Skip to main content

එකසිය එක්වන පරිච්ජේදය : නිධානය


Qiang Jin Jiu (Ballad of Sword and Wine) Image by Changyang #4039715 -  Zerochan Anime Image Board


ශෙන් ස’චුආන් ජාඔ සූයි පන්සලේදී චී හුයිලියන්ගෙන් ඔහුගේ මුළු ජීවතය පුරාම ලද දැනුම් සම්භාරය ලබාගෙන තිබුණි. හය වසරකට පෙර , ඔහු චී හුයිලියන් ගේ දෙපා අසල දණ නමද්දී , ඔහු ඒවන විටත් තමා ගන්නට යන මාර්ගය ගැන හොඳින් දැන් සිටියේ ය. ඒ වේදනාව සහ සාංකාව ඔහුගේ ශරීරයත් ආතමයෙත් ගැඹුරටම කිඳාබැස තිබුණු හෙයිනි. හේ වරෙක නිර්ලජ්ජිත ලෙස, බලය සහ සමතුලිතතාවන් මගින් වංශවත් නිකායන් වල සීමාවන් මුලිනුපුටා දැමීය හැකියැයි සිතුවේ ය.

නමුත් ඔහු අසමත් වූයේ ය.

ශෙන් ස’චුආන් ඉදිරිපස බැලුවේ ය. ගංගාවේ ජලය ගුමු ගුමු හඬ නගමින් ගලා යන්නට වූයේ අඳුරේ ගිලී ගිය ජීවිතයක් ආපසු හැරවීය නොහැකිවාක් මෙන් ය. එය දිලිසෙන්නේ තරු පිරි අහසෙහි ජායාව එය මත පතිතවන බැවිනි. ඔහු විජිණිපතෙන් කුඩා පහරක් ගසා එය මන්දගාමි ලෙස විවර කළේය. ඉන්පසු එය නැවත එලෙසම හකුලා දැමුවේ ය. ඔහු පවසන්නට විය.මම චූදු වලින් පිටවෙලා ආවා,ඒත් මම තාමත් කුඩුවක හිරවෙලා. මේ මම මගේ අවස්ථාව ගත්තට ලැබුණු දඩුවමක්. මම පුළුවන් තරම් ඉක්මනින් අළුත් මාර්ගයක් හොයා ගන්න ඕනේ. ඇදුරුතුමා ඔහුගේ ජීවිතකාලේ පුරාම මාව විශ්වාස කළා. මම ඔහුට එක වරක් පොරොන්දු වුණා මේ සටනේ අවසානය වෙනකල්ම ගමන් කරනවා කියලා. අපි අතීතෙදි මේ සේරම විඳදරාගත්තේ චූදු වල තවමත් යථා තත්වයට පත්වෙන පාටක් නැති නිසා. ඒත් දැන් මම තේරුම්ගත්තා ඒක ගොඩකාලයක් තිස්සෙම අඩුවෙමින් තියෙන බව, හරියට බටහිර කඳු අතරින් හිරු බැසයනවා වගේ.”

චී හුයිලියන් ධාරානිපාත වර්ෂාව මධ්‍යයේම කඩාවැටෙන අධිරාජ්‍යය පිළිබද පවසමින් කෑගැසුවේය. හේ දෑත් ඔසවද්දී කඩා වැටෙන මන්දිරය ඔසවා තබන්නට නිෂ්ඵල උත්සහයක් දරනවාක් සේ පෙනුණේය. ඔහුට තිබුණේ හයි ලියැංයීට වඩා සපුරා වෙනස් වූ මාර්ගයක් නමුත් ඔවුන් දෙදෙනාටම දැල්වීමට තිබුණේ එකම ආලෝක දල්වනයකි. ලි වංශය වෙනුවෙන් සැමවිටම දැල්වෙන සිය ජීවිතයේ අවසන් මොහොතේදී , අතීතයේ කිසිදා අත්නොහැරිය හැකි වූ ඔටුන්න හිමි කුමාරයා පැත්තකට දමා නිහතමානී සම්භවයක් හෙඹි ශෙන් ස’චුආන්ව තෝරා ගත්තේය.

චී හුයිලියන්ගේ සිසුන් දෙදෙනාවම සාමාන්‍ය ජනයා ආකාශයත් මඩ වගුරක් ලෙසත් හැදින්වූහ. ඔටුන්න හිමි කුමරු ස්‍රජුවම ලී වංශයෙන් පැවතෙන්නෙක් විය. ප්හු උපත ලැබුවේ ප්‍රඥාවන්ත ස්වෛරී පුද්ගලයෙක් වෙන්නට පමනක් බව පෙනෙන්නට තිබුණෙ ය. චී හුයිලියන් සිතුවේ ඔවුන්ට නව ලෝකයක් තැනීය හැකි බවය. මන්ද ඔවුන් මේ ලෝකය තුල සෘජු පරම්පරාවේ අවිවාදිත, නීත්‍යානුකූල පරම්පරාවන් වූ බැවිනි. නමුත් හේ අසාර්ථක වූයේ ය. එයින් පසුව ඔහු මඬ ගොහොරුව තුල සිටි ශෙන් ස’චුආන් සොයා ගත්තේ ය. ශෙන් ස’චුආන්, ඔහුගේ වැදූ මවට හිමි වූයේ පහත් උපතක් වූ අතර ඔහුගේ පියා සටනේදී පරාජය වී තිබුණේ ය. මේ ශෙන් ස’චුආන් ස්‍රජුව පැවත එන්නෙක් නොවීය. චී හුයිලියන් මේ ශෙන් ස’චුආන් ව තෝරාගත්තේ ය. මෙය ඔහුගේ ජීවිත කාලය පුරාම තිබූ විශ්වාසය වෙනස් කිරීමකි. එය ඔවුන් වෙනුවෙන් තබා ඇති පෙළපතට ඔහු තවදුරටත් හිස නොනමන බව ප්‍රකාශ කිරීමකි. ඔහුට අවශ්‍ය වූයේ මේ ශෙන් ස’චුආඅන් ව මේ අවාසනාවන්ත , දිරාපත් වූ අධිරාජ්‍යය හරහා පසාරු කරමින් යවන්නටය.

“මම ඒ සේරම විඳදරාගෙන ඉන්න එක අතහැරලා දැම්මා.” ශෙන් ස'චුආන් තම විජිණිපත දණහිස් මත රදවාගෙන ෂ්‍යාඕ චීයේ දෙස බලන්නට පසෙකට හැරුණේ ය. “මම හදන්නේ සටන් කරන්න වෙන මාර්ගයක් තෝරගන්න . මට ඕනේ චොබෝවල ඉන්නයි. ඔබ එක පාරක් තන්තායි හූට කිව්වා , ‘අපේ ජාතියට වෙච්ච නින්දාට වගේම අවමානය තවමත් යථා තත්වයට පත්වෙලා නැහැ. ඒගේම පේ පවුල්වල ආරවුල් වලින් මිදෙන්න හැකිවෙලා නැහැ.' කියලයි. ඒක ඇත්ත​ටම හරි ස'අන්, චොංබෝ වලට සිදු වුන අවමානයට චොංබෝ වල ඉදන්ම පිළියම් යොදන්න ඕනේ.  මට කරන්න ඕන දේ මේකයි.  දවසක, අපි මේ අහස යටින් ලීබෙයි වලට අසුන් පදවගෙන යාවි. ඒ වෙනකොට මම ශක්තිමත් වගේම බලවත් වෙලා ඉඳිවි. ලිබෙයි කුමරුගේ වෘක පැටවා එක්ක විවාහ වෙන්න මිලියන දෙකක් පුමාණවත් නැ. ඒවගේ විවාහයකට මගේ ස'අන් සුදුසුත් නෑ.  කොහොමවුනත් මම චොංබෝ වල ඉන්නවා නම් , මම කවදමහරි දවසක ඔබේ විනාශ කළ නොහැකි පලිහ වෙනවමයි.”

වතුර බෑගය හදිසියේම බිම වැටී, බිම පුරා ජලය ඉසිමින්, ෂ්‍යාඕ චියේගේ වස්තුයේ කොනක් තෙමා දැමුවේ ය. සිහින් සඳ එළිය යට, ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන්ගේ අතින් ඇද හදිසියේම වැළඳ ගත්තේය.

බොහෝ වේලාවකට පසු, ශෙන් ස'චුආන්ගේ සවනත අසලින් ෂ්‍යාඕ චියේගේ ගැඹුරු කටහඬ නැගුණේ ය. ඔහු වඩාත් එයට සමීප වූයේ ය. “මම ඔබට මගේ පිටුපස දෙන්නම්. ඔබ ඔබේ ලය මම වෙනුවෙන් තියලා යන්න. අපිට එකිනෙකා නැතිව ජීවත් වෙන්න බැහැ.  මම ලිබෙයි වල හොඳම අශ්වයා ඔබ වෙනුවෙන් තෝර ගන්නම්.  අපි චොංබෝ - ලීබෙයි සීමා මායිම් රේඛාවේ නිවසක් හදලා සෑම මාසෙකම එතැනදි හමුවෙමු. ඒකනම් අවශ්‍යමයි.  මාව විවාහ කර ගන්න නම්, මිලියන දෙකක් ප්‍රමාණවත් වෙන්නෙ නැ. ;  රන් දහසකටවත්  මිල කරන්න බැරි ලන්​ජෞගේ සිනහවයි  මට ඕනේ."

ශෙන් ස'චුආන් සිය දෑත් ඔසවා ෂ්‍යාඕ චීයේගේ ගේ පිට ආවරණය කළේ ය - මේ ආකර්ශනීය සුවඳ වැළඳ ගන්නටය.  ශෙන් ස'චුආන්ගේ හදවතේ ඇති කැළඹිලි සහිත ගංගාව ආක්‍රමණය කිරීමට තණබිම් හරහා ගමන් කළ සුළඟ වූයේ ලෙසින් ෂ්‍යාඕ චීයේ ඔහුට ආදරයේ මිහිර රස විඳීමට ඉඩ දුන්නේ ය.  දුඅන්ජෞ සහ ඔහුගේ ගුරුවරයා අහිමි වූ ඔහුට තවත් අහිමි වන්නට කිසිවක් තිබුණේ නැත.  අවසානයේ ඔහුට මේ ඉතිරි ව තිබූ නිධානය සඳහා බලකොටුවක් වීමට සිතාගත නොහැකි තරම් ගැඹුරු මිටියාවත හරහා යනුනට සිදු ව තිබුණේ ය.

◈     ◈     ◈

පසුගිය දින කිහිපයේ සිජෞ හී නායක ජෞ ගුයි ඔහුගෙ නිළ රාජකාරි සඳහා කාර්‍ය බහුල වී සිටියේ ය. ඔහුට රාජකීය හමුදාවන් ඒ වන විටත් දන්චෙං පසුකර සීජෞ වෙgත ගමන් කරමින් සිටින බව අසන්නට ලැබී තිබුණේ ය. මේ හේතුවෙන් නිදාගත නොහැකි වූ ඔහු සයනයේ එ මේ අත පෙරැලුනේ ය.

ජෞ ගුයි ගේ උපදේශකයා ජොංබො හී දෙංජෞ ප්‍රාන්තයේ පුද්ගලයෙකි. ඔහුගේ නාමය කොං ලිංය එමෙන්ම ඔහු ජෞ ගුයි සමඟ එක්ව ඉගෙනගෙන තිබුණේ ය. ඔහු මත්පැන් සූදානම් කර අවසන ප්‍රබෝදමත් හා ශීතල කටගැස්මකට සරිලන ආහාර පිළියෙල කිරීමට සූපවේදියෙක් ලබා ගත් අතර හේ මේවන විට පාදයක් පිට පාදයක් දමාගෙන අංගනයේ තිබූ ආලින්දයෙහි සිට මේසයක වාඩි වී ජෞ ගුයි සමඟ කතාබස් කරමින් පානය කරමින් සිටියේ ය. චීන විද්වතුන්ගේ ගසෙන් (1.) සුදු පැහැ පුශ්පයන් අංගනය නත පතිත වූයේ නැවුම්,මිහිරි සුවඳක් විහිදුවමිනි.

මේ ටිකේම මට හරි නින්දක් තිබුණේ නැහෙ.” ජෞ ගුයි තම මත්පැන් බඳුන අල්ලා ගනිමින් කීවේ ය.

වාඩිවී සිටින ඉරියව්වෙන් ම , කොං ලිං කටගැස්ම සහිත ආහාර ටිකක් ගෙන මුව පුරා දමාගත් අතර ඒවා ගිල දැමීමට පෙර මත්පැන් ද පානය කරන්නට වූයෙ කිසිත් පැවසීමට පෙරය. මම දන්නවා. දුන්ජwෞ අල කොල්ලකරුවන් දැනටමත් සැලකීය යුතු මට්ටමකින් වැඩිවෙලා වගේම ඔවුන්ගේ බල ශක්තියත් අවතක්සේරු කරන්නත් බැරිබව. අපිට භටයන්වත් අශ්වයන්වත් නැහැ ; අපිට ඔවුන්ව කෝප ගන්වන්න් බැහැ. ඒත් පහුගිය වසරේ අපිට ලොකු අස්වැන්නක් ලැබුණා. ඒ කොල්ලකරුවන්ගේ ප්‍රධානියා වෙන ලෙයි චංමිං අපේ සීජෞ ධාන්‍යාගාරය දිහා බලාගෙන ඉන්නවා.”

හැම ධාන්‍ය ඇටයක්ම ලීබෙයි සන්නාහ සන්නද්ධ හමුදාවේ හමුදා සැපයුම් වලට දුන්නා. සීජෞ වල ධාන්‍යාගාර හිස් වෙලා. මම දුන්ජෞ වල ප්‍රධානියාට ලියමනක් ලිව්වා. ඒත් ඔබ දන්නවා වගේම , ඔහු ලෙයි චංමිංට සහය දක්වන රූකඩයක් විතරයි. ඔහු කොහොමද අපි වෙනුවෙන් ලෙයි චංමිං එක්ක තර්ක කරන්න නිර්භීත වෙන්නේ? මම ඇත්තටම නිහඬවම දුක් විදිනවා.” ජෞ ගුයි ට මත්පැන් උගුරක් හෝ ගිලදමන්නට නොහැකිවිය.මේ වෙනකොට ලීබෙයි වල දෙවන තරුණ ස්වාමියා කැරලි ගහලා අගනුවරින් පැනලා ඇවිල්ලා. නගරයේ ද්වාරය පාමුලට සෙබළුන් විසිදාහක් පැමිණෙන්න නියමිතයි. චෙංෆෙං , මම ඉන්නේ ලොකු අකරතැබ්බයක. අපිට ඔවුන්ට යන්න දෙන්නත් බැහැ, ඒත් මට ඔවුන්ට යන්න ඉඩදෙන එක ප්‍රතික්ෂේප කරන්නත් බැහැ.”

කොං ලිං තම ආහාර කූරු පසෙක තබා පවසන්නට විය.හැබැයි ලීබෙයි කැරලි ගැහුවොත්, සීජෞ මැද්දට කොටු වෙලා හෙලවෙන්නවත් ඉඩක් නොලැබේවී. ඔබ පුළුවන් තරම් ඉක්මනින් තීරණයක් ගන්න ඕනේ.”

ඒක තීරණය කරන එක මට අයිති දෙයක් නෙමෙයි.” ජෞ ගුයි නොසන්සුන් ලෙස සුසුමක් හෙළුවෙය.මේ පාර නම් ඇත්තටම අපිව ඉස්සරහින් වෘකයන්ගෙනුයි පිටුපසින් කොටීන්ගෙනුයි වටකරගෙන මුල්ලකට කොටු වෙලා. අපිට ලීබෙයි , චුදූ දෙපිරිසවම අමනාප කරගන්න බැහැ වගේම ලෙයි චංමිං කොටියෙක් ගොදුර දිහා බලාගෙන ඉන්නවා වගේ ලෝභයෙන් අපේ දිහා ඇහැ ගහගෙන පසෙකින් ඉන්නවා.”

කොං ලිං චීන විද්වතුන්ගේ ගසෙන් පතිත වන වලක් අල්ලාගෙන එය මත්පැන් වලට වීසි කර දැමුවේය.ලෙයි චංමිං කොල්ලකරුවෙක්. ඉක්මනින්හරි පස්සේ හරි , ඔහු වටලලා විනාශ කරලා දමාවි. ඒත් ප්‍රාන්ත හයට තමන්ගේම රජයේ කටයුතු හැසිරවන්නතියෙනවා. කොල්ලකරුවන් මර්දනය කරන්න හමුදා බලවේගවලට එකතු වෙන්න හැකියාවක් ඔවුන්ට නැහැ. රාජකීය උසාවියෙන් මිනිසුන්ව එවන්නේ කවද්ද කියලවත් දන්නේ නැහැ. ලෙයි චංමිං කොයිතරම් අහංකාර විදිහට තමන්ට දේවල් සපයගන්න විදිහ එක්ක  ඔහු දැනටමත් නිකම්ම චොංබෝ කෲර පාලකයෙක් බවට පත්වෙලා තියෙනවා. දැන් කලබල වෙලා වැඩක් නෑ.”

 “වසර හයකට කලින් , බ්‍යැන්ෂා සන්නාහ සන්නද්ධ හමුදාව අපේ සීමාවට කඩා වදිනකොට ඒ දරුණු ප්‍රහාරය දරා ගත්තේ දුන්ජෞ දුආන්ජෞ නගරයි. ඒ නිසාම දැන් ඒවා මුඩුබිම් බව​ට පත්වෙලා. ‘මියගිය අයගේ ඇටකටු පැදීලා තිබුණා. කකුළන් කෑගසන හඩ ලී දස දහස් ගණනක් පුරාවටම විහිදුණා. යුද්ධයෙන් ඒ සරුසාරව තිබුණු ලී* දහස්ගාණක ගොවිබිම් අතහැර දමපු කෙත්වතු බවට පත් කළා. කවුද කැමති වෙන්නේ ඒ වගේ හමුදාවකට බැඳිලා සොල්දාදුවෙක් වෙන්න?” ජෞ ගුයි අංගන දෙසට බැලුමක් හෙලා තම හස්තය ඔසවා කොං ච්‍යු වෙනුවෙන් එහි වටපිටාව ඇල්ල දිගු කළේ ය. 

“ස'ජෞ වල​ට අපේ ශක්තිය වගේම සම්පත් රැකගන්න පුළුවන් වුනේ ලීබෙයි සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක හමුදාව විදුලි වේගෙන් අපිව මුදවාගන්න ආව නිසයි. මම හැමතිස්සෙම මේ සුහත්වයේ දර්ශනය ගැන මනසේ තියාගෙන ඉන්නවා. ඒ නිසා කොහොමටවත් මේ වතාවේ හමුදා සැපයුම් ගැන මට කිසිම ගැටළුවක් නැහැ. ඒත් අධිරාජ්‍යයා ඝාතනය කරන්න කුමන්ත්‍රණය කරන එක කොයිතරම් දරුණු අපරාධයක් ද කියනවා නම් , මට අවශ්‍ය වුනත් මට නොදැනුවත්බව මවා පාන්නවත් විදිහක් නැ. මාසයක් යන්න කලිනු, අර ලෙයි චංමිං අනිවාරෙන්ම ධාන්‍ය සහ මුදල් ඉල්ලගෙන ඒවි, ෂ්‍යාඕ චීයේත් සී'ජෞ වලට ඒවි. මම ඇත්තටම බයයි මේ කෲර දෙපිරිසම එකිනෙකා එකුක අතරමං වුනාම කොයිතරම් ව්‍යසනයක් සිදුවෙයිද කියලයි. මේකට තමයි කියන්නේ "වහින අතරෙම පිටාර ගලනවා! කියලා.”

කොං ලිං සිටියේ මත්පැන් පානය කරමිනි. එක්වරම හේ ගැස්සී යමින් පැවසුවේ ය. “ෂ්‍යාඕ චීයේ සීජෞ වලට ගේන්නේ හොදට පුහුණුව ළබබු රාජකීය සොල්දාදුවෝ විසි දහසක්. ඒ අපේ සොල්දාදුවන් නෙමෙයි ද? ඔහු එක්ක තනිවම අණදෙන්න යනවනම් , ලෙයි චංමිංට වුනත් තමන්ගෙම හැකියාවන් මැනලා බලාගන්න වෙයි.!”

“රාජකීය හමුදාව අවුරුදු ගණනාවක් චූදු වල රැදී සිටියා. ඔවුන් හැබෑවටම යුධ පිටියක් දැකලා තිබණේ කොයි කලේද? ලෙයි චංමිං දුඅන්ජෞ වලයි දන්ජෞ වලයි යුධ පාබල හමුදාව පෙරලලා දැම්මා වගේම බ්‍යැන්ෂා සන්නාහ සන්නද්ධ හමුදාවටත් බය නෑ.  ඔහුට යැදගත් ඔහුගේ භටයන්ගේ සහයෝගීතාවය විතරයි. ඒ විතරක් නෙමෙයි, ඔහුට ජොංබෝ භූමියත් හුරුපුරුදුයි. ඔවුන් සටනකට ආවත්, ෂ්‍යාඕ චීයේ ඔහුට ගැලපෙන්නේ නැහැ.” ජෞ ගුයි ක්ෂණිකව හස්තය වැනුවේ ය. “අනිත් එක, දෙවන තරුණ ස්වාමි ෂ්‍යාඕ තාම ඉන්නේ ඔහුගේ කරුණ අවධියේ. ඔහුට ඒ තරම් සටන් වලට ගිහින් නැත් නිසා ඔහුට සහය වෙන්න ඔහුගේ වැඩිමල් සහෝදරයයි පියායි ඉන්නවා. සීජෞ වලදි ඔහුට මොනවහරි වුනොත් එහෙම , මට ලීබෙයි ගැන නම් විශ්වාසය තියන්න බැරි වේවි.”

කොං ලිං තම යටි රැවුල පිරිමදිමින් පවසන්නට විය. “ෂ්‍යාඕ චීයේ ත්‍යැංචෙං අධිරාජ්‍යයාට සිංහාසනයට පත්වෙන්න උපකාර කරලා යහපත් සේවයක් කළා.  ඔහු කුමන්ත්‍රණයක් කරලා චූදු වලින් පලා එනකොට ඔහු රාජකීය හමුදාව ඔහුව අනුගමනය කරනුන කැමැත්තෙන් හිටපු එකෙන් අදහස් වෙන්නේ ඔහුට හමුදාවක් මෙහෙයවනුන හැකියාව තියෙන බවයි.  එහෙම නැත්තම්, ඔහු සඑකුකමඟ මෙතරම් දුරක් පලා එන්න තම හිස පරදුවට තියන්න කැමති කවුද? කොහොමවුනත් දකින දෙයනේ විශ්වාස කරනුනේ.  ඔහු ආපහු ආවොත් අපි ඔහුව හමුවෙලා ඒ ගැන හරියටම අදහසක් අරගමු. ”

“මට ආරංචි වෙච්ච විදිහට ඔහු එක්ක වැඩ කරන එකනම් ඒ තරම් බහසු දෙයක් නෙමෙයි.” ජෞ ගුයි කනස්සල්ලට පත්වූයේ මේ පිළිබදවය. “ඔහු හුග කාලයන් චූදු වල රැදිලා හිටියා.  ඔහු තාමත් ධනවත් තරුණ ස්වාමියෙක් වගේ වැඩ කරනවනම් , මට ඉක්මන් වෙලා ඔහුව පිටත් කර හරින්න ක්‍රමයක් ගැන සිතා බලන්න වෙනවා.  අපිට ඔහුට කරදර ඇති කරන්න ඉඩ දෙන්න බැහැ! ”

◈     ◈     ◈

දින කිහිපයකට පසු, අපේක්ෂා කළ පරිදිම රාජකීය හමුදාවන් සිෂෝ නගරයේ පවුරු වෙත පැමිණියෝ ය.  ජෞ ගුයි ඔවුන්ව පිළිගන්න එක්වරම ද්වාරය විවර කරන්නට එඩිතට නොවූ අතර, ෂ්‍යාඕ චීයේ සහ ශෙන් ස'චුආන්ව පිළිගන්නට ගේට්ටුව විවෘත කළේය. ඔහු තම ජනතාව සමඟ භෝජන සංග්‍රහයක් සූදානම් කරන්නට බොහෝ වෙලාවක් ගත කළේ ය, නමුත් ෂ්‍යාඕ චීයේ එය ප්‍රතික්ෂේප කළේ ඔවුන් බොහෝ දුරක් ගමන් කිරීමෙන් ඉතා වෙහෙසට පත්ව සිටි නිසාය. ඒ වෙනුවට, ඔහු ජෞ ගුයි ලවා අතීතය සිහිපත් වීම සඳහා සරල නිවසේ පිසූ ආහාර මේසයක් පිළියෙළ කරගත්තේ ය.

ඔවුන් මීට පෙර කිසි දිනෙක මුණගැසී නොතිබූ අතර හුදෙක් ලිපි මගින් අදහස් හුවමාරු කර ගෙන තිබුණා පමණකි. ඔවුන්ට මතක තබා ගන්නට තිබූ අතීතය කෙබදුද?  ඔහු හුදෙක් ගැඹුරු සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් සොයමින් සිටියේය.

 ශෙන් ස'චුආන් තම ඇඳුම් මාරු කර කාමරයේ ජනේලයේ තිරය පිටුපස සිට අංගනය දෙස බැලුවේය.  අංගනය මනාව සරසන ලද මල් සහ ගස් වලින් පිරී තිබුණි;  මෙය අමුත්තන් පිළිගැනීම සඳහා විශේෂයෙන් භාවිතා කරන ලද වාසස්ථානයක් විය.  සඟවා ගත නොහැකි චීන විද්වතුන්ගේ ගස්වල සුවඳ වාතය පුරා පැතිරී ගියේ ඒවා ආශ්වාස කරන්නාවුන්ව ප්‍රබෝධමත් කරවමිනි

ෂ්‍යාඕ චීයේ පැමිණියේ ප්‍රමාදව ය. ඔහු තවමත් වස්ත්‍ර උණාදමමින් සිටියේ ය. හේ තම වස්ත්‍ර වලින් අඩක් ඉවත් කර තිබුණි. ඔහු තිරය පිටුපසින් ශෙන් ස'චුආන් දෙස බලන්නට තිරයේ ඉහළින් ඉදිරියට නැමී විමසන්නට විය. “ඔබට මේ තිරය හරහා පැහැදිලිව පේනවද?” 

ශෙන් ස'චුආන් තිරය කෙතරම් පහසුවෙන් ඔහු විසින් පහළට කර ඇත්දැයි දුටු අතර හේ මෙම පුද්ගලයා සැබවින්ම උසැති වැයි සිතුවේය.  ඔහු පවසන්නට විය, “කෙනෙකුගේ හදවත සසල වෙන්නේ ඒ දකින්නේ සිහිනයක් එහෙම නැත්තම් මායාවක් කියලා හිතනකොටයි.  පැහැදිලිව පේනවා නම් ඉතිං ඒක තවදුරටත් එතරම් ආකර්ෂණීය දසුනක් වෙන්නේ නැති වෙයි. ”

ෂ්‍යාඕ චීයේ ගේ විවරව තිබූ වස්ත්‍රය නිසා ඔහුගේ පපුවෙන් අඩක් නිරාවරණය ව තිබුණේ ය.  ඔහුගේ අවසාන වස්තුය ඔහුගේ සිරුර මත යන්කම් එල්ලෙමින් තිබුණු අතර , ඒ දැඩි මාංශ පේශි සහිත වත තිරය හරහා බොඳ ​වී දිස් වූයේ ය.  ඔහු තවමත් තිරයේ මුදුනට හේත්තු වී සිටියේය.  චූදු හැර ගිය පසු, ඔහු තවදුරටත් හිස පළදන ඔටුන්නක් පැළඳ සිටියේ නැත, නමුත් ඔහුගේ හිසකෙස් අවුල් වී ගිය ද  ඔහු කෙතරම් ධෛර්ය සම්පන්නද යන්න සැඟවිය නොහැකි වූයේ ය.  ඔහු ලිබෙයි වෙත සමීප වන තරමට ඔහුගේ නොසන්සුන් සහ නොසැලකිලිමත් ස්වභාවය වැඩි වැඩියෙන් ප්‍රදර්ශනය වන බවක් පෙනෙන්නට තිබුණි.

“අනේ ඇත්තටම මොනතරම් මෝඩයෙක්ද.” ශෙන් ස'චුආන් ඔහුගේ හිස ඔසවා ඔහුව සිපගන්නට පෙර ෂ්‍යාඕ චීයේ ඔහුගේ දෑතින් ඔහුව අල්ලාගන්නට හස්තයන් එසැවූයේ ය.
ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන්ගේ නිකට මිරිකා අල්ලගත් අතර ශෙන් ස'චුආන් ඔහුට වඩා උසින් අඩු නිසා ඔහුව ඔසවන්නට එය  ගත්තේ ය. 

"හොදට බලන්න."  ​ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන්ගේ දිදුලන දෙතොල් දෙස බලා සිටියේ ය.  "මේ සිත් ඇදගන්නා සුළු නැද්ද?"

ශෙන් ස'චුආන් ඔහු ලේ දෙතොලතර වූ දීප්තිමත් දෙය ලෙවකෑවේ, ඒවා තවත් තෙත් සහ රක්ත වර්ණයෙන් පුරවාලන්නටය. හේ පැවසුවේ ය. "ඒත් තාමත් හොනවහරි දේක අඩුවක් තියෙනවා."

 "අද රෑට රිදී පන්සියයක්."  ෂ්‍යාඕ චීයේ සමීප වී ගොස් රහසින් පැවසුවේ ය. "තෘප්තිය ගැන සහතික වෙනවා." (2.)

"මගේ පුංචි ශරීරයට ඒක දරාගන්න බැරිවෙයි කියලයි මට බය."  ශෙන් ස'චුආන් මදක් පිටුපසට නැඹුරු විය.  ඔහුගේ ඇඟිලි තුඩු ඉතා ආශාවෙන් ෂ්‍යාඕ චීයේ ගේ ළය දිගේ පහළට ලිස්සා ගියේ තිරයේ ඇති සිහින් රෙදිකඩෙන් පමණක් ඔවුන්ගේ මාංශයන් වෙන් කර දමමිනි.

 "ඔබ ගැන එතරම් සුළුවෙන් සිතන්න එපා."  ෂ්‍යාඕ ගේ දෙනෙත්වල වූ ප්‍රකාශනය භයානක විය.  "ලන්ජෞ."

ශෙන් ස'චුආන් තම හස්තය ඉවතට ගනිමින් විමසන්නට වූයේ ය.: “අපි කලින් ඇතුළට එනකොට , මම ජෞ ගුයි අසල තවත් පුද්ගලයෙක් ඉන්නවා දැක්කා. ඔහු කව්ද?"

 "ඔහුව දැන හදුනගන්න ඕනේ නැ."  ෂ්‍යාඕ ඉතා ඉක්මනින් ඔහුගේ ඇඳුම් මාරු කළේය.  “පේන විදිහට නම් ජෞ ගුයිගේ උපදේශකයා වෙන්න ඕනේ.  අපි ආහාර ගනුන වෙලාවේ ඇහුවොත් පස්සේ දැනගන්න පුළුවන් වෙයි."

"ඔහු අපිට එකපාරටම ඇතුල් වෙන්න ඉඩ දුන්නේ නැති නිසා ඒකෙන් පේනවා  ඔහුට තවමත් යම් සැකයක් තියෙන බව."  ශෙන් ස'චුආන්, ෂ්‍යාඕ චියේ තිරය පිටුපසින් පිටතට එන අයුරු බලා සිටි අතර, නැවතත් ඔහුගේ බැල්ම අංගනය දෙසට යොමු කළේය.  "අපි අද රෑ ඒ ගැන සාකච්ඡා කරන කොට, ඔබ නොකරන්න ඕනේ- "

එක්වරම ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුාන් ව ඉණෙන් ඔසවා වෘත්තාකාරව කරකවා ජනේලයේ එහාපස වූ බිතුව මතට තෙරපුවේය. ඔහුව පහතට ඇදගත් හේ , ඔහුව දැඩිව සිපගත්තේ ය. ශෙන් ස'චුආන් තම දෑත් වලින් ෂ්‍යාඕ චීයේගේ සිරුරෙහි එල්ලුණේ ය. හදිසි හා අනපේක්ෂිත හාදු ඔහුව ව්‍යාකූල කළ අතර ඔහුගේ හුස්ම අක්‍රමවත් කර දැමුවේ ය.

"ඔවුන්ට හිරිහැර කරනුන මගේ බලය අනිසි විදිහට පාවිච්චි කරන්න එපා."  ෂ්‍යාඕ චීයේ ගේ ප්‍රකාශය බැරෑරුම් වූයේ ය.  "මම දන්නවා.  මම මගේ බිරිඳ කියන විදියටයි කරන්නේ කියලා."

 ශෙන් ස'චුආන් තවමත් හුස්ම ගැනීමට වෙහෙසෙමින් සිටියේය.  ෂ්‍යාඕ චීයේ ඔහු වෙනුවෙන් ශෙන් ස'චුආන් ගේ කරපටිය නැවත පිළිවෙල කර, පසුව ශෙන් ස'චුආන් ගේ තීන්ත-කළු පැහැ හිසකෙස් ඔහුගේ දකුණු සවනත මතින් පසෙකට කර දැමුවේ ය.

 "මට පුළුවන් තරම් ඉක්මනට මෙතන කරාබුවක් පළදලා ඒකේ මගේ නම , ස'අන් කියලා කැටයමක් යොදන්න ඕනේ."

අරුත් පැහැදිලි කිරීම.

1.) 96 වන පරිච්ඡේදයේ සඳහන් කර ඇති පරිදි. 大厦将倾 (Da Sha Qiang Jin) "බිඳවැටීමේ අද්දර ඇති මන්දිරය" යන්නෙන් අදහස් කරන්නේ කඩාවැටීමේ අද්දර පිහිටි මන්දිරයක් වැනි බලාපොරොත්තු රහිත තත්වයකි.  95 සහ 96 පරිච්ඡේදවල මාතෘකා යෝජනා කරන්නේ මෙම මන්දිරය දැනටමත් කඩා වැටී ඇති බවයි, නැතහොත්, එනම්, තත්වය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.

 2.) සාඕ සාඕ නමින් හදුන්වන ලද සොහොන් ගීයකි. (曹操)

3.) වචනාර්ථයෙන් ඔබ සිටින්නේ ඉපැයීමට පමණක් වන අතර කිසිදු පාඩුවක් සිදු නොවීී යුතුය..



Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-