පනස් අවුරුද්දක් වයසැති වෙයි හුඅයිගූ තමන්ගේ නිළඇදුම් ගලවා දමා ශ්වේත වර්ණය දැරූ සිරකරුවෙක් බවට පත්ව සිටියේ ය. (1.) ඔහුට විලංගු දමා බැද තිබූ අතර ඔහු හා ෂ්‍යාඕ චීයේ වෙන් වූයේ යකඩ පොලු මගිනි. ඔහුට නඩු පයරා තිබූ මේ දින කිහිපය තුළ කිසිවෙකු ඔහුට වධ හිංසා සිදු කළේ නැත. ඔහුගේ හිසකෙස් එක් ගුලියකට තදින් ගැට ගසා තිබුණ අතර ඔහුගේ මුහුණ පිරිසිඳු ව තිබුණි. දින කිහිපයට ඔහු අවුරුදු කිහිපයකින්ම වයසට ගොස් ඇතිවාක් සේ පෙනුණේ ය. ඔහු මහත්සේ වැහැරී තිබෙන බවක් පෙනුණේ ය.
“ඊයේ රෑ නඩු විභාගය අවසන් වුණා.” වෙයි හුඅයිගූ අසුන මත වාඩි වෙමින් ඔවුන් දෙදෙනාට පවසන්නට විය. “ මගේ පාපොච්ජාරණයන් දැනටමත් ඉදිරිපත් කරලා තියෙන නිසා මම දඩුවම් ලැබෙනකල් බලාගෙන ඉන්නවා. තව මොනවද ඔබට අහන්න ඕනේ?”
"රාජ්යකීය භාණ්ඩාගාරයේ අරමුදල් අවභාවිත කිරීම, නීති විරෝධී ඉපැයීම් වෙනුවෙන් හමුදා සැපයුම් නැවත විකිණීම සහ දේශසීමාවේ හමුදාපතිවරුන්ට විෂ ලබා දීම - මේ චෝදනා තුනම මරණීය දණ්ඩනය ලැබීය යුතු අපරාධයි." ෂ්‍යාඕ චීයේ වෙයි හුඅයිගූව සමීපව අධ්‍යයනය කළේ ය. “වෙයි හුඅයිගූත්වත් ඔහුගේ තනතුරෙන් ඉවත් කරලා දෝෂාභියෝගය ලැබෙන තෙක් සිරගත කරලා තියෙනවා. නුඹේ වෙයි වංශයේ සෘජු පරම්පරාවලට අයත් අධිකරණ අමාත්‍යවරුන් දෙදෙනෙක්ම මේ සිද්ධිය නිසා පහතට ඇදවැටිලා. උඔ මේ වතාවේ ආයෙමත් ඒකම වෙන්න දෙන්න හිත හදාගන්නෙ කොහොමද?”
“මේ කාරණය අදාල ලීබෙයි වලටයි. කවුද නීතිය නම්මගන්න ප්‍රියතමයන් එක්ක ක්‍රීඩා කරන්න තරම් නිර්භීත වෙන්නේ? මාව ආරක්ෂා කරන්න පුළුවන් කෙනෙක් මෙතන නෑ.”
වෙයි හුඅයිගූ තවමත් ආදායම් අමාත්‍යාංශයේ කාර්යාල සංකීර්ණයේ ප්‍රධාන අසුනේ වාඩි වී සිටින්නාක් මෙන් තමා වාඩි වී සිටින ඉරියව්ව සකස් කළේය. ඔහු ෂ්‍යාඕ චීයේ දෙස බලා කිවේ ය. “ඔබේ පියා දැන් අපැහැදිලි භාවයෙන් මිදිලා සළුව අතට අරගෙන තියෙනවා. අධිරාජ්‍යයා මේ දින කිහිපය පුරාවටම නිදාගන්නවත් එඩිතර වෙන එකක් නැ. ලිබෙයි කුමාරයා තාමත් ඒ දවස්වල හිටපු හැඩි දැඩි පුද්ගලයමයි. ඔහු දන්නවා ඔවුන්ගේ දණහිස් වෙව්ලවන්න මොනවද කරන්න ඕනෙ කියලා.”
“ඔබ හරිනම් දැනගෙන ඉන්න ඕනේ හමුදා සැපයුම් පුස් ධාන්‍ය නලින් පුරවනකොට ඒ හමුදා සැපයුම් ලීබෙයි වලටත් බෙදාහරින්න වුවමනා වග. ඒත් ඔබ ඒකම කළා , එහෙම නේද? ඒ වෙලාවේ ඔබට පොඩ්ඩක්වත් බයක් දැනුනේ නැද්ද , මෙතැන දි ඔබව බේරගන්න කවුරුවත්ම නැතිවෙයි කියලා.” ෂ්‍යාඕ චීයේ මදක් එහා මෙහා වෙමින් දිගටම පවසන්නට විය, “ ඒවා මගේ සහෝදරයගේ මුවට ඇතුල් කරන පළවෙනි පියවර වුනේ ඒවා කලවම් කරන එකයි. ඒ ධාන්‍ය ලීබෙයි වලට ආවට පස්සේ , ඔබ ඒවා කදවුරු වලට බෙදාහැරීම වෙනඅවෙන් ධාන්‍යාගාර පිරික්සීම භාර නිළදාරීන් අල්ලස් දුන්නා එක් ඇසක් වසාගෙන ප්‍රවාහනය කරවන්න. මේක තමයි දෙවන පියවර. ඊට පස්සේ ඔබ ලිබෙයි සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක හමුදාවේ සූපවේදියන්ට අල්ලස් දුන්නා මේ ආහාර වලට වස මිශ්‍ර කරන්න කියලා මායිම් වල මුරකඑන සොල්දාදුවන්ට ලබාදෙන්න කලින්. මේක තමයි තුන්වෙනි පියවර.”
ෂ්‍යාඕ චීයේ නැවතී තම ඇස් කොනකින් වෙයි හුඅයිගූ දෙස බැලුවේය.
“මේ විදිවිධාන වලට කාලයත් ශ්‍රමයත් අවශ්‍ය වෙනවා. අනතුර සිද්ධවෙන වෙලාවේ, ඔබට ඒකට ඔබේ තියෙන සම්බන්ධය පුකික්ෂේප කරන්න නොහැකි වෙනවා. ඔබට එයින් ගැලවී යන්න නොහැකි වෙනවා විතරක් නෙමෙයි , ඔබට අධිකරණ අමාත්‍යාංශයේ පරීක්ෂණයකට පවා ලක් වෙන්න වෙනවා. එයින් ලාභ ලබාගැනීම වෙනුවෙන් හමුදා ප්‍රතිපාදන නැවත විකිණීම , ඔබ කළ අපරාධය හෙළිදරව් වෙනවා. ඔබ මේවගේ පුද්ගලයෙක් නෙමෙයි. ”
වෙයි හුඅයිගූ ෂ්‍යාඕ චීයේ ගේ ප්‍රශ්නයට එතරම් ඉක්මනින් පිළිතුරු දුන්නේ නැත. ඒ වෙනුවට ඔහු දෑස් අයා සිටියේ මේ මුළු කාලය පුරාවටම ඔහුගේ පිටුපසින් හිදගෙන සිටි ශෙන් ස'චුආන් දෙසය. ඔහු සිනහසෙමින් ශෙන් ස'චුආන් පෙන්වාලමින් පැවසුවේ ය. “දෙවන තරුණ ස්වාමියා වසර හයක් පුරාවටම චුදු වල ඉන්න එකෙන් යම් ප්‍රගතියක් ලබලා තියෙනවා. එදා, ඔබ මුලින්ම අගනුවරට ඇතුළු වුනාම , ඔබ මුළු දවසම රණ්ඩු දබර කරගනිමින් රුධිරය හොයමින් හිටියා. උප අණදෙන නිළදර ශෙන් මේ ගැන අත්දැකීමෙන් දන්නවා නේද? ඒකයි මම කිව්වේ ෂ්‍යාඕ ෆංෂූ තම පුත්රයව ඔප දමන්න තලය අද්දර තියන්න පුළුවන් නිර්භීතව යකඩ හස්තයක් බව. ඔබ ඇත්තටම දැන් සිටින පුද්ගලයා බවට පත් වෙන්න හැකි වීම ගැන ඔබේ පියාට ස්තූතිවන්ත වෙන්න ඕනේ."
ෂ්‍යාඕ චීයේ වෙයි හුඅයිගූ දෙස බැලුවේ උදාසීන ලෙසය. ශෙන් ස'චුආන් අනපේක්ෂිත ආකාරයට , පාපොච්චාරණ ප්‍රකාශය පසෙකට තල්ලු කර දැමුවේ ය. මේසය මත දෙඅත් බැද තබාගෙන , හේ සිනවක් හෝ කෝපයක් නොපෙන්වමින් සන්සුන්කාරී ලෙස වෙයි හුඅයිගූට මෙසේ පැවසුවේ ය.
“ඒක හරි. ඔබට පේන්නේ ඒ වගේ අපක්ෂපාකි ෂ්‍යාඕ ස'අන් කෙනෙක්ව තමයි. ෂියන්දේ පාලන සමයෙදි ඔබේ පුත්‍රයා දිනයේ වැඩිමනක් හිටියේ ගණිකා මඩම්වල. තියැන්චෙන් සමයෙදි ප්‍රධාන ලේකම් කාර්යාලයේ පිරිස් මාරුවක් වුනාම , ඔහුට වුවමනා වුනත් රාජකීය විභාග හරහා නිළතල වලට ඇතුළු වීම ඔහුට දරාගන්න නොහැකි තරම් දුෂ්කර වී තිබුණා. (2.) ඔබ දැනටමත් මේ තරම් වයස්ගත වෙලා.
ඒ වුනත් වෙයි වංශය පවත්වාගෙන යන්න සමත් සෘජු පරම්පරාවකින් පැවත එන්නෙක් වෙයි වංශයට නැහැ. ඔබ විවාහ සන්ධානයක් මත ඔබේ බලාපොරොත්තු තියලා තිබ්බත් කණගාටුවට කරුණ තමයි වෙයි වංශය පිරිහෙමින් පවතින බව ෆෙයි වංශය දැනුවත් වීම. ඒ හින්දා අණදෙන නිලධාරි ජාඕයුඒ කුමරිය අවසානයේ පැන් වංශය සමඟ විවාහ ගිවිසගත්තා.
ආදායම් අමාත්‍යවරයා හැටියට ඔබ තනතුරේ ඉන්නකොට , ඔබ නැවත නැවතත් අලුතින් පත් කරන ලද නිලධාරීන් දුරස්ථ ප්‍රදේශවලට පිටත් කරලා ලහත් තත්වයට ඇද දමලා තියෙනවා. ඔබ බය වුණා නැගී එන දක්ෂයෝ ඔබේ තැන ගනීවි කියලා. අද, වෙයි වංශය බලයේ උච්චතම ස්ථානයේ ඉන්න බවක් පේන්න තිබුණත් , ඇත්ත වශයෙන්ම, දැනටමත් ජලය පිටාර ගලන්න ආසන්නයි කියන එක - ඔබේ මරණයත් එක්ක වෙයි වංශයේ කඩා වැටෙන්න නියමිතයි."
තම විලංගු ස්පර්ශ කරමින් වෙයි හුඅයිගූ පවසන්නට විය. “වංශය බලය හරියට වඩදිය බාදිය ගලනවා වගෙයි , ඕනැම දෙයක් දෙයක් නැගී හිටීමත් වැටීමත් ලෝකයේ පොදු ධර්මතාවක්. ඒවා එක මොහොතකදි ඉහළට යනවා තවත් මොහෙතෙකදි කඩා වැටෙනවා. ඒ දේවල් කලින් නියමවෙලා තියෙනවා. මේ වෙද්දි වෙයි වංශයේ කාලය පැමිණිලානම් මට ඒ ගැන කණගාටුවක් නෑ. අද වෙනකල් දජෞ වල විවිධ විදිහට ඉතිහාස පරම්පරාවල වෙනස්කම් වෙලා තියෙනවා. හැමදේම වෙනස් වෙනවා; හැබැයි අෂ්ඨ මහා වංශ හැඩරන්න. ඒ නිසා වෙයි වංශයට බේරෙන්න වෙන්න පුළුවන් මම මියගියොත් විතරයි. ”
“ ඒ කියන්නේ අෂ්ඨ මහා වංශත් වෙනස් නොවීමද පවතින්නේ?” ෂ්‍යාඕ චීයේ කීවේ ය. “ෂී සහෝදරයන් අතර ඇති වුන අභ්‍යන්තර ආරවුල් ඔවුන්ගේ සියලු දී සහ ෂු උරුමකරුවන්ගේ අවසානයට හේතු විය. රුධිර පරම්පරාව ඉදිරියට ගෙනියන්න අද වෙනකොට කවුරුවත්ම ඉතිරිවෙලා නැහැ. අනාගතයේ දී, ෂී වංශය තවදුරටත් කලින් සිටි ෂී වංශය නොවේවි. ඒක ඔවුන් දේශපාලන ක්‍රීඩාවෙන් මිරිකී යන්න ගතවෙන කාලය ගැන ප්‍රශ්නයක් විතරයි. ”
නමුත් වෙයි හුඅයිගූ පවසන්නට වූයේ සිනහමුසුවයි. “ෂී වංශය තියෙනකම් ඔවුන් මේ ක්‍රීඩාවෙන් ඉවත් වෙන්නෙ නැ. අද, ඔබ ෂී හොංෂුආන්ව මරා දැමුවා, ෂී වංශයේ වාසනාව කපා හරින්න වුවමනාවෙන් , ඒත් ඔබට ෂී වංශයේ ව්‍යාපාර අත්හරින්න බැහැ නේද? ඉතිං , ඔබට ඕනෙ විදිහට දේවල් පවත්වාගන්න ඕනේ නම් ඔබට තවමත් අන් අය ගැන විශ්වාසය තියන්න වෙනවා.ඉතිං මට කියන්න , ෂී වංශය ගැන සලකන්නෙ මිය ගියවුන් විදිහට ද? ඔවුන්ට මෙහෙයවන්නෙක් අහිමි වුණා. මේක තාවකාලික අවහිරතාවයක් විතරයි. ඔවුන්ගේ වැඩිමහල් කාන්තාවට ඒ ව්‍යාපාර ෂී නාමය යටතේ පාලනය කරගෙන යන්න අවශ්‍ය වෙනතාක් කල් ඇයට අනාගතය වෙනුවෙන් අළුත් ආලෝකයක් හොයාගන්න ලැබේවි එතකොට අනෙත් පවුල් වල අයට ඔවුන් සමග විවාහවෙලා ඔවුන්ගේ වාසගම් වෙනස් කරන්න වේවි. ඔවුන් බිහි කරන දරුවන් ෂී වාසගම දරාවි. ඒ වගේම මේකෙන් පෙළපත පවත්වාගෙන යන්න ලේ උරුමය තිබෙන සෘජු පරම්පරාවක් බිහිවෙනවා.”
ඉටිපන්දමේ ඉටි පහතට වැගිරුණේ කදුළු බිදු සේ රාත්‍රිය අවසන් වෙමින් තිබුණ අතර පිට නිහඬතාවය රජ කළේ ය. වෙයි හුඅයිගූ නැඟී සිටියේ , බුද්ධිමය සාකච්ඡා මෙහෙයවන වැඩිහිටියෙකු මෙන්ය.
“මට ප්‍රශ්නයක් තියෙනවා. මට මේක හැමවෙලාවකම ෂ්‍යාඕ ෆංෂූගෙන් අහන්න වුවමනා වුනා , ඒත් මට දැන් කොහොමටත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ, ඉතිං මට අහන්න වෙන්නෙ ඔබෙන් විතරයි. ෂ්‍යාඕ චීයේ , ඔබ නිහතමානි පසුබිමකින් ආ අයෙක්. ඔහු මීට පෙර දේශසීමා වලදි දුෂ්කරතා අත්විඳලා තියෙනවා ඔහු අන්තිමේදි දුක්ඛිත සමුද්‍රයන් පසු කරමින්ඔහුගේ තනතිල්ලත් කීර්තියත් හිමි කර ගත්තා.
ඔබලව උතුම් වංශවල විලංගු බිඳ දමපු මිනිසුන් ලෙස හඳුන්වනවා. නමුත් දැන් වසර තිහක් ගත වෙලා ලිබෙයි සහ ෂ්‍යාඕ වංශය වෙන් කළ නොහැකි ස්ථිර යමක් බවට පත්වෙලා. ඔහුටත් පුත්‍රයෝ ලැබුණා. ඔබ සහ ෂ්‍යාඕ ජීමිං දෙන්නම නීත්‍යානුකූල බිරිඳගෙන් උපන් නීත්‍යානුකූල පුත්‍රයෝ. ප්‍රධාන භාර්යාවන්ගෙන් උපන් නීත්‍යානුකූල උපත් හිමි පුත්රයෙක්ගෙත් , උපභාර්යාවන්ගෙන් උපන් සාමාන්‍ය උපතක් හිමි පුත්‍රයන්ගෙත් අතර ආරවුල් වළක්වා ගන්න, ඔහු නැවත විවාහ වීම වගේම උපභාර්යාවක් ලබා ගැනීමත් ප්‍රතික්ෂේප කළා. ඔහු ෂ්‍යාඕ ජීමිංව සහ ඔබව ලීබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාවට නායකත්වය දෙන්න තිබෙන එකම තේරීම බවට පත් කළා. මේක හරියටම උදාර වංශයක ආරම්භයේ ආරක්ෂාවක් ලෙස ගොඩනඟන ලද නොබිඳිය හැකි බලකොටුව නෙමෙයි ද? ඔබත් දැන් ගමන් කරන්නේ අපි යන මාර්ගයේම නේද.”
මොහොතක නිශ්ශබ්දතාවයකින් පසු, ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, “ඔබ මේ විදිහට සිතන්නේ ආදරයෙන් බැදෙන්න කැමති මිනිසුන් මේ ලෝකයේ ඉන්න බව ඔබට නොතේරෙන හින්දයි. මගේ පියා නැවත විවාහ වුනේවත් උපභාර්යාවක් ගත්තෙවත් නෑ. ඒ ඔහු මේ ජීවිතේදි මගේ මව එක්ක විවාහයේ ප්‍රිතිය ගැන මතක පොරොන්දු හුවමාරු කරගන්න කැමති නිසයි. ලිබෙයි සන්නද්ධ අශ්වාරෝහක සේනාංකය කියන්නේ ඔහු විසින් පිහිටවපු බරැති සේනාංකයක් (4.)
ඔහු මේ හමුදාව අන් කාටත් වඩා හොදින් තේරුම් ගත්තා. මේතමයි ඔහුගේ තුන්වෙනි පුත්‍රයා , මගේ වැඩිමහල් සහෝදරයාටත් මටත් වඩා ඔහුට ගොඩක් වැදගත් කෙනෙක්. ලිබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාවේ එකම තේරීම ලෙස මා සහ මගේ වැඩිමහල් සහෝදරයා දුටුවේ ඔබයි. මම චූදු වල හිඳීම ලිබෙයි සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක හමුදාවට සම්බන්ධ වෙන්නෙ නැ. ඒ ෂ්යාඔ ෆංෂුයි ෂ්‍යාඕ ජීමිංනුයි විතරයි. ඔබ තවමත් එක දෙයක් තේරුම් අරගෙන නැ. මගේ පියා ඇත්ත වශයෙන්ම ලිබෙයි සන්නද්ධ අශ්වාරෝහක සේනාංකයේ අණදෙන නිලධාරියාගේ තනතුර වටා නොබිඳිය හැකි බලකොටුවක් පිහිටුවලා තියෙනවා. නමුත් ඒ උතුම් වංශයක තත්ත්වය ආරක්ෂා කර ගන්න තියෙන යකඩ බළකොටුවක් වගේ නෙමෙයි. ඒ වෙනුවට, එ්ක බරක් - පරීක්ෂණයක් - ඒ බ්‍යැන්ෂා සමඟ තියෙන නොනවතින ගැටුම් මධ්‍යයේ බලකොටුවට එරෙහි මූලයේ විනාශය දරා ගන්න වගේම ලිබෙයි සන්නද්ධ අශ්වාරෝහකයන් මෙහෙයවනින යමෙකුට සැබවින්ම හමුදාවක ප්‍රධාන අණ දෙන නිලධාරියා වෙන්න හැකිද කියන එකයි. වසර තිහකට කලින් ෂ්‍යාඕ ෆංෂු තමයි මේ බලකොටුවේ ස්ථරය බිඳ දැමුවේ. අවුරුදු දහයකට කලිනුත් ෂ්‍යාඕ ජීමිනුත් ඒ දේම කළා. යම් දිනක කවුරුමහරි මේ බලකොටුව බිඳ දමන්න සමත් වෙනවා නම් , දුෂ්කරතා වගේම දුක් වේදනාවලට බිය නොවී ලිබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාව වෙනුවෙන් ඔහු නව සේනාධිනායකයා විදිහට පත්වෙන්න සුදුසුකම් ලබාවි. "
“ ඔබ කියන විදිහට ඒක ෂ්‍යාඕ ෆංෂු වෙනුවෙන් වඩාත් ගෞරවාන්විතයි වගේම උත්කර්ෂය දනවන සුළුයි. ඒත් ඇත්තටම , ෂ්‍යාඕ වංශය මේ වසර පුරාවටම කළේ ලීබෙයි වල ඒකාධිපති හමුදා බලයක් මෙහෙවපු එකයි.” වෙයි හුඅයිගූගේ දෑසෙහි වූයේ සමච්චලයකි.
"ඒ, එකා පසුපස එකා මෙතරම් බරක් උසුලන පුද්ගලයන් දෙදෙනටම ෂ්‍යාඕ කියන වාසගම තියෙන නිසා." ෂ්‍යාඕ චීයේ ගේ දෙනෙත් එක්වරම දීප්තියෙන් බැබලුනේ අයෙකුට එක එල්ලේ ඔහු දෙස බැලීමටද අපහසුකාරි වන ලෙසයි. මේ වියැකෙමින් පවතින ආලෝකය මධ්‍යයේ, ඔහු ෂ්‍යාඕ ෆංෂූ සහ ෂ්‍යාඕ ජීමිංයන දෙදෙනාම මෙන්ම, ෂ්‍යාඕ වංශයේ පුද්ගලයන් තිදෙනා ඔවුන්ගේ සන්නාහ යට ගැඹුරින් සැඟවී සිටි ආඩම්බරය මෙන් වූවෝ ය. ඔහු පැවසුවේ ය. “ඔබ මගේ පියාව වෘක රැලක නායකයෙක් විදිහට හැදින්වුවා. වෘකයන් රැළක කෙනෙකුගේ ලේ පරම්පරාවට එරෙහිව අගතීන් සිදු වෙන්නෙ නැ. ඔබට අපව පරාජය කළ හැකි තාක් කල්, ඔබට අපව මෙහෙයවන්න පුළුවන්. ලිබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාවට අද පෙන්වීමට ඇති සියල්ල එයට අයිති විය යුතු දේවල්. කවදාහරි දවසක -"
ෂ්‍යාඕ චීයේ ගේ හඬ නැවතී වියැකි ගියේ ය.
නමුත් ඔහු ඊළඟට පවසන්නට යන්නේ කුමක්දැයි ශෙන් ස'චුආන් දැන සිටියේය. ඔහුට කීමට අවශ්‍ය වූයේ කවදා හෝ ඔහු නැවත ලිබෙයි වෙත පැමිණි විට, වෘකයන් අතර එවැනි සටනකට සහභාගී වන බවයි. ඔහුට අනෙක් අයව පරාජය කළ හැකි තාක් කල්, ඔහු තුන්වන නායක වෘකයා වනු ඇත. ඔවුන්ගේ අභිමානයේ සහ කැමැත්තේ උල්පත වූයේ ඔවුන් කිසි විටෙකත් බලපෑම් වලට බිය නොවීමය. මෙය ෂ්‍යාඕ ෆංෂු ගේ ආත්මය වූ අතර, ඔහු තම පුත්‍රයන් දෙදෙනාට මෙන්ම ලීබෙයං සන්නද්ධ අශ්වාරෝහක හමුදාවටද මේ ආත්මයන් කාවැද්දුවේ ය.
"ඒ හා සමානව දේශසීමා ආරක්ෂා කරන සහ හමුදා බලය තම හස්තයෙන් තදින් අල්ලාගෙන ඉන්න චී වංශය, ෂ්‍යාඕ වංශය මුහුණ දුන් තරම් උතුම් වංශවලින් කිසි විටෙකත් එවැනි සතුරුකම්වලට මුහුණ නොදුන්නේ ඇයි කියලා ඔබ දන්නවාද?" වෙයි හුඅයිගූ සහ ෂ්‍යාඕ චීයේ එකිනෙකා දෙස බැලූහ. ඔහු මෘදු ලෙස පැවසුවේ ය.
“මොකද ඔබලා හැමෝම මුරණ්ඩුකාර අස්ථි වලින් උපත ලබපු නිසයි. මේ උඩඟුකම තමයි හරියටම ලිබෙයි ගැන චූදු වලට තියෙන අවිශ්වාසයට මූලික හේතුව වෙන්නේ. උතුම් වංශ නොවැටෙන්නේ අඅයි කියලා ඔබ දන්නවාද? ඒ ප්රවාහයන් සමඟ ගමන් කරන්න අපිට ලබා දී ඇති අවස්ථාවන් අල්ලා ගන්න අපි දන්න නිසා. ලී වංශය තමයි දජෞ වල මුලික - පදනම. අපි ඒවා ආවරණය කරගන්නවා , එයට උපත දෙනවා , ඒවාට වර්ධය වෙන්න ඉඩ හරිනවා. අපි එකිනෙකා සමඟ විකල්ප හොයනවා. අපි එකිනෙකාට ඒවා ලබා දෙනවා. අපි තමයි දජෞ නඩත්තු කරන පස. ඔබේ දෙපා යට පා තබන බිමත්, හිස ඔසවන විට ඔබ බලන අහසත් - උදාර වංශ එකමුතු වී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වන ස්ථාවරත්වයේ ප්‍රථිපලයක්. ඒවගේ ස්ථාවරත්වයක් බිඳ දමන්න කැමති හැමෝම සතුරෝ. මීට වසර විසි හයකට කලින්, ලි වංශයේ ඔටුන්න හිමි කුමරු පෙරදිග මාලිගයට නායකත්වය දුන්නේ පවතින තත්ත්වය බිඳ දැමීමේ උත්සාහය ඇතිවයි. ඒක බොළඳයි. උතුම් වංශ බිඳවැටුණට පස්සේ ලී වංශයත් වේගයෙන් පහතට ඇදවැටීගෙන යන බව ඔටුන්න හිමි කුමරුට වැටහුණේ නැ. ඒ නිසයි ඔහු මියයන බව ඉඳුරාම කිව හැකි වෙන්නේ.”
" හුආ ස'චියන් මිය ගියා වෙන්න පුළුවන්. ඒ වගේම ෂී හොංෂුආනුත්. මම වුනත් එහෙමයි. නමුත් විනාශ වන්නේ අපේ ශරීරය විතරයි. උතුම් වංශය මනුෂ්‍ය බලයෙන් පමණක් පෙරළා දැමිය හැකි ලෝකයක් නෙමෙයි. කිසිවකුටත්, මම අදහස් කළේ කිසිවකුටත් අපව පරාජය කළ නොහැකි කියන එකයි. මේ වසර පුරාවටම, අප සියල්ලන්ම අනතුරේ හෙළීම සඳහා වටලෑම බිඳ දැමූ රාජකීය අධිකරණයේ නිහතමානී පසුබිමක සිටි එකම විශාරදයා හායි ලියැංයී. ඔහු අවුරුදු තිහකට ආසන්න කාලයක් ඉවසීමෙන් පැපිරීම භාවිතා කළා. ඔහු දැන් ඉහළට ගිහින්, නමුත් පරිස්සමින් සලකා බැලීමකින් තොරව ලෝකය උඩු යටිකුරු කරන්න තරම් ඔහු නිර්භීතද? ඔහු රාජකීය විද්‍යාලය පුනර්ජීවනය කළා , නිහතමානී පසුබිමක විද්වතුන් ප්‍රවර්ධනය කළා.
ඔහු ගන්නා සෑම පියවරක්ම ඉතා දැනුවත් සහ ප්‍රවේශම් සහගතයි, හේතුව තමයි රළු බලය යොදාගෙන දබර කර ගැනීමේ ප්‍රතිඵලය අධිරාජ්‍යයේ විනාශය බව ඔහු දන්නා නිසා. නමුත් ඔහුට තව කොපමණ කාලයක් ජීවත් වෙන්න හැකි වේවිද? ඔහුගේ මරණයෙන් පස්සේ, මේ අදියර කඩා වැටේවි. ඔහුට සාර්ථක වීම කළ නොහැක්කක්. ”
වෙයි හුඅයිගූ හදිසියේම සිනහවෙන් පුපුරා ගියේ ය. ඔහු හිර කපොලු අල්ලාගෙන ශෙන් ස'චුආන් දෙස බැලුවේ ය. “චී හුයිලියන් නැඟෙනහිර මාලිගාව ඇතුළේ ඉක්මන් හා අධිෂ්ඨානශීලීව ක්‍රියා කරන්න නායකත්වය දුන්නේය. ඔහු කවදාවත් අපිව ලේසියෙන් අතහරින්නේ නැහැ. ඔහු එය කළ හැකි යැයි සිතූ නමුත් ඔහු අවසානයේ ඔටුන්න හිමි කුමරුගේ මරණයට හේතු වුනා. මෙලොව සිටින සියලුම දක්ෂයෝ තමන්ගේ අඩුපාඩු ආවර්ජනය කරන්න ඉගෙන ගන්න ඕනේ. ඔහු දේශපාලන උන්මූලවාදයේ අනතුරු ඇඟවීමක ආරම්භයක්."
"ඔහුව නවත්වන්න!" ශෙන් ස'චුආන් හදිසියේම දෙපයින් සිටගත්තේ ය.
අරුත් පැහැදිලි කිරීම
1.) බන්ධනාගාර රැදවියන් සාමාන්‍යයෙන් අදින ඇදුමෙහි වර්ණයයි. (පිටත වස්ත්‍රය ඉවත් කළ පසු ඇති අභ්යයන්තතර ඇදුම.)
2.) ඔහුගේ පුත්‍රයා තමන්ගේම කුසලතාව මත විභාගය සමත් වීමට තරම් දක්ෂ නොවූයේ නම්, ඔහු සමත් වීමට ඔහුට අල්ලස් දීමට ඉඩ තිබුණි. නමුත් පාලන වෙනසක් සහ හායි ලියැංයී පෙර හුආ ස'චියන් වෙනුවට මහා ලේකම් කාර්යාලය මෙහෙයවීමත් සමඟ, අල්ලස් දීම ප්‍රශ්නයෙන් බැහැර වනු ඇත.
3.) මනාලියගේ පවුල සමඟ විවාහ වීම, ප්‍රතිඵලයක් ලෙස මනාලයාගේ වාසගම දරන්නට සිදුවේ. සමහර ධනවත් වංශයන් මෙය කරන්නේ ඔවුන්ට පවුලේ උරුමය දිගටම කරගෙන යාමට 'පුතෙකු' හෝ කාන්තාවක අවශ්‍ය වූ විටය. (සාමාන්‍යයෙන්, ගැහැණු ළමයා පිරිමි ළමයාගේ පවුල තුළ විවාහ වේ.)
4.) බර අශ්වාරෝහක සේනාංක : අශ්වයන් මත දැඩි ලෙස සන්නාහ සන්නද්ධව සිටි මිනිසුන්. ඔවුන්ගේ මූලික කාර්යභාරය වූයේ සතුරු හමුදාවන් සමඟ සෘජු සටනක නිරත වීමයි.
පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය
ළමායි ඊළග කොටසින් First Volume එක ඉවරාරාරායි!💕🥺💕🥺
ඊට පස්සේ මංහුආ දෙන්නම්!💕🥺💕🥺
🥺❤️
ReplyDelete❤️❤️❤️😍
ReplyDelete