Skip to main content

අනූ හයවන පරිච්ජේදය : කඩා වැටීම.

 


අහස් ගර්භය වලාකුලින් ගැවසී තිබුණු අතර වැහි කුණාටුවක පෙරනිමිති පෙනෙන්නට විය.

ෂ්‍යාඔ චීයේ මාළිගයේ දොරටුව අභියසදී ලැංලී අසිපත ගලවා තබා අදුරු දිගු ශාලාව වෙත පියමැන්නේ ය. නපුංසකයන් දෙපස දණගසාගෙන හිස පහත් කරගනිමින් නිහඬව සිටිය හ. මිංලී ශාලාව තුළ හා පිටත වූයේ දැඩි නිහඩතාවයකි. ඉක්මන් පියවර සමඟ ෆූමන් ෂ්‍යාඕ චීයේ ව ලිවිසුම අසලට ගෙනගොස්  තිරය එසැවූයේ ය. නිදන කාමරය තුළ ආවරණ ඇද නොතිබුණි.  ඇතුළත හුස්ම හිරකරවන තරමේ උණුසුමකින් ද රුධිරයේ ගන්ධයෙන් ද මුසු වී තිබුණේ ය.

ෆූමන් ඉකිගැසීම් අතරින් පවසන්නට විය. “උතුමාණෙනි, බලන්න. වංශාධිපතිතුමා මෙතන ඉන්නවා!”

ලී ජ්‍යන්හෙං ඇතුළත සිට පැවසුවේ ය, “අනිත් අයට පිටවෙන්න කියන්න. මට ලේකම් කාර්යාලයේ වැඩිහිටියා එන්න කලින් වංශාධිපතිවරයා එක්ක කතා කරන්න යමක් තියෙනවා. අපට බාධා කරන්න එපා.”

 ෆුමන් සෙසු සේවකයන් සමඟ නිහඬව පිටව ගියේය.

“ස'අන්.” ලී ජ්‍යන්හෙන්ට සිරුර චලනය කරන්නට අවශ්‍ය වූ බවක් පෙනෙන්නට තිබුණි. ඔහු පැවසුවේ ය. “සයන තිර රෙදි විවෘත කරන්න.”

ෂ්‍යාඕ චීයේ හස්තය ඔසවා එහි වූ තිර රෙදි පසෙකට ගත්තේ ය. සයනය පුරාම රුධිරය වැගිරී තිබුණේ ය. ඔහු​ට පෙනුණේ ලී ජ්‍යන්හෙං  අපිරිසිදු පොකුණක ගිලී සිටින්නාක් මෙනි. ශ්වසනය කිරීමට මහත් ආයාසයක් දැරූ ඔහුගේ ළය ගැහෙන්නට වූයේ ය.  

“සහෝදරයා.” ලී ජ්‍යන්හෙංගේ වත සුදුමැලි වී දහදියෙන් තෙත්ව තිබුණි. 

 ඔහු වෙව්ලන දෑතින් දහදිය පිසදැමු මුත්, ඒ වෙනුවට ඔහුගේ මුළු මුහුණම රුධිරයෙන් වැසී ගියේ ය. "ඔබ කොහෙද ගිහින් හිටියේ? මේ කනස්සල්ල මාව මරනවා. ”

 මූ රූ ලී ජ්‍යන්හෙං එහා පසින් වැතිර සිටියා ය. ඈ මියගොස් ය.

ෂ්‍යාඕ චීයේට එක්වරම දැඩි පාලුවක් දැනුණේ ය. මේ හමුව හුදෙක් උගුලක් බව ඔහු දැන සිටිය ද, ඔහු මේ ආරාධනයට එකඟවූයේ මේ ලී ජ්‍යන්හෙංගේ "සහෝදරයා" යන වදන වෙනුවෙන් එහි සිටීමට පමණ ය. ඔවුන් යොවුන් වියේ දී නොසැලකිලිමත් ලෙස ගත කළ සහෝදරයත්වය මේ වන විට සමාව නොදීය හැකි ආකාරයේ රෝදවල බලයට යටවී කැබලි වලට කැඩී බිදි ගොස් තිබුනේ ය.  මේ මොහෙතේ දී , ඒවා නැවත එකලස් කොට අලවා තිබුණ බවක් පෙනු​ණි. ඔහුට දැනුණේ නැවතත් අතීතයට පැමිණියාක් සේ ය. තිර ආවරණය එල්ලා තැබූ ඔහු පැවසුවේ රළු හඩිනි, “මේ පැත්තට එද්දී සුළඟ හුගක් සැරට හැමුවා, ඒවගේම ෂෙන්වු වීදියේ හුගක් සෙනඟ සිටි නිසා අශ්වයෙකු පිට නැගීම අපහසු වුණා.”

ලී ජ්‍යන්හෙං හිය හස්තය ඔසවා තමාට පරදී ඇත්තේ කුමන ස්ථානයටදැයි පිරික්සා බැලුවේ ය.  ඔහු කීවේ ය, “ඔබ ම​ට හොඳ සහෝදරයෙක් වුණා. ඔබ හොඳටම දැන හිටියා මේ ගමන භයානක උගුලක් බව, ඒත් ඔබ මෙහෙට ආවා. ලී ජ්‍යන්හෙං , මම ඔබව මගේ මිතුරෙක් කරගත්ත එක කොහොමටවත් අපරාධයක් විදිහට පේන්නේ නැහැ.”

ෂ්‍යාඕ චීයේ අසුන​ක් අසලට ඇද හිදගනිමින් ලී ජ්‍යන්හෙං​ ගේ ස්වරාලය කිහිප වරක් මඉහළ පහළ යන ආකාරය බලා සිටියේ ය.  ඔහු කිවේ ය “ මම ඔබට හුග කාලෙකට කලින්ම පැවසුනා ඇ ඔබට ගැලපෙන්නේ නැති බව.”

“ඒත් මම ඈට ගොඩක් කැමැත්තෙන් හිටියා,” ලී ජ්‍යන්හෙං හිස් මනසකින් යුතුව ඔහුගේ හසිතයේ ඇගිලි අතර වූ රුධිරය පිස දැම්මේ ය. “මම හිතුවේ ඈ මටත් කැමති ඇති කියලා. මඟුල… ඒ කියන්නේ පිහියකින් ඇන්නාම රිදෙන්නේ මේ විදිහටයි.”

ඔහු තම මුහුණ පිසදාගෙන වැළමිට දණහිස් මත තබා ගත්තේ ය. ඔහු පැවසුවේ ය. “ ඔබ මට කතා කළේ මොනවගේ දෙයක් පවසක්න වුවමනා නිසා ද?”

ලී ජ්‍යන්හෙං ඔහුගේ දෙනෙත් හරවා ෂ්‍යාඕ චීයේට මදහස පෑවේ ඔහුගේ කඳුලැලී මුහුණෙන් පහතට ගලා යන්නට පෙරයි.  කදුලැලි අතරෙහි සිනහවු ඔහු බිදුණු ස්වරයෙන් පවසන්නට වූයේ ය. “මම ඔබව කැටඳව්වා , ඉතිං ඔබ ආවා. මේ මගුලෙන් වැරුද්ද වුණේ ඔබටයි , ස'අන්. ඔබ දන්නවද මෙතැනින් එපිට මිනිසුන්ගෙන් පිරී තියෙන බව… ඔවුන් තමන්ගේ දෑත්වල අසිපත් දරාගෙන ඔබ වෙනුවෙන් බලාගෙන ඉන්නවා?”

අතීතයේදි ඔහුගේ ඕනැම ආකාරයක දුෂ්කරතාවයන් විසඳන විට සිදු කළාක් මෙන් , ඔහු සන්සුන්ව හිස වනමින් පැවසුවේ ය, “මම දන්නවා.”

ලී ජ්‍යන්හෙං දැඩිව හඬමින් පවසන්නට විය. “ ඔබ ආවෙි නැත්තම්, මට සමාව ගන්න වෙන්නේ නැ.”

ෂ්‍යාඕ චීයේ ගේ දෑස් රත් පැහැ වූයේ ය. ඔහු පැවසුවේ ය. “ඔබයි අධිරාජ්‍යයා. අධිරාජ්‍යයෙක් සමාව ගන්න අවශ්‍ය නැහැ.”

ලී ජ්‍යන්හෙං ඔහුගේ තුවාලය ආවරණය කරගෙන හිස සොලවද්දී දෑස් පිටතට එන තරමට සෙලවී ගියේ ය. ඔහු හඬමින්ම පවසන්නට විය, “මම… සහෝදරයා… මට ඇත්තටම … ඕනෙවුනේ යහපත් අධිරාජ්‍යයෙක් වෙන්න. මම දින කිහිපයකට පෙරත් පාඨ කටපාඩම් කළා. ඔබ පිටතට යනකොට මම වෙනුවෙන් ලේකම් කාර්යාලයේ වැඩිහිටියට මේ ගැන කියන්න.”

ෂ්‍යාඕ චීයේ පවසන්නට විය, “ඔබයි අධිරාජ්‍යයා. ඔබම ඔහුට පවසන්න.”

ලී ජ්‍යන්හෙං දැඩි හුස්මක් ගෙන ගොරෝසු හඩින් කිවේ ය. “ඒක වෙන්නේ නැ. මමයි අධිරාජ්‍යයා ; මට තනිවම යන්න බැහැ. ඒක හරිම නින්දාසහගතයි. ඔහු පක්ෂපාති සේවකයෙක්. මට කියන්න , ඇයි මම මේ තරම් , මේ කරම් ම අධමයෙක් වුනේ? මට ,  ඇත්තටම ඔහුට දෙවෙනි පියාණන් කියලා කතා කරන්න වුවමනා වුනා (1 )  මම බය , මට බය මම මියගියාට පස්සේ, ඔබලා දෙන්නටත් අනිත් අයගෙන් කිනිසි පහරවල් වලට ලක්වෙන්න වෙයිද කියලයි.”

ෂ්‍යාඕ චීයේ පිඵිතුරු දෙනවිට හඬ වඩාත් රළුව තිබුණේ ය, “ඔබ යන්න හිතන්නෙවත් කොහෙමෙද බියෙන් ඇලිලුණ බලළෙක් වෙලා ඉන්නකොට?”

ලී ජ්‍යන්හෙං අභිනයක් රඟ දැක්වෘය, “ රාජකීය සහෝදරයා මම එනකල් බලාගෙන ඉන්නවා. මට බය ඔහු මට ආයෙමත් බනීවිද කියලයි. මම ඔහුට අවමන් කළා.”

ෂ්‍යාඕ චීයේ ආයාසයෙන් සිනහවක් නගා ගනිමින් පවසන්නට විය. “ඔබට කියන්න තියෙන්නේ එච්චර ද?”

 "මම..." ලී ජ්‍යන්හෙං හුස්ම වේගවත් විය.  ඔහු වියළී ගිය තොල් නැවත නැවතත් තද කර පැවසුවේ ය. “මම ඔබට අවමන් කළා.  මම ඔබට ප්‍රමාණවත් විදිහට සමීප වෙලා නැහැ.  අපි දෙන්නම ඉන්නේ අපිට පාලනය කරන්න පුළුවන් තත්වයන් තුළ යි.  මම ඇත්තටම... ඇත්තටම ඒ ගැන කනගාටු වෙනවා.  ස'අන්, යන්න.  ඔබ එළියට පිටතට ගියාට පස්සේ, මෙහෙන් ඈත​ටම යන්න.  ඔබේ අශ්වයා පිට නැඟලා ගෙදර යන්න.  මට ඔබට දෙන්න කිසිම දෙයක් නැහැ , නමුත් ඔබට කිසිවක් තෑගි නොකර හිටියොත් ලැජ්ජාවක් වෙනවනේ. ”

 ෂ්‍යාඔ චීයේ නැවතත් ඔහුගේ මුහුණ පිස දැම්මේ ය.


ලී ජ්‍යන්හෙං ඇඟිල්ලක් ඔසවා බිත්තිය පෙන්වූයේ ය.  ඔහු නොපැහැදිලි ලෙස මුමුණමින් කියේ ය. “අර... අර දුන්න, ඔබ මට අධිරාජ්‍ය සහෝදරයාගෙන් ලබා ගන්න උදව් කළා.  ඒත් ඒ කෙහෙල්මල, මට - මට ඒක අදින්න බෑ... ඔබ ඒක අරගෙන යන්න.  වෘක පැටවා ඉන්න ඕනේ... හරිත තණබිම් වලයි.  ඔබේ අර මාපටැඟිල්ලේ තිබුණු අස්ථිමය මුද්ද මේ වෙනකොටත් මලකඩ කාලා ඇති."

ෂ්‍යාඔ චීයේ අනුකම්පා විරහිත ලෙස පැවසුවේ ය. “මට ඒක අවශ්‍ය නැහැ.  ඒ ඔබේ වංශයේ ජයග්‍රාහී දුන්න."

“ඔබයි ජයග්‍රහණය කරන්නේ…” ලී ජ්‍යන්හෙංගේ හඬ ඒවන විට වඩාත් මෘදු ව තිබුණි. ඔහු දුන්න දෙසට බැල්මක් හෙළුවේ ය. “මගේ ඊළඟ ජීවිතේ දි… කොහොමටවත්… කොහොමටවත් මාව අධිරාජ්‍යයෙක් කරන්න එපා … මට ඕනේ දජෞ වල වැළලී යන්න… ධනයත් තේජසත් නමැති වහලය යට…”

හේ නිහඬව ජයග්‍රාහී දුන්න දෙස බලා සිටි අතර තවදුරටත් චලනය වූයෙ නැත.

                       ❖❖❖

සයන කුටියේ තිර රෙදි හරහා සුළඟ හමා ගියේ ය. හිදගෙන සිටි ෂ්‍යාඕ චීයේ ගිගුරුම් හඬ සහිත ව වාර්ෂාවක් පුපුරා යද්දී එයට ඇහුම්කන් දුන්නේ ය. 

හැන් චෙං තම අවසාන තේ උගුරත් පානය කර අවසන එය අත තබාගෙනම ද්වාරය අසලට පිවිසියේ සටනට සූදානම් සිටි අෂ්ඨ මහා පුහුණු සේනාංක දෙස බලන්නට ය. ඔහු තේ බඳුන බිම මතට වීසි කර හඬ වැඩිකරමින් කෑගැසුවේ ය. “චූදු වල රාජකීය හමුදාවේ ඉන්නේ සෙබළුන් අටදහසක් විතරයි. නිවැරදි ආරංචියකින් තොරව , ෆෙං කන්දේ හමුදා භූමියේ සිටින පුද්ගලයන් වෙනුවෙන් ශක්තිමත් කිරීම් පැමිණෙන්නේ නැහැ. ෂ්‍යාඕ චීයේ දැනටමත් කූඩුවක සිරවෙලා ඉන්න යක්ෂයෙක් විතරයි.  අද, අපි ඔහුව ඉවත් කරලා දාන්න ඕනේ!”

වර්ෂාව දැඩිව ඇද හැලුණේ ය. එකවිට නැගෙන පා ගමන් හඬ රාජකීය මාළිගය වට කළේ ඝන බිතුවක් මෙන් ය. සයන කුටියෙන් පිටත අෂ්ඨ මහා සේනාංකයෝ දැඩි ලෙස වටලාදමද්දි  ඔවුන්ගේ සන්නාහ හා අසිපත් තල එකිනෙක ගැටෙන්නට විය. එම ශබ්දවලට සවන් දුන් ෆුමන්ට තවදුරටත් නැගී සිටීමට නොහැකි විය.  නපුංසකයෝ කොන් වලට ගුලිවී සිටියේ තමන් මේ අසිපත් වලට බිලිව ජීවිතය පූජාවෙන තෙක් බලා සිටිනවාක් මෙනි.

අවසන ෂ්‍යාඕ චීයේ නැගී සිටියේ ය. සෙවනැලි චලනය වන ආලෝකය යටතේ, ඔහු ලී ජ්‍යන්හෙං වෙනුවෙන් තිරය පහතට දැමුවේ ය. ඉන්පසු ඔහු ජින් [2] සියයක් තරම් බරැති ජයග්‍රහණයේ දුන්න සියතට ගන්නට ​පසෙකට හැරුණේ ය. ද්වාරය බොහෝ වෙලාවක් තිස්සේ විවරව තිබුණි. ෂ්‍යාඕ චීයේ එකක් පසු එකක් ස්ථර ලෙස වෙන්වු අලංකරණ තිර පසෙකට කරමින් මහා වර්ෂාව දෙසට පා තැබුවේ ආපසු හරී නොබලමිනි. 


හැන් චෙං ඔහුගේ මිනිසුන්ට අසිපත් තල ඉවතට ඇදගන්නා ලෙස සන් කළේ ය. මෙහි ඔහුට හඬ නගන්නට කිසිදු අවශ්‍යතාවයක් නොතිබුණේ , මේ වන විටත් ඔවුන් ජයගෙන සිටි බැවිනි. ඔවුනට අවැසි වූයේ මේ දැඩිව ඇදහැලෙන වර්ෂාව මධ්‍යයේ ලෝකය උඩු යටිකුරු කර , ෂ්‍යාඕ චීයේව නැවත වරක් දණගැස්වීමටයි.

ෂ්‍යාඕ චීයේ එම අඳුරු සහ ඝන හිස්  දෙස බැලීය.  ඔහු පියවරක් ඉදිරියට ගෙන දිගු පඩිපෙළ දිගේ බැස ගියේය.  ඔහුට අසිපත් තලයක් තිබුණේ නැත.  වර්ෂා ජලය ඔහුගේ උදාසීනත්වය මකා දමන විට, ඔහු ඒ වන විටත් එම පිරිස සමඟ ගැටෙමින් සිටියේය.  ඔහු අසිපත් තල වලට බාධා කිරීම සඳහා ජයග්‍රහණයේ දුන්න තිරස් අතට දිගු කළ අතර, ධාරානිපාත වර්ෂාවේ ඝෝෂාව යටපත් කළ නොසැලෙන, අනභිභවනීය ප්‍රබෝධයකින් යුතුව හේ  ඒ සියල්ලෝව ම බිත්ති දෙසට පසුබැස්වූයේ ය.

ශෙන් ස'චුආන් තම අශ්වයා වීදි හරහා පදවාගෙන ආවේ ය. රාජකීය ආරක්ෂකයන් හා රාජකීය හමුදාව ඔවුන්ගේ අසිපත් තලවල දිලිසීම සමග මාළිගා දොරටු හරහා කඩා වැදී ඔහු පිටුපසින් හඹා ආවේ රක්ත පැහැ සර්පයෙක් විලසින් ය.

ඒ වන විටත් මුළු මාලිගයම ආයුධවලින් වටවී තිබුණි.  සමීප ස්ථානවල සටන් හා ඝාතනයන්හී ශබ්ද වලින් වාතලය පිරී යන විට කෝලාහලය මදක් මැඩපැවැත්වී තිබුණි. අසරුවන් ඇතුලට පැහිණ සටන තවත් වේගවත් කළේ ය.  මිනිසුන් සාගරය නොසලකා හරිමින්  ලං තාඕ ෂුඒ ජින් ෂ්‍යාඕ චීයේ වෙතට පිම්මේ ආවේ ය.  ෂ්‍යාඕ චීයේ අශ්වයා මතට ​​පෙරලීමට ක්‍ෂණිකව විවෘත පියවරක් භාවිතා කළ අතර ශෙන් ස'චුආන් විසින් ඔහු වෙතට වීසි කළ ලංලී අසිපත අල්වා ගත්තේ ය.

ෂ්‍යාඕ චීයේ ක්ෂණිකව තම අසිපත ඇද පැවසුවේ ය. “චූදු කියන්නේ  මගේ සිහින වල උපන් නගරය නෙමෙයි.  මම අද ගෙදර යනවා.  මගේ මාර්ගයට බාධා කරන්න නිර්භීත වෙන අයෙක් ඉන්නව නම්  - මම ඔහුව මරා දමනවා! ”

 ඒ සමඟම ඔහු තම දෙපා මගින් අශ්වයා තදින් ග්‍රහණය කරගත් අතර හේ තම අසිපත් තලය එක්වරක් ලෙලවීමෙන් පමණක් රුධිර වරුසාවක් ගලා යන්නට සැලැස්වී ය.  

ඔවුන් මත ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ, ෂ්‍යාඕ චීයේ ආයාසයෙන් යුතුව රුධිරය පිරි මාර්ගයෙන් පිටත​ට ආවේ ය. මාලිගා අභ්‍යන්තරයේ සිට වීදි දක්වා සටන් බිම පසු බැස තිබුණේ ය. තත්වය යහපත් නොවන බව දුටු හැන් චෙන් කලබලයෙන් යුතුව කෑගැසුවේ ය. “මරණය දක්වා නගර දොරටුව ආරක්ෂා කරන්න.  පරමාධිපත්‍ය වෙන අධිරාජ්‍යයාව මරා දමලා කැරැල්ලක් සැලසුම් කරපු මේ නීච මෘගයාට අද රාත්‍රියේ පිටව යන්න අපි ඉඩ නොදිය යුතුයි! ”

අෂ්ඨ මහා පුහුණු අංශ අධිරාජ්‍ය හමුදාව සමඟ සැසඳුයේ කෙසේද?  ඔවුන්ට බොහෝ මිනිසුන් සිටියත්, මේ වෘකයන්ගේ හා කොටින්ගේ ස්වාමියා ඔවුන්ව නැවත පසුබැසීමට බල කළ නිසා ඔවුන් තවමත් මරණයට බිය විය.  නගරයේ දොරටුව වසා ඳමා තිබුණේ බොහෝ වෙලාවක සිටය. ශෙන් ස'චුආන් ඔහුගේ තලය අතැතිව මුලින්ම නගර පවුර ඉහළට පිවිසියේ ය.  ඔහු තමාගේ මාර්ගයේ ඇති බාධකවලට පයින් ගසා නගරයේ දොරටුව විවෘත කරන ලෙස තම මිනිසුන්ට කීවේය.  තදින් වසා තිබූ එම ගේට්ටුව ඝෝෂාකාරී හඬක් නගමින් එසවීය. ඒ වර්ෂා තිරයෙන් ඔබ්බට වසර හයක් පුරා ෂ්‍යාඕ චීයේ ආශාවෙන් බලා සිටි නිවස පිහිටියේ ය.

 හැන් චෙං ආපසු හැරී කෑගැසුවේ, "ඉක්මන් කරලා ඔහුව පහලට අරගෙන වරෙල්ලා!"

ෂ්‍යාඕ චීයේ ගේ අශ්වයා ඒ වන විටත් නගරයෙන් පිටතට පැමිණ තිබුණි.  ඔහු දිං තාඕ වෙත අතක් එසවූයේ මිනිසුන් රැගෙන ෆෙං කන්දෙහි පිහිටි හමුදා භූමිය දෙසට වේගයෙන් ගමන් කිරීමටය.  ඔවුන්ට රාජකීය හමුදාවේ  මිනිසුන් විසි දහසම ඔවුන් සමඟ ඉවතට රැගෙන යාමට සිදු ව තිබු​ණි.  ඔහු තම අශ්වයා සෙනඟ අතරේ හරවා නගර පවුර මුදුනේ සිටි ශෙන් ස'චුආන් වෙත තම දෑත් විවර කර, ගැඹුරු, ශෝකජනක හඬකින් යුතුව ඔහුට කැගැසුවේ ය. “ලන්ජෞ, මා එක්ක එන්න!”

නමුත් රාජකීය ආරක්ෂකයන් උසැතිව හා නිශ්චලව සිටියේය.  ධාරානිපාත වර්ෂාව මධ්‍යයේ ශෙන් ස'චුආන් තාප්පයේ අත්වැට අල්ලාගෙන ෂ්‍යාඕ චියේ දෙස බැලුවේ ඔහුගේ සම්පූර්ණ පැහැදිලි දර්ෂණයක් දැකගැන්මට හැකිවන පරිදි ය.

අෂ්ඨ මහා පුහුණු සේනාංක යළිත් රංචු ගැසී නගර ද්වාරයෙන් පිටතට යාමට සූදානම් විය.  දැඩි ලෙස අත්හිටුවා තිබූ එම නගර ද්වාරය ගුරුත්වාකර්ෂණ බලයට ඔරොත්තු නොදෙන ආකාරයෙන් කෙඳිරිගෑමක් පිට කළේය.  යකඩ දම්වැල් වේගයෙන් පසුපසට ඇදුණු අතර , ගිගුරුම් සහිත ශබ්දයක් සමඟ නගර දොරටුව කඩා වැටුණේ ය.

 “ස'අන්.” ශෙන් ස'චුආන් වර්ෂාව මධ්‍යයේ සිය කටහඩ අවදි කර ඔහුට කෑගැසුවේ මෘදු ආකාරයෙනි.  “ගෙදර යන්න.”

ෂ්‍යාඕ චීයේ ට දැනුනේ ඔහුගේ හදවත ශීතල වතුරේ ගිල්වා ඇති බවයි.  ඔහු තම අශ්වයා ආපසු පසෙකට හරවාගෙන තල්ලු කරමින්, නැවත ආවේ අශ්ව තෝන් ලණුව දැඩිව අල්ලාගෙන ය.  නගර ද්වාරය "තඩ්" හඬක් සමඟ පොළවේ ගැටී , අෂ්ඨ මහා පුහුණු සේනාංක ලුහුබැඳ ගිය භටයන්ගේ මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර කර දැමූ අතර , ඔවුන් ව නගරය තුළ රදවා තබා ගත් අතර, ගේට්ටුවේ අනෙක් පසින් ද ෂ්‍යාඕ චීයේ ව සම්පූර්ණයෙන්ම අවහිර කර දැමුවේ ය.

ෂ්‍යාඕ චීයේ ගොරහැඩි ලෙස කෑගැසුවේ කෝපයට පත් මෘගයෙකු සේ ය.

 “ශෙන් ලන්ජෞ!”

 “ශෙන් ලන්ජෞ!!”

ශෙන් ස'චුආන් නැවතත් ෂ්‍යාඔ චියේ දෙස බැලුවේ නැත.  ඒ වෙනුවට, ඔහු හන් චෙං හා අතුරු සිදුරු නොමැතිව පිරි සිටි සොල්දාදුවන් දෙස බලන්නට පසෙකට හැරුණේ ය.

හැන් චෙං හිස හරවා මුව කාරවා කෙළ ගැසුවේ ය. ඔහු රෞද්‍ර හඬින් පවසන්නට විය. “ශෙන් ස'චුආන්, ඔබ මගේ සේරම දේවල් විනාශ කළා!”

"ඔබ රාජකීය ආරක්ෂකයෙකු ලෙස හැඳින්වීමට ඔබ සුදුසුයි කියලා ඔබ සිතනවද?"  ශෙන් ස'චුආන් ඔහු දෙස පහත් කොට පැවසු අතර , ශීතල හඬකින් කිවේ ය, “ජී වූෆන් ගේ ඉදන් ම , රාජකීය ආරක්ෂකයෝ හැම විටම අනභිභවනීය ආත්මයන් සහ නිරවුල් හෘද සාක්ෂියේ වීරයන් වුනා.  ඔබ උගුලක් අටවලා , ස්වර්ගයේ පුත්‍රයා ඝාතනය කරන්න කුමන්ත්‍රණය කළා.  හන් චෙං, මම ඔබව මරා දැමීම සම්පූර්ණයෙන්ම යුක්ති සහගත යි!"

හැන් චෙන් හිස පිටුපසට ගස්සමින් මහ හඬින් සිනාසුණේය.  ඔහු කිවේ ය. “උඔ මොකෙද්ද?  ශෙන් වංශයේ අවසාන ජරා අවජාතකයා!  මම ඔබට හොඳින් සැලකුවා, ඔබට බොහෝ වාරයක් මඟ පෙන්වමින් සහායපවා ලබා දුන්නා., ඔබ මට ආපසු ගෙවන්නේ මෙහෙම ද?  මෙන්න!  මිනිහව ගෙනල්ලා සහය අණදෙන නිළදර ශෙන්ට පෙන්නන්න!”

අවුල් වූ හිසින් යුතු චී හුයිලියන් පිටතට ඇද දමන ලදී.  ඔහු වර්ෂා ජලයට මත ඇද වැටුණු අතර බෙරිහන් දුන්නේ ය “අසමච්ජාති ද්‍රෝහියා!” හේ ශාප කළේය.

දම්වැල දෙසට ගමන් කරමින්, හැන් චෙන් අශ්වයා ඉදිරියට ගෙන ගොස් චී හුයිලියන්ව වීදි හරහා ඇදගෙන යන්නට සැලැසුවූයේ ය.  ඔහු චී හුයිලියන් ශෙන් ස'චුආන්ට පෙන්වාලමින් පැවසුවේ ය, “ඔබ ඔහුව දිගු කලක් සොයමින් සිටියා නේද?  ඔහු මෙතන ඉන්නවා! ශෙන් ස'චුආන් ඇවිත් ඔහුව අරගෙන එන්න!

"ද්‍රෝහියා, ද්‍රෝහියා!"  ඇදගෙන යාමෙන් ඔහුගේ මුහුණ මඩ සහිත ජලයෙන් තැවරී තිබෙන විට පවා චී හුයිලියන් කෝපයෙන් උතුරා යමින් පැවසුවේ ය.

හැන් චෙන් ශෙන් ස'චුආන්ගේ සුදුමැලි මුහුණ දෙසට බැලුමක් හෙලුවේ ය. පසුව ඔහුගේ ඇස්වල අඳුරු ප්‍රකාශය දෙස බැලුවේය.  ඔහු පැවසුවේ ය “ඔබේ වැඩිමහල් සහෝදරයා ජ්‍යැන්ෂින් වල පරම්පරාගත කුමාරයයි. මට මතකයි බ්‍යැන්ෂා අශ්වාරෝහක හමුදාව ඔහුව පණපිටින් ඔහුගේ මරණය දක්වා ඇදගෙන ගිය විදිහ.  නමුත් ඔබ දෙදෙනා අතර අඩු වෙන්න තරම් ආදරයක් තිබිලා නෑ, ඒ නිසා ඔබට එයින් කිසිඳු හානියක් වුනෙත් නැ.  අද ඔබේ ඇදුරුතුමාගේ වාරය නිසා ඔබට වේදනාවක් දැනෙනවද?"

"හැන් චෙං!"  ශෙන් ස'චුආන් හැන් චෙං ගේ නාමය පරවසුවේ දත් මිටිකමිනි. “ඔබ ඇදුරුතුමාව සගවගෙන ඉන්න එකකරදරයක් විදිහට හිතුවද.  ඔබට මොනවද ඕනේ?"

"ඔහු මුලදී හරිම ප්‍රයෝජනවතු වුනා!"  හැන් චෙං හදිසියේම සතුරු ප්‍රකාශනයක් දැරීය, “නමුත් ඔබ ෂ්‍යාඕ චියේට යන්න දීලා මා තබපු උගුල විනාශ කළා.  එනිසා, ඔබෙන් තවදුරටත් ප්‍රයෝජනයක් නැ. ඔහුගෙනුත් නැ!  ඔබට තවමත් ඔහු ජීවත් වෙන්න අවශ්‍ය නම්, මගේ ඉදිරියේ දණගසලා ඔබේ වැරදි පිළිගන්න!  දණ ගසලා මට 'පියාණෙනි' කියලා තුන් වතාවක් හඬ නගලා පවසන්න, මම ඔහුව වගේම ඔබවත් ඉතිරි කරන්නම්! ”

 ශෙන් ස'චුආන් විශාල පියවරක් ඉදිරියට තබමින් පවසන්නට විය. "එකඟයි!"

"බොරු කාරයා!" චී හුයිලියන් මඩ සහිත වතුරෙන් හිස එසෙව්වේය.  ඔහු මඩ  දමා දෙපයින් ඉසැවුනේ ය.  හේ ශෙන් ස'චුආන් දෙස බලමින් ඔහු පැවසුවේ ය. “මම ඔබට සම්භාව්‍ය ඉගැන්වූ හේතුව ඔබ කිසිවකුගෙන් වත් අවමන් වෙන්න ඕනෙ නැති නිසයි!  මම, චී හුයිලියන්, අහසට තියා පොළවට නැමෙන්නේ නැහැ. ඉතින් ඔබ මේ වගේ නින්දිත කුණුගොඩකට දණ ගහන්නේ මොන එහෙකටද?! ”

ලෝහ විලංගු ගැටුනේ ඝෝෂාකාරී ලෙසය.

චී හුයිලියන් පය පැකිලෙමින් වර්ෂාව මධයේ කෑගැසුවේය, “අවුරුදු සිය ගණනක් ගෙවිලා ගියේ හීනයක් වගෙයි. මම තවමත් මට අවශ්‍ය විදිහට යනවා එනවා!  මම ධනය හා කීර්තිය , ගෞරව සහිත වාසනාවන්ත ජීවිතයක් ගත කළා. මම - ” ඔහු ඔහුගේ බෙල්ලේ දම්වැල් ඇද ගන්නා විට උමතු ලෙස සිනාසුණේය.

“දේශය පුරා සිටින හැම වීර චරිතයකටම මම සිනාසුණා, මාව අභිබවා යන වෙනත් දක්ෂයෙක් ලෝකයේ නැ!  චී හුයිලියන්, මට සමාන කරන්න පුළුවව්ඉකාටද?  මම යූජෞ වල ලෝක ප්‍රකට  යුආන් ත්‍රිත්වයේ  ඉහළම විශාරදයා වෙනවා!  මම උතුමාණන්ගේ අභිමුඛව කතාබස් කරලා , රාජ්‍ය කටයුතු ගැන අධිරාජ්‍යය​ට උපදෙස් දෙනකොට  - ඔහ්, හැන් චෙං, ඔබ සිටියේ කොහේද?  ඔබ ඒ වෙනකොට වළක සිටි පණුවෙක් විතරයි! ”

වර්ෂාවෙන් තෙමෙමින් සිටි චී හුයිලියන්ව පෙනුනෙ මත්වී සිටියාක් මෙන් ය.

“මගේ පාවහන් රැගෙන යාමටවත් උඹලා වගේ ඉහඳ පණුවෝ නුසුදුසුයි!  උතුම් වංශ මේ බිමේ කුණු වූන තැම්බුමක් වගෙයි.  දජෞ දැනටමත් සුව කළ නොහැකි බව හායි ලියැංයී ට කියන්න.  තත්වය වෙනස් කරන්න ඔහුගෙයි මගෙයි දෙන්නගෙම යන බලය මදියි! ”  චී හුයිලියන් ඔහුගේ සිනා හඬ මධ්‍යයේ උඩඟු ලෙස හැරී හැන් චෙං වෙත කෙළ ගැසුවේය.  “නමුත් මම පරාජය පිළිගන්නේ නැහැ.  මම මේ ජීවිතයේ රාජකීය නායකයෙක් විදිහට පමණක් සේවය කරනවා!  ලන්ජෞ!  දැන් සිර කූඩුව බිදිලා ගිහිල්ලා. දැන් ලෝකය කැලඹිලි සහගත අවුල් ජාලාවකින් වැහිලා යාවි මට ඔබට ඉගැන්විය හැකි සියල්ල මම ඔබට උගන්වලා තියෙනවා.  මේ ජරාජීර්ණ ලෝකය..."

ශෙන් ස'චුආන් ට පිටුපස හැරවු ඔහු , චී හුයිලියන් හදිසියේම හඬමින් හුස්ම හිරකරගත්තේ ය.  ඇද හැලෙන වර්ෂාව ඔහුගේ සිරුර පුරා තෙත් කළ නමුත් වසර ගණනාවක් තිස්සේ දැල්වෙමින් තිබූ ඔහුගේ පරමාදර්ශය සහ ආශාව නිවා දැමීමට එයට නොහැකි විය.  අතීතයේදී, ඔහු ඔටුන්න හිමි කුමාරයා සඳහා නිතරම හඬ නඟා සිටියද, මේ මොහොතේ, ශෙන් ස'චුආන් දෙස ආපසු හැරී බැලීම ඔහුට දරාගත නොහැකි විය.

“ඇයි මේ දිරාපත් වෙමින් පවතින අධිරාජ්‍යය පෙරලා දමා ඔබට ඔබේ යැයි කිව හැකි ලෝකයක් නිර්මාණය නොකරන්නේ.  ලන්​ජෞ , යන්න.  ආපසු හැරී බලන්න එපා.  ඔබ වෙනුවෙන් අසාධාරණ ලෙස මිය ගිය මේ ආත්ම හතලිස්දාහක ගේ බර මේ ඇදුරුතුමා දරන්නම්.  බය වෙන්න එපා. ඒ වගේම-” ඔහුගේ රුධිරය වර්ෂාව පිටතට ඉහිරුණේ ය. හේ පිටුපසට ඇද වැටුණේ ය. ඔහු අහස දෙස බලා පැවසුවේ ය

 “බය වෙන්න එපා” ඔහු මිමිණී ය.

හදිසියේම ගිගුරුම් හඬක් පුපුරා ගියේය.  ශෙන් ස'චුආන් නිරායාසයෙන්ම  කෑගසමින් දණින් වැටුණි.  ඔහු තුෂ්නිම්භූතව හිස් බැල්මෙන් බලා සිටියේ අධික වර්ෂාවෙන් ඔහුට එල්ල වූ පහරවල් වලට නිදහස ලබා දෙමිනි.  ඒ අනන්තීය නිහැඬියාව තුළ ඔහුගේ වෙස් මුහුණ සම්පූර්ණයෙන්ම කෑලිවලට බිඳී ගියේය.  අවසානයේ ඔහු වසර හයකට පසු බලාපොරොත්තු සුන් වූ පළමු කෑගැසීම පිට කළේය.  ඒ වන විටත් ඔහුගේ ඒ රත්පැහැ ගැන්වුණු දෑස්වල තව දුරටත් සිහිකල්පනාවක් ඉතිරිව නොතිබුණේ ය.  ඔහු යැං ශෙන් ෂුඒ අසිපත ස්පර්ශ කරමින් හදිසියේම එහි තලය පිටතට ඇද ගත්තේය.

“හැන් චෙං—!”

ඔහු මේ අධිරාජ්‍යය ට මරණය වෛර කළේ ය.  ඔහු මේ මුහුණු මරණය තෙක් පිළිකුල් කළේය.

ශෙන් ස'චුආන් බිම මත සිට තමාවම වාරු කර ගත්තේ ය. යැං ශෙන් ෂුඒ  වර්ෂා බිංදු අතරින් යමින් මෙම දැඩි වැටලීම තුළ රුධිරය විසිරුවා දැමීය.  ඔහු එක් ආයෙක්ව ඝාතනය කළා , තවත් අයෙක්ව ඝාතනය කළා.  ඔහු ඒ මළ සිරුරු හරහා ඇවිද ගිය මුත් ඔහු අතහැර දැමූ මෘගයෙකු මෙන් දිස්විණි.  ඔහුගේ තලය උගුරු දඩු හරහා කැපී ගියේ රසදිය ධාරාවක් මෙන් පෙනෙන තරම් වේගවත් ව ය.  ශෙන් ස'චුආන්ගේ මුහුණෙන් අඩකට වඩා රුධිරයෙන් වැසී තිබුණේ ය.

හේ සිටියේ ඔහු අසලමය.  ඔහුගේ දෙකොපුල් පුරා රුධිර බිදු කඳුළු මෙන් ගලා ගියේය.

 නැවත නැවතත් පසු බසිමින් හැන් චෙං පවසන්නට විය."ඔහුව මරන්න!"

සුළගෙහි තිබු වැසිදිය බිදු එක්වරම කඩා වැටුණේ ය .ඇසිපිය හෙපන ඇසිල්ලකින් , දිගු ඊතලයක් හැන් චෙංට එහා පසින් පතිත විය. ෂ්‍යාඕ චීයේ යකඩ දම්වැල දිගේ නගර පවුරට නැග එහි මුදුනේ සිට පහළට පැන, මිනිසෙකුට පයින් ගසා, ඔහුගේ තලය ඇද තවත් පාර්ශවයක් හරහා කපා දමන්නට හස්තය කරකැව්වේ ය. මෘත දේහය ඔහු මතට වැටෙනවාත් සමඟ ඔහු වේගයෙන් එහා පසට පැනිනේ අසිපත් තලයේ දිලිසීමක් සමගින් ය .  ඔහු අසිපත් තලය ලෙලවන  විට, ඔහුගේ දෙ අත්ල ම රුධිරයෙන් තෙත්වී තිබුණි.

ෂ්‍යාඕ චීයේ එක් හස්තයකින් ශෙන් ස'චුආන් ව පසෙකට ඇද අසුරක් ගැසුවේ ය. මං පියාපත් විහිදුවමින් පියාඹන්නට විය.  අවුල් ජාලාවක් ලෙස , උෑ හැන් චෙංගේ දකුණු ඇසට පහර දී තුවාල කළේ ය.  හැන් චෙං කලබලයෙන් ඔහුගේ මුහුණ වසා ආවරණය කර ගත්තේ කලබලයෙන් යුතුවයි.  නගරයෙන් ඔබ්බහි අශ්ව කුර ගැටෙන හඬ ඔහුට ශ්‍රවණය විය. ;  දිං තාඕ ඒ වන විටත් වේගයෙන් මිනිසුන් අසලට රුගෙනවිත් තිබුණි.

"ද්වාරය බිඳ දමන්න!"  දිං තාඕ ගොරෝසු හඩින් කෑගැසුවේය.

 රාජකීය හමුදාව ඉදිරියට ඇදී ගිය නමුත්, ඔවුන් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙරම , නගර දොරටුව සෙමෙන් ඉහළට ඔසවන ලද අතර  නැවතත් අඳුරු, ගිගුරුම් සහිත ශබ්දයක් නිකුත් කරන බව ඔවුන්ට ඇසුණි.

යකඩ දම්වැල ඇදගනිමින් , ෆෙයි ශෙං කිහිප වතාවක්ම දැඩි ලෙස හුස්ම හෙළූ අතර රාජකීය ආරක්ෂකයින් ඔවුන්ගේ උපරිම ශක්තියෙන් ආපසු ඇද ගන්නට උත්සහ ගත්තේය.  ඔහු කෑගැසුවේය, “හු**!  මේ කෙහෙම්මල හුඟක් බරයි, ඒක අල්ලගෙනම ඉන්න!  උතුමාණෙනි - ඔබේ අශ්වයා පිට නැගලා දුවගෙන එන්න! ”

 ලං තාඕ ෂුඒ ජින් විවරය තුළින්ස වේගයෙන් ඇතුලට පැමිණියා.  ඝාතනය කිරීම් සහ කෑගැසීම් වලින් චූදු පිරී ගොස් තිබුණා.

ජීවිතයත් මරණයත් අතර සටනක නියැලී සිටි බ්‍යැන්ඩගජුන් සේනාංකය හරහා ද ගිගුරුම් සහිත මරණ හඬ සහ කෑගැසීම් ඒ හා සමානව ම පැතිරී තිබිණ.  ලූ ගුඅන්බායි හට දැන් ඔහුගේ හෙල්ලය එසවීමට අපහසු විය.  ඉවත්ව යන විට, හේ කෑගැසුවේ, " ශක්තිමත් කිරීම් කොහෙද?!"

නියෝජ්‍ය හමුදාපතිවරයා ඒවන විටත් පිහි ඇනුම් කිහිපයක්ම කා තිබුණෙු ය. ඔහු පිළිතුරු දුන්නේ ය.“ඔවුන්… ආවේ නැහැ.”

වර්ෂාව ගිගුම් දුන්නේ ය. ලූ ගුඅන්බායි ආපසු හැරී  කඳවුර දෙස බැලුවේය.

ෂ්‍යාඕ චීයේ ඒ වන විටත් ඔහුගේ අශ්වයා පිට නැගී සිටියේය.  ඔහු තමාට ඉදිරියෙන් ශෙන් ස'චුආන් ව ඔහුගේ ළයට තද කර ගත් අතර අධික වර්ෂාව හරහා නගර දොරටුව දෙසට පිවිසුණේ ය.

අකුණු සැර වැදී, ගිගුරුම් හඬ නැගෙන්නට විය.  අහසේ විවරයන් ඉරී ගොස් ඇති බවක් පෙනෙන්නට තිබුණි.  වර්ෂාව අනුකම්පා විරහිතව ඇද හැලුණේ ය 

ලූ ගුඅන්බායි ඔහුගේ ඉරුණු සළුව ගලවා හෙල්ලය ඔහුගේ පාදවලින් බිමට තබා ඇණ ගැසුවේය.  වැලි කුණාටුව සහ වැසි කුණාටුව හරහා ඔහු පවසන්නට විය. "අපිට තවදුරටත් සටන් කරන්න බැහැ."

නියෝජ්‍ය හමුදාපතිවරයා වැලි බෑවුමෙහි මෙහා පස වැතිර ඔහු දෙස බැලීය.

“දෛවයට අවශ්‍ය මාව ජීවිත කාලයටම මෙඑි බැද තියන්නයි. නමුත් මේක මම තෝරගත්ත මාර්ගය නෙමෙයි.” ලූ ගුඅන්බායි දජෞ හි අත් ආවරණය ගලවා සැමුවේ එහි දජෞ ලාංජනය ම්‍රද්‍රා තබන අතරයි. ඔහු තම මුහුණේ තිබූ සුළං ප්‍රවාහයත් හිමත් පිසදා හැරි එතඅතර , ඔහුගේ දෙනෙත්වලින් පෙනුණේ ලෞකික වෙහෙසෙන් හෙම්බත් ව තිබෙනවාක් මෙන් ය. හේ තමාවම උපහාසයට ලක්කර ගනිමින් කතා කළේ ය. “කහ පැහැති දුහුවිල්ල මගේ සහෝදරයන්ව යට කරලා.මට මේ මායාකාරී ඉරණමට යටත් වෙලා හිස නමන්න තව දුරටත් කැමැත්තක් නැහැ. රාජකීය ආඥාවට මගේ හමුදා බේරාගන්න බැහැ වගේම අධිරාජ්‍ය අධිකරණයට මගේ මිනිස් කඳුවල කුස් පුරවන්නත්  බැහැ"

ෂ්‍යාඕ චීයේ ඒ වන විටත් චූදු වලින් ඔබ්බට ගමන් කරමින් සිටි අතර , ඔහු පිටුපස අසංඛ්‍යාත සොල්දාදුවන් ලුහුබඳිමින් සිටියහ.  අඳුරු, වර්ෂාව සහිත අහස ඉරා දමන්නාක් මෙන් ඔවුහු ඉදිරියෙන් ගමන් කළහ.

 "මේ අරමුණ වෙනුවෙන් මම තවදුරටත් මගේ ජීවිතය පූජා කරන්න කැමති නැහැ."

ලූ ගුඅන්බායි තම දෙඇස් වසා ගත්තේය.  ඔහුගේ ඇඟිලි දිගේ රුධිරය ගලා ගොස් කහ වැලි මතට පතිත විය.  ඔහුගේ උගුරු දණ්ඩ ඉහල පහල ගියේ ය.  අවසානයේ ඔහු දෑස් විවර කරන විට, ඒවායෙහි තිබුණේ අදුරුභාවය පමණය.

ශෙන් ස'චුආන්ගේ දෙකොපුල් මත වූ රුධිරය සේදී ගියේ ය. ශෝකයෙන් පිරුණු හැඬුම් ඔහුගේ උගුරෙන් පිට විය. මේ කණගාටුදායක පලායාමේදී ඔහු ඒ වන විටත් ඔහුගේ අතීත යටහත් කීකරුභාවය අතහැර දමා ගොස් තිබුණි.  තියුණු අසිපතක් මෙන් , ඔවුන් දැඩි වර්ෂාව ඉදිරියට ගමන් කළෝ ය.

ලූ ගුඅන්බායි වර්ෂාවෙන් ම ඔහුගේ දෙ  සෝදා පිරිසිදු කර නැවත වරක් ඔහුගේ දිගු හෙල්ලය ඔසවා ගත්තේය.

ඔවුන් සියල්ලෝම දෛවය විසින් ලුහුබැඳ ගිය සිරකරුවන්ය.  ඔවුන් වරක් විලංගු දැමීමට කැමති විය.  නමුත් වර්ෂා කුණාටුව ශ්‍රේෂ්ඨ මන්දිරය උඩින් හමා ආ අතර, එහි කඩා වැටුණු සුන්බුන් ගංවතුර සමඟ සැඩ පහරක් මෙන් ඔවුන් වෙතට පහර දුන්නේය.

ඉදිරියටම  ,  ඉදිරියටම යන්න!

“මට අවශ්‍ය ඒ කන්ද තරණය කරන්නයි.”

"මම මං වෙනුවෙන් සටන් කරන්නයි යන්නේ!"
 
 
අරුත් පැහැදිලි කිරීම. 
 

1.) 亚⽗ yafu,පියාට පමනක් දෙවෙනි වන පුද්ගලයෙකුට සිදු කරන ආමන්ත්‍රණයක්.

2.) ⽄ ජින්  , 0.5kg ට සමාන බරකි.

3.) ⻛霜 ජීවිතයේ දුෂ්කරතා පිළිබද අගවයි.
 
4.) ⻩沙 කහ දූවිලි, කහ වැලි, කහ සුළඟ හෝ දූවිලි කුණාටු යනු
වසර පුරා නැගෙනහිර ආසියාවේ බොහෝ ප්‍රදේශවලට බලපාන කාලගුණ තත්වයකි.
 
5.)  මෙම සහ අවසාන පරිච්ඡේදය සඳහා මාතෘකා සෑදී ඇත්තේ ⼤厦倾塌 (dà shà qīng tā) , නැතහොත් “ මන්දිරය කඩා වැටීම ” නැතහොත් ⼤厦将倾 (Dà shà jiāng qīng) “බිඳවැටීමේ අද්දර ඇති මන්දිරය” යන ව්‍යාකූල පදයෙනි . මුල් වාක්‍ය ඛණ්ඩය කඩා වැටීමේ අද්දර පිහිටි මන්දිරයක් වැනි බලාපොරොත්තු රහිත තත්වයක් ගැන සඳහන් කරයි. මෙහි සහ අවසාන පරිච්ඡේදයේ වචන වලින් ඇඟවෙන්නේ මේ මන්දිරය දැනටමත් කඩා වැටී ඇති බවයි, නැතහොත් තත්වය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.
 
(ඉතිං නුදුරේදිම හමුවෙමු. ආදරෙයි) 
 
 

 

Comments

  1. හරිම ලස්සනයි 😍❤️
    දිගටම translate කරන්න..❤️❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-