Skip to main content

එකසිය හතරවන පරිච්ජේදය | වැඩිමල් සහෝදරයා

 


ලෙයි චංමිං චාජෞ වල අයෙකි. ඔහුගේ මුල් කාලයේදී , ඔහු අනිත් අය සමග සන්නද්ධ පරිවාරක භටයෙකු ලෙස වැඩ කළේ ය. ඔහු කිසි දිනෙක පාසල් ගොස් ඉගෙනගෙන නොතිබුණි. යොංයී පාලන සමයේදී , දුැාන්ජෞ හී බාබල සේනාංකයේ අණදෙන නිලදාරියා ඔහුගේ බාල සොහොයුරියව උප භාර්යාවක් ලෙස රැගෙන ගිය අතර , ඇය අණදෙන නිළදරයාගේ නිවසෙහි සියළුම අනුග්‍රහයන් ලබා ගත්තා ය.  මේ හේතුවෙන්, ලෙයි චංමිං යම්තාක් කාලයක් සැපපහසු ජීවිතයක් ගත කළ අතර මුළු දිනය පුරාම සූදු පොලවල්හි ගත කළේ ය. ​ඒ සැප පහසු ජීවිතය වැඩි කල් නොපැවතුනේ ය. දුආන්ජෞ හී අණදෙන නිළදරයා එතරම් කැප වෙමින් වැඩකල පුද්ගලයෙකු නොවූ අතර හේ වසර කිහිපයකින්ම ලෙයි චංමිංගේ බාල සොහොයුරිය ප්‍රතික්ෂේප කළා ය. ඔහු ගෙවීය යුතු ණය පියවන්න කිසිවෙක් නොසිටියේ ය. ඉතිං , ලෙයි චංමිංට නැවතත් පරිවාර සේවා භටයෙක් ලෙස වැඩ කරන්න සිදු වූයේ ය.

යොංයී පාලන සමය අවසානයේ දී , ලෙයි චංමිංට හේජෞ  යැන් වංශය මගින් රැකියාවක් ලැබුණි. තම ගමන අතරතුර , ඔහු කොල්ලකරුවන් සමඟ සටන් කිරීමට සහ යැන් වංශයේ ලාබාලතම තරුණ ස්වාමියා වන යැන් හේරු ආරක්ෂා කිරීමට තම ජීවිතය පරදුවට තැබීය. එහි පුථිපලයක් ලෙස , ඔහු යැන් වංශයේ කුසල් පොතට ඇතුලත් විය. ෂියන්දේ පාලන සමයේදී , ජොංබෝ හමුවා පරාජය වීමෙන් පසු , ඔහු යැන් වංශයෙන් ණයට ගත් මුදල් මිනිසුන් බදවා ගන්නටත් අශ්වයන් මිළදී ගන්නටත් වියදම් කළේ ය. සඉන්පසු ඔහු දුඅන්ජෞ හී ආරක්ෂක බලඇණියට එරෙහිව කැරැල්ලක් ආරම්භ කළ අතර එවකට රාජකීය අධිකරණය විසින් පත් කරන ලද අණ දෙන නිලධාරියා මරා දමනු ලැබුවේ ය.  එතැන් සිට ඔහු දුආන්ජෞ වල කොල්ලකරුවෙක් බවට පත්විය.

මුලදී ලෙයි චංමිංට සිටියේ මිනිසුන් කිහිප දහසක් පමණකි. නමුත් හමුදා පරාජයෙන් පසු රාජකීය අධිකරණයේ නිෂ්ක්‍රීය ක්‍රියාමාර්ගයත් නිසා, ජොංබෝ වලට කිසි විටෙකත් ඒ දැඩි ප්‍රහාරායන් ගොඩ ඒමට නොහැකි වූයේ ය. සාමාන්‍ය මිනිසුන්ගේ සිට කොල්ලකරුවන් බවට පත් වූ මිනිසුන් වැඩි වූ අතර ඔහු ක්‍රමක්‍රමයෙන් දුආන්ජෞ එක්තරා ආකාරයක අධිපතියෙකු බවට පත්වූයේ ය.  අද වන විට, ඔහුගේ අණ යටතේ සිටින භට පිරිස් දැනටමත් විවිධ ජොංබෝ ප්‍රාන්තවල සිටි ආරක්ෂක හමුදා සෙබළුන්ගේ සංඛ්‍යාව ඉක්මවා ගොස් ඇත්තේ ය.

“වසර භාගයකට කලින් , දුන්ජෞ , දුඅන්ජෞ ප්‍රාන්තවල සම්පූර්ණයෙන් ගත්තම මිනිසුන් දා හතර දහසක් විතර ලෙයි චංමිංට හිටියා.” ජෞ ගුයි කබා අත ඉහතට ගෙන ෂ්‍යාඕ චීයේ වෙනුවෙන් සිතියම පෙන්වාලූයේ ය.   “ඔහු දුඅන්ජෞ සහ දුන්ජෞ අතර තියෙන ලුඕ කන්ද තමන්ගේ ප්‍රධාන කදවුර විදිහට භාවිතා කළා වගේම ඔහු තමන්ගෙම කොල්ලකරුවන් ගේ කූඩුවක් පිහිටුවා ගත්තා. රාජකීය අධිකරණය දෙංජෞ වල භටයන් නැවත ගොඩනගද්දී ඔවුන් වතාවක් ලුඔ් කකන්ද වටලන්න උත්සහ කළා, නමුත් ඔවුන් උත්සහකල හැම වතාවෙම ඔවුන් නැවත පැමිණියේ හිස් අතින්. ඒ නිසා ඔවුන් එය අත්හැරියා, කිසිවෙක් තවදුරටත් ඒ ගැන කරදර වුණේ නැහැ.”

ෂ්‍යාඕ චීයේ සිය අත් ආරක්ෂක රදවාගනිමින් , ඔහු සිතියම දෙස බලන්නට අර්ධ වශයෙන් මේසයට හේත්තු වූයේ ය. ඔහු පවසන්නට විය.  “ඔහු මිනිසුන් හතළිස්දාහ ක් සීජෞ වලට රැගෙන එනවා.  ලුඕ කන්දේ ආරක්ෂාවට අවශ්‍ය තරම් මිනිසුන් වගේම අශ්වයන් ඔහුට තවමත් ඉතිරි කරන්න සිදු වෙන බව සැකයක් නැහැනේ. ඒ නිසා ඔහුට අවම වශයෙන් සෙබළුන් සහ අශ්වයන් හැටදාහක්වත් ඉන්න බව පේනවා. මේ ප්‍රමාණය චීදොං අණදෙන බලඇණියේ ආරක්ෂක භට කාණ්ඩායම් දෙගුණයක්  වටිනා මිනිසුන් පුමාණයක් ඉන්නවා."

ෂ්‍යාඕ චීයේ ට කිසිවකුට දොස් පැවරීමේ චේතනාවක් නොතිබුණද, ඔහු එසේ පැවසීම නිසා ජෞ ගුයි ට දහදිය දැම්මේ ය.  මක්නිසාද යත්, ජොංබෞ හි ප්‍රාන්ත සයම නීත්‍යානුකූලව පත් කරන ලද ප්‍රාන්ත නායකයින්ගේ බල සීමාව යටතට පත් වූ අතර, කොසේ වෙතත්, වසර හයක කාලයක් තුළ, ඔවුන් සාමාන්‍ය හමුදාවක් මෙන් එකම ප්‍රමාණයෙන් සිටින අතරේ කොල්ලකරුවන් ආධිපත්‍යය වර්ධනය වන ආකාරය ඔවුන් බලා සිටියහ.
 
 

උතුමාණන්ට දුඅන්ජෞ සහ දුන්ජෞ එක්ක කිසිම ගනුදෙනුවක් නොතිබුනත් ,හමුදා කටයුතුවල නඬු හසුරවන්න ඉදිරිපත් වුණ ක්ෂේත්‍ර නිළදාරීන් ඉන්නවා.” කොං ලින් ඔහුගේ ආසනයේ හිඳගනිමින් පවසන්නට විය.ඔහු ව්සසර භාගයකින් මේ තරම් පිරිසක් රැස්කරගනිද්දිත්  අපිට ඒකෙන් සුළඟක දෙයක්වත් නොලැබුණේ ඇයි.”

උතුමාණෙනි.” ජෞ ගුයි අවධානයෙන් යුතුව පැවසුවේ ය. "මම මුලින් හිතුවේ ලෙයි චංමිං  සතුව මිනිසුන් දස දහසක් හරි ඊට වැඩි පිරිසක් සිටින බවත්, ඔහුව සමූලඝාතනය කරන්න ඔහු ව වටලාදමන්න මාසයක් හරි ඊට වැඩි කාලයක් යාවි කියලයි. නමුත් දැන්, ඔහු භටයන් හතළිස්දාහක් එක්ක සීජෞ වලට ඇදෙනවා , අපට ඉන්නේ  අධිරාජ්‍ය හමුදාවේ මිනිසුන් විසිදහසක් විතරයි. මට බය අපි ඉන්නේ අවධානම් තත්වයක කියලයි! ඇයි නොකරන්නේ…"

ඇයි කිසිවෙක්ව ලීබෙයි වෙත යවා ෂ්‍යාඕ ෆංෂු වෙත පණිවිඩය ගෙන ගොස් ඊසානදිග සැපයුම් පාලම් මාර්ගයේ ආරක්ෂාවට සන්නාහ සන්නද්ධ අශ්වාරෝහකයන් අනුයුක්ත කිරීමත් ශක්කිමත් කිරීම් ලබා ගැනීමත් සිදු නොකරන්නේ?

ෂ්‍යාඕ චීයේ කම අත් ආරක්ෂක වැස්ම නිසිලෙස පළදා අවසන් කළ නමුත් ඔහු කිසිවක් පැවසුවේ නැත. ජෞ ගුයි​ට ඔහුට ඒත්තු ගන්වන්නට අවැසි වුවද කොං ලිංට ෂ්‍යාඕ චීයේ ගේ නිහඩතාවයෙන් යම් කිසි දෙයක් දැනෙන්ට විය. තේ පැන් සංග්‍රහ කරද්දී ඔහුගේ ක්‍රියාවන්වලින් ප්‍රයෝජන ගනිමින් ඔහු ජෞ ගුයි ගේ හස්තය පහතට තල්ලු කළ අතර ජෞ ගුයි වහා තම වදන් ගිල ගත්තේ ය.

“උතුමාණන් වගේම චෙංෆෙං මහත්මයාත් කලබල වෙන්න කොහෙත්ම අවශ්‍ය නැහැ.” ශෙන් ස'චුආන්ද තවත් අසුනක හසුන්ගත්තේ ය. හේ තවමත් ඒ පණිවිඩ වාර්ථාව දෙස බලා සිටියේ ය.  “ලෙයි චඃමිංගේ මිනිස්සු හතලිස්දාහටත් ආහාර ගන්න වෙනවා. ඔහුට එතරම් වේගයෙන් ගමන් කරන්න බැ, ඒවගේම ඔහුගේ මනා සංවිධානාත්මක කණ්ඩායමටත් සීජෞ වෙත ඇවිත් අපිත් එක්ක සටන් කරන්න නම් ලී* දහස් ගණනක් ගමන් කරන විට පුමාණවත් තරම් සලාක රැගෙන එන්නත් ඕනේ. ඒ විතරක් නෙමෙයි...”

ශෙන් ස'චුආන්ගේ මුහුණට ආවේණික වූ ප්‍රකාශයක් දිස් වූයේ ය. 

“මේ වාර්ථාව වුනත් නිවැරදි නොවෙන්න පුළුවන්."

“ඇයි උප සේනාධිපතිතුමා එහෙම කියන්නේ?”ජෞ ගුයි ක්ෂණිකව වස්ත්‍රයේ අත් කබා ඔසවමින් ඔහු වෙත ළගා වූයේ පණිවිඩ වාර්ථාව දෙස බැලීමට ය.  “මේක කොල්ලකරුවන්ගේ නඩුව හසුරවන්න දුන්ජෞ වලට ගිය නිළදාරියා පෞද්ගලිකව ආපිට එවපු හදිසී ​වාර්ථාවක්. මේක වැරදි වෙන්නේ කොහොමද?”

“ඔහු හමුදා භටයන් හතළිස්දාහක් වගේම අශ්වයන් හතලිස් දාහක් තමන්ගෙම ඔහුගේ දෑසින්ම නොදැකපු එක.” ශෙන් ස'චුආන් ඒ පිළිබදව සිතා බැලුවේ ය. “ලෙයි චංමිංගේ මැටියෙන් හදපු බදුනක අවශේෂ වගේ පෙනෙන වදන් විශ්වාස කරන්න අපහසුයි වගේම අසම්භාව්‍යයි. මම සැක කරනවා දැනටමත් ලෙයි චංමිං රාජකීය හමුදාව සීජෞ වලට ආ වග දන්නවා ඇති කියලා. ඒ නිසයි ඔහු මිනිසුන් හතලිස්දාහක් සිටින බව සදහන් කරලා  ධජයක් තිබ්බේ—අපිව අවුල් ජාලාවකට පත් කරන්න.”

“ඒක හරි.” තම දෑස් පහතට කරමින් ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය. “ඔහුට ඇත්තටම හතළිස්දාහක පිරිසක් ඉන්නවනම් යුද්ධයේදි සටන් කරන්න තවත් පහසු වෙනවා. යුද්ධයක ගැටීමෙන් සම්පත් බොහොමයක් විනාශ වෙනවා.  ඔහු ඉන්නේ අපිටත් වඩා දුෂ්කර තත්වයක වෙන්න පුළුවන්.”

“ඒත් ඔහුට තවමත් හේජෞ වල යැන් වංශයේ සහාය තියෙනවා.” ජෞ ගුයි කනස්සල්ලෙන් යුතුව පැවසුවේ ය.  “යැන් වංශයේ මූල්‍ය ආධාර නිසා ඔහුට මෙතරම් දුරකට ව්‍යාප්ත වෙන්න හැකියාවක් ලැබුණා. ජුඒෂි වල දකුණ දිවෙන ගංගා මාර්ගය තියෙන්වේ හේජෞ වල.  ඔහුට අමතර සලාක සැපයා ගැනීම පහසුයි."

“උතුමාණෙනි ඔබ කොයිතරම් පුදුමයට පත්වෙලාද.” ශෙන් ස'චුආන් හදීසියේම සිනහ වූයේ ය. “ලෙයි චංමිංට තවමත් යැන් වංශයේ සහය ඔහු පිටුපස තියෙනවානම් , ඇයි ඔහු සීජෞ වලට පැමිණීමට මෙතරම් ඉක්මන් වෙන්නේ ? ඔබට අමතක වුනාද ඔහු ​සීජෞ වලට එන්නේ ඔහුගේ ධාන්‍ය ටික ලබා ගැනීමේ අරමුණ එක්ක කියලා?”

“ඔහු අලුත් අවුරුද්දට කලින් එක පාරක් ආවා. දැන් මාස කිහිපයකට පස්සේ නැවත වතාවක් එනවා.” ෂ්‍යාඕ චීයේ පවසන්නට විය  “මේකෙන් හැඟවෙන්නේ ඔහු යැන් වංශය එක්ක විරසක වෙලා කියන එක විතරක් නෙමෙයි , ඔහුගේ ලුඕ කන්දේ තියෙන වත්කම් වලින් තවදුරටත් ඔහුගේ බඩ පුරවා ගන්න ප්‍රමාණවත් නොවෙන බවයි. ඔහුගේ නැගෙනහිර පැත්තෙන් චාෂි ගංගාව තියෙනවා , ඒවගේම බ්‍යැන්ෂා අශ්වාරෝහක සේනාංකය ඔහුට වඩා කොල්ලකෑමෙදි දක්ෂයි. ඔහු​ට ආපසු යන්න කිසිවෙක් ඉතුරු වෙලා නැහැ. ඉතිං ඔහු​ට ධාන්‍ය ඉල්ලන්න දිගින් දිගටම සීජෞ වලට එන්න සිද්ධවෙනවා.”

 “එහෙමනම් කලින් හරි පස්සෙ හරි එන්නේ නැතුව රාජකීය හමුදාව සීජෞ වලට එනකම්ම ඔවුන් බලාගෙන හිටියේ ඇයි?” කොංලින් මිනිස්සු මටා ඇවිදිමින් පියවර දෙහෙකට පසු වේගය මන්දගාමී කර පවසන්නට විය. “වංශාධිපතිතුමාගේ පැමිණීම ඔහුට සහතිකවම පැහැදිලි අවාසියක්.”

"මොකද හන් ජින් ඉන්නේ රාජකීය හමුදාව අතේ."  ශෙන් ස'චුආන් වාර්තාව වසා නැගී සිටියේය.  ඔහු පවසන්නට විය, “ඔහුට මෙතරම් කාලයක් ජීවත් වෙන්න හැකි වුනේ යැන් වංශයේ උපකාර නිසයි.  දැන් ඔහු යැන් වංශයෙන් වෙන් වෙලා නිසා, ඔහුගේ කඳුකරයේ බලකොටුව දිගටම අල්ලගෙන ඔහුට අධිපතයෙක් වෙන්න අවශ්‍ය නම් ඔහුට අළුතෙන් උපකාර ඉල්ලන්න සිද්ධවෙනවා. ඔහු කොල්ලකරුවෙක් නිසා. ඔහුගේ අණ යටතේ මිනිසුන් වැඩි වන තරමට එය කරදරකාරී වේවි.  අනෙක් කඳුකරයේ වෙසෙන අයට කන්දෙන් පිටත ජීවත් වෙන්න පුළුවන් (01), නමුත් ජොංබෝ දුප්පත් වගේ සම්පත් වලින් හිගයි.  මුළු කන්දම හෑරුවත් ඔහුට ආහාරයට ගන්න පුළුවන් පස් විතරයි.  මේ පුද්ගලයා අවස්ථා උදුරා ගන්න හරිමදක්ෂයි.  ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය තුනේදී ඔහු නිවැරදි තේරීම් කළ නිසා ඔහුට කීර්තිය හා වාසනාව ලබා ගත හැකි වුණා.  ඔහුට සොල්දාදුවන් සිටිනවා , ජොංබෝ වලට සොල්දාදුවන් හිඟයි. කොහොමවුනත් , ඔහුට කිසිදු සම්බන්ධයක් නැහැ වගේම ස'අන්ට සීජෞ හරහා ගමන් කරමින් රාජකීය හමුදාව මෙහෙයවීම විතරයි කරන්න තියෙන්නේ. ඔහුට රාජකීය හමුදාව පරාජය කරලා හැන් ජින් ව බේරගන්න පුළුවන් වුනොත් , එතකොට ඔහුට මේ යහපත් ක්‍රියාව ගැන චූදු වලට වාර්ථා කරලා හැන් වංශය හරහා ජොංබෝ වල හමුදා නිළයක් ලබා ගන්න ඔහුට හැකියාව ලැබෙනවා."

"ඇත්ත​ටම හොඳ සැලැස්මක්, අධිරාජ්‍ය අධිකරණයේ සැබෑ නිලධාරියෙක් බවට පත්වෙන්න ඔහු අවධානය යොමු කරලා."  කෝපයට පත්, ජෞ ගුයි ඔහුගේ පාදය පාගා පවසන්නට විය. "ඔහු සීජෞ වල සාමාන්‍ය වැසියන්ට කොහෙත්ම සැලකිල්ලක් දක්වන්නේ නැද්ද?!"

“මේක නිකම් අනුමානයක් විතරයි.  අපි ඔහු ගැන සුබවාදීව හිතන්න කලින් අපිට ඔහුට තවමත් පහර දෙන්න සිද්ධ වෙනවා."  ෂ්‍යාඕ චීයේ ලංලී අසිපත සියතට ගනිමින් ජෞ ගුයිට පැවසුවේ ය, “ලීබෙයි පිහිටලා තියෙන්නේ සීජෞ පිටුපසයි. ලෙයි චංමිංට  සීජෞ හරහා රිංගලා පිටුපසින් ගමන් කරන්න නොහැකි වුනොත් , ඔහුට නගරය ​වට කරලා අපිව කොටු කරගන්න හැකි වෙනවා.  එතකොට ඔබතුමාට සෙබළුන් ලවා නගරෙ මුද්‍රා තියන්න පුළුවන්  - සුනඛයන්ගේ සිදුරු පවා මුද්‍රා තියන්න ඕනේ. ඔහුගේ අණ යටතේ  ඉන්න හැම කෙනෙක්ම ගෘහස්ථ ලේඛනවල ලියාපදිංචි නොවෙච්ච එකිනෙකා හා මග ලැබෙන කණ්ඩායම් ;  ඔවුන්ට මේකෙන් ආරක්ෂා වෙන්න නොහැකි වේවි."

“මේකෙන් වංශාධිපතිතුමා හදන්නේ නගරයේ ශක්තිමත් කරලා ඔවුන් සමඟ ගැටුමක් ආරම්භ කරන්න ද?"  පෙනෙන පරිදිනම් කොං ලිංට එය වැටහි ඇති සේය “ සීජෞ වල බිත්ති පරණයි. ලෙයි චිංමිංගේ ප්‍රහාරයන් වලට ඒවා ඔරොත්තු නොදේවි කියලා මට බයයි.”

"රාජකීය හමුදාවට නගරයට ඇතුළු වුනත් මරණය දක්වා ආරක්ෂා වෙන්න බැහැ."  ෂ්‍යාඕ චීයේම අසිපත ඔසවාගෙන එහි තලය මුවහත් කරන්නට විය. "මම ඔබ එක්ක ඔට්ටුවක් දාන්නම්.  ලෙයි චංමිං අනිවාර්යයෙන්ම මගේ සොල්දාදුවන්ට තමන්ගේ හිස් ගලවන්න ඉඩ දෙන්න කැමති වෙන්නේ නෑ. ඔහු බිය වෙන්නේ මෙන්න මේකටයි. ”

◈     ◈     ◈

සවස් වන විට, ෂ්‍යාඕ චීයේ සහ ශෙන් ස'චුාන් නගර බිත්තිවල නිරීක්ෂණය කි​රීමේ චාරිකාවක නිරත විය.  දෙදෙනාම තම අසිපත් රැගෙන නගර පවුර මතින් එකිනෙකා හා ඇවිද ගියහ.

 "මෙම නගර පවුර අන්තිම වතාවට අළුත්වැඩියා කරලා තියෙන්නේ යොංයී පාලන සමයෙදියි "  ශෙන් ස'චුආන් තාප්පයේ එක තැනක් යුධ බිමට තල්ලු කරන්න​ට උත්සාහ කළ අතර සුළඟින් හා වර්ෂාවෙන් ඛාදනය වූ මැටි කැබලි ලෙස බිම මතට පතිත වුණි.

“ඒකට හේතුව ජෞ ගුයි දුප්පත් වීම. ඔහු මේ වසරේදි නග​රයේ ආහාර ගැටළුව විසඳන්න විශාල උත්සහයක් ගත්තා. ස්වභාවිකවම , ඔහු නගරයේ හමුදා ආරක්ෂාව ගැන වගබලාගන්න ඕනැවටත් වඩා අවධානයක් යොමු කරාවි."  ෂ්‍යාඕ චීයේ පස් කැටිති ගෙන තම හස්තයෙන් පොඩි කර දැමුවේ ය. "රාජකීය හමුදාවට ඔවුන්ව ආරක්ෂා කරන්න සීජෞ ඉදිරියේ ඉන්න පුළුවන්, නමුක් ඔවුන්ට නගරය දෙසට පසුබසින්න දෙන්න බැහැ."

ජෞ ගුයිට ලීබෙයි වලින් සහය ලබා ගැනීමට අවශ්‍ය බව ෂ්‍යාඕ චීයේ හොඳින් දැන සිටි නමුත්, ඔහු උපකිර ඉල්ලා සිටින්නට කැමති වූයේ නැත.  ඔහුට ඉක්මනින්ම ලිබෙයි වෙත ආපසු යා හැකි නමුත්, ඔහු සමඟ ගෙන ආ මේ රාජකීය හමුදා භටයින් විසිදහස සඳහා වූ විධිවිධාන පිළිබඳ ඔහුට තවමත් ඔහුගේ පියා සහ වැඩිමහල් සහෝදරයා සමඟ සාකච්ඡා කරන්නට නොහැකි විය.  ඔහු ලීබෙයි සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක හමුදාව තේරුම් ගත්තේය.  එවැනි සම්පූර්ණ හමුදාවකට රාජකීය හමුදාව එතරම් ඉක්මනින් පිළිගන්නට නොහැකි වනු ඇත -මේ හමුදාවන් ද්විත්වයට එකිනෙකා සමඟ සුහදව කටයුතු කිරීමට ඉගෙන ගැනීම සඳහා ඉතා දුෂ්කර බැඳීම් ක්‍රියාවලියක් හරහා ගමන් කරන්න සිදුවනු ඇතැයි කල් තියා කිව හැකි වූයේ ය. ඔහු මේ වතාවේ මුව විවර කරමින් උපකාර ඉල්ලා සිට එමෙන්ම ඔහුගේ පියා , ෂ්‍යාඕ ෆංෂු මෙහි පැමිණියානම් ඔහුට ලීබෙයි වලට ගොස් බැබලෙන්නට තවත් අවස්ථාවක් උදා නොවනු ඇත.

මේ සටන ඔහුගේ නිවසට ආපසු යාමේ පළමු සටන ය.  ඔහු එය ජයගත යුතු ය.  ඔහු එය තනිවම ජය ගත යුතුව ඇත.

 ක්ෂිතිජයේ හිරු බැස යන වලාකුළු පැතිරී ගොස් අහසෙන් අඩක් රතු පැහැයට හැරී තිබුණි.  මිනිස් කටහඬවල්වල ඝෝෂාකාරී පරිසරය මධ්‍යයේ නගරය පුරා රැලි සහිත දුමාරයක් සහිත වුවා සේ නිවාස පේළි පිහිටා තිබ්ණි. ශෙන් ස'චුආන් ෂ්‍යාඕ චීයේ ලේ හිස පිරිමදින්නට හස්තය පහතට කළේ ය.  පුද්ගලයන් දෙදෙනාම - එක් අයෙක් සිටගෙනත් අනෙකා හිදගෙනත් සිටිමින් - ඔවුන්ට යටින් පැතිරී තිබූ දර්ශනය දෙස බලා සි​ටියේ ය.

"ලෙයි චංමිං දක්ෂ පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්."  ශෙන් ස'චුආන් පැවසුවේ ය.  "නමුත් ඔහු කොල්ලකරුවෙක් ද , අභිලාෂකාමී පුද්ගලයෙක් ද කියලා තීරණය කරන්නේ ඔබයි."

 "අභිලාෂකාමී පුද්ගලයෝ බිහිවන්නේ කරදරකාරී කාලවලදීයි."  ෂ්‍යාඕ චීයේ දණහිස් මත දෑත් තබාගෙන තමාවම වාරු කරගත්තේ ය.  "මම ජයග්‍රහණයේ දුන්න මා එක්ක රැගෙන යනවා."

ඔහු මෙහි සිටගෙන සිටියේ, සන්ධ්‍යාවේ අඳුරු ආලෝකයෙන් නැහැවී සිටි සශ්‍රීක ගසක් මෙන්ද, නගර පවුර ඉදිරිපිට උස් වූ කන්දක් මෙනි.  එම විලංගු ටිකෙන් ටික පහව යන අයුරු ශෙන් ස'චුආන් බලා සිටියේය. මනා සූදානමින් සහ ක්‍රියාවට සූදානම්ව, ෂ්‍යාඕ චීයේ ට මෙම අවුල් සහගත තත්වය තුළ ඔහුගේ සැබෑ දක්ෂතාවය පෙන්වීමට කාලය පැමිණ තිබෙන්නේ ය.

“ඔබ ආපහු ලීබෙයි වලට ගියහම,” ශෙන් ස'චුආන් ඔහු දෙසට බැල්මක් හෙළුවේ ය. “උතුමාණන් ආයෙමත් තේරුම් ගනීවි ඔබ ඔහුට වඩා උස ගිහින් කියලා.”

“මම ඔහුව අන්තිම වතාවට දකිද්දිත් මම ඔහුට වඩා උස ගිහින් තමයි හිටියේ .” ෂ්‍යාඕ චීයේ සිනහ වූයේ ය. 

“පුංචි කාලේ මම හිතුවේ මගේ පියාණන් කුළුණු ගහක් වගේ කියලා.  ඔහු මාව ඔහුගේ උරහිස මත තියාගෙන මට වලාකුළු ස්පර්ශ කරන්න පුළුවන් කියලා බොරු කිව්වා. මගේ වැඩිමල් සහෝදරයටත් පියාණන්ගේ උරහිසේ වාඩි වෙන්න ඕන උනා, ඒත් ඒ වෙනකොටත් සිප්හලට යන්න වයස ඇවිත් තිබුණ නිසා , වැඩිවල් සහෝදරයා විදියට තමන්ගෙ ගෞරවය රැකගන්න ඕනෙ කියල හිතුන නිසා පියාණන්ට වචනයක්වත් කිව්වෙ නෑ.  ඉතිං ඔහු මම ඒ විදිහට ඉන්නවා දැකලා සතුටු වුණා."

ශෙන් ස'චුආන් ද සිනහවිය.  ඔහු ආපසු අහස දෙස බලා පවසන්නට විය, " හැමකෙනෙක්ම වගේ කිව්වා පරම්පරාගත කුමාරයා පෙනෙන්නේ ලිබෙයි පරම්පරාගත කුමරිය වගේ කියලා.”

"තරමක්, මම හිතන්නේ."  ෂ්‍යාඕ චීයේ ගේ දෑස් වල රෝස පැහැ වලාකුළු වල පැහැය පිරි තිබුණේ ය.  “මම මගේ පියාට සමාන නැහැ.  ඇත්තටම මගේ වැඩිමහල් සහෝදරයා එක වතාවක් හරිම අවාසනාවන්ත වුනා. මගේ පියා අසනීප වෙලා කුමරියගේ නිවසට යනකොට, මගේ වැඩිමහල් සහෝදරයා සිටියේ යොවුන් වියට එළැඹිලයි.  එකපාරටම ඔහුට ඒ කුරිරු මිනිසුන්ගෙන් ගැලවෙන්න සටන් කරන්න සිද්ධ වුණා. දරුණු විදිහට.  මුලදී, ඔහු වැඩිපුරම සමච්චලයට ලක් වුා  පියා වගේ නෙමෙයි - ඔහුට ප්‍රමාණවත් තරම් ශක්තිමත් සහ හොඳින් හැඩගැහුණු ශරීරයක් නැහැ කියලා.  ඔහු එක වතාවක් ජාඕ හුයිට කිව්වා..."

ෂ්‍යාඕ චීයේගේ මුහුණ පසෙකින් බලද්දී සන්සුන් ව තිබුණේ ය.  ඔහුට එදින මතක තිබෙන බවක් පෙනුනු අතර ඉන්පසු ඔහු විස්තර කළ නොහැකි තරමේ ශෝකයේ රැල්ලක් ඔහු වසා ගත්තේ ය.  ඔහු හිස හරවා ශෙන් ස'චුආන්ගේ දෑත් අල්ලා ගත්තේය.  ඔහුගේ උගුරු අටය පවා කිසිවක් පවසන්නට පෙර කිහිප වතාවක් ඉහල පහල ගියේ ය: “අපේ සහෝදරත්වය ඇත්තටම අමුතුයි.  මම මගේ වැඩිමහල් සහෝදරයාගේ ස්ථාවරත්වයට ඊර්ෂ්‍යා කරනවා වගේම  ඔහුගේ සන්සුන්කමටත් මම ඊර්ෂ්‍යා කරනවා.  මම ඉස්සර හිතුවේ ‘මම මීට අවුරුදු කීපයකට කලින් ඉපදුණා නම්’ කියලා.  එතකොට මම වැඩිමහල් සහෝදරයා, පරම්පරාගත කුමාරයා වෙනවා. එතකොට මගේ හිතේ හැටියට වේගයෙන් ගමන් කරන්න මට හැකියාව ලැබේවි. එහෙනම් මට එක පියවරකින්වත් ලිබෙයි අතහැරලා දාලා යන්න වෙන්නේ නැහැ.  ඒත් දවසක් තුවාල වෙලා නිවසට ආපු ඔහු දැක්කා මම මළුවේ ඊතල විදිනවා.  ඔහු ජාඕ හුයිට කිව්වා, 'මම ඇත්තටම ආ යේට  ඊර්ෂ්‍යා කරනවා' කියලා."

“මම හිතුවේ මගේ පියාණන්ටයි වැඩිමල් සාහා්දරයටයි කවදාවත් වේදනාවක් දැනෙන්නේ නැහැ, කවදාවත් වැටෙන්නේ නැහැ කියලා.  ඔවුන් ලේ වැගිරුවා මිසක කවදාවත් කඳුළු වගුරවලා නැ.  ඒත් වැඩිමල් සහෝදරයා විවාහය දවසේ මත්බැන් පානය කරලා.  ඒත් ඒ ස්ථීර පුද්ගලයා මගේ වැඩිමහල් නෑනාගේ අත්දෙක අල්ලගෙන ඇය දිහා බලාගෙන කඳුළු හලන්න ගත්තානේ. හරියට ඔහු දැනටමත් අනාගතය ගැන අපේක්ෂා කරලා ඉවරයි වගේ.  ඔහු ඈව දැක්කේ තමන්ගේ වටිනම වස්තුවක් වගේ.  ඔහුටත් බිය දැනෙනවා ඇති.”

“මගේ වැඩිමහල් සහෝදරයාට වඩා හොඳ කිසිම දෙයක් මම ගාව නැහැ.  මම කියන්න තියෙනවා නම්, මේ මගේ පියාගෙන් මට සම්පූර්ණයෙන්ම උරුම වෙච්ච ශරීරය කියලා. ” ෂ්‍යාඕ දීයේ ශෙන් ස'චුආන්ව තදින් අල්ලා ගත්තේය.  “ඔහුට මගේ වැඩිමහල් නෑනා දිහා බලාගෙන ඒ තරම් කදුළු හැලුවේ ඇයි කියලා ඒ කාලේ මට කොහොමටවත් තේරුම් ගන්න පුළුවන් වුනේ නැහැ. ඒත් දැන් මට තේරෙනවා. ”




Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-