Skip to main content

අනූ තුන්වන පරිච්ජේදය : සෙනෙවිතුමා.


රාජකීය ආරක්ෂකයන් ෂුඒ වාසස්ථානය තුළට කඩා වැදී වාහල්කඩ හරහා ඇතුළට පැමිණියේ ය. විවිධ අංගනයන් වල නින්දේ සිටි සියල්ලෝම තිගැස්සෙමින් අවදි වූහ. නිවෙස් වලින් පිටතට රුගෙන වාසස්ථානයේ විවෘත ඉඩකට ඇදගෙන යද්දී කාන්තාවෝ බියෙන් ගුලි වූවෝ ය. අධිරාජ්‍ය ආරක්‍ෂකයන්ට එහි යම් කීර්තියක් හිමි වී තිබූ  අතර, මේ මිනිසුන්ගේ ඇස් හමුවේ, ශෙන් ස'චුආන් මිනිසුන් අනුභව කරන විලෝපිකයෙකි. (01.)

ෂුඒ ෂ්‍යුටි තම කබාය පැළද ඉක්මනින් පිටත​ට ආවේ ය. ෂුඒ ෂ්‍යුජුඕ ද පියස්ස යට සිටගෙන සිටිනු දුටු ඔහු , ඔහු අමනාපයෙන් යුතුව පවසමින් ඉදි​රියට ගියේ ය. “රාජකීය ආරක්ෂකයන් අපි ළඟට එන්න තරම් තමුන් මොනවද කෙරුවේ?! ඔබ අපිට කරදරයට පත් කරලා වැරුදි වලට හසුඉකළොත් , මම ඔබට ඉවත් කරලා වංශයෙන් නෙරපා හරිනවා!”

ෂුඒ ෂ්‍යුජුඕ හිස හරවා තමාගේ දරුණු දැනුමැති වැඩිමල් සහෝදරයා දෙස බලා සිටි අතර ඔහුට රිසිසේ කෑගසන්නට දුන්නේය. අනුකම්පාව මුසු උදාසීනත්වය දෑසේ රඳවාගෙන ඔහු පවසන්නට විය. ත “මුළු පවුලටම වාසනාවත් කීර්තියක් ලැබුණත් , අවාසනාව අවාසනාව පැමිණෙන්නේ ඒ පුද්ගලයෙකුගේ කරපිට ට පමණයි. වැඩිමල් සහෝදරයා බයවෙන්න අවශ්‍ය නෑ. මේ වංශයේ ප්‍රධානය වෙන්න ඔබට තියෙන අවස්ථාව බොහෝ දුරයි.”

එසේ පවසා අවසන ඔහු ෂුඕ ෂ්‍යුජුඕව පසෙකට තල්ලු කර මන්දගාමී ලෙස පියවර තබමින් ෂුඒ ෂ්‍යුජුඕ අසලට ගියේය. 

මේ ෂුඒ ෂ්‍යුජුඕ හා ශෙන් ස'චුආන් මුහුණ​ට මුහුණලා හමුවුනු දෙවන අවස්ථාවයි.  ඹුඒ ෂ්‍යුජුඕ තවම නිව්ද ගොස් නොතිබුණි. ඔහු නඩුවලට අදාළ කටයුතු මෙහෙයවීමේ අධ්‍යයන කටයුතුවල නිරතව සිට තිබුණු අතර, ඔහු වහා පිටව පැමිණ තිබුණේ නිල් පැහැති පළල් වස්ත්‍රයක් ඇඳගෙනය.  මෙම පුද්ගලයාට සන්සුන් හා නොසන්සුන් බව අතර ප්‍රභාවක් තිබූ අතර ඔහුගේ ශාස්ත්‍රීය අලංකාරය එක රැයකින් සාක්ෂාත් කරගත හැකි දෙයක් නොවීය.  ඔහුට සැබෑම හැකියාවන් තිබුණු අතර ශෙන් ස'චුආන් ට ප්‍රතික්ෂේප කල නොහැකි එකම දේ එය විය.

“මේ තරම් රාත්‍රී භාගයේදී පවා උප හමුදාපතිවරයා මගේ නිවාස්නයට පැමිණීම ගැන මම කොහොම ණයගැති වෙන්නද?” ෂුඒ ෂ්‍යුජුඕ ශෙන් ස'චුආන් හා සමාන උසකින් සිටි අතර  හේ ස්ථිරව සිට ගනිමින් ශෙන් ස'චුආන්ට පැවසුවේය. " මට ආගන්තුක සත්කාරයක් විදිහට මත්පැන් එක්ක සරල ආහාර වේලක් පිළියෙළ කරලා ඔබව පිළිගන්න තිබුණා ටිකක් කලින් පැමිණියනම්."

“මට දැන් අධිරාජ්‍ය ආඥාව ලැබුණා.  හමුදා සැපයුම් නඩුවේ සමස්ත වගකීම භාර ගන්න කියා උතුමාණන් මට නියෝග කළා.  මේක හුගක් විශාල ප්‍රශ්නයක් , අධිරාජ්‍ය ආරක්ෂකන්ට , අලස වෙන්න තරම් නිර්භිත වෙන්න බැහැ . වෙයි හුඅයිගූව වහාම ක්‍රියාත්මක වෙන විදිහට අත්අඩංගුවට ගත්තා."  ශෙන් ස'චුආන් ප්‍රධාන ශාලාවේ තිබුණු දෙපද කවි සියුම් පරික්ෂා කළ අතර ෂුඒෂ්‍යුජුඕ දෙස බලන්නට හෝ කරසර නොවෙමින් නොසැලකිළිමත් ලෙස පැවසුවේ ය.  “වෙයි හුඅයිගූ සහකාර අමාත්‍ය ෂුඒ එක්ක හොඳ මිතුරු සම්බන්ධතාවයක් පත්වාගෙන හිටියා. ඔබට සැකයෙන් මිදෙන්න අවශ්‍ය නම් , අද රාතුියේ ඔබේ නිවස අපිට පරික්ෂා කරන්න වෙනවා.”

“අධිකරණ සමාලෝචන අමාත්‍යංශය මේ නඩුව වෙනුවෙන් රාජකීය ආරක්ෂකයන්ට සහාය වන බව මම හොඳින් දන්නවා.  නමුත් මාව නිළදාරියෙක් පත්කළේ ම අධිරාජ්‍ය අධිකරණයෙන්මයි. රාජකීය ආරක්ෂකයින්ට මගේ නිවස පරීක්ෂා කරන්න අවශ්‍ය නම්, ඔබට අධිකරණ අමාත්‍යාංශයෙන් නිකුත් කළ වරෙන්තුව අවශ්‍ය වේවි." ෂුඒ ෂ්‍යුජුඕ මණ්ඩපය අවට බැලු අතර ඔහු භීතියට පත් පුදුමයට පත් මුහුණු දුටුවේ ය. “කොහොමවුනත්, මේක හදීසි කාරණයක් , ඒවගේම උප හමුදාපකි තුමාට අණ අනුව ක්‍රයා කරලා පසුව වාර්ථා කරන්නත් බලය හිමිවෙලා තියෙනවා. ෂුඒ මාමණ්ඩි , ඇතුල් මළුවෙහි යතුරු අධිරාජ්‍ය ආරක්ෂකයන්ට භාර දෙන්න. ඔවුන් පරික්ෂා කරන්න කැමති ඕනැම තැනකට ඔවුන්ව අරගෙන යන්න. ”

ශෙන් ස'චුආන් තම හිස නමා පවසන්නට විය. “ඔබ සැබවින්ම උතුමාණන් නිකුත් කළ හදිසි රාජකීය ආඥාවකට එරෙහිව කරයුතු කරනවා නම් ප්‍රවේශමෙන් වීම හොඳයි.”

ෂුඒ ෂ්‍යුජුඕ සිනහවක් පෑවේ ය. “උප සේනාධිපතිතුමා වගේ පුද්ගලයෙක් මුණගැහෙනකොට මම කල්පනාකාරීව කටයුතු කරන්න ඕනෙ තමයි. දැන් ප්‍රමාධ වෙලා වගේම පිට ශීතලයි.  උප හමුදාපතිතුමාට කිසිවක්ම සොයාගන්න නොහැකි වුනොත් , ඔබ මා එක්ක ඇතුළත​ට ඇවිත් තේ බඳුනක් පානය කරන්න කැමතිද?  මේ නිවස ඒතරම් කුඩා එකක් නෙමෙයි. සෝදිසි කරන එක අවසන් වෙද්දී හෙට, උදෑසන උසාවියත් අරඹන්න ආසන්න වෙලා තියේවි. ”

“මම තේ පානය මඟහරිනවා.” ශෙන් ස'චුආන් මන්දගාමි ලෙස අනෙක්පස හැරුණේ ය. “වැදගත් වංශවලින් තේ පැන් ඉල්ලන්න තරම් මට හැකියාවක් නැහැ.  ඉතින් ඒ කියන්නේ මට අද ආයෙමත් හිස් අතින් යන්න වෙනවා කියන එකද?"

ෂුඒ ෂ්‍යුජුඕ පවසන්නට විය. “ඒක රඳා පවතින්නේ උප හමුදාපතිවරයා මෙහෙ ඉන්නේ මොනවා වෙනුවෙන් ද කියන එක මතයි. ඒ නඩුව විමර්ශනය කරන්න නම්, ඒක ඇත්තෙන්ම කනගාටුවට කරුණක් වේවි.  මමයි වෙයි හුඅයිගූයි දැන හදුනනවා විතරයි ;  අපි කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ. ”

ශෙන් ස'චුආන් නිහඬ විය.  ඔහු ෂුඒ ෂ්‍යුජුඕ දෙස බලා සිටින විට, අධමෙක් සේ ක්‍රීඩා කිරී​මේදි දැනෙන හැගීම් හැඟීම නොපැහැදිලි ලෙස මතුවුයේ ය.  බොහෝ වේලාවකට පසු, ච්‍යාඕ ත්‍යැන්යි නැවත විවෘත භූමියට පැමිණ ඈත සිට ශෙන් ස'චුආන් වෙත හිස සැලීය.  ඔහු නැවත වරක් හිස් අතින් පැමිණි බව ශෙන් ස'චුආන් දැන සිටියේය - ෂිෆු සහ ඇදුරුතුමා දෙදෙනාම මෙහි නොසිටියේය.

“කපටි සාවන්ට වලවල් තුනක් තියෙනවා.”(2) ශෙන් ස'චුආන් මෘදුව පැවසුවේ ය.

“කටාරම පතුලේ මත්ස්‍යයින් පිහිනනවා මොහොතකට හුස්මක් අරගෙන.” (3.) ෂුඒ ෂ්‍යුජුඕ පැවසුවේ ගෞරවාන්විත ලීලාවෙනි.

“ඔබට මම අසලදි තියෙන්නෙ එකම එක අවස්ථාවයි.” ශෙන්ස'චුආන් පාද චලනය කර ෂුඒ ෂ්‍යුජුඕ හා සම වූයේ ය. “ඔවුන් කොහෙද?”

එය සඳ රහිත රාත්‍රියක් වූ අතර  , වර්ෂාවෙන් අවට තෙතව ගොස් පරිසරය ශීතල බවක් ඉසිලීය. අංගනයේ රැස්ව සිටි පිරිමීන් හා කාන්දවන් මුහුණු වසාගෙන වැළපෙමින් සිටිය හ. ෂුඒ ෂ්‍යුයී තොරතුරු කිසිත් නොදැන සිටිය ද , හේ ෂුඒ ෂ්‍යුජුඕ ශෙන් ස'චුආන්ව කූපිත කරතැයි බිය වූ නිසා , ඔහු ඉක්මනින් ඉදිරියට අවුත් ඔහු ඉදිරියේ දෑත් බැද ශෙන් ස'චුආන් ​ට ආචාර කරමින් පවසන්නට විය. “ඔබතුමා කාවද හොයන්නේ? හමුදා සැපයුම් පිළිබඳ නඩුවෙන් පලාගිය කිසිවෙක්ටත් අපි රැකවරණය සලසන්නේ නැහැ! ඉන්න හැම පුද්ගලයෙක්ම මෙතැන ඉන්නවා.  උතුමාණෙනි , කරුණාකරලා ඔවුන්ගෙන් ඕනැම විදිහකට ප්‍රශ්න කරන්න.  අපි දන්න හැම දෙයක්ම කිසිම පැකිළීමකින් තොරව ඔබට කියන්නම්! ”

ෂුඒ ෂ්‍යුජුඕ කිසිත් නොපැවසුවේ ය. ඔහු තම ෂිෆු සිටින ස්ථානය හෙළි කරන්නට අකමැති බව දුටු ඔහු, “මම රාජකීය අධිකරණයට අවශ්‍ය අපරාධකරුවන් හොයනවා.  සහකාර අමාත්‍ය ෂුඒ ගේ නිවසේ ගණිකාවන් පිරිසක් රඳවා සිටින බව මම අහලා තියෙනවා.  එය නිවැරදි ද?"

ෂුඒ ෂ්‍යුජුඕගේ දෙනෙත් දිලිසුණි. ෂුඒ ෂ්‍යුයි වහා පවසන්නට විය. “ඔව්, ඔව්, මෙහෙ ඉන්නවා! ඒත් ගණිකාවන් ඇසුරු කිරීම වගේ කාරණා අයත් වෙන්නේ ප්‍රධාන අධික්ෂණ කාර්යාලයටයි. ඔහු ඔවුන්ව සගවා තබද්දි හුගක් ප්‍රවේශම් වෙලා තියෙනවා, ඒ නිසා රාජකීය වාරකයන්ට ඒ ගැන හොයාගන්න නොහැකි වුණා. උතුමාණෙනි, උතුමාණෙනි, කරුණාකරලා බලන්න. මේ ඉන්නේ ළමයි. ඔවුන් නිකං සෙල්ලම් බඩු විතරයි. ඔවුන් රාජකීය අධිකරණයට අවශ්‍ය වෙන අපරාධකරුවන් වෙන්නේ කොහොමද?”

ෂුඒ ෂ්‍යුයු කළ ප්‍රකාශයෙන් පසු  ෂ්‍යුජුඕගේ  ගේ වතෙහි  සුළු වෙනසක් ශෙන් ස'චුආන්ට දකින්නට ලැබුණේ ය.  ඔහු තම දෑස් ඒ කෙල්ලන් හා කොල්ලන් දෙස හරවා බලා පැවසුවේ ය “ෂ්‍යැන්යුන් වෛශ්‍යා මඩමේ ඇති වැදගත්කම මොකක් ද?  එහි ඉන්න  හැමෝම ඝාතන නඩුවට සම්බන්ධව අවශ්‍ය අපරාධකරුවන් වෙනවා.  සහකාර අමාත්‍ය ෂුඒ ඔවුන්ව ෂ්‍යැන්යුන් වලින් මුදලට ගත්තේ එතරම් දෙයක් සදහන් නොකරයි. මේ ගැන අධිකරණ අමාත්‍යාංශයට දැනුම් දුන්නේ නැත්තේ ඇයි?”

ෂුඒ ෂ්‍යුජුඕ ෂුඒ ෂ්‍යුයිව පසෙකට කර කීයේ ය “මේ හැම දෙනාටම ගෘහ ලියාපදිංචිය ගැන සාක්ෂි තියෙනවා. ඔවුන් ආවේ ගණිකා මඩමකින් වුනත්, ඔවුන් අහිංසකයි. උප හමුදාපතිවරයා අද රාත්‍රියේ හමුදා සැපයුම් නඩුව වෙනුවෙනුයි ආවේ.  ඒකට ඔවුන් එක්ක කිසිම සම්බන්ධයක් නෑ, ඉතින් මොකටද ඒ ගැන කතා කරන්නේ?"

"ඔවුන් නිර්දෝෂීද නැද්ද කියන එක, අපි රාජකීය බන්ධනාගාරයට අරගෙන ගියාට පස්සේ හොයාගන්නම්." ශෙන් ස'චුආන් ආපසු හැරී පවසන්නට විය. “මේ හැමෝවම රැගෙන යන්න” 

කාණ්ඩායමේ හිදි අය එකිනෙකා වැළඳගෙන කෑ ගසන්නට වූවෝ ය.ච්‍යාඕ ත්‍යැන්යා ඔවුන්ව ඇදගෙන යන්නට පෙරමුණ ගත්තේ ය. ෂුඒ ෂ්‍යුජුඕගේ ගුරුහරුකම් මැද , ඒ පිරිමි ළමෝ කීර්තිමත් වංශවත් වංශවල තරුණ පරම්පරාව මෙන් හැදී වැඩුනෝ ය., ඉතිං රාජකීය ආරක්ෂයන් හා ඔවුන් ව සැසදිය හැක්කේ කෙසේ ද? මද වෙලාවකින් ඔවුන්ගේ විලාපයන් තවත් දරුණු වුයේ ය. ෂුඒ ෂ්‍යුයි තම දෙපා වෙව්ලන තරම් බියට පත් විය. තවමත් මැදිහත් වී ආතතිය සමනය කරන්නට සන්සුන් වදන් කිහිපයක් පවසන්නට අවැසි වු ඔහු ඒ සදහා ෂ්‍යාඕ චීයේ පිළිබඳව පවා සදහන් කළේ ය.

“උතුමාණෙනි, උතුමාණෙනි!” තමාවම ධෛර්යමත් කරගත් ෂුඒ ෂ්‍යුයි අමාරුවෙන් පවසන්නට විය. “මේ කාරණය සම්බන්ධ වෙන්නේ ලීබෙයි වලට නිසා ,  ඇයි අහන්නේ නැත්තේ , වංශාධිපතිතුමා මොනවද හිතන්නේ කියලා… මෙතන මොකකිමහරි වැරුද්දක් තිබුණොත් ,  එහෙමනම් ෂුඒ ෂ්‍යුජුඕව අරගෙන යන්න!”

ෂුඒ ෂ්‍යුජුඕ හදිසියේම ච්‍යාඕ ච්‍යැන්යාට බාධා කිරීමට පියවර කිහිපයක් ඉදිරියට තැබීය.  ඔහු කෑගැසුවේ ය, “ඔබ නිල වශයෙන් නඩුවේ හිටි​යත් රාජකීය ආරක්ෂකයන්ට තවමත් ක්‍රියා පටිපාටීන් අනුගමනය කරන්න වෙනවා!  උප හමුදාපති ශෙන්, ඔබට මගේ මිනිසුන් අරගෙන යන්න පුළුවන් , නමුත් මට අධිකරණ අමාත්‍යාංශයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දකින්න අවශ්‍යයි! ”

“ඔවුන්ව අරගෙන යන්න!” ශෙන් ස'චුආන් අසිපත රැගෙන ඔහුව පිටුපසට තල්ලු කරන්නට වූ ර ෂුඒ ෂ්‍යුජුඕ පියවරක් පසුපසට ගත්තේ ය. ඔහු පවසන්නට විය. “ඔබට අත්අඬංගුවට ගැනීමේ වරෙන්තුව ඕනේ නම් , මම ඔබ​ට ඕනැතරම් ඒවා හෙ​ට උදැසනම ලබා දෙන්නම්.!”

“ශෙන් ස'චුආන්!” ෂුඒ ෂ්‍යුජුඕ ක්ෂණිකව තම දෑත් ගසා දැමුවේ ය. "පෞද්ගලික අමනාප වලින් පළිගන්න රාජ්‍ය නිලතල බලයන් අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් මම ඔබට දෝෂාභියෝගයක් ඉදිරිපත් කරනවා!"

"එහෙනම් ගිහින් අද රෑම දෝෂාභියෝගය සඳහා ස්මාරකය ඉදිරිපත් කරන්න!"  ශෙන් ස'චුආන්ගේ ස්වරය ශීතල විය.  “මේ පුද්ගලයන් කණ්ඩායම ඉන්නෙ මගෙ අතේ.  මට මගේ ඇදුරුතුමා දකින්න නැති හැම දවසකම මම එකෙක් අයෙක්ව මරනවා!  අනුමාන කරලා බලන්න. ඔබේ වටිනා ශිෂ්‍යයන්ව මරණයට ගෙනයන එක නවත්වන්න ඔබට කොයිතරම් කාලයක් යයිද?"

“ඒ ගැන හිතන්නවත් එපා!” ෂුඒ ෂ්‍යුජුඕ හදිසියේම කෝපයට පත් විය. ච්‍යාඕ ත්‍යැන්යා ඒ වන විටත් විලාප නැඟූ හඬවල් අනෙක් කෙළවරට ඇදගෙන ගොස් ඇති බව දුටු ඔහු ච්‍යාඕ ත්‍යැන්යාගේ ගේ අතකින් අල්ලාගෙන මෙසේ කිවේ ය : “ඔබ අහිංසක සාමාන්‍ය ජනතාව හිතාමතාම අත්අඩංගුවට අන්න එකත් අපරාධ වලට අයත් වෙනවා. එහෙනම් විමර්ශනය කරන්නේ ඇයි? ඒක නවත්වන්න!”

“ඔබ ආයෙත් මාර්ගයට ගියොත්, මම ඔවුන්ව දැන්ම ම මරලා දානවා!” ශෙන් ස'චුආන් තම මාපටැඟිල්ලෙන් ඔහුගේ තලය එහි කොපුවෙන් අර්ධ වශයෙන් පිටතට ඇද්දේ දිලිසීමක් පෙන්වමිනි

මේ තරම් කලබලකාරි වාතාවරණයකදි පවා ශෙන් ස'චුආන් තම තලය පිටතට ඇදගන්නා අයුරඅ දුටු ෂුඒ ෂ්‍යුයිට බියෙන් තිතැගෙන සිටිමට නොහැකි වූ අතර හේ බියෙන්ම ක්ලාන්ත වී ගියේ ය. අසල ​සිටි සේවකයෝ "වැඩිහිටි ස්වාමිතුමනී" යැයි කෑගසමින් ඉදි​රියට අවුත් ඔහුට උපකාර කරන්නට විය.
රාජකීය ආරක්ෂකයින් විසින් පසුපසට ඇදගෙන යමින් සිටි ෂුඒ ෂ්‍යුජුඕ, රාජකීය ආරක්ෂකයින් සියලුම සිසුන් වට කර ගන්නා ආකාරය අසරණව බලා සිටියේය.

“ශෙන් ස'චුආන්!” 

ෂුඒ ෂ්‍යුජුඕ ඔහුගේ මාර්ගය අවහිර කරමින් අත ඔසවාගෙන සිටියේය, ඔහුගේ සන්සුන්භාවය අහිමිව ගියේ ය.  ඔහුගේ දෑස් රතු වී ඇති අතර, ඔහු කෝපයෙන් කෑ ගැසුවේය, “ඔබ ඔවුන්ව මරා දාන්න තරම් නිර්භීතයි.  ඔබ ඔවුන්ව මරා දමන්න තරම් හිතනවාද?!  කුරිරු මිලේච්ජයා!  ඔබ ඒ මහත්මයාගේ ශිෂ්‍යයෙක් වෙන්න තරම් සුදුසු නෑ! ”

 ශෙන් ස'චුආන් තම අශ්වයා මතට නැග ෂුඒ ෂ්‍යුජුඒගේ කෑගැසීම් හා විලාපයන් එහිම තබා පිටව ගියේ ය.

◈     ◈     ◈

ලිබෙයිහි යුද්ධ සංකේන්ද්‍රණය වූයේ සංඛ්‍යාවෙන් සහ තීව්‍රතාවයෙන් ය.  ඒ හා සමානව, බ්‍යැන්ජුන් සේනාංකයේ දී සියල්ල නිශ්ශබ්ද නොවූ අතර තවමත් අවසන් විය.

 ලූ ගුඅන්බායි විවේක ගැනීම උදෙසා තම කඳවුරට ආපසු ගියේ ය.  ඔහුගේ නියෝජ්‍ය හමුදාපතිවරයා තමා දෙසට ඤලබලයෙන් එනු දුටු ඔහු බිමට බැස තිබුණේවත් නැත.  ඔහු ඇසුවේ ය. "මොකක්ද අවුල?"

නියෝජ්‍ය හමුදාපතිවරයා මුහුණද්දි ඔහුගේ වත එතරම් හොද ස්වරූපයකින් නොතිබුණි, “සේනාධිපතිතුමා, චූදු වලින් හමුදා පරීක්ෂක නපුංසකයෙන් එවලා. ඔහු මේ වසරේ හමුදා සැපයුම් සියල්ලමත් ගෙනත්”

මොහොතක නිහැඬියාවකින් පසු, ලූ ලුඅන්බායි බැස, ඔහුගේ හිස්වැස්ම ඉවත් කර, කූඩාරමට ඇතුළු වෙන්නට තිරය එසවීය.  ඇතුළත සකස් කර තිබූ උස් ආසනය මත නපුංසකයෙක් වාඩි වී සිටියේය;  ඔහු පිඹුරු රටා සහිත වස්ත්‍රයකින් සැරසී යන්ඳුන් හිස්වැස්මක් (3) හිසෙහි පැළඳ සිටියේය.  ලු ගුඅන්බායි ඇතුළට පැමිණෙන අයුරු දුටුවද හේ ආචාර කරන්නට හෝ කරදර නොවුණේ ය.

ලූ ගුඅන්බායි ඔහුගේ දිගු හෙල්ලය පසෙකට දමා, “ගොංගොං ගමන පුරාවටම මහන්සි වෙන්න ඇති.  ඇයි ඔබ විවේකයක් ගන්නේ නැත්තේ?  මම මිනිසුන්ට කූඩාරමට පිළිවෙළකට එන්න කියලා අණ කරන්නම්.”

යිංෂී මෑතකදී උසස්වීම් ලද නපුංසකයෙකි.  ඔහුට මාලිගාවේ පිටුබලයක් තිබූ අතර, ඔහුගේ ස්වාමිවරුන් කිසි විටෙකත් බ්‍යැන්ජුන් අණදෙන ​නිළදර ලූ වංශය දෙස කාරුණිකව නොබැලූ බව ඔහු දැන සිටි අතර, එබැවින් ඔහු ලූ ගුඅන්බායි වද සැලකුවේ පහත් අයෙක් ලෙස ය.  ඔහු පවසනු ඇසුනු ඔහු සිනාසී කිවේ ය. “මෙහෙ පාළුයි වගේම නිසරු යි , මෙහෙ
 ඉන්න හැමෝම මෝඩ තකතීරුවෝ! ඒ නිසා උන් කොහොම දැනගන්නද අනිත් අයට සේවය කරන හැටි. සේනාධිපතිතුමා ඒවට කරදර වෙන්න අවශ්‍ය නැහැ. මම දැනටමත් වටපිට බැලුවා.  මේ කූඩාරම ගොඩක් අපිරිසිඳුයි වගේම අඳුරුයි නිසා වාසය කරන තරම් සුදුසු බවක් නෑ.  මෙහෙට වෙනම සංකීර්ණයක් හදන්න සැලසුම එක්ක දැව ටිකක් මිලදී ගන්න මම මිනිසුන්ව සංජඅන් වලට ඉක්මන් කළා - මට වසර භාගයක්ම මෙහෙ නැවතිලා ඉන්න වෙනවා!"

ලූ ගුඅන්බායි එතරම් හොඳ කතා කරන්නෙක් නොවීය.  හමුදා පරීක්‍ෂා කරන නපුංසකයන් සෑම විටම මෙවැනි මවාපෑම් සිදුකරන බව  ඔහු දැන සිටි අතර, ඔහුද කතා කරන්නට තරම් එය ගණනකට ගත්තේ නැත.  ඔහු ඔහු ආරක්ෂක අත්පැසුම ගලවා දැමූ අතර , ඒ යකඩ හම් ඉවත් කිරීමත් සමඟම අපිරිසිදු රුධිරය බිම පතිත විය .  මෙයි දඅටු යිංෂී භීතියෙන් මුසපත්ව නාසය වසාගෙන කෑ ගැසුවේය. “ඒක මේ තරම් දුරට නරක් වුනේ කොහොමද?!”

නියෝජ්‍ය සේනාධිපතිවරයා ළයෙහි වු  වැස්ම ඉහපට ඇද්දේ ගුඅන්බායි වෙනුවෙන් එය වෙළීමේ අදහසිනි.  ඔහු තුවාලය දුටු විට පවසන්නට විය., “හමුදාපතිතුමා , ඒක හුගක් දරුණු විදිහට සීරීමට ලක් වෙලා!  අපිට හමුදා වෛද්‍යවරයා ගෙන්වාගෙන බලන්න වෙනවා.”

ලූ ගුඅන්බායි ඔහු කට වසාගන්නැයි ඉගි කළ අතර ඔහු අනෙක් පස හැරි තම කළවයෙන් කිනිසුසක් ඇද ගත්තේ ය.  ඔහ් මත්පැන් කුවාලයට මත්පැන් වත් කරන අතරේ , හේ තලය ඉටිපන්දම් දැල්ලට අල්ලා රත්වන තෙක් බලා සිටියේ ය. නියෝජ්‍ය සේනාධිපතිවරයා ඔහු වෙනුවෙන් අත් කබාය ඉහලට එසවූයේ ය. යිංෂී මින් පෙර කිසි දිනෙක මෙතරම් කෘරතර පුද්ගලයෙකු දැක නොතිබුණේ ය. කුණු වූ මස් උදුරා දමන හඬට සවන් දුන් ඔහුගේ අතපය සීතල වී ගියේය.  ලූ ගුඅන්බායි තුවාලයට බෙහෙත් ඉස නියෝජ්‍ය හමුදාපතිවරයා ලවා ඔහු වෙනුවෙන් එයට වෙළුම් පටියක් දමා ගත්තේය.

“අශ්වාරෝහක හමුදා සමඟ කටයුතු කරන්න අපහසුයි.  යෙදවීමේ මෙහෙයුමක් නැතිව , අපට සීමා කළ පරාසයෙන් පිටතට යන්න බැහැ, අප ආක්‍රමණය කිරීමේ සටන්වලදි ​​නිරතම ඉදිරියටත් පසුපසටත් ගමන් කරනකොට අපට ස්වාභාවිකවම මේ ගැන කරදර වෙනුන අපහසුයි."  තම තුවාලය පිරිසිදු කළ ලූ ගුඅන්බායි දණහිසට ඇණතියාගෙන යිංෂී දෙස බලා සි​ටියේ ය. “ගොංගොං පැමිණියේ හමුදා සැබයුම් එක්කද?” ඔහු ඇසුවේ ය.

යිංෂී ඔහුගේ පිළිකුලත් ඔක්කාරයත් බලහත්කාරයෙන් ආපසු හරවා ගෙන ඔහුගේ හිස වැනුවාය.

 ලූ ගුඅන්බායි නැගී සිට පැවසුවේ ය. "මම ගිහින් බලන්නම්."

ඒ සමඟම ඔහු තම නියෝජ්‍ය හමුදාපතිවරයා සමඟ කූඩාරමෙන් බැස හමුදා සැපයුම් දෙසට ගමන් කළේය.  හමුදා සැපයුම් පරිවාර සහ ප්‍රවාහනය කළ අය ඒ වන විටත් ඉවත් වී හමාරය.  ලූ ගුඅන්බායි ධාන්‍යාගාරයට ඇතුළු වී රළු ගෝනියක් විවෘත කළේය.  එහෙත් ඔහු තුළ ඇති සැපයුම් දුටු විට ඔහු නළල රැලි ගැන්වීය.  ඔහු ඒවා මිට​ට ගන්නට හස්තය යොමු කළේ ය. - ඒ සියල්ල තෙත් සහල් සහ පුස් වී ගිය පිටි විය.

“හමුදාපතිතුමා.” නියෝජ්‍ය හමුදාපතිවරයා පවසන්නට විය. “මේ වතාවේ තෙක් සහල් සහ පුසු පිටි විතරක් නෙමෙයි. එවලා තියෙන පුමාණයත් හරිම කණගාටුදායකයි. අපේ බ්‍යැන්ජුන් සේනාංකයෙ මිනිසුන් විසිදාහක් ඉන්නවා. ඒ වගේම ගරිල්ලා සටන් වල නිරත වෙන්න හැම දවසකම භට පිරිස් යවනවා.  මෙහි බොහෝ ධාවනයන් සම්බන්ධ වෙනවා , ස්වභාවිකවම පරිභෝජනය කරන ආහාර ප්‍රමාණය ද ඉහළයි - ඒවා අනෙක් අණදෙන නිළධාරීන් හතරේ ඉන්න හමුදා භට පිරිස් සමඟ සසදන්න බැහැ.  මේ සැපයුම් වලින් සරත් සමය වෙනකල් අපිට ඉන්න බැහැ! ”

ලූ ගුඅන්බායි තම කැළැල් සහිත අත්ලෙන් ඒ ධාන්‍ය ආපසු එහිම දැමුවේ ය. “ලේකම් කාර්යාලයේ වැඩිහිටි හායි  අපි ගැන නිතරම සොයා බැලුවා.  පසුගිය වසරේ හමුදා සැපයුමුත් ඉතා ඉක්මනින් වෙන් කරලා තිබ්බා.  මේ වතාවේ ප්‍රමාණය අඩු වෙන්න හේතුවක් තියෙනව ද?”

නියෝජ්‍ය ගේ ළය බර වී ගියේ ය. කිහිප වතාවක්ම ඔහුට යමක් පවසන්නට අවැසි වූ බව පෙනුනමුත් පසුව ඔහු එය වළක්වා ගත්තේය.

 ලූ ගුඅන්බායි පවසන්නට විය. “ඔබට මොනවහරි කියන්න තියෙනවනම් කියන්න.  මේ මොන එහෙකටද?  කවුරුහරි ඔබේ කට වහලා දායි කියල ද?"

“හමුදාපතිතුමා!” නියෝජ්‍ය හමුදාපතිවරයා කෝපයට පත්ව සිටියේ ය. ඔහ් ඉදිරියට ගොස් ඒ ධාන්‍ය අල්ල​ා බලද්දී , ඔහුගේ හැගීම් වැඩි වූයේ ය. හේ වෙව්ලන දුක්මුසු ස්වරයෙක් පැවසුවේ ය. “ඔවුන් අපට දුන්නේ අඩුවෙන්! ඒ ඇයි?  ඒ සේරම ලිබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාවට මාරු කරන්න ඔවුන් ඉක්මන් වුණ නිසා නෙමෙයි ද?!  මොන මගුලක්ද!  ලිබෙයි සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක හමුදාවට හොඳ මිනිසුන් සහ සොල්දාදුවොු. අපේ බ්‍යැන්ජුන් සේනාංකයේ ආරක්ෂක භටයෝ සේරම පහත් අවජාතකයෝ! ඔවුන් කවදත් ප්‍රිය කළේ ඉහළින් සිටින අයව පොළඹවා ගෙන පහළ සිටින අයට හිරිහැර කරන්නයි.  ඔවුන්ට හැකි සෑම අවස්ථාවකදීම ඔවුන් ඔබව පාගා දැමුවා!  නමුත් අපි මෙතනදි යුද්ධයන් වලිට ම්හුණ දෙනවා!  අපි හැමෝම මෙහෙ ඉන්නේ අපේම ජීවිත පරදුවට තබමින්, ඉතිං ඔවුන්ට තමන් ට ඕනැ විදිහ​ට ක්‍රීඩා කරන්න පුළුවන් වෙන්නේ මොනවගේ හේතු මතද?! අපේ බ්‍යැන්ජුන් සේනාංකය එක්ක ඔවුන්ට තියෙන ප්‍රශ්නෙ මොකක් ද?!  අපි දැනටමත් මේ තරම් දුප්පත් වෙලා , ඔවුන්ට තවමත් අවශ්‍ය වෙන්නේ හැම පැත්තකින්ම අපිට අඩුවෙන් සළකන්නයි! ආහාර ප්‍රවාහනය කළ පරිවාර නිලධාරීන්ගෙන් මම සරත් සෘතුවේ දී මොනවද කරන්නේ කියලා ඇහුවා, ඔවුන් පැවසුවේ ය. රාජකීය අධිකරණය අපට කිව්​වාලු පුවේශමෙන් පාවිච්චි කරලා අපිට ම අපි ගැන බලාගන්න කියලා!  අපට සුදුසු යැයි හැඟෙන විදිහට කරන්න කියලා. උන්ව හරවලා ආපසු අපායටම හරවලා යවමු!"

නියෝජ්‍ය හමුදාපතිවරයා අත මිට මොලවා ගත්තේය.

“ලිබෙයි වෙත සපයන්න අවශ්‍ය නිසා  චීදොංවල හමුදා සැපයුම් අඩකින් අඩු කළා.  නමුත් අනෙක් අණ දෙන නිලධාරීනුත් සටන් කරන්න අවශ්‍යයි නේ ද?!  ඔවුන්ට කෑමට ආහාර සැපයීමට තවමත් හමුදා ක්ෂේත්‍ර තියෙනවා, නමුත් අපට අනුභව කරන්න පුළුවන් හැක්කේ හිස් වාතලය!  සරත් සමය ආවම , බ්‍යැන්ෂ්‍යා දො​ළොස්  ගෝත්‍රවල අශ්වයන් තර වෙවි. ඒ කාලෙට, සටන්බකරන එක වඩාත් දුෂ්කර වේවි!  මේ ධාන්‍ය ටිකෙන් අපි…”

“තව එක වචනයක්වත් පවසන්න එපා!” ලූ ගුඅන්බායි නියෝජ්‍ය ජෙනරාල්ට බෙරිහන් දෙමින් ඔහුව තම මාර්ගයේ නතර කළේය.  ඔහු බොහෝ වේලාවක් අඳුරේ සිටගෙන සිටියේය.  අවසානයේදී, ඔහු පිටත තරු පිරුණු අහස දෙස බලා ගොරෝසු හඬින් පැවසුවේ ය. "... මම ක්‍රමයක් කල්පනා කරන්නම්."

බ්‍යැන්ජුන් සේනාංකයේ අනතුරු ඇගවිම සදහා දල්වන අග්නි කුළුණු ඈතට ඇදි ගිය භූමි අතර නිශ්ශබ්දව සිටගෙන සිටි අතර , රාත්‍රිය, අපිරිසිදු ජල ප්‍රවාහය මෙන් වූ අතර මේ විවරය මුද්‍රා තබා ඔවුන්ට ආලෝකය දකින්නට බාධා කළේය.  ලූ ගුඅන්බායිට අනෙක් හමුදාපතිවරුන් තිදෙනාගේ කීර්තිමත් භාවයත්  නොතිබුණි.  ඔහු කාන්තාරයේ අද්දර පිහිටි මුරණ්ඩු පර්වතයක් මෙන් තුන් දිශාවකින් ම ලැබෙන පීඩාකාරී තර්ජන දරාගෙන ඔහුගේ මෆදු සිරුර දරදඩු දර කැබැල්ලක් කරවන තෙක් බලාගෙන සිටියේ ය.  ඔවුන්ගේ ලූ වංශයේ බොහෝ මිනිසුන් මිය ගොස් ඇත.  ලු පිංයන් ගේ හෙල්ලය උරුම වූයේ ඔහුට පමණය.

ඔහු මේ තරම් මන්දගාමී නුවණක් ඇති කෙනෙක්.  තවද ඔහුට මෙය අප්‍රිය විය.  ෂ්‍යාඕ ජීමිං සහ චී ජූයින් සතුව තිබූ ස්වභාවික දක්ෂතා කිසිවක් නොතිබූ ඔහු , ඔහුගේ වයස අවුරුදු කිහිපයේදීම ඔහුට නමක් දිනා ගත්තේය.  ඔහු ලූ පිංයැන් ගේ බාල සහ මෝඩම පුත්‍රයා විය.  එහෙත්, ලූ පිංයැන්ගේ විශ්‍රාම ගැනීමෙන් පසු බ්‍යැන්ජුන් ආඥාපතිත්වය දැරුවේ ද එවැනි "ඔහු" වැනි අයෙක් ය.  බ්‍යැන්ෂා අශ්වාරෝහක හමුදාවට විනිවිද යාමට හා ඉදිරියට යාමට අවශ්‍ය වූ උපායමාර්ගික ඡේදය ඔහුගේ හුස්ම හිර කළේය.  ඔහුට ස්වාමියෙක් සිටියේ නැත;  ඔහු ලූ පිංයැන් පසුපස කාන්තාරයට ගොස් කහ වැලි වලින් පිටතට ඇදෙමින් තම ශිල්පය ඉගෙන ගත් සෙන්පතියෙකි.  ඔහු අන් අයට සැලකුවේ අවංකව ය.  ඔහු ... කැළැල් වලින් පිරී සිටියේ ය.

අද රාත්‍රියේ ලූ ගුඅන්බායි නිදාගත්තේ නැත.  හමුදා සැපයුම් හිඟය විසඳීමට ක්‍රමයක් ගැන සිතාගත නොහැකිව ඔහු කඳවුරට පිටුපස තිබූ පස් බෑවුම මත තම හෙල්ලය බදාගෙන වාඩි වී සිටියේ ය.  චී ජූයින් ට පංච නිළදාරීන් පිළිබඳ අධිකරණ බලය තිබුණි.  මේ වසර ගණනාව පුරාම ඇය ඔවුන්ට මූල්‍ය ආධාර ලබා දීම සඳහා ඇයගේ පෞද්ගලික ඉතුරුම් හිස් කර තිබුණි.  ඔහුට සෑම විටම චී ජූයින්ගෙන් උපකාර ඉල්ලා සිටීමට නොහැකි විය.  නිවසේ සිටි ඔහුගේ මහලු පුද්ගලයාත් ද තවමත් අසනීපයෙන් සිටි නිසා, මුදල් ණයට ගැනීම සඳහා ඔහුගේ අසනීප ශරීරය එහා මෙහා ගෙන යන ලෙස ලූ පිංයැන්ගෙන් ඉල්ලා සිටීමට ඔහුට නොහැකි විය.

නියෝජ්‍ය හමුදාපතිවරයා ලූ ගුඅන්බායි හුදකලා ව සිටිනු දුටුවේ ඔහු මධ්‍යම රාත්‍රියේ නැඟිට සැහැල්ලුවෙන් සිටින විටය.  ඔහුට අවශ්‍ය වූයේ ඔහුට ගොස් විවේක ගන්නා ලෙස පැවසීමටයි, නමුත් ඔහු ළං වීමට පෙර, ලූ ගුඅන්බායි නැමී සිටිනු දැක ඔහුගේ පාමුල ඇති පස ස්පර්ශ කිරීමට අත දිගු කළේය.  දිගු කාලයකට පසුවත් ලූ ගුඅන්බායි හිස එසවූයේ නැත.

___________________________________

අරුත් පැහැදිලි කිරිම

1.)  වෘකයෝ සහ ව්‍යාඝ්‍රයෝ = දුෂ්ඨයෝ, පීඩා කරන්නෝ.

2.) කපටි හාවෙකුට වලවල් තුනක් තිබෙයි;  ශිල්පීය පුද්ගලයෙකුට සැඟවී සිටීමට ස්ථාන එකකට වඩා තිබෙයි, නැතහොත් කපටි පුද්ගලයෙකුට ආපසු පසුබසින විට සැලසුම් එකකට වඩා තිබෙන බව හඟවයි.

3.)  බඳුනේ පතුලේ පිහිනන මාළුවෙක්; ඉරණම මුද්‍රා තබා ඇති පුද්ගලයෙකු හෝ දරුණු අනතුරක සිටින පුද්ගලයෙක් පිළිබඳ හඟවයි.

4.) පුද්ගලයෙකුගේ හැකියාවන් ද සඳහන් කළ හැකිය.  මෙහි බලපෑම ඔහුගේ හැකියාවන් ඔප්නැංවීම ලෙස ද ගත හැකිය.


Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-