Skip to main content

අනූ හතරවන පරිච්ජේදය : වියරු රළ

 



වෙයි හුඅන්ගූ නඩු විභාගය සදහා බන්ධනාගාරයට යැවූ අතර ජුඒශි හී පළාත් පරිපාලන නියෝජ්‍ය යැං චෙංවද රාජකීය ආරක්ෂකයන් විසින් අතඩංගුවට ගෙන බන්ධනාගාරයට ගෙන එන ලදී. මෙය තියැන්චෙන් ගේ වසරේ වූ විශාල නඬුවක් වන අතර මුළු රාජකීය සභාවත් හමුදා අමාත්‍යවරුත් ඒ දෙස බලා සිටියහ. ශෙන් ස’චුආන් ඉතා වේගයෙන් ක්‍රියාත්මක විය. යැන් චෙන් විසින් ඉදිරිපත් කළ පාපොච්ජාරණයෙන් හේ වෙයි හුඅන්ගූ විසින් ෂියන්දේ ගේ සිව්වන වසරේ සිට හමුදා සැපයුම් ලාභයන් උපයාගැනීම උදෙසා විකුණා ඇති බව සොයාගත්තේ ය.

ආදායම් ආමත්‍යවරයා ලෙස තම බලය පාවිච්චි කරමින් , වෙයි හුඅන්ගූ විසින් යැන් චෙන් ගෙන් හමුදා සැපයුම් හසුරවන මුවාවෙන් හමුදා සැපයුම් මිලදී ගෙන තිබුණු අතර ඉන්පසු ඔහු ඒවා වැඩි මිලකට ෂී හොංෂුආන්ට විකුණු අතර ඔහු මේ හමුදාමය ධාන්‍ය ගොඩබිමින් හා මුහුදෙන් ජොංබෝ හී ප්‍රාන්ත සයටත් , ෂූහයි වලටත් ආනයනය කර එයින් විශාල මුදලක් උපයාගත්තේ ය. මේ ආකාරයෙන් ඔහු ජුඒෂි හී නඟර දහතුනෙහි විසූ සාමාන්‍ය ජනයාගේ කෙත් වතු වලට ඉඩම් බදු ද එකතු කරමින් පීඩාවට පත් කරමින් බෙදා හැරියේ ය.

“ඔබ මේ තරම් කාලයක් තිස්සේ මේක කරනවනම් , ඇයි ඔබ මේ වතාවේ වේගවත් වාර්ථා හරහා වෙයි හුඅයිගූට ඒ ගැන දැනුම්දෙන්න ඔබේ හෘද සාක්ෂිය නැමුණේ ඇයි?” ,ශෙන් ස'චුඅාන් යැන් චෙන් ගේ පාපොච්ජාරණය දෙස බැලුවේ ය.  

යැන් චෙන් දින කිහිපයක සිටම රාජකීය බන්ධනාගාරයේ සිරව සිටියේ ය. ඔහු තම හිස පහත් කරමින් පැවසුවේ ය., “මේ වතාවේ , අපි ඒවා පුරවන්න පාවිච්චි කළේ පුස් බැඳුණු ධාන්‍ය; ඒක කලින් වගේ නෙමෙයි. ලීබෙයි යුද්ධයකට ගිහින් සටන් කරන්න යනවා. ඒවා පිටත​ට හැරියොත් මේ ධාන්‍ය මායිම් මාර්ගයේදී සොල්දාදුවන්ගේ මරණයට හේතු වන විෂ බවට පත් වේවි.  ලිබෙයි වල පරම්පරාගත කුමාරයාට  ඇත්තටම නරක දෙයක් වේවි කියලා මම බිය වුනා.”

මේසයේ අනෙක් පස කිසිවෙකු වාඩි වී සිටියේ නැත.  සෙවණැලි වලට මුවා වී වාඩි වී සිටි ෂ්‍යාඕ චීයේ පවසන්නට විය. “ඔබට හොදටම විශ්වාසයක් තිබුණද ඒ ආහාර පරම්පරාගත කුමාරයගේ මුවටම ළං වේවි කියලා?”

යැං චෙං නොසන්සුන් ලෙස හස්තයේ බාහු ඉහළට එසවූයේය.  ඔහු කතා කරද්දී ඔහුගේ තොල් සුදුමැළි පැහැයක් ගත්තේය. “ඒකට තමයි මම බය වෙලා හිටියේ .  මම ධනයට කෑදරයි තමයි , ඒත් මට එනිසා කාගෙවත් ජීවිත නැති කරන්න ඕන වුණේ නෑ. ”

“බයවෙන්න එපා.” ශෙන් ස'චුආන් ෂ්‍යාඕ චීයේ දෙසට බැල්මක් හුවමාරු කරමින් හේ ​යැං චෙංට කතා කරද්දි සිය හඬ මෘදු කළේය.  “මේ ස්ථානය රාජකීය බන්ධනාගාරය වෙන්න පුළුවන් , ඒත් මේ ප්‍රශ්නය අධිරාජයා විසින් පෞද්ගලිකව අධීක්ෂණය කරලා පරීක්ෂා කරන නඩුවක්. ඔබට මොනවාම හරි පවසන්න තියෙනවා නම් , ඔබට ඒ සේරම මෙතන ඉඳන් පවසන්න පුළුවන් .”

ඔවුන් දෙදෙනා අතර වූ දුර පරතරය බොද වී තිබු​ණේ ය. යැං චෙං ඔහුගේ ඛේටය උගුරෙන් පහතට යවා ගත්තේ ය. මුළු රාත්‍රිය පුරාම කළ නොනවතින ප්‍රශ්න කිරීම් වලින් ඔහු ඒ වන විටත් මඳක් හෙම්බත් වී සිහිමද ගතියෙන් පසුවිය.  ඔහු මිමිණුවේ ය. “මම ඒ ගැන දන්නෙ නැහැ.  මම දන්නැ-"

 " ඔබ මොනවද නොදන්නේ?  ශෙන් ස'චුආන් මෘදු ලෙස විමසුවේ ය.

“මම දැනගෙන හිටියේ නැ ඇත්තටම ලීබෙයි වල කුමාරයට එහෙමබවෙයි කියලා.…” යැං චෙං කතා කරන අතරේ හඩා වැළපෙන්නට වූයේ ය. "මම දැනගෙන හිටියේ නැහැ... මේ නිසා ලීබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාව පරාජයට පත් වෙයි කියලත් බියන්ෂා අශ්වාරෝහක හමුදාවට ආයෙම වතාවක් ප්‍රහාරයක් එල්ල කරයි කියලත් මම කනස්සල්ලට පත්වෙලා හිටියා."

ෂ්‍යාඕ චීයේ ඉදිරියට නැමෙද්දී ඔහුගේ වතෙහි සෙවණැල්ල යැන් චෙංගේ මුහුණ මතට වැටුණේ දරුණු මෘගයෙක් විලසට ය. ඔහු ශීතල හඬින් පැවසුවේ ය. “ඉතින් ඔබ දන්නවා මේ හමුදා සැපයුම් තොගය යවලා ලීබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාව පරාජයට පත් කළ හැකි බව. ඒත් ඔබ තවමත් ඒවා මුද්‍රා තබලා මැදිරිවල පටවාගෙන සිටියා. ඔබව මරන්නයි සුදුසු. ”

ෂ්‍යාඕ චීයේ ගේ බැල්ම යටතේ යැං චෙං බියට පත් ව සිටිය. නොගැලපෙන වදන් සහිතව හේ කම්පනයෙන් යුතුව මොර දුන්නේ ය. “ ස්වාමීනි... මම වරද පිළිගන්නවා.  මම මැරෙන්න සුදුසුයි..."

“ඔබව මරන්නේ නැහැ.” ශෙන් ස'චුආන් ගේ මාණික්‍යයක් බඳු කඩවසම් මුහුණේ  දෑස් තුළ දයානුකම්පාව පිරී තිබුණේ ය. 

 “මේ නඩුවේ ප්‍රධාන අපරාධකරුවා වෙයි හුඅයිගූයි.  ඔහු ඔබට බල කරන්න ඔහුගේ තනතුර භාවිතා කළා. ඉතිං ඔබට කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ.  ඔබේ මේ දුෂ්කරතා ගැන මට හොදට තේරෙනවා. ඒ වගේම වංශාධිපතිතුමාටත් ඒක හොඳින් වැටහෙනවා.  යැං චෙං , ඔබ යොංයී යුගයේ රජයේ සේවයට ඇතුල් වුණා.

ඔබ ඔබේ ජීවිතයෙන් අඩක කාලය තුළ ජුඒෂි වල නිළදරයෙක් විදිහට වගේම , සහකාර පරිපාලන නියෝජ්‍යවරයා විදිහටත් ගමන් කරලා තියෙනවා. 

චූදු වල පරික්ෂාවන් වලින් තක්සේරු කරලා තියෙනවා වගේ , ඔබ දක්ෂ අයෙක්.  දැන් ජ්‍යැං චිංෂන් ජුඒෂි හැර ගිහින් ජොංබෝ වලට පළාත් ආණ්ඩුකාරවරයෙක් විදිහට මාරු කළ නිසා ජුඒෂි වල පළාත් පරිපාලන නියෝජ්‍ය තනතුර පුරප්පාඩු වේවි.  වයස සහ පළපුරුද්ද එක්ක , පිරිස් අමාත්‍යාංශය ඒ පිළිබඳව සාකච්ඡා කරනකොට නිර්දේශය වෙනුවෙන් පළමු තේරීම ඔබ වෙන්න තිබ්බා.  ඔබට පෙනෙනවා, ඔබේ අනාගතය දීප්තිමත් විය යුතු බව, ඒත් ඔබ එම මුදල වෙනුවෙන් සේරම අහිමි කරගෙන. ඒවා ඒක වෙනුවෙන් වටින්නේ නැහැ."

කලකිරුණු යැං චෙං තවත් හඬන්නට වූවේ ය.

“ඔබේ මුල් අවදියේදී ඔබ බයිමාජෞ වල සිටි බව මට ආරංචි වුණා.  ඔබේ පවුල දුප්පත් වගේම ඔබට වයස අවුරුදු හයේදී ඔබේ පියා අහිමි වුණා.  ඔබේ සහෝදරියන් සහ ඔබ තනිව හැදී වැඩුණේ මවත් එක්කමයි.  ඈ ඔබවයි අනෙත් සහෝදරයන්වයි පාසල් යවලා  ඇගේ ජීවිතයේ වැඩි කාලයක් දුෂ්කරතා විඳදරාගනිමින් ගත කෙරුවා.  ඈ අවසානයේ ඔබ නිලධාරියෙකු වෙලා ඔබේම නිවසක් අරගන්න දිනය වෙනකල් බලා හිටියා , නමුත් ඔබ මේ තරම් බරපතල වැරැද්දක් කළා."  ශෙන් ස'චුආන් තව තවත් ෂෙන් සෙචුවාන් දයානුකම්පාව පෙන් වූ අතර ඔහු තවදුරටත් මෙසේ පැවසීය, “අද ඉදන් ඇය තනිවෙලා , මේ නඩුව නිසා ඇයට තවමත් නින්දා සහ ශාප විඳදරාගන්නත් වෙලා. ඔබ කොහොමද මේ තරම් හිත් පිත් නැති අයෙක් වුණේ?"

යැං චෙං කිසිවක් කරකියාගත නොහී  හඬා වැටෙන්නට විය.  ඔහු ආරම්භයේදීම විශාරදයෙක් වූ අතර, ඔහු යෝග්‍යතාව, යුක්තිය, අඛණ්ඩතාව හා ගෞරවය ගැන හොදින් දැන සිටියේය. දෑතින්ම මුහුණ වසාගෙන හඬා වැලපෙමින්පැවසුවේ ය “මම මොනතරම් බරපතල වැරුද්දක් ද කළේ.  මට ඇයව නැවත දකින්නත් ලැජ්ජයි! ”

“මේ නඩුව තාම ඉවර නැහැ.  ඔබව මරණ දණ්ඩනයට ලක් කරනවාද නැද්ද යන්න තවමත් විවාදයට භාජනය වෙන්නෙ නැහැ."  ෂ්‍යාඕ චීයෙ පාපොච්චාරණය බිම දමා ඔහු දෙස විමසිලිමත්ව බැලුවේ ය.  “ඔබ තවමත් ලැජ්ජා විය යුතු බව දන්නා නිසා, ඔබට තවමත් හෘදය සාක්ෂියක් ඉතිරිව තියෙනවා.  මම මීළඟට ඔබෙන් අහන්න යන සේරම ප්‍රශ්න නම් පාපොච්චාරණයේ සටහන් නොවේව්.  ඔබ සත්‍යවාදීව පිළිතුරු දුන්නොත් , ඔබේ මහලු මවට ඇගේ ඉතිරි වසර කිහිපය සාමයෙන් සහ සැනසීමෙන් ජීවත් වෙන්න ඔබේ ජීවිතය ආරක්ෂා කරන්න ක්‍රමයක් ගැන මම හිතන්නම්.

නමුත් ඔබ මගෙන් කරුණු වසන් කරලා  මට වංචා කරන්න තරම් එඩිතර  
වුනොත් නම් , මම වහාම ඔබව දුආංචෙන් නගරයේ ගේට්ටුව පාමුල ප්‍රසිද්ධියේ හිස ගසා මරා දමනවා.  ඔබ වෙයි හුඅයිගූට යවපු එක වේගවත් වාර්තාවකින් , මිනිසුන් බොහොමයකගේ රත්‍රරන් බත් බදුන් විනාශ විනාශ කළා.(2.) ඔබ වෙළඳාමේ යෙදෙන මිනිසෙක්, ඒ නිසා ඒ වැන්දඹුවන්ටත් අනාථයන්ටත් අත්වන ඉරණම මොනවගේද කියලා ඔබට හොඳින්ම තේරෙනවා.  මම ඔබ වෙනුවෙන් සහතික නොවුනොත් , ඔබේ පවුලේ හැමදෙනාගෙම ජීවිත වලට දරුණු අනතුරක් සිදු වේවි."

යැං චෙං බොහෝ වෙලාවක් හඬා වැළපුණේ ය. ඔහු එය නවතද්දී , ශෙන් ස'චුආන් පෞද්ගලිකවම ඔහුට උණුසුම් තේ පැන් බදුනක් පිළිගැන්වූයේ ය.  ඔහු සිය කඳුළු පිස දමමින් නොනවත්වාම සිය ස්තූකිය පුකාශ කරන්නට වූයේ ය. දෑතින්ම තේ බඳුන අල්ලාගත් ඔහු යමක් පවසන්නට පෙර බොහෝ වෙලාවක් නිහඬව සිටියේ ය. “වංශාධිපතිතුමා මාව ආරක්ෂා කරන්නගන්න කැමති වීම පවා… හුගක් කාරුණික ජීවිත බේරාගැනීමක්.
මම ආයේම නිලධාරියෙක් විදිහට  රජයේ සේවයට ඇතුළු වෙන්න ඉල්ලන්න තරම් එඩිතර වෙන්නේ නැහැ ; මට අවශ්‍ය වෙන්නේ පිටුවහල් වෙන්නයි.  මේ නඬුවේ තවත් දේවල් බොහොමයක් තියෙනවා.  ඒවා කෙටි කාලයකින් නිරවුල්ව පැහැදිලි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.  මම ඒ ගැන ඔබේ වංශාධිපතිතුමාට හෙමිහිට පවසන්නම්."

“ෂියන්දේ යුගයේ පළමු වසරේ ඉදන්ම රාජ්‍ය භාණ්ඩාගාරය සැලකිය යුතු ප්‍රමාණයකින් ක්ෂය වෙමින් තියෙනවා.  ආදායම් අමාත්‍යාංශයේ ගිණුම් සියල්ල අවුල් සහගතයි.  හුආ ස'චියන්, මහ ලේකම් කාර්යාලයේ මහා ලේකම්වරයා විදිහට , මහජන මුදල් නාස්ති කරන බොහෝ ව්‍යාපෘති අනුමත කරමින් පැන් රූගුයි  එක්ක සහයෝගයෙන් කටයුතු කළා.  උදාහරණයක් විදිහට, චින්ජෞ වල ලින්ලැන් උද්‍යානය.  ඒවායින් බොහොමයක් ඇත්තටම ගොඩනඟලත් නැහැ.  මේ උද්‍යාන හුදෙක් මහ ලේකම් කාර්යාලයේ විභාගය සමත් වෙලා එහි අනුමැතිය ලබා ගන්න කඩතුරාවක් විදිහට විතරක් පාවිච්චි කළා. එයින් සියලු දෙනාටම එක්ව රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගන්න පුළුවන්.  නිලධාරීන් සහ වෙළෙන්දන් අතර නීතිවිරෝධී ලාභ ඉපැයීම මාලිගාවේ සියලු දෙනාම දන්න කරුණක්.  ඇත්තටම මේ මුදල් ඒ පුද්ගලයන්ගේ පසුම්බි වලට ගියේ වතුර ගලනවා වගේ.”

“ෂියන්දේගේ සිව්වන වසරෙදි , වෙයි හුඅයිගූ තමයි මාව මේකට ඇදලා ගත්තේ. මම අවංක වෙන්නම් උතුමාණෙනි.  මේ මුදල් ස්පර්ශ නොකළ යුතු බව මම දන්නවා, නමුත් මට වෙනත් විකල්පයක් තිබු​නෙ නැහැ.  අපි වගේ ප්‍රාදේශීය නිලධාරීන් අගනුවරට ඇතුළු වෙනකොට, පැන් සහ හුආ කණ්ඩායම් මාරුවෙන් මාරුවට අපිට කතා කරලා "ශීතල ගෞරවය" ඉල්ලා සිටිනවා. ඒ වසර කිහිපය තුළ උසස් වීමක් ලබා ගන්න නම් මුදල් වියදම් කරන්න වෙනවා කියන දේ පුරුද්දක් විදිහට පැතිර ගිය බව ඔබ නොදන්නවා ඇති කියලා සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ.  ගෞරවනීය වංශවලට ගෞරවනීය වංශයක ගෞරවය රැකගන්න වෙනවා.  මේ හැම ‘ශීතල ගෞරවයක්මත් ’ සහ ‘ගල් අඟුරු ගෞරවයයක්මත් (3?) ඇත්තටම දරාගෙන හිටියේ මම වගේ අවංක නිළදාරියොයි.  මුදල් නැතිව අපට මධ්‍යම පරිපාලනාධිකාරියට ඇතුළු වෙන්න බැහැ.  මුදල් නැත්නම් අපිට කරන්න කාර්යකුත් නැහැ."

“මේ අවුරුද්දේ , ජුඒෂි වලට පළගැටි උවදුරකට මුහුණ දෙන්න සිද්ධවුණා , නඟර දහතුනෙන් එක ධාන්‍යයක්වත් නෙලාගන්න නොහැකි වුණා. මේ වගකීමට උර දීලා අපේ ජීවිත බේරගන්න පුළුවන් හැම දේම කළේ ජ්‍යැං චින්ෂන්.  ඔහු සාමාන්‍ය ජනතාවට ආහාර ආධාර වගේම මුදා හරින්න වාණිජ ධාන්‍යාගාර බලහත්කාරයෙන් විවෘත කළ හින්දා තත්වය සාගතයක් දක්වා නරක් වුණා. ජුඒෂි වල  ව්‍යාපාරිකයන්ගේ ඇඟේ කටුව ජ්‍යැං චිංෂන් වුනෙත් මේ නිසාමයි. චූදු මේ සේරම ගැන දැනගෙන හිටියා. ණයකාරයෝ ඔහුගේ නිවසටම පන්නගෙන ගියා. ඔහුගේ මවට ඇගේ තරුණ වයසේදී පවා ණය ගෙවන්න රෙදි වියන්නත් සිද්ධ යුණා. නමුත් ඔහු ගෙව්වේ මොනවගේ ණයක් ද?  ඔහු රාජකීය අධිකරණය වෙනුවෙන් ණය ගෙවමින් හිටිය බව අපි කවුරුත් හොඳට දන්නවා.  නමුත් ජුඒෂි වල පළාත් පාලන නියෝජ්‍යතුමාත් අපිත් හැර වෙන කිසිම කෙනෙක් නොදන්න එක දෙයක් තිබුණා., ඒතමයි, ජොංබෝ වල හමුදා පරාජය කිරීම කාලෝචිතයි කියන එක."

“ඇයි මම එහෙම කිව්වේ? ඒ වෙද්දිත් රාජකීය භාණ්ඩාගාරය හිස් වෙලා තිබ්බා. ජුඒෂි විශාල විපතකට මුහුණ දීලා තිබ්බා. ලීබෙයි වගේම බ්‍යැන්ජුන් අශ්වාරෝහක සේනාංක වලටත් බ්‍යැන්ෂා සේනාංක එක්ක කටයුතු කරන්න තිබුණා. හේජෞ වලත් අස්වැන්න තවත් දරුණු වුණා. වසර ආරම්භයේදීම විවිධ ප්‍රදේශවල ජනතාව කුසගින්නෙන් පවා මිය ගියා.  ආදායම් අමාත්‍යාංශය මුල්ලකට ඇදලා දැම්මත් , ඒ වෙනකොටත් රාජකීය භාණ්ඩාගාරය හිස් කර තිබුණු නිසා ඒ විවිධ ප්‍රදේශවලට ආධාර සහන ලබා දෙන්න ඔවුන්ට ක්‍රමයක් තිබුණේ නැහැ.
හුආ ස'චියන් අනිත් කලාප වලට පැහැදිලි කිරීම් සිදු කරන්න සිද්ධවුණා, මහා ලේකම් කාර්යාලයේ වැඩිහිටි හායි ලියැංයීත් ගිණුම් ගැන හොයා බලමින් හිටියා. වැඩි කල් නොගිහින්ම හුආ ස'චියන් පර්වතයකුත් දුෂ්කර ස්ථානයකුත් අතරට මැදි වුණා.  මේ කාරණය ඔහුව ඉක්මන් විසදුමකට තල්ලු කළා.  ඒ වෙනකොට දීචෙංවල හුආ වංශය ඔවුන්ගේ මන්දිරය විකුණා දැමුවම, ඒක භාර ගත්තේ ෂී වංශයයි.  හුආ ස'චියන් ට අවශ්‍ය මේකෙන් රාජ්‍ය භාණ්ඩාගාරය නැවත පුරවන්න කියලා අපි කවුරුත් දන්නවනේ.  ඔහුට අවශ්‍ය වුනේ කාරණය වසන් කරන්නයි.  නමුත් ඒ තරම් හිඩැසක් ඔහුට විතරක් තනිවම පිරවිය හැකි දෙයක් වුනේ නැහැ. ඒ නිසා, හුආ ස'චියන් අනෙක් අයගෙන් ඔහුගේ ණය අයකර ගන්න පටන් ගත්තා."

“මම දන්නේ නැහැ හුආ ස'චියන්ට ඔහුගේ මුදල් ආපසු ලැබුනද කියලනම්.  ඒත් මේ කාලෙදිම වගේ තමයි බ්‍යැන්ෂා සේනාංකය චාෂි සොරොව්ව  හරහා ප්‍රහාරයක් දියත් කළේ. දුආන්ජෞ වල ආරක්ෂක භටයින් දරුණු පරාජයකට මුහුණ දුන්නා , ශෙන් වෙයි සටනින් ඉවත් වෙලා කැස්බෑවෙක් වගේ තමන්ව සඟවගත්තා. ජොංබෞ වල පරාජයන් එකිනෙක සිද්ධවුණා.  ලීබෙයි අශ්වාරෝහක සේනාංකය චීදොං පාබල භටයන් එක්ක භටයන් දෙපස ඉඳන් ශක්තිමත් කිරීම් කරන්න ආවා.  ඔවුන් බ්‍යැන්ෂ්‍යා ගෝත්‍රිකයන් ගැඹුරට විනිවිද යාම නැවැත්වූණේ චූදු වල දොරටුව අසළට යද්දී. ආයෙමත් නිජබිම ලබා ගත්තත් , සමූලඝාතනය වෙච්ච නගර ඒ වන විටත් පාළු වෙලා තිබුණා.  ජුඒෂි වලට පස්සේ සහනාධාර ධාන්‍ය නැවත සැපයීම හරියටම සිද්ධවුණේ ජොංබෞ වල ප්‍රාන්ත හයේ විතරයි."

ශෙන් ස'චුආන් වේගයෙන් දෙපයින් නැගී සිටියේ ය. කිසිදු වදනක් නොපැවසූ ​ඔහු අදුරෙහිම සිටගෙන සිටියේ ය.

ෂ්‍යාඕ චීයේ ගේ හදවතද ශීතල වී ගියේ ය. ඔහු සහ ශෙන් ස'චුආන් අතීතයේ කොපමණ උපකල්පන සිදු කළද, ජොංබෝ භටයින්ගේ පරාජය පිටුපස ඇත්තේ හිස් ධාන්‍යාගාර පුරවන්න ට හුආ ස'චියන් නිලධාරීන්ගේ ණය අයකර ගැනීම විය හැකි බව ඔවුන්ට කිසි විටෙකත් නො සිතුණේ ය. රාජකීය භාණ්ඩාගාර පරීක්‍ෂණය හේතුවෙන් අසීරු තත්ත්වයකට පත් ව සිටියෝ ය.

"ඒ ලක්ෂයකටත් වඩා වැඩි මිනිසුන් පිරිසක්."  ශෙන් ස'චුආන් තුෂ්නිම්භූතව මේසය මතට වාරු වෙමින් තමාටම සහය ව ඉදිරිය බලා සිටි අතර ඔහු ගොරෝසු කටහඬකින් පැවසුවේ ය. "ඒ... ඒ තමයි සොල්දාදුවන් හතලිස් දාහකගේ ජීවිත... ඔබ දන්නවද ඔබ මොනවා ගැනද කතා කරන්නේ කියලා..."

ශෙන් ස'චුආන් ඒ වදන් වල රැහැනට ගොදුරුව සිටියේ ය. මේ පුද්ගලයන් බලයන් සදහා අරගල කරද්දී ඔහු වසර හයක්ම පීඩිතව ගත කළේ ය.  මේ ජවසම්පන්න හා තරුණ ජීවිත හරියටම ජී මූ මෙන්ම සිටියෝ වූහ.  දුආන්ජෞ පළමු ද්වාරය විය. ඔවුන් සියල්ලෝම ඛේදජනක ලෙස මියගියහ. 
 චාෂි සොරෙවේවේ දෝංකාර දුන් ගායනය ශෙන් ස'චුආන් ගේ ජීවිත කාලය පුරාවට දුටු වඩාත් ම බියකරු සිහිනය වූයේ ය.

ජොංබෝ හමුදා පරාජය කිරීම නිසා ගණන් කළ නොහැකි තරම් පුද්ගලයෝ ගොදුරු බවට පත් වූහ.  සටනේදී මියගිය සෙබළුන්ගේ සිරුරු ගොඩගන්නට කිසිවෙකුත් නොගියේ ය. දිවි ගලවා ගත්තන්ගේ සිහින රුධිරයෙන් නැහැවී තිබුණේ ය.

මේ පීඩාකාරී වාතාවරණය තුළ, යැං චෙං ඔහුගේ හිස අල්ලාගෙන පවසන්නට විය, “මේ වතාවේ හමුදා ධාන්‍ය පිරවීම ඇත්තෙන්ම මාව බියට පත් කළා.  ජොංබෝ වලට තවමත් ගලවා ගන්න අවස්ථාව තිබ්බා , ඒත් ලීබෙයි විශ්වාස කළේ ලීබෙයි තැන්නෙන් එන ශක්තිමත් කිරීම් විතරයි.  බ්‍යැන්ෂා අශ්වාරෝහක හමුදාව ලිබෙයි බිද දැම්මට පස්සේ , මම යුග ගණනාවක් ම පුරා හෙළා දකින පව්කාරයෙක් වෙලා තියෙයි!"

“ජොංබෝ හමුදා පරාජය කරන එකත් බ්‍යැන්ෂා අශ්වාරෝහක හමුදාවේ පැමිණීමත් හරි අහම්බයක්!  හන්ෂේ ගෝත්‍රිකයෝ ඔවුන්ගේ හමුදා දකුණට මාරු කළ එකනම් අහම්බයක් නෙමෙයි;  ඒ ඔවුන්ට ආරංචියක් ලැබුණු නිසා.”

එසේ නම්, මෙවර හොංයැන් නැඟෙනහිර කඳුවැටියේදී ෂ්‍යාඕ ජීමිං සමඟ හන්ෂේ ගෝතුියන් සටන් වැදීම නිසැකවම අරුමයක් නොවේ.  බ්‍යැන්ෂා ගෝත්‍ර දොළහට තොරතුරු ලබාදීමට චූදු, ජොංබෝ, ලීබෙයි, සහ චීදොං හි පවා සෑම තැනකම මිනිසුන් සිටියහ.  ඔවුන් බ්‍යැන්ෂා ගෝත්‍ර දොළහක් පෝෂඛයකරන්නේ ඔවුන් හිවලෙකු ඇති දැඩි කරන්නාක් සේයි. එබැවින් කුසගින්නෙන් ඒ සියල්ල යටපත් වේවි.  අවශ්‍ය වූ විට ඔවුන් පිස දමා වත් ඉවත් කළ නොහැකි සියල්ලම උදුරා ගන්නට භූමියට කඩා වැදෙනු ඇත.

"තවමත් ඒවගේ දෙයක් කරන මධ්‍යම පරිපාලනයේ වෙනත් අය ඉන්නවද කියලවත් මම දන්නේ නැහැ."  යැං චෙං බියෙන් කීවේය.  “එහෙත් ඒක මේ වතාවේ ගොඩක් සමීප එකක්... දැනටමත් රාංකීය භාණ්ඩාගාරයේ සංචිත තියෙවා වගේහ මහා ලේකම් කාර්යාලයත් ආදායම් අමාත්‍යාංශයේ ගිණුම් පිළිබඳ දැඩි විගණනයක් සිදු කරනවා.  බ්‍යැන්ෂා අශ්වාරෝහක හමුදාව නැවත අපේ භූමියට මුදා හැරියොත් ඒකෙන් වෙන්නේ රාජ්‍යය විකුණා දැමීමක්.  මම දන්නේ නැහැ... මම ඒ ගැන ඔට්ටු අල්ලන්න එඩිතර වෙන්නේ නැහැ.  මගේ පුද්ගලික ලිපි හුවමාරුව නිරීක්‍ෂණය කරන අය සිටින නිසා මට චූදු වලට දැනගන්න සලස්වන්න පුළුවන් වුණේ වේගවත් වාර්ථාවක් හරහා විතරයි!”

“ඔබට ඕනේ වුණේ ඒක වෙයි හුඅයිගූට වාර්ථා කරන්න නම්…” ශෙන් ස'චුආන් එක්වරම යැං චෙංව එසැවූයේ ය. “ ඔබ වේගතවත් වාර්තාව යවන කොට එ්ක ආදායම් අමාත්‍යාංශය ඇමිණුවේ ඇයි?  මේ වාර්තාව චූදු වලට ඇතුළු වුණ පළමු මොහොතේම, ඒක වෙයි හුඅයිගූ අතට පත් වෙනවා නේද!"

යැං චෙං ගේ ගුහණය තේ බඳුනෙන් ගිලිහී ගියේ ය. බදුන කැඩී බිඳී යන හඬ පරයමින් ඔහු වෙව්ලන හඬින් පැවසුවේ ය. “නෑ නෑ!  මම ඒක අධිකරණ අමාත්‍යාංශය සදහනක් එක්ක අලවලා තිබුණා!

 ශෙන් ස'චුආන් මවිතයට පත් විය.

බියෙන් මුසපත්ව බැලූ යැන් චෙං පැවසුවේ අවිශ්වාසයෙන් යුතුව ය. “මේ වාර්තාව වෙයි හුඅයිගූ ගේ අතට පත් වුනොත් මම අනිවාරෙන් මිය යනවා!  අධිකරණ ඇමති කොං ච්‍යු ධෛර්යවන්ත කෙනෙක් බව මම දන්නවා.  ඔහු උතුම් වංශයකින් ඉපදිලා නැහැ, ඒ නිසා ඔහු කොහොමටත් වෙයි හුඅයිගූ වෙනුවෙන් ඒක වසන් කරන්නේ නැහැ.  ඒකයි මම සදහන් කළේ අධිකරණ අමාත්‍යාංශයමද කියලා ඒක යවන්න කලින් තුන් වතාවක්ම පරීක්ෂා කළේ!"

“අපිත් එහෙම කළා.” ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන්ට සහය දීම පිණිස අල්ලා ගත්තේ ය. ඔහුගේ දෑස්වල ප්‍රකාශය දරුණු විය. “මේ වතාවේ වැරදිකරුවා වෙයි හුඅයිගූ නෙමෙයි.  වෙයි හුඅයිගූට වේගවත් වාර්තාව ලැබුණම, කවුරුහරි දැනටමත් අන්තර්ගතය කියවා තියෙන බව ඔහු දැනගෙන හිටියා.  මේක නිහඬ බලකිරීමක්—ඔහුට තමන්වම ඒ වෙනුවෙන් හරවගන්න වුණා!”
 
 

 
 1.) සුදුසුකම, යුක්තිය, අඛණ්ඩතාව සහ ගෞරවය, හතර  සමාජ බැඳීම් ලෙසද හැඳින්වේ
 
 2.) රන් සහල් බඳුන; අනර්ඝ වැටුප් සහිත සහ සුරක්ෂිත රැකියාවක්.  
 
3.) 'ශීතල ගෞරවය' හා 'ගල් අඟුරු ගෞරවය', එක්ව ' ගෞරව දැක්වීම' යනු චිං රාජ්‍යවංශය තුළ 'ගෞරව ත්‍රිත්වය' පිළිකුල් සහගත පිළිවෙත් වේ


Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-