Skip to main content

එකසිය දෙවන පරිච්ජේදය : සීජෞ


 ජෞ ගුයි ෂ්‍යාඕ චීයේ පැවසු පරිදිම ඔහුගේ අංගනයේ නිවසේ ආකාරයට පිසින ලද ආහාර මෙිසයක් සකස් කළේ ය. ශෙන් ස'චුආන් , අංගනය ට ඇතුළු වෙද්දී , එහි තිබු සාම්ප්‍රධායික නොවන හා  සරල භාවයක් තිබෙන බව සොයා ගත්තේ ය.එය ස්වභාදහමට වඩාත් සමීප බවක් ගත් අතර රන් සහ මාණික්‍යයන් වැනි දේ එහි නොතිබුණේ ය. 

ෂ්‍යාඕ චීයේව සුහදශීලි ලෙස පිළිගත් ජෞ ගුයි ඔහුට එහි අසුනේ හිදගන්නා ලෙසට ආරාධනා කළේ ය. දැනට මේ ගෙවෙන්නේ සය වෙනි මසය. කඩා මේසයේ පසෙකට වන්නට කුඩා දිය පහරකින් වටවී තිබුණු අතර ගස්වල අතු ඒවා මතට ගැටෙමින් ජලය පිසදාහැරියේ ය.එයින් ශීතල නමුත් ප්‍රමෝදමත්බවක් ගෙනදුන්නේ ය.  ජෞ ගුයි කිසිවෙකුවත් ඔවුන්ට සේවය කිරීම පිනිස ගෙන්වාගත්තේ නැත. ඔවුන්ට මත්පැන් ලබාදීම සදහා කොං ලිං පමණක් ඔහුගේ පසෙකින් සිටගෙන සිටියේ ය. 

 

ෂ්‍යාඕ චීයේ ඔහුගේ දෙඅත් පිරිසිදු කරගත් අතර හේ මත්පැන් බඳුනෙහි මුවවිටටම මත්පැන් වත්කරන ආකාරය දෙස බලා සිටියේ ය. ඔහු පවසන්නට විය  ජෞ උතුමාණන් ඇත්තටම හුඟක් කරදර වෙලා වගේ. මේ මත්පැන් හැදුවේ ලීබෙයි වල “අශ්වයන්ගෙ පිටමත” හිදගෙන. මම ගෙදරින් හුඟ කාලයක් ඈත්වෙලා හිටියා , මම ඒක අන්තිමට පානය කරලා හුඟ කාලයක් වෙනවා.

මේ මත්පැන් ලීබෙයි සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක හමුදාව විසින් ධාන්‍ය වලින් නිපදවූ මත්පැන් විය. එහි නිර්භීත බව ගැබ්වී තිබුණේ ය. ශීත තුවලදී එවා උගුරු කිහිපයකින් ගත උණුසුම් කරන්නට හැකියාව තිබුණේ ය. ඒවාට අශ්වයන්ගේ පිටමත සිට” යැයි නම් පටබැදෙන්නට හේතු වූයෙ මීට තිස් වසරකට පෙර ලීබෙයි හී කුමරු ෂ්‍යාඕ ෆංෂූ ට ඔහුගේ මංගල රාත්‍රියේදී බ්‍යන්ෂාවරුන් ගේ භූමියට කඩා වැදී ප්‍රහාර එල්ල කරන්නට යැයි අණ ලැබුණු හමුදා වාර්තාව නිසාය. මංගල වස්ත්‍ර මාරු කරන්නට කාලය නොමැති වූ නිසා හේ අශ්වයා පිට නැගී සතුරන් මරා දැමීම සඳහා යුධ පිටියට අශ්වයා මෙහෙයවන්නට වූයේ ය. ඔහු පිටත්ව යන්නට පෙර ලීබෙයි හී කුමරිය තවමත් ඇගේ මංගල වස්ත්‍ර වලින් සැරසී සිටි අතර , ඇය මත්පැන් භාජනය හා මත්පැන් බඳුන අල්ලාගෙන විවාහ මධුවිත බදුනක් අශ්වයා මතට නැග සිටි ෂ්‍යාඕ ෆංෂූ හා හුවමාරු කරගත්තා ය. මේවා සීමා මායිම්වල සිටියවුන්ට සාමාන්‍ය දර්ශනයක් වී මුත් , නමුත් මෙ පුද්ගලයා ලීබෙයි හී කීර්තිමත් කුමාරයෙකු වූයෙන් සියල්ලන්ටම මේ කාරණය සම්බන්ධයෙන් හඬා වැලපීම වළක්වාගත නොහැකී විය. එතන් සිට , “අවුද්දේ දින තුන්සිය හැටකටත් වැඩී කාලයක් , අශ්වයන් හසුරවමින් ආයුධයක් හස්තයේ තබාගෙන සිටි පුද්ගලයා ” (2) ලෙස ලීබෙයි සන්නාහ සන්නද්ධ හමුදාව නිරූපණය කරන්නට සමත් වූයේ ය.

ජෞ ගුයි ෂ්‍යාඕ චීයේ සන්සුන් සහ ප්‍රසන්න ලෙස දිස්වන අයුරු දුටු අතර ඔහු තුළ තිබූ කලබලකාරී ස්වභාවය යම් තාක් පහවගොස් තිබුණේ ය. ඔහු පවසන්නට විය.  අපි දක්ෂිණ හමුදා සැපයුම් පාලම් මාර්ගයට ආසන්නයි. කලින් මාසයේදී හමුදා සැපයුම් ප්‍රවාහනය කරනකොට, හමුදාව මත්පැන් බඳුන් හුඟක් එව්වා. ඔබතුමා ආපහූ ඔබේ උපන් නගරෙට යනවා , ඒත් මෙහෙ සීජෞ වල ඔබට දෙන්න කිසිම හොඳ දෙයක් නැහැ. ඉතිං මට ඔබට දෙන්න වෙන්නේ ණයට ගත්ත ත්‍යාගයක් (3) තමයි.”

ෂ්‍යාඕ චීයේ සිනහවෙමින් පවසන්නට වූයේ ය. “දේශීය ආහාර වඩාත් රසවත්. චූදූ වල ප්‍රණීත ආහාර එක්ක සසඳද්දී , මේ සම්පූර්ණ කෑම මේසයේම තියෙන ආහාර වල වැඩි අවංකභාවයක් පෙනෙනවා. ඔබතුමා මේ තරම් අවංක වෙන්න ඕනේ නෑ. හමුදා සැපයුම් සම්බන්ධ කාරණ වලදි ඒ විදිවිදාන හුඟක් සංකීර්ණ ඒවයි. ඒත් ඔබතුමාගේ වටිනා සහය නිසයි අපිට සීජෞ වල දේවල් පිරිමැස්මෙන් පටවන එක දින කිහිපයක් ඇතුලත අවසන් කරන්න හැකියාව ලැබුනේ. මගේ අගය කිරීමේ ප්‍රකාශයක් විදිහට ඔබ වෙනුවෙන් සව්දිය පිරීමක් වුනත් මට හොඳටම ප්‍රමාණවත්.”

ජෞ ගුයි අසුන්ගෙන හිදිමින් සව්දිය පුරන්න එඩිතර නොවු අතර හේ වහා දෙපයිනු නැගී සිටින්නට විය. ඔහු දෑතින්ම මත්පැන් බදුන අල්ලාගනිමින් එය ෂ්‍යාඕ චීයේ සමග පානය කර දැමුවේ ය. ඔහු මත්පැන් පානය කර අවසන් වූ පසුව ඔහුගේ අසුනෙහි වාඩි වී පවසන්නට විය. “ලිබෙයි සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක හමුදාව ඉදිරි පෙළේ හන්ෂේ ගෝත්‍රිකයන් එක්ක සටනක ඉන්නවා , යුධ පිටියේ ඔවුන්ගේ සාර්ථකත්වයට වගේම අසාර්ථකත්වයටත් හමුදා සැපයුම් තීරණාත්මක ​ව බලපානවා. මම කළේ මගේ යුතුකම විතරයි.  ඔබේ ස්තුතිය ප්‍රකාශ කරන්න විශේෂ වෙන්න තරම් උතුමාණන් ට එය වටින්නේ කොහොමද?  මම ඇත්තටම ඒකට සුදුසු නැහැ. ”

“පහුගිය අවුරුද්දේ සීජෞ වලට හොද අස්වැන්නක් ලැබුණත් , වසන්තය ආරම්භයේ ඉදලම අපි ලීබෙයි වගේම දුඅන්ජෞ වලට අඛණ්ඩව ආධාර සපයනවා. ඒ සේරම සීජෞ වලට සාමාන්‍ය ජනතාව ඉතුරු කරගත්ත ධාන්‍ය.මම මේ වෙනුවෙන් ඔබට ස්තූතියි කරන්න ඕනේ.” ඒ සමගම, ෂ්‍යාඕ චීයේ තව දෑත ඔසවා කොං ලිංව නැවැත්වූයේ ඔහු දෙවෙනි වතාවටද මත්බැන් පුරවන්නට උක්සර කරද්දී ය. ඔහු පවසන්නට විය, “මේක පවුලේ පෞද්ගලික භෝජන සංග්‍රහයක් නිසා , ඒ නිසා සුභ පතන්න නැගිටින්න ඕනෙ නෑ. මේ මහත්මයත්, කරුණාකරලා ඉඳගන්නකෝ.”

 කොං ලිං ප්‍රතිචාර දැක්වීමට ඉක්මන් විය.  ඔහු වහා තමා සිටි තැනම හිස නමා අසුන්ගත්තේ ය.

“මේ මහත්මයා ආවේ කොහේ ඉදන් ද?” ශෙන් ස'චුආන් සිනහවක් සමල විමසුවේ ය.

කොං ලිංගේ මනස තව තවත් වේගයෙන් ක්‍රියා කරන්නට විය. ෂ්‍යාඕ චීයේ හාරා දමන්නට සූදානම් වන බව දුටු හේ මේ උප අණදෙන නිළඳර ශෙන් අද රාත්‍රියේ සාකච්ජාව තුළ ප්‍රධානියා වන බව දැනගත්තේ ය. ඔහු හිස නමා පිළිතුරු විය.  “මම නිකං සාමාන්‍ය ගම්බද වැසියෙක් විතරයි. මම එහෙම ආමන්තුණය කරන්න තරම් වටින කෙනෙක් නෙමෙයි. මම ඉපදුනේ දෙංජෞ වල.”

“දෙංජෞ වලටනම් දක්ෂයන්ගේ කිසිම අඩුවක් නෑ. මට දැනගන්න පුළුවන්ද ඔබව ආමන්තුණය කරන්න ඕනේ කොහොමද කියලා?”

“මගේ නම කොං ලිං, එ්වගේම මට පිරිනමපු නම චෙංෆෙං කොං ලිං සෘජුව හිදගෙන සිටිමින් ශෙන් ස'චුආන් දෙස ඉහල සිට පහළ දක්වා අධ්‍යයනය කළේය. "රාජකීය හමුදාවේ තන්තායි හූ මගේ සමීප මිතුරෙක් වෙන තනතායි ලොං ගේ රැධිරය හිමි සහෝදරයෙක් වෙනවා. " 

“ඒක හරියට විදේශ රටක මිතුරෙක් හමුවෙනවා වගේ දෙයක්.” ශෙන් ස'චුආන් ඔහුගේ හිස පසෙකට හරවා සිනහවකින් යුතුව ශෙන් ස'චුආන්ට පැවසුවේ ය.  “ස'අන්, අපි වෙන දවසක ලාඔහු ව දෙංෆෙං මහත්මයට මුණගස්වන්න සලස්වමු. 

 කැලඹිලි සහිත කාලවලදී හමුවීම පහසු නැහැනේ. ”

ඔහු ෂ්‍යාඕ චීයේව ස'අන් ලෙස ආමන්ත්‍රණය කිරීම පවා මේ ශෙන් වෙයි ගේ අනාථයාව නැවත අගයන්නට කොං ලින්​ට ප්‍රමාණවත් වූයේ ය. ඔහු සීජෞ වලට ඇතුළු වෙද්දී ශෙන් ස'තුආන් එතරම් පෙනෙන්නට නොසිටියේ ය, එසේ නැතහොත් ඔහුගේ ව
නැවුම් මාංශයන් සඟවාගෙන සිටියාක් වැන්න. කොං ලිං ශෙන් ස'චුආන් විසින් රාජකීය ආරක්ෂක අංශයේ උප අණදෙන නිළදරයා ලෙස ත්‍යැන්චෙං අධ්රාජ්‍යයා විසින් උසස් කළ බව දැන සිටියේ ය. නමුත් චූදු වලින් පිටව ආ පසු , කොං ලිංගේ කෝණයට අනුව , ශෙන් ස'චුආන්ට ලෝකයට අණ දෙන්නට ඇති බලය අහිමි වී ඇතිවාක් සේ පෙනුණේ ය. ඔහුට සෙබළුන් හෝ මිනිසුන් නොසිටියේ ය. ඔහු ෂ්‍යාඕ චීයේ හා පලා ආ තවත් එක් සාමාන්‍ය සේවකයෙකු පමණය. එපමණක් නොව, සේවකයෙකුට කිසි විටෙකත් ෂ්‍යාඕ චීයේ සමග එකම මේසයේ අසුන්ගෙන ඔහුගේ *පදවි නාමයෙන්* අමතන්නට හැකි නොවූයේ ය.

ෂභාඕ චීයේ තමන්ටම මත්පැන් කෝප්පයක් වත්කරගනිමින් පවසන්නට විය. “ඔබම තීරණය කරන්න.”

ජෞ ගුටි කොං ලිං සෙද බැල්මක් හෙලා පසුව ශෙන් ස'චුආන් දෙසටද බැල්මක් හෙලන්නට විය. කොං ලිං නැගිසිට ඔහු වෙනුවෙන් සව්දිය පුරන්නට විය.  “මම හුග කාලයක් තිස්සේ උප අණදෙන නිළදාරිතුමාගේ නම අහලා තියෙනවා…”

" ඔබ හරිම කරුණාවන්තයි.” ශෙන් ස'චුආන් පැවසුවේ ය. "කරුණාකරලා අසුන් ගන්න. අපි මත්පැන් පානය කරන ගමන් කතාබස් කරමු"

කොං ලිං පවසන්නට විය. “මම මෙතුමාගේ අණ යටතේ ඉන්න සුළු ලිපිකරුවෙක් විතරයි.  ඔබතුමා එක්ක නිල කටයුතු සාකච්ඡා කරන්න මම නිර්භීත වෙන්නේ කොහොමද?  මට ලැබී ඇති මත්පැන් කෝප්පය එක්ක මෙහි වාඩිවෙලා ඔබේ මඟ පෙන්වීමට සවන් දෙන්න හැකිවීම පවා මට දැනටමත් ජීවිතයෙන් අඩක් ලැබුණු ආශීර්වාදයක් වගෙයි. ”

ශෙන් ස'චුආන්ගේ දෙතොල්වල කොන් ඉහලට එසැවුණේ ය. ඔහු පවසන්නට විය, “ඔබතුමා ඇක්තටම නිහතමානී වැඩියි. මට අහන්න ලැබුණා ඔබ තන්තායි ලොංගේ උපදේශකයා වෙලා හිටි බව. බ්‍යැන්ෂා අශ්වාරෝහක හමුදාව අපේ දුඅන්ජෞ භූමියට කඩා වදිනකොට, තන්තායි ලොං යුද්ධය වෙනුවෙන් පෙනී සිටියා. , ඔබ තමයි ඔහුගේ හැම යුධෝපාය මාර්ගයක්ම සකස් කෙරුවේ.”

ඔවුන් මේ වන විට සීජෞ වලට ඇතුළු වූවා පමණය. නමුත් ඔවුන් මේ වන විටත් අභ්‍යන්තර කතාංගයන් හාරා අවුස්සා තිබු​ණේ ය. කොං ලිංගේ හදවත ගිලා බැස්සේ ය. ඔහු පවසන්නට විය. “මම නිකම්ම නිකම් ලිපි ලියන උපායමාර්ගික සහයකයෙක් විතරයි.”

“තන්තායි ලොංට ශෙන් වෙයි අතින් මැරෙන්න වෙච්ච එකට නම් ​කණගාටුයි.” ශෙන් ස'චුආන් තම මත්පැන් පානය කළේ ය. “ ඒවගේම දුඅන්ජෞ ප්‍රහාරයකට ලක්නොවීම බිදවැටුණා.”

 ශෙන් ස'චුආන් එය කෙතරම් සැහැල්ලුවෙන් කීවේ ද යත්, දුආන්ජෞ වල බිඳ වැටීම හුදෙක් කඩා වැටුණු කඩදාසි පත් තොගයක් පමණක් බව - එය වෛර කිරීමට තරම් වටිනා දෙයක් නොවන බව ;  අමනාප වීමට නොවටින බව පුකාශ කළේ ය

වාඩි වී සිටින අතරේම කොං ලිංගේ ප්‍රකාශනය ක්‍රමයෙන් වෙනස් වූයේ ය. බොහෝ වෙලාවකට පසු , හේ බලහත්කාරයෙන් සිනහවක් පිට කරමින් පවසන්නට විය.  “උප හමුදාපතිවරයා චූදුවල සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න ඇති.  දුඅන්ජෞ නගරය බිදවැටුනට පස්සේ ජනතාව විදපු දුක් කන්දරාව ඔබ දැනගෙන ඉන්නේ කොහොමද?  චාෂී ගංගාවේ ඉඳන් දුඅන්ජෞ වලට ලී* දහස් ගණනක් විහිදුණු ධවල අස්ථි එකතු කරගන්න බැරිව ගොඩගහලා තිබ්බා.  ශෙන් වෙයි යුද්ධයේදී බයෙන් මිරිකිච්ච මීයෙක් වුන එක පුදුමයක් නෑ.   නමුත් ඔහු සහ ශෙන් ජෞජි තන්තායි ලොංගේ ගේ ගෙල සිරකර මරාදමන්න භෝජන සංග්‍රහයක් පැවැත්වුවා... ජොංබෝ හමුදා පරාජයට වුණා.  මම, කොං චෙංෆෙං, ස්වාමියා මාරු කරලා ජීවත් වෙන්න අවස්ථාව ලබා ගත්තා.  ඒත් තන්තයි ලොං නායකත්වය දීපු යුද ගැති කන්ඩායම සම්පූර්ණයෙන්ම අතුගා දැමුවි.  ඔබ හරි.  තන්තායි ලොං , ශෙන් වෙයිගේ අතින් මිය යාම කණගාටුවට කරුණක්.  ඔහු ජොංබෝ වල හොඳ පුද්ගලයෙක් වුණා."

ශෙන් ස'චුආන් පවසන්නට විය, “ඔබතුමා නූලෙන් ගැලවිලා ගියා නේද.   ඔබේ දක්ෂතා සහ ඉගෙනීම් එක්ක , ඔබ චූදු වලට ගියත් ඔබට බෝ ල (5) තණතුරක් හම්බවෙන්න තිබුණා..  එහෙත් ඔබ සීජෞ වල රැඳී සිටියා.  මට ඒක තේරෙන්නේ නැහැ."

කොං ලිංට නැගී සිටින්නට අවශ්‍ය වූ නමුත් ඔහුට හිතුවක්කාරී ලෙස මේසයෙන් නැගිට අසුන හැර යාමට  නොහැකි වූයේ ය. ඔහු ශෙන් ස'චුආන් දෙස බලන්නට හිස ඔසවමින් පැවසුවේ ය. “උප හමුදාපතිවරයා වැටහෙන්නේ නැ. ඔබ කොහොම ඒ ගැන තේරුම් ගන්නද? යුද්ධයේ ව්‍යවසනය ජොංබෝ වලට විනාශකාරි දර්ශනයක් ඇතිකළේ අනපේක්ෂිත විදිහටයි. ඒත් මෙහෙදි , අපිට කොහොමටවත් කීර්තියක්වත් වාසනාවක්වත් තිබුණේ නැහැ.  සමහරවිට, උප හමුදාපතිවරයගේ ඇස් හමුවේ , වාතයේ විසිරී තියෙන කිනිති සමූහයක් වගේ වෙන්න ඇති. ඒත් අපිට,  තාමත් ජොංබෝ වල තවමත් නැගී සිටීමේ බලාපොරොත්තුවක් තියෙනවා.  

ශෙන් ස'චුආන් මදහසක් පාමින් පැවසුවේ ය.  “දුඅන්ජෞ වලට ඔවුන්ගේ පාබල භට හමුදාවන් අහිමි වුණා. ඒත් පස්සේ කොල්ලකරුවෝ කණ්ඩායමක් තමන්ව රජවරු විදිහට ප්‍රකාශ කළා.   කිසිම කෙත් බිමක් භාවිකයට ගැනෙන්නේ නැහැ , ඒවගේම නගරයෙන් පිටත ලී භගයකට වඩා දුකට මිනිස් වාසයක සළකුණු පේන්නවත් නැහැ.  ඉතින් ඔබ කතා කරන මේ බලාපොරොත්තුව තියෙන්නේ හරියටම ජොංබෝ වල ප්‍රාන්ත හය වෙනුවෙන් නැවත පැමිණීමේ අවස්ථාව ගැනද, නැත්තම් සීජෞ තනි නගරය වෙනුවෙන් ද? එක අතකට,සීජෞ චූදු එක්ක තියෙන්නේ එතරම් හොඳ සබදතාවයක් නෙමෙයි. ඒ එක්කම අනිත් පැත්තෙන් සීජෞ ලීබෙයි වල හැම ඉල්ලීමකටම එකඟත්වය පළකරනවා.  හරියට වැට උඩ වාඩිවෙලා ඉන්නවා වගේ… ඇත්තටම මට තේරෙන්නේ නැහැ.”

කොං ලිං වේගයෙන් නැගිසිටිමින් පැවසුවේ ය, “සීජෞ වලට තිබුණු දුෂ්කරතා මොනවද කියලා ඔ දැනගෙන ඉන්නේ කොහොමද? ජොංබෝ වල හමුදා පරාජය වීමත් එක්ක චූදු වලට අයගේ දෑත් අභ්‍යන්තර ආරවුල් වලින් පිරිලා තිබුණා.අපි උපකාර ඉල්ලලා ස්මාරක ගණනාවක් යැව්වත් අපිට කවදාවත් ඒවට පිළිතුරක් ලැබුණේ නැහැ. අපතේ ගියපු කුඹුරු ඉඩම් සේරම පෞද්ගලිකවම ගොඩකළේ උතුමාණනුයි. අපිට මේ තරම් අනර්ඝ අස්වැන්නක් ලබා ගන්න අවුරුදු තුනක් ගතවුණා. ඒක හරි. සීජෞ ලීබෙයි වගේම චූදු එක්ක විශාල කරදරයකට මුහුණපාලා තමයි ඉන්නේ. ඒත් ලීබෙයි දුෂ්කරතාවකට මුහුණ දෙන සෑම අවස්ථාවකම සීජෞ හැම වෙලාවක උදව් උපකාර කරන්න බැඳී හිටියා.  උප හමුදාපතිතුමනි, සීජෞ වැට උඩ ඉන්න බව කියන්න තරම් දෙයක් නෙමෙයි නේද?!”

“ඒක ඔබ පැවසු විදිහම තමයි.” ශෙන් ස'චුආන් තම වත වෙනස් කරගනිමින් බැරෑරුම් පුකාශනයක් ආරෑඪ කරගත්තේ ය.  “මම දන්නවා සීජෞ වලට තමන්ගෙම දුෂ්කරතා තියෙනවා කියලා, ඒ හේතුව නිසාමයි අපි මෙහි ඇවිත් ඔබ දෙන්නා එක්ක මේ දේවල් ගැන අරමුණක් සහිතව සාකච්ජා කරන්නේ. අපි කෙලින්ම කාරණාවට යමු.  ඉදිරියේදි චූදු වලින් වාරණය වේවි කියන බිය නිසා , ඔබතුමා කැමති නැහැ රාජකීය හමුදාවට මෙතැන පසු කරගෙන යන්න දෙන්න. ඒත් වත්මන් තත්ත්වය ඇතුළේ  බිඳවැටීමත් එක්ක ඉතිරිවෙලා තියෙන එකම දේ අල්ලගෙන ඉන්න එක , බුද්ධිමත්ම උපායමාර්ගයකුත් නෙමෙයි. හන් චෙං ස්වර්ගයේ පුත්‍රයාව ඝාතනය කරන්න උපායක් යෙදුවා. මමයි ස'අන් යි චූදු අතහඅරලා පලා එන්න හේතුව ජීවිතය බේරාගැනීම ම නෙමෙයි , ඒ කොටස් එකතු කර ගන්න. රාජකීය අධිකරණයේ පරිපාලනය පාලනය දැන් ලැබිලා තියෙන්නේ වැන්දඹු අධිරාජිණියට , වංශවත් වංශයන් නැවත වතාවක් චූදු වල ප්‍රධාන දොරටුව වසා දමලා.  රාජකීය විද්‍යාලය තව කොයිතරම් කාලයක් දියුණු වෙයි ද?  හුආ ස'චියන් ගේ ක්‍රියාකාරී ආකල්පය නිසා නොවේද? ජොංබෝ හමුදා පරාජය කළාට පසු ඔබතුමා වගේම චෙංෆෙං මහත්මයා නැවත නැවතත් අනුස්මරණ ඉදිරිපත් කරද්දී  - ජොංබෝ වලට නැවත දෙපයින් නැගීමේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ නේද? මම චූදු වල ඉන්නකොට ජොංබෝ වල කොල්ලකරුවෝ ගැන හුඟක් දේවල් අහලා තිබ්බා.  ඒ කොල්ලකරුවන්ව ඉවත් නොකරන තාක්කල් , ජොංබෝ අස්ථාවරව පවතීවි. ඉතින් ජොංබෝ ආයෙමත් පැරණි තේජස් ස්වරෑපයට ප්‍රතිෂ්ඨාපනය කරන්න ඔබ සැලසුම් කරන්නේ  කොහොමද?  වැඩකටයුතු වල ආරම්භයම දුෂ්කරතාවලින් පිරිලා , ඒක හරියට කඳු සහ වනාන්තර හරහා නව මාවතක් දල්වන්න ඉරුණු වස්ත්‍ර ඇඳගෙන ලී කරත්තයක් පදවන්නෙක් වගෙයි. (6.) මේ නැවත නගාසිටුවීම පිළිබඳව මහත්වරුන් දෙදෙනාටම තියෙන උනන්දුව ගැන මම හුගක් අගය කරනවා.  ප්‍රශ්නය ඉදිරි ගමන දුෂ්කර වීම විතරයි.  ඉතින් ඇයි ඔබේ ගමන් මග වෙනස් කරලා ජොංබෝ වල කටයුතු ජොංබෝ වලටම කරගන්න ඉඩ නොදෙන්නේ?"

තම මත්පැන් බදුන අතැතිව ජෞ ගුයි කොං ලිංව අල්ලාගෙන නිසි ලෙස අසුන්ගන්වා පවසන්නට විය. “උප හමුදාපතිතුමා මේ තරම් අවංක නිසා , මම තවදුරටත් පදුර යටේට පහර දෙන්නේ නැ. ඇත්තෙන්ම මම මේ වංශාධිපතිතුමාට යන්න නොදෙන්නේ යූචු අපි වගකිව යුතු බව පවසලා සීජෞ වල ණය බද්ද වැඩි කරාවි කියලා මම කණස්සල්ලට පත්වෙලා ඉන්න නිසයි.  සීජෞ චූදු වල යෙදවීමේ නියෝගය නොසලකා හරිමින් තනිවම ක්‍රියා කරනවා නම්, සහය නැතිව අනාගතයේදී අපට කිසිවක් ඉටු කරගන්න අපහසු වෙයි කියලා මට බය හිතෙනවා.  අපිට මූල්‍ය ආධාර සපයන්න හමුදා බලයක් තියා ධනවත් වෙළෙන්දෙක්වත් නැහැ.  ඒ වගේම, අපිට ලිබෙයිට සමාන මට්ටමක විශ්වාසවන්තයොත් නැහැ.  උප හමුදාපතිතුමාට මට ඒ විදිහට ඒත්තු ගන්වන්න පුළුවන් වුනත්  මට සීජෞ වල සාමාන්‍ය වැසියන්ගේ ජීවිත සූදුවකට යොදාගන්න නම් කොහෙත්ම විදිහක් නෑ."

"ඊට ප්‍රතිවිරුද්ධව."  ෂ්‍යාඕ චීයේ කොං ලිංට වාඩි වන ලෙස සංඥා කළේය.  “මෙහෙම පවසපු එකෙන් ලන්ජෞ ඔබතුමාට ඒත්තු ගන්වන්නේ තනිව සටන් කරන්න කියලා නෙමෙයි.  සීජෞ ඊසානදිග ප්‍රවාහන පාලම් මාර්ගයට ආසන්නව පිහිටලා තියෙනවා , ඒත් දැනට, තවමත් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන තමන්ගේම බලකොටුවක් ස්ථාපිත කරලත් තියෙනවා.  මගේ හමුදාවන්ට බාධාවකින් තොරව පැමිණෙන්නත් පිටවෙන්නත් ඉඩ දෙන්න ඔබතුමා කැමැත්තිවෙන තාක්කල්, සීජෞ වල ආරක්ෂක භට කණ්ඩායම පිහිටුවන කල් , විසිදාහක් දෙනා ඉන්න මගේ රාජකීය හමුදාවට ඒ වෙනුවට මුර සංචාර භාර ගන්න පුළුවන්."

ජෞ ගුයි ඒ පිළිබදව නිහඬව කල්පනා කළේ ය. කොං ලිං පවසන්නට විය. “වංශාධිපතිතුමා ස්වභාවිකවම පොරෙනේදුව ඉටුකරාවි තමයි. ඒත් මට ඔබතුමාගෙන් අහන්න ඕනේ, ලීබෙයි කැරැල්ලක් ඇති කළොත් , ඊසානදිග ප්‍රවාහන පාලම් මාර්ගය ස්වභාවිකවම යල්පැන යාවි.  එහෙමවුනොත්  අනාගතයේදී ලීබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාව වෙනුවෙන් හමුදා සැපයුම් ලබා ගන්නේ කොහෙන්ද? සීජෞ වලින් ද?"

“ඊසානදිග ප්‍රවාහන පාලම් මාර්ගය ලීබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාව පිහිටුවීමෙන් පස්සේ පරිවාර ප්‍රවාහනයේ නිශ්චිත අරමුණ වෙනුවෙන් විවෘත කරපු ප්‍රධාන මාර්ගයක්.  ඒක මේ විදියට නාස්ති වෙන එක ගැන දුකක් නැද්ද?"  ශෙන් ස'චුආන් වයින් බදුන සෙලවූයේ ය. ඔහුගේ දෑස්වල ප්‍රකාශය සන්සුන් හා ඉක්මන් නොවන්නක් සේ පෙනුනේ ය.  “ලිබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාව සහ රාජකීය හමුදාව සතුව මුළු සෙබළුන් සහ අශ්වයන් එක්ලක්ෂ හතලිස් දහසක් ඉන්නවා.  හමුදා සැපයුම් තවමත් අනාගතයේදී ඊසානදිග සැපයුම් පාලම් මාර්ගය හරහා හුවමාරු කරන්න සිද්ධවේවි."

කොං ලිං විශ්මයෙන් යුතුව ජෞ ගුයි හා බැල්මක් හුවමාරු කරගනිමින් පවසන්නට වියග “ වංශාධිපතිතුමා ගේ හිස මතට දැනටමත් සිංහාසනය අත්පත් කරගැනීහට උත්සහ කිරීම කියන චෝදනාව පතිතවෙලා තියෙනවා. ජුඒෂි වල නගර දහතුන හමුදා සැපයුම් ලීබෙයි සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක සේනාංකය වෙනුවෙන් සකස් කරන්න තරම් එඩිතර වෙන්නේ කොහොමද?”

ශෙන් ස'චුආන් මදහසක් පාමින් පවසන්නට විය, “ජුඒෂි කියන්නේ ජුඒෂි වලට. චූදු කියන්නේ චූදු වලට. චිංෆෙං මහත්මයා, මම එහෙම පවසන්න තරම් නිර්භීත වෙන නිසා , මට ස්වභාවිකවම මගේ ම හේතු තියෙන්න ඕනේ. ඒ ගැන කොහොමද? ජෞ උතුමාණන් අද රාත්‍රියේ රාජකීය හමුදාව පසුකර යාමට ඉඩ දෙන්න කැමැත්ති වෙනවනම් , සීජෞ වලට අනාගතයෙදි කවමදාවත් තනිවම සටන් කරන්න ඉඩ නොලැබේවි."

ජෞ ගුයි පසුබට වූ නමුත් ඔහුගේ කටහඬ ස්ථාවරව තබාගෙන පැවසිය: “මට ඔබතුමාගේ සදාචාරාත්මක චරිතය විශ්වාස කරන්න පුළුවන්, නමුත් මේ වේගයෙන් වෙනස් වන තත්වය මට විශ්වාස කරන්න බැහැ.  ඔබ දෙදෙනාම දිගටම පවසනවා රාජකීය හමුදාව පසුකරලා ගියාට පස්සේ කොල්ලකරුවන් මර්දනය කරනවා කියලා.  නමුත් සංක්‍රමණයෙන් පස්සේ ඔබලා දෙන්නා ඔබේ පොරොන්දුව කඩ කළොත්, ඇත්තටම සීජෞ වලට ගැලවෙන්න මඟක් නැතිව අසරණ තත්වයකට ඇද වැටිලා මිය යන්න වේවි!"

"කලබල වෙන්න ඕන නෑ."  ශෙන් ස'චුආන් තම මත්පැන් බදුන පසෙක තබා පවසන්නට විය. “රාජකීය හමුදාව කොල්ලකරුවන් මර්දනය කරනකල් විතරක් මීජෞ වල ඉන්නවා. ඔබතුමාට තවමත් සැකයක් තියෙනවනම් නම්, අපට අපගේ දැනට අපේ සිරභාරයේ ඉන්නේ හන් ජින් ව උතුමානන්ට භාර දෙන්න පුළුවන්.  ඒ විදිහට, අපි අනාගතයේදී අපේ වදන් නොරැක්කත් ඔබතුමාට හන් ජින්ගේ ජීවිතය අරගෙන නිදහසට කරුණක් විදිහට චූදු වල කෝපය සංසිඳුවන්න පුළුවන්."

ලී ජ්‍යන්හෙං මියගොස් තිබුණු අතර, චූදු වලින් නව පාලකයා පිළිබද තවමත් තොරතුරක් ලැබී තිබුණේ නැත. මේ වෙනකොටත් ප්‍රදේශ කැළඹෙන්න පටන් අරගෙන නොසන්සුන්තාවයේ සලකුණු පෙන්නුම් කරමින් කිබුණි.  ලිබෙයි පාලනයෙන් පස්සේ කාවවත් අනුගමනය කරන්න නිර්භීත නොවූනා වගේම ඔවුන් තමන්ගේම අතර ඔවුන්ගේම ආරක්ෂාවක් සලසගත්තේ චීදොං වල චී වංශයට තිබෙන බිය හේතුවෙනි. නමුත් සීජෞ වෙනස් ය.  ලීබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාවට ඉතාමත් සමීප වූවෝ ය. ඔවුන්ට සැබවින්ම යුධ හමුදාවන්ගේ සහාය ලබා ගත හැකි නම්, ඔවුන්ට තවදුරටත් උතුම් වංශවල යෙදවීමේ නියෝගවලට යටත් වීමට අවශ්‍ය නොවනු ඇත.

“අද ම​ම නගරයට ආ බව දැනටමත් චූදු වල පැතිරිලා ගිහින් ඇති.” ෂ්‍යාඕ චීයේ එතරම් ඉක්මන් නොවෙමින් පැවසුවේ ය.

"ඔබතුමා මට ඉඩ දුන්නත් නැතත්, අද රාත්‍රියෙන් පස්සේ වැන්දඹු අධිරාජිනියට සීජෞ ගැන සැකයක් ඇති වේවි."

 ජෞ ගුයි ගේ වත හදිසියේම වෙනස් විය.  “උතුමාණෙනි, වංශාධිපතිතුමනි.  ඔබ!"

"ඊට අමතරව."  ශෙන් ස'චුආන් ෂ්‍යාඕ චීයේ චීයේ ගේ විලුඹ අසලින් ගොස් මෘදු ස්වරයෙන් මෙසේ පැවසීය: “මහත්වරු දෙදෙනාටම සම්පූර්ණයෙන්ම වැඩ කරන සීජෞ ආරක්ෂක භට කණ්ඩායමක් පිහිටුවීමට අවශ්‍ය නම්, එතැන තියෙන වැදගත්ම කාර්යය වන්නේ සොල්දාදුවන් බඳවා ගැනීම සහ අශ්වයන් මිලදී ගැනීම.  සීජෞ ආහාර වගේම ජීවත් වෙන්න උපයෝගි කරගන්නේ ගොවිතැනයි.  ජුඒෂි සහ වරායන් හා සම්බන්ධ වන ව්‍යාපාර සීජෞ වල ඇතුළතවත් පිටතවත් නැහැ.  ඔබ බදු මුදල් පමණක් භාවිතා කරනවා නම්, මේ ඉලක්කය සපුරා ගන්න ඔබට වසර කිහිපයක්වත් ගතවේවි කියලයි මට බය. මට ඉතුරුම් කිහිපයක් තියෙනවා, මට හැකි උපරිමයෙන් දායක වෙන්න මම කැමතියි- ඉතින් ජෞ උතුමාණෙනි, රාජකීය හමුදාවට දැන් ඉවත් වෙන්න පුළුවන් ද?"


අරුත් පැහැදිලි කිරීම.

1.)  විවාහ කුසලාන;  සම්ප්‍රදායික විවාහ උත්සවයකදී  මනාලිය හා මනාලයා අතර සිදුවන විධිමත් මත්පැන් කෝප්ප හුවමාරුවක්;  පත්පැන් පානය කිරිමේදි එකිනෙකා ​දෑත් රදවාගනිමින් පානය කරයි. 

2.) චී ජීගුආං (戚继光), චීන හමුදාවකි
 මිං රාජවංශයේ හමුදාපති සහ ලේඛකයෙක් විය. ඔහු බොහෝ විට යුධ පිටියේ අශ්වයෙකු පිටහිඳ තම ආයුධය භාවිතා කරයි.

3.) වෙනකෙකු ​දුන් දෙයක් ත්‍යාගයක් ලෙස ආපසු දීම.

4.) පුරාණ කාලයේ කෙනෙකුගේ පදවි නම වෙනත් පාර්ශවයකට හඳුන්වා දීමට භාවිතා කරන නිහතමානී හෝ ස්වයං-නිග්‍රහාත්මක යෙදුමකි.

5. අශ්වයන්ගේ ගුණාත්මකභාවය විනිශ්චය කිරීමේ හැකියාව සඳහා ප්‍රසිද්ධ චරිතයක්.  දක්ෂතා පිළිබඳ හොඳ විනිශ්චයකරුවෙකු වන කෙනෙකුට යොමු දක්වයි.  (මෙහි සඳහන් වන්නේ ඔහුගේ දක්ෂතා හඳුනාගෙන අගය කරන ස්වාමියෙකු ගැන ය.)

6.)  පුරෝගාමී සේවය වෙනුවෙන් මහත් දුෂ්කරතා විඳදරාගැනීම.


Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-