“මේ ගමන සිද්ධවුනේ හරිම කලබලකාරි වාතාවරණයක් මැද , ඉතිං මට ඔබට පණිවිඩයක් ගේන්න බැරිවුණා.” සුඕ ච්යැන්ච්යුගේ වැහි කබායෙන් අඩක්ම තෙතබරිත වී තිබුණේ , ඔහු තම සම්පූර්ණ ගමන පුරාවටම අශ්වයා මාරු කිරීමට හැර කිසිදු විවේකයක් ලබා නොතිබූ හෙයිනි. ඔහු තම හඩ අඩු කරමින් පැවසුවේ ය. “ජීමිං ආයෙමත් කඳවුරට ඇවිත් ඉන්නවා , හමුදා වෛද්‍යවරයා ඔහු ගැන හොදින් හොයාබලනවා … ඒ ගැන කරදර වෙන්න එපා.”
නමුත් සුඕ ච්යැන්ච්යු ෂ්‍යාඕ ජීමිංගේ තුවලෙ කෙතරම් බරපතලද යන කොටස මඟ හැරියේ ය. ෂ්‍යාඕ චීයේ තම හිස අර්ධ වශයෙන් පහතට එල්ලා ගත්තේ ය. සුළු නිහඬතාවයකින් පසුව ඔහු පවසන්නට විය “තුවාල වල තත්වය කොහොමද?”
සුඕ ච්යැන්ච්යු වර්ෂා සහිත රාත්‍රිය දෙස බලමින් පවසන්නට විය. “ ඔබටත් මටත් මෙතැන සිටගෙන පවසන්නට පුළුවන් බොහොම ස්වල්යක් විතරයි. ජීමිංට ලැබුණ ආහාරත් නරක් වෙලා තිබුණා. ජාඕ හුයිත් ඒ උගුලට අහු වුණා. භට පිරිස් තමන්ගේ රෝගි වුණු සිරරුත් එක්කම ගිහින් යුධ පිටියෙදි අමූ'එර් ව සටන් කරන්න අපහසුම පුදිගලයාට මුහුණ දුන්නා. ජීමිංට කැපුම් තුනක්ම වෙලා තියෙනවා. වටලෑමෙන් පිටතට යන්න ඉතිරිව සිටි සොල්දාදුවන් දස දෙනෙක් හරි ඊට වැඩි වැඩි පිරිසකට නායකත්වය දෙන අතරේ තමන්ගේ අශ්වයව බිම හෙලලා ඔහුව තමන්ගේ පිටුපස තබාගෙන මෙහෙයෙව්වා."
ෂ්‍යාඕ චීයේ තම හස්තය මම මිට මොළවාගත්තේ ය.
සුඕ ච්යන්ච්යූ
ගේ දෑස් අදුරු බවකින් පිරී තිබුනත් ඔහු සන්සුන් ලෙස පවසන්නට විය. “ජීමිං පසුගිය කාලය පුරාවටම සටනට ගියේ
සෞඛ්‍ය තත්වය එතරම් හොඳ මට්ටමක නැතිව තියෙද්දී යි. ඔහු වසර ගණනාවක් පුරාවටම සටන් කළා. මතුපිටින් ඔහු හොදින්
ඉන්න බව පෙනෙන්නට තිබුණත් ඇත්තම තත්වය ඔහු තවමත් පැරණි රෝගාබාධ වලින් පීඩා විදිනවා
කියන එකයි. මේ වතාවෙ මේ
තත්වය නිසා ඔහුගේ සෞඛ්‍ය තත්වය තත්වය තවත් නරක අතට හැරුණා. මේ අවස්ථාව යොදාගෙන වසර භාගයක් ඇතුලත
විවේක අරගත්තොත් , ඔහුට තමන්ගේ ශරීරයේ ශක්තිය නැවතත් ගොඩනගාගන්න පුළුවන් වේවි.”
එය එසේ වූවද
, සු ඕ ච්යන්ච්යූ සහෝදරයන්
දෙදෙනාටම උගන්වා තිබුණි, ඔහු
දෙදෙනාගේම ස්වභාවයන් මනා ලෙස හදුනාගෙන සිටියේ ය. ෂ්‍යාඕ ජීමිං පිටතින් මෘදු ලෙස පෙනුනද අභ්‍යන්තරයෙන් දැඩි
අයෙකු විය. ඔහුට ඔහුගේ පියා ෂ්‍යාඕ ෆංෂූ ට මෙන් අසාමාන්‍ය ලෙස ශක්තියෙන් හෙබි සෞඛ්‍යමත්
බවක් උරුම ව නොතිබුන සේම ෂ්‍යාඕ ෆංෂූ ගේ දැඩි නාසයේ නැම්ම පවා ඔහුට නොතිබුණි. ඔහුට
කුමනාකාරයෙ අඩුපාඩු තිබුණද , ඒ
සියල්ලම ෂ්‍යාඕ චීයෙට ලැබී තිබුණි. සමහරවිට
වෙනකෙකු වූවානම් ඊර්ෂ්‍යාවෙන් පසුවේවි. නමුත්
ෂ්‍යාඕ ජීමිං තම පවුලට මහත් සේ ආලය කළෙ ය. ඔහු තුළ ස්වභාවිකවම ලීබෙයි කුමරියගේ දයානුකම්පාවත්
, කරුණාවත් ගැබ්වී තිබුණු අතර එබැවින් ඔහු කිසි විටෙකත් තම බාල සොහොයුරා පාගා දැමීමේ
සිතුවිල්ලක් හෝ චේතනාවක් ඇති කර ගත්තේ නැත. ඔහුතමා ඔවුන්ගේ ආරක්ෂකයා ලෙස සිතූ අතරම ඒ නිසාම තම තුවාල
තනිවම සුව කරගන්නට හැකි සෑම දෙයක්ම සිදුකළේ ය. මේ අවුරුදු ගණනාවටම වේදනාවෙන් හඬා වැටී නොතිබුණි. ලූ ගුඅන්බායි
ඔහුද මනුෂ්‍යයෙක් බව පුන පුනා කීවද , ඔහු
සම මනුෂ්‍ය සිතුවිලි සඟවාලමින් , ලීබෙයි
වල භාරකරුවා වන්නට තමාටම බල කර ගත්තේ ය.
කෙසේ වූවද
, මෙවර ලැබූ යුධමය පරාජයෙන්
ෂ්‍යාඕ ජීමිං තම ජීවිත කාලයෙන් අඩක්ම වැයකර උපයාගත් තේජස
හා ගෞරවය වීනාශ ව තිබුණේ ය.
මේ මොහොතේ
ෂ්‍යාඕ චීයේ තමා මෙහි සිරවී සිටීම පිළිබඳ තදින්ම පිළිකුල් කළේ ය. ඔහුගේ තුවාල ඔහු තමා
බැද දමා තිබූ යදම් වලට එරෙහිව සටන් කරන වාරයක් පාසාම වේදනා දෙන්නට විය. ඒ සියල්ලම දැන්
රුධිරයෙන් නැහැවී හමාරය. ඔහුගේ බැල්ම බිම පතිතවන වැහි බිඳු හරහා බිම මතට යොමු වූයේ
එහි තිබූ වතුර වලවල් ඔහුගේ සන්තාපයේ බර දරා සිටිනවාක් මෙනි. හේ තමාවම සන්සුන් කරගනිමින්
පවසන්නට විය.“ඒ හමුදාමය
ආහාර සියල්ලම සූදානම් කළේ අපේ නිවසේ වැඩකරන මෙහෙකරුවොයි. දා
ග’ ආහාරයට ගන්නෙත් සාමාන්‍ය හමුදා සඟයෝ ගන්නා ආහාරමයි. ඔහුට හානි කළා කියන්නේ මුළු කඳවුරේම
ඉන්න දහසාක් මිනිසුන්ටත් හානි කළා කියන එකයි. අපිට මේ කාරණය අහක දාන්න බැහැ. මට උන් මේ වෙනුවෙන් තමන්ගේ ජීවිතෙන්ම
වන්දි ගෙවනවා දකින්නයි ඕනේ!”
“ ආහාර පිළියෙල
කල හැමෝටම දඬුවම් කළා.” සුඕ
ච්යඑන්ච්යූ ෂ්‍යාඕ චීයේ දෙස බැලුවේ ය.“ ඒක
ෂ්‍යාඕ ජීමිං ගේ අදහසක්.”
මේ තරම් බරපතල යමකට මුහුණ දීමට සිදුවු පසුවත් ලීබෙයි තවමත් එය වාර්ථා කර තිබුණේ “පෙර සිටම සැළසුම් කළ මිනීරීමේ ප්රයත්නයක් ” යන්න වෙනුවට “පුස් කෑ ධාන්‍ය සමඟ මිශ්‍ර කළ හමුදාමය සැපයුම් " ලෙසය. ෂ්‍යාඕ ජීමිං වටලෑමෙන් පිටතට ආවේ දරුණු තුවාල සහිතවය. ඔහු තමා සිහි විසඥ වෙන්නට පෙර මොහොත් දක්වාම එය දරාගනිමින් තම අණ පරිඳි සේවකයන්ව අත්හිටුවන්නට අණ ලබා දී තිබුණේ ඒ සියලුලන්වම “මිනීමැරීම සඳහා කුමන්ත්‍රණය කිරීම” යන්නෙන් නිදහස් කොට ව්මර්ශනය කිරීමෙන් වැළැක්වීම සදහා ය. හිතාමතාම මිනීමැරීමකට තැන් කරන්නේ නම් එය බල අරගලයකට මුල පුරනු ඇත. එහි වූ ආවරණය ඉවක් කිරීමෙන් සිදුවන්නේ තත්වය තවත් අයහපත් අතට හැරීම පමණකි. ලීබෙයි හි දී අයෙකුව ආයුධයක් කර ගැනීම ඉතාමත් පහසු දෙයකි. ෂ්‍යාඕ ජීමිංගේ පසුබැසීමෙන් , ලීබෙයි හමුදා වෙනුවෙන් හමුදාපතිවරයෙකු පත් කරන්නේ නම් ඔවුන් චූදු අතට පත්වනු ඇත. විෂ එක් කළ පුද්ගලයා සැබෑම මිනිමරුවා බව ප්‍රකාශ කළ හැක්කේ කාටද? නියෝජනය කරන්නෙකුට මරා දමන්නට හැකි බව නොඇසු විරූ යමක් නොවී ය. අනිත් අතට, පුස් කෑ ධාන්‍යත් සහ විෂ එක් කිරීමත් පළමු ප්රයත්නය පමණක් යැයි උපකල්පනය කළහොත්... ඔවුන් මිනීමැරුම් නඩුව වාර්තා කළහොත් සහ අධිරාජ්‍ය අධිකරණයට අපරාධකරු සොයා ගැනීමට නොහැකි වුවහොත්, ගෞරවනීය වංශිකයන් ඔවුන්ගේ හෙලාදැකීම් තුළ කරුණු විකෘති කර ඔවුන්ව පහළට ඇද දමන්නට අයුතු ලෙස චෝදනා ඉදිරිපත් කරන්නට ඉඩ ඇත. ෂ්‍යාඕ චීයේ තමා සන්තකයේ තමා ගන්නට ෂ්‍යාඕ ජීමිංට තුවාල සිදු කර රවටන්නට ඉඩ ඇත.
“ඔබත් ඇත්තටම හොඳින් එය සිදු කළා. ඔබ ඔවුන්ට පැවසුවේ නැහැ ඔබට ලීබෙයි වලට නැවතත් ගිහින් හමුදාවන් රුස් කරලා නැවත පැමිණෙන්න ඕනෙ බව.” සුඕ ච්යැන්ච්යුගේ වතින් පළ වූයේ බලාපොරොත්තු සුන් වූ බවකි “ඔබ අධිරාජ්‍යයා ඉදිරියේ අවංකව කතා කරලා ලිබෙයි වල හමුදා බලය වෙනුවෙන් සටන් කළා නම්, අද රාත්‍රියේ ඔවුන්ගෙන් සිද්ධවුන වරද කූටෝපායක් බවට පත්වෙන්න තිබුණා. ඒකෙන් අධිරාජ්‍යයාව සීරුවෙන් තබලා අනාගතයේ වෙන්න තියෙන කරදර වලට සූදානම් වෙන්න තිබුණා. ”
“ඒ වුනත් මම හිතන්නේ මහලේකම්වරයා මට නිදහස් වෙන්න ඉඩ තියන එකක් නැහැ.” ෂ්‍යාඕ චීයේ තමාව සන්සුන් කරගන්නට සියළුම උත්සහයන් දැරුවේ ය. “ ඒක ශීෆු කියන විදිහටම වෙයි. හමුදාමය බලයන් වෙනුවෙන් සටන් කිරීමෙන් වෙන්නේ අධිරාජ්‍යයා බිය ගැන්වෙන එක විතරයි , ඒ වගේම මම යටතේ විසි දහසක රාජකීය හමුදාවක් ඉන්නවා. මේක විශාල ව්‍යවසනයක්. ඒ විතරක් නෙමෙයි , මේ වගේ සන්ධිස්ථානයකදි කරදර අවුස්සමින් වගේම අසාධාරණ විදිහට ඉල්ලීම් කළොත් ලිබෙයි වල හමුදා කටයුතු වළක්වන්නත් කටයුතු කරාව්. ෂිෆු මෙහෙ ආ එකෙන් මගේ දුෂ්කරතා වලින් මිදෙන්න මට ලොකු සහයක් ලැබුණා."
“මට තව ටිකකින් අධිරාජ්‍යයාව මුණ ගැහෙන්න වෙනවා. මම හමුදා ප්‍රතිපාදන යැවීමේ ගැටලුව ආදායම් අමාත්‍යාංශය එක්කත් මහා ලේකම්වරයා සමඟත් විස්තරාත්මකව සාකච්ඡා කරන්නම්. මට හෙට උදේ පාන්දරින්ම මගේ අශ්වයා පිට ආපසු යන්න වෙනවා. ඔබේ පියා අමූ'එර් එක්ක නැගෙනහිර කඳුවැටියේදී යුධ වදිනවා. ඔහු මුලින්ම ඉදිරිපස ප්රහාරයනුත් දියත් කරන්නේ. මොනවා වුණත් අපි ඔවුන්ගේ වේගය බිඳ දමන්න ඕනේ.” සියල්ලටම පසු, මෙය කතා කරන්න උචිත ස්ථානයක් නොවුණි, සුඕ ච්යැන්ච්යු හමුදා තත්වය ගැන මඳ ප්‍රමාණයක් සාකච්ඡා කිරීමෙන් පසුව නිහඬ විය.
ඔහු හුදෙක් පවසන්නට විය, “මම අන්තිම වතාවට හමුදාවට නායකත්වය දීලා හුගක් කල් ගතවෙලා ගිහින්. මම ආයෙමත් කඳවුරට පැමිණෙන කොට මට හැකි ඉක්මනින් හමුදා කටයුතු පිළිබඳව හුරුපුරුදු වෙන්න සිදුවේවි. ලීබෙයි තියැන්ෆෙයි මුරටැඹට වඩා හුඟක් වෙනස්. ලිබෙයි සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක හමුදාව සතුරාට පහර දෙන්න හුගක් දක්ෂයි, මම තියැන්ෆෙයි මුරටැඹේ ආරක්ෂකයෙඤ් විදිහට පිටුපස සිටියා. මම මේ ගැන ඔබේ පියාණන් එක්ක මීට වඩා හොඳින් සාකච්ජා කරන්න ඕනේ. ඒවගේම තව එක දෙයක් තියෙනවා. ජාඕ හුයිත් මේ වතාවේ බරපතල තුවාල ලබලයි ඉන්නේ. ඔහුගේ පවුලට ඉතිරිව වෙලා ඉන්නේ චූදු අයෙක් සමග විවාහ වුණ නැගණියක් විතරයි. ඔවුන් ට සියල්ල හොඳින් බව දන්වන්න පස්සේ වෙලාවක චෙන් යැංව චාරිත්‍ර අමාත්‍යංශයට පිටත් කර හරින්න මතක තියාගන්න."
ෂ්‍යාඕ චීයේ හිස වනමින් එක පිළිගන්නා බව හැගවීය. ඒ සමඟම, ෆූමන් පැමිණ සුඕ ච්යැන්ච්යුට ඇකුලතට පැමිණෙන සේ ආරාධනා කළේ ය. ඔහු ැවසන් වතාවට ෂ්‍යාඕ චීයේ දෙස හැරී බැලුවේ ය. “ඔබ චූදු වල ඉන්නේ තනිවමයි. ඔබ ගැන හොඳින් බලා ගන්න.”
ෂ්‍යාඕ චීයේ ඔහුට ගෝලයෙකු දක්වන ආචාරය පුද කළ අතර සුඕ ච්යැන්ච්යු ඉදිරියට ගොස් තිර ආවරණය ඔසවා ඇතුළු විය.
◈ ◈ ◈
ෆෙයි ෂෙංට තමාගේ අභිප්‍රාය පරිදි ජ්‍යං චිංෂන් සමඟ කටයුතු කරන්නට මේ දිනවල අවස්ථාව හිමිවී තිබුණි. ඔහු තවමත් ජුඒෂි හි පළාත් පරිපාලන නියෝජ්‍ය තනතුර හොබවමින් සිටියේ ය. කාරණය සාකච්ඡා කිරීම සඳහා මිංලී ශාලාවට යාමට සිදු වූ අතර අඩුම තරමින් පැය කිහිපයක්වත් පිටතට පැමිණීමට නොහැකි වනු නියතය. ෆෙයි ෂෙං ගේ පැරණි රෝගය නැවතත් හටගෙන තිබුණි. කාර්ලයේ මද වේලාවක් විවේක ගත් ඔහුට කනිෂ්ඨ නපුංසකයෙකුට ආහාර ගෙන එන්නැයි ද විධාන කළේ ය.
ෆෙයි ෂෙං තමන්ගේ පාදයක් අනෙක් පාදය මත තබාගනිමින් අසුනේ වාඩි වේ සිටියේ ද්වාරය දෙසින් හඬක් නැගෙන විටයි. ඔහු ඉටිපන්දම් එළිය ඒ දෙස බලන්නට උපකාරි කර ගත්තේ ය.. ඒ හැන් චෙන් බව දුටු ඔහු වහා නැගිට ඔහුට ආචාර කිරීම වෙනුවෙන් ඉදිරියට පැමිණියේ ය.
හැන් චෙං වර්ෂාව නොතකාම පැමිණ තිබූ අතර , ඔහුට නැගිටින්නැයි හස්තයෙන් සංඥා කළේ ය. ෆෙයි ෂෙං අසලට පැමිණ ඔහුගේ උඩ කබාය ඉවත් කර තැබීය. හැන් චෙන් අසන්නට විය, “අධිරාජ්‍යයා ඒ ගැන සාකච්ජා කරන්න ඔවුන්ව කැඳවල ද?”
ෆෙයි ෂෙං ඔහු අසන්නේ යම් කාරණයක් පිඵිබඳව බව සැන සිටි හෙයින් , ඔහු ගෞරවාන්විත ලෙස පිළිතුරු දුන්නේ ය, “අණදෙන නිළදාරි සුඕ මෙහි පැමිණිලා ඉන්නවා.”
“සුඕ ච්යැන්ච්යු?” හැන් චෙන් තුෂ්නිභූතව මොහොතකට හිස් වූ ආකාරයෙන් සිටින්නට විය. “ඔහු තමන්ගේ නම ලීබෙයි කුමාරයා වෙනුවෙන් පරදුවට තියනවා , අන් නිසිවෙක්ට මෙහි තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට ඉඩ ලැබෙන්න කලින් වේගවත්ව ප්‍රතිචාර දැක්වුවා. අණදෙන හමුදාපති සුඕ ගේ ආගමනයත් එක්ක , ඔහුව අභිබවා යන්න පුළුවන් කිසිම අපේක්ෂකයෙක් චූදු වල නොඉඳිවි. මේ ලිබෙයි සන්නද්ධ අශ්වාරෝහක සේනාංකය තවමත් ලිබෙයි වල සන්නද්ධ අශ්වාරෝහක සේනාංකය ම තමයි.”
ෆෙයි ෂෙං එකඟ වූ නමුත් මාතෘකාව ඉදිරියට ගෙන ගියේ නැත. මේවා තමාට සම්බන්ධ කර ගත හැකි කාරණා නොවන බව ඔහු දැන සිටි අතර, ඔහු හැකි තරම් දුරින් සිටිනු ඇත. හැන් චෙන් ඔහු සිතන්නේ කුමක්දැයි දැන සිටි අතර ඒ නිසාම ඔහු පිළිබඳ අවඥා සහගත ලෙස සිතුවේ ය.
උපභාර්යාවන්ගෙන් උපන් ඒ ශු පුත්‍රයෝ සියල්ලෝම මෙසේ වූහ. ඔවුන්ට කිසිම ධෛර්යයක් සහ ඉවක් බවක් නොතිබුණේ ය. ඔවුන් දවස පුරා ඔවුන් ඉදිරියේ එල්ලෙන කැරට් අලය දෙස නෙත් යොමා සිටි නමුත් ඉදිරියට යන්නටවත් උත්සාහ කළේ නැත.
නමුත් හැන් චෙන් සිතුවේ එලෙස වුවද, ඔහු තවමත් ෆී ෂෙංට උපදෙස් දුන්නේ මිත්‍රශීලී මුහුණකිනි. “මේ කාරණය කොහොමහරි ජ්‍යැං චිංෂන් සමඟ සම්බන්ධ වී තිබුණත්, ඒක තවමත් ඔහු හසුරුවන කාර්යයක් නෙමෙයි. ඉහළ නිලධාරීන් ඔහුට මේ සඳහා දොස් නොකියාවි. ඔහුව අනුගමනය කිරීම ඇත්තෙන්ම ඔබට අවස්ථා විවර කරන යහපත් මාර්ගයක්. ඔහු ලබන මාසයේ ජොංබෝ බලා පිටත් වෙනවා. අනාගතයේ දී, රාජකීය ආරක්ෂකයින් කාර්යයන් වෙනුවෙන් එහි යන අතරෙදි , ඔවුන් හැමෝටම මාර්ගය වෙනුවෙන් ඔබ ගැන විශ්වාසය තියන්න වේවි. ෂ්යාඔශෙං , වෙහෙස මහන්සි වෙලා ඔබේ උපරිමය කරන්න."
හැන් චෙන් පිටතට යන අයුරු දුටු ෆෙයි ෂෙං තම ආචාරය කඩිමුඩියේ දැක්වූයේ ය. ඔහු වෙනුවෙන් හැන් චෙංගේ වස්ත්‍රයේ වාටිය ඔසවන්නට ඔහු හිස පහත් කරද්දී, ඔහු හදිසියේම දුටුවේ අළු-කළු අපවිත්‍ර වලින් තැවරුණු ඇඳුමේ කොණකී. ඔහු හැන් චෙන් එය වේගයෙන් ගසා දමා පවසන්නට විය. “ඔබතුමා පයින් නේද පැමිණියේ? කොහොමද…"
හැන් චෙං අනපේක්ෂිත ලෙස ඔහුගේ සළුව වහා ඉහළට ඇද ගත්තේ ය. ෆෙයි ෂෙං ගේ හඬ වහා නතර වූයේ ය.
පිටතින්, අධික වර්ෂාව ඇද හැළුණු අතර, ඉටිපන්දමෙහි වූ සෙවණැල්ල සහ ආලෝකය මධ්‍යයේ ෆෙයි ෂෙංගේ මුහුණ අඳුරේ ගිලී ගියේය. ඒ සැණින් කාර්යාලය නිශ්ශබ්ද වූයේ අල්පෙනෙත්තක් පතිත වන හඬ පවා ඇසෙන තරමටය. නමුත් ඇසිපිය හෙලන මොහොතකින් ෆෙයි ෂෙං හිස ඔසවා සිනහවක් පෑවේ කිසිවක් සිදු නොවූවාක් මෙනි. කාරුණිකව, ඔහු පැවසීය. “දැනටමත් මම මඩ ඉවත් කරලා ඉවරයි. ස්වාමිණි, ඔබ ආපසු යන ගමනේදී ප්‍රවේශම් වෙන්න. ”
හැන් චෙං ඔහු දෙස බලා සිටි අතර ඔහුගේ සළුවේ කොනක වූ ග්‍රහණය සෙමෙන් මුදා හැරියේය. හේ ඔහු සමඟ සිනහා වී මොහොතක් ගත වූ පසු කියේ ය. “ඔබට ඔබේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්”
හැන් චෙං පිටව ගිය මොහොතේ ෆෙයි ෂෙං මුහුණ සීතල වෙන්නට විය. ඔහු හස්තය ඔසවා ඉටිපන්දම් ආලෝකය මධ්‍යයේ ඇඟිලි තුඩුවල ඉතිරිව ඇති අපිරිසිදු මඩ දෙස හොඳින් බැලුවේය. එහි දැව අළු මිශ්‍ර වී තිබූ අතර, වැසි ජලය එය රොන්මඩ බවට පත් කර තිබුණු අතර වර්ණය තීරණය කිරීමට අපහසු නමුත් එයට මිශ්‍ර වූ රතු මඩ ස්වල්පය ඔහුගේ ඇස්වලින් මඟහැරී ගියේ නැත.
ෂී වාසස්ථානය දැනටමත් ගිනිබත් වී තිබුණු අතර , ෂී වංශය භාවිතා කළ සායම් ආනයනය කරන ලද රතු මැටි විය. මේ ද්‍රව්‍යය ඉතා වටිනා සහ ලබා ගැනීමට අපහසු යමක් විය. කුමාරයෙකුගේ වාසස්ථානයකට පවා ෂී වංශයට තරම් හැකියාවක් නොතිබෙනු ඇත. ෂී වංශය හැර, එය භාවිතා කළ හැකි වෙනත් වංශයක් චූදු තුළ සිටියේ නැත.
මේ වෙලාවේ ෂී වාසස්ථානයේ හැන් චෙන් කරමින් සිටියේ කුමක්ද?
ෆෙයි ෂෙං තම ඇගිලි තුඩුවල වූ මඩ පිස දමාගත්තේ ය. ඔහු පිටුපස හැරෙද්දී හැන් චෙං ගේ දෑස් හමුවු ඔහුගේ පිට මතින් ශීතල දහදිය ගලා ගියේ ය. හේ අවුල් සහගත සිතුවිලි සමග පහන් කූඩිව යට සිටගෙන සිටියේ ය. නමුත් ඔහුට එක් දෙයක් පැහැදිලිවම විශ්වාස විය — හැන් චෙං ඔහුව මරා දැමීමේ චේතනාව ඒ වන විටත් එක බැල්මකින් හුවමාරු කර තිබුණි.
◈ ◈ ◈
ඊළඟ දිනයේ , සුඕ ච්යැන්ච්යු නැවතත් අසු පිට නැගී නැවතත් ලීබෙයි බලා ගියේ ය. ෂ්‍යාඕ චීයේ ඔහුව නගරයෙන් පිටතට ඇරලවාලන්නට හායි ලියැංයී සමඟ පිටත් විය. ඔහුට නැවතත් නිවසට යන්නට අවස්ථාවක් නැති මුත් , ඔහු හමුදා සැපයුම් පිළිබඳ නිරික්ෂණය කරවීමට හා ධාන්‍ය බෙදාහරින නිළදාරීන් ව හේජෞ සහ සී ජෞ වලට යවන්නට චෙන් යැන් සහ ගූ ජින් දෙදෙනාව පිටත් කර හැරීය යුතුව තිබුණි. මෙවර හමුදා සැයයුම් පිළිබද කිසිඳු වැරුද්දක් සිදු නොවීය යුතු ය. ෂ්‍යාඕ චීයේ අමාත්‍යංශ හයේ කිසිදු පුද්ගලයෙකු විශ්වාස නොකළේ ය. ඔහු වන් ෂියන් ව බොහෝ කළක සිට සීජෞ හි රඳවා තිබිණි. එමෙන්ම ඔහු පැන් ලින් ලවා ලියැං කුයිෂන්ව හුඅයිජෞ වෙත හුවමාරු කර තිබුණි. මේ ආකාරයෙන් , ලිබෙයි හි අමුදා සැපයුම් සඳහා වන සමස්ත සැලසුමේ එකදු විස්තරයක්වත් ඔහු අතපසු කර නොගනු ඇත.
“ලිබැං කුයිෂන් ආපසු පැමිණියම,” මුළු රාත්‍රිය පුරාවටම නින්දක් නොලැබූ ෂ්‍යාඕ චීයේ , ශීතල පිස්නාවකින් මුහූණ පිසදමා ගනිමින් පැවසුවේ ය, “මට ඔහුට හරි විදිහට ස්තූතිය ප්‍රකාශ කරන්න ඕනේ.”
ශෙන් ස'චුආන් කරත්තය තුළ අසුන් ගත්තේ ය. ඔහුද පෙරදින රැයේ නින්දක් නොලැබුවේ ශාලාවේ ආරක්ෂාව භාරව තිබුණු නිසා ය.ඔහුට ඇහුම්කන් දුන් පසු හේ කිවේ ය. “මම දැනටමත් ඔහුගේ පවුලේ අයට පදිංචි වෙන්න වාසස්ථානයක් බලලා ඉවරයි. කවුරුහරි රාත්‍රියේ ඉඳගෙන ඔවුන් ව මුරකරාවි , එතකොට ඔහුට තමන්ගේ රාජකාරිය හිතේ කරදරයක් වැතිව කරගෙන යන්න පුළුවන් වෙයි. හුඅයිජෞ සීජෞ වලට වඩා වෙනස් ; ඔවුන්ට අපි එක්ක කිසිම සම්බන්ධයක් නැහැ , දැන් අපි කෙටි දැනුම්දීමකින් විතරක් ම හමුදා සැපයුම් සකස් කරන එක ඔවුන් ලවා කර ගනිමින් ඉන්නවා. හුඅයිජෞ ප්‍රාදේශීය අමාත්‍යවරයට තරමක අකමැත්තක් දැනෙනවා වෙන්නත් පුළුවන්.”
“හුඅයිජෞ වසර අටකට හමුදා සැපයුම් ලබාදෙන එකෙන් නිදහස් කරනවා. හායි ලියඅංයී ඔවුන්ට එහෙම සළකන්නේ ඔවුන්ට එහෙම කරන්න හැකිවෙච්ච නිසයි.” ලේන්සුවෙන් තමාව වසාගත් ෂ්‍යාඕ චීයේ ගමන් රථයේ බිතුවට හේත්තු වී මොහොතක විරාමයකින් පසු දිගටම පවසාගෙන ගියේය, “අපි අද වෙයි හුඅයිගූව අත්අඩංගුවට ගන්න ඕනේ. අපිට ඔහුව අධිකරණ අමාත්‍යාංශය අතට පත් වෙන්න ඉඩ දෙන්න බැහැ.”
ඔවුන් අධිකරණ අමාත්‍ය කොං ච්‍යු සමග සුහඳව සබඳතා පැවැත්වූ අතර , අවසන් වරට එක්ව මත්පැන් පවා පානය කර තිබුනහ. නමුත් මේ මිත්‍රත්වය හායි ලියැංයී හා සැසඳීය නොහැකි විය. ෂ්‍යාඕ චීයේ ඒ වන විටත් ඔවුන් ගේ පඳුර ට පහර දීමේ අදහස අතහැර දමා තිබුණි. ඔහුට වෙයි හුඅයිගූ ගේ පසුබැසීමේ මාර්ගය නිර්මාණය කරන්නට අවශ්‍යව තිබුණි. එබැවින් ඔහුට මේ අධිකරණ කාර්යාල ත්‍රිත්වයේ ඒකාබද්ධ නඩු විභාගයට පත් කිරීම මඟහැර එය රාජකීය ආරක්ෂකයන් අතට පත් කරන්නට සිදුව තිබුණි - එනම් ශෙන් ස'චුආන්ට ය.
“වෙයි හුඅයිගූ.” ශෙන් ස'චුආන් ඉණ පළදනාව කුඩාමේසය මත තබද්දී මදක් වෙව්ලන්නට විය. ඔහු මද වෙලාවක් ගාම්භීර ප්රකාශනයකින් යුතුව කල්පනා කළේ ය. “ඒ කියන්නේ ඔහු ඒ වෙනකොටත් වේගවත් සාරාංශගත පණිවිඩයට බාධා කර තියෙන නිසා , ඒකෙන් අදහස් වෙන්නේ ඔහුට ඒක අධිරාජ්‍යයාට ලබා දෙන්න අවශ්‍ය නැති බවයි. කොහොමහරි , ඔහු අවසන් මොහොතෙදි ඔහුගේ අදහස වෙනස් කරගෙනත් තියෙනවා. ඒකට හේතුවක් තියෙන්න ඕන.”
ෂ්‍යාඕ චීයේ පෙරදින රැයේ මිංලී ශාලාවේ වෙයි හුඅයිගූ සිටි ආකාරය සිහිපත් කළේ ය, “ඇත්තටම , ඔහු ඊයේ රාත්‍රියේ අසාමාන්‍ය විදිහටයි වැඩ කළේ. ඔහුගේ ස්වභාවය අනුව නම් , ඔහු හැකි සෑම විදිහකටම උත්සාහ කරන්න ඕනේ මුදල් පසුම්බියක් අනුව යන්න හරි වරද පටවන්න ආදායම් අමාත්‍යාංශයෙන් බිල්ලෙක් තෝරා ගන්න හරි විතරයි. ඒත් ඔහු තමන්ව නිදහස් කරගන්නවත් උත්සහ දැරුවේ නැහැ වගේම ඔහුගෙන් විමසද්දී පවා ඔහු පිළිතුරු දුන්නා.”
ශෙන් ස'චුආන්ගේ ඇගිලි තුඩු තඩ් හඬක් නගමින් නතර විය. ඔහු පවසන්නට විය. “පසුගිය වසරේ බයිමාජෞ වලට ඉහළ අස්වැන්නක් ලැබුණු බව ඇත්ත. දැන් හමුදා සැපයුම් වලට ප්‍රමිතියෙන් තොර ධාන්‍ය මිශ්‍ර කරලා තියෙන කොට , එතරම් විශාල ධාන්‍ය තොගයක් ගියේ කොහේ වෙන්න පුළුවන් ද?”
ෂ්‍යාඕ චීයේ තමා මුහුණ වසිගෙන සිටි අත් පිස්නාව ඉවත් කළේ ය. එය හස්තයේ තබාගනිමින් ඔහු පැවසුවේ ය. “ධනයට ලොල් වීම ජීවිතයේ අවසානය වෙන්නත් පුළුවන්. මේ ධාන්‍ය බයිමාජෞ වල බදන් හේජෙී වලට ජල මාර්ග හරහා පිටත් කරනවා නම් , එයට චූදු මඟහැර කෙලින්ම ජොංබෝ වලට යන්න පුළුවන් වෙන්න ඕනේ. එතැනදි ඔවුන්ට එය වෙළඳ ලේබලයක් යටතේ හංවඩු ගහලා සාමාන්‍ය ජනතාව අතරේ ධාන්‍ය විදිහට ඉහළ මිලකට අලෙවි කරන්න හැකියාව ලැබෙනවා.”
“අළුත් අවුරුද්දට කලින් ඉදලම ජ්‍යැං චිංෂන් ජොංබෝ වල පළාත් පරිපාලන නියෝජිතවරයෙක් වෙන්න යන බව කටකතා පැතිරිලා තිබ්බා. කවුරුහරි මේ කාරණයට මූලිකත්වය දෙනවනම්, සිද්ධවෙන දේ පැහැදිලි කරගන්න හැකියාව ලැබේවි.” ශෙන් ස'චුආන් තම දෑස් ඔසවා ෂ්‍යාඕ චීයේ සමඟ බැල්මක් හුවමාරු කරගත්තේ ය.
“ජුඒෂි වල පළාත් පරිපාලන නියෝජ්‍ය සභාවේ කෙනෙක් ධනවත් වෙළෙන්දන් එක්ක හවුල් වෙලා හමුදාවේ ධාන්‍ය ලාභය ලැබෙන විදිහට නැවත විකුණන්න උත්සාහ කරලා තියෙනවි. ජ්‍යැං චිංෂන් අතීතයේ දී සම්පූර්ණයෙන්ම මෙහෙයුම අධීක්ෂණය කරන්නත් සහ සැපයුම් දැඩි විදිහට පරීක්ෂා කරන්නත් භාරව හිටියා. ඔවුන් ඒවා පිටතට ගත්තෙත් ටිකෙන් ටික. නමුත් මේ අවුරුද්දේ ජ්‍යැං චිංෂන් ජූඒෂි වලින් වෙනත් ස්ථානයකට මාරු කරන්න නියමිත වෙලා තිබුණා. ඔහු නව වසරෙන් පස්සේ සේවයට වාර්තා කරන්නට අගනුවරට ආවා. ඔහුට විමර්ශන අධිකරණ ක්‍රියාවලියට මුහුණ දෙන්න සිදුවුණා වගේම සමාලෝචන නඩු විභාගයක් වෙනුවෙනුත් බලා ඉන්න වුණා. ඒ නිසා ඔහුට ජුඒෂි වල හමුදා සැපයුම් සකස් කරනුනත් සම්බන්ධීකරණයන් අධීක්ෂණය කරන්නත්විදිහක් තිබුණේ නැහැ. මේකෙන් අනිත් පාර්ශව වලට සූරාකෑම් සිදු කරන්න පහසු වුණා. පුස් ධාන්‍ය ආදේශක විදිහට භාවිතා කරන්න තරම් නිර්භීත වේවි කියලා කවුරඅවත් ව නොහිතුවේ ඒ නිසයි.
“මේ තරම් ධාන්‍ය තොගයක් ලබා ගන්න පුළුවන් කිහිප දෙනෙක් විතරයි.” ෂ්‍යාඕ චීයේ ගේ දෑසේ ප්රකාශනය තේරුම් ගන්නට නොහැකි ලෙස ගැඹුරු බවක් ඉසිලී ය. “ඔවුන්ට තමන්ගෙම සංචාරක වෙළෙන්දන් නැතිව මේ වගේ ගනුදෙණුවක් කරන්න තියා ඒවා ස්පර්ශ කරන්නවත් එඩිතර වෙන්නේ නැහැ.”
“ෂී හොංෂුආන්.” ශෙන් ස'චුආන් සෙමින් පැවසුවේ ය.
“ෂී හොංෂුආන්.” ෂ්‍යාඕ චීයේ ද එය ප්රත්යක්ෂ කරගත් සේ ම පැවසී ය. “ඔහු මියගියේ ඔබවත් මමවත් හින්දා නෙමෙයි, ඔහු මියගියේ ඔහු අනෙක් අයව වරදට පටවන බිලි පූජාවක් වගේ ඉත්තෙක් නිසයි. වෙයි හුඅයිගූ කඩා වැටීමේ නඬුවෙදි හැම වරදක්ම ෂී හොංෂුආන් මත පටවන්න හුගක් උත්සහ කළා. ඒ ඔවුන් දෙන්නම දැනටමත් ලාභය වෙනුවෙන් හමුදා සැපයුම් නැවත විකුණන්නත් පුද්ගලිකව ගනුදෙනු කරන්නත් සිටි නිසා , ෂී හොංෂුආන් ව දැඩි පරීක්ෂාවකට ලක්වේවි කියලා වෙයි හුඅයිගූ කනසල්ලට පත්වෙලා හිටියා. ඔහුට ඔහුව මරන්න අවශ්‍ය වුණේ ඒ නිසා නෙමෙයි ද?"
ශෙන් ස'චුආන් ඒ ගැන මොහොතක් සිතා පසුව පැවසුවේ ය. “ඒක හරි. ෂී හොංෂුආන් කළින් සඳහන් කළා වෙයි හුඅයිගූ ඒක කළේ මුදලට පමණයි කියලයි. ඔහු මුදල් දෙන්න ඉක්මන් වුණේ වෙයි හුඅයිගූ ගැන ඔහු ගැන
හොඳින්ම හිටිය නිසා වගේම ඔහු මෙහෙම කරයි කියලාත් හිතපු නිසයි. ප්රශ්නය මෙහෙම නම් , ෂී හොංෂුආන් දැනටමත් මියගිහින් ඉවරයි. මේක දිගටම කරගෙන ගිහින් විශාල අවධානමක් ගන්න වෙයි හුඅයිගූට වුවමනා වුණේ නැහැ. ඒ නිසා මම සැක කරනවා මේ වතාවේ මේක වෙයි හුඅයිගූ නොකරාවි කියලා. කලින් ගණුදෙනුවක් නිසා කවුරුමහරි කෙනෙක් ඔහුව රැහැණට හසුකර ගත්තා. වේගවත් සංෂිප්ත පණිවිඩය දුටු ගමන්ම ඔහු දැනටමත් මෙවලමක් විදිහට සලකාවි කියලා ඔහු දැන හිටියේ ඒ නිසයි. දැන් ඔහුට ගැලවීමක් නැහැ. ඔහු තමාව බේරගන්න ආයේ තර්ක නොකළ හින්දා , අනෙක් පාර්ශවය කවුද කියලා ඔහු දැනගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඔහු මේ වෙලාටව් හුආ ස'චියන් ව අනුකරණය කරන්න උත්සාහ කරනවා - වෙයි වංශය තවදුරටත් පාඩු විඳින එක වළක්වන්න ඔහු තමන්ගේ ජීවිතය පරදුවට තියන්නයි යන්නේ."
එකිනෙකාට එරෙහි දේශපාලනයේ දි කුතුහලය දනවන මේ කාල පරාසය තුළ වර්ෂාවේ ශබ්දයට සවන් දෙමින් සිටි ෂ්‍යාඕ ඡීයේ ට වෙහෙසකර බවක් දැනුනි. ෂ්‍යාඕ ජීමිං සිදු කළ දේ නිවැරදියි! ලීබෙයි වෙලාවටම අපිරිසිදු දෑ ඉවූ සූපවේදින් ඉක්තන් ලෙස භාවිතා කිරීම වැළැක්වීම සඳහා විරුද්ධවාදීන් මුලිනුපුටා දැමීම සඳහා අනෙක් අයට පඩිපෙළක් බවට පත්වීම වැළැක්වීම සඳහා යි.
නෑ සමහර විට හුදෙක් පඩිපෙළක් විතරක් ම නෙමෙයි. ඔවුන්ට ඇත්ත වශයෙන්ම අවශ්‍ය වූයේ මේ යුධමය පරාජය ලිබෙයි හි හමුදා බලය අඩු කරන්නට යොදා ගන්නයි. ඔවුන්ට අවශ්‍ය වුනේ සෑම විටම ෂ්‍යාඕ වංශය සතුව තිබූ ලීබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාව බිඳ දමා එය පාලනය කරන්නටත් සහ අණ දෙන්නටත් චූදු වලට භාර දීමටයි. මේ ආකාරයෙන්, ඔවුන්ට වහාම ලිබෙයි ඉවත් කරන්නට නොහැකි වුවද, ඔවුන්ට තවමත් හමුදා-පරීක්ෂාකාරී වාරණයක් මගින් අධීක්ෂණයේ දී බලපෑමක් ඇති කරන්නට හැකිවනු ඇත.
“අද අණදෙන හමුදාපති සුඕ හරි වෙලාවට නොආවනම් එහෙම…” ශෙන් ස'චුඅආන් ෂ්‍යාඕ චීයේ ගේ හස්තය අල්ලාගෙන ඔහු දෙස බැලුවේ පටු කරත්තය තුළම හිදගෙනය. “එහෙනම් අද උදැසන වෙද්දි නව අණදෙන හමුදාපතිවරයෙක් චූදු වලින් ප්‍රකාශයට පත් කරන්න තිබුණා, ඒ වගේම ලීබෙයි සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක සේනාංකය තවදුරටත් ලීබෙයි වලට හිමි නොවෙන්න තිබුණා.”
ෂ්‍යාඕ චීයේ ගේ හස්තය හිම කැටිති මෙන් ශීතල වූයේ ය. ඔහු ශෙන් ස'චුආන්ගේ හිසකෙස් පිරිමදින්නට හස්තය ඔසවන්නට බොහෝ වෙලාවක් ගත්තේ ය. ඔහු ගැඹුරු හඬකින් යුතුව පවසන්නට විය,
“ලීබෙයි සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක සේනාංකයමයි දජෞ වලත් සේනාංකය වෙන්නේ. මගේ පියාණන් ඒක තමන්ගෙම දෑතින් පුද්ගලිකවමයි පිහිටෙව්වේ. මටයි මගේ වැඩිමල් සහෝදරයටයි වඩාත්ම වැදගත් දෙය තමයි ඒක. වසර ගණනාවක් තිස්සෙම අපි ලිබෙයි වල නොබිඳිය හැකි බලකොටුවක් වගේ සේවය කරන බව චූදු මේ තරම් කාලෙකට තේරුම් අරගෙන නැහැ. අපි කොහොමටවත් " රාජ්‍ය ද්‍රෝහි කුමන්ත්‍රණකරුවෝ" නෙමෙයි!”
_______________________________________
Translator Pov | මගේ ප්‍රෙශර් වැඩි වෙනවා කොයිවෙලේහරි! ඇයි මේ දෙන්නාට මෙච්චර කරදර වෙන්නේ.
මගේ හිතේ මේ වෙලාවේ කැරකෙන දේ -:
1.) ෂ්‍යාඕ ජීමිංගේ තත්වය කොහොමද දන්නේ නැහැ.
2.) හැන් චෙන් මොකද්ද ෂී ලගේ නිවස්නේ කරන්නේ?
3.) තාම ෂීෆුවයි මහාමාත්යවරයවයි හම්බවුනේ නැහැ නේද?
ඔයාලට මොනවද තියෙන ප්‍රශ්න
ස අන් ලන්ජෞ 😍
ReplyDelete❤️❤️❤️
Delete❤️❤️❤️
ReplyDelete❤️❤️❤️
ReplyDelete♥️♥️♥️♥️
ReplyDelete