Skip to main content

එකසිය තුන්වන පරිච්ජේදය : සුන්දරිය



කරුණු මෙතරම් පැහැදිලිව දක්වා තිබියදීත් ජෞ ගුයි ට එය පුකික්ෂේප කරන්නට තවත් ඉඩ ලැබෙන්නේ කෙසේ ද? ෂ්‍යාඕ චීයේ සහ ශෙන් ස'චුආන් ඔවුන්ට පොල්ලෙන් නිවැරදි ලෙසම ඔවුන්ගේ දුර්වලතාවයන්ට පහරදී තිබුණි. ඔවුන් කතිකා කල සියල්ලක්ම දැනට සීජෞහි වඩාත්ම පීඩනය දනවන ගැටළු වූයේ ය.  පෞද්ගලික භෝජන සංග්‍රහය මෙතැනින් අවසන් විය හැකිය.

ජෞ ගුයි පෞද්ගලිකවම පුද්ගලයන් දෙදෙනා ආපසු ඔවුන්ගේ ආලින්දයන් දෙසට පියනගන අයුරු බලා සිටි අතර , හස්තයේ පහන් කූඩුවක්ද අතැතිව ආපසු හැරී ගමන් කරමින් සිටියෝ ය.   ඔහු කනස්සලුසහගත ස්වයකින් විමසන්නට විය. “ඔබ මොකද හිතන්නේ?”

කොං ලිං ගමන් කරන අතරතුර පැවසුවේ ය. “ගොඩක් අපහසු දෙයක්. මේ දෙන්නම මුහුණ දෙන්න අපහසු පුද්ගලයෝ දෙන්නෙක්. ඒත් මේ වෙනකං ඔවුන් කියපු හැමදෙයක්ම ඇත්ත. මේ වෙනකොට රාජකීය අධිකරනය භාරව ඉන්නේ වැන්දඹු අධිරාජිණිය ඒ විතරක් නෙමෙයි මහලේකම් කාර්යාලයේ වැඩිහිටියත් වයස්ගතව රෝගාතූර වෙලා. මහා ලේකම් කාර්යාලය ඇතුලේ මෑත කාලීන ආරවුල් මතුවීමත් එක්ක, ජොංබෝ වල පළාත් පරිපාලන නියෝජිත තනතුරට ජ්‍යැං චිංෂන් මාරු කරාවිද නියලා තවමත් ස්ථීරව කියන්න බැහැ.  ඔවුන් අත්තනෝමතික විදිහට උතුම් වංශවලින් නිලධාරියෙක් පත් කරොත් නම් සී'ජෞ වල හොද දවස් අවසන් වෙලා යාව්."

“මාත් හිතන්නේ ඒකම තමයි.” ජලය මත පරාවර්ථනය වී දිදුලන සද එළිය දෙස නෙත් යොමමින් මදක් කල්පනාවේ ගිලුණේ ය.   “මම කරදර වෙන්නෙ අපි ඉක්මනින් එකග වුනොත් , සීජෞ ලේසියෙන් පාලනය කරන්න පුළුවන් තැනක් කියලා ඒ දෙන්නා හිතාවිද කියලයි. ඒත් එකග වෙන්න ප්‍රමාධ වුනොත් , ඔවුන්ගේ ඉවසීමේ සීමාවන් පැනලා , සීජෞ වලට නැවත වතාවක් නැගී සිටින්න තියෙන අවස්ථාව අහිමි වේවිද කියලා මට බයයි. ඇත්තටම මේ ගැන කිරා මැන බලාගන්න අපහසුයි.”

“අපිට කොහොමටවත් ෂ්‍යාඕ චීයේව රවට්ටලා කොටු කරගෙන බළල් මී ක්‍රීඩාව කරන්න කොහෙක්ම හැකියාවක් නෑ.” කොං ලිං ජෞ ගුයි දෙස හැරී බැලුවේ ය. “අපි ඉක්මනින් ම ඒ ගැන අපේ මනස සකස් කරගන්න ඕනේ. ඒක ඕනෙවට වඩා කල් ඇදගෙන යන එකෙන් අපිට අවාසියක් විතරයි වෙන්නේ.”

කොං ලිං නිවැරදි ය. ඔවුන්ට තවමත් ෂ්‍යාඕ චීයේ සහ ශෙන් ස'චුආන් සමග සාකච්ජා කළ හැකි වූයේ ෂ්‍යාඕ චීයේ සීජෞ හරහා යන්නට ඉක්මන් කළ  බැවිනි. ඊසානදිග හමුදා සැපයුම් පාලම සඳහා සීජෞ වලින් වන බලපෑම සසඳා බලද්දී , ෂ්‍යාඕ චීයේ සහ ශෙන් ස'චුආන්ට බලහත්කාරයෙන් ඔවුන්ගේ මාර්ගය හරහා ගමන් කළ නොහැකි වූ අතර , සීජෞ හා ගැටෙන්නටද ඔවුන්ට හැකියාවක් නොවුණේ ය. ඉතිං, තත්වය පාලනය කළ හැකි එකම තුරුම්පුව වන්නේ සීජෞ පමණය. නමුත් සීජෞ තව දුරටත් පසුබට වන තරමට එය සීජෞ වලට අහිතකර වනු ඇත.  මක්නිසාද යත්, ලෙයි චංමිං ගේ නායකත්වයෙන් යුත් කොල්ලකරුවන් කණ්ඩායම සීජෞ වලට තර්ජනයක් වන බැවිනි.  ලෙයි චංමිං ඔවුන් ව කොල්ලකෑම සඳහා සීජෞ භූමියට ඇතුළු වන්නේ නම්, ජෞ ගුයිට රාජකීය හමුදාවෙන් උපකාර ඉල්ලා සිටීමට සිදුවනු ඇත.  එසේ වූ විට , ෂ්‍යාඕ චීයේ සීජෞ සමඟ ස්ථාන වෙළදාම් සිදුකර වැඩි බලයක් හිමි පාර්ශවය බවට නිතැතින්ම පත්වනු ඇත.

“ෂ්‍යාඕ චීයේ සුළු දේවල් ගැන කරදර නොවන කෙනෙක් වගේ පෙනුනත් , ඔහු කොටහාමටවත් නිකම්ම හිදගෙන සිදුවෙන දේවල්  පැත්තක ඉදන් බලාගෙන ඉන්න විදිහේ කෙනෙකුත් නෙමෙයි.” ජෞ ගුයි තවමත් පසුබට වෙමින් සිටියේ ය. “ටිකක් බලාගෙන ඉමු… චූදු පියවරක් ගන්නකල්.”

“ ඔබ මේ තරම් පුදුමයට පත්වෙන එක කොයිතරම් දුර්ලභ දෙයක් ද?” කොං ලිං දීර්ඝ සුසමක් හෙළුවේ ය. “ උපකල්පන වලින් ප්‍රාන්තරයක සේරම ජීවිත අනතුරේ දාන එක තමයි ‘සුළු දේවල් ගැන තැකීමක් නොකරනවා’ කියන එකෙන් අදහස් වෙන්නේ. අපි පුද්ගලයාගේ මුහුණ හදුනනවා , නමුත් හදවත නෙමෙයි! ඔවුන් එවායේ මිළ ගණන් ඉහළ දැමුවොත් , ඔවුන් අද වගේ පහසුකම් සහිතව සාකච්ජා වලට එළැඹෙන්නේ නැති වේවි.”

“මේ කාරණයෙන් සම්පූර්ණ ප්‍රාන්තයකම ජීවිත ගැන සැලකිලිමත් වෙන නිසයි මම මේ තරම් පසුබට වෙන්නේ.” ජෞ ගුයි කොං ලිං හා එක්ව පියවර කිහිපයක් පියමැන්නේ ය. ඔහු තම දෙඅත් වල අත් කබා විහිදුවා   කොං ලිංට පවසන්නට වූයේ ය. “චෙංෆෙං, ස්වාධීනව ඉදිරිපත් වෙලා තමන්වම අධිරාජ්‍යයෙක් කරගන්න එක ඇත්තටම පහසු ද? කලින් හිටපු ඔටුන්න හිමි කුමාරයා ගැන හිතලා බලන්න. ඒක ඇත්තටම වරප්‍රසාද බිද වැටීමක්. දැන් ලීබෙයි කැරලි ගහලා, ඒත් ඔබ ඒ ගැන වෙනස් කෝ්ණ වලින් සිතුවොත් , මේ සටන පහර දෙන්න තරම් පහසු එකක් වෙන්නේ කොහොමද? ඒක ලීබෙයි වලට ඒතරම් වාසිදායක දෙයක් වෙන්නේ නෑ. 

ඔවුන්ට ඕනේ බ්‍යැන්ෂා අශ්වාරෝහක හමුදාවේ සැලකිල්ල විතරක් නෙමෙයි චිදොං වල දියුණුවට එරෙහිව ප්‍රවේශමින් ඉන්නයි. ඊසානදිග සැපයුම් පාලම් මාර්ගයත් අවහිර කළොත් ඔවුන් කූඩුවක හිරවුන මෘගයන් වෙනවා නේද?  ඔවුන්ට ඒතරම් කල් ජීවිතේ බේරගෙන ඉන්න බැහැ!  කාලය ආවම, ලිබෙයි වලට තමන්ව වත් ආරක්ෂා කරගන්න බැරිවේවි.  එහෙමවුනොත් සීජෞ වල අපි මොනවා කියලා කරන්න ද? මාංශ කපන ලෑල්ලක ඉන්න සත්තු වගේ අපි අනුන්ගේ අනුකම්පාවට යට වෙනවා නේද?  අපිට ද්‍රෝහියෝ කියලා අහගනිමින් ජීවත් වෙන්න සිද්ධවේවි! ”

“දැනටමත් කාරණා මේවගේ තත්වයකට පත්වෙලා තියෙන නිසා, හානියකින් තොරව ගැලවී යාම කියන්නේ හිතන්නවත් බැරි දෙයක්.” කොං ලිං උනන්දුවෙන් පවසන්නට වූයේ ය. “අද රාත්‍රියේ ඔබ ඒ ගැන ප්‍රවේශමෙන් හිතලා බලන්න ඕනේ.”

◈     ◈     ◈

ෂ්‍යාඕ චීයේ කාමරයට ඇතුල්වන විගසම , අලංකාර සියුමැදි රෑපකායක් ඔහු වෙතට ඇවිද ආවේ ය. මේ සේවිකාවට පැහැපත් සමක් තිබූ ඇ තම කළු පැහැ හිසකෙස් ගුලියක් සේ ගැටගසා සිටි අතර ඍ් ෂ්‍යාඕ චීයේ ඉදිරියේ නිසි ලෙස දණ ගසා සිටියා ය. එමෙන්ම ඇය ඇගේ ගෙල සහ උරහිසෙහි විශාලඉකොටසක් නිරාවරණය කරගෙන සිටියා ය. ඇය ඇගේ නලලත දෙපස වූ කේෂයන් මෘදුව පිරිමදිමින් මෘදු හඩින් පවසන්නට වූවාය.  “වංශාධිපතිතුමනී…”

ෂ්‍යාඹතඕ චීයේ ඈ දෙස බැල්මක් හෝ නොහෙළු අතර , ඔහු තම පිටත වස්ත්‍රය ගලවා දමන්නට පටන් ගත්තේ ය. ඔහුගේ චලනයන් ශ්‍රවණය වූ සේවිකාව වහා නැගිට ගොස් ෂ්‍යාඕ චීයේ ගේ වස්ත්‍ර ගලවා දමන්නට පටන් ගත්තේ ය. 

ශෙන් ස'චුආන් ෂ්‍යාඕ චීයේගේ උරහිසෙහි වැදුණු අතර ෂ්‍යාඕ චීයේ ඔහුව ග්‍රහනය කරගනිමින් නවතාගත්තේ ය. ෂයාඕ චීයේ ඔහුට උදව් කර​න අතරේම ශෙන් ස'චුආන් තම නිකට මදක් ඔසවා මෘදු ලෙස තම පාවහන් වලින් පා පහරක් ගැසුවේ ය.  

ෂ්‍යාඕ චීයේ පවසන්න​ට විය, “ගිහින් උණු වතුර ලෑස්ති කරන්න. උප හමුදාපතිතුමා මත්වෙලා ඉන්නේ.”

සේවිකාව ඇය වටා තිබූ වස්ත්‍ර එකතු කරගනිමින් ශෙන් ස'චුආන්ගේ පාවහන් සියතට ගන්නට පහතට නැමුණා ය. නමුත් ශෙන් ස'චුආන් ඇගේ මුහුණ ඉහළට ඔසවන්න​ට සියතෙහි වූ උණබට විජිණිපත පහතට කළේ ය. සෙලවෙන්නට එඩිතර නොවූ ඇය විජිණිපත ඔස්සේ ගොස් ශෙන් ස'චුආන් දෙස බැලුවා ය. ශෙන් ස'චුආන් ගේ දෙබැම තරමක් හැකිලී තිබෙනු දුටු ඇය ඔහුගේ දෙනෙත් අග මෙයිහුආ මල් පෙති වලින් නැහැවී තිබෙනවාක් බදු යැයි සිතු අතර ඒවා ඔහුගේ දෙනෙත්වල දිලීසිම තවත් ඔප්නැං වූයේ ය.  පහත් තරාතිරමේ හැගීමෙන් ඇයව යටපත් කර දැමුණු අතර , ඉක්මනින් තම දෙනෙත් ඉවතට හරවාගත් ඈ නැවතත් ශෙන් ස'චුආන් දෙස බලන්නට එඩිතර නොවුවා ය. 

ශෙන් ස'චුආන් කිසිවක් පැවසුවේ නැත. ඔහු ඈ දෙස කිහිපවිටක් බලා තම විජිණිපත ඉවකට ගත්තා පමණය. සේවිකාව ගෞරවයෙන් යුතුව පාවහන් පිළිවෙලට තබා ඉන්පසු පහත් කරගත් හිසින් යුතුව නිහඩව පසු බැස්සා ය. ත

“හුරුබුහුටියි නේද?” දොර වැසෙන තෙක් බලාසිටි ෂ්‍යාඕ චීයේ ​ශෙන් ස'චුආන් ව දෑතට ළං කරගනිමින් ඇසුවේ ය. 

පිළිතුරු නොදුන ශෙන් ස'චුආන් උණබට විජිණි පත ඇගිලි අතර රඳවාගෙන පිරිසිදු මේස වලින් යුකුව ෂ්‍යාඕ චීයේ ගේ පාද මත පා තැබුවේ ය. හේ තවමත් ගලවා තමා නොතිබූ ​ ෂ්‍යාඕ චීයේ ගේ පිටත කබාය ඇදගනිමින් සමීප වූයේ ය.  ඔහු මතට හේත්තු වූ ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන්ගේ මුහුණෙහි වූ උදාසීන හැගීම් දුටුවේ ය. එය මත්පැන් පානය කිරීමෙන් පසු කෙනෙකුඉතුල ඇතිවන ආකාරයේ සැහැල්ලු ප්‍රකාශනයකි. ඔහු තම හිස පහතට කළේ ඔහුව සිපගන්නට හිතමිනි. නමුත් ශෙන් ස'චුආන් මදක් පිටපසට නැඹුරු වෙමින් ෂ්‍යාඕ චීයේගේ සිපගැනීම් අවහිර කළේ ය.

මිනිසුන් දෙදෙනාගේම ආශ්වාසයන් හි "අශ්වන් මත හිදෙහි" මිහිර මුසුව තිබුණේ ය. ගමනේ විඩාව මේ විවේක දින කිහිපය තුළදී මුළුමනිනන්ම පහව ගොස් තිබුණේ ය. චූදු හැර ආ දා පටන් ශෙන් ස'චුආන් සෑම විටම පාහේ සුදුමැලි පෙනුමකින් යුතුව සිටියද ෂ්‍යාඕ  චීයේ සැලකිල්ලෙන් යුතු ​සෙනෙහස නිසා හේ ඔහුගේ සෙනෙහසින් උණුසුම් වූ මාණික්‍යයක් මෙන් පෙනෙන්නට පටන් ගෙන තිබුණේ ය.  ෂ්‍යාඕ චීයේ ගේ අත්ලේදී ඔහු දැඩි හා උණුසුම් ව සිටියේ ය.

“කොං ලිං තන්තායි ලොංගේ පැරණි යටත් නිලධාරියෙක්.  ලෙයි චංමිංව ඉවත් නොකරනතාක්  ඔහුගේ හදවතේ ඒ කනස්සල්ල රැදිලා තියේවි." ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන්ට වස්ත්‍ර  ගලවා දමන්නට උපකාර කළේ ය. ඔහු ​​ශෙන් ස'චුආන්ගේ වස්ත්‍ර ගලවා දමා ඔහුගේ පිට මතින් හස්තය ගෙන ගියේ ඔහුගේ මුවින් වදන් පිටවන අතරේම ය.  "ලෙයි චංමිං ධාන්‍ය අතට ගන්න ඉක්මන් වෙනවා.  ඉක්මනින් හරි පස්සෙ හරි, ඔහු සීජෞ ඉලක්ක කරාවි.  කොං ලිංට අභිපුායන් තියෙන තාක්කල් ඔහු ජෞ ගුයිට ඒ ගැන ඒත්තු ගන්වන්න ක්‍රමයක් හිතලා බලාවි."

“හ්ම්ම්…” ශෙන් ස'චුආන්ට ශක්තිමත් බවින් වැඩි "අශ්වයන්ගේ පිට මත හිද" වැනී මත්පැන් වර්ග බානය කළ නොහැකි විය. ඔහුගේ දෙකොපුල් රත්පැහැ වී තිබුණ මුත් ඔහු තවමත් ෂ්‍යාඕ චීයේ දෙස බලමින් බැරෑරුම් ලෙස ඔහුට සවන් දෙන්නට උත්සහ ක​ළේ ය. 
 නමුත් ඔහුගේ දෙනෙතින් තවත් ආකාරයක බැරෑරුම් බවක් පෙනෙන්නට තිබුණේ ය.

“​සීජෞ වල මුර සංචාර වල තැන රාජකීය හමුදාවට ලබා ගන්න ඉඩදෙන එකෙන් , ඔවුන්ව බලහත්කාරයෙන් අල්ලගත්තා වගේ හැගීමක් දැනෙනවා.  දැනට නම් එහෙම වඅනාට කමක් නෑ. ඒත් ඒක සිග කාලයක් කිස්සේ පැවතුනොත් ජෞ ගුයි අනිවාර්යයෙන්ම එකඟ වෙන්නෙ නැතිවෙයි.  කොං ලිං එකපාරක් තන්තායි ලොංගේ යටත් නිලධාරියෙක් වෙලා හිටි බව ඉක්මනින් හොයා ගන්න ලැබුණේ දිං තාඕට ස්තූතිවන්ත වෙන්නයි." ශෙන් ස'චුආන්ගේ වතෙහි වූ පුකාශනය කියවා ගත නොහැකි වුවාක් මෙන් ෂ්‍යාඕ චීයේ හුස්ම යටින් මිමිණුවේ ය.  "හ්ම්?"

ශෙන් ස'චුආන් දෙපා මත මඳ වශගෙන් සිටගෙන ආපසු පහතට වූයේ ය.  ඔහුගේ ප්‍රකාශය වඩාත් සන්සුන් වන තරමට, තද රත් පැහැය තවත් වැඩි වූයේ ය. මත්පැන් වල බලපැම හේතුවෙන් ඔහුට දහදිය දැම්මේ ය. 

"මට හාදුවක් දෙන්න."  ෂ්‍යාඕ චීයේ ගැඹුරු හඬින් කීවේය.  "මම අද ඔබ කියපු විදියටම කළානේ මම ඔවුන්ට පුංචිම හිරිහැරයක්වත් කළේ නැහැනේ."

ශෙන් ස'චුආන් ෂ්‍යාඕ චීයේගේ වස්ත්‍ර රැලි යැටෙන සේ තද කළේ ය ඔහු එය මොටහාතක් දරාගත්තද පසුව පවසන්නට විය.  “මට ඔබට ළං වෙන්න බැහැ.”

ෂ්‍යාඕ චීයේ ගේ හදවත ගැහුණු අතර හේ නැවත වරක් හිස පහත් කළේය.  ශෙන් ස'චුආන්ට ඔහුව සිප ගැනීමට අවශ්‍ය වූ නිසා ඔහු ශෙන් ස'චුආන්ව ඔසවාගෙන පැවසුවේ ය.  “මුලින්ම ස්නානය කරලා ඉමු” 

ශෙන් ස'චුආන් තම නිකට ඉහළට ඔසවා මක්පැන් හේතුවෙන් රක් පැහැයට හැරුණු දෙතොල් අඩක් විවර කළේය.  ඔහුගේ දත් අතර එහා මෙහා යන ජීහ්වයෙන් හේ තම වියැකී ගිය දෙතොල් තෙක් කළේ ය.  ඔහු ෂ්‍යාඕ චීයේ දෙස එක එල්ලේ බලා සිටි අතර ඔහුගේ  මුළු සිරුරම කාමාශාවෙන් ගිනියම් වී තිබුණ උතර ෂ්‍යාඕ චීයේ තවදුටත් ඔහු ව පොළඹවාගන්නට උක්සහ ක​ළේ ය.  අතීතයේ දී නම්, ඔහු ගැන ඔහු තුළ තිබූ අතිශයින් වසඟය පත් කරවන ආකර්ශනීය බව ඔහුට නොතේරුණේ ය. නමුත් පෙනෙන හැටියට, ඔවුන්ගේ නිරන්තර සමීප සම්බන්ධතා හේතුවෙන්, වදනක් හෝ නොපවසා  කාමයේ ගිනිදැල් අවුලවාලන්නේ කෙසේදැයි ඔහු ඉගෙනගෙන තිබෙන සෙයකි.

◈     ◈     ◈

ජෞ ගුයි පසුදා අවදි වෙද්දී කොං ලිං සේවිකාවට නායකත්වය දෙන ආකාරය දුටුවේ ය. මවිතයට පත් ඔහු පැවසුවේ ය. “මොනවද වෙන්නේ? මම ඔබට කිව්වා නේද වංශාදිපකිකුමා අසලින් ඉදලා   ඔහුට හොඳින් සේවය කරන්න කියලා? ”

සේවිකාව තම අත් ලේන්සුව අල්ලාගෙන මුහුණ සඟවා ගැනීමට පසෙකට වූයේ ය, “උතුමාණෙනි, සුදුසු ක්‍රියාමාර්ග ගන්න කලින් අයෙක් ට ඒ ගැන පැහැදිලි කරගන්න වුවමනයි නේද?  ඔබ සිතන්නේ වංශාධිපතිතුමා අසල හිටගෙන ඉන්න පුද්ගලයා කවුරු කියලද?  ඔහුගේ ඇඳුම්වල පුංච්ම කොනක්වත් ස්පර්ශ කරන්න නිර්භීත වෙන්නේ නැහැ! ඒ දෙදෙනම එකිනෙකා එක්ක ගැලපෙනවා.  ඔවුන්ගෙන් කිසිම කෙනෙක් මම දිහා ඇහැවත් ඇරලා බැලුවේ නැහැ.! ”

මුලදී,  ජෞ ගුයිට එය නොවැටහු​ණේ ය. නමුත් ටික වේලාවකට පසු ඔහුගේ මුහුණේ වර්ණය ඉවත්ව ගිය අතර, ඔහු මුහුණ පිසදමමින් සිටි ලේන්සුව පහතට වැටුණේ ය.  ඔහු ගණිකා මඩමකට හෝ නොගිය වයස අවුරුදු හතළිහකට වැඩි විශාරදයෙක් වූයේ ය.  ඔහුගේ මවගේ නියෝගය පරිදි උපභාර්යාවක සමඟ ඔහුගේ නිවස පවත්වාගෙන යාම පවා සිදුවූයේ ඉතා පිළිවෙළකට ය.  අතීතයේ දී  , ඔහු පිරිමියෙකුට තවත් පිරිමියෙකු කෙරෙහි ඇති නැඹුරුව පිළිබඳ අසා තිබුණේ ස්වල්පයක් පමණකි. ෂ්‍යාඕ චීයේ සහ ශෙන් ස'චුආන් අතර සම්බන්ධයද මෙවැනි ආකාරයේ එකක් වේ යැයි ඔහු කිසිවිටකත් අපේක්ෂා කළේ නැත.

"මේක... මේක!"  ජෞ ගුයි මුහුණ පිසදමා ගනිමින් කොං ලිංට කෑගැසුවේ ය. "ඇයි ඔබ මට මේක මතක් නොකළේ?  දැන් අපි ඔහුව සම්පූර්ණයෙන් අමනාප කරගෙනයි ඉන්නේ! ”

 කොං ලිං ද සිටියේ එතරම් හොද පෙනුමකින් නොවේ ය. " ඉතිං මම කොහොමද දන්නේ..."

දෙදෙනාම එකිනෙකා දෙස බලා එක හඬින් සුසුම් හෙලූවෝ ය.  ඇණහිටීම අතරතුර, තරුණ සේවකයෙකු ද්වාරයෙන් පිටත දණ ගසා කෑගසනු ඔවුන්ට ඇසිණි, “උතුමාණෙනි, ඊයේ රාත්‍රියේ හදිසි වාර්තාවක් ලැබුණා.  දුන්ජෞ වල ලෙයි චංමිං කොල්ලකරුවන් හතළිස්දාහක් රැස් කරගෙන අපේ සීජෞ දෙසට ගමන් කරනවා ලු!"

"ඇයි එහේ ඒතරම් පිරිසක් ඉන්නේ?"  ජෞ ගුයි ගේ හදවත හදිසියේම සීතල වී ගියේ ය.  "වසර භාගයකට කලින්, ඔහුට සිටියේ දහ දාහක් හරි ක් හෝ ඊට වැඩි පිරිසක් විතරයි..."

 "ඔබ බය වුණ දේ තමයි අන්න ඒක!"  කොං ලිං වහා පැවසුවේ ය, “ඉක්මනට ගිහින් වංශාධිපතිතුමාට ආරාධනා කරන්න. ඊයේ රාත්‍රියේ සන්ධාන ගිවිසුමට අපි එකඟ වෙනවා කියලා ඔහුට කියන්න!"

 කතුවරියගෙන් :

 ස'අන් 195cm උසයි.  ඔහු තමන්ගේ පියාටයි සහෝදරයටයි දෙන්නටම වඩා උසින් වැඩියි. එතකොට ශෙන් ස'චුආන් 180cm උසයි. ඉතිං හිටගෙන ඉන්නකොට සිපගන්න නම් ෂ්‍යාඕ ස'අන් ළඟට ලං වෙන්න ලන්ජෞ​ට හැකියාවක් ලැබෙන්නේ නැ. කකුල් දෙකෙන් ඉස්සිලාත් උස නැ. ඒ නිසා ස'අන් ගේ කකුල් දෙක උඩට අඩිය තියලා ආයෙම දෙපතුල් වලින් ඉස්සුනොත්... ඔන්න දැන්නම් ඔහුට පුළුවන් අ​පේ වෘක පැටියව සිපගන්න!!




කොන්ඩේ නලල් පටිය තියෙන්නෙ ස'අන්ට... ඔයා චුුදු එන්න කලින් හොදේ!

Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-