Skip to main content

එකසිය විසි තුන්වන පරිච්ජේදය : යැන් චිං




යූ ෂ්‍යාඕසායි මේ කාරණය දක්වා කතා කරන අතරේ, කුඩා මේසය මත දිබූ තේ කෝප්පය ශීතල වී තිබුණේ ය. ඔහු තවදුරටත් පවසන්නට විය.  “මට තේරෙන්නෙ නැහැ.  ශිෂ්‍යයෝ නිහතමානී පවුල් වෙන්න පැවැතආ රජ නිලධාරීන්ට සැලකුවේ හරිම දැඩි විදිහටයි. එහෙමනම් ඇයි ඔවුන් එක රැයකින් ෂුඒ ෂ්‍යුජුඕ වෙත ට ගියේ? මට පවසන්න එපා ෂුඒ ෂ්‍යුජුඕ , ෂුඒ වංශයේ සාමාන්‍ය පුත්‍රයෙක් විතරක් වෙලත් , රාජ්‍ය කටයුතු පල පාලනය කිරීමේදී කඩිසරව වැඩ කරන නිහතමානි පවුලකින් හා සංජුන් අණදෙන සේනාංකයේ නිළදාරී කොං ච්‍යුටත් වඩා උපරිමය කළ හැකි බව? මහා අමාත්‍ය තුමා අමාරු ක්‍රමයකින් අපිට මාර්ගයක් පෙන්නුවා. ඒත් කවුද හිතුවේ? අවසානයේ වැඩි ප්‍රශ්නයක් ලබා ගන්නේ උතුම් වංශිකයන් බව?”

“ෂුඒ ෂ්‍යුජුඕ මොන විදිහෙන් වත් ගෞරවාන්විත වංශවලට වාසි ලබා ගන්න ඉඩ දෙන්නෙ නැ." ෂ්‍යාඕ චීයේ ශීතල වූ තේ වත්කරමින් පැවසුවේ ය. “ඔහු මේ වතාවෙ පහර චුන්නෙම ඔහුගේ ප්‍රතිවාදියෝ සූදානම් නැති නිසයි ඔහු ඒ නිසාම දෙපාර්ශවයෙම ආරක්ෂාව බිඳලා දැම්මා. ​වැන්දඹු අධ්රාජිණිය හැන් චෙං එක්ක වෘත්තාකාරව යමින් හිටියේ ඇයට පාවිච්චි කරන්න වෙන කිසිවෙක් නොහිටිය නිසයි. ෂුඒ ෂ්‍යුජුඕ පැහැදිලිවම කිසිම වචනයක් වැන්දඹු අධිරාජිණිය ගේ ගගානුතික ධනවත් වංශ වලට කාන්දු වෙන්න ඉඩ හැරලා නැහැ. ඒ විකරක් නෙමෙයි පෙර අධිරාජ්‍යයා මිය යන කාලය වෙද්දි , ඔහු හන් චෙං ව ඉත්තෙක් විදිහට සිර​කරගෙන සිටියා. වෙනත් විදිහකට කිව්වොත් , ඔහු දැනටමත් ධනවාදි වංශ අමනාප කරගෙක ඉවරයි , ඒවගේම මෙය ඔහු අනිත් සියල්ලන්ටම වජා හොඳට දන්නා දෙයක්.”

කනස්සපු සහගත කෝපයකින් යූ ෂ්‍යාඔසායි පවසන්නට විය.  “මමඉමෙහෙ එන ගමන අතරවාරයේදී ඒ ගැන හිතමිනුයි ආවේ, ඒත් මට තාමත් ඒ ගැන තේරුම් ගන්න බැහැ. මට ඔහුලේ අභිප්‍රාය කුමක්ද කියලා තේරුම් ගන්න අපහසුයි. නව අධිරාජ්‍යයාගේ පදනම අස්ථාවරයි, ඒ වගේම ඇය කාන්තාවක්. ඔහු එය කඵේ බලය වෙනුවෙන් නම්, ෂුඒ වංශය බලයෙන් ඉහලට එසවුනත් , අනිත් අය සහ අධිරාජිණියගේ පීඩනය එක්ක ඔහුට ඒතරම් කාලයක් ඉන්න බැරි වේවි.”

සිතුවිළි ශෙන් ස'චුආන් ගේ මනස හරහා ගලා ගියේ ය. ඔහුඉඒ ගැන මදක් මෙනෙහි කරමින් පවසන්නට විය. “අපිට පුද්ගලයෙක්ගේ අභිප්‍රායන් දැනගන්න අවශ්‍ය නම් අපිට කිසිම හෝඩුවවක් පිටතට යන්න දෙන්න බැහැ. ෂියන්නදේ සමයෙදි නන්ලින් දඩයම් පිටියෙදි හුආ ස'චියන්ට කැරුළි ගහන්න බලපෑම් එල්ලවුණා, ඒවගේම එය සැළසුම් කර තිබුණේ මහාමාත්‍ය වැඩිහිටි හායි සහ ෂුඒ ෂ්‍යුජුඕ දෙපලයි. ඒ කාලයේ දී, ආදායම් පිළිබඳ පරීක්‍ෂණ කාර්යාලයේ ප්‍රධාන අධීක්ෂණ ලේකම් විදිහට නිලතල දැරූවා වගේම ඔවුන්ගේ ගිණුම් ගණනය කළා.  ඔබ කිව්වා ලේකම් කාර්යාලයේ වැඩිහිටි හායි මේ කාරණය ප්‍රකාශ කරලා මියයන්න උත්සහ කළා කියලා.  එහෙමනම්එ මගේ අනුමානය තමයි , ජොංබෝ වල හමුදා භටයින්ගේ පරාජය ගැන අභ්‍යන්තර කතා හරය ෂුඒ ෂ්‍යුජුඕ දැන හිටියා කියන එක. හුආ ස'චියන්ව ප්‍රශ්න කරලා  පිටත​ට අරගැනීම වෙනුවෙන් පසුකාලීනව ඔහුට හමුදාවන්ට එකතු වෙලා ජුඒෂි වල පළාත් පාලන නිළදාරී ජියැං චිංෂන් එක්ක එක්ව කටයුතු කරන්නත් හේතුව මේක වෙන්න ඇති.  මේ ආකාරයෙන් බලද්දි , මේ පුද්ගලයා වෙයි හුඅයිගුගේ විදිහට සමාන වෙන්නෙ නැහැ , මොකද ඔහු ආරම්භයේ ඉඳන්ම ගෞරවනීය වංශවලට පහර එල්ල කළා."

“මම එකවතාවක් ෂී හොංෂුආන් ඔහු ගැන සඳහන් කරනවා අහන්න ලැබුණා. ඔහු පැවසුවා ෂු ෂ්‍යුජුඕ හැම වෙලාවකම රාජ්‍ය කයෙුතු එක්ක කාර්යබහුල වෙලා ඉන්නවා කියලා. මම උකුරු විනිසුරුවරයා විදිහට රාජකීය ආරක්ෂක අංශයේ වැඩ බාරගත්තට පස්සේ , මම රාජකීය ආරක්ෂක අමාත්‍යංශයේ  වගේම  අධිකරණ සමාලෝචන අධිකරණය එකතු වෙලා විමර්ශනය කරන්න සම්බන්ධ වුන නඩු වාර්තා නිරාකරණය කළා.  ඔහු ආදායම් පිළිබඳ විමර්ශන කාර්යාලයෙන් අධිකරණ සමාලෝචන අධිකරණයට මාරු වුනාට පස්කසේ ඔහුඉඇත්ළතටම නඬු බොහෝ ප්‍රමාණයක් හසුරවලා තියෙන බව මට හොයාගන්න ලැබුණා. ලේකම් කාර්යාලයේ වැඩිහිටි හායි කිසිවිම වෙලාවක සමච්චල් වලට නොරැවටෙන, නොනැමෙන අවංක අයෙක්, ඔහු නැවත නැවතත් ෂුඒ ෂ්‍යුජුඕ ව උසස් කළේ කුසලතා නිසාම විතරක් නෙමෙයි. ගෞරවනීය සෙන් පවා ෂුඒ ෂ්‍යුජුඕ ගැන ​හුඟ වතාවක් මට කියලා තියෙනවා.  මේ වෙනකල්ම ඔහුගේ දේශපාලන ජයග්‍රහණ නැගී එන දක්ෂතා අතර කැපී පෙනෙනවා කියන එක කියන්නම ඕන දෙයක්."

එය අවබෝධ කරගත් යූ ෂ්‍යාඕසායි පවසන්නට විය. “ඇත්තම කියනවා නම්, උප හමුදාපතිතුමනි, මට තේරෙන්නේ නරති තැන එතන තමයි. හැම වෙලාවකම, ෂුඒ ෂ්‍යූජුඕ හොඳ නමක් දිනාගන්නවා.  ප්‍රධාන නිරීක්ෂණ කාර්යාංශයේ  රාජකීය වාරණයන්ට පවා ඔහු පිළිබඳ කිසිදු විරෝධයක් නැති තරම්.  ඔහු පිළිබඳ ප්‍රධාන නිරීක්ෂණ කාර්යාංශයේ ඇගයීම් විශිෂ්ටයි.  මේක ඕනෙම කෙනෙක් දිවා කාලය තරම් පැහැදිලි කරුණක් , ඒනිසා ඔහුගේ වර්තමාන ක්‍රියාවන් පිටුපස තියෙන තාර්කීක දේවල් මට තේරුම් ගන්න බැහැ.  ඒකට හේතුව තමයි ඔහු අපි කලිනුත් සඳහන් කළා වගේ පැන් රූගුයි වගේ ධනවත් වෙන්න උත්සහ කරන අයෙක් නොවීම"

ෂ්‍යාඕ චීයේ මදක් පිටුපසට නැමී දෑත් ඔසවා ගත්තේය. හේ ශෙන් ස'චුආන් ට පවසන්නට විය. “ඒක හරි.  අපි චූදු වල ඉන්යානකොට ෂුඒ ෂ්‍යුජුඕ ගැන කතා කළා. යාඕ වෙන්යූ කලින් වතාවක කිව්වා වැඩිහිටි හායි ඔහුව ශිණ්‍යයෙක් විදිහට පිළි නොගත්තත්, ඔහු ලේකම් කාර්යාලයේ වැඩිහිටි හායිගේ කුසල් පොත්වල හුඟක් සඳහන් වෙලා තිබුණා කියලා, යාඕ වෙන්යූගේ වැඩිහිටි උත්සවයේ දී ඔහුට කිරුළ පැළඳීමට ලේකම් වැඩිහිටි හේ ඉඩ දුන්නා කියලා. ඔහු රාජකීය අධිකරණයට බැඳුණු පළමු වසර කිහිපය තුළ, ඔහු විසින් ලියන ලද රචනා සියල්ලම ධනවත් වංශවල අගතිගාමී අදහස් ඉවත් කරන්නයි ලියැවී තිබුණේ, හුආ ස'චියන්ගේ  ප්‍රධානත්වයෙන් යුත් රාජකීය විද්‍යාලය, විද්‍යාලාධිපතිගේ කාලයේ උච්චතම අවස්ථාවෙදී එහි පැරණි කීර්තියට ප්‍රතිෂ්ඨාපනය කළ හැකි බවට බලාපොරොත්තු තියාගෙන හිටියා.  ඔබ දන්න විදිහට, හයි ලියැංයී හැර, මහා ලේකම් කාර්යාලය - එ මෙන්ම ඒ යටතේ ඇති අමාත්‍යාංශ හය - එවකට වංශවත් වංශවල නිලධාරීන්ගෙන් සමන්විත වෙලා තිබුණා.  කාලයත් එක්ක, චූදු වල  නිලධාරීන් තෝරා ගනිද්දි ප්‍රමුඛත්වය දුන්නේ ලැබුවේ කීර්තිමත් වංශවල අයටයි.  හුවා වංශයේ නූගත් දහතුන්වන පුත්‍රයාට පවා යුද අමාත්‍යාංශයේ වැදගත් තනතුරක් දැරීමට හැකි වගේම රාජකීය හමුදාවේ කටයුතුවලට පවා මැදිහත් වුනා.  කොං ච්‍යු ඒ වෙනකොටත් අධිකරණ අමාත්‍යාංශයේ සේවය කරමින් සිටියේ , ආදායම් අමාත්‍යාංශයේ ලියැං සුයිශං එම කාලය තුළ නැවත නැවතත් පහත දැම්මේ , ස්ථාන මාරුවක් සහ උසස්වීමක් ගැනවත් පිළිබඳ බලාපොරොත්තුවක් නැති වෙන විදිටයි."

ශෙන් ස'චුආන් ඔහුගේ හිස මදක් සොළවමින් පවසන්නට විය.  “එදා ඔහුට ආදායම් අමාත්‍යාංශයේ ප්‍රධාන අධීක්ෂණ ලේකම් තනතුර දරන්නට හැකි වුනේ හුආ ස'චියන් ගේඅරමුණ වී තිබු​ණේ ඔහුව ඉවත් කර දැමීම නිසයි.  ප්‍රධාන අධීක්ෂණ ලේකම් තනතුර ඔහුට සෘජුවම අධිරාජ්‍යයා වෙත ප්‍රවේශ විය හැකි වැදගත් තනතුරක්. ඒත් ෂියන්දේ අධිරාජ්‍යයාට සෘජුවම තම පාලනය අතට ගන්න නොහැකි වුනා.  මහා ලේකම් කාර්යාලය භාරව සිටි හුආ ස'චියන්ට මේ තනතුරේ කැපී පෙනෙන වාර්තාවක් ගොඩනඟා ගැනීමට හැකි වේනිද කියන එක පැවතුනේ අවසාන ප්‍රකාශය මතයි.  කරුණු කාරණා විසඳන ෂුඒ ෂ්‍යුජුඕ ගේ තනතුර වෙනස් වෙන්න පටන් ගත්තෙ මෙන්න මේ කාලයේදී.   ඔහු විරුද්ධවාදී ක්‍රියාමාර්ග ගැනීමේ ඉඳලා ටික කාලයක් තිස්සේ පහත් අයෙක් ලෙස හිඳගෙන අවසාන අවස්ථාවේදී අප හොඳින් දැනුහුරුපුරුදු මාර්ගයට ආවා".

එයට සවන් දෙන තරමටම යූ ෂ්‍යාඔසායි තව තවත් කලබල වන්නට විය. ඔහු පවසන්නට විය.  “ඒත් ඔහු නිර්මාණය සම්භවයක් තියෙන අය ඉන්න කඳවුරේම ඉන්න එකේ , අපිත් එක්ක සම්බන්ධ උනේ නැත්තේ? ඒ හන් චෙං…”

“ලී ජ්‍යංහෙන් සිංහාසනයට පත්වෙන කාලයේදී ඔහු තමන්ගේ උපරිමය ම ඒ වෙනුවෙන් ලබා දුන්නා , ඒත් ඉක්මනින්ම ඔහුට අවබෝධ වුනා ලී ජ්‍යන්හෙං.  ඒ තරම් නීර්භීත , තීරණයන් ගත නොහැකි දූරදර්ශී නොවන බව.  එහි වෙද්දි ලී ජ්‍යංහෙන් පාර්ශව කිහිපයක් අතර ඇතිවෙච්ච කඹ ඇදිල්ලෙන් නිරතුරුවම වෙව්ලමින් හිටියා. නිහතමානි සම්භාවයක් තියෙන නිලධාරීන්ගෙන් ගැලවෙන්න නම් ඔහු සමත් වුණා. ඒ වගේ මහලේකම් කාර්යාලයේ වැඩිහිටි ​හායි ප්‍රමුඛ නායකත්වයෙන් යුතු නිහතමානී සම්භවයක් තියෙන නිලධාරීන් වැන්දඹු අධිරාජණිය ඉවත් කරන්නත් අසමත් වුණා."

ශෙන් ස'චුආන් ඔහුගේ හිස පසෙකට හරවා ගත් අතර , හේ දකුණු කනෙහි පැළඳ සිටි කුඩා මාණික්‍යය ආභරණය සෙවනැලි වලින් වැසී ගියේය.  ඔහු තව දුරටත් පවසන්නට විය. 

  “රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයෝ නිහතමානී සම්භවයක් සහිත නිලධාරීන්ට පහර දීමේ දුර්වලකම නැවත නැවතත් සඳහන් කළේය. ෂුඒ ෂ්‍යුජුඕ නිහතමානී උපත් ඇති විද්වතුන් තවදුරටත් විශ්වාස නොකරන්නේ මේ නිසා වෙන්න පුළුවන්. ලේකම් කාර්යාලයේ වැඩිහිටි හායි ගේ ගතානුගතික ප්‍රතිපත්තිය නිසයි දාජෞ වලට දිවි ගලවාගන්න ලැබුණේ.  වෙයි හුඅයිගූ ගේ කඩා වැටීම නිසයි හං චෙන් ට නැගිටින්න අවස්ථාවක් ලැබුණේ. ෂුඒ ෂ්‍යුජුඕ ට වුවමනා වෙච්ච ප්‍රතිපලය මේක නෙමෙයි."

ශෙන් ස'චුආන් එක්වරම නතර වී දෑස් පටු කරගත්තේ ය.

 "ඔහු ඇදුරුතුමාව අරගෙන ගිය එක පුදුමයක් නෑ එහෙනම්."

චී හුයිලියන් යනු විරුද්ධවාදීන්ගේ වැදගත්ම චරිතයයි - ඔවුන් පරිපූර්ණ සහ සම්පූර්ණ දේශපාලන වෙනසකට පක්ෂව සිටි අයයි.  ඔහු ඇත්තටම නැගෙනහිර මාලිගාවේ වැඩ කරමින් හිටියා.  ඔටුන්න හිමි කුමරු වැඩි කලක් ජීවත් නොවුනට  ඔහුට තවමත් සාමාන්‍ය ජනතාව සංගණන ලේඛනයට ලියාපදිංචි කිරීම වගේම ඔවුන්ගේ නිල රාජකාරි ඉටු කිරීමේදී නැගෙනහිර මාලිගාවේ යටත් නිලධාරීන්ගේ වේගවත් බව සහ මහජන අදහස් නොතකා ඉදිරියට ගමන් කරන්න තිබුණු දැඩි උත්සාහය නිසා ජයග්‍රහණ අත් කරගන්න ඔහුට හැකියාවන් ලැබුණා.  හායි ලියැංයී පරිපාලනයට නායකත්වය දුන් කාලය තුළ ෂුඒ ෂ්‍යුජුඕ ට සහනදායී ප්‍රවේශය වෙනස් කරන්න අවශ්‍ය නම්, ඔහු ට චී හුයිලියන්ගේ උදව් අවශ්‍ය වෙනවා."

නමුත් චී හුයිලියන් එය ප්‍රතික්ෂේප කළේ ය. ඉතිං ෂුඒ ෂ්‍යුජුඕ චී හුයිලියන් ව හන් චෙංගේ අතට පත් කළේ ය. 

ශෙන් ස'චුආන් තම දෙතොල් තද කළේ ය. ඔහුගේ වත ශෘත ලෙසින් ආලෝක පන්දමපයට ගිලුණේ ය. ඔහු පවසන්නට විය. “ඔහුව තමන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමෙන් වළක්වන්න කිසිවෙකුටත් බැහැ. මේ පුද්ගලයා කාවවත් විශ්වාස කරන්නේ නැහැ. ඔහුට තවමත් වුවමනා දාජෞ පවත්වාගෙන යන්න අළුත් අධිරාජිණිය ගැන විශ්වාසය තියන්නයි. ඒවගේම මේ වෙනුවෙන් , පැරණි වංශවල පිරිස අමනාප කරගන්න පවා ඔහු පසුබට වෙන්නෙ නැහැ. ඔහුට ඕනේ නව රුධිරයක් චූදු වලට ගෙනැවිත් පද්ධතිය නැවත ප්‍රතිස්ථාපනය කරන්නයි. අපි චූදු වලදි වෙයි හුඅයිගු ව සහ අනෙත් අයව පැරදුවා , ඒවගේම ඔවුන්ගේ කඩා වැටීම නිසා ඇති නව පුරප්පාඩුව වෙනුවෙන් නව රුධිරයයක් ගෙන එන්න උපකාර වුණා. ශ්‍රේෂ්ඨ යූ , ඔබ වැරදියි. අධිරාජ්‍යයාගේ දියණිය කෙතරම් අපූරුද පවසන ඔහුගේ කළ ස්මාරකයට ලෝකයේ සියලුම විද්වතුන්ගේ හදවත් සසල කළ හැකි වුනා නෙමෙයි , එය තමයි ඔහුගේ ඔහුගේ අවසාන වාක්‍යය."

උසාවි නිලධාරීන් තෝරා ගැනීමේදී නීත්‍යානුකූලව උපන් අයට සහ කීර්තිමත් වංශවල අයට ප්‍රමුඛත්වය දිය යුතු යැයි නියම කළ නීතියක් තිබුණේ නැත.

රාජ්‍යයේ ඉහල තරාතිරම් වල ගෞරවනීය වංශ වල ආධිපත්‍යය නැවත වරක් දාජෞ වංශ අට විසින් ආධිපත්‍යය දරන අධිරාජ්‍ය අධිකරණයක් බවට පත් විය.  ලි වංශයේ අධිරාජ්‍යයාගේ ස්ථීරභාවයන් හා ඔහුගේ , අත්දැකීම රහිත බව, නිහතමානී පසුබිම්වලින් පැමිණි අයට වංශයන් අට විසින් එල්ල කරන ලද දැඩි බලපෑම් මිදීමට හැකි වේද යන්න තීරණය කළ ප්‍රභල සාධක වූයේ ය. යොංයී රජ පාලන සමයේ පසු කාලය තුළ , ඔවුන් ඒ තරම් ප්‍රගතියක් දක්වා තිබුණේ ද නැත. මෙය ඉතාමත් දිගු කාලාන්තරයක් වූයේ ය.  ඔවුන්ට සැබෑවටම අවශ්‍ය වූයේ නිහතමානී සම්භවයක් සහිත උගතුන් කෙරෙහි මනා නැඹුරුවක් ඇති ස්වෛරී අධිරාජ්‍යයෙක් ය.  ස්ත්‍රී පුරුෂ භාවය වැදගත් නොවීය.  චී හුයිලියන් සහ හායි ලියැංයී ගේ පැමිණිමෙන් පසු නිහතමානී විද්වතුන්ගේ හදවත් අවදි කිරීමට සහ නිහතමානී පවුල්වල අපේක්ෂාවන්ට උර දීමට මේ පුද්ගලයා සමත් වන තාක් කල්, එම පුද්ගලයා වැළඳගනු ඇත්තේ ය.

වැන්දඹු අධිරාජිනිය රජය භාර ගැනීමෙන් පසු, නිහතමානී සම්භවයක් ඇති අයට තීව්‍ර වූ නෙරපා හැරීම පමණක් නොව, ජනතාවගේ සිත් තුළ ස්ථිරව මුල් බැස ගත් ලී වංශයේ අධිරාජ්‍යයන්ගේ දුර්වලකම සහ නොහැකියාව ද ඉවසා සිටීමට සිදු විය.  ශිෂ්‍යයන් කොං ච්‍යු සහ ස' යු කෙරෙහි දැඩි ලෙස හැසිරීමට හේතුව වූයේ වත්මන් රාජකීය අධිකරණය විසින් නැවත නැවතත් කරන ලද ක්‍රියාවන් තවදුරටත් ඔවුන්ට දරාගත නොහැකි වීමයි.  ජීවිත කාලය පුරාම එය විඳදරාගත් හායි ලියැංයී , ඒ වන විටත් ප්‍රතිප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ ය. ඉතිං කොං ච්‍යු තවත් සිටීය යුත්තෙ ඇයි ?  මේ මොහොතේම පොව නැවත හැඩගැසීය යුතුමය! කිසිවක් නොකර සිටීම, රාජකාරිය පැහැර හැරීමකට සමාන වන්නේ ය!

නමුත් මේ එයට සුදුසුම වෙලාවද?

ශෙන් ස'චුආන් තවත් ආකාරයකින් සිතුවේ ය.

හයි ලියැංයී එය දරාගෙන ජීවත් වූයෙ ඇයි? කිමදයත් ගෞරවනීය වංශ දජෞ හී පිළිලයක්ව පැවති හෙයිනි. ඔවුන්ගේ සීරිමට ලක්වූ අස්ථීන් යොංයී පාලන සමයේදී සුව කළ යුතුව තිබුණේ ය. නමුත් එය සිදු කිරීමට පෙරම , ජොංබෝ හී හමුදා පරාජය වූයේ හායි ලියැංයී ට තමන්ගේ පියවරයන් ගැනීමට ඉඩක් ලැබීමටත් පෙරය. දාජෞ සිය සැදෑ සමය ගත කරන , තම තරුණ කාලයේදී රුධිරය පිටතට එනතෙක් යමෙකු පහර දී ඇති පුද්ගලයෙකු වැන්න.  බාහිර තුවාල සුව කරන්නට අපහසුය , එයටත් වඩා අභ්‍යන්තර තුවාල සුව කරන්නට අපහසුය. ඔහු මිය යන්නට ප්‍රථම , ඔහු රාජකීය අමාත්‍ය මණ්ඩලයෙන් ප්‍රශ්න කළේ "මෙම ප්‍රශ්නය උග්‍ර වන්නට හැරීම අප සියල්ලන්ගේම වරදක්ද?" යන්නයි. නමුත් මේ " සියල්ලන්​ට" ම ඔහුද ඇතුලත් වූයේ ය.  

ඔහු හුආ ස'චියන්ව ​ඒ තරම් දැඩිව පිය​වරෙන් පියවර තල්පු නොකළේ නම්,

ඔහුට මීට වඩා පහසු ආකල්ප සමඟ එය සමඟ කටයුතු කරන්නට හැකියාව තිබුණා නම්, 

ජොංබෝ වලට පසුකාලීනව සිදුවු සමූල ඝාතන බේදවාචකය වළක්වාගන්නට ඉඩ තිබෙන්නට ඇත්ද? 

හයි ලියැංයී නොදැන සිටියද ,  මෙම සිදුවීම ෂියන්දේ අධිරාජ්‍යයාගේ පාලන සමයේ හා පසුකාලීනව ඔහු පරිපාලනයට නායකත්වය දුන් ආකාරය කෙරෙහි සෘජුවම බලපෑවේය.  ඔහු ඊටත් වඩා සන්සුන් ආකල්පයකින් රාජකීය අධිකරණයට සහභාගී විය.  ඔහු නැවතත් අන්​තනෝමතික ලෙස ක්‍රියා කිරීමට එඩිතර වූයේ නැත.  වත්මන් දේශපාලන තත්ත්වය තුළ ගිලී සිටින කෙනෙකුගේ ගණන් බැලීම් සහ අවබෝධය ඔහු සතු වූ නමුත් මේවා නවක ශිෂ්‍යයන්ට නොතේරෙන කරුණු කාරණා වූයේ ය.

සමහර විට ෂුඒ ෂ්‍යුජුඕ ට ලෝකයේ ශිෂ්‍යයන් ගමන් කරන දිශාවට මඟ පෙන්වීමට බලයක් නොතිබුණා වෙන්නට පුළුවන.  එහෙත් ඔහු සිය දැල එළීමට වඩාත් උචිත කාලය සොයා ගැනීමට උත්සාහ කරන කුණාටු සහිත රළ අතරින් ගමන් කරන ධීවරයෙකු වූවාට සැක නැත.  වසර ගණනාවක් නිල කවයන් තුළ පෙරළෙමින් බඩගාමින් මේ පුද්ගලයා හිස් අතින් ආපසු පැමිණ නොතිබුණේ ය.  නිහතමානී උගතුන් සහ අධිකරණ නිලධාරීන් අතර ඇති වූ ආරවුල පවා ඔහු ශෙන් ස'චුආන් තේරුම් ගත්තාට වඩා තේරුම් ගත්තේය.  පැරැණි කණ්ඩායම් වල යුධ ගිනිදැල් ඒ වන විටත් ඇවිළී තිබූ හෙයින්, වර්තමානයේ පුපුරා යන ගිනි පුපුරු ද ඒ හා සමානව එම පරමාදර්ශයන් රකින අය තුළ ගිනිදැල් දල්වා ඇත.

ෂුඒ ෂ්‍යුජුඕ විසින් විධිමත් ගුරු-ශිෂ්‍ය සබඳතාවයක් තුළ හයි ලියැංයී ගේ ගුරුහරුකම් යටතේ සිටීමට නැවත නැවතත් ඉල්ලා සිටියේය.  නමුත් ඔහුගේ ආශාව ඉටු වූයේ නැත.  ඔහු අවසානයේ හයි ලියැංයී ගෙන් උපකාර බලාපොරොත්තු වන තැනටම පත් වූයෙ ය.  තවමත්, ඔහුගේ ආශාව ඉටු කරගන්නට ඔහු අසමත් වූයේ ය.  ලේ වැගිරීම් මධ්‍යයේ තමාගේම ක්‍රමවේදයක් භාවිතා කරමින් පිටතට පැමිණීමට දෛවෝපගත ලෙස තීරණය කළ හේ  දෙපාර්ශ්වය අතර ඇති වූ ගැටුමේ පර්වතයක් බව පෙනෙන්නට වූයේ ය. හේ තමාව පවා ඉතිරි කර නොගන්නා අනුකම්පා විරහිත චරිතයක් වූයේ ය.

ශෙන් ස'චුආන් ලේ දෑස් තුළ නිර්දය ශීතල භාවය පිරී ගියේය.  ඔහුට දැනුනේ තමන් බාධාවට පත් වූවාක් ලෙසිනි.  ඔහුව චූදු වෙතින් පලවා හරින ලද්දේ, අයාලේ යන සුනකයෙකු , ඌට ආරක්ෂා විය නොහැකි තරමට පහර දුන්නාට පසු සිය වල්ගය සඟවාගෙන පලා යන ආකාරයෙනි.

ෂුඒ ෂ්‍යුජුඕ ට නියම වේලාවට ෂී හොංෂුආන් ව ක්ෂණිකව අත්හැරීමට හැකි වූ අතර, ශෙන් ස'චුආන් සිය ඔහුගේ පියවර ගැනීමට පෙර ඔහු ෂී වංශයේ රිදී ගබඩා හිස් කළේය.  මෙයින් පෙනෙන්නේ ඔහු බොහෝ කලක සිට මේ දිනය සඳහා සූදානම් වෙමින් සිටි බවයි. එවිට ශෙන් ස'චුආන් කරමින් සිට්යේ මොනවාද? අධිරාජ්‍ය හමුදාවේ සේද නඩුවේදී ෂුඒ ෂ්‍යුජුඕ දිගු කලක් තිස්සේ තම දක්ෂතාවය හෙළි කළ බව පැහැදිලි වුවද, ගෞරවනීය වංශ අතර විරසකයක් ඇති කිරීමට ඔහුගේ කථිකත්වය මත විශ්වාසය තැබිය හැකි බව හේ තවමත් බොළඳ ලෙස සිතමින් සිටියේය.

ශෙන් ස'චුආන් ඒ වන විටත් වරක් පරාජය වී තිබුණි.  ඔහු තවමත් ජීවතුන් අතර සිටි නිසාම , ඔහු මෙම සටන අවසානය දක්වාම කළ යුතු මය.  චී හුයිලියන් ගේ ජීවිතයට උරුමකම් ඇති අයෙකු ලෙස , ඔහු නැවත නැවතත් පරාජයෙන් පෙලීම පිළිගත නොහැකි විය.  ඔවුන් ඒ වන විටත් යුද්ධයෙන් තොර ව චූදු හී සිට වියවුල් සහගත සීමාවෙන් අබලන් දේශසීමාවට පැමිණ තිබුණෝ ය.   ඔහුට වහාම නැවත නැගී සිටීය යුතුමය.  එසේ නොවුවහොත්, මෙම කලබලකාරී කාලවලදී ඔහුට කිසිදු ස්ථානයක් නොමැති වනු ඇත.  ගොදුර දෙස නෙත් යොමා සිටින කොටියෙකු මෙන් ලෝභයෙන් බලා සිටි නැගී එන දක්ෂයන් අතර දුර්වලයන් සිටියේ නැත.  ඔහු වාඩි වී සන්සුන්ව විශ්වාසයන් පිළිබඳ මාතෘකාවට පිවිසීමට පෙර අනෙක් පාර්ශ්වයට අභියෝග කිරීමේ අයිතිය ලබා ගැනීමට ඔහුට සිදු ව තිබුණේ ය.

ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන් ගේ නිහඬ පසෙකට හැරුණු වත දෙස බලා හිඳ හදීසියේම යූ ෂ්‍යාඕසායි ගෙන් විමසන්නට විය. “ඔබ අධිරාජිණියව බැහැදුටුවද?”

යූ ෂ්‍යාඕසායි සෙන් යු විසින් ශෙන් ස'චුආන් ට ලියූ ලිපිය සිය කබා අත් තුලින් පිටතට ගන්නට විය. මෙය ඇසීමෙන් පසු ඔහු ආරම්භය ලෙස පවසන්නට විය. " තවම නැහැ. මම චූදු වලින් පිටවෙන්න කලින්, චාරිත්‍ර අමාත්‍යාංශය සිංහාසනාරූඪ කිරීමේ උත්සවය සඳහා සූදානම් වෙමින් සිටියා. අධිරාජ්‍යයාගේ දියණිය රැස්වීමකට කැඳවීමට අධිරාජිනිය කැමති වුනත් ෂුඒ ෂ්‍යුජුඕ ඒක ප්‍රතික්ෂේප කළා."

ෂ්‍යාඕ චීයේ සිය දෑතේ ඇගිලි මෘදු ලෙස වැනුවේ ය. "පේන හැටියට ඔහුටත් තමන්ගේ සාර්ථකත්වය ගැන ඒතරම් විශ්වාසයක් නැහැ වගෙයි. අපි බලාගෙන ඉමු ඔහු වසර හතරක් වගේ කාලයක් තිස්සේ පෝෂණය කරපු අධිරාජිණිය පුංචි ස්පර්ශයකිනුත් පෙරලෙන කඩදාසි කොටියෙක් ද කියලා. මම බලන්න කැමති ඈ තව කොච්චර කාලයක් චූදු අල්ලාගෙන හිදීද කියලා.”

ශෙන් ස'චුආන් නැවත පියවි සිහියට එළැඹුනේ ය.  මොහොතකට හේ තමාටම මෙනෙහි කරගනිමින් පවසන්නට විය. "මම බලාපොරොත්තු වෙනවා ඇය දෙවෙනි ලී ජ්‍යංහෙන් නොවේවි කියලා."

 ෂ්‍යාඕ චීයේ නැඹුරු වී සිටිමෙන් වෙහෙසට පත්ව සිටියේ ය. ඔහු තම ශරීරය සෘජු කරගෙන යූ ෂ්‍යාඕසායි ගෙන් විමසන්නට විය.  "අපි තවමත් ඇගේ නම මොකක්ද කියලා දන්නේ නැහැ. ඔවුන් ඇයව අධිරාජ්‍ය නාමාවලියේ ලියාපදිංචි කරනවානම් , ඇයව ලී ජ්‍යංතිං කියලා හදුන්වාවි ද?"

යූ ෂ්‍යාඕසායි ගේ වත අමුතු ආකාරයකින් වෙනස් විය. ඔහු සිය ආසන පැදුරේ එක් එක් අක්ෂර ඉරි හැන්දේ ය. "මේ නම නම් හුඟක් අනර්ඝයි. ඒත් ඒක හිටපු අධිරාජ්‍යයාගේ අක්ෂරයට සමාන වෙන්නේ නැ. ඒක ලී ජ්‍යන්තිං , අක්ෂර වෙනස්. ලී ජ්‍යන්තිං!"

 පුදුමයට පත් ෂ්‍යාඕ චීයේ සහ ශෙන් ස'චුආන් බැල්මක් හුවමාරු කරගත් හ.

______________________________________


අරුත් පැහැදිලි කිරීම 

1.)  රජයේ ප්‍රතිපත්ති පිළිබඳ උපදෙස් ලෙස අධිරාජ්‍යයා වෙත ඉදිරිපත් කරන ලද වර්තමාන කටයුතු පිළිබඳ රචනා.

 2. ) ශෙන් ස'චුආන් මුලින් සිතුවේ ඒක 李建婷 ලියලා ඇති කියලයි. ජ්‍යන් කියන්නේ ලී ජ්‍යන්හෙං (李建恒) සහ ලී ජ්‍යන්යුං (李建云 නැත්නම් ෂියන්දේ අධිරාජ්‍යයා).

 මෙය "පරම්පරාගත" නමකි, එකම පරම්පරාවේ සිටිනා සෑම සාමාජිකයෙකුම (එනම්, එකම පරම්පරාවේ සහෝදර සහෝදරියන් සහ පියාගේ ඥාති සහෝදරයන්) පොදු අක්ෂරයක් බෙදා ගනී. (උදාහරණයක් ලෙස, ෂුඒ වංශයෙහි ඒ,  ෂ්‍යුු මේ අක්ෂරය ෂ්‍යූයි සහ ෂ්‍යුජුඕ ගේ පරම්පරාව ට අයත් වෙන අක්ෂරයක්.) තිං (婷) අක්ෂරය පොදු කාන්තා නමක්, එය ඇගේ මුල් නම වන ලිං තිං නමේද ඇති අක්ෂරයකි." 

කෙසේ වෙතත්, යූ ෂ්‍යාඕසායි පැවසුවේ එය වෙනුවට 李剑霆 ලෙස ලියා තිබෙන බවයි. (එය වැඩියෙන් පෙනෙන්නෙ පුරුෂයෙකුගේ නමක් ලෙසය).


පෙර පරිච්ජේදය |සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය

Comments

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: En...

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

පරිච්ඡේදය 86

අ 'චිං කොච්චර පව් ද, අන්ධයෙක් විදියට ඉදලත් ඔය වගේ කායික පීඩා විදිනවා කියන්නේ 💔