිදාහක රාජකීය හමුදාව  අශ්වයන් පදින්නත් දුනු ශිල්ප වලටත් දක්ෂයි.  අශ්වාරෝහකයන්ගේ ත හැකියාවන් ලිබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාවට වඩා අඩු නැහැ.  ඒ වෙනුවට දැන් ඔහු සමඟ සටන් කරන එකෙන් ප්‍රධානියාට අවාසියක් වනු වේවි."  ඒ ආරක්‍ෂකයින් නැවත ගමන් කරන්නට සූදානම්ව සිටිනු දුටු ​​ශෙන් ස'චුආන් පූර්වාපේක්‍ෂිත සිනහවකින් යුතුව මෙසේ පවසන්නට වූයේ ය: “ඔහු නගරයේ සිටිනවා. ආහාර වෙනුවෙන් නම් සීජෞ වල ධාන්‍යාගාරයක් තියෙනවා.  ප්‍රධානීතුමා ඉන්නේ නගරයෙන් පිටතයි. හමුදාවන් පවත්වා ගනුන පසුපෙළ හමුදා සලාක මත පමණක් විශ්වාසය තියන්න පුළුවන්.  මිනිසුන් හතලිස්දාහකගේ වියදම විශාල මුදලක්.  මේ සටන දිග්ගැස්සෙන තරමට ප්‍රධානියා පරාජය වෙන්න ඉඩ තියෙනවා.බමට වඩා ප්‍රධානියා මෙමේකය තේරුම් ගෙන ඇති කියලා මට විශ්වාසයි."

“ඉතිං මොකද? මට කල් මරන්න පුළුවන් ඒත් රාජකීය හමුදාවට බැහැ නේද? ෂ්‍යාඕ චීයේට මුළු ජීවිත කාලෙම සීජෞ වලට වෙලා ඉන්න බැහැ. ලීබෙයි වල කුමරු දැනටමත් ඉන්නේ යුද්ධයක සටන් කරමින්.  ෂ්‍යා්ඒ චීයේ නිවසට යන්න ඉක්මන් වෙනවා. මේක තවදුරටත් ඇදගෙන යන කරමට මට අහිමි වෙන්නේ මුදල් වුනත් , ෂ්‍යාඕ චීයේ ගේ සමබරතාවය රදවාගැනෙන්නේ ජීවිත වලින්. ඔහු කැරළි ගැහුවත් චීදොං පාබල සේනාංකය හඓම කළේ නැ. චී ජූයින්ට ඇගේ හමුදා මෙහෙට ගෙන​එන්න ගතවෙන්නේ මාස භාගයක් විතරයි. ලීබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාව ශක්තිමත් කිරීම සඳහා ඉදිරිපත් වෙද්දී, ඔවුන්ට දෙපසින්ම හිසරදයක් ඇති වේවි.  චී ජූයින් ගේ සේනාංකය අශ්වාරෝහක හමුදාවටත් වඩා සටන් කරන්න පහසු පිරිසක් නෙමෙයි.  මේ දැරියගේ හැකියාව ඇය එක්ක නිතර ගනුදෙනු කර ඇති ඔබ හොඳින්ම දන්නා දෙයක්.  ඇය බ්‍යැන්ෂා වල සිංහාසනයට ගිනි කියන්න පවා එඩිතර වූනා. සීජෞ වලට එරෙහිව සටන් කරන් කරන එක ඈට සරල දෙයක්.  ඒත්, ෂ්‍යාඕ චීයේ එඩිතර වේයි ද?"  ලෙයි චඹිං ඔහුටග් මුව පිස දැම්මේ ය.  ඔහුගේ සිනහව නොසැලකිලිමත් වූ අතර, ඔහුගේ ඇස්වල ප්‍රකාශනය ශීතල තණ්හා සහගත විය "ෂ්‍යාඕ චීයේ ඒ වෙනුවෙන් වටිනවද?"

ශෙන් ස'චුආන් කණගාටුදායක මුහුණක් මවා ගනිමින් පවසන්නට විය, “ප්‍රධානියා සතුව තියෙන සංචිත සලාක සැබවින්ම ප්‍රමාණවත් නම්, ඒ ගැන මට වැඩි යමක් කියන්න අවශ්‍ය නැහැ.  ඇත්තම කිව්වොත්, මම ඔබ සමඟ ගනුදෙනුවක් ගැන සාකච්ඡා කරන්න සිතපු හැම වේලාවකදි ම සේනාධිනායිකා  චී ගේ පැමිණීම ගැන මම කරනස්සපට පත්වෙන හින්දා."

කොං ලින් තරමක් සුදුමැලි වී ශෙන් ස'චුආන් දෙසට පියවර දෙකක් සමීප විය.  ඔහු පැවසුවේ ය, “උප සේනාධිපතිතුමනි, අපට තවම කරන්න තියෙනවා...”

 "ඔබට මම එක්ක සාකච්ඡා කරන්න අවශ්‍ය ගනුදෙනුව මොකක් ද?" ලෙයි චංමිං කොං ලිංට බාධා කළේ ය.

ශෙන් ස'චුආන් පවසන්නට විය. “ෂ්‍යාඕ චීයේට කිසිම ඉාධාවකින් කොරව සෘජෞ හරහා ගමන් කරන්න පුළුවන් වුනොත් , ඒකෙන් හැම කෙනෙන්ටම හොදක් වගේම යහපතක් වේවි.  නමුත් ප්‍රධානිතුමා ඔබේම සොල්දාදුවන් සමඟ පැමිණිලා තියෙන නිසා , ඔහුගේ විසිදහසක රාජකීය හමුදාව තවදුරටත් මගේ එකම තේරීම නෙමෙයි.  මම ප්‍රධානිතුමා සමඟ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන ගනුදෙනුව හරියටම හමුදා සලාක සම්බන්ධයෙන් තිබෙන දෙයක්.  මගේ අතේ තවමත් රිදී මිලියන 2 ක් තියෙනවා, මේ සටනේදී ආහාර සලාක වියදම් සඳහා භාවිතා කරන්න ප්‍රධානිතුමාට ඒක ආයෝජනය කරනුන මම කැමැතියි.  නමුත් ඒ වෙනුවට, ඔබ අනාගතයේදී රාජකීය අධිකරණයේ නිලධාරියෙක් වෙද්දී මගේ ජීවිතය ආරක්ෂා කර ගන්න හන් චෙං ඉදිරියේ මම වෙනුවෙන් ඉන්න බව සහතික වෙන්න ඕනේ."

තුෂ්නිම්භූත වූ කොං ලිං පවසන්නට විය, “ශෙන් ස'චුආන්!  තමුන් අපිව රැවැට්ටුවේ කොහොමද?!  ඒ මිලියන ස්වික්වය සීජෞ වලට ආරක්ෂක භටයන් නැවත ගොඩනැගීම වෙනුවෙන් ලබා දෙනවා කියලි අපි එකඟ වුනා නේද?!

 "මම කිව්වේ මම කැමති කියලා විතරයි." ශෙන් ස'චුආන් ඔහුගේ හිස මඳක් ඇල කර අවංකව ම කොං ලිං ට පැවසුවේ ය. “මම අනිවාර්යයෙන්ම එහෙම කරනවා කියලා මං පැවසුවේ  නැහැ.”

කොං ලිජ ශෙන් ස'චුආන් ගේ වස්තුයෙන් අල්ලාගෙන පැවසුවේ ය, "ඔබ අපට බොරු කිව්වා!  ද්‍රෝහී කොල්ලා! ”

 ලෙයි චංමිං නැවතත් සිනාසුණේය.  දණහිස් මත දෑත් තබාගෙන හේ පවසන්නට වූයේ ය, “ඔබ මේ ඇත්තටම ද?  ශෙන් ස'චුආන් , ඔබ සතුව එතරම් රිදී ප්‍රමාණයක් තියෙනවා නම් , ඔබ තවමත් රාජකීය හමුදාවට ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් පලා යන අතරතුර මඩ වලින් පෙගෙන්න ඉඩ දුන්නද ?  ඔබලා මාව රවට්ටන්න කුමන්ත්‍රණය කරන්නේ නැහැ නේද?"

කොං ලිංට ඔහු පවසන දේට සවන් දෙනුනට තවමත් නිරවුල් මනසක් කෙසේ තිබෙන්නද?  ඔහුගේ මුහුණ රතු වී, ඔහුගේ කුඩා රැවුල වෙව්ලන්නට වූ අතර ඔහු විශ්වාස කළ නොහැකි ලෙස ශෙන් ස'චුආන් ට පවසන්නට විය. “ඔබේ ඒ ආවේගශීලී කතාවත් බොරුවක්ද?  ඔබ!  ඔබ අපව මුදාවට පත් කරන්නත් උගුලක් අටවන්නත් ජොංබෝ වල විපත භාවිතා කළා.  ඔබ ඇත්තටම මනුෂ්‍යයෙක්ද?!"

"සෑම මිනිසෙකුටම තමන්ගෙම අභිලාෂයන් තියෙනවා." ශෙන් ස'චුආන් ලෙස සිනාසුණේය.  “සීජෞ සහ රාජකීය හමුදාව දැනටමත් කටුව ඇකුලේ සැගවුන කැස්බැවන් වගේ මුල්ලකට කොටු වෙලා ඉවරයි.  මම නව ස්වාමියෙකු සෙවීම ස්වාභාවිකයි.  චෙෆෙං මහත්මයා, ඔබ හැම කෙනාම ඒක හොඳින් තේරුම් අරගෙන ඉන්න ඕනේ." 

"ඔබට ඇත්තටම රිදී මිලියන ද්විත්වයක් දෙන්න පුළුවන් නම්," තවමත් එහි වාඩි වී සිටි ලෙයි චංමිං පැවසුවේ ය. "හන් ජින් බේරා ගන්න මට උදව් කරන්න.  එතකොට  මම , ඔබ වෙනුවෙන් හන් දෙංගේ අවසානය ගැන බලාගන්නම්."

 "මම දැනටමත් රිදී ගෙන එන්න පුද්ගලයෙක් ලබාගෙනයි තියෙන්නේ."  ශෙන් ස'චුආන් කීවේ ය.  "ඉතින් මගේ අවංකභාවයට මේ සාක්ෂිය ප්‍රමාණවත්ද ප්‍රධානිතුමනී?"

පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය

Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-