Skip to main content

අනූ අටවන පරිච්ජේදය : පලායාම.

Image



අරුණෝදය උදාවෙද්දී වර්ෂාව නතර වූයේ ආලෝකය සහ අදුර මැදින් ස්වර්ගයත් මහ පොළවත් සුවිශාල අදුරු වපසරිය තුළින් පෙරී එන ආකාරයෙනි. චී ජූයින් මඩ සහිත වලවල් මගහරිමින් හමුදා පිටියෙන් ඉවත්ව ආවා ය. ඈ තමාගෙ අත් ආරක්ෂක වැසුම් සකසාගනිද්දී ඇගේ නියෝජ්‍ය හමූදාපතිවරයා ඔහුගේ අශ්වය පිට නැගී කඳවුරට පැමිණෙන අයුරු දුටුවා. ඇගේ නියෝජ්‍ය හමුදාපතිවරයාගේ නම වූයේ චී වෙයි , හේ ස්වභාවයෙන්ම ශක්තිමත් සහ දැඩි අයෙක් විය. ඔහුට යුධ පිටියේදී පොරවක් එසවීමටත් , යුධ බිමේදි ඉඳිකටුවක් අල්ලා ගැනීමටත් හැකියාව තිබුණේ ය. ඔහු යටත් හමුදා භටයන් අතර කීර්තිමත් බවක් ඉසිළුවේය.

චී වෙයි අතරමගදීම බැස අවුත් මාර්ගය දෙපස ඔහුට ආචාර දැක්වූ භටයන් පිරිස ඉක්මනින් හිස වැනුවේය. හේ ස්‍රජුවම චී ජූයින් සිටි දිශාවම පැමිණ පැවසූයේ ය. “අණ දෙන නිළදාරීතුමියනි , අපිට ආරංචියක් ලැබුණා!”

“චූදූ වලින්ද බ්‍යැන්ජුන් වලින් ද?” චී ජූයින් ඇසුවා ය.

“දෙකෙන්ම.” චී වෙයි උස් පුද්ගලයෙකු නොවී ය. ඔහු වටපිටාව පරික්ෂා කර බලා පැවසුවේ ය. “හදිස්සියේ වැහැපු වර්ෂාපතනයට අහුවෙලා චූදූ සම්පූර්ණයෙන් හේදිලා ගිහින්. ෂ්‍යාඕ වංශයේ දෙවන තරුණ ස්වාමියා රාජකීය හමූදා සෙබළු විසි දහසක් එක්ක ඉක්මනින්ම පලාවිත් දැනටමත් ජොංබො වල දේශසීමාවට පැමිණිලා ඉන්නවා. පෙනෙන විදිහටනම් ඔහු සජෞ වලට ගමන් කරන්නයි හදන්නේ.”

චී ජූයින් කිසීසේත් ම කලබල වූයේ නැත. ඇය තම බාහු ආරක්ශක සන්නාහයන් තද කර ගනිමින් නොපැහැදිලි සිනහවක් පිට කළේ තමාද කඹය සපාගන්නවාක් මෙන් ය. “ඒ කොල්ලා ඇත්තටම හරී වේගෙන් දුවනවා.”

“මුලින්ම එතැන ප්‍රශ්නය වුනේ හමුදා සැපයුම් ටිකයි. ඒවගේම දැන් ෂ්‍යාඕ චීයේව ඝාතනය කිරීමේ අභිප්‍රාය ඇතිව ඔහුව වටලා දැමුවා. මේ වතාවේ ලීබෙයි වල කුමාරයා ක්‍රෝධයෙන් ඉගිලී යනවා කියන එකේනම් කිසිම සැකයක් නෑ.” චී වෙයි ඇවිද යන මාර්ගය අනුගමනය කළ චී වෙයි පවසන්නට විය. “හැබැයි ලීබෙයි වල කැරැල්ලක් ඇතිවුනොත් , අපට චොංබෝ ප්‍රාන්ත හය ඇතුළේ අතිරේක ආරක්ෂක හමුදා පිහිටුවන්න සිදු වේවී. චොංබෝ ව භට පිරිසුත් සේනාධිනායකතුමියගේ අණ සහ පාලනය යටතට පත් වේවී...”

චී ජූයින් තම උඩු වස්ත්‍රය වතලාගත්තා ය. “චොංබෝ කියන්නේ විශාල තැනක්. ඔවුන් ඒ හැමෝවම මගේ උරමත පැටෙව්වත් මම පිළිගන්න තරම් එඩිතර වෙන්නෙ  නැහැ. චූදූ වල කාරණය එතරම් හදීසි නැහැ. මට මුලින්ම කියන්න , බ්‍යන්ජුන් අණදෙන සේනාංකයේ පාබල සෙබළුන්ට මොනවද වුණේ? ලූ ගුඅන්බායි බ්‍යැන්ෂාවරුන්ගේ උපන් ප්‍රාන්තය වෙනකල්ම සැඟවී ඉදලා සටන් කළ ද?”

චී වෙයි ගේ රළු වත දෙගිඩියාවෙන් යුතු මුහුණුවරක් ගත්තේ ය. ඔහු පැවසුවේ ය., “අණදෙන නිලදාරී තුමියණි,හමුදාපති ලූ මේ වතාවේ  හමුදා අණ නොතකා දේශ සීමාව හරහා බ්‍යඑන්ෂ්‍යා අශ්වාරෝහක හමුදාව ලුහුබැඳ ගියා. මට සැක..."

ඔහු නිහඬවම පසුවූ අතර එම වදන පිටතට දැමුවේ ඇත.

\ “මේ අවුරුද්දේ හමුදා සැපයුම් අඬකින් අඩු කරලා තිබුණා. බ්‍යැන්ජුන් සේනාංකයට ඒ ටිකෙන් විතරක් සෑහෙන එක අපහසු දෙයක්. මම පියාණන්ගේ නමින් හේජෞ වල යැන් වංශය එක්ක ණය ගිවිසුමක් අත්සන් කළා. බ්‍යැන්ජුන් ආරක්ෂක භටයන් වෙනුවෙන් ධාන්‍ය මිළදී ගන්න මුදල් වෙන් කරන්නයි අදහස් කරගෙන ඉන්නේ. ඉතිං ඔබ මට කියන්න හදන්නේ මොනවගේ සැකයක් ගැනද? මම සාක්ෂි නැතුව එකම වචනයකටවත් ඇහුම්කන් දෙන්නේ නෑ.”

චී ජූයින් තමාගේ හමුදාපතිවරුන් අගය කරන බවත් දඬුවම් ලබාදීම හා ත්‍යාග ලබා දීමේදී ඈ වඩාත් සාදාරණ බවත් ඔහු දැන සිටියේ ය. වචන කිහිපයක් නිසා ඇය කිසි විටෙකත් ඔවුන්ව පාගා දමන්නේ නැත. එහෙත් මෙවර බ්‍යැන්ජුන් බාලදක්ෂ වෙත ගිය විට අමුතු දෙයක් දුටු නිසා ඔහුගේ සැකය ඇති ව තිබුණේ ය. එය වසන් කිරීමට නිර්භීත නොවූ ඔහු අවංක ස්වරයෙන් පවසන්නට විය. “සේනාපතිතුමියනි, මම ළග සාක්ෂි නැත්නම් මම වදනක්වත් පවසන්න එඩිතර වෙන්නේ නැහැ. දින කිහිපයකට කලින් බ්‍යැන්ජුන් හමුදා බුද්ධි අංශ විමර්ශනය කරන්න පිටත්වුණා. ඒත් ලූ හමුදාපතිතුමා නැවතත් ඇවිත් තිබුණේ නැහැ විතරක් නෙමෙයි , ගිනි සැනෙළි දල්වන කුළුන අසල හිටපු ආරක්ෂක භටයනුත් මාරු කරලා.”

චී ජූයින් ඇගේ මාර්ගයේ නතර වූවා ය. ඈ චී වෙයි දෙස බලා ඇසුවේ ය. “ ඔහු ගිනි සැනෙළි දල්වන කුළුන අසල හිටපු ආරක්ෂක භටයනුත් මාරු කරල ද?”

චී වෙයි හිස වැනුවේ ය. ඔහු තවත් විස්තර කියන්නට සැරසෙද්දී පසෙකින් කලබලයක් ශ්‍රවනය විය. ඔවුන් දෙදෙනාම පසෙකට හැරුණු අතර , මසා දැමූ මායිම් සහිත ගමන් රථයක් වටා රොක් වී සිටින ආගන්තුක මිනිසුන් සමූහයක් කඳවුරට ගලා එනු දුටුවෝය. මුරකරුවන් විසින් ඔවුන් නතර කරන ලදී.

මුරකරුවන් ඔවුන්ට ඇතුළු වීමට ඉඩ නොතබන බවට දැඩි අදිද්ඨානයක සිටින බව දැනගත් යිංශී ට පෞද්ගලිකව තිරය එසවීම වළක්වා ගත නොහැකි වූ අතර පවසන්න ට විය. “තමුන්ලා දන්නේ නැද්ද මම කවුද කියලා? මගේ ගමන් රථය නතර කරන්නේ මොන එහෙකටද! චූදු වලින් අධිරාජ්‍යයා එවපු යුද හමුදා පරීක්ෂා කරන වාරණ නිලධාරියා මමයි! යන්න, ඉක්මනින් මගේ පැමිණීම දැනුම් දෙන්න. අණ දෙන නිලධාරිණි චී ට කියන්න මට ඇයට කියන්න වැදගත් දෙයක් තියෙනවා කියලා!”

චී ජූයින් දුර සිට බලා හිදම චී වෙයිට පැවසුවා ය.”

 “මම කාර්යබහුල නිසා ඔහුව දකින්න තරම් නිදහස් කාලයක් නැහැ කියලත්  ඔහුට කියන්න. චූදු වලින් මේ නපුංසකයෝ ඔක්කොම එකයි. ඔහුට හොඳ ආහාර සහ වයින් පමණක් ලබා දීලා කට වහගෙන කරදර නොකර ඉන්න කියලා පවසන්න. මම දැන් බියන්ජුන් සේනාංකයට යනවා. ලු ගුඅන්බායි එහෙම හැරයන කෙනෙක් නෙමෙයි. මම යන්න කළින් , මම අහලක නැතිබව චූදු වලින් ආ අයට කියන්න. එතන තියෙන්නේ කැළඹිලි සහිත ජලය. පියාණන් ගැනත් හොඳට සෝදිසියෙන් ඉන්න. ඔහු චූදු පණිවිඩයක් යවන්න හැදුවොත්, ඒකට බාධා කරලා ඔහුට සන්සුන් වෙන්න කියන්න”

චී වෙයිට තවත් යමක් පවසන්න අවැසිව තිබුණි. නමුත් චී ජූයින් ඒ වන විටත් අශ්වයා මතට නැග සිටියා.

ඇය පිටත්ව යාමට පෙර, ඇය ආපසු හැරී චී වෙයි ට පැවසුවා ය. " චූදූ වල කාරණය විසඳ ගන්න අවම වශයෙන් මාස භාගයක්වත් අවශ්‍ය වේවී. ලබන මාසයේ විවාහය ප්‍රමාද කරාවී අනිවාරෙන්ම. මුලින්ම ගෙදර තියෙන රතු සේද ඔක්කොම අයින් කරන්න. ඒවා සේරටම මුදල් වැය වේවි. ”

ඈ එය පැවසීමෙන් පසු කිසිත් කතා නොකර , ඇය ජිංසි ගේ මිනිසුන් වටකරගෙන සිටි ගමන් රථය පසුකරගෙන බියැන්ජුන් අණදෙන සේනාංකය වෙත ගියා ය.

◈     ◈     ◈

 ශෙන් ස'චුආන් ඖෂධ පානය කළ අතර , ඔහුගේ අසනීප තත්වය ක්‍රමයෙන් වැඩි වන ලකුණු පහළවෙමින් තිබුණි. රාජකීය හමුදාව ඊසානදිග දිශාවට දිගටම ගමන් කරන්නට නියමිතව තිබුණි.  ඔවුන්ට ඒ හරහා යාමට ඉඩ දෙන ලෙස ස'ජෞ හි ප්‍රාන්ත නායකවරයා වන  ජෞ ගුයි ට ඒත්තු ගැන්වීමට ක්‍රමයක් ගැන සිතීමට ඔවුන්ට සිදු විය - නමුත් ඊට පෙර, ඔවුන්ට තවමත් ඔවුන් පසුපස හඹා එන ඒ කරදරකාරී සහ නොපසුබට හමුදාවෝ සොලවන්නට සිදු ව තිබුණේ ය.

“අපේ පි​​ටුපසින් හඹා එන දරුණුතම කෙනා තමයි හන් ජින්.” තන්තායි හූ තම අසිපත ගෙන එහි වු ගත මත හිද ගත්තේ ය. “අපිට ස'ජෞ වලට යන්න කලින් ඔහුව හරවලා යවන්න බැරි වූනොත් , ඔහු ස්ථානගත කිරීමේ නියෝග භාවිතා කරලා නගරය වහලා දාන්නත් අපේ පසුබැසීමේ මාර්ග සේරම කපා හැරලා ජොංබෞ වල අපිව කොටු කරන්නත් ජෞ ගුයි ට බල කරාවි."

ෂ්‍යාඕ චීයේ දෑත් බැදගත් අතර කිසිවක් නොපැවසුවේ ය. ඔහු ඉදිරියේ අසම්පූර්ණ කළ සිතියමක් විය. ෂ්‍යාඕ චීයේ හන් ජින් සමඟ ගැටුමකට මැදිවෙන්නට කිසිසේත් බිය නොවූ නමුත් ඔහුට කාලය පිළිබඳ සලකා බැලීමට සිදු විය.  මෙය තව දුරටත් ඇදී යන තරමට එය රාජකීය හමුදාවට වාසිදායක වනු ඇත.  රාජකීය උරුමයක් නොමැතිකම හේතුවෙන් චූදු මේ වන විට අවුල් සහගත තත්ත්වයක සිටි නිසා පමණක්, චී ජූයින් ඔහුව වටකර බිම හෙළීමට හමුදා යොදවා නොතිබුණි.  චූදුත් එහි දේවල් සමථයකට පත් වන අවස්ථාවේදී චී ජූයින් ඔවුන්ව ලුහුබැඳ ගොස් අල්ලා ගන්නට නිදහස් හස්තයක් තිබේවි. ඒවිට , රාජකීය හමුදාවේ මේ සෙබළුන් විසිදහස ට ලෝහ සන්නාහ තාප්පයක් සමඟ ගැටීමට හැකිවිය යුතුය.

“නමුත් දුෂ්නරම දෙය සටන් කරන එක නෙමෙයි සටනේ වේගයයි.” ශෙන් ස'චුආන් ගේ සුදුමැළිවි ගිය මුහුණෙන් තවමත් රෝස පැහැය යථා තත්වයට පත්වී නොතිබුණි. ඔහුල් කැටයක් සියතට ගෙන බිම පුරා ඉරි කිහිපයක් ඇන්දේ ය. “හැන් ජින් මේ තරම් දුර අපිව ලුහුඹැදගෙන ආවේ ඔහු පිටඅපස දන්චෙං ඉන්න නිසයි. ඔහුගේ අතේ තියෙන ඒ අෂ්ඨ මහා පුහුණු අංශ වලට, දංචෙංවල ධාන්‍යාගාරය විවෘත තිබෙන පුළුල් ද්වාරයක් වගේ ; ඔවුන්ට ආහාර ඇදුම් පැලදුම් ගැන කරදර වෙන්න දෙයක් නැ. අපේ සෙබළු විසිදාහම එක හුස්මට නතර නොවී හුගක් දුර ගමන් කළා. අපිව නඩත්තු කරන්න හමුදා සැපයුම් නැහැ. අපට සජෞ හරහා ලීබෙයි වලට යන්න අවශ්‍ය නම්, අපි මුලින්ම මේ ගැටලුව විසඳගන්න ඕනේ.”

තන්තායි හූ ට තවමත් ශෙන් ස'චුආන් දෙස එක එල්ලේ බලන්න නොහැකි විය.  ඔහු මොහොතකට නිශ්ශබ්ද වී පසුව ෂ්‍යාඕ චීයේ දෙසට නෙත් යෙමුවේ ය.

ෂ්‍යාඕ චීයේ ඔහු දෙස නොබලමින්ම කීවේ ය. “ඔබට මොනවහරි කියන්න තියෙනවනම් කියන්න.”

 තන්තායි හූ ඔහු ඉදගෙන සිටි ඉරියව්ව වෙනස් කළේ ය. ඔහු ඇගිල්ලකින් එහි වු බිම පෙන්වාලුයේ ය. ඔහු පැවසුවේ ය. “සජෞයි අපිය හුග කාලෙක ඉදන් දන්න අදුරන අය. ඔවුන්ට පනිවිඩ ලැබෙන එකේ ප්‍රමාදයක් ඇති බව නිදහසට කරුණක් කරගෙන අපිට හදිසි ප්‍රයෝජන වෙනුවෙන් ආහාර ටිකක් ණයට අරගන්න ජෞ ගුයිව එකඟ කරගන්න බැරි වෙයි ද?"

"නැහැ."  ශෙන් ස'චුආන් ගල අත හැරියේය.  “මේ වෙලාවේ ගන්න හැම ක්‍රියාවකින්ම වෙන්නේ අපි පැත්තක් අරගන්න එක.  ජෞ ගුයිට එහෙම චේතනාවක් නොතියෙන්න ඇති. ඒත් ඔහු එය කරන තාක් කල්, චූදු ඇස් හමුවේදි ඔහු කැරලිකාර හමුදාවන්ට ආධාර සපයපු ද්‍රෝහියෙක්.  අපි සජෞ හරහා ගමන් කළාට පස්සේ , ඔහුව චූදු වලින් සිරභාරයට අරං දෝෂාභියෝගය ට ලක් කරලා දඬුවම් කරාවි. ජෞ ගුයිටත් පවුලක් ඉන්නවා.  ඔහු මේක කරන එකක් නැහැ. ”

දිං තාඕ තම පොතෙන් හිස ඔසවා පැවසුවේ ය, “චෙං ග' ගියේ හමුදා සැපයම් ගැන බලන්න නේද? සසහරවිට ඔහු මේ වෙද්දි ආපිට එනවත් ඇති.”

“ඔහු සකස් කරපු හමුදා සැපයඅම් දැනටමත් ලීබෙයි වලට යවලයි තියෙන්නේ. ඒ පෙරමුණේ ඉන්න ලීබෙයි අශ්වාරෝහක සේනාංකයේ පෙරමුණේ ඉන්න අයගේ ආහාර. රාජකීය හමුදාවේ බඩවල් පුරවන්න එතරම් සලාක ඉතිරි වෙලා නැහැ."  ෂ්‍යාඕ චීයේ බිම වාඩි වී සිතියම පරීක්ෂා කළේය.  "අනික ඔහුයි ගු ජිනුයි ආවත් ඔවුන්ට ගොඩක් ආහාර ගේන්න බෑ."

කිය​මනේ තිබෙන ආකාරයට , ආහාරත් සත්ව ආහාරත් අශ්වයන්ට හා හමුදාවන් ට පෙර යා යුතුය. අනෙත් අතට , ලිබෙයි සහ චීදොං බ්‍යැන්ෂා අශ්වාරෝහක හමුදාවන්ට වේගයෙන් පහර දෙන්නට සමත් වූයේ බියන්ෂා අශ්වාරෝහක හමුදාවට සංචිත ද්‍රව්‍ය නොතිබූ නිසා සහ සටන් කිරීමට තරම්  ඔවුන්ට හැකියාවක් නොතිබූ බැවිනි.  දැන්, උභතෝකෝටික ප්‍රශ්නයකට හසු වී මෙහි සිරවී හිඳින රාජකීය හමඅදාවටද , ඒ හා සමානව ම, සටන් කිරීමට නොහැකි ව තිබුණේ ය. සජෞ වලට පහර දීම විකල්පයක් විය හැකි නමුත් එය නියතවම නරක අදහසක් විය.  ඔවුන් එකිනෙකා ගැන සොයා බැලීම සඳහා ජෞ ගුයි සමඟ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ඇති කර ගැනීම වෙනුවෙන් රිදී කැබලි ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් අනුපිළිවෙලින් වියදම් කර තිබුණු අතර , එමෙන්ම එය අනාගතය සඳහා ආරක්ෂාකාරි ලෙස පැවතියේ ය.

“ආපහු ගිහින් දන්චෙං වලට පහර දුන්නොත්.” තන්තායි හූ ඒ ගැන කල්පනා කළේ ය. “දන්චෙං සතුව ධාන්‍යාගාරයක් තියෙනවා. අපි වැඩි කාලයක් නගරයේ රැදිලා ඉන්නේ නැ. ධාන්‍ය ටිකක් අරගෙන පිටවෙමු.  අපි සජෞ වලට ගියාට පස්සේ ජෞ ගුයි එක්ක අනිත්  දේවල් ගැන සාකච්ජා කරමු.”

“එපා.” ශෙන් ස'චුආන් මෘදු සුසුමක් හෙළුවේ ය. “දන්චෙං වලට චුආංචෙං වලටත් චූදු වලටත් දිවෙන සෘජු හමුදා මාර්ග තියෙනවා.  ආපසු හැරීයාමෙන් වෙන්නේ ඉතිරි අෂ්ඨ මහා මුහුණු සේනාංකවල හමුදාව යවන්න චූදු වලට කාලය ලැබෙන එකයි ආපහු යන ගමනෙදි අපේ කාලය ගෙවිලා ගිහින් ශක්තියත් අඩු වෙලා යාවි. අපට අවශ්‍යයෙන්ම නගරය ඉක්මනින් බිඳ දමන්න නොහැකි වේවි.”

ශෙන් ස'චුආන් විසින් ඔහුගේ යෝජනා ද්විත්වයම නිෂේධනය කිරීම තන්තායි  හූට නින්දාවක් විය.  ඔහු දෑත් එකට අතුල්ලමින් තවත් කිසිවක් නොපවසා නසිටියේ  ය.  ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන තන්තායි ලොං නිර්භීත පුද්ගලයෙකු වූ අතර ඔහු හමුදාපතිවරයෙක් ද වූ නමුත් ඔහුට ඉගැන්වීමට කිසිවෙකු සිටියේ නැත.  මේ මොහොතේ, ඔහුට අපහසුතාවයක් සහ ලැජ්ජා සහගත බවක් දැනෙන්නට විය, නමුත් ඔහු ට එය ගැඹුරින් ඒත්තු ගැන්වුණි.  ඔහු අසාධාරණ මිනිසෙකු නොවීය.  අඩුම තරමින් ඔහු බූරුවෙක් බව පිළිගන්නට අකැමති විය.

ෂ්‍යාඕ චීයේට තන්තායි හූ ගේ මනස පිළිබඳ යම් කිසි අවබෝධයක් තිබෙන බව පෙනුණා. හේ තන්තායි හූගේ පිටට තට්ටු කරන්නට හස්තයක් ඔසවමින් නොසැලකිලිමත් ලෙස පැවසුවේ ය. “ සමහර විට මෙතැන wදන්චෙං වලට ප්‍රහාර එල්ල කරන්න තරම් කාලයක්තියෙනවා වෙන්න පුළුවන්. ඒත් ඒක අදහසක් විතරයි නේ. ඔබ චූදු වලදි අෂ්ඨ මහා සේනාංක වලට විරුද්ධව සටන් කරලා තියෙන්නේ එක වතාවයි. දැන් ඔබ චූදු අතහැරලා ඇවිත් ඉන්නේ , ඒනිසා ඔබ දන්නේ නැති දෙයක් තියෙනවනම් අහන්න.  අනාගතයේ දී, භට පිරිස් මෙහෙයවන්න වගේම තීරණ ගන්නත්  ඔබට අවශ්‍ය වෙන අවස්ථා ඕනෑ තරම් තියේවි. ඔබට ඉඟි ලබාදෙන්න ගෞරවණීය ශෙන් හැමවේලාවකම නොහිටීවි. ලාඕහු, ඉගෙනීමේ සමුදුර සීමා රහිතයි.  ඒත් ඒ ගැන නොතකා එයින් විනෝදවත් විදිහට මදක් පානය කළොත් ඔබට දීප්තිමත් අනාගතයක් උදා වේවි.”

"මේ ඇරෙන්න ." ශෙන් ස’චුආන් එය මොහොතක් සලකා බලා දිං තාඔ ට පවසන්නට විය. “මමත් වංශාධිපතිවරයත් නොගැලපෙන බවත්, අපි අපේ මාර්ගවල යන ගමනේදී එකිනෙකා එක්ක හුඟක් ආරවුල් ඇති කරගන්න බවත් ඔබ කියන්න ඕනේ.”

"අපි අභ්‍යන්තරව වගේම බාහිරවත් ඉන්නේ දුෂ්කර තත්වයක." ෂ්‍යාඕ චීයෙ දසන් පෙන්වාලූයේ ය. "ඒක ඔබට හැකි තරම් ඛේදවාචකයක් විදිහට පත් කරන්න."

දිං තාඕ ඒවා වේගයෙන් තම පොතේ සටහන් කර ගත්තේය.

තවමන් ඒ ගැන නොපැහැදී සිටි තන්තායි හූ අසන්නට විය. "තාඔ ස’ ට රඟපාන්න පුළුවන් ද? ඉස්සෙල්ලම අපිට එක පාරක් කියන්න බලන්න.”

දිං තාඕ  දෑස් පිසදා අත් දෙකෙන්ම පොත උස්සා කියවා බැලුවේ ය. “මගේ ස්වාමියා ඉන්නේ ඒ මිනිසුන් අතින් විනාශයට පත්වෙලා හරිම දුක්ඛිත තත්වයකයි. මගේ ස්වාමියාට කැඳ බීමටවත් සල්ලි නැති තරමට අෂ්ඨ  මහා පුහුණු සේනාංක බල්ලන් වගේ ඉවක් බවක් නොමැතිව අප පසුපස හඹා එනවා. අපි අතහැරලා එද්දී , අපි අපේ පණ බේරාගෙන පලා එමිනුයි හිටියේ , ඒනිසා අපිට දේවල් අසුරගෙන පොදි බැදගහගන්න වෙලාවක් තිබුණේ නෑ, අපි අඩුමගානෙ නිවස්නයේ තිබුණු මුදල්වත් ගත්තේ නැහැ. අපේ සාක්කු දැන් බැටළු අසූචි වගේ හිස්. ස්වාමියා ෂෙන්වූ වීදියේ කන් ආභරණ සාප්පුවට රිදී කැබලි දහස් ගණනක් ණය වෙලා හිටියත් ඔහුට දැන් ඒවා ආපසු ගෙවන්න ක්‍රමයක් නැහැ. ශෙන් උතුමා වර්ෂාවට හසුවෙලා රෝගාතුර වුනත් අපිට වෛද්‍යවරයකු කැඳවීමට මුදල් නැහැ. අහෝ, දුප්පත් කුහක - ඔහ්හ්හ් ... උතුමාණන් මගේ ස්වාමියත් අත්හැරදමලා. අපේ සොල්දාදුවන් වගේම අශ්වයනුත් දැන් හිස් කුස් එක්ක ඔට්ටුවෙනවා.. මට බඩගිනි වැඩියි. මගේ පිත වමාරන්න තරම් ම බඩගිනියි. මට ඇත්තටම ඒක තවදුරටත් දරාගත ගන්න බැහැ. ඒ නිසා මම අපිට මුදල් ටිකක් එකතු කර ගන්න මඟ දිගේ ගෙවල් කිහිපයක් කොල්ලකන්න සහෝදරයන් කිහිප දෙනෙකු රැගෙන ගිය. අපි මුලින් යහපත් පවුල්වල හොඳ මිනිසුන් වෙලා හිටියා. අප වැරදි පුද්ගලයාව  අනුගමනය කළ නිසා අපිට එහෙම වෙන්න සිද්ධ වුනා. දැන් අපි දන්චෙං වල  හැන් ජින් ලගට සරණාගතභාවය පතා යන්න කලින් අපේ බඩවල් ටිකක් පුරවගන්නයි හදන්නේ. ඔව්, හන් ජින් හොඳයි. ඔහුට මුදල් වගේම ධාන්‍ය තියෙනවා. ඔහු සමඟ එකතු වෙන එකෙන් විතරයි අපිට අනාගතයක් ලැබෙන්නේ. අනාගතය තමයි..."

දිං තාඕ මනා හැගීම්බර බවකින් යුතුව පවසන්නට විය.

“මේ ස්වාමියා හිතනවා ඒක හොදටම කිව්වා කියලා.” ෂ්‍යාඕ චීයේ අදහස් දැක්වූයේ ය. “ලාඔහු , ඔහුගේ උඩු ඇදුම ටිකක් විතර ඉරලා මුළු මුහුණෙම මඩ තවරන්න. ඊටපස්සේ ඔහුට තඹ කාසි තුනක් විතර දීලා පිටත් කරලා හරින්න. තවදුරටත් අවන්හල් වලින් ආහාර ගන්න අවශ්‍ය නැහැ. නගරයේ වීදී පුරාම ගිහින් හිඟමන් යදින්න. ඔබ ලන්ජො දිහා ඔයතරම් අනුකම්පාසහගත විදිහට බලන්නේ මොකද?”

 --------------------------------------------------------

පරිවර්තිකාවගේ සිතළු 

අනේ අනිච්චං , දිං තාඕ අසරණයා. ඇමක් වුනා නේද? 🥺🥺🥺🥺

දිං තාඕ එහෙම බැැලුවේ : අනේ ලන්ජෞ ග'ග මෙයාට ඒම කරන්න එපා කියන්න කෝ.

පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය



 

Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-