Skip to main content

සියවන පරිච්ජේදය : සැගවුණු අනතුර.

 


හැන් ජින් ගේ පරාජය පිළිබඳ පුවත චූදු වලට වේගයෙන් පැතිර , එය මහත් කැළඹීමක් ඇති කරන්නට සමත් විය. ඒ මක්නිසාද යත් ඉතිරිව සිටි එකම රාජකීය ආරක්ෂක සෙබලා මිනිස් හිස් ගෝනියක් අතැතිව ආපසු ආ හෙයින් , එයින් ලෙසම ණ්‍යාඕ චීයේ සහ ශෙන් ස'චුආන් සම්පූර්ණයෙන්ම වෙන් වී ඇති බව සපත කළ හෙයිනි. මෙහි දෙපාර්ශ්වයටම සාකච්ඡා සඳහා අසුන් ගැනීමට  තවදුරටත් හැකියාවක් නොතිබුණි. හන් ජින් ගේ හසුවීම හන් චෙංව කෝපයට පත් කළේ ය. ශෙන් ස'චුආන් චූදු හැරයන විට , ඒ වන විටත් රාජකීය ආරක්ෂයන් බිඳ වැටෙමින් සිටියහ. ග' චිංචිං විසින් නායකත්වය දුන් රාජකීය ආරක්ෂකයින් ෂී වංශය බලාගැනීම සඳහා තවමත් ෂුඒෂි හි සිටි අතර ෆෙයි ෂෙං ඔහුගේම විශ්වාසවන්ත මිනිසුන් සමඟ සැඟවී සිටියේය.  හන් චෙංට එතරම් මිනිස් බලයක් ඉතිරිව තිබුණේ නැත.

රාජකීය ආරක්ෂක සේනාංක​යන් වූෆං ගේ අණ යටතේ බලයේ උත්තම ස්ථානයේත් තේජසේත් ඉහළින් වැජඹුනහ. ඔවුන් ජී ලෙයි ගේ අණ යටතට පත්වූ විට , ඔවුන් පරිහානියට පත්ව සිටියේ ය. එමෙන්ම මේවන විට , ඒවා හැන් චෙං අතට පත්වෙද්දී , ඔවුන් සම්පූර්ණයෙන්ම කැඩී බිඳී ගිය චාරිත්‍රානුකූල ආරක්ෂකයින් කණ්ඩායමක් බවට පත්ව සිටියේ ය.  ෆෙයි ෂෙං ගේ අණ යටතේ සිටි පිරිමීන් සියල්ලෝම දක්ෂ මිනිසුන් වූ නමුත්, ෆෙයි ෂෙං ඝාතනය කිරීමේ ඔහුගේ අභිප්‍රාය හන් චෙං විසින් නොසුතූ ලෙස හෙළිදරව් කිරීම හේතුවෙන් ෆෙයි ෂෙං ව ඔහුගේ පැත්තට දිනා ගැනීමේ අවස්ථාව ඔහුට මග හැරී ගියේය.

“දැනට තියෙන තත්වය ස්ථාවට වුනාට පස්සේ , රාජකීය ආරක්‍ෂකයන්ගේ කාර්යාල දොළහ ප්‍රතිසංවිධානය කරන්න සිදුවේවි.  අපේ වත්මන් ශ්‍රම ශක්තිය නොමැතිකම ඇත්තට අපකීර්තියක්. පුද්ගලයන් කිහිපදෙනෙක් එක්ක අපිට කිසිවක්ම කරන්න බැහැ. ” හන් චෙං වැන්දඹු අධිරාජිණියට පහළින් තිබූ දකුණු පස අසුනේ හිඳගෙන ස්ථාවර හඬින් කීවේය. “උතුම් වංශිකයන්ගෙන් පැවත එන්නන් බොහෝ දුරට ප්‍රායෝගිකව වගකීම් රහිත තනතුරුවල නියැලෙන බව මම දුටුවා.  ඔවුන්ට ඉන්න තැනක් ලබා දුන්නොත් මේ තීරණාත්මක අවස්ථාවේදී ඔවුන් නොසැලකිලිමත් ලෙස කරදර ඇවිස්සීමත් වැළකීයනවා.”

වැන්දඹු අධ්රාජිණිය මාණික්‍යයන් ඇති ඔටුන්නක් පැළඳ සිටියාය, ඇගේ තදින් ගෙඩියක් ගසා තිබූ කොණ්ඩය පිළිවෙලට පැළඳ සිටි අතර ඇගේ පෙනුම එයින් ඔප්නැංවී තිබුණේ ය.  රන් හා මැණික් ඔබ්බවන ලද ආභරණ හා කන් ආභරණ ඇගේ දෙසවන් වල පළදා තිබිණි.  ප්‍රභූවරුන්ගේ ප්‍රධාන ශාලාවල වැඩෙන පියෝනි  පුෂ්පයක් ලෙසටම ඇය ඉතා අලංකාරව හා සමබරව වස්ත්‍ර ඇඳීමට ඈ ඇත්තෙන්ම සුදුසු වූවාය.  මේ ප්‍රමාණයේ දිව්‍යමය අලංකාර බව සඳහා හේතු වූයේ එහි තේජාන්විත තේජස තුළ ඔබ්බවා තිබුණු රන් සහ මැණික්‍යයනුයි.  ඇය ඒ වන විටත් ඇගේ වයසින් ඔබ්බට ගොස් ඇතත්, ඇගේ රමණීය හැසිරීම අඩු නොවීය. මේ මොහොතේ ඇය ගිරවාව පොළඹවාගන්න ට උත්සහ කරමින් ලී හැන්දක් අතැතිව සිටියාය. හන් චෙං දෙසවත් නොබලා ඇය පවසන්නට විය, “රාජකීය ආරක්ෂකයන් තමයි බලපතල කාර්යයන් බොහොමයක් සිදු කරන්නේ  දැනටමත් උතුම් වංශවලින් පාරම්පරික පරම්පරාවන්ට යමින් රැකගෙන ඉන්නවා. තව තවත් මිනිසුන් ඇතුලේ පුරවා දමන්න , ඉක්මනින් හරි පස්සේ හරි ඒක වැඩකට නැති තැනක් වේවි.  දන්චෙං සටනේදී අෂ්ඨ මහා පුහුණු අංශ පරාජයට පත් වුනා.  ඔබ මගෙන් ඇහුවොත්, නැවුම් රුධිරයන් වැගිරවීම විතරක් නෙමෙයි , සමහරවිට පැරණි-කාලවල අයවත් ඉවත් කරන්න අවශ්‍ය වේවි."

උතුම් වංශවල තරුණ ස්වාමිවරුන් සඳහා යහපත් තනතුරු සොයා ගැනීමට හන් චෙං සිතුවේ ඇත්තෙන්ම වෙනත් කෙනෙකුගේ කැමැත්ත නිසාය.  ඒ ඇසු ඔහු පවසන්නට විය.  “මටත් තිබෙන්නේ ඒ අරමුණමයි.  මම ඒක හෙට යුද අමාත්‍යාංශය හා සාකච්ඡා කරලා මහා ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරනුන සමරු සටහනක් ලියන්නම්.  උත්තමාවිය, හායි ලියැංයීට කොන්ද කෙළින් කර ගන්නවත් නොහැකි තරමට අසනීප වෙලා.  ඔහු සිය මුළු ජීවිත කාලයම රාජ්‍ය කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වුණා.  අඩුම තරමින්, රැකියාවේ යෙදී සිටියදී ඔහුව වෙහෙසට පත් කරන්නවත් අප ඉඩ නොදෙන්න ඕනේ.  අපි ඔහු වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනේ. ”

මෙයින්, ඔහු අදහස් කළේ හායි ලියන්යීව තනතුරින් පහකොට නැවතත් ඔහුගේ උපන් ගමට නිරපාහැරීමයි. සිනහ මුසු වතකින් යුතුව වැන්දඹු අධිරාජිණිය හැන්දට තට්ටු කරමින් එය අසල සිටි ලියුෂ්‍යයන් සේවිකාවට ලබාදුන්නාය.ත ඈ සුහඳ වතකින් යුතුව හන් චෙන්ට  මෙසේ පැවසීය , “ඔහුට වේදනාව ඇතිවෙලා තියෙන්නේ හදවතේ හරියට පාදයවත් ඔසවගන්න ගන්න බැරි විදියට. තවමත් අමාත්‍යාංශ හයේ බොහෝ කටයුතු හොඳින්ම අවබෝධ කරගත් එකම තැනැත්තාත් ඔහුයි.  මෙවන් තීරණාත්මක අවස්ථාවක අපි ඔහුව ඉක්මනින්ම ඔහුගේ උපන් ගමට පිටත් කර හරින්නේ කොහොමද?  අපි තව දින කිහිපයක් බලාගෙන ඉමු."

හන් චෙං, උපායශීලීව ප්‍රතික්ෂේප කරමින් , ඔහුගේ මුහුණේ ඔහුගේ ඉරියව්ව නොවෙනස්ව තබාගෙන, අභ්‍යන්තරයෙන් දත්මිටි කාගෙන පවසන්නට විය: “අධිරැජිණියනී දැන් පරිපාලනය මෙහෙයවන්නේත් , ස්වාභාවිකවම තීරණයන් අරගන්නේත් ඍබතුමියයි.  දන්චෙං නගරයේ ඉදිරියේ අෂ්ට මහා පුහුණු අංශ පරාජය වී තිබෙනවා , ෂ්‍යාඕ චීයේ දැනටමත් චොංබෝ වලට පලා ගිහින් තියෙන නිසා , පුළුවන් තරම් ඉක්මනින් ඔවුන නවත්තන්න පාබල බටයන් බලමුළුගන්වන එක යුද අමාත්‍යංශයට වඩාත් හොඳ වේවි. එහෙම නැති වුනොත්  , ඔහු නැවත ලිබෙයි වෙත යද්දී ලිබෙයි සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක හමුදාවට මිනිසුන් විසි දහසක ශක්තිමත් බලකොටුවක් ලැබේවි!"

වැන්දඹු අධිරාජනය ඇගේ දෑත් පිරිසුදු කරගනිමින් පවසන්නට වූවාය , “ඔබට ඔහුව චූදු වල නතර කරගන්න  පුළුවන් වුනානම් , අපිට මේ තරම් කරදර ඇති නොවෙන්න තිබ්බා. ඒ ප්‍රාන්ත නායක ජෞ ගුයි , හොඳින් දැනුවත් ඔහුගේ කාර්යය කරන්නෙ කොහොමද කියලා , ඔහු දැනටමත් එක තැනකට හිරවෙලා ඉවරයි . ඔහුට කොහොමටත් අනාගතයේදී ලිබෙයි එක්ක සම්බන්ධ වෙන සිදුවේවි. ඔහු අනිවාර්යෙන්ම ලීබෙයි අමනාප කරගන්න එකක් නෑ. ෂ්‍යාඕ චීයේ ලීබෙයි වලට යන එක දැනටමත් සම්පූර්ණයෙන් නිගමනයකට ලැබෙන්න පුළුවන් දෙයක්.   ඒ වගේම අපේ චී ජූයින්ටත් යන්න දුන්නොත් , ඇය ලීබෙයි සන්නාහ සන්නද්ධ අශ්වාරෝග හමුදාව සමග එක්වෙලා ප්‍රහාර එල්ල කරමින් සටන් කරාවි. අපිට හමුදා යෙදීම ගැන කතා කරන්න පහසුයි. නමුත් හමුදාව උතුරට ගියාට පස්සේ හමුදාව නඩත්තු කරන්න හමුදා සැපයුම් ලබාගන්නෙ කොහෙන්ද? හේජෞ වලට මේ වගේ අමතර බරක් දරාගන්න අමාරුයි .”

“ඒ කියන්නේ අපි මේ විදිහට ෂ්‍යාඕ චීයේට ලීබෙයි වලට යන්න දෙනවද?” හන් චෙං තුෂ්නිම්භූතව නැගී සිටියෙ ය. “මේකෙන් ලීබෙයි තවත් ශක්තිමත් වෙනවා , හරියට කොටියට පියාපත් ලැබෙනවා වගේ!”

වන්දිඹු අධිරාජණිය විචිත්‍රවත් වර්ණ රාශියකින් යුත් අලංකාර මල් දෙස බැලීමට ඉදිරිපස අංගනයේ සිටිගෙන සිටිද්දී ඇ අසල සිටිමින් සේවිකා ල්‍යුෂ්‍යැං ඈට සහය දුන්නාය. ඈ විමසන්නට වූවා ය. “හන් චෙං, ඔබ හිතනවද ෂියාචියට අනිවාර්යයෙන්ම ලීබෙයි ගමන් කරාට පස්සේ උපකාර ලැබෙයි කියලා?”

හන් චෙං සාවධානව සවන් දෙන ආකාරයෙන් බැල්මක් හෙළමින් ගෞරවයෙන් යුතුව පැවසුවේ ය, “මට වැටහෙන්නේ නැහැ. කරුණාකරලා මට පහදා දෙනු මැනවි. ”

“ ෂ්‍යාඕ ෆංෂුගෙන් ලීබෙයි සන්නාහ සන්නද්ධ සේනාංකයේ හමුදා බලය ෂ්‍යාඕ ජීමිං අත්පත් කරගත් කාලයෙ ඉඳන් ,අද සිටින තැනට පත්වෙන්න අවුරුදු දහයක් වැය කළා. හමුදා සෙබළුන් ඉහලින් සලකන ලීබෙයි හමුදා සේනාංකයේ හදවත ඔහුයි .” 

 හුආ ෂියැංයී සේවිකාවන් සමඟ උයනේ සමනලුන් මතට පනිමින් සිනහ වෙමින්  සිටින ආකාරය දෙස වැන්දඹු අධිරාජිනිය බලා සිටියාය.

 ඇය තවත් පවසන්නට පෙර ඒ දෙස බද වෙලාවක් බලා සිටියා ය, “ෂ්‍යාඕ චීයේ ලීබෙයි වලින් වසර හයක්ම ඈත් වෙලා හිටියා. ඔහුගේ නැවත පැමිණීමෙන් පෙනෙන්නේ වෙනත් අයෙක්ගේ සීමා මායිම් ප්‍රදේශයකට ඇතුළු වුන වෘක පැටවෙක් වගේ. ඔහු පැයසුවා චූදු ඔහුගේ සිහිනයන්වල තියෙන නඟරය නෙමෙයි කියලා ,එ්ත් ඔහු "කාලයත් සමඟ තත්වයන් වෙනස් වනවා යන වාක්‍ය කණ්ඬයේ අරැත වටහා ගන්න තරම් ලාබාල වුණා. 

ඔහුගේ විසිදාහක් සිටින -ශක්තිමත් රාජකීය හමුදාවට නායකත්වය දෙන්න ලැබුණ එකෙන් ඔහුට වැටහෙන්න ඇති , ඔහු ලිබෙයි වල  මූලයන් වලින් කොයිතරම්  බැහැර වෙලාද කියලා. 

ෂ්‍යාඕ ෆංෂු හැම වෙලාවකම සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක සේනාංකය එක් විධානයක් යටතේ පිහිටුවීමේ දැඩි පියවරයන් අරගෙන තියෙනවා.  ඔහු තවමත් සිටගෙන ඉන්න හේතුවත් එයයි, ඒත් ෂ්‍යාඕ චීයේට එය හා ගැලපෙන්න දුෂ්කර වෙන්නත් එය හේතුවේවි මාංශ අනුභව කරන වෘකයන් රංචුව හමුවේ ෂ්‍යාඕ චීයේ, ඔහුගේ මාර්ගයට එන ඕනැම පිටස්තරයෙක් මරා දමලා , නායක වෘකයා විදිහට පත්වෙන්න ප්‍රථම වෘක රජුව සපා දාලා ඝාතනය කිරීමේ අභිප්‍රාය තියෙන්නම ඕනේ.'

වැන්දඹු අධිරාජිණිය පිටුපසට හැරී හන් දෙංට සිනහවකින් සංග්‍රහ කළා ය.

“ෂ්‍යාඕ වංශයට අනෙත් වංශ අතර අභ්‍යන්තර ආරවුල් ඇතිවෙනවා ඉවසන්න බෑ.  නමුත් සමහර විට වෙනත් විකල්පයක් නැතිව ඇති.  ධ්‍යාඕ වංශය සැමවිටම සහෝදර ප්‍රේමයේ සහ ගෞරවයේ පරමාදර්ශයක් වෙලා තියෙනවා , නමුත් හමුදා බලය හමුවේ මේ සහෝදරත්වය කොපමණ කාලයක් පවතින්න පුළුවන් ද?  යුධ පිටිය කුරිරු ස්ථානයක්.  පහරකෑමට ලක්වූ මිලියන ගණනක සෙබළුන්ගේ ලේ වැගිරෙන්නේ එතැනය.  නමුත් බලය සඳහා කෙරෙන සටන් ඊටත් වඩා ම්ලේච්ඡයි.  දෑත් හුවමාරු කිරිමෙන් අදහස් වෙන්නේ ආරවුල් සහ සහෝදර ඝාතනයි."

අධිරාජිනියගේ බැල්ම යටතේ හන් චෙං නොපැහැදිලි ලෙස හැකිලී ගියේය.  ඔහු ඉක්මනින් හිස පහත් කොට එකඟතාව පළ කළේ ය. “උත්තමාවිය, ඥානවන්තයි.  නමුත් ෂ්‍යාඕ ජීමිංට දැනටමත් බරපතල තුවාල ලබලා තියෙනවා.  ෂ්‍යාඕ චීයේ ඔහු වෙනුවෙන් පෙනී සිටීම සම්පූර්ණයෙන්ම යුක්ති සහගතයි.

 වැන්දඹු අධිරාජිනිය විමසුවා ය, “ෂ්‍යාඕ ජීමිං මැරුණද?”

 හන් චෙං හිස දෙපසට වැනුවේය.

වැන්දඹු අධිරාජිනිය පැවසුවේ, “ෂ්‍යාඕ ජීමිං මැරුණේ නැහැ.  ඔහුට තවමත් හමුදා කටයුතු පිටුපස සිට සහාය වීමට වගේම සම්බන්ධීකරණය කරන්නත් හැකියාව තියෙනවා. ෂ්‍යාඕ ෆංෂු, ඔහුගේ නැවත මතුවීමත් එක්ක , ඉදිරියෙන් සිටින සොල්දාදුවන්ට අණ දෙනවා.  මේ පිය පුතු දෙදෙනා ලීබෙයි සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක හමුදාව පාලනය කරනවා.  ඒක පවත්වා ගැන්න ඔවුන් අන්‍යෝන්‍ය අවබෝධය පෙන්විය යුතු කරුණු බොහොමයක් තියෙනවා. නමුත් ෂ්‍යාඕ චීයේ ට යුධ කටයුතු එකමුතු කිරීමේ සහ සම්බන්ධීකරණය කිරීමේ හැකියා මෙන්ම සටනට අවතීර්ණ වී සතුරන් මරා දැමීමේ හැකියාවත් තියෙනවා.  ඔහු මේ සමතුලිතතාවයට පිවිසෙනවා නම් - ඒක අතිශයින්ම ඒකාබද්ධ හමුදා නායකත්වය වෙනවා වගේම - එවිට ඔහු ලිබේ සන්නද්ධ අශ්වාරෝහක හමුදාවට එක් අණ දෙන නිලධාරියෙකු පමණක් සිටීම බාධා කිරීම  අනපේක්ෂිත සිදුවීමක් වේවි.  සමහරවිට ඔහුගේ පියාගේ සහ වැඩිමහල් සහෝදරයාගේ තැන ගැනීමට ඔහුට චේතනාවක් නොතිබිය හැකියි.  නමුත් ඉතා ඉක්මනින්, ලිබෙයි අප දකින තරම් බෙදිය නොහැකි බව ඔහු තේරුම් ගනීවි.  ඔහුගේ නැවත පැමිණීම ලිබෙයි භේදයට තුඩු දෙන සැඟවුණු අනතුරයි."

එවැනි තත්ත්වයක ගමන් මග කිසිවකුට හිතා මතා මෙහෙයවිය හැකි දෙයක් නොවීය.  එය පවතින අවස්ථාවන් මත පසුකර යාමේදී හැඩ ගැසුණු දෙයකි.  ෂ්‍යාඕ ෆංෂු විසින් ලීබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාවට චූදු විරුද්ධව ස්ථාවරයක් ගැනීමට උත්සාහ කළ දිනයේ බීජයක් වපුරා තිබුණි.  නමුත් එයින් ලැබෙන පලතුර කුමක්දැයි කිසිවෙක් දැන සිටියේ නැත. (01.)

“ මේ ලෝකයේ, සාමාන්‍ය පුද්ගලයෙක්ට සාමාන්‍ය මිනිසුන්ගේ කරදර දරාගන්න පුළුවන්, දක්ෂයෙකුට විඳදරාගන්න දක්ෂයන්ගේ ම විඳ දරාගැනීම් තියෙනවා වගේ."  අධිරාජිනිය සන්සුන්ව පැවසුවාය.  “දැනටමත් ෂ්‍යාඕ  ජීමිං  සිටින නිසා, තවත් ෂ්‍යාඕ චීයේ වගේ කෙනෙක් උපදින්නේ ඇයි?  වසර හයක් දිගු කාලයක් නෙමෙයි, කෙටි කාලයකුත් නෙමෙයි , නමුත් බොහෝ දේ වෙනස් කරන්න ඒ කාලය ප්‍රමාණවත්.  චූදු වල ෂ්‍යාඕ චීයේ ගේ වේදනාවේ මූලාශ්‍රය පැමිණෙන්නේ ඔහු සාමාන්‍ය හැකියාවක් තියෙන පුද්ගලයෙක් නොවන නිසයි. ඒත් ඔහු නැවත ලීබෙයි වලට ගියාට පස්සේ,  ඔහු තව තවත් මේ විදිහේ දුක් වේදනාවලට ගොදුරු වේව්.  සහෝදරත්වයට ආදර්යක් වෙන මේ  දෙන්නා එකිනෙකා මරා ගැනීම එකම මග බව අවබෝධ කරගත්තට පස්සේ , වේදනාව තවත් තීව්‍ර වේවි.  ෂ්‍යාඕ චීයේ වෙනුවෙන් තම තනතුර අත්හරින්නේ ෂ්‍යාඕ ජීමිං වුනත්, සැකයෙන් වැළකී ඉන්න නිදහසට කරුණු දක්වන්නේ ෂ්‍යාඕ චීයේ නම්, වරක් එකිනෙකාට පක්ෂපාතී සහ කැප වූ සහෝදරයන් පවා විරසක වෙන්න ඉඩ තියෙනවා."

 පස්වන මාසයේ උණුසුම මධ්‍යයේ, හන් චෙංට සිසිලසක් දැනෙන්නට වූ අතර ඉන් අනතුරුව ත්‍රාසජනක බවක් ද හැගුණේ ය.

“හිටපු අධිරාජ්‍යයා දැනටමත් මිහිදන් කරලා ඉවරයි.  නව පාලකයා සූදානම් නරන්න යම් ප්‍රගතියක් පෙන්නුම් කරන්න ඕනේ.”  අධිරාජිනිය පැවසුවා ය, “ඔබ කිව්වා ඔබට රාජකීය උරුමකරුවා හමුවුණා කියලා.  ඔබ මට දැකබලාගන්න රාජකීය උරුමය පිටතට ගේන්නේ කවදාද? ”

හන් දෙං තරමක් හිස නමා පැවසුවේය, “මම දැනටමත් රාජකීය උරුමය චූදු වලට හැකිතරම් ඉක්මනින් ගෙන එන්න මිනිසුන් යවලා තියෙනවා.  උත්තමාවියට තව දින පහකින් රාජකීය උරුමක්කාරයා දැකගන්න පුළුවන් වේවි.”

වැන්දඹු අධිරාජිනිය ඔහු දෙස බලා පවසන්නට විය. “ඔහු රාජකීය උරුමක්කාරයා බව ඔබට හොඳටම විශ්වාස නිසා , අන් අයට ඒත්තු ගැන්විය හැකි විශ්වාසදායක සාක්ෂි ඔබ සතුව තිබිය යුතුයි.  හායි ලියැංයී ගේ නායකත්වයෙන් යුත් මහජන නිලධාරීන් සේවයෙන් පහ කිරීම එතරම් පහසු නැහැ.  හන් චෙං, ඔබ ගොස් සූදානම් වෙන්න ඕනේ.

හන් චෙං තවත් ටික වේලාවක් ඇය සමඟ ඇසුරු කළ අතර, පසුව ඔහු සමුගෙන පිටව ගියේය.  ඔහු පිටත්ව ගිය මොහොතේ ම , හුආ ෂියැංයී ඇගේ හස්තයේ මල් අත්තක් ද සහිතව වැන්දඹු අධිරාජිණිය වෙත ළඟා වුවා ය.

“හන් චෙං මීට කලින් කිසිම දවසක මේතරම් ඉහළට ඇවිත් නැ.  ඔහුට තව ටිකක් ඔහොම ඉඩ දෙන්න, ඊට පස්සේ ඔහුගේ උද්‍යෝගිමත් බව අඩුවෙලා යාවි.  වැන්දඹු අධිරාජිනිය හන් චෙං පිටත් වූ දිශාව දෙස බලා පියවර කිහිපයක් ඇවිදින්නට හුආ ෂියැංයීව ඇදගෙන ගියාය.  “දක්චෙංවල  හන් ජින් පරාජය වෙන්න මොනතරම් මෝඩයෙක් වෙන්න ඕනෙ ද?  ඔහුට කාලය, ස්ථානය සහ මිනිස් බලය සියල්ල ඔහුට වාසිදායක වන අතර, ඔහු තවමත් වහලෙක් වුණා.  එහෙම කෙනෙක් කොහොමද භාරදූර වගකීම් දරන්නේ?  අද මාලිගාවේ හන් චෙං කී සියල්ලෙම තිබුණේ ඔහුව බේරා ගන්න මිනිසුන් යවන්න මට කළ ඉඟියි. ඔවුන් හන් ජින්ව ජීවත් කළේ ඔහුට තර්ජනය කරන්න පමණයි කියලා ඔහු සිතන්නේ නැහැ."

“පසුගිය කාලයේ සේනාධිනායකවරයා ට හොඳ පෙනුමක් තියෙන බව මම දැක්කා.  ගෞරව දක්වන්න මාලිගාවට ඇතුළු වෙද්දි ඔහු තමාට 'මේ සේවකයා' කියලා ආමන්ත්‍රණය කරන්නේවත් නැහැ. ”  හුආ ෂියැංයී අධිරාජිනියට හේත්තු වුවා ය.  “නැන්දණිය, ඔහු ඒතරම් හොඳ නැ.  ඔහුගේ රාජකීය උරුමය මොනතරම් ඉක්මනින් සූදානම් වෙලා ඇත්ද කියලා බැලුවම, ඔහු රාජකීය ආරක්ෂකයින්ගේ ප්‍රධාන අණදෙන නිලධාරියා විදිහට තවදුරටත් සෑහීමකට පත් නොවේවි කියලා මට හිතෙනවා."

"ඔහුට අවශ්‍ය වන්නේ කුමර මාර්ගෝපදේශක වෙන්නයි."  අධිරාජිනිය හුආ ෂියැංයී ගේ හස්තයේ තිබූ මල් සියතට ගත්තා ය.  “ඔහු තෝරා ගත් දරුවා ගැන මම දැනටමත් විමර්ශන කරලයි තියෙන්නේ.  කොහොමද ඒ පරණ අධිරාජයාගේ අනාථයෙක් වෙන්නේ?  ඒ ඔහු උපන් ගමේ දුර ඥාතියකුගෙන් සොයා ගත් දරුවෙක්.  එවැනි පහත් දෙයකින් ලී වංශයේ අධිරාජ්‍යය අල්ලා ගන්න සිහින දකින එක තරමක් මුළාවක් නෙමෙයි ද?”

 වැන්දඹු අධිරාජිනිය මොහොතක් කල්පනා කළාය.

"ඒත් ඇත්තටම දැනට වෙන කවුරුත් නෑ."

 දෙදෙනා කතා කරමින් සිටිද්දී එක්වරම දැක්කා ෆුමන් පැමිණෙන අයුරු දුටුවා.  ඔහු ආචාර කරමින් කීවේ ය. “ගෞරවනීය සහකාර අමාත්‍ය ෂුඒ හමුවෙන්න ඉල්ලා සිටිනවා” 


◈     ◈     ◈


එදින රාත්‍රියේ ආහාර බෙදුවේ තන්තායි හූ ය. ශෙන් ස'චුආන් අපේක්ෂා කළ පරිදිම, හන් ජින් සැහැල්ලු ලෙස ඔවුන්ව හඹාගෙන පැමිණ තිබූ අතර එතරම් ආහාර රැගෙනවිත් තිබුණේ නැත. කෙසේවෙතත්, රාජකීය හමුදාව දින කිහිපයක් කුසගින්නෙන් පෙළුමින් සිටියෝ ය.  අඩුම තරමේ රාත්‍රියේ ඔවුන්ට කුස් පිරෙන තෙක් ආහාර ගන්නට හැකියාව තිබුණේ ය.

තමාගේ ඇදුරුතුමාගේ අභාවයෙන් පසු ​ශෙන් ස'චුආන් දරුණු ලෙස කෙසග වී සිටියේ ය. නමුත් මේ වනාන්තරය දිගු කලක් එළිපෙහෙළි කර ඇති අතර අවට හාවෙකු පවා සිටියේ නැත.  ෂ්‍යාඕ චියේ තමා ගබඩා කර තිබූ තැම්බූ බනිස් ගෙඩිය සහ මස් පිඟාන පිටතට ගෙන ඒ සියල්ලම ​ශෙන් ස'චුආන් දුන් අතර ඔහුද අනෙක් සියල්ලෝ මෙන් වියළි විස්කෝතු සහ බත් වතුර ආහාරයට ගත්තේ ය.

“මම ස්වාමියාගේ විධිවිධාන අනුව ජෞ ගුයිට සූදානම් වෙන්න හඅකි වෙන්න පුද්ගලයෙක්ව යැව්වා.” තන්තායි හූ ගිනිමැලය අසල වැතිරෙමින් පැවසුවේ ය. “අපි හෙට අනිද්දා සීජෞ පහුකරලා ගියාට පස්සේ ස්වාමියට නිවසට යන්න පුළුවන්!”

ෂ්‍යාඕ චීයේ ගිනිමැලයට දර වීසි කරමින් පවසන්නට විය, “ ජෞ ගුයිට දැනුම් දුන්න එකෙන් වෙන්නේ ඔහු තනිවම අපි එක්ක ක්‍රීඩා කරන එකයි.  හන් ජින් ඉන්නේ අපේ අතේ නිසාඅබිට ඉඩ දීම හැර ඔහුට වෙන විකල්පයක් ඉතිරි වෙන්නේ නැහැ.”

 "මේ හන් ජින් ඇත්තටම ආවේ හොඳම වෙලාවට."  තන්තයි හූ සිනහ විය.  "ඊට කලින් දවසේ, අපි තවමත් සීජෞ පහු කරන්නේ කොහොමද කියලයි හිතමින් හිටියේ. ඒත් මෙන්න , එකපාරටම ඔහු අපේ දොරකඩටම බාර වුණා!"

 ශෙන් ස'චුආන් ගින්නෙන් දෑත් උණුසුම් කරගත් අතර ඔහු ගින්න දෙස බලා සිටිමුත් කිසිවක් පැවසුවේ නැත.

තන්තායි හූ විස්කෝතු පොඟවසින් කීවේ ය. “මම මීට වසර කිහිපයකට කලින් දෙංජෞ වල ආරක්ෂක හමුදාවේ කොටසක් වෙලා ඉන්නකොට මම මේ විදිහේ ආහාර අරගත්තා.  ජෙංබෝ, දැන් ආපහු හැරිලා බලද්දී , ඉස්සර තිබුණු ජොංබෞ වට වඩා වෙනස්... මට ඒක අදුරගන්නත් බැරි තරම්."

දිං තාඕ තම අතේ සිටි ගේ කුරුල්ලාට ආහාරය සදහා තම බඳුනට බත් ටිකක් පිටවූයේ ය.  එය ඇසූ ඔහු පවසන්නට විය, “මෙහෙත් එච්චර කරක නෑ.  තවත් නැගෙනහිරට යන්න, සම්පූර්ණයෙන්ම වෙනස් දර්ශනයක් කියන්නේ අන්න එතකොටයි."

දිං තාඕට තිබුණේ දර්ශන මතකයකි.  වසර හයකට පෙර දුඅන්ජෞ සහ දුජෞ හිදී ඔහු ෂ්‍යාඕ චියේ සහ හමුදාව පසුපස ගොස් අපිරිසිදු බිම් පිරිසිදු කරන්නට ගිය විට ඔහු දුටු ඛේදජනක දර්ශන ඔහුට තවමත් මතකයි.  ඒ වසරේ ඔහුට වයස අවුරුදු දහයක් පමණයි.  ඔහු කුඩා සටහන් පොතක් තබා ගත් අතර ඔහුගේ පියා මෙන් සටහන් කරන්න පටන් ගත්තා.  එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු මුළු ගමන පුරාම බියකරු සිහින දුටුවා.

“ඔබ සටනින් පස්සේ එතැන පසුකරගෙන ගියා විතරයි. ඔබ කවදාවත් ජොංබෞ ඇත්ත​ටම තියෙන විදිහ දැකලා නැ.” තාන්තායි හු සුබ් බදුන දෙසට දෑස් හරවා ගත්තේ ය. “මම මගේ පුංචි කාලෙදි දෙමව්පියන් එක්ක දුජෞ වලට ගියා. ඒක ලොකුයි වගේම චූදු වල තරම්ම කාර්යබහුල වුණා. 

නව වසරේ ගිනිකෙළි හා පහන් සංදර්ශන , කැස්බෑ කඳුකර පහන් සංදර්ශකය වගේම හුඟක් ඉතා අලංකාර වුණා.සෙනඟ එකිනෙකා අතරේ ගැවසෙනවා, එකිනෙකා සමඟ රණ්ඩු වෙනවා... හුඟක් මිනිසුන්.”

ශෙන් වෙයි ජ්‍යැන්ෂින් වල කුමාරයා විය , එසේම ඔහුගේ මන්දිරය පැවතුනේ දුජෞ වලය. එක් මොහොතකට සියල්ලෝම හිස් පහත් කරගත්තෝ ය. කිසිවෙකු හෝ ශෙන් ස'චුආන් දෙස බැල්මක් හෝ හෙලන්නට නිර්භීත වූයේ නැතිවා සේම ෂ්‍යාඕ චීයේවද අමනාප කරගන්නට බිය වූ බව සඳහන් කිරීමට අවශ්‍ය නැත. ඔවුන් එක්ව මාර්ගයේ පැමිණ තිබූ මේ කෙටි කාලය තුළ , රාජකීය හමුදාව ෂ්‍යාඕ චීයේගේත් ශෙන් ස'චුආන්ගේත් මෘදු සබදතාවට සොයාගෙන තිබුණේ ය. මීට පෙර ඔවුන්ට කටකතා පමණක් වූ කාලයට සාපේක්ෂව එයට සම්පූර්ණයෙන් මුහුණලා සිටීම සම්පූර්ණයෙන් වෙනස් හැගීමක් ඇති කරවූයේ ය.

ඔවුන් ශෙන් ස'චුආන්ව දැකීය යුත්තේ කුමන ආකාරයටද? ඔවුන් ඔහු ඔවුන්ගේ මහත්මියකට සේ සැලකීය යුතුද —එහෙම නැතිනම් සේනාධිනාකවරයාගේ බිරිඳ ලෙස සැලකිය යුතුද?  නමුත් අන් අයව තෙවතාවක් ම වටලන්නට රාජකීය ආරක්ෂකයින්ට අණ දිය හැක්කේ කුමන ගෘහමූලික කාන්තාවටද?  ඔහු හන් ජින් ආරක්ෂා කරමින් සිටි සියලුම පැරණි යටත් නිලධාරීන්ගේ හිස් කපා දමද්දී , රාජකීය හමුදාවේ හමුදා නිලධාරින්ගෙන් කිසිවකුටවත් එය නැරඹිය නොහැකි වූයේ ය.

ශෙන් ස'චුආන් ෂ්‍යාඕ චීයේට වඩා බොහෝ සෙයින් වෙනස් වූයේ ය. 

 ඔහු රාජකීය හමුදාව දන්නා හඳුනන  සේනාපතිවරයෙක් ලෙස හැසිරුණේ නැත.  හේ මෘදු හා නිහතමානී ආනාරයෙන් පෙනුනද, නිල සාකච්ඡා වලදී ඔහු තම අදහස වෙනස් කළේ කලාතුරකිනි.  ඔහු තන්තයි හූ පවා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේ ය.

ෂ්‍යාඕ චීයේ හා සසඳන විට, ඔහු බොහෝ සෙයින් සීතල ස්වරූපයක් දැරුවේ ය.  අතීතයේ දී, ඔවුන් සියල්ලෝම පෞද්ගලිකව ශෙන් ස'චුආන්ව දුටුවේ හුදු සුන්දර පුද්ගලයෙක්  - බලයේ බලකොටුවට ඇලී සිටි සියුම් බිඳෙනසුලු අයෙක් ටලසයි.  නමුත් ශෙන් ස'චුආන් තද රතු පැහැ පිඹුරන් මැසූ වස්ත්‍රය පැළඳීමෙන් පසු,  ඔහු සඟවාගෙන සිටි සියල්ල සියල්ලන්ටම නිරාවරණය විය.  ඔහු අතීතයේ ඔවුන් දැන සිටි ශේන් වංශයේ අවසන් පුරුකට වඩා වෙනස් අයෙක් බවට පත් ව සිටියේ ය.  ඔහුගේ අලංකාරය තවදුරටත් කිසිවකුට කැමැත්තෙන් පමණක් අගය කළ හැකි දර්ශනයක් නොවීය - එය අනුකම්පා විරහිත ශක්තියක් පෙන්වාලන අසමසම ආකර්ෂණීයත්වයකි.

ශෙන් ස'චුආන් දෙස එක එල්ලේ බැලීමට හැකී රාජකීය හමුදාවේ අයවලුන් සිටියේ ඉතාම සුළු පිරිසකි. කිසිදු හෝඩුවාවක් සොයා නොගත් දිං තාඕ හැර. තන්තායි හූට පවා යම් ආකාරයක පීඩනයක් දැනෙන්නට විය.  ඔවුන් ෂ්‍යාඕ චීයේ ගෙන් ඔවුන්ගේ නියෝග ලබා ගත් අතර, ෂ්‍යාඕ චීයේ නැමති බිරිමියෙක්ට වූවද ඔවුන්ට ගැටළුවක් නොවීය. නමුත් ඔවුන්ට හැකි ඉක්මනින් ශෙන් ස'චුආන් ගේ තත්වය කුමක්දැයි සොයා ගැනීමට සිදු විය - බලය හා අධිකාරීත්වය සඳහා ෂ්‍යාඕ චීයේ හා තරඟ කරන්නට අවැසි ශක්තිය ශෙන් ස'චුආන් සතු විය.   මේ දින කිහිපයේදී ඔවුන් ට වැඩිපුරම නුපුරුදු දෙය වූයේ මෙයයි: සියුම් බිය.

ෂ්‍යාඕ චීයේ ඔහුගේ මාපටැඟිල්ලේ මුද්ද මෘදු ලෙස පිරිමැද්දේය.  ඔහු කතා කිරීමට සූදානම් වූ විට ශෙන් ස'චුආන් තම අත්ල හරවා පවසන්නට විය. “දුන්ජෞ ඖෂධ පැළෑටි සහ එළවළු හුගක් රසවත්” 

අවට වටපිටාවේ ආතතිය මදක් අඩු විය.  නිසැකවම, දිං තාඕ ඔහුගේ හිස ඔසවා මෙසේ පැවසීය, “සීත ඍතුවේ දී දුඅන්ජෞ වල  එළවළු අතලොස්සක් රත්‍රන් තරම් මිල අධික බව ලිබෙයි වලදි අනෙක් අයගෙන් මට අහන්න ලැබුණා.  මට ඒවා කාලා බලන්න ආසයි!  තරුණ ස්වාමීනි, ඔබ ඒවා නිතර ආහාරයට අරගන්නවද?"

"වසන්ත කාලෙදි හිමත් , හිම කැටත් දියවෙනකොට, මගේ ෂිනියැං මස් පිරවුම් හදන්න වඩාත් මෘදු කැලෑ එළවළු තෝරා ගන්නවා."  ​ශෙන් ස'චුආන් ඔහුගේ සුපුරුදු ස්වරයෙන් පිළිතුරු දුන්නේය.  මින් පෙර කිසි දිනෙක ඒ දෑත් ලේ පැල්ලම්වලින් කිලිටි වී නොතිබුණාක් මෙන් ඔහුගේ ඇඟිලි තුඩු දූවිලිවලින් තොර ව පිරිසිදු වූයේ ය.  ඔහු සිනාමුසු මුහුණින් පැවසුවේ ය. “මම ඒවා කන්නේ කලාතුරකින්.  ඒ නිසා මට ඒක හොඳට මතකයි.”

දිං තාඕ තම ඛේටය ගිල දැම්මේ ය. ඔහු සතුව තිබූ එම තීන්ත ස්වල්පයෙන් සිය සටහන් පොතේ පරිස්සමෙන් ලිවීය.  “මට ඒවා කන්න ඕන.  ඉදිරියේදී අනිවාර්යෙන්ම අපිට අවස්ථාව ලැබෙනවා.  මම ඒක සටහන් කළහොත් මට ඒක අමතක නොවේවි. ”

 තන්තයි හූ දිං තාඕගේ හිස පිටුපසට අතුල්ලමින් සිනහවකින් යුතුව ඔහුට කීවේය, “පරණත වෙන්න!  ඔබ මීට කලින් කාලා නැති රස දේවල් මොනවද?  ඔබ ඇයි තවමත් කැලෑ එළවළු ගැන සිතන්නේ!"

සියල්ලෝම සිනාසුණ අතර, ජොංබෞ මාතෘකාව මෙසේ වෙනතකට යොමු විය.  ශෙන් ස'චුආන් තම දෑත් උණුසුම් කරගනිමින් සිටි අතර තවත් කිසිවක් පැවසුවේ නැත.


රාත්‍රියේදී ෂ්‍යාඕ චීයේ ගලක් මත හිස තබා ගත්තේය. මඳක් රත් වූ තෙල් කඩදාසියක් ඔහුගේ කම්මුලේ අලවන විටද ඔහුට තවමත් නින්ද ගොස් තිබුණේ නැත. ඔහු වාඩි වී ශෙන් ස'චුආන්ගේ දෑතින් එය උදුරා ගත්තේය. ඔහු සිනාසෙමින් ඇසුවේ ය, “ඔයාට කොහෙන්ද බන් මේ පස්තෑල?” 

 “දං තාඕ ඒවා නගරයෙන් ආපසු ගෙනාවා. කෑමට තියාගන්න කිව්වා.” ශෙන් ස'චුආන් ෂ්‍යාඕ චීයේ අසල වාඩි විය.

ඒ වන විටත් නිදා සිටි වනාන්තර තීරය පිටුපසින් සහ අසීමිත තරු අහස ඔවුන් ඉදිරියේ සිටින සේ දෙදෙනාම දෙපස වාඩි වූහ. ෂ්‍යාඕ චීයේ තෙල් කඩදාසිය විවෘත කර එය ශෙන් ස'චුආන් දෙසට තල්ලු කළේය. ඔහු පවසන්නට විය “එහෙනම් කන්න. ඔබ ඒක තවත් තියා ගතහොත් ඒක සීතල වේවි. ”

 “මට ඇති. ඔබ ඒක අරගන්න.”ශෙන් ස'චුආන් කීවේ ය.

ශෙන් ස'චුආන් තමා වෙනුවෙන්ම එය තබාගෙන සිටි බව දැනගත් ෂ්‍යාඕ චීයේ එය ගෙන දෙකට කඩා, එක් අඩක් තමාටත්, අනෙක් අත ශෙන් ස'චුආන් දසට දිගු කළේ ය. ශෙන් ස'චුආන් කටවල් කිහිපයක් ගෙන ගෙන ෂ්‍යාඕ චීයේට එහි ඉතිරිය අවසන් කරන්නට දුන්නේ ය.

"මිලියන දෙකක විවාහ ගිවිස ගැනීමේ තෑග්ග ලිබෙයි වලට ගෙන යනවද නැද්ද නැත්තම් සිෂෝ වලම තියනවද කියලා ඔබ තීරණය කරන්න ඕනේ." ෂ්‍යාඕ චීයේ ජල බෑගයෙන් ජලය පානය කළේ ය. “ග' චිංචිංට පණිවිඩය ලැබුණට පස්සේ ඔබ වෙනුවෙන් ෂී වංශයේ ව්‍යාපාරය ගැන නිසැකවම අවධානයෙන් සිටීවි. අපි ලීබෙයි වලට ළඟා වුනාට පස්සේ , ච්‍යාඕ ත්‍යැන්යාත් චෙං යැනුත් ඉක්මනින් පැමිණේව්. වෙලාව ආවම අපි අලුත් සහයෝගී පිරිසක් හදමු..."

ෂළුාඕ චීයේ නතර වූයේ , අසාමාන්‍ය නිහඬතාව තුළ යමක් දැනුණු හෙයිනි. ඔහු මද වෙලාවක් නිහඬව ගත කළේ ය.

“ඔබට මට කියන්න අවශ්‍ය මොනවමහරි තියෙනවද?”

කිසි දිනෙක තම හස්තයෙන් ඉවත් නෙකෙල කුඩා විජිණිපත අල්ලාගෙන ෂ්‍යාඕ චීයේ දෙස නෙතගින් බලා පැවසුවේ ය “ස'අන්, මට ඔබ එක්ක ලීබෙයි වලට යන්න එන්න බැහැ” 

 ඔහු කතා කරන ආකාරය ඉතා මෘදු විය. ඒ නගර ද්වාරය ඉහල සිට ඔහු ෂ්‍යාඕ චීයේව ආමන්ත්‍රණය කළ විලසටම මෘදුව "ස'අන්, ගෙදර යන්න" පැවසූ ලෙසටම ය.

________________________________

T/N Note : පරක්කු වුනාට සමාවෙන්න ළමයි. මම හිරවුණු හිරවිල්ල එක්ක දවස් ගෙවිලා ගියා දැනුනෙත් නැ. 

ඉක්මනින්ම එන්නම්කෝ 💕💕💕💕

Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-