දින කිහිපයක් පුරාවටම ඇද හැලුණු වර්ෂාව නතර වූයේ පොදු මාර්ග මුලුමනින්ම මඩ සහිත තත්වයකට පත් කරමිනි.
චූදූ පැවතියේ ශෝකයෙන් බරවය. චූදු වල වසා දමා තිබූ ද්වාරයන් පිටුපස ලැව්ගින්නක් සේ කටකතා පැතිර යන්නට වූයේ තරුණ තියැන්චෙන් අධිරාජ්‍යයාගේ හදීසි වියෝවත් සමඟ , දිංදූහි වංශාධිපතිවරයා වන ෂ්‍යාඕ චීයේ රාජකීය ආරක්ෂකයන්ගේ උතුරු විනිසුරු තනතුර භාර උප අණදෙන නිලදර ශෙන් ස’චුආන් සමඟ එක්ව කැරළි ගැසීමේ චේතනාවෙන් අධිරාජ්‍යයා ඝාතනය කළ ය.
තියැන්චෙන් අධීරජ්යායාට කිසිදු අයුරකින් රාජකීය උරුමයක් නොසිටිනිසා , වැන්දඹු අධිරාජිණියට සමරුවක් ඉදිරිපත් කරමින් දැනට පවතින තත්වය හමුවේ අධිරාජ්‍යයා වෙනුවට මුලසුන හොබවන ලෙස අමාත්‍යවරුන් ඉල්ලා සිටියහ. වැන්දඹු අධිරාජිණිය නැවත නැවතත් සමාව ගනිමින් පවසා සිටියේ භාර්යාවන් රාජ්‍ය කටයුතුවලට මැදිහත් නොවීය යුතු බවයි. අධීරජිනියට එය ඒත් ගැන්වූයේ හන් චෙන් , රාජකීය ආරක්ශක අංශයේ අණදෙන නිළදාරීවරයා තෙවරක් දනගසා විරෝධය දැක්වීමෙන් පසුවය.
අෂ්ඨ මහා පුහුණු සේනාංකයන් නැවතත් චූදු හි මුර සංචාරයන් හා අිරක්ෂඛ කටයුතු භාරව සිටි අතර , මේ දිනවලදී මුර කණ්ඩායම් වීදි පුරා ඉඩගාමින් සිටියෝ ය. සාමාන්‍ය ජනයා පිටතට යාමට එඩිතර නොවු අතර , සියළුම මත්පැන් තැබෑරුම්හලවල් සහ වෛශ්‍යා මඩම් ඔවුනොවුන්ගේ ද්වාරයන් වසා ගෙන සිටිය හ. එය පෙණුනේ එහි වූ කාර්යබහුල ස්වභාවය අතීතයට අයත් යමක් වූ ලෙසිනි. දිදුලමින් තිබු බිත්තිවල සහ චූදු හි ඔප දැමූ උළු වල වර්ණය පවා මීදුම සහිත වැස්සෙන් සේදි ගොස් තිබුණි.
හායි ලිංයැයී කිහිපවිටක්ම මිනී පෙට්ටිය අසල හඩාවැටෙද්දී සිහිසුන් වූයේ ය. ඔහු මේ වන විට සයනය මත වැතිර සිටියේ , ඖෂධ බිදුවකුදු පානය කරන්නට නොහැකිව ය. ඔහුගේ හිසකෙස් එක් රැයක් තුළදි සම්පූර්ණයෙන්ම සුදු පැහැයට හැරී තිබුණාක් සේ පෙනුණු අතර වරෙක දී දීප්තිමත්ව බැබළුණු ඔහුගේ උද්යෝගිමත් දෙනෙත් අදුරු සහ ලතැවුල් සහගත තත්වයකට පත්ව තිබුණි. ඔහු කඳුළු සියල්ලම වැගරවු පසු , ඒවා කැළඹිලි සහිත හා නොපැහැදිලි බවක් පෙන්වූයේ ය.
“ඇදුරුතුමනී.” කොං ච්‍යු හිස පඑත් කරගනිමින් පසෙකින් හිඳ පවසන්නට විය. “ඔබ ඖෂධ ගන්න ඕනේ. දැන් ලෝකය කැළඹිලා , ආයෙම වතාවක් ඔප සුක්කානම අතට අරගෙනරාජ්ය ස්ථාවරත්වය කරා ගෙනයනකල් හැමෝම ඔබ වෙනුවෙන් බලාගෙන ඉන්නවා… ඔබ ඔබේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ!”
හායි ලියැංයීගේ දෑස් කෙළවර වූ කඳුළු බිදු ගලා ගිය තැන සම්පූර්ණයෙන් පිස දමා නොතිබුණි. ඔහුගේ මැල්ම පාවි ගිය අතර බොටහා වෙලාවකට පසු පවසන්නට විය. “ආයෙම වතාවක් සුක්කානම අතට අරගෙන රාජ්‍ය ස්ථාවරත්වය කරා ගෙන යන්න? බෝ රන් , තත්වය ස්ථාවර කරලා බේරගන්න දැන් මට කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ."
මිදුලේ තිබුණු උණ බට එහි වු ගල් මතට සෙමින් පතිත වූයේ ඉරිතැලී ගිය ස්ථාන පෙනෙන පරිඳි ය. වර්ෂාව ඇද හැලුණේ කිසිද්‍ර ශබ්දයක් නොනගමින් ය. එනමුදු ඒ කැළැල් වසා දමන්නට ක්‍රමයක් නොතිබුණේ ය. හායි ලියැංයී වයස් ගතව සිටියේ ය. ඔහුගේ ප්‍රාණ ශක්තිය නිලතල වල ක්‍රියා කලාපයන් හේතුවෙන් ඉහළත් පහළටත් ගමන් කර තිබූ අතර එමෙන්ම මේ වන විට , ඔහු මෙම රෝගාබාධයෙන් කිසිදා සුව නොවන ලකුණු පෙනෙන්නට තිබුණේ ය.
ශෝකයෙන් කොං ච්‍යු යටපත් වූයේ ය. හේ හුන් තැනම වාඩි වෙමින් මුහූණ වසාගෙන හඬා වැළපෙන්නට වූයේ ය. “කොහොමද… කොහොමද ඒක මේ විදිහට සිද්ධවුනේ?!”
“හන් චෙං කියන්නේ මී පැණි වගේ වදන් පවසන , නමුත් පොළඟෙක් වගේ ද්වේෂ සහගත හදවතක් ඇති කුහකයෙක්. ඔහු පටු මනසක් වගේම නොවැදගත් අදහස් ඇති අයෙක්. දැන් ඔහු බලය ලබාගෙන තියෙන නිසා , සිවිල් සහ හමුදා නිලධාරීන්ගේ සමස්ත රාජ්‍ය අධිකරණයම කූඩාරම් වල ඉදිවි. ඔහු ෂ්‍යාඕ චීයේ ව බලහත්කාරයෙන් ඉවත් කළ කළා , ඒ නිසා දැන් ලීබෙයි තිබෙන්නේ විලංගු රහිතවයි. දැන් ඉඳන්…"
එක්වරම හායි ලියැංයී කහින්නට පටන් ගත්තේ ය. ඔහු තමාවම වාරකරගෙන රුධ්රට පිටතට දමන්නට වූයේ ය. එක මොහෙතෙකට , ඔහුට තම හැගීම් නිසි සේ පාලනය කරගන්නට නොහැකි විය. ඔහු සයනයේ කෙළවර අල්ලාගෙන ගොරෝසු හඬින් කෑගැසුවේ ය. “මේ දැන් ඉඳන් , අපේ භුමීන කැඩී යාවි , ඒ කැළඹිලි සහිත කාලය නැවත වරක් උදාවේවි. ලී වංශයේ සියවසක් තරම් පැරණි අධිරාජ්‍යය මෙහි නටබුන් වෙලා යාවි! මම ගොඩක් පව් කළා. මම පව්කාරයෙක්! මම , හායි රෙන්ෂි මගේ මුළු ජීවිතයම නිර්ලජ්ජිත විදිහට මගේම න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යන්නත් නිල කවයන් හසුරවන්නත් ගත කළා. ඒත් ඒ සේරගෙන්ම වඅනේ මේ මිනිසුන්ගේ යහපත වෙනුවෙන් නිෂ්ඵල වෙහෙසක් දරපු එකයි! මම... ඔහ්, මම..."
හිස පුරා අළු - සුළු හිසකේ සහිතව , හායි ලියැංයී ඉතා ගොරෝසු සහ බලාපොරොත්තු සුන් වූ හඬින් වැළපීම ඛේදජනක දසුනක් වූයේ ය.
“ඇදුරුතුමනි , ඇදුරුතුමනී!” කොං ච්‍යු වහාම ඔහුට සහය දීම සදහා අසලට පැමිණ පිටුපසා බලා පැවසුවේ ය. “මිනිසුනි!”
ඇතුළුවීමේ තිරය ඉවත් කළද පැමිණියේ යාඕ වෙන්යූ ය. සිදුවී ඇත්තේ කුමක්දැයි දුටු හේ වහා දෙදණ මත දණ ගසා , හායි ලියැංයී වෙනුවෙන් කදුළු සහ රුධිරය පිස දමද්දී එහි වූ අපිරිසිඳුභාවය නොසැල කුවේ ය. එමෙන්ම ඒ සමගම අත් පිස්නාවක් ජලයේ බහා ජලය මිරිකා හැරියේ ය. අවසානයේ දී , ඔහු හායි ලියැංයීට නැවත වැතිරෙන්නට උපකාර කළේ ය. මොහොතකට ඔහුව සනසවාලීමෙන් පසු , ඔහු මෘදු හඬින් කොං ච්යුට පවසන්නට විය. “උතුමාණෙනි , මට ඉල්ලා සිටින්න පුළුවන් ද මදක් පිටතින් රැඳී ඉන්න කියලා , කරුණාකරලා.”
ඔවුන්ට තවදුරටත් බාධා කරන්නට එඩිතර නොවූ කොං ච්‍යු ඉක්මනින් පසුබැස පිටතට ගියේය.
බොහෝ වේලාවකට පසු හායි ලියැංයී ගේ කෑගැසීමේ ශබ්දය පහව ගියේය. යාඕ වෙන්යූ බඳුන හස්තයේ තබාගෙන පෞද්ගලිකව ම තම ගුරුවරයාට ඖෂධ දුන්නේය. හායි ලියැංයී ගැඹුරු නින්දකට වැටුනට පසුව ඔහු තිරය ඔසවා පිටතට පැමිණියේ ය.
කොං ච්යුට යමක් පැවසීමට අවැසි බව පෙනුන මුත් යාඕ වෙන්යූ ඔහුට සංඥා කළේ ඔහු පසුපස ප්‍රධාන ශාලාවට පැමිණෙන ලෙසයි. ඔහුම පිරිසිදු ඇඳුම් මාරු කර ගැනීම සඳහා වාහල්කඩ හරහා පිටුපසට ගමන් කළේය.
"ඔබට බලා ඉන්න සලස්වපු එක ගැන සමාවෙන්න, උතුමාණෙනි." යාඕ වෙන්යූ සේවකයෙකු ලවා තේ පැන් පිළිගන්වා කොං ච්යුට පහතින් වාඩි විය.
කොං ච්‍යු තේ බදුන අතැතිව මොහොතක් නිශ්ශබ්දව සිටියේ ය. “ඇදුරුතුමාට පුතෙක් නැහැ. ඔහුව බලා ගන්න ඔබ මෙහෙ ඉන්න එකෙන් මට සහනයක් දැනෙනවා. මම මේ දේවල් කලින් කතා කළ එක හොඳ නැහැ ... ඒකෙන් වුනේ ඔහුව දුකට පත් වුන එක විතරයි."
“ ඇදුරුතුමා නැවත අසනීප වෙලා ගෙදරට ආවා වුනත් , ඔහු තවමත් රාජ්‍ය කටයුතු ගැන සැලකිලිමත් වෙනවා. ඔබතුමා ඒ කාරණය පිටතට නොගෙනාවත් ,ඒක මනසින් ඉවත් කරගන්න එක ඔහුට අපහසු ඇති. ඒ සේරම හදවතේ හිරකරගෙන ඉන්නවට වඩා හඬා වැලපෙන එක වඩා හොඳයි.” යාඕ වෙන්යු තේ බඳුන ඔසවා කිහිප වතාවක් කලවම් කරමින් පැවසුවේ ය. “වර්තමාන තත්වය අස්ථායී වගේ ප්‍රචණ්ඩකාරියි. කොහොමත් ඇදුරුතුමාට එතරම් දවස් විවේක ගන්න බැරි වෙයි"
හායි ලියැංයී විසින් ඔහුට තමාගේම පුත්‍රයෙකුට මෙන් සැලකු බව කොං ච්‍යු දැන සිටියේ ය. එම නිසා හේ පසුබට නොවෙමින් සුසුමක් හෙලා පවසන්නට විය. “අධිරාජ්‍යයාගේ නික්ම යාම වුණේ හදීසියේමයි. අපි දැනටමත් ඉන්නේ අවාසි සහගත තත්ත්වයකය. ඒ වගේම , හන් වැංශයට චූදු වල හමුදා බලයේ පාලනය හිමිවෙලා තියෙනවා. අපි දැනට ම ඉන්නේ ආපසු හැරවිය නොහැකි තත්වයක වගේම එතැනදි උතුමාණන් බලවත් වගේම රජය පාලනය කරනවා. මේ සිදුවීමෙන් පස්සේ... ලිබෙයි වලට අනාගතයේ මොනවා වේවිද?"
යාඕ වෙන්යූ ස්වභාවයෙන්ම සාධාරණ වූ අතර, ඔහු ගේ හස්තයේ රැදි සිරිමැටි බඳුනට වඩා හේ වෙනස් නොවීය. ඔහු පැවසුවේ ය. “දැන් පවතින ආකාරය අනුව, තත්වය ගැන සාකච්ඡා කරන්න විරෝධතාමය සාක්ච්ජාවන් පවත්වන්න අවශ්‍යයි. හන් චෙංගේ මුල් තනතුර වුනේ රාජකීය ආරක්ෂක අංශයේ සේනාධිනායකයායි. ඔහුට තම අධිකාරිය ඉක්මවා ගොස් මහ ලේකම් කාර්යාලයට ඇතුළු වෙන්න අවශ්‍ය නම්, ඔහුගේ එකම විකල්පය වෙන්නේ අධිරාජ්‍ය ආඥාවක් නිකුත් කරන්න කියා වැන්දඹු අධිරාජීණියගෙන් ඉල්ලන එකයි. ඒ නිසා ඔහු ඇත්තටම පෙළඹවෘවක් ඇති නොකරපු අයෙක් නෙමෙයි. වෙයි හුඅයිගූ වස පානය කරලා සියදිවි නසා ගත්තේ හමුදා ප්‍රතිපාදන නඩුව නිසයි. මහ ලේකම් කාර්යාලයේ තාවකාලික පුරප්පාඩුව ඔබතුමා ට පුරවන්න වේවි. මේ එක්ක රාජකීය අධිකරණයේ සියලුම වැදගත් කටයුතු තවමත් ඇදුරුතුමා යටතේ ඉන්න විවිධ විශිෂ්ටයින් ලවා සාකච්ඡා කර අනුමත කරන්න සිදුවෙනවා."
මෙය ඇසූ කොං ච්‍යු තේ බදුන පහත් කර නිහතමානීව මෙසේ විමසී ය. “නමුත් වැන්දඹු අධිරාජිනිය රාජ්‍ය කටයුතු භාරව ඉන්නවා. මහා ලේකම් කාර්යාලයේ සිදුවන ඕනෑම වෙනස්කමක් ඇයගේ කැමැත්තටත් ආශාවන් වලටත් යටත් වෙනවා. ඇය හන් චෙංව කඩතුරාවක් විදිහට යොදා ගනිමින් මිනිසුන් වෙනස් කිරීමක් සිදු කළා නම්, අප මොනවා කියලා කරන්න ද? "
යාඕ වෙන්යූ මදහසක් පාමින් පවසන්නට විය. “වැන්දඹු අධිරාජිණිය රාජ්‍ය කටයුතු වලට මැදිහත් වීම හඅඟක් භයානක පියවරක්. ඇගේ වාසගම ලී නොවුනත් , ඒ නිසා ස්වර්ගයේ පුත්‍රයා වෙනුවෙන් ක්‍රියා කරන්න කියලා මහජනතාවට ඒත්තු ගන්වන්න බැහැ. අනිත් කාරණා අදාල නැහැ; වඬාත්ම තීරණාත්මක වෙන්නේ චී වංශයයි.
චී ජූයින් ස්වභාවයෙන්ම උදාසීනයි වගේම රජයේ කටයුතු ගැන සැලකිල්ලක් නොදක්වනවා වුනත් , පක්ෂපාතීත්වය වෙනුවෙන් චී වංශයේ කීර්තිය ඇගේ උරහිස මත රඳා පවතිනවා. ඇය කොහොමටවත් ඉඩ දෙන්නේ නැහැ ව වැන්දඹු අධිරාජිණියටයි හන් චෙන්ටයි චූදු වල ඒ විදිහට කෘර දේවල් සිදු කරන්න. වැන්දඹු අධිරාජිණියට ඈව තමන්ගේ පැත්තට හරවා ගන්න අවශ්‍ය නම් , ඇය මේ වතාවේ එතරම් දුර යන එකක් නැ. වැන්දඹු අධිරිජිණියගේ ආදේශ කිරීම් ගැන විතරක් නෙමෙයි ඔබතුමාට හන් චෙංගේ පසුකාලීන සැලසුම් ගැනත් කනස්සල්ලට පත් වෙන්න වෙයි.”
කොං ච්‍යු පවසන්නට විය. “හන් චෙං වැන්දඹු අධිරාජිණිය වෙනුවෙන් හැමදේම කැප කළා. ඔහු සාර්ථක වෙලයි තියෙන්නේ.”
“මගේ මතය අනුව නම් , ඒක සම්පූර්ණයෙන්ම ප්‍රති විරුද්ධයි.” යාඕ වෙන්යූ ඔහුගේ දෑස් ඔසවා පිවිසුමෙන් පිටත වූ මීදුම සහිත වර්ෂාව දෙස බලා සිටියේ ය. “මේ වෙලාවේ, හැන් චෙං අධිරාජිනියගේ අනුග්‍රහය ලබාගෙන තියෙන බව පේනවා. නමුත් දිගු කාලීනව විශාල පින්තූරය දිහා බලකොට, ඒ වෙනුවට හැන් චෙං එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ කරන්නේ අධිරාජිනිය යි. අධිරාජ්‍යයාට උරුමක්කාරයෙකු නොහිටි නිසා වැන්දඹු අධිරාජිනියට බලයට පත්වෙන්න හැකියාවක් තියෙනවා.
අධිරාජ්‍ය අධිකරණයටත් ස්වාමියෙක් නැතිව පවතින්න බැහැ. විකල්ප නැති නිසා සෑම දෙනාම සමථයකට පැමිණිලා සහය ලබා දුන්නා. නමුත් දජෞ වලට නියත වශයෙන්ම නව ස්වර්ග පුත්‍රයෙකු ලැබේවි. හැන් චෙං අතේ තබාගෙන ඉන්න හමුදා බලය ඇත්තම දෙය. ඔහු ෂ්‍යාඕ චීයේට උගුලක් අටවලා ව මිංලී ශාලාවට යවලා වටලලා ඔහුව බලහත්කාරයෙන් නෙරපන්න තරම් ඔහුට නිර්භීතකමක් වගේම ශක්තියක් තිබෙන නිසා බිය වෙන්න කොහෙත්ම අවශ්‍ය වෙන්නෙ නැහැ."
“ඔබ අදහස් කරන්නේ…” කොං ච්‍යු කම්පනයෙන් යුතුව විමසුවේ ය. “හැන් චෙං ගේ අතේ අනාගත රාජකීය උරුමකරුවත් ඉන්නවා කියන එකද?”
යාඕ වෙන්යූ තේ පානය නරමින් පවසන්නට විය : “ගුආංචෙන් අධිරාජයා බොහෝ විට රාත්‍රියේ නවතින්න මාලිගාවෙන් පිටතට ගියා. අධිරාජ්‍ය උරුමයක් ඉන්නවද කියලා කියන්න අපහසුයි. ඒක දැනටමත් මේ තත්වයට ඇවිත් තියෙනවා. හන් චෙං අතේ අධිරාජ්‍ය උරුමය නැති වුනත් , කාවහරි පිටතට තල්ලු කරන්න පුළුවන් හැම ක්‍රමයක් ගැනම ඔහු සිතාවි."
කොං ච්‍යු ගේ හදවත සීතල ව ගියේ ය. ඔහු බවසන්නට විය, “හැන් චෙංට භට පිරිසු සහ අශ්වයන් ඉන්නවා වගේම රාජකීය ආරක්ෂකයිනුත් ඉන්නවා. අගනුවර තුළ ඉන්න නිලධාරීන් සියල්ලන්ම ඔවුන්ගේම පවුල් වලින් බැඳ තබලා කියෙන නිසා බල අරගලයක් ඇත්ත වශයෙන්ම ඇති වුනොත් ඔහු සමඟ ගැටෙන්න අවශ්‍යයෙන්ම කැමති නොවේවි. ඔහු බලහත්කාරයෙන් මකර සිංහාසනයේ අසුන්ගෙන රාජකීය අධිකරණය පාලනය කරන්න යමෙකු තෝරා ගත්තොතින් , අපි…”
කෙසේවූවද යාඕ වෙන්යූ මාතෘකාව වෙනස් කරමින් පවසන්නට විය. “රාජකීය හමුදාව දැනටමත් දන්චෙං හරහා ගමන් කරලද තියෙන්නේ?”
◈ ◈ ◈
රාජකීය හමුදාවන් ඒ වන විටත් දන්චෙං පසු කර ගොස් තිබුනද ඔවුන්ට තවමත් ජොංබෝ ප්‍රදේශයට ළගා වෙන්න හැකියාවක් නොලැබුණේා ය. ෂ්‍යාඕ චීයේ මුළු ගමන පුරාවටම ඉක්මනින් වැඩ කළේ ය. අශ්වයන් ට සහ භටයන්ට විවේකය අවැසි වූ නිසා ඔවුන් අතරමග නතර විය.
ශෙන් ස'චුආන් දැඩි ලෙස රෝගාතූර වු අතර , ඔහුගේ පැරණි රෝගාබාධ සහ හෘදයාබාධය එක්ව ක්‍රියාත්මක වෙන්නට පටන් ගෙන තිබුණේ ය. ඔහුගෙන් පෙනුනේ සිහි කල්පනාව ඇති ලෙසකි. නමුත් ඔහු එසේ නොවුනේ ය.
එය ඔහු සිහින ගෙන්නක වැතිරී වර්ෂා ජලය සහ අපිරිසිඳු රුධිරය සහිත වළක වැතිරී සිටින්නාක් මෙනි.
අවසන් වතාවේ වසංගතය පහ ව ගිය අවස්ථාවේ සිට , ශෙන් ස'චුආන් කිසිඳු විටක නැවත සුවය ලබා සෞඛ්‍යය යහපත් තත්වයට පත් කර ගන්නට උත්සහ නොකලා දැයි ෂ්‍යාඕ චීයේ දැක කළේ ය. ඒ වෙනුවට , ඒ වෙනුවට ඔහු මුල් අවුරුදු කිහිපයේ පානය කළ ඖෂධ දැන් ඔහුගේ සිරුරේ සැඟවී ඇති විෂක් බවට පත්ව තිබුණි. ෂ්‍යාඕ චීයේ නොසැලකිලිමත් වෙන්නට එඩිතර නොවූ අතර , එබැවින් ඔහු නතර කර වහාම වෛද්‍යවරයෙකු සොයා ගියේය.
ශෙන් ස'චුආන්ගේ හිස ව්‍යාකූල වූ අතර සවන් වල ගුමු ගුමු ශබ්දය නැවත නැවතත් නැගෙන්නට විය. ඔහුට ෂ්‍යාඕ චීටේ ගේ හඩ සවන් වැකුණද , ඔහුට ඇදුරුතුමාගේ කෑගැසුම් ද ඇසෙන්නට විය. ඔහු කොට්ටය මත වැතිර සිටියේ ය. ඔහු අවධි වූ කිහිපවතාවෙම , තවමත් දුඅන්ජෞ වල සිටින බව ඔහු සිතුවා. ඔහු ආහාර වල සුවද ආඝ්‍රාණය කළේ , ද්වාරයෙන් පිටත සිටගෙන සිටින්නේ ඔහුගේ ෂිනියැන්, හුවා පිංතිං මෙනි.
නමුත් ඔහු චලනය වීමට හෝ ඒ දෙස බලන්නට එඩිතර වූයේ නැත.
ඔහුට ඒ සියල්ල හිමි වූ බවක් පෙනෙන්නට තිබුණත් ඔහුට තවමත් ඔහුගේ නමට කිසිවක් ලැබී නොතිබුණි. ඔහු සිතුවේ ඔහු සියදිවි නසාගත් බවත්, මේ මැරී යන මාංශයෙන් තවදුරටත් කඳුළු නොනැගෙනු ඇති බවත්ය. එහෙත් ඔහු ඉතා තරුණ විය, තාරුණ්‍යයේ අධිමාන්නයෙනුත් කිසිත් නොතකන අයුරිනුත් පිරී තිබුණේ ය. - ඒ ඔහුට තවමත් මැනීය නොහැකි වේදනාවක් අත්විඳ නොතිබූ බැවිනි. ඔහු මෙතරම් දුරක් පැමිණියේ, තමාව නැබලි වලට කපා දමා මරණයට පත් වූ බව සිතමිනි.
ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන්ව වැළඳ ගත්තේ ය.
වරෙක වසඟයට ගැනීමට සමත්වූ ශෙන් ස'චුආන්ගේ ගෙල පිටුපස දැන් මාරාන්තික ලෙස මළානික වී තිබුණි. හේ රාත්‍රිය පුරා වැතිර සිටින වලාකුළක් මෙන් දිස් වුයේ ය. ෂ්‍යාඕ ඔහුට රිදවන තරමට තදින් වැළඳ ගනිමින් ඔහු අසලම සිටියේය.
"සීතල ද?" ෂ්‍යාඕ චීයේ කොඳුළේ ය.
ශෙන් ස'චුආන් හිස වනමින් ප්‍රතිචාර දැක්වූයේ තරමක් ප්‍රමාදව ය. ඔහු සිය කොපුල් ෂියාඕ චියේගේ කොපුල් මත තද කරමින් හිස ඇල කළේය. ඒ රස්නය ඔහුව උණුසුම් කළේ ඔහුව තව තවත් ප්‍රාණවත් කරමිනි. ඔහු අදුර තුළම ෂ්‍යාඕ චීයේ චියේගේ අත දුර්වලව හා සෙමින් පිරිමදින්නට හස්තය දිගු කළේ ය.
ශෙන් ස'චුආන්ගේ අත අල්ලා ගන්නට ෂ්‍යාඕ චියේ තම අත හරවා ගෙන , ශෙන් ස'චුආන්ගේ ඇඟිලි සමඟ ඔහුගේ ඇඟිලි පටලවාගෙන ඒවා තදින් සම්බන්ධ කරමිනි. ඔහු තම සම්පූර්ණය උණුසුම ශෙන් ස'චුආන්ට ලබා දුන්නේය. ඔහුගේ ළය , පිළිස්සෙන තරමට , ශෙන් ස'චුආන්ගේ පිටට තද විය. ඔහුට ශෙන් ස'චුආන්ගේ සිරුරය උණුසුම මුදා හරින්නට හැකියාව ලැබෙනු ඇත. ඔහු තවදුරටත් කිසිවෙකුට ළං වීමට ඉඩ නොතබමින් ශෙන් ස'චුආන්ව තම දෑතින් ම රඳවාගෙන සිටින බවක් පෙනුණේ ය. ඔහු අලස ලෙස ශෙන් ස'චුආන්ගේ තුවාලය ලෙවකෑවේය. මෙය ඔහුගේ සුව කිරීමේ මාර්ගය විය. මේ පුද්ගලයා නැවත කිසි දිනක වේදනාවට පත් වෙනවා දකින්නට ඔහුට අවැසි වූයේ නැත.
“ච්‍යාඕ ත්‍යැන්යා ශීෆු ව හොයන්න ගියා.” ශෙන් ස'චුආන්ගේ දෑස් අදුරු සහ මළානික විය “ඔහු ආපිට එන්නේ කවද්ද?”
“ඉක්මනින් ම.” ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන්ගේ හස්තය නැවත නැවතත් මිරිකුවේ ය.
“මට ඒ රුධිරය පිරිසිදු කරන්න බැහැ.” ශෙන් ස'චුආන් පැවසුවේ ය.
“අපි දෙන්නම දැන් ගමන් කරන්නේ අසුරයාගේ මාර්ගයේ (1..) — රුධිර සංහාරයන් ඇති වුන මාර්ගයේ. අපි එකට සිටින තාක් කල් අපිට පිරිසිදු වෙන්න අවශ්‍ය නැහැ.” ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය.
ශෙන් ස'චුආන් ඔහුගේ සිහින් දෙතොල් මදක් තද කරමින් පවසන්නට විය "මම-"
ඔහුට පැවසීම අවශ්‍ය දේ ඔහුට අමතක වූවාක් මෙන් ඔහු විරාමයක් තබා, බලා සිටියේ ය. වර්ෂාවේ ශබ්දය කණ වැකීමත් සමඟ හේ මුව වසාගත්තේ ය. ෂ්‍යාඕ චීයේ ඔහුගේ තද කරගත් මුන තදකරමින් විවර කළේ ය. "ඔබට මට කියන්න අවශ්‍ය මොනවද?"
ශෙන් ස'චුආන් තම හිස වහා හරවා ගත්තේ, ෂ්‍යාඕ චියේට ඔහු දෙස සෘජුව බැලීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කරමිනි. නමුත් ෂ්‍යාඕ චියේ ඔහුව මගහැරීම වැළැක්වීමට ඔහුගේ හකුවලින් අල්ලාගෙන නැවත වරක් පහත් හඬින් ඇසුවේ ය. “ඔබට මට කියන්න අවශ්‍ය මොනවද?”
ඒ බැල්ම හමුවේ ශෙන් ස'චුආන්ගේ මුහුණ සුදුමැලි විය. කීප වතාවක්ම මුව විවර කළද ඔහුව කිසිත් කියන්නට නොහැකි විය. ෂ්‍යාඕ චීයේ ඔහු දෙස බලා සිටියේය, බොහෝ වේලාවකට පසුව අවසානයේ ශෙන් ස'චුආන් හඬා වැලපෙමින් “ ඒක රිදෙනවා” යැයි පවසනු ඇසෙන තෙක් බලා සිටියේය.
ෂ්‍යාඕ චීයේගේ දෙකොපුල් අල්ලා ඔහුගේ මුහුණ එසවීය. ශෙන් ස'චුආන්ගෙන් පෙනුනේ ඔහු කුඩා කාලයේ අවධියට නැවත පැමිණ ඇතිවාක් මෙනි. දෙතොල් වෙව්ලමින් හේ "රිදෙනවා" යැයි නැවත නැවතත් පවසද්දී ඔහුගේ දෙකොපුල් පුරා කඳුළු බිදු ගලා ගියේය.
ෂ්යාඔ චීයේ ශෙන් ස'චුආන් ගේ හිස පිරිමදිමින් ඔහුගේ මාපටැඟිල්ලෙන් ඔහුගේ කඳුළු පිස දැමුවේ ය. ඔහු පැවසුවේය. “කොහේද රිදෙන්නෙ? මට ඒ සේරම ගැන කියන්න. ”
ශෙන් ස'චුආන් හැඬූවේ ය. ඔහුගේ උරහිස් පවා වෙව්ලන්නට විය. ඔහු මේ තරමටම ශෝකයට පත් වූයේ, මේ එක් රාත්‍රියක් තුළ මේ අවුරුදු ගණනාව පුරාවටම තිබූ දුක් විඳීමට පටන් ගත්තාක් මෙනි. එහෙත් ඔහු කිසිත් නොකීවේ ය; ඔහු වේදනාදෙන්නේ කොතැනදැයි දැන සිටියේ නැත. ඔහුට තවදුරටත් එවැනි වේදනාවක් දරාගත නොහැකි බව පැහැදිලිය. ඔහු නොසන්සුන් ලෙස ෂ්‍යාඕ චීයේ ට සිය දෙකොපුල් පිස දැමීමට ඉඩ දුන්නේය. ඔහුගේ දෑස්වල කඳුළු පිරී ගියේය. තම වයසට වඩා බොහෝ පරිණත දෑ ගැන කතා කළ ඒ අගනා උපක්‍රමවලින් කිසිවක් ඉතිරි ව නොතිබුණේ ය. ඒ නිරාවරණය වූ වේදනාව ව පමණකි.
ෂ්‍යාඕ චීයේ පෙරළී ශෙන් ස'චුආන් ව වැළඳ ගත්තේය. ඔහු ශෙන් ස'චුආන් සම්පූර්ණයෙන්ම තම දෑතට ගෙන, ඔහුට ඔහුගේ වෙස්මුහුණ ඉවත් කළ හැකි ස්ථානයක් සපයා දුන්නේය. ඔවුන් එකිනෙකා තදින් වැළඳ ගත්හ. අතහැර දමා ගිය කුඩා සතෙකු මෙන්ද, ඒ සමගම බිඳී ලේ ගලන පහර කෑ දරුවෙකු මෙන්ද ශෙන් ස'චුආන් ගොරවන හඬින් වැළපෙද්දී චියේ එයට සවන් දුන්නේය. ක්‍රමක්‍රමයෙන් ෂ්‍යාඕ චියේගේ ළය තෙත් වන්නට විය. ඔහු නැවත නැවතත් පිළිතුරු දෙමින් ශෙන් ස'චුආන්ගේ හිස පිරිමැද්දේය.
“ ඒක තවදුරටත් රිදෙන්නේ නැහැ. මම පොරොන්දු වෙනවා. ලන්ජෞට ආයේ කවදාවත් වේදනා විදින්න දෙන්නේ නැහැ.”
පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය
Thank you ❤️❤️
ReplyDelete❤️❤️❤️
ReplyDelete💕💕💕
Delete