Skip to main content

අනූ නමවන පරිච්ජේදය : තුති ත්‍යාගය


හැන් චෙං රාජකීය හමුදාවෙන් පැනගිය සෙබළුන් එකිනෙකා අල්ලාගනු ලැබු​වේ ය.  ඒ සියල්ලෝම අපිරිසිදු්භාවයෙන් වැසී ගොස් සිටි අතර ඔවුන් නුසගින්නෙන් පෙළෙමින් සිටියා සේම සුදුමැලි වී වැහැරී සිටියෝ ය. විමසීම් කිහිපයකින් පසු, අධිරාජ්‍ය හමුදාව සිටින අසීරු තත්ත්වය ගැන ඔහු දැනගත් නමුත්, ඔහු කල්පනාකාරීව නොසැලකිලිමත් ලෙස ක්‍රියා කරන්න​​ට හෝ තම හමුදාව ඉදිරියට ගෙන යන්නට එඩිතර වූයේ නැත. මෙයට හේතුව වූයේ මිනිසුන් විසි දසහක් සහිත ශක්තිමත් රාජකීය හමුදාවක් හමුදාවක් සුළු පිරිසක් නොවන බැවිනි. ෂ්‍යාඕ චියේට එරෙහිව ප්‍රබල සටනකින් ජයග්‍රහණය කිරීමේ අවස්ථාව ඔහු දිගින් දිගටම කිරා මැන බලමින් සිටියේය.

“ නන්ලින් දඩයම් පිටියේ රාජකීය හමුදාවේ කාර්ය ඉටු කිරීම සාමාන්‍ය තත්වයෙන් බැහැර වීමක්. අපි එදා නඟර ද්වාර ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔවුන් අපි සමග තරග කරද්දී අපේ මිනිසුන් බොහෝ ප්‍රමාණයක් මරලා දැම්මා.” හන් ජින් කූඩාරම තුළ අසුන්ගෙන් පළා ආ පුද්ගලයන් දෙස පහත්කොට බැලුවේ ය. “දැන් ඔබ ෂ්‍යාඕ චීයේව අනුගමනය කරලා අගනුවරෙන් පැන ගිහින් තියෙන නිසා , ඔබට ඔය තරම් ඉක්මනින් වෙන්වෙලා ඇවිත් ඒකෙන් ගැලවෙන්න හදන්නේ කොහොමද?"

“උතුමාණන්ට පිළිතුරු දෙනවා, අපිට ඒතරම් දුර යන්න බැහැ.” හැන් ජින් ගේ ආසනය පාමුල දණින් වැටී සිටි පලාගිය හමුදා සෙබළා පැවසුවේ ය. “අපි ගම්මානත් වෙළදසැලුත් පෙනෙන්නේ නැති සභ්‍යත්ව පරිසරයෙන් බොහෝ ඈතට පලා ආවා.  අපට ආහාරවත් කඳවුරු බඳින්නවත් විදිහක් නැහැ. අපිට ඉදිරියෙන් සිජෞ පිහිටලා තියෙනවා, අපි දකුණ දෙස බැලුවොත් චීදොං  භටයනුත් ඉන්නවා.  අපි මස් පිරවුමක් ඔතනවා වගේ වටලෑමකට හසු වෙලා තියෙන බව නම් පැහැදිලියි."

හන් චෙං මොහොතක් එය කල්පනාකාරීව සිතා බලා විමසන්නට විය. “පැන ගිය අය හුඟ දෙනෙක් ඉන්නවද?” 

පලාගිය තැනැත්තා පවසන්නට විය. 

 “මම පලා යන කොට, සිය ගණනක් පමණ සිටියා.  අධිරාජ්‍ය හමුදාව දැන් එක ප්‍රහාරයකින් වුනත් විසිරී යන්න පුළුවන් ​මඩ ගොහොරුවක් තාරා පැටවුන් වගේ. ඔවුන්ට එකම එක පහරක්වත් දරා ගන්න බැහැ! ”

 හන් ජින් පුදුමයට පත් විය, “එතකොට ෂ්‍යාඕ චීයේ ඒ වෙනුවට මාර්ගයක් හිතුවෙම නැද්ද?  ඔහු හමුදා නීතිය තදින් ක්‍රියාත්මක කරන බව මට ආරංචි වුණා.  ඔහුගේ අණ යටතේ සිටින හැම සෙබලෙක්ම ඔහුට හුඟක් බියයි."

“උතුමාණන් මේ ගැන දැනුවත් නැතිව ඇති , ඒත්…” මේතරම් වෙලාවක් තිස්සේ කතා කිරීමෙන් පසු පලායන්නා තමාගේ ඛේටය ගිල ගනිමින් පවසන්නට විය. “ඔබතුමාට පුළුවන් ද ඉස්සෙල්ලා මට සලාක ටිකක් දෙන්න?  මම මුළු ගමන පුරාවටම දිව්වා, මට දැන් ඒ ගැන පැහැදිලිව විස්තර කළ නොහැකි තරමට කුසගිනියි! ”

හන් ජින් ඔහුට සලාකයක් ලබා දෙන ලෙස මිනිසුන්ට සංඥා කළ අතර, ඒ තැනැත්තා එය එම ස්ථානයේදීම ගිල දමන්නට පටන් ගත්තේය.  ඔහු තම ආහාර හපන අතරේ කියාගෙන ගියේ ය., “ඔවුන් ඔහුට බයයි!  අතීතයේ දී, සහෝදරයන් වන අපට චූදු වල යන්න තැනක් තිබුණේ නැහැ , අපිට ඔහු පසුපස යනවා ඇරෙනුන වෙනත් විකල්පයක් තිබුණෙත් නැහැ, අපි අෂ්ඨ මහා පුහුණු අංශවල ඉන්න විවිධ ස්වාමිවරුන්වත් අමනාප කරගත්තා.  දැන් ඔහු ද්‍රෝහියෙකු බවට පත් වුනාට පස්සෙු , ඔහු පසුපස ගිහින් අනුගමනය කරන්න තරම් අපි නිර්භීත වෙන්නේ කොහොමද? ”

හන් ජින් වටහාගත් ආකාරයට නම් මේ හැම පලායන්නෙක්ම සැබෑවටම ඔවුන්ගෙන් පැනගොස් ඉවත් වී ඇත. තවද , ඔවුන්ව නැවත වතාවක් අල්වාගෙන තිබු​ණේ ය. ඔවුන් රැවටීමක් සිදු කරන බවක්ද නොපෙනුණේ ය. ඔහුට තම මනසින් කල්පනාකාරී ලෙස ඒ පිළිබඳ ගණනයන් සිදු නොකර හිදීමට නොහැකි විය. පළමුව, ඔහු මිනිසුන් ලවා පලා ගිය සෙබළුවන්ව පිටතට රැගෙන ගියේය.  ඉන්පසු ඔහු තම උපදේශකයන් සමඟ ඔහුගේ කූඩාරමේ සිට සටන් උපාය මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට පටන් ගත්තේය.

උපදේශකයින් අතර ගාඕ ජොංෂ්‍යොං නම් පුද්ගලයෙක්ද සිටි අතර, ඔහු රාජකීය විද්‍යාලය කැළඹීමක් ඇති කළ විට නායකත්වය දැරූ පුද්ගලයා ද විය.  ඔහු පැන් රුගුයි අමනාප කරගෙන සිටිළයා සේම ඔහු වෙනුවෙන් ඉදිරිපත් වෙන්නටද නොහැකි වූ නිසා ඔහුව බන්ධනාගාරගත කරන ලදී. ඔහු නිල වෘත්තියක් පිළිබඳ අදහස අතහැර දමා හන් ජින් සමඟ ඔහුගේ කොටස බෙදා ගත්තේය.  ඔහු සිය ජීවිත කාලය පුරාම රාජ්‍ය ද්‍රෝහීන් පිළිකුල් කළ දේශප්‍රේමී උමතුවෙන් පිරුණු උසස් උගතෙක් පමණක්ම විය. ශෙන් වෙයි , පෑන් රූගුයි හා එවැනි සියල්ලෝම ඔහු පිළිකුල් කළ මිනිසුන් විය.  දැන්, ෂ්‍යාඕ චීයේ ඝාතනයක් සිදු කර ප්‍රාන්තයෙන් පලා ගොස් ඇති බව අසා, ඔහු එය අනුමත කරන්නට නොහැකිවාක් මෙන් ඊටත් වඩා උ​ද්යෝගයෙන් වැඩ කළේය.

ගාඕ ජොංෂ්‍යොං සිතියම පෙන්වා කිවේ ය., “ෂ්‍යාඕ චීයේ රැදිලා ඉන්නේ ඔහුගේ කඹයේ කෙළවර නිසා , ජොංබෝ භූමිය මතින් පලා යන එක අපිට ඉවසන්න බැහැ. හමුදා ආඥාපතිවරයට ශක්තිමත් අශ්වයන් සහ දන්චෙං එකුක ශක්තිමත් හමුදාවක් ඉන්නවා.  මගේ මතය අනුව, නැති වෙන්න තරම් කාලයක් නැහැ.  නුදුරේදීම ඔහු ලුහුබැඳ ගොස් පහර දෙන්න හමුදාව යොදවන්න අපිට හැකියාව ලැබේවි.  ඔහු සීජෞ වලට ඇතුළු වෙන්න කලින් ඔහුව අල්ල ගන්නා තාක් කල්, ඒක හුඟක් යහපත් කාර්යයක් විදිහට සලකාවි.”

හන් ජින් තවමත් පසුබට වූයේ ය. ඔහු පවසන්නට විය, “ඒත් ෂ්‍යාඕ චීයේට තවමත් මිනිසුන් දස දහසකට වඩා ඉන්නවා. ඔවුන් සියල්ලෝම නන්ලින් දඩයම් භූමියේ සිදුවීම හරහා ගමන් කල සැබෑ මිනිසුන් වෙනවා. ඒත් එතැන උගුලක් තිබුනොත්..."

ගාඕ ජොංෂ්‍යොං සිතුවේ එලෙස නොවේ ය. ඔහු පවසන්නට විය. “ රාජකීය හමුදාවේ සොල්දාදුවන්  අධෛර්යමත් වෙලා, ඔවුන් හැමෝම දැන් ඉන්ටන් යහපක් මනෝභාවයකින් නෙමෙයි.  මිනිසුන් දහ දාහක් වගේම එක් මිනිසෙක් අතරවත් වෙනසක් නැහැ. ඔවුන් දැන් අසංවිධානාත්මක මිනිසුන්ගෙන් පිරිච්ච නොගැලපෙන කණ්ඩායමක් විතරයි;  ඔවුන් ගැන කලබල වෙන්න අවශ්‍ය නැ.  ආණ්ඩුකාරාධිපති සෙනෙවිතුමා මෙ වෙනකොටවත් ඔහු පසුපස හඹා යමිනුයි ඉන්නේ. අපිට ඔහුව හැකිතරම් ඉක්මනින් අල්ලාගෙන යුක්තිය අභියසට ගේන්න බැරිවුනොත් , අපිට ඒක චූදු වෙනුවෙන් සිදු කරන්නවත් නොහැකි වේවි. ”

බොහෝ සෙයින් කලබල වූ හැන් ජින් විමසන්නට විය, "ඔහු මට හානියක් කරන්න කුමන්ත්‍රණයක් වෙනුවෙන් ප්‍රාන්ත නායක චෞ ගුයි එක්ක හවුල් වෙලා නම් මම මොනවද කරන්නේ?"

ගාඕ ජොංෂ්‍යොං මදක් හදිසියෙන් යුතුව මෙසේ පැවසුවේ ය. “ආණ්ඩුකාරාධිපති සෙනෙවිතුමනී, ජෞ ගුයි පවුලක් ඉන්න පුද්ගලයෙක්.  ද්‍රෝහියෙකු වෙන ෂ්‍යාශ් චියේ සමඟ කැරැල්ලක් සැලසුම් කිරීම වෙනුවෙන් ඔහු යහපත් නිල තනතුරක් පසෙකට වීසි කරලා දමයිද?  ඔහු ඒකට නිර්භීත වෙන්නේ නැහැ.  අපි දැන් හමුදාවන් යැව්වොත්, අපි අනිවාර්යයෙන් ම ෂ්‍යාඕ චියේව පුදුමකිරීමක් එක්කම අල්ලා ගන්නවා. එතකොට, අපට ජයගඅහනය ළගා කරගන්න පුළුවන් වගේම අපිට ඔවුන්ට නිවාස දෙසටම තල්ලු කර දමලා ජයග්‍රාහී විදිහට ආපසු යන්න පුළුවන් වේවි."

හන් ජින් දින ගණනාවක් එක දිගට කූඩාරමේ නිදාගෙන සිටි අතර ඔහුගේ ශරීරය පුරා මදුරුවන් හා මකුණන් දෂ්ට කිරීමෙන් ඒ වන විටත් හේ මහත් අප්‍රසාදයට පත්ව සිටියේය.  ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන හන් චෙං, රාජ්‍යය හා ජනතාව වැන්දඹු අධිරාජිණියට භාර දීම ගැන තවමත් සිතමින් සිටියේය.  හන් වංශයේ තේජාන්විත නැගීම ඔහු ඉදිරියේම විය.  එය ඔහුට නැවත පැමිණ ඔහුගේ මිතුරන් සහ ආශ්‍රිතයන් සදහා විචිත්‍රවත් උත්සවයක් සඳහා කැඳවීමට සුදුසුම කාලය විය.  ඔහු මෙහි වැඩි වේලාවක් රැඳී සිටින තරමට ඔහු කෝපයට පත් විය.  එබැවින් ගාඕ ජොංෂ්‍යොං ගේ වදක් ඇසූ විගසම ඔහු වාසි සහ අවාසි කිරා මැන බලා වහාම එකඟ විය.

පසු දින , හන් ජින් වේලාසනින් අවදි වී, පිටත පින්න පවතින අතරේම හමුදාව ඉදිරියට රැගෙන ගියේය.  පලාගියවුන් ලබා දුන් තොරතුරු උපයෝගී කර ගනිමින් ඔහු රොන් මඩ ගඟෙන් එපිට වනගත ප්‍රදේශය වෙත ගමන් කළේය.  කැලෑව පුරා හාරන ලද වලවල් මිස විසිදහසකට ආහාර සැපයිය හැකි ආකාරයෙන් එහි කිසිසේත් නොතිබුණේ ය.

හන් ජින් දැන් පලා ආ සෙබළුන්ගේ වදන් තරයේ විශ්වාස කළේය.  ඔහුගේ චිත්ත ධෛර්යය ඉහළ යද්දී, ඔහු තම අශ්වයා පිට සිටම තම තලය ඇද එය ඉදිරියට ගත්තේ ය, “ද්‍රෝහීන්ට දැන් ගැලවෙන්න මගක් නැහැ.  වනාන්තරය පුරාම හොයන්න.  අපි නිසැකවම ඔවුන්ගේ හෝඩුවාවන් සොයා ගමු! ”

අෂ්ඨ මහා පුහුණු සේනාංකවල සෙබළුන් ඉදිරියට ගොස් සිටියහ.

 ෂ්‍යාඕ චීයේ මුහුණ සෝදමින් ඇළ අද්දර වාඩි වී සිටියේය.  ශබ්ද ඇසුණු විට, ඔහු ආපසු හැරී බලද්දී හන් ජින් තම අශ්වයා උඩට තල්ලු කරගෙන එන ආකාරය දුටුවේ ය.

 හන් ජින් ෂ්‍යාඕ චියේ දුටු සැණින් ම කලබලකාරී ලෙස බෙරිහන් දුන්නේය, “ද්‍රෝහියා මෙතැන ඉන්නවා. ඔහුව ඉක්මනින් අල්ලා ගන්න! ”

ෂ්‍යාඕ චීයේ අසුරක් ගැසුවේ ලන් තාඕ ෂුඒ ජින්ව කැදවා ගන්නටය.  පන්සියයක් පමණ වූ මිනිසුන් කැළය මැදින් දුවමින් පැමිණෙද්දී කෑගසමින් කෑගසමින් කලබලයට පත් වූ සෙයක් පෙනෙන්නට තිබූණි.  තත්වය දුටු හන් ජින් සියල්ල අවුලවාලන්නට වූයේ ය. හේ කිහිප වතාවක්ම මහ හඬින් සිනාසී,  දුර සිට කෑගැසුවේ ය. “වංශාධිපතිතුමනී , ඔබ අද මේ වගේ තත්වයකට ඇදවැටෙයි කියලා නම් හිතුවේ නැහැ!”

ෂ්‍යාඕ චීයේ සොල්දාදුවන් නොසලකා හැර ඔහුගේ අශ්වයා පිට නැගී තනිවම පලා ගියේය.  හන් ජින් ඔහුගේ පැන යාමට තැති ගත් අතර වහාම තම මිනිසුන්ව උණුසුම් ලෙස හඹා යාමට යොමු කළේය.  අෂ්ඨ මහා පුහුණු අංශ වනාන්තරය හරහා ගොස් , හන් ජින් පසුපසින් ඊසාන දෙසට සම්පූර්ණයෙන් ගමන් කළහ.  හන් ජින් ගමන් කරන තරමට තව තවත් කලබල විය.  ඔහු ෂ්‍යාඕ චීයේ පිටුපසින් සිට මොරදුන්නේ ය. “ෂ්‍යාඕ චියේ!  ඔබ දැනටමත් ඉන්නේ මාරාන්තික අන්තයක.  ඉක්මනින් යටත් වෙන්න! ”

ෂ්‍යාඕ චීයේ අශ්වයා පිට ආපසු හැරී බලා තම මිනිසුන්ට විරුද්ධ වීමට උත්සාහ කළ නමුත්, අෂ්ඨ මහා පුහුණු අංශවල රුදු ස්වභාවයට ඔවුන් නොගැලපුණේ ය.  මිනිසුන් පන්සියයක් හඹා එන දසුන කණගාටුදායක විය.  ඇසිපිය හෙලන සැණින් ඔවුන් ඒ වන විටත් වනාන්තරයෙන් පලා ගොස් තිබුණි.  ඔවුන් රොන්මඩ ගංගාව දෙසට ගමන් කළ අතර, අවසානයේ ඔවුන් ගඟ අද්දර ට කොටු කර ගන්නා ලදී.

“ෂ්‍යාඕ චීයේ!” හන් ජින් අශ්වයා ගේ තෝන් ලණුවෙන් අල්ලා ගනිමින් ඔහුගේ අත් කබාය ගැසුවේ ය.  “බලන්න ඔබේ වටපිටාව දිහා.  ඒ හැමෝම මගේ අෂ්ඨ මහා පුහුණු අංශවල සොල්දාදුවන්!  ඔබ දැන් හැම පැත්තකින්ම වටලලා ප්‍රහාරයකට මැදිවෙලයි ඉන්නේ.  ඉතින් ඔබ තවත් අරගල කරන්නේ මොනවටද?  දැන් කරුණාව ඉල්ලලා බැගෑපත් වෙන්න, මම ඔබේ ජීවිතය බේරන්නම්! ”

ලන් තාඕ ෂුඒ ජින් ඌ සිටගෙන සිටි තැනම හිදිමින් කුර වලින් පස සෑරුවේ ය. ෂ්‍යාඕ චීයේ ශීතල වතින් යුතුව පැවසුවේ ය. “අනිවාරෙන්ම, ඔබ ඕනේ මාව මරලා දාන්න. මට ඔබෙන් එකම එක ප්‍රශ්නයයි අහන්න ඕනේ. ඇයි අද හන් චෙං මෙතනට පැමිණියේ නැත්තේ?”

“මගේ සහෝදරයා මේ වෙද්දි වංශවත් රාජ්‍යාධිකාර තනතුරක් දරන්නෙක්., බදු අයකිරීම වගේම භාරදුර රාජකාරි සරිත අමාත්‍යවරයෙක්. ඔහු කොහොමද ඔබ එක්ක ගනුදෙණු කරන්න මෙතැනට එන්නේ?” හන් ජින් සිය අසිපතෙන් ෂ්‍යාඕ චියේ දෙසට ඇඟිල්ල දිගු කළේය.  “ඔබ ඔබේ අශ්වයගේ පිටින් බැහැලා අල්ලාගන්නකල් හිටියොත් , ඔබේ ෂ්‍යාඕ වංශයට බේ​රෙන්න සුළු අවස්ථාවක් ලැබේවි.  ඔබ විතරයි ඒ වගේ දරුණු වගේම බරපතල වැරුද්දක් සිදු කළේ, ඒත් ඔබ කැමතිද ඒ වෙනුවෙන් ඔබේ මුළු පවුලටම වන්දි ගෙවන්න වෙනවා දකින්න?

“ඇත්තටම මම හුගක් වැරදි කරලා තියෙනවා තමයි.” ෂ්‍යාඕ චීයේ හිස වනමින් හන් ජින් දෙස විමසිලිමත් ආකාරයෙන් නෙත් යොමු කළේ ය.
 "නමුත් මා එක්ක ඒ ගැන කතා කරන්න තරම් ඒක ඔබේ වංශයට අයත් ස්ථානයක් නෙමෙයි."

ඒ වදන් ඔහුගේ මුවින් පිටවූ විගසම, සියදහසක් පමණ වූ මිනිසුන් දෙපසින් ඉදිරියට පැන්නෝ ය. තන්තායි හූ පෙරමුණ ගෙන පිටුපසින් හන් ජින් ව සම්පූර්ණයෙන්ම වට කළේය. පිටුපසින් සොල්දාදුවන් මෙහෙයවමින්, ඔහු දුටු සෑම කෙනෙකු​ටම ප්‍රහාර එල්ල කරමින්, මිනිසුන් සහ අශ්වයන් ඔවුන්ගේ පාදවලින් එකිනෙකා හා ගැටුණු අතර සම්පූර්ණයෙන්ම ව්යාකූලත්වයටත් දරුණු පරාජයකටත් ඇද දැමුවේ ය.  හන් ජින්ගේ වම් පස හා දකුණු පස මුරකරුවන් සියල්ලෝම හන් ජින් ආරක්ෂා කිරීම සදහා හන් චෙන් විසින් පවරා දී තිබූ රාජකීය ආරක්ෂකයින් සිටියෝ ය.  මෙය දුටු විට, ඔවුන් උගුලට හසු වී ඇති බව වටහා ගත් අතර, වහාම හන් ජින් තස අශ්වයාට කස පහර දෙන්නට කසය එසවූයේ ඔහු වනාන්තරය හරහා රැගෙන යාමට අණ කිරීම සඳහායි.

හන් ජින් මින් පෙර මෙවැනි සටනක් දැක තිබුණා ද? චූදු හමුදා භූමියේ පැවති අතීත යුධ අභ්‍යාස සම්බන්ධයෙන් ඔහු බොහෝ දුරට විශේෂඥයෙක් විය.  එහෙත් ඔහු මීට පෙර කිසි දිනෙක සත්‍ය වශයෙන්ම යුද්ධයක් සිදු කර නොතිබුණේ ය.  ඔහු ඒ වන විටත් ඔහුගේ බුද්ධිමත් ක්‍රියාකාලාපයෙන් සම්පූර්ණයෙන්ම බියට පත් වී සිටියේය.  වේදනාව අශ්වයා ව ක්‍රියාවට නැංවූ අතර, ඌ වනාන්තරයේ වටලෑමේ පරිධිය දෙසට උමතුවෙන් මෙන් දිව ගියේ ය. රාජකීය ආරක්ෂකයින් එය වටා ආරක්ෂිත කවයක් නිර්මාණය කළෝ ය.

තම අසිපත අතැතිව, ශෙන් ස'චුආන් ගස් වියන යට හිදිමින් හන් ජින් දෙස බලා සිටියේ ය.

 හැන් ජින්ට තවමත් ඉදිරියට යාමට අවශ්‍ය වූ නමුත් තියුණු ඇස් ඇති රාජකීය ආරක්ෂකයෙකු දක්ෂ ලෙස අශ්වයා පාලනය කළේය.  සීතල දහඩියත් නැවුම් රුධිරය වගුරවමින්, මිනිසුන් කණ්ඩායම එකිනෙකා සමඟ අක්ෂි සංඥා හුවමාරු කර ගත්හ.  අවසානයේදී, එහි ප්‍රධානියා පවසන්නට විය. “උප සේනාධිපතිතුමා!  අද අපි එකිනෙකා හමුවෙන්න මඟ පෙන්නුවේ අපේ බැඳීම තමයි.  අපි පරණ මිත්‍රයෝ නිසාවත් අපිට යන්න දුන්නොත් කොහොමද?”

පසුගිය දිනවල දී ශෙන් ස'චුආන්ගේ සිරුරේ බර බොහෝ ප්‍රමාණයකින් අඩුවී තිබුණේ ය. ඔහු අසිපත් අල්ලාගෙන සිටි හස්තයේ මැණික්කටුව සරද සුදු පැහැ වස්ත්‍රයේ අත් විවරයෙන් කැපී පෙනුනේ  අර්ධ චන්ද්‍රාකාර ලෙස දිස් වූයේ ය.
 ඔහුගේ දෑස් සෘතු කාලය පුරාවට කිසිදා දිය නොවන ඝන හිමෙන් වැසී ඇති බව පෙනුනද, වසන්තයේ උණුසුමෙන් පිරුණු සිනහවක් ඔහුගේ මුහුණේ ක්‍රමයෙන් දිස් විය.  ඔහු පැවසුවේ ය. "මේ විවිධ සහෝදරයන්ට මේ මෙහෙයුම වෙනත් කෙනෙක් පවරලා තියෙන නිසා එය සිදුකිරීම හැර වෙනත් විකල්පයක් නැති බවත් මට වැටහෙනවා."

ශෙන් ස'චුආන් ස්වභාවයෙන්ම ද්වේෂසහගත සහ අනුකම්පා විරහිත බව ඒ පුද්ගලයා දැන සිටියේය.  එබැවින් ඔහුගේ මුවගින් සිනහවක් පිට කරන විට , ඔහු හන් ජින්ව ආරක්ෂා කිරීම වෙනුවට පියවර කිහිපයක් පසුපසට ගත්තේය.  සටන් කරගන්නා හා ඝෝෂා නගන හඬවල් ගිගුරුම් හඩක් සේ වාතය හරහා පැතිරී ගියේ ය ෂ්‍යාඕ චීයේ ද පියවරෙන් පියවර ඔවුන් වෙත සමීප වෙමින් සිටියේය. ඒ පුද්ගලයාගේ නළලතින් දහදිය ගලා ගියේ ය. ඔහු පැවසුවේ ය.“ඔබතුමාට හොඳ අනාගතයක් තියෙනවා, ඉතින් ද්‍රෝහියෙක් පස්සෙන් ගිහිල්ලා මේ තරම් දුක් විදින්නේ මොන එහෙකටද?  හන් හමුදාපතිතුමාව  නැවත අගනුවරට යවන්න කැමති නම්, සේනාධිනායකයා අනිවාර්යයෙන්ම සමාව දීලා අතීත අමනාපකම් අමතක කරලා නැවත අගනුවරට ඔබව සාදරයෙන් පිළිගනීවි නේ!"

අනපේක්ෂිත ලෙස ශෙන් ස'චුආන් සිනාසුණේය.  ඔහුගේ කටහඬ පැහැදිලි හා ඉක්මන් නොවුනු අතර, ඔහු සිනාසෙනු දැකීම නෙතට රසදුනක් විය.  ඔහුගේ සුදුමැලි සම හිරු එළිය යට අසාමාන්‍ය ලෙසත් සියුම් ලෙසත් දිස් විය. ඉතා සෙමින්, ඔහු යැං ශන් ෂුඒ සිහින් සහ දිගු තලය එහි කොපුව මතින් පිටතට ගත්තේ සිරී යන හඬ ඇසෙන පරිඳි ය.

"මම හන් චෙංට ගොඩක් ස්තුතිවන්ත වෙනවා."  ශෙන් ස'චුආන් පිටි අතින් ගසා එය නැවත ඇතුලටත් පි​​ටතටත් ඇද දැමුවේ ය.  “ඔහු ගැන මට තියෙන කෘතඥතාවේ  තරම වචනවලින් කියන්න බැහැ. ඔබ මේ වතාවේ ආපසු පැමිණෙද්දී මම වෙනුවෙන් ඔහුට ස්තුති තෑග්ගක් අරගෙන එන්න. ”

 හන් ජින්ට ඔහුගේ පිටුපසින් ශීතලක් දැනුණු අතර ඔහුගේ අශ්වයා මතට ​​වැටෙන්නට ආසන්න විය.

◈     ◈     ◈

ෂ්‍යාඕ චීයේ තලයේ වූ රුධිරය ගලා යන ජල පහරින් සොදා හැරියේ ය. ශෙන් ස'චුආන් තම දෑස් සෝදන්නට පසෙක වකුටු වී අසුන්ගෙන සිටියේ ය. ඔහු සම්පූර්ණ අත්ලම ජල පහරට එබුවේ ය. ෂ්‍යාඕ චීයේ තම අසිපත තලය සෝදා අවසන් වූ විට පවා ඔහු දෙඅත් ඉවතට ගත්තේ නැත. ෂ්‍යාඕ චීයේ ඔහුගේ පිටු පසින් හිදගත්තේ ය. හේ ඔහුට වඩා බොහෝ උසැති වුවත් , ඔහුට ශෙන් ස'චුආන්ට හිසට ඔහුගේ හිස තබන්නට හැකියාව තිබුණි. ඔවුන් දෙදෙනාගේම අත්ල ජලයේදී ගැටුණු අතර ෂ්‍යාඕ චීයේ ඔහුගේ ඇඟිලි තුඩු අල්ලා ගත්තේය.

ශෙන් ස'චුආන් හිරු රශ්මිය යට පවිත්‍රවත් සන්සුන් ලෙසත් සිටිනු දුටුවිට ඔහුගේ හැඬීම් පෙනුණේ රාත්‍රී සිහිනයක් සේය. ඉතා සෙමින්, ඔහුගේ දබර ඇඟිල්ල ෂ්‍යාඕ චීයේ ගේ හස්තය දිගේ ඇදී අවුත් ෂ්‍යාඕ චීයේ ගේ ඇඟිලි අතර පරතරය හරහා ගමන් කළේය.  ඔහුගේ අත්ල ෂ්‍යාඕ චීයේ ගේ අත්ලෙහි තදින් බැදී තිබුණු අතර , එමගින්  ජල ධාරාවේ ශිම මෙන් සීතල බවට මෘදු බවක් එක් කළේ ය.

තන්තයි හූ මේ වන විට සටන් බිම පිරිසිදු කිරීමට මිනිසුන් මෙහෙයවමින් සිටියේය.  ඔවුන්ට තවමත් මෙම වනාන්තරයේ රැයක් රැඳී සිටීමට සිදු ව තිබිණි.  ඔවුන් වටා බොහෝ දුරින් සොල්දාදුවන් සිටි නමුත් ශෙන් ස'චුආන් ගේ හස්ත​​ය ඔහුගේ හස්තයේ පැටලී තිබුණේ ඔහු එය සමඟ නොනවතමින් ක්‍රීඩා කරනවාක් සේයි. ඒ අතරම, එය දිගු කලක් සැලසුම් කර ඇති රැවටීමක් ලෙසද පෙනුණේ ය.

 ඔහුගේ ශරීරයෙන් තවමත් රුධිරයේ ගන්ධය ගලා ආවේ ය.

ෂ්‍යාඕ ඔහුට අවැසි ඕනැම දෙයක් රිසිසේ කරන්නට ඉඩ සලසා දෙමින් පවසන්න​ට විය, “ඔබ එක් අයෙක්ව විතරක් ජීවතුන් අතර තියලා ඔහුව ආපඑු යැව්වා. මේ පණිවිඩය ඔවුන් ට අරගෙන යන්න නම් ඔහු අනිවාර්යයෙන් ම කැමති වෙන්නෙ නැති වෙයි.”

ශෙන් ස'චුආන් එම දිය පහරෙහි ගලා යන දිලෙන මතුපිට දෙස බලමින් පැවසුවේ ය “ඔහු රාජකීය ආරක්ෂකයෙක්. ඔහු ජීවත්වෙන තාක්කල් , ඔහුට තමන්ගේ මෙහෙයුම සම්පුර්ණ කරන්න වෙනවා. හන් ජින් අපේ අත් දෙකටම අහුවුණා. ඔහුට ඒ පණිවිඩය නැවත ගෙනියන්න නොහැකි වුනොත්, ඒ කියන්නේ ඔහු තමන්ගේ මෙහෙයුම අසාර්ථක වෙනවා කියන එක. ඔහු කොහොමටත් මිය යනවා, ඒත් ඔහුට ගෞරවාන්විතව මිය යන්න පුළුවන්. ඒවගේම, ඒ ධාන්‍ය මළු හිස් සියල්ලම ඉණ අවසරපතක් සහිත රැකියාවේ යෙදී සිටින රාජකීය ආරක්ෂකයින්ගේ ඒවායි.  ඔහු ඔහුගේ සහෝදරයන්ව නිවසට රැගෙනයන්න ඕනේ නේද."

ශෙන් ස'චුආන්ගේ මැණික් කටුවෙහි වූ ලේ බිඳු පිස දැමීමට ෂ්‍යාඕ චියේට අවැසි විය.  නමුත් එහි සෑම තැනකම පාහේ මිනිසුන් රැස්වී සිටියේ ය.  දෙදෙනාම මොහොතක් එකිනෙකා හා බලා සිටියහ.  ඔහු හදිසියේම ශෙන් ස'චුආන්ව පිටුපසට තබා අල්ලා ගත් අතර, පසුව මන්දගාමි ලෙස ඉදිරියට නැමී පවසන්නට විය. “කන් ආභරණය චූදු වලදි වැටුණා.  අපි ලිබෙයි වලට ගිහාම මම ඔබට අළුත් එකක් හදලා දෙන්නම්."

“ඔබත් තවමත් රීදි කැබලි දහස් ගාණක බිල් සටහන් තියෙනවා.” ශෙන් ස'චුආන් ඔහු දෙස බැලුවේ ය. “අර් ගොංස' , මුලින්ම ඔබේ බඳ පටිය තද කරගෙන මුදල් ටිකක් උපයන්න බලන්න.”

“මට පුළුවන් ධනවත් පව්ලකින් විවාහයක් කරගන්න. මාව විවාහ කරගන්නවා වෙනුවට මුදල් දෙන්න පොරෙනේදු කරගන්න පුළුවන්.” 
ෂ්‍යාඕ චීයේ ඔහුගේ කටහඬ අඩු කළේය.

ඇළ පතුලේ තිබුණු මෘදු වැලි තට්ටුවට එරෙහිව නැගී සිටි ශෙන් ස'චුආන් ෂ්‍යාඕ චියේගේ සවනට කොඳුළේ ය, “එක් රැයකට රිදී පන්සියයක්…”

ඒ කුඩාවුත් චමත්කාරජනක වූත් කාමයෙන් පිරි හැගීම් තවමත් වා තලය හරහා එතරම් පැතිරී නොතිබුණු අතර , ශෙන් ස'චුආන් හදීසියේම අනෙක් පස හැරුණේ ශීතල මුහුණක් ආරෑඪ කරගෙන වූවද ,  තන්තයි හූ, ඉහලින් යාමට අවශ්‍ය වූ නමුත් හේ ඉහළින් ගමන් කිරීමට අනුගමනය කළ යුතු ඉරියව්ව කෙසේදැයි දැන සිටියේ නැත.

 “හන්  ජින් මේ කාලය පුරාවට  සැපයුම් ඕනෑ තරම් ගෙන නොඑන්න ඇත්තේ ඔහුට ඉක්මනින් චූදු වලට යන්න වුවමනා නිසා වෙන්න ඇති , තමාට අඩුවක් ඇති ඕනෑම දෙයක් පුරවා ගන්න ඔහුට දන්චෙං තියෙන බවත් සළකලා වෙන්න ඇති. අද රාත්‍රියට  සියලු දෙනාටම ඒ ආහාර සේරම පිසින්න.  හෙට උදෑසනම අපි..."

හදිසියේම ශෙන් ස'චුආන් මොහොතකට නතර වූයේ ය.  "... අපි දිගටම ඊසාන දෙසට ගමන් කරාවි" ඔහු දිගටම පවසන්නට පෙර ෂ්‍යාඕ චීයේ දෙසට වේගවත් බැල්මක් හෙලුවේ ය

ෂ්‍යාඕ චීයේ කිසිත් නොකියාම අත් පිස්නාව ඉතා බැරෑරුම් ලෙස සෝදා දැමුවේ ය, ඒ අතරතුර හේ එයට යටින් වසාගෙන තිබුණු ශෙන් ස'චුආන්ගේ හස්තය ලා රත් පැහැයක් ගන්නා තුරුම  පිරිමැද්දේය.


Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-