වර්ෂාව නවතින විට ආකාශය සම්පූර්ණයෙන් අදුරු වී තිබුණේ ඝණ වලාකුළු අතරින් පෙරී එන වලාකුළු වල සිහින් ආලෝක කදම්භයන් ද සමඟය. කළු පැහැ පාවහන් පැළැන්දෝ එහෙ මෙහෙ යමින් බිම මත පතිත වී තිබූ ජලයන් මතින් ඇවිද ගිය අතර විසිරි ගිය මඩ වලවල් ස්වර්ගයේ මුදුන් කොතක් සේ පෙනුණේ ය. මේ මොහොත සැබවින්ම ගිම්හාන කාලයේ ආරම්භය වූව ද , චූදු තවමත් වැසි සමයේ පහස විඳින බවක් පෙනෙන්නට තිබුණි : අඟනුවරේ අයවලුන් අවසන් වරට පැහැදිලි අහසක් දැක දැන් දවස් කිහිපයක් ම ගතවී තිබුණි.
මඳ විවේකයක් ලබාගෙන සිටි හායි ලියැංයී , තයිෂි අසුනේ සිට සැර වැඩි තේ බඳුනක් පානය කරමින් සිටියේ ය. ඔහු මහළු වූයෙන්, ඔහුට තම මනස ස්ථාවර කර ගැනීමට අපහසු වූයේ ය. ඔහඅට දැනටමත් තෙහෙට්ටුව දැනී තිබුණේ ය. එහෙත් ඔහු වටා ගමන් කරන නිලධාරීන් තම තමන්ගේ රාජකාරී වලට සහභාගි වෙමින් සිටි අතර, අතිනත හුවමාරු කර ගන්නා වාර්ථාවට ද ඔහුගේ පරීක්ෂාව හා අනුමැතිය අවශ්‍ය විය. ඔහුට විවේක ගැනීමට නිදහස තිබුණේ නැත.
“වැඩිහිටි ලේකම්තුමනී.” කොං ච්‍යු ඔහුගේ මේසය මත තිබූ නඩුවලින් තාවකාලික විවේකයක් ගෙන, ඔහු පහතින් අසුන්ගෙන සිටි හායි ලියැංයී ට ගෞරවාන්විතව පැවසුවේ ය. “මේ වතාවේ හමුදා සැපයුමේ සිද්ධියට ආදායම් අමාත්‍යාංශය වගකියන්න ඕනේ. මේ ශිෂ්‍යයා දැනටමත් කාර්යාල ත්‍රිත්වයේ ඒකාබද්ධ නඩු විභාගය වෙනුවෙන් අධිරාජ්‍යයාගෙන් ඉල්ලීමක් කරලා තියෙන්නේ. මේ කාරණය කල් දමන්න බැහැ. ඔබ මොනවද හිතන්නේ , අද රෑ මේ ශිෂ්‍යයා අත්අඩංගුවට ගන්න එක ආරම්භ කළොත්?"
හායි ලියැංයී තේ බදුනෙහි වූ පෙණ පසෙකට කරමින් පිළිතුරු දීම ප්‍රමාද කළේ ය. ඔහු කවුළුව දෙස හැරී යමක් කීවේ බොහෝ කල්වේලා ගතවුණු පසුව ය. “මම මෙච්චර වෙලා හිදගෙන ඉදලත් මට හුඟක් වෙහෙසයි. උතුමාණන් දැන් ඔහුගේ භෝජන භුක්ති විදිමින් ඉන්නවා ඇති. එන්න.ඇවිත් මා එක්ක පිටත ඇවිදිමු.”
කොං ච්‍යු පෞද්ගලිකවම හායි ලියැංයී ගේ පිටත කබාය නපුංසකයාගෙන් රැගෙන ඔහුට පෑළදවුයේ ය. මිනිසඅන් දෙදෙනාම කාර්යාලයෙන් පිටතට පැමීණියහ. මේ වන විටත් පිටත අදුරෙන් වැසී තිබුණි. කොං ච්‍යු ආලෝක පහණනක් ද අතැතිව කාර්යාල සංකීර්ණයේ තිබූ කුඩා ගෙවත්තෙහි හායි ලියැංයී පසුපස ඇදුණේ ය.
“ඔබට අවශ්‍ය වෙයි හුඅයිගූව අත්අඩංගුවට අරගන්නයි , ඒ කටයුත්තේ කිසිම වරදක් නැහැ.” බලාපොරෙතේතු වූ තරමටත් වඩා , හායි ලියැංයීට රාත්‍රියේ හමන සිසිල් සුළඟ සුවපහසු ලෙස දැනුණේ ය. ඔහු මන්දගාමීව තවත් පියවර කිහිපයක් යමින් පවසන්නට විය. “මේ සිදුවීමෙදි වඩාත්ම සැළකිලිමත් වෙන්නේ දේශසීමාවල ස්ථාවරත්වය ගැනයි. ඔබ වෙයි හුඅයිගූට ඕනැවට වඩා ලිහිල් විදිහට නොසලකා ඉන්න ඕනේ. ඒක නිවැරදිව නීතියට අනුව හසුරවන්න.”
හායි ලියැංයීට තමා හට යමක් පවසන්නට තවමත් ඉතිරිව තිබෙන බව අනුමාන කළ කොං ච්‍යු ඔහුගේ මාර්ගය ආලෝකමත් කළේ ය. ඔහු තම ආමන්ත්රණ ස්වරූපය වෙනස් කළේ ය. “මම ඇදුරුතුමා කී විදිහටම කරන්නම්. මේ ශිෂ්‍යයත් හිතන්නේ ඒ විදිහටමයි. ඔහු මේ වතාවේ කොයිතරම් නිර්භීතව හැසිරුණාද කියනවා නම් අධිරාජිණියට ඔහුව ආරක්ෂා කරන්න අවශ්‍ය වුනත් එය කරන්න නොහැකි වේවි. මේ ශිෂ්‍යයාට පෙනුන විදිහට ඔහු මේ අවුරුද්දෙ දි ඕනැවට වඩා දේවල් කළා. මීට කලින් ඔහුට මේ ගැන අනතුරු අගවන්න ඕනැම කෙනෙක්ට හැකියාව තියෙනවා. හමුදාමය කටයුතු අනෙක් රාජ්යමාත්ය කටයුතු වලේ නෙමෙයි. මේ කාරණයෙදි කොහොමටවත් ඉවසමින් සමාව දෙන්න බැහැ.”
“ලීබෙයි කුමාරයා යුධ සන්නාහ සන්නද්ධව ආයෙමත් වතාවක් යුධ පිටියට පිවිසීම ම චූදු වලට කරන අනතුරු ඇගවීමක්.” හායි ලියැංයී නැවතුණේ ය. ඔහුට තව දුරටත් ස්වර්ගය සහ මනුලොව අතර වූ ආලෝකය දක්නට නොලැබුණේ ය. ඔහු බොහෝ වෙලාවක් නිහඬව හිද පවසන්නට වූයේ ය. “ෂ්‍යාඕ ෆංෂු තමයි වෘක නායකයා. මේ වසර කිහිපය පුරාවටම හුආ සහ ලීබෙයි අතර තිබුණ බල අරගලයෙදි ඔහු අයහපත් සෞඛ්‍ය තත්වය නිසාම ඔහු කවදාවත් ලීබෙයි වලින් පිටතට ආවේ නැහැ. ඔහු ෂ්‍යාඕ ජීමිං කායිකවත් මානසිකවත් පීඩනයට පත්වෙන හැටිත් ෂ්‍යාඕ චීයේ අඟනගරය කුළත් සිරවී ඉන්නවත් බලාගෙන ඉන්නවා. ඔහු තමන්ගේ පුත්‍රයන් දෙන්නයම භයානක තත්වයකට ඇද දමලා තියෙනවා. ඇයි ඔබ හිතන්නේ ඔහු එහෙම කළා කියලා?”
හායි ලියැංයී ගේ ස්වරයෙන් පීඩාවට පත් කොං ච්යුගේ යටි සිත දැඩිව බර වූයේ ය. ඔහු පැවසුවේ ය. “අනුග්‍රහ කරනවා. ලිබෙයි කුමාරයා ඔහුගේ පත්රයන්ට අනුගුාහකත්වය සපයනවා. දිගුකාලීනව චූදු වල බලකොටුවක් විදිහට ගෞරවනීය වංශ පත්වෙලා තියෙනවා , ඔහු දේශසීමාවෙ ඉඳන්ම 'නීතිය' බිඳ දැම්මා. සමහර විට ඔහුට ආයෙම වතාවක් ඉදිරියට යන්න අවස්ථාව ලැබෙන්න තිබුණා. නමුත් ඔහු පසුබැස්සා."
“ඔහු පසු බැස්සා. ඒත් වැන්දඹු අධිරාජිණියට ඒක වැටහුණේ නැහැ.” කායිකවත් මානසිකවත් වෙහෙසට පත්වූ බවක් දැනුණු හායි ලියැංයී පැවසුවේ ය. “වැන්දඹු අධිරාජිණියට එය වැටහුණේ නැහැ, වෙයි හුඅයිගුට තිහා ගෞරවනීය වංශවලටත් ඒක වැටහුණේ නැහැ. ෂ්‍යාඕ ෆංෂූ නීතිය උල්ලංඝණය කළා ඒවගේම ඔහු පසුබැස්සේ බය නිසා නෙමෙයි. ඒ දජෞ සහ ලීබෙයි අතර තියෙන ස්වෛරී මිත්‍රත්වයට එකඟ වුණ නිසයි. ඒත් ඔවුන් පවසන විදිහට ඕනැම කෙනෙක් සීමාවට ළඟා වුණාට පස්සේ හැම දෙයක්ම ප්‍රතිවිරුධ විදිහට සිදුවෙනවා. මේ තරම් හදිසියේ ෂ්‍යාඕ වංශය ඔවුන් පසුපස හඹා ගිහින් ප්‍රහාර එල්ල කරා කියන්නේ ෂ්‍යාඕ ෆංෂුට ආපසු හැරෙන්න බලකළා වගේ.
අනාදිමත් කාලයක ඉඳලම , ඇතිවෙන බල අරගල නවත්තන්න නොහැකි වුනා. ඒත් යුද්ධය සම්බන්ධව දි , බොහෝ විට ඇතිවෙන තත්වය බලාපොරොත්තු රහිත අශුභ තත්වයකට කරවනවා. ජොංබෝ බලඇණි ෂියන්දේ ගේ සමයෙදි පරාජයට පත්වුණා. අනිත් අතට , ඒ කාලයේ රාජකීය අධිකරණය පිරි තිබුණේ රාජ්‍ය කටයුතු පාගා වනසා දමලා අවුල් ජාලාවක් කළ දූෂිත නිළදාරීන්ගෙනුයි! දැන් අපිට නැවතත් ඒ ගැටළුව මතුවෙලා තියෙනවා , අපිට අභ්‍යන්තරව වගේම බාහිර ගැටළු වලටත් මුහුණ දෙන්න වෙලා තියෙනවා.”
හායි ලියැංයී කහිද්දී කොං ච්‍යු ඔහුට සහය වෙන්නට උත්සහ කළද ඔහු එය ප්‍රතික්ෂේප කළේ ය.
“දේශීය ආධාර සහන වෙනුවෙන් වියදම් දරන්න රාජකීය භාණ්ඩාගාරයට අමතර සම්පත් ඇත්තේ මේ වසරට විතරයි. ශ්‍රෙෂ්ඨ හමුදාවන් ද්විත්වය වෙනුවෙන් හමුදා සැපයුම් ප්රශ්නය සමථයකට පත් කරලා ජුඒෂි වැසියෝ හොඳින් අපේක්ෂා කළ විදිහටම ජීවත් වුණා. ලීබෙයිත් බ්‍යැන්ජුන් වලත් ආඥාපතිවරු ස්ථාවර වුන නිසා , දක්ෂ අමාත්‍ය ජ්‍යැං චිංෂන් ජොංබෝ මාරු කරන්නත් නියමිතව තිබෙනවා. ඒ එක්කම ජොංබෝ වල පුනර්ජීවනය ගැන බලාපොරොත්තුවක් තියෙනවා. රාජකීය විද්‍යාලය තව තවත් වර්ධනය වෙනවා වගේම නිහතමානී පසුබිමක් සහිත විද්වතුනුත් ක්‍රමයෙන් වැඩිවෙමින් තියෙනවා. ප්‍රධාන නිරීක්ෂණ කාර්යාංශය ට නායකත්වය දෙන්න සෙන් යූ ඉන්නවා. ඉදිරියට එන දක්ෂතා අතර යූ ෂ්යාඔසායි ඉන්නවා. අධිරාජ්‍යයා වුනත් තවදුරටත් විනෝදයන් වලට ඇලී ගැලී ඉන්නෙ නැහැ. ” හායි ලියැංයී තූළ වූ ශෝකය ක්‍රමයෙන් සේදී ගියේය. "මම මුලදී සිතුවේ දජෞ වල නව උදාවක් ආරම්භ වෙන්න නියමිතව තියෙනවා කියලයි, ඒත් දැන් මම කොයිතරම් කැමැත්තෙන් හිටියත් මගේ සිරුර දුර්වල තත්වයකට පත්වෙමින් තියෙනවා."
කලබල වූ කොං ච්‍යු ඔහුට සහය වීම වෙනුවෙන් හායි ලියැංයීව බලහත්කාරයෙන් අල්ලා ගත්තේය. ඔහුගේ දෑස් රත්පැහැ ගැන්විනි. “ඇයි ඇදුරුතුමා මේ වගේ අධෛර්යමත් කරන වදන් පවසන්නේ? ලිබෙයි කුමාරයා කිසිසේත්ම ඒවගේ පුද්ගලයෙක් නෙමෙයි. මේ ශිෂ්‍යයා මේ වතාවේ නඩු විභාගයේ මුලසුන හොබවනවා. මම අනිවාර්යයෙන්ම ලිබෙයි වපට මේ අසාධාරණය විඳින්න දෙන්නේ නැහැ. දේවල් ආපසු හරවන්න තවමත් අවස්ථාවක් තියෙනවා! ”
කෙසේ වූවද, හායි ලියැංයී ඒ වෙනුවෙන් කිසිත් නොපැවසුවේ ය. දජෞ වල පැවැත්ම වෙනුවෙන් ඔහුට මේ කෙසඟ සිරුර තව කෙකරම් කල් ඇදගෙන යා හැකිවේවි ද? ඔහු තනිවම තත්වය බේරා ගැනීමට නොහැකි වූ එක් මිනිසෙක් පමණක් වූයේ එක් ගොඩනැගිල්ලක්තනිවම සාදා නිමකරන්නට නොහැකි ලෙසය. ඔහු අන් අයගෙන් වෙනස් විය ; ඔහුට ගෞරවනීය වංශ මෙන් නොසැලකිලිමත් ලෙසත් පුතිපත්ති රහිත ලෙසත් ක්‍රියා කරන්නට නොහැකි වූ අතර ඔහුට සම්පූර්ණයෙන්ම ලිබෙයි වෙත හැරෙන්නටද නොහැකි විය. ඔහු මහා ලේකම් කාර්යාලයේ ප්‍රධාන ලේකම් වූ අතර, ඔහු සහාය දැක්වූයේ ලී ජියන්හෙං ට ය. ලබා දී ඇති තත්ත්වය තුළ සමතුලිතතාවය පවත්වා ගෙන යන තීරණයක් ගන්නට ඔහුට සිදු විය. මේ තීරණය නිසා ඔහුව සම්පූර්ණ විනාශයක් කරා ගෙන යා හැකි වුවද, ඔහු තවමත් එය කළ යුතු වූයේ ය.
“ලීබෙයි වල කෝපය දැනටමත් ඇවිළිලායි තියෙන්නේ. දැන් ෂ්‍යාඕ ෆංෂූ ඔහුගේ හමුදාවන් එක්ක නැගෙනහිර හොංයැන් කදුවැටිය වෙනුවෙන් සටන් කරනවා. ඒත් යුධ තත්වය සමතයකට පත් වුණාට පස්සේ , ඔහු අනිවාර්යයෙන්ම මේ සිද්ධියේ පාඩුව චූදු වලින් පියවන බවට සැකයක් නෑ.”
හායි ලියැංයී කාශ හඬින් සන්සුන් වූයේ ය. “කාලය ආවහම, ඔහු කොයිතරම් කෝපයට පත්වෙලා හිටියත් ,අපි ෂ්‍යාඕ චීයේව නිදහස් නොකර ඉන්න ඕනේ , ලීබෙයි පරම්පරාගත කුමාරයගේ බිරිඳ ලූ යුජී ට උපන් මුණුපුරු උරුමය සහිත ෂ්‍යාඕ ෂුන්ව ඔහු වෙනුවෙන් මාරු කරන්න කැමැත්තෙන් හිටියා වුනත්. ඔහු තමන්ගේ පුතුයෝ දෙන්නවම මේ වගේ ඛේදජනක තත්වයකට ඇද දැම්මේ අද වගේ දවසකදි දැඩිව කටයුතු කරයි කියන බලාපොරොත්තුවෙන්. ෂ්‍යාඕ ජීමිං දරුණු විදිහට තුවාල ලබලා , ඒවගේම දැන් ඔහුට පහතට බහින්න කාලය හරි. ෂ්‍යාඕ චීයේ තමන්ගේ තරුණ වියේදිම තමන්ටම කියලා නමක් හදාගත්ති , ෂ්‍යාඕ ෆංෂූ ඔහුගේ ක්‍රොධය අවුලවන්න වසර හයක්ම චූදු වල සිරකරලා තිබ්බා. ඉතිං දැන් මේ ව්‍යාජ අසිපත තමන්ගේ මව්බිම ගැන ගෞඑරවාපූරුවකව සළකනවා , ඔහුට ආපහු යන්න ඉඩ දෙන එකෙන් අනාගත ව්‍යවසනයේ බීජ වැපිරීමක් වේවි. එය හරියට කූඩු කල කොටියෙක් නැවතත් කන්දට මුදා හරිනවාක් හා සම වේවි.
මම දැනටමත් ඉන්නේ මේ තරම් ම වයසට ගිහින්. බෝ රන්, මට තව දුරටත් අල්ලගෙන ඉන්න බැහැ! අපි ලීබෙයි වලට හොඳින් සළකන්න ඕනේ, ඒත් අපි ඔවුන් බැද තබාගන්න ලණුව අත් නොහැර ඉන්න ඕනේ. මම දන්නවා මම මියගියාට පස්සේ බොහෝදෙනෙක් මට ඔළුව අවුල් වුණ මහල්ලෙක් කියලා බැනවිදන බව. ඒත් බෝ රන්, කවුද එඩිතර වෙන්නේ ලීබෙයි අපිට එරෙහි නොවේවි කියලා? එහෙම නැත්තං චීදොං කැරලි නොගසාවි කියලා ? අද ෂ්‍යාඕ ෆංෂු ඉන්න නිසා කොහොමහරි ඒක ඉවසාවි, ඒත් කවදාහරි සේනාධිපති අසුන හොබවන්න ඉන්න ෂ්‍යාඕ චීයේ වගේ කෙනෙක් ඒක ඉවසාවිද? දජෞ වලට මේ සේරගෙම බර දරන්න බැහැ! මම ලීබෙයි වලට දිය යුකු දේ ගැන වගකීම භාර ගන්නම් ; කිසිම භාණ්ඩයක් අඩු නොවී තියෙන්න ඕනේ. මේ වතාවේ , වෙයි හුඅයිගූ හමුදා සැපයුම් නැවත විකුණන්න තරම් නිර්භීත වුණා. ඔබ ඉදිරියට ගිහින් නීතියේ හැටියට ඔහුගේ හිස ගසා දමන්න! කවුරුහරි අනුකම්පාය අයැදුවොත් , මම ඔහුට විරුද්ධව නැවත වරක් දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන්නම්! ”
කොං ච්‍යු එය පිළිගනිමින් හඬ නැගුවේ ය.
හායි ලියැංයී තවත් කිසිවක් නොපවසමින්ම මද විරාමයක් ගත්තේ ය. “හමුදා පරීක්ෂණ වාරණය අවශ්‍ය නොවෙන විදිහට මම ලීබෙයි කුමාරයාට ලිපියක් යවන්නම්. මේ වතාවේ , කරදර අවුස්සන පරික්ෂක නීළදරයන් ඉන්න රාජකීය අධිකරණය ට මේක පවරන්නේ නැ. ලිබෙයි වල හැම ප්‍රධාන වගේම සුළු හමුදා කටයුත්තක්මත් තවමත් ලිබෙයි කුමරු ම කළමනාකරණය කරාවි.”
"හමුදා පරීක්ෂා කරන වාරනය ඉවත් කරන්න අධිරාජිනිය එකඟ නොවේවි කියලයි මට බය." යි පවසන්නට පෙර කොං ච්‍යු මඳක් පසුබට විය.
“ඇයි දජෞ වලට අධිරාජ්‍යයෙක් නැද්ද? රජයේ කටයුතුවලට අන්තඃපුරය මැදිහත් නොවිය යුතු බව සියවස් ගණනක් පැරණි නීතියක්. මේ වතාවේ එය තීරණය කිරීම ඇය සතු දෙයක් නෙමෙයි. අනික යුද්ධයක් කරන එක විහිළුවක් නෙවෙයි. අනුන් අතේ හුරතල් වෙන්න විතරක් දන්න කුලප්පු වුණ නපුංසකයින් කිහිප දෙනෙක් යවන එකේ ඇති ප්‍රයෝජනය මොකක් ද? ඒක නිකම් ආහාර නාස්තියක් විතරයි.”
හායි ලියැංයී තවත් පියවර කිහිපයක් ඉදිරියට යමින් පවසන්නට විය, “හැම සේවකයෙක්ම ස්වර්ගීය පුත්‍රයාගේ පුද්ගලික සේවකයෝ විදිහටයි සළකන්නේ. යාමෙන් විසිහතර 'අභ්‍යන්තර අධිකරණය' විදිහට හදුන්වන්න පුළුවන්. මාලිගාවේ බොහෝ කලක් වාසය කරපු ඔවුන් මිනිසුන්ගේ දුක් වේදනා ගැන දන්නේ නැහැ, ප්‍රඥාවන්තයන්ගේ මාර්ග ගැන තේරුම් ගන්නෙත් නැහැ. පෑන් රුගුයි නපුංසක පාසලට ගිය නපුංසකයෙක්, නමුත් ඔහු කළේ විශ්වාසවන්ත, අවංක මිනිසුන් කොටු කර රාජ්‍යයට හානියක් කිරීම විතරයි. නුවණැති අයෙක් නම් අවදානම කල්තියා බලා අවම කරගන්නවා. නපුංසක පාර්ශවය දැන් තුරන් කරලා තියෙනවා, අපි ඔවුන්ට තවත් අවස්ථාවක් ලබා නොදෙන්න ඕනේ. මම දැන් ලේඛනය කෙටුම්පත් කරන එක චෙන් ජෙන් ලවා කරව ගන්නම. ඒක අද රාත්‍රියේදි අධිරාජ්‍යයාට ඉදිරිපත් කරන්න."
ෆුමන් අනෙක් පස සිට පහන් කූඩුවක් අතැතිව ඔවුන් සොයා ආයේ ය. ඔහු ඔවුන් අසලට යන්නට එඩිතර නොවූ අතර දුර සිට ආචාර කර ගාම්භීර හඬින් පැවසුවේ “ලේකම් තුමනි, ගෞරවනීය අමාත්‍යතුමනි , කරුණාකර මේ පැත්තෙන් . ඔබව ශාලාවට කැඳවලා තිබෙනවා."
හායි ලියැංයී නිහඬ හඬකින් පිළිතුරු දඅන්නේ ය. ඔහු ෆුමන් දෙස හෝ කරුණාවෙන් නො බැලුවේ ය. කොං ච්‍යු ඔහුගේ හස්තය ආධාර කරගනිමින් ඔහු සමඟ ආපසු පිටවිය. ඔහු හායි ලියැංයී ගේ සිරුරට මෙතරම් සමීප වූ විට පමණක්, මහා ලේකම්වරයා කෙතරම් කෘෂ වී ඇත්දැයි ඔහුට වැටහුණි. අඳුර මධ්‍යයේ ඔහුගේ වත පැහැදිලිව නොපෙනුණත් ඔහුගේ හදවතේ ශෝකය සහ අනුකම්පාව පිහියක් මෙන් අැනී යනු ඔහුට දැනුනි.
◈ ◈ ◈
ෂ්‍යාඕ චීයේ නැවතත් ඔහුගේ හිස් පළඳනා ඔටුන්නත් වස්ත්‍රයත් නැවත සකසා ගත්තේ ශාලාවට යන්නට පෙරය. මේ මොහොතේ ෂුඒ ෂ්යුජුඕද අවසානයට වන්නට පැමිණ සිටියේ ය.
“හමුදා සැපයුම් පිළිබඳ කාරණයට විශාල වැදගත්කමක් තියෙනවා , ඒකට නිලධාරීන් සහ වෙළෙන්දන් අතර නීති විරෝධී ලාභ ගැනීමට සම්බන්ධ වෙනවා. ඒක ප්‍රාදේශීය නිලධාරීන්ට අහිතකර බලපෑමක් ඇති කරනවා. ඒවා කඩිනමින් සහ දැඩි විදිහට විසඳ ගන්න බැරි නම් , ඒ අපිරිඳු පුද්ගලයෝ ඒක සුළු කොට තකලා නීතියෙන් බැහැරව ඉදිවි. ” දිගු හුස්මක් ගත් සෙන් යූ ඔහුගේ නොඉවසිලිමත් බව පාලනය කරගනිමින් පැවසුවේ ය “උතුමාණෙනි , අද රාත්‍රියේ විමර්ශනත් නඩු පැවරීමත් ආරම්භ කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මුලින්ම, වෙයි හුඅයිගූව බන්ධනාගාරයේ සිරගත කරලා , වෙයි වංශයේ ගිණුම් පොත් සහ වාසස්ථාන මණ්ඩප ගැන විමසිල්ලෙන් ඉන්න සලස්වන්න. අයතු විදිහට උපයාගත් මුදල් හුවමාරු කරන්න ආබාධයෙන් ප්‍රයෝජන ගන්න ඔවුන්ට ඉඩ දෙන්න බැහැ. ”
ලී ජ්යන්හෙං ද සම්පූර්ණ දිනක් හා රාත්‍රියක් ද නිදිවර්ජිතව ගත කළ අතර ඔහු තම දෑස් විවර කරගෙන සිටීමට නොහැකි තරම් වෙහෙසට පත්ව සිටියේ ය. ඔහු තරමක් අපහසුවෙන් හිස වනමින් කියා සිටියේ ය. “හමුදා ප්‍රතිපාදන ප්‍රධාන ප්‍රශ්නයක්. ඔහුඉකාරණය අවුල් කර දැමුවා. ඔහුව මරණයට පත් කළත් නැත්තං ඔහුගේ දේපළ මුද්‍රා තැබුවත් , මහ ලේකම් කාර්යාලයට ඔහු සමඟ කටයුතු කරන්න පුළුවන් තමන්ගේ අභිමතය පරිදි වගේම සුදුසුයි කියලා හැඟෙන විදිහට."
“මේ නඩුවට ප්‍රවේශ වීම කෙතරම් දුරදිග ගිහින් තියෙනවද කියනවා නම් , ජ්යැ චිංෂන්ට පවා නඩු විභාගය තෙක් ඔහුගේ තනතුරේ රැඳී ඉන්න වෙලා තියෙනවා. අනික, වෙයි වංශය කියන්නේ පුළුල් ව්‍යාපාරික අධිරාජ්‍යයක් සහිත විශාල වංශයක්. අධිකරණ අමාත්‍යංශය තනිවම ක්‍රියා කිරීමත් එක්ක මාස භාගයක් ඇතුළත එය කළ නොහැකි වේවි කියලයි මම හිතන්නේ." ෂ්‍යාඕ චියේගේ මාපටැඟිලි මුදුව ඔහුගේ මාපටැඟිල්ල සහ මාපටැඟිල්ලේ ඇතුලත මංශය කොටස දක්වා අතර අවකාශය මෘදු ලෙස අතුල්ලමින්, මෘදු හා මන්දගාමී ලෙස කැරකෙන්නට වූයේ ය. ඔහු පැවසුවේ ය. “ඒ වගේම, අධිකරණ කාර්යාල ත්‍රිත්වයේ වසංගත නඩුවේ ඒකාබද්ධ නඩු විභාගය තවමත් විභාග වෙමින් තියෙනවා. වෙනත් තැන්වල සමාන නිළ-වෙළඳ සහයෝගීතා සිද්ධීන් මතුවීමෙන් ආරක්ෂා වෙන්න, ප්‍රධාන අධීක්ෂණ කාර්යාංශයට තවමත් විවිධ ප්‍රදේශවල ගිණුම් පරීක්ෂා කරන්න පුද්ගලයින් නිදහස් කරන්නත් වෙනවා. මට පෙනෙන්නේ හැම කෙනෙක්ටම තමන්ගේම දුෂ්කරතා තියෙන නිසා ඒ හා සමානව ම මිනිස් බලය හිඟයි කියන එකයි."
"වංශාධිපතිතුමාගේ කාරණය නිවැරදියි." ෂුඒ ෂ්‍යුජුඕ මෘදු කටහඬකින් යුතුව දිගටම කරගෙන ගියේය. “ඒත් හැම දෙයකටම තමන්ගේම වැදගත්කමක් වගේම හදිසිතාවයක් තියෙනවා. ලිබෙයි මේ වෙනකොට යුද්ධයක යෙදී ඉන්න නිසා හමුදා සැපයුම් පිළිබඳ කාරණය ප්‍රමුඛත්වය ගන්නවා. අධිකරණ අමාත්‍යාංශය සහ ප්‍රධාන අධීක්ෂණ කාර්යාංශය ස්වාභාවිකවම මේ කාරණයට මුල් තැන දෙන්න ඕනේ. ඒක කිසිසේත්ම ප්‍රශ්නයක් නැහැ. ”
අධමයෙක් සේ ලී ජ්යන්හෙංට ෂ්‍යාඕ චීයේ යමක් ඉගි කරන සේ පෙනෙන්නට විය. නමුත් ෂුඒ ෂ්‍යුජුඕ ගේ බාධා කිරීම් සමඟ, ඔහු එය දිගටම කරගෙන යන්නේ කෙසේදැයි දැන සිටියේ නැත. දෙකොපුල් සූරමින් ඔහු හායි ලියැංයී දෙස බලා සිටියේ ය. “මොකද හිතන්නේ ලේකම් කාර්යාලයේ වැඩිහිටි තුමනි” හේ ඇසුවේය.
හායි ලියැංයී ඒ කිසිවෙක් දෙස නොබැලුවේ ය. මද වෙලාවකට පසු , ඔහු පැවසුවේ ය. "අධිකරණ කාර්යාල තුනේ ඒකාබද්ධ නඩු විභාගය දීර්ඝ කාලයක් තිස්සේ නඩුව ඇදගෙන යාවි කියලා ඔබතුමා කනස්සල්ලට පත්වෙලාද ඉන්නේ?"
ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය. “ අධිකරණ කාර්යාල ත්‍රිත්වයේ ඒකාබද්ධ නඬු විභාගයේ කාර්යක්ෂමතාම හරිම සංකීර්ණයි. වෙයි හුඅයිගූ මෙතරම් කාලයක් ඉහළම ස්ථානයේ සිටියා. ඔහුගේ චින්තනය සහ ක්‍රම සියල්ලම සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා වෙනස්. අපි ඔහුව වැඩි කාලයක් ළඟ තබා ගත්තොත් එයින් තවත් සංකූලතා ඇති කරාවි කියලයි මම කනස්සළු වෙන්නේ.”
ජී ල්යැංහෙන් ක්ෂණිකව එය කපා දැමුවේ ය. “ඒක හරි. වෙයි වංශය හැම වෙලාවකම වැන්දඹු අධිරාජිණියට ගෞරවය පෙන්වනවා. මේ නඩුව දිගු කලක් ඇදී ගියොත්, අධිරාජිනිය කනස්සල්ලෙන් යටපත් වෙලා ඇගේ සෞඛ්‍යය පිරිහෙන්ක තුඩු දේවි කියලා මටත් හිතෙනවා."
"නමුත් අධිකරණ කාර්යාල ත්රත්වයේ ඒකාබද්ධ නඩු විභාගයකින් තොරව, අපට එහි තියෙන විවිධ ලාභ ඉපැයීම් තියෙන ලිහිල් අවසානයන් හොඳින් විමර්ශනය කරන්න නොහැකි වේවි." එයට එකග නොවෙමින් කොං ච්‍යු පැවසුවේ ය. “මේ පුද්ගලයන් මේ තරම් නිර්භීත වෙන්නේ ඔවුන්ව ආරක්ෂා කරන්න වෙයි හුඅයිගූට ඉඩ ලැබෙනකම් විතරයි. ඔවුන් හැමෝටම නිදහසේ වැඩ කරන්න ඉඩ දෙන එක විශාල ව්‍යසනයක් වේවි. ”
“මම කාලය ගැනත් කනස්සල්ලෙන් ඉන්නේ. අපි විමර්ශනය නොකර ඉන්න ඕනේ කියා නෙමෙයි මම පවසන්නේ. ” ෂ්‍යාඕ චීයේ ලී ජ්යන්හෙං දෙස බැලීය. "මට කියන්න එපා මේ වෙනුවෙන් චූදු ගන්න එකම ක්‍රියාමාර්ගය මේක විතරයි කියලා නම්?"
ලී ජ්යන්හෙංගේ මනසට යම් අදහසක් පැමිණි අතර ඔහු තම කලවයට තට්ටු කරමින් එහි වස්ත්‍රයේ වූ නූල් ඇද දැමුවේය. “වේගවත් පරීක්ෂණයක් වෙනුවෙන්, අපි රාජකීය ආරක්ෂකයන්ට ඒක හසුරවන්න ඉඩ දෙමු! ෂී හොංෂුආන් කුප්‍රකට කොල්ලකරුවන් එක්රැස් කළ පෙර කාරණය සම්බන්ධයෙන් ශෙන් ස'චුආන් ඉතා වේගවත් ව වැඩ කළා. ඇයි ඔහුට මේ නඩුව භාර ගන්න දෙන්නේ නැත්තේ?”
ෂුඒ ෂ්‍යුජුඕ පවසන්නට විය, “මේක විශාල නඬුවක්. ඒක රාජකීය ආරක්ෂකයින්ගේ උප අණදෙන නිලධාරියාට භාර දෙන්න සිදු නොවේවි කියලයි මම හිතන්නේ. ශෙන් ස'චුආන් ඔහුගේ නිළ තරාතිරමට අනුව සීමිත පරාසයකයි වැඩ කරන්නේ. එය සේනාධිනායක හැන් චෙං වෙත භාරදීම වඩාත් සුදුසුයි.
ෂ්‍යාඕ චීයේ සිය බැල්ම ෂුඒ ෂ්‍යුජුඕ ගේ මුහුණ වෙත යොමු කර සිනහවක් දක්වන්නාක් සේ තම දෙතොල් දෙපසට කළේ ය. ඔහු පවසන්නට විය, “ඒක හරි. ශෙන් ස'චුආන් නඩුව භාර ගන්න සුදුසු නැහැ. ඔහු තරුණයි වගේම අත්දැකීම් අඩු අයෙක්. ඔහුට මා කෙරෙහි දිගු කලක ඉඳන් වෛරයක් තියෙනවා. අපි එය ඔහුට භාර දුන්නොත් මට සන්සුන් ව ඉන්න බැරි වෙයි. ”
ඊට ප්රතිවිරුද්ධව, ඉදිරියට යාම සඳහා ඔහුගේ පසුබැසීම හායි ලියැංයී ඒත්තු ගැන්වීණි. හන් චෙං ෂ්‍යාඕ චීයේ සමඟ ද යම් මිත්‍ර සබඳතා ඇති බව හායි ලියැංයී දැන සිටියේය. ෂ්‍යාඕ චීයේ මෙය භාවිතා කර මේ නඩුව හැසිරවීමත් සමඟ බොහෝ දුර යා හැකි යැයි ඔහු කනස්සල්ලට පත්ව සිටියේය. එබැවින් ඔහු එය සෑම විටම ෂ්‍යාඕ චීයේ සමඟ අමනාප වූ ශෙන් ස'චුආන් ට හැසිරවීමට භාර දෙනු ඇත. මිනිසුන් දෙදෙනාම එකිනෙකාට විරුද්ධ ලෙස සිටගෙන එකිනෙකා අන්‍යෝන්‍ය වශයෙන් නිරීක්ෂණය කළ නිසා, අපිරිසිදු උපක්‍රම ක්‍රීඩා කරන්නටත් නඩුව විකෘති කරන්නටත් කිසිවෙකුටත් නොහැකි වනු ඇත.
“උතුමාණෙනි, මේකෙන් ඇත්තටම වෙන්නේ අගතියක් විතරයි. ශෙන් ස'චුආන් ඇත්තටම තරුණයි අත්දැකීම් අඩු අයෙක්, නමුත් එය අධිරාජ්‍ය නියෝගයක් මගින් ඔහු පළමු වරට උසස් කංලා වගේම එහිදී ඔහු එකිනෙක දුෂ්කර අවස්ථා සමඟ කටයුතු කළා. ඔහුට තවත් අත්දැකීම් ලබා ගන්න ඉඩ දීමත් හොඳ දෙයක්. ” හායි ලියැංයී , ලී ජ්යැංහෙන් වෙත හැරී පවසන්නට විය. "මේ නඩුවේ ප්‍රධාන විමර්ශකයින් විදිහට රාජකීය ආරක්ෂකයන් ඉඳිමෙන් යන්නෙන් අදහස් වෙන්නේ ඒක රාජකීය බන්ධනාගාරය විසින් හසුරුවන බවයි, ඒවගේම ශෙන් ස'චුආන් උතුරු විනිසුරුවරයා බවටත් පත්වුණා. ඔහුගේ නිලධාරි මට්ටම අනුව රාජකාරි සහ රැකියා වගකීම්, ඔහුගේ නඩුව හසුරවන්න යුක්ති සහගත සහ සාධාරණ විදිහට බලපානවා. වේගය ඉලක්ක කර ගනිමින් නොකඩවා ඉඳිම නුසුදුසු බව විතරයි හැඟෙන්නේ. අපි අධිකරණ කාර්යාල ත්‍රිත්වයෙන් ඒකාබද්ධ නඩු විභාගය මඟ හරිමින් හිටියත්, අධිකරණ කාර්යාල ත්‍රිත්වය අධීක්ෂණය කරන්න තවමත් අවශ්‍යතාවක් තියෙනවා. අධිරාජ්‍යයාණෙනි ඔබ මොනවද සිතන්නේ?”
හායි ලියැංයී මෙයින් කළේ අනුග්‍රහයක් සැපයීම බව ලී ජ්යන්හෙං දැන සිටියේ ය. ඔහු ෂ්‍යාඕ චීයේ කෙරෙහි ඕනෑවට වඩා පක්ෂග්රාහී වෙන්නට එඩිතර වූයේ නැත, එබැවින් ඔහු ක්ෂණිකව එකඟ විය. “අද රාත්‍රියේ විමර්ශනය ආරම්භ කරන්න මම ඔහුට වහාම ආඥාව නිකුත් කරන්නම්.”
මිංලී ශාලාවේ නොකඩවා දින දෙකක් පැවති නිල සාකච්ඡා අවසානයේ මොහොතකට නතර විය. සියල්ලන්ටම ආපසු පැමිණ රාත්‍රියක් විවේක ගැනීමට සිදු විය. ඔවුන් ශාලාවෙන් පිටතට යන විට, ලී ජ්යැංහෙන් විශේෂයෙන් නපුංසකයන්ට හායි ලියැංයී සිටි ගමන් රථය දොරටුව අසලට රැගෙන යාමට ඉඩ දුන් අතර ඔහු අශ්ව කරත්තයෙන් ගමන් කළේ ය කොං ච්‍යු හා සෙසු අය එක්ව පිටතට ගියහ. ෂ්‍යාඕ චීයේ ඔවුන්ගෙන් සමුගෙන තනිව පිටව ආවේ ය.
කොං ච්‍යු ෂ්‍යාඕ චීයේ පිටව යන ආකාරය දෙස බලා සුසුම්ලමින් පැවසුවේ ය., "මම දකින විදිහට, ඔහුට අධිකරණ අමාත්‍යාංශය විශ්වාස කරන්න තරම් බිඳුණු හදවතක් නැති නිසාම නඩුවේ මුලසුන හොබවන්න හැන් චෙං සමඟ එක්ව එය විමර්ශනය කරන්න අවශ්‍ය වෙලා වගෙයි."
සෙන් යූ පඩිපෙලෙන් බැස යමින් කීවේය, “ඒවුනාට බලන්න හන් චෙං කවුද? ලේකම් කාර්යාල වැඩිහිටියා ශෙන් ස'චුආන් තෝරා ගත්ත එක නිවැරදි. යැන්චිං කෙලින්ම නිවසට ද යන්නේ?"
ෂුඒ ෂ්‍යුජුඕ සිනහවකින් මුව සරසාගෙනම ඔවුන් හා ගමනට එක් වූයේ ය. “ඔව්. මම මේ දවස් ටිකේ කාර්යාල පරිශ්‍රයේ විවේක ගත්තා. මම අද රාත්‍රියේ ආපසු ගිහින් සූදානම් කර ගන්නත් ඕනේ. දින කිහිපයකට පස්සේ විසඳා ගන්න තවමත් නඩු තියෙනවා. ”
සෙන් යූ ඔහුගේ කනිෂ්ඨයන් ඉතා සැලකිල්ලෙන් යුතුව පෝෂණය කළ අතර, ඔවුන් බොහෝ විට උසස් කළේය. ඔහු ප්‍රධාන නිරීක්ෂණ කාර්යාංශයේ යූ ෂ්යාඕසායිට පෞද්ගලිකව මඟ පෙන්වූ අතර, ඔහුගේ උපදේශය යටතේ ඔහුගේ වෘත්තීය ජීවිතය මල්පල ගැන්වුණු අතර, ඔහු ඉඳහිට ශෙන් ස'චුආන්ට ද උපදෙස් ලබා දුන්නේය, ඒ සියල්ල සැලකිලිමත් වීම නිසාය. ඔහු ෂුඒ ෂ්‍යුජුඕ ගේ දක්ෂතා ද අගය කළේය, එබැවින් ඔහුගේ මේ වදන් ඇසූ විට, ඔහුට ඔහුව ධෛර්යමත් කරන්නට සිදු වූයේ ය.
මාලිගාවේ දොරටුව අසලින් මිනිසුන් තිදෙනාම තම තමන්ගේ අශ්ව කරත්තවලට නැග්ගෝ ය.
රාත්රියේදී ෂුඒ ගේ නිවසේ සේවකයාට ද්වාරයට තට්ටු කරන ශබ්දයක් ඇසුණු අතර, ඔහු තම ඇඳුම් ඇඳගෙන පිටතට පැමිණියේය. දොරෙන් පිටත සිටගෙන සිටියේ ඔවුන්ගේ තල සහිත ගාම්භීර පෙනුමක් ඇති රාජකීය ආරක්ෂකයින්ය. ඔහු තිගැස්සී ගියේය. ඔහුට ප්‍රශ්න අසන්නට කාලය ලැබීමට පෙර, පෙරමුණේ සිටි ච්‍යාඕ ත්‍යැන්යා විවේකීව ද්වාරය හැර එහි මිනිසා පසෙකට තල්ලු කළේය.
"ඔබ ආහාර ගත්තද? දැනට නම් තවමත් වේලාසන වැඩියි, ඒ කියන්නේ ඔබ තවමත් ඔබේ ආහාර වේල අර ගෙන නැත. ඒ නිසා රාජකීය ආරක්ෂකයින් වෙන අපිටත් ආහාර හදන්න කියලා මූළුතැන්ගෙට දන්වන්න. ඔබ එහි ඉන්න අතරතුර, හැමෝටම කතා කරන්න. අපි වාසස්ථානය සෝදිසි කරනවා."
සේවකයා ඔහුව නතර කරන්නට ඔහුගේ පහන් කූඩුව ඔසවා කෑගැසුවේය, “උතුමාණෙනි, ඔබ මෙහෙම කරන්නේ කොහොමද? ඔබ සෙවුම් වරෙන්තුව ඉදිරිපත් කළේ නැහැ-"
"නිල රාජකාරිවලට බාධා කරන සහ සෝදිසි කිරීම් සහ අත්අඩංගුවට ගැනීම් නවත්වන සියලුම දෙනාව රාජකීය බන්ධනාගාරයට අරගෙන යන්න." ශෙන් ස'චුආන් දොරටුව අසල සිටගෙන පවසද්දී ඔහුගේ බැල්ම රෞද්‍ර හා අනුකම්පා විරහිත ලෙස පෙනුණේ ය. "ෂුඒ ෂ්‍යුජුඕ ට කියන්න මම ඔහුව සොයන බව."
_______
T/N : මෙච්චර කල් හිතංහිටියේ හායි ලියැංයී හොඳයි කියලා. බලං ගිහාම නරකයි නේ
❤️❤️❤️❤️
ReplyDelete❤️❤️❤️😍
ReplyDelete